.

.

Jun 30, 2014

බලපිටිය, බල මාළු හා ඇඹුල් තියාල් - Balapitiya, Skipjack Tuna & Ambul Thiyal


රොකට් රෝහිණි කථා වස්තුව - තුන්වෙනි කෑල්ල

මීට කලින් කෑල්ල බලන්න ඕන නම්, මේ අකුරු උඩම ක්ලික් කොරන්න....

ඒ කාළේ ගෙවල් වලට එන ජංගම වෙළෙන්දෝ, කීප පලක්ම උන්නා. සමහරු ආවේ පයින්, පෙට්ටියක් හරි කූඩයක් හරි ඔළුව උඩ තියාගෙන. සමහරු ෆුට් සයිකලෙන්, සමහරු කරත්තෙන්. උදේ පාන්දරම එන්නේ කිරී මෑන්. පොර එන්නේ බයිසිකලේ. අපිට කිරි ගෙනාවේ අපේ නෑ කෙනෙක්ගේ ගෙදරකින්. කිරි ගෙනාවේ ලොක්කා මාමා. මඩකලපු සරම ඇඳලා, කළු පාට අඟල් තුනක් විතර පළල , රෙදි බෙල්ට් එකකින්, සරම ඉනට තද කර ගන්නේ.

ඔය බෙල්ට් එකේම පොකට් එකකුත් තියෙනවා. කහ පාට වගේ මතක. ඒකේ තමයි කාසි නෝට්ටු තැන්පත් වෙලා ඉන්නේ. උඩට ඇඳුමක් නෑ. බෙයාර් බොඩි. පොර ටිකක් දොන් සිරිසේන වගේ කොන්ඩේ මැඳින් බෙදලා. ඒ උනාට විහිළු කියන දේ දන්නෙම නෑ. ෆුල් සිරා පොර. දෙවියන් වහන්සේ මේ යකා මවලා තිබුනේ හිනා නහරේ නැතුව. මට ඔය වගේ උන් පේන්න බෑ. ඇයි යකෝ ඇඟ පතෙන් යනවද මුසලයන්ට පොඩ්ඩක් හිනා උනාම.

ඊට පස්සේ එන්නේ පාන් බනිස්. ඔය අද එලාම් එක වගේ කෑං කුං....න් ගාගෙන යන චූන් පාන් වගේ, උදේ පාන්දරම ගම කාලා, මළ විනාශයක් පාන් බනිස් කාරයා කලේ නෑ. ගෙවල් කිට්ටුවට ඇවිත්, "පාන්.......... බනේස්....." කියලා, පොඩි සද්දයක් දාල, බයිසිකැල් එකේ බැල් එක දෙසරයක් විතර ගහනවා. පොර ගාව ඔය "ෆැබ්" එකේ, "බ්‍රෙඩ් ටෝක්" එකේ තියෙනවා වගේ, කොලිටි බඩු තිබුනේ නෑ. පාන්, රෝස් පාන්, බනිස්, වියන් රෝල් හෙවත් කිඹුලා, බතල පාන් (සම හරක් මේවට මාළු පාන් කිව්වා.) බිත්තර පාන්, වගේ කීපයක් තිබුනේ.

අද අපි කන ඒවත් එක්ක බැලුවම, මේවා මොන මළ ජරාවද කියලා හිතුනට, ඒ කාලේ තිබුන සුපිරිම කෑම තමයි ඕවා. ඔය බිත්තර පාන් එකේ තියෙන බිත්තර කෑල්ල, බිත්තරේ කෙලින් අතට තීරූ 16 කට විතර කපලා, ඒකෙන් කෑළි දෙකක් තමයි බිත්තර පාන් එකට ඔබලා තිබුනේ. සමහර දවසට කන්න යන කොට ඒකත් නෑ හැලිලා.

කහ මදේ නම්, බේකරියේ බක්කරේ හරි, මුදලාලි හරි කාලා තිබුනා. සමහර වෙලාවට කහ මදේ අගුණ නිසා කුණු ගොඩට දැම්මද දන්නේ නෑ. චොලෙස්ටරෝල්ද මක්කද රෝල් එකක් තියෙනවය කියනවනේ. ඒ කාළේ මිනිස්සු, ඔය කුණු බක්කි ඇවිස්සුවේ, මේ බිත්තර කහ මදේ හොයන්නද කියන්න දන්නෙත් නෑ. අපි නිකං කැත කතා කිව්වට. ඊට අමතරව අමු මිරිස් කෑල්ලකුයි, බී ළුෑණූ කෑල්ලකුයි නම් තිබුනා.

ඔය ඔක්කෝටම වඩා මම කැමති, ඉතුරු වෙච්චි පාන් වලින් හදන පොල් කේක් වලට. ඒකේ යට පත්තර කොලයක් අලවලා තිබුනා. ඒ කියන්නේ ඔයිල් පේපර් එක වෙනුවට දාපු කොලේ. ඔහේලට කියන්න, එළුවෝ වගේ ඔය පත්තර කොලෙත් කාලාම තමයි වැඩේ නවත්තන්නේ. පත්තර කොලේ කන්නේ නෑ කියලා හිතන්නේ. ඒත් බලන කොට අන්තීමට පත්තර කොලෙත් කැවිලා.

ඊළඟට එන්නේ පලා කාරයා. කීරේ.... ගාගෙන තමයි පොර එන්නේ, පොර එන්නේ අත් කරත්තේ. ඒ අත් කරත්තේ අනික් ඒවට වඩා වෙනස්. ඊට පස්සෙ තමයි මාළු කාරයෝ එන්නේ. එක එක මාළු කාරයා අනුගමනය කරේ එක එක මාකටින් මෙතඩ්. හැබයි ඉතින් හැම එකාටම ඩිෆරන්ට් ටෝන් එකක් තිබුනා. සමහර උන් කෑ ගහගෙන එන්නේ, "මා.............ලෝ" කියාගෙන. සමහරු "මාළුූ.... මාළුූ..." ගාගෙන. ඕක කිව්වයින් පස්සෙ, පෙට්ටියේ ඉන්න ඔක්කෝගෙම නම් සෙට් එක කියනවා. මා....ලෝ. කෙළවල්ලෝ, සාලයා, සුරා පරා, ඇටවල්ලෝ මා...ලෝ...... කියලා.

ගොඩක් උන් ගෙනාවේ පොඩි මාළු. ඇත්තටම ඔය පොඩි මාළුය කියනවනේ ගුණම. අපි ඉතින් මහින්ද මහත්තයලගේ පැත්තේ කස්ටිය නිසා, අපේ ගෙවල් වල ගොඩක් වෙලාවට ගත්තේ හුරුල්ලෝ, බලයෝ, කෙළවල්ලෝ වගේ, හීටී, එහෙම නැත්නම් උෂ්නාධික මාළු. මට නම් අද වෙනකන්, "හුරුල්ලො" තරම් රස මාළුවක් හම්බ වෙලා නෑ. මේ ළඟදිත් "ටූනා" හොයාගෙන ආපු ජපන් නෝනලා දෙන්නෙකුට මම දුන්නා, හොඳට ඇඹුල් තියාල් වලට හදපු හුරුල්ලෝ.

මුනුත් ඇඟිලිවලින් කටු බේර බේර, මුළු හුරුල්ලම සුද්ද කරා "ගල්" ෂොට් එකත් එක්ක. උන් නම් කියන්නේ, "ගල්" වලට නැගලම යන්නේ, සෝඩා කියලා. උන් හුරුල්ලන්ට කිව්වේ "සුගෝයි" කියලා, ගල් වලට කිව්වෙත් ඒකමයි. ඒ කියන්නේ ඇමේසින්ග් කියන එක. ඉන්ගිරිසියෙන් කියනවනම් විශ්මිතයි කියන එක. මාර වැඩේ කියන්නේ, අපිට උන්ව විශ්මිත කොට. උන්ට මේ හුරුල්ලෝ, ගල් බෝතල් විශ්මිත වෙන එක.

ඒ ඇරුණම දකුණේ වැඩියෙන් අහුවෙන්නේ බලයයි, කෙලවල්ලයි. ඔය අපේ වීරවන්ස උන්නෑහේ කිව්වේ ජපන්නු බල ඔළුව කන නිසාය බොහෝම බුද්ධිමත් කියලා. එයා කන්නේ මොන ඔළුද දන්නෙ නෑ. මොකෝ ඒකත් මාර මීටරයක් නේ. මේ අවුරුද්දෙත් හොඳම නළුවා සම්මානේ හම්බ වෙන්නේ එයාටම තමයි. ඔය බලයා හෝල් සේල් අහුවෙන පැත්තක් තමයි බලපිටිය. මම හිතන්නේ ඒ නම හැදිලා තියෙන්නෙත් බල මාළු නිසාම වෙන්න ඇති.

ඔය බල මාළු වගේම තමයි, බලපිටියේ ජනම් එකත්. කොයි වෙලාවෙත් මල අතේ අරගෙන ඉන්නේ. අනික කතා කරන විදිය. කන පැලෙන්න, ඇදල කතා කරන්නේ. සතියක් විතර ඔහේ නැවතිලා උන්න එකෙක්ට දිගටම හම්බ වෙලා තියෙන්නේ, බල මාලුයි, පොලුයි, බතුයි විතරලු තුන් වේලටම. ඌ අර ගෙදර අම්මගෙන ඇහුවලු, මොකක්ද අනේ මේ හැමදාමත් බල මාළුයි පොලුයිද අම්මේ කන්න තියෙන්නේ කියලා. අර අම්මන්ඩි ගත් කටටම ඇදලා කිව්වලු. ඇයි වෙසිගේ පුතෝ.. බලපිටියේ උන්, බල මළුයි පොලුයි නොකා,  අම්මගේ අහවල් එකය කන්න කියන්නේ.... කියලා.

බලපිටිය අද නම් ප්‍රසිද්ධ මාදු ගඟේ බෝට් සෆාරී කේස් එකට. ලංකාවේ තියෙන අති සුන්දරම දසුන් කීපයක් බලා ගන්න පුළුවන් පොඩි ගනනක් වියදම් කරලා. කඩොලාන වලින් පිරුණු ඒ චාරිකාවේ සුන්දරත්වය ගිහින්ම බලන්න ඕන. ගියපු එකෙක් දන්නවා මොන තරම් සුන්දර පරිසර පද්දතියක්ද කියලා.

ඔය ඇඹුල් තියාල් උඩ දාගෙන වැනුවට, හදන එක බොහෝම ලේසියි. ඕක මමත් හදනවා, අපේ ආච්චි හදන රහටම. හැබයි ඉතින් මැටි හට්ටිය නැත්නම්, ඔරිජිනල් රහ එන්නේ නෑ සංසාරෙදි. මහ ළොකු අඩුම කුඩුම ගොඩක් ඕනෙත් නෑ. ඕන වෙන්නේ මාළුයි, ගම්මිරිසුයි, කරපිංචයි, කුරුඳු ටිකකුයි, ලුණුයි, ගොරකයි විතරයි. ඊට අමතරව වෙන දෙවල් දාන්න ගියොත් වැඩේ වන වෙනවා.

ඒ කියන්නේ සම හරක්, බොම්බයි ළුූණු, රතු ළුූණූ, අම්මිරිස්, එහෙම දානවා. එතකොට කල් තියා ගන්න බෑ. කරි පවුඩර්, සුදු ළුූණූ, මිරිස් කුඩු එහෙම දාන්නත් එපා. ඉස්සර නම් පුක ඉරාගෙන ගොරකා ගලේ අඹරන්න ඕන. දැන් ඒ තරම් මහන්සි වෙන්න ඕන නෑ. ගොරකා පව්ඩර් එක තියෙනවා. ඔය සුදු අයට කළු වෙන්න ආස නම්, මේවා ටිකක් මූණේ ගා ගත්තත් අවුලක් වෙන එකක් නෑ මයෙ හිතේ.

කරපිංචා මේ වගේ ඩබල් දාන්න..
ඕකට හොඳම මාළු ජාති තුන තමයි මම උඩින් කිව්වේ. මාළු, දෙසරෙකට වඩා හෝදන්න නරකයි. මොකෝ, අර ලේ වලින් තමයි, ඇඹුලේ නියම රහ එන්නේ. ඕක හදන කොට අඩුම කුඩුම ලෝභ නැතිව දාන්න ඕන. මළ පෙරේත් කමට හැදුවොත් නම්, නියම රහ එන්නේ නෑ. මාළු ග්‍රෑම් 500 විතර හදනවනම්, (හැබයි මාළු 500 ගන්න ගිහින්, ඔහේලගේ ඇඟේ මාළු නටන්න ගන්න එකට, මට නම් දොස් කියන්න එපා ඕන්...) මෙහෙමයි ගේම. මැටි හට්ටියේ අඩිය වැහෙන්න, කරපිංචා කොල ටික දාන්න ඕන. ඊට පස්සේ කුරුඳු පොතු කෑලී දෙක තුනක් දාන්න ඕන. ඊට පස්සේ හෝදගත්ත මාළු ටික පිලිවලට තියන්න ඕන.

