.

.

Jul 21, 2014

ඌව ටූනමන්ට්, ඇහින්දාස් හා ෆයිනල් - Uva Tournament, Ahindaas & Final


ඉස්සර අපේ ගෙවල් පැත්තේ ක්‍රිකට් ටීම් එකක් තිබුනේය. ඒකට කොල්ලෝ නම දාලා තිබුනේ "ඇහින්දාස් ක්‍රිකට් ක්ලබ්" කියලාය. උන් ක්‍රිකට් ගහන්න බැරිම උනුත් නෙමේය. තුන් ඉරියව්වෙන්, එකක් හරි පුළුවන් උන්ය. බැටින් පුළුවන් නම් බෝලීන් බැරිය. බෝලින් පුළුවන්නම්, බෝල අල්ලන්න බැරිය. ඒ කියන්නේ ෆීල්ඩින් බැරිය. ඔය එකක්වත් බැරි උනුත් ඕකේ හිටියේය. දැක්කාම පේන්නේ දඩ ක්‍රිකටර්ලා වගේය. ඒත් ඉස්කෝර් කාඩ් එක මාක් කොර ගන්න වත් බැරිය. ඒත් උන් ක්‍රිකටර්ස්ලාය.

ටූනමන්ට් වලට යනකොට හෙන ගේම්ය. මොකෝ ටූනමන්ට් එක පටන් ගන්න කොට හිටපු උන්, අන්තීම මැච් එන කොට ටීම් එකේ නැතිය. ටීම් එකේ හිටියත්, අනිත් ටීම් එකට වාසි වෙන විදියට සෙල්ලම් කරන උනුත් ඉන්නවාය. කැප්ටන් තෝරන එක ඊට කචල්ය. සම හරක් උන් කැප්ටන්සිය දුන්නේ නැත්නම් එන්න බෑ කියනවාය. හා කමක් නෑ අවුලක් නෑ මම එන්නම් කියා ඇවිදින්, හොඳට බැට් කරන එකා රනවුට් කරනවාය. අතට එන කැච් අත අරිනවාය. හිටපු ගමන් අම්පයර්ලා එක්කත් ඇර ගන්නවාය.

අපෝ බෑ ඔයාලා හරි නරකයි අද බෑ හෙට එන්නම් කියන උන්ද ඉන්නවාය. ඉතින් මෙහෙම සෙට් එකක් අරගෙන මැච් වලට ගියාම, අම්බානක කනවාය. ඒත් පට්ට ආතල් එක කියන්නේ මුන් හැමදාම ක්‍රිකට් ගහනවාය. ඒ මොකෝ මුන්ට ක්‍රිකට් ඇර වෙන එකම ගේමක් වත් බැරි නිසාය. ඇහින්දාස් ටීම් එකේ හිටපු වැඩ කාරයෝ, වැඩ කාරයන්ගේ ටීම් වල පර්මනන්ට් ප්ලේස් තියාගෙන, ආතල් එකේ ඉන්නවාය. සමහර වෙලාවට ඇහින්දාස් ටීම් එකේ කැප්ටන්සි වලි නිසා. ඇහින්දාස් ටීම්, දෙක තුන ගහන වෙලාවලුත් තියෙනවාය. අපි ඇහින්දාස් කිව්වට. මුන්ගේ ටීම් වලටත් පට්ට නම් ගම් තියෙනවාය.

මේ ඇහින්දාස් ක්‍රිකට් ටීම් මතක් උනේ, ඌවේ ඡන්දයක් එන හින්දාය. ඌව ඡන්දේ ඇවිල්ලා හරියට සෙමි ෆයිනල් ගේමක් වගේය. සෙමි ෆයිනල් දින්නේ නැත්නම්, ෆයිනල් ගහන්න හම්බ වෙන්නේ නැතිය. ෆයිනල් එකට ඔය මැදමුලන පැත්තේ ටීම් එක කොහොමත් එනවාය. එයාලට, සොෆ්ට් බෝල්, ගල් බෝල්, ලැදර් බෝල්, රගර් බෝල්, රබර් බෝල්, පුක් බෝල්, සමාවන්න, ෆුට් බෝල්, බාස්ටඩ් බෝල්, වොලි බෝල් ආදි, ඕනෑම ගෙමක්, නිකන් කජු කනවා වාගෙය. දැන් අවුරුදු දහයක් විතර එක දිටම ඔක්කෝම ටූනමන්ට් දිනන්නේ ඒ ටීම් එකය.

