.

.

Jun 24, 2014

පෙට්ටි, පිස්තෝල හා ක්‍රිකට් කතා (23+) - Stories about Boxes, Pistols & Cricket

ESPN Cricket

ඉස් ඉස්සෙල්ලාම්..., අපේ කිරිකැට් කන්ඩායමේ, සමාජිකයින්ගේ අම්මලාගෙන් සමාව ගත යුතුව ඇත. අන්තිම විකට් එක කඩා ගන්න බැරිව දඟළන දැඟලිල්ල දැකලා, මල පැනලා, මම මුන්ගේ අම්මාවරු මතක් කොට නින්දට ගියේය. ඒත් උදේ නැගිටින කොට මළ හත්තිලව්වක් වෙලාය. අපේ උන් අන්තීම බෝලෙට ඉස්සෙල්ලා බෝලෙදි මැච් ඒක දිණලාය.

ක්‍රිකට් කියන්නේ මහා අමුතු ගේමක්ය කියා කියන්නේ ඔය නිසාය. ඒත් ඉතින්, දෙකක් දාගෙන ආතල් එකේ ඉන්න වෙලාවට, ඕවා මතක් වෙන්නේ නැතිය. කොහොම හරි දිනන්නම ඕනාය. ඒ ඉතින් අපි වගේ පුරුතග්ජන උන්ගේ හැටිය.

ටුවර් එක පටන් ගන්නත් ඉස්සෙල්ලා ඉඳන් පටන් ගත්ත පඩත්තල කම්, අන්තීම දිනය දක්වාත් කලේය. පර වේස කොල්ලන්ට මතක හිටින පාඩමක් උගන්නලා ආපු එක ගැන, මට බොහෝම සතුටුය. පිළිතුරු දිය යුතු නියම ක්‍රමයට පිළිතුරු ලබා දීම ගැන තියෙන්නේ, පුදුමාකාර ආතල් එකක්මය.

ලියන්න උන්නේ කොස්සන්ට "සයිඩ් ආම්" දුන්න එක ගැනය. දැන් කොස්සෝ පිස්සෝ වගේ මැස්සන්ටත් කෙලලා අරිනවාය. බයික් නවත්තන්නෙත් සයිඩ් ආම් එකෙන්ය, පොඩි වලි නවත්තන්නෙත් සයිඩ් ආම් එකෙන්ය. වඳුරට දැලි පිහිය දුන්නා වගේය. අහුවෙන අහුවෙන අතේ පත්තු කරනවාය. සමහර විට මුන්ට ට්‍රේනින් එකක් නොදුන් නිසා, ට්‍රේන් වෙන්න තියනවා වෙන්නත් පුළුවන්ය.


ඒත් ඉතින් කරුමේ කියන්නේ, නානසාරලා එනකොට, මුන්ගේ "සයිඩ් ආම්" එකයි, "බොටම් ආම්" එකයි, දෙකම අක්‍රීය වෙන එකය. හැබයි ඉතින් හතර අතේ නෝන්ඩි නොවී, මරලා දාලා හරි, පොලිසියේ නම්බුව ආරස්සා කොර ගන්න එක, ජාතියක් වසයෙන් අපිට ඉතා ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්ය. කොහොම හරි මාතලන් මේ ගැන ලියන්න යන්නේ නැතිය. හේතුව විචාරක උන්නැහේ, අගනා ළිපියක් මේ ගැන ලියලා තියෙන නිසාය.

කැමති එකෙකුට ඒක මෙතනින් බලා ගන්න පුළුවන්ය. 


මේ අව් අස්සේ ජෝක් එකක් දැම්මේ නෑ කියලා ආඩපාලි කියන උනුත් ඉන්නවාය. ආන් එහෙම අයගේ චිත්තප්පිරිතිය උදෙසා පරණ ජෝක් එකක් ලියලා දානවාය. මේක මේ පෙට්ටි ගැන කතාවක්ය. පෙට්ටි කිව්වේ තැපැල් පෙට්ටිය. දැන් තැපෑල භාවිතා කිරීම මෙලෝ රහක් නැති වැඩක් නිසා. ඒකට දාලා ඉන්නෙත් මෙළෝ රහක් නැති ඇමති කෙනෙක්ය. ඒ යකා සිනමාවේ ඉන්න කොටත් එහෙමය මෙළෝම රජක් නැතිය.