කට කපලා දාන මේස හැඳි..
වතුර අඬු කෝප්ප 3 කට විතර. ගොරකා කුඩු පුරවලා ටේබල් ඉස්පූන් හෙවත් මේස හැඳි තුනයි, ගම්මිරිසුත් ඒ ප්‍රමාණෙමයි, ලුණු මේස හැඳි එකහමාරක් විතර දාලා, හොඳට මික්ස් කරලා, අර මාළු තියෙන හට්ටියට දාන්න ඕන. මේක දැම්මයින් පස්සෙ මාළු ටික සම්පූරණයෙන් වැහෙන්න ඕන. සමාන්‍ය කිරි හට්ටියක් සයිස් හට්ටියක් නම්, කන පැලෙන්න ,කට ලගටම මේ මික්ෂර් එක දැම්මට අවුලක් නෑ. කළබලයක් නැතනම් විනාඩි 15ක් විතර පැත්තකින් තිබ්බත් අවුලක් නෑ. ඊට පස්සේ මද ගින්දරේ හිඳෙනකන්ම උයා ගන්න ඕන.

හට්ටිය වහන්න, හට්ටියට වඳින්න කරන්න, එබෙන්න කරන්න, හැඳිගාන්න, හූරන්න, වීඩියෝ කරන්න, පොටෝ අල්ලන්න යන්න ඕන නෑ. අර ජෑම් වගේ ගතියට බොර (හොද්ද) ඕන නම්, ඒ ගානෙදි නැවත්තුවත් අවුලක් නෑ. ඒත් අඩිය අල්ලනකන් හින්දනවනම් තමයි වල්ල පට්ට. ඊට පස්සෙ ඉතින් මොනවද...?

ආයේ ගෑවුන ගෑවුන තැන්වල කන්න පුළුවන්. බටර් එක්ක පාන් වලට ඉස්තරන්. ආප්ප වලටත් කියාපු බාන්ඩේ. ඇයි කිරි බත්. පොල් රොටියට ආයේ ජාඩියට මූඩිය වගේ. ඉඳි ආප්ප වලට නම් තව පොල්, පොල් සම්බල් හරි, කිරි හොද්දක් හරි ඕන. ඔය ඔක්කෝටම වඩා රහයි, බලපිටියේ ඉට්ටයිල් එකට, හට්ටියේම, පොලුයි බතුයි එක්ක අනාගෙන කන එක. ඒ තරම් රහක් ආයේ දිවිය ළෝකේ වත් නෑ.

එහෙමම කියන්නත් බෑ......... ඔයිටත් රහ කෑමක් තියෙනවා....... ඒ තමයි ජාඩී.

තිලාපියා නොහොත් පියා ගේන මාළු ගැන ඊළඟ එකෙන්. ඊළඟ මාළු කෑල්ල, මීට වඩා රසවත්.

216 comments:

  1. තැලිල්ලක් උනාට මක්ක වෙනවද අයේ එලකිරිස් ,මෙගා ටෙලියක් වගේ වෙයි වගේ ??

    ReplyDelete
    Replies
    1. හ්ම්......... හ්ම්................. එහෙනම් ඉතින් මාතලන්ව සිරසෙත් පෙන්නයි.......

      Delete
    2. හපියි එහෙම උනොත් එකෙක්වත් බලන එකක් නෑ. ටෙලි නාට්ටි බැලිල්ල එපා උනේ ඒකෙන්..

      Delete
  2. අම්මේ...කියවගෙන යන කොට කටට කෙලත් උනනවා.
    ආචාර්ය මාතලන් ට තව ප්‍රොමෝෂන් එකක් ලැබිලා වගෙයි.

    "ආචාර්ය චෙෆ් මාතලන් "

    ඕක කොහොම හරි හදා ගන්න බලන්න ඕන. එහෙම නොවුනොත් කියෝපු එකේ කිසි වටිනා කමක් නැති වෙනවා.

    තැනක් යූ චෙෆ්.

    ReplyDelete
    Replies
    1. හදල බලන්න බොහෝම ලේසියි...

      Delete
  3. මට රෝහිණීගෙ දෙක මිස් වෙලානෙ...

    අඩෙ අප්පා අපෙ උන්දැලා පෙන්නන විදිහට මම හිතන් හිටියෙ ඇඹුල් තියල් දාන එක මාර ගේමක් වෙන්නැති කියලා. ගෙදර මිනිස්සුත් හොල්මන් වෙලා යන්න දවසක හදලා බලන්න ඕන.

    //සුදු අයට කළු වෙන්න ආස නම්, මේවා ටිකක් මූණේ ගා ගත්තත් අවුලක් වෙන එකක් නෑ// අපි වගේ උපන්ගෙයි කළු කොල්ලන්ට සුදු වෙන බෙහෙතක් නැතැයි.? ;)

    ReplyDelete
    Replies
    1. //උපන්ගෙයි කළු කොල්ලන්ට සුදු වෙන බෙහෙතක් නැතැයි //

      තියනවා බොල.. කම්ප්‍රෙෂර් එහෙකුයි ලැකර් අරික්කාලකුයි දියං කරල දෙන්ඩ . :D

      Delete
    2. හපොයි ප්‍රියා උඹනං හදන්න එපා.. ගෙදර අයට අජීර්නේ හැදෙයි...

      Delete
    3. එච්චර නහින්ඩ ඕනැ නෑ ප්‍රියා උඹ උයන්ඩ.
      ගෙදර අයට අරළු පෙති දෙක දෙක දීපං .. එකම පොතිපලේ තමා..

      Delete
    4. මාතලන්................

      අපි එකපාරම ප්‍රියාව දැක්කම හිතුවේ දැන් පේන්නෙම නැතුව ගිහිල්ලා කියලයි. ඉතින් පව් කොල්ලා කියලා එහෙම කමෙන්ටුවක් දැම්මා. ඒත් ප්‍රියා කියනවා ඒ සන්ග්ලාස් දෙකක්ලු දාලා ඉන්නේ..............

      මේ මාතලන් ඔය විදිහ නළුවෙක් දැකලා තියෙනවා වගේ මතකයි... කවුද බං ඒ...??

      Delete
    5. බැසිල් ද සේරම්....

      Delete
    6. රැජිනි කාන්ත්!

      Delete
    7. @ පත්තරේ, වැලි කඩදාසියක් හරි වයර් බ්‍රෂ් එකක් හරි නරකද? :)

      @ විදානෙ, අන්න උඹ කියපු නිසා බේරුනා. නැත්තම් මම හදනවාමයි. :)

      @ පත්තරේ, අරළු පෙති මතක් කරන්නෙපා බොල. මගේ ඇඟ ගැහෙනවා. :)

      @ කුරුටු, හිටපියවු මම තට්ටෙ ගාලා ඉන්න ෆොටෝ එකක් දානවා ඊළගට. :)

      @ කෙන්ජි අයියා, බැසිල් 6'2''ක්ලුනෙ. තාමත් සිංහල සිනමාවෙ උසම නළුවලුනෙ. මම උසම බ්ලොග්කාරයාද දන්නෑ. :)

      @ මනෝ, ආපෝ බං… මම අකමැති නළුවෙක්. :)

      Delete
    8. සිරාවටම මාත් අකැමතිම එකෙක්. සන්ග්ලාස් දාපු අය දකිනකොට මට මතක්වෙන්නෙ ඌ.

      Delete
    9. හදලා බලන්න. සුදු වෙන්න නම් ෆෙයාර් ඇන්ඩ් ලව්ලියි ෆෙයාර් ඇන්ඩ් ලව්ලියි ගාන්න ඕන කියලා ටැලිවිසොන් එකේ කියන්නේ. මතක ඇතුව පුකෙත් ගාහන්. නැන්තම් ඇඟ සුදුයි, පුක කළුයි..

      Delete
  4. මාතෘකාවට නොගැලපෙන උඩම පින්තූරය ගැන මගේ බලවත් විරෝධය!

    skipjack tuna කියල දාල තියෙන්නෙ yellowfin tuna එකෙක් ගෙ පින්තූරයක් නේ!

    දකුනේ සංස්කෘතියට අපහාස කොරන්ඩ නේද!

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට ප්‍රොෆයිල් ඇනෝ ඒ මාලුවට මොන සැපක් අද්ද බලපං... ඔව්වට ඊරිසිය කොරන්න එපා බං

      Delete
    2. අපේ යාළු මාළු අරලිය ටිං මාළු.

      Delete
    3. බල කෑල්ලක් හෙව්වුවට හම්බ උනේ නෑ බං...

      Delete
  5. මමත් එක එක්කෙනාගෙන් දැනගත්ත කාරණයක් දෙකක් කියන්නම්කො. පළවෙනි කාරණේ තමයි මාළුවව හමගහන්න ඕන. අනික් එක කපන්න ඕන කොළඹ ක‍්‍රමයට කොඳු ඇටපෙළ කැපෙන හැටියට සිරත් අතට නෙවෙයි. කටුව අයින් කරන්න පුළුවන් හැටියට, දෙපැත්තෙන් මස් ටික වෙන්කරලා ගන්නවා. හැබැයි දෙපාරක් හෝදන්න හොඳනෑ කියලයි කියන්නෙ. එකපාරයි හෝදන්න කියල නිර්දේශ කරන්නෙ පරණ දකුණෙ අය. ඒ බඩ පලල බොකු අයින් කරල එකම එක පාරක් හේදන හේදිල්ල. එච්චරයි.

    උයන ක‍්‍රමයෙත් අමුතු දෙයක් මම අහල තියෙනව. ඒ තමයි ඉස්සර ආප්පු පුච්චපු විදිහට වළඳට උඩිනුත් තව වළඳක් තියල ඒකට ගින්දර දාල උඩිනුත් රත්කරන එක. මේ විදිහට කරන බව මට කිව්වෙ දකුණෙ වයසක අම්ම කෙනෙක්. මේකෙදි කුරුඳු කෝටු කපල ඒව දාල පත්තු කරනවා වගේ කතාවකුත් මට මතකයි. මාළු හට්ටියෙ උඩින්ම කුරුඳු කොළ කීපයක් දාන කතාවකුත් කිව්වා වගේ මතකයි. හරියටම මතක නෑ. මාතලන්ට පුළුවනි මේ ගැන හොයල බලන්න.
    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. උයන ක්‍රමය ගැන කතාව ඇත්ත. අපේ අම්ම ඇඹුල් තියල් හදනකොට ගිනිඅඟුරු දාපු හටිටියකින් මාලු හට්ටිය වහන්නෙ.

      Delete
    2. උඩිනුත් ගින්දර සින් එක තාමත් යොදාගන්නව අපි. ඒ ඇඹුල්තියල ටිකක් ප්‍රමාණයෙන් ලොකු නම්. එතනදි වෙන්නෙ අර හොදි ගතිය ඉක්මනින් හිඳීයාම.

      Delete
    3. අල්ලපු ගමන් මාළු නම් එක පාරක් හේදුවත් ඇති. එහෙම නැත්නම් දෙසරයක් වත් හෝදන්න ඕන. හම අයින් කරන්න නරකයි. ඒකෙත් පට්ට රහක් තියෙනවා. ජපානේ ඉන්න උන් ඕක දන්නවා.

      උයන ක්‍රම නම් ඕන් තරම් තියෙනවා මම කිව්වේ ලේසිම ක්‍රමේ. කුරුඳු දර දානවා නම් කුරුඳු ඇබිත්තක් දැම්මම ඇති. කුරුඳු දර හරි සැරයි. දර කෑලි දෙක තුනක් තිබුනාම ඇති.

      Delete
  6. හම්මේ සස පාතයි දොදක් ... මාළු කූලියා පව් ඉදගෙන

    ReplyDelete
    Replies
    1. මාළු කූරියා නෙමේ පව් අපි.......................

      Delete
    2. අම්මේ මෙයා ඇවිල්ලා කොහෙද බොල ගියේ. දැන් ආයේ ඇනෝ දායිද දන්නේ නෑ කෙළිච්චියේ ඹයා කොහෙද ගියේ කියලා අහනවා කියලා.
      නව වැඩ පිළිවෙල සාර්ථකද?

      Delete
    3. @කුරුටු හි හි

      @නලින් අයියේ , ඔව් මං පහුගිය සතිදෙකේ ජොබ් එකක් කලේ නැහැ, බ්ලොග් ලියන්න කියවන්න කාලේ තිබ්බත් ඒ දෙකම කලෙත් නැහැ ඔහේ හිටියා. දැන් මං ආයෙම පරණ තත්වෙටම ආවා ඉක්මනටම ලියන්න ඕනේ. අනේ ඇනොලා කියන ඒවා ගණන් ගන්නේ කවුද අයියේ.

      Delete
    4. මාළු කූරියා නෙමෙයි අනේ... අර කිව්වා වගේ අපියි පව්...

      Delete
  7. සුගොයි අනී ඔයා..... උයන්නත් දන්නව ......
    වේසිගෙ පුතාලට බනින්නත් දන්නව .....
    මං වගේමයි....

    ReplyDelete
    Replies
    1. ඇති ඇති ළුණු ඇඹුල් ඇතුව ලියලා තිබ්බනේ ඉදගෙන ඈ :D

      Delete
    2. @ ඕමා.... අම්බෝ....ඔයාව දැක්ක කල්..... :)

      Delete
    3. ඔව්ව මොනවද කෙන්ජයියේ..... කෝ බන් අපට උපන්දිනේට සකේ පාරක්වත් නෑනේ. ගේමට ගේම එපමණයි.

      Delete
    4. kenji ගේ උපන්දිනේ කවදද ඈ?

