.

.

Jul 24, 2014

නයි නළඟන - Chicks with Snakes


පැතුවේමි පැතුම් මම්..!
පිඹුරූ රාජයෙක් මෙන්,
වෙලී මා ගත දැඩිව,
ස්නේහයෙන්,
පෙම් කරන....
හාදුවෙන් තෙමාලන...
ස්පර්ශයෙන් කිති කැවී,
වැසුණු නෙත් යුග සමඟ,
සියුම් වූ ස්වර වදන්,
රාගයෙන් පිරී ගිය...


එහෙත් කරුමෙක මහත..!
ලැබී ඇත සර්පයකු...
මධුවිතෙන් කිති කැවි,
නොසුරුප් වු වදන් හා,
උමතුවෙන් ගුවනෙ පැන,
දෙකක් ඇන,
මාරු වන....
පිඹුරෙකුයි සිතූ මුත්,
සියෝළඟම විසෙන් පිරි,
පොලොන් රාජයකු නම්....

- x -



නිමිත්ත - දික්කසාද නඩුවක් දාලා ඉන්න මගේ ඥාති දියණියකගේ ඇත්ත කතාවක්..

135 comments:

  1. පිඹුරෙකුයි සිතූ මුත්,
    සියෝළඟම විසෙන් පිරි,
    පොලොන් රාජයකු නම්....


    ඇත්තටම පිඹුරා අහිංසක සතෙක්ද

    ReplyDelete
    Replies
    1. පොළොන්ඟුන්ගෙ දිග පලල හොය හොයා ඉන්නෙ තිගෙ බොග වේලෙන්නෙ මොකෑ බොල

      Delete
    2. ලියන්න ඕනේ අනේ, ඒත් මට තේරෙන්නේ නැහැ අප්පා පුදුම කම්මැලි කමක් ඇවිත් මට :(

      Delete
    3. ඔමා@ උඩින් තියෙන ඇනෝ කොමෙන්ටුව රජ කෙනෙක් ගෙන් වගේ.

      Delete
    4. මම හරියටම දන්නේ නෑ. ඒත් පිඹුරෝ බදාගෙන ඉන්න කෙල්ලෝ නම් ඇත්තටත් දැකලා තියෙනවා..

      Delete
    5. ඌ බඩ පුරෝගෙන නම් එහෙමත් නැත්තං උට කරදරයක් නැත්තං පිඹුර කියන්නෙ හොද සරුපයෙක්...
      කෝමත් පිඹුර කියන්නෙ වස කම්මැලියෙක්...
      දවස තිස්සෙම නිදාගන්න හදන...
      අනික උට ගොඩක්ම කරදරයක් වුනොත් මිස ඌ පිඹගෙන යන්නෙත් නෑ

      Delete
    6. මෙතන තියෙන ඕමයගෙයි ඇනොගෙයි සංවාදේ බැලුවම මට මතක් වුනේ අද අනොනීම් ආතල් එකෙක් තිබ්බ මෙන්න මේ කොටස මාතලන් , මාතලනුත් පොඩි ෂොට් එකක් එහෙම දාලා ගෝලීප් එකක් අදින ගමන් මේක බලන්නකෝ

      " වෛද්‍යවිද්‍යාත්මකව තමන් තමන්ටම කතා කර ගන්නා අවස්ථාව හඳුවන්නේ මල්ටිපල් පර්සනෑලිටි ඩිසෝඩර් කියලයි."

      ඇත්ත නේද මාතලන්

      Delete
    7. ඇත්තද මට එහෙම පිස්සුවක් නැහැ ඇනෝ,

      Delete
  2. මාතලන් අයියේ .... පැතුවේ පැතුමක් උවත්....... සොදුරුව......
    උරුම වූ කරුමය විවාහය නම්...... කීම......
    විදවන්නේ ජීවිතය......... නපුරු සිහින තුලින්.......
    සිත ගන්න .... ඇයට පවසනු........ දැවටුනේ...... සියොළග ම
    විෂ පිරි සර්පයකු වග.......
    නික්මෙන්න කියනු ... වහ.... වහා......
    ඒ ...... සර්ප විමානෙන්.........
    තවත් තුරුළුව...... උණුහුම නොමවිද.....
    දික්කසාදය...... වෙත......

    ReplyDelete
    Replies
    1. අනිවා... දැන් කෙල්ලෝ මෝඩ නෑ..

      Delete
    2. හැබැයි" අපි මෝඩ නෑ" කියන කොට නං මෝඩ කම ඉහින් කණින් බේරෙනවා :)

      Delete
  3. මගෙ යාලුවෙක් පොළඟෙක් කාල මලා

    ReplyDelete
    Replies
    1. ඌට කන්න වෙන මොකුත්ම තිබුනේ නැද්ද?

      Delete
    2. කමෙන්ට් කියවමින් විනෝද වෙමි :)

      Delete
    3. මේ ඇනෝට පණපිටින් ඉන්න යාලුවො එකෙක්කත් නැද්ද බොලේ!!

      Delete
  4. ඕකෙක් අස්සෙවත් රිංගුවොත් මොන දෙයියන්ට කියන්නද?

    ReplyDelete
    Replies
    1. අස්සෙ කිව්වේ..

      Delete
    2. අම්බ කිස්සෙ

      Delete
    3. එහෙනම් අවුලක් නෑ..

      Delete
  5. SHOAK KAI TIKAK NEDA

    ReplyDelete
  6. ඔක්කොම පතන්නෙ පිඹුරො නාගයෝ වගේ වුන්.....වෙලී ඇඹරී ඉන්න ජීවිතේ....
    කවුරුවත් පතනවද ගැරඩියෙක් කුනකට්ටෙක් ........

    ReplyDelete
    Replies
    1. කොයිකෙත් හොයන්නේ හොඳම එක. ඒකේ වරදක් නෑ නේද බං..

      Delete
  7. මේකට මොකද්ද ලියන්නේ...........අදහසක් එන්නෙම නැනේ ....... බලමු අනෙක් අය කියන එවාවත් ............
    මාතා ඇනෝ ඇරලා .... මම හිතන්නේ රාජ්ගේ ඇනොනිසා

    ReplyDelete
    Replies
    1. ඇනෝ වහනවා කිව්වට වැහුවේ නෑ. ඇනෝලා නැත්නම් බොගුත් නෑ..

      Delete
    2. ඇනෝ වහන්න එපා අනේ එයාලා නැත්තං අපිට බයින්නෙ කවුද ?හිතේ තියෙන ඇත්ත කියන්නේ කවුද

      Delete
  8. පිඹුරෝද, පොලොන්ගුද මනුෂ්‍යයෝය.... වැරදුනද මන්දා....