එයාලා උතුරේ නන්දිකඩාල් වල ගහපු මැච් එක, වර්ල්ඩ් කප් වලටත් වඩා ෆේමස් උනේය. ඒ උනාට අයි සී සී එක කියන්නේ, බෝල් ටැම්පරින්, චක් කිරීම වගේ ඒවා කරලා, මැදමුලන ටීම් එක දින්නා කියාලාය. ඒ ගැන පර්යේසොන තාමත් යනවාය. ඒ ටීම් එකේ හොඳම බෝලරුත්, ඇහින්දාස් ටීම් එකක් හදාගෙන මැදමුලන ටීම් එකට චැලේන්ජ් කරත්, මැච් එක පැරදුනේය. ඊට පස්සෙ ඉතින් අර අයි සී සී එකේ වගෙම, මැදමුලන ටීම් එකට, එකසිය ගානට ගේම් ඇද්දේය. අන්තීමට ලීඩ් කරපු බෝලර්ට උනේ, තරඟ තනමකුත් එක්ක පරිප්පුයි පානුයි කන්නය.

හැබයි ඒ පනිස්මොන්ට් දුන්නේ අයි සී සී එකෙන් නොව, මෙහේ ක්‍රිකට් බෝඩ් එකෙන්ය.ඒත් ඉතින්, බෝලින් බැටින් මෙළෝ දානයක් බැරි උන් සෙට් එකකුත් දාගෙන, තාමත් ටීම් එකක් හදාගෙන, හිටපු ගමන් විකට් දෙක තුනක් කඩා ගන්නවාය. ඒ උනාට මැච් එකක් දිනලා නම් නැතිය.

මැදමුලන ටීම් එකට හුරේ දාන සෙට් එකක් තාමත් හිටියත්, ගොඩක් උන්ට දැන් නම් එපා වෙලා තියෙන්නේ අනේ කියා, හැමෝම කියනවාය. මොකෝ ගහන හයේ පාරවල් හතරේ පාරවල් වදින්නේ බඩටමය. ඒ කිව්වට ඉතින් ටූනමන්ට් එක දිනන්නේ එයාලාමය. මේකට වෙන වෙනම ටීම් බස්සන්නේ නැතිව. ඔක්කෝම එකතුවෙලා නම්බර් වන් ඇහින්දාස් ටීම් එකක් බැස්සුවා නම්, මැදමුලන ටීම් එක උනත් පොඩ්ඩක් බය වෙනවාය. එයාලා ඌව දින්නත්. ළකුණු අඩු උනා නම් පෝඩ්ඩක් ඉතර බය වෙන්න තිබුනාය.

ඇහින්දාස්ලාට කරන්න තියෙන්නේ, ෆයිනල් එකට හොඳට ප්‍රැක්ටිස් කරලා එන එකය. ඒ උනාට එහෙම ටීම් එකක් හදන පාටක් පැත්ත පලාතේ නැතිය. ගේම තියෙන්නේ කැප්ටන්සියටය. "හස්තිගිරි" ටීම් එකේ කැප්ටන්සිය පිලි ගන්න, "රෙඩ් බෙල්" ටීම් එක, කැමති නැතිය. "රෙඩ් බෙල්" ටීම් එක කියන්නේ, එයාලා කවදාවත් "හස්තිගිරි" ටීම් එකත් එක්ක, ඇහින්දාස් ගේම් ගහන්නේ නෑ කියලාය."හස්තිගිරි" ටීම් එක හිතාගෙන ඉන්නේ, මේ ටූනමන්ට් එක පොරි හැලෙන්න ගහලා, ෆයිනල් එකත් එයාලා දිනන්නය.

