.

.

Jul 27, 2014

ගෝත්‍රිකවාදියෝ ඉන්නේ සයිබර් අවකාශයේ විතරද? - Oh.. No.. I am afraid of Social Media


සන්නස්ගල සෑර් ජනරළ පත්තරේට ඉන්ටවීව් එකක් දෙනවා. ඒක ජනරළ පත්තරේ තිබුනා නම් බලන්නේ සුළු පිරිසයි. පත්තරේ බැලුවා. කියෙව්වා. ඊට පස්සෙ බත් එක ඔතාගෙන ගියා. බත එක කෑවා. ඇඟිලි ටික පිහදාගත්තා. කුණු බක්කියට විසි කරා. අන්තීමට කොළොන්නාවේ.... නැත්නම්, ගොඩ ගහලා තියලා, බෝතල් පත්තරකාරෙයෙකුට දුන්නා. ඉඟුරු කඩේ හන්දියට ආවා. වාලච්චනේ ගියා. අකුරු අරවා මේවා ඔක්කෝම හැලිලා, ආයෙත් පත්තර කන්තෝරුවකට ගියා. එච්චරයි.

දැන් එහෙම නෙමෙයි. මේක එනවා අන්තර්ජාලේට. සයිබර් අවකාශයට. සමාජ වෙබ් අඩවි ජාල වලට, වෙබ් වලට, බ්ලොග් වලට. ලංකාවේ ෆේස්බුක් බොහොම ජනප්‍රියයි. ට්විටර් තවම ඒ ත්ත්වෙට ඇවිත් නෑ. ඒත් මහින්ද මහත්තයටත්, ට්විටර් එකවුන්ට් එකක් තියෙනවා. ෆේස්බුක් නම් හැමෝටම වගේ තියෙනවා. නානසර හාන්දුරුවන්ගේ එකවුන්ට් එක වහන්නෙයි කියලා, පෙත්සම් ලක්ෂ පනහක් ගිහින්ලු. ඇත්තද බොරුද දන්නේ නෑ. ෆේස්බුක් එක ඒ තරම් ජනප්‍රියයි. කවුරුත් කියන්නේ "බුකිය" කියලා.

ඉස්සර "බුකිය" කිව්වේ රේස් බුකියට. දැන් බුකි යනවය කියන්නේ, ෆේස්බුක් එකේ සැරිසරනවට. බලාගෙන ගියාම, අර බුකියෙයි මේ බුකියෙයි මහා ළොකු වෙනසකුත් නෑ. එතන කරන්නේ ඔට්ටු අල්ලන එක. මෙතන කරන්නේ ඔට්ටු වෙන එක. බුකියේ කට්ටිය කතා කරනවා වගේම. මෙතනත් කෙල්ලෙක් කොල්ලෙක් සොයා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවේ ඉඳලා, පොදු අපේක්ෂකයා හොයන සෙල්ලම් හිටන් යනවා. ඒ අස්සේ තමන් ආපු වැඩෙත් කරනවා. ඒ කියන්නේ රේස් දානවා. ඒ වගේම රේස් එක යනවා.

මේකෙදි, හරීන් ඌවේ මහ ඇමති වෙනවා. අනුර දිසානායක ජනාධිපති වෙනවා. සම්පත් චන්ද්‍ර පුෂ්ප සුද්දෙක් මරපු ජාතික වීරයෙක් වෙනවා. ඒත් ඌ කියනවා, ඌ ඒ පැත්ත පලාතේවත් හිටියේ නැතෙයි, මම මුකුත් දන්නෙ නැතිය. මම බබාය කියලා. ඔය අස්සේ කවුරු හරි එකෙක්, සන්නස්ගල සෑර්ගේ මේ ඉන්ටවීව් එකත් බුකියේ එල්ලනවා. අපේ සිංහයා, ඕක බ්ලොග් වලටත් ගේනවා. ඉතින් එතන සාඛඡ්චාවක් ඇති වෙනවා.

අනික් කරුණු ගැන වගේම, සයිබර් අවකාශය ගැනත් පට්ට ඇත්තක්, ලොක්කා කියලා තියෙනවා. මේ "පට්ට" කියන වචනේ ගැන, ටික කලකට කලින්, ලොක්කා "පට්ට" අර්ත කථනයක් දෙනවා. එයා මේ වගේ වචන වලට බය නෑ. දැන් මම මෙතනදි එයාට "ලොක්කා" කියනවා. පට්ට කියන වචනෙට බය නැති උනාට, එයා මේ වගේ වචනවලට බය වෙනවා. "ලොක්කා" කියන්නේ මොකක්ද? පොරක් කියන එක. ඇත්තටම සන්නස්ගල ලොක්කා, පොරක්. ඒ කියන්නේ අයිකන් එකක්. වෙලාවක මට හිතෙනවා. නිර්මාල් පොදු අපේක්ෂකයා කරනවට වඩා, සන්නස්ගල ගෙනාවොත් මොකද කියලා? මොකෝ එයා කියන ඒවා බොක්කටම වදිනවා. අනික අර ෆේමස්, තික් උඩු රැවුලත්, නියමෙටම තියෙනවා.

ඒවා පැත්තක තියලා දැන් අදාල කාරණාවට එමුකෝ. ලොක්කා කතා කරන්නේ, මේ සයිබර් අවකාශේ ඉන්න අසමජ්ජාතියෝ ගැන. එයා "ගෝත්‍රිකයෝ" කියලා කියන්නේ උන්ට. මේ පිරිස ඇත්තටම කැටගරයිස් කරන්න පුළුවන්.

  • ෆේස්බුක් ගෝත්‍රිකයෝ 
  • ඇනොනිමස් ගෝත්‍රිකයෝ 
  • නමක් ගමක් ඇතත්, ගෝත්‍රික ගතිය ඉවත්ව නැති ගෝත්‍රිකයෝ 
බුකියේ ඉන්නවා ෆේක් ගිණුම් හදාගත්ත උන්. මොකෝ බුකියේ ඇනෝ එන්න බෑ. ඉතින් කාගේ හරි නමක් ගමක් දාගෙන එන්න ඕන. කොටින්ම මේ ලියන මමත්, බුකියේ ඉන්නේ, මගේ නියම නමෙන් නෙමෙයි. මගේ නියම නම මාතලන් වත්, ප්‍රියන්ත හේවගේ වත්, නෙමෙයි. නමුත්, එතන ශිල්ප දක්වන්න නම්, කුමක් හෝ නමක් හදා ගන්න වෙනවා.

ඒත් බ්ලොග්ස් වල නිදහස, එතනින් එහාට යනවා. එතන ඕනම කෙනෙකුට, ඕනම අදහසක් කියන්න ඉඩ තියෙනවා. අනන්‍යතාවයක් ඕන වෙන්නේ නෑ. ඕන එකෙකුට ඇනෝ(Anonymous)  එන්න පුළුවන්. නමුත් මේ ගෝත්‍රිකයන්ගේ කුණුහබ්බ මැද්දේ, එතන සාඛඡ්චාවක් ඇති වෙනවා. අන්න ඒ දේ ගොඩාක් වටිනවා. පත්තරේ යන එකට අපි උත්තර ලිව්වොත්, ඒක පත්තරේ වැටෙන්නේ නෑ. වැටුනත් වැටෙන්නේ, සතියක් හරි, අඩුම ගානේ දවස් දෙක තුනක් පහු වෙලා. ඒත් මෙතන පබ්ලිෂ් උන වෙලාවේ ඉඳන් ප්‍රතිචාර එනවා. සංවාදයක් ඇතිවෙනවා. පුරවැසි මාධ්‍යකරණයේ තියෙන වටිනාකම ඒකයි.

එයා සයිබර් අවකාශේ ගැන කළකිරුනට. එයාගේ සාඛඡ්චාව වැඩිපුර කතා බහට ලක් වෙන්නෙත්, සයිබර් අවකාශයේ.

අපි කීප දෙනෙක් අඩියක් ගගහා, අමරදේව මහත්තයා ගැන කතා වෙනවා කියමු. ඒක සිඳු වෙන්නේ අපි කීප දෙනා අතරේ විතරයි. නමුත් අමරදේව මහත්තයා ගැන මගේ දැක්ම මෙතන කිව්වම. ඇමරිකාවේ, ජපානේ එකා වගෙම, මහියංගනේ ඉන්න එකත් සාඛඡ්චාවට එනවා. ඒ අතරේ අර සන්නසගල සෑර් කිව්වා වගේ සම හරක් ඇවිත්, අපේ අම්මා කොහොමද? නෝනා යටට ඇඳලද? ළමයා කන්නේ පාන්ද? සීයගේ බක්කි කරත්තේ රෝදේ රවුම්ද? අඩෝ උඹ අහවල් කුලේ නේද? නම වෙනස් කලා නේද?  වගෙම, සමහර විට, අපෙ පවුල්වල සමාජිකයින් සමඟ, සංවාසයට පැමිනෙන්න කැමති පිරිසකුත් ඉන්නවා. බැලුවම ගෝත්‍රිකයෝ කියන්න බෑ. එයාලා ඒ තරම් සෝෂල්.

ඒ වගේම අපිට අමතක වෙලා ඇති කියලා හිතලා, ඒ දෙවල් කරන්න කියලා මතක් කරන්න පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ වෙලාවට මාතලන් තාත්තට කියනවා. මෙන්න තාත්තේ මේ මහත්මයෙක් ඇවිත් මෙහෙම කියලා තියෙනවය. අද රෑට පොඩ්ඩක් ඒ ගැන සලකලා බලන්නය කියලා. මෙන්න මේ දේවල් වලට, සන්නස්ගල වගේම, අපේ "සිංහයත්" බය වෙනවා. එහෙම නැත්නම් අපුලක් හිතෙනවා. නැත්නම් කළකිරිනෙවා. දුක හිතෙනවා. ඉතින් සිංහයා මේ සාඛඡ්චාව ගේනවා බොග් අවකාශයටත්. එතනදි සිංහයා මාතලන්ටත් , කතන්දරටත් උන දේ ගැන දුක් වෙනවා. ඒක මිත්‍රත්වයේ සංකේතයක්.

දැන් තියෙන ප්‍රශ්ණේ, ගෝත්‍රිකයෝ ඉන්නේ මෙතන විතරද? නෑ අපේ සමාජයේ අති බහුතරය පට්ට ගෝත්‍රිකයෝ. කුණුහබ්බ කියන එක විතරක් නෙමෙයි නේ ගෝත්‍රික ලක්ෂණ. හොඳයි අපි ඒක විතරක්ම ගමුකෝ. කීප දෙනෙක් එකතුවෙලා යමක් ගැන සාඛඡ්චාවක් කරන වෙලාවට, "උගෙ අම්මට..." කියලා ඉතිරි ටික ගිල ගත්තත්, කිව්වේ මොකක්ද කියලා, ඇහුන එකා දන්නවා. ඔය ටයි කෝට් දාලා, බී ඇම්, මර්සෙඩීස් වල ගියාට, ඒ යන්නේ අමුම අමු වැද්දෝ.

ඔය "ටයි" කියන්නේ අමුඩ ලේන්සූ. සම හරක් ඕක බෙල්ල වටේ දාගෙන යන්නේ නැතිව, කමිස සාක්කුවේ, කොනක් විතරක් පේන්න දාගෙන යනවා. ඒ කියන්නේ එයා අපිට කියනවා. අඩෝ දැනගනින්, මම මෙහෙම හිටියට අමුඩ අඳින එකෙක්ය කියලා. දේවල් ගැන කතා බහ කලොත්, ඒ පිලිබඳ මතය විමසුවොත්, ඒ අදහස් ඇහුවම, මහ පොළොව පලාගෙන අපා ගත වෙන්න හිතෙනවා. අපරාදේ කියන්නේ, සන්නා, ඒ අය ගැනත්, අමුවෙන්ම ඇදලා ඇරලා තියෙනවා. ආයෙත් කියන්න ඕන, සියළු දෙනාම නෙමෙයි, අති බහුතරය.

