.

.

Jul 18, 2014

කැලෆෝනියා හෝටලේ - Hotel California


දුර ගමන් මගීන්ගේ හිත සුව පිණිස පිහිටුවා, රජයෙන් අනුමත කොට, මාර්ගස්ථ මගී ප්‍රවාහණ සේවාවන් හා පී ඇච් අයි මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන, කැලිෆෝනීයා හොටල් වලට උපහාර පිණිස, සහක කළා වල්ලබ, කළා භූසන්, කළා රිට හා කාලා නිදි ජනාධිපති සම්මානයෙන් පුද ලද, මහාචාර්ය මාතලන් වන මා විසින් ලියා පළ කොටෑ, මහජන හිත සුව පිණිස නොමිළේ බෙද හරින වගයි..

කොට කොටා යන මගී බසයේ, පිරෙන්නා වූ මගී ජීවිත..
කෑලී පමණකි නොමැති කිසි, වටිනා කමක් රුපි යලෙහි හා සත..
පුපුරුවා කන් ඒවී ටකරන්, හඬක් පිනවා සවන් හා ගත..
තේ ඒකක් බී කෑම කා, එනු මැනේ දැන් අපි බහිමු පින්වත..

කොළඹ ත්‍රී ස්ටාර් රෙස් ටුරන්ට් සිහිවේ, දැක් කහම මේ ගමේ තේ කඩ..
කොකා කෝලා අතින් අරගෙන, මහී සංගා බෝඩ් එක උඩ..
මාලිංගයා පෙප්සි බොන සඳ, මැතිව්ස් දෙයි මයිලෝ කිරි වලට ඉඩ..
ඉවර නෑ කාපට් දමා තව, කඩේ ඉදිරියෙ මඩ වලකි දඩ..

හත් වසක් ආලෙප දැක නැතී, බිත්ති කළු රාක් කද මේස පුටු..
හත් මසක් හෝ දලා නම් නැත, සුදුම සුදු වේටර් සරම් කටු..
හත් දිනක් විකිනිලා නැති, රෝල්ස් කටලස් පිරි මාලු කටු..
සහස් ගව්වක් දුරද පී එච් අයි, කුකා හූ..රයි අතින් සෙම් 
හොටු..

ළඟම නෑයෝ වාගේ අදරෙන්, පුදුම සෙනෙහෙන් දවල් කෑමට..
සැරසරති මැස්සන් ගුවන් ගැබ, පූසෝ සැරි සරනවා පුටු යට..
කාලා බීලා පිහිදලා ගිය, ඉඳුල් කොල හෝටලේ රට වට..
කවදා ඉව්වා දැයි කියාපන්, බෙදන මේ කුණු ගොඩ පිඟානට..

ඉහල සැලකිලි දෙවියෝ වාගේ, තිරෙන් වැසුනා වූ රූම් එක
ඩැයිවරුයි කොන්දයි ගිහින්, දාති ඒ කාමරේ ලොක් එක
දන්නේ නෑ මොන කෙලිය වෙනවද, මට මොකද මම මගේ ලැප් එක..
අරන් කොටනවා හෝටලේ, කැලිෆෝනියා වේ තියෙන දහ දුක

අපායට පිවි සෙනා දොරටුව, තමයි මුන්ගේ හෝටලේ..
ගහන්නට හුජ්ජා අතක් හෙම, යන් නෙපා බ්න් කළබලේ..
අපායේ ටොයිලට් හොඳයි තව, යමයෝ වත් යන්නෑ බොලේ..
දෙන එවුන් මේවාට ලයිසන්, කුඩු වෙලා පල හත් පොලේ..

කුමණ මිළ පා ලනද හැම, මල දා නයක් හරි ගිනි ගනන්..
විමසුවොත් හෙම පලා ගන්නට, වෙයි ඔබේ ඔය යුග ස
න්..
දෙන දෙයක් කා වෙන දෙයක් දෙස, බලා ඉන්නට හුරු වෙයන්..
කැල ෆෝනියා හෝ ටලේ ජයටම, හෙටත් මේ ලෙස බැබලියන්..


-x-


මේක ලියවෙන්න හේතු උනේ... සුපිරි බ්ලොග් රචකයකු වන, "ඉවාන් පවුලූෂා" ගේ - මේන් මේ අපූරූ කවි පන්තියයි..

102 comments:

  1. මම එක උනාමද මන්දා

    ReplyDelete
    Replies
    1. විලිලජ්ජාවක් නැතුව දෙන්නට දෙන්න ලින්ක් දාගන්න හැටි බලපල්ලකො
      (අප්පා හිතට දැනෙන සනීපෙ මුන්ට ඇදයක් කිව්වම )
      මෙතන මොකෙක් හරි එකෙක් මට ඕන නැති කතා හදන්න අවොත් ඔන්න නොකිව්වයි කියනේපා දෙනවා බලාගනියව් මැලේසියන් ප්ලේන් එකක කොගේ හරි යන්න එයාර් ටිකට් එකක් !!!