    ReplyDelete
    Replies
    1. අර මොකේද මොකක්ද කයියක් තියෙනවා නේද..

      නපුරු දුදනන්ගේ සියොළඟෙහිම විසය.... කියාලා..

      Delete
    2. රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විසය.....

      Delete
  9. හලෝ මාතලන්,

    අද නං හරි රස්නේ දවස නේ? ඉතිං මම මේ දැන් කුල් කරපු බියර් එකක් බොන ගමන් ගොලිප් එකකුත් පත්තු කරන කොමෙන්ට් දාන්නේ. ඉතිං මං හිතං ඉන්නේ තව ඩිංගකින් බත් ඩිංගකුත් කළා,ගොලිප් එකකුත් බිලා හාන්සි වෙන්න.

    මේ දවස් වල අපේ ලොක්කා රට ගිහිං හින්දා ඔපිස්‌ එකේ කට්ටිය ඔපිස්‌ එකටම එක එක කෑම එහෙම ගෙනත් කකා බිබී ඉන්නවා. අද අපේ කෙනෙක් ගෙන්වානේ මයියොක්කා හැලියක් විතර තම්බලා කට්ට සම්බල් එක්ක., ඉතිං මම මගේ පංගුව වෙන් කරලා තියාගත්තා. ඊට පස්සේ උදේ 11 ට ජයේ අයියගේ පොට් එකට යනකොට ඒ ටික අරං ගියා. ඊට පස්සේ ජයේ අයියටයි,තව හිටපු කෙනෙක්ටයි මයියොක්කා කෑලි දෙක තුනක් දීලා මාත් කට්ට සම්බල් එක්ක මයියොක්කා කකා ගල් භාගයක් ගැහැව්වා.

    ආ මාතලන්,ආයේ අපේ ලොක්කාට ඔපිස්‌ එකෙන් ගත්තා නේ අලුත් කාර් එකක්. ඉතිං ලොක්කා යන්න කලින් මට කියලා ගියා ඒක ලියාපදිංචි කරන වැඩ අනං මනං කරන්න කියලා. ඉතිං මම හෙට ඒකට ගිහිං,මම දන්නා කියනා යාලුවෙකුත් හම්බ වෙලා ඒ වැඩෙත් කරලා යාලුවත් එක්ක අඩියක් ගහන්න ඉන්නේ.

    මෙන්න මේ පින්තුර නං මම කලින් ගත්තු ඒවා දෙකක්. අපේ රාජ් නං මේක දැක්කා. ඒත් අපේ හැලපෙ,මාතලන් එහෙම දැකලා නැති නිසා අයෙ දැම්මා. මගේ පොට්ට කැබරාවෙන් ගත්තු නිසා පොටෝ පැහැදිලි නෑ ඔන්.

    පොටෝ 1

    පොටෝ 2

    එහෙනං මං බත් ඩිංගක් කළා,ගොලිප් එකකුත් බිලා එන්නංකෝ.

    ReplyDelete
    Replies
    1. හලෝ ඇනෝ මචෝ

      උඹ වගේ සත්තරන් ඇනෝ කෙනෙකුටත් වසලයෙක් ඇවිත් එක එක කතා කියලා ගිහින් තිබුනා. මම මේ තකහනියෙම උඹට රිප්ලයි කළේ ගෙදර ආපු ගමන්. මාත් යාළුවෙක් එක්ක ඌගේ ක්ල්බ් එකේ පොඩ්ඩක් සෙට් උනා. අද නම් ගැහුවේ රොක්ලන්ඩ් බ්ලැක් ලේබල්. ගෝලිප් පැකට් දෙක තුනකුත් කෑවා. දොලහේ ඒවා. එන කොට පොලෝසියෙනුත් නැවත්තුවා. කට උත්තර නෑ. ඉතින් පොඩි තෑග්ගක් දීලා බේරිලා ආවා. උනුත් කන බොන මිනිස්සුනේ. ලොක්කත් රට නිසා උඹ වෙන්න ඇති දැන් ලොක්කා. පොටෝ වලට බොහොම තෑන්ක්ස් මචෝ.. දැන් උඹේ කොමෙන්ට් එකක් නැත්නම් අපේ පෝස්ට් නික ගෝලිප් එකක් නැති අරක්කු ෂොට් එක වගේ..

      ජය වේවා මචෝ...

      Delete
    2. ඇ මාතේ මේ මනුස්සය හැමවෙලාවෙම බීලනේ , මෙහෙම ගියොත් තව අවුරුදු දෙකතුනකට වඩා අල්ලල හිටින එකක් නැ

      Delete
    3. හත් ඉලව්වේ මේ යකා ඇවිදින තැබෑරුමක්නේ...

      Delete
    4. ඇනෝ මචඞ ඇවිල්ලා … ජයවේවා … !!!

      Delete
    5. ලොක්කත් කොයි වෙලාවෙත් ඔෆිස් එකේ නෑ
      මේ ඇනෝට පුලුවන්නේ බ්ලොග් එකක්ම ලියන්න. එතකොට අපිට කොමෙන්ට් හොය හොයා යන්නෙ නැතුව මුලම එක විදිහට කියවන්න පුලුවන්

      Delete
    6. ආතල් ඇනෝ, මම මොකුත් නොකියා හිටියට මමත් දැන් උඹේ කමෙන්ට් වලට ඇබ්බැහි වෙලා.

      Delete
    7. කට කහනවට ටයිප් කරන්නේ...

      මාත් ඒව බලාගෙන ඉන්නෙ.. මූ කසියා පෙරන එකෙක්ද බං?

      Delete
    8. ආතල් ඇනෝ උඹ පට්ට සිරා කොල්ලෙක්. මම බොන බුවාලට බොහොම මනාපයි, මමත් ඕල්මෝස්ට් එව්රිඩේ බොන නිසා (everyday කියන්නෙ Nestle පිටිකිරි වර්ගයක්). මොකක් හරි නමක් දාගෙන වරෙන්කො. ඇනෝල පැටලෙනව බන් බඩු බනිස් වෙලා ඉන්න වෙලාවට

      Delete
  10. ජිවිතෙ දුකයි වියදම සැරයි

    ReplyDelete
    Replies
    1. එහෙනම් මගේ ගානේ තැඹිලි ගෙඩියක් බීපං..

