.

.

May 23, 2014

මෝදී, විගා සහ ආරාධනා - Future of our Foreign Policy


නයි ටී ඇන් එකයි, රූපවාහිනියයි කියන්නේ, මෝඩී අපේ එක්කෙනාට විතරක්ම එන්න කිව්වා වාගේය. වෙලා තියෙන්නේ එහෙම හුටප්පරයක් නෙමේය. සාෆ් කළාපේ ඔක්කෝම රටවල නායකයන්ට එන්නෙයි කියා, ඕපන් ඉන්විටේෂන් එකක් දීලා තියෙනවාය. එනවයි කියලා මෙහෙන් කොන්ෆෝම් කරලා, දැන් දඹදිව වන්දනාවේ යන්න නඩේ රැස් කොරනවාය.

නඩේ ගුරා, මේ වගේ වන්දනා ගමන්, පික්නික්, එතකොට විනෝද චාරිකා යන්න බොහෝම මනාපය. කන බොන මිනිස්සු උනාම එහෙමය. කවදාවත් තනියෙන් කන්නේ බොන්නේ නැතිය. ප්ලේන් එකක් පුරවලා අරගෙන යන්නේ ඒ නිසාය. ඊයේ පෙරෙදා චීනේ ගිහින් ළොකු අයියාවත් හම්බ වෙලා ආවේය. හැබයි වෙනදා චීනේ යන කොට එක්කගෙන යන, ලොකු පුතා නොහොත් මා ඕ සේ ඩොං ගේ මල්ලි, පේන්න උන්නේ නැතිය. එයා මේ දවස්වල මොනවාදෝ 12 ක් මල්ලක දාගෙන පන්සල් වල නාඩගමක් පෙන්නගෙන යනවාය.

සම හරක් නම් කියන්නේ, ලොක්කා ගියේ නොරෙච්චෝලේ නඩුවේ සාක්කි දෙන්න කියාය. මොකෝ, මේ මළදානේ හදාපු දවසේ ඉඳන් කරච්චලේ නිසාය. කොහොම හරි, චීන්නු දෙන්නෙක් මහ උළු ගෙදර යවලාය. හැබයි ඉතින්, උනුත් අර තංගල්ලේ එකා වගේ, රෑට රෑට ක්ලබ් ගානේ යාවිද කියන්න බැරිය. අපේ රටවල සුපිරි ප්‍රජාචන්ච්‍රවාදේ කොහොමද කියනවා නම්, හිර ගෙවල් වල උනත් මානුෂික අයිතිවාසිකම් එකසිය ගානට රකින්නේ එහෙමය. .

නඩේ ගුරා ඉස්සෙල්ලම ආරධනා කොලේ, උතුරේ සුදු අලි ඩිපාර්ට්මන්ට් එකේ, චීෆ් පූසාරි නොහොත්, විගා නොහොත්, විග්නේශ්වරන්ටය. එයා කියලා තියෙන්නේ, එහෙම ගියොත් හෙම, ලොක්කත් එක්ක කිසි ගේම් එකක් නැතෙයි කියා, කස්ටිය හිතන්න පුළුවන් කියාය. අපි නම් හිතුවේ ඇත්තටම එහෙම ගේම් එකක් නැතෙයි කියාය. මොකෝ ලොක්කා එපා කියද්දිත්, කඩේ යන වාසු මස්සිනා නිසා, කස්ටියම එකට ගහනවා කියලාය.

එහෙම නැත්නම්, මේවා බටහිර කුමන්ත්‍රණ වෙන්නත් පුළුවන්ය. සමහර විට ඉන්ටර්නැෂනල් පොලීසීයේ, අම්මට සිරි ලංකාවේ බ්‍රාන්ච් එකේ, ඕ අයි සී, මිෂෙල් නෝනා, "යන්න එහෙම නෑ.... ඕන ගියොත් හෙන මම ආයේ ඔය පැත්තේ ඉස්සෙක් කන්නවත් එන්නේ නෑ...." කියා කිව්වද කියන්න දන්නේ නැතිය. එහෙම නැත්නම්, තමිල්නාඩුවේ සෑට් එකම උතසවේ වර්ජනේ කොරපු නිසා මම යන්නේ මොන රෙද්දටද කියා හිතුනා වෙන්නත් බැරි නැතිය. ඒ කියන්නේ විගාට ඉන්දියාවට වඩා වටින්නේ, ජෙයලලිතලාය, වයිකෝලාය.

හිලරි නෝනලා තමිල්නාඩුවෙත් කරක් ගහලා ගිය නිසාත්. මෝඩි එක්ක කේස් එකක් තියෙන නිසාත්, ජයලලිතාට යන්න එපා කියා, ඉන්ටර්නැෂනල් පොලිස් හෙඩ්කුවාටර්ස් වලින් ඕඩර් එකක් දුන්නා වෙන්නත් පුළුවන්ය. කොහොම හරි, දඹදිව අළුත් සැට් එකට ත්‍රස්තවාදේ පෙන්නන්න බැරිය. ත්‍රස්තවාදේ නැති කරන්න සිරි ලංකවෙන් පාඩම් ඉගෙන ගන්න ඕනා කියා කියලා තියෙන එක, මාරම වටිනවාය. ඒත් මේ අළුතෙන් ඇති උන, රිලේසොන් ෂිප් එක දිගටම තියා ගන්න ඕනාය. පුළුවන් තරම් මධ්‍යම ආන්ඩුවත් එක්ක තියෙන කනෙක්සොන් වැඩි කර ගන්න ඕනාය.

