.

.

Jul 29, 2014

ජැකීගේ ආප්ප කඩේ... - Kaema Sutra (The Restaurant)


කවදාක නිදන්නද..?
ජැකොලිනාවන් සමඟ..
ඒත් ආසා නැද්ද..?
නමක් ගෑවුන තැනක්..
වඳින්නට පුදන්නට..!


කාමේ..ඉඳහන් ගෙදර..
මම යනවා Arcade..
කෑම සූත්තර කඩෙට..
ජැකොලිනා බලන්නට..

කැන් අයි හැල්ප් යූ සෑර්..?
අනේ මොන සෑද බං...
ජැකලිනා කෝ මචං..?
ටෙල් මි වඩුයෝ වෝන්ට්..?
ෂී වෙන්ට් ඇබ්‍රෝඩ්...!!!

මැනූ පොත් පෙරලුවෙමි..
අම්මටම හැමිනියන්...!!!
යක්කු නගිනවා ගස්..
දර්ශන්ගේ කුකුල් මස්..
දීසියක් දෙදාහයි..!
කකුළුවත් ඒ ළඟම..

කියාපන් මට පුතේ..,
මොනවදෝ තියෙන්නේ..
ජාමා මගෙ බේරගෙන..
කිච නොවී මාරුවෙන..

බිත්තරත් එක්ක නම්,
ආප්පේ දෙසීයයි...!
බිත්තරේ නැතුව නම්.,
දෙකක් ඒ ගානමයි.!

කන්නේ මක්කත් එක්ක,
දෙනවදෝ ලුනු මිරිස් ..?
හැඩ දමා, වැඩ දමා..
ගලේ අඹරලා දෙන..
ලුනු මිරිස් දීසීයම.,
ඔන්ලි හන්ඩ්‍රඩ් රුපිස්..!

හුළඟේ යති ටූ හොපර්ස්.,
ඉතිරි විය ලුනු මිරිස්.,
කෙළ උනා මගේ රුපිස්..!
කමි ඔන්ලි ලුනු මිරිස්..!

ඉන්න බෑ කට දනවා..
මහපාර පනිනවා..
හඩ්ඩගේ කුණු මෝල.,
පැන්නහම ඉස්සරහා.,
දිවි නැගුමේ බට්ටගෙන්.,
ඕඩරේ ප්ලේන්ටිය...!

මේ මහත්තයට ප්ලේන්ටියා...යි

මොන තරම් නෝන්ඩිද..?
ඒත් බං මට පුකද..?
නිදහස් චතුරශ්‍රෙ ළඟ..,
ජැකලින්ගේ දකුණු අත.
තවම මේ කොළඹ හත.


- සටහන - 
මේ කොන්සෙප්ට් වලට මාතලන් ඉතා ආදරේය. ජොලියට ලියූවක් පමණි. ජනමතය ලිවීම අපේ යුතුකමකි.

147 comments:

  1. ආප්පෙ දෙසීයයි...තව ඉස්සරහට ආප්ප ඊටත් වඩා ගණන් යයි.....
    සංකල්පමෛාකක් වුණත්....
    මොකද්ද මේ හරුපෙ....
    ඇත්තමයි....
    ව්‍යංගෙන් කාටද මේ පහර දෙන්නෙ

    ReplyDelete
    Replies
    1. උඹ රිචඩ් ද සොයිසා ගැන දන්නවද? එතකොට ඉස්සර වමෙ ශ්‍රේෂ්ඨ නායකයෝ ගැන දන්නවද..? දන්නවා නම් , මම මේ ලියන දේවල් ගැන කළබල වෙන්නේ නෑ..

      Delete
    2. හකුනා මටාටා@ ජපානයJuly 31, 2014 at 11:35 AM

      රු. 100-200-500-1000 උනත් කැමති කෙනෙක් කයි බං
      ආප්ප බුදින මහත්වරු ඇත්තටම මෙ ගනන් වැඩියි කියලා තප්පුලන්නෙ ජැකීගේ යෝනිමාර්ගය යි.


      ありがとうございます

      Delete
  2. පලිය දැක්කම හිතුනේ මඩේ දාලා දාලා කියලයි...... වැඩේ කියන්නේ මෙහෙත් බිත්තර ආප්පයක් කන්න පුළුවන්නේ බන් රුපියල් වලින් ගත්තොත් එකසිය විස්සකට විතර

    ReplyDelete
    Replies
    1. *පලිය දැක්කම හිතුනේ මඩේ දාලා දාලා, හෝදලා දාලා කියලයි......

      Delete
    2. ඔය මැලේසියාව... මේ අම්මට සිරි ලංකාව. සුද්දෝ මෙහේ වාහන වල ගාන ඇහුවාම උඩ යනවා.. එච්චර සල්ලි කාරයෝ ඉන්න්වද කියලා..

      Delete
  3. තේරුනා තේරුනා....වැඩේ තේරුනා

    ReplyDelete
    Replies
    1. එහෙනම් අවුලක් නෑ...කෝකටත් මම උඩ පොඩි පැහැදිලි කිරීමක් කළා..

      Delete
  4. මාත් ණයක් වෙලා හරි කනවා බිත්තර ආප්පයක් ජැකලින්ගෙ. :D

    ReplyDelete
    Replies
    1. ඒවටත් යන්න ඕන එක දවසක් හරි.. මුලු ජීවිතෙන්ම.. එහෙම ටාගට් එකක්වත් ඇචීව් කර ගන්න බැරි නම්.. සමාජයට වෛර කර කර තමයි ඉන්න වෙන්නේ.. මම ආසක් ගමේ එකත් කොළඹ ආපු වෙලාවක මේ වගේ තැනකින් කාලා යන සමාජයක් හැදෙනවා නම්.. නමුත් ඒක ලේසියෙන් හදන්න බෑ..

      Delete
    2. නොවෙන්නෙත් අපි හිතන ඔය ටික මචන්......

      Delete
    3. මාතලන් ඔබ හරි..............

      අපේ මිනිස්සු නුවරඑළියේ ගිහින් හීයර් වලින් නාලා, හීටර් ගහගෙන කාමර රත්කරගෙන ඉදලා නිවාඩු ගත කරලා එනවා. ඉතින් ඒකට නුවරඑළියේ යන්න ඕනේ නැහැනේ. හම්බන්තොට ගිහින් ඒසී කාමර වල ඉදලා එනවා. ඒකට හම්බන්තොට යන්න ඕනේ නැහැනේ. මං නම් කියන්නේ නුවරඑළියේ යනවානම් ටීෂර්ට් එකක්වත් නැතුව ඉදලා පට්ටම ආතල් එක අරන් සීතල විදින්න ඕනේ හම්බන්තොට යනවානම් දාඩිය පිඹ පිඹ ඉදලා එන්න ඕනේ. ඒකනේ ඒකට අදාල වින්දනයක් ලබනවා කියන්නේ............................