      Delete
    2. අහපං හිරු !!!
      හිරු නං සල්ලි තමයි…
      96.1 - 96.3 FM

      Delete
    3. කුඩුනම් සල්ලි තමයි .....
      කුඩුනම් දුමියා තමයි ....
      වැරදුනා .....
      හිරු නම් සල්ලි තමයි ....

      Delete
    4. ඇනෝ :D හිරු නම් සල්ලි තමයි.

      Delete
  11. පතන දේවල් ඒ විදිහටම හම්බුවෙනවනම් මේ ජීවිතේ හරි ලස්සනයි කියලා තමයි කියන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. කිසිම පුද්ගලයෙක් ජීවීතේ තෘප්තිමත් නෑ. හේතුව ආශාවන් හා බලා පොරොත්තු වැඩි වීම. ඒත් සරළ බව වැඩි උනාම ජීවීතේ තෘප්තිමත්.

      Delete
    2. පතනා දේ සුන් වේ නම්
      නොසිතු දේ සිදු වේ නම්
      මේ සෑම දේම සිහිනයකි
      බලන් සිත් යොමන් හෝ ....බලන් සිත් යොමන්

      සුළු මොහොතක අප සැනසෙන්නේ
      යලි මහා මෙර සේ දුක් වෙන්නේ
      කිසිවක් නැ සදහට රැඳුනේ
      ජීවය තණ අඟ පිණි බිඳ වේ .....
      මේ සෑම දේම සිහිනයකි
      බලන් සිත් යොමන් හෝ ....බලන් සිත් යොමන්

      Delete
  12. කසාද බැදල ගෑණිට වද දෙන පිරිමියි කියන වේසිගෙ පුතාලගෙ හතර හන්දි කඩන්න ඕන හැමිනෙන්න දාල හිටගෙන........
    කසාද බැදල දරු මල්ලො හිටියත් ....දෙන්නගෙ නොගැලපීම් එනවානම් හිත හොදින් වෙන් වීමයි කල යුත්තෙ .............

    ReplyDelete
    Replies
    1. මහත්තයට දුන්නා මචෝ හොම්බ කට සමතලා වෙලා හොස්සපිටල් එකෙන් බෙහෙත් දාගන්නම. අපේ දරුවෙකුට එහෙම දේවල් වෙන්න දෙන්න බෑ මචෝ. මේ කෙල්ල ලව් කරලා බැඳගත්ත ඉලව්ව. හොඳ පාඩම් ඕකිටත්. මම දැක්ක දවසෙම කිව්වා හරියන එකෙක් නෙමෙයි කියලා. අපිත් හොඳ මිනිස්සු නෙමෙයි මචෝ. ඒත් මේ සක්කිලි වැඩ නම් කරන්නේ නෑ ජීවීතේට.

      Delete
    2. 1න්ම එකගයි කෙන්ඡි අයියන්ඞි.

      Delete
  13. හොදම තීරණය වෙන්විම නම් එය කල යුතුයි,හැබැයි මිනිස්සුන්ට හිතන විදියම දෙයක් මේ ලෝකේ හබ්බ වෙන්නෙත් නෑනේ ...වෙලි ඉන්න බලන් ගියාම හැමොම හරි මානාපයි නේ ...හැක් ..

    මං බලන්න ආවේ නයි නලගන අයෙ මොකක් හරි මගුලක් නටලද කියලා :D

    ReplyDelete
    Replies
    1. වෙන්වෙන්න ඉඩ තියෙනවා නම් කළ යුත්තේ එයයි.

      Delete
  14. //""උමතුවෙන් ගුවනෙ පැන,
    දෙකක් ඇන,
    මාරු වන"//

    කවියේ පට්ටම කෑල්ල , දික්කසාදෙට එකම හේතුව මේක වෙන්නත් පුළුවන් බලද්දී. ජීවිතේ කියන්නේ බලාපොරොත්තුවෙන හැමදේම ඒ විදිහටම ලැබෙන තැනක් නෙවෙයිනේ . හැබැයි සමහරවිට හැමදේම වෙන්නේ හොඳට වෙන්නත් පුළුවන් ...

    ReplyDelete
    Replies
    1. ඌ තිරිසනා කියන්නේ ඩිවෝස් එක දෙන්න බෑ කිව්වා. දෙකක් දුන්නම හා කිව්වා. කැමැත්තෙන් දුක් විඳින්න ඕන නෑ නේ.

      Delete
    2. මට මැවිල පේනව ඕයි.. ඌ මාතේ අතින් පාරක් කනවා..

      Delete
    3. ඒ ගොල්ලෝ කතාකරලා ගන්න ඕනේ තීරණ ගහ මරාගෙන අරන් දෙන එකෙන් ඒගොල්ලන්ට යහපත්ක් වෙයිද...?

      මම ලගදී යාලුවේකුගෙ සාදයකට ගියා එයාගේ අම්මාත් තාත්තාත් ඩිවෝර්ස්ඩ්..අම්මා ඇවිල්ලා හිටියා තමන්ගේ පෙම්වතා එක්ක... තාත්තා ආවේ තමන්ගේ දෙවනි විවාහයේ බිරිද එක්ක... මම දැක්ක විදියට එතනදි තමයි ඒ හතරදෙනාම මුල්වරට එකට මුනගැහුනේ.. එකිනෙකා අඳුනගද්දී ඒගොල්ලන්ගේ තිබුන ලෙන්ගතුකමත්, සාදය යන අතරතුරේ මගේ යාලුවාගේ තාත්තාත් අම්මාගේ පෙම්වතාත් දෙන්නා සිගරැට්ටු උරමින් හුදකලා තැනක දොඩමළුවෙලා සුහදව ඉන්න හැටිත් මම නෝට් කලා.. මේක ගොඩක් කොමන් දෙයක් වෙන්නත් ඇති, ඒත් මම දැක්කේ පළවෙනිවතාවට හින්දා ඔවුන්ගේ හැසිරීම මට මතකහිටියා...

      Delete
  15. ජීවිතෙත් අපිම ලියපු පිටපතකට අපිම රඟපාන චිත්‍රපටයක් උනා නම්…… අපිට ඉදි‍රියට වෙන දේ අපිටම තීරණය ක‍රන්න තිබුනා.

    එක්වී සිදු වන්නෙ වැනසීමක් නම් වෙන්වී සැනසීම හොදයි.

