.

.

Jul 7, 2014

මළ ගෙවල්, මළ ඉලව් හා මළ විකාර - Funny Funerals


අපේ බූරූ බබා ඔරේන්ජ් බාර්ලි ගැන පෝස්ට් එකක් දාලා. ඕක දැක්ක ගමන් මගේ අර නොස්ටැල්ජියා ලෙඩේද මොකක්ද එක, එකසිය ගානට තද උනා. බූරූ බබාටත් ලෙඩේ හැදිලා තියෙන්නේ. මගේ බල මාළු කතාවෙන්. බල මාළු කතාව අහලා ඔහොම උනා නම්, කෑවම වෙන්නේ මක්කයි කියලා ඔහේලට හිතා ගන්න පුළුවන් නෙව. ඔය ඔරේන්ජන් බාර්ලි කියන් කොටම මට මතක් වෙන්නේ මළ ගෙවල්.

අද නම් හැම දේම වගේ, මල ගෙවල් කියන්නේත් මල විකාරයක්. ඒකත් මේ ෂෝ එකක් වෙලා. පත්තරේ දැන්වීමෙන් පටන් ගත්තම. ෆියුන්‍රල් ඩිරෙක්ටර්ස්, ෆ්ලවර් ඇරෙන්ජ්මන්ට්ස්, කොස්ටියුම්ස්, කාස්කෙට්ස්, කේටරින්ස්, වලට දැමීම්ස්. චිතකේ දැවිම්ස්, හර්ස්, බැනර්ස්, ගොක් කොලස් අරකස් මේකස්, එකම මළ විකාරයක්. ඒ විතරක් නෙමෙයි, සම හරක් මිනී පෙට්ටියත් එක්ක ෆේස් බුක් එකේ පොටෝ එකකුත් අප් ලෝඩ් කරනවා. අනේ ඉතින් අර සංවේගාප්‍රාප්ත පිස්සු යක්කු, ඒවට් ලයික් එකකුත් දානවා.

ඇත්තටම අද මළ ගෙවල් කියලා කරන්නේ, මළ විකාරයක්. රජෙක් උනත් මළයින් පස්සෙ වැඩක් තියෙනවය. අන්න ඒකට තම්බි. පැය 24 ක් යන්න කලින් රෙද්දෙ එතුවා. දෝලාවේ තියාගත්තා, සින්දුවක් කියාගෙන, සැමටරියට ගෙනිච්චා, අල්ලට කිව්වා, වලට දැම්මා, ආවා. ඊටත් හපන් යුදෙව්වෝ. ගෙවල් පැත්ත පලාතෙවත් ගේන්නේ නෑ. එවෙලෙම ගෙනිහින් වලට දැම්මා, ආවා. ඔය මුස්ලිම් පොරවල් හෙම, වලට පනින්න යන නිසා ගෑණූ එහෙම කනත්ත පැත්ත පලාතේ ගෙනියන්නේ නෑ. ආන් ඒකට අපේ හරක්. ඉපදීමත් දුකයි, ජීවත් වීමත් දුකයි, මැරෙණ එකත් දුකයි, සංසාරෙත් දුකයි, බවෙත් දුකයි කියලා හැමදාම අහන උන්ට කවුරු හරි මැරුණහම් ඌටත් මැරෙන්න ඕන.

ඉස්සර වගේ හරියන්නේ නෑ. දැන් ෆියුන්ර්ල් පාලර් එක පොස් එකක් වෙන්න ඕන. ගොක්කොල එල්ලලා හරියන්නේ නෑ. පාර පුරා යකඩ බට හිටවලා, ළොකු සුදු කොඩි දාන්න ඕන. අහල පහල කිරි ටොයියා වගේ තාප්ප, බැනර් එල්ලන්න ඇන ගහලා කනවා. සම හරක් ඕවා අලි ගල් ගෙඩි වල ඔතලා දාලා යනවා එහෙම ගලක් ඔළුවට වැටිලා, අපේ නැන්දා කෙනෙක්ට මැහුම හතරකුත් දැම්මා. ඒත් මම ඇහුවා ඔහේ මක්කටෙයි බැනර් ගලවන්න ගියේ කියලා. බැලින්නම් වැටෙන්න ගිහින් බැනර් එකේ එල්ලිලා.

ඔය බැනර් වැඩියෙන් තියෙන තරමට තමයි, ඉන්න උන්ට රැස්පොට් එක වැඩි වෙන්නේ. මල් වඩම් අනවශ්‍යයි කිව්වට, හැම එකාම ඒවා උස්සගෙන එන්නේ. මොකෝ උන් දන්නවා, එපා කියන්නේ ගේන්නය කියන එක කියලා. හැම එකාම ආවම අඬන්න, දෙන්නෙක් විතර ෂිෆ්ට් එකට දාලා තියෙන්නේ. එයාලා නාඬා හිටියත්, කවුරු හරි ආපු ගමන් අඬනවා. එන එකාගේ තරා තිරම අනුව අඬන කට්ටියයි, අඬන පරිමාණෙයි වැඩි වෙනවා. ඒ අඬන ඇඬිල්ලට ආපු එකාටත් ඇඬෙනවා.

සම හරක්, මිනීයට ගෞරව කරන කොට. "යනවානම් අනේ මං අරන්..." රිගින් ටෝන් එක, ෆෝන් එකේ යනවා. ඌ ඒක ඕෆ් කර ගන්න මිනීය ගාව ඩිස්කෝ ඩාන්ස් දානවා. මට පෙන්නන බැරි වැඩක් තමයි සපත්තු ගලවන එක. මොකෝ, මගේ හැම මේස් එකේම් හිල්. ඒ නිසා මම වාහනේම ඒවා තියලා එනවා. ඒක කෝකටත් හොඳයි, මොකෝ සම හරක් උන්ගේ එක කියලා හිතලා, මගේ දෙක දාගෙන යනවා. මම බෙයාර් ෆුට් ගියපු නිසා, ආයෙත් ඒ විදියටම එනවා.

හරියට තුන් වේලටම නෙස්කැෆේ ගහන උන් වගේ, ගේන ගේන නෙස් කැෆේ එක ගහනවා. ඩයබටීස්... මොන? පස්සෙ බැරිය ඉන්සියුලින් ගහ ගන්න. සම හරක් වෙනම ගෙන්නගෙනත් බොනවා. ඒ බීලා ගෙදර ගිහින් රෙන්න ගියාම රෙන්න බෑ. බෙට්ට ගල් වෙලා. තටමනවා පුක ඉරෙන්න. ම්හූ... ඉතින් මැරිච්ච එකාගේ අම්මට පින් දිදි, පපායා ජූස් ගහනවා බඩ බුරුලට යන්න.

කෑම තිබුනොත් එහෙම, කෑම රෙඩී කියපු ගමන්, හත් අවුරුද්දක් නොකා හිටපු ඉතියෝපියාවේ සුඩානේ උන් වගේ, පෙට්ටියේ ඉන්න එකා ඇර, ඔක්කෝම මරා ගන්නවා පෝලිමට සෙට් වෙන්න. තියෙන ඔක්කෝම, මහාමේරූ පර්වතේ වගේ බෙදාගෙන ඇදලා අරිනවා. කොලෙස්ටරෝල්, ප්රේසර්. සුගර් මෙළෝ ලෙඩක් නෑ. සම හරක් දෙවනි සැරේත් සමනල කන්ද නගිනවා. කෙසෙල් ගෙඩි තියෙනවනම් ඒකෙනුත් දෙක තුනකට වග කියනවා.

ඊට පස්සේ කේටරින් එක හරි නෑ කියනවා. අරයගේ ගෙදර මීට හොඳට තිබුනා කියනවා. අඩු තැනක් ජරා තැනක් වෙන්න ඇති කියනවා. පෙට්ටියේ ගාන අහගන්නවා. අපෝ.. ඊට වඩා එකක් නේ අරයගේ එකේ තිබුනේ කියනවා. එම්බාම් එකත් හරි නෑ කියනවා. හරියට මුන් එම්බාම් කරන උන් වගේ. අපරාදේ මළේ කියනවා. බේරගන්න තිබුනා කියනවා. මෙයාලා හරි ට්‍රීට්මන්ට්ස් වලට ගියේ නෑ කියනවා. අපරාදේ ජෙනරල් හොස්පිටල් ගෙනිච්චේ. නවළෝකෙට යන්න තිබුනා කියනවා. ඒත් නවළෝකෙට ඔපරේශන් එකකට ගියපු මොහොදින් බෙග්, තාම සිහිය එනකන් බලාගෙන ඉන්නවා.

ගෑණුයි, ගෑණූ වගේ පිරිමි ටිකයි, ඔය ගේම්ස් ප්ලේ කරන අතරේ, පිරිමි ටික මතට තිත සංකල්පෙට සෙට් වෙනවා. ගෙදරම එකා ඉස්පොන්සර් කරනවනම්, වෙනම ගෙදරක වැඩේ ගානට යනවා, එහෙම නැතනම් සංවේගාප්‍රාප්ත පිරිස එන කොට, බඩු අරගෙන එනවා. හන්දියේ චයිනිස් එකාට, එකසිය ගානට බිස්නස්. කිලි බිලි මක්කත් නෑ. බැදපු මාලු, චිකන් බීෆ් විතරක් නෙමෙයි, පෝක් හිටන් තියෙනවා. මෝහිණි තියා මහසෝනාවත් පැත්ත පලාතේ එන්නේ නෑ. මොකෝ ඒ වෙලාවට මහසෝනා උනත් අවුලක් නෑ. අහල පහල කඩ කාරයෝ නිදා ගෙන හමාරයි. එලි වෙනකන්, ගෝලිප්, සෝඩා හොයාගෙන,කඩවල් වල දොරවල් කුඩු කරනවා.

