.

.

Jul 3, 2014

ජීවහරණ එපා එන්න - Hon. Hangman


වන අලි, රටවිරු,
අතිගරු, මැතිවරු පැමිණ.
තරඟයක් පවත්වති.
"අළුගෝසුවා" එලවති.
"ජීවහරණ" පැමිණෙති...!!!

අළුගෝසුවෝ හැමතැන,
නො අසා නඩුව කිසි දින,
අපරාධකරුවන් හා
කරති සෙල්ලම් බොහෝ දින.
ගෙන යාවි ගඟ ළඟට,
නොමැති නම් කැළෑවට,
වෙඩි තබා පිට පිට,
යවති උන් නිවනට...!!!
එහෙව් වූ රටකට,
ජීවහරණ උඹ කුමකට...???
එපා එන්න රස්සාවට.

නිල ඇඳුම් දමා ගත්,
අළුගෝසුවන් වට පිට,
බලා සිටි අර හන්දියේ සිට,
අවම බල යෙදුමට.
එහෙව් වූ රටකට,
ජීවහරණ උඹ කුමකට...???
එපා එන්න රස්සාවට.

පඬු රෙදි පොරෝ ගත්,
ජාතියේ සිංහයන්.
ජාති ආලයෙන් මත්,
දේශයේ දූ පුතුන්.
නොතබාවි කිසිවකුට,
මේ රටේ තැන ගන්ට,
එහෙම එන ඒවුන්ට,
හැකිය නිවනට යන්ට...

ඉතින් උඹ කුමකටද...???
ගෙදර පලයන් යන්න.

උදේ සිට රෑ පුරා,
රැයෙන් එලිව තුරා,
මරණවා හැම තැනම,
බල්ලො බලලුන් ලෙසට.
නඩුත් නෑ බඩුත් නෑ,
වීරයෝ එක රැයින්,
සේනාව වටකරන්,
උසාවිය ඉස්තරන්,
නීතී පති රත්තරන්,
නඩු අහක යන තරන්..

එහෙව් වූ රටකට,
ජීවහරණ උඹ කුමකට...???
එපා එන්න රස්සාවට.
ගෙදර පලයන් යන්න.

-x-

නිමිත්ත - බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවැත්වු තරඟයකින් තෝරා ගත් "ජීවහරණ" යන නාමයෙන්, "අළුගෝසුවා" ගෙදර යවන ලදි. වල් අලි වන අලි කලද උන් කරන්නේ වල් වැඩමය. 

110 comments:

  1. ඔය වගේ "අතිගරු ජනාධිපති උතුමා"කියන එක වෙනස් කරන්න බැරිද.?
    "අමත්‍ය මණ්ඩලයක්"තිබුණත් රටට වැඩක් නැති නිසා "අමත්‍ය මණ්ඩලේට"වෙනත් නමක් යෝජනා කරන්න බැරිද?
    "පෙරදිග මුතු ඇටේ"කිවාත් රටේ වෙන්නෙම අමන,තකතීරු වැඩ නිසා රටට වෙන නමක් යෝජනා කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. තියෙනවා,

      පෙර දිග paරි ඇටේ

      Delete
    2. ඇයි මම හැම තිස්සෙම ලියන්නේ.. උඹ දැකලා නැද්ද...?

      අම්මට සිරි ලංකාව...

      Delete
    3. අමාත්‍තිය මන්ඩලේට නං ඕං
      "කැළණි හිඟන්නො " කීවට කාරි නෑ.. සමානකං ගොඩයි :D

      Delete
    4. ඔව් මතෝ මේක නම් අම්මාට සිරි ලංකාවක්ම තමයි.
      පත්තරේ නම හොඳ වැඩි නැතිද බං...?