      Delete
    2. උඹ මොනවා කිව්වත් උඹටනම් කිසි දෙයක් කියන්නේ නෑ. පොඩි ගේම් ය දෙන්නේ දැනටම හයසීයක් විතර ආගිය අතක් නෑ

      Delete
    3. මම මේක ලිව්වේ ඉවාන් ඒ පෝස්ට් එක දාපු දවසෙමයි. මේක ලස්සනට ලියවෙලා කියලා මටත් හිතුනා. ඉතින් ඒකේ ගෞරවය ඌට නොදෙනවනම් මම මාර කුහකයෙක් වෙනවා. සමාන්‍යයෙන් පෝස්ට් එකකට ප්‍රස්තුත වන කරුණ කතාබහට ලක්වුනේ වෙන තැනක නම් ඒ ගැන සඳහන් කරන සිරිතක් අපේ සිංහළ බ්ලොග් වල තියෙනවා. අමාරුවෙන් ඇදගෙන යන මේ කළාවට ඒක ළොකු පිටිවහලක්. සම හරක් නම් ඕවා කරන්නේ නෑ ඉතින්.

      Delete
    4. ඔව් මාතලන් ගේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් පොස්ට් එක කියෙව්වට පස්සේ තමා මටත් පරණ ඒවා ආපහු බලන්න හිතුනේ , එහෙම බලනකොට තමයි ප්‍රසන්ටර්ස්ලා මේ ෂෝ වල නාන හැටි දැක්කේ . ඒ නිසයි ස්ටාර්ස්ලා සහ නිවේදනය කියන පොස්ට් එක ලිව්වේ . එතනදිත් එක ලියද්දි ලින්ක් එක නොදම්මනම් මම කරන්නේ කුහක කමක්. මාතලන් විතරක් නෙවෙයි වෙන කෙනෙකුගේ දෙයක් ප්‍රස්තූත වුනානම් එතනටත් ලින්ක් එකක් දානවා. මාතලන් වුනත් එහෙමයි .
      හිතේ කුහක් කම නැතුව සහෝදර බ්ලොග් කාරයොන්ට කාරියොන්ට සුහදව වැඩ කරන්න පුළුවන් නම් මෙතන මෙච්චර අජූත තැනක් වෙන්නේ නෑ . එක එකාට කපා ගන්න , කෙනෙහිලි කරන තැනක් වෙන්නේ නෑ. මොකද මෙතන ලිව්වා කියලා කාටවත් තෑගී හම්බ වෙන්නේ නෑනේ . හැමෝම ආත්ම තෘප්තියට කරන දේවල් .

      බ්ලොග්එකක් ලිව්ව පලියට රැඩිකල් පොරක් වෙන්නේ නෑ. සියල්ල දත්තෙක් වෙන්නෙත් නෑ . එක තේරුම් නොගෙන තමන්ගේ ලිඳ ඇතුලේ ඉඳන් උඩ බලන එවුන් ගැන තියෙන්නේ දුකක් තමයි .

      (මේ මැලේ රාළට කියපු දෙයක් එහෙම නෙවෙයි ඔන්න :P )

      Delete
    5. අනේ මගේ සිංහල කම නිසා නොදැනුවත්වම මගෙන් වැරදි දෙයක් ලියුනානම් මට ස........ (පිස්සුද බොලාට මට මාර සනීපයක් දැනෙන්නේ )

      Delete
    6. ආං හරි.. තමන්ට අදහසක් ගන්න මූලාශ්‍ර වෙච්චි මොනව හරි තියනවනං ඒකට ලින්ක් එකක් දාල පොඩි සහයෝගයක් දෙන එක සිංහල බ්ලොග් ස්පේස් එකේ තියන පට්ට ආතල් ෂීන් එකක්..පත්තර මල්ලි එකෙන්ම රෙෂ්පට් ආං එහෙම ඩෑල් වලට. ඕ යේස් !!!

      Delete
    7. මගේත් සැලියුට් එක පත්තර මල්ලිගේ කථාවට

      Delete
    8. ////තමන්ට අදහසක් ගන්න මූලාශ්‍ර වෙච්චි මොනව හරි තියනවනං ඒකට ලින්ක් එකක් දාල පොඩි සහයෝග//////

      පත්තරේ......බලපන් උඹවත් ඕක කරන්නේ නැහැනේ.....කවුරුවත් ලියපු සින්දු, උඹලා කමෙන්ට් වගේ දානවා...අඩුම ගානේ ලියපු එකාගේ නම දාන්නවත් උනන්දුවක් නැහැ. ඒවාත් මූලාශ්‍ර තමයි. මම මියැසියේ ගී රාවයටත් මේ ටිකම කිව්වා. යකෝ උඹලාත් හරියට එෆ්.එම්. චැනල් වගේ. ලියපු එකා, මියුසික් හදපු එකා, සින්දුව කියපු එකා නෙමේ වැදගත් මේවා උඹලාගේ අදහස් වගේ දාන එකා තමයි වැදගත්. මේ වැරදි පූර්වාදර්ශ. ඒ මිනිස්සුන්ට සලකපන්. අඩුම ගානේ ඊලඟ පරම්පරාවත් මේවා ලියපු, කියපු, වයපු එවුන් ගැන මතක තියා ගනියි.