දැන් නැති උනාට ඉස්සර කාළේ ඔය රතු පාට තැපැල් පෙට්ටියට අමතරව කොළ පාට පෙට්ටියකුත් ඒ ළඟම තිබුනේය. රතු පාට එක තිබුනේ ප්‍රදේශය තුලම ලියුම් වලටය, කොළ පාට එක තිබුනේ පිට පළාත් වලටය. සමහර් විට මම වැරදි නම් මේකේ අනික් පැත්ත වෙන්න ඕනාය. මේ ලියන්නේ එහෙම පෙට්ටි දෙකම තිබුන පැත්ත කතාවක්ය.

ඔය ළිඳ ළඟ සංගම් තියෙන කාළේ, ගෑණු උදවිය, එතන නානවට රෙදි හෝදනවට අමතරව, වං හුං කතා කොරන වැඩ, රොයිටර් සේවාව පවත්වාගෙන යාම වගේ වැඩ, ගිනි තියන වැඩ, කොටවන වැඩ අරවා මේවත් කරා. එවගේ ඒවට, පුරුෂ පක්සෙත් පුරුදු වෙයි කියලයි, ගෑණු උදවිය එතන ඉන්න වෙලාවට, එයාලා නොගියේ.

සමහර තැනවල, බිත්තියක් එහෙම බැඳලා වෙන්කරලා තිබුනේ, පිරිමි අයට ඔය ගෑණු උදවියගේ වල් පල් ඇහෙයි කියලා. ඕන් එහෙම තැනක තුන් දෙනෙක් කතාවලු, කතාව සැක්ස් කිරිල්ල ගැන. ඒ කියන්නේ මේ හැමිනිල්ල ගැන.

ඔයා දන්නවද..? මම අපේ වාහෙට, ආදරේට කියන්නේ "බුරුමයා" කියලා..

ඒ මොකෝ මෙයා ඒ.. ?

මාර විදිල්ලක් විදින්නේ මෙයා.. අනික ඒ වගේද කැරකිල්ල..?

මම නම් අපේ එක්කෙනාට කියන්නේ, "පතල් කාරයා" කියලා..

එයා මක්කෙයි කොරන්නේ..?

එයා දෙන අලවංගු පාරවල් හරි සෝයි අනේ...

මම නම් අපේ වාහෙට කියන්න "තැපෑලා" කියලා...

අර මොකෝ බන් ඒ..?

අර මොකෝයි කියන්නේ.., හැමදාම බඩු එන්න ගොඩක් පරක්කු වෙනවා, අනික ඒ වෙලාවෙනුත් භාගයක්, ලියුම දාන්නේ වැරදි පෙට්ටියටමයි.

පරිවර් තනේ කොට, අපේ එකක් කොට, ලියා පොරසිද්ද කළේ, මහාචාර්ය මාතලන් වන මා විසිනි.

86 comments:

  1. මොනිකා ලෙවින්ස්කි වගේ ඇන්ටි කෙනෙක් හිටිය නං කියයි අපේ එක්කෙනා හරියට බිල් ක්ලින්ංටොන් වගේමයි ඇරපු අතක් නෑ කියලා..

    ඔන්න මාතා බොලා කිරිකට් බලනවා නෙමෙයි.. ඕක ක්‍රීඩාශිලිත්වයක් කියල කියන්න බෑ.. මම නං හරිම ආසාවෙන් බැලුවේ.. ඇන්ඩා පැයක් තිස්සේ කරපු යුද්දේ බලන්න හරිම වටිනවා. ඒ වගේම මොයින් අලී.. අන්න කිරිකට්.. අපි දිනුවා කෝම උනත්. ඒත් උන් පුදුම විදියට ට්‍රයි කරා බේරෙන්න. ඒක ගැන අන්තිම සන්තෝසයි..