    ReplyDelete
    Replies
    1. බලපන් උගත් කෙල්ලෙක් වෙලත් තාමත් සාම්ප්‍රදායික විදියට තමයි හිතන්න ගියේ. දැණුවත් කිරීමෙන් පස්සෙ තමයි. ජීවීතේ කියන්නේ ඒක නෙමෙයි කියලා තෙරුම් ගත්තේ. හොඳ වෙලාවට කොන්ද පණ තියෙන දෙමව්පිය දෙපොලක් උන්නා. සම හරක් නම්. පවුලේ බම්බුව ගැන බයයිනේ.

      Delete
  16. පතා පැමිණි සුර පුරවර 
    වෙලා ගැණුනි ඝණ කළුවර 
    දෑස පුරා දුටු සිනා කවට කෙළි 
    කඳුළු කථාවක කෙලවර
    අසන් හිමියනේ
    කාට කියන්නද මේ දුක ඔබ හැර …

    ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
    පද - සුනිල් R ගමගේ
    තනුව - රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි අපේ එක්කෙනත් මුලින් කිව්වේ. නමුත් එහෙම අසරන වෙන්න ඕන නෑ.

      Delete
    2. උඔ නම් සිංදු කාමරයක් පත්තර මල්ලි.

      Delete
    3. මාතෙ..දෙකක් ඇන්නහම ඌටත් ගුටිකන අමාරුව තේරෙන්ඩැති..

      මෙන්ඩියෝ.… එල ද බ්‍රා :D

      Delete
    4. පෙම් ලොවදී දුටු ඔහුමද මේ
      ඔහුටද මා අන්ධ වුනේ
      ( නන්දා මාලනි )

      Delete
    5.  ආලෙන් වෙලා ගන්න කෝළම් කලා …

      ( පිඹුර නෙවැ :D )

      Delete
    6. ඒකද PM දෙවෙනි එකේ උගෙ සායම් ගිහිල්ල තියෙන්නෙ?

      Delete
    7. ආං බලහං ප්‍රා …පිඹුරගෙ සායං ගිහිල්ලා - මාතෙයගෙ එකා අම්බානකට කාලා :D

      Delete
    8. උඹ උඩින්ම දාපු සිංද්ව මාත් අහල නෑ බං.

      Delete
    9. රැවටුන තරම් ඔබ හින්ද මං
      කවුරුත්ම දන්නෙ නෑ තවත්
      කඳුළක තරම් දැණුනා හොඳින්
      සමුගත්ත දා ඔයා මගෙන්

      Delete
    10. " රාත්‍රිය වී "කියන සිංදුව …උඹ අහල නැත්‍තෙ නෑ බං..සිංදුවෙ අන්තරා කෑල්ල නිසා මතක නෑ තොට.. හා දැං මට බැනහං :D ! !
      මෙන්න බලපිය

      Delete
    11. අප්පට ඇනෝ මචං දාල මට කලිං.. තෑංක්ස් බොක්කෝ.. මේකව කොටිය නෙමෙයි පොළඟම කාපිය.. කාල මැරිය :D හැක්

      Delete
    12. එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
      ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
      හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
      ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

      Delete
    13. කැකුළක් සිදුනින් හදවත පිපුණූ
      කඳුලෙත් අතුමත විස තිබුණා
      බිඳුනොත් බඳුනක පිළියම් කරනට
      බැරි කැළලක් මතුවී පෙනෙනා...

      පද -ප්‍රණීත් A
      තණුව -මහින්ද බණ්ඩාර
      ගයනය -අසංග ප්‍රියමන්ත

      Delete
    14. අඩේ ඇනෝ..පත්තරේ..

      එකපාරම සිංදුවේ මැද කෑල්ල දැක්ක නිසා මීටර් උනේ නෑ. මේක අහල නැත්නම් මාව එක කොටියෙක් නෙවෙයි කොටි සීයක් කෑවත් මදි බොලවු. උඹල දෙන්නටම තැන්කිවු.

      Delete
    15. නෞකාවකි ඔබ ඈත සමුදුරේ..
      මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ..

      Delete
    16. බිරිඳ මගේ ඔබ..
      නෑ මා ඔබගේ බිරිඳ නොවේ..
      දෑඟිලි හුයකින් බැඳි පමණින් මා
      ඔබගේ බිරිඳ නොවෙයි..
      ඔබගේ බිරිඳ නොවෙයි...

      Delete
    17. මේ විස කටු ගස ලඟ ඉපදී..
      ඇයි මේ මල් වැල එහි එතුනේ..
      ගිලිහී යන්නට ඔබ සුරතේ..
      ඇයි මගේ මේ අතැඟිලි බැදුනේ..

      ගායනය : නිරංජලා සරෝජිනී පීරිස්
      පද රචනය : ලූෂන් බුලත්සිංහල
      සංගීතය : එච්. එම්. ජයවර්ධන

      Delete
    18. අහස ගුගුරා අකුණු පුපුරා
      මගේ හිත වැන්දඹු උනා

      වසාගන් දොර මගේ හිමියනි
      නුඹට රිසිනම් යන්ට යන්නෙමි

      කාලයක් නැති තාලයක් නැති
      විජිතයේ කටු ඔටුනු හැර යමි
      කාලයක් අපි ආදරෙන් සිටි
      සොඳුරු මතකය අරන් යන්නෙමි

      වසාගන් දොර මගේ හිමියනි
      නුඹට රිසිනම් යන්ට යන්නෙමි

      බැන්ද රන් දම් මගේ ගෙල වට
      මුදා විසි කොට අඬන අහසට
      මගේ සිහිනයේ නුඹ නිදන් කොට
      කුරුටු ගී දහසක් ලියන්නෙමි

      වසාගන් දොර මගේ හිමියනි
      නුඹට රිසිනම් යන්ට යන්නෙමි //


      ගායනය - නන්දා මාලිනී
      සංගීතය - නදීක ගුරුගේ
      ගී පද - සුමිත්‍රා රාහුබද්ධ

      Delete
    19. එලකිරි ඇනෝ බොක්කෙක් මචෝ උඹ නං !!!!

      විශිෂ්ටයි යලුවා … !!!

      Delete
    20. තැනූ මන්දිර බිදී වැටුනත්
      නෙතේ කදුලක් නැ...//
      සිනහවෙන්නට වරම් නොලදත්
      හිතේ කිළුටක් නැ...

      Delete
    21. අඞෝ උඔලා සෙට් එකම අදහන්න වටිනවා විශිෂ්ටයි උඔලාගේ හැකියාවන්

      Delete
    22. මෙන්ඩියා … එල ද බ්‍රා… !!!!!!

      Delete
    23. මට පේන්නේ මනෝෂ් දැණුවත් නෑ වගේ අරූගේ මල පැනීම ගැන.