මම නම් හිතන්නේ, මෙතනට එන්න බය වෙන එකත්, ගෝත්‍රික ගතියක් කියලා. අපි කුණුහබ්බ වලට අකමැති නම්, අපේ අදහස් ප්‍රකාෂ කරන්න පුළුවන්, සංවාදයකට ඉඩක් නොදී. අදහස් දැක්වීම අහුරලා. ඒ කියන්නේ කොමෙන්ට්ස් වහලා. එහෙම නැත්නම් මොඩරේට් කරලා. ඔය "මරුවා" කරන්නේ ඒකයි. ඌ හතර අතේ වනනවා. ඒත් එකෙක්ටවත් "හූම්" කියන්න විදියක් නෑ. ඌ ගහන්න ඕන එකාගේ ඔළු කටු පුපුරන්නම ගහනවා. අපි හිතමු, මරුවා කියන දේට විරුද්ධ මතයක් තියෙනවය කියලා. එහෙනම් ඔය පර්සනැලටියක් නැති මහත් හොරුන්ට, මෙතන වෙන ඒවයේ වගේ කුණුහබ්බ කියන්න බෑනේ. ඉතින් එයාටත් වෙනවා නිර්මාණ කරුවෙක් වෙන්න. එතකොට එයත් බ්ලොග් එකක් පටන් ගන්නවා. සිඳු විය යුත්තේ එයයි.

මම පෞද්ගලිකවම අපේ සිවිල් පොරවල්ගෙන් ඉල්ලලා තියෙනවා, බ්ලොග් ලියන්න කියලා. මොකෝ ළෝක ප්‍රසිද්ධ මාධ්‍යවේදින් සියල්ලන්ටම වගේ, අද තමන්ගේ බ්ලොග් අඩවියක් තියෙනවා. මේ දේ අපේ පැරකුම් ජයසිංහත් බොහෝ වෙලාවට ලියලා තියෙනවා. ඒත් එයාල මෙතනට එන්නේ නෑ. මෙතනදි, පොරත්වය අහිමි වෙනවා. ඔක්කෝම මචංලා. නැත්නම් අයියා. මල්ලි. මට නම් ඒවා ඕනත් නෑ. මාතලන් හරි, මාතේ කිව්වා නම් ඇති. ඒත් ඔක්කෝම "මචෝ"ලා වෙනවනම්, මේ ළොකේ කොච්චර ලස්සනද? ඒත් එහෙම වෙන්නේ නෑ. ඒකයි දුක. පැරා නම් කියන්නේ, එයාලට කී බෝඩ් එකවත් බෑ කියලා. එයාලා මෙතනට බයයි. ඒ කියන්නේ විසංවාදයට බයයි. කුණුහබ්බ වලට බයයි. කුණුහබ්බ කියන්නෙත්, අපේ සංස්කෘතියේ එක අංගයක්. මෙහේ මහා ලොකු දේවල් උනාට. දියුණු රටවල පවා "ෆක් යූ.." කියන්නේ, අනේ නිකන් පලයන් බං යන්න කියන සයිස් එකට ඇවිත් තියෙන්නේ.

අපි හිතනවා, අනේ තෝ මැරියන්, ගිහින් අම්මත් එක්ක නිදාගනින් කියන්නේ, අපි විතරක්ය කියලා. එහෙම එකක් නෑ. පිටරට බ්ලොග් බැලුවාම, බුකි එකවුන්ට්ස් බැලුවාම, අපේ උන් හොඳයි. මමත් මේ දේවල් අනුමත කරන්නේ නෑ. ඒත් එහෙම ලෙඩ්ඩුන්ට බෙහෙත් තියෙනවා. මේ දේවල් කරන්නේ කිසිම පර්සනැලටියක්, එහෙම නැත්නම් පෞර්ෂත්වයක් නැති උන්. ප්‍රශ්ණයක් ගැන කීප පැත්තකින් බලන්න බැරි උන්. විවාද සංවාද ගැන මෙළෝ දෙයක් නොදන්න උන්. ඇත්තටම එහෙම පිරිසට, අපි අනුකම්පා කළ යුතුමයි. මොවුන් මානසික රෝගීන්.

නමුත්, මෙතන තවත් පිරිසකුත් ඉන්නවා. එකට කාළා බිලා, හොඳට කතා බහ කරලා ගිහින්, පස්සෙ නමක් ගමක් නැතිව ඇනෝ (Anonymous) ඇවිත්, කුණුහබ්බ කියන උන්. අරුන් ලෙඩ්ඩු නම්, මුන් ඇවිත් අති භයානක ලෙඩ්ඩු. ඒ කියන්නේ කියන්න තියෙන දේ මූනට කියන්න බැරි උන්. මුන්ට අරුන් තරම් වත් පර්සනැලටියක් නෑ. ඉතින් එහෙම අයට උනත් බෙහෙත් තියෙනවා. ඒ බෙහෙත් ඇවිත්, වෙස්ටර්න් මෙඩිසින් වගේ, වැදගත් ටැබ්ලට්, ඉන්ජෙක්ෂන්ස් එහෙම නෙමෙයි. අර ගෝත්‍රික බෙහෙත්මයි.

එතනදි අපිත් ගෝත්‍රිකයට අඳිනවා. මම අහලා තියෙනව ඉස්සර තොවිල් නටපු නඩුකාර උන්නාන්සේ කෙනෙක් ගැනත්. ඔහේලා දැකලා තියෙනවද, තොවිල් වලදි යක්කු එළවන හැටි? ස්වල්ප කුණුහබ්බ කන්දරාවක්ද යකැදුරා කියන්නේ? යක්කු එලවන්න ඕන ඒ විදියට. එහෙම එලෙව්වම යක්කු යනවා. එහෙම තොවිල් පවිල් කර ගන්න ඕන නම් කියන්න. මාතලන් ඒ වගේ තොවිල් නටනවා.

ඒ නිසා, මේකේ ලියන්න කියන්න බය වෙන්න ඕන නෑ. සංවාදය තමයි ශිෂ්ඨාඨාචරයක් ඉදිරියට ඇදගෙන යන්නේ. සංවාසය තමයි පරම්පරාව ඉදිරියට අරගෙන යන්නේ. ඉතින් සංවාදය තියෙන තැන සංවාසය කළ යුතු නැහැ. එහෙම කළත් සසර කළකිරව ගන්න ඕනත් නෑ. නැත්නම් අපිට වෙන්නේ, හැමදාමත් නොම්මර එකේ ළිං මැඩියෝ සෙට් එකක් විදියට ජීවත් වෙන්න.

සමාජ අඩවි ගැන, පුරවැසි මාධ්‍යකරණය ගැන, නියම අවබෝධයක් තියෙන, එකම එක මාධ්‍යවේදියයි මම ලංකාවේ දැකලා තියෙන්නේ. ඒ තමයි වන් ඇන්ඩ් ඔන්ලි, නාලක ගුණවර්ධන. එහෙම නැත්නම්, "රාවයේ", "සිව්මංසල කොලුගැටයා". එයාට සිංහළ වගේම, ඉන්ගිරිසියෙනුත් ලියන්න පුළුවන්. අන්න ඒ දේ බොහෝම වටිනවා. ඒ විතරක් නෙමෙයි ඒ මනුස්සය අගය කිරීමකටත් ලක් වෙලා තියෙනවා. ඉතින් එයාගෙත් යුතුකමක් තියෙනවා. අඩුම ගානේ "රාවයේ" ඉන්න පිරිස වත්, බ්ලොග්කරණය කෙරේ යොමු කරන්න. ජාලෙට ඇදගෙන එන්න.

මේක අපායක් නෙමෙයි. බොහෝම සුන්දර තැනක්. ඉඳලා හිටලා මළ පෙරේතයෙක් ඇවිල්ලා කෑ ගැහුවට. ඒවටත් බෙහෙත් තියෙනවා. එහෙම නැතිව. යක්කුන්ට බයේ, ගෙවල් දොරවල් දාලා යන එක නෙමෙයි කරන ඕන. අපේ පැරැන්නොවත් එහෙම කළේ නෑ. මහසෝනා එක්කත් ගේම ඉල්ලපු උන් හිටියේ. මොහිණිට බබා වඩාගෙන ඉන්න කියලා, වැටෙන්න යන රෙද්ද අන්දපු උන් හිටියේ. රීරි යකාත් එක්ක ගමේ සොහොන් පිට්ටනියේ, මල් පූජා කරපු උන්, බූරුවා ගහපු උන්, හිටියේ. මාතලන් නම් සොහොනේ ගෙවල් හැදුවේ, යක්කුන්ට බයේ නම් නෙමෙයි..

සනස්ගල සෑර් එන්න.......
බය වෙන්න එපා...
අපි සයිබර් අවකාශයෙත් හීන ඇහිඳිමු...
හීන එලිකරගන්න උත්සාහ කරමු...

155 comments:

  1. /*  ඉතින් ඒ වෙලාවට මාතලන් තාත්තට කියනවා. මෙන්න තාත්තේ මේ මහත්මයෙක් ඇවිත් මෙහෙම කියලා තියෙනවය. අද රෑට පොඩ්ඩක් ඒ ගැන සලකලා බලන්නය කියලා. */

    මගේ ටියුබ් ලයිට් එක පත්තු වෙන්න ටිකක් වෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. හොඳ සාහිත්ත කාරයෝ ලියන්නේ කියන්නේ එහෙමයි..

      Delete
    2. මාත් දෙපාරක් කිය්වල බැලුව මූ මොකද්ද මේ කියල තියන් තියෙන්නෙ කියල :D

      Delete
    3. My tube light is still flashing

      Delete
    4. HELO ME APE CHOO PADA PUKA GENA LIYANA BOG GURU NEDA

      Delete
    5. අම්බලමෙ පිනාJuly 27, 2014 at 8:10 AM

      2009 සබරගමුව පලාත් මහඇමති අපේක්ෂකත්වය භාරගත්තෙත් නැති ප්‍රතික්ෂේප කලෙත් නැති උපකාරක පංති දේශක සන්නස්ගල, තම පංතිවලට අලුතින් සිසුන් බදවාගැනිම් ආසන්නයෙ එම කාලයෙ පවති සමාජ කතිකාවකට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වී මාධ්‍ය සංදර්ශන පෑම එච්චර ගනන්ගන්න එපා බං. අනික පත්තර කියලා හිස්කොල විකුනන්නද

      Delete
    6. සෑහෙන්න වෙලා ගියා පත්තුකර ගන්න, තාත්තල දැං වයසයි නේ ඉතින් ඒවගෙ යුතුකම් මතක්කරල දෙන ඇනෝලට මතක ඇතුව ස්තූති පමුණවන්න ඕන.

      Delete
    7. බලහං මාතලන්... උඹ කෙලින්ම කුණුහරුපේ නොකියා මේක ලිව්ව විදිහ කොච්චර ලස්සනද කියලා... අපි කියන්නේ එකම කුණුහරප ටික තමයි... ඒක කැත නැතුව ලස්සනට ලියන එවුන්ට තමයි නිර්මාණශීලී එවුන් කියන්නේ...

      Delete
    8. :D :D අර ඇනෝ නම් වැඩේ පැහැදිලි කරලා :))

      Delete
  2. තව ගෝත්‍රිකයෝ ජාතියක් ඉන්නවා
    තමන් ඇර අනෙක් ඔක්කොම ගෝත්‍රිකයෝ කියල හිතන් ඉන්න( සන්නස්ගල වගේ) ගෝත්‍රිකයෝ

    ReplyDelete
    Replies
    1. හ්ම්.... එහෙම සෙට් එකකුත් ඉන්නවා තමයි.. ඒත් ඉතින් අපි හැමෝගෙම මොකක් හරි පොඩි එහෙම ගතියක් තියෙනවා.. ඒත් ඉතින් මෙතන කතා කරන්නේ වෙනම සෙට් එකක් ගැන.

      Delete
  3. මෑතකදී මාතලන් ගෙන් කියවපු හොදම ලිපිය මෙක මට නම්,...වෙන කියන්න දෙයක් නෑ ලිපිය නියමයි.++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. උඹලා හොඳ උනත් මෙහෙම කොමෙන්ට් දාන්න එපා. මොකෝ සම හරක් බනින්නේ උඹේ අම්මලට. අපේ අම්මට නෙමෙයි.

      Delete
    2. පොඩ්ඩක් පැහැදිලි කරා නම් තවම කියපු දේ මිටර් උනේ නෑ ,අහක ඉන්න අපේ අම්මට බනින්න හෙතුව මොකක්ද ????