එයාලා එහෙම සෙට් වෙද්දි, ටීනේජ් සෙට් එක, එයාලගේ ඉස්මාට් ෆෝන් එක්ක ෆෙස්බුක් එක අප්ඩේට් කරනවා. ටැබ් වල මල් කඩනවා. ඇස් ගහනවා. නම්බර් එක්ස්චේන්ජ් කර ගන්නවා. මළ මගුල් සක්වලයි. තව සෙට් එකක් කැරම් ගහනවා. ලොකු ලොකු අය මහින්ද මහත්තයා ගෙදර යවනවා. රනිලුයි සජිතුයි මැරි කරනවා, චන්ද්‍රිකා දේශපාළණේට ගේනවා. ඝෝඨා කෝට්ටෙට ගේනවා. ඉකොනමි එක ඩවුන්ද පල්ලන් කීයනවා හරියට පාර්ලිමේන්තුව වගේ.

ඒ අස්සේ ඒකේ ඉන්න එකෙක් ආවොත්, ඔක්කෝම නැගිටිනවා. මළ ගෙයක් උනත්, ඌ අත වනනවා ආයිබෝවන් කියනවා, හිනා වෙනවා. පිට අත ගානවා. සම හරක් බඩටත් අනිනවා. මිනීයටත් ආයිබෝන් කියලා ඇවිත්, කස්ටියටම විහිළු කරනවා. බන්දු සමරසිංහ වගේ. ටික වෙලාවකින් යනවා. ඌත් එක්ක එන උන්, තියෙන ජාති ඔක්කෝම කාලා බීලා, ගන්න පුළුවන් ඒවා අරගෙනත් යනවා. දන්න උන් සිගරට්, බෝතල් එහෙම, හංග ගන්නවා. මොකෝ මහ උන් වගේම තමයි, ගෝලයොත් අහු උන තැන කනවා. කනවා නෙමෙයි වනසනවා.

ඩුම් ඩුම් බීටින් ෆියුනරල් ටේකින් දැන් අඩුයි. තත්වෙට නිකන් හරි නෑ වගේ. මරණේ උස්සන දවසට, නිකන් වාහනේ ආපු උනුත්, රෙන්ට් එකට හරි, බැන්ස්, බී අම්, වොල්වෝ, ක්ර්යිස්ලර් වල තමයි එන්නේ. මොකෝ බොරැල්ලට යන කොට ලැවල් එකට යන්න එපාය. අනුනායක මහනායක විතරක් නෙමෙයි සභානායකත් එනවා පංශූකූලෙට. හයර් එකට ගෙනාපු වීඩීයෝ කැමරාමන්ලයි, අනික් කැමරාමන්ලයි, ටැබ් තියෙන උනුයි, ඉස්මාට් පෝන් තියෙන උනුයි, කැම් ෆෝන් උනුයි පොටෝ අල්ලනවා, එකසිය ගානට. ඊට පස්සේ අවමංගල සභාව.

ඕක තමයි, මිනිස්සුන්ට ජීවීත් වෙන එක පුදුමාකාර දුකක් කියලා හිතෙන වෙලාව. අර සමිති සභාපතියි, මේ සමිතියේ ලේඛමුයි, කොම්පැණි රෙප්රසන්ටේටිව්ලයි, අරයයි මෙයයි, ඔක්කෝම බයිලා ගහනවා. පොලිටික්කගේ කතාව නැත්නම්, ඒක මළ ගෙයක් නෙමෙයි. ඌට එන්න බැරි නම් ප්‍රාදේශීයේ සභාපතියා අතේ හරි, කොන්ඩෝලන්ස් ඉස්පීච් එක එවනවා.

ඔන්න දැන් පෙට්ටිය උස්සන්න යන්නේ. ඉතින් මර හූ තියනවා ගෙනියන්න එපා තව ටික දවසක් තියා ගමු කියනවා. අනේ මාවත් අරගෙන යන්න කියනවා. ඇයි අපිව දාලා ගියේ කියලා පීකර් නැතුව ගමටම ඇහෙන්න දෙනවා. අයියෝ බුදු අම්මෝ කියනවා. සමහර උන් කලන්තේ දාලා වැටෙනවා. සමහර උන් දහ දෙනක් විතර අල්ලගන්නවා. සමහර උනෙග ඇඳුමුත් ලවෙනවා. ඒ අස්සේ ෆෝටෝ ගන්නවද කියලත් බලනවා.

අමාරුවෙන් වහලා කරට ගන්නවා. පාලර් එකේ දෙන්නා ගෙනාපු පෙට්ටිය උස්සන්න, හත් මුතු පරම්පරාවම එනවා. ඒත් උස්ස ගන්න බෑ. අම්බානක බරයි. ඇයි යකෝ ලස්ස ගානට හරියන්න අරුන් කොන්ක්‍රීට් ගල්, කළු ගල් මිනීයේ යටට දානවා. පෙට්ටිය බර තරමට තමයි කස්ටියට බර තියෙනවා කියලා අනිත් අයට තේරෙන්නේ. ඊට පස්සෙ, අමාරුවෙන වන වනා ගෙනිහින්, ඩයනා ගියපු හර්ස් එකට දානවා.

අර අඬන සෙට් එක ආයෙත් මර ලතෝනි දෙනවා. ඉතින් මැරුන එකාටත් දාලා යන්න දුකයි. ඇතුලේ ඉන්න එකා ඉන්නේ උඩ බලාගෙන නේ. උගේ හරි, ඒකිගේ හරි මනෝකාය ඇස් ඇරලා බලනවා. බලන කොට ඌ දකිනවා තඩි බැනර් එකක් ගේ ඉස්සරහම එල්ලලා. "මිය ගියේ ඔබ නොව අපය.." කියලා. ඒ කින්ඩි බැනර් එක දැක්ක ගමන් මනෝකාය මැරුණ එක හොඳයි කියලා හිතාගෙන ආයේ ඇස් වහගන්නවා. ඊට පස්සෙ මැරුණ එක ගැන ඌටත් දුකයි.

ලියන්න ගියේ ඔරෙන්ජන් බාර්ලි ගැන, ලිය උනේ වෙන මළ හත්තිලව්වක්. ඒ කාළේ මළ ගෙවල් ගැන ඊළඟ එකෙන්. රෝහිණි අමතක කලෙත් නෑ හොඳේ..

152 comments:

  1. කෝ ඔරේන්ජ් බාර්ලි. අපිට ඕඑන ඔරේන්ජ් බාර්ලි. අපි ස්ට්‍රයික්.
    ලංකාවේ මළගෙවල් ගැන නම් දැනෙන්නේ මහ අමුතු හැඟීමක්. ශෝකය වගා කරගෙන කෑම වගේ. ඉස්සර නම් එහෙම නෑ. මිනිස්සු කෙනෙකුගේ මරණයට හැබවින් ශෝක වුනා. ඒ දුක බෙදා ගත්තා. දැන් ඒවා නමටත් එක්කම අවමගුල් උත්සව කියලාමනේ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔරේන්ජන් බාර්ලි ගැන් ඊළන්නට දෙනවා..

      Delete
    2. මාතා..රංගිගේ පෝස්ට් එකට ගිහින් බලපන්...මම එතනට මල ගෙදරටත් එක්ක බීම කේස් පහක් විතර බෑවා. හෙට එන්නම් උඹට කමෙන්ට් එකක් දාන්න.

      Delete
    3. ලොකු අයියා.. ෂෝඩ කේස් එකකුත් බෑව නේ මතක ඇතුව. ???

      Delete
    4. ෂෝඩ කේස් බාගයයි බන්..ඒ ඇති ගොඩක් එවුන් ගහන්නේ ලැමනෙට් එක්ක.

      Delete
  2. යකෝ මේක දැක්ක ගමන් මට මතක් වුණේ අපි සෙට් එක හැලප ගේ මව ගේ මරණය දා ගිය එක. ඒ ටිකම මදෑ වැඩි විස්තර නැතුව..

    ReplyDelete
    Replies
    1. ඒ මළ ගෙදර මේ විකාර තිබුනේ නෑ බන්. නැත්නම් වෙස කොල්ලෝ හැලපයා ගැන වැරදි විදියට හිතාවී.

      Delete
    2. නලියට මතක් වෙන්න ඇත්තෙ මචං .... ලගකදි උඹල කට්ටිය සෙට් වුන අපේ සහෝදරයෙක්ගෙ මළගෙයක් නිසා වෙන්න ඇති.......
      කන/බොන එකා නිසා ලග ගෙදරක බොන්න/කන්න උඹලට සෙට් කරත් .....හැලප කොල්ල මල විකාර ...විච්චුරන නොකරන බුවා කියල අපි දන්නව නොවැ .....
      අඩෝ.... ලොක්ක ....වේස කොල්ල කිව්වෙ මටද........??

      Delete
    3. හැලපෙගේ මව ගේ මල ගෙදර බොරු විච්චුරණ අඩා වැළපීම් නම් තිබුණේ නෑ. මළ ගෙදරට ගෙවල් පහ හයක් එහායින් ගෙදරක අපි සෙට් වුණා. මං මතක් කළේ ඒ ගැන.