      Delete
    24. හප්පා දැනුවත් දැනුවත්.. සිංදුවේ පොඩි කොටසක් දැම්ම නිසයි ඒ ටික නොදා හිටියෙ.

      Delete
    25. අඩෝ මාර සින්දු සෙට් එකක්නේ බන් මෙතන තියෙන්නේ. නදීක මියුසික් කරපු සින්දුව අහලා නැහැ.

      Delete
  17. ඉන්න බැරි නං යවන එකයි කලයුතු. පිඹුරො පොලොංගු හඳුනාගැනීම ටිකක් විතර අපහසු කටයුත්තක්

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ..පිඹුඅරයි පොළඟයි අලයි පරිප්පුයි වගේ ලේසියෙන් වෙන්කරල අඳුනගන්න පුලුවන්.

      Delete
    2. හපොයි නෑ.. මම නම් කලින්ම අඳුන ගත්තා. වෝනින් එකකුත් දුන්නා. හොහෙද මේ හෝන්තුවට ඌවම ඕන උනා නේ. අපි මැරෙන්නය එත කොට.

      Delete
  18. සැක්සි අක්කකෙනෙක් පිංතුරෙට දාල කයිල තියෙන්නෙ මහ අංජබජල් ඉට්ටෝරියක් නෙව මාතලං අය්යෙ....
    සමහර ඈයො ඉන්නව පිඹුර වගේ සාන්ත දාන්තයි ඒත් ඇතුලෙං පොලග වගේ...

    ReplyDelete
    Replies
    1. එහෙව් එකෙක් තමයි මේ..

      Delete
  19. බදින්න ඉස්සරනම් පන ‍දෙන්න ඊට පස්සේ හැමදෙයක්ම ඇදට පෙනේනවා. ගැනිට ගහන එකනම් අනුමත කරන්න බෑ.
    මගේ ඡිවිතේත් අත්දැකිමක් තියනවා කවුරැහරි බෝලෝගර් කෙනෙක් කැමති වුනොත් ලියන්නම්.
    දකුනු ආසියා බෝලොග් කරැවන්ගේ වැඞමුලුවක් ට්‍රාන්ස්එෂියා එකේතියන බව දැක්කා අපේ අය සහභාගි වෙන්නේ නැද්ද අයියන්ඞි?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියනෞන් නම් දන්නේ නෑ. ඒත් ඉතින් මොකෙක් හරි යන්නෙ නැතෑ..

      Delete
    2. ලියමු මෙන්ඩියා ලියමු

      Delete
  20. නොගැලපෙන දීගේ හෙවනල්ලත් ඇදයි කියලා කියමනක් තියනවා. නොගැලපෙනවානම් වෙන්වීම හැර වෙන කුමක් කරන්නද?

    ReplyDelete
    Replies
    1. විචා..
      නොගැලපෙන දීගේ. නෙමෙයි අත් හැරෙන දීගේ.......

      Delete
    2. මෙන්න මේ වගේ නේද විචාරක

      අහසින් තරුවක් කඩා වැටෙනවා
      තරුව කතා නෑ අහසයි වැළපෙන්නේ
      නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
      මලේ කතා නෑ සුළඟයි වැළපෙන්නේ

      පෑහිමක් නෑ නොකෙරෙන දීගේ – සෙවනැල්ලක් ඇද ලූ
      දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ – හිත හොද වැඩිකම ලූ

      අහසින් තරුවක්….

      මලෙන් උපන් මල් පත්තිනි දේවී – කැන්දන් එන නැකතේ
      ඇස් කූඩෙන් මං වතුර අදින්නම් – ඔබේ මඟුල් දවසේ

      අහසින් තරුවක්….

      Delete
    3. ඔබහට පෙම් කළ යුගය නිමා කර
      වෙන් වී යන්නට දවස පැමිණ ඇත

      Delete
    4. එකම පිහිර රින්සෝ තමයි. ටිල් ඩෙත් ඩූ අස් පාර්ට් තිබුනේ ඉස්සර..

      Delete
  21. පොළොන් හම පොරවාගත් කුණාකටුවෙක්?
    නෑ අහුරුකුක්කෙක්..
    බලාපන් බලාපන්
    උඹ පිඹුරු තඩියෙක් කියල බදන් ඉන්නේ
    මං බල්ලෙක්

    ReplyDelete
  22. ගෑනුත් බොරුවනේ කරන්නේ
    උන්ට මිනිහා නරකයි
    උගේ නඩත්තු මුදල හොඳයි

    මෙතන තව දෙයක් කිවයුතුයි විවාහය ගැන නූතන බටහිර මතවාදය අවුල් සහගතයි මේක අර ජේසු කියලා තියෙන විදියට එකවර ස්වාමිවරු දෙදෙනෙක්ට සේවය කිරීම වගේ
    එකපැත්තකින් සුද්දෝ වික්ටෝරියානු සදාචාරය ප්‍රතික්ශේුප කරනවා අනෙක් අතෙන් විවාහය වික්ටෝරියානු ක්‍රමයට කරන්න හදනවා ඉතින් අනා ගන්නවා අපේ උන් බටහිර ආකෘති කොපිකරන්න ගිහින් දෙපාරක් අනාගන්නවා

    ReplyDelete
    Replies
    1. මේ කෙල්ලට නම් නඩත්තු වැඩක් නෑ. ඉල්ලලත් නෑ. ඒත් ඉතින් දහසක් බලාපොරොත්තු දීලා කැන්දගෙන ගිහින්. ජීවිතේ විනාශ කලාට වන්දියක් ගත්තත් පාඩු නෑ..

      Delete
  23. පිඹුර නරකයි..පොළඟ නරකායි..

    ReplyDelete
    Replies
    1. අඩේ මනෝ තෝ කොයි අහද බොල වහං වෙලා හිටියේ ....

      Delete
    2. ඉන්ටනැට්ටෙ අවුලක් උනා බං. ඒකයි.

      Delete
    3. දැන් හරි නම් ඉක්මනට ලියපිය අලුත් එකක්.

      Delete
    4. මම හිතුවා රට වත් ගියාදෝ කියලා..

      Delete
    5. ආ රට ගියා, හැබැයි උඩරට.