      Delete
    3. මාතලන් ලියන ඒවා හොඳයි, හරි ෂෝක් කිව්වම මල පනින සෙට් එකක් වෙනම ඉන්නවා. උන් ගැන කිව්වේ... උඹ කළබල වෙන්න එපා.. පොඩි ජෝක් එකක්..

      Delete
    4. අනිවා... සහොදර...... පුත්‍ර.....

      Delete
  4. ග්‍රෝත්‍රිකයෝත් (අදහස්වලින්) මෙතැන්ට එනවා

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අතනත් ඉන්නවා... මෙතනත් ඉන්නවා... කොතනත් ඉන්නවා..

      Delete
  5. අයියා...................... මොකද කසිලියක්ද?.....................අපිත් එන්ඩද ඩප්පියක්වත් අරං......................?

    ReplyDelete
    Replies
    1. ඔයා ගාව අරන් තියපු ඩප්පි තව තියනවද....? විචාරකතුමා...

      Delete
    2. ඒක දෙනකක් නෑ

      Delete
    3. වචනේ ඇති ලොක්කා. ඕන උනොත් ඒවත් ගහමු.. නැත්නම් මේක ගෙනියන්න බෑ..

      Delete
    4. ආ..... මට දෙයක් අමතක උනා... උඹ දකින්න නැතුව ඇති.. දයල් බතීගේ එකේ... එකෙක් කියල තිබුනා.. ඌ ෆේස් ටූ ෆේස් හම්බ උනා නම් වෙන භාෂවකින්ය කතා කරන්නේ කියලා.. ඌ දන්නෙ නැතිව ඇති අපි ඒවටත් ඔට්ටුය කියලා...

      ආන් ඒ වගේ වෙලාවට ඕවත් ඕන වෙනවා...

      Delete
    5. හා මාත් එක පයිං බොස් … !!! ඕ යේස්.
      දෙමු සෑර් පොරි හැලෙන්ඩ.

      Delete
    6. අඩෝ මල්ලේ, මගේ වොයිස් එක අහපන් ඩො...! !!!!!!!!!!!

      මේ අහල්ලා, අහල්ලා මගේ තාලේ...
      වැඩි වැඩත් නෑ අඩුත් නෑ එකවාගේ...
      අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ...
      මේ අහල්ලා, අහල්ලා මගේ තාලේ...

      (ගායනය :ච්. ආර්. ජෝතිපාල, මොහිදීන් බෙග්, පර්ල් වාසුදේවි, ටයිටස් සී. පෙරේරා
      සංගීතය :සෝමපාල ලීලානන්ද )

      Delete
    7. 11.50 Ano....මේ සින්දුව කොහෙන්ද බං හොයාගත්තේ..දන්නවා නම් ලින්ක් එකක් දාපන්. අහලම නෑ. පර්ල් වාසුදේවි සින්දු කියපු බවක් දන්නෙත් නැහැ. ටයිටස් පෙරේරා ඇහුවෙත් අදයි.

      Delete
    8. අරු Il mondo di una povera pazza දාලා තියෙන්නේ අහන්න ....
      ගීතයේ විස්තර ගත්තේ නම් සරසවිය පත්තරෙන් ...(පර්ල් වාසුදේවි සින්දු කියපු බවක් දන්නෙත් නැහැ. ටයිටස් පෙරේරා ඇහුවෙත් අදයි.ගැන තිබුනෙත් එතන තමයි )

      Delete
  6. අන්තර්ජාලෙ ගොඩක් ප්‍රබුද්ධයන්ට දිරවන්නෙ නැත්තෙ ඒක හරියට සීවලී පුර මැද්ද්දෙ තියෙන පොකට් මීටින් එකක් වගේ නිසා. සපෝර්ට් කරන එකා මරාගෙන මැරෙද්දි ඒ වගේම හූ කියන්න ගල් ගහන්නත් ඔන්දස්පොට්ම තව සෙට් එකක් ඉන්නව. ඔය ලොකු අය්යලට ඒක දර ගන්න අමාරුයි. බ්ලොග් ඕනෙ නෑ, ඕක සමහර සාකච්ඡා සම්න්ත්‍රණ වලට ගියමත් පේනවනෙ.

    අනික තමා යකෝ, යක්කු එලවන්න යක්කු වෙන්න ඕනෙ නෑ. ඉස්සරත් ඔය මන්තර නොදන්න තක්කඩි තමා කුණු හරුප කියල යක්කු එලෙව්වෙ. අද තත්වෙ වෙනස්. යකාටත් ගේම දෙන්න පුලුවන් යකා ගැහුව වගේ. අනික මිනිස්සු නිතරම ගැවසෙනකොට, යක්කු ඉබේම නැතිවෙලා යනව. ඒත් ඉතින් ඒකට මිනිස්සු එකතු වෙන්න ඕන. නැතුව මගේ එකට එන එකාට විතරක් සලකන ගොබ්බ න්‍යායෙන් වැඩ කරොත් දිනන්නෙ යක්කුම තමා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. අපි නම් හැම එකාගෙම එකේ සැරිසරනවා.. සංසාරෙදි එන්නේ නැති එකාටත් බැක් කරනවා.. අපි කරනවා.. තල්ලු කරලා.. පිකප් කරලා.. ඉස්ටාට් කරලා දෙනවා.. ඇක්සිඩොන්ට් නැතිව ගෙනියන එක එයාලගෙ වැඩක්..

      Delete
  7. ගෝත්‍රිකවාදය අපට වෙනස් කරන්න බැනේ , මාතලන් අයියේ..... එකෙක් හැදෙන කොට.... ඒ කියන්නේ හරි පාරේ යන කොට .... තව එකෙක් බිහි වෙනවා.... මේ ගොල්ලා හද හද ඉන්න වෙලාවක් නැ....

    මේ ගොල්ලන්ට මෙහෙම වෙන්නේ කාගේ වැරද්දෙන්ද...? අපි ඉගෙන ගන්න ක්‍රමයේ වරදින්ද....? නැත්නම් ජාන විකෘතියක්ද.....? සන්නස්ගල style එක වෙනස්..... පරාක්‍රම වෙනස්.... හැමෝම, හැමෝටම වඩා වෙනස්... ඒත්..... ඉශ්‍රයලයේ මෙහෙම නැ කියල අටම් කිව්ව...... එහේ වැඩිපුර ඉන්නේ නොබෙල් ත්‍යාග ලාභින්ලු......

    ReplyDelete
    Replies
    1. ඊශ්‍රායලයේ මාත් හිටියනේ, එහෙත් ඉන්නවා. නමුත් ප්‍රමාණයෙන් ඉතා සුළු පිරිසක්. ඒ දේ සිඳු වෙන්න නම්.. සෑහෙන කලක් යාවී..

      Delete
  8. මාතලන් ලියල තියෙනවා වගේම හොඳ නරක හැමදේම මේ සයිබර් අවකාශයේ, බුකියේ, බ්ලොග් අවකාශයේ තියෙනවා.
    එකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ.
    මොකද අපේ සැබෑ මිනිස් සමාජෙත් ඔය ජාති හැමෝම ඉන්නවනේ.
    එගොල්ලොමනේ සයිබරේට ඇවිත් වැඩ පෙන්නන්නෙත්.
    මම අත්දැකපු වැදගත්ම දේ තමයි මම පළකරපු දෙයකට ඒ මොහොතේ ඉඳන්ම මට හොඳ නරක ගැන දන්වලා ප්‍රතිචාර ලැබෙන එක.
    පත්තරේකට ලිපියක් ලියනවට වඩා ඒ දේ මට ගොඩක් වටිනවා.
    එත් "ANONYMOUS" එහෙම නැත්නම් ඇනෝ ගෝත්‍රිකයන්ගේ ප්‍රතිචාර මම නොසලකා හරිනවා.
    ෆේක් වුනත් ප්‍රොෆයිල් එකකින් ඇවිත් (හරියට මාතලන්, විචාරක වගේ) මොනවහරි දෙන කමෙන්ට් එක පිලිගන්නවා.
    මම නම් මේ අවකාශයේ වැඩිදුර ඇවිත් නැහැ. එත් ආපු ටික දුරට ලබපු අත්දැකීම නොසලකා හරින්නත් බැහැ.

    සයිබර් ගෝත්‍රිකයෝ ගැන දාපු මේ පොස්ට් එකනම් මාර වටිනවා.

    ReplyDelete
    Replies
    1. නොසලකා හරින්න පුළුවන් දේවලුත් තියෙනවා. නමුත් ජනප්‍රිය වෙනකොට, මේකෙම ඉන්න උන් ඇනෝ ඇවිත් කුණුහබ්බ ලියනවා. පෝස්ට් එකට කිසි සේත්ම අදාල නොවන, අර සන්නා කියපු දේවල්..

      ඉතින් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන දේ ඇත්ත.. ඒත් ඒවටත් බෙහෙත් තියෙනවා..

      Delete
  9. උඹගෙ සිංහල හදන්න යන මමයි ගොනා.

    ReplyDelete
    Replies
    1. අන්න හරි ගොනා...

      Delete
    2. ඒ මොකෝ හැලපේ ඒ.......?

      Delete
  10. //අපි හිතනවා, අනේ තෝ මැරියන්, ගිහින් අම්මත් එක්ක නිදාගනින් කියන්නේ, අපි විතරක්ය කියලා. එහෙම එකක් නෑ. පිටරට බ්ලොග් බැලුවාම, බුකි එකවුන්ට්ස් බැලුවාම, අපේ උන් හොඳයි,// මේක කියෙවුවම තමා ඇඟට ලේ ටිකක් ඉනුවෙ. ඇයි හත් දෙයියනේ මම දැකලා තියනවා සමහර තැන් වල කියවෙනවා "සිංහල බොග් ඉන්ගිරීසි බ්ලොග් වගේ වැදගත් නෑ. හරී නාකයි" වගේ අදහස්.

    කතා දෙකක් නෑ. අද ලිපිය බ්ලොගක් ලියන්න බලාපොරොත්තු වෙන උන්ට මුලින්ම පෙන්නන්න වටිනවා. ඒ වගේම අලුතෙන් ලියන අපිටත්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම පත්තරයටත්... (ඌ තාම බ්ලොගක් අටෝගත්ත විතරයිනේ)

      Delete
    2. ඌ ලියන කාලෙක බ්ලොග් කියවයි අපෙ ළමයි නම්. අපි නම් නාකි වෙලා මැරිලා ගිහින් ඌ පෝස්ට් එකක් දාන කාලෙ වෙත්දි. ;D

      Delete
    3. එහෙම කියන්න එපා බලපං දැං හිට්ස 550 ත් පැනලා....

      Delete
    4. මොන පිස්සුද සුද්දෝ එක්ක බැලුවම අපි එතනිනුත් පරාදයි..

      Delete
    5. ඕන්න බලපල්ල ප්‍රියෝ වොදානෙයො මගේ එකේ කවුරුත් කුණුහරුප කියන් නැ . හිට්සුතෙනවා සට සට ගාලා :D

      Delete
  11. ඔය කුණුහරප සහ චෝදනා ඇදබාන උන්ට මාතලන් බොස් කිව්වා වගේ අනුකම්පාවයි ලැබෙන්න ඕනේ. නමුත් ඔක්කෝටම නෙමේ. ඔතන වැඩි හරියක් ඉන්නේ තමන් 'පට්ටම සිරා' කියලා හිතන් ඉන්න මතයකට කවුරු හරි කෙළවෙලා යන විදිහට මොකක් හරි ලිව්වම ඒකට විරුද්ධව මතවාදී වශයෙන් කරුණු ඉදිරිපත් කරලා පරාජය කිරීමට හෝ තමා දරන ඒ 'පට්ට සිරා' මතය ඩිෆෙන්ඩ් කරගන්න නොහැකි වීම නිසා උගේ අම්මා අප්පා මතක් කරලා දන්න සුද්ද සිංහලෙන් දෙකක් ඇදබාලා තමාගේ මතය වෙනුවෙන් තමා පෙනී සිටියාය කියලා හිත සනසගන්න උන්. නැත්නම් ඒක කියෝලා ඇතිවුන හිතේ අමාරුවයි කේන්තියයි පිටකරගන්න ඒ හිතේ අමාරුව ඇති කිරිමට මුල් වූ එකාට ඒ වගේම හිතේ අමාරුවක් ඇති කිරීමේ ක්‍රමයක් ලෙස පුද්ගලිකව අපහාස කරන උන්.