      Delete
    4. දන්නවනම් ඒ මළගෙදර එන්න තිබ්බා අටමත් එක්කගෙන :

      Delete
    5. පුළුවන්නං දමිතුයි රනාවයිත් එක්කං එන්න ඉවාන්

      Delete
    6. ඉවාන් මල්ලි,තල තෙලට වේලේ......?

      Delete
    7. කියලා වැඩක් නෑ හැලපයියේ, මං එහෙමනං යනකොටත් උන් තුන්දෙනාව එක්කම යන්නං

      Delete
    8. සැක් දන්නවනම් මාත් එනව නේ

      Delete
  3. දැන් මල ගෙවල් මෝස්‌තර නේ තියෙන්නේ.... මළගෙදර කට්ටියගේ සමාජ තත්වයට තමයි සෙනග යන්නේ , වැඩි වෙලාවක් ඉන්නේ, ඔයාට එකක් අමතක උනා මාතලන් අයියේ,

    මල ගෙදර යන කට්ටිය කට්ටිය අදින ඇදුම් ගැන .... දැන් නම් පන්සලට වඩා හොදම සුට් එක ගන්නේ මළගෙදර අදින්න. මල ගෙදරට දාන මේකප් එක.... දැන් ඔක්කොම සුපිරි....

    පෝස්ට් එක අද මළගෙදර සමාජ තත්වය ගැන කතා කලා, අපේ සගයෝ..... තව නොදන්නා ටිකක් කියල දෙයිනේ......?

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒක අමතක උනා. අඩු පාඩු ටික කොමෙන්ට්ස් වලින් පිරේවී...

      Delete
    2. ඇයි බං ගේ ඉස්සරහ පාරෙ ඔය CR 42 , ඩොල්ෆින් වෑන් එහෙම ගහලා තිබ්බට වැඩකුත් නෑ, මොන්ටෙරෝ දෙක තුනක් ඇලියොන් එකක් ප්‍රිමියෝ එකක් එහෙම නැත්තං ඒව මලගෙවල්‍යෑ..

      අනික රැලි පාලං ඩෙකරේෂන් පාර ඈඹරෙන්ඩ තියෙන්ඩ ඕනෑ... වාහන ගොඩක පිටිපස්ස ග්ලාස් එකේ පෝස්ටරේ ගහල තියෙන්ඩයි සුදු කොඩියයිත් ඕනෑ..

      Delete
  4. දැන් කාලේ හැටියට ඔහොම නොකලොත් එක මල ගෙයක් වෙන්නේ නෑ .

    මේක එකම මල මගුලක්(Funeral Wedding ) වෙලා.

    අර කිව්වත් වගේ මුස්ලිම් එවුන් කරන දේ හරි. මලාට පස්සේ රජෙක් උනත් වැඩක් නෑනේ. බොඩිය වළලන එක තමයි තියෙන එකම රාජ කාරිය.

    මෙව්වා කියන්න ගිහින් අර නාන-සාර ය රෙද්ද උස්සන් එයිද දන්නේ නැහැ මාව නිවන් යවන්න.
    ලියන්න පටන් ගත්තු දේ නොලියපු එක පොඩ්ඩක් අප්සට් උනාට ලියල තියෙන එකනම් මසුරන් .

    ReplyDelete
    Replies
    1. අව මඟුල කියන්නේ නිකන්ය බන්ස්...

      Delete
    2. ඔබ මැරුණාම නැයෝ කළ යුත්තේ කුමක්ද කියා ඉල්ලන්නට ඔබට හැකිනම් මේ කේස් නෑ නේද?

      Delete
    3. අපි පණ පිටිං ඉද්දි කියන දේවල් කොරන් නැති ඈයො අපි මලාම අපි කියපුවම කොරයිද කකා.. !!!

      Delete
  5. අඩේ මාතලන් අතන ටෝක් දීල ආවේ ඕරේන්ජ් බාර්ලි ගැන මෙතැන නෙළනවා කියලනේ කෝ එවා මේ කථාකරන්නේ මල ඉලව්වක් ගැනනේ.. (අයියෝ මම ඒ පෝසට් එකම පාඩං කරං ආවා)..

    මල ගෙවල්නං ඉතිං ආතල් තමයි.. රෑට අහල පහල කුරුම්බා ගස්ටිකට අබසරණයි (නානසාර ඉස්ටැයිල්) තව ඉතිං එලි වෙනකං කාඩ් සෙල්ලං, සම හරක් අලුකුත්තේරුවෝ ඉතිං ඔය රෑ දෙකට විතර තේවතුර අල්ලන දැරිවියක් පිළිකන්නේ බිත්තියට හේත්තු කරගෙන ගල් සෙල්ලං,

    ඉලව් පෙස්ටිවල් හරියට හරි..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ ගමේ නේ. මෙහේ හරි වෙනස්.. මෙහේ තනිකර කානිවල්.. ටෙන්ට් වලට ෆෑන් හිටන් දානවා.

      Delete
    2. චැහ්.. මලගිය පරාණකාරයට පිං ෂිද්ධ වෙන්ඩ තැඹිලි වල්ලක් බාන්ඩ ඕනෑ.. ගෙවල් වල මල් පෝච්චි මාරු කරන්ඩ ඕනෑ. (ඉස්පෙසලි කෙල්ලංගෙ ) ඒව චාරිත්තර බොල. !!!

      Delete
    3. ඒ බං හැම දේම අනිත්‍යයි කියලා තේරුම් කරලා දෙනවා ප්‍රායෝගිකව.

      Delete
    4. පත්තරේ එකෙන්ම ++++++++++++++++++

      Delete
    5. නැත්තං නැත්තං.. ඇයි ගේට්ටුවෙ බෙල් එකට සෙලෝටේප් ගහන ඒවා.. ආං පිං අතේ වැඩ.

      Delete
    6. ඔය තියෙන්නෙ විදානයා කරපු වැඩක් ඌට මතක්වෙලා තියෙන්නෙ,අනේ අම්මපල්ල මළගං අස්සෙ මුන්ට මගුල්.

      Delete
    7. ඔය ඉතින් හැලපයියට පොඩි කාලේ මතක් වෙලා...

      Delete
    8. ඕ යේස්.. කතා ටිකක් අහගත්තෑකි හැලපයියාගෙං.

      Delete
  6. ඇත්ත ඇත්ත ඇත්ත සම්පූර්ණ ඇත්ත. සමහර ගම්වල මරණාධාර (අනේ නොදකින්. මරණය සහ අවමංගල්‍යය කියන දෙකේ වෙනස දන්නේ නැතුව 'මරණාධාර = මැරෙන්න ආධාර කරන සමිතිලු. 10% විතර තමයි තියෙන්නේ අවමංගල්‍යාධාර සමිති) සමිතියේ තියන අමන මරි මෝඩ නියෝග දන්නවද? සමිතියේ නොවන ඒ ගමේ මල ගෙදරකට බිස්කට් පැකට් එකක්වත් දෙන්න තහනම්, කණ්ඩායම් වශයෙන් යන්න තහනම්, ඒ මදිවට සමිතියේ පවුලක මළ ගෙයක් නම් ඔක්කොම එන්න ඕනේ. රෑට නියමිත වෙලාවක් මළ ගෙදර මුර කරන්න ඕනේ. කෑම උයලා දෙන්න ඕනේ. මේ දේවල් නොකලොත් හා තහනම් දේවල් කලොත් දඩ ගහනවා. ඔය තමයි සාමකාමී සහජීවනය නමැති මව් ගේ වස්ත්‍රය.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ඇත්තටම වෙනම ලියන්න ඕන.. කාළකන්නි සමිති.

      Delete
    2. ඇයි සෑර් සමිති රැස්වීමට වැඩ රාජකාරි සේරම දාලා ඇවිත් උද්දච්ච අම්මන්ඩිලගෙ ලොරි ටෝක්ෂ් අහං ඉන්ඩත් ඕනෑ..

      Delete
  7. මැරෙන්න කලින් සිහිසුන් නොමැතිව නවලෝකෙ හරි ආසිරි එකේ හරි ICU එකට පූජා කරන ගනුදෙනුව සටහන් වී නොමැත.... එය මුලු අවමගුලින් සීයට 75 පමන විය හැකිය...(සමහර විට ඊටත් වැඩී)

    ReplyDelete
    Replies
    1. ඒක නම් කමක් නැතෙයි කියමු. තව තප්පරයක් හරි ජීවත් වෙන්න නේ ඕන එකෙක් ට්‍රයි කරන්නේ. දිවිය ළෝකේ කවදා යන්න බැරිද?

