.

.

Jul 1, 2014

මිනීමරූ වෘත්තීය සමිති කාරයෝ - Deadly Unions


අපේ රටේ සවුක්ක සේවය කියන්නේ මහා ගරු ගාම්භීර සෙවාවක් කියා ඒකේ ඉන්න උන් පෙන්නන්න හදනවාය. ඕකේ ඉන්න හැම එකාගෙම රැස්පොට් බලන්න නම්, ඉස්පිරිතාලෙකින් බෙහෙත් ටිකක් ගන්න හෝ ගිහිල්ලා තියෙන්න ඕනාය. ලෙඩ්ඩු බලන්න ගියාට වැඩක් නැත. මොකෝ ඒ වෙලාවට මේ සිංහයෝ ඔක්කෝම ඉන්නේ ලෑඩිස් ඇන්ඩ් ජෙන්ටමන්ස්ලා වාගෙය.

මුන්ගේ ජැන්ටල්මන් කම්, රටටම බලාගන්න දෙරණ ටැලිවොසොන් එක, ඊයේ මුළු රටටම අවස්ථාවක් ලබා දුන්නේය. කමිස කලිසම් ඇඳ, බෙල්ලේ අමුඩ ලේන්සු ඕතා ගෙන ආපු ජැන්ටමන්ස්ලා තුන් දෙනා, දොස්තරලාගෙයි, නේස්ලාගෙයි යුනිපෝම් ගලවලාම දැම්මේය. වැදගත් විදියට මාත්තුරුකාවට අදාලව අදහස් දැක් වූයේ, සුළු සේවිකාවන් නොහොත්, මිඩ් වයිෆ්ලා නියෝජනය කරපු, දේවිකා නෝනා විතරය. දේවිකා නෝනා එතනදි එහෙම උනාට, ඉස්පිරිතාලෙදි නම්, මෙයාලාගේ රැස්පොට්, දොස්තරලාටත් ඉහළය. කොහොමින් කොහොම හරි, අපේ පැත්තේ බල්ලෝ හීට් උන කාලේට මරා ගන්නේ, මීට වඩා රැස්පොට් විදියටය.


මේ ඔක්කෝම හුට පට එන්නේ, නෑස් නෝනලාටත් සූතීකාගාර පුහුණුව ලබා දෙන්න ඕනා කියන සීන් එකෙන්ය. මම දන්න විදියට නම්, ඔය සීන් එක ලොක්කා විසඳුවේය. එහෙම විසඳුවා යැයි කිව්වාට, තවමත් වැඩේ යන්නේ, නර්ස්ලාට ඕන ආකාරයටය. සූතීකාගාරේ අස්සෙ රිංගන්න සමන් රත්නප්‍රියටයි, ගාමිණි කුමාරසිංහයාටයි, හාමුදුරුවන්ටයි තියෙන්නේ මාර අමාරුවක්ය. සමහර විට එයාලා ස්ත්‍රී නිමිත්තට බොහෝ මනාප අය වෙන්න ඕනාය. මොකෝ නෑස්ලාගෙත් වැඩි පුර ඉන්නේ නෝනලා නිසාය.

නැවත්තුව වලිය ආයෙත් පටන් ගත්තේ, පේරාදිණිය ඉස්පිටිතාලෙන්ය. දැන් යන්නේ රාගම හොස්සපිටල් එකේය. ඔය සංවාදේ බලාගෙන උන්න ඕන හරකෙකුට තේරෙන්නේ, ගේම තියෙන්නේ කළමණාකරනයේ වීමය. මිඩ් වයිෆ්ලා, නෑස් නෝනලා දාලා තියෙන පැමිණීමේ ලේඛණේ අත්සන් කොරන්නේ නැතිය. එයාලා වෙනම පොතක් අළුතෙන් අස්සන් කොරනවාය. අමාත්තියන්සයක්, ඇමතිවරයෙක් සහ පාළකයින් පිරිසක් පත් කරලා තියෙන්නේ මේවා විසඳන්නය.

මේ කාළකන්නින්ට මේ සුළු ප්‍රශ්ණයක් විසඳා ගන්න බැරිය. කොටින්ම තදින් ක්‍රීයා කිරීමට බැරිය. හැම රෙද්දටම, අරලිය ගහ මන්දිරේ අස්සේ දුවන්න ඕනාය. එහෙම දුවන්න ඕනා නම්, ඇමතියෙක් ලේකම් කෙනෙක් ඉන්නේ, හැමිනෙන්නදයි කියා කෙලින්ම අහන්න වෙනවාය. මොකෝ කලින් හිටපු එකෙක් කලේ ඒ වැඩේ නිසාය. අපරාදේ කියන්නේ, හැමිනිලා හරි, ඒ යකාගේ කාලයේ මෙහෙම බලු පොර තිබුනේ නැතිය.

දැන් තියෙන තත්වේ අනුව, ඉස්පිටිතාලේට ඇක්සිඩන්ට් වෝඩ් දාන උන් ලියන්න ඉන්න, පොලොස් රාලහාමිට අමතරව, ඉස්පිරිතාල ඇතුලේ පොලීසිත් දාන්න වෙලාය. මේ සියල්ල කළමණාකරනයේ දුර්වලතාය. එකෙක් කතා කරනා චක්කර ලේඛනේ අනිකා පිලිගන්නේ නැතිය. එක එකාට එක එක චක්කර ලේඛන යවලාය. ඔය එක චක්කර ලේඛනේකින්වත් අපට කම් නැත.

එක එකාට එක එක චක්කර පාඩම් කරවන්නේ නැතිව. ඉස්පිටිතාලේ පාළණේ එකෙකුට දුන්නාම ඉවරය. සමහර ඉස්පිටිතාලවල දොස්තරලා ඉන්නේ මේට්‍රන්ලාට බයේය. එයාලා ඒ තරම් රැස්පොට්ය. මේ වගේ උසස් නිලතල දරණ අය එක තැන තියන්න හොඳ නැතිය, විශේෂයෙන් කිසිම් විනයක් නොමැති රාජ්ජ සේවයේ. මේ වගේ අය එක තැනක උන්නාම. පාළනේ ගෙනියන්නේ උන්ට ඕනා ආකාරයටය.

ආන්ඩුවේ ඉස්පිරිතාලේ බබා හම්බ වෙන්න යන්නේ, දුප්පත් අම්මලාය. ඔය ඉස්පිරිතාලවල රාජකාරි කොරන මූසල ගෑණුන්ටත්, විලි රුදාව ආවාම යන්නේ, ආන්ඩුවේ එකටය. එහෙමත් එකෙක්ට, ජෝසෆ් ෆ්‍රේසර්, නයින් වෙල්ස් යන්න සල්ලි තියෙනවා වෙන්න පුළුවන්ය. ඒ උනාට ඔය මිඩ් වයිෆ්ලායි, නෑස් නෝනලාගෙනුයි 99.99% යන්නේ ආන්ඩුවේ සූතීකාගාරේටමය. එකෙක්වත් සූතිකාගාරේ ඉඳන් මෝචරියට යන්න කැමති නැතිය. එහෙව් එකේ, බඩ දරු අම්මාවරු සිහි නැති කොට මාරු වෙන, සූතීකාගරේ අඬු බඬු ටික ලොක් කරලා යතුරු හංගන නෑස් නෝනලාට නම්, හෙන හතම ගහන්න ඕනාය. උන්ට ඕනා මළ මිනීයක් උඩින් හරි, තමන්ගේ ඉල්ලීම දිනා ගන්නය.

කෙසේ හෝ, 1-2 % පමණ, ඉතා වැදගත්, රත්තරන් මිනිසුන් පිරිසක්ද මේ සේවාව තුල සිටිනා බව ඔවුන්ට උපහාරයක් පිණිස ලියා තැබිය යුතුමය. එවන් පිරිස් දෙවියන් ලෙස ඇදහූවාට අපේ කිසි අවුලක් නැත. එහෙත් තිරිසනුන් මෙන් ක්‍රියාකරණා පිරිස ගැන ඇත්තේ බලවත් අප්‍රසාදයක්ය. මේ පිරිස බහුතරය නිසා, හොඳ එකෙක් උනත්, එතනට ගිය විට වැටෙන්නේ, අර නරක ගිරාවා ඉන්නා පැත්තටමය.

අප, ලදරු මරණ අනුපාතය අවම රටක් ලෙස සලකනු ලබන්නේ, අර දෙවිවරුන්ට පින් සිඳු වන්නටය. මේ මූසල සිඳුවීම් වහාම නවත ලිය යුතුය. කාළකන්නි වෘතිය සමිති අහෝසි කොට හෝ, ජනතාව බේරා ගත යුතුය. මුන් මේ සල්ලම් කරන්නේ කෝච්චි ඩයිවර්ලා මෙන් නොව, ජීවිත දෙකක් සමගය.

එම නිසා දරදඬු නීතී මගින් හෝ මේ මළ විකාර නවතා දමන ලෙස, අපි පාළකයන්ගෙන් ඉල්ලා සිටිමු. ප්‍රේමදාස වැනි ජනාධිපතුවරුන්ගේ වටිනාකම තේරෙන්නේ, මේ වෘත්තිය සමිති කාරයන්ගේ රැස්පොට් දකිනා විටය. ඒ උන්නෑහේ හිටියානම් සමන් රත්තනප්‍රියලාට අබ සරණය. ඔවුන් වෘත්තිය සමිති නායකයන් නොව, අනුන්ගේ මළ කඳන් උඩින් හෝ තම අසාධාරන ඉල්ලීම් ඉටු කර ගැනීමට මාන බලන, මිලේඡ්ච ගෝත්‍රිකයන් බව නොකියා සිටිය නොහැකිය.

තවම එකෙක් වත් මිය ගොස් නැතයි, කෙනෙක් තර්කයක් නැගිය හැක. සිවුරු කාරයෝ ඩෙඟා නටන විට, තම්බිලා අරාබී ලෝගු අස්සේ, බුර්කා අස්සේ හැංගෙන කොට, අනාගතයේ මහා විනාසයක් කරනා බව කී විට, එකෙක්වත් මායිම් කලේ නැත. මේ ගැනත් කියන්න තිබෙන්නේ එයම මිස වෙන කිසිවක් නොවේ.

161 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. WHY HAS HE WRITTEN ABOUT HIS PUKA

      Delete
    2. You mean his "Puka" has been removed by the author ??

      Delete
    3. හලෝ කකා කොහොමද?

      මමත් ඔය ටීවී එකේ දැක්කා මේ ගැන මාතලන්. මම නං ඔය අනං මනං ගෝරි වලට කැමති නෑ. හැමෝම සතුටින් ඉන්නවා නං මම කැමතියි.
      ඉතින් මාතලන් අද අපේ ඔපිස්‌ එකේ ඩෙංගු මර්දන මෙහෙයුමක් නේ. මාත් උදේ උදේ ඉදන් එකට උදව දීලා දැන් ගෙදර ආවා. අද අපේ ගෙදර කවුරුත් නෑ. ඒ හින්දා මම එන ගමන් ඕල්ඩ්රිසව් බෝතලේකුත් අරන් ආවා. අපේ රාජ්ලා හිටියා නං සෙට් වෙන්න තිබ්බා. දැන් ඉතින් මම බෝතලේ ගහලා හාන්සි වෙන්න සුදානම.

      බාගයක් විතර දාලා,බත් ඩිංගක් කළා තව ටිකකින් එන්නං කෝ.

      මේ තියෙන්නේ බෝතලේ පින්තුරේ. හැබැටම කෝ අපේ රාජ්. දැක්කේ නෑ හුග දවසකින්.

      Delete
    4. ඇනෝ මිත්‍රයා,
      හායි මචං මම මෙහේ හොඳිං ඉන්නව. මේ ටිකේ ටිකක් වැඩ වැඩියි. බ්ලොග් කියෙව්වෙ නෑ එච්චර.

      Delete
    5. ඇනෝ මචං. :D උඹ නං එල පොරක් බං ..

      Delete
    6. ඇනෝ....උඹනම් අදහන්න ඕන බුවෙක්. පිස්සු යෝනියෙක්. මරු බන් උඹේ කමෙන්ට්ස්.

      Delete
    7. ඇනෝ මචෝ.... උඹ ගෝලීප් බොන එක අතඇරියද සත්තරනේ...

      Delete
    8. ඇනෝ ඔබ බ්ලොග් එකක් ලිවීම කල යුතුම කෙනෙක් !

      Delete
    9. මේතරම් හිතවත් ඇනෝ කෙනෙක් බ්ලොග් ලෝකේ දැක්කමයි.මචං කැමතිනම් ලාවට උඹේ තොරතුරු ටිකක් කියපන්.

      Delete
    10. මේ ලිපිය කියවූ මා දැමූ කමෙන්ටුවේ අක්‍ෂර දෝශයක් තිබුණු නිසා එය නිවරදි කර ණැවත පළ කිරීමෙන් පසු මුල් කමෙන්ටුව කපා දැමූවෙමි.

      දැන් පෙනෙන විදියට මෙහි තියෙන්නේ එක කමෙන්ටුවක සළකුණක් පමණි. කමෙන්ටුවක් දැමූ පාඨකයෙක් ලෙස මට කළ හැක්කේ එහි අන්තර්ගතය ඉවත් කිරීම පමණි. සහමුලින් ඉවත් කළ නොහැක. කෙසේ වෙතත් අක්‍ෂර නිවරදි කර මා දැමූ දෙවෙනි කමෙන්ටුව දැන් මෙහි නැත.

      මගේ ඒ කමෙන්ටුවේ තිබුණේ මීට පෙර මේ ප්‍රශ්ණය ගැන අදහස් දැක්වූ බ්ලොග්කරුවන් ගේ බිරින්දෑවරුන් හෙදියන් වීම ගැන ඇනෝලා කර තිබුණු ප්‍රතිචාර ගැන සඳහණකි.