එහෙම හිතන්නේ, ෆයිනල් එකට තව කල් තියෙනවා කියලා හිතාගෙනය. ඒත් මේ ටූනමන්ට් එක ඉවර උන් ගමන් ෆයිනල් තිබ්බොත්, ඔක්කෝටම වෙන්නේ නාගන්නය. ඒ කියන්නේ අර කොහේදෝ පොඩි එකා කිව්වා වගේ, තව අවුරුදු පහක් මැදමුලන ටීම් එකේ කලර්ස් බලන්නය. ඔය ක්‍රිකටර්ස්ලාට නම් ඒකේ අවුලක් නැතිය. ඒත් ඉතින් හැමදාම එකම ගේම බලාගෙන ඉඳලා කළකිරිච්ච උන්ට, අබ සරණය.

68 comments:

  1. 'තව අවුරුදු පහක් මැදමුලන ටීම් එකේ කලර්ස් බලන්න' බුදු අම්මෝ ඇඟ හීතල වෙලා ගියෝ.අවුරුදු දහයකට වැඩිය ඒ ගොල්ලන්ගෙ කලර්ස් බැලුව නේද?හැමදාම ගහන්නෙ එකම ගේමනේ බං.ආයේ තව අවුරුදු පහක් මොනව බලන්නද.

    ReplyDelete
    Replies
    1. අකමැත්තෙන් උනත් වෙන්නේ ඒක තමයි.. මීට වඩා පැහැදිලි එකක් ලියන්නම් පස්සෙ වෙලාවක.

      Delete
    2. No No this time DUCWORTH LEWIS METHOD going to apply then medamulan's will defeat.

      Delete
    3. ඩක්වතුයි ලුවිසයි එන්නෙ වැස්සොත් නේ.. වැස්සක් පෙන මානෙක නෑ..

      Delete
  2. මොක කොහොම උනත් අපේ බුජ්ජිමච් ජනතාවගෙ පොල් ගෙඩි වගේ ඔළු ඇතුලෙ තියෙන අල ගෙඩි වගේ මොල ගෙඩි නිසා අපිට තව අවුරුදු පහක් මැදමුලන කලර්ස් බලන්න වෙන එක නම් අබ ශුවර්ය……

    අපිට අබ සරණ හෝ සුභ අනාගතයක්…!! (දෙකම එකයි මයෙ හිතේ.)

    ReplyDelete
    Replies
    1. බුද්ධිමතුන්වත්, බුද්ධිමත් ජනතාවක් වත් මේ රටේ නෑ. ඒත් බඩට දැණුන වෙලාවට නිකන්ම පෙරලයි.

      Delete
    2. අපේ ඉතිං බුද්ධිමත් කම තියෙන්නෙ බඩේනෙ මාතලන්... ඡන්දෙ ඉල්ලන උන්ගෙයි ඡන්දෙ දෙන උන්ගෙයි ඔක්කොගෙම... බඩට ලේසියෙන් පහසුවෙන් වැටෙනවනං, වේල් දෙකතුනකට හරියන්න එකපාර දාගන්න පුලුවන් නං එතනින් එහාට බුද්ධියෙන් වැඩක් නෑ...

      Delete
    3. ඒක නේ හිරු මිනිස්සුන්ට අවශ්‍ය. මිනිස්සුන්ගේ පන්තිය, සමාජ රටාව අනුව මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් වෙනස්. බඩගින්නත් එහෙමයි. මිනිස්සුන්ගේ ආහාර රටාව අනුව. අවශ්‍ය ආහාර ප්‍රමාණය හා වර්ගයත් වෙනස්. කන පැලෙන්නම බඩගිනි උනොත්, අර 77 යැව්වා වගේ වෙනසක් කරයි. 94 වෙනස හාල් පාරු නායකත්වයක් නිසා මිස බඩගින්න නිසා නෙමෙයි. ඒ කාළේ මිනිස්සුන්ට කන්න තිබුනා. මරන්න ඕන එකා මැරිලත් තිබුනා.

      Delete
  3. දවස් එකහමාරකින් 370 ක් ගහගන්න බැරිවෙච්ච ක්‍රිකටර්ස්ලාත් එකයි. අවුරුදු 20 ක් තිස්සේ මැච් එකක් ගහගන්න බැරිවෙච්ච හස්තිගිරි කට්ටියත් එකයි.

    ReplyDelete
    Replies
    1. මොන වැඩ දැම්මත්, යුද්දේ දිනපු බස් එක පැස්ටෝල් නැතුව උනත් ආපු ඉස්පීඩ් එකට තව ටික දුරක් යනවා.