      Delete
  8. මල ගෙවල් කිව්වමයි මතක් උනේ මාත් ඔය ගෙන්දගම් පොලොවෙ ඉන්න කාලේ නිතරම බොරැල්ල කනත්ත ඉස්සරහින් යනව.යනකොට මං දකිනව නිකන් වෙඩින් වගේ මල ගෙවල් අර කනත්තෙ ප්‍රදාන දොරටුව ඉස්සරහ තියන 1 .අපි වෙඩින් 2ක් එකම දවසෙ එකම හොටලෙ තියන වෙඩින් වලට ගියම අර රතු පසුබිමේ රත්තරන් පාට අකුරෙන් ලියල තියෙන්නේ නම්.එ වගේ මල ගෙවල් වලටත් ලියලා.මල් සාලවෙම තමා මලගේත් තියෙන්නේ .ඒ කලේ ගමෙ ගොඩේ මල ගෙවල් දැකපු මට මේක මාර මැජික් වැඩේ.1 වෙනි දවසෙ මං බොඩිමේ එවුන්ටත් කිය කියා හින උනා මතකයි.ඇයි යකෝ මෙච්චර සල්ලි තියන එකාට මිනිය තියන්න වත් ගෙයක් නැද්ද කියලා.බලද්දි මේකත් කොලොම්පූර් ඉට්ටයිල් 1.ඒකට අපෙ ගම් වල නම් පුල් ආතල් එකේ වඩෙ යනවා.රෑ වෙද්දි තමා ආතල් වැඩි. එතකොට තමා ඔය පතල් වැඩ එහෙම අහවර වෙලා බොබ් මාලිලා ටික වඩින්නේ.අපි නොගහුවත් උන්දෙන ආතල් වලට අපිටත් හිනා.තව ඉන්නව වෘතීමය බූරුවො ටිකක් උන්ට කවුරු මරුනත් කමක් නෑ උන්ගෙ වඩේ කෙරෙනවනම් පුඤ්ඤසෝමලා පනින්නෙත් නැති නිසා වැඩේ යනව ජයටම.මලගෙදර වැඩ සේරම කෙරෙන්නේ උන් ගානෙ.අවමංගල්‍යාධාර සමිතිය වගේ.මාතලන් ගොයියට මේ බූරුවො ටික අමතක උනා මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. එවා මචෝ වෙනම දෙනවා. ඒත් ඔය පාලර් එකේ මිනිය තියන කේස් එකට මම කැමතියි. අර ගෙවල් වල තියෙන මළ විකාරේ නවතිනවා.

      Delete
  9. මරණ ගෙදරත් දැන් වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම අවමංගල්‍ය උත්සවයක් වෙලා..

    ReplyDelete
    Replies
    1. උත්සවයක් නෙමෙයි, ඒක තනිකර විකාරයක්..

      Delete
  10. ලෙසටම ලියවිලා.......
    වෙඩිමත් ඔය විදියටම කෝලම් 100 ක් කොරනව නොවැ ...
    මං මේ ලගදි දැක්ක කවුද නිලිච්චියක් බර්ත් ඩේ පාටිය පන්සලක සමරල ......
    ඉස්සර මල ගෙවල් වලට අඩන සෙට් එක මිගමුව,තොටළග හයර් එකට ගේන එක ප්‍රසිද්ධයි නේද මචෝ .......

    ReplyDelete
    Replies
    1. මීගමුව තමයි වඩාත් පොරසිද්ද ඔය වැඩේට.

      Delete
    2. මීගමුව තමයි වඩාත් පොරසිද්ද ඔය වැඩේට.

      Delete
  11. මෙතන යක්කු ගැන කියලා තියෙන දේ කියවන විට මට මතක් වුනේ අර යකා කියන බ්ලොග්කාරයා.

    කෝ ඇත්තටම මෑන්ස්?

    රාජ්වත් දන්නවාද මන්දා?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම යකාට මොකද වුණේ..?

      Delete
    2. ඇත්තටම මොකක්ද යකෝ, යකාට උනේ..

      Delete
  12. අම්මට බොල.. මලගෙවල් කියන්නේ ආතල් ප්ලේස්නේ මාතෙ.. තනිකරම අමුතු උපසංස්කුරුතියක්නේ නයිට කියන්නේ. ආතල් ලෝකයක්. ගිය පාර ආවම මං අපේ උන්ට කිව්වේ කොහේ මලගෙයක් තිබ්බත් යමව් කියල. මගේ වෙලාවට ගමේම අංකල් කෙනෙක් මලා...මගෙ වාසනාව.ඕ යේස්.

    මාරියක් කාලා සෑන්ඩ්විච් එකක් කාලා කෝපි කෝප්පයක් බීලා රෑ එක දෙක වෙද්දි ඇම්ඩව නග්ගනවා ඉස්ටේජ්.. ඕං ළඟ ගෙදරක හරි මළ ගෙදරම වත්තෙ කලුවර කොනකට වෙන්ඩ හරි සැන්ටින් කරලා වැඩ පටං ගන්නවා. ගේන උං නැති උනාට බොන්ඩ උන් නං එලෝකෝටියයි..

    ඔය නරක වයසෙ පොඩි එව්වො එහෙම අතපොත් තියන්නෙත් ඔතනිං නේ, ඇඹරෙද්දි වරෙං මල්ලි කියලා එකක් දීලා යවනවා.. මුං පිස්සු කෙලලා ඩවුන් උනොත් අපිනේ බැනුං අහන්නේ.. නැද්ද !!!

    කැරම් බෝඩ් එකට අයිති කාරයො ඉන්නවනෙ බං සමහරුංගෙ අම්මගෙ අප්පගෙ බූදලේ ඒ :D ඕං ඊළඟට ඇම්ඩා නග්ගනවා ඉස්ටේජ් .. ඕක අහන්ඩම නයිට ගහන්න එන උනුත් ඉන්නවනේ,අපි අර යකඩ පුටුවෙ යට පැත්තට ගිණිකූරු 2ක් අලවල පත්තු කරල මාරු වෙන ෂීන් එහෙකුත් කලානෙ බං ඈ.. තහඩුව රත් වෙන්නෙ තැපෑලෙන්, අපි එතකොට ලොවෙත් නෑ . :D

    තව ෂීන් ගොඩයි බං. කොහොමදෑ ලියන්නෙ.. චැහ්



    ReplyDelete
    Replies
    1. ඔය පුටුව රත් කරන ආතල් එක දැන් ගන්න බැහැ බං. ප්ලාස්ටික් පුටුනෙ ගේන්නෙ… අන්තිමේ ප්ලාස්ටික් එක උනු වෙලා ඉදන් ඉන්න එකාගෙ පුකේ ඇලවෙලා හිටියොත් තව මල ගෙවල් දෙක තුනක්… :D

      Delete
    2. හුකෑස්. ඒකත් හරිනෙ බං. :D අම්මට සිරි වෙයි.
      පව් වැඩ තමා..ඒත් ඉතිං බං අපිටත් නැද්ද බං ඈ පොඩි මෙව්ව එකක් එපෑ . රැයක්ම ඇහැරල ඉන්ඩත් එපෑ :D

      Delete
    3. අනිවා… ඔහොම එකක්වත් නැතුව මැරෙනවට වඩා හොදයි බං ජීවත් වෙලා ඉන්නවා. නැත්ද මං අහන්නෙ? :)

      Delete
    4. පත්තරේ උඩ කමන්ටුවට
      ++++++++++++++++++++++++++++

      Delete
    5. අපෝ පත්තරේ උබලා ඔය යකඩ පුටුව යට ගිනිකුරු අලවන එකනම් මහා සවුත්තු වැඩ.... අපිනම් කරේ හොඳට සෙන්ටිමෙන්ටල් වෙලා පුටු දෙක තුනක් සැට් කොරගෙන එළිවෙන ජාමේ නිදාන් ඉන්න එකෙක් බලලා උගේ කකුලේ මහපට ඇගිල්ලයි ඊළඟ ඇගිල්ලයි මද්දේ ගිනි කුරයි කොයිල් කෑල්ලයි ගහලා මාරුවෙන වගේ වැඩ තමයි.... ටයිමින් හරිගිය ගමන් අරු නිදන් ඉන්න ඔක්කොමාලාව නැගිට්ටන්නේ ඉන්නේ කොහෙද කියලවත් බලන්නේ නැතුවනේ ... ටොන් එක තනිකර සුද්ද සිංහල ඕ යේස්

      Delete
    6. ඇයි ඔය එක එක බීම ජාති කවලම් වෙද්දි..දුම් ජාතිත් කවලම් වෙන්නේ..ඊට පස්සෙ නම් පාන් අල්ලන එකාට අබ සරණයි

      Delete
    7. සමාන්‍යයෙන් අපි නම් ඔය වගේ අලුගුත්තේරු වැඩ කවදාවත්ම කරලා නෑ..

      Delete
  13. කිව්වම මතක් උනේ.. එක එක මළමඟුල් කිව්වට කාලෙකින් ගියෙ නෑ... ගියත් මූණ පෙන්නලා මාරු වෙන එකනෙ කරන්නෙ...

    ReplyDelete
    Replies
    1. ලක් ගහගෙන ඉන්න ඕන ඒවත් තියෙනවනේ මළ වදේ... මම නම් දෙකක් දාලා කන පැලෙන්න නිදා ගන්නවා. මොකෝ ප්‍රධාන අමුත්තත් ආතල් එකේ නිදි නේ..

      Delete
  14. දැං කාලෙනං මිනිහා මැරෙන්න ඉස්සෙල්ලා ෆේස්බුක් අප්ඩේට් කොරල යන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒක ළොකු දියුණුවක්... හෙක් හෙක් හේ...

      Delete
  15. ඔව්ව බලං ඉන්න මල එකා මෙහෙම හිතනවා
    චික් අපරාදෙ මලේ.. තව ටික කාලයක් හිටියානං මලමඟුල් කීයක් කන්න තිබ්බද ?

    ReplyDelete
    Replies
    1. මම හරි ආස හීනෙන් සුදු ප්ලාස්ටික් තීරූ කොල පේන අය අවමගුලට ආවම. මාර ෆීලින්ග්ස් එකක් නේ මචෝ එනවා ඇත්තේ.

      Delete
  16. මම නම් මගුලට වඩා යන්න ආස මලගෙවල් වලට බං. එලියේ ඉදගෙන කැරමක් ගහගෙන, විටක් හපාගෙන, ෂොට්ක් ගහගෙන යන්න පුලුවන් තැනක් නොවැ..