      එසේ කමෙන්ටුවක් තබන්නට හේතුව නම්, ඒ මොහොතේ මා ලියා අවසන් කර තිබුණු මගේ අද කතන්දරයට නිමිත්ත වූයේ ද එයම නිසයි.

      මෙන්න මගේ අද කතන්දරයට පාර.
      http://kathandara.blogspot.com/2014/07/here-we-go.html

      මෙන්න එහි ඇති මේ කාරණයට අදාල අදහස-

      =============================
      මේ දවස්වල වින්නඹු-හෙදි සටනක් යනවනේ ජයටම. ඕකට දොස්තරලාත් එහෙන් මෙහෙන් හෝ කෙලින්ම සම්බන්ධයි ලු.

      මේ ගැන බ්ලොග්කාරයින් දෙතුන් දෙනෙක්ම ලිපි ලියා තිබුණා. එක්කෙනෙක් රාජ්. ඊලඟට පැරා. මේ ලිපිය ලියලා පලකරන අතරේ මාතලනුත් එකතුවෙලා.

      පැරා නම් අදත් ලිපියක් ලියා තිබුණා, ඒ අර කලින් ලිපියක කමෙන්ට් එකක් දාපු ඇනෝවෙක් උපුටා දක්වලා තිබුණු දිවයින වාර්තාවට හරියටම ගැලපෙන විදියටයි. ඒ ඇනෝලා ගේ යටි අදහස ලෙස පෙනුණේ බ්ලොග්කාරයින් ගේ ලිපිවලින් කියවෙන මතය ඔවුන්ගේ බිරින්දෑවරුන් ගේ රැකියාව අනුව සැකසී ඇති බවකුයි.

      අපි ඕනෑම කෙනෙකුට රටේ ලෝකේ ප්‍රශ්ණ ගැන මතයක් තියෙනවා. ඒක අපේ අත්දැකීම්, දැනුම සහ අපි අගය කරන වටිනාකම් ඒ කියන්නේ වැලිව්ස් මත පදනම් වෙච්ච දෙයක්. එය අපේ කලත්‍රයා ගේ රැකියාවට අදාල වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.
      ==========================

      !!!

      Delete
    11. මම කකාගේ කොමෙන්ට් ඩිලීට් කලේ නෑ කකා. එහෙම සංසාරෙදි කරන්නෙත් නෑ. මොකද කාට නැතත් මට හොඳට මුල මතක මිනිහෙක්. වැරදි අවබෝධයන් ඇති වන දෑ ලියන්නේ නැතිව ඉන්න එක නේද මහත්මා කම. එහෙම මකලා තියෙනවනම් ලියපු දේ ආයෙත් දාන්න.

      Delete
    12. මේක උදේ ඉඳන් බලන මිනිස්සු ඒකට සාක්කි දරයි..

      Delete
    13. @ පිස්සු පීකුදු ඇනෝ

      මා දුටු ආතල්ම ඇනෝ උඹයි... වෙලාවක සෙට් වෙමු.. මමත් කන බොන මිනිස්සුන්ට මාර ආදරෙයි බං.. ෆෝටෝ එක මට මාර වටිනවා..

      Delete
    14. මෙකනම් පස්ට ඇනකොන්ඩෙක්.... වෙලවක මමත් ඔයවගේ එකක් දාන්නම් කියල හිතුව අනුන්ගේ පහන් සංවේගය උදෙසා.... අදහස වෙනස් කොලා මාත ඩිලීට් කොරන නිසා

      Delete
    15. ඩිලීට් කරන්නෙ කුණුහබ්බයි මඩයි.. මම කුණුහබ්බ කිව්වට අනික් උන් කියන කොට මට අහගෙන ඉන්න බෑ..

      Delete
  2. අනේ පලයන් යන්න මාතලන්,
    ඔය ප්‍රශ්නෙදි ඩොකාලයි, මිඩ් වයිෆ්ලයි තමයි වැරදි.
    හෙදියො 100%ක්ම හරි.
    - මීට පැරකුම්

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... පැරකුම් සහෝදරයා. ලෝකෙට පරකාසෙ වගේ, බ්ලොග් එකේ නානසාරට අරයට මෙයාට විරුද්ධව ලොරි ටෝක්ස් දුන්නට මොකෝ නර්ස් නෝනලාට විරුද්ධව වචනයක් දාලා ගෙදරින් කෑමයි ලෑමයි දෙකම නවත්තගන්නයැ... ඒකනෙ ඔය සිද්ධියෙදි කටේ පිට්ටු හිරවෙලා තියෙන්නෙ.
      "සමාජවාදය ජීවන විලාසිතාවක් ලෙස" කියන්නෙ ඕකටලුනෙ.

      Delete
    2. පැරා බය ගෑනි ගෙදරින් එළවයි කියලා. රාජ් බය ගෑනි රෑට ඇඳට නොගනීවි කියලා.

      Delete
  3. දිගු කොරිඩෝවේ දැමූ ට්‍රොලියෙහි විලි රුදාවෙන් පිළිසරණැක් දරාගත නුහුනු වේදනාවෙන් කෑ මොර දෙන අම්මා කෙනෙකි. ටකස්! ටකස්!! යන හඬින් සිමෙන්ති පොලොවේ සපත්තු වලින් නැඟෙන හඬ අතරේ එක්තරා මහේශාක්‍ය තාලයකින් යන් නලාව කරේ දමාගත් උගත් දොස්තර මහත්තයෙකි. ඒ "මිනිසා" ට්‍රොලිය අසලින් වේගයෙන් ඇවිද යයි. අර මෑණියන්ගේ විලාපය යන්තම්වත් ඔහු සවනත නොවැකෙන්නේ එදින වැඩවර්ජනයක් නිසාවෙන්මයි..

    මේ සංවේදී දසුන දෙස බලා සිටින වයස්ගත් ප්‍රඥ්යාවෙන් අගතැන්පත් මහාචාර්‍ය වරයෙකි.

    "මං වෛද්‍ය විද්‍යාලෙ උගන්නවුවෙ මේ වගේ හදවත් නැති දොස්තරලටද???"

    ReplyDelete
    Replies
    1. හදවතක් නැතත් මොළයක් තිබුණ නම් ඇති. ඒකත් නෑනෙ.

      Delete
    2. මනුස්සකම බල්ලට ගිය රටක්..

      Delete
    3. දිනය සහ ඉස්පිරිතාලය කියන්න බලන්ඩ. මේක සද්දේ අනුවම ගඳ මඩක් වගේ.

      Delete
  4. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහත්තයා දම්මලා සමන් රත්නප්‍රියට පුකේ ඇරවන්න ඕනි. එතකොට හරි. වේශික පුතා. ඕකුන් තමයි මේ ප්‍රශ්නේ අවුල් කරේ. මෙන්න මේ මුන්ට නං අබ සරණ උනාට කිසිම කමක් නෑ.

    ඩෙංගු එහෙම හැදුනු පොඩි ළමයි හිටන් රාගම හොස්පිටල් එකේ දුක් විදිනවා. මේ කැරි බල්ලෝ කෙලගන්නවා. මට සුපිරි බලයක් තිබ්බා නං මේ වෙෂා හැත්ත ඔක්කොම අල්ලලා හිටුපුක්‌ ගහනවා.,

    ReplyDelete
    Replies
    1. හිටුපුක් ??
      හි හී නියම වචනෙ

      Delete
    2. YOU SHOULD ASK KAKKA THUMA ABOUT THE MEANING OF THIS WORD

      Delete
    3. දුමින්ද සිල්වා මහත්තයා කොල්ලෝ ගහන්නෙ නෑ මයෙ හිතේ..

      Delete
  5. \\ප්‍රේමදාස වැනි ජනාධිපතුවරුන්ගේ වටිනාකම තේරෙන්නේ, මේ වෘත්තිය සමිති කාරයන්ගේ රැස්පොට් දකිනා විටය. ඒ උන්නෑහේ හිටියානම් සමන් රත්තනප්‍රියලාට අබ සරණය. //

    කිසිසේත්ම එකඟ විය නොහැක.

    මෙවැනි අඳබාල වැඩවර්ජන සඳහා පමණක්නම් මෙවැනි ප්‍රකාශ සමඟ එකඟ විය හැක. නමුත් පාලක පංතිය කිසිදු දිනෙක සේවක අයිතීන්, ඔවුනට හිමි විය යුතු වරප්‍රසාද බන්දේසියක තබා නම් ලබාදෙන්නේ නැත. ඒවා ලබා ගැනීමටනම් අනිවාරෙන්ම වෘතීය සමිති වැඩවර්ජන තිබිය යුතුමය. රාජ්‍ය සේවකයාට ඇති සොඳුරුතම වත්කම, අවිය වැඩවර්ජන පමණි. මක් නිසාද යත් ලංකාව වැනි රටක පාලකයන්ගේ දෑස් විවර කල හැක්කේ එවැනි විකල්ප තුලින් පමණි.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං උඹේ කොමෙන්ට් එක. කිසිසේත්ම එකඟ විය නොහැක... ඊට පස්සේ කියනවා, මෙවැනි අඳබාල වැඩවර්ජන සඳහා පමණක්නම් මෙවැනි ප්‍රකාශ සමඟ එකඟ විය හැක. කියලා.

      වැඩ වර්ජන කරාට කමක් නෑ හරියට වැඩ කරනවනම්. එහෙම වැඩ කරන්නේ නෑ නේ ආන්ඩුවේ කිසි තැනක. වැඩිය ඕන නෑ ලංකා බැංකුවට යන්නකෝ..

      Delete
    2. ඒක තමයි බොලං කියන්නේ. හැම වැඩවර්ජනේටම ප්‍රේමදාස න්‍යාය දැම්මොත් කොහොමට හිටීද? ඒකටයි එකඟ වෙන්න බෑ කිව්වෙ.

      නිකමට හිතන්න. ලංගමේ එවුන්ට උන්ගෙ පඩි හම්බෙන්නෙ කැස්බෑව හඳ දකින්න වගේ. ඉතින් වැඩ වර්ජන නෙවෙයි මරාගෙන කෑවට ඇති හිතෙයිද?

      Delete
    3. ප්‍රේම දාස කියන්නෙ යුක්තියටයි අයුක්තියටයි දෙකටම පහර දුන්නු කෙනෙක්නේ. කන මකුණත් මැරුවා, නොකන මකුනත් මැරුවා.

      Delete
    4. ලංගමේ උන් අයිතිවාසිකම් ඉල්ලන්න උන් වැඩ කරනවද බං. කළකන්නි දෙශපාළන හෙන්චයියෝ පිරිලා. කොන්දයි ඩැයිවරුයි මිකැනික්ලයි ඕන තැන පින් පඩි කාරයෝ වැහි වැහැලා. ඉතින් කොහොමද පඩු ගෙවන්නේ. ඔය කාළකන්නි තෙල් සංස්ථාවත් වහනවා ළඟදි..

      Delete
    5. ඉතින් පඩි හම්බෙන්නැත්නම් උන් වැඩකරයිද ආසාවෙන් කැපවීමෙන්. පුලුවන් තරම් හොරාකනවා, ඇයි ඉතින් පඩි නැතිව මාස ගනං ඉද්දි උන්ගෙ දරු පවුල් ජීවත් කරන්න ක්‍රමේකුත් තියෙන්නෙපැයි.

      ඇයි තව විදුලිබල මණ්ඩලේ? ඒකෙ එවුන් නම් එපාම කරපු ජාතිය.

      Delete
    6. ඔය ඔක්කෝම එකයි. පින්බතාලා රිංගවලා ඕවා කාළා තියෙන්නේ. ඒවා ඇවිත් සිරි ලංකා නිදහස් පක්ෂේ නොම්මර එකේ ප්‍රතිපත්ති. කොමත් තව ටර්ම් එකක් හිටියොත් ආයෙත් 70-77 යුගේට යන එක ආයේ දෙයියන්ටවත් වලක්වන්න බෑ. ඒ කාළෙනෙ ඉන්න තිබ්බේ..

      Delete
  6. මාතලන්............

    කොහොමත් පහුගිය කාලෙම අරන් බලන්න සෞඛ්‍ය සෙට් එකට මාර අමාරුවක් තියෙන්නේ... ඔය මොකවත් හින්දා නෙමෙයි ඔවුන්ගේ තෙල වැඩිවීම නිසාය. උන්ට ලැබෙන පඩිය ටිකක් හොයලා බැලුවානම් නිදහස් සෞඛ්‍යය එපා කියනවා මිනිස්සු... හොස්පිට්ල් ටික වහලා උන්ගේ පඩියට යන වියදම බෙහෙත් ගන්න එන මිනිස්සුන්ට දීලා නවලෝකෙන් හරි වෙන දැවැන්ත හොස්පිට්ල් එකකින් හරි බෙහෙත් අරන් බිල ගෙවපල්ලා කියලා කියලා කිව්වත් ආණ්ඩුවට ලාභයි. ජේ.ආර් හිටියනම් හොදයි කියලා හිතෙන්නේ එතකොට...

    විලිලැජ්ජයි................

    ReplyDelete
    Replies
    1. උසස් අධ්යාපනයට කරන්න ගියේ ඔය වැනි දෙයක්. වසරකට උසස් පෙල සමත් වෙන සියලු සිසුන් ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්යාලවලට ඇතුලත් කර ලන්කා ආන්ඩුවෙන් බිල ගෙව්වුවානම් අපේ උසස් අද්යාපන අමාත්යාන්සය වසා දමා එයට වැය කරන මුදලෙන් ඉතිරියක් ද කර ගැනීමට හැකිය. සීයට හය නුදුන්නේ මෙවනි ඔප්ශන් තිබෙන නිසාය.