      Delete
    5. මෙන්න මගේ බ්ලොගයේ ගිය කමෙන්ට් දෙකක එකතුවක්

      එක මවකගෙ දරු කැල බැවිනා
      කෙල ගමු වී නොපමා
      භේද වඩා සැම ප්‍රේම දූරැරලා
      අහෝ අහෝ මාතා
      අප චී ඊ ඊ ඊ ඊ ඊ ලංකා
      අහෝ අහෝ අහෝ අහෝ මාතා

      Delete
    6. මනෝ මචං

      නිස්සො සුදුස්සෝ යටකොට
      පිස්සෝ වැඩ දෙනව යමරෙට

      සෙතක් වෙයිද එහෙම රටකට ඕයි :D

      Delete
    7. ඔළුව තදින් නරක් වෙච්ච
      මිනිසුන් පිරිසක් පිරිච්ච
      අරුම පුදුම රටක් තියෙනවා.. ඕයි..

      Delete
    8. මාතලන් උන්නැහ

      මේකට එල කිරි කියන්න හිත දෙන්නේ නැහැ. ඊටත් වඩා හොඳ top grade ටින් කිරි ටොපියක්.
      ඒ උනත් :

      කොරන්නට හරණයක්
      කොහෙද ඇත්තේ ජීවයක්
      life less filled රටක්
      නොම සිතනු තව හෙටක්

      අපිට ඕන

      forign drink එකක්
      ස්වීට් fuck එකක්
      fat account එකක්
      නියම full fun එකක්

      ඒ උනත් වෙන්නේ

      මාගම් පුරයෙන් ආ රජවරු
      ලක් මව බාවා උඩුකුරු
      ඇගෙ පැටවුන් කොර සිරකරු
      පුකට කෙළිති එළි වෙන තුරු

      ඒ උනත් පරිස්සමින්

      කෙලින විට රජවරු
      පුක පුම්බා කර ගරු
      නොම කොරනු කුරු කුරු
      ගනු සොමිය විද තරු

      මේ වගට - ඇන්න කොරොස්

      Delete
    9. අම්මට සිරි මාතලන් මේ අන්න කොරා ටින් කිරි ටින් එක හත් පොලේ ගාලා
      එක පුලියේ සඳ එළියේ හරිම කලවාය්

      Delete
    10. සුපිරි නිර්මාණයක් ඇන්න කොරොස්..

      Delete
    11. ඇන්න කොරොස්
      මසුරං! මං දැනං හිටිය උඹ වැඩකාරය බව.

      Delete
    12. මහත්තුරු දෙන්නටම කෘතන්ච්ච වෙමි - ඇන්න කොරොස්

      Delete
    13. anna koros hondata puka pumbala allala purudu wage.
      You should be proud as the wetern bologers Mathalan and Raj have commented very possitively. Keep on sharing your thoughts with us

      Delete
    14. අර කවි ඇනෝගෙ කවි ටික මාරයි නෙ

      Delete
    15. @Manoj Fernando

      පෙරදිග අමුතු ඇටේ

      Delete
    16. අනෝ දරුවෝ ඇල්ලුවත් නැතත් මුන් කොහොමත් අපිට අරිනවා දරුවෝ . ඉතින් තද කොරගෙන ගැටී කටා ගෙන දුක් විදින්නේ මොකටද .?හොඳට පුම්බල ඇල්ලුවම damage එක අවම කොරගන්න පුළුවන් . සමහරු හීතා ගෙන ඉන්නේ උන්ගේ පස්ස damage proof කියල . කොල්ල අහපු නිසා කියන්නේ හැබය් කාටවත් කියන්න එපා මොකද මේවා ක්ලසිෆිඩ් සීක්රෝට් දන්නවනේ wiki leak කාරයට උනදේ .
      කොල්ලෝ උබලාට දන්නේනේ නැත්තේ lubricant පාවිච්චි කොරන නිසා . පහු ගිය කාලේ පාව්ච්චි කොලේ ජාතිය බෞමික අකණ්ඩ තාවය කලවන් කොරල හදපු ක්‍රීම් එකක් . ඒක දැම්මම දන්නෙම නැහැ . දැන් එකේ එෆෙක්ට් එක අඩු වෙලා මිනුස්සුනට ටිකක් රිදෙනවලු . අලුත් ක්‍රීම් එකක් හදල දැන් කල්නිකල් රිසර්ච් කොරනවා .මේකට ධර්ම චක්‍රය බෞද්ධ කොඩිය එහෙම inIgrediants හැටියට දාලා තියනවලු . හරිම powerful කියල තමා ආරංචි BBS රෙසර්ච් inඉන්ස්ටිටුට් එක animal ටෙස්ටින් කෙරුවලු කෝඩ් "හලාල්" නම යටතේ . අම්බ සාර්තකලු .
      human ටෙස්ටින් කොරල තියෙන්නේ ධරග town ද කොහෙද තැනක . මේ අලුත් gel එක දාල කොරන කොට පුකට හරි සුදිලු . මේවා katawathකටවත් කියන්න එපා .