      Delete
    9. කතාව මොකක්ද කියලා අවබෝධයක් නැතත් මගේ ශත පහත් දෙන්නම්.
      අරූ කියපු දේ මාත් හිතනවා.

      Delete
    10. අප්පට බොල අරූ අයියගේ සැර :D කන කීං ගාල ගියා.. මං වාගෙ අහිංසකයන්ට තමා ඉතිං උඹල පාට් එක දාන්නෙ.. ඔහොම හොඳයෑ බං . මේං ඉවානයො උඹට බැනලා . හූ හූ

      ආයෙ මක්කද අරූ අයියා බොක්කෙන් සහසුද්දෙන් හිස නමා පිලිගන්නවා වැරැද්ද..තව එකක්. අපිට යටිං ඉති උඹ ඇවිත් නම් ගම දානවනෙ බං.හැක් .ඔය සිංදු වල රචකයා ගායකයා එහෙම දැමෙන තැං අඩුයි බං.ඒක නං ඇත්ත .. කම්මැලිකම බං, මගේ අතින් ඒ වැරැද්ද වෙනවා.. උඹ හරි !!!!

      Delete
    11. කවුද ඩො මට බනින්නේ ... ආ අරූ අයියද ? එහෙනම් කමක් නෑ .. පල යන්න පත්ත්රයා ,එන්න එපා අපේ අරූ අයියට අනං මනං කියන්න හරිද ? ඒ කියන කතාව ඇත්ත තමයි . තෝ දාන්නේ සින්දු නිකන් තොගේ වගේ . ඊට පස්සෙනෙ මමත් නිකං මගේ වගේ දාන්න ගත්තේ . හැබැයි අපි එහෙම දැම්මම අරූ අයියා ඇවිත් යටින් විස්තරේ දාන නිසා අපි දිගටම එහෙම දාමු බං. අරු අයියා පස්සේ ඇවිත් ඩීටේල්ස් දායි .. :P

      Delete
    12. අරු අයිය්යට කියලා බොලාට ඕක කියලා දෙන්න තමයි මම අර උඩම කොමෙන්ටුව දැන්මේ ( බොරදියේ මාළු බෑම - සිංහල ජන සිරිතකි )

      Delete
    13. ඕ යේස්, නැත්තං අරූ අයියා හොර වෙනවා..අපි එහෙම දැම්මෙ අරූ අයියට හෝම්වර්ක් දෙන්න.. නිකං ඉන්න එකේ වැඩකුත් තියෙන්න එපැයි.
      .මේ මැලෙයා තමයි සම්පූර්ණ වගකීම ගන්ඩ ඕනෑ.. ඕක තමයි සේරටම මුල. !!!

      Delete
  2. සුපිරි කවියක්‍ මාතලන් ගොයියෝ. බොහෝම අපූරැවට විස්තරේ පබැඳලා තිබෙනවා. උඹ හැබෑ දක්ෂයෙක්.ජය!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අගය කිරීමට මචෝ..

      Delete
  3. කොළඹ ඉඳන් ගෙදර යන්න නැගල පුරුදු බස් එකේ
    සීට් එකක් කොනක් අරන් වාඩි වුනා හිතුමතේ
    කෙල්ලෙක් වත් නැග්ගොත් පව් කියලා හිතුනි ඒ වෙලේ
    බෑග් එකක් තියාගෙනම ඉඩ ඇල්ලුවා සීට්ටේකේ

    හරි ලස්සන කියුට් ටයිප් කෙල්ලෙක් ඇවිදින් පනේ
    අයියේ මට කොන දෙනවද කියලා අහපි කික් එකේ
    අමාරුවෙන් අල්ලගත්ත කොන දීලා මම අනේ
    සීට්ටේකේ අයිනට වුනි දැක්කත් අනේ සැප කනේ

    ඔන්න ගමන පටන් ගත්ත කෙල්ලත් නිදි කිරාවැටුන
    ඔලුවත් උරහිස්සේ තියන් මමත් පොරක් වගේ හිටිය
    කෙල්ලත් දැන් තුරුළු වෙනව - හිටං ඉන්න උන් බලනව
    ආඩම්බර මූණ දාන් මමත් ලොක්ක සේ ඉන්නවා

    නැවැත්තුව කැලිෆෝනියා හෝටල් කඩයක් ගාවින්
    හෙමීට හිස අතගාලා නංගී නැගිටිමු කියමින්
    අනේ අයියේ ඔයා එද්දි මටත් මොනවා හරි ගෙනෙමින්
    එන්න කියල සල්ලි දෙද්දී ලොක්කා සේ වලකවමින්

    හොටු හූරපු ඇඟිලි තුනෙන් ඇල්ලු කෝප්පේ පුරවන්
    දාල දුන්නු ප්ලේන්ටියත් රබර් වඩේ හා හපමින්
    බස් එකේ ඉන්නා නංගිට බිත්තර පැටිසක් ගනිමින්
    දෙසිය දාහතක් ගෙව්වා හරියට පොඩි සල්ලි වලින්

    මෙන්න නංගි පැටිස් කන්න මයිලෝ බාගෙකුත් බොන්න
    ඔයා බාගයක් බීලා මටත් ඉතුරු කරලා දෙන්න
    අඩි දහයක් ගියේ නෑනේ අයියේ අනේ මේ බලන්න
    මටනම් දැන් වමනේ යනවා මී බෙට්ටට පැටිසේ තිබුන