    ReplyDelete
    Replies
    1. මොන ක්‍රීඩාශීලීත්වයක්ද බන්. දෙකක් දාගෙන නිදි මතේ ඉන්න වෙලාවේ. උන්ට නම් කීයක් හරි හම්බ වෙනවා. ඒ වගේද මගේ නින්ද...? නිදි දෙව් දුව තරහ කොර ගත්තොත් හෙම ලේසි වෙන්නේ නෑ ඕන්...

      Delete
    2. දිනන්නම විතරක් මැච් බැලුවොත් ඒක විකාරයක්.. හොද මැච් එකක් ආස්වාදයෙන් බලන්නයි හුරු වෙන්න ඕන දෙකක් නෙමෙයි පනහක් දාගත්තත්. වෙලාවට උඹ ඊයේ තනියම දෙකක් දාගත්තේ. නැත්නං අර 20 20 පයිනල් දවසේ වගේ අපිට අද කුනුහරුප ලොරියක්ම ලැබෙන්න ඉඩ තිබුනා.. හැක්..

      Delete
    3. අමතක උනා කියන්න. මේ අපල දවස් වල (බ්ලොගර්ට මාසික සුදිය හැදිල නිසා) ඔහේගේ පරට්ට සින්ඩිය අපේ සහායට ඉන්නවා කියල ඔන්න මං මුනුපොතේ ඔහේට තැන්කුයි පාරක් දැම්මා හරිය... සේවේ ගත්තට මදිනේ.. පොඩ්ඩක් ඇටේ මිරිකන්නත් එපායැ..

      Delete
    4. ස්තූතියි පාලිත... නැවතත් මයික්‍රපෝනය සම්බන්ධතා මැදිරියට...

      Delete
  2. ඉස්සර කාලෙ තිබ්බා කියන්නෙ ඔය රතු පාටයි කොළ පාටයි තැපැල් පෙට්ටි දැන් නැද්ද බං.
    මැච් එකේ ඉවරයක් නැති තට්ටුවයි එක විකට් එකක් කඩාගන්න මුන් දඟලන දඟලිල්ලයි දැකල මට ඇතිවුනා ඒ ගමන ගිහිං නිදාගත්තා.

    ReplyDelete
    Replies
    1. ඉවසීමෙත් සීමාවක් තියෙනවනේ හැලපේ මචෝ...

      දැන් නම් පෙට්ටි දෙකක් පේන්න නෑ බං... අනික පෙට්ටියක් පරෙස්සම් කොරගන්න පුළුවන් කාළයක්ය මේ..

      Delete
  3. පට්ට ආතල් කතාවක්නේ අග තියෙන්නේ බොලං....... අර ක්‍රිකට් ආතල් එක මටත් ගන්න බැරිව ගියා අරුංගේ දෙමාපියන් මතක් කරමින් බියර් එක අහවර කරලා ඇදට ගියා..

    ReplyDelete
    Replies
    1. ඕක හෙන පරණ කතාවක් නලියෝ. මේ වේස කොල්ලන්ගෙන් බේරෙන්න බෑ කුණුහබ්බයක් දාන්න කියලා.. බලහන් මුන් මට ප්‍රබුද්ධ රචකයෙක් වෙන්න දෙන්නෙම් නෑ නේ බං...

      Delete
    2. යකෝ ඔහොමත් බොනවද මිනිස්සු වුණහම (තනියෙන්)

      Delete
    3. උඹට මීරිගම හන්දියේ බෝක්කුව උඩ ඉඳන් ගහලා.. පාන්දර කෝච්චියේ තමයි එන්න වෙන්නේ..