      Delete
    17. AnonymousJuly 4, 2014 at 1:00 AM

      +++++++++++++++++++++++++

      Delete
    18. බස්සි ළමයෝ කෘතන්න වෙනවා . ඇස් ලොකු කොරගෙන බෙල්ල කරකොවinඉන්න කොට දකින කියන දේවල් අපිටත් කියන්න . සමා වෙන්න අනෝ දරුවට ක්‍රීම් ගැන කියා දුන්නට .
      නැටුම් තෙල් ටිකාක් දා ගත්තු නිසා ටැබ්ලට් එක චූන් කොරන්න අමාරු වගේ
      මෙයට ඇන්න කොරොස්

      Delete
  2. සුනිල් ආරියරත්නට වගේ කොන්ඩෙ පැහුන කාලෙකදි මාතලන් අයියගේ මේ අදහස් මිලින නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. තරුණ කාලෙදි එයා මීටත් වඩා දේවල් ලිව්වා.

    ReplyDelete
    Replies
    1. අයියා... අයියා නෙමෙයි බං... මම උඹලගේ සීයා.. ඒත් ඉතින් අයියා වගේ තමයි වැඩ..

      Delete
    2. ඒකනේ සීයාට කැත නැතිවම අයියා කියන්නේ. දැන් ඉතින් ආඩම්බර වෙන්නෙපා, මාමාවත් කියන්න බලන්නම්.

      Delete
    3. >>අයියා... අයියා නෙමෙයි බං... මම උඹලගේ සීයා.. ඒත් ඉතින් අයියා වගේ තමයි වැඩ..<<
      ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. සීයා....පුහ්...යකෝ උඹ සීයා පප්පෙක්ද...බොරු බන් මූ මාමා...මම අයියා.

      Delete
    5. මාතේ උඹ සීයා නම් මම මැරිච්ච අවතාරයක්.......හපොයි.....

      Delete
    6. මනෝෂ්,
      කොණ්ඩෙ පැහෙනකොට මිනිස්සුන්ට මොලේ පහල වෙනව. ඊට පස්සෙ හිතෙනව විප්ලව කරල මොනවද දිනාගත්තෙ, දෑත ශක්තිමත් කලානං බඩට බත් වේලක් ලැබෙනව කියල. ඒ තත්වෙට නොවැටී ඉන්න සෑහෙන්න අමාරුයි.

      Delete
    7. හැබයි අපි නම් තරුණ කාළෙත් විප්ලවේට විරුද්ධයි. ජාතීවාදි නෑ.. ඒත් ඉතින් මක්කා වෙයිද කව්ද දන්නේ..

      Delete
  3. වල් අලියා - වන අලියා ඌවත් ඌ හැදුනේ නැත...
    අවුලක් නෑ ටික දවසක් අල්ල හිටින්න පුළුවන් වෙයි ජීවහරන වචනෙත් එක්ක-

    එදා වේල ටැවල්ස් & ටුවර්ස්..
    අම්මටසිරි ලංකාව

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තව ටික කාලෙකින් ඌට නම දායිද දන්නෙ නෑ සල් වන අලියා කියලා...