      Delete
    2. ඇත්තටම මමත් කැමතියි සාධාරන මුදලක් ගන්නවා නම්. මොකෝ මිනිස්සුන්ට නොමිලේ දෙන දේක වටිනා කමක් නෑ. අනික ණය වී හෝ මුදල් ගෙවීමෙන් මේ වගේ එක එකාට බාල්දු වෙන්න වෙන්නෙත් නෑ.

      අජ්ජාපනේ ගැන නම් සා රස කියලා තියෙන්නේ අමු බේගලයක්..

      Delete
  7. මාතලන් උන්නැහ ලිපිය නම් කාලීන සබ්ජෙක්ට් එකක්ය.
    කතාව ඇත්තය ප්‍රශ්න විසදන්න දාල ඉන්න හැත්ත දෙසපාලුවන්ට බයේ ඒවා විසදන්නේ නැතිය.
    මහා එකාගෙන් අවසර එනකම් ඉන්නවය. කුණු වෙච්ච සමාජයක එක සේවයක් විතරක් හොද වෙන්න බැරිය.
    ලංකාව බල්ලට ගිහින් කිව්වොත් බල්ලන්ට කොරන අපහසයක්ය. දැන් මේවා පාලනය කොරන්නේ කබරයන්ට ජාතක වෙච්ච හැත්තක්.
    ලංකාවේ ඉන්න එකෙකුටවත් අනෙක් එකා ගැන කැක්කුමක් නැතිය. තමන්ගේ බෝල set එක හෝ පැණි කොම්බේ රකෙනවානම් අනිකට හෙන ගැහැව්වත් කමක් නැතිය. මට කියන්න තියෙන්නේ කරවල කටු කෑවනම් විදවපන් බල්ලෝ කියන එකය.
    මෙයට
    ඇන්න කොරෝස්ය

    ReplyDelete
    Replies
    1. ලංකාව බල්ලට නෙවි, ඤාණසාරට ගිහින් බොලව්

      Delete
    2. ඇත්තක් නැත්තේමත් නැත..

      Delete
  8. මේට්‍රන් නෝනලාට බය වෙන්නේ,අලුත් දොස්තර මාත්තයෙකුට වඩා පරණ නර්්ස් නෝනා කෙනෙකුගේ පඩිය වැඩියි.
    අනික,මෙඩිසින් සිලෙක්ට් වෙලා යන උන් ගත්තම ,ඉස්කෝලවල හිටපු කුඩුකේඩුම මුඩුප්පුම උන්ටික තෝරලා යවනවා වගේෙ,කලාතුරකින් එකෙක් දෙන්නෙක් ඇරුනම.කැලේ මාරුවුනාට පුල්ලි මාරු වෙන්නැ.
    ආන්ඩුවේ ඉෂ්පිලිතාලවල බම්බු අම්බෙන්න ගියාම කථා කරන්නේ රැලේ දඩාවතේ ගිහින් ආපු බැල්ලියන්ටත් අන්තවිදියට.(කොළඹ නොදනිමි)
    උදාහරණ-
    1.අම්මලා වාට්ටුවල ඉදන් විලාප දෙනකොට නෝනලා එන්නේ මෙන්න ‍මේම කියාගෙන
    “ඕවා කොරගන්න කොට ඕය අමාරු තිබුනේ නෑ නේද?
    2.බබා හම්බෙනකොට.
    “උස්සපිය කකුල පට්ට *සි ,තොපිට මෙතනදි තමයි කකුල උස්සන්න බැරි“
    3.මැහුම් දමද්දි
    “මේක මහලා ඇරියො නැතත් මිනිහා කියයි යද්දි තිබ්බ නෙවෙයි එද්දි කියලා“

    -පුද්ගලික තැන්වලට ගියාම.සේරම කට්ටිය තාපසාරාමේ ගිරව් වගේ.දැන් පුලු පුලුවන් අය ලංකාවේ පුද්ගලික ඉස්පිරිතාලවලටත් නෙමෙයි,බම්බු හම්බෙන්න යන්නේ කෙළින්ම පිටරටවල්ට.

    මේක අෂභ්‍යවයි වගේ දැනෙනවා නම් මාතලන් අයින් කොලත් කමක් නැ.

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව මල්මියා... කාලකණ්ණි ගෑණු ඔය විදියට තමයි වැඩිහරියක් කතාකරන්නෙ අම්මලාට ඕකුන්. පෞද්ගලික ඉස්පිරිතාලවල වෙදකම කෙසේ වෙතත් හෙදකම සහ රෝගියාට අමතන විදිය හරි හිත සැනසෙනව, සල්ලි කඩාගන්න එක වෙනම දෙයක්, නමුත් ඉතින් වෛද්‍ය සේවය ස්වභාවයෙන්ම මිල අධිකයි.

      "ඉන්න කුඩුකේඩුම උන්" අපේ පන්තියෙ නම් උන්ට පළවෙනි වතාවෙ පැනගන්න බැරි උනා. අනුන්ට වල කපනව ඇරෙන්න හිත නිදහසේ පාඩම් කරන්න වෙලාවක් නැති නිසා වෙන්ටැ, හිත හොඳ කෙල්ලො හතරක් ගියා. ඒත් ඉතින් අර කුඩුකේඩු ආච්චිලා දන්න දහංගැට දාල තුන්වෙනි පාර බඩගාගත්තා කියන්නෙ. එළියට ආවම දෙයියන්ගේම පිහිටයි.
      ඔය සෙතේමයි ගුරු වෘත්තියටත් වෙලා තියෙන්නෙ.

      Delete
    2. "ඉන්න කුඩුකේඩුම උන්"
      මේ වචනය තුල ගැබ්වෙලා තියෙනෙ දෙය තමයි අපේ සමාජයේ උනුන් අතර ඇති ආකල්ප.
      කවදාවත්ම හරි මගටනම් වැටෙන්නෙ නෑ සත්තයි.
      සිරි ලංකාවට අබම සරණයි

      Delete
    3. වේස හෙදියො ගැන මාත් පෝස්ට් එකක් දැම්මා.ඔය ඔක්කොම බැරි එකාට තමයි.අපහාසයට අදාල හෙදියගෙන් විශාල වන්දියක් ගන්න බැරිද?
      හෙදියො ගනගෙඩිය ඉස්සරහට දාගෙන ගේම ඉල්ලුවොත් ජනතාවට බැරිද ගම් මට්ටමින් සංවිධානය වෙන්න.
      මොකද වැරැද්ද කියන එක ඉවසන්න ගියොත් ඒක සාමාන්‍ය දෙයක් වෙනව.
      අර්සකුලරත්න නඩුව මතකද .එතන ඒ දොස්තරගෙන් ලොකු වන්දියක් ගත්ත.දැන් ඔය විදියට කතා කරන හෙදියකගෙන් කෝටියක දෙකක වන්දියක් ගත්තොත් මුන්ගෙ ඔය ලෙඩ හොද වෙයි.

      http://subasadhaka.blogspot.com/2014/07/blog-post.html

      Delete
    4. අනේ පල මිනිමො යන්න, අර්ස කුලරත්න ඇපෑලේදී නඩුව පරාද උනා .නොදන්නා දේවල් නොකියා හිටු

      Delete
    5. බස්සිි කියන කථාව ඇත්ත.
      හොඳ දොස්තරලත්,හොඳ නර්ස්ලත්,හොඳ ඇටෙන්ඩන්ලත් ඉන්නවා.
      වැඩේ කියන්නේ මේ අයට තමා වැඩියම ඉන්න දෙන්නැත්තේ.මේ අයට හඩක් නැ.හඩක් නැගුවොත් බොරු චෝදනාවක් හරි ගැන්සි ගැහිලා මේ මිනිස්සු පිට පටවලා රස්සාවත් නැතිකරනවා.

      Delete
    6. මං හිතන්නෙ ඔය පිරිස ඔහොම හැසිරෙන්න ලිංගික ඉරිසියාව නිසා. තමන්ට නොලැබුණු ලිංගික සුවයක් ලැබුණු කෙනෙක් දකින කොට ඇහේ උල් අණිනවා වගේ ඇති. ඒකයි ඔය කුණුහරුප.

      Delete
    7. මේ ඔක්කෝම කතා ඇත්තයි කියලා කියනවා ඇර වෙන මක්කා කියන්නද?

      Delete
  9. අපේ මිනිස්සුන්ගෙ ආකල්ප වලයි වැරැද්ද.
    දොස්තරකම, හෙදකම, සාත්තු සේවක කියන්නෙ රැකියාවන්. මනුස්සයෙක් උනාම කරන රැකියාවට අවංක වෙන්න ඕන. තමන්ගෙ ආයතනයට ණය නැතිවෙන්න ඕන.
    ලංකාවෙ වෙලා තියෙන්නෙ රාජ්‍ය සේවකයො බහුතරයක් තමන් ගන්න පඩියට ණයයි,
    පෞද්ගලික අංශයේ සේවකයො බහුතරයකට උන් වැඩ කරන ආයතන ප්‍රධානීන් ණයයි.
    ණයක් නැති උන් ඉන්නෙ බොහොම ටික දෙනයි.

    අපි මිනිස්සු. දෙවිවරු නෙමෙයි. කිසිම රස්සාවක් ලොකුත් නෑ, පොඩිත් නෑ.
    දොස්තර කරන්නෙත් රස්සාවක්, පාර අතුගාන මිනිහ කරන්නෙත් රස්සාවක්.
    පෞද්ගලික අංශයේ ඔවැනි තොවිල් නටන්න ඉඩක් නැහැ නේද.
    එහෙනම් ඇයි රාජ්‍ය අංශයේ කළමනාකරුවන්ට මේ විගඩම් නවත්තන්න බැරි?
    උන්ගෙ කොඳු රබර්ද?

    පෞද්ගලික අංශයේ වෘත්තිකයෙක් ගන්න තීරණයක් වැරදුනොත්, එක ෆිගර් එකක් එහෙමෙහෙ උනොත් රස්සාව අනතුරේ.
    රස්සාව විතරක් නෙමෙයි මුලු ඉමේජ් එකම ඉවරයි.
    ඇයි වැරැද්දකින් ජීවිතයක් නසන දොස්තරට වෙනස් සැලකිල්ලක්?
    ඇයි හිතාමතා ජීවිත දෙකක් එක්ක සෙල්ලම් කරන නර්ස් නෝනට වෙනස් සැලකිල්ලක්?
    රැකියාවක් විදියට ගිලානෝපස්ථානය තෝරන්නෙ පින් තකා නොවෙයි.
    පඩි තකා.
    ගන්න පඩියට අවංක වුනානම් ඔය මොන ඉලව්වක්කත් අහන්න දකින්න ලැබෙන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. දොස්තරලා අමුඩේ කරේ දාගන්නවා මදිවට අර ටෙලස්කෝප් එකද මක්කද එකත් කරේ දාගන්නවා නේ. ඊට පස්සෙ උන් හිතන්නේ උන් දිවිය ළෝකෙන් මෙහේ ඇවිල්ලා කියලා. ඒ ලෙඩේට බෙහෙත් හොයාගෙන නෑ තවම. අනික් උන් ගැනත් තත්වය එසේමය. ඕක ලංකාවේ ලෙඩක්.

      මට පරණ බොසෙක් හම්බ උනා ළඟදී. මම ඌට සෑර් කිව්වේ නෑ කියලා ඌට හෙන අප්සට්. මම සෙනග ඉස්සරහම කිව්වා ඔහේට සෑර් කිව්ව කාලේ ඉවරයි. දැන් ඔහේ මට සෑර් නෙවෙයිය කියලා.

      Delete
  10. මට බබා ලැබුනෙ ජෝසෆ් ෆ්රේසර් එකෙ උනත් අපේ අම්ම මාව ඩිලිවර් කරලා තියෙන්නෙ රජයේ රොහලක. බබා නොර්මල් ඩිලිවර් කරන්න අම්ම කෙනෙක් විදින මහන්සිය වෙදනාව දන්නෙ නොර්මල් ඩෙලිවෙර් කරපු අම්ම කෙනෙක්ම තමයි. අද කාලෙ සමහර අම්මල C-section එකකින් බබා ඩිලිවර් කරල ෆොටො FB එකේ දානවා කිසිම මහන්සි මූනක් නැ. මූනෙ make-up එක විතරයි අඩු. සල්ලි තියෙන අම්මල තමයි ප්රයිවට් හොස්පිටල් එකකට ගිහින් ඩිලිවරි මෙතඩ් එක ගොඩක් වෙලාවට ඩිසයිඩ් කරන්නෙ.

    ඒ කොහොම උනත් ප්රයිවට් හොස්පිටල් එකක් නිසා labor රූම් එක ඇතුලෙ මගේ වේදනාව අවමව දැනෙන විදියට කටයුතු කරන්න සිස්ටර්ස්ල ඇතුලු ස්ටාෆ් එක කටයුතු කලා.මහත්තයට මගේ ලග ඉන්නත් දුන්න. මම කියන කියන වෙලාවට A\C අඩු වැඩි කරන්න,ඉල්ලන වෙලාවට කූල් වතුර පොවන්න, එකී මෙකී දෙවල් ඉල්ලන සෑනින් දෙන්න සිස්ටර්ස්ල තුන් දෙනෙක්, අටෙන්ඩන්ට් කෙනෙක් නිතරම මගේ වටේ හිටිය. ඒ වගේ වෙලාවක අන්ඩුවෙ ඉස්පිරිතාලෙ අම්මලට සලකන්නෙ කොහොම්ද කියන එක මම දැකල නැති උනත් අහල තිබුන.මට එවෙලෙ හිතුන එකම දෙ තමයි මට පුලුවන් කමක් තියෙනම් අපේ රටෙ නොර්මල් දරුවො බිහි කරන සියලුම අම්මලාට ඒ පහසුකම් සියල්ල දෙනව කියන එක.