      ඉතින් මාතලන්ගේ ටවුමට ඇවිත් මෙහෙම කෑමක් කන එක ගැන නම් එකගයි...... ඒත් මාතලන් වගේ පච නොවී හොදේ........................

      Delete
  5. මගෙ තව යාලුවෙක් ආප්ප කාල මලානෙ

    ReplyDelete
    Replies
    1. අපේ ආච්චි කෙනෙක් මලා ආප්ප වාටියට අත කැපිලා..

      මරණ පරීක්ෂණේදි ඔප්පු උනා.. ආප්ප වලට ප්ලාස්ටර් ඔප් පැරිස් දාලය කියලා.. ඉතින් ලංකාවට ඒවා ගෙනවන එක්කෙනාට නඩු දාලා.. එයා අනියම් මිනි මැරුම් යටතේ 20 වසරකට බරපතල වැඩ ඇතිව හිරේ ගියා.. හරි පවු..

      Delete
    2. උඹට ඉන්නෙම මරණ මංචකේ ඉන්න යාලුවෝම නේද මචං ....

      Delete
    3. තව ටික දවසකින් උඹත් මැරෙනවා .. එතකොට අපි කියන්නම් .

      ඇනෝ කෙනෙක් මලා බ්ලොග් බලලා කියලා :D

      Delete
    4. ඇනෝ
      උඹත් මගේ ඇනෝ මිත්‍රය වගේ එකෙක්. දැං හරියටම කියපං උඹේ යාළුවො කීයක් ජීවතුන් අතර ඉන්නවද කියල

      Delete
    5. "බ්ලොග් බලලා" කියන්නෙ කවුද ඉවාන්? වෙන සත්තුන්ගෙ නම් කියවෙනවනම් අහල තියනව. ඒවට හොට දාන්න යන්න බයයි

      Delete
    6. ආප්පෙ නම් සුදු පාටය්
      වටිය නම් රතු පාටය්
      ඇත්තෙ උඩින් කලු ලෝමය්
      දැක්ක ගමන් වතුර පනිය්
      Anna Cross

      Delete
    7. >>අපේ ආච්චි කෙනෙක් මලා ආප්ප වාටියට අත කැපිලා.<<

      උඹ ඔය කියන ආච්චි බැඳලා හිටියේ අර යන්තම්පලාවේ (යන්තම්පලාව තියෙන්නේ හොඳටමපලාවට මෙහා) මී කතුරට අහුවෙලා මැරිච්ච හරමානිස් ආතගේ එක්කුසේ උපන් බාප්පගේ පුතා නේද, මාතා?

      Delete
    8. මී කතුරෙන් කොන්ඩෙ කපන්න ගිහින්, කන කපාගෙන.. ටැටනස් එක ගැහැව්වත්, බේර ගන්න බැරි උනා අප්පා... අපේ ආච්චි හොඳටෝම ඇඬුවා.. අපරාදේ කතුර කියලා..

      Delete
    9. බකට් හෙන් -රී : නෑ බං ඒ හරමානිස් ආතගේ එක්කුසේ උපං තාත්තගෙ මල්ලිගෙ පුතා...

      Delete
    10. නෑ හෙන්රි අයියා මේ වත්තල වද පුංචිගේ දුව.

      Delete
  6. දෙකට බිංදු පහක්ම දාල .....
    ඉන්ඩියා ගොසින් මං ......
    කන්න සිතා ඉමි.......
    එයාගෙ ආප්පය මචං ......
    කමක් නැද්ද බං ....බං .....බං .......බං ......??????

    ReplyDelete
    Replies
    1. ඉරිසියාවේ බෑ අප්පා...

      Delete
    2. කෙන්ජ උඹ කවද්ද කුමමොතො එන්නෙ.
      උඹව සෝපු එහෙකට එක්ක යන්න බලන් ඉන්නෙ

      Delete
    3. බලමු මචෝ...දෙසැම්බර් වල......
      thnx බං ...උඹට .... මට සලකන්න බලං ඉන්න එකට....
      ඇහැකි වුනොත් මාතලන් ලොක්කවත් එක්කං ආවට කමක් නැතෙයි....

      Delete
    4. එපා එපා ඌ බිසි ඒ වෙනකොට, ලබන අවුරුද්දෙ රට බාර ගන්න නෙවැ ඉන්නෙ.
      උඹ ඉතින් පාරෙ බුදියන බල්ල වගේනෙ වැඩක් නැති නිසා කතා කලේ

      Delete
  7. මාතෙ...
    ජැකි අක්කිඒ වගේ දෙයක් කලේ ඒකිගෙ තියෙන බිස්නස් මයින්ඩ් එක හන්ද.. ඒකි දන්නව තැටිය රත් වෙද්දි රොටියපුච්චගත්තෙ නැත්තං වැඩක් නෑ කියල... අනික දර්ශන කියන්නෙත් ටිකක් පේමස් පහේ ඩෑල්එකක් හන්ද ටිකක් නැගල යනව... ඒක උගෙ දත්ෂතාවට වඩා ජැකි අක්කිගෙ ජනප්‍රියත්වය.. ඒකි දන්නව මේ වගේ වෙලාවට මොකක් හරි මේ වගේ වැඩක් කලා න් ඉහලම පෙචාරෙ නිකංම හම්බෙනව කියල...
    බොරුනං බුකිය බලන්න කොච්චර ඇඩ් දානවද අපේ අය...

    අනික ඕ ගානට ඔතන දෙන්නැතිව කෝමද ඒ මනුස්සය ඔතන රෙන්ට් බිල් අනන් මනන් ගෙවන්නෙ...
    ඒව නොපෙනන එකාල කරන්නෙ ඒකටපිස්සු ආතල් අරං මංඥං ටෝක් දෙන එක...
    අනික මාතෙ කියනව වගේ අපේ කුහක මාන්දමික දූපත් මයින්ඩ් එක අයිං කරල බැලුව නං ඕක ඔයිට වඩා හොදට පේන්න පුලුවං

    නැද්ද මං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මලයෝ... මට කියන්න දෙයක් නෑ... උඹ ඔක්කෝම කියලා නේ..

      Delete
  8. (කියන කාරනේට අදාල නැතත්)
    මොනා නැතත් කඩේට නම යෝජනා කරපු එකයි, මේකෙ පලවෙනි පබ්ලිෂිටියයි නියමෙට තේරුං අරං ඉඳලා තියෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ මානසිකත්වය ගැන..

    ඇයි බන් මාර පබ්ලිෂිටියක්නේ දෙන්නේ නොමිලේම.. අනිත් මේ රේන්ජ් එකේ රෙස්ටුරන්ට් ටික හූල්ලනවා ඇති...... අපිට කොයින්ද මේම පබ්ලිෂිටි කියලා...

    ReplyDelete
    Replies
    1. ගරිල්ලා මාකටින් කියන්නේ ඒකට තමයි..