    කියපු ගමන් ඔක් ගාල දැම්මා මාව බතික් වෙන්න
    ඔහොම යන්න බෑනේ නේද අපි දෙන්නම බහිමු ඔන්න
    කියලා බැස්සා දෙන්න එක්ක ඕන එකක් කියල වෙන්න
    කොහොම වුනත් මගේ හිතටත් පොඩ්ඩක් දැන් කිචිලු ඔන්න

    අනේ අයියේ ඔයා ඉන්න මටනම් බෑ මෙහෙම ඉන්න
    නැග්ග නංගි බස් එකටම කොන්දා කිව්වා රයිට් යන්න
    වමනේ පිටින් මග බැස්සට ගෙදර යන්න බැලුව කලට
    අනේ ආදර නංගි පොඩ්ඩ පර්ස් එකට විදලා මෙන්න

    ReplyDelete
    Replies
    1. ‍මේ ‍උඹ‍ට ‍උ‍න ‍එ‍කක්‍ ‍එ‍හෙ‍ම ‍නෙ‍මේ ‍නේ ‍ඉ‍වාන්‍

      Delete
    2. හප්පට බොල මේ දැන් ලියලා නේද? උඹත් මාර බඩුවක් බං. බලාගෙන සම හරක් ගේ පපු පැලෙයි මේ ටැලන්ට් දැක්කම

      Delete
    3. පට්ටයි ඉවානයෝ

      Delete
    4. @ ඉවාන් මල්ලි........ සිංහල බොග සුවදවත් කරන "වල්ල පට්ටා" ගස ඔබය.....

      Delete
    5. උබත් මාර මිනිහෙක් නේ බන්

      Delete
    6. නියමයි. දෙකම .

      Delete
    7. හිටගෙන කියන කවි පරාදයි නේ බන් මේ කොටන කවි වලට.. දෙන්නගෙම කවි ලිවිම නියමයි!!!

      Delete
    8. අඩෝව් !!!! ඔහොම පට්ටෙට කයි ලියන්ඩ එපා යකෝ.. මාතෙ කිව්ව වගේ පපු පැලෙයි .. හිරේ විලංගුවෙ යන්ඩත් වෙයි සාවද්‍ය මනුශ්‍ය ඝාතනයකට අනුබල දීම කියලා.. හත්ඉලව්වයි !!!

      Delete
    9. බු දු ස ර ණ යි !!!

      Delete
    10. ෂිහ් මේ පැණිලූශා බස්වල යන හැටි...:P

      Delete
    11. පට්ට කවිය මචෝ. සිරාවට මේ ටැලන්ට් දැකල සම හරක් පපුව පැලිල මැරෙයි. උන් මලත් වැඩක් නෑ අපි හරක් මස් කන්නෑනෙ.

      කවි දෙක එහෙකට එකක් දෙවෙනි නෑ සුපිරියි.

      Delete
    12. අඞෝ ඉවානයා උඔට ඇස් වහක් කටවහක් වදින්න එපා මයේ අම්මා, එල ද බ්‍රා.

      Delete
    13. කඩසාලේ බත් උයා
      මාළු විසිපත තනා
      වැලවරක සමගිනා
      පලතුරුද හතකිනා
      දියද ගොඩ මස් ගෙනා
      ඇට ජාති පසකිනා
      රන්ද රිදි සමගිනා
      තඹ ද ලෝකඩ රැගෙන… පරමල්ද සත්වගය .…

      ආයිබෝ …………… වේවා .. ආයිබෝ …

      ගාහපියව් දුම්මල පාරක් යස පෙරේතයො හැමනිලා යන්ඩ .… ආයිබෝ … !!!!!

      Delete
    14. දැන් කවි ලියන්න නොදන්න අපි මොනවද මේකට කියන්නේ?

      මොනවා වුනත් ඉවාන්ට හොඳ වැඩේ නොදන්න කෙල්ලන්ට පැනි හලන්න යනවට. :-P

      Delete
    15. ඉවාන් අයියේ....+++++++++++++

      Delete
  4. සුපිරියි… කියන්නෙ. පට්ටම පට්ට.

    හැබෑවටම මේවට ලයිසොම හරි මොන මඟුල හරි දෙන උන්ට දෙන්න පුළුවන් ලොකුම දඬුවම එක වේලක්, එකම එක වේලක් කාලා, ටික වෙලාවක් වාඩිවෙලා ඉදලා හුජ්ජා අතක් හෙම ගහලා යන්න කියන එක තමා.

    ReplyDelete
    Replies
    1. නියම පනිෂ්මන්ට් එක. සහතික ඇත්ත..

      Delete
    2. උන්ට ඒව නෑ මචෝ වැරදිලාවත් ආවොත් පිටිපස්සෙ රාජබෝජන එක්ක කෑම මේසයක් රෙඩි සැර ජාතිත් එක්ක. සල්ලි දීල කන අපිට තමා හුප්පෙ !!!