      Delete
  24. ජීවිතයේ රස වින්දනයක් නොමැති මෙවන් චරිත අද පවතින බ්‍රොයිලර් අධ්‍යාපනයේ සහ කුහක සුචරිතවාදයේ ප්‍රතිපලයක්. තමන්ගේ පුතා ගෑනු ළමයෙක් වගේ හැදිලා ඉන්නව කියන කොට අම්මලට ෆුල් චුන්. එහෙම උන් කන්න දන්නෙත් නැහැ. බොන්න දන්නෙත් නැහැ * කන්න දන්නෙත් නැහැ. අවසානයේ තවත් කෙහිප දෙනෙක් අවුලට පත් කරලා තමනුත් ස්ව්භාවික වරණයට පත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මේ ඒ වගේ බබෙක් තමයි. සුරා සූදුවෙන් තොර, උගත් බුද්ධිමත්, පොරක්..

      Delete
  25. Maathalange blogeke wtinakama thamanta madagehewath ano koment wahanne,athurudahan karannene,Sama-harak Prabudda blogkarayowage.ewagema Maathalan thamange Blogeke thamanma Ano ewith Comment walata apahasa karannethne.( A reader)

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මේ කියන්නේ. මට නම් මෙළෝ හසරක් තේරුනේ නෑ. මේන් මෙතනට ගිහි හින්ගලෙන් ලියන්න ඉගෙන ගන්න.

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
    2. Translation:
      මාතලන්ගෙ බ්ලොග් එකේ වටිනාකම තමන්ට මඩ ගැහුවත් ඇනෝ කොමෙන්ට් වහන්නෙ නෑ. අතුරුදන් කරන්නෙ නෑ. සම හරක් ප්‍රභුධද බ්ලොග් කාරයන් වගේ. ඒ වගෙම මාතලන් තමන්ගෙ බ්ලොග් එකේ ඇනෝලගෙ කොමෙන්ට් වලට අපහාස කරන්නෙ නෑ.

      මගෙ සම හරක් ගොන් යාලුවො FB එකේ කොමෙන්ට් කරනව ඔය වගේ. ඒ නිසා මට පුරුදුයි. Just for your consideration please

      Delete
  26. සියොලඟ විසෙන් පිරිනං ඌ පොඟලෙක් වෙන්ට බෑ නපුරු දුදනෙක් වෙන්ටෝන... ඇයි අර මහගම සේකර කාම සූත්ත්‍රයෙ කියල තියෙන්නෙ "කුරිරු ගොර සපුන්ගේ දලගෙහි විසය.....නපුරු දුදනන්ගෙ සියොලඟහිම විසය...." කියල....අෆෙ අෆ්ෆා........ පවුල පෞද්හලික දේපල හා ජාතික රාජ්‍ය......මෙහෙම උනාම පිඹුරංගෙ පාට වෙනස් වෙනව....කන්න බොන්න සුකන්න තියෙන පිඹුරො පාට වැටෙනව.....අතේ පිච්චිය නැති පිඹුරෝ අවපාට වෙනව.... සල්ලිත් නෑ...සනීපත් නෑ......සොට් එකක් දාගන්න සල්ලි එනව..... වෙන වෙනම ඉන්න කාලේ දවල්ට දැක්කට පිඹුරො පිඹුරියො අඳුන ගන්න බෑ උන්ට දවල්ට ඇස් පේන්නෑ....දිවා රෑ කාලයක් එකට ඉන්නකොට පිඹුර මොකාද කොබෝ නයා මොකාද හිකනලා මොකාද, සීදේවි මොකාද මූදේවි මොකාද පේන්න ගන්නව....ලක්ශ්මී වඳබහිනව.... කුස්සිය පැත්තෙ දොර වහන්න අමතක වෙනව......අෆෙ අෆ්ෆා....... පවුල පවුද්ගලික දේපොල හා ජාතික රාජ්‍යය......

    හන්ද්යේ ලෑලිකඩේ....
    නානගෙ උලුඳුවඩේ....
    ඉස්සර හරිම ලොකුයි....
    ලඟදි ඉඳන් හිල පුංචියි....

    ReplyDelete
    Replies
    1. මචෝ මම දැක්ක සුපිරිම කොමෙන්ට් එකක්.. වල්ල පට්ට.. ආයේ දෙකක් නෑ..

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  27. ඔමා මොකෝ සැමන් වලට පස්සෙ ඇනෝ වැහුවෙ...

    ReplyDelete
  28. නෙලාගන්න බැරි හින්දයි
    ඔබ ඔය තරමට ලස්සන
    නෙලා ගෙනා කිසිම මලක්
    නෑ ඔය තරමට ලස්සන //

    හීන මවාගෙන දහසක්
    තනියෙන් රස විඳපු
    බිතු සිතුවම් වූ මෙන් හද
    තෙළිකඩ මත ඇඳපු
    ලොවට හොරා පැස පුරවා
    ගෙනවිත් හැඩ බලපු
    ලස්සන නැති හැටි මල්වල
    ඉස්සර මං නෙලපු

    නෙලාගන්න බැරි හින්දයි... //

    මුහුණ දෙමින් සර පහරට
    අනංගයා විදපු
    නොදැක හිටිය දවස්වලට
    ඉකි බිඳ බිඳ හඬපු
    කාත් කවුරුවත් නැති තැන
    තුරුළු වෙලා දොඩපු
    පැහැය සුවඳ කොහෙ ගිහින්ද
    මල්වල මං නෙලපු

    නෙලාගන්න බැරි හින්දයි... //


    ගායනය - නන්දා මාලිනී
    සංගීතය - ආනන්ද පෙරේරා

    ReplyDelete
  29. මම මේ බ්ලොග් වලට අලුත් හන්ද අහන්නේ.
    ඇයි මේ ඇනොලට ගොඩක් අය මේ තරම් විරුද්ධ
    ගොඩක් ඇනොල ඇත්ත නේ කියන්නේ.
    හැබැයි කුණුහරුප නම් ටිකක් වැඩි තමයි

    ReplyDelete
    Replies
    1. කව්ද ඇනෝලට විරුද්ධ. අපි විරුද්ධ ඇනෝ ලෙසින් එන කොන්දක් නැති බ්ලොග් ලියන උන්ට. අපරාදේ උන් බ්ලොග් ලියන්නේ.

      Delete
    2. මමත් පට්ට අලුත් බ්ලොග් වලට. ඒ උනාට මාතගෙ බ්ලොග් එක සහ සින්ඩිය හොඳයි අපි වගෙ නොදන්න බුවාලට. පොඩ්ඩක් බැනුම් අහන්න වෙයි එක දෙක ටික පක කියන්න ගියොත්. සද්ද නැතිව ස්ටඩි කරපන් මම වගේ කොල්ලො

      Delete
  30. නොගැලපීම් ගැලපීම් කර ගන්න බැරිම නම් වෙන්වීම තමයි හොඳ.
    අමාරු තීරණයක් වුණත් එක තමයි නිවැරදි තීරණේ ඒ වගේ වෙලාවක,

    ReplyDelete
    Replies
    1. අර අළුත් ඇඩ් එකක් යන්නේ. පහලට වැටීමත් හොඳයි කියලා.. ට්‍රිප් සුවිච් වගයක් ගැන.