ඒකට, ඉන්ටර්නැෂනල් එෆයාර්ස් වැඩවලට, ලව් එෆයාර් එකක් වත් නොතිබුන පප්පලා දාලා වැඩක් නැතිය. එයා මහාචාර්ය නිසා, එයා හිතාගෙන ඉන්නේ, එයාට තරම් ඉහල එකෙක් නෑ කියලාය. ලොක්කා චන්ඩියා නිසා, ලොක්කා ඉස්සරහා විතරක් නැට්ට පුකේ ගහ ගත්ත කනාටු බලු කුක්කා වගේ ඉන්නවාය. ඒත් ලොක්කා නැති තැන කරන්නේම මඤ්ඤං වැඩය. අනිවාර්යයෙන් මෙතනට වෙන පොරක් දාන්නම ඕනාය. මොකෝ මේ ලැබුන චෑන්ස් එක, දිගටම ගෙනියන වැඩේ තියෙන්නේ ලොක්කා අතේ නිසාය.

කිසිම දේකට පොලිසි එකක් නැති අපිට, පොරින් පොලිසි එකකුත් නැත්තෙය. ඒ නිසා අද වෙනකන් කන්නේ ඉල්ලාගෙනමය. ගමේ බයියලාට දාන පාට්, ඉන්ටර්නැෂනල් තගාලාට ඔරොත්තු දෙන්නේ නැතිය. ඒවා හැන්ඩ්ල් කරන එකත් ලේසි පාසු වැඩ නෙමේය. ලොක්කා ගාව, ඒ වගේ අය නැතුවාමත් නෙමේය. ඉන්න අයගෙන්, මේ වැඩේට හරියන අය අතර අමුණුගම, පෝලිමේ පලවෙනියාට ඉන්නවාය.

බැසිල් ලොක්කත් පනාව දාගත්ත ගමන් නිසා අවුලක් නැතත්, සහෝදර සමාගමේ අය, මේ වැඩෙට ගාව ගත්තාම, ඉනටර්නැෂනල් ලෙවල් එකේදි, පොඩි අන් එතිකල් ගතියක් තියෙනවාය. ඒ නිසා ලොක්කා වගේම, නම්බර් වන් පී ආර් තියෙන කෙනෙක් මේ වැඩේට දාගත්තොත්, මේ ලැබුන චෑන්ස් එකෙන්, අපිට තියෙන ඉන්ටර්නැෂනල් ත්‍රෙට්ස් සෑහෙන දුරට අඩු කර ගන්න පුළුවන්ය. මොකෝ ඉන්දියාව කියන්නේ, කළාපීය බලවතා පමණක් නොව ළෝක බලවතකුත් වන නිසාමය..

වයිකෝටම හරියන කස්ටිය ලොක්කා එක්ක අවුල් නිසා, දැන් ඉතින් වන්දනාවේ යන්න වෙන සෙට් එකක් තෝර ගන්න වෙනවාය. නැත්නම් ඉතින් මෝඩී දිවුරුම් දෙන එක බලන්න එක්ක යන්න ඕන, හකීම්, විමල් හා චම්පිකය.

ඒ වගත් මේසේය.

82 comments:

  1. නයිටීඑන් එක කියන්නේ ලොක්කා මෝදිට ඉස්සෙල්ලම සුභ පතපු කෙනා නිසා එන්න කිව්ව කියල නේ. අනේ අම්මේ අපේ ලොක්කට මාර සැලකිලි. ඇයි වීසා කැන්සල් කරපු ඔබාමා එවපු මැසේජ් එක මෝදි ගනං ගත්තේ නැහැ කියන්නේ..

    කොහොම උනත් මෝදි කියන්නේ උග්‍ර අන්තවාදි හින්දුවෙක්. ඔහුගේ දැනටම පේනවා පුද්ගලික කෝන්තර මත තීරණ ගන්න විත්තියක්. ටිකක් අමරු වෙයි. ගේම ගහන්න. බලමු..

    අපේ එකා ගිහිල්ලා ආවට පස්සේ බලමුකෝ මොනවද කියන්නේ කියලා. හැබෑට බං දැං මටත් හිතෙනවා මූ ගියේ චීනෝ ටික හිරේ දාන්නමද කියලා.. හැක්..

    ReplyDelete
    Replies
    1. මෝඩී අයියට ජාතිවාදී චෝදනා ආවට මෙහේ වගේ නෙමෙයි. ගොඩාක් තම්බිලා ඉන්න පැති වලත් වැඩිම මනාපේ මෝඩී අයියට. සමහර විට උග්‍ර ජාතිවාදියෝ හිතන්න ඇති, ජාතිවාදියෙක් බලයට ආවම මොකෑ වෙන්නේ කියලා. ගොබ්බයෝ මෝඩිගේ ජාතිවාදය අවුස්සගෙන දැන්ගලුවට. මිනිස්සු බැලුවේ ඊට වඩා මෝඩි දක්ෂ මොකකටද කියන දේ ගැන. ඒක මෝඩි ක්‍රියාවෙම ඔප්පු කරලා තියෙනවා. එහෙම මිනිස්සුන්ට කවුරුත් බයයි.