    බාර්ලි කතාව එහා ටැබ් එකේ ඕපන් කරල උබේ එක ඉස්සෙල්ලම බැලුවෙ..

    හිටු ඒක බලන්ට..

    ReplyDelete
    Replies
    1. දැන් ගොඩක් තැන්වල මළගෙදට්ට ෂෝට ගියොත් වටේ ඉන්න උන් ඒ දිහා බලන්නෙ මළමිනිහ නැගිටලා ආවා වගේ බය වෙලා බං.

      Delete
    2. ෂෝට් ගහලා අවමගුල් වලට යන්න එපා බං. ඒක මැරිච්ච කෙනාට කරන අගෞරවයක්. ලෝන්ස් අඳින්න බැරිනම්, සරමක් ගහලා පලයන්.

      Delete
    3. මාතෝ...ඌ බං සදාකල් ශෝට් ගහලා හිටියේ...සහතිකයි බන්..නම සිගරට් ගුණපාල. ඉතින් බං මම දිග කලිසමක් ගහලා ගියාම අප්සට්නේ.

      Delete
  17. ඇත්ත කථාව අයියන්ඞි. ඊට එහ හැම ගමකම මරනාධාර සමිති 60 ක් විතර තියනවා ඒ හැම එකකටම බැදෙන්නත් ඔනේ, නැත්නම් කේස්.
    එක ඡිවනාධාර සමිතියක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇයි දිවි නැගුම.. ඒකෙන් දෙන ඇට පැකට්.. සමෘධී සහනාධාර. ත්‍රිපෝෂ.

      Delete
  18. හිහි
    මාතෙ කියන කතාව නං පට්ට ඇත්තය..
    තම මේ ගම් වලට ඔව ගොඩක් සෝබන වැඩ බෝවී නැත..
    නෑ කීවාට සමහරක් නං ඒවැඩ කරන්නම දගලති...
    මං එක පාරක් කොළඹ හත පැත්තේ මළ(මගුල් ) ගෙදරක ගියාය...
    හප්පේ කියා හිතුණාය...
    මං එද්දි හංටර් වී ආවේ අපේ පැති වල මගුල් කියන්නේ මීට සමාන සිටු ඒසං එක්කට හිංදාය... මිනී පෙට්ටිය නොතිබුණා නං අම්මපා මගුල් ගෙයක්මය..

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව බං . පෙට්ටිය නැත්නම් මගුල් ගෙයක්ය...

      Delete
  19. දැන් කාලෙ අව මගුල් ගැන කියලා වැඩක් නෑ. පෝරුවයි අෂ්ඨකයි මගුල් බෙරයි විතරයි අඩු!

    ReplyDelete
    Replies
    1. ඒවත් තියාවි තව ටික දවසකින්.

      Delete
  20. ඒ උනාට ඔය එක අවමගුලක් නිසා තව මගුල් කියකටනම් මුලික අඩිතාලම වැටෙනවද

    ReplyDelete
    Replies
    1. එහෙම එව්වත් වෙනවා නේන්නම්..

      Delete
  21. මාතේගේ අවමගුල් කතා අතරේ මෙන්න මංගල කාරනාවක් , මෙන්නෝ අපේ සුමනා අක්කා ආයෙත් කරලියට එනවාලු ..හැක් (http://www.lankagossip.info/2014/07/sumana-gomas-selling-her-photos-for-10.html)

    ReplyDelete
    Replies
    1. පොටෝ එකක් ඩොලර් 10 යි ලු. ඒ අස්සේ දමිතට හෙළුවෙන් ඉන්න ඕනලු..

      Delete
  22. මට තියෙන මාර පුරස්නයක් පිටින් මොකෙක් හරි ආපු ගමන් ඩෝන් ගාලා කුළප්පු වෙලා හඬන ගෑණු ඊට විනාඩි තුනකට පස්සෙ කොහොමද ආයෙත් හොදට හිනා වෙවී ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. කස්ටිය දකිද්දි පව්‍ර් වෑල් ඔන් වෙලා බං :D

      Delete
    2. නම්බර් වන් ඇක්ට්‍රස්ල, ඒකයි හේතුව..

      Delete
  23. ආ තව එකක්… සම හරක් ගෑණු මිනිය ගෙයි තියෙත්දි මැරිච්ච කෙනා වැහුනා කියලා ආවේශ වෙන එක කොහොමද? ආතල් කෝටියයි.

    ඊට පස්සෙ කියනවා "අනේ අහවලා මැරෙන කම්ම මට පණ ඇරලානෙ… ඒකනෙ මගෙ ඇඟටම එන්නෙ…" කියලා. මුන්ට ලූස්.

    ReplyDelete
    Replies
    1. මගුල් ගෙවල් වලදි වයසක අය තරැන අයට කියනවා ඊ ලගට ඉන්නේ ඔයා..
      මල ගෙවල් වලදි තරැන අය වයසක අයට කියනවා ඊ ලගට ඉන්නේ ඔයා.

      Delete
    2. උඹ මැරුණම බලාගත්තහැකි කව්ද ඇඟට ආපු ඈයෝ කියලා..

      Delete
    3. දැකලා නම් නෑ... නියමෙටම ඇති.

      Delete
  24. හිනා කෝටියයි!!! ළඟදි දවසක අපේ පැත්තෙ වයසක ආච්චි කෙනෙක්ගෙ මලගේකට අස්පයො හිටන් ගෙනල්ලා උන් මිනිය ගෙනියන පෙරහැර මැද්දෙ කුලප්පු වෙලා එක කෙලියක් වෙලා තිබුන එතන. උන්දැ මැරෙනකම් වැඩකාරයෙක් ඉතරයි උන්නෙ. ළමයි පරම්පරාවම පිටරටවල් වල. ඒ මලගෙදරට කොරපු විකාර දැක්කනම් ඒ ආච්චි වලෙන් නැගිටල එනව.

    අනේ ඔරේන්ජ් බාර්ලි පෝස්ට් එක ඊගාවට ලියමු නේද.... මන් ආසම බීම. "මිහිරි මතක හද රැඳේ..."

    ReplyDelete
    Replies
    1. මම දැක්ක ඒ මල ගෙදර කොට බස්සෝ ඉන්නවා දැක්කමයි එහෙම සීන් එකක් අම්මපා

      Delete
    2. මං කිවුවෙ. මේකගෙ මොලේටමයි මදුරුවො විදල තියෙන්නෙ.

      Delete
    3. ඒ අස්ස කරත්තේ තමයි පාතාලේ උන්ගේ මිනී ගෙනියන්නේ. මමත් දවස් දෙකක් දැක්කා..

      Delete
  25. ඔරේන්ජං බාර්ලි බොන්න ඇවිත් මළබත කන්න වුනානෙ.වෙන රටවල අවමංගල්ලයක තියෙන සරල බව හා චාම්කම දැකල අත්විඳල තියෙන මට අපේ රටේ අවමංගල කටයුතු නං නොදෝමකින් කියල හිතෙනව බං.ඒත් නාගරිකව පවතින අමන මරි මෝඩ වැඩ තාම අපේ ගම්වලට ඇවිත් නෑ.ඒ නිසාවෙන්ම මෝඩ විච්චුරණ නැතුව අම්මගෙ අවමංගල කටයුත්ත මට උවමනා ආකාරයට සරලව කරගන්නට ලැබුණා.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බං. ඊශ්‍රායලය තමයි පට්ටම. මැරුණම එක විනඩියක් තියා ගන්නේ නෑ. කෙලිනම් වලේ. ඊට පස්සේ දවස් හතක් විතර. ගෙදරට ඇවිත් ශෝකප්‍රකාශ කරලා යනවා. ඒ එන අයට කන්න බොන්න දෙනවා මගුල් ගෙදර වගේ.

      Delete
  26. අර 'මළ බත' කියන එකත් දැන් කේටර් කරනවනේ. හැබැයි එක අතකට ගම්වල වගේ නෙමේ නගරවල ජීවත්වෙන අයට ඒ හන්දා සහනයකුත් ලැබෙනවද කියලත් වෙලාවකට හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. මා මල පසු සොහොන් කොතේ බලු පැටියෙක් බඳිනු මැනවි එතකොට ඌ රෑ ජාමෙට හීං හඬින් මට බුරාවී ... :D

      Delete
    2. ඒ දවස වැඩි දුර නෑ..

      කේටරිං එහෙම බලලා ගණං පොරොන්දු වෙයං..

      Delete
    3. වැව්තාවුල්ල අසබඩ නුග ගස් සෙවනේ...
      ලූෂා යයිද හෙටවත් අවසන් ගමනේ...

      Delete
    4. සඳකිඳුරා මියගියා
      ගමට එන්න නංගියේ
      පසලොස්වක පෝය දාට
      අවසන් කටයුතු කෙරේ …

      Delete
    5. කේටරින් වැඩේ නම් ලේසියි. ඒත් මම කැමතිම පාලර් එකේ වැඩෙට.

      Delete
  27. අපේ නම් තවම කරන්නෙ ගොක් රෑන් දෙකක් ඇදලා පෙට්ටිය වල දානවා,බූරු පොල නම් තියෙනවා ,එන මිනිස්සුන්ට ලග ගෙදරක තමයි බොහෝ වෙලාවට කන්න බොන්න දෙන්නෙ ,හැබැයි ගොඩක් තැන් වල මීනිය බලාගෙනම කෙටරින් එකෙන් හොද බත් එකක් බෙදාගෙන කන්න පහසුකම සලසලා තියෙනවා ,ඔය මල ගෙවල් වල තියෙන පොඩි පොඩි චාරිත්‍ර එහෙමත් ප්‍රදේශයේන් ප්‍රදේශයට වෙනස් නේ ....