      Delete
  4. ක්‍රිකට් නම් මොන වෙලාවෙ කතා කරන්න බැරිද මම කල්පනා කරන්නෙ ගෑනු නාන තැනකට ඔළුව දා ගන්න ක්‍රමයක්.පෙට්ටිනම් ලස්සනයි හැබැයි පාවිච්චි කරන්න ගනිද්දි කැඩිලද බිදිලද කියල හොයන එකටනම් මම මාර විරුද්ධයි.මොකද ඉතිං ඔය බුරුම වලින් අලවංගු වලින් බේර ගන්නව කියන එක ලේසි නෑනෙ.ඒවා හිතේ හැටියට පාවිච්චි කරල සින්නක්කර ගන්න යද්දි ඔය පෙට්ටිවල අබලතා දුබලතා හොයන්න යන එකනම් මනුස්සකම නෙමෙයි නේද මාතලියො

    ReplyDelete
    Replies
    1. නූල නොකැඩුනූ, පොල් කුඩු පිරුනූ, සුරා සූදුවෙන් තොර, වැජිටේරියොන් එකෙක් වගේ එකෙක් නම් හෙව්වට අවුලක් ඇත්තෙත් නෑ.. ඒත් ඉතින් උඹලා අපි වගේ උන් ඕවා හොයන්න යන එකට නම් මාත් දැඩි ලෙස විරුද්ධයි..

      Delete
    2. ඒ කියන්නේ අපි වගේ උන්ට හොයන්න වෙනවා ;)

      Delete
    3. අනිවා.. ඕනම නම් ඉතින් අපි චෙක් කරලා දෙන්නම්.. කීයක් වත් ගන්න බෑ දන්න කියන උන් නිසා...

      Delete
    4. e kiyanne nadiyage polkudu.. :P

      Delete
    5. කැඩිච්ච නැති පෙට්ටි හොයන්නේ කොහොමද බන්...නූල් බෝල ගණන් කැඩිච්ච එවුන්.

      Delete
  5. ක්‍රිකට් වැඩේ නම් මටත් වුනේ ඔය සන්තසියමයි , මම නම් විකට් අටක් ගියාම අර මැද පිත්ත වනපු එවුන් දෙන්නා බෑඩ් ලයිට් කියලා ඉල්ලුවාම අම්පයර්ලා ලව් කරන්න ගත්තම මං හිතුවේ ටොපිය හම්බවෙයි කියලාය, මම අම්පයර්ලාගේ අම්මලාට බැන බැන ගිහින් නිදාගතිමිය. ඒ නිසා අම්පයර්ලාගේ අම්මලාගෙන් සමව ඉල්ලනවාය.

    අර වැරදි පෙට්ටියනම් මරේ මාරු කතාවය.

    මොකක්ද මාතලන් "පරිවර් තනේ " කියන්නේ ...?

    ReplyDelete
    Replies
    1. අප්පට බොල දැන් උඹත් බොනවද....?

      Delete
  6. ආවසන කතාව එල කිරිස් ... ...දැන් තියෙන්නෙ රතු පෙට්ටි විතරයි නේ ;)

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. රතු පාටින් පාට කරලා තියෙන්නේ. කැඩුවත් මාට්ටු වෙන්නේ නැති නිසා වෙන්ටෑ..

      Delete
  7. මැච් එක නං එලය! කතා කරන්න දෙයක් නැත.
    තැපැල් පෙට්ටියෙ කතාව ඊටත් එළය!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඩබල් එළය.. එක්කෝ එළ ඩබල්ය.....

      Delete
  8. I watched the match until the last minute (දෙශප්‍රේමියෙක් නෙව). though we won the match luckily, I guess England deserve a draw given the way they have tried to save the it (It took nearly 20 overs to take the last wicket!!!)

    ReplyDelete
    Replies
    1. P.S
      තැපෑල ඇපෑල් වෙලා දැං හුඟකල් නෙව. ඒ හින්ද ඒ ගැන කතා කොරලා වැඩක් නෑ. ඒත් ඉඳ හිට ලිවුමක් දෙකක් වැරදි පෙට්ටියට දැම්මා කියාලා ආයෙ ඒකේ ඒ හැටි අවුලක් නෑ. හික් හික් හික්

      Delete
    2. වැරදි පෙට්ටියට දැම්මට අවුලක් නම් නෑ තමයි. ඒත් දාගන්න එක තමයි අමාරු වැඩේ.