      Delete
    2. ඉන්දියාවේ දැනට තියෙන රාජ්‍ය ව්‍යවස්ථාව අනුව කිසිම ආගමකට මුල් තැන ලැබෙන්නේ නැහැ. හින්දු ආගම වැඩියෙන්ම අදහනවා වුනත් කිසිම වෙලාවක ආගම රාජ්‍ය පාලනයට ගාව ගන්න බැහැ. ආගමයි රාජ්‍ය පාලනයයි ව්‍යවස්ථාවෙන් දෙකක් වෙලා. අපේ වගේ ලොක්කට ප්‍රසිද්දීයේ කෝවිල් ගානේ ගිහිල්ලා ප්‍රෙමෝට් වෙන්න නීතියෙන් ඉඩක් නැහැ. ඒක තම තමන්ගේ පෞද්ගලික ඇදහීම විතරක් වෙන්න ඕනේ.

      ඒ නිසා මෝදි ආවා කියලා ජාතිවාදය කරේ තියාගෙන වැඩ කරන්න ව්‍යවස්ථාවෙන් ඉඩක් නැහැ

      Delete
  2. මට නං හිතෙන්නේ විමල් ලොක්කා ආදේශකයක් විදියට දැමීම අවුල් සහගත වන බවය...
    මොකද කියනවා නම් බුවා එහෙට ගොස් දත කට නියවා උඩ බලා මංඤං වී කොහේ හෝ මුල්ලක ඉදගෙන ලෙමන් පප් කන්න හැදුවොත් ලොක්කාගේ කාඩ් කුට්ටම කුඩු පස්ටාං විය හැකි බැවිනි...

    අපේ අය හිතං ඉන්නෙ (නයිටී ඇං බලන අය එහෙම)ලංකාවෙ ලොක්කා හෙන පොරක් කියාය. වෙන්නට පුලුවන මොකද ඒ අයියලා බලන්නේ නයි ටී ඇං හිංදාය..
    ඒත් ලොක්කා ඉන්නේ පස්ස බිම ඇනගන කාටත් නොපෙනෙන්න අත ගගා බව ලීක් වුණ දවසට ආතල් කුඩු පට්ටං වෙනවා බුදු සුවර්ය

    ReplyDelete
    Replies
    1. විමල් ආදේශකයක් විදියට දැම්මොත් නියමෙට තියෙයි. ලොක්කටත් ඇරලා තමයි නවත්තන්නේ. ඡන්ද ලක්ෂයක් විතර තියාගෙන පිම්බිලා ඉන්න පිම්බිල්ල පේනවනේ. මම කිව්වේ වෙනදා ලොක්කා චීනෙට යන කොට විමල්ව වරද්දන්නේ නැතිව එක්ක යනවා කියලා.

      Delete
  3. හෑ මාතල්ං ලොක්ක පෙජාතංතවාදී පෙජාතංතවාදී කිය කිය සුද්දට කඩේයනවද මංද..
    මේව අදිරාජ්ජවාදී කුමංතන...
    ඔව් ඉදගෙන
    නැත්තං මොකද මේ කවදාවත් නැතිව කොමෙන්ට් වෙරි කරල
    හැක්

    ReplyDelete
    Replies
    1. පිස්සෙක් ඇවිත් රීලා ගිහින් තිබුනා. දුර ගමනක් ගිය නිසා මොඩරේට් කරලා ගියේ. ඕන් දැන් ප්‍රජාචන්ච්‍රවාදේ ගලන්නම දීලා තියෙන්නේ.

      Delete
  4. Replies
    1. දාපු එකාට මල් තියලා වඳින්න ඕනා....

      Delete
  5. කොහොමත් මහචාරියව තමයි එක්කං ගිහිල්ල අනාගන්නෙ ....

    ReplyDelete
    Replies
    1. පොර මචෝ. ෆොරින් ඩෙලිගේට්ස්ලා අතරේ පට්ට අන්පොපියුලර් චරිතයක්.

      Delete
  6. ඔතන සචින් කාරය ඉන්නකං වෙන එකෙක් එන එක බොරුය....

    ReplyDelete
    Replies
    1. ඕවා තමයි ලොක්කා කවදා හරි ගෙදර ගියපු දවසක දුක් වෙන දේවල්.

      Delete
  7. විගා යන්නෙ නෑ. සමහර විට ලොක්ක එක්ක යන්න අන්තිම කැමැත්තෙන් ඉන්න ඇති. මොකද ලොක්කගෙ පන්තියෙම එකෙක් තමයි විගා කියන්නෙ. වෙනසකට තියෙන්නෙ ජාතියෙ වෙනස විතරයි.
    නමුත් ආසාව තිබුනත් විගාට යන්න බෑ. මොකද ගියොත් පැවැත්මක් නැති වෙනව. දෙමළ සන්ධානෙනුත් කැපෙන්න ඔන්න මෙන්න ඉන්න කෙනා ලොක්ක එක්ක ගිහිල්ල කොහොමද.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඉවාන් කියන්නැහේ ඒකේ අවාසිය තියෙන්නේ විගාලටමයි. පුදන කොටම කපි යකා කිව්වලු.