    මමත් ඊයෙ දහසකුත් වැඩ තියාගෙන ඔය ප්රොග්රම් එක බැලුව. ඔය රන්ඩු වෙන දෙපිරිසේ වැඩිපුර ඉන්නෙ ඔය වේදනාව විදපු අම්මල වෙලත් මෙහෙම වැඩ කරන එකනම් හරිම කලකිරීමක්....

    ReplyDelete
    Replies
    1. අත් අම්මලට හෙදියො මාර අපහාසලු කරන්නෙ.ලිංගික ක්‍රියාව පවා මතක් කර කර අපහාස කරනවලු.හෙදියන්ට සමාජ විරෝධය එල්ල වෙනව මදි.මේ වගෙ වැරදි කරන හෙදියන්ට ඉතාම දැඩි දඩුවම් දිය යුතුයි.

      Delete
    2. දුප්පත් අම්මලට හෙදියො මාර අපහාසලු කරන්නෙ.ලිංගික ක්‍රියාව පවා මතක් කර කර අපහාස කරනවලු.හෙදියන්ට සමාජ විරෝධය එල්ල වෙනව මදි.මේ වගෙ වැරදි කරන හෙදියන්ට ඉතාම දැඩි දඩුවම් දිය යුතුයි.

      Delete
    3. ආන්ඩුවේ ඉස්පිරිතාලවල බබාලා හම්බ උන අයගෙන් අහන්නකෝ මොකක්ද තත්වේ කියලා.. දුක තමයි දොස්තරලා ඉස්සරහා මේ දේවල් වෙන එක.

      Delete
  11. හෙදියන් යනු ආවතේවකාරියන් පිරිසකි.මුල් යුගයේ ඔවුන්ට පැවරුනේ තේ අල්ලනව වගෙ වැඩය.කිතුනු කන්‍යා සොහොයුරියන් හෙද සේවයේ නියැලුනි.කිසිම වෘත්තීය පුහුණුවක් අවශ්‍ය නැති කම්කරු මට්ටමේ රැකියාවකි.එහෙත් වෛද්‍යවරුන් සමඟ කටයුතු කරන නිසා හෙදියන්ට වැදගත්කමක් ආරෝපනය වී ඇත.
    හෙද සේවය සදහා මෑතක් වන තුරුම බඳවා ගත්තේ උසස් පෙළ කලා විශය ධාරාවෙනි.
    හෙද වැඩ වර්ජන වලදී අවබෝධ වූ ප්‍රධානම දෙයක් නම් වෛද්‍යවරුන්ට සර් කීමට හෙදියන් කැමති නැති නැති නිසාලු.
    වින්නඹුවන් තමන්ගෙ යටතේ සිටිය යුතු යැයි ද ඔවුන් තමන්ට මැඩම් කියන්නට ඕන යැ‍යිද කියමින් එය ආයතන පරිපාලන ක්‍රමය බවත් එම තරාතිරම් ක්‍රමය බිද වැටුනොත් පරිපාලනය බිද වැටෙන බවත් අඩමින් කියන්නෙ හෙදියෝය.
    ප්‍රශ්නය මෙයයි.මේ අය මේ ඉල්ලන්නෙ ඔවුන්ට හිමි නැති දෙයකි.
    වෛද්‍යවරුන්ගෙ මොන වැරදි තිබුනත් ඔවුන් උසස් පෙළින් ඉහළ ළකුණු ලබා පස් අවුරුදු උපාධියක් කළ අයයි.ඔවුන්ගෙ වැරදි කරන්නට තමන්ට අයිතියක් ඇතැයි හෙදියන් කියන්නෙ නම් වරදකි.
    දොස්තරල පමනක් නොවේ හෙදියොත් ඉන්නෙ වැඩිපුර නිකම්ය.ඕ ටී කර දොස්තරලගෙ පඩියට කිට්ටු පඩියක් ගනියි.හෙදියන් යනු ආවතේවකාරයන් මිස උසස් නිළධාරීන් නොවේ.නමුත් ඔවුන්ට එම ආවතේව කටයුතු වලට කිසියම් දැනුමක් අවශ්‍යය.කතුර ගේන්න කියපුවම බන්ඩි කියතක් ගේන්න ඉඩ ඇති නිසා බන්ඩි කියතයි කතුරයි අතර වෙනස් වැනි සාමාන්‍ය දැණුමක් අවශ්‍යය.
    හෙදියන් ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න ඉගෙන ගන්න ඕනය.
    උගත් වෛද්‍යවරයා ලබන වරප්‍රසාද නූගත් හෙදිය පැතීම එක ලොකුම වරදකි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මෙහි සඳහන් කරුණු හා මා කිසිසේත් එකඟ නැත.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. පොඩි අත්දැකීමක් කියන්නං මාතෙ.. එක්තරා රජයේ රෝහලක සූතිකාගාරෙ හැඳින්වෙන්නෙ 02 වාට්ටුව නමින්..ඒකට එහාපැත්‍තෙ නොමේරූ ළදරු ඒකකය (PBU) එකේ අපේ නැන්දා වැඩ කරේ නර්ස් කෙනෙක් විදියට..මං එයාව හම්බෙන්න යද්දි පඩිපෙල ලඟට ඇහෙනවා අම්මලාගෙ විලාපෙ .. ඒ වගේම සේවිකාවො ඇතුලෙ බනිනවා නර්ස්ලද මොක්කුද කියන්ඩ දන් නෑ
    "තොපිට ##ගන්නකොට නං ඔහොම අමාරුවක් තිබුන් නෑ නේ."
    "එනවා මෙතන අපිට වදදෙන්ඩ"
    වගේ දේවල් මගේ කන් දෙකට ඇහිලා තියනව බං !!!!!

    ReplyDelete
    Replies
    1. ඔය කාලකණ්නි වැඩ කරන එවුවොන්ට දෙලෝ රත් වෙන්නෙ කරන ඒවට යන අපායක ඉඳන් පොළී ගෙවන්න උන දාකට තමයි පත්තරේ.

      Delete
    2. මාත් ඔය ගැන පැරකුම්ගෙ බ්ලොග් එකේ කොමෙන්ට් එකක් කොටල එන ගමන්.ඔය ඔක්කොම දුප්පත් ගෑනුන්ට.මේ තත්වය හැමදාම තිබුන දෙයක්.බබෙක් හම්බවෙන්න ඉස්පිරිතාලෙකට යනකොට අදුරන කෙනෙක් ඕනමයි කියන කතාව ගම්වල ඇතිවුනේ ඕකයි.
      මේක හැමදාම තියෙන්න ඕන එකක්ද.මේ වේස හෙදියන්ට පනිෂ්මන්ට් නැද්ද
      මුන්ට පනිෂ්මන්ට් දෙන්න ආවොත් අර ගනගෙඩිය කුලප්පු වෙයි කියල ආන්ඩු බය ඇති.
      ආන්ඩු කියන්නෙ ගනගෙඩියන්ටයි වෘත්තිමය ගෝත්‍රිකයන්ටයි බය පුරස්සර ආයතනනෙ.
      මේක හැමදාම මෙහෙමද .ඊයෙත් මෙහෙමයි අදත් මෙහෙමයි හෙටත් ම්,එහෙමද

      Delete
    3. හපොයි එහෙම කෑගැහිල්ලක් බස්සි..දැනුත් ඇහෙනව ඇහෙනව වගේ. අනේ මීඊඊඊස් මට බෑ මිඊඊස් ...බුදු අම්මෝ ගානව බං. මට නං සතෙකුටවත් ඔහොම වෙලාවට සැර කරන්ඩ බෑ.. හොඳ වෙලාවට ආණ්ඩුවෙ ඉස්පිරිතාල වල තාත්තව ඇතුලට ගන් නැත්‍තෙ..

      අම්මාපල්ල මම නං කොළබොක්ක අදිනවා එලියට මගෙ කන් දෙකට ඇහුනොත් මයෙ ගෑනිට ඔහොම කරනවා. !!!!!!

      Delete
    4. පත්තර මල්ලිJuly 1, 2014 at 11:34 PM@
      වේස හෙදියො උඹේ ගෑනිට එහෙම කියල උඹ ගේම ඉල්ලුවොත් මොකද දන්නවද වෙන්නෙ.උන් වරජනය කරයි.ගනගෙඩිය ඉස්සරහට දාගෙනනෙ ඉන්නෙ.මේ රටේ ජනතාවට පරමාධිපත්‍ය තියනව කිව්වට ඇත්තටම පරමාධිපත්‍ය තියෙන්නෙ ගනයන්ටනෙ.
      ජනතාව මේ අවනඩුව ගනයන්ට කිව්වනම් හරි එහෙමනම්. ගනගෙඩියනේ මේ දුක අහපල්ල කියල.
      ජනතාවට විපක්ෂයක් ඕන කියන්නෙ මේකටයි.සැබෑ පරමාධිපත්‍ය ජනතාවට ලබා දෙන විපක්ෂයක් අවශ්‍ය ඒකයි.

      Delete
    5. සමාජ සුභසාධන මචං
      //බබෙක් හම්බවෙන්න ඉස්පිරිතාලෙකට යනකොට අදුරන කෙනෙක් ඕනමයි කියන කතාව ගම්වල ඇතිවුනේ ඕකයි.//
      අපේ නැන්දත් ඕකම කිව්ව බං..මට කිව්ව මං බඳින වෙලේ උඹට බබා හම්බෙන කාලෙක අපේ එකට වරෙං කියලා..මං කිව්ව මගෙ බල්ලවත් එවන් නෑ ඕකට නං කියලා බං.. මගෙ ලොකුකමකට නෙමෙයි .. පෙට්ටි සාප්පුවකට හරියන ගෑණු සූතිකාගාර වල වැඩ කරන හින්දා !! හැමෝම නොවෙන්න පුලුවං .ඒත් මගෙ කන් දෙකට ඇහුනදේ කොහොම අමතක කරන්නද බං.

      හැබැයි තව එකක්.මං බ්‍රෝන්කයිටීස් හදාගෙන ඕකෙම ලැග්ගා එකපාරක් දවස් තුනක්. හප්පා සැලකිලි. උදේට ඩොකා එක්ක එනවා වෙන්ඩ නර්ස් නංගිල ටිකක් .පුහ්. නැන්දා වෝනින් එක දීල මගෙ පුතා ඒ කියලා. හප්පේ සැලකිලි. මගෙ ඔලුවත් අතගානව..ගෙදර විස්තරත් අහනව.. රජ සැලකිලි .ඕං තත්වෙ !!!

      Delete
    6. උන් හිතාගෙන ඉන්නේ උන් දෙවි දේවතාවරු කියලා. හැබයි සල් වන ලෙඩ්ඩුත් ඉන්නවා මචෝ. සමහර උන් බෙරිහන් දෙන්නේ අපි මොකක් හරි කරලා වගේ. මම දොස්තර නම් ගහනවා කටට ඉන්ජෙස්සන් ටික වෙලාවක් හිරි වැටිලා ඉන්න.

      Delete
    7. ++++++++++++++++++

      Delete
  14. මුලු සෞඛ‍ය දෙපාර්තමේන්තුවම එකවගේ , ( කලාතුරකින් කෙනෙක් ඇර ) කිසිම කරුණාවක් නැති , හිතක් පපුවක් නැති අය ඉන්නේ. මම අහල තියෙනව බබාල හම්බවෙන්න එන අම්මල අමාරුවෙන් දඟලනකොට එයාලට ගහනවත්ලු. ඉස්පිරිතාලවල වැඩ කරන අය හිතාඉන්නේ එතන එයාලගෙ පුද්ගලික දේපලක් කියල. කොටින්ම ලෙඩ්ඩුන්ට දෙන කෑම ටිකත් හොරකම් කරන අය ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. හැබයි ඉතින් සමහර අම්මලත් මල හෝන්තූ. සල් වන. කිසිම හේතුවක් නැතිව මොර දෙන්නේ..

      Delete
  15. ඇත්තට කව්ද බන් දැන් ලංකාවේ සෞඛ්‍ය ඇමති ???? එක්කොත් වැඩක් ඕන නෑ බන්... එතනටත් ලොක්කගේ නමම දාන්නම් මොනවා උනත් එයාට ඕන විදියටනේ ඔය කොතනත් වැඩ වෙන්නේ

    ReplyDelete
    Replies
    1. හාල් මෝල් පාරුවෙක්.... බං .....

      Delete
    2. අතිගරි මහින්ද රාජපක්ෂ මැති තුමා. උසස් අජ්ජාපන ඇමතිත් එයා. ගමනාගමන ඇමතිත් එයා. නිකන් අජ්ජාපන ඇමතිත් එයා.

      Delete
    3. මතා කියලා තියෙනවා හරි බන්ස්ලා,රටේ ජනගහනයට වඩා ඇමතිවරු හිටියත් ඔක්කොම කරන්නේ,කෙරෙන්නේ මහින්ද මාමට ඕනේ විදියට.

      Delete
  16. මේවා මෙහෙම පවත්වා ගෙන යෑම නිතරම රටේ එක් ප්‍රධාන අවුලක් සැදිම දැන් වසර ගානනාවක් සිට වෙන දෙයක් ය,එහෙව් රටක මොන කතා ද??තව ටික කාලේකින් මිනිස්සු බඩ ගින්නෙ මැරුණේ නැත්නම් පුදුම විය යුතුය අර කොස් දෙල් කවලා හදනවා කිව්ව අඩි කියෙද යොදයාත් ගෙන්න වෙන්නෙ චිනයෙන් බවත් ශුවර්ය ....ලංකාවෙ තව දුරටත් පෞද්ගලික අංශය ප්‍රසාරණය වන්නට අවශ්‍ය ය බව මගේ පෞද්ගලික මතයයි,මේ සෙවාවල් උඩ දාන් කෑ ගහන්නෙ ඒ නිසා ය.මෙවා නිසා කට්ට කන්න වෙන්නෙ අතේ සතේ නැතුව පොලින් ගානේ යන අපේ මිනිස්සු බව මුන්ට හැගෙන්නෙ නැති එක ????