      Delete
  9. කෙන්ජි කියල තිබුන ඒ රෙස්ටුරන්ට් එකේ කරන්න කැමති දේ

    ReplyDelete
    Replies
    1. හෑ ....... මේ මං ...........................??????

      Delete
    2. J හිටගෙන....... ?

      Delete
    3. කෙන්ජි නෙමෙයි කවුරු උනත් එච්චර තමයි..

      Delete
  10. මටනම් හිතෙන්නේ මේක්‍ර අසාර්ථක ව්‍යාපාරික උපක්‍රමයක් ‍බලන්න දම්රෝ ආයතනයේ පරිගනක මේස රු. 2500 සිට කියලා ලස්සන දැන්වීම් ගහනවා බලපුවාම ඒ ගානට දෙන්නේ සපත්තු රාක්කයක් වගේ එකක් අනිත්වා ඔක්කොම 8000න් ඉහල ඉතින් එන එකා යන්නේ දමිත රාමනායකගේ අම්මටත් බැන බැන. අරුණි ෂපිරෝගේ බ්ලොග් එකේ තිබුනා බර්ගර් කිං හෝටලේ ගැන ඒත් ඔය විදියමයි පින්තූරෙ ලොකුවට පෙන්නනවා කන්න ගියාම චූට්ටං.
    මේකත් ඔහොමමයි එක්කෝ රු. 2000ට උදේ ආහාර වේලක් වගේ ගහලා වික්කනම් ගැටලුවක් කෑ මේක මේ සූදුවක් වගේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයා ලංකාව ගැන දන්නේ නැතිව...

      Delete
  11. මගේ හිත දෙසීයක් ගියත් ආප්පෙටමයි...

    ReplyDelete
    Replies
    1. එක දවසක් බෝතලේට සමු දුන්නා නම්, බඩ කට පුරා කාලා එන්න පුළුවන්..

      Delete
    2. හැබෑද?? ඒ කියන්නේ ආප්පේ එබ්‍රොඩ් ගොහිල්ල නැද්ද??

      Delete
    3. එයයි හැමදාම නෑ..

      Delete
    4. @ දේශකයා ..... බොක්ක..... යන්න ඕන දිනය ....කියහන්.....
      ඔතැන පැණි ආප්ප කඩයකුත් දානව .... ක්‍රිස්මස් කිට්ටු කොරල....
      ඉන්දියාවෙයි....ලංකාවෙයි ..... බුරි පෙන්නල නටන නංගිල එක්ක .... හෙක්...හෙක්...
      උඹලගෙ ඇඹුල් කෙසෙල් එක්ක කන්න...

      Delete
  12. දෙදාස් පන්සීයෙන් ජැකලිනාප්ප කීයද කන්ඩ පුලුවන් නේ?

    ReplyDelete
    Replies
    1. එයා කියනවලු දැන් ඊට වඩා පොඩ්ඩක් වැඩිය කියලා...

      Delete
  13. නිදහස් චතුරශ්‍රෙ ළඟ..,
    ජැකලින්ගේ දකුණු අත.
    තවම මේ කොළඹ හත.

    හහ් හහ් හා.......
    මාත් කොළඹ ආපු දවසක ජැකලින්ගෙ අප්පෙ කාල පයිං එනව ගෙදර.

    ReplyDelete
    Replies
    1. ඇයි බයිසිකලේ... නවනම් අර ආතල් ඇනෝ එක්ක වරෙන්.. අපි කොහේ හරි සෙට් වෙමු..

      Delete
    2. රාජ් ට කාප් මාළු උඩ ඇවිදින්නත් පුලුවන් ආකේඩ් ආවොත්

      Delete
  14. ගිය වෙලාවක බලන්ට ඕනි. කිරිබත් කෑල්ලකුත් රුපියල් සීයයිලු...:D

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ... ලුනු මිරිස් එක්කම දෙසීයයි.. ආයේ නෑ නිකං ගෙදර හැදුවා වගේ..

      Delete
  15. ඕකටත් යන්න ඕන මාතලන් , ඔන්න මං රාජගිරියේ මැන්හැටන් ෆිෂ් මාකට් නම් ගියා . පට්ට තමා ,වෙලාවක එන්න .

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. අපි එහෙම අවුල් තැන් කියන්නේ නෑ..

      Delete
  16. අපි ආසියාවේ ආප්පය බවට පත් වෙමු......

    හොඳ හොඳ රෙස්ට්ටොරන්ට් වැඩි වැඩියෙන් ලන්කාවේ ඇරඹෙත්වා!!! සියලු සත්වයෝ හොඳින් කත්වා!! කන කඩා වැටෙන්ට බොත්වා!! සැපෙන් සැපතට පැමිනෙත්වා!!!

    ReplyDelete
    Replies
    1. සාධූ....... සාධූ...... සධූ.......ඌ............................

      අබ සරණයි....!!!

      Delete
    2. අබ සරනිය??

      බොලේ.... මස්ටර්ඩ් සෝස් එහෙමත් තියෙනවා වගේ..

      Delete
  17. වෙලාවක් ලැබුනොතින් මාත් ඔහෙ ගොහිල්ලා...
    ආප්පෙත් විකාලා.. ලුනු මිරිස් එක්කලා...
    ජැකොලී..න් නංගිගේ සුදු මූණ බලලා..
    එන්ට එමි ආප්පෙන් පමණක්ම සැනසිලා...

    ඇත්තටම වෙලාවක ගෙහුන් එන්ට ඕන... මෙච්චර කියලත් ඕකෙන් කෑවේ නැත්තං ඇති වැඩේ මොකක්ද...

    ReplyDelete
    Replies
    1. රැස්ටුරන්ට් එක විතරක් නෙමෙයි... එතන හරි මරු බං...

      Delete
    2. මං පහුගිය කාලෙනං නිතර ගියා ඔය හරියේ ඇවිද ඇවිද ඉන්න.. දැන් මාස දෙකතුනකින් වෙලාවක් අහු උනේ නැහැ... ආයේ ගිය වෙලාවක යනවා.. මෙච්චර කල් නිදහස් චතුරස්‍රෙ පැත්තේ ගියාම මං ආප්ප කෑවේ ඒක ඇතුලෙම තියෙන අර පොඩි පොට් එකෙන්... ආයේ ගිහාම මුලින් ජැකලින් නංගිගෙන් ආප්ප දෙකක් කාලා මාරු වෙලා.. මදි පාඩුව අර මගේ පරණ පොට් එකෙන්ම කාලා ප්ලේන්ටියකුත් ගහලා ආවම අවුලක් නැහැ... :D

      Delete
    3. රෑ වෙලා පලයන් මචෝ.. උඹ ඒ හරියේ ඉන්නේ.. වෝක් එකක් දාගෙන යන්න බැරිය.. ඇක්සයිස් කොරන පුකවල් ටිකකුත් බලාගෙන.. ආප්ප නොකෑවත් ඒවා දැක්කම බඩ පිරෙනවා...