      Delete
  4. ආසියාවේ ආස්චර්‍යය ..

    සුභ අනාගතයක් … !!!

    ReplyDelete
    Replies
    1. අබ සරණයි ඔබට පුතේ....!!!

      Delete
  5. ඇහින්දාස් ටීම් එක කියන්නේ ලෝකේ හොදම ටීම් එකටත් චැලෙන්ජ් කරන්න පුළුවන් ටීම් එකක්ය. එත් කැප්ටන්සි එකේ කේස් එක නිසා වැඩේ ජොන් බාස්ට යනවාය..

    මොනව උනත් මැද මුලන ටීම් එකට කතරගම දෙයියන්ගේ මෙව්වා එක තියනවාය.. ඒ ආනුභාවයෙන් ඒ අය යහතින් බැට් කරනවාය.. තව පහක් දහයක් ගේමක් නැතිය..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හොඳ නැකතක් බලල ටොස් එක දැම්මනං හෙල්ලිලි බොරු !!!
      සුමනදාස ගොයිය වැඩේ කරළ දෙයි.

      ජය වේවා …


      Delete
    2. මහ පොළොවෙ පය ගහලා ඉන්න එකාට ඇත්ත තේරෙනවා..

      Delete
    3. චන්ද දායකයො පොළොවෙ පයගහල හිටියනම් අවුරැදු 60 කට වැඩිය මුන් දෙගොල්ලන්ට රට කන්න ලැබෙයිද.?

      Delete
  6. සුදු....... කේන්ති ගන්න එපා අනී .........
    "red බෙල්" අනුල අයි ඉ අන්තිම මෝතෙ එකතු වෙනව ,,,,හස්ති ගිරි ටීම් එකට......
    සව් කන්ජි පාරක් බීල ..... ප්ලාම්ස් ඇට හප....හප .... මලක් ඇදගෙන ඉමු මචෝ.....
    වෙන්නෙ මොකද බලමින්,,,,,,

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් වෙනවනම් හොඳයි. ඒත් මම හිතන්නේ නෑ එහෙම දෙයක් වෙයි කියලා. ජෙප්පෝ කකුලෙන් අදිනවා..

      Delete
  7. මුන් ඔක්ක්කොම බෝල් ගහනවාය
    අපි ඔක්ක්කොම බලන් ඉන්නවය
    මැච් එක ඉවරවෙලා පල්ල බලනකොට
    දියනුල විතරයිය අමුඩේ නැතිය

    ReplyDelete
    Replies
    1. දැන් නම් දිය ලණුවත් නෑ අමු හෙළුවෙන් ඉන්නේ. ඒත් ඒක ලැජ්ජාවට කාරනයක් නෙමෙයි. හෙළුවත් සාමාන්‍යකරණයට ලක් වෙලා තියෙන්නේ.

      Delete
  8. මාතලන් ඔය මැදමුලන ටිම් එක ඇරපු තරමක් ඇරියේ ඌවටය කරපු මගුලක් නෑ ගෙනත් දැම්මා කතා කරන්නවත් බැරි පව්ඩර් ගා ගත්ත බඩෙක්ව ..මං දැක්කා ඉවාන් කියලා තිබුණා කලින් පොස්ටුවෙ මහ බඩා ගැන ඌට දෙන ලියුම් කුණු ගොඩඩ ගියා කියලා,තවමත් අපි රටේ දුප්පත්ම කිරුළ හිස දරා ඉන්නවා එක අපිට පට්ටම සතුටුය එ වුනත් අපි කැපුවත් මැද මුලනය රනිල් ලොක්කා රටම දිනන වෙලේ දිනුවෙ නැත්තෙ එකය,ප්‍රශ්නේ මෙහෙ ඉන්න U.N.P කියන වුනුත් මෙලෝ වැඩක් නැති උන්‍ ය.උන් කරන්න තියෙන ජඩ වැඩ සියල්ල කර මිනිස්සුව පගාගෙන පලි ගැනිම් කරපු වුන් සැට් එකක් ය,හොරා කැවත් මෙහෙ නිල් වන්නෙ ඒ නිසාය .එක දන්න නිසාම තුනක් නෑ කියලා හිතලා වෙන්න ඇති අලුතෙන් තුනකුත් දිලාය.බදුල්ල හරින් මේ සැරෙ බඩු බනිස් කරනවා ය,බක පණ්ඩිත බඩා කිව්වෙ මං ඕන ඔට්ටුවක් අල්ලනවා හරින් එන්නෙ නෑ කියලය,එත් හරින් එන ලකුණු තියෙන්නෙ ....ආවසාන මොහොතේ වෙනස් වෙයිද දන්නෙ නෑ ,බදුල්ල බඩ වෙන එක දැනගෙන මොණරාගලට තුනක් දුන්නනාය ,එත් මොනරාගලින් විපක්ශයෙන් එන්න එකෙක් නැතිය එක නිසා මේ සැරෙත් ඌව ඔය මැදමුලන ටීම් එකම දිනනවා ශුවර් ය....සැමදා වගේ අපි පුරුදු කිරුළ දා ගෙනම වතුරවත් නැතිව බඩ පිටට අලව ගෙන ඇශ්චර්‍ය එනකන් මාගම්පුර පැත්තට හැරි වන්දනාමාන කරනවාය .....