    ReplyDelete
    Replies
    1. ඒ ගම් වල නේ බං. ඒවා පස්සෙ ලියනවා..

      Delete
  28. මගේ කතෝලික යාලුවෙක්ගේ තාත්තා ‍මලා අපි මල ගෙදරට යන්න ලිපිනය හෙව්වා ලිපිනය ලැබුනේ ඉංග්‍රීසියෙන්
    ඒකෙ හැටියට එයාගේ ගම "කක්කා පල්ලිය" අපි හොල්මං මේ මොන පල්ලියක්ද කියලා අකුරුත් හරි
    පස්සේ දන්න කෙනෙක් ඇවිත් බලලා කිව්වා ඔය කාක්ක පල්ලිය කියලා

    ReplyDelete
    Replies
    1. ඔය වගේම ජී පී ආර් එස් වලින් මළ ගෙයක් හොයාගෙන ගිහින් තියෙනවා අපේ වෙනියයි හෙන්‍රි ද බ්ලොග් වෝකරුයි.

      Delete
  29. //මම බෙයාර් ෆුට් ගියපු නිසා, ආයෙත් ඒ විදියටම එනවා.//
    සත්තයි කියහන්. වෙන දෙකක් දාගෙන නෙමෙයිද එන්නේ?
    .
    අවමංගල සභාවේ තමයි කට්ටිය වැඩියෙන්ම පවු පුරවන්නේ. යකෝ බලාගෙන ගියාම මරුන එකා පුදුම පින් ගොඩක් කරලා මාර විදියට අනුන්ට උදවු කරගෙනනේ ඉඳල තියෙන්නේ. ඉන්න කාලේ නැති තැන බලු බැනුම්. අපේ ගෙවල් ළඟ මැහිතෙල් බීල මල එකෙක් සුද්ද කරන්න හාමුදුරුවෝ දුන්න ගේම දැක්කම ඇත්තටම දුක හිතුන. උන්දැ බුදු බණත් වෙනස් කරලා තමයි ගියේ අන්තිමට

    ReplyDelete
    Replies
    1. ඔක්කෝටම කලින් අපායේ යන්නේ නායක හාන්දුරුවරු, මළ ගෙවල් වල කෙලින කෙප්ප වලට. තව පට්ට ආතල් එකක් තමයි. ජීවත් වෙලා ඉන්න උන් වර්ණනාව.

      Delete
  30. අපි නම් ඇත්තමයි ඔය කුපාදී වැඩ කලේම නෑ ....

    ඔන්න මළගෙවල් ඇරිලා යන ගමන් ළඟ තියෙන ගෙවල් දෙකක මල් පෝච්චි මාරු කරනවා , පහුවදා උදේ බලනකොට ගෙවල් දෙකේ ගෑනු දෙන්නා කෙහෙවලු පටලවාගෙන .

    එක දවසක් මලගේදරකින් ඔෆ් වෙලා යනකොට අපේ එකෙකුට හැදුනා මහා කක්කා බරක් , පාන්දර තුනහමාරට විතර , මූ ටිකක් එක විදිහක පොරක් , ඔය කැලෑ අස්සේ එහෙම රිංගන්න කැමති නැති පොරක්. පැන්නා වැටකින් රිංගුවා ගෙදරක පිළිකන්න පැත්තේ එලියක තිබ්බ වැසිකිලියකට කවුරු හරි ආවොත් බයිසිකලේ බෙල් එක ගහන්න කියලා ..

    මූ හරියට එදා තිබ්බ ඔක්කොම දානවා වගේ ඉන්නවා ඉන්නවා මූ නෑ , ටිකකින් ගෙදර පිටිපස්සේ දොර ඇරගෙන ඔන්න් එනවා ගෙදර එකෙක්. වැසිකිලිය පැත්තට . ගැහුවා බයිසිකලේ බෙල් එක , අපේ එකා කලිසමත් අතින් අරන් එලියට පැනලා දුවගෙන ආවා. අර ගෙදර එකා බයවුන පාර මෙනන් බුදු අම්මෝ කියාගෙන ආපහු දිව්වා , අපිත් ඇරලා ගියා . බලද්දී අරූව දාලා ඇවිත් තියෙන්නේ . ඌට හෝදගන්න විදිහකුත් නැතුව කලිසම අතේ තියන් ගෙදර යනකම්ම් ගිහින් , මාසයක් විතර තරහ වෙලා හිටියා දාලා ආවා කියලා , ඇයි යකෝ හොදලවත් නතු එවුන්ව බයිසිකලේ පොල්ල උඩ තියන් ආව හැකියයි

    ReplyDelete
    Replies
    1. චැහ් ,, කුපාඩි හැත්ත තොපි !!

      Delete
    2. මට තාමත් හිනා...
      පව් අර අහිංසකයා.

      Delete
    3. ආසරේ කොරන්න හොඳ නැති ජාරා කොල්ලෝ.. අන්තිමයි

      Delete
    4. මං ඕකනෙව කට කැඩෙනකං කියන්නේ ඕකාට ටොපිය දෙන්ඩ ඕනැ කියලා.. කෝ නෑනෙ කිසි මෙව්වා එකක්. චැහ්

      Delete
    5. @රංගි - රංගි එවෙලේ ඉන්න තිබ්බේ එහෙනම් එදාම ඔය ගානට මහත් වෙනවා හිනාවෙලා
      @විදානේ ආස්සරේ කරන්න හොඳ නෑ තමයි ඕකුන්ව එකනේ අපි දාලා ආවේ ..:P
      @ පත්තරේ - අපිට ටොපි දෙන්න හුගක් එවුන් ආවා... ( උන් ටොපිය දීලා ගියා ඕයි :( )

      Delete
    6. පට්ට කතාව මචෝ.. මට ආතල් කක්කා කතාවට වඩා. අර ගෙදර එකා බය උන බයවිල්ලට.

      Delete
    7. ඔෆිස් එකේ උන් බලනව තනියම හිනාවෙන මට පිස්සුද කියල. හයියෝ ගෙඹිලූශා උඹල වගේ පාප මිත්තරයෝ. ගෙදර අයිතිකාරයා පහුවදා ගමටම ආඩම්බරෙන් කියන්න ඇති දැන් හොල්මනුත් පාවිච්චි කොරන්නෙ ඒකගෙ ටොයිලට් එක කියල.

      Delete
  31. ඇයි රෑ ජාමෙට පිලිකණුවල අරිකි මිරිකි කරන ඒව.. ඒවත් දැන් නැතිවෙලා ගිහින්ද මාතලන් අයියෙ ?

    ReplyDelete
    Replies
    1. දැන් ඕවා කරන්න ගියොත් පත්තර කාරයෝ පත්තරේ දාලා මුලු රටටම ආතල් එකක් දෙනවා. ගම් වල කොල්ලන්ට කෙල්ලන්ට ගලක් කපා ගන්න බැරි උනා මේ ජඩ මාද්දිය වේදියෝ නිසා.

      Delete
  32. දැන් මළගෙයක් කියන්නේ සැණකෙළියක් තමයි මතා,
    දැන් මළගෙදර ගහන ටෙන්ට් එක පවා සුදු රෙදි දාලා රැලි කරලා හදන්නේ හරියට අර මහින්ද මහත්තයා අරලිය මන්දිරේ හුදී ජනයා අමතන්න ගහන ටෙන්ට් එක වගේනේ.තහඩු පුටු,ප්ල්ස්ටික් පුටු වෙනුවට එන්නේ සුදු කුෂන් පුටු.

    සමහරක් පාලර් වලින් මිනියට කනත්තට යන්න පාර පෙන්වන්න ටයි කොට් දාපු පොරක් එවනවා.
    නෙස්කෆේ මැෂින් එක නම් වරදින්න බැහැ.ඔය මැෂින් එකට දාන කිලෝ එකේ පිටි පැකට් එකක් රු 1200/-වෙනවා.උපරිම කප් 40තමයි පුළුවන්.වැඩේ පාඩු වුණත් එක වරදින්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අපේ නෑ වෙන එකෙක් මගෙන් ටයි එකක් දාන ජොබ් එකක් හොයලා දෙන්නෙයි කිව්වා. මම කිව්වා ටයි විතරක් නෙමෙයි කෝට් එකත් දාලා කරන්න පුළුවන් ජොබ් එකක් තියෙනවා උඹ කැමති නම් කියලා. ඒ මොකක්ද බං කියලා ඇහුවම, මම ඔය ජොබ් එක ගැන කිව්වා. මේන් මූ අපේ අම්මට බැන්නා එකසිය ගානට.

      Delete
  33. ඔක්කොටමත් හපන් අර මිනිය උස්සන වෙලාවට පවත්වන කාතාවල් , මැරුණ මනුස්සයටත් එපාවෙනවා ඇති .

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවලට මළාම එම්බාම් කරන්නේ. නැත්නම් උන් ආයේ නැගිටිනවා ඔය ඉස්පීච් වලට.

      Delete
  34. ආයෙ ඉතින් කියල වැඩක් නෑ. මාතලන් මාමණ්ඩිගේ කටේ මසුරන් ගෝනියක් හැලුවත් මදි. මළගෙවල් ගැන ඔය කියපු කතාවනම් මේ කාලෙට හරියටම ගැලපෙනවා.