      Delete
    4. ආපෝ ඕකේ ඇවිදිද්දි දැකලා දැකලා දැන් ඒවා නිකං අර කුකුල් කරමලේ වගේ... :D
      ජැකලින් නගා මාසෙකට වංගියක්වත් ඔය අහ එන දවසක් නැතිව ඇති නේද බං..? අඩුම ගානේ දැකීමත් එක *කීමක් කියලවත් සැනසෙන්න...

      Delete
    5. උඹ ඉතින් ළඟ එකා නිසා... ඉන්න දවසක් බලලම.. ඉඳගත්තා නම් හරි.. කනවට වඩා බල බල යන අය තමයි වැඩි...

      Delete
    6. @ මාරයා, උඹත් ඔය කිට්ටුව ඉන්න හින්ද වගේම චෙෆ් සර්ටිෆිකේට් එකකුත් තියෙන හින්ද නරකද මොකක්හරි අටවගන්න බැලුවොත්. අඩුම ගානෙ කොත්තු කඩයක්වත්. අපි දෙන්නං පබ්ලිසිටිය. ඕන්නං ඔය පැත්තෙ ආපු වෙලාවක කාල යන්නත් එන්නං. (ණයට) :D

      Delete
    7. එයිට වඩා ලේසියි බං මාත් ඔතනට ලූණු සුද්ද කරන්න හරි සැට් උනානං... :D

      Delete
    8. එහාට පොතු ගලවපු ළුණු පැකට් එනව ඉන්දියාවෙන්......
      ගලේ ලුණු මිරිස අඹරන්න ගියොත් මොකද මාරය මල්ලි...

      Delete
  18. කීය වුනත් ආප්පයක් කන්නටමයි හිත
    නොකා වුනත් ගිහින් එන්න හිතේ හවස් අත
    ලයිට් දාලා හායි කියලා හිනාවෙලා ඇත
    ජකුලින්ගේ කෑම පොත - දැකලා බිසී දකුණු අත

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මේවා දැකලා හිතට දුකයි තමයි
      ඒත් වදේ මක් කොරම්ද දකුණු අතේ පිහිට තමයි

      Delete
    2. මක් කොරන්නදැයි දැං
      මං නං උපං වමතා බං

      Delete
    3. හුටා එහෙනම් ඒ පිනත් නෑ..

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඒ වුනත් සොත්තියොත් වැඩ කරුවො තමා ඉදගෙන ...

      Delete
  19. යකෝ මේ වගේ පබ්ලිසිටි දෙනකොට ජැකොලියගෙ බිත්තර ආප්පයක් නොකා ඉන්නෙ කෝමෙයි.

    ReplyDelete
    Replies
    1. එන්න මල්ලි බස් එකකුත් අරගෙන.. නිදහස් චතුරශ්‍රෙත් බලලා.. ආප්පයක් කාලම යන්න. හැබයි ඉතින් කළුවට වැටෙනකන් ඉන්න වෙනවා..

      Delete
  20. ඕක මචං ඉන්දියන් මාකටින් ස්ටියිල් එක.
    අද වෙනකොට ඉන්දියාවේ අතේ සල්ලි ගැවසෙන තරුණ පරපුරක් IT Industry එක හරහා බිහි වෙලා ඉවරයි. ඔය සල්ලි ටිකට කෙලවන්න වෙනම ඉන්දියන් වෙළද පරපුරක් බිහිවෙලා ඉන්නවා. උන්ට බ්රෑන්ඩ්ඩ් ඇදුම් අදින්න, international chain restaurant වලින් කන්න, නිවාඩුවට අඩුම තරමින් මැලේසියා යන්න ඕන කියන ට්‍රේන්ඩ් එකක් හදනවා. එකෙක් I was in Puket for last school vacations කියනකොට අනෙකාට We too but in Bali කියන මානසිකත්වය තමයි හදල තියෙන්නේ.

    ඔය මානසිකත්වය හැදෙනකොට ගොඩක් උන්ට උන්ගේ රටේ හන්දියක් හන්දියක් ගානේ තියන KFC වලින් කන එක නිකන් චාටර් වගේ. අන්න ඒ රික්තකයට තමයි කෑම සුත්‍ර වර්ගයේ ව්‍යාපාර රිංගන්නේ. අඩුම ගන්නේ ට්‍රයි කරන කෙල්ලව හරි අරන් යන්න පෙලබෙනවා.

    නමුත් අපේ රටේ empty pocket තාරුණ්‍ය එක්ක ඔය ව්‍යාපාරයේ අනාගත සාර්ථකත්වය ගැන නම් කියන්න අපහසුයි.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මේවට වෙනම ක්‍රවුඩ් එකක්. එහෙම නැත්නම් පන්තියක් ලංකාවේ ඉන්නවා.. අර කිව්වා වගේ මේවා අපේ අයට ට්‍රෙන්ඩ් කියලා පේනවා. නමුත් දියුණු සමාජයක.. මේ දේ සාමාන්‍යයයි..

      Delete
    2. අපේ සමාජය දියුණු නැති එක ගැන තමයි මමත් කියන්නේ.
      මේ වර්ගයේ රෙස්ටෝරන්ට් ඉන්දියාවේ ඕනෑම නගරයක තියනවා.
      පට්ට සෙනගකුත් ඉන්නවා. එක් බලාගෙන ජැකිත් මෙහෙ එනවා

      Delete
    3. කවුද මංදා කියලා තිබුනා කොළඹ තියෙන්නේ ලංකාව ඇතුලේය.. ලංකාව තියෙන්නේ කොළඹ ඇතුලේය කියලා... ලංකාව කෙසේ වෙතත් කොළඹ ඇතුලේ මේ වගේ දේකට ගේමක් නැතිව රැදෙන්න රැකෙන්න.. වැඩි දියුණු වෙන්න අවස්ථාව තියෙනවා...

      Delete
    4. ඔය ඉන්දියාවේ තියෙන අයි ටී ට්‍රේඩ් එක ඉස්සෙල්ලම ආවේ ලංකාවට. අපිත් ඒ කාළේ හොඳට හම්බ කළා. කෑවා බිව්වා. රට රටවල ගියා.. අපේ කාළකන්නි කොමිෂන් වලට වහ වැටිලා ඒ ආපු චාන්ස් ඔක්කෝම වෙන උන්ට දුන්නා. මෙහේ උන්න උන් ටිකත් ඉන්දියාවේ ගියා. නැත්නම් ඔය කෝල් සෙන්ටර්ස් එන්නෙත් මෙහෙට..

      Delete
    5. අතේ සල්ලි ගැවසෙන තරුණ පරපුරක් දැන් ලන්කාවෙත් ඉන්නවා. මම හිතන්නේ සල්ලි තියෙන කොල්ලෝ ඔක්කොම බොරු පොෂ් ඩයල් කියල නෙවෙයි. උන් මහන්සි වෙලා හම්බ කරලා තමන්ට ඕනේ විදියට කාල ජිවත් වෙනවා. අනිත් උන් ආණ්ඩුවට බැන බැන හුල්ලද්දී...