      Delete
  4. ජනවර්ගය වර්ණය භූමිය හේතුව කොට ගෙන
    වන මුර්‍ගයො ගානට මිනිස්සු සහසික වෙස් ගෙන
    මිනිසත් කමටම එරෙහිව මුන් සටනට එළඹුන තැන
    වැඩි ඈතක නොව මේරට අමු සොහොනක් වන දින …

    ගායනය - දීපාල් සිල්වා

    ReplyDelete
    Replies
    1. හූණ කිව්වෙ :D බොරු නං බලපිය !!!

      Delete
    2. කොහොමත් ආයෙත් එහෙම කාළයක් එයි වගේ මේ යන ක්‍රමේට නම්..

      Delete
    3. අනිවා ඕක ඇත්තක් වෙයි බං ඉක්මනටම.

      Delete
  5. Hon. Hangman කියන එක හොඳ නැද්ද ජනාධිපති වෙනුවට ආදේශ කරන්න .

    මට මතක් වුනේ අර කොහෙද රටක විරෝධතාවකදී අල්ලාගෙන හිටපු බැනර් එකක්

    " I don't want to have SEX , because the GOVERNMENT FUCKS me everyday "

    *********************************************************************************************************

    ඕක අපි කොම්පියුටරයිස් කරමු. කෙලින්ම ok බටන් එක ක්ලික් කරපු ගමන් බෙල්ල හිරවෙන්න . එතකොට "Manager - Hanger Operations" වගේ නමක් දාන්න පුළුවන් . එහෙම නැත්තම්
    " Hanger Technician " වගේ IT නම් දාලා පොෂ් කරලා ගමු. මොකද නම මොකක් වුනත් කරන්න වැඩකුත් නෑ, අනික අර කිව්වා වගේ ඌ කරන්න කලින් අනිත් අය වැඩේ කරලා දෙනවනේ

    ReplyDelete
    Replies
    1. මං කියන්ඩද .. ජනාධිපති උපදේශක කියලා දාහංකො. !!

      මොකෝ උං උපදේශක කම තියං ගෙදර ඉඳං පඩිගන්නෙ..මොකෝ උං උපදෙස් දෙන්ඩ යනවෑ..
      ඉතිං මේ අහිංසකයටත් ඒකම කියල දැම්මම තොපිට හෙන ගහනවද !!!.

      Delete
    2. දැන් ටූ ලේට්... තරඟයක් තියලා, තෝරලා බේරලා, දේශාණුරාගය, හින්ගලකම ඔප් නැන්වෙන චෝක් දේශීය නමක් දාලා තියෙන්නේ..

      Delete
    3. අපි ඌට පත්තරයා කියමුද?

      Delete
    4. පත්තරයා උඹේ ජීවහරන තමා !!!

      Delete
    5. දැංනං බය නැතුව ඇප්ලිකේෂන් දැම්මහැකි..

      නිළලත් ජීවහරණ තැන..

      Delete
    6. මොනවද දන්නෑ ඉල්ලන සුදුසුකම්. මාත් ඉල්ලන්න. :)

      Delete
    7. නිකං ඉන්ඩ් පුලුවං කම තියෙන්ඩ ඕනෑ .එච්චරයි ප්‍රියෝ :D

      Delete
    8. ඒ සුදුසු කම නම් ඉහටත් උඩින් බං.
      ඔය නිකං ඉන්න එකේ ප්‍රබේද දෙකම සම්පූර්ණ වෙන්න ඕනද?

      1. වැඩක් නොකර නිකං සිටීම… අනිවා එකෙන්ම පුළුවන්.
      2. නූල් පොටක්වත් නැතිව නිකං සිටීම… පෝඩ්ඩක් හිතන්න වෙනවා.
      :D :D

      Delete
  6. මට නම් තොප එක්ක
    මළ පැන්න සිතකි ඇත්තෙ හැම විට.....
    මේව නොලිය තොගෙත් අපෙත්
    Blood Black නොකොට....
    ඇඹනිය & පුතු සමග
    වෙන රටකට පල හනිකට.....
    ඉන්න මෝඩ හරක් ටික
    හැමදා කතිර ගසයි ලොක්කට.....

