.

.

Jul 14, 2014

අතුරලියේ රතන හාන්දුරුවන්ගේ, "පිවිතුරු හෙට" - "Pretty Tomorrow" by Ven. Athuraliye Rathana


ඡන්ද කළේ එන කොට, එක එක උන්, එක එක සන්දේශ උස්සගෙන එනවා. රනිල් එකක් ගේනවා. සෝභිත තව එකක් ගේනවා. ආන්ඩුවත් තව ඒවා ගෙනවා. ඒ අවු අස්සේ රතන හාමුදුරුවොත් එකක් උස්සගෙන එනවා. එයා හින්ගල උරුමේ නැද්ද දන්නේ නෑ. දැන්, ඒක පුද්ගල ප්‍රසංගයක් උස්සගෙන හැම තැනම යනවා. හුටා සොරි සොරි වඩිනවා. ඒකේ නම "පිවිතුරු හෙටක්...". ඔය වගේම එකක් නාමල් බේබිත් උස්සගෙන ආවා. "තාරුණ්‍යයට හෙටක්.." කියලා. වනචර වේස කොල්ලෝ නම් කිව්වේ, තාරුන්නෙට හොටක් කියලා. රතන හාන්දුරුවන්ගේ එකත් ඒ වගේ එකක් වෙයිද දන්නේ නෑ? මොකෝ මහින්ද මහත්තයත් අනේ මට එපා කියන්න යන විධායකේ, එයාට ඕනමලු.

රතන සාධුලා ඒක ඕන කියන්නේ, මේ පාර්ලිමේන්තු ඇවිත්, නිවන් දකින, පරම වූත්, පවිත්‍ර වූත්, චේතනාවෙන්ය කියලා හිතනවනම්, ඔහේලා ඉන්න තැන, පොළොව පලාගෙන කෙලින්ම අවීචි මහා නරකාදියට්ම යනවා. ඒ නිසා නෙමෙයි. එයාලා මේ රටට ජාතියට, රටේ එක්සත් බාවයට, ඒකිය බාවයට. බවු බවු බව්මික අන්ඩවාතය ගැන හිතලා එහෙම කියන්නේ. මේ ළඟඳි මට සින්දුවක් ඇහුනා අහම්බෙන්. මම හිතුවේ, ඒක මේ රතන හාන්දුරුවන්ගේ සෝ එකට ගහපු එකක් කියලා. බැලින්නම්, ඒකේ කියන්නේ "පිවිතුරු සිතක් සොයන්.." කියලා. ඒ උනාට, ඒක මට ඇහෙන්නේ මෙන්න මේ විදියට. ඒක ඉතින් උපන්දා හිටන් මට තියෙන රෝගයක්. ඒ රෝගෙට බෙහෙත් තාම හොයාගෙන නෑ.

මේ ඔරිජිනල් සින්දුව


මේ මගේ කරුමෙට මට ඇහෙන හැටි.

"පිවිතුරු හෙටක්" අරන්, මම එනවා බං...
තොපි ගැන හිතන්න පතන්න, මම සූදා....නම්,
මේ "පොත" ලියන් හෙමින්, එන්නම් සුදා....
උඹලාව අන්දන්න දක්කන්න, මම....
එන්නම්.....,

ජෙප්පට දුන්නා කලින්....

රනිලුත් ගිලියි ඇවිත්...
වෙදෙක් නොවේ මම..., අඹරමි මේ ගුලි.,
රජාට නම් තහනම්.....

"පිවිතුරු හෙටක්" අරන්, මම එනවා බං...
තොපි ගැන හිතන්න පතන්න, මම සූදා....නම්,
මේ "පොත" ලියන් හෙමින්, එන්නම් සුදා....
උඹලාව අන්දන්න දක්කන්න, මම....
එන්නම්.....,

කැසිනෝ, උසට උසේ....
බාරුත්.., දෙයි රිසි සේ...
කෙනෙක් නෙවෙයි මම....
ඒවට යන එන.....
උඹලට නෑ..... තහනම්.