      You are wright.. That was real test cricket...

      Delete
    3. ha ha ha... may be.... who knows.... :)

      Delete
    4. No man this was happened in England, hence it was "Look Wright" :P

      Delete
  9. match eka kese wethath kathawa nam ela kotiyay

    ReplyDelete
    Replies
    1. ehenam echcharai... me wal kollan gen berenna be dulaanayo

      Delete
  10. , හැමදාම බඩු එන්න ගොඩක් පරක්කු වෙනවා, අනික ඒ වෙලාවෙනුත් භාගයක්, ලියුම දාන්නේ වැරදි පෙට්ටියටමයි////
    හිනා කෝච්චියයි මාතෙ...
    පට්ට...
    කිරිකොටි ගැන නං මොකුත් නොකියමි...
    අස්පිරිය කලේ චී ඇස් ඇං කාරයෝය

    ReplyDelete
    Replies
    1. මක්කුන් ගැනද බන් ඔය අන්තීමට කියලා තියෙන්නේ..

      Delete
    2. ඔය කියල තියෙන්නෙ අර ඇඩ් අස්සෙ මැච් පෙන්නන උන් ගැන වෙන්න ඕන. බලපං අපිට නිදහසේ ඇඩ් එකක් වත් බලන්න දෙන්නෙ නැ මුන් මැච් පෙන්නනව :P

      Delete
    3. උන් හොඳයි.. සමහර චැනල් ලයිව් නැතුව රෙකෝඩ් කරලා පස්සෙ පෙන්නුවා..

      Delete
  11. තැපැල් පෙට්ටි කතාවෙ මුල් කෘතිය කියවල නෑනේ.... කමක් නෑ මීට කලින් ඒවයෙත් ඔරිජිනල් එකට වඩා ලංකනයිස්ඩ් වර්ෂන් එක තමයි ගති.
    කිරිකැට් බලන්න මං ආසාවක් නෑ නෙව. :)

    ReplyDelete
    Replies
    1. ඒකේ තියෙන්නේ බස්සියෝ ඩෙන්ටිස්ට් කෙනෙක් ගැනයි, මයිනර් කෙනෙක් ගැනයි, පෝස්ට්මන් කෙනෙක් ගැනයි..

      Delete
    2. බස්සාද මොකාද එකා මොන ටියිප් එකටද හදා ගන්න හිතනි ඉන්නේ.

      Delete
    3. ඔයා වැඩියෙන්ම ආස වැරදි පෙට්ටියට දාන එකටද?

      Delete
  12. නැන්දද ? ම්හුඋහ්! ගන්ඩද? ම්හු!

    ඔන්න එදා මම බත්තරමුල්ලේදී කියලා දුන්න මතක නැත්නම් කොරන්ඩ දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. හරි කෙළියක්නේ මේක ... කොයි වේලාවේද ඕක කිව්වේ ...! මතක් නෑනේ ,,මං බීලවත් හිටියද කියලා කල්පනා කලේ

      Delete
    2. මම බීලා උන්නද? මුන්නැහේ බීලා උන්නද?

      මටත් මතක නෑ ඕයි...

      Delete
    3. දැන් ඔය බත්තරමුල්ලෙ කියා දීපු විදිහට පෙට්ටියකට දා ගෙන ද කෙදිරි ගාන්නෙ

      Delete
  13. මාතලන්, ලියුම දාන එකාට ලියුම කොයි පෙට්ටියට දැම්මත් එකයි. වැරැදි පෙට්ටිය කියලා දෙයක් නැහැ. ලියුම ලබන්නාට තමයි ඕකෙන් ප්‍රශ්නයක් වුණොත් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පිස්සු.. අනික් පෙට්ටියේ ලියුම් ගත්ත ගමන් දැම්මොත් ගඳ ගහ ගහ තමයි යන්න වෙන්නේ.. මතකනේ ගීතට වෙච්චි දේ...