      ඒක නෙමේ අපි තුන් කට්ටුව ආයෙම හම්බුණා නේද :D

      Delete
    5. ඒකත් අමතකද අනී :)
      පොඩ්ඩි දෝණි කකාගෙ පෝස්ට් එකේ සුභ පතල තිබිල තරහ වෙලා හිටපු දෙන්නෙකුත් එක්ක කට්ටිය සුභ පතල තිබ්බ ඉදගෙන හෙක්...... හෙක්.....
      මට අලි තතුටුයි ......
      ඔයාට තමයි අමතක වුනේ.... හෙහ්.....
      අපිව ගලේ ගහලවත් වෙං කරන්න බැහැ සත්තලන්........ :)

      Delete
    6. අපි ඉතින් බල මාලු කන, මල පනින, හොඳට කුණුහබ්බත් දන්න. මෙළෝ ඉමේජ් එකක් නැති උන් නේ බොක්කෝ.. ඌ වැරදි එකා එක්ක හැප්පුනේ. දැන් බුකියේ ඇවිත් බයිලා ගහනවා. දුන්නා කුණුහබ්බෙන්ම.

      Delete
  8. මේ කාලේ හෝටල් වල ජරා කෑම එක්ක බලපුවහමනම් බල මාළුයි පොලුයි ඉස්තරම් ගෙදරක හදන. ඒ කාලේ ගෑනු උදවියට හොඳට අත්ගුනේ තිබිලා තියෙනව රසට උයන්න.

    ReplyDelete
    Replies
    1. අත් ගුනේ නොවේ බං ක්‍රමය හා දාන්න ඕන දේවල් හරියට දැම්මා. දර ගින්දරෙන් මැටි වළදේ ඉව්වා එපමණයි

      Delete
    2. අත් ගුණේ කියන්නේ ක්‍රමය හරියට දන්නවා කියන එක.... දාන්න ඕන දේවල් ගින්දර ප්‍රමාණය මෙන්න මේවගේ ප්‍රාෙයා්ගික දේවල් ඒ අය දැනගන හිටියා. සියුම් රහස් ටිකත් එක්ක. ඒ කියනනේ හෝදන්නේ කීපාරද උණු ලේ ටිකට මොකද කරන්නේ කියනවා වගේ දේවල්. වැදගත්ම දේ ගින්දර පාලනය.

      Delete
    3. නලින් මචං උඹත් දකුනෙ ද?

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. මව් උරුමයේ අක්මුල් තියේ එහේ..

      Delete
    6. අපේ ගොන් හරක් හිතාගෙන ඉන්නේ. උයන එක මහ දෙයක් කියලා. ඕන දෙයක් ඉගෙන ගත්තම හරි සිම්පල්...

      Delete
    7. අපේ ගොන් හරක් හිතාගෙන ඉන්නේ. උයන එක මහ දෙයක් කියලා. ඕන දෙයක් ඉගෙන ගත්තම හරි සිම්පල්...
      මචන් මේකට නම් අම්බ කැමති. ඔය ලංකාවේ කෙල්ලෝ කාන්තාවෝ කියන කතාවක් තමයි අනේ අපි උයන්න දන්නේ නෑ නේ කියන එක. මේ පිට රට ඇවිත් වැඩ කරන ලංකාවේ එවුනුත් උයන්න දන්නේ නෑ කියනවා. කන පැලෙන්න දෙන්න හිතෙන්නේ ඒ වෙලාවට තමයි. උන් හිතන්නේ එහෙම කීවම මාර පොශ් කියලා. අපිට අනුව නම් කෙනෙක් උයන්න දන්නේ නෑ කියන්නේ ලැජ්ජාවට පත්වෙන්න ඕනේ දෙයක්. (මේකෙන් කියන්නේ තමන් කන කෑම) මම කවදාවත් ලංකාවෙදිවත් මෙහෙදිවත් ඉස්සර උයලා නෑ ලංකාවේ කෑම. දැන් මචන් මම ඒවත් හිටිගමන් හදනවා යාළුවන්ටත් එක්කම. දැන් ඉතින් කියන්න එපා තුනපහ මිරිස් නැති කෑම වෙන්න ඇති කියලා. ඒත් එකෙක්වත් අද වෙනකම් මගේ කෑම රිජෙක්ට් කරලාත් නෑ. ඉස්සර මාව දන්න මගේ ලංකාවේ යාළුවෝ දැන් මම සිංහල කෑම උයනවා දැක්කම ඔළුවේ අත ගහගන්නවා පුදුම වෙලා. උන් කවදාවත් හිතුවේ නෑ මට ඒවගේ පුළුවන් වෙයි කියලා. මට නම් සිම්ප්ලි මම උයන්න දන්නවා කියන එක ආඩම්බරයක්

      Delete
    8. බොරු කියන්නේ මක්කටෙයි බන්, මම ඔය තුනපහ සීන් එකට එච්චරම මනාප නෑ. එ මළදාන දැම්මම කෑමේ ඔරිජිනල් රහ මැරෙනවා. අන්තීමට අපි කාලා තියෙන්නේ කොත්තමල්ලි, සූදූරු මාදුරු.. ලුණු ටිකක් තවරලා බා බේ කිව් දාන මස් කෑල්ලක් රහ කොහොමද.. එහෙම තමයි ගල් යුගේ කාලා තියෙන්නේ. ඒක තමයි ඔරිජිනල් කෑම.

      Delete
  9. ඇඹුල් තියල් පිළිබද ප්‍රස්න-
    1.ඇඹුල් තියල්,බලපිටිය ස්ටයිල්,මාතර ස්ටයිල්,ගාල්ල ස්ටයිල් වගේ වර්ග කිපයක් තියෙනවලුනේ.මේක බලපිටිය ස්ටයිල්නේ.?

    2.මාතලන් මාලු කපන විදියත් පොඩ්ඩක් ලියන්න.කොයි අතටද කපන්නේ,කටු අයින් කරලා.සම අයින් කරලද උයන්නේ.?

    3.මේ හට්ටිය කියන්නේ කිරි හට්ටි වගේ අඩිය සම්පුර්ණයෙන්ම පැතලි බාජනයක්/වළදක්/ඇතිලියක්ද.?
    අඩිය සම්පුර්ණයෙන්ම පැතලි බදුනකද උයන්න ඕනි.?

    4.උයද්දි හට්ටිය වසන්නෙම නැතිද?ඇරලමද තම්බන්නේ.

    5.නියම රස ගැනිමටත්,වැඩි කල් තියාගන්නත්,කුරුදු දරවලින්ම උයන්න ඕනි කියා අසා තිබෙනවා මෙය ඇත්තද?(දර වර්ගය අනුව රසත්/පිසිමට ගතවන කාලයත් වෙනස්වන බව දන්නවා.කුරුදු දර වලින් නම් උයලා නැ.මේ දර වර්ගයේ විසේසත්වය සුවදද?නැතිනම් වෙනත් දෙයක්ද?
    6.රම්පෙ.සේර අමතක වුණා නෙමෙයි නේද?
    ඇඹුල් තියල් නොවන මාලු ප්‍රස්න-
    1.පොඩි මාලුත් වැඩිය නොසේදුවට කමක් නැතිද?පිලි රස නැතිද වැඩිය නොසේදුවම.?
    (අනේ මම නම් සෝදන වතුර සුදු පාට වෙනකම් වතුර ගැලුම් 10 කින් විතර සෝදනවා.හාල්මැස්සන් වතුර ගැලුම් 20 කින් විතර)
    *ලුණුු මිටක් ගොරකා ඉති 4 ක් දාපු වතුර කෝප්ප 4 කට විතර මාලු සුද්ද කර කපමින් දානවා.උයන්න ඇතිලියට ගන්නකම්ම මාලු සුදු වෙනකම්ම සෝදන්නේ ලුණු /ගොරකා මිස්ර වතුරෙන්ම තමයි.

    ReplyDelete
    Replies
    1. දීපංකෝ උත්තර...

      Delete
    2. ඉකෝන් පේපරේ වගේ :D

      Delete
    3. ඔයා කමෙන්ට් වලින් නැතිව පෝස්ට් එකක් දාන්න සූදු .......
      ඔයා කෑම හදන විදියට .... ස්පෙෂලි......ජෙලි & කේක් හදන විදියට මගෙ පුතා ආසයි....
      එයා ජෙලි හදන ගමං කියනව .... මල්මි අක්කිව ...තාත්ති ...මැරි කරන්න කීල ... හෙක්...හෙක්....

      Delete
    4. මාතෝ මේකිට දෙන්න තියෙන්නේ එකම උත්තරයයි. කොහේ හරි ඉන්න වයසක අත්තම්මා කෙනෙක් ළගට ගිහින් උයන හැටි බලාගනින් කියලා විතරයි. මෙව්වා පාඩම් මාලා නොවෙයි අත්ගුණේ කියන දෙයින් එන දේවල්. දෙයියනේ කියලා අපට නං අපේ ආච්චිලා අත්තම්මලා හන්දා මේ දේවල් ඇහින් දැකලා තියන හන්දා කරන්න ඇහැකි.
      නිකමට කියන්නං රම්පේ කරපිංචා දාන්නේ තෙම්පරාදුවට. ඇඹූල්තියල් යනු පුස් බැඳුනාම රස වැඩිම කෑමක්.
      කියන්න අමතක වුණා අර භාජනේ ලිපේ තියන්නේ ඇතිලියේ කටට කෙහෙල් කොලයකුත් තියලා නේද, මං දැකලා තියෙන්නේ එහෙමයි.

      Delete
    5. මං දැකලා තියෙන්නෙ නලින් අයියේ ඇඹුල් තියල් දාද්දි හට්ටියෙ අඩියට මාලු ඔලුවෙ කරමලේ වැහෙන ඔලු පොතු දෙක අතුරනවා .. ඊට පස්සෙ කරපිංච ලේයර් එකක් දානවා..

      Delete
    6. කෙන්ජිට රසම අර උඩ yellow fin tuna එක්ක තියන එක නේ?

      Delete
    7. හුකා..... ඕකට මාතලන්ම ඕනද අ අ අ.....
      මං දෙන්නං බාල්ල උත්තර......
      1.මේක බලපිටිය ස්ටයිල්
      2.කටු අයින් කරලා.සම අයින් කරල මොකද මේ වර්ගයේ මාලු වල හමේ තියෙන රිදී පාට ද්‍රව්‍යය නිසා ඉක්මණින් රස වෙනස් වේ.
      3. නෑ නෑ පැතලි භාජනයක් එපා.
      4. ඔය නලින් කියල තියෙන්නෙ ''ඇතිලියේ කටට කෙහෙල් කොලයකුත් තියලා''
      5. මේ දර වර්ගයේ විසේසත්වය සුවද තමා අනෙක එකාකාර ගින්දරක් ලැබීම සහ ඒ පරිසරයෙ නිතරම තියෙන දෙයක්නෙ.
      6. මතක් කරන්න එපා ඔය ජරාව
      7.පොඩි මාලු හොඳින් හෝදන්න හැබැයි මතක තියාගන්න ඇඹුල් තියල් වලට හැම මාලුවම හරියන්නේ නෑ. හුරුල්ලෝ සාලයෝ හාල්මැස්සෝ හොඳයි.
      '
      "*ලුණුු මිටක් ගොරකා ඉති 4 ක් දාපු වතුර කෝප්ප 4 කට විතර මාලු සුද්ද කර කපමින් දානවා.උයන්න ඇතිලියට ගන්නකම්ම මාලු සුදු වෙනකම්ම සෝදන්නේ ලුණු /ගොරකා මිස්ර වතුරෙන්ම තමයි."
      මේක නම් මෙලෝ වැඩක් නැති දෙයක් ලුණු /ගොරකා ඕනවෙන්නේ උයන්නයි.
      මතක තියාගන්න ගොරකා වලින් කරන්නේ මාලු වල තද ගතියක් ඇති කිරීමයි. සියඹලා ඕකෙ අනිත් පැත්ත.

      Delete
    8. ඇබුල් තියාල්ම කාළා වරෙන්කෝ ඉතින්..
      ඇනෝ කෙනෙක් උත්තරත් දීලා තියෙන්නේ..

      1. මේ මාතලන් ඉස්ටයිල්. ඉන්ග්‍රීඩියන්ස් අඩුයි, කරදර අඩුයි. එකම රස..
      2. කටු අයින් කරන්න, හම අයින් කරන්න අඟල් 1 1/2 සයිස් කුට්ටි වලට කපා ගන්න. අළුත් මාළු වගේම අයිස් එක්ක මාළුත් කපන්න ලේසියි. කටු පූසට දෙන්න. මම කිව්වේ ගෙදර ඇති කරන පූසට.
      3. පින්තූරේ තියෙන ජාතියේ එකක් නම් වඩා හොඳයි. හට්ටි බැරි නම් මුට්ටියක් හරි කමක් නෑ. මැටියෙන් හදල නම්.
      4. පෝස්ට් එක ආයේ කියවන්න.
      5. කුරුඳු දර දානවනම් දර කෑලී හතරක් විතර දැම්මම ඇති. මතක තියා ගන්න කර දර දැම්මත් මද රස්නෙන් හිඳෙනකම් ලිපේ තියන්න.
      6. ඕනම නම් ඉති ගෙදර තියෙන මාල වලලු කනකර බඩු උනත් දාන්න අවුලක් නෑ තැම්බෙන්නේ දියවෙන්නේ නෑ. පෝස්ට් එක ආයෙත් කියවන්න.