    ඇත්තටම කීයෙන් කීදෙනාද මළ ගෙදරකට සැබෑම සංවේගයෙන් මැරිච්ච මිනිහට ගෞරව කිරීමේ අරමුණින්ම මළගෙදරක යන්නේ. අපේ පැත්තෙනම් ගොඩක් අය මළ ගෙවල් වල යන්නෙ අත්තමට වගේ. මුගේ එකට නොගියොත් අපේ ඒවටත් මිනිස්සු නැතිවෙයි කියන බයට.

    ReplyDelete
    Replies
    1. ඔෆීස් වලින් මළ ගෙවල් වල යන බස් එකේ සින්දු කිය කියා යන්නේ..

      Delete
  35. මල ගෙවල් නම් අරහන් බන් ලංකාවේ. ඉස්සර නම් පොඩි ගමේ ගතියක්, සහයෝගයෙන් ජෑන් පාන්, කෝපි හදාගෙන අවට මිනිස්සු මැරුණ එකා වෙනුවෙන් තම වැඩ කොටස කලා. අපි ඉතින් ගොක්කොළ එල්ලනවා, ඕමි, කැරම් ගහනවා, බොනවා වගේ ඒවනේ කරේ. දැන් නම් පාලර් එකකට ගියා වැඩේ ඉවර කලා. මම නම් පෞද්ගලිකව ඒකට කැමතියි...මේ මල විකාර බලන් ඉන්නවාට වඩා. අපේ එවුන්ට හැම එකක්ම නාට්ටියක් කරගන්න ඕනනේ.

    මචං...උඹ දැකලා ඇතිනේ ඉස්සර ඔය සක්කිලි මිනිස්සු කියලා කිව්ව අයගේ මල ගෙවල්. උන් බීලා මෝලම් ගගහා පාරේ නට නට මිනිය ගෙනියන්නේ. අපෙ එවුන් ඉන්නකම් කෑවද බීවාද බලන්න එන්නේ නැති හැත්ත, මැරුණු දාට පඩ ශෝ.

    මේ රටෙත් මිනිය ගෙදරට ගේන්නේ නැහැ. මිනි පෙට්ටිය අරින්නෙවත් නැහැ. හරිම සිම්පල් සීන් එකක්.

    මචං මේ හාමුදුරුවරුන්ගේ ෆියුනරල් බලපන්. යකෝ මොන වියදමක්ද..බුදු හාමුදුරුවෝ හිටියා නම්, ආපහු ගිහිගෙට යනවා.

    මාතා..මොහිදින් බෙග් නවලෝකේ නෙමේ, ජයවර්ධන පුර.

    ReplyDelete
    Replies
    1. // අපේ එවුන්ට හැම එකක්ම නාට්ටියක් කරගන්න ඕනනේ. //

      සිරාවට මචන්.

      ඉපදිලා නම් දැමිල්ලෙ ඉඳලා මැරෙන එක දක්වාම අපේ උන් හිතන්නෙ මීට කලින් එකෙක්වත් නොකරපු ලෙවල් එකට දෙයක් නොකරොත් මදි කමක් කියලා. කනගාටුව තියෙන්නෙ මේ පඩ ෂෝ එන්න එන්න වැඩි වෙන එක.

      Delete
    2. මචං ප්‍රෝ ඇනෝ....උඹ නිකන් හිතපන් අපේ නාට්ටි නැති එක දවසක් තියෙනවාද කියලා. අපි නාට්ටි කාරයෝ. හැබැයි එකෙකුටවත් නාට්ටි හදනවා තියා .. නාට්ටියක් දැකලාවත් නැහැ. මේක සමාජීය ප්‍රශ්නයක්. ඒ මූලයන් හොයනවාට වඩා අපි කරන්නේ නාඩග හැම් මඩු දාන එක.

      ආගමික සංස්ථාව ගනින්. මම බෞද්ධයෙක් යැයි කියන නිසා (මේක පටලවා ගන්න එපා. .. මම මොන ආගමේද කියලා...මමවත් දන්නේ නැහැ )මෙහෙම කියන්නම්. පන්සලක බුදු පිළිමය හදන්න සිමෙන්ති ටික දාන දවසේ ඉඳන්...නේත්‍ර විවරනය දක්වාම කරන්නේ නාට්ටියක්නේ. පල්ලිවලත් ඔය සීන් එකම ඇති. මේ ඇන්දිල්ල හැම ආගමකම කරනාවානේ. මම දවසක් සයන්ටොලොජි (Scientology) කියන එකෙක් එක්ක කතා කරා.ඒ තවත් කතන්දරයක් මේ පිස්සු බන්. Business or drama.....

      Delete
    3. ඔය හැම එකම බිස්නස් එකක් වෙලා තියෙන්නේ මචෝ. මගේ නැන්දම්මගේ සහෝදරයෙක් උන්නා නසරානියෙක්. පවුලටත් එපා වෙච්චි. මේ යකා මලේ පාරේ. මොනවා කලත් නැන්දම්මගේ මල්ලි නේ. ඔක්කෝම මග ඇරියා. මම මචෝ බොහෝම චාමෙට වැඩේ කලා. එදා හාමුදුරු කෙනෙක් ගෙනල්ලා අනුසාසනාවක් කලා.. මම අහපු නියම බුදු බණ අහුවේ එදා මචං. උඹ දන්නවද මට කීයද ගියේ කියලා. උඹලා ජීවීතේට නෙමෙයි, සංසාරෙදි විශ්වාස කරන්නේ නෑ. කොටින්ම මමත් විශ්වාස කලේ නෑ. මම මගේ නෝනට කිව්වා මගේ එකත් කවදා හරි ඒ විදියට කරන්න කියලා.

      Delete
  36. සුපිරි ඕයි . . ඔපීසියේ වැඩ ගොඩක් අස්සේ උනත් කියෙව්ව එක හුස්මට . . මැරෙන්න හිනා බන් . . හයියෝ

    ReplyDelete
    Replies
    1. අනේ දුකා... උඹේ මුන දැක්කත් ඇති බං

      Delete
  37. අපි උසස්යයි හිතාගෙන හිටපු අදියාපනය හදාරනකාලෙ ඈත පලාතක ක්‍රිස්තියානි මල ගෙදරක ගිය අපෙන් එකෙක් ( ඔක්කොමලා යන ගමන් බස් එකේදි හොදට සප්පායම් වෙලා ) ashes to ashes , dust to dust කියල පස් දානකොට අතට අහුවුන තඩි ගල් ගෙඩියක් පෙට්ටිය උඩට අත ඇරිය

    ReplyDelete
    Replies
    1. ඔය හොඳයි. මම හිටපු ඔෆීස් එකක ක්‍රිස්මස් එකෙක් හිටියා. නම වෝල්ටර් බර්නාඩ්. බුද්ධාගමට කින්ඩියමයි දාන්නේ. ඔය මළ ගෙවල් වල අදින්නාදානා කියන කොටම මූ මගෙන් අහනවා මොකක්ද බං ඒ කියලා හෙන හයියෙන්.

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++ ක්‍රිස්මස් උන් ඔහොමම තමයි.

      Delete
  38. මට මතක් වුනෙ අපෙ ලගම නැයෙක් නැතිවෙලා පන්දර 5 විතර ආව පනිවිඩෙ.අපිත් ගියා කුකුල මල්ලෙ දාගෙනම.ගිහිල්ල පැය 2 කට විතර පස්සෙ මැරුන කෙනාගෙ දුවෙක් මට කතා කලා මල්ලි ගමනක් යමුද කියල.මමත් මලගෙදර නේද කියල යමු කියල මෙහෙ වාහනෙන්ම එක්ක ගියා.මුන්ද ටවුමට ගිහින් රෙදි කඩවලට රින්ගමව.මම ඇහුව මොකො අක්කෙ කියල.මලගෙදරට අදින්න ඇදුම් නැතිලු.මට හිනාවෙනවද අඩනවද කියල හිතාගන්න් බැරිවුනා
    ආ එ අස්සෙ මට නිකන් හිනෙන් වගෙ පේනව කාරෙකක් සැන්ඩි හොයන්න වෙල් මැදින් මඩ කඩිති උඩින් පියබගෙන යන හැටි

    ReplyDelete
    Replies
    1. අර ජානකයා අපිව නැති කලානේ බං අන්තීමට අත ගාව බඩු..

      Delete
  39. අපේ පැත්තේ තව වැඩියෙන් දෙයක් තියනවා,,කෝකිල බෑන්ඩ් එක එනවා මල බෑන්ඩ් එක,, උන් තමා කස්ටියව අඩවන්න ටියුන් කරලා ගන්නේ පැය දෙකකට විතර ඉස්සල්ලා පටන් ගන්නවා සෝක කතෝලික ගීතිකා,,ඒ තමා අඩවන්න ටියුන් කිරිල්ල,,දැන් දැන් අනෙක් ආගම් වලටත් ගිහින් තොයෙන්නෙ ,මල බෑන්ඩ්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ ටියුන් එකෙට ඇඬෙනවා බං. හමුදාවේ කී දෙනෙක්ගේ මරණ වලට අඬලා ඇතිද? ඒ වගේම උතුරෙත් කී දෙනෙක් අඬන්න ඇතිද?

      Delete
  40. මොන ඔරෙන්ජන් බාර්ලිද... මේක පස්ටනෙ අෆ්ෆා.... මල මිනිත් නැගිටිනව මේවට..... දෙවියොම පලා ගන්ට ඕන මේවනම්.