      Delete
  5. දහසක් සින්ඩි තිබුනත් ඔබේ සින්ඩිය සම නොම වෙයි
    ලාමක බ්ලොගය මගේ දම්පාට දේදුන්න ලෙස නම් වෙයි
    වැඩියම බැලුම් ඔබේ සින්ඩිය මැද්දෙන් යොමු වෙයි
    ඉස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඒවා හරියන්නේ නෑ එකවුන්ට එකට කීයක් හරි දාන්න වෙයි.. ඉස්තූතී තම්බලා කන්නය.

      Delete
    2. තම්බල කැවත් එකය බැදලා කෑවත් එකය
      ඉස්ටු සදා තත්කාලී කෑවත් එකය
      ජුස් සදා වීදුරුවෙන් බීවත් එකය
      ඉස්තුති හැර වෙන දෙන්නට දේ නැතිය

      Delete
    3. එහෙනම් ඉතින් මක්කා කොරන්නද? තව දෙක තුනක් වත් දියන්..

      Delete
  6. දැම්ම කමෙන්ටුවට මොකද වුනේ ???

    ReplyDelete
    Replies
    1. කුමණ මිළ පා ලනද හැම, මල දා නයක් හරි ගිනි ගනන්..
      විමසුවොත් හෙම පලා ගන්නට, වෙයි ඔබේ ඔය යුග සවන්..///

      පට්ටයි මෙහෙම කියන එක ඇති මං හිතන්නෙ ...

      Delete
    2. පට්ටයි කිව්වම් ආයේ කියන්න දෙයක් නෑ නේ..

      Delete
  7. උඹ මිට පෙර ලිව්ව මෙවැනි සිතිවිලි කියවා ඇත ......ඒවත් හොදය.... එකක් දෙකක් පද තේරුම් ගන්න බැරි වුනාට......
    මේක නම් හිතට වදින පට්ට නෙමේ ..... වල්ල පට්ට සුවදක් ගෙන ආවාය ..... මා හට........

    ReplyDelete
    Replies
    1. උඹත් මේ තැනවලට ගිහින් තියෙනවද? මට හිතා ගන්නත් අමාරුයි.. තෑන්ක්ස් වේවා කිව්වා බොක්කෝ...

      Delete
  8. නියමයි . මොකක්ද Bus Route ?

    ReplyDelete
    Replies
    1. හැම බස් රූට් එකේම තියෙන්න. ඒවා ඔක්කොම හොටෙල් කැලෆෝනියා..

      Delete
  9. ඕකේ ආතල් එක දන්නේ ඕවයේ යන එන උන්මනේ මාතා.ඔය කට්ට විතරක් නෙමෙයි උංගේ සිංදු අහන්ඩත් වෙන හින්දා මම දැං හැකි සෑම විටම දුර ගමං යන්නේ කෝච්චියේ තමයි.

    ReplyDelete
    Replies
    1. කෝච්චියේ ඇවිඳින වෙළෙන්දෝ ටිකයි ගිඟන්නෝ සෙට් එකයි ඊට හපන්. වෙනම ගානක් ගෙනියන්න ඕන. කඩු ගිලින උන්ටයි, සින්දු කියන උන්ටයි. එක එක ජාතියේ උන්ට. හෙන වියදමක්. ලාබයි කියලා ගියාට අන්තීමට අතින් පාඩුයි.

      Delete
  10. මෙක දැක්කම මතක් වුනා අපිට වුන නියම වැඩක්.එ ලෙවල් කරල ඉන්න කාලෙ අපි තුන්දෙනෙක් ගියා නුවර පොඩි වැඩකට.(වැඩෙ ඔන නැ නේ).ආපහු එනකොට බස් එකෙ ඉදපු එකෙක් කොන්දට කිවුව අපිට ඔන තැනික තෙ බොන්න නවත්තන්න කියල.කොන්ද කිවුව එහෙම බැ උන්ට ඔන තැන තමයි නවත්තන්නෙ කියල.දැන් හෙන ගෙම.අපිටත් ඉන්න බැරි අමාරුවට අර පොරගෙ පැත්තට කතාව.බස් එකම සපොර්ට්.එ පාර අපි කතා වුනා බස් එක නැවැත්තුවට තෙ බොන්නෙ නැ කියල.දැන් ඔන්න බස් එක නැවැත්තුව.කොන්දයි ඩ්‍රයිවරයයි බැහැල ගියා.ටිකකින් එකා දෙන්න බහිනව.ටිකක් වෙලායනකොට මෙන්නෙ බොලෙ අර ගෙම ඇදගත්ත එකත් බැස්ස.අපි ඩ්තුන්දෙනයි තව දෙතුන් දෙනෙක් විතරයි හිටියෙ.හයියො විලි ලැජ්ජයි

    ReplyDelete
    Replies
    1. සාධූ සාධූ ෂාධු... හොද වැඩේ...

      Delete
    2. අපේ දේශීය අනන්නතාවෙද මක්කද කියන්නේ ඕකට නේ බං

      Delete
    3. ප්‍රීතියි ප්‍රීතියි … !!!!!!!!

      Delete
    4. ගනන් ගන්න එපා දමිත් අපි පාවා දිමට උපන් හපන් එවුන්.