      අතුරු ප්‍රශ්ණ
      1. ඔයාට වෙන වැඩක් නැත්නම් එන්න. අපේ පැත්තේ මේ දවස්වල අලියෙක් නාවන්න කෙනෙක් හොයනවා.
      2. රාජ් කිව්වා වගේ හුරුල්ලෝ එහෙම නම් ලුණු වත්‍රෙන් හේදුවට අවුලක් නෑ. ඕනම දෙයක් ඕනවට වඩා හේදුවම. ඒකෙ තියෙන ර්ස ගුණ දෙකම නැති වෙනවා. ඒ කෑමෙන් වැඩක් නෑ..

      Delete
    9. මේකේ අංක දෙකේ (2) හම අයින් කරන්න එපා කියලා එන්න ඕන. ඕකත් මාර රහයි, ඇඹුල් එකතු උනාම.

      Delete
  10. අර උඩම පොටෝ එකේ ඉන්නේ කෙලවල්ලයි තෙලියයි වෙන්ටෑ .. තෙලියගෙ නං රෝස් පාං ගෙඩියක් කන්ඩ වත් මාලු නෑ .කටු ගොඩ ... චැහ්.
    සුප් හදන්ඩ නං හොඳා !!!

    ReplyDelete
    Replies
    1. ඉස්ටු දාන්න හොද කෑල්ල

      Delete
    2. පෝෂන් එකක් සෑහෙන්ඩ ගණං ඇති :D

      Delete
    3. ඇ මචං ඉස්ටුවට නං හොදා තමා......
      පත්තර මලයෝ මොන ගනං ද බං බොරුවට ගනං දායි ඒත් ඉතිරි ටික... හැක හැක

      Delete
    4. නලින් අයියා .. ඉතිරි ටික ඇවිල්ලා..
      "පලවෙනි වේදිකාවට පැමිණි දුම්‍රිය කොටුව බලා පිටත් වනවා ඇත " :D :D

      Delete
    5. මට නම් ඒකේ හාල්මැස්සියෙක්ව පේන්නෙ බොලවු. ඇහේ දෝසයක්ද මන්දා…

      Delete
    6. කට්ටේ සොමිය දන්නේ කටු කාපු බල්ලෝ විතරයි බන්ස්..

      Delete
  11. හම්මෝ........ඇඹුල් තියල් කියනකොටත් කටට කෙල උනනවා. 1970 දශකයේදී මම මගේ මාතර යාලුවෙකුගේ 'අහ' ගියා. ඇඹුල්තියල්, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, මුදවපු කිරි, දූරියන්, බඩ පැලෙන්න කෑවා. මගේ ඇස් දෙක ඉදිමිලා එකට ඇලුනා ගිනියමට.

    අර බලමාලු සහ පොල් කෑමේ කතාව මමත් දකුණු පළාතේ හමුදා නිලධාරියකුගෙන් අර මාතර භාෂාවෙන් අහලා තියනවා. රසය වඩාත් වැඩි ඒ භාෂා විලාශය නිසා.

    ඉස්සර අපි කිව්වේ 'පොලුයි බතුයි කෑවා - පුකෙන් දතක් ආවා' කියලයි.

    ReplyDelete
    Replies
    1. මල්ලි එක්ක යහතින් ආවා නේද විචාරක මහත්තය. ඇහැ ඇළුනාය මල්ලීට මොකවත් උනේ නැහැනේ. තාමත් ගිනියමනේ.

      Delete
    2. දකුණේ මාළු වගේම ඕන දෙයක් ගිනියම්. ඔය පැත්තෙම තියෙනවා බටපොල කියලා පැත්තක්. ඔය ෆේමස් ඇන්ටෙනා එකක් එහෙම තියෙන්නේ. කතා කරන්නේ සින්හලද දෙමළද කියලා හොයා ගන්න බෑ ස්පීඩ් එකට.

      Delete
  12. ඔය බල මාලු , කෙලවල්ලො මාලු හොද්ද හිටින්ඩ හදලා දෙල් ගෙඩියක් තම්බල "කලටි" පොල් ගෙඩියක් ගාල ගත්‍තම කෑවහැකි ඉෂ්ම යන්ඩ බං.. කිතුල් රා ඩිංගක් එක්ක තිබ්බම අමුර්තෙ වාගෙ .. මගෙ අම්මාපල්ල !!!
    ඒව කන්ඩ පිං කරන්ඩ ඕනෑ ..

    ReplyDelete
    Replies
    1. අන්න කැම බං .... ඕවා කාලා ඇළක දොළක බැහැලා පැයක් හමාරක් කරවටක් කිමිදිලා හිටියම මොන හෙනයක් වත් නෑ. ගෝන මස් කෑවමත් එම ම තමා

      Delete
    2. ආන්න හරි බොස් !!! මොනම හෙනයක් වත් නෑ.. සහතික ඇත්ත.. ඕ යේස් .

      Delete
    3. ඇයි බං මලයෝ හුරුල්ලෝ මිරිසට උයපු හොද්දයි පොල් සම්බෝලෙයි ඉදිආප්පයි. අම්මපා ඒව නං කන්න ඇහැකි නහුතයක්..... ඒ කියන්නේ මේ 30ක් විතර...

      Delete
    4. //හුරුල්ලෝ මිරිසට උයපු හොද්දයි පොල් සම්බෝලෙයි ඉදිආප්පයි //

      ප්ලේන්ටියයි - ගෝල්ඩ්ලීෆ් එකයි !!! ඔන්න අයියෙ මං මෙනූ එක කම්ප්ලීට් කලා :D

      Delete
    5. නලියගෙ කෑමේ රඟේ අපි දන්නෙ නැතුවයැ.මෙහෙ ආවොත් රසට හදල දෙන්නං.

      Delete
    6. මේ ළන්නගදි ගමේ ගියපු වෙලාවක දෙල් තම්බලා, පොල් සම්බල් එක්ක හුංගෝ මිරිස් හොදිත් එක්ක වග කිව්වා. මේ දවස් වල දෙල් වාරේ. ගොඩක් වෙලාවට දෙල් කිටර හදලා කනවා. මාළු 500 ගේන ගානේන්. වෙනින් රටකින් මාළු නැවක් ගන්න පුළුවන්.

      Delete
  13. අංක එකට ම පළවෙනි ම රූපෙට අපේ මනාපය හිමි වෙනවා...

    දෙවැනියට බිත්තර බනිස් කතාවට මනාපය දෙනවා.........

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං බනිසවලට මනාපයි නොවැ

      Delete
    2. රූපය අහ්ම්බෙන් හම්බ උනේ.. මම හිතුවා අල්ලලම යයි කියලා...

      Delete
  14. අනේ උඹගේ ඇඹුල් තියල් , හිටහං දාන්නං මම අටං ඉට්ටයිල් එක

    මම හුරුල්ලෝ අැඹුල් තියල් දාන්නේ නැ, හුරුල්ලෝ මිරිසට තමා

    තලපත් අැඹුල් තියල් තමා ඉතින්

    නැ නැ බං ලොකු කමක් , තියන කමක් නෙමෙයි කෙල්ලෝ දෙන්නා ආසාවෙන් කන්නේ එව්වා

    මෙතන කොටලත් ආයේ ඇකිලුවා

    මොකටද පෝස්ට් එකක් කමෙන්ට් එකක් කරන්නේ

    හිට්ස් වලට කමෙන්ට් වලට මං මාර පෙරේතයි

    ReplyDelete
    Replies
    1. අනේ මාතයියේ කියන්ඩ අමතක උනා

      මගේ පෝස්ට් බලන්ඩ
      කමෙන්ට් කරන්ඩ

      ඔයා වගේ ලොකු පොරවල් ඇවිත් කමෙන්ට් කරනවට මං මාර ආසයි ,

      කොච්චරද කියනවනං , --- කාරියෙක් හිතෙන් මවාගන -- ගහනකොට වත් මට එහෙම ආතල් එකක් නැ ,

      ඔන්න --යා මට කමෙන්ට් කලේ නැත්තං මම තොට චැට් එකේ පට්ට කුණු හබ්බෙන් බැනල අන්ෆ්රෙන්ඩ් කරල . අන්ෆලොත් කරනව , බ්ලොග් රෝලෙනුත් ගලවනවා හරිය .

      ගම්පහ දිස්තිරික්කේ හිටියට මාත් ඔහේ වාගේම බෙන්තර ගගෙන් එහා මුල් බැස්ස සත්තලන් කොල්ලා

      Delete
    2. ආයෙත් අමතක උනා

      චුච්චං පැට්ටෝ ( වරහං ඇතුලේ ගල් පළලා මද කාපු මෙට්ල් ක්‍රෂර් කුලේ )

      මෙව්වට චූන් එක වර්ධනය වෙලා නාටු තටු ගහල ඉගිල්ලෙන්ඩ හදන්ඩ එපා , ‍ෆාම් කිකිලිට වඩා ගං කිකිළිගේ තටු හයියයි

      හැබැයි ගහකට පියාබන්ඩ විතරයි . නරි කැලයක් මැද්දේ , ඉතුරු වෙලා තියෙන්නේ ගස් තුනයි ,

      එක ගහක් හයියයි හැබැයි ලැග්ගහම අතු හොල්ලයිද ෂුවර් නැ
      අනික් ගහ ඕන එකෙකුට නගින්ඩ අතු පාත් කරනව
      අනික හයිය ගහක් කියල හිතාගන හිටියට ලාඩප්පා ගහක් ( ඒකට නං ගොඩයි , ලාඩප්පා කියයි , ගිණිසිරියා කියයි , වැටමාර කියයි තව නං ගොඩවයි )



      Delete
    3. මේ තුන් තේරවිල්ල තේරුං ගන්න තව බියර් ටින් එකක්ම බොන්න වුණා බං.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. මේ ඔය ගස් හැර තවත් ගස් තිබේද :D හැක්

      Delete
    6. අටංගෙ බ්‍රෑන්‍ඩ් එක මාරු වෙලාද මංද?

      Delete
    7. උඹගේ ඇඹුල් තියාල් එකේ ගම්මිරිස් නෑ.. චෙෆ් මාරේ කිව්වයින් පස්සේ ඒක දැක්කේ.. මම හිතන්නේ උඹලා ඇඹුල් තියාල් කියලා කන්නේ මිරිස් හොදිද කොහෙද.

      Delete
  15. මාතලන් පොඩි ප්‍රශ්න කිහිපයක් තියේ.
    පොල් කේක් හදන්නෙ පරණ පාන් වලින්ද? මම හිතන් හිටියේ ඒක පොල් වලින් හදන්නේ කියලා. ඒවගේ කතාවක් මතකයි. මගේ ආසම කෑමක් හින්දයි අහන්නේ පරණ පාන් නම් ඒක කන එක නතර කරන්න වෙනවානේ.

    මාළු ඇඹුල් තියල් චූටි කූරි මාළුවන්ගෙන් හදලා කාලා තියෙනවා මීට අවුරුදු තිහකට විතර කලින්. කෑවේ තිස්සමහාරාමෙන්. ආයේ ලංකාව වටේම හෙව්වත් අද වෙනකම් එහෙම කෑමක් හම්බ වෙලා නෑ. එහෙම එකක් රසට හදන තැනක් දන්නවා නම් කියන්නකෝ. මම හිතන්නේ හාල් මැස්සන්ට වඩා ලොකු මාළුවෙක් වගේ මතක.
    ඇඹුල් තියල් මගේත් ප්‍රියතම කෑමක්. ඒක හදන්නේ යෙලෝ ෆින් ටූනා නෙමෙයි නේද?
    අර එග් බන් එක්ක ඉස්සර වෙජි බන් හෝ රොටී එකකුත් තිබ්බා නේද අම්මෝ ඒකේ රස. ඒ වුනාට දැන් ඒවයෙ මිරිස් පුරවලානේ එකක් කාලා නැට්ට කැඩිච්ච හූනා වගේ දුවන්න වුනානේ.
    ඇඹුල් තියල් එක්ක ආප්ප කන්න තැනක් තියෙනවා වැල්ලවත්තේ ග්ලෝබල් ටවර්ස් වලට යට. පිදුරු හට් පොට් එකක්. එතනත් මරු තැන.

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ ඔයාට හදන්ඩ පුලුවං . හැබැයි ඉතින් ඔයා කැමති නැනේ කුළු බඩු ගොඩක් දා‍නවට එහෙමනං ඕක හදන්න බැ

      Delete
    2. දැන් උඹ කියන විදියට ගිනි අවුලුවන්න ගිහින් ෆයර් බ්‍රිගේඩ් එකෙන් ආවම මට දොඩම් ගේන්නේ උඹද?
      අනේ මන්දා මගේ ගෙදර නම් අවුරුදු හතරක් තිස්සේ DCSL ගල් බෝතලයක් තියෙනවා. කවුරුත් ඒක දිහා බලන්නේවත් නෑ. හිස් බෝතලේ නොදී ඒකේ ඇතුලේ තියෙන ඒව නම් ඕනේ කෙනෙකුට දෙනවා.

      Delete
    3. අටම් සාමාන්ය ඇඹුල් තියල් එහෙම මොකුත් නොදා මට හම්බ වෙනවා. ගිය මාසෙත් කෙනෙක් ගෙනත් දුන්නා. ඒත් මට ඕනේ අර චූටි මාළු ඇඹුල් තියල්. ඒකෙ අරස අවුරුදු තිහක් ගිහිනුත් අමතක කරන්න බෑ.