    ඕකටත් හේතු තියෙනවා. එකක් තමා ගොඩක් මිනිස්සුන්ගේ මතවාද හා අදහස් වලට පදනමක් නැති වීම. එකම පදනම තමයි සමාජයෙන් යම් දේවල් 'හරි' ලෙස කොටාපෙවීම සහ තවත් දේවල් 'වැරදි' ලෙස කොටා පෙවීම. ඉතින් මොකෙක් හරි ඒ 'හරි' දේ හරි බව ප්‍රශ්න කලාම ඉදිරිපත් කරන්න කරුණු නෑ. මොකද ඌ ඒක ගැන මීට කලින් හිතලා නෑ. එනිසා කරන්නේ කෝකටත් තෛලය වන කුණුහබ්බේ පාවිච්චි කරන එක තමා. තමාගේ 'සිරා' අදහස එකින් එක කඩලා අරන් එය සිරා නොවේ කියලා මොකෙක් හරි පෙන්නුවාම "උඹේ අම්මට.." කියනවා හැර කියන්න දෙයක් ඌට නෑ.

    තවත් එකක් තමා බහුතරයක් මිනිස්සු තමාගේ මතවාද විශ්වාසයන් තමාගේ අනන්‍යතාවයේ කොටසක් බවට පත් කරගෙන ඉන්න එක. ඉතින් තමාගේ ඒ විශ්වාසයට හරි අදහසට හරි කවුරු හරි කෙළවන්න එනවා දැක්කාම ඌ හිතන්නේ මූ එන්නේ මට කෙළවන්න කියලා. හේතුව, උගේ මතවාදයයි අනන්‍යතාවයයි ඌ පටලවගෙන නිසා. ඉතින් ඌ කරන්නේ උගේ අනන්‍යතාවයේ ආත්මාරක්ෂාව පිණිස අනිත් එකාගේ අනන්‍යතාවය විනාශ කරන්න උගේ අම්මා, තාත්තා, ගෑණි, රස්සාව ඇතුලු උගේ ජාතකේම අරන් ඒකට ඇටෑක් කරන එක.

    ඔය කිව්ව ඔක්කෝටම නම් අනුකම්පාව තමා හිමිවෙන්න ඕනේ. නමුත් අනුකම්පාව හිමිවිය යුතු නැති ඇම්බැට්ටයෝ සෙට් එකකුත් ඉන්නවා.

    එක කට්ටියක් තමා තමාගේ අරමුණු සහ වාසි තකා කුණුහබ්බ සහ පුද්ගලික ප්‍රහාර භාවිත කරන උන්. අදහස් වෙනුවට මිනිස්සුන්ව විනාශ කරන්න හදන උන්. තව කොටසක් තමා අහන් ඉන්න මැටි රැලට පේන්න උන් අහන්න ආසා ගොන් කතා කියන මොළේ තියෙන උන්. ඒ වගේ උන් නම් බුකියේ ඕනෑ තරම් ඉන්නවා. උන් කතා කරන්නේ ක්‍රවුඩ් එකට මිසක් උන් හරි කියලා හිතන දේ නෙමේ.

    ඔය සෙට් එකට නම් අනුකම්පාව හිමි විය යුතු නෑ. උන්ගෙන් ප්‍රවේසම් වෙන එකයි කරන්න ඕනේ.

    මාතලන් බොස් ගේ ලිපිය පට්ට. ජයවේවා !

    ReplyDelete
    Replies
    1. බොස් කෑලී ඔන නෑ. ඕවා එල්ලගෙන ඉන්න ගියාම ජබොස් ගාලා වැටෙනවා. බුකියේ උඹලා ගෙනියන ගේමට මේන් මගෙන් මල් මිටක් මචෝ.

      දමිත් කේතකයා, නියමෙට ගේම අරගෙන ආවා. ඒත් ඌ පෞද්ගලික ජීවිතේ ගැන ලියන්න පටන් ගන්න කොටම මම දැනගත්තා මූ ඇදගෙන නාන්න යන්නේ කියලා. මම ඌට වෝනින් එකකුත් දුන්නා. ඒත් මූ අන්තීමට ගෙදර පින්තූරේ දාගත්තා වෙසක් කූඩූ පෙන්නන්න කියලා. ඒවා අපේ උන්ට දිරවන්නේ නෑ. ඇහේ කටු ඇනෙනවා. ඇඟේ මාළු නටන්න පටන් ගන්නවා. අන්තීමට උනේ.. ඌගේ පෞදගලික ජීවිත්ජේ ඌ නොකියන කොටස වෙන එකෙක් ලිව්වා. වීරයා මළා..

      ලැජ්ජයි... ඇත්තටම.. මම හිතුවේ ඌ සැබෑ වීරයෙක් කියලා.. එකයි දුන්නේ නොකවුට්.. නොකවුට් නෙමෙයි.. මැරිලම ඇදගෙන වැටුනේ...

      Delete
    2. 'බොස්' කියලා කිව්වේ බන් බ්ලොග් සීන් එකේ (තවමත්) ළදරුවෙක් වන මට මගේ බ්ලොග් එක ආරම්භයේදී අවංකව දීපු සප් එකට ගරු කිරිල්ලක් වශයෙන් මචන්.

      දමියාගේ සීන් එක ගැන නම් කතා කරන එක තේරුමක් නෑ මචන්. අදහස් වලට වඩා චරිත එක්ක ඩීල් කරන මිනිස්සු මැද්දේ ඉද්දි පොඩ්ඩක් පරිස්සන් විය යුතුයි කියන කතාව මමත් පිළිගන්නවා.

      Delete
    3. බ්ලොග් වල උඹ ළදරුවෙක් නෙමෙයි. පොරක්. මෙතන පොරක් වෙන්නේ, පටන් ගත්ත දවසෙන් නෙමෙයි. ලියන දෙයින්.. මට මේක දාලා ගියපු දෙන්නෙක් ගැන මාර දුකයි..

      1. බුවා
      2. උදිත මීගස්තැන්න

      දෙන්නම් ඉන්න ඕන උන්..

      Delete
  12. මිනිස්සු මේව නොවෙයි
    කොතනත්
    අතහැරල දාල ගියොත්
    යක්කු අරක් ගන්නවා

    ReplyDelete
    Replies
    1. මම නම් යක්කුන්ට දෙනවා දුම්මල පාර. වෙසමුනි වරම අරගෙන. සමහර වෙලාවට සළුපාලියත් නටනවා. ගොඩක් වෙලාවට ඔය පැරාගේ එකේ එහෙම.

      Delete
  13. මාතලන් අපි නම් බුකියේ සැරිසරන්නෑ... ඇත්තට ම බුකිය කියන්නේ කොටි වලිගයක්.. අල්ලන් ඉන්න එවුන් දැක්කා ම අපිට අල්ලගන්න හිතෙන්නැහැ. බ්ලොග්කාරයන් අතර තවමත් අපි වැදගත් සංවාදයක් වෙනුවෙන් උත්සහ කරනවා. බ්ලොග්කරණය තුළ හැම පැත්තක්ම කතා කරන්න ඕනේ. ඒත් ඒවා ඔහේ කතා කරනවාට නොවී සංවාදාත්මක දෙයක් වෙනවානම් තමයි හොද. තර්කයක් තියෙන දේවල් තුළ හරයක් තියෙනවා. තර්කයක් නැති හරයක් නැති දේවල් කොච්චර ලියුවත් ඒකෙන් ලෝකයට වැඩක් වෙන්නෑ, අපිටවත් වැඩක් වෙන්නෑ. කියවන මිනිහටවත් වැඩක් වෙන්නෑ.

    ඉතින් මාතලන් අපි මේ උත්සහය තව පුළුවන් තරම් කාලයක් කරනවා. ඵලක් නැහැ කියලා තේරුණොත් එදාට ඒ වෙලාව දාලා වෙන වැඩක් කරනවා.

    උඹේ ලියැවිල්ල නම් පට්ට. කියවලා ආයෙම ටිකක් කල්පනා කරලා මේ සියල්ල පිළිවෙලක් කරගත්තා ම ඕකේ................................

    ReplyDelete
    Replies
    1. උඹල සෙට් එකක් සෙට් වෙලා කරන දේ විශිෂ්ඨයි.. ඒත් තවත් බූන්දියක් නම් වෙන්න එපා. හැම එකාටම චාන්ස් එකක් දියන්..

      Delete
  14. සූර වීර මාතලන් මමයි
    මගෙ පියා මෙ රටෙ රජයි //

    M.S තමයි කියල තියෙන්නෙ ,කතාව ඇත්තද මාතලන් ?

    ෴ පශූ වදන ෴
    (පැරා ත් හොද......ටම ඉවසන කොල්ලෙක්,පැරාටත් සිංදුවක් තිබුනොත් w3ට දාන්න කරුනිකවන්න මාතලන්.)

    ReplyDelete
    Replies
    1. දුප්පතාගේ හිතවතා මමයි... මතක තියා ගන්න. දුප්පත් කියන්නේ, දුකට පත් කියන එක.

      පැරාට සින්දුවක් අළුතෙන් ලියන්න වෙනවා..

      Delete
  15. මචං ...... කියන්න ඕන ටික සේරම කියල..... thnx .....
    වෙන වචන ....නොකොටමි.... සම හරක් ගෙන් වචන අසනු බැරි නිසා.....
    එක එක ...හුත්තලගේ ටොර්ක් නිසා ලිවිල්ල අත හරිනව නම් ගොන් කමක්...... මචෝ....

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලට නැතිවම බැරි එකෙක් වෙලා... උඹත්..

      Delete
  16. මේ ලියැවිල්ලනම් පට්ටයි. කියන්න දේවල් ගොඩක් තිබුනත් අද ටයිප් කොරගන්න අතපය පණ නෑ අෆ්ෆා. අපි සේරෝම ගෝත්‍රිකයො නෙව. හැමවෙලාවෙම දතකන්නෙ තමන්ගෙ ගෝත්‍රය ප්‍රමෝට් කරගන්න. ප්‍රබුද්ධයන්ගේ ගෝත්‍ර, ඇනෝනිමස් ගෝත්‍ර, ආතල් දෙන්නන්ගේ ගෝත්‍ර, ආතල් ගන්නන්ගේ ගෝත්‍ර.... හම්මේ හැටහුටාමාරක් ගෝත්‍ර තියෙනවනෙ බලාගන ගියාම.

    අපේ රටේ කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුලුවන් මාධ්‍යවේදියො ඉන්නෙ කීයෙන් කී දෙනාද... බ්ලොග් වලට පය ගැහැව්වොත් අර තමන් ඔතාගෙන ඉන්න පට්ට වැදගත්, පොරත්වයේ ප්‍රාවරණය ගැලවිලා බිම වැටෙයි කියල උන් පට්ට බයයි. සන්නා සර් බ්ලොග් ලියන්න එනවනම් හොඳයි. මොකද දවසක් කෙමෙස්ට්‍රි ක්ලාස් එකක් කට් කරල සන්නස්ගල සර්ගෙ සිංහල පන්තියකට ගිය බව ආරංචි වෙලා අම්මගෙන් අම්බානක කෑව, ඉන් පස්සෙ ඉතින් මොන සිංහලද! බයටම ආය ඒ පැත්ත පලාතවත් බැලුවෙ නෑ. බ්ලොග් ලියන්න ආවොත් කාලීන සංවාදයක් නිර්මාණය කරන්න පුලුවන් වේවි ඔහුට.

    ReplyDelete
    Replies
    1. සන්නස්ගලලා වගේ අය ආවම, කොමෙන්ට් වලට රිප්ලයි කරන්න යන්න ඕන නෑ. ප්‍රසිද්ධ පොරවල් එහෙම රිප්ලයි කරන්නේ නෑ. ඉතින් බය නැතිව ලියන එකයි තියෙන්නේ.. නමුත් රිප්ලයි කරනවා නම් ඒක ළොකු දෙයක්..

      Delete
  17. Jeevana fernando,kiyannawage,sannasgala wagethawath udawiya innawa thaman era anhemoma gothrikayoikiyana,unge mthayanta wenasmathayak derannanwa.Ano aewith wanasannahadana,(Poraknam mamaera wenakawruda hithana)enisama PATTA lipiya Maathlan.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා....

      සිංග්ලිෂ් කොටන්න මෙතනට යන්න. බුක් මාර්ක් කරලා තියා ගන්න.