      Delete
    2. මොන පෙට්ටියෙ දැම්මත් කවරයක් තියනවනම් ඒක මාරුකරන්න හරි ගලවල කවරයක් නැතුව පෝස්ට් කරන්න හරි පුලුවන්නෙ

      Delete
  14. හැක්. අන්තිම කතාව නම් පට්ටෙත් පට්ටය. ඔයාගෙ වචනෙන් වල්ලා පට්ටය.

    හැමදාම බඩු එන්න ගොඩක් පරක්කු වෙනවා කියන්නෙ තැපෑලා පාවිච්චිය දේශීය බෙහෙතක්ද විදේශීය එකක්ද දන්නෑ. :D ;D

    ReplyDelete
    Replies
    1. දේශීය එකක්ම වෙන්ඩ ඕනෑ....

      Delete
  15. මං නං මැච් එක බැලුවෙ නෑ බං.. තැපැල් පෙට්ටියෙ කතාව නං පට්ට.. පෝස්කාඩ් නං පටස් ගාල එනව ඇති නේ බං. :D

    ReplyDelete
    Replies
    1. පෝස්ට් කාඩ් වලට කවරයක් නෑ නේ..

      Delete
  16. ඉතින් බන් දැන් මෙහෙ තියෙන්නේ කහපාට් පෙට්ටියක් එකටනම් දාපු ගමන් යනවා ගැරන්ටියකුත් දෙනවා කොහොමහරි ලැබෙනවා කියලා
    ඉතින් මම නම් දැන් දානේම කහ පෙට්ටියටමයි වෙලාව තියන හින්දා පැයකින් එකහමාරකින් තව ලියුමක් උනත් දාන්න පුලූවන්නේ

    ReplyDelete
    Replies
    1. පැය එකහාමාරට පස්සෙ ආයේ ඉතින් විනාඩි පහයි නේ..

      Delete
  17. මම මේ කල්පනා කලේ..........එක්කොත් ඕනි නෑ...:D

    ReplyDelete
    Replies
    1. හපොයි ඔව්.. මේ වනචර ඇනෝලත් එක්ක කෙල්ලෙකුට කොමෙන්ට් එකක් වත් දාන්න බෑ අප්පා..

      Delete
  18. ක්‍රිකට්වලට ඇල්මක් නෑ මාතේ.ඇත්තට ඔය ගෑනු ළිඳ ළඟදි රෙදි හෝදන ගමං ඕපාදූප කියෝනවද? මම හිතං හිටියේ උං ඕපාදූප කියවන ගමං කම්මැලිකමට රෙදි හෝදනවා කියලා.

    ReplyDelete
    Replies
    1. අම්මපා මට අමතක උනා.. උන් නාන්න රෙදි හෝදන්න එන්නේ හොබි එකක් විදියටය කියාලා

      Delete
  19. මැච් එකනම් බැලුවා මාතේ,දිනපු වෙලාවේ ආපු හැඟීම නම් කියලා වැඩක් නැහැ.
    ඉඳ හිට වැරදි පෙට්ටියට දැම්මාට කමක් නැහැ කොහොම හරි ලියුම ලැබේනම්.

    ReplyDelete
    Replies
    1. බබා හම්බ වෙනවනම් මොකේ එබුවහම මොකෑ බං..

      Delete
  20. ක්‍රිකට් නම් හුගක් වෙලාවට cricinfo තමයි දවසේ අන්තිමට සම‍රිය බලනව, මේවගේ වැදගත් එකක් නම් ඊළග දවසේ මොකෙක් හ‍රි ඇෆ්බී එකේ දාල තියෙන වීඩියෝ එකක් බලනව වැත්ඩේ ගොඩ රුපියල් පහත් ඉතුරුයි :P

    තවම ඔය තැපැල් පෙට්ටි තියෙනවද පාරවල් වල, කොල පාට තියා රතු එකක්වත් දැකල නැහැ. හැබැයි කන්තොරුවෙනම් තව නිල් පාට එකකුත් තියෙනව නේ ?