    ReplyDelete
    Replies
    1. ඉතිං මොකෝ මාතේ ලොක්කට මනාපයි නෙව

      Delete
    2. බලහන් ඉවාන්.. කෙන්ජියා කියන කතා... නොවේ මෙවන් වින්දනයක් ළොවේ...

      Delete
  7. Nisanndhes tika nam kavadhath vagei mal hathayi
    as you said jeevaharanas are gevery where from top to bottom what this one person and the post for

    ReplyDelete
    Replies
    1. මූට තියෙන්නේ, කඹෙත් ගෙනත් බන්ධනාගාර ඇමතිව ඇට දෙකෙන් එල්ලන එක..

      Delete
    2. ඌට ඇට දෙකක් කොහෙද බන්..ඌ පුස්සෙක්නේ...බලහන් ලැජ්ජාවක් තියෙන එකෙක්ද කියලා..පතෝලයා..

      Delete
  8. සින්හලබෞ්ද්ධානුරූපව
    නිකන් "පරලොව ගමන් සහායක " වගේ නමක් ?

    ReplyDelete
    Replies
    1. මචෝ දැනට හොඳම කොමෙන්ට් එක...
      හිනා කාලා මැරෙනවා බං...
      ඇත්තටම උඹ හොඳ උපහස රචකයෙක්. මට දුක, අනික් උන් උඹේ එක නොබලන එකට..

      Delete
    2. හහ් හහ්.. නියමයි..

      Delete
    3. ++++++++++++++++++++++++++++++++++

      Delete
    4. JP
      අන්න දානව නං නම!

      Delete
  9. ///වර්ල්ඩ් කප් බලන්න පින්තූරේ උඩ කොටන්න./// :D අෆෝ වෙන ෆොටෝ එකක් දාන්නකෝ අනේ. :(

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ ඒ පුට්බෝල් දෙක අවුල්ද?

      Delete
    2. කොටන්න වටින එකක්නේ මාතලන් දාලා තියෙන්නේ :D

      Delete
    3. වටිනා පිංතූරයක්

      Delete
    4. ඒ ටිකට මූ වෙන එකක් දාලා...

      Delete
    5. පැත්ත මාරුකරල රස බලන්න..

      Delete
    6. කෙල්ලට ලැජ්ජා හිතෙන්න ඇති බන්ස්...

      Delete
    7. මමත් නෝන එහෙට මෙහෙට වෙනකල් ඉඳල කෙටුව බලන්න.... තුක් නොදකින් මල ජරාවක්නෙ.... මිනිස්සුන්ගෙ අහිංසක හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා මාතො

      Delete
    8. හි හි

      Delete
    9. කලින් පින්තූරෙ ස්ක්‍රිප්ට් එක මට එවපං. මම එල්ලගන්න.

      Delete
  10. කවි ටික නම් මල් හතයි. දවසක් එයි ජීවහරණලා දුසිම් ගණන්වලින් බන්දගන්න. මේ කරන වැඩ බලපුවාම.

    ReplyDelete
    Replies
    1. ආයෙත් ඒ වගේ කාළයක් එයි වගේ මචෝ.. ජනගහනයත් වැඩිය කියනවනේ..

      Delete
  11. ඔය නම් වෙනස් කරලා වචන වෙනස් කරලා දාන බොරුව මෙහෙ විතරක් නෙමෙයි ඒරොප්පෙත් වෙනවා කියලා මෙන්න මෙයා කියන්නේ. නිකමට වගේ අහලා බලන්ඩ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනුක රත්තරන් මනුස්සයෙක් පෙන්නුවට..

      Delete
  12. ඉතින් මෙච්චර බැනුම් අහන පොලීසියටත් අපි වෙන නමක් දාමුකො… අළුගෝසුවො වගේ එකක්.

    කවි ටික නම් පට්ටය.

    ReplyDelete
    Replies
    1. මං කියන්ඩද අපි . අපි වෙන වෙනම අංශ නොකියා මුලු පොලිසියම ඒකාබද්ධ කරමු .ඒ කරල එක නමක් දාමු බං !!