      Delete
    2. (උඹට මේල්ලුවක් දාල ඇති)

      Delete
  8. වඩාත්ම වැදගත් වන්නේ හා ඉන්දියාව බලා සිටින්නේ චිනා එක්ක ගනුදෙනු කෙසේ වේවිද කියාය. එනිසා චිනා හා ඉන්දියාව ලෙසටම බැලන්ස් කළ යුතුමය. අමුනුගම ලොක්කා වගේම මහින්ද සමරසිංහ ලොක්කත් මේ වැඩේට ගැලපේය. නැතිනම් හොදම කෙනා ලලිත් වීරතුංගය.

    ReplyDelete
    Replies
    1. ඔය වැඩේට පර්සනැලටිය කියන දේ සෑහෙන බලපානවා. මම හිතනවා මෝඩී චීනෙට බර වැඩි වෙයි කියලා. හැබයි ඇමරිකාව නැතුවත් බෑ. ඉන්දියන් ඉකොනමි එකේ වැඩි බලය තියෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිරට.

      Delete
    2. මොදී චීනේට බර වැඩි වෙයි...
      චීන පත්තර වල ඉන්දියාවේ මෝදිගේ බලයට පැමිනීම, චීන අයෝජකයින්ට ඉන්දියාවට දොර‍ටු විවරවීමක් විදිහට දක්වලා තිබුනා. ..අනික මෝදිව නික්සන් ජනධිපතිට(චීනේ පැත්තේන්) සමාන කරලා ලිපි ලියවෙන්නේ. නික්සන් තමයි ලෝක යුද්ධෙන් පස්සේ චීනේට ආපු මුල්ම ඇමරිකන් ජනාධිපති.අද තියන ශක්තිමත් ඇමරිකා චීන වෙලඳාම ගොඩනැගුනේ එතැනින්.

      Delete
    3. නලින්
      පිස්සුද? විදේශ කටයුතු සම්බන්ධව බොසාත් පවුලෙ කස්ටියත් ඇරුනම හොඳම කෙනා තමයි සජින් වාස්. එංගලන්තය වගේ රටවලට නං අපේ සබාපතිතුමත් හොඳයි.

      Delete
    4. මට හිතුනෙත් අමුණුට වඩා මහින්ද සමරසිංහ හොදා කියලා තමයි. සජින් වාස්ට දැනටත් විදේශ අමත්‍යන්ශයේ ලොකු පවර් එකක් තියෙනවා වුණත් මිනිහා මුකුත් කරලා තියෙනවාද රට වෙනුවෙන්..?

      Delete
    5. මහින්දට වඩා දැණීමක් සරත් අමුණුගමට තියෙනවා...

      Delete
    6. මම නම් කියන්නේ යන එකා නොවෙයි වැදගත්. අපේ විදේශ ප්‍රතිපත්තියේ තිබිය යුතු අවංකභාවය. හැබැයි එහෙම අවංක, නිරවුල් ප්‍රතිපත්තියක් එක්ක පිහිටා සාකච්ඡා කරන්න නම් නිදහස් චින්තනයක් තියෙන්න එපැයි ඒ පුද්ගලයාට. වචන දෙකෙන් දෙකට රජතුමාගේ මූණ බල බල ඇපෲවල් අරන්නේ අද රාජ්‍ය තාන්ත්‍රිකයෝ වැඩ කරන්නේ. ඒ නිසා මහතැනම යන එක හොඳයි.

      Delete
  9. මෝඩි එක පාරටම මෝදි උනේ කොහොමද බංස්ල,මට ඒක කියල දීපල්ලකො.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා එක එකා එක විදියට ලියනවා. හැබයි මොනවා උනත් පොර මෝඩයෙක් නම් නෙමෙයි.

      Delete
  10. මෝඩි ගේ ලංකාව ගැන ඇතිකර ගන්නා ආකල්පය අපිට තීරනාත්මක සාධකයක් වේවි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්.. ලොකු අයියා අවුල් කර ගෙන අපි කොච්චර නම් නෑවද?

      Delete
  11. විග්නේෂ්ට ලොක්කා දුන්නේ කාලා වමාරන්න බැරි කඹයකි.

    විග්නේෂ් ගියත් ලොක්කා දිනුම්ය නොගියත් ලොක්කා දිනුම්ය ,

    ගියොත් විග්නේෂ් කැපේ, දෙමල ජනයා අතර කෝපයට ලක්වේ . කොටින්ම කෙලවේ .

    නොගියොත් විග්නේෂ් මේ ප්‍රතික්ෂේප කරන්නේ උන්ගේ ආරක්ෂාවට ඉන්න ලොකුම එකාට සුබපතන තියෙන අවස්ථාවය . ඉන්දීය මධ්‍යම රජයට විග්නේෂ් ඉන්දියානු විරෝධී තමිල්නාඩු ගැත්තෙකු ලෙස පෙන්වීමට හැක.

    අන්තිමට විගියා ඉන්දියානු විරෝධියෙකු ලෙස හංවඩු ගැහීම තමන්ගේ එවුන්ගේ කෝපයට ලක්වෙන්වාට වඩා හොඳ බව තීරණය කළේය.

    ඔය වැඩේට මගෙත් තේරීම මහින්ද සමරසිංහ සහ අමුණුගමය . මිලින්ද මොරගොඩ වුවත් ජී.එල්.ට වඩානම් හොඳය . හැබැයි සජින් වාස් ඉන්නකම් මොකා ආවත් කොරන්න දෙයිද දන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. අනිවා... මේවා බුද්ධිමත් රාජතාන්ත්‍රික තීරණ නෙමෙයි. ගොබ්බ, මරි මෝඩ, නූගත්, ප්‍රාථමික දේශපාළකයන්ගේ මෝඩ තීරණ.