    ReplyDelete
    Replies
    1. අනිවා ඕක කීයක් හරි අරගෙන කරානම් ලෙඩාටත් තත්වයක් තියෙනවා. දැන් උන් සලකන්නේ හිඟන්නන්ට වගේ. පුළුවන් එකාටවත් ගෙවලා ඉස්පෙසල් කාඩ් එකක් අරගෙන යන්න පුළුවන් නම් ළොකු දෙයක්.

      Delete
  17. සෞඛ්‍ය සේවාවේ ඒ ඒ නිල අනුව වගේම දුම්රිය සේවාවේත් කිසිම නිලයක අයෙකු ගේ වරදකට දඬුවම් නෑ. කෝච්ච් කීයක් හැප්පුවද මේ වනවිට. කිසිවකුට දඬුවම් නෑ. එකම දඬුවම සතියක් සේවා සදහා නොයොදවා කාර්යාලයේ සිටින්න කීම පමණයි. දඬුවම් කරන්න ගියොත් වර්ජන රැල්ලක්.
    මේ නර්ස්ලා වින්නමුලා දොස්තරලාත් ඒ දේම තමයි කරන්නේ.
    මෙතැන පරිපාලනයත් අසරණ වෙනවා. සේවාවන් සපයගන්න නොහැකිවන තැන. මේවා තමා මාෆියා වෘත්තින්. කෙළින්ම ජනතාවගේ ජන ජීවිතයට දැනෙන දේවල්. මුල සිටන්ම වරද්දගන තියෙන්නේ අපි. අපි කියන්නේ අපේ දේශපාලනය විසින්.

    ReplyDelete
    Replies
    1. බැරිද ලේක් හවුස් එකෙත් වර්ජනයක් කොරන්න.
      ජන ජීවිතය මාර විදියට අඩාල වෙයි නේද

      Delete
    2. ඔබ 100% ක් හරි.ලංකාවෙ එවුන් උන්ට බලයක් පොඩ්ඩක් හරි ලැබුනොත් සාමාන්‍ය ජනතාවගෙන් ඇරියස් කවර් කර ගන්නව.ලංකාව කියන්නෙ මුස්පේන්තු රටක්ය ජනතාව මහ ජරා එවුන්ය කියල සැටලයිට් කියන කොට මට තරහ ආව .ඇත්ත බන් ඒ කතාව.සැටලයිට් ල පිටරට ගිහින් ඒ මිනිස්සු ගැන දන්න අයනෙ.
      කන ටොපි කොලේ කුනු කූඩෙට දන්නෙ නැති එවුන්නෙ.

      Delete
    3. @AnonymousJuly 1, 2014 at 11:36 PM
      ඔයා ඔසී ඉදල ඔහොම කීන්න එපා මෙයා..... නලින් මල්ලියට එහෙම කොරන්න බැහැ ...

      Delete
    4. ලේක් හවුස් එකේ ඉන්න එවුන් ලියන චේතිය පච වලට උන්ට දඬුවම් දෙන්න ගියොත් එල්ලුම් ගහත් ආපහු ඕනැ වෙයි.

      Delete
    5. ඇත්තටම නලියෝ මේවා ආන්ඩුවට නවත්තන්න බැරිද? එහෙම නැත්නම් උවමනාවක් නැතිද? අපි හිතමු මේවා ඇමතිට මඩ ගහන කුමන්ත්‍රණය කියලා. ප්‍රේමදාසට ජේ ආර් ගෙන කොච්චර කෙනෙහිලි කම් තියෙත්දිද ඒ යකා ගෙවල් හැදුවේ. නඟර අළුතෙන් ඉඳිකලේ.

      Delete
  18. අපි ඔක්කොම එක සසිද්දියක් අල්ල ගෙන පට්ට ගහනවා . මතුපිට අතගාමින් විවිද කතන්දර වමාරනවා .එහි යටින් ඇති දුකට හේතුව ගැන කතා කරන්නේ නැහැ . අඩුම ගණනේ තමන්ගේ දරුවන් ගැනවත් හිතල මේ රටේ මේ පාලකයන් එලවන්න මතවාදයක් උත්සහයක් ගන්න . කට වහ ගෙන හිට්යොත් මේ කබරයෝ සහ කහ කුරුල්ලෝ එකතු වෙලා අපේ නංගිලා අක්කලා විතරක්i නොවේ  අත්තම්මල ටිකත් චීනට විකුනැහැ . මුංට තව විකුනන්න දෙයක්itඉතුරු වෙලා නැහැ
    මුං මිනිස්සු අතරේ බය සහ අසමගිය පතුරවමින් ජනතාව මුන්ට විරුද්දව නැගිටින එක වලක්වන්න ප්ලැන් කොරනවා
    මෙයට
    ඇන්න කොරොස්

    ReplyDelete
    Replies
    1. උඩ එක කමෙන්ට් එකක් වත් නොපෙණුනු රාජ් මෙන්න මේ කිසිම අදාළත්වයක් නැති කමෙන්ට් එකකට ලයික් කරලා. අපෝ ඔච්චර බය තිබුණාම ඇති.

      Delete
    2. උඩ කමෙන්ට් වලින් ගන්න දෙයක් තිබුනෙ අර අඩියක් ගහල ආතල් එකේ ඉන්න ඇනෝගෙ කමෙන්ටුව විතරනෙ බං.

      Delete
    3. අනේ නෑ බං. මට රිදෙන්නෙ මොකටද? මෙව්ව මගේවත් මගේ ගෑනිගෙවත් ඇ‍ෙඟේ වදිනවද?
      සෞඛ්‍ය ක්ෂේත්‍රය කියන්නෙ අර පැරා කිව්ව වගේ පිස්සු පීකුදු තැනක්. හොඳ නරක එවුන් ‍දෙගොල්ලම ඉන්නව.(නරක එවුන් වැඩියි කියමුකො). මෙතන සිද්ධවෙන්නෙ බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ආවම අරය මෙහෙම කිව්ව මෙයා මෙහෙම කිව්ව වගේ දෙකයි පනහෙ කතා වලින් ක්ෂේත්‍රයේ තියන ප්‍රශ්නය අමතක කරල තාවකාලික වේදනාව පිටකිරීමක්. කමක් නෑ ඉතිං එහෙමවත් හිත හදාගන්නව නං ආයෙ මගෙ මොකෝ

      Delete
    4. ඔය ජනප්‍රිය බොරුව කවදත් තියෙන එකක්. මේවට විරුද්ධව ජනතාව පෙල ගැසෙන්න ඕන. එකෙක් දෙන්නෙක් මලත් ජන බලයට ඕන එකෙක් බයයි. අර්ථ සාධකෙට කෙලින්න ගිය එක නැවැත්තුව හැටි මතකනේ.

      Delete
    5. යකෝ මේක මාර නම්කනේ "ඇන්න කොරොස්". තෝ කෙල්ලෙක්ද කොල්ලෙක්ද නැත්නම් shemale ද.
      අදහස් නම් හොඳය. ඒ උනත් සුදු ලස්සන වැන් එකක විනෝද ගමනක් යන්න වීසා ගන්න උත්සහ ගන්න පොරක් හෝ පොර කිකිලියකගේ ඩයල් එකක් වගෙය.

      Delete
    6. මචන් anno

      සමාජයේ ඉන්න කොට ගැනියක් වගේ ඉන්න වෙලාය. නැත්නම් පුන්නසොමලගෙන් වෙදිකන්න වෙනවා. නැත්නම් ඔබ කියපු විදියට වැන් ට්‍රිප් එකක් නොම්ලේම යන්න ලැබෙනවා. ගේ ඇතුලේ පිරිමියෙක් වගේ ඉන්නවා ගැනිට හා ළමයන්ට පාට් එක දාගෙන. සමාජ කටයුතු වලදී පොන්නයෙක් වගේ ඉන්නවා. මොකද දැන් ලංකා සමාජයේ ඉන්න හැමෝම සියල්ල දත් නිසා.

      මෙයට
      ඇන්න කොරොස්

      Delete
    7. එළකිරි උත්තරේ අන්න කොරොස්...

      Delete
    8. මාතලන් උන්නැහ
      ඔබගේ වචනයට කෘතච්ච වෙමි
      හිතවත් - ඇන්න කොරොස්

      Delete
    9. @ රාජ්
      //මෙතන සිද්ධවෙන්නෙ බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ආවම අරය මෙහෙම කිව්ව මෙයා මෙහෙම කිව්ව වගේ දෙකයි පනහෙ කතා වලින් ක්ෂේත්‍රයේ තියන ප්‍රශ්නය අමතක කරල තාවකාලික වේදනාව පිටකිරීමක්. //
      එතකොට මචන් ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්නවල ඇරියස් එක ලෙඩ්ඩුන්ගෙන් කවර් කිරීම තුනයි පනහෙ විතර වැඩක්ද? ක්ෂේත්‍රයේ ප්‍රශ්න තියනවනම් ඒක පාලකයොත් එක්ක සාකච්ඡා කරල බේරගන්න බලල බැරිම නම් විතරක් වර්ජනයක් කිරීම අසාධාරණ නැහැ. ඒත් හැම මගුලටම ස්ට්‍රයික් කරන, පොඩ්ඩ බැරිවෙද්දි ඇඟට කඩාපනින එක හරියි කියලද කියන්නෙ?
      දැන් බලපන් නර්ස්ලයි ඩොකාලයි කාමරේක තියන පුටුවකට, විවේක කාමරේ මාරුකරන්න වගෙ දෙකයි පනහක්වත් නොවටින ඉල්ලීම්වලට ලෙඩ්ඩුන්ව අමාරුවේ දාන එක හරිද මචෝ???
      අනික දැං සෞඛ්‍ය සේවාව පිහිටුවලා තියෙන්නෙ නර්ස්ල ඩොකාලා ඇතුළු කාර්යමණ්ඩ‍ලවල එකිනෙකාගෙ ඊර්ෂ්‍යා ඇරියස්වලට සොලියුෂන් දෙන්න ද? ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්නද?
      වැඩේ කියන්නෙ මුංටික (සහ ඔෆිස් වලට වෙලා පුටු රත්කරන උන්ගෙ හබීලා) හිතාගෙන ඉන්නෙ ඒ ඒ ආයතන පිහිටුවලා තියෙන්නෙ උන්ට පඩිගෙවන්න මිසක් ජනතා සේවයට නෙවෙයි කියලනෙ.

      Delete
    10. මචෝ ඇන්න කොරා
      ඒ කියන්නේ අපි ඕක්කොම පොන්නයෝ වෙලාවකට ඇත්ත
      තමා . මෙ සමාජ අසදරණය විරුද්දව නැගිටින්න බැරි අපිට වෙන මොනව කියල කතා කොරන්නද

      Delete
    11. AnonymousJuly 2, 2014 at 9:20 PM

      ප්‍රශ්නයක් දිහා බලන්න පුළුවන් එක එක මට්ටම් තියනව. ඒක එක එක්කෙනාගෙ දැනුමේ තේරුමේ තරමටයි සිද්ධ වෙන්නෙ. මෙතන කමෙන්ට් කරල තියන 'ඇකඩමික්' යයි කිවහැකි බුවාල බුවීල අල්ලගන්නෙ ප්‍රශ්නයේ අතට අහුවෙන සීමාව විතරක් වීම කණගාටුවක්.

      1.මම කිව්ව අර වේදනාව පිටකිරීම අවුලක් නෑ. සෞඛ්‍ය ක්ෂේත්‍රය පුරාමත් රාජ්‍ය සේවය පුරාමත් සමාජය පුරාමත් මේ අවුල තියනව. කොහොම උනත් ඉස්පිරිතාලෙට එන්නෙ ලෙඩ්ඩු. එයින් සමහර උදවිය මරණාසන්නව ඉන්නව වෙන්නත් පුළුවන්. ඒනිසයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජනයක් අපිට වැඩියෙන් දැනෙන්නෙ. පොලිසියෙ තියන මේ තත්වයත් දැනෙනව වැඩියි. මේව වෙනස් වෙන්න ඕන කියන එක අමුතුවෙන් කියන්න ඕනද?

      2.දැන් හටගෙන තියන ආසන්නම ප්‍රශ්නය නර්ස්ලගෙ පාට් දැමිල්ල නෙවේ. ඒක කලිනුත් තිබුන ඉස්සරහටත් තියේවි. අවුල තියෙන්නෙ ගෑස් පෙන්නල වත් ප්‍රතිකාරය කරවගන්න බැරිවීම.

      3.දැං ප්‍රශ්නය විසඳන්න ඕන කවුද? සෞඛ්‍ය අමාත්‍යාංශය නේද? සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රශ්නය විසඳන්න එක ක්‍රමයක් තියනව.
      $-හෙද සේවාවට දෙන්න තියන පුහුණුව දෙන්න ඕන. එයාල හොඳට පුහුණු උනොත් වාසිය රෝගීන්ට. ඒකෙ අවුලක් තියනවද?
      $-ඒ එක්කම හෙදියන්ට පුහුණුව දියයුත්තේ වින්නඹු සේවාව කපන්නේ නැතිව. දැන් කරන්න හදන්නෙ හෙදියන්ට පුහුණුව දීල වින්නඹුවන් අයින් කරන්න. වින්නඹුවන්ට අවුලක් නැත්තං හෙදියන් මොනව කරගත්තම මොකද?