      අපි සෙට් එකට වයස අවුරුදු 20දි උසස් පෙළ අනාගෙන ගෙවල් වල වියදමින් යන්තම් බස් වල ගිහින් ඔය කියන empty pocket තාරුණ්‍යය අත් විඳපු කට්ටිය. හැබැයි අවුරුදු 26-27 වෙද්දී තමන්ටම කියල කාර් අරගෙන ඒ දවස් වල කොළඹ තිබ්බ පොෂ් ප්ලේස් වලට බහින්න හැකියාව ලබා ගත්තා...

      දැන් දැන් එහෙම උන් වැඩියි මට නම් හිතෙන්නේ.. අපිට කන්න ඕනේ නම් අපි හම්බ කරන් කනවා. ආණ්ඩුවෙන් දෙනකම් ඉන්නේ නෑ...

      පොඩි ආකල්ප වෙනසක් විතරයි සිද්ද වෙන්න ඕනේ..

      Delete
    6. එළකිරි පැතුම්... ඕන් ඕකයි වෙන්න ඕන.. නිකන් දෙනකන් උඩ බලාගෙන ඉන්නේ නැතිව..

      Delete
    7. @පැතුම්'''''! ........................................
      +++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    8. අනිවා. ඔය කියන empty pocket තාරුණ්‍යය නියෝජනය කරන්නෙ ආණ්ඩුවෙන් කෑම අනලා කටට දෙනකම් කොටුවට වෙලා තාප්ප රත් කරන කුලකය විතරයි.

      //අපිට කන්න ඕනේ නම් අපි හම්බ කරන් කනවා. ආණ්ඩුවෙන් දෙනකම් ඉන්නේ නෑ...// Hats off! හැම එකාටම මේ ගට තියෙනවනම්!

      Delete
    9. මමත් දානවා රෙස්ටුරන්ට් එකක්... මාරයා දානවා උයන්න.... වෙනියා දානවා පොටෝ ගන්නයි වලං හෝදන්නයි....
      අඩු ගානෙ බ්ලොග් කාරයො ටිකක් වත් එන්නෙ නැතෑ... නිකං හරි කාලා යන්න

      ඇලා

      Delete
    10. ඇඩ්ඩටයිස්න් මට දියන් ඇලෝ...

      Delete
    11. ඕකෙන් කාල මැරෙන උංගෙ මරණ දැන්වීම් ටික ගහන්න මට දියං. :D

      Delete
    12. අම්මටසිරි මට ඕක උඹ කියනකනම මීටර් උනේ නෑ..
      මමත් IT industry එකේ...අවුරුදු 26...කාර් එකක් අරන් දැන් අවුරුද්දකට කිට්ටුයි....

      මටත් කාලයක් තිබ්බා බස් එකේ කට්ට කාපු අතේ සතේ නැතුව පයින් ගියපු...ඒ කාලේ KFC යනවා කියන්නේ රජ මඟුල්...

      ඒත් දැන්...සෑහෙන්න වෙනස් වෙලා...KFC, MAC, Burger king කියන්නේ නිකන්නම සයිවර් කඩ ගානට වෙලා...ආසත් නෑ යන්න.... ඩෙනිමක් ගත්තත් Levi's Shoes ගත්තොත් Adidas, Nike..... කෑල්ලත් එක්ක යන්නේ Posh joint වලට...

      සිරාවටම මේ එක දකිනකන් මට ගානක් තිබ්බේ නෑ මම වෙනස් වෙච්ච විදිහ ගැන....
      හොඳක්ද නරකක්ද මන්දා...නාස්තියක්ද මන්දා... කරන්න දෙයක් නෑ...හැඩ ගැහිලා ඉවරයි....

      Delete
    13. පැතුම් අයියා …එකෙන්ම රෙෂ්පට් ටෝක්ෂ් එක ඈ
      ++++++++++++++++++++++++++++

      Delete
    14. මම පොර ටෝක් එකක් දැම්ම නෙවෙයි බන්. අපි අපෙන් කෙරෙන්න ඕනේ දේ කරන්නේ නැතුව නිකන් උඩ බලාගෙන ඉඳගෙන දුක් විඳිනවා. රටට ආණ්ඩුවට බනිනවා.

      අපි, අපිට අපේ පවුලේ මිනිස්සුන්ට කරේ නැත්නම් වෙන මොකෙක් වත් නෑනේ අපි කැමති දේවල් දෙන්න.

      මම හිතන්නේ ඔය හැම පොෂ් යැයි සම්මත මිනිස්සුන්ගේ පවුල් වලත් ඉන්නවා මහන්සි වෙලා හම්බ කරලා තමන්ටත්, රටටත් යමක් කරන මිනිස්සු. මම නම් දකින්නේ ලංකාවේ තාම ඕනේ තරම් අවංකව රස්සාවක් කරලා දියුණු වෙන්න අවස්ථා තියෙනවා. තමුන් මහන්සි වෙන්න ලැස්ති නම්.

      කවුරුහරි තමුන්ට ඕනේ දෙනකම් බලන් ඉන්න ඉන්න කවදාවත් තමන් හැදෙන්නෙත් නෑ රට හැදෙන්නෙත් නෑ බන්.

      ඔන්න ඕකයි මම ජිවිතේ දකින විදිය.

      Delete
  21. ‍ඇත්‍‍ත‍ම‍යි , ‍ම‍ම ‍බ‍ලා‍ගෙ‍න ‍හි‍ටි‍යා ‍මා‍ත‍ලන්‍ ‍අ‍යි‍යා ‍මේ‍ක ‍ගැ‍න ‍මො‍න‍වත්‍ ‍කි‍යන්‍‍න ‍ඇ‍යි ‍මෙච්‍‍ච‍ර ‍ප‍රක්‍‍කු ‍කි‍ය‍ලා , ‍අ‍පූ‍රු‍යි

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලා ගොහින් බලලා ඉන්න එපාය.. නිකං කියන්නන් වාලේ ලියලා හරි යන්නේ නෑ නේ..

      Delete
  22. ඔය කෑම සූත්තරේට සමහරු උඩ පැන පැන බැන්නට ජැකලින් කලේ තැනේ හැටියට ඇණේ ගහපු එකනෙ. අනික ඒ ගාණට නොදී කොහොමද එතන ඉන්ඩිරෙක්ට් කොස්ට් එක කවර් කරන්නෙ.

    රුපියල් දෙසීයට දෙන්නෙ බිත්තර ආප්පයක් නෙමෙයි, "ආකේඩ් එකේ, කෑම සූත්‍ර එකේ" බිත්තර ආප්පයක්.