      Delete
    2. ඉවාන්
      එකඟ නැත.
      විග්නේෂ්වරන්ලා ඇතුළු දෙමළ සන්ධානය ඉන්දීය මධ්‍යම රජය ගැන විශ්වාසයක් තියනව කියල මම නං හිතන්නෙ නෑ. එයා නොගිය කියල මෝදි විශේෂ අප්‍රසාදයක් ඇතිකරගනී කියල හිතන්නත් බෑ. විගාලගෙ ගේම තියෙන්නෙ තමිල්නාඩුව තුලින් ලංකාවට බලපෑම් කිරීම මිසක් කෙලින්ම ඉන්දියන් ආණ්ඩුව හරහා බලපෑම් කිරීම නෙවේ. කෙලින්ම ආණ්ඩුව හරහා කලහැකි බලපෑම සුළුයි. මොකද ඉන්දියාවට සම්පූර්ණ ලංකාවම වැදගත් උතුර විතරක් ට වඩා.

      Delete
    3. විග්නේෂ් ලස්සනට පන්දුව නිදැල්ලේ යන්න දීල තීනව. මිනිහ කියල තීන්නෙ "අදාල ආරාධනාව ජනපතිට පමණක් නිසා අපි එකතුවෙන එක හරි මදි" කියල. එතකොට ඉන්දියාව පැත්තෙයි බෝලෙ.

      Delete
    4. @රාජ්
      //”විග්නේෂ්වරන්ලා ඇතුළු දෙමළ සන්ධානය ඉන්දීය මධ්යරම රජය ගැන විශ්වාසයක් තියනව කියල මම නං හිතන්නෙ නෑ”// නොතිබ්බත් තියෙනවා කියල පෙන්නන්න වෙනවා . තමිල්නාඩුව හරහා විතරක් ලංකාවට එරෙහිව කරන්න පුළුවන් දෙයක් නෑ
      //”එයා නොගිය කියල මෝදි විශේෂ අප්රෑසාදයක් ඇතිකරගනී කියල හිතන්නත් බෑ””// හිතන්න බෑ නෙවෙයි හිතන්නෙම නෑ. එයාට විගාගෙන වැඩක් නෑ, හැබැයි ඒ නොයාම නිසා ඉන්දීය ආණ්ඩුව තමන් කෙරෙහි අපහදීමක් ඇතිකරගනී කියන චකිතය එයාල තුල තියෙනවා
      //””විගාලගෙ ගේම තියෙන්නෙ තමිල්නාඩුව තුලින් ලංකාවට බලපෑම් කිරීම මිසක් කෙලින්ම ඉන්දියන් ආණ්ඩුව හරහා බලපෑම් කිරීම නෙවේ””// මොදිගේ ආණ්ඩුව ස්ථාවර ආණ්ඩුවක් , තමිල්නාඩුවේ සහය අවශ්යෑ නෑ. තමිල්නාඩුවට මධ්යගම ආණ්ඩුවට බලපෑමක් දැනෙන්න කරන්න බෑ කොංග්රාස් ආණ්ඩුවට කළා වගේ . මීට අමතරව ආසන 16 ක් තියෙන තවත් සුළු පක්ෂයක් බී.ජේ.පියට එකතු වුනා නම මතක නෑ . ඒ නිසා තමිල්නාඩුවට සුවිශේෂී පිළිගැනීමක් ලැබෙන්නේ නෑ
      //””මොකද ඉන්දියාවට සම්පූර්ණ ලංකාවම වැදගත් උතුර විතරක් ට වඩා.””// හරියට හරි

      @ ඉන්දික - විග්නේෂ් යන්න ආසයි බයයි

      Delete
    5. මෙහෙමයි මෙච්චර කල් තමින්නාඩුවට සෙල්ලම් දාන්න පුළුවන් වුණේ ඉන්දියාවේ ආණ්ඩුවේ අස්ථාවර බව නිසයි. ඒ නිසා තුන්වෙනි බලවේගයකට හෝ වෙනත් පාර්ශවයකට වුණත් මධ්‍යම ආණ්ඩුව දක්කන්න පුළුවන් වුනා. දැන් එහෙම කරන්න තියෙන ඉඩකඩ අඩුයි. ඉන්දියාව හැම අතින් ම ලංකාවට පක්ෂ වෙයි කියලා හිතන්න අමාරු වුණත්. පහුගිය ටිකේ වුණා වගේ ලැජ්ජා නැති වැඩනම් ආයේ කරන එකක් නෑ කියලත් හිතෙනවා. මොකද ඒ වෙලාවේ ඉන්දියාව ගත්තේ මුළු ඉන්දියාවේ ම අවශ්‍යතාවයට ගත්ත තීරණයක් නෙමෙයි......

      Delete
    6. මෝඩි පාලනය එක්ක ජයලලිතා එකතුවුනත් නැතත් හෝ එකඟ වුනත් නැතත්, මෝඩි රජයට තමිල්නාඩු ජනතා හඬට කණ් දෙන්න වෙනවා. ඒ හඬ නියෝජනය කරන්නේ මහින්දද, විගාද කියන එක නෙමේ අදාල. මෝදිට ඇහුම්කන් දෙන්න වෙන්නේ තමිල්නාඩු ජනතාවට. මම හිතන්නේ එහෙමයි.