"පිවිතුරු හෙටක්" අරන්, මම එනවා බං...
තොපි ගැන හිතන්න පතන්න, මම සූදා....නම්,
මේ "පොත" ලියන් හෙමින්, එන්නම් සුදා....
උඹලාව අන්දන්න දක්කන්න, මම....
එන්නම්.....,

-x-

ඔබ සැමට අබ සරණයි....!!!

68 comments:

  1. 'රතුරැලියේ අතන' හදලා තියන මන්දිරය දැකලා තියනවද. අම්මපා ඒක ඇතුලේ මොනවාහරි නිවන් යන මැෂින් එහෙම ඇති.

    යකෝ මේ අලුත් පදමාලාව කාටහරි කියලා ගායනය කරවලා පටිගත කරලා දාමුකෝ යූ ටියුබ් එකේ.

    ReplyDelete
    Replies
    1. එකෙකුට දුන්නා වෙන එකක්. ඊට ලේසියි ජිප්සීස්ලයි සුනිල් අයියට හරි. අමරදේව මාස්ටර්ට හරි දුන්නා නම්..

      Delete
  2. රතන සාදු ගේ නේද අර ඩොලර් කොල නැති වුනේ මන්දරේ තිබිලා?

    අන්න ඉරිදා ලක්බිමේ යනවා ජීවීත කතාව මං කොටස් දෙකක් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. නිවන් ගියත් ආතල් එකේ ඉන්න එපාය අප්පා...

      Delete
    2. ලක්බිම ගෙන්නේ නෑ. පත්තරේ හොල්මන් ඉන්නවා..

      Delete
    3. IS THIS MAN STILL LIVING. HE RECENTLY COMMITTED SUICIDE.?

      Delete
  3. Rathanasaduge doller kola nethiwuna? nethiwuna newei pinwathuni,Irdiwuna.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දෙයක් තමා වෙන්න ඇත්තේ.. ඔය අසපුවක ඉන්න වහන්සේ කෙනෙක් විමසුවා නම් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. එයාලට තුන් ළෝකෙම පේනවලුනේ.

      Delete
  4. මොලේ අංශබාග කාරයො ඔහොම තමා..... මචං ....

    ReplyDelete
    Replies
    1. මේවා ඇවිත් සුපිරි මොළ..
      අන්දන්නම උපන් අය..

      Delete
  5. //මොකෝ මහින්ද මහත්තයත් අනේ මට එපා කියන්න යන විධායකේ, එයාට ඕනමලු// මේ සීන් එක මම දැක්කෙ නෑනෙ. විධායකයට නම් ඕන මගුලක් වෙච්චදෙන්.... බාර් වලටනම් අත තියන්න දෙන්න එපා බුදු මාතො.

    ReplyDelete
    Replies
    1. අනෙ මලේ උඹේ කොමෙන්ට් එක දැක්කේ දැනුයි. සමාවෙයන් හොඳේ.. බාර් වලට අත තියපු දාට තම්යි ඕන එකෙක් ගෙදර යන්නේ. සිකැරට් එකට උනත් සුපියල සුපියල ගේම දෙන්නේ ඒකනේ.

      Delete
    2. හැම එකාම අරින්නෙ කන බොන අපිටම තමයි. මෙහෙත් එහෙම තමයි.

      Delete
  6. රතන සාදු පිවිතුරු හෙටක් හොයන්නේ දැන් වත් තේරිලා ද දන්නේ නෑ ඒ ගොල්ලෝ දායක වුනේ වර්චස් අද ක් හදන්න කියල. මාතලන් කියල තියෙනව වගේම මෙව්වා සුපිරි මොළ. අන්දවන්නම ඩිසයින් කරපුව. කාට කියන්නද. අබ සරණ තමයි අපි හැමෝටම.

    ReplyDelete
    Replies
    1. මේවා බොරුවට වංචාවට නියමෙටම හැඩ ගැහිච්ච මොළ. මම මීට වඩා මර්වින් සිල්වලට රත්තරන්ලට ගරු කරනවා.

      Delete
  7. හලො මාතලන්,/.