      Delete
  31. ඔය කිව්වට පොළඟා පිඹුරගේ මල්ලී. අයියා අඹරලා ගිලිනවා. මල්ලි හැංගිලා ඉඳලා කෙලිනවා. තේරීම ඔබේ අතේ.

    ReplyDelete
    Replies
    1. අඹරලා ගිලිනවට කෙල්ලෝ කැමතියි නේ සෑර්..

      Delete
    2. මේ කෙල්ලවත් අඹරලා ගිලී ද

      Delete
  32. http://dilagelokaya.blogspot.com/2014/06/blog-post_3414.html
    හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. මම ඔයාගේ එක පැත්ත පලාතේ නේන්නේ.. මගේ ඇස් නරක් කර ගන්න මම කැමති නැති නිසා.

      Delete
  33. සින්දු ලෝකයක් නෙ...

    හේතුභූත වූ කතා වස්තුව ගැන ඉතිං උඩිං පල්ලෙන් දැනගෙන කමෙන්ට් කරන්න බෑ නෙ මාතලන්... ඔතන තියෙන්නෙ ජීවිත දෙකක් හින්ද ... අනිත් එක දික්කසාදයක් කියන්නෙ ලේසි පහසු තීරණයක් නෙවෙයි... විශේෂයෙන් යාලු වෙලා බැන්දම.. ඒක නිසා පුළුවන් තරං ඉවසන එක සාධාරණයි... මොකද දික්කසාද වෙයන් යකෝ කියන අය ඊළඟට ඒ ජීවිතේ ගැන තීරණ ගන්න පටං ගන්නවනෙ... එතකොට වෙන්නෙ කබලෙන් ලිපට වැටෙන්න...

    මෙතනදි අසරණ වීම තියෙන්නෙ වෙන්වීම ගැන නෙවෙයි... තමන් ජීවිතේ ගත්ත තීරණයක් වැරදි බව පිලිගැනීමෙයි... තමන් හොඳයි, තමන්ට ගැලපෙනවා කියල හිතපු කෙනෙක්, විශ්වාස කරපු කෙනෙක්, ඒ විශ්වාසය කඩ කිරීම ගැනයි... මොකද ගෑණියෙක් කසාදෙන් පස්සෙ ජීවිතේ ගැන හිතං ඉන්න පිළිවෙල කඩං වැටුනම හරියට අඩිය තියන් හිටපු තැන පොළව බැලන්ස් නැති උනා වගේ තමයි... මොකද එතනින් එහාට හිතල නෑ නේ... ඉතිං මුල ඉඳන් හිතන්න වෙනව... ඒකට ටිකක් කල් ඕනෙ.. නැතුව මිනිහව අතෑරීමේ බයමත් නෙවෙයි ඔතන තියෙන්නෙ...

    උත්සාහ කරලත් බැරි නං වෙන්වෙන එක වෙනම දෙයක්... හැබැයි ඒ තීරණයත් එයාම ගන්න ඕනෙ ඉතිං... මං මේ කිව්වෙ මාත් ගෑණියෙක් හින්ද ඔය තත්වෙදි ගෑණියෙක් පත් වෙන තත්වෙ ගැන පොඩි හරි වැටහීමක් තියෙන හින්ද...

    ReplyDelete
    Replies
    1. ආදරෙන් අන්ද වීම්......දික්කසාද...අසරන වීම්... වෙන්වීම්....... යාලුවී බැඳීම්.... බැඳල යාලුවීම් නොගැලපීම් ගැලපීම්...සමෝස්මේ නැවත ගැලපීම්......අනේ හුකේ නන්නනේ.......... ආදරේ කියන්නෙ ආත්මීය සම්බන්ධතාවයක්.... කසාදෙ කියන්නෙ සමාජීය සම්බන්ධතාවයක්.......අෆෙ අෆ්ෆා..... හරියට බ‍ටු මෝජුයි අයිස්ක්‍රීමුයි වගේ.... අපෝහක භවුතික වාදය..පවුල පවුද්ගලික දේපල හා ජාතික රාජයය.........අෆෙ අෆ්ෆා.....අඩොව් මගෙ ඔලුවට කවුරුහරි පොල්ලෙන් ගැහුවඩ්ග ඩෝව්......................

      Delete
    2. ලංකාවේ සමාජයට ඕන විදියට ජීවත් වෙලා, ඒ කෙල්ලට ගුටි කන්න දෙන්න බෑ. ඒ කොල්ලත් පවු. මම බස්සිගේ රිප්ලයි එකේ ඌ ගැන කිව්වා. මේවා විශාල සමාජ ප්‍රශ්ණ හිරු කියනවා වගේ. ඒත් සම්ප්‍රදායේ එල්ලිලා මුලු ජීවීතේම අඳුරු කර ගන්න ඕන නෑ. දැන් කෙල්ල රිලැක්ස් එකේ ඉන්නේ. අපි බලමු ඉස්සරහට. මේවා ගැන සාම්ප්‍රදායික විදියට බලනවට මම නම් කොහොමත් කැමති නෑ.

      Delete
  34. ආදරෙන් අන්ධ වෙලා ඉන්න කාලෙ යන්තම් උඩින් අතපත ගාද්දි කොයි සරුපයත් පිඹුරෙක් කියල හිතෙනව ඇති. විවාහයෙන් පස්සෙ කළුවරෙත් ඇස් පේන්න ගත්තමනෙ තේරෙන්නෙ සරුපයා මොකාද කියල. හොඳ වෙලාවට දික්කසාද උනේ.

    ReplyDelete
    Replies
    1. මුන් දෙන්නා ලව් කළේ පොඩි කාළයයි. ඒකත් එක හේතුවක් වෙන්න ඇති. හැබයි ඔළුව උස්සලා කතා කරන්නෙ නැති එකෙක් නිසා. මම නම් මුලදිම කැමති උනේ නෑ. ඒක මම හැමෝටම කිව්වා. ඒත් ඉතින් ඌව බඳින්නේ මම නෙමෙයි නේ. එක අතකින් මේ කොල්ලත් පව්. මම ඌත් එක්ක කතා කරපු වෙලාවෙ පොඩි එකෙක් වගේ ඇඬුවා. මුන් මේ බබාලා වගේ හදලා. ඌ අම්මගෙන් ගන්න පලිය තමයි ගෑණිගෙන් ගන්නේ. මේවා මහා සමාජ ගැටළු.