      Delete
  12. මාතලන් කියන්න වාගේ අපේ කෂ්ශ්ටිය වැඩේ අනා ගත්තේ නැත්තම් බි.ජේ.පී ආණ්ඩුව ජය ලලිතලා,වයිකෝලා වෙනුවේන් අත පුච්ච ගන්න එන එකක් නෑ..ගාන්ධී-සිං ආණ්ඩුවට වැඩිය මොදි ගානට මහින්දවත් බැලැන්ස් කර ගනියි.

    ReplyDelete
    Replies
    1. ජලලිතලගේ පුක බිම ඇනිලා තියෙන්නේ. කාළයක් තොන්ඩමන්ලා උන්නෙත් ඔහොම තමයි.

      Delete
  13. අම්මප මේ (අව )ජාතික නාලිකා පුදුම ගේමක්නෙ දෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මෝඩයන්ට ඕවා තමයි අල්ලලා යන්නේ..

      Delete
  14. ඉන්දියාවේ මෙන්ම කලාපයේ අනාගතය රැදී ඇත්තේ මෝඩි ඉදිරියට තමන්ගේ හින්දු ජාතිවාදී ඉගෝව සමග අනන්‍ය වෙයිද නැතහොත් ආර්ථික ප්‍රතිසංස්කරණවාදි අනන්‍යතාවය තෝරා ගනියිද යන්න මතය. තමාට ලැබුණු ශක්තිමත් රජය අපේ ලොක්කා මෙන් අනාගන්නේ නැතිව ගියොත් චීනයට ඇඩ්‍රස් නැතිවීම නොවැළැක්විය හැකිය.

    ReplyDelete
    Replies
    1. මෝඩිගේ ගුජරාටී දැක්ම ඉන්දියාවටම ඇප්ලයි වෙනවා.. මම හිතනවා අපේ හරක් වගේ වෙන එකක් නෑ. මොකෝ මෝඩී දේශපාළණයෙදි ජාතිවාදියෙක් උනාට, දේශපාළණ විජ්ජාව පිළිබඳ උපාධියක් තියෙන, ප්‍රායෝගික බුද්ධිමතෙක්, විප්ලව කාරයෙක් කියලා ඔප්පු කරපු කෙනෙක්. ගුජරාටය කියන්නේ මිලියන හැටක් ජීවත් වෙන රටක්. ඒක හදපු එකාට, ඉතුරු ටික ගොඩ දාන එක ලේසි වැඩක්.

      Delete
  15. අප්පට බොල,අපේ මතලං බොස් ගොඩ බැහැලා නේ,. එලකිරි !!

    ReplyDelete
    Replies
    1. අන්න ඇනෝනිමසය මාතලන්ගෙ ගෙට පැනලා
      http://anonymousaya.blogspot.jp/2014/05/blog-post_23.html

      Delete
    2. ලැපට කෙලවෙලා පත්තරේ...

      @ ඇනෝ..
      සල්ලි ගෙවලවත් කර ගන්න පුළුවන් ඒවද බං..

      Delete
  16. විග්නේෂ්වරන් ගත් තීරණය හරි යන්නේ නැහැ කියලා.මනමෝහන් එක්ක දාපු සෙල්ලම් අපිට මෝඩි එක්ක කරන්න බැරි වේවි.කොහොමත් ලංකාව පවතින්නනම් චීනෙට වඩා ලංකර ගන්න ඕනේ ඉන්දියාව.මෝඩීට ජාතිවාදී ලේබල් එක තියෙන අස්සේ අපේ ලොක්කත් උන්නැහේ වගේ වෙන්න ගියොත් අපිට සොරිම තමයි.

    ReplyDelete
    Replies
    1. අපේ තව වෙන මොනවා වෙන්නද බං මීට එහා... සමූල ඝාතන සමරන්නේ තවම..

      Delete
  17. අනිත් ප්‍රාන්ත වලට වැඩිය තමිල්නාඩුව දගලනව වැඩියි කියල ඉන්දියාවෙ ප්‍රාන්ත අතරෙත් මතයක් තියනවලු.කොහොමත් වෙන රටවල් වල ඉන්න ඉන්දියාවෙ උන් තමන්ගෙ ප්‍රන්තෙ උන් එක්ක විතරයි ගොඩක් සම්බන්දකන් තියාගන්න කැමති.වෙන ප්‍රාන්ත වල උන්ව ගනන් ගන්නෙ නැති තරම්.ඒ අතරෙනුත් තමිල්නාඩුව කැපිලම යනව.මෝදිත් මහඇමති වෙලා හිටපු නිසා ඒ අදහස තියනවනම් ලන්කාවට හොදයි.

    ReplyDelete
    Replies
    1. තමිල්නාඩුව කියන්නේ අනෙක් දියුණු ප්‍රාන්තත් එක්ක සැසඳුවාම තාමත් ගෝත්‍රික ගති ඉහ වහා ගිය සමාජයක්..

      Delete
  18. මමත් හිතන්නෙ නැ විගා ඇනගත්ත කියල.ලොක්ක හැල්ලුවුන එක වුනෙ.ඉට කලි විගාට ඔන හැටියට ලෙකවයි ආන්ඩුකාරයයි වෙනස් කරල උගෙ පැත්තට බොලෙ පාස් කරල තිබුන නම් මෙ වෙලාවෙ ලොක්ක වැඩ්ඩ වෙනව.නමුත් තාමත් දෙමලට දුෂ්ටය හැටියට පේන වැඩකරල ඔවයින් වැඩක් ගන්න බැ.
    ඉන්දියාව පැත්තෙනුත් මම හිතන්නෙ නැ ලන්කාවට ලොකු වෙනසක් දැනෙයි කියල.