    ReplyDelete
    Replies
    1. මට මෙහෙම පේනවා... මලමිනි නැගිටලා එනවා...

      මම....................... බොහොම බය උනා..

      Delete
  41. මාතෙ . සන්ෆ්ලවර් නෙල්සන් හරි අපූරු සිංදුවක් කියනවා බං තාත්ත පුතාගෙ කර පිටින් යන අවසන් ගමන..

    මගේ පුතා රජා කියා ඔබේ කර උඩ තියා 
    යන යන තැන අරන් ගියා මගේ සිහසුන දරා
    ඔබේ කර උඩ මම ගියතැන් පසු කරමින් එදා 
    යලි නොඑනා ගමන් ගියා මගේ කර උඩ ඔයා

    තාත්තේ...........
    ඔබට ඇහෙනවාද පුතාගේ හඩ තාත්තේ

    පුතාගේ හඩ ඇහෙන මානේ ඉන්න..... තාත්තේ

    සැප සම්පත් වලින් මාව පුරවලා 
    ඔබේ කිරුල මට දිලා ඔබ ගියා 
    ඔබ නැති ලොව මට රජ කම මොටද කියා
    හිතේනා විට දරන්න බැරි හිතේ දුකට
    කෑ ගහලා ඇඩුනා …

    ReplyDelete
    Replies
    1. මූට බනින්න කියලා ආවට දාල තියෙන ප්‍රබුද්ධ කොමෙන්ටු ගීතය දැක්කට පස්සේ බනින්න මොකක්ද වගේ

      Delete
    2. කරුමේ කියන්නේ, ඕවා එකෙක්වත් දන්නෙ නෑ..

      Delete
  42. මට මතකයි අපි පුංචි කාලෙ මලගෙවල්වල වෙස්සන්තර ජාතකය ගායනා කලා එළිවෙනකම් සතියක් තිස්සේ, ගෙදර උදවියගෙ පාලු කැපෙන්න, හැබැයි හරිම දුක්බර තාලයක් තමයි ඒ ගායනාවේ තියෙන්නෙ. භය ගතිය සමග මහ මූසල ගතියකුත් දැනෙනව. මං හිතන්නෙ පාලර් සංස්කෘතිය හොඳයි, වියදම් වැඩි උනාට. ඒත් ගොක් කොල, එකතු වෙලා උයන මලබත, එකමුතුකම.......... අපේ සංස්කෘතිකාංග නැතිවෙලා යන එක ගැනත් කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. වෙස්සන්තරේ කිව්වේ රජරට පැත්තේ. මම එකම එක සැරයක් අහලා තියෙනවා. ජීවීතේම එපා වෙනවා. ඒක නිර්මාණය කරපු එකා ඇත්තටම නියම කළාකාරයෙක්. පෞද්ගලිකව මමත් පාලර් එකේ වැඩෙට කැමතියි. නිදි මරන්න ඕනත්. නෑ සංග්‍රහත් නෑ. එන මනුස්සයට කරදරේකුත් නෑ.

      Delete
    2. දයාල්......කනගාටුවෙන් හරි එක කකුලක් කපලා දාන්න වෙනවා. මම නම් කියන්නේ කකුල් දෙක එක තැනකට ගන්න බැරිනම් එක කකුලක් කපන්න වෙනවා කියලා. අපි බොරු කරන්නේ. උඹට කිව්වා නෙමෙයි. මමත් කරන්නේ ඒකයි.

      Delete
    3. වනචාරි ගති අත අරින්න බැරි නම් අපි වනචරයෝ වෙනවා. ඒ නිසා ඒ හයි ක්ලාස් වැඩේට මම කැමතියි. පාලර් එකේ වැඩෙට.. මගේ කකුල එතන..

      Delete
  43. මාතේ මේ මළ ගෙවල්වල මළ විකාර ගැන උඹේ පොස්ටුව කියවලා මගේ අන්තිම කැමති පත්තරේ මෙහෙම ලියන්ට තීරණය කළා . මේක පිළිගන්ට අපේ ගෙදර ඇත්තෝ කැමති උනත් මට මාර සන්තෝෂෙන් මැරෙන්න පුළුවන්.
    මරණය සැල වූ වහාම පැදුරු සාජ්ජ කණ්ඩායමක් ගෙදරට ගෙනා යුතුයි. යාලු මිත්‍රයන් ගෙන්වා හොඳට බොන්ට දෙන්න පටන් ගත යුතු අතර කෑම තම තමන් ගෙන ආ යුතුයි. ආපසු යන විට ගේ දොර අස්පස් කර යාමද මිතුරු මිතුරියන්ට බාරය. මිනිය ගෙදරින් ගෙන ගොස් ගෑස්වලින් පුච්චා දැමීම පැදුරු සාජ්ජය යන අතර තුරේ කිහිප දෙනෙක් විසින් සද්ද බද්ද නොකර කළ යුතුයි. කිසිම පුජකයෙක් හතර මායිමට වද්දා ගත යුතු නොවේ. පැදුරු සාජ්ජයට යන වියදම මම වෙනම පොතක දමා තබමි.

    ReplyDelete
    Replies
    1. ඕකේ කොපියක් අපිටත් එවහන්. නැත්නම් උඹලයි ගෙදරින් අපිව මරාවී.

      Delete
  44. ඇම්ඩ හරි සිරිපාල හරි කිව්වනෙ
    ඕං කරනවනම් මළගෙවල් කියල...............

    ReplyDelete
    Replies
    1. මතක නෑ ඒ කතාව හරියට...

      Delete
  45. මේ පෝස්ට් එකේ කමෙන්ට් වලින් මම කැමතිම ඒවා පහ හයක්ම තිබුනා. අර සංජීවගේ ඊ ලඟට ඉන්නේ ඔයා සහ ඉවාන්ගේ මා මලපසු සොහොන් කොතේ කමෙන්ට් දෙක තමයි මගේ ප්‍රියතම.

    මල ගෙවල් ආශ්‍රිත පජාත වැඩ වලින් පත්තර මල්ලිගේ ගිණිකූරු සෙල්ලම සහ ඉවාන්ගේ යාලුවා කලිසම අතේ තියාගෙන ගෙදර ගිය එක පට්ටයි.

    උඹ කියන ඔය පාලර් කතාව සංකර වැඩක් වගේ පෙනුනට හොඳ සිරිතක් කියලයි මටත් හිතෙන්නේ. අනික ඉස්සර වාගේ නෙවෙයි දැන් හැමතැනම ආදාහනාගාර. ඒකත් සරළ වැඩක් කියලා මම හිතනවා. ඒ වගේම අවමගුලකදි සහ මගුලකදි පල්ලියෙන් පංසලකට වඩා සහයෝගයක් ලැබෙනවා කියලත් මම හිතනවා.

    මළගෙවල් වල බූරුවා ගහන්නම මිණිය කරවල කර කර තියාගෙන ඉන්න එක අද ඊයේ සිරිතක් නෙවෙයි මම දන්න විදියට.

    ReplyDelete
    Replies
    1. පාලර් වැඩේ සංකර වැඩක් කියලා මම කිව්වේ නෑ මචෝ. මම හිතන්නේ ඒක තමයි බුද්ධාගෙමේ උන්ට ගැලපෙන නියමම ක්‍රමය කියලා. ඒකෙදි මේ මළ විකාර නෑ. වියදමත් අඩුයි. පහසුයි. නිදි මරන්න ඕනත් නෑ.

      පල්ලිය සහ ඒ සංස්කෘතිය ගැන මගේ තියෙන්නේ පහන් හැඟීමක්. ඒකනේ මම 31 රෑට පල්ලි යන්නේ. කැළණියේ ඉඳිද්දි පනසලේ වැඩ වලට වගේම පල්ලියේ වැඩ වලටත් එකසිය ගානට සම්බන්ධ උනා. ඒ හොඳ ගති ජීවීතේට මාර වටිනවා මචෝ.

      Delete
  46. මැරෙන්නත් මොකද්ද වගේ අප්පා.ජීවත් වෙද්දිත් අපෙන් වෙන එව්වො ආතල් ගන්නවා දැන් මැරුණත් ඒකමනෙ වෙන්නෙ.ඒ නිසා ඔන්න ඔහෙ ජීවත් වෙනවා බං

    ReplyDelete
    Replies
    1. මේක මාර ආතල් වැඩක් බං..
      මොකක්ද...?
      ජීවත් වෙන එක....

      Delete
  47. මට නම් හැබැයි ලොකුම විහිලුව තමයි
    "ඇයි අයියේ උම්බ මළේ" කියලා අහන එක

    ReplyDelete
    Replies
    1. ඇයි බන් සමහරු අඩන්නේ " එයා කොහොමද තනියෙන් යන්නේ , එයාට එහෙම යන්න දෙන්න බැනේ , අනේ මාවත් ඔයා ඉන්න තැනට ගන්නකෝ ,,,," කියලා

      Delete
  48. මා මළ පසු සොහොන් කොතේ - බලු පැටියෙක් බඳිනු මැනවි . මරු. (Y)

    ReplyDelete
  49. පික්ෂු පීකුදු ඇඩෙනවා අක්මාවටම...
    ටනමල් විල් පාර්ක් දාලා චෝකොලට් බිස්කට් ටික කකා ...අපි නම් ප්ලන්ටියට වැඩි සිනි දම්මලම ගෙන්න ගන්නවා..
    ඊට පස්සේ තමා පත්තරේ කිඋව වගේ ඇම්ඩන් වේදිකාවට නගන්නේ..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න