      "නිළ සුනඛ අංශය" වගේ මොකෝ ?? :D

      Delete
    2. හොරා පොලිස් කියලා තමයි අපි නම් පොඩි කාළේ ඉඳලා කියන්නේ..

      Delete
  13. කළින් තිබූ පින්තූරය මාරුකිරීම ගැන බලවත් විරෝධය පලකිරීමට අවසර.....
    බයයි ජීවහරණ එවයි කියලා....
    ඇත්තද නිල රථයකුත් දෙනවා කියන්නේ ඒ තනතුරට පත්කෙරෙන කෙනාට..?
    නෑ මයේ හිතේ......
    ඩියුටි ෆ්‍රී පර්මිට් එකක් දෙනවලු අලුත්ම අලුත් හයිබ්‍රිඩ් සුදු වෑන් එකක් ගෙන්න ගන්න...

    ReplyDelete
    Replies
    1. පලවෙනි ලයින් එක සමඟ දිවි පරදුවට තබා එකඟ වෙනවාය... පින්තූරය සේව් කර ගන්නත් කලින් ලබ්බේගිනි වේගයෙන් මාරු කොරලාය....

      නියමිත රාජකාරියක් නොමැති අයට නිල රථයක් අනිවාර්යෙන් ලැබෙනවාමය... ඒක කොම්පල්සරිය

      පර්මිට් එක අරකට අමතරව, වාහනයක් නැති එකෙකුට විකුණා ගන්නට දෙන එකක්ය

      Delete
    2. Language © Maathalan version

      Delete
    3. ඒක තියෙනවා සින්ඩියේ. අර පින්තූරේට අපේ හාමිනෙත් බලවත් විරෝධය පල කළා.. කොහොමද කෙනෙකුට ඔහේගේ බඩකඩුත්තුව බලන්න කියන්නේ කියලා..

      Delete
  14. මුන්ව සමාජයට ගන්න නම් ජීවානුහරණය කරලා, ඇසිඩ් බාත් එකකත් දාලා තමයි ගන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා වෙලාවට කරයි. ඔය එක්කෙනුකට ඉතාලියේදී දීලා තියෙන්නේ..

      Delete
  15. අලුගෝසුවා = ජීවහරණ හැබැයි රස්සාව එකම වුනත් අවුලක් නෑ ලොක්කගේ කවියේ කියල තියෙන දේ නෙ දැන් සිදුවෙන්නෙ. ලංකාවෙ වැඩක් නැති එකම රස්සාව.උදේට ඇවිත් පත්තරයක් බලල, ප්ලේනටියක් ගහල , දුමක් ඇදල හැන්දෑවට ගෙදර යන්න පුලුවන් රස්සාවක්.

    අනික ජීවානුහරණය දැන් රෝහල්වල අත්‍යවශ්‍ය දෙයක් නිසා එතෙන්ට සෙට් කරන්න බැරිද මංදා

    ReplyDelete
    Replies
    1. ඉස්පිරිතාලවල ඒ වැඩේ කරන්න නේස් නොනලයි මිඩ් වයිෆ්ලයි එයාලගේ යුනියනුයි හෙන ගොඩක් තියෙනවනේ. කම්මලේ බල්ලත් ඉන්නේ මදි පාඩුවකට.

      Delete
  16. නිල වශයෙන් එකෙක් හිටියට , දැන් හැමතැනම ජීවහරණ ලා ඉන්නවා. කපටි සූට් ඇඳගෙන, සිවුරු පොරෝගෙන, පිස්තෝල ඉනේ ගහගෙන, ඔය එක එක විදියට.

    ReplyDelete
    Replies
    1. කවියේ කියලා තියෙන්නේ ඒ ගැනම තමයි...

      Delete
  17. ඔ‍ය ඕන තරම් ජීවහරණ මහත්තුරු ඉන්නේ ඉතින් ලොක්කා ලගත්.. ඒ කාටහරි දුන්නනම් වැඩේ ශේප්.. කොමත් එයාට ඕන දේනේ කරන්නත් ඕන..

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ...