      4.වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියා කරන ආකාරය අවුල්. ඒක අවුල් කියල සෞඛ්‍ය උප ඇමතිම කියනව. ආණ්ඩුව එයාලට භයවීම අපේ ගැටළුවක් නෙවේ. ආණ්ඩුවෙ ගැටළුවක්.

      5.මගේ අදහස නං සෞඛ්‍ය පරිපාලනය වෙනම යායුත්තක්. ඒක දොස්තරලටවත් නර්ස්ලටවත් මිඩ්වයිෆ්ලටවත් කරන්න දෙන්න හොඳ නෑ. එහෙම උන ගමන් එයාල කරන්නෙ තමුන්ගෙ සේවයට අදින එකයි. (තමුන්ගෙම ක්ෂේත්‍ර වලින් පාලනය වන ආයතන සාමාන්‍යයෙන් අසාර්ථක බව උදාහරණ ඕන තරම්)

      6.අපි "හිතාගෙන ඉන්න" දේවල් පවා දන්න ඔහේලට ප්‍රශ්නයක් දිහා බලන්න තේරුමක් නැතිවීම තමයි මේ රටේ තියන රියල්ම ප්‍රශ්නය. මේවගේ වෙලාවක ජනාධිපතිතුමා ඇවිල්ල ප්‍රශ්නය 'විසඳල' ගියාම එයා චෝයි වෙන බව ඡන්ද දිහා බැලුවම පේනව.

      Delete
    12. රාජ් මහත්තයෝ මෙතන තියන ප්‍රශ්නය අපි ප්‍රශ්න වෙන් වශයෙන් අරගෙන කතා කොරන්නේ . ඒත් මේක මූලික ප්‍රෂණයේ අතුරු ප්‍රශ්නයක් . මූලික හේතුවට විසදුමක් සපයුවනම් අනෙක් සියලුම දේවල් විසදෙනවා . රාජ්ට තේරෙනවා ඇති මට වඩා හොඳට , ඔකද ඔබ ඕපාදූප මට්ටමින් නොව කිදා බැද ඇති මූලික ප්‍රශ්නය ගැන හිතන නිසා
      anna koros

      Delete
    13. යකෝ ඇන්නෝ තෝ අපිට පොන්නය කියල බැන්න දැන් නිකන් පඩි ටෝල්ක් දෙනවා රාජ් එක්ක එකතු වෙලා මේකා ජේවීපී කාරයෙක් ද කොහෙද

      Delete
    14. එක දෙයක් ඇරුනු කොට මෙතන රාජ් කියපු ඔක්කොටම එකඟයි.

      //ඒ එක්කම හෙදියන්ට පුහුණුව දියයුත්තේ වින්නඹු සේවාව කපන්නේ නැතිව. //

      මේක මෙහෙම වෙන්න ඕන ඇයි කියල පිලිගත හැකි තර්කයක් මට තවම ඇහිල නෑ. මම හිතන හැටියට නම් නර්සිං නෙවෙයි ආණ්ඩුවෙ සල්ලි වලින් උගන්නලා ආණ්ඩුවෙ සල්ලි වලින් රස්සාව දෙන ඕනෙම වෘත්තියක කෝස් කන්ටෙන්ට් තීරණය කරන්න ඕනෙ රටට අවශ්‍ය හැටියට මිස ඒ රස්සාවට යන උන්ට ඕන හැටියට නෙවෙයි. රාජ් ම නෙ කලින් නිවැරදිව කිව්වෙ මේ රස්සා කරන උන්ට - (ඇත්තටම දොස්තරලට - නර්ස්ල නෑනෙ අමාත්‍යාංශෙ ලොකු පුටු වල) පරිපාලනේ දුන්නු එකේ අවුල.

      ඔන්න මිඩ්වයිෆරි කියන්නෙ ඉන්ටර්නැෂනලි හරි නර්ස් ලගෙ ජොබ් එකේ අනිවාර්ය කෑල්ලක් කියල ඔප්පු කරන්න පුලුවන් නම් කමක් නෑ.

      මේ රාජ් ගෙ ගෑනියි පැරාගෙ ගෑනියි නලින් ගෙ පත්තර රස්සාවයි අල්ල ගන්නෙ නැතුවම බැරිද මේක කතා කරන්න. මොන රස්සාවෙත් හොඳ නරක දෙකම තියෙනවා. අනික ගෑනි නරස් කෙනෙක් නම් ඉතින් නර්ස් ලගෙ පැත්ත වැඩියෙන් පේනවා තමයි. ඒ පලියටම හිතා මතා පක්ෂග්‍රාහී වෙනව කියල හිතන එක අවුල් නේද. රස්සාව කරන තැන හෝ කරන රස්සාව උඩ මිනිස්සු මනින එක වැරදියි ඇනෝ මහත්වරුනි. කොහෙත් හොඳ නරක දෙජාතියෙම උන් ඉන්නවා.

      මම මේ කතාවලට හොට දාන්නෙත් නැත්තෙ අන්තිමට ඉවර වෙන්නෙ ඔක්කොම උන් ඔක්කොටම පස් පඩංගුවෙ බැනල මිසක් පලක් ඇති දෙයක් කියල නෙවෙයි නිසා. මගෙත් පොදු අදහස මේ රාජ් ගෙ එකට සමානයි.

      මාතලං අර අපේ සමහර ගෑනු ගැන කියල තියන එකත් ඇත්ත. කැති මන්නා අරන් අල්ලපු ගෙවල් එක්ක වලි වලට යන සද්දන්ත ගෑනියෙක් බරවා වලට ලේ ගන්න ආපු මිනිස්සු පෙරලගෙන දුවපු සීන් එකක් මමත් දැක්කා වතාවක්. අඩු ගානෙ පොඩි උන් ගෙනුත් ලේ ගත්ත නේද, උන්ට රිදුනෙ නෑ නේද කියල හිතන්නවත් ඒ මනුස්සයට උවමනාවක් තිබුනෙ නෑ. ඔහොම දේවල් හොඳ ඩෝස් එකකින් පේනකොට ඉතින් නර්ස්ලටත් මල පනිනව ඇති. (මල පැන්න කියල මිනිස්සුන්ට බනින එක සාධාරනීකරනය කරන්න බෑ)

      මම වැඩියෙන්ම කැමැත්තෙන් කියෙව්වෙ රාජ් ගෙ යාලු ඇනෝ ගෙ කමෙන්ට් එක. බ්ලොග් අවකාසෙ ඉන්න අහිංසකම ඩයල් එකක්.

      Delete
    15. ප්‍රොෆයිල් ඇනෝ
      //ඒ එක්කම හෙදියන්ට පුහුණුව දියයුත්තේ වින්නඹු සේවාව කපන්නේ නැතිව. //
      මම ඔහොම කිව්වෙ හේතුවක් ඇතිව. ඇනෝගෙ කතාව හරි. න්‍යායාත්මකව බැලුවම වෙන්න ඕන ඒක තමයි. නමුත් මේ වෙලාවෙ නං අඩියක් පස්සට ගන්නම වෙනව. අඩු තරමින් කලින් හිටිය තැනටවත් ගිහිල්ල ඉන්න එපැයි ප්‍රශ්නෙ විසඳගන්න.

      ඇනෝලගෙ කතා අතරෙ උනත් යහපත් සංවාදයක් කරන්න ලැබීම සතුටක්. මට කියන්න තියන ටික කිව්ව. බොහොම ස්තුතියි

      Delete
    16. මාතලන්,
      එකලඟ තියන මගේ කමෙන්ට් දෙක අතරෙ තිබුන ඇනෝ කමෙන්ටුව මැකුවද? අනේ බං තියෙන්න දීපං ඒක. මොකද මගේ උත්තරෙන් වැඩක් වෙනව ඒක මකපු ගමං. මට අපහාසයක් වෙන කමෙන්ට් තියෙන්න දෙන්න කියල ඉල්ලන්න කැමතියි. මොකද මම භාරගන්නෙ මට අදාල නං විතරයි නැත්තං ඒව හුල‍ඟෙ ගියාවෙ.

      Delete
    17. අනිත් දවසේ තියන්නම්.. ඒක ඩිලීට් කලා. ඊට වඩා දරුණුවට තිබුන ඒවත් අයින් කලා.. එකෙක් නම් අයින් කරන බව දැනගෙනම දාලා තිබුනා. සම හරක් එයාලා දාලා එයාලම අයින්කර ගත්තා..

      Delete
    18. පොත්ත නෝනගෙ මොකක්ද එක පොත්ත නෝනට ඕන විදියට ලු.

      ඒත් මේ කමෙන්ට් ඩිලීට් කිරිල්ලට මමත් විරුද්දයි. රාජ් ගෙ නෝන ගෙ නම මේකයි, , වැඩ කරන්නෙ අහවල් තැන වගේ පුද්ගලිකත්වයට හානි වෙන දෙයක් නම් අයින් කරාට අවුලක් නෑ. මාතෘකාවට පිටින් යන flame war එකක් වෙනව නම් ඔක්කොම කමෙන්ට් ඩිලීට් කරාට ඒත් අවුලක් නෑ.

      නැත්නම් ඉතින් මිනිහෙක්ට බැන්නා කියල ඇඟේ ඇලෙන්නෙ නෑ නේද. කවුද හරි කියල කියවන උන් තීරනේ කරයි කියවලා.

      උඹට බැනපු කමෙන්ට් ඩිලීට් කරන්න කියලත් උඹ පැරාට එහෙම කියනවා මම දැකල තියෙනවා. මොකටද බන්? බනින්න පදනමක් නැතුව මෝඩයා හීරළුවා ටුවර් ගයිඩ් නෝනා නර්ස් මරුටි එක ලේක්හවුස් ඕව කිව්වට ඇඟේ ඇලෙනවද?

      උඹ මේ බරසාර ලිපි ලියන්නේ කමෙන්ට් කියවල නරක්වෙන/නොමග යන බබාලට ද?

      Delete
    19. රාජ් ,මහත්තයෝ සබ්ජෙක්ට් එකෙන් පිට පනිනෙපා මොන ඒකා මොනකුනුහරුප කිව්වත් .
      හැම එකටම ඕන තියෙන ප්‍රශ්නෙන් පිට පැනල බයිලා කෙලලා ස්වයන් වින්දනයක් ලබාගන්න .
      නමුත් රටේ දුක් විදින මිනුස්සුන්ගේ ප්‍රශ්න එහෙම්මමය
      ස්වයන් වින්දන විදලා ශ්‍රුක මෝචනය කොරන අයට ඒවා කොරගන්ඩ ඇරලා රටේ ප්‍රශ්නයට අදාල දේවල් දැනුවත් කොරන සංවාදයක් ගොඩනගන්න blog spot තියන ඔයාලට පුළුවන් .
      අපිත් sleeping cell වගේinඉදල වෙලාවට activate වෙන්නම්
      මෙයට
      ඇන්න කොරොස්

      Delete
    20. කව්ද මේ අන්න කොරොස් කියන බුවා . මේක රාජපක්ස ඒජන්තයෙක්ද කොහෙද

      Delete
    21. ඔය ප්‍රොෆයිල් ඇනෝ කොහෙද කියලා තිබුනා නේද ටැබූත් කමෙන්ට් ඩිලීට් කළා කියලා. හැබැයි ඒක ඔප්පු කර ගන්න බැරුව කුජීත වුණා නේද?

      Delete
    22. ටැබූ "හොඳ කමෙන්ට්" පවා මැකූ බවට ටැබූ ගේම කමෙන්ට් එකකින් ඔප්පු කරා නේ ඇනෝ. ඊට පස්සෙ "හරි ඉතින් වැඩක් නැති කමෙන්ට් මකනව තමයි කියා "කුජීත වුනේ" ඔබයි.

      Delete
  19. Dear Anna Coros
    tho with a rami yako mekata hari widiyata dakke. Api kathandara Kiya Kiya somi gannawa wenna yana deya therum ganne naha. Un ekata polla pennala lankawe galariyata dana pora talk dala sanctions ehema watunoth hama tombatama watahei keliye tharama. Edata ithin ammawa nangiwa wikunagena thami bada puruwa ganna wenna. Lankawen pita inna unta athule in na unta wadiya pahadiliwa thathwaya penwa

    ReplyDelete
    Replies
    1. මෙතනින් සිංහලෙන් ලියන්න ඉගෙන ගන්න. ඔය ගහලා තියෙන විදියටම ගහන්න.

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
  20. Dear Ano
    romaya gini ganiddi kuwada porak wenna wada yana koralu
    Meyata
    anna koros

    ReplyDelete
  21. මෙතනදි මේ කණ්ඩායම් දෙකේම හරි වැරදි තියනව.
    1.නර්ස්ලට අයිතියක් තියනව තමුන්ට ඕනකරන පුහුණුව ලබන්න.
    2.වින්නඹුවන්ට අයිතිය තියනව තමුන්ගෙ රැකියාව ආරක්ෂා කරගන්න.

    එතකොට වෙන්නෙ
    1.ආණ්ඩුව සූදානම් වෙන්නෙ පුහුණුව දීල නිකං ඉන්න නෙවේ. සූතිකාගාර වලින් වින්නඹු සේවය අතුගාල දාන්න. ඊට විරුද්ධ වෙන්නෙ නැතුව වින්නඹුවන් මොකක් කරන්නද?
    2.හෙදියන් උඩට එනව කියන්නෙ දොස්තරලට අවුල්. විශේෂයෙන්ම සම සෞඛ්‍ය උපාධිය අරගෙන පරිපාලනයට ආවොත් වෙන්නෙ අර කුඩා දොස්තර මහ දිසාපති කේස් එක වගේ එකක්.