    මමහ් පෙරේදා ඊයේ ටිකෙ බිව්වේ නැ,අයි ඒ ගමන ගිය නිසා. අද නන් ඩාන් වී ඇන්ඩ ඒ විස්කි එකක් ගතතා. ඒක බීවා, භ්ගෙට වඩා බිලා ඉන්නේ. දැන් නන් මට වෙරි.. හල්පේ,රාජ් මතක උනා.
    බත් ටිඅක් කාල පස්සේ එන්නංග්/

    වේරි නීසා අකුරු වැරැදිද සමවේන්න.

    ReplyDelete
    Replies
    1. හලෝ ආතල් ඇනෝ මචං..

      මාත් මේ හබරණ ඉන්නේ. ගල් භාගෙත් අරගෙන කස්ටිය එක්ක සෙට් වෙන්න යන්නේ. මම මේ ඒ යන එකත් නවත්තලා ආවේ උඹට කොමෙන්ට් එකක් දාලා යන්න. වල් ඌරෙකුත් ඇවිල්ලා.. මාත් ගිහින් එන්නම් මචෝ.. වැඩිය ගන්න එපා ඉතින්.. හෙටත් තියෙනවනේ. කොහොමෙයි ගමන, ෂොට් එකක් දාගත්තය හොරෙන්...

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මේ අපේ කුල් ඇනෝද?හොඳටම වෙරි වගෙයි දැන් බ්ලොග් කියෝ කියෝ ඉන්නෙ නැතුව නිදාගත්තා නං නරකද.

      Delete
    4. අපේ ඇනෝ මස්සිනා.. ඕං පෝස්ට් එක දැං තමා අංග සම්පූර්ණ. ඕ යේස් !!

      Delete
    5. බොනෝ නං අපිත් ඉන්නවා

      Delete
    6. ඇනෝ මේ පෝය දා මාත් අරලගංවිල පැත්තේ ගියා. මොනවත් අරං ගියෙත් නැ. එකෙක් ගෙනත් තිබ්බා වී ඇන් ඒ එකක් කුරුණෑගලට යද්දි ඒක ඉවරයි. ඉතිං පොය දවසසේ වේලිවේලි යනකොට මතක් වුණා ගලේවෙල අපේ බුවාව. පොරට කෝල් එකක් දුන්නා. මෙන්න බොලේ අපේ බස් එක නවත්තනකොටම ඕල්ඩ් බෝතල් දෙකක් අපේ අතට. ආතල් එකේ ඒ ක ගගහා කියා. හවස එන ගමන් මනංපිටියෙ පාළම යට නාලා ඉතිරි කොටේත් ඇදලම ආවා. ඔය ගගට බහින්නේ පරිස්සමින් ෆයිකන ලුලා ඉන්නවලු. අපත් බැස්සේ බයෙන් මචෝ... ජයවේවා වෙරි වේවා

      Delete
    7. මේ දවස්වල නෝම්බි නිසා වයින් ස්ටෝර්ස් වහලනෙ. ඒ හින්ද මාත් බැස්ස ගමන් පොඩි එකා එක්කම ගිහින් ගත්ත මගේ ප්‍රියතම බීමෙන් දෙකක්. අම්මට සිරි කියන්නෙ මිලි දෙසීයෙ පොඩි බෝතලේකුත් නිකන් දුන්න, ඔන්න බලන්න බහරේන් ඩියුටි ෆ්‍රී එකේ රාමදාන් ප්‍රමෝෂන් කොච්චර හොඳද කියල.

      Delete
    8. අනේ මචාල මටත් බොන කමෙන්ට් සීන් යනකොට අත පය පොපියනව. හෙට ගල් පාන්දර එයාපෝට් යන්නත් ඕන. අනෝරා වැස්ස නිසා හීනියට පොඩ්ඩක් දා ගන්නව. ඉන්දික කොල්ලො ඕවට තමයි කියන්නෙ උඹලකඩේ අරන් දුවන බල්ලට පොල් බෑයෙන් ගහනව කියල

      Delete
  8. තා රෙන්නෙම හොටක්

    ReplyDelete
    Replies
    1. නාමල් බේබි ට කිව්ව .........උපමාවක් de .....අනී ....??

      Delete
    2. ඔයා බේබිගේ කක්කා පරික්ෂකද?