      Delete
  11. මේ කවි ටිකයි අර ඉවානයගේ කවි ටිකයි කවි කොල විදියට මුද්‍රණය කරලා බෙදා හැරියොත් නරකද...

    ReplyDelete
    Replies
    1. කවි කොල විකුණලා කීයක් හරි හොයාගතහැකි.

      Delete
    2. මේ ඉතින් කොරන්නේ ඒක නේන්නම් මහත්තයෝ..

      Delete
  12. සිරාම කවි පංතිය, නරකද මේක සිංහල විශය නිර්දේශයට ඇතුලත් කලොත්..

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. අනේ මේ නිකා හිටින්. අපට අපහාස නොකර..

      Delete
    2. මං යෝජනාව ඉසතීර කරනවා !! ඕ යේස්.

      Delete
  13. නියම පබැඳුමක්. මමත් ඔය වගේ බස් නවත්තන හෝටල් වලට ගිහින් විඳපු දුක් මතක් වුනා. මම පස්සේ කරන්නේ උන් නවත්තන හෝටලේ ලඟ තියෙන වෙනත් තැනකට යන එක. ඒ නිසාම ඒ අවට තවත් පොඩි පොඩි කඩ බිහිවෙලා තිබුනා ඒ ඕවර්ෆ්ලෝ වෙලා යන මගියෝ අල්ලගන්නම.

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සු හරි අසරණයි මචෝ.. මමත් කරන්නේ ඔය වැඩේම තමයි. හැබයි බස් එක දිහා ඇහ ගහගෙන. නැත්නම් ඕකුන් හලලා යනවා.

      Delete
  14. ඉතින් ඔය කියන තැන් වර්ජනය කරන්න මිනිසුන්ටම නේද පුළුවන්? මහජන සෞඛ්‍යය පරීක්ශක තුමන්ලා තාමත් මේ සෙල්ලම් වල වගකීම තේරුම් ගන්නේ නෑ කියන්නේ රටේ අවාසනාවක් වෙන්නැති එහෙම නැත්නම් අර ඇමැට්ටන් ඩෙංගු ඩිවලොප් වගේ වැඩක් වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. කොහොමද වර්ජනය කරන්නේ. ඩැයිවරයට ඕන තැන නේ නවත්තන්නේ. මිනිස්සු ඉතින් නොකා නොබී ඉන්න ඕන. ඔන්න අපිට නම් ගානක් නෑ. කොහාට හරි අල්ලනවා පොම්පේ. ඒත් ගෑණු උදවියට?

      Delete
    2. http://www.amazon.com/Whiz-Freedom-Portable-Reusable-Funnel/dp/B001DTRVTK

      Delete
    3. මාතලන්, පොඩි දෙයයි කරන්න ඕනේ. අපි පුරුදු වෙන්න ඕනේ අපිට මගදි අවශ්‍ය වෙන කෑම බීම කලින් ලෑස්ති කරගෙන යන්න. ටොයිලට්ස් අවශ්‍යතා පුළුවන් තරම් සීමා කරගන්න. බීම වර්ග ගමණට පෙර පාවිච්චි නොකර හිටියා නම් ඒ අවශ්‍යතාවයත් අඩුයිනේ.
      එක බස් එකකින් ඔවුන් බලාපොරොත්තුවන ආදායම නොලැබුනාම බස් දහයකින් විස්සකින් එහෙම වුනාම ඔවුන් වැර‍දුන තැන හොයයි. එතකොට ඔය නිළදාරින්ගෙ උනත් ඇස් ඉබේ ඇරෙයි.
      (මම නම් මට කැමති විදිහේ පිරිසිදු තැනක් නොතිබුනොත් කෑම බීම ලබා ගන්නේ නෑ. ඊටත් වඩා ටොයිලට් ගැන අවධානයෙන් ඉන්නේ. මම නිතර ට්‍රැවල් කරන කෙනෙක් වෙලත් මට ඔය ප්‍රශ්න නෑ)

      Delete
    4. කොහොමත් මුන්ගේ මේ කඩ වැඩි දවස් කරන්නෙ නෑ. එහෙමත් එකක් තමයි ගොඩක් කල් පවත්වාගෙන යන්නේ. ඇයි මුන් කරන දේවලට මිනිස්සු හෙන ඉල්ලනවනේ..

      Delete
  15. හැබැයි ඉතින් ඇස්වහක් කටවහක් නැහැ නියම කවි "පොඩ්ඩ ".
    මෙන්න මගේ උත්තමාචාරය.

    ReplyDelete
  16. හොද අභිප්‍රේරණයක්...හොද දෙයක් හොද නිර්මාණයක් ඇසුරු කරගෙන තවත් හොද නිර්මාණයක් කිරීම කොච්චර නම් හොදද....ඉතිං මේ වගේ නිර්මාණයක් කරන්න මාතලං පොළඹවපු ඉවාන්ටත් හදවතේ කොනකවත් කිසිම උද්දච්ඡ කමක් නැතිව ඒක කියාපු මාතලංටත් මගේ ප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා. ඒවා ඉතින් අපේ යුතුකන් නොවෑ..