      Delete
    4. මේ බුරු බබෝ ඊයෙත් අටමයි මායි ගැහුවේ ගල් තමා. ඔය ඇඹල් තියල් නියම රසට කන්න ඕන නම් කඩවල්වලට යන්න එපා දකුණේ යාළුවෙකුගේ ගෙදරට යන්න. එත් පරණ විදියට උයන්න දන්න කෙනකුගේ. ගෑස් කුකර්වල හෝ විදුලියෙන් ඉව්වාම ඒ රසය එන්නේ නෑ.අර කුරුදු දර කතාවත් දකින්න ඇතිනේ

      Delete
    5. මම කඩෙන් ඕවා කොහොමටවත් කන්නේ නෑ. මට හදලා දෙන්න අය ඉන්නවා ඔහේ. ඒත් අර පොඩි මාළුන්ගේ එක කන්න ලැබුනේම නෑ.

      Delete
    6. ගල් බෝතලෙයක් ගෙදර තියං අවුරුදු හතරක් හිටියා. ??? දෙයි හාමුදුරුවනේ !!!!!!!!!!!!!

      Delete
    7. ඔව් මට තෑගි වලට හම්බ වුනේ. එකක් මම ලංකාවේ දාලා ආවා. අනික මෙහේ. බෝතලේ ස්පෙසල් එඩිසන් එකක් හින්දා බෝතලේ නැතිව විස්ති නම් දෙනවා ඕනෙ
      කෙනෙකුට.

      Delete
    8. හප්පේ අපේ පත්තරයට අහුවුණා නම් එක පැයෙන් ඉවරයි

      Delete
    9. චැහ්..මගේ පටි රෝල් :D

      Delete
    10. බෝතල් 1095ක් හිස් කරන කාලේ...

      Delete
    11. කොහොමද උත්තරේ පරන පානුයි පොල්කුඩුයි නම් පොල් කේක්වල ඉන්ග්‍රීඩියන්ට්ස් රංගි....
      ඔය චූටි මාලුකූරියන්ට කියන්නේ හුරුල්ලොය කියලා...මාර රස කෑමක්...දන්න තරමින් තංගල්ල පැත්තේ ඕක හරි සුලබ කෑමක් හුරුල්ලෝ දැල්ලො සිසන් එකට...මේ දවස්වල් දැල්ලො සීසන් එක දකුනේ...දැල්ලොත් ඇඹුලට මාර රසයි...

      Delete
    12. රංගි,
      පොල් කේක් හදන්නෙ පරණ පාන් වලින් නෙවේ. පරණ පාන් වලින් හදපු කෑමක් මෙහේ තිබුන අපි පොඩි කාලෙ.'ගල් බනිස්' කිව්වෙ ඒකට. මිටි කරපු අත්ලක් තරම් ඇති. කෑවට පස්සෙ වරුවක් විතර යනකල් කිසි දෙයක් කාගන්න බෑ. එච්චරට බරයි.

      ගල් ගැන නං කවර කතාද! ඔය නලිය සාක්කි!

      Delete
    13. මට සිංහල බ්ලොගර්ස්ලාගෙන් තමයි ගල් බෝතලේ තෑගි හම්බ වුනේ.

      ශෙපාකි, ( අරූ එහෙම කියනවා දැක්කා) ආයෙත් අහලා. දුකින් උනත් නතර කරන්න වෙනවානේ. ඒත් රාජ් කියලා තියෙනවානෙ මම හිතාන හිටපු එක හරි කියලා. අපි වාසනාවන්තයි. දැන් ඉතින් කවුරු හරි පොල් කේක් ගේනකම් ඉන්න වෙනවා.

      දැල්ලෝ ඇඹුල් තියල් කනවා කියලා ඇහුවෙත් අදමයි. මම එයාලාව කාල තියෙන්නේ බැටර්ඩ් ඩීෆ් ෆ්‍රයි විතරමයි.(ඔක්ටපස් නම් කෝල්ඩ් සැලඩ් හා රිසොත්තො හදලා කනවා. ) මගේ හා මල්ලිගේ ආසම කෑමක්. අපි දෙන්නා කොළඹ ඔය ප්ලේට් එක නොකාපු තැනක් නැතිව ඇති.
      හුරුල්ලෝ කියන්නේ පොඩිම මාළුවෙක් නෙමෙයි නේද? මම කියන මාළුවා චූටිම චූටියි. ඔය කියන කෑම කෑවේ තිස්සමහාරාමේ තැනකින්. ආයේ කීප පාරක් ගියත් එතන හොයාගන්න බැරි වුනා. ලංකාවේ වෙන කවුරුත් ඒ වගේ ඇඹුල් තියල් එකක් මට හදලා දීලත් නෑ. ඒ තරම් රස.

      Delete
    14. අපොයි! දැල්ලෝ ඇඹුල් තියල් කාල නැද්ද? මට නම් දැල්ලෝ එහෙම තමයි රසම..ඒත් අතේ ඇඟිල්ලක් තරමේ පුංචි දැල්ලෝ වෙන්න ඕනේ. ලොකු දැල්ලෝ එහෙම රස නෑ.

      Delete
    15. බූරු ඔය කියන්නෙ වේලපු නැති හාල්මැස්සො ඇඹුල් තියල වෙන්න ඇති මං හිතන්නෙ... මං එකපාරක් කෑවා පොලොන්නරුවෙදි... ට්‍රිප් එකක් ගිය වෙලාවකදි අහම්බෙන් කන්න හම්බුනෙ... ඒ පැත්තෙ කට්ටියක්ම දානෙකට වගේ හදලා තිබ්බෙ... තාමත් ඒකෙ රස මතකයි...

      Delete
    16. කන්න කවුරුත් හදලා දෙන්න එපැයි. එහෙම එකක් තියෙනවා කියලා දන්නෙත් මේ පෝස්ට් එක කියෙව්වමනේ. ඔය හුරුල්ලෝ එකවත් කාලා නෑ මම... මම හොඳටම පව්....

      Delete
    17. ඒ කාළේ එහෙම හැදුවට දැන් එහෙම හදන්නේ නැතිව ඇති. පරණ පාන් වලින් හදන්න පාන් ඉතුරු වෙනවය. සාලයත් හින්දලා බොරට හදනවා. ගොඩක් අය හිතන්නේ මේ බොර තියලා හැදිල්ලයි, ඇඹුල් තියාලුයි එකක් කියලා. ඒ දෙක දෙකක්. තිස්සමහාරාමෙන් කෑවා නම් ෂුවර් එකටම සාලයා බොරට හදලා. ඒකත් පට්ට.

      ඇබිල් තියාල් රහට හදනවා රජ බොජුන් එකේ. ඒකේ චෙෆ් ඇවිත් අපේ බ්ලොග් ලියන සුදීකයගේ මාමා කෙනෙක් හරි බාප්පා කෙනෙක්. මගේ බොක්ක. ලොක්කත් මගේ බොක්ක. චෙෆ් ඇවිල්ලා පියසිරි අයියා. ලොක්කා පාලිත.

      ග්ලෝබල් ටවර් යට පොට් එකේ මමත් කාලා තියෙනවා. ගමේ රස.

      Delete
    18. මචං රජ බොජුන් මගේ ෆේවරීට් ප්ලේස් එකක්. අර කිව්වත් වගේ ලංකාවේ ඉන්නවා රෙගියුලර් කස්ටමර් කෙනෙක්. ඒ ස්ටාෆ් එකේ ඔක්කොමලාව දන්නවා. ඒත් මෙහෙම නම් වලින් නෙමෙයි. අවුරුදු දෙකකින් දැක්කත් ආ කවදාද ආවේ කියලා අහලා උණු උණු ආප්ප ගෙනත් දෙන්නේ. බොරු මොකටද මම ඒකට යන්නේ ආප්ප කන්න තමයි.

      Delete
    19. මේ පෝස්ට් එක කියවද්දියි මට තේරෙන්නෙ මම කාලා තියෙන්නේ ඇඹුල් තියල් නෙමෙයි. ඒක සාලය වෙන්න ඕනේ. හැබැයි මිරිස් නම් දාලා තිබ්බේ නෑ. ඇඹුල් තියල් වගේ රසක් කියලා මතකයි. ආයේ කවදාවත් කොහේදිවත් හමු නොවුන හින්දා උඹ කියපු එක වෙන්න ඕනේ. උඹ විශ්වාස කරයිද මන්දා මම තිස්සමහාරමේටත් ඩ්‍රයිව් කරලා තියෙනවා ඒ කාපු තැන හොයාගන්න.

      Delete
    20. povera pazza,

      සිරිලක් එකේ ඉන්න සෙනග නිසා දැන් මන් එහෙ යන්නෙ නැහැ. ලග එකක් තියනව, සිලෙක්ශන් එක ගොඩක් අඩුයි ඒත් සිරිලක් වගේ පැය බාගයක් බලා ගෙන ඉන්න වෙන්නෙ නෑ

      Delete
  16. මාලු කන්ට ආසා අය පිරිලා. රෙසිපිය රහ පාටයි. පබ්ලිස් මහත්තයා ආපු වෙලාවක් ඔය මාලු කරිය හදන හැටි කියලා දුන්නානේ. හැඳි ගාන්ට, එපා කීව කතාව මතක් වුණා මේක දැක්කාම.

    හැබැයි කියවන ගමන් මගේ තද බඩේ දැවිල්ලක් ආවා...:D

    ReplyDelete
    Replies
    1. කසාද බැඳලා ටික කාලෙකින් එහෙම වෙනවා. සමහර වෙලාවට බඩ බෝලේ වගේ පිම්බෙනවා..

      Delete
  17. ඊළඟ පොස්ට් එකකට මාතෘකාවක් මගේ ගානේ

    කෙරවලපිටිය, කෙලවල්ලෝ සහ බැදපු මාළු

    ReplyDelete
    Replies
    1. ඔය මාතෘකාව නවතින්නෙ කෙරවලපිටිය තාප බලාගාරෙන් තමයි.

      Delete
    2. බැදපු මාළු ගැන නම් ලියනවාමයි. ඕන් උඹලගේ පියසිරි බාප්පා ගැන මම බූරූ බබාට කිව්වා..

      Delete
  18. ඔය බලපන්කො ඉතිං.. මම මෙහෙට වෙලා මෙලෝ රහක් නැති පැස්ටා බැස්ටා කකා ඉද්දි මේ මාතලන් ලොක්කා කරන වැඩ! බඩ රිදෙන්න ගත්තා ඕයි ඇත්තටම!

    ReplyDelete
    Replies
    1. දෙහි ටිකක් බීහන් සීනී නොදා...

      Delete
  19. අපේ පැත්තේ මාලු ගේන ඩයල් එක තාම ඉන්නවා.. උෟ අර කියපු ඉට්ටයිල් එක තමා..

    මා.....ලූ...... කියල පෙට්ටිය ඇරල සැට් එකේ නම් කියනවා...

    මාතාගේ රෙසිපිය ට්‍රයි කොරල බලන්නෝනි.. පවුල කිව්වා මොනව හර හදල කන්න දෙන්න කියල දවසක.. මම දන්නවද බං කෑම හදන්න??

    (හැබැයි ළඟදි මම රහස් වට්ටෝරුවකට කෝපි එකක් හදල පවුල කොර වුනා.. ;)

    ReplyDelete
    Replies
    1. මමත් දවසක් තේ එකක් හදල කස්ටිය කටට ගත්ත උගුර ගිලගන්න බැරුව කොර වෙලා වගේ හිටිය.

      Delete
    2. සැමෝ ගල් කෝපිද ?......

      Delete
    3. වැඩිය කරන්න යන්න එපා දිගටම කරන්න වෙයි.. ඉඳලා හිටලා ලව් කුකින් පාරක් දැම්මට අවුලක් නෑ.

      Delete
    4. ///වැඩිය කරන්න යන්න එපා දිගටම කරන්න වෙයි..//

      මං ටොපිය කාලා ඉන්නේ :D

      Delete
  20. මේ මාතෙ බොස් සීරියසි කියන්නෙ...
    බලපිටිය පැත්තෙයි කියපු හින්ද කියන්නෙ...
    ජාඩි පාර දාන හැටි කියන්නකො...
    ඕ පැත්තෙ ඈයො ලු නෙව හොදටම ජාඩිය දාන්නෙ...
    මංවිහිළුවක් හෙම නෙවී කොලේ ඈ...
    පට්ට සීරියස් කීවෙ

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=-P55eryfLDM

      Delete
    2. ස්තූතියි..
      එක බැළුව නරක නෑ බට්
      හොදත් කෑ...
      කමන් නෑ ඒම හරි දැන ගත්ත නෙව

      Delete
  21. අම්මප මුන් ටිකට මස් මාලු නැතුව එක පෝස්ට් එකක් දාන්න බැරිද මන්ද.. ගර්ර්ර්ර්ර්......

    ( කෑවෙ නෑ අප්ප මාස ගානකින් මාලු කෑල්ලක්.. අපේ ගෙදර ගියාම විතරනෙ ඉතිං හම්බුවෙන්නෙ.. එහෙ ගියත් කඩේට ගිහින් එනවා මිසක් ගෙදර යනකං ඉන්න වෙන්නෙ නැති නිසා ඔහෙ අම්මගේ බත් එකෙන් ටිකක් කාල එනවා විතරයි... )

    ඇඹුල් තියලක් නං මං දන් නෑ .. හැබැයි ඉස්සර ඔය මාලු ටිකක් ගෙනාවම මං කරන්නෙම ඔය සිස්ටම් එකට හදන එක තමයි... ( ගොරක පවුඩර් නෙවෙයි අර පොඩි වංගෙඩියට දාලා ගොරකා අමුමිරිස් කරපිංචා ටික කොටලා ගන්නවා ඉතිං..) ඊට පස්සෙ පොල් බෑයක් විතර ගාගෙන සුදු බත් ටිකක් උයාගෙන දවසට තුන් හතර පාරක් කන එක තමයි... හි හි

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි ඇඹුල් තියාල් කියන්නේ... හි හි.... හි හි...