      Delete
  18. ජිවහරන කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ජීව = පණ
      හරණ = නැතිකිරීම

      Delete
  19. එන්න අසඩක්
    මං පැහැරුවත් උඹ
    දන්නවා බිම වැටෙන දාඩිය
    පැල කරන වග රත්තරන්

    ගෘාෂා අඩන විට
    ඒ කදුළු වල ඇති
    මව් සෙනෙහස
    අදුර ගන්නට හැකි උඹට

    කාගෙවත් අම්මලා
    නිරපරාදෙ ඇඩිය යුතු නැත
    දරු සෙනෙහෙ දන්නා
    එ් නීතියත් අරං ගොඩවෙන්න
    විනිසුරු අසුනට
    එන්න අසඩක්
    උඹ ඕනි අද අපට

    ReplyDelete
    Replies
    1. සුපිරි පිරි ඉතිරි වල්ලා පට්ට නිර්මාණයකි..

      Delete
  20. ජීවහරණ බොට අබ සරණයි!!!

    ReplyDelete
    Replies
    1. අබ සරණයි දේශ්...!!!

      - ජීවහරණ

      Delete
  21. වැඞක් නෑ අයියන්ඞි කියලා, අපිව රවට්ටනවාද? අපි රැවෙටනවාද?

    ReplyDelete
  22. මරු! සින්දුවකට කියාපු පදමාලාව. ඇමරිකාවෙ, නැත්තං හ‍ඳේ තමයි කියන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හපොයි ඔව් උඹ ගෝලිප් එකක් ගගහා භාගයක් ගහන වෙලාවටවත් විහිළුවටවත් කියන්න එහෙම එපා...

      Delete
  23. අපේ තරං රජයෙන් මහජනතාවට ෆන් දෙන රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. මචෝ නන් ඉස්ටොප් දෙන එකනේ පට්ටම ආතල් එක. සිංහල සිනමාවට කෙලවෙලාම ගියේ ආන්ඩුව නිසා..

      Delete
  24. ජීව හරණ???? ඒ නම ගතියක් නෑ! කොහොමද 'එක්ස්ටර්මිනේටර්' වගේ නමක්. ඉන්ගිරිර්සියෙන් උනත් කමක්නෑනෙ..
    මට මතක් උනේ ජීවානුහරණ.... - ඒකනන් අපි ඇටෙන් පොත්තෙන් එලියට ආපු කාලෙ ඉඳන් කරන එකනෙ. :-)

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ. හැබයි උඹව වටරැකත් එක්ක යවයිද දන්නේ නෑ ඇට දෙක කහ කහ ඉන්න බටහිර කුමන්ත්‍රණ කාරයෙක්ය කියලා..

      Delete
  25. අම්මට සිරි වෙන කවි සැට් එකක් නේ..

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ලංකාවෙ විදියට එපයි කවියත් ලිය වෙන්න.

      Delete
  26. ඔයිට හොඳ නැද්ද ඔය ජීවහරණ බැජ් එකක් හරි පටියක් හරි පොලිස් දෙපාර්තමේන්තුවෙ උදවියට පැලැන්දුවානම්. අත්දැකීම් එහෙම සලකා බලල.

    ReplyDelete
    Replies
    1. ඉතා හොඳ යෝජනාවක්, පොලිස්පති තුමා වෙත යොමු කරමි..

      Delete
  27. ඕකට නියම නම රජයේ කොන්ත්‍රාත්කරු

    ReplyDelete
    Replies
    1. මේසන් ලට නමක් දාල තියනව .ඒක කියවන්නට PhD කරන්න ඕන.සමුර්දියන්ටත් එහෙමයි.මේ රටේ මිනිස්සු කැමති ,ලේකම් කම් වලට,අධිකාරි කම් වලට ,ඩිරැක්ටර් කම් වලට එහෙමනෙ.ඉතින් වධක අධ්‍යක්ෂ,වධක අධිකාරි,වධක කොමසාරිස් වගෙ නම් සළකල බැලුවෙ නැද්ද දන්නෙ නෑ.

      Delete
  28. අබසරණක?
    අබසරණකරු?
    අබසරනායක?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න