    ReplyDelete
    Replies
    1. කස්ටියම මහින්ද එක්ක මල නිසා. එහෙම අයට පොඩි ආතල් එකක් තමයි විගා දීලා තියෙන්නේ. නමුත් ඒ දේ දේශපාළණික වශයෙන් විගාට පාඩුයි. ඒකෙන් පෙන්වන්නේ එයාලා රියල් පොලිටීෂීයන්ස්ලා නෙමෙයි කියන එක.

      Delete
  19. කෝම වුනත් මොඩි ආර්ථිකය ගැන හොද දන්න පොරක් බව නම් ප්‍රසිද්ධයි,සිං ලොක්කටත් වඩා ....

    ReplyDelete
    Replies
    1. එහෙම තමා ආරංචිය... අපි බලමු...

      Delete
  20. //ඉන්ටර්නැෂනල් එෆයාර්ස් වැඩවලට, ලව් එෆයාර් එකක් වත් නොතිබුන පප්පලා දාලා වැඩක් නැතිය// මේකනම් දෙයියන්පා ඇත්තය. මේ පරණ බුවාලා ටික යන එකෙන් වෙන්නෙ හැදීගෙන එන හිද හිතටත් කෙළවෙන එක විතරයි.

    වැදගත්ම දේ මෝඩි කාගෙවත් පිහිටකින් ආණ්ඩුවක් නොපිහිටපු එකයි (තමිල්නාඩුවෙ වත්). දැන් ප්‍රාන්ත වලට ඕන විදිහට නැතුව මධ්‍යම ආණ්ඩුවට ඕන තීරණ ටික ගන්නැතැ.

    ReplyDelete
    Replies
    1. එයාලට නම් කිසි අවුලක් නෑ.. අපිට තමයි කේස් එක..

      Delete
  21. මටනම් හිතෙන්නේ මේවා යල්පැනගිය චාරිත්‍ර කියලා
    ඉස්සර රජ කාලෙනම් රජවරු එකිනෙකා හමුවෙලා විවාහ සම්බන්ධකම් ආදිය හදාගෙන ෆිට් වුනා තමයි
    ඒත් දැන්කාලෙ මේ වගේ රාජ්‍ය උත්සව සංකේත පමණයි හරිය‍ට මඟුල් ගෙවල් වල මනමාලයගේ කකුල් හෝදනව වගේ

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ.. ඔහොම නාඩගම් නටපු උන් වැඩි කලක් ඉඳලත් නෑ..

      Delete
  22. මෝදිත් දන්නවා, විගාත් දන්නවා එතකොට කවුද ආරාධනා???????????????අපේ ලොක්කගේ ගොරක මදි වගේ විගාව තම්බන්න????

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව එක්ක විතරක් නෙමෙයි. චීනේ එක්ක වත් අපිට හරියට ගේම ගහගන්න බැරි උනා. මොකෝ චීනෙ හරියට ගේමට බැස්සා නම්, පැකර්ලා මෙහේ ඩාන්ස් කරන්න එන්නේ නෑ..

      Delete
  23. මෝඩියා මෝඩ නැත. ඌ ගේම ගහන්නේ අපි තප්පරයක් අහක බලනකල් ඉඳලාය. කොහොමටත් ඉස්සරහර අපිට ලේසි වෙන්නේ නැත. ඉස්සරහින් මෝඩි අරින කොට පස්සෙන් චීනා ඇරීම හෝ ඒකෙ අනික් පැත්ත වෙන්න පුළුවන්. ලොක්කා ආයෙ පාරක් පාකිස්තානේ ක්‍රිකට් ගහන්න කතාකරන්නේ මෝඩි සහ චීනාගේ අවධානය වෙන පැත්තකට ගැනීමේ සුපුරුදු මැදමූලන උප්පරවැට්ටි දැමිල්ලක් හැටියටය.

    ReplyDelete
    Replies
    1. ලොක්කට වෙලා තියෙන්නේ, දෙපැත්ත කැපෙන කඩුවක් ගිලින්න..

      Delete
  24. අන්තිමට වෙන්නෙ න්‍යාය පත්‍රය උන් ඉදිරිපත් කිරීමය.නැටුම් ගැයුම් ඔක්කොම අපෙන්ය.අතිං වියදම් කරං අනුන්ට ඕනි විදිහට නටන්න ගයන්න අපි තරම් දක්ෂයෝ තවත් නැත.

    ReplyDelete
    Replies
    1. හරි පොලිසි එකක් නැති උනාම කන පරිප්පු තමයි ඒ. ඉන්දියාවේ ෆොරින් පොලිසි එකේ මහා ළොකු වෙනසක් වෙන එකක් නෑ. හැබයි චීනේ එක්ක මීට වඩා ෆිට් වෙයි..

      Delete
  25. බලන්න දෙයක් නැහැ චින්තනේට සහ සහෝදර සමාගමට මෝඩිගෙන් හොඳ සහයක් ලැබේවි :)

    ReplyDelete
    Replies
    1. ලේසි වෙන්නෙත් නෑ.. මොකෝ ඉන්දියාවේ පොලිසි චේන්ජ් වෙන්නේ නෑ ලේසියෙන්.. අපිත් සුබවාදිව හිතමු.