    මේවගේ ගැටුමක් තියනව කියන්නෙ ආණ්ඩුවට රජ මඟුල්. ඇයි ඉතිං මේ කෙලගන්නෙ පුවත් මවන්නෙ අඟහරු ලෝකෙ එවුන් නෙවෙයිනෙ. ගින්නට තවත් පිදුරු ඩිංගක් දාල බෝතලෙන් ෂොට් එකක් දාගන්නව හීතල මැකෙන්න.

    ප්‍රශ්න හරි හැටි දකින්නෙ නැතිව ලෙඩ්ඩු බිල්ලට දෙන එකයි මනුස්සකමයි සූතිකාගාරවලදි අම්මලට බනින එකයි ගැන කියව කියව හිටියට වැඩක් නෑ. (ඔය පාට් දැමිල්ලනං වැඩියෙන් කරන්නෙ වින්නඹුවන්, ඊලඟට නර්ස්ල. දොස්තරලත් නැත්තෙම නෑ)

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණයේ හැම පැත්තම පෝස්ට් එක තුල කතා උනා කියලා හිතනවා.

      Delete
    2. @රාජ්,
      ඉතිං මචං උඹම හිතපං, උංගේ ප්‍රශ්නවල ඇරියස් එක ලෙඩ්ඩුන්ගෙන් කවර් කිරීම හරිද? පොලීසියෙ උන්ටත් ඔය උසස්වීම් සම්බන්ධ ප්‍රශ්න, දේශපාලන ඇඟිලි ගැසීම් වගෙ දේවල් එක්ක මාර අවුලක් තියෙනවනෙ..උනුත් ඔහොම කරන්න ගියොත් මරේ මරු නේද මචං...... (දැන් කියපං උන්ට එහෙම කරන්න නීතිමය අයිතියක් නෑ කියලා)

      Delete
    3. AnonymousJuly 2, 2014 at 9:29 PM
      උඩ ඇනෝට දීපු උත්තරේ බලන්න.
      //පොලීසියෙ උන්ටත් ඔය උසස්වීම් සම්බන්ධ ප්‍රශ්න, දේශපාලන ඇඟිලි ගැසීම් වගෙ දේවල් එක්ක මාර අවුලක් තියෙනවනෙ..උනුත් ඔහොම කරන්න ගියොත් මරේ මරු නේද මචං//
      පොලීසිය හැසිරෙන්නෙ උඹ ඔය කියපු විදියට නෙවෙයිද? ඔහේ ලංකාවෙ නෙවේද ඉන්නෙ?

      Delete
  22. මගේ සිව් හැවිරිදි කුඩා දියණිය නොදන්නාකමින් පැනඩෝල් පෙති හතරක් බී ලේඩි රිජ්වේ එකට රැගෙන ගියෙමි. මුලින්ම මුණ ගැසුණු වයසක හෙදිය නපුරු ලෙස ඇසුවේ මෙවන් ප්‍රශ්නයකි. "ඇයි පැනඩෝල් පෙති හතරක් බීලා නැවතුණේ තව බොන්න තිබුණනෙ"

    මුන්ගෙ හැටි දැක්වීමට මෙය ඇතිය සිතමි.

    ReplyDelete
    Replies
    1. මම ඔය ඉස්පිරිතාලේ ගැන හොඳටම දන්නවා. මොකෝ මගේ හිතවත් වෛද්‍යවරයෙක් ඕකේ කාළයක් වැඩ කලා. ඕකේ ඉඳලා මිනිහට මේ රටත් එපා උනා.

      Delete
  23. siyaluma nurselata baninne ayi ? kahawatta rohale lama wattuwata wagema babala hambawena wattuwatath gihin balanna .doclai nurselai mid wifelai ekawagema hondai

    ReplyDelete
    Replies
    1. කව්ද පනේ ඔක්කෝටම බැන්නේ එකෙක් දෙන්නෙක් හොඳ අයත් ඉන්නවා..

      Delete
  24. ඔය කියන නර්ස් නෝනලාම තමයි පිටරටක රස්සාවක් හම්බවෙලා ගියාම පූස් පැටව් වගේ රාජකාරිය දේවකාරිය කරගෙන කරන්නේ. මේවාට හේතුව ...ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිස් ඕඩර්ස් හැර වෙන මොනවාද. පාලකයින් සහ වෙන්න පාලකයින් තම ගොඩ වැඩිකරගන්න කරන නාටකවලින් අබ සරණ වෙන්නේ ජනතාව.

    අයිතීන් ලබා ගැනීම සඳහා කරනා සටන් මේ රටවලත් තියෙනවා. ජනතා අපහසුව එලියට එනකොට ඒ වෙනුවෙන් කලයුතුදේ කරන්න...පාලකයෝත්, යූනියන්ස් වත් පසුබට වෙන්නේ නැහැ. පාලකයාට වඩා ජනතාව ප්‍රබලවෙන තැන තමයි නේද ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ.

    A democracy (a word from the Greek language, demokratia meaning rule by the people[1]) is a kind of government. A democracy is a system where people are able to decide how their country or community should be run.

    Wikipedia..

    ReplyDelete
    Replies
    1. ඇඩ්මිනිස්ට්‍රේෂන්ස් තමයි ප්‍රධානම හේතුව. කිසිම විනයක් නෑ. ඒ වගේම ප්‍රධාන හේතුවක් තමයි නොමිලේ සේවය. මුන් ගෙම්බර් දාන්න ප්‍රධානම හේතුව ඕකයි.

      Delete
    2. මට විතරක් නෙමේ අපේ දරුවටත් ට්‍රිපල් එක ගැහුව්වේ නොමිලේ. මම . මගේ අම්මා තාත්තා, ගෑනී ඉගෙනගත්තේ නොමිලේ . රටේ සියළු දේ ගත්තේ නොමිලේ. ඒක නරකක් කියනවා නම් ...මම පිං හරකෙක්.

      Delete
    3. ඒ ඒ කාළේ... දැන් මචෝ හැමදේම මුදලට වෙන්නේ.. ඉස්සර කොල්ලන්ට මොකක්ද බං බල්ලන්ටත් ඉන්ජැස්සන් ගහන්න එන්නේ බලු දොස්තරලා.. උඹට මතකද කනාටු බල්ලෝ කොහු ළණු වලින් බැඳගෙන ඇදගෙන යනවා. පට්ට ආතල දවසක් තමයි ඕක. බරවා බැලුවෙත් ගෙදරටම ඇවිත් නොමිලේ නේ. මාව ඇඳ යට ඉඳලා ගන්නේ මරන්න ගෙනියන හරකා වගේ. ඕන් චන්ඩි.

      Delete
  25. Yes Minister වල හරි Yes Primeminister වල හරි තිබුන පරිපාලකයන්, දොස්තරවරුන්, නර්ස්ලා සහ අනෙකුත් සේවකයන් රෝහලක් කාර්යක්ශමවත්, පිරිසිදුවත් ලස්සනට කරගෙනයාමට ලොකුම බාදාව ලෙඩ්ඩු සිටීම කියල

    ReplyDelete
    Replies
    1. @ප්‍රා...මචං...මේකට නේද satire කියන්නේ. මම උඹෙන් තරම් ඕක කිසි කෙනෙකුගෙන් දකින්නෙ නැහැ. ඒක ග්‍රේට්. සිංහලෙන් ලියන එකෙක්ගෙන්. උඹ තමයි බ්ලොගක් ලියන්න ඕන. ඒ තුල political & social satire & humour කතා කරන්න පුළුවන් වෙයි.

      Delete
    2. ඒ වගේ වැඩ සටහන් දැන් යන්නේ නෑ නේ. ඉස්සර නයි ටී එන් එකේ ගියා.. දැන් නයි ටී ඇන් එකෙයි රූපවාහිනියෙයි දෙකේම යන්නේ ඉයෙස් හිස් එක්සලන්සි විතරයි.

      Delete
    3. අරූ

      මන් දැන් මේ යුනිකෝඩ් කමෙන්ට් එකක් ලියා ගන්නෙත් KK සහ රාජ් ගේ උවදෙස් , මගපෙන්වීම හා දිරිගැන්වීම්, තිසර වැන්නන්ගේ විවේචන, කෙන්ජිගේ බැනුම් ( PM , පිල්ලි ආදීන් බැන්නද කියල හරියට මතක නෑ. හිනා වුනා මතකයි. අනෙකුත් බැන්න අය මග හැරී ඇත්නම් සමා වෙන්න ) නිසා.

      මට බ්ලොග් එකක් ලියන්න තරම් හැකියාවක් නැහැ.

      කොහොමත් මා සුදුසු Co-authoring editor විදිහ්ට තමයි. කාට හරි අවශ්යනම් , මට පුලුවන් දෙයක් නම්, වෙලාව තියන විදිහට උදව් කරන්න පුලුවන්.


      Delete
  26. මම දන්න විදියට නම්, ඔය සීන් එක ලොක්කා විසඳුවේය.

    ලමාතන් එතකොට ලොක්කත් ෆෙල්ද ? සිරාගේ අගමැති සිහිනෙට කෙලින්න නේද අර ගණයත් එක්ක එකත්වෙලා මේ ජවනිකාව රඟන්නේ

    ඉස්කෝලේ යනකාලේ වින්නඹු අම්මලට හැංගිලා වින්නඹු අම්මේ .....වින්නඹු අම්මේ .. කියලා ඔරොප්පුවක් දුන්නහම් එක්ක වර තොගේ වහේ වහේ වදන්ට වාට්ටුවට වෙස කොල්ලෝ කියලා මරදානට ඇහෙන්න බෙරිහන් දෙනවා එතකොට අනික් කොනින් තව එකෙක් අයි කියනවා .... ඔරොප්පුව නැගලා යනවා . ෆුල් ආතල් එතකොට මැරී කෑන්ස් ට

    ReplyDelete
    Replies
    1. ලොක්කා මෙහෙමනේ මචෝ.. වෙලාවකට ටෆ්.. වෙලාවකට උන් එක්කම පිස්සු කෙලිනවා.. ඉතින් අරුන් බය නෑ.. රටක නායකයෙක් ඉන්න ඕන යකා වගේ.. ප්‍රේමදාස ජේ ආර් කියන්නේ ඒ වගේ චරිත. මෙයා උන් එක්ක පිස්සු කෙලිනවනේ හිටපු ගමන්. ඉතින් අරුන් බැන්නට ගනන් ගන්නෙ නෑ.

      Delete
  27. පරිපාලන ගැටළුවක් තියෙන්නේ. ඒ ඒ ශ්‍රේණියට අයත් කටයුතු පැහැදිලි වන ආකාරයට නැවත පරිපාලන නීති සැකසිය යුතුයි. එපමණයි විසඳුම.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ඉතින් ඔය චුට්ට තේරුම් ගන්න පුළුවන් මොලයක් තියෙන එකෙක්වත් ලොකු පුටු වල නැහැනේ. පොඩ්ඩ එහා මෙහා උනොත් "අතිගරු ජනාධිපති තුමන්ගේ " සාටකෙට මුවා වෙන්න තමයි උන් ඔක්කොම දන්නේ.

      Delete
    2. හරියට හරි. මට දුන්නා නම් පැයෙන් විසඳනවා..

      Delete
    3. විචාරක මේක පරිපාලන ගැටළුවක් විතරයි කියන කොට මට ඒ ගැන පුදුමයක් නැහැ. ඒ කොහොමත් ඔහුට උරුම හමුදාවේ පටු චින්තනය. ඕනැ ගැටළුවක් සුටුස් ගාලා විසඳන්න පුළුවන් කියලා හිතන්නේ. (එහෙම කරලා 20% හරි ගිය තැන් වගේම 80% අනා ගත්තු තැන් ගැනත් ගැන හමුදා උදාහරණ එමටයි.) හැබැයි ඊට වඩා සමාජ අත්දැකීම් තියෙන මාතලන් වගේ කෙනෙක් ඒකට එකඟ වීම ගැන නම් පුදුමයි. මහත්තයෝ මේ අද අපේ රටේ තියෙන සංකීර්ණම සමාජ ගැටළුවක රෝග ලක්ෂණය. සමාජ ගැටළුව තමයි හැම දෙනාටම ඉහළටම යන්න ඕනැ වීම. වෙන රටවල ඒක සීමා කරන්නේ අධ්‍යාපනයට මුදල් අය කිරීම වගේ දෙවල් වලින්. දැන් එහෙම දෙයක් කරන්න බැරි අපේ රටේ කොහොමද ඒක නතර කරන්නේ? හැම සමාජ කණ්ඩායමම තමන්ගේ දේශපාලන හයිය අනුන්න්ට ගහන්න පාවිච්චි කරන එක නතර කරන්නෙ කොහොමද මට නම් පෙනෙන විදිහට මේකට රාජපක්ෂගේ පොපියුලිස්ට් ආණ්ඩුක්‍රමය යටතේ විසඳුමක් නැහැ. මේවාට විසඳුම් දෙන්න නම් ආපහු සුද්දාගේ කොලෝනියල් ක්‍රමයට යන්න වෙනවා. ඒක වෙන්නේ නැහැ. එතකොට කොයින්ද විසඳුමක්?

      Delete
    4. නැවතත් කියන්නෙ.. පූර්ණ බලතල දෙනවනම් පැය්න් විසඳනවා. ආයුධ බලයෙන් වත්. තගරියෙන්වත් නෙමෙයි. මැනෙජ්මන්ට් වලින්..

      Delete
    5. මැනේජ්මන්ට් ප්‍රශ්නෙ විසඳන්න නම් පැයක් ඕනැත් නැහැනෙ. ඔය නිලයන් තුනේ වගකීම් හා සීමාවන් වෙන් කර ගන්න වැඩිම වුනොත් පැය භාගයක් යයි. මං කතා කරන්න ඕක ගැන නෙවෙයි (සමහර විට ඔයාට නොපෙනෙන) සමාජ දේශපාලනික ප්‍රශ්නෙ ගැන. ඔය ඒක් පැතිකඩක් විතරයි.