      Delete
    3. හෑ ............... +++++++++++++++++
      ඒම අයත් ඉන්නව අනී ..........

      Delete
    4. ඔය කියන්නේ සට්ටැඹියා කියන ජොබ් එක ගැනයි!

      Delete
    5. මා...ලේ... කොල ...කැපුවත්..... මා.....තර .... මන්ද බුහුද්ධික මෙන් නොව.....මෙමා.....

      Delete
    6. මරු පෙට් නේම් එක..

      Delete
  9. අතුරලියේ රතන ? කවුද? යාළුවෙක්ද? ගායකයෙක් ද? මට මතක නෑ....

    දැං ඉතිං තුන්වේලටම සංදේශ කත හැකි..

    ජ ය වේ වා!!!

    ReplyDelete
  10. ඔය නාමල්ගේ හොටේ ;බලුකායේ කට්ටිය නම් වසංගත.උන් හිතන් ඉන්නේ හොටේට වැඩ කරන එක සයිස් දාන්න ලයිසන් එකක් කියලා.උන්ගේ බලුකායටද මොකක්ද එකට රටේ ඉන්න හැම කොල්ලා කෙල්ලම බැදෙන්න ඕනි කියලා.
    අනිත් පැත්තේ තරුණ මොකක්ද එක ඊට හපන්.

    මෙතන පෝස්ට් එකක් දමන්න බැරි නිසා නවතිමි.

    ReplyDelete
    Replies
    1. ලොකු දෙයක් අනී ..... බ්‍රේක් නැති බව හොදට දනී........

      Delete
    2. කෙන්ජි කියන්නෙත් මාතලන් කියන්නෙත් එක්කෙනෙක්ද?

      බේබිලාට වැව රවුමේ බ්‍රේක් නැතිව යන්ට හොද නම් අපි අකුරක් දෙකක් කෙටුවාම මොකද?

      නරක සමනළයා!

      Delete
    3. අපි දෙන්නම නරකයි...... නමුත් සමනල්ලු නෙමී .... අනී ......

      Delete
    4. සහතික ඇත්ත දෙකේම නම්බර් වන් උණ කාරයෝ වැහි වැහලා.

      මාතලන් සහ කෙන්ජි කියන්නේ දෙන්නෙක්. ඒත් ඉතින් එකම අදහස් තියෙන්නේ. අපි දෙන්නත් හිටපු ගමන් මරා ගන්නවා. ඒත් හොඳ බොකු දෙකක් තමයි.

      Delete
  11. මුන් ඔක්කොම 'හෙට' ගැන හීන පෙන්නලා අපේ 'අද' දවස කනවා… ආ නෑ කෂ්ටියක් කනවා. රතන සාදු වළඳනවා.

    අනේ අපිට අබ සරණයි.!

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. අබ සරණ වේවා!!!!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. සංඝං සරණං ගච්ඡාමි !!!!!

      Delete
    5. මෙයාලා බයිලා සජ්ගායනා කොරනවා...

      Delete
  12. Sadu,Sadu,!!!!!!

    ReplyDelete
  13. එතෙර කරන්නම් සතර වරිගයම 
    සංසාරේ යන මේ ගමනේ..
    චුට්ටක් සෙල්ලම් කරලා එන්නද 
    පුරුදු යහළුවන් හා සැනිනේ...

    එහෙම ගියත් ඒ අය පොඩි සාධු 
    කියා කියන විට වැද වැටිලා..
    කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ
    වෙල් ඉපනැල්ලේ පැන නටලා..

    ReplyDelete
    Replies
    1. හතර වරිගේ නෙමෙයි හත් මුතු පරම්පරාවම ගොඩ.. ආගම් කියන්නේ නොම්මර එකේ බිස්නස් එකක්. පොලිටික් අනික් එක. හොඳම බිස්නස් දෙකක්ම කරන කෙනෙක් මෙතුමා..

      Delete
  14. Replies
    1. මොකෝ හැක හැක ගාන්නේ..

      Delete
  15. අපූරු ගීතයක්.. ජහමනයා අතර ඔබ තවත් ඉදිරියට යනවා...
    රතන ඊටත් වඩා ඉදිරියට යනවා..

    ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. රතනලා ගමනක අවසානය කරා ළඟා වෙලා තියෙන්නේ. පොදු පෙරමුණෙන් නොමිනේසොන් නැතොත් සුනේ සුන්..

      Delete
  16. මටත් මේ බොරු විරුද්ධ සෙට් එක අප්පිරියයි. මුන්ට වැඩිය දාහක් හොඳයි අහුවෙන බොරු කියන අරුන්දිකල වගේ එවුන්.

    ReplyDelete
    Replies
    1. අරුන්දිකලා රෙදි ඇඳගෙන ලැජ්ජාවක් බයක් නැතිව කඩේ යන ආන්ඩුවෙම උන් නේ. මුන් ඒ වගේද අමු හෙළුවෙන් නේ යන්නේ.

      Delete
  17. හෆොයි...
    උපේක කෙලී බැලුව නං වහ කනව...
    මොකදදෑ මං කලිං කියලතියෙන්නෙ මේකනෙ සිංදුව කියල...

    ඔය චීවර ගණින්නාන්සෙල සැට් එක ඔරුවක ටෝල පා කරල යවන්න ඕනෑය...
    අර පිංස් විජේට කොලා වගේ...
    ඒ මැට්ටත් මෙහාටම කඩං වැටුණ එකේ මුංනැහේලත් ආපහු මෙහාටම ආවොත් නං සොරිම තමාය..
    වජේ බ්‍රදර් ඇවිත් කුවේණි ට සට් එක දුන්නාය..
    මුං මොනා කරයිද නං දන්නේ නැත

    ReplyDelete
    Replies
    1. මෙයාල කොහොමත් වැඩිකල් යන්න කලින් ඔක්කෝම ටික නිවන් යවයි වගේ..

      Delete
  18. ඔහොම සින්දු වල වචන වෙනස් කොරන රෝගෙ මටත්, මට වඩා දරුණු ලෙස අපේ තාත්තටත් තියෙනව.
    සින්දුව නම් පට්ටයි ඈ.... ඔබ සැමට අබ සරණයි!!

    ReplyDelete
    Replies
    1. තාත්තත් අපි වගේ ආතල් බුවෙක් වෙන්න ඇති.. මම පෝස්ට් දෙක තුනකත් දැක්කා නේ.

      Delete
  19. රතනෙලා සසරෙන් එතෙරවෙන්න කලින් අර හතර පොයටම සිල්ගන්න ආච්චිලා සීයලා ටික නම් දිව්‍ය ලොකේ යයි මහිතේ

    ReplyDelete
    Replies
    1. එයාලා දැනටත් ගිහින් ඉන්නේ.. මාර ආතල්..

      Delete
  20. නානසාදු මොකක් ගෙනෙයිද?
    "අබතෙල් හෙටක්" ?
    සාමාන්යයෙන් උන්වහන්සේ වදාරන ටෝන් එකට අනුව නම් නිකං "අ--මට ..........." වගේ එකක්?

    ReplyDelete
    Replies
    1. එහෙමද....PJ ......????? ......
      සිතේ මටත් එසේ.............. :)

      Delete
    2. අබ සරණයි උඹට පුතේ. අපට පුතේ රටක් ඇතේ

      Delete
  21. කාලෙන් කාලෙට කවුරු හරි මොනා හරි උස්සන් එන්නත් එපැයි ඉතින්.. නැත්නම් කතාකරන්නවත් දෙයක් කොයිද අපේ කස්ටියට..

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව, මේ ගොන්නුත් ඕන එකෙක් ඉඹලා පිලි ගන්නවා. ඉලපතක් අරගෙන දෙන්න තිබුනේ ගමේ ගෑණු ගහලා එලවනවා වගේ.

      Delete
  22. රට කරලා අවුරුදු දහයක් විතර යනකොට කරපු අයම එලියට ඇවිත් පිවිතුරු හෙටක් ගැන කතා කරනවානම් ඉතින් අද ජරා අදක් කියල නෙවෙයිද ඒ කියන්නෙ කියන ටික නොතේරෙන හරක් ඉන්න අපේ රට..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න