    හැබැයි ඉතින් ආප්ප කඩේ පලු අරින කස්ටියගෙ බැනර් ජාලෙ පුරාම කැරකෙන නිසා ජැකලින්ට ඇඩ්වර්ටයිසින් වලට සතයක්වත් වැය නොකරම වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙන්න ඇති. අනික කඩේ නමත්, කන්සෙප්ට් එකත් මම හිතන විදියටනම් පට්ටයි. නමේ කෑල්ලක් ඇහුනත් ඇහිච්ච එකා බලෙන් කතාව මැද්දට පැනල විස්තරේ අහගන්නව, අනික ඉන්පස්සෙ ඌට මලාට අමතක වෙන්නෙත් නෑ නෙව ඒක.

    ReplyDelete
    Replies
    1. ගරිල්ලා මාකටින්... මිනිස්ට්‍රී ඔෆ් ක්‍රෑබ්ස් කියන නමත් එහෙම නේ.. ඕකට සමහර දේශපාලුවොත් අකමැති උනා... නමට.. මොකෝ ඇත්තටම අපේ මිනිස්ට්‍රිත් ඔක්කෝම මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ් ම තමයි නේ..

      Delete
    2. මිනිස්ට්‍ර් ඔෆ් ක්‍රැප් !!!

      Delete
    3. මං හිතුවෙ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ්ස් කියන්නෙ මාලිගාවත්තෙ තියෙන මිනිස්ට්‍රි ඔෆ් ෆිශරීස් එකේ කෑල්ලක් කියලා :-)

      Delete
    4. ඔව් ඉතින් මිනිස්ට්‍රී ඔප් සුගර් තියෙන රටේ එහෙම මිනිස්ට්‍රිත් ආවොත් කළබල වෙන්න එපා

      මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ්ස්, ප්‍රෝන්ස්, කට්ලරි ෆිෂ්, මින්ස්ට්‍රි ඔෆ් පොකිරීස් වගේ ...

      Delete
    5. මටත් සංගගෙ කඩේ නම ඇහෙන්නෙම ministry of crap වගේ :D

      Delete
  23. දැන් අපි සල්ලි වල වටිනාකම මනින්නේ ආප්ප කියක් කන්න පුළුවන් ද කියන එකෙන්... හදිසියකට අප්පයක් දෙකක් කන්න කියල තමයි කාගෙන් උනත් රුපියල් පන්සියක් ඉල්ලන්නේ.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ගෝලිප් එකක් 30 යි.. 28 උනාට ඉතිරි දෙන්නේ නෑ.. ආන්ඩුව වගේම ටොපි දෙන්නේ. ගල් කාලක් 300 ක් විතර.. ඉතින් බිත්තර දෙකක්ම දාපු ආප්පයක් 200 උනාම මොකෑ අප්පා වෙන්නේ..

      Delete
  24. ටෙස්ට් ඔෆ් ඒසියා එකේ ආප්පයක් 25 යිද කොහෙද..කරියක් 350 න් එහා. අඹේපුස්සේ නුවර පාරේ ඩිලයිට් එකේ ආප්පයක් 15ක් හරි 20 ක් හරි..ලූනු මිරිස් ඩප්පිය රු. 80 යි. ඉති ජැකලින් 300 ට ආප්ප දෙකයි ලුනු මිරිසයි දෙන එක අහන්නත් දෙයක්ද? ඔන්න බලපං හෙට අනිද්ද ආප්ප ගනං යන හැටි!

    ReplyDelete
    Replies
    1. මම උදේට ආප්ප වගයක් ගේනවා ගෙදරකින්. ගමේ වගේ නම්බර් වන් කැකුළු හාල් ආප්ප.. නිකන් ආප්පේ වගේ ආප්ප.. එකක් රුපියල් 10 යි. සම්බළුත් නොමිළේ..

      Delete
  25. 50 කන බනිස් එකට
    300ක් දිලා අපි
    කෙ එෆ් සි එකෙන් කනව නම්

    ජැකලින් නන්ගිවත් බලල
    ආප්පෙකුත් කාල එන්න
    ඔය ගානත් මොන කජ්ජද බන්

    ReplyDelete
  26. ජැකී නෝනා ඉන්න දවසක මතක් කරපං මචෝ එයාවත් දැක බලාගෙන ආප්පෙකුත් කාල යන්න එන්න බැරුවයි

    ReplyDelete
    Replies
    1. මම බලලා උඹට කොල් කරලා උඹ එහේ ඉඳන් මෙහේ එනකොට එයා කඩේ වහලා තියෙයි..

      Delete
    2. උඹත් දාපන් හැලපේ කඩයක් බෝගම්බර ජේල් ආකේඩ් එකේ..
      අපි දාමු ඒකට නම "එම්බසි ඔෆ් හැලප" කියලා...
      මරුසිරාගේ නෝනව ගමු පාට්නර් කමට...

      Delete
    3. අම්මපා හැලප කඩේ කියලා පටන් ගත්තා නම් බඩුම තමයි...

      Delete
  27. ආප්පවලට මේ දවස්වල බොහොම සැරට ඉල්ලුම තියනවා... කො මේ අපේ වනිතා එන්නකෝ පණේ.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෑ නලීන් ඒ.. එයා ආප්ප වලට කැමතිද?

      Delete
  28. ආප්ප වලට බිත්තර දාන්නේ ජැකී ද?

    ReplyDelete
  29. අපේ ලොකුඅප්පච්චි කෙනෙක් ගමේ ඉදන් දවසක් අපේ ගෙදර එන ගමන් පීසා හට් එකට ගිහින් වෙච්ච රස කතාවක් තියෙනවා. මාතලන්ගේ කවිය දැක්කාම ඒ කතාවත් කවියක් කරලා ලියන්න හිතුණා. ඉක්මනට ම දාන්නම්කෝ කට්ටියට ම කියවන්න. ඉතින් කවිය එළස් මාතලන්. උඹ ඉතින් නිර්මාණකරුවානේ.................................. අගෙයි

    ReplyDelete
    Replies
    1. විරිඳුවෙනම් ලිව්වා නම් .... නියමෙට තියේවී..

      Delete
  30. ජැකී අක්කට තියෙන මැෂින් එක මටත් තිබ්බනං මාත් දානවා අප්පා ලොවෙත් ආප්ප කඩයක්.කොහෙද ඉතිං ලබා උපං හැටි නොවැ.

    ReplyDelete
    Replies
    1. නොමැති දේ ගැන දුක් වනවාට වඩා.. ලද දෙයින් සතුටු වීම ඇඟට හොඳයි...

      Delete
  31. මේ ආප්ප ජැකලයින්ම දාන ඒවද?

    කොළඹ හතේ නොවිච්ච එක කොච්චරනම් දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. දව්සක මයියංගන හංදියටත් මේවා එයි.. දුක් වෙන්න එපා...