      Delete
    6. ඒක විසඳන්නත් මම යෝජනා ලියලා තියෙනවා..

      Delete
  28. සරසවි වල ළමයි එලියට බැහැල හිටගත්තත් වතුර බවුසර් අරන් එන ආණ්ඩුවට මේ මිනීමරුවෝ දෙගොල්ල නැති කරලා දාන්න කොන්දක් නැති හැටි. පොලිස් කාරයින්ගේ වාහන ගිනි තියන්න, මිනිස්සු ගස් බඳින්න, මහා පාරේ මිනිස්සු මරල දාල පස්සේ මතක නැහැ කියන්න පුළුවන් චණ්ඩින්ට මේ වැඩේ බාර නොදෙන්නේ ඇයි. එහෙම කළා නම් මේ දේවල් පැයේ න් විසඳෙන ප්‍රශ්න නේ. හැබැයි ඉතින් පොලීසියට (පිස්තෝල සහිත) කට්ටියව මෙතෙන්ට බැස්සුවනම් කට්ටිය හ්ම් නැතිව වැඩට යයි.

    ReplyDelete
    Replies
    1. @ ෂෙහාන්.....මුන් දන්නේ ....පුක ලොකු කරනවා මිසක් පුක සුව කරන හැටි නෙමේ. මේ පරිපාලනය ගැන මා දුටු අත් දැකීම්.

      Delete
    2. එහෙම අවශ්‍ය නෑ. හරි පරිපාළණයක් නොමැති කමයි මූලික වැරද්ද.

      Delete
    3. බොහොම උසස් පරිපාලන හැකියාවක් මේ රජයට තියෙනවා. එහෙම නොතිබුනා නම් කොහොමද අන්ත දෙකක ඉන්න හෙළ උරුමෙයි මුස්ලිම් කොන්ග්රසෙයි එක මෙසේ කෑම කන්නේ.මම හිතන්නේ වැරැද්ද තියෙන්නේ ඒ හැකියාව අවශ්‍ය දේට යොදවන්නේ නැති කම කියල. මම වැරදිද?

      Delete
    4. ෂෙහාන් ...රජයටද ....ආණ්ඩුවටද... මට ඔය දෙක ටැපලෙනවා

      Delete
    5. ඔබගේ තර්කය සාධාරණයි ෂෙහාන්. මට පෞද්ගලිකව ලැබෙන මේල් වලින් පේනවා. මේ සියල්ලටම වග කියන්න ඕන යුනියන්මයි කියන එක.

      Delete
    6. වැරදියි ෂෙහාන්. මේ රජයේ පරිපාලන හැකියාව අන්තිමයි. මේ රජයට තියෙන්නේ ජනප්‍රිය වීමේ හැකියාව. ඔය දෙක එකක් නොව දෙකක්. මාතලන් යුනියන් වලට බනිනවා. වෙනත් අවස්ථාවක ඒක හරි වෙන්න පුළුවන් නමුත් අද නෙවෙයි. රාජපක්ෂ ආණ්ඩුව කියන්නේ වැඩියෙන්ම සද්දෙ දාන දරුවන්ට වැඩියෙන්ම සීනි බෝල දෙන තාත්තා කෙනෙක්. ඉතින් හැම යුනියන් එකම පුළුවන් තරම් සද්දෙ දාන්න බලන්නේ. වැරැද්ද තියෙන්නේ දරුවන්ගේ නෙවෙයි තාත්තාගේ. මුලින්ම තාත්තට කියන්න ඕනැ සීනි බෝල බෙදන්න ඕනැ යම් ක්‍රමයකට මිස වැඩියෙන්ම කෑගහන එකාට නෙවෙයි කියලා. නමුත් දැන් ආණ්ඩුව අනාගෙන තියෙන්නේ. මෙතැන විතරක් නෙවෙයි. ජන වර්ග අතරත් ගැටළුව ඒකයි.

      Delete
  29. ගෑණියෙක්ගෙ විළි දුක හදුනන්නෙ තවත් ගෑණියෙක් විතරයි කියලා ඉස්සර කිව්වෙ වැරදිලා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. දැන්නම් එහෙම හිතනෙනවා තමයි.

      Delete
    2. පුක තමයි.. ගැණු තමයි ගෑණුන්ට කෙලින්නේ. දුප්පත් එකා තමයි දුප්පතාටම කෙලින්නේ.

      Delete
    3. සහසුද්දෙන්ම ඇත්ත.

      Delete
    4. //තමයි ගෑණුන්ට කෙලින්නේ. දුප්පත් එකා තමයි දුප්පතාටම කෙලින්නේ.//

      රෙස්පට් ටෝක්ෂ් එක මාතෙ !!!!

      Delete
  30. මුදල් මත තත්වය මත, කිරිකැටියන් කසතුලම මිහිදන් කරති..

    ReplyDelete
    Replies
    1. අපි ලිව්වයින් පස්සෙ කාගෙත් ඇස් ඇරිලා. දැන් තමයි හැම එකාම බය නැතිව කියන්නේ. ඔක්කෝටම වැරදි යුනියන්ය කියලා. මුන් යුනියන් කාරයෝ නෙමෙයි සක්කිලි. ඕකුන් අල්ලලා හිරේ දාන්න ඕන. අර වටරැකලා දානවා වගේ..

      Delete
  31. මට නම් කොහොමත් හොස්පිටල් ඇලජික් ය...හොඳ නර්ස්ලා ද සිටිති...හම්පඩ යකින්නියෝ ද සිටිති....

    මගෙ එක අක්කෙක්ට බබා හම්බ උනේ ගම්පහ සෙත්මා එකේ ය.....NVD එකකි...පොඩ්ඩාට උණ ගැනී වලිප්පු ලක්ෂණ පෙන්නුම් කල බැවින් බියවූ රෝහල් අධිකාරිය කොල්ලා වහාම ගම්පහ මහ රෝහලට මාරු කලේය......එහි සිටි හම්පඩ යකින්නියෝ ටිකක් අක්කාට කියා ඇති දේ ඇසූ විට යකා නැග්ගේය....කටේ තරම දන්නා බැවින් හොඳ වෙලාවට මට කීවේ පහු වෙලාය....නැත්නම් මම පොලීසියේය..උන ස්ට්‍රයික් ය...උන්ට තිබූ ප්‍රශ්නය කුමක්ද....ප්‍රයිවට් හොස්පිටල් ගිහින් උන් ලඟට ආපු එකය.... "මෙහෙ උස්සන් ආවෙ මොකටද....එහෙන්ම කර ගන්න එපයි...වැඩ වැරදුනාම දුවගෙන එනව මෙතන...දැන් මෙහෙ අයව බලන්නෙ ඔයාද...අපිට තව වැඩ තියෙනවා..." හරියට උන්ගෙ ගෙදරට ගෙනිච්ච වගේය...........ප්‍රයිවට් ගියෙ සල්ලි වහින හින්ද නෙමේය....ඇගේ හස්බන්ඩාට Health Insurance තිබෙන නිසාය....යකෝ දැන් අපි හොස්පිටල් යන්නත් ඕන උන් කියන විදියටද...හරි කෙලියක්නෙ...වසම වැඩේ අනිත් අක්කා නර්ස් කෙනෙකි...ඒ කාලෙ රාගම ය ..දැන් ගම්පහ ය......

    මේ හොඳ නර්ස්ලා ගැනය...මටත් සෞඛ්‍ය රක්ෂණයක තිබුනත්...මගෙත්..වයිෆ් ගෙත් තේරීම උනේ ...Castle Street රෝහලය..හොස්පිටල් එකත් මරුය..අපේ දොස්තරත් මරුය....පුලුවන් කම තිබිලත් හොඳ එකකට යන්න පින නැතැයි එක එකා ආඩපාලි කිව්වත් මම තීරණය වෙනස් කලෙත් නැත.....නර්ස් ලා ගැන කලින් තිබු මත කෙසේ වෙතත් අවසානයෙ එතන සිටි නර්ස් ලා නම් සුපිරිය....කතා බහත් හොඳය...Delivery Roomඑකේදිත් උපරිම හොඳ සහයෝගය දී ඇත....ඇඩ්මිට් කර වෝඩ් එක අසල කැරකි කරකි සිටින විට "දැන් අපි මෙයාව බලාගන්නම්..ඔය මහත්මයා යන්න යැයි කිව්වෙත් නර්ස් නෝනා කෙනෙකි........පහුවදා යනවිට කලින් සිටි වෝඩ් එකේ වයිෆ් නොසිටි බැවින් ....සිහියක් පතක් නැතිව හතර වටේ දුවන විට කරුණු කාරණා අසා ඇඳ ලඟටම මා ගෙනගොස් ඇරලුවෙත් නර්ස් නෝන කෙනෙක්මය......අන්න නර්ස් ලා.......

    ReplyDelete
    Replies
    1. අඩේ... පස්සෙ මතක් උනේ...Delivery Room එකේ ඉන්නෙ නර්ස් ලාද ...මිඩ් වයිෆ් ලාද...

      Delete
    2. කාසල් එකේ වෙනස මොකක්ද කියලා දන්නවද? එතන කැමති කෙනෙකුට හොස්පිටල් එකට ආධාරයක් කරන්න පුළුවන්. පුළුවන් බොහෝ දෙනා ඒ දේ කරනවා. ඉස්පිරිතාලෙත් බොහෝම පිරිසිඳුවට තියෙනවා. මමත් දන්න තරමින් වෙනස් ඉස්පිරිතාලයක්.

      මගේ යෝජනාව තමයි. අනෙක් ඉස්පිරිතාලවලත් මේ තත්වය ඇති කරන්න ඕන කියන එක. මම හිතන්නේ කාසල් එකේ ඔය තත්වය ඇති කලේ විශේෂඥ වෛද්‍ය සිරිසේන මහතා.

      Delete
  32. කියන්න හිතේ තිබුන හැම දෙයක්ම පෝස්ටුවෙි කමන්ටුවෙි පිලිතුරැ කමන්ටු වල කියලා අයියන්ඞි.. වයිපා බබා හම්බවෙන්න ගිය වෙලාවෙි ඔය වෙිසියෙක්ව මරනවා කියලා හිටියේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් අද කොමෙන්ට් දාන්න වෙන්නේ නෑ නේ.. වටරැකගේ ඇට දෙක බල බල තමයි ඉන්න වෙන්නේ..

      Delete
  33. ..ඔබයි සුර කුමරිය ඉස්පිරිතාලෙ?

    ඔය ප්‍රශ්නෙට විසදුම් කීපයක් ඇත.
    දෙපාර්ශවය උසිගන්වා ගල් ගසවා, කිහිප දෙනෙකුට තුවාල කර ගෙවල් කීපයක් කඩා දැමීම. ඉන් පසු ලොක්කා තමන්ගෙ මුහුනම පපුවේ ගැසු ටී ශර්ට් එකකින් සැරසි ගොස් ප්‍රශ්නයට විසදුම් දීම

    ඉස්පිරිතාල වලටත් වෙනම පොලිසියක් ඇති කිරිම.

    ReplyDelete
    Replies
    1. පට්ට.. වල්ල පට්ට.. ඒකෙත් පුස් ෆන්ගර්ස් පට්ටෙටම තියෙන එක.. බලාගෙන උඹව ගනීවී මන්දිරේට උපසේන කෙනෙක් කොරලා..

      Delete
  34. හැබැයි අපරාදේ කියන්න බෑ ඔය ඉස්පිරිතාල වල කට්ටිය හරි පිළිවෙලකට බෙදාගෙන ස්ට්‍රයික් කරනවා. හැමදාම කවුරු හරි ස්ට්‍රයික්.

    ReplyDelete
    Replies
    1. රොස්ටර් එකකට යන්නේ. මුන් නවත්තන කොර අරුන් වැඩේ පටන් ගන්නවා. ඇමති බයිලා ගහනවා..

      Delete
  35. අනේ මන්දා අර සාදු කිවා වගේ ඇමතිය ඇවිත් "සවුත්තු ඇමතියෙක්"වෙලා ඉන්නේ.හැබැයි දැන් වැඩේට ගෝඨා එන්ටර් වෙලා ආමි පොරවල් දාලා ගේම දුන්නොත් මොකක් වේවිද?

    වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම වරදක් නොවේ.හැබැයි ජිවිත ඇපේට තියන් සෙල්ලම් කරන එකනම් කිසිසේත්ම සාධාරණිය කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. මේවා සාධාරනයි කියන්න ඉතින් මළපෙරේතයෙක් යකෙක් වගේ අමනුස්සයෙක්ම වෙන්න ඕන.

      Delete
  36. ඉස්පිරිතාලේ යනවනම් ටිකක් බරපතල ලෙඩක් හැදිලා යන්න ඕනේ , මොකද එතකොට ළඟ කවුරුහරි නවත්තන්න කියලා ඉස්පිරිතාලෙන්ම කියනවනේ , එතකොට ඔය ඉන්න යාලුවෙක් දෙන්නෙක් ළඟ තියාගෙන කරදරයක් නැතුව ඉන්න පුළුවන්, නර්ස්ලගේ රැස්පොට් බලන්න ඕනේ නෑ. (අත්දැකීමෙන් කිව්වෙමිය ) ඊළඟ එකේ සිට නැවත කොමෙන්ට් කරමිය ....

    ReplyDelete
    Replies
    1. ඒ නවතින්න යනවනම් නේ. ඒත් බබාලා හම්බ වෙන්න ඉන්න අයට කවුරුවත් ළඟ තියා ගන්න දෙන්නෙ නෑ මම දන්න තරමට ආන්ඩුවේ ඒවල.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න