    ඇශ්චර්‍ය අද නොවෙ හෙට ....

    ReplyDelete
    Replies
    1. මාතලන් මෙහෙම ඇහුවාම මට මොනවා අහ ගන්න වෙයිද මන්දා මාතලන් සමන්ත විද්‍යාරත්නව අනුමත කරනවද ?මට අද අර ඉස්සෙල්ලා පොස්ටුවෙ තියෙන කතාවට ට්කක් සමාන කතාවක් අද අහන්න ලැබුණා එකයි මෙහෙම අහන්නෙ ??

      Delete
    2. මම ඉන්නේ ඌව නම් මගේ ඡන්දේ මම දෙන්නේ ජෙප්පන්ට. මෙන්න හේතු..

      1. දේශපාළණය ගැන මනා අවබෝධයකින් කටයුතු කිරීම
      2. හොර මැර දූෂණ වංචා එළිදරවු කිරීම.
      3. අනෙකුන්ට සාපේක්ෂව උගත් උන් වීම.
      4. පලා බබාගෙන් කරන්න පුළුවන් ලබ්බක් නැති වීම.
      5. තව දුරටත් ජෙප්පන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුල රඳවා ගැනීම.
      6. ආන්ඩුවටත්, යූ ඇන් පීයටත් පාඩමක් ඉගැන්වීම.

      Delete
    3. මේවා ඉතින් ඌවට විතරක් නොවෙයි මූලු රටටම අදාලයි නැද්ද මාතේ.?

      Delete
  9. අපිටත් ඔන මැචෙක පැරදුනත් ගෙමක් දිල පරදින ටිම් එකක්.ඇහින්දාසෙකෙ ඉන්න හොදම ටික සෙට් වෙලා බැස්සනම් ගෙම ගොඩ.කොහෙද මෙ හස්තිගිරි ලොක්කට වැඩපෙන්නන එකෙක් පෙන්න බැ නේ.

    ReplyDelete
    Replies
    1. හස්තිගිරි ලොක්කගෙ නෙමෙයි ගේම තියෙන්නේ. අනික් උන්ගේ. ඒ ලොක්කා ඇර වෙන එකෙක් නෑ චැලේන්ජ් කරන්න. හාල්පාරුවන්ට රට බාර දෙනවට වඩා හොඳයි අපි කවුරුත් දන්න යකා එක්ක ඉන්න එක.

      Delete
  10. ඉස්සර ගමේ කොල්ලෝ ක්‍රිකට් ගහනකොට මම වැටුනේ " ඔය එකක්වත් බැරි උනුත් ඕකේ හිටියේය. " කැටගරියට.. අන්තිමට උන් මාව ගත්තේ පිළිවෙලට ලකුණු ටික මතක තියාගෙන එකතු කරගන්න උදව්වක් විදියට.. :)

    ReplyDelete
    Replies
    1. ඒකත් ළොකු දෙයක් නේ. අන්තීමට ඕකටත් වලි යනවනේ..