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
  18. උබගෙ මෙ එක දිගටම කියවගෙන යන්න හිතෙන ස්ටයිල් එක මරු.මිනිස්සුනෙගෙ කුහක කමනම් කොහෙත් තියෙනව.එක ජාති ආගම් කුල ප්‍රදෙශ වගෙ මොකක් හරි හෙතුවක් ඉස්සරහට දාගෙන ප්‍රදර්ශනය කරන්ව වගෙම ඔය උබ කියපු විදියටත් කරනව.ඔව වෙන වෙනම කාරනා නෙමෙයි එකම ලෙඩෙ ස්වරුප කිපයක්

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අපේ සංස්කුරුතිය. සබ්බත්වය. බවූ මික අන්ඩ වාතය. කොටින්ම අපේ කම. අපේ සළකුණ...

      Delete
  19. ගොත්‍රිකයෝ සමාජයෙන් ඈත් කරන්න බෑ.. ඒ වගේ අයත් ඉන්න ඕනනේ හැම දේම සමතුලිත වෙලා යන්න..

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. උන්ව අත ඇරලා මේ ගමන යන්න බෑ. උනුත් එක්කමයි යන්න ඕන.. මේ අම්මට සිරි ලංකාවනේ..

      Delete
  20. මට නම් හිතෙන්නේ සිවිල් බලයක් සහිත පුද්ගලයෝ සයිබර් අවකාශයට පැමිණීම ගමන් කරන්නේ සුභ පැත්තට කියලා. සාහිත්‍ය පැත්තෙන් නම් මේක කෙරීගෙන යනවා.. පොත් ලියන කතුවරුන් කීපෙ දෙනෙක්ම ෆේස්බුක් එකේ සංවාද වලට සහභාගී වෙනවා. නිර්මාල් දේවසිරි ෆේස්බුක් එකේ බොහොම ක්‍රියාකාරීයි. නමුත් බොහෝ පිරිසක් මෙතනට එන්න අදිමදි කරන්නේ බය නිසාම නෙමෙයි. තමන් යම් සංවාදයක් වෙනුවෙන් දක්වන මහන්සිය ලේසියෙන් අපතේ යන්න පුළුවන් නිසා කියලත් මට හිතෙනවා.

    සමහර දේවල් සියලු දෙනාටම විවෘතව සාකච්ඡා කරන එක ප්‍රැක්ටිකල් නැතිවෙන්න පුළුවන්. සාකච්ඡාව සිද්ධවෙන තලය හැමෝටම නොතේරෙන්න පුලුවන්... බොහොම ලේසියෙන් කෙනෙකුට සාකච්ඡාව චොර කරලා දාන්න පුළුවන්... අන්තිමට කතාකරන්න ගත්ත දේ නෙමෙයි කතාකරන්නේ... ඉන්දිකගෙත් පෝස්ට් එකෙත් ඌ උත්සාහ කරලා තිබ්බේ සන්නස්ගල ගැන කතා කරන්න නෙමෙයි, නමුත් වුණේ ඒක. අර බය කියන කාරණයත් හරි... බටහිර රටවල තියන පුද්ගල සමානාත්වය කියන දේ අපේ සමාජයේ නෑ. ඒ නිසා උසස් පහත් බේදයක් තියනවා.. ඒ අය එකට ගැටෙන්න කැමති නෑ. තමන්ට 'සර්' නැතුව කවුරු හරි 'මචං' කියයි කියලා චකිතයක් තියනවා.

    සයිබර් අවකාශයේ අපි වඩාත්ම ප්‍රගුණ කරන්න ඕන දේ තමයි අපිව වෙන පැත්තකට ඇදන් යන්න හදන දේ හෝ අපිට අදාල නොවන දේ දැක්කහම අපේ නෙමෙයි වගේ ඉන්න එක... නැත්නම් වෙන්නේ උඹ (මාතලන්) වගේ මොනවා හරි කුණුහරපයක් කියන හැම එකාටම උත්තර දෙන්න කාලය නාස්ති කරලා, මල පැනගෙන ඉන්න තමයි. අර වගේ නොනමින් ඇවිත් අවධානය බලාපොරොත්තු වෙන අයට, නොදිය යුතුම දේ අපි සෑහෙන පිරිසක් තවම දෙනවා.

    සජීවීව තරඟයක් යන වෙලාවේ පිට්ටනියට පැනලා (එක්කෝ හෙළුවෙන්) දුවන එක ගොඩක් රටවල සිද්ධවෙනවනේ... ඔන්න ඉතිං ටීවී එකෙත් පෙන්නනවා, පත්තරෙත් යනවා, ඊටෙ පස්සෙ ඌට ටීවී ඉන්ටර්වීව්, පත්තර ඉන්ටර්වීව්, ඌ පොරක් වෙනවා. දැන් ගොඩක් මාධ්‍ය ඔහොම දෙයක් උණහම ඒක සඳහන් කරන්නේවත් නෑ. රූපරාමුවත් වෙන මොකක් හරි එකකට මාරු කරලා ඔහේ ඉන්නවා... ඒ වගේ ලෙඩ්ඩු හැන්ඩ්ල් කරන්න තියන හොඳම විදිහ තමයි උන් බලාපොරොත්තු වෙන අවධානය නොදීම. අනිත් පැත්තෙන්... මිනිස්සු සයිබර් අවකාශය වැඩියෙන් පාවිච්චි කරන්න ගන්නකොට ඕක අනිවාර්යයෙන් වෙන දෙයක්...

    තමන් කරගෙන යන දේ වෙන වෙන දේවල් වලින් අවුල් නොකරගෙන කරගෙන යන්න පුළුවන් කම ඉස්සරහට මේකෙ පවතින්න අවශ්‍ය කරන වැදගත්ම දෙයක් වෙයි.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ මිනිස්සු අනෙක් රට වල මිනිස්සුන්ට වඩා වෙනස් කියලා ලස්සන ඇඩ් එකක් යනවා උඹ දැකලා තියෙනවද? දැන් බලපන් උඹ උනත් ප්‍රස්තුත කාරනයෙදි උපදෙස් දෙන්න ආවේ මට විතරයි. ඒ උඹ මට කැමති නිසා වෙන්න ඇති. ඉස්සෙල්ලා මිනිස්සුන්ට මිනිස්කම කියන්නේ මොකක්ද කියලා දෙන්න ඕන. එහෙම මනුස්සකමින් කියන කොට අහන්නේ නැත්නම්. හොම්බට දෙකක් ඇනලා හරි කියලා දෙන්න ඕන. එහෙම නැත්නම් දරුණු නීතී ගෙනත් දඩ ගහන්න හිරේ දාන්න ඕන.

      දැන් උඹ දැකලා තියෙනවද එහෙම හෙළුවෙන් දුවන උන්. දැන් සෑහෙන අඩුයි නේද? මොකද දන්නවද කළේ.
      එහෙම පනිනවා කියලා අපේ රටවල් වල වගේ අලි තඩි දැලක් ගැහුවේ නෑ. ඇත්තටම අපේ රටේ උන් මැච් එකක් බලන්නේ හිර කාරයෝ සෙට් එකක් වගේ. කොටින්ම වනචාරින් පිරිසක් මැච් එකක් බලනවා වගේ. නමුත් උන් කළේ මොකක්ද උන් ගැහුවා තඩි දඩයක්. ඒක ගෙවන්න බැරි නම් අවුරුදු දෙකක් බරපතල වැඩ ඇතුව හිරේ. දැන් එකෙක්වත් පනින්නේ නෑ. පනින්න ඕන ඒත් පනින්නේ නෑ.

      උඹට මතකද කොළඹ පාරවල් වල තිබුන කුණු කන්දරාව. කඩේ ඉස්සරහ කුණු විසි කරන්නේ. කිව්වා කිව්වා ඇහුවේ නෑ. අද කොහොමද ගෝඨාභය මහත්තයා දැම්මා නීතියක්. එක කුණු කෑල්ලක් දැම්මොත් දඩේ 5000 යි. අද කුණු නෑ. නඟරය පිරිසිඳුයි. ගෝතිර්ක සමාජ හදන්න ඕන එහෙමයි.

      මේ පිස්සෝ අත ඇරලා යන්න හොඳ නෑ. ඒක පව්. මොකෝ අපේ රටේමිනිස්සු අනෙක් රටවල මිනිස්සුන්ට වඩා වෙනස් නේ. උඹලා මුන්ට ආදරේ නැති උනාට, මම මුන්ට ආදරෙයි. ඒ නිසා මම එයාලට බෙහෙත් දෙනවා. ඒ බෙහෙත් වලින් එයාලා සනීප වෙනවා. එහෙම නැතිව ගෝත්‍රික සමාජෙක ජීවත් වෙන්න අමාරුයි.

      කැළේ නීතිය ගැන උඹ මට වඩා දන්නවා ඇති නේ..

      Delete
  21. //""ඔය ටයි කෝට් දාලා, බී ඇම්, මර්සෙඩීස් වල ගියාට, ඒ යන්නේ අමුම අමු වැද්දෝ""// මෙන්න මේ කොටස දැක්කම පොඩි කතාවක් මතක් වුනා ,
    මගේ ජොබ් එක මාතලන් දන්නවනේ, අපේ apartment complex එකක් handover කරලා පළවෙන් අවුරුද්දේ maintenance period එකේදී සාමාන්‍යයෙන් apartment owners ලාගෙන් කම්ප්ලේන් එන එක සාමානය දෙයක්. හැබැයි එක apartment එකක් තිබ්බා එකට අපේ එවුන් පළවෙන් මාස දහයට ජොබ් කාඩ් හාරසිය ගානක් දාලා , අනිත් හැම එකටම එකයි නැත්තම් දෙකයි ,උපරිම තුනයි . මේකේ ඉන්නේ ලංකාවේ පොරක් අයිරිෂ් ගෑනියෙක් බැඳපු . මිනිහගේ නම රංජිත් (ඒ ආසන්නයෙන යන සිංහල නමක්) කියමු. මිනිහා කියන්නේ එයා අවුරුදු 6 ඉඳන් එංගලන්තෙලු හැදුනේ , ඒ නිසා සිංහල වචනයක්වත් බැරිලු, ඔය ගෙදර එක එක අඩුපාඩු කිව්වම යන ලේබර්ස්ලාටත් කතා කරන්නේ ඉංග්‍රීසියෙන් . ඒ නිසා හැම තිස්සෙම ස්ටාෆ් එකෙක් කාටහරි එතනට යන්නම වුනා. කොටින්ම කියනවනම් ඌව පෙන්න බැරුව හිටියේ හැමෝටම.
    දවසක් හවසක අපි කා පාර්ක් එකට වෙලා පොඩි තෙලක් බෙදාගෙන එනකොට දැක්කා ,මිනිහගේ කාර් එකේ දොර යටම පත සයිස් කබරයෙක් ඇවිත් ඉන්නවා. ටිකකින් ගොල්ෆ් බෑග් එකත් එල්ලගෙන මිනිහත් එනවා මේ පැත්තට . දැන් මිනිහා කාර් එකේ දොර අරින්න යන්නේ. අපිත් යට කබරගොයෙක් ඉන්නවා කියලා මිනිහට කියන්න ඕන වුනත් එකෙකුටවත් කබරගොයාට ඉංග්‍රීසියෙන් කියන නම මතක් වුනේ නෑ. ඒ නිසා අපිත් කට වහගෙන හිටියා ,මොකද සිංහලෙන් කිව්වත් මිනිහට තේරෙන්නේ නෑනේ.
    ඔන්න පොර ඇවිත් දොර අරින්න් හදන කොටම කබරයා කලබල වෙලා පැන්නා එලියට . සිංහල වචනයක්වත් බැරි මේකා.." අම්මට හුඩු කබරගොයා " කියාගෙන දුවගෙන ආවේ අපේ පැත්තට .