      Delete
    2. //"මුන් මේ බබාලා වගේ හදලා"// මෙන්න මේ කොටස එක එක පුද්ගලයා අනුව වෙනස් වෙනවා මම හිතන විදිහට මාතලන්. කොයි අම්මත් උත්සාහ කරන්නේ අර උඩ මාතලන්ම කියලා තියෙනවා වාගේ "සුරාවෙන් සූදුවෙන් තොර උගත් බුද්ධිමත් දරුවෙක්" හදන්න තමයි.
      ඒත් එතනින් එහාට ගිහින් බබෙක් වෙනවද නැත්තම් කොබෙක් වෙනවද නැත්තම් පොළොවේ පයගහල ඉන්න මිනිහෙක් වෙනවද කියන කාරනාව බොහොම සංකීර්ණයි .
      සමහරවිට මේකට ජානමය කාරණා හේතුවෙන්න පුළුවන්, එහෙම නැත්තම් මානසික අවපීඩන තත්වයන් හේතුවෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් කුඩා කාලයේදී සිද්ධ වුනු යම් හිංසාවකින් හෝ අපහසුතාවයක් නිසා හටගත් කම්පනයක් වෙන්න පුළුවන්. එහෙම පුද්ගලයෙකුට වුවමනා කරනවා පැහැදිලි සහ කාරුණික මානසික ප්‍රතිකාර , හොඳ මාර්ගෝපදේශකත්වයක්, හැබැයි ඒ ටික කරන්න අපි ඒ මනුස්සයාව තේරුම් ගන්න ඕන. අපේ ඇඟේ හයියෙන් ඒ තත්වෙට පිළියම් හොයනවට වඩා .
      //"ඌ අම්මගෙන් ගන්න පලිය තමයි ගෑණිගෙන් ගන්නේ"// කියන මාතලන් ඊළඟට කියනවා //"මේවා මහා සමාජ ගැටළු."// කියලා . ඒ කියන්නේ මාතලන් මේ ප්‍රශ්නයේ මූල බීජය තේරුම් ගන්නවා .
      නමුත් ඊට කලින් //""ඌ තිරිසනා කියන්නේ ඩිවෝස් එක දෙන්න බෑ කිව්වා. දෙකක් දුන්නම හා කිව්වා""// කියලා කියනවා . ඒ කියන්නේ මූල බීජය තේරුම් ගත්ත මාතලනුත් අවසානයේ හිතල තියෙන්නේ සාම්ප්‍රදායිකව . රැඩිකල් විදිහට හිතලා තීරණයක් ගත්ත පරිනත බවක් එතන පෙන්නේ නෑ. ඇත්තටම එතන එහෙම රැඩිකල් තීරණයක් වෙනවානම් මාතලන් උත්සාහ කරනවා මොහුව මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර හෝ උපදේශන වලට යොමු කරන්න.
      (මොකද මේ දෙන්න ආදරය කරලා විවාහ වුනු දෙන්නෙක්, කෙල්ල ඔහු මත්තෙම මැරෙන්න යනවා කියලත් සඳහන් වෙනවා .) හැබැයි ඒක සැනින් ප්‍රතිපල ලබාදෙන දෙයක් නෙවෙයි. ඒ සඳහා සුවිසල් කැපකිරීමක් කරන්න වෙනවා දෙපාර්ශ්වයටම. ඒ සඳහා උත්සාහ කිරීමේදී ලොකු ප්‍රතිවිරෝධතා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වෙනුවට කෙටිම මාර්ගය තෝරාගෙන නිදහස් වීම කියන කාරණය තමයි මෙතැනදී තෝරාගෙන තියෙන්නේ මට පෙනෙන විදිහට.
      අවසානයේ කියන්න තියෙන්නේ මේ හැම දෙයක්ම අපි කිව්වට කරන එක ලේසි නෑ කියන පොදු තර්කය තමා. මොකද මේ සඳහා කරන්න ඕන කැපකිරීම දන්නේ ඒ වගේ දෙකට මුහුණ දුන් අයෙක්. එහෙම වෙලාවට බහුතරය කරන්නේ මේවිසඳුමට යන එක තමා . හැම ප්‍රශ්නයක්ම මතුපිටින් පේනවට වඩා බොහොම සංකීර්ණයි.

      Delete
    3. උඹත් එක්ක මම 200% ක් එකඟයි. මාතලන් කියන්නෙත් ඔක්කෝම දන්න කෙනෙක් නෙමෙයි. මේ සමාජයේ ජීවත් වෙන තවත් එකෙක් විතරයි. ඒත් මචෝ උඹ ඒ කෙල්ලගේ මූණ ඉඳිමිලා තිබුන විදිය දැක්කා නම්, මම කරපු දේමයි කරන්නේ. අදත් ඇහැක පෙනීම අඩුයි.

      අපි පුළුවන් තරම් උත්සාහ කළා මචං. ඒත් තත්වය එන්න එන්නම දරුණු උනා. ඌ නීතිය කතා කරන්නත් ආවා. ගෑණී උගේය කියලා. නීතියෙන් උගේ වෙන්න ඇති. ඒත් ඊට කලින් අපේ නේ.

      උඹ කියන දේ මම ඌට තේරුම් කරලා දුන්නා. ඊළඟට ගන්න එකීටවත් මේ දෙවල් කරන්න එපා. අම්මත් එක්ක තියෙන ප්‍රශ්ණ අම්මත් එක්ක විසඳගන්නය. තමන්ගේ දරුවො වත් පීඩනයක් නොදී හදන්නය කියලා.

      මම හිතන්නේ අපි කරපු දේ හරි. මමත් කැමති නෑ එක පාරටම වෙන් වෙනවට. එහෙම නම් මගේ මැරේජ් ලයිෆ් කුඩු වෙලා ගොඩාක් කල්.

      Delete
  35. ඔය වගේ පොන්නයින් එක්ක ඉන්නවාට වඩා හොඳයි බන් තනියම ජීවත්වෙන එක හරි කෙනෙක් ආපහු හම්බවෙනකම්. මටත් අපේ නංගි කෙනෙකුට ඔය වගේ ප්‍රශ්නයක් තිබුනා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න