      Delete
    2. හපෝයි කිසිම දුකක් නෑ. නේන තරමට හොඳයි. මෙහේ තියෙන දේවල් හොඳටෝම ඇති.

      Delete
    3. හිතේ අමාරුවට අපි උනත් එහෙම තමයි කියන්නේ..

      Delete
  32. මාතා....සහතිකෙන්ම මම මේ කොන්සෙප්ට් එකට කැමතියි. මට මේ වගේ කෑම සපයන තැන් ගැන හීන තිබුනා. ඒවා මාත් එක්කම ඇහැරුන නිසා හීනම වුනා. කෑම සූත්‍ර මීට වඩා වෙනස් ආකරයකින් මම හිතේ මවා ගෙන තිබුනා. ඒ Fusion Srilankan Dishes කියන එක ඇතුලේ. මට තාමත් දර්ශන්ගේ කුකින් ගැන නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ මේක උවමනාවට වඩා අප්මාකට් කරපු එක. මම හිතුවේ ඕනවට වඩා ප්‍රයිස් වයිස් උඩින් නොයා.. Budget මාකට් එකක්. මම ඔතනින් කාපු නැති නිසා දන්නේ නැහැ මේක fusion ද කියලා. කෑම සූත්‍ර ගැන ලියන්න හිතේ තිබුනා. උඹ ලියපු නිසා ..ඒ කරදරේත් කමෙන්ට් එකකින් ඉවර කරා. ඔතන ජැකලින්ගේ මේන් ඉන්වෝල්ව්මන්ට් එක ෆයිනෑන්ශලිද, මාකටින්ග්ද කියලා මට හිතාගන්න බැහැ. සමහර විට ඒ දෙකම වෙන්න ඇති.

    ඇත්තටම මාතා..මට වැලිගම අයිලන්ඩ් එක ගැනත් මගේමවු මාකටින් ස්ට්‍රැටජි එකක් හිතේ තියෙනවා. ඒවා තමයි හිතේ උපදින ධනාත්මක සිතුවිලි. නමුත් මට බිස්නස් කරන්න කිසිම උවමනාවක්වත්, ඒ වෙනුවෙන් සම්පත්වත් නැහැ. තිබුනත් මම කරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. සල්ලි තියෙනවා නම්.. මීට වඩා දේවල් කරන්න බැරිය. ප්‍රාග්ධනය නැති එක නේ කරුමේ..

      Delete
    2. අරූ...දර්ශන්ට ඕන උනේ ෆියුෂන් ෆුඩ් ජොයින්ට් එකක් දාන්න නෙවෙයි කියලයි කියලා තිබුනේ. ඕතන්ටික් ට්‍රැඩිෂන්ල් ශ්‍රීලන්කන් ෆුඩ් ජොයින්ට් එකක් තමයි කන්සෙප්ට් එක. එවෙලේම ගලේ අඹරලා දෙන ලුනු මිරිසක්, පොල්සම්බලක් වගේ ෆුඩ් කන්සෙප්ට් එකක්...ප්‍රයිසින්ග් කන්සෙප්ට් එක මට හිතෙන්නේ ක්‍රව්ඩ් කන්ට්‍රොල් බේසිස් එකේ කරපු දෙයක් වෙන්න ඕන මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ් වගේ..
      මම රිවීව් එකක ඔහොම ලියලා තියෙනවා දැක්කා..
      මම මගෙ ජීවිතේ ගෙවාපු ලොකුම ෆුඩ් බිල ගෙව්වේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ් වලට....අපි හය දෙනයි, රෙඩ් වයින් බොතල් දෙකයි, ක්‍රෑබ් සමග රෝස්පාන් පොල්සම්බල් වලට රුපියල් 97,600/- .....
      එක දවසක් යන්නම ඕන නිසා ගියා...ආයිත් යන එකක් නැහැ මයේ හිතේ...හෙක්

      Delete
    3. ෂෙෆාකි.....ඒ රිවිව් ලින්ක් එක දාපන්කෝ පුළුවන් නම් ආසයි කියවන්න.

      Delete
  33. මාතලන් මට හරියටම මතක නෑ අනූ ගණන් වල අන්තිම හරියේ හොඳ ට්‍රියෝ එකක් ආනොල්ඩ්, ස්ටැලෝන්, බෲස් විල්ස් ප්ලැනට් හොලිවුඩ් කියලා කොපි ඇන්ඩ් බාර් චේන් එකක් පටන් ගත්තා. මම ඉන්න නගරයේ පටන් ගත්තේ සිටි සෙන්ටර් පොශ් ජොයින්ට් එකක් විදියට. ඒ කාලේ අපි නිකම් බටු ඇට විතරක් නෙමෙයි අපී හීන ස්ටාර්ස්ලා බලන්න අපිට තිබුනේ ලොකු ආශාවක්.
    මට මතකයි ඒ ආශාව මම සංසිඳව ගත්ත දවස. අතේ ශතේ නැතත් අපිත් ආසයි ඒ වගේ චාන්ස් එකකට හරි !
    මාකටින් අතින් මේක හොඳ කන්සෙප්ට් එකක්. ජැකීගේ ප්‍රසිද්ධිය ඒකට උදව් වෙනවා. ආප්පේ දෙසීයට නෙමෙයි ඊට වඩා දීලා කන්නත් කොළඹ ක්‍රවුඩ් එකක් ඉන්නවා. (අපි ලෙවකෑවට එහෙම පුළුවන් සමාජයක් අද තියෙනවා. )
    මේ කන්සෙප්ට් එක කරන කඩ කීපයක් අලුතෙන් එලියට ඇවිත්. ඒත් ජැකීගේ ආප්ප තරම් ඒවට පබ්ලිසිටි එකක් ලැබුනේ නෑ. මේක ජැකීට ලැබුන ඉහලම වාසියක්. (නම ඇහුවම හාමුදුරුවෝ සෙට් එක රෙද්ද උස්සන් එයි කියලා හිතුවට එහෙම නෙමෙයි වුනේ නරියෝ මිදි තිත්තයි කීව කතාවක්. )
    මාත් ආප්පයට මේ වටිනාකම දුන්න ජැකීටයි දර්ශන්ටයි එක හෙලා සපෝට්....!

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ඔය ලෙඩ්ඩු මේවට එන්නේ නෑ. මමත් හිතුවා කඩේ නමට වලියක් යයි කියලා..

      Delete
  34. ලංකාවට ආවම මාත් යනවා ආප්පයක් කාලා එන්න..

    ReplyDelete
    Replies
    1. ප්ලේන්ටිය වෙන කොහෙන් හරි බොන්න බැරිය..

      Delete
  35. බයිල ආතල් එක ගත්තනේ බං ..මේක ඩිංගක් මිස් උනා. තරහ අවසර ආයිබෝං මචෝ..

    යන්ඩෝනැ මෙදාපාර ආවම ආප්පයක් දෙකක් කාල එන්ඩ.. ඒ අත්දැකීම ලබාගන්න !!