    අපිව දැක්ක ගමන් මිනිහට තේරුනා වැඩේ කෙල වුනා තමයි කියලා. අපේ එවුනුත් කෑගහන්න පුළුවන් උපරිමෙන් කෑගගහා හිනා වුනා . අහක බලාගෙන ගිය පොර ආයේ කවදාවත් අපේ මූණ බැලුවේ නෑ. එත් එක්කම අර හැමදාම අපු complaints එහෙමත් නැත්තටම නැතිවුනා . පව් අප්පා

    ReplyDelete
    Replies
    1. මම හිටියනම් ඕවගේ උන්ට ගේම දෙන්නේ කලින්. ඉස්සර අපි වැඩ කරපු තැන්වලත් ඔය වගේ උන් හිටියා. මම ඉතින් අමු කුණුහබ්බෙන් නේ කතා කරන්නේ. ටික දවසක් යන කොට ඔය බබ්බුත් මේන් කිසි අවුලක් නැතිව හින්ගල දොඩනවා. අපේ උන්ගේ තියෙන්නේ ඇක්ටින්. ඒ උනාට හිස් ටින්. ඇතුලේ මුකුත් නෑ. නිකං කුණු බෙලෙක්ක.

      Delete
    2. උඹ අහවල් එකටද බං අනුංගෙ කාර් යට රිංගන්න ගියෙ .… චැහ්. බලපං අර මනුස්සය බය උනානේ :D

      Delete
    3. හැක හැක අන්න බොරුව දානවා . උඹ නිකන්වත් මට එදා කිව්වේ නෑනේ උඹ පත්තර මල්ලි කියල , කිව්වනම් මම උඹට කීයටවත් ඔය කාර් අස්සේ ඉන්න දෙන්නේ නෑ බං

      Delete
    4. ඇත්ත කියපන් දැන් බොලා දෙන්නගෙන් කව්ද කබරයා .......
      කබරයාට ඉංග්‍රීසියෙන් කියන්නේ HUNA කියලා යකෝ ..... එකවත් දන්නේ නැද්ද
      (දැන් අහන්න එන්න එපා හුනට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද කියලා)

      Delete
    5. හූනට ඉංග්‍රීසියෙන් කියන්නේ මැලේ රාළ කියලා :P

      Delete
    6. එතකොට කිඹුල් හූනට කියන්නෙ කොහොමදෑ ???

      Delete
    7. ටිකිරිලියාගෙ ex

      Delete
    8. ඇයි කබරායට කියන්නේ වොමිට් Vomit කියලා බව දන්නේ නැද්ද?

      අපි පොඩි පන්තිවලදී පන්තියේ මොනිටර්ට කීවේ නම් කබරගොයා කියලයි. ඒ කෙසේ වෙතත් කොමොඩෝ ඩ්‍රෑගන් කියලා තමයි ඩේවිඩ් අටෙන්බරෝ ලා කියන්නේ!

      Delete
  22. දැන් පොස්ට් එක ගැන කාරණාවට එමු. මාතලන් කාලෙකින් ලියපු හොඳම පොස්ට් එකක් තමයි මේ. අපි හැමෝම ළඟ අඩු වැඩි වශයෙන් ගෝත්‍රික ගති තියෙනවා. ඒවා අපි නොදනුවත්වම එලියට එනවා. එහෙම වුනාම ඒක පේන්නේ අනිත් එවුන්ට . පෙනුණාම සමහර එවුන් එක පෙන්නලා දෙනවා. සමහර වෙලාවට අපි එක හදාගන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට අපිට මල පනිනවා .

    අපිට මල පනිනවා කියන්නේ අපි සූදානම් නෑ අපේ ගෝත්‍රික හැඩරුව කාටවත් පේනවට වගේම ඒක පිළිගන්න . අපි කරන්නේ අපිට වැරැද්ද පෙන්නපු එකාගේ ඒවා හොයා හොයා දඟලන එක.

    ඕක ඉතිං හැමදාම ඔහොම තමා. හැබැයි ඒ නිසා තමයි ලෝකේ මෙච්චර සංකීර්ණ වගේම ලස්සන වෙන්නෙත්. ඔක්කොම එකවගේ වුනානම් .බ්ලොග් එකක ලියන්න දෙයක්වත් නැතිවෙනවා . රොකට් රෝහිණී ගැන ලියන්න ගිහින් තව අතුරු කතා දාහක් ලියවෙන්නේ මෙන්න මේ විවිධාකාර කතා තියෙන නිසා .

    ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ
    ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ // ..
    මෙතැනදී ඇහෙන මේ පදපෙලි දෙකේ ලෝකය ලස්සන් වෙන්නට ඕන කරන දෙන්නා තමයි තමන් සහ තමන් ඇතුලේ ජීවත් වෙන අනෙක් මනුෂ්‍යයා ...

    (මේ මගේ අර්ථකතන මිසක් සින්දුවේ අර්ථය නොවේ..වලියට පැටලීම සපුරා තහනම්)

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ.. කොහොමත් බුද්ධාගම අනුවත්, භෞතික ශරීරය කියලා එකකුයි, අධ්‍යාත්මික ශරීරය කියලා එකකුයි දෙකක් තියෙනවනේ. අපි ප්‍රමුඛත්වය දෙන්නේ බෞතික ශරීරයට විතරයි. ඒත් මුල් තැනට එන්න ඕන අධ්‍යාත්මික ශරීරය. අපේ තියෙන්නේ පිටින් ඔපේ යටින් හපේ..

      මම හිතුවේ ළෝකේ ජීවත් වන්නට දෙදෙනෙකු ඕනෑ වේ කිව්වම. භාර්යාවෝ දෙන්නෙක් කියලා. හොඳ වෙලාවට මේක කිව්වේ. ඒ නරක සිතුවිල්ල අයින් කර ගන්න ඕන.

      Delete
    2. භාර්යාවෝ දෙන්නෙක් හිටියොත් නම් ජීවත් වීම කෙසේවෙතත් මැරෙන්නත් බැරිවෙනවා නිදහසේ .... බොරුනම් විදනේගෙන් අහලා බලන්න

      Delete
    3. මැරෙන්න නෙමෙයි ජීවත් වෙන එකත් පට්ට අමාරුයි. අපේ බාප්පා කෙනෙක් ඉන්නවා. නියම සීන් එක කියන්නේ භාර්යාවෝ දෙන්නා අක්කයි නංගියි වගේ. පව් අප්පා බාප්පා.

      Delete
    4. බාප්පා එසේ මෙසේ පවක් නෙවෙයි ගිය ආත්මේ කරලා තියෙන්නේ .... හැක් ....

      ඒක නෙවෙයි මාතේ ...දැන් පිරිමි දෙන්නක් එක ගෑනියෙක් එක්ක ජීවත් වීම "එකගෙයි කෑම " නම් එක පිරිමියක් ගැහැණු දෙදෙනක් සමග එකට ජීවත් වීම හඳුන්වන නම කුමක්ද?
      (හරියට අර ගණිකාව කිව්වට ඒ වෘත්තියේ යෙදෙන පිරිමියාට කියන්න නමක් නෑ වගේ) ..මේකටත් කියන්නේ එකගෙයි කෑමමද "

      Delete
    5. ගනිකාව ගේ පිරිමි සතාට නමක් තිබේ. ඒ "ගණකාධිකාරී" ය.

      Delete
    6. @ ඉවාන් threesome........හෙක්...හෙක්...

      Delete
    7. යකෝ පොස්ටෙක තේරුම් ගන්නවට වැඩිය අමාරුයි බෝලාගේ කොමෙන්ට් තේරුම් ගන්න.......
      මුලින්ම කියපල්ලා ඔය ගෝත්‍රිකයෝ කියාන්නේ කාටද කියලා...... අපිත් ඒ වගේද බලන්න .... (වැරදුනා අපි නෙවි බොලා )

      Delete
    8. ඉවාන් කියන වචනේ ගෙවල් දෙකක එකට කෑම වෙන්න ඕනේ නේද? මොකද අද කාලේ බොහොමයක්ම වෙන්නේ ඕකනේ.

      Delete
    9. රංගි කියන කතාව හරි වගේ,....

      chef ++++++++++++

      Delete
    10. රංගි කියන කතාව හරි වගේ,....

      chef ++++++++++++

      Delete
    11. පිරිමියක් ගැහැණු දෙදෙනක් සමග එකට ජීවත් වීම හඳුන්වන නම කුමක්ද? බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා සිර දඬුවම .

      ගැණු දෙන්නක් වගේද බන් වනිතා ඇන්ටි සෙට් උනොත් ,,,අම්මේ සැප කනේ

      Delete
    12. රංගි මචෝ … එකට කියන්නේ ඔෆිස් යනවා කියල:D
      මොකෝ ඔෆිස් කියල යන්නෙ අරෙහෙනේ බං .

      Delete
  23. මාතේ උඹෙන් කියවපු හොඳම ලිපියක්.. සන්නස්ගලලා වගේ චරිත මේ අවකාශයට එනවනම් මාත් කැමතියි.. ඒ වගේම ගොත්‍රික ගති අපි හැමෝ ළඟම ඩිංග ඩිංග තියාව නේ..ඒක යටපත් කරලා බුද්ධියෙන් වැඩ කරන එක තමා හොඳ.. මට භිතෙන්නේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. බුද්ධියෙන් වැඩ කරන නිසා නේන්නම් ඔළුව බේරගෙන ඉන්නේ.. මේ ඒ කෙහෙල් මලක් නෙමෙයි.. වෙන කතාවක්..

      Delete
  24. මට තවම ටියුබ් ලයිට්.. සන්නස්ගල ලියන ලිපි බොලෝග් වල කියවන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ආයෙත් මුල ඉඳලා කළබල නොවී කියවන්න. දිග තමයි.. බෝරින්ග් තමයි.. ඒත් තේරුම් ගන්න නම් කියවන්නම වෙනවා..

      Delete
  25. මහාචර්ය මාතලන් මහතා ගේ ලිපියද, මේ වැදගත් බුද්දිමත් රූමත් බොග් කරුවන් සහ කාරියන්ගේ ප්‍රතිචාරද කියවද්දී මට තේරුනේ මා ගොත්‍රවාදියෙකු බවය.

    ReplyDelete
    Replies
    1. Sa rasa......නොදන්නා නිසයි අහන්නේ..කරුනාකරලා ගෝත්‍රවාදියෙක් යනු කවුරුන්දැයි කියා දෙනවාද?

      Delete
    2. //මේ සයිබර් අවකාශේ ඉන්න අසමජ්ජාතියෝ ගැන. එයා "ගෝත්‍රිකයෝ" කියලා කියන්නේ උන්ට.//

      Delete
    3. chef-architect මහත්තයෝ.... මම නම් එතැනයි..... ඔබත් අප සමගද?

      Delete
    4. මම නම් එදා ඉඳන්ම දඹානේ මලයෝ...

      Delete
  26. බ්ලොග් කියවන්න පටන්ගත්තෙ නාලක ගුනවර්දන සහ චානුක වත්තෙගෙදර ගේ බ්ලොග් වලින්

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි... හෙම තමයි වෙන්න ඕන..

      Delete
    2. ඒත් දැන්................. ! :-D

      Delete
    3. ඇයි දැන් මොකෑ වෙලා තියෙන්නේ.. අනේ එයාලට වඩා නියමෙට ලියන උන් ඕන තරම් ඉන්නවා.. කියවන්නේ නැතිව මිසක්..

      Delete
    4. අපොයි මං කිව්වෙ ලියන අය ගැන නෙමේ.
      මගේ කියවීමේ රුචිකත්වයට වෙලා තියන දේ ගැන

      Delete
  27. මුදල් ගෙවා පල කල යුතු දැන්වීම් නොමිලේ ...July 27, 2014 at 10:00 PM

    අපේ සිංහල බ්ලොග් පංතිය !


    මාතලන් සර්ගෙ බොග පංතියට නවක ශිශූශිශූවියන් බදවා ගැනේ.

    ReplyDelete
    Replies
    1. මටත් සන්නාට වගේම ගුරු ගෝල ලෙඩක් නෑ.. ඔක්කෝම මචංලා..

      Delete
  28. මාතලන්@ කෙල්ල කරෙන් බෑවා කියල අරුණි නෝනාට කීවත් තවම කෙල්ල කරේ තියාගෙනයි ඉන්නේ.බරයි තමා ඒත් ආතල් එකකුත් තියෙනවනේ.

    ReplyDelete
    Replies
    1. මම නම් තියලා ඒ ගඟ තරණය කරල වෙන කෙල්ලෝ තියාගෙන තවත් ගඟවල් තරණය කරලා ආතල් එකේ යන ගමන්.. ඔයා ඒ ගඟ ගාව තාම.. ඒ කෙල්ලත් කරේ තියන්..