      Delete
  11. ඌව ටූනමන්ට් එකට සාටකයා බයයි. එතන තියෙන්නේ අමුතු ගේමක්. සාටක කැප්ටන් අනාගනීද කියලත් හිතෙනවා. නෝ බෝල් දායි ඕසෙට. බෝල් ටැම්පරින් අම්බානක තියෙයි. අම්පයර්ලා නොදාම මැච් එක ගහයි. දැම්මත් වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඌවේ ගේමක් නෑ. ඌව කියන්නේ සිරි ලංකා බල කේන්ද්‍රයක්. ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය වෙනම එකක්. ඒත් ෆයිනල් එකට නම් පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. මේකෙන් එන රිසාල්ට් එකෙන් පර්සන්ටේජ් එක. අනාගත දේශපාළණයට මාර වටිනවා.

      Delete
  12. මැදමුලන ටීම් එකේ කැප්ටන් තනියම බැට් කරද්දී අනිත් ටීම් ඔක්කොම එකතු වෙලා බෝල් කරත් අවුට් කරනවා බොරු එකේ තාම, මේ මැච් එකම තව කාලයක් බලමු..

    ReplyDelete
    Replies
    1. බොහෝ විට තව කාළයක් බලා ගෙන ඉන්න වෙනවා..

      Delete
    2. උඹල වගේ චන්ද දායකයො ඉන්නකන් ලංකාවට අබසරණයි.

      Delete
  13. ඔව් රටේ ආශ්චර්යය දකුණට විතරයි...රටේ එක පැත්තක් දියුණු වෙනවනම් ඇයි අනිත් පැති දියුණූ කරන්න බැරි....හැම එකාගෙම ඡන්දෙ ගත්තෙ එකම දවසෙනෙ....මොකෝ දකුනෙ එවුන් විතරක් ඡන්දෙ දුන්න නෙමේනේ

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙම එකක් පේන්න නෑ. ඊට වඩා කොළඹට කරනවා. රටේ කොයි පැත්තත් භෞතික වශයෙන් දියුණුයි. ඒත් සංස්කෘතික වශයෙන් ගූ ගොඩක්.

      Delete
    2. //භෞතික වශයෙන් දියුණුයි. ඒත් සංස්කෘතික වශයෙන් ගූ ගොඩක්//

      කබ්රාල් මහත්තයට අනුව ආර්ථික වශයෙනුත් මාරයි දැන්.
      ලඟදීම උද්ධමනය රින අගයක් වෙනව. එතකොට පාරිභෝගිකයා ගෙවන්නෙ නැහැ.බඩු ගන්නකොට සල්ලි ලැබෙන්නෙ ඔහුට

      Delete
    3. බඩු ගන්නකොට සල්ලි ලැබෙන්නෙ ඔහුට//

      ප්‍රා.. හි හි...

      අපි දැං හොද්දට දාන්නෙ අමුමිරිස් කරලෙන් බාගයයි...

      Delete
    4. ඒ කියන්නේ එයාට ආර්ථික ප්‍රශ්නයක් නෑ කියලා. ඔය තෙල්බාලා ඇමතිත් කියන්නේ. බෝයාව කැඩුනට තෙල් තියෙනවා කියලා. තෙල් නැති වෙනකන් තෙල් තියෙනවා.

      Delete
    5. //එතකොට පාරිභෝගිකයා ගෙවන්නෙ නැහැ.බඩු ගන්නකොට සල්ලි ලැබෙන්නෙ ඔහුට//

      ආතල් කෝටියයි ප්‍රා !!

      Delete
    6. කැඩිච්ච යාන් ඔයට පාලමක් දැම්ම......ඒක විවෘත කරන්න ඒතැනට යන්න ඔ්න නිසා විතරක් ඒතැනට යනකං පාර කාපට් කරා....ඒතැනින් ඒහාට පාරවල් වල අලි වලවල්.....ප්‍රසිද්දීයක් ගන්න පුළුවන්නම් සංවර්ධනය කරනවා......100 ක් ජනගහනය හිටියත් ඒ්ත් මිනිස්සු....100000ක් හිටියත් මිනිස්සු.....

      Delete
    7. අඩු පාඩු නැත්තේ නෑ වැව්. ඒත් සාපෙක්ෂව ගත්තහම මේ තරම් යටි තල පහසුකම් දීපූ ආන්ඩුවක් නෑ. සුද්දට පස්සේ..

      Delete
  14. Replies
    1. ප්‍රේක්ෂකයන් ලෙස අපි බලා සිටිමු.. වෙන කුමක් කරන්නද?