    ReplyDelete
    Replies
    1. ඉස්සර ආප්ප වලට ප්‍රසිද්ධ ආකාස කඩේ.. තාමත් ඒ ක්‍රවුඩ් එක එතනට එනවා..

      Delete
    2. වරෙන් මස්සිනා නිකන් හරි ඡැකලින් අක්කාගේ ආප්පේ සැට් වුනොත් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව රැපියල් 100 ක් දිලා ගමු ඈ?

      Delete
  36. මෙක කතාවක් වගේ ලිව්වත් එකකිරි හුලගේ යන ආප්ප් ආවසානේ,කාන්න උන ලුණු මිරිස් දිසිය ,ප්ලෙන්ටියක් බොන එක ....ආතල් ....මටත් හිතයි එකක් කාලම එන්න දැන් නම්,(කවුරු හරි එක්කරන් ගියොත් හරි ) .....කොම උනත් මෙක හොද වැඩක් ..මොකක් උනත් සුත්‍රයක් නේ ඉස්සරහට මීට වඩා වෙනස් වෙයි කඩෙ ද අපේ අය ද දන්නෙත් නෑ :D

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි කචල් මැද්දේ අපි වෙනස් වෙනවා...

      Delete
  37. ඔඞොක්කුවෙි ඉන්දවගෙන ආප්ප කැල්ල කැල්ල ලුනුමිරිස් වල ගාලා කවනවනම් කියවුනත් අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම කන්න නම් දෙසීයේ අගට තව බින්දු තුනක් වත් දාන්න වෙයි...

      Delete
  38. ලංකාවට එන පිටරට සුද්දන්ටනම් මේ කඩේ අල්ලලා යයි වගේ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද...? ලංකාවේ සුද්දෝ වැහි වැහලා....

      Delete
  39. ජැකලයින් ගේන් ආප්පයක් උඹට නිකං ඉල්ලා ගත හැකියි බං මතා මේ දීපු පබ්ලිසිටියට.
    මමත් ඔහේ ගිය වෙලාවක කලා එනවා ඕකෙන්.අනිත් එක දැන් අපි අඩු ආදයම් ලබන රටක් නෙමේනේ මැදි ආදයම් ලබන රටක්නේ .ඉතින් මොකද කන්න බැරි ඇයි.?

    ReplyDelete
    Replies
    1. 2500 න් දුසිමක්ම කාලා 100 ක් ඉතිරි වෙනවත් එක්ක...

      Delete
  40. මචෝ මටපොඩ්ඩක් හොයල කියහන් delifrance එකේ croissant එකක් කීයද කියල. එතකොට හිතාගතෙකි අප්පෙ ගාන වැඩිද අඩුද කියල.

    ReplyDelete
    Replies
    1. හාඩ්වෙයාර් කඩේ බැලුවා... ඉවර වෙලාලූ මචෝ... ආවාම අහලා කියන්නම්..

      Delete
  41. අපි එනකොට කට්ටිය ආප්පත් කාලා ගෙදරත් ගිහින් නෙ.

    ReplyDelete
    Replies
    1. ආප්ප ඉවරයි... දැන් යන්නේ ඔබද ලක්ෂපති, මමද ලක්ෂපති...

      Delete
  42. විශේෂයෙන්ම මේ high profile ෆුඩ් මාකට් එක ඇතුලේ පොඩි කන්සෙප්ට් එකක් තියෙනවා ගාන අඩු කරලා වැඩියෙන් විකුණලා සල්ලි හොයනවට වඩා, ඒ රෙස්ටොරන්ට් එකේ තියෙන කොලිටි එක තියාගෙන මිල සාමාන්‍ය මිලට වඩා හය ගුණයක් විකර වැඩි කරලා, එන ක්‍රව්ඩ් එක අඩු කරලා සල්ලි හොයන.

    එහෙම වුනාම හැම පැත්තම බැලන්ස් වෙනවා. ඒ කියන ගාන දීල කන්න පුළුවන් අය විතරයි එන්නේ. ඒකෙන් crowed control වෙනවා. එතකොට තියෙන high profile එක තවත් වැඩි වෙනවා. කාලෙකදි මිල තව වැඩි කරත් එන්න පුරුදු වුන මිනිස්සු එනවා. කරදර අඩුයි, ලාභය වැඩියි. මිල වැඩි නිසා ඉක්මනට බංකොලොත් වෙයි කියලා හිතුවට කවදාවත් වෙන්නේ නැහැ.

    Ministy of Crab එකේ මිල දැක්කහම මමත් ටිකක් අප්සෙට් වුනා මේකට දුවන්න පුළුවන් වෙයිද කියලා. ඒත් මම ඉහතින් කිව්ව කන්සෙප්ට් එකට ඔය යස අගේට ලාභ හොයන්නේ.

    මාතලන් කියනවා වගේ අපි හැමදාම ගෙදර දුවන ගමන් පෙට්ටි කඩෙන් හරි සයිවර් ජොයින්ට් එකෙන් හරි කාලා ජීවිතේ විදින්න බැහැ. මහන්සි වෙලා වැඩ කරොත් කෙනෙකුට මේ වගේ තැනකින් කාලා එන්ජෝයි කරන තත්වෙට එන්න බැරි කමක් නැහැ. ඒක තමයි දියුණු වෙන ජාතියක ලක්ෂණ. නැතුව බන්දුල ගොයියා කියනවා වගේ 2500 කාලා ඉන්න එක නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. බන්දුල ගොයියා අපේ උන්ට මාසෙම 2500 කවන්න හැදුවට, එයාගේ පුතාල කන්නේ ඇමරිකාවේ හොඳම රෙස්ටුරන්ට් වලින්. ඒකයි ඇත්ත කතාව. මුන්ට ඡන්දේ දෙන උන්ට ගහන්න ඕන මඩු වල්ගෙන්. නිකං නෙමෙයිනේ ඕකුන් පාර්ලිමන්ට් ගිහින් බයිලා ගහන්නේ..

      Delete
  43. Ane bolaw.. achchara ara thiyena Bollywood ekata hodin hoo narakin "ammata siri lankawe" namath aran giye oya kiyana Jakie witharai.. ehew Jakie me Arcade eke kadayak da gaththa kiyala me heti kalabalayak ai kiyala matanam nothere.. :( kade demme Jakienam eke baduth thamanta uwamana ganakata wikuna ganna eyata aithiya thibe.. Ethi heki Keema Soothrayen kathwa.. Ehema beriya kiyala eyage palu eriyama harida mama ahanne??
    Arcade giyaya kiyala eyage kadenma kanna onaye..? oya thawa ona tharan then thiyenne kanawanam kanna..
    Oya hariya kalin thibuna widihata wada nam den sehena hodai, lasanai Arcade eka heduwata passe.. :)

    ReplyDelete
  44. Ethi heki aya Keema Soothrayen kathwa..*

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න