      අරුණි නෝනා මගේ යාළුවා දැන්.. පොඩි කින්ඩි එහෙම දානවා. ඒවා ගනන් ගන්නේ නෑ..

      Delete
  29. පජාත ගෝත්‍රිකයොනෙ මම නම් පටන් ගත්තෙ මහාචාරිය මාතලන්ගෙ බොගවලින්

    ReplyDelete
    Replies
    1. ඇත්තද...? එහෙනම් ඉතින්...

      අබ සරණයි....!!!

      Delete
  30. මම හිතන්නේ ලංකාවේ බොහෝ අය තවම ඉන්ටර්නෙට් එකට අවතීර්ණ වෙනවා. විශේශයෙන් ඔය සිවිල් සමාජ බලය තියෙන මිනිස්සු. ලැප් එකක් ඉන්ටර්නෙට් කනෙක්සන් එකක්, ස්මාට් ෆෝන් එකක් හැමෝටම ඉස්සෙල්ල ගත්තට අනිත් පැත්තෙන් මන්දගාමියි.
    නිකම් මේ අයගේ වෙබ් සයිට්ස් බලන්න. අවුරුදු දහයකින්වත් අප්ඩේට් කරලා නෑ. නමුත් සයිට් එකක් තියෙනවා. රජයේ තත්තවයත් එමමයි.

    තව තිසර කියපු කාරණාත් තියෙනවා. මේ වෙද්දි නිව් ජෙනරේසන් එක හැමදෙයක්ම අල්ලගන්නේ සමාජ ජාල හරහා. ලංකාවේ හොඳම උදාහරණය ඔටාරා. එයා එයගේ ප්‍රසිද්දිය අස්සේ ලොකු සෝසල් මැසේජ් එකක් ගෙනියනවා. තව බොහෝ අය ඉන්නවා.
    අර අලුතෙන් කියපු නරක වචනෙට මාත් කැමතියි මාතලන්. බොරු මොකටද මටත් ඔය එක එක අවයවයි, අම්මලා තාත්තලා මතක් කරනවටයි කිසිම කැමැත්තක් නෑ. ඒත් උඹගේ නිදහස නිසා මොකුත් කියන්නෙත් අනෙ එවොයිඩ් කරලා යනවා මිසක්

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි වැදගත් විදියට හැදිච්ච "මිනිස්සු" හැසිරෙන්නේ.. එහෙම "මිනිස්සු" වෙනුවෙන් අපි පණ උනත් දෙනවා...

      Delete
  31. එකඟයි. මෙන්න මේ විදියටයි ලියන්න ඔ්න.

    ReplyDelete
    Replies
    1. මේ ලිව්වේ වැදගත් දෙයක් ගැන වැදගත් පිරිසකට නේ..

      Delete
  32. හෙහ්.. කයිය ගැහුවට දැන් මාතලන් ලොක්කත් සුදු වෑන් වලට බයයි වගේ.. ප්‍රියන්ත හේවගේ කියන නමත් මාරැ කලාද? :-P

    ReplyDelete
    Replies
    1. වෑන් එන්නත් කලින් පටන් ගත්තෙම ඒ නමින්... තුන් කල් දකිනවා කියන්නේ ඒකයි,,

      Delete
  33. අපි පොඩි කාලෙ ගම්වල හිටියා පොඩි මැන්ටල් ගති තියන ඩයල්, නාකි අන්කල් ලා, එක එක විදියෙ බුවාලා මොකක් හරි පොඩි දෙයක් මතක් කළාම, නැත්නම් නමකින් කතා කරාම අසූ හාර දාහට මළ පනින.

    මේ මැන්ටල් දැක්කම ඉතින් වරත්තු කොල්ලො ආතල් එකට ඒ ඒ මැන්ටලේට අදාල ඔය බයිට් ට්‍රිගර් ඇක්ෂන් එක මොකක් හරි ගන්නවා. මැන්ටලේත් ඉතින් දන්න ඔක්කොම කුනුහරුප විභක්ති නවයෙන්ම වර නගලා, ගණ පිහිටුවලා දෙනවා.

    මම කවදාවත් දැකලා නැති දෙයක් තමයි, "අම්මට හුඩු අද නම් එපා වෙන්න අහගත්තා, මීට පස්සෙ මූට මොකුත් කියන්න නරකයි" කියලා කොල්ලො පාඩමක් ඉගෙන ගන්නවා.

    මොකද කොල්ලො කියන්නෙ යක්කු නෙවෙයි. කුනුහරුප කියලා උන්ට දන්නන්න බෑ.

    ඔය ගේමෙන් හැමදාම පරදින්නෙ එක පාර්ශවයක්. බලන් ඉන්න තර්ඩ් පාටි මිනිස්සු ඔක්කොම ඒක දන්නවා.

    මාතා මචෝ උඹට ගෙස් කරන්න පුලුවන් ද ඒ මොන පාර්ශවය ද කියලා?

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තේ කරෝලිස් කියලා පිස්සියක් හිටියා.. කරෝලිස් කියපු ගමන් දෙන්නේ පාලි සඟිස්කුරුත වලින්.

      ඒත් මා එක්ක පිස්සිත් හොඳයි..

      ගමේ කොල්ලොත් හොඳයි..

      දැන් උඹ අයිති වෙන්නේ මොන කොයි කොටහටද...?

      Delete
    2. බලන් ඉන්න පාර්ශවයට :P

      Delete
  34. ‍ම‍රේ ‍ම‍රු ,‍පට්‍‍ට ,‍නි‍ය‍ම‍යි . ‍අං‍‍කු‍ර බ්‍‍ලොග්‍ ‍ලි‍ය‍න ‍එ‍කෙක්‍‍ට ‍පු‍දු‍ම ‍දි‍රි‍යක්‍ ‍බ‍ය ‍නැ‍තු‍ව ‍ලි‍යන්‍‍න

    ReplyDelete
    Replies
    1. ඔව් මේකේ ඉන්න නයි පොළොංගු ගැන දැන ගෙන වැඩේ කරන එක බොහොම හොඳයි..

      Delete
  35. ගෝත්‍රිකයෝ හිටියා හෝ නැතා හෝ උඹ උඹේ වැඩේ කරගෙන පලයන් බං. ගල් ගහන්නේ පල ඇති රුකටලු.

    ReplyDelete
    Replies
    1. මේ මචෝ මගේ කේස් එකක් නෙමෙයි. වෙන කතාවක්. ඒ පෙරහැර ඉවරයි.. මේ ඇසළ පෙරහර..

      Delete
    2. මචෝ, උඹට හරි වෙනත් කාටහරි ගෝත්‍රිකයන්ගෙන් යමක් සිද්ධ උනානං මගේ කොමෙන්ට් එක අදාලයි. පොදු අදහසක් විධියට කියනවානං අද ගෝත්‍රිකවාදයට යන ප්‍රවනතාවය වැඩියි. සමහර විට ටෙක්නොලොජි දියුණු නිසා ගෝත්‍රිකවාදය වැඩියෙන් පැතිරෙනවා වෙන්ට පුළුවන්. ගෝත්‍රික අදහස් තියෙන උන් කොයි රටෙත් ඉන්නවා. බ්ලොග් කොමෙන්ට්ස් වලින් ඒක පේනවා. ප්‍රින්ට් මීඩියා වල අඩුවෙන් ඇත්තේ ඒවා එඩිටර්ගේ කතුරට අහුවෙන නිසා වෙන්ට පුළුවන්. ඒත් අපේ රටේ එඩිටර්ලාගේ කටුරු මොට්ට නිසාත් කොන්දක් නැතිනිසාත් සමහර් ගෝත්‍රිකයන්ට ෆේවර් කරනවා දකින්ට පුළුවන්.

      Delete
    3. දෙපයින් එකඟයි...

      Delete
  36. මචං....උඹ ඔය මුකුත් නොහිතා උඹ උඹව ලියනවානම් මම පෞද්ගලිකව කැමතියි. මේ ගෝත්‍රික ගති හැමෝම ගාව තියෙනවා. හරි හමන් පන්ච් එකක් මූණට වැදුනාම අර ගතිය එලියට එනවා. ක්‍රීඩාවේ එහෙම නැහැයි කියලා මම හිතුවා. ඒත් ටයිසන් කණ කාපු දවසේ චිකේ කියලා හිතුනා. ක්‍රීඩාවකදි වගේ විනය තකන තැනකත් කණ විකන ලෝකේ...කම්පියුටර් එකක් ඉස්සරහට වෙලා මනෝ ලෝකයක ඉන්න අයගෙන් මොනවා බලාපොරොත්තුවෙන්නද...

    උඹ දිගටම ලියපන්...මම කියන ඒවා ගණන් ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. මේ මචෝ එහෙම සීන් එකක් නෙමෙයි. වෙන කතාවක්.. මම හිතන්නේ උඹ මේක හරියට කියවලා නෑ.. මාව නවත්තන්න එකෙකුටවත් බෑ.. ආන්ඩුවට ඇර..

      Delete
    2. \\\\ආන්ඩුවට ඇර..\\\\
      හෑ....?

      Delete
    3. බළලා බලලා බලලා මල්ලෙන් පැනලා!

      Delete
    4. සම හරක්ට හෙන චූන් නේ... මම කිව්වේ ආන්ඩුවෙන් බ්ලොග් නැවත්තුවොත් හෙම..

      හැබයි ලොක්කා ආයෙත් ආවොත් ඒක අනිවාර්යයෙන් වෙනවා..

      මොකෝ...

      ඊළඟ කෑල්ල මීට වඩා රසවත්

      Delete
  37. මට මගේ නොවෙන මගේම ආන්ඩුවක් තිබුනා

    ReplyDelete
    Replies
    1. මට මගේම නොවන.... මගේම බොග් කටුවක් තිබුනා...

      Delete
  38. මාතා.....සහසුද්දෙන්ම වෙනස් කතාවක් මම කියන්න හදන්නේ...


    අසිරිමත් ඊශ්‍රායලය සහ ගෝත්‍රිකවාදය කියන මාතෘකාව ගැන ලියපන්. උඹට හොයාගන්න පුළුවන් වෙයි සයිබරයේ මානව හිතවාදියෝ කොයි තරම් මානව හිතවාදීද කියලා සහ කොයි තරම් ගෝත්‍රිකයෝද කියලා. යුද්ධය සහ සමූළ ඝාතන හඳුනාගත යුතුයි. ෆේස්බුක් මම දන්නේ නැහැ. නමුත් බ්ලොග් ලෝකය තුල දරුවන් සුරතලුන් යැයි කිවූ අය...පලස්තීනයේ සිදුවෙන දේවල් ගැන ලියන දේවල් ගැන බැලුවාම දරුවන්ගේ මරුවන්ද කියලා හිතෙනවා. මේක මතවාදයක් කරගමු. එතකන් මැරෙන දරුවන්ට අපි අල්ලගේ පුතාලයයි කියන්න තරම් සමහරුන් සාහාසිකවීම නම් ගෝත්‍රවාදයම තමයි. මම කෙලින්ම අපේ හිතවතිය අපූර්වී ඕමයාට මගේ තදබල විරෝධය පලකරනවා. මම ඒ බව අටමාගේ පෝස්ට් එකේ සඳහන් කර. ඔමාට අදහස් පලකිරීමේ අයිතියට මම ගරු කරනවා. ගෝත්‍රිකවාදය .....හුප්....කියපන් මාතා... අපි ඔක්කොම අම්මෙක්ගේ බඩෙන් ආපු එවුන්. ඇමරිකාවේ ඉඳන් උන්ට කඩේ යන එවුන් වගේම, එංගලන්තයේ ඉඳන් උන්ට කඩේ යන එවුන්ටත්, සල්ලි හම්බවෙන ඕන ගුබ්බෑයමක ඉඳලා මනුසත් කමට නිග්‍රහ කිරීම කොච්චර දුරට හරිද..

    ඔමා...ඔබව ටාර්ගට් කරා නෙමේ... ඔබව උදාහරණයකට ගත්තා පමණි.

    මාතා...උඹේ පෝස්ට් එකේ මේ කමෙන්ට් එක දාන්නේ...බොහෝ අය උත්තර දෙන්නේ නැති නිසා.