      Delete
  15. උඋව කියලා පැත්තක් ලංකාවේ තිබුනේ අපි ලංකාවේ හිටපු දැනට අවරුදු දහයකට විතර කලින්නේ බන්..... එයේ පෙරේදා ලංකාවේ ඉදන් ආපු අය කිව්වේ ලංකාවේ දැන් තියෙන්නේ මාගම්පුර විතරයි කියලා අනික් හරිය අයිති වෙන රටකටලු.......

    ReplyDelete
    Replies
    1. ඒ බයිලා මචෝ. අපි ඉන්නේ මේ රටේනේ. බේදයක් නැතුව හැම පැත්තම දියුණු වෙනවා. ඒත් ඇති නැති පරතරෙත් දවසින් දවස වැඩි වෙනවා. ආන්න ඒකයි ගැටළුව. දියුණුවෙන් වැඩක් නෑ. මධ්‍යම පාන්තිකයාට ඒක දැනෙන්නේ නැත්නම්.

      Delete
  16. වෙනසක් නොවේ මෙවරත් ඌව නම්...

    ReplyDelete
    Replies
    1. ඌවම තමයි, මූව කවදාවත් නෑ?

      Delete
    2. මේ චන්දේ මාර වටිනවා මචෝ. ඊළඟ එක ඇනලිස් කරන්න.

      Delete
    3. @ නලින් අයියා වෙනසක් වෙන්නෙ නෑ කියලා හිතන්න බෑ බස්නාහිර වුණු කඩා වැඩිම ඌවෙනුත් බලාපොරොත්තු වෙන්න පුළුවන් ...

      සහෝදර

      Delete
    4. පොඩි අඩුවක් එයි ඒක පිළිගන්නවා.

      Delete
  17. මේ ටීම් එක හිට් විකට් වුනොත් මිසක් ,ඕල් අවුට් කරන්න නම් පුළුවන් බොලර්ස් ලා පේනතෙක් මානෙක නෑ

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව. හැබයි ලේසියෙන් හිට් විකට යන්නෙත් නෑ. මොකෝ ක්‍රීස් එකෙන් එලියේ ඉඳගෙන නේ බැට කරන්නේ. අර ගොල්ලෝ ක්‍රීස් එකේමයි ඉන්නේ.

      Delete
  18. මම නං හිතන්නෙ මේ යන විදියට හෙල්ලිලි බොරු! බුව‍ා එනව ගේමක් නැතිව. පහුගිය මැතිවරණ ප්‍රතිපල වලින් හස්තගිරිල ටිකක් චූන් උනා. චූන්වෙලා කිව්ව පොදු අපේක්ෂකය එයාලගෙන් වෙන්න ඕන කියල. රෙඩ් ලේබල් කාරය කොහොමත් ඒකට කැමති නෑ, එයාලත් ෆෝම්වෙලා ඉන්නෙ කැප්ටන්සිය මාරු කරල පොඩි ගැම්මක් අරගෙන. දෙගොල්ල දෙපැත්තට අදින අතරෙ අරූ හොරට හරි ගේම ගහනව බුදු ෂුවර්!

    ReplyDelete
    Replies
    1. මේ ෆේස්බුක් පන්ඩිතයොයි. බ්ලොග් පන්ඩිතයොයි. ඒ පරසරය ගැන. ඒ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ගැන දන්නේ නෑ. ඔය විපක්සේ උන්ටත් තියෙන රෝගේ ඒකමයි. ඕන බලහන් නියන් සහනාධාරේ දෙනවා. එතකොට නිකන්ම ගොඩ.

      Delete
  19. සිලෙක්ටර්සලට එපා වෙලා තියෙන්නෙ මොකා හොදට බැට් කරයි ෆීල්ඩ් කරයි කියල තේරුවත් අන්තිමට උන් ගිහින් අනිත් ටීම් එකේ බෝල අල්ලනවාය.ඒ නිසා පත් කරන ටීම් එකේ එව්වවන්ට ගහන්න වෙන්නෙ නහුතයක් පිරිස අනිත් ටීම් එක වෙනුවෙන් බෝල අල්ලන්න එද්දීය.