      Delete
  17. උදේ ඉඳන් කයියක් පද බැඳගන්න බැලුව බැරිඋනානේ මචෝ.ඉස්කෝලෙ යනකාලෙ පාඩම් කරපු කයියක් හරි ලෝවැඩ සඟරාවේ කයියක් හරි ලිව්වට කමක් නැද්ද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. මොකක් උනහම මොකෝ හැලපේ කයියක් නම්. මම ආසම කවි ලියන්න. ක්වි වලට කැමතිම නැති කීප දෙනෙකුත් කවි ලියන්න කියවන්න පටන් ගත්තා මේවා නිසා. ඒකම ළොකු පිනක් නේ මචෝ. කවි වලට එන හිට්ස් අඩුයි. ඒකයි අනිත් වල් පල් ලියන්නෙත්. මොනවා කලත් හිට්ස්, කොමෙන්ට්ස් කියන්නේ අපිව තෘප්තිමත් කරන දේවල් නේ බං.

      Delete
  18. කුණු කෑම කාලා
    කුණු තේ වතුර බීලා
    සල්ලිත් ගෙවාලා
    සිටිති ජනයෝ ලෙඩම වීලා

    පුරුද්දක් වශයෙන් බස් නවත්තන කඩවලින් ටොපියක්වත් නොකමි. වතුරවත් නොබොමි. ගමන ඉතා දීර්ඝ එකක් නම් කෑම බීම ගෙදරින් රැගෙන යමි.

    ReplyDelete
    Replies
    1. ඉතා හොඳ විකල්පයක්. මමත් කවදාවත් කන්නෙ නම් නෑ. එක්ස්පයර් ඩේට් බලලා මොනවා හරි ඩ්‍රින්ක් එකක් බොනවා.

      Delete
  19. වෙල්කම් ටු ද හොටෙල් කැලිෆෝනියා
    සච් අ ලවුලි ප්ලේස්
    ස‍ච් අ ලවුලි ප්ලේස්..

    ඔහොම තමයි ඉතින් කියන්න වෙන්නේ... කවි සෙට් එක නම් සුපිරියි..

    ReplyDelete
    Replies
    1. "සච් අ" නෙමෙයි, "වට් අ" ලව්ලි ප්ලේස් කියලයි එන්න ඕන.

      Delete
  20. හැමදාමත් වගේ මාතලන්ගේ සහයෝගයට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. Maathalan - Priyantha Hewage July 18, 2014 at 6:27 PM
      ගණන් ගන්න එපා මචෝ

      Delete
    2. ඔන්න රිප්ලයි එකත් මමම දැම්මා ආය මොකටද මාතෙට කරදර කරන්නේ .. නැද්ද පත්තරරේ

      Delete
    3. ඕ යේස්, මෙන්න මාත් දැම්මා.

      "ගනං ගන්න එපා මචෝ" !!

      Delete
  21. "දෙන එවුන් මේවාට ලයිසන්, කුඩු වෙලා පල හත් පොලේ.."
    සුපිරි කවිය මාතලන් ..ඔයා හොඳටම ලියල තියෙනවා ..

    ReplyDelete
  22. දුර ගමන් බස් වල නොයන හින්දා අත්දැකලා නෑ ඒත් ඇතිවෙන්න අහලා, කියවල තියනව මේ ගැන.මේ සුපිරි කවිපේලියම ඇති ඒ කට්ට ගැන තේරුම්ගන්න.

    ReplyDelete
    Replies
    1. මීටත් අන්තිමයි.. පණ පිටින් අපායේ ගියා වගේ තමයි ඉතින්...

      Delete
  23. බස් හෝටල් ගැන නං කියල වැඩක් නෑ...
    පිරිසිදු කොමක් නෑ...
    ඒ මදිවට පරණ කෑම
    ජරා ටොයිලට්..
    ඒත ගණන්...
    අස්ප නෙමෙයි
    කගවේන ගණන් නෙව තියෙන්නෙ..
    හොදම දේ ළග පාත වෙන කඩයක් තියේ නං ඒකට ගොඩ වැදෙන එක..
    ඒත් දැං දැං අලුතින් හැදෙන ඒව එහෙම හදන්නෑ...
    ඒකයි අවුල

    ReplyDelete
    Replies
    1. අර කිව්වා වගේ අහල පහල කරයක් තියා ගෙයක් දොරක් වත් නැති තැන් වල තමයි දැන් හදන්නේ..

      Delete
  24. ඒ වුනාට පිටිපසසේ කාමරයක කෝන්දටයි ඞැයිවරයටයි රඡබෝඡුන් ලැහැස්ති කරලා තියෙන්නේ. මගේ යාලුවෝ ගොඞක් ඉන්නවා බස්වල වැඞ කරන උන් මාවත් ඇදගෙන යනවා ඒ කාමරේට ඔින දෙයක් කාලා ෂියට් එකකුත් පත්තු කරගෙන තව ෂියට් දෙකකුයි බුලත් විටකුයි ටොපි 4ක්5කුත් අරන් තමයි බස් එකට නගි්නේ. සමහර කඞවලින් කෝත්තුවක් ඔතලත් දෙනවා.

    ReplyDelete
    Replies
    1. සමහර ඒවල තොත්තුත් දෙනවා...