    ReplyDelete
    Replies
    1. අරූ මේ ගැන කොහේ හරි විවෘත කතිකාවක් යනවා නම් හොඳයි. (පැරා ලියපු එකට අදහස් දාන්න ගියේ නැත්තේ පහුවදාට අම්මා අප්පච්චිලාත් ඉන්න සොහොන් වලින් නැගිටලා එන්න වෙන හින්දා. )
      මනුස්සකම කියන එක ගැන අපි මීට වඩා කියවන්න ඕනේ.
      අපි මනුස්සකම් මෙයිට වඩා ප්‍රැක්ටිස් කරන්න ඕනේ.

      අල්ලගේ කවුරුත් විතරක් නෙමෙයිනේ මැරෙන්නේ මිනිස්සු. ඒ හැමෝ ම අපි වගේම මිනිස්සු. ඊශ්‍රායෙල් ද පලස්තීන් ද ගාෂා තීරයේද දකුණු අප්‍රිකාවේද කියන එක නෙමෙයි වැදගත්.
      අපි ආදරය ගැන ලොකු ටෝක් දුන්නට වැඩක් නෑ අපිට මිනිස්සු වෙන්න බැරිව හැමෝටම ආදරේ කරන්න බැරිව. අද කවුරුවත් විදේශිකයෝ නෙමෙයි කියලා කියන පේජ් එකක (මගේ භාශාවෙන්) ඉමේජස් වගයක් දැකලා උදේ වරුවම මුස්පේත්තු වෙලා හිටියේ. පොඩි ළමයි දැක්කම හිත කඩා වැටෙනවා. ඒ ළමයි මොන වැරදි කරාටද මේ වන්දි ගෙවන්නේ? එකම දේ කාගේ කවුරු වුනත් අපි මේ මිනිස් ඝාතණ වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ මේක ඉවරයක් කරන්න ඕනේ.

      Delete
    2. උඹ විතරක් නෙමෙයි තවත් කීප දෙනෙක්ම කියලා තිබුනා මචෝ. මේ දරුවෝ මරණ මරුවෝ ගැන් හෙන සංවාදයක් මීට කලින් ගියා, ප්‍රභා ගේ පුතා බාලචන්ද්‍රන් මරපු වෙලාවේ. අටමා කෙලින්ම ජාති වාදියානේ. අපූර්වීත් එහෙමද කියන්න දන්නේ නෑ. තවත් එහෙම පිරිස් ඉන්නවා. ඒක උන්ගේ අයිතියක්. නමුත් උඹ කියනවා වගේ ඒක තමයි ගෝත්‍රිකත්වය. අළුත් තාක්ෂණයක් අත පත ගාන අපි ඊට ඉස්සරහින් ඉන්න ඕන. ඒ වගේම මේ ඊශ්‍රායල් පලස්තීන ගැටුම් පිටින් පේනවට වඩා බොහෝම සංකීර්ණ එකක්. පැරා මෙහි ඉතිහාසය ගැන අපූරූ ළිපියක් ලියලා තිබුනා. මේ ටිකේ බිසි මචෝ. හෙට සමහර විර බයිලා තරඟෙට එන්නත් බැරි වෙයි. ඒත් මේ ගැන ලිවිය යුතුමයි කියලා මටත් හිතුනා.

      Delete
  39. ankaenews shared a link.
    6 hours ago
    රනිල් සිසුන්ට සුභ පතන්න 'අපේ සිංහල පන්තියට'' යයි: සන්නස්ගල එජාපයෙන් දේශපාලනයට එන බවට ඉඟිකරයි----

    (ලංකා ඊ නිව්ස් -2014.ජූලි.28, ප.ව.4.00) විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද නුගේගොඩ රොටරි අධ්‍යාපන ආයතනයට ගියේය. ඒ ප්‍රකට සිංහල ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලගේ අපොස සිංහල විභාගයට සූදානම් වන අපේ සිංහල පන්තියේ සිසුන්ට සුභ පැතීමට ය. එහිදී රනිල් වික්‍රමසිංහ සිසුන්ට අපූරු උපදෙසක් දුන්නේය. එනම් ඉවසන්න, මොළය පාවිච්චි කරන්න එවිට ජය නියත බවයි. එය තමා සම්මතයෙහිම සත්‍යයක් කර ඇති රනිල් වික්‍රමසිංහ දරුවන්ට දුන් තවත් උපදෙසක් වූයේ පසු නොබසින ලෙසත් විශ්වාසය අත් හැර නොගන්නා ලෙසත් ය.

    සිසුන්ගේ අති මහත් උද්යෝගයට හේතු වූ විපක්ෂනායක වරයා සුබ පැතීමට පැමිණීම සංවිධානය කළ ගුරු සන්නස්ගල ''මා දන්නා තරමට ලංකාවේ සිටි විශිෂ්ට තම අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ'' යැයි පැවසූ විට සිසුන්ගෙන් නැගුනේ කන් බිහිරි කරනවන තරමේ අත් පොලසන් නාදයකි. අද භාෂාව රැක ගැනීමට සරුංගල් යවන තැනට වැටී ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය ලෝකයේ ලොකුම පෙරහැර පවත්වමින් කට්ට කෑම සැපයක් යැයි පෙන්වන බවද සන්නස්ගල ගුරුවරයා පැවසීය.

    පසුව සිසුන් අතරට ගිය විපක්ෂ නායකයා සිසුන්ට සුබ පැතුවේය. මේ අවස්ථාවට කොළඹ පළාත් සභා මන්ත්‍රී සිරසේ හිටපු ප්‍රධානියෙකු වූ මරික්කාර් ද සහභාගී විය. උපුල් ශාන්ත සන්නස්ගල එජාපයෙන් දේශපාලනයට පැමිණෙන් බවට ඉඟියක්ද මෙහිදී පළවිය.

    (මේ සම්බන්ධ වීඩියෝව ලංකා ඊ නිව්ස් ෆේස් බුක් අඩවියෙන් නැරඹිය හැකිය.)
    http://www.youtube.com/watch?v=ox320SyB08o

    ReplyDelete
    Replies
    1. කලිනුත් එහෙම එනවය කියලා ආවේ නම් නෑ. බලමු..

      Delete
    2. සන්නස් ගලේ රීපු රනිල් ද කැට් ....

      Delete
    3. පොලිට්‍රික්ස් ඇන්ඩ් මාකටින්..

      Delete
    4. පොලිට්‍රික්ස් ඇන්ඩ් මාකටින්..

      Delete
  40. පාන්දරම කික් ලිපිය..

    මාතේ.. මතලන්.. (අයියේ....)

    මොකැ බං සන්නා මෙතැනට ඇඳිල ආවේ.. ඌ ඇවිත් දැන් ඇනෝ දානවද?

    ReplyDelete
    Replies
    1. ළිපිය කියවපන්කෝ කම්මැලි වෙන්නේ නැතිව.. එතකොට තේරේවි

      Delete
  41. සැක් අම්බානක පරක්කුයි. ඒත අදහස් ටිකනම් රන් මසුරන්. හිතෙන දේවල ටිකක් කියන්නම්, තමන්ගෙ ඇත්තම නමෙන් ගමෙන් හැම වෙලේම පෙනී ඉන්නවට මං පුද්ගලිකව මනාපයි. ලියන ඒව කියවන්න ලියන එකාගෙ ජාතකේ වැඩක් නෑ තමයි. ඒත් එහෙම උනානම් හොඳයි. ඒ එකක්. අනික මේ කියන කතාවට මං සපුරා එකඟයි. ඒකියන්නෙ බ්ලොග් කලාව, ඒ ලෝකය හරිම සුන්දර විවෘත ඉසව්වුඅක්. එතනදි සියලු සීමා මායිම කඩල බිඳදාලා අපි හැමෝම එක පොකුරක් වගේ එකට එකතුවෙනවා. අදහස හුවමාරුවෙනවා, වාද විවාද කරනවා. කවුරුහරි පොතක් ලියල පලකලොත් ඒක අපි කොච්චර වින්දත්, ඒකට අපි කොච්චර බැන්නත් ඒකෙ කතුවරයාට කවදාවත් ඒ ප්‍රතිචාර හරියකට දැනගන්න විදියක් නෑ. පත්තර උනත් එහෙමයි මාතලන් අයියා කිව්ව වගේ.

    ඒත් මෙතන එහම එකක් නෑ. ෆේස් බුක් වලටනම් මගේ මනාපයක් වත් පැහැදීමක්වත් නෑ. කොහොමත් ලංකාවෙ උගතුන් බුද්ධිමතුන්, මාධ්‍යවේදීන, සන්නස්ගලලා වගේ මිනිස්සු සයිබර් අවකාශය ආක්‍රමණය කල යුතුම කාලය තමයි මේ. ලංකා පත්තරේට සන්නසල ලියන "අම්මා", "ජේවීපී" කාරයෝ විතරක් කියවල වැඩක් නෑ. ඒවා මේ සයිබරය පුරාත් කියවෙන්නෝනි.

    ඉතාම අගේ ඇති ලිපියක් මාතලන් අයියේ.

    ReplyDelete
    Replies
    1. ෆේස් බුක් තමයි හොඳම.. ඒත් පටන් ගත්ත තැන මෙතන නිසා.. මේක රැකගෙන ඉන්නවා.. ඒ වගේම ඉදිරියට ගෙනියන්න පුළුවන් හැම දේම කරනවා.. සද්ද බද්ද නැතිව..

      Delete
  42. පට්ට සිරා පෝස්ට් එක ලොක්ක. ඔය අස්සෙ මම වගේ කට පියාගෙන යමක් ඉගෙන ගන්න බුවාලත් ඉන්නව.

    අපි පොඩි කාලෙ සන්නස්ගල සර් මොකක් හරි කාන්තා පත්තරේකට ලියපු ""රුවල කැඩී ගිය නෞකාවක් මෙන් මා අද ආදරණීය රළ පතරේ අයාලේ යමින් සිටිමි" වගේ කෑලි දාල OL කරන කාලෙ යාලුවෙකුට love letter එකක් ලියල දුන්න කොල්ල වැඩේ ගොඩදා ගත්ත

    ReplyDelete
    Replies
    1. අප්පා එයානේ වත්මන් පරපුරුට ලව් කරන්න කියලා දුන්නේ..

      Delete
  43. බුදු මාතලන් මචන්...
    ටිකක් කුණුහරුප අඩු හින්ද එක හුස්මට කියෙව්වා . බඩු නියමයි ...මචන් පැරා ටිකක් අප්සෙට් වගේ...සන්නස්ගලගේ කුකුල් කොටුව ගැන ලියල තිබ්බේ ...

    ReplyDelete
    Replies
    1. පැරා හැබයි හොඳ වෙලා.. මට දීලා ඇදපු එකක් වාරණය කරලා.. ඌට තේරෙන්න ඇති අපි කව්ද කියලා..

      එතන තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි.. පැහැදිලි ඉරිසියාව.. ඕන මම කොහේදිද දැක්කා නයි ටී ඇන් එකෙත් පොරි හැලෙන්න දෙනවා.. ආන්ඩුව හරි බයයි මේ වගේ වැඩවලට..

      Delete
  44. මම මේ කල්පනා කලේ මම දැන් වුරුදු 8ක් තිස්සේ මේ බ්ලොග් ලියන වැඩේ කරගෙන යනවා.. හැබැයි හුදෙක් මගේ ආතල් එක පිණිස පමණයි. ඒක නිසා වෙන්න ඇති කවදාවත් මට මේක එපා වෙලා නැත්තේ....

    මම, මම සහ මගේ පවුල කියන ගෝත්‍රය රැකගෙන ඉන්නවා මාතලන් අයියේ... ඒ අතින් මම පට්ට ගෝත්‍රිකයෙක්...

    සන්නස්ගල සර් බ්ලොග් එකක් පටන් ගත්තොත් අපිටත් පොඩ්ඩක් කියන්න හොඳේ.. :)

    ReplyDelete
    Replies
    1. කොයි මනුස්සයා ගාවත් මොකක් හෝ එහෙම ගතියක් තියෙනවා. ඒවා අඩු කර ගන්න තමයි උපරිම උත්සාහ කරන්න ඕන..

      Delete
  45. හ්ම්.......නියම ලිපියක්.....මා ඉතිං කුමක් ලියන්නද
    බොහෝ දේ ඇත...
    බොහෝ අය ලියලා
    ඒ සියල්ලම
    පිනා යේ හද
    නොයෙක් දේ දලුලා

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් අවුලක් නෑ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න