      Delete
  22. එහෙ කට්ටිය "නෝනා පලාගන්නවද" කියල නෙමෙයිද පලා විකුනන්නේ?

    ReplyDelete
    Replies
    1. පලා එක්ක බටුත් ගෙනාපු දවසට නම් එහෙම අහනවා...

      Delete
  23. මෙතනම රෙසිපිස් බර ගාණක් තියනවනෙ මචං.මගේ අත්දැකීම නං මෙහෙමයි.මාළු ඇඹුල් තියල් වලට ස්ටෑන්ඩඩ් රෙසිපියක් නැත.එක එක පළාත්වල එක එක ක්‍රමයට.ක්‍රමය අනුව රස වෙනස්.මම කාපු රසම ඇඹුල් තියල යාලුවෙක් දවසක් හදාගන ඉන්දියාවට ගෙනාපු එකක්.හැබැයි ඌ රෙසිපිය දන්නෙ නෑ ලොකු අම්ම හදල දුන්න කිව්වා. තලපත් ඇඹුල් තියලක් මාර රහයි.

    ReplyDelete
    Replies
    1. මම කාපු රසම ඇඹුල් තියල් මාතර දැල්ලො ඇඹුල් තියල්

      Delete
    2. ආපෝ තලපත් :( මට කන්නම බෑ ..බැදලා ඇරෙන්න

      දැල්ලෝ කනවා වගේ නෙමෙයි සුද්ද කරන්න ගිහාම :(

      Delete
    3. හැලපේ හරි. ඇඹුල්තියල් වලට ස්ටෑන්ඩර්ඩ් එකක් නෑ ලෝකෙ ඕන කෑමකට ඔතෙන්ටික් කියල වර්ෂන් දෙක තුනක් තියනව නෙ. අර කවුද උඩත් කිව්ව වගේ දකුනෙ ඇඹුල් තියල් ඔතෙන්ටික් කිව්වට නගරෙන් නගරෙට වගේම අවස්තාවෙන් අවස්තාවටත් ඕක වෙනස් වෙනව. උදා: කල් තියා ගන්න හදන විදියට නෙවෙයි එදිනෙදා කනකොට හින්දන්නෙ.

      Delete
    4. ප්‍රශ්නේ: තලපත් කියන්නේ ගණන් වැඩි මාළු එක නෙමෙයිද? ඒක නරක මාළු වෙන්නේ කොහොමද? මට මතක විදියට මට ගණන් වැඩියෙන් විකුණුවේ තෝරා හා තලපත් වෙන්න ඕනේ.

      Delete
    5. ගණන් උනාට දකුණේ කට්ටියට ඒවා රස නැත! අනෙක් පළාත් වල කට්ටිය නම් ඒවාට කැමතියි, එයාලට බල මාළු කන්න බෑ උෂ්ණයි කියනවා.
      මමත් ආසම නෑ තෝරා ,තල්පත් වගේ සුදු මාළු වලට. හැබැයි ඒවා ඔය කිරි හොදි හරි නැත්නම් බැදලා හෝ විනාකිරි වගේ මොනවා හරි කරලා නම් කන්න පුළුවන්. ඒ උනාට ඔය සුදු මාළු ඇඹුල් තොයල් හැදුවම අප්පිරියයි.

      Delete
    6. ආ ඒකනේ. මම කිරි හොදිනේ කන්නේ.
      මේක දැන් නයි කියයිද දන්නේ නෑ. කොස්වත්තේ සිරිලක් කියලා මාළු කඩයක් තියෙනවා. (බත්තරමුල්ලේ) කවදා ලංකාවට ආවත් මම මාළු ගන්නේ එතනින්. අපරාදේ කියන්න බෑ අද වෙනකම් මම ආස ඕනෙම මාළුවෙක් හොයලා ගෙනත් දෙනවා. අවුරුදු දෙකකින් තුනකින් ගියත් මාව අඳුණගෙන මට කතා කරලා මට ඕනේ හැම දේම මට ඕනේ ඕනේ විදියටම කපලා හෝදල පැක් කරලා හදලා දෙනවා. (මම ලංකාවේ නම් එයාලට හොඳ මාළු අහු වෙච්ච ගමන් (ලොබ්ස්ටර්ස් හෙම) කෝල් එකක් දාලම කියනවා)

      Delete
    7. සමාන්‍යයෙන් හැලපේ දකුණේ උන් සුදු මාළුවලට කැමති නෑ අපි උනත් එහෙමයි. තලපත් ගන්නේ කට්ලට් හදන්න. තෝරා හීනියට පෙති කපලා පාන් කුඩු ටිකක් එහෙම තවරලා බැදලා ගන්නවා. මොරා එහෙම මුහුදටම දානවා.

      ඇඹුලේ ඔරිජිනල් රහ එන්න නම් ලේ පාට මාළුවක් වෙන්නම් ඕන. ඕක කන පැලෙන්න වේලුනාම උම්බලකඩ පරාදයි. අපි බයිට් එකටත් ගන්නවා.

      Delete
    8. // ප්‍රශ්නේ: තලපත් කියන්නේ ගණන් වැඩි මාළු එක නෙමෙයිද? ඒක නරක මාළු වෙන්නේ කොහොමද? //

      ගනං වැඩි එක බලලා මාලු ගන්න අයත් ඉන්න එක වාසියි හොඳ මාළු වලට මාකට් එක ස්පොයිල් නොවෙන්න.

      රංගි දන්නවද එක කාලයක් ඇමරිකාවෙ පොකිරිස්සො සැලකුනේ බාල කෑමක් විදියට, ඒ කාලෙ පොකිරිස්සො ගියේ තුට්ටු දෙකට. හොඳ වෙලාවට රංගි ඒ කාලෙ ඉපදුනේ නැත්තෙ නැත්නම් ඔයා පොකිරිස්සො කාල හමාරයි.

      මෙන්න මේකෙ තියනවා හවායි වල ටූනා සහ මාලින් (තලපත්) ගනන්. බලන්න යෙලෝෆින් ටූනා තලපත් වලට වඩා කොච්චර ගනං ද කියලා. මාලින් කියන්නෙ මට නම් මහ chewy කිසිම ටේස්ට් එකක් නැති මාළු ජාතියක්.

      මාළු කාරයො පමනට වඩා ආදරේ නම් හොඳට පරෙස්සම් වෙන්න. ගෝනි නැතුව කරේ නගින්න නියම දක්ෂ ජාතියක්. අනිත් එක දකුණු පලාතෙ මම දැකපු වෙනසක් තමයි රෙගියුලර් කස්ටමර් කෙනෙක්ට කවදාවත් ජරාවක් දෙන්නෙ නෑ. කොලඹ මාළු කාරයො අපේ බර්ත්ඩේ එකත් මතකෙන් කියාවි හැබැයි නොදැන ගත්තොත් බටර් ගාල ඕනෙ ජරාවක් දේවි.

      Delete
    9. ඇනෝ අපිට යෙලෝ ෆින් ටූනා එනවා. මම රෝ ෆිශ් කන්න ආස නෑ. සූශි වලට ගන්න ලොකු ටූනලා මෙහේ එනවා. ඒත් ඉටලියන්ස්ලා ටූනා කන්නේ කෑන් ටුනා. පොඩ්ඩක් දුලීප් ගෙන් අහලා බලන්න අපේ ටූනා මාකට් එක. අපි තරම් ජපානෙවත් ටූනා කනවද දන්නේ නෑ. ඒත් අර කෑන් කරපු එක විතරයි.

      Delete
    10. මේකේ උත්තරේ යටින් නේ දාලා තියෙන්නේ වැරදිලා.

      Delete
  24. හුරුල්ලෝ, දැල්ලෝ ඇඹුල්තියල් දාන්නේ සීසන් එකට දකුනේ...මේ දවස්වල දැල්ලෝ සීසන් එක පටන් අරන් දික්වැල්ල පැත්තේ....
    ඔය කරපිංචා ටික උඩින් දාලා රම්පේ කෑල්ලක් දෙකක් අඩියට දැම්මානම් මාලු හොඳට කර කරගන්න පුලුවන්.
    දැන් ගොරකා ක්‍රීම් තියෙන නිසා අර අටමාගේ ඉස්ටයිල් එකේ තියෙන ගොරක තම්බන, අඹරන කරදරේ නෑ....
    බොලා ඔක්කොම එකතුවෙලා අපේ බඩටනේ ඉතින් මේ ගහන්නේ....

    ReplyDelete
    Replies
    1. දැල්ලෝ විතරක් නෙමෙයි චෙෆ්.. මම කුකුල් මසුත් හැදුවා මේ සිස්ටම් එකට. පට්ට රහයි. දකුණේ දැල්ලෝ හොඳ කිරි රහයි. මීගමු එකා රබර් කනවා වගේ.. දැල්ලා මට නම් රහම බැටර්ඩ් කරලා ගත්තම තමයි. ඒ කාලේ දැල්ලෝ හදන්නේ මැද්දට මුං ඇට දාලා. අර මාළු මිරිස් පුරවලා හදනවා වගේ..

      Delete
    2. බැටර් කියන්නේ අර calamari fritti කියනව වගේද? ඒක තමයි මගෙත් ෆේවරිට් හැබැයි දකුනෙ ගෙවල් වල මම ජීවිතේට දැකල නෑ එහෙම උයනවා.

      ඔය බලමාලු පොල් එක්ක කන එකයි දැල්ලො මුං ඇට එක්ක උයන එකයි දෙකම කරන්නෙ මාළු වල උශ්නෙ පොල්/මුංඇට වල සීත ගුනයෙන් බැලන්ස් වෙන්න ලු.

      Delete
    3. අදමයි ඒ වචනේ ඇහුවේ කොහේ භාෂාවක්ද බං ඒ. ෆ්‍රෙන්ච් ද. ඒක තමයි. ඒවා කොහෙද බං දකුණේ හදන්නේ. ඒවා තියෙන්න චයිනීස් වල.

      දෙවනි එක නම් හරියට හරි..

      Delete
    4. කලමාරි කියන්නෙඉතාලි භාෂාවෙන් නං දැල්ලට.. කලමාරි ෆ්‍රිත්ති කියන්නෙ දැල්ලො අර වලලු වලලු වගෙ හිටින්ඩ කපලා වල්ග කෑල්ලත් ඇතුලුව( පිටි වල දවටලා හෝ නැතුව ) රන් වන් පාට වෙන්න තෙලෙන් බැදල ගන්න එකට මාතේ..මට නං රබර් වගේ එව්වා.
      ඔන්න මං දන්න හැටියට කීව. ඇනෝ මචං වැරදිනං හදපං ඈ..

      Delete
    5. මචන් ඔය පත්තරේ කියපු සීන් එක තමයි. ඔරිජිනලි ඉටැලියන් හැබැයි වෙස්ටර්න් තැන් වලත් ස්ටාටර් එකක් විදියට එනවා මරිනාරා සෝස් එක්ක. (මම අහල තියන විදියට නම් ඉටැලියන් උන් ඔය සෝස් එක්ක කන්නෙ නෑ සෝස් එකත් උන්ගෙම උනාට - පත්තරේ වැරදි නම් හදපන් මචෝ.) ස්වීට් ලිකර් එකක් එක්ක බයිට් එකට පට්ට.

      පත්තරේ මචන් මමත් ඔය රබර් කොලිටිය කාල තියනවා ඒත් හරියට හැදුවම මරු. සමහර විට රබර් එකද දන්නෑ ඔතෙන්ටික් ඉටැලියන්. (ඔතෙන්ටික් චයිනීස් ෆ්රයිඩ් රයිස් අපේ ඒව විතර රහ නෑ වගේ)

      Delete
    6. පත්තරේ කලමාරි ෆ්‍රිත්ති කීවාට ලංකාවේ තියෙන්නේ මේ අපේ කලමාරි ෆ්‍රිත්ති නෙමෙයි. ඒක මල් වගේ ක්‍රස් ක්‍රස් හැපෙන එකක්. කන්න කන්න ආස හිතෙනවා.
      ඇනෝ කලමාරි ඉටලියන් විදියට සෝස් දාලාත් හදනවා. ඒත් ජෙනරලි අපි හදන්නේ අර උඩ පත්තරේ කියපු විදියට. නැත්නම් රවුමට කපලා ඩීෆ් ෆ්‍රයි කරලා. අල් මරිනාරාත් හදනවා ඒත් මෙහේ (ඔක්ටපස්) polipo හා seppia nera (මෙයාගේ සිංහල නම දන්නේ නෑ) තමයි ගොඩාක් අය කන්නේ.

      Delete
    7. රංගි nera කියන්නේ වෙනම එකෙක් ද? කට්ල්ෆිෂ් ම අර දැලි ඉන්ක් එක දාල හදන එකට නෙවෙයි ද.
      ඒ ඉන්ක් එක නම් cephalopods ල ඔක්කොටම තියනවා.