    ReplyDelete
    Replies
    1. දැන් මචෝ ක්‍රිකට් කියන ගේම මට නම් එපා වෙලා ඉන්නේ. මම ඡන්දේ දෙන්නේ වෙන ගේම් එකක් ගහන එකෙකුට විතරයි. එහෙම එන්නේ නැත්නම් මැදමුලන ටීම් එකටම දෙනවා.

      Delete
    2. මෙරට ජීවත් වන මා වැනි සාමන්‍ය ජනතාව ගෙන් බහුතරයක ගේ අදහසත් ඒකම තමයි මහචාර්ය තුමෝ...

      Delete
    3. මහ පොළොවෙ පය ගහලා ඉන්න එකාට නාඩි වැටීම හොඳට දැනෙනවා ස රසෝ...

      Delete
  20. ලොකු දැනුමක් නෑ ඒත් මට හිතෙනවා වෙනසක් වෙන්නේ නැති වෙයිකියලා.

    ReplyDelete
    Replies
    1. හැමෝටම එහෙම හිතෙන එකේ වරදක් නෑ. පිච්චු කෙලින විපක්සයක් එක්ක.

      Delete
  21. මමනම් හිතන්නේ අපි ඔක්කොමලා පර්සිගේ චරිතය රඟපාන ගමන් අම්පයර්ලා වෙන්න හදනවාය කියලා.
    ඒ එක්කම ඉන්දියාවයි පකිස්ථානෙයි ගහන මැච් එකක් බලන් ඉන්නවා වගේ අපි ගහන මැච් එකක් බලනවාය කියලත් හිතෙනවා.
    මරු පින්තූරෙ මාතේ...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් දෙනෙක් නම් බලන්නේ එහෙමයි. ඒත් ඉතින් ඔහේලා අපි ටෝනි ග්‍රෙග්, රිචී බෙනෝ වගේ අයද කියලත් හිතෙනවා.

      Delete
  22. තුන් ඉරියව්වෙන්, එකක් හරි පුළුවන් උන්ය. බැටින් පුළුවන් නම් බෝලීන් බැරිය. බෝලින් පුළුවන්නම්, බෝල අල්ලන්න බැරිය. ඒ කියන්නේ ෆීල්ඩින් බැරිය. ඔය එකක්වත් බැරි උනුත් ඕකේ හිටියේය.(දැන් මේ සැට් එකෙන් "මාතලන් අයිති මොන එකටද ? ;D

    ReplyDelete
    Replies
    1. මට පුළුවන් මොකක්ද කියලා තිරණය කරන්න ඕන ඔහේලා. මට නම් බැටින් බෝලින් දෙකම පුළුවන්. ෆීල්ඩිනුත් නම්බර් වන්. ඒ උනාට මම අල්ලන්න කැමති නෑ මෙයා.

      Delete
  23. මොන මගුල කරත් තර්ඩ් අම්පයර්ට දාලා හරි මැච් එක දිනනවාය. ඉන් පසු ඉතිරි අවුරුදු පහම චන්දෙ දුන්න උනුත් "අපියැ පත්කරේ. අපි නම් චන්දෙ දුන්නේ නෑ" කියමින් ලතවනවාය

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම හිතන්නේ ලංකාවෙ තියෙන හොඳම ජෝක් එක.

      Delete
  24. අදයි මේක දැක්කෙත්. පස්ට විදිහට ලියල තියෙනව ලොක්ක.... ඈස් ඕල්වේස්:
    //හැබයි ඒ පනිස්මොන්ට් දුන්නේ අයි සී සී එකෙන් නොව, මෙහේ ක්‍රිකට් බෝඩ් එකෙන්ය.ඒත් ඉතින්, බෝලින් බැටින් මෙළෝ දානයක් බැරි උන් සෙට් එකකුත් දාගෙන, තාමත් ටීම් එකක් හදාගෙන, හිටපු ගමන් විකට් දෙක තුනක් කඩා ගන්නවාය. ඒ උනාට මැච් එකක් දිනලා නම් නැතිය.//

    හුංගෙක් අරගෙන හරි, ලාස්ට් මෑන්ට චාන්ස් එකක් අරගෙන හරි ලොක්ක ෆයින්ල් එකටත් වැඩේ දෙයි වගේ තමෛ පේන්නෙ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න