    ReplyDelete
    Replies
    1. මමත් දැකලා නම් නෑ.. පාට දෙකේම ඒවා.. ඒ කාළේ නම් තිබුනා...

      Delete
  21. මමනම් ඉවර වෙනකන් බැලුව.නියම මැච් එකක්.ඇන්ඩගෙ කරෙජ් එක අපෙ ලස්ට් රො එකට නැ නේ. පෙට්ටි කතාව මරු ඇ

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා.. අපේ උනුත් කලින් මැච් එක ඩ්‍රෝ කර ගත්තේ කොහොම හරි...

      Delete
  22. සයිඩ් ආම වැඩේ නම් දැන් බොහොම බරපතල ලෙඩක් වේගෙන එන්නේ.

    පාරේ ට්‍රැෆික් එකෙක් දැක්කත් දැන් පට්ට පරාන බයෙන් යන්න ඕන. කොයි වෙලේ කොකා ගස්සයිද්ද දන්නේ නෑ.

    ඕව උන්ට දෙන්න තීරණය කරපු මොළ ගෙඩි වලට ඕව ගන්න එවුන්ට ට්‍රේනින් එකක් දෙන්න කල්පනා නොවුනේ මොකද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හැබයි මැරුණ එකත් පට්ට පිස්සුවක් කෙලලා තියෙනවා.. කොහොම උනත් පොලීසියේ අවම බලය ගැන නම් ළොකු ප්‍රශ්ණයක් තියෙනවා...

      Delete
  23. අනේ අනිච්චං තැපැල්.... පෙට්ටි..........

    ReplyDelete
  24. මොන හේතුවකටද මංද, ලෝක කුසලාන තරඟාවලියක් ඇරුණාම අනිත් මැච් නම් බලන්න දැන් දැන් හිත දෙන්නෙම නෑ. ඒත් අවුරුදු දාහතකට පස්සෙ ටෙස්ට් ජයක් ලැබුවෙ කිව්වනම් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා මං.

    ළිඳ ළඟ සංගමේ ඔයින් නැවතුනා ඇති.!

    ReplyDelete
    Replies
    1. අවුරුදු 17කට පස්සේ ටෙස්ට් ජයක්. පුක තමා
      මෙන්න නියම පොරවල්. මුං තමා ලාංකීය දේශපාලනය ගැන අටුවාවල් ලියන්න එන්නෙත්. හැබැයි දන්න රෙද්දක් නැහැ.

      Delete
    2. ඇයි ඇනෝ මට වැරදුනාද? මං දන්න තරමින් නම් ශ්‍රී ලංකාව එංගලන්තය තුලදී ටෙස්ට් තරඟාවලියක ජයක් ලැබුවෙ වසර දාහතකට පසුව තමයි.

      Delete
    3. කලින් එක ටෙස්ට් මැච් එකක් දිනලා තියෙනවා අර්ජුණ ඉන්න කාළේ. මේ සැරේ මැච් දෙකක් නිසා ඒක සීරිස් එකක් වෙනවා. ඒ කියන්නේ තරඟාවලියක් වෙනවා. අපේ උන්ටත් මොකක් හරි විශේෂයක් එපාය. ඒ නිසා තමයි මේ 17 කතාව එන්නේ..

      Delete
    4. ඒ විතරක් නෙවෙයි, මං දන්න විදියට ශ්‍රී ලංකාව රටෙන් පිටදි 20-20තරඟාවලිය, 50-50 තරඟාවලිය සහ ටෙස්ට් තරඟාවලිය කියන මේ තුනම ජයග්‍රහනය කරපු පලවෙනි වතාව මේ.

      Delete
  25. මාත් හිතුවෙම මැච් එක උන් කෝම හරි ඩ්‍රෝ කර ගනියි කියලා.. වැඩ ඉවර වෙලා ගෙදර එන සුට්ටට මෙන්න බොලේ ඒක දිනලා..