      Delete
    8. yeah that ink one. dello kiyanne eyala nemei neda? mage malu denuma binduvai.

      Delete
    9. ඇනෝ මචං .. මට ඒකනං හරියට කියන්න දන්නෙ නෑ බං මරිනාරා සෝස් එක්ක කනවද කියන්ඩ..ඇත්තම කියනවනං කවදාවත් එහෙම කනව දැකල නෑ .මං දැකල තියෙන්නෙ කලමාරි ෆ්‍රිත්ති කියල පිටි වල දවටලා බදින ඒව විතරයි.

      මං එකම දවසයි කෑවෙ එපා උනා බං ,. චැහ් :D මට දිරෙව්වෙ නෑ. පොල් කෑලි කනව වගේ..බයිට් එකට නං හොඳ ඇති තමා..අපේ චයිනීස් කෑම තරං කොහෙදෑ ඔතෙන්ටික් චයිනීස් කෑම රහ .හැක්. අපේ චයිනීස් වල දාන ඩෙවල් එකට ගහන්ඩ මුලු චීනෙම ආවත් පුලුවනෑ :D ඇත්තටම බීෆ් ඩෙවල් එක රහයි බං අපේ චයිනිස් වල..මං හරි ආසයි.

      Delete
    10. බූරුබබා අක්කෙ. බඩ ඉරිඟු පිටිවල දැවටුවමද එහෙම වෙන්නෙ ?? මං දැකල තියනව එහෙමත් බදිනවා. ලංකාවෙ එක මොනව්ගේද කියන්න වත් කාල නෑ කවදාවත්..මං හිතුවෙ ඉතාලි වර්ෂන් එක කියලා.. මෙහෙ සමස්තයක් විදියට කිව්වොත් මාලු ලංකාවෙ මාලු තරං මට රස නෑ.. උයන විදිය නෙමේ. මූදෙ ලවණ ගතිය වෙනස්කම් නිසා වෙන්න ඇති නේ

      Delete
    11. ඕක අර බූරූ බේබී කිව්වා වගේ පට්ට රහට හදනවා මෙහේ චටිනීස් වල. නොම්මර 88, ෆ්ලවර් ඩ්‍රම්, කින්ජෝවූ, වගේ තැන්වල සුපිරියටම දෙනවා. බැටර්ඩ් පේස්ට් එකේ තමයි සීන් එක තියෙන්නේ.

      Delete
  25. මාතලන්ට ලකුණු සීයෙන් සීයම දෙන්න පුළුවනි මේ රෙසිපි එකට. ඕක තමයි ඔරිජිනල් දකුණේ ඇඹුල් තියල්. :)
    ජාඩි තමා ඊළඟ එක! සුදු පොල් දාපු කොස් එක්ක ජාඩි තියෙනවා නම්...!

    බල මාළු වලට කියන්නේ skipjack tuna ද? මෙහෙ හොඳ tuna ජාතියකට බල මාළු වලට ලඟින් යන්න මට හම්බ වෙලා තියෙන්නේ yellow fin tuna කියල එකක්. නිකම්ම නිකම් tuna කියල තියෙන ඒවා කාඩ්බෝඩ් කෑලි වගේ. කෙලවල්ලොද මන්දා. ඊ ළඟ පාර skipjack ව හොයල ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. skipjack මම හිතන්නෙ බලය හරි ඇටවල්ල හරි
      කෙලවල්ල නම් yellow fin tuna
      Blue fin tuna ලන්කාවෙ නෑ මන් හිතන්නෙ

      Delete
    3. ප්‍රා කියපු ටික එක්ක එකඟයි. skipjack කියන්නෙ නම් ඇටවල්ල නෙවෙයි මගෙ හිතේ real thing ම තමයි, මටත් 100% නම් ෂුවර් නෑ.



      Delete
    4. @ PJ ඔබ හරි...yellow fin tuna වුනත් ලංකාවෙ නැගෙනහිර ගැඹුරු මුහුදේ පමණයි....

      Delete
    5. ඉන්ගිරිස් නම අපිට ඉගැන්නුවෙ නම් එහෙම තමයි. බලයා කෙලවල්ලටත් වඩා සැරයි.. කැන්සර් තියෙන අයට බොහෝම ගුණ කෑමක්..

      Delete
  26. වලි, ගුටි කෙලි ප්‍රශ්න මැදින් මෙහෙම නිරවුල්ව ලියන එකනෙ අප්පා හපන්කම.

    අර බිත්තර බනිස් නම් මගේ ෆේවරිට්. පුංචිම කාලෙ මොන්ටිසෝරි යනකොට තාත්තා ඔයින් එකක් තමයි අරන් දෙන්නෙ. කෑම පෙට්ටියට දාන්න අමාරුයි දෙපැත්ත නොතලා. හිරකරල ටමයි දාන්නෙ.

    මිරිස් කරලට මං කැමති නෑ. ඒක කෑවෙ මගේ යාලුවා. හරි සුන්දර මතකයක්.

    ReplyDelete
    Replies
    1. බිත්තර පාන් ගැනත් කතා ගොඩයි. ඔක්කෝම ලිව්වොත් එපා වෙනවා.

      ඒ කේස් එතනින් ඉවරයි.

      Delete
  27. මේකෙ ‍මොන කෑල්ලටද කමෙන්ට් දාන්නෙ බං?
    1.මාළු කියන්නෙ මාළු නං 'මාළුූ' කියන්න පුළුවන් ඇදල කියන විදියට නේද?
    2.ඇඹුල්තියල් නං එක එක පැති වල එක එක විදියයි. හොඳම ඇඹුල්තියල හදන්නෙ මූදට කිට්ටුවම ඉන්න ඉස්තිරියාවන්.
    3.හුරුල්ලො කන්න ඕන අලුත්පිට ලුණු වතුරෙන් තම්බල. කන්න පුළුවන් පැලෙන්න.
    4.දකුණෙ උදවිය කැමති බලය සහ කෙළවල්ලට. ඔය අටං කියපු තලපත් නං කෑමක් ඇත්තෙම නැති ගානයි. මෙහේ තලපත් එච්චර මිලත් නෑ නමුත් කන්නෙ බොහොම අඩුවෙන්. (මටත් පිරියක් නෑ තලපත් නං)
    5.ඇඹුල්තියල් වල හොඳම එක තමයි අඩියේ තියන කෑලි. හට්ටියට අල්ලල හයිවෙලා තියන මාළුකෑලිවල රහ කොහොමද?
    6.කොච්චර මාලු කෑවත් මගේ ප්‍රියතම කොටස තමයි මාලුබඩ. උඹ කන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. 1. "මාලෝ" කියල මිසක් "මාලූ" කියල කෑ ගහන මාලු කාරයො මට නම් හම්බ වෙලා තියෙන්නෙ පොඩි උන් ගේ විකට ඇඳුම් තරග වලදි විතරයි.
      2. ඕකට එක හේතුවක් උන්ට හම්බ වෙන මාලුන්ගෙ කොලටි එක.
      4. ඔව් දකුනෙ තලපත් සැලකෙන්නෙ මෙලෝ රහක් නැති inferior මාලුවක් හැටියට. මාළු කාරයොත් කියන්නෙ "අද නම් කෙලවල්ලො නෑ නෝනා තලපත් තමයි තියෙන්නෙ" කියලා. අනික ඔය කොලඹ විකිනෙන වට අඩි හතර පහේ තඩි මාලු වෙනුවට දකුනෙ ඉල්ලුම තියෙන්නෙ කිලෝ දෙක තුනේ කූරින්ට. උන් තමා රස (දැන් මේක වෙනස් වෙලා ද දන්නෙ නෑ, මාලු මිලත් මේ ලොකු මාලු විකිනීමට එක හේතුවක්, මොකද කූරි පොඩ්ඩක් කපල විකුනන එක මාළු කාරයට පාඩුයි දෙන්න පුලුවන් කූරියම ගන්න කෙනෙක්ට විතරයි - නමුත් ප්‍රදාන හේතුව මගෙ හිතේ මිනිස්සු රසට වඩා ලේසිය හෙවීම සහ කොලිටි වෙනස් කම් ගැන මෙලෝ රහක් නොදැනීම)
      5. එකඟයි. ඔය කොලිටිය වෙනස් වෙන්නෙ ඇඹුල් තියල් හැඳි නොගාන නිසා. උඩ ගිනි කබල තියන්නෙ පොඩ්ඩක් තත්ත්වෙ බැලන්ස් කරන්න.

      Delete
    2. තලපත් පොඩි එකට කොප්පරා කියල කියනව නේද සමහර පැතිවල....

      Delete
    3. කෙන්ජා මාත් දන්න හැටියට තලපත් = කොප්පරා = marlin

      මෙළෝ රහක් නැති කහකඩ වගෙ මාලුවෙක්.

      Delete
    4. නැහැ....
      තලපත් sailfish
      කොප්පරා marlin
      කඩු කොප්පරා swordfish

      Delete
    5. රාජ් ඇඹුල් තියල් වල රහම කොටස කොහොමද දන්නවද? ඇඹුල් තියල් එක මාසයක් විතර ගිහින් කනකොට. අම්මෝ මාළු ඔතලා තියෙන කෙහෙල් කොලෙත් කෑවහැකි එතකොට. අර මුලින් බ්ලොග් ලියපු මලී හදනවා එකක් මම කාලයක් තියාගෙන මාස දෙකක් වුනත් කාලා තියෙනවා ඔය වගේ රසට.

      Delete
    6. අපේ පැත්තෙ නම් මාළු මාළු ගාපු වෙලෙන්දෝ හිටියා කොළඹ නිසා වෙන්න ඇති.
      කොහොමත් දකුණේ උන්ට සුදු මාළු දිරවන්නේ නෑ. අනික මෙළෝ රහකුත් නෑ නේ බං. ඔය තලපත් තෝරා එහෙම නම් පොඩි උන්ට දෙනවා පොඩි කරලා බත් කටක් කවා ගන්න.

      Delete
    7. අපි කළු සුදු මාළු අඳුනන්නේ නෑ. මම ගන්නේ ඉස්සෝ, අර වගේ ලොකු ස්ලයිස් ස්ටීක් වලට තලපත්, තෝර හා ගල් මාළු වර්ග, ලොබ්ස්ටර්ස් වගේ ගොඩක් දේවල්. එකක් මම දන්නේ ඒ මාළු. මම කන විදිහට. කලමාරි වගේ ආස වුනාට අර ක්‍රස් ක්‍රස් හැපෙන්න හදන්න දන්නේ නෑ ඒක එලියෙන් කනවා. මම මාළු කන්න දන්නේ උයලා හොදි හදලා නෙමෙයි.( එහෙම කන්නේ අනුන්ගේ ගෙවල් වලින් හදලා දුන්නම) අනිත් එක මේ රටේ ඔය මාළු පට්ට ගණන් හා හොයාගන්නත් අමාරුයි හොඳ ඒවා. ඒක හින්දා මම ලංකාවට එන්නෙම මාළු කන්නත් බලාගෙන. අනික මම එනකම් බලාන ඉන්න මම හදන මාළු කන්න ආසාවෙන් ඉන්න යාළුවෝ නෑයො මට ඉන්නවා. මම කවදාවත් නිවාඩුවකට ගියාම ලංකාවෙන් මස් කාලා නෑ. මම කන්නේ මාළු. ඒ අර ලොකු සල්ලි හින්දා නෙමෙයි මට මෙහේ එහෙම කන්න නැති හින්දා.
      මම කෑම වර්ග අළුත්ද පරණද කියලා අඳුනගන්න දන්න කෙනෙක්. මට බොරු කරන මිනිස්සු ඕනෙ අතරම් ඉන්නවා හැබැයි එක පාරයි. ඒත් අපි වගේ ක්ලයන්ස්ලාට බොරු නොකරන ආදරෙන් සලකන තැන් ඕනේ තරම් තියෙනවා ඒකෙන් වාසිය එයාලටමයි. අපි ආයෙත් යනවා. කවදාවත් ගණන් නෙමෙයි බලන්නේ ලැබෙන සේවාව. (අපි එන්නේ නිවාඩුවක්නේ මට ඕනේ නිවාඩුව සතුටින් ඉන්න.)

      Delete
    8. උඹ කන්නේ ඔක්කෝම සුදු මාළු.. රතු මාළු කියන්නේ, කෙළවල්ලා, බලයා, හුරුල්ලා, අලගොඩුවා, කුම්බලා වගේ මාළු වලට.. මට නම් හොඳම එක හුරුල්ලා.. හුරුල්ලා ඇඹුලට පට්ට. පට්ට කියන්නේ වල්ල පට්ට.

      Delete
  28. කෝ මේ අරූ අපේ රාජකීය කෝකිතුමා?

    ReplyDelete
    Replies
    1. පොර එන කොට පෙරහැර ගිහිල්ලා. පොලිස් ජීප් එකත් ගිහිල්ලා කසකාරයෝ නිදි..

      Delete
  29. මාලුවා ගේ ගර්ළ් ෆෙන්ඩ්ටත් මාලු කෑල්ල කියනවා!

    ReplyDelete
    Replies
    1. එදා මාළු කෑල්ල දැක්කා නේ.. අනේ බලන්නකෝ ඒ කෑල්ල බැඳලනේ..

      Delete
  30. අතේ සල්ලි නැතිනම් නොකියා සිටිය යුතු බවට යෝජනා කරමි.කියවා ආහාවෙන් සිටිය දී මාළු කාරයා ගේ ළගට ඇවිත් ම ලෝ යැයි ජෝක් කිරීම දිරවන්නේ නැත.