      Delete
  26. බොහොම බුද්ධිමත් දූරදර්ශී ආණ්ඩුවක් විදිහට අපේ සැට් එක ඉන්දියාවත් නොරොක් කරගෙන චීනෙත් එක්කත් නා ගන්නවා ඇත.එහෙම නොකළොත් ඒක අපේ රටේ ආණ්ඩුව නෙමෙයි වගේය.

    ReplyDelete
    Replies
    1. මෙතුවක් කල් නටපු නාඩගම් වල හැටියට, ඔය කතාව නොවෙන්නත් බැරි නෑ..

      Delete
  27. මිදි අැත...
    කඩයිද ?
    අැහිදියිද?
    තිත්තයි කියයිද?

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඔක්කෝටම කලින් මිදි වල්ල කඩා ගන්න ගිහින් තියෙනවා කියන එක තමයි දැනට කියන්න තියෙන්නේ...

      Delete
  28. මම නම් හිතන්නේ අපිට පක්ෂයි වගේ පෙන්නලා අපිට ඇරපු අයට වඩා, ලලිතාටත් ඇරලා, අපිටත් ඇරියාට කමක් නැත යන අදහසය. අපිට Nothing to loose තත්වයේ සිටිය හැක. මොකද ලලිතා අක්කටද හොඳ නැති නිසා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.... අපිට නැති වෙන්න දෙයක් නෑ.. නැතිවුන දේ ලබා ගන්නවා ඇර..

      Delete
  29. මොනවද බං...සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව ලැපක් ගනින්කො....

    ඉන්දියාවෙ ඉන්න මගේ යාලුවෙක් ඊයෙ පෙරේදා මට කිව්වෙ...මහරජාට ආරාධනා යවපු එකට ඉන්දියාව ගිණි අරගෙන කියලා...විරුද්ධ පක්ෂයේ ජයලලිතා කෙල්ල සෑහෙන්න පුප්පනවා කියලයි ඌ කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. කන්නවත් සල්ලි නැතිව, මොන ලැප්ද බං...

      ඉන්දියාව වෙන්න බෑ මචෝ... තමිල්නාඩුව.. තමිල්නාඩුව අනෙක් ප්‍රාන්තවල උන්ටත් වැඩිය දිරවන්නෙ නෑ..

      Delete
  30. කුමක් කියන්නද සිතා ගත නොහැක .. මගේ සිගිති මොලයට මෙවැනි දෑ බර වැඩිය

    ජය ....

    ReplyDelete
    Replies
    1. මොළේ වර්ධණය සඳහා, කුකුල් තෙල් බිව්වා නම් හරිය..

      Delete
  31. ඉස්සෙල්ල ඔලුව අතගාල පස්සෙ දෙන ටොකු තමා උහුලන්න බැරි වෙන්නෙ..? බලපන්කො..?

    ReplyDelete
    Replies
    1. බලමු නේ... දැන්ම අනාවැකි කියන එක හොඳ මදි..

      Delete
  32. නයි ටී එන් එකේ උන්ට ඔහොම නයෙක් හම්බුනාම අත අරීද... මාසෙක නිවුස් වලට ඇති ඔය සීන් එක පුම්බලා ගත්තම.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල පට්ට ගහන්නේ, රණවිරු ෆෙස්ටිවල් එකේ පුරසාරම්.. අද ඉඳලා මෝඩි එක්ක සෝ එක දායි...

      Delete
  33. මෝදිත් පටන් ගන්නේ පොඩි කැබිනට්, ලිට්ල් ගවර්න්මන්ට් මෝර් ගවර්නෙස් කියලා...මිනිස්ට්‍රි ඉන්ට්‍රිග්‍රෙට් කරලා වටේම ඉන්න අයට එන්න කියලා, නියම අයිඩියල් ආණ්ඩුවක් කරන්න. ටිකක් වෙන්න ප්‍රැක්ටිකල් මදි නිසා වේට් අන්ඩ් සී පොලිසි එක හොඳවෙයි සාර්ක් රටවල්වල අයට...විශේෂයෙන්ම අපිට...හැබැයි විගා කා ගත්තා...ජයලලිතාගෙ රෙද්දෙ එල්ලිලා වැඩි දුර යන්න බෑ බව දන්නා නිසා කොහොම හරි විගාට තිබුනේ දිල්ලියෙන්ම ඉන්විටේෂන් ඉල්ලාගන්න...

    ReplyDelete
    Replies
    1. මම හිතුවා විගා කියන්නේ මොළේ තියෙන මිනිහෙක් කියලා.. පොරත් නියම ශ්‍රී ලාංකීය අභිමානයක් විතරයි...

      Delete
  34. මෝඩි ගුජරාටයේ
    විජයගෙ පුරාවෘත්තයටත් සම්බන්ධයි..

    ඉන්දියාව කෝමත් ලොකු අයියා

    ReplyDelete
    Replies
    1. අයියලා ළඟදි මල්ලිලා බොහෝම අසරණයි..

      Delete
  35. ඉන්ටනැෂනල් ඇෆෙයාර් තියා ලව් ඇෆෙයාර් එකක්වත් තිබී නැති.......

    මේක තමයි බන් කියමන. හිනායනවා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න