      Delete
  25. බස් එක උගෙයි සල්ලිත් උගෙයි අපි යන්නේ පිනට වගේ
    සින්දුත් උගෙයි සද්දෙත් උගෙයි ඇසුනේ පෙර පවට වගේ
    කඩයත් උගෙයි කෑමත් උගෙයි අපි කන්නෙ වසුරු වගේ
    මගියත් අගෙයි සද්දක් නැතෙයි ගුටි කන්නට බයෙන් වගේ

    අඩෝ මාතලන් දැන් හෙන චන්ඩිය වෙලා නේ? උඹ ඉන්නෙ නපුරු තැන හින්ද වෙන්නැති. පරිස්සමෙන් ලොක්ක ඔව්වට වැඩිය ආයුෂ නෑ.

    ReplyDelete
    Replies
    1. ඉන්නට බෑ මචෝ ගොන් පොන්නයෝ එක්ක
      එල්ලෙනවා ඇඟේ ඇවිදින් වාගේ බොක්ක
      ඉන් පසු ඇනේ කොයි වේලෙත් මළ කොක්ක
      දැන් දෙමි හතරවට ඇදලා කොල බොක්ක

      Delete
  26. පට්ට මාතලන් පට්ට..... ඔය කියලා තියෙන්නේ ඇත්ත කන්දෙකෙන් බේරෙන්නම.............

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා බොහෝම අඩුයි..

      Delete
  27. කැරිෆෝනියා හෝටලේ නම් නියමයි. උඹලා ඕවා දැකලා ලියන එක අගේ කරනවා. මේවා ගැන පොත් පිරෙන්න ලිව්ව හැකි. හැබැයි මාතා අර උඹ ලියලා තියෙනවා වගේ යුග සවන් පලාගන්න තමයි වෙන්නේ කැරිෆෝනියා හෝටල් එක්ක වාද කරන්න ගියොත්. මට මේ පත්තරයාට උත්තරයක් දෙන්න ඕන...ඒත් උඹේ රිප්ලයි ත්‍රෙඩ්ස් වැඩ කරන්නේ නැහැ බන්. මගේ අප්සට් එකක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. උඹට මොකද මචෝ උනේ පහු ගිය දවස් ටිකේ..

      Delete
    2. ලැප් එකේ ස්ක්‍රීන් එකේ ක්‍රැක් එකක් මචන්. ඕක අඩු වියදමින් හදාගන්න ට්‍රයි එකක් දුන්නා. බොක්කේ පොරක් වැඩේ කරලා දුන්නා. උඹ දන්නවානේ මචං..අඩුවෙන් හම්බු කරන එවුන් , අඩුවෙන්ම තමයි වියදම් කරගන්න ඕන කියලා. වැඩියෙන් තියෙනවානම් අපි උඹලා වැඩියෙන් වියදම් කරන්න ඇඹරෙන්නේ නැති බවත් මම දන්නවා.

      ///රීදි කලෙන් රන් කොතලින් බීපු මට
      මෙහෙමත් කල් යාද වීර පළු ගස් යට......///

      උඹ දන්නවාද ඔය කවිය කිව්වේ කවුද කියලා??

      Delete
    3. සහතික ඇත්ත මචෝ.. මමත් ගොන් පීටරේ කැඩිලා වින්ද දුක මම දන්නවා. හැමදාම එකක් ගන්න හිතාගෙන උන්නට. වෙන වැඩ දාහක් තියෙනවා. නලියා මට උගේ එක දෙන්න ඇහුවා. ලොකු කමට නෙමේ මචෝ මම ගත්තේ නෑ. ඒක ගත්තා නම්, මම කවදාවත් එකක් ගන්නෙත් නෑ. ඊට පස්සේ නලියත් තරහා වෙනවා. මේ ලයිෆ් ඉසටයිල් එක හොඳටෝම හොඳයි. එළකිරි, ජලය මිශ්‍ර නොවූ, සූකිරි සමඟ, ටින්කිරි නොවේ.

      Delete
    4. //උඹ දන්නවාද ඔය කවිය කිව්වේ කවුද කියලා??//

      පත්තර මල්ලිගෙ පරම්පරාවෙ ආදිම මුත්ත පණ යන්ට ඔන්න මෙන්න කිව්වලු ඔහොම.

      Delete
  28. හම්මේ......... කොළඹ,බෙලිඅත්ත,මොණරාගල,පොළොන්නරුව ආයිමත් කොළඹ...ඔය රූට් ටික යනකොට මේ අත්දැකීම සෑහෙන්න තියනවා.කැරිපොනියා හොටෙල් එකක් වගේ එකක් තියනවා තණමල්විලට ටිකක් එහා.බබෙක් හම්බෙන්න ඉන්න ගෑණුමනුස්සයෙක් කරන්නෙ.ඒ මනුස්සයා එතන ඉන්නවට සම්මානයක් දෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. අපාය තියෙන්නේ මෙහේමයි කියලා මිනිස්සු කියන්නෙ බොරුවට නෙමෙයි නේ..

      Delete
  29. අතර මග උදර පුරවන පනුවො මරවන නහර පිනවන - මැසි උයන - හෝටලය

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න