    කෑ ගහන්න එපා හලෝ මෙතන අද මාළු එපා

    ගේට්ටුව ළගටම ගොස් මාළුකාරයාව එළවා දැමුවෙමි.පට්ට බඩගින්නක් දැනේ.එය මාළු ගින්නක් විය හැකිය.

    මාතලන්ට නාට්‍යයට ටිකට් අවශ්‍යය නැත.ඒත් ඉනටවල් එකට කන්නට ඇඹුල් තියල් හැලියක් අරං ආවාට අවුලක් නැත.ඉතිරි වන්නේනම් අපරාධෙ වීසි නොකර ගෙදර රැගෙන යන බවට පොරොන්දු වෙමි

    ReplyDelete
    Replies
    1. ලැයික්

      Delete
    2. අපෝ ගනන් ගන්න එපා මචෝ. අපිත් සල්ලි නැති දවසට ටී වී එකේ පෙන්නන ඒවා කාල බඩ පිරෙන්න වතුර එකක් බීලා නිදා ගන්නවා.

      Delete
    3. අගොස්තු 7 - 8 දිනේ මතකයේ තබා ගැනීම සහ පැමිණීීම වැදගත් කොට සිතන්න

      Delete
    4. අනිවා මචෝ... ටුවර් නැත්නම් මාතලන් එතන.

      Delete
  31. රෝහිණීගෙ රොකට් එකට තාම තෙල් ගහනව වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. හිටහන්කෝ ඉතින් කළබල නැතිව මළ වදේ... :)

      Delete
  32. මාර බොග දැමිල්ලක්නෙ දාන්නෙ.... දාන වේගෙට කියව ගන්නවත් වෙලාවක් නෑ.... ඒ වුනාට පස්ටයි ඈ

    ReplyDelete
    Replies
    1. ඉතිං උඹට කියල වැඩක් තියෙන එකක්යැ.ඔෆිස් එකේ නිකං ඉන්න ගමන් බ්ලොග් කියෝපං.

      Delete
    2. ලියපුවා ගොඩකුත් තියෙනවා. මට රහ නැත්නම් දාන්නෙත් නෑ.. ඒවට වඩා මම ආස අලුතෙන් ලියන ඒවට.

      Delete
    3. කියවනව කියවනව මාත අයියෙ... පට්ට සිරා .... ඇඟ දනව හොඳේ

      Delete
    4. මොන ලබ්බ ලිව්වත් සිරාවට ලියනව අනේ........ ඉඳගෙන

      Delete
  33. අපි නම් කොළඹ කිට්ටුව හැදිච්ච නිසා තලපත් වලට මනාපයි... බල කෙලවල්ලෝ අම්මල ගන්නේ නෑ උෂ්නයි කියල.. කොහොම වුනත් පරණ ඇඹුල් තියල් කන්න නම් පට්ට පෙරේතයි.. නැන්දම්මා දකුණේ නිසා දැන් දැන් නිතර නිතර බල කෙලවල්ලෝ කැවෙනවා.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. කොලඹ මාළු කෑවම ලෙඩ අඩුයි. අරවා සැරයි.. දැන් නම් අපේ අම්මලා තාත්තලා කන්නෙම නෑ. දැන් කන්නේ සුදු මාළු..

      Delete
  34. හම්මේ බං..මේක කියවන්න වෙනම ටැක්සියක් අරං යන්න එපෑ උඩ හිටං යටට... :D

    ඇඹුල් තියල් කේස්එකනං අනේ මංදා.. මම ඉතිං ඔය වෙනසකට කන කෑමක් මිස ඒ හැටිම පස්සෙන් එළවලා කන කෑමක් නෙවෙයි. (ඕවා කිව්වම දකුණේ උන්දලට තරහා යාවි.. උන්දලටනං ඉතිං ඇඹුල් තියල් රතු බත් කිව්වම හෙන අගෙයි නෙව.. මට ඒ දෙකම ඒ හැටි ඉස්සරහා කෑම නෙවෙයි.. :D ) අනිත් කෑම වගේම මාරුවෙන් මාරුවට කනකොට වෙනසකට කන්න හොදයි.. විශේෂයෙන්ම බත් එක්ක කනවටත් වඩා ඇඹුල් තියල් මාළු හොදයි ඉතිං බෝතලයක් එක්කනං... මොකද ලුනු ඇඹුල් පදම නියම විදියට කට කපලා යනවා...

    ඇඹුල් තියල් වලටත් වඩා මටනං අල්ලලා යන්නේ අර තාවරේ හිටින්න මිරිසට උයන සාලයෝ.. හුරුල්ලෝ.. බලයෝ කෙලවල්ලෝ වගේ මාළු... මිරිසට වගේම සුදට උයලත් කන්න කැමති කුම්බලා මාළුයි... අමු හාල් මැස්සොයි... තලපත් ඉතිං හොදයි අතේ පයේ ගාවගන්නේ නැතිව ඔය ෂෝ එකට උයලා කන්නනං... කොහොමටත් කෑලි මාළු කිව්වොත් මටනං හොඳම බලයා කෙලවල්ලා සහ කොප්පරා තමයි... තලපත් තෝර කියන්නේ මෙලෝ රහක් නැති රබර් කෑලි වගේ ජාති... ඇඹුල් තියල්වලට තලපත් ගත්තට මං හිතන්නේ නැහැ රහට හිටියි කියලා... ඇඹූල් තියල් එක රහ වෙන්නේ දාන ලුනු ගොරකා ගම්මිරිස් තුන් වගේට වගේම මාළුවගේ තියෙන ලේ රසට... ඒකයි අළුත් මාළු මිස පරණ ලේ බැස්ස මාළු වලින් උයාපු ඇඹූල් තියල් මෙලෝ රහක් නැත්තේ...

    කොළඹ පන්නයේ ආහාර රටාවට අනුවනං දැන් තලපත් තෝර කියන්නේ වැදගත් මාළු.. බල කෙලවල්ලෝ කියන්නේ උෂ්ණ මාළු... දෙයියෝ දනී..මං නොදනී... ඉස්සර මගුල් ගෙදරකට ගියාම මේසෙට එන මිරිස් මාළු එකේ.. ඌරු මස් දීසියේ.. හරක් මස් දීසියේ පෙනුම රහ දැන් කේටරින් කාරයෝ හදන කෑමවල මලාට නැහැ... මොනවද ඉතිං අල සුදට උයලා.. අර වේලපු කජු ග්‍රීන්පීස් දාලා උයලා.. (හෙනම ගහනවා ඒක හදන එකාලටනං.. යකෝ තෙල් ටිකකුයි ලුනු ටිකකුයි තවරලා අවන් කරලා අරං බියර් බොන්න වටින කජු උයනවද මං අහන්නේ.. හරක්.. හරක්.. උයනවනං උයන්න ඕන කජු නාඹර.. ) කුකුල් මස් බැදලා උයලා... මොනම රහක්වත් නැහැ... කෑම ඔක්කෝම එකම රහ... මෙලෝ සුවඳක් නැහැ... බලු සරි...

    හා හා ඇති ඇති.. තව පොඩ්ඩෙන් බ්ලොග් පෝස්ට් එකක් ලියවිලා නවතින්නේ... :D :D :D

    ReplyDelete
    Replies
    1. උඹ ඔය කිව්ව ඔක්කෝම මම ලියපු කොමෙන්ට් වල තියෙනවා. ආයේ බලන්න යන්න එපා. බල මාළු කෑවට වඩා අමාරු වෙනවා. ඕන් ඔහේ නිකන් හිටහන්.. පුදුම වැඩේ කියන්නේ. මාළු ගැන දෙන්නගෙම මතය එක වෙච්චි එක. ගඟේ දෙපැත්තේ වෙලත්.

      Delete
    2. ඈ මාරෙ කජු නාඹර කොහෙද බං කේටරින් කාරයන්ට උයන්න තියෙන්නෙ ගමෙත් නැතිකොට.උන් උයන්නෙම මෙලෝ රහක් නැති වේලිච්ච කජු.

      Delete
    3. එහෙම කියන්න එපා වතුරේ දාලා තියනවා කඩල මුං ඇට වගේ. Uබලට කියන්න ඔය ඉබ්බා දියේ දාගෙන උන්නමත් සොෆ්ට් වෙනවලු නේ..

      Delete
    4. ඔව් .රැයක් වේලිච්ච කජු දියේ දාල තියනවා..

      Delete
    5. ඊට පස්සේ කජු පොතු අරින ගමන් කනවා අම්මට හොරෙන් :D

      Delete
  35. ඇත්තටම මාළු රසයි බං මස් කන එකට වඩා මතේ.
    ඇඹුල් තියල් නම් මමත් ආසම කෑමක්.තලපත් මාළු නම් හොඳයි,හැබැයි මම නම් වැඩියෙන් කැමති වැව් මාළු වලට.හොඳට මිරිස් දාලා හදලා ගත්තාම ගැවිචිචි තැනක කත ඇහැකි...,

    ReplyDelete
    Replies
    1. මචෝ අනුරාධපුර පැත්තෙ වැව් මාලු හදනවා බං පට්ටෙට..දකුණු පලාතෙ ඒ හැටි පිළිගැනීමක් නෑනෙ වැව් මාලු වලට..ඔන්න නොච්චියාගම පාරෙ වම් පැත්‍තෙ ටවුන් එකට මෙහා පොඩි රිසෙප්ෂන් හෝල් එකක් එක්ක පොට් එකක් තියනවා.වෙඩින් දවසට කඩේ වහලා කිව්වා.

      ඒකෙ උයනවා බං අම්ම කෙනෙක් දිවියලෝක රහයි. තෙප්පිලි උයන්නේ.. ගියොත් කාල බලපං එතනින්.. බොරේට හින්දනවා ගෙදර හදපු තුනපහ වලින්.. මං කාල වෙනම මාළු පාර්සල් එකක් ඇරගෙනත් ආවා අල්ලල ගිය පාර :D
      ලූල් කරවලත් පට්ට ඈ :D

      Delete
    2. මේ පලයන් බන් මල්ලි කනවෙලාවට ඇවිල්ලා කට අවුස්සන්නේ නැතුව ...////බොරේට හින්දනවා ගෙදර හදපු තුනපහ වලින්.. // පිස්සු හැදෙනවා බන්

      Delete
    3. පත්තරේ මගේ ආසම ලංකාවේ සෙප්පිලි/කොරලි මාළු. වැව් මාළු එකක්. ඒක බැදලා කෑව හැකි අම්මෝ මතක් වෙනකොටත් ඉරිසියායි. දුකේ බෑ මේ අවුරුද්දේ නිවාඩු යන්නත් නෑ.
      මාතලන් තෝ මොන මඟුලකට මේ වගේ පෝස්ට් ලියනවද බන්?

      Delete
    4. අපුර්වි
      අම්මෝ රහ :D රහම රහයි ..හැක් . ඒ අම්ම තමා උයන්නෙ.පුතයි මහත්ත්‍යයි කරන්නෙ කඩේ.පට්ටයි ඈ !! හොඳ මිනිස්සු.ගියොත් කාපං

      බූරුබබා අක්කෙ..
      තෙප්පිලි වලට ජපං කොරලි කියලත් කියනව නේ..බලං ඉන්ඩ බැරි උං අර ගොඩගහල තියෙද්දි උඩ පයින එකනෙ.එතකොට අප්ෂැට් !!!

      තෙප්පිලි හරහට කපල බැද්දම සුපිරි බයිට් එක ඈ, සීයක් කන්ඩ පුලුවං සීයක් :D අරහෙම බොරේට ඉව්වාත් පට්ට..ඉඳිආප්ප කන්ඩ මරු .අර පොට් එකේ උදේ කෑම ඒක..
      කෑව වගෙ නෙමෙයි කොරලින්ගෙ කට්ට හෙන උල් අනිත් උන්ට වඩා.ඇනුනොත් බඩු බනිස්.

      Delete
    5. බොරු කියන්නේ මක්කටෙයි. මම නම් වැඩියේ කැමති මස් වලට. ඒකෙත් ඌරට. වල් ඌරට නෙමෙයි, ගං ඌරට. මම හිතන්නේ දිවිය ළෝකෙත් කනවා ඇත්තේ ගං ඌරා වෙන්න ඇති.

      Delete
  36. කෑම ගැන මොකුත් දන්නේ නැති කම ගැන දුක් වෙමි. :(
    ලිපිය රසවත් බව නම් ටක්කෙටම කිව හැක.

    ReplyDelete
    Replies
    1. කෑම ගැන මුකුත් නොදැන උන්නාට අවුලක් නැත. කන්න පුළුවන් නම් ඒ ඇතිය.

      Delete
  37. අඩෝ මේ පෝස්ට් එකට වැඩියම කොමන්ට් දාලා ඇත්තේ මම වෙන්න ඕනේ. වදයක් වුනා නම් සමාවෙයන්.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචෝ... කොමෙන්ට්ස් නැතුව මොන බ්ලොග්ස්ද... පුළුවන්නම් හැමදාම දාපන්..

      Delete
  38. ඊළඟ කොමෙන්ට් එක දමා 200 වෙනි කොමෙන්ට් කරුවා වීමේ සාඩම්බර භාග්‍යය හිමිකර ගන්න. :D

    ReplyDelete
  39. වැඩේ හරි හුරේවා... ජයවේවා..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න