    කොස්සන්ගේ සයිඩ් ආම් එකනම් වදුරට දැලි පිහිය දුන්නට වඩා හපන් වෙයිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. අපරාදේ... උඹට දිගටම වැඩ කරන්න තිබුනේ..

      Delete
  26. මට මතකයි නිල් පාට පෙට්ටියකුත් තිබ්බ පිටරට යවන ලිපි ඔබන්න.....රජ ගේ ලග මහ කන්තෝරුව තිබ්බ තැන & පුංචි බොරැල්ලෙ එහෙම.....
    තැපෑල සිනමාවෙත් කිසිම රහක් නෑ තමයි ආශ්‍රය කොලාට.....
    හැබැයි දැන් කතිර වලින් ඇවිල්ල හොදට ආරලා ඉන්නෙ ....
    සම හරක් විට මාමණ්ඩිය වෙච්චි පොහොරයා.....බෑණ පොඩ්ඩ ට දෙන්න ඇති මුස්ටිය "ගසා කෑමෙ "
    දැන් ප්‍රකෝටි පති යෝ.......හෙක්...හෙක්....

    ReplyDelete
    Replies
    1. දුවත් දැන් පලා බබා කෙනෙක්.. උන්ට මුකුත් කියන්න නරකයි.. මුන්ට මනාප දෙන උන්ටයි හරක් පයි වලින් ගහන්න ඕනා...

      Delete
  27. ලෝක කුසලානය ගැන ලියපු ලිපියත් පට්ට

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් ඇත්ත ඇති සැටියෙන් ලියපු එකක් නේ..

      Delete
  28. මැච් එක ගැන
    අන්තිම ඕවර් 19 ක් එංගලන්තයේ අන්තිම විකට් එක කඩා ගන්න දඟලද්දි මාලිංග දෙයියෙක් කියලා හිතෙනවා නේද මාතලන්???

    ජෝක් එක ගැන
    පට්ට කතාව.

    ReplyDelete
    Replies
    1. කතාව නම් ඇත්ත.. ඒත් ඉතින් හැමදාම මාලිංගලා ඉන්නේ නෑ නේ.. අළුත් උනුත් එන්න එපාය. ඒකයි මේ ජයග්‍රහණයේ වටිනාකම..

      Delete
  29. කෙල ගාල මුද්දරෙත් අලවලාම වෙන්න ඇති දාන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ පොඩි ආතල් එකකුත් දෙනවා ඇති..

      Delete
  30. Ranjan DüsseldorfJune 26, 2014 at 2:24 AM

    Thepala,maru kathawa,wedeta gelapenamanama.ela ela.

    ReplyDelete
    Replies
    1. අපේ උන් නම් දාන්න බොහොම රුසියෝ නොවෑ...

      Delete
  31. කතා සෙට් එකනම් පිස්සු හැදෙනවා.
    මාතා ඔය ෆොටෝ එකේ තියෙන තැපැල් පෙට්ටිනම් මෙහේ ඒවා. උඹ දන්නවාද ඔය රතු පෙට්ටියේ තියනEiiR කියන්නේ මොකක්ද කියලා. .ELIZABETH ii REGINA ඒ කියන්නේ OUEEN ELIZABETH ii .ලතින් බාසාවෙන් REGINA කියන්නේ රැජිණට.

    නිල් පෙට්ටියේ තියෙනGR තමයි GEORGE REX . REXකියන්නේ ලැටින් වලින් රජාට. ඔය කියන්නේ ඒ ඒ රජ,රැජිණ කාලේ තමයි ඔය තැපැල් පෙට්ටි එතැන හයිකරලා තියෙන්නේ.
    නිල් පෙට්ටිය air mail වලට.

    Gold පාට කෙරුවා 2012 ඔලිම්පික් රණ් පදක්කම් ගත්ත සියළුම මේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගම්වල නිවසට කිට්ටුවම තැපැල් පෙට්ටිය. ඒවා සදාකාලිකවම ඒ පාටයි අනාගතයේදීත්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න