.

.

Sep 4, 2014

සිංහලයා සුළුතරයක් විය හැකිය කීම කැත බොරුවකි. - Is Sinhalese becoming a minority?


- චානුක වත්තේගම

හුදෙක් දේශපාලන වාසි පිණිසම වර්තමානයෙහි වැපිරෙන මිථ්‍යාවෝ නැතකි. ඉන් මුල් තැන ගන්නක් නම් සිංහලයා (හෝ සිංහල බෞද්ධයා) වඳවෙමින් පවතින ජනවර්ගයක්ය; අනාගතයේ සිංහලයා මේ රටේ සුළුතරයක් වන්නේය යන කැත බොරුවයි. ස්වාභිවෘද්ධිය පිණිස දත්ත හා සංඛ්‍යාන විකෘති කරන්ට තමුන්ට ලයිසමයක් ඇත්තාක් සේ හැසිරෙන එක්තරා වර්ගවාදී දේශපාලන නායකයකුට අනුව මේ සිංහලයා අපේ රටේ බහුතරයක් වන අවසාන සියවසලු!

මේ බොරුව කැත වන්නේ ඇයි? මේ බොරුව වපුරන සිංහල වර්ගවාදී දේශපාලන පක්ෂ හා සංවිධාන වල එකම අරමුණ එමඟින් ස්වාභාවයෙන්ම භාවාත්මක හා පැරනුවා සිංහල බෞද්ධ මනස අවුස්සා බියපත් කොට ඒ බිය ස්වකීය දේශපාලන ගමනෙහි ආයෝජනයක් කර ගැනුම නිසාය. මේ බොරුව බිඳිය යුත්තේ එබැවිනි. ලංකාවේ ජනගහණ පිරමීඩය තුළ සබැවින්ම සිදුවෙමින් පවතින්නේ කුමක්ද හෙළි කළ යුත්තේ එබැවිනි.

සාර්ථක හැම බොරුවක් පසුපසම යම් ඇත්තක් පවතී. මෙහිදීද වෙනසක් නොවේ. මේ බොරුව නිර්මාණය වන්නේ යම් පමණෙකට සැබෑ දත්ත මතය.

රටේ පැවැති යුදමය වාතාවරණය නිසා 1991 දී හා 2001 දී පවත්වන්ට තිබුණු ජන සංගණනයන් එවකට රජයේ පාලනය යටතේ නොපැවති පෙදෙස් හි පවත්වන්ට අවස්ථාවක් නොලැබේ. (ඇත්තටම ජන සංගණන වළකන්ට එල්.ටී.ටී. ඊ. සංවිධානයට ප්‍රබල හේතූන් වෙයි. එකක් උතුරු හා නැඟෙනහිර දෙපළාත්හි ජනගහණය ගැන ඔවුන් පවත්වා ගත් බොරුව ජන සංගණනයෙකින් බිඳ වැටෙන්ට ඉඩ තිබීමයි. දෙවැන්න මේ පළාත්හි, එක්තරා දුරෙකට, මියගිය විශ්‍රාමිකයින් වෙනුවෙන්, ඔවුන්ගේ මරණ වාර්තා නොකොට, ඥාතීන් විසින් ලබා ගත් විශාම වැටුප් ලැබීමේ ඉඩ ඉදිරියට අහිමිව යාමයි.) මේ නිසා 2011 ජන සංගණනයේ දත්ත කට්ටලය අපට සන්සන්දනය කරන්ට වන්නේ ඉන් පෙර පූර්ණව පැවැති 1981 දත්ත කට්ටලය සමඟය. පහත පැණෙන වසර තිහෙක ජනානුපාත වෙනස (වගුව - 1) සමහර ජන කොටස් බිය ගන්වන සුළුය.

වගුව 1: ලංකාවේ ජනවාර්ගිකමය ජනානුපාත (1981 හා 2011 සංගණන දත්ත )


සිංහල
දෙමළ
මුස්ලිම්
ඉන්දියානු දෙමළ
වෙනත්
1981 තත්ත්වය
73.95 %
12.71 %
7.05 %
5.51 %
0.78 %
2011
තත්ත්වය
74.88 %
11.12 %
9.23 %
4.16 %
0.52 %
දෘශ්‍ය වෙනස
0.93 %
- 1.5 %
2.18 %
- 1.35 %
0.04 %
සත්‍ය වෙනස (සංඛ්‍යාත්මක)
4,184,420
384,024
822,920
23,623
- 9,000
සත්‍ය වෙනස (පෙර තරමට ප්‍රතිශතය)
38.2 %
20.35 %
78.61 %
2.89 %
- 7.82 %
මුලාශ්‍රය: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සිංහල ජනතාව වඳ වේය යන මතය ගොඩ නඟන්නන් ඒ සඳහා උපයෝගී කොට ගන්නේ පළමු පෙළ තුනෙහි ඇති ඉලක්කම්ය. 1981 සිට 2011 දක්වා ජනවර්ග අනුපාතයන්හි යම් වෙනසක් සිදුවේ. සමහර ජන වර්ග ප්‍රතිශතයක් වශයෙන් වැඩිව ඇත. සමහර ඒවා අඩුව ඇත. නිදසුනක් හැටියට සිංහල ප්‍රතිශතය 74% පමණ සිට 75% ක් වෙද්දී මුස්ලිම් ප්‍රතිශතය 7% පමණ සිට 9.2% ට ඉහළ යයි. බැලූ බැල්මට “අපේ රැහැ” පොඩ්ඩකින් ප්‍රසාරණය වෙද්දී  “උන්ගේ රැහැ” මාර විදිහට පිම්බී ඇත. එසේම මේ දෙක අතර දෘශ්‍ය වෙනස සිංහල බෞද්ධ බහුතරය බිය ගන්වන සුළුය.

මම මෙහි දෘශ්‍ය වෙනස සේ දක්වා ඇති ඉලක්කම් සීරියස් නොගනිමි. එය සංඛ්‍යාකයක් වශයෙන් අවැදගත් වනවා පමණක් නොව වැරදි චිත්‍රයක්ද මවා පායි. ඊට වඩා අදාළ හා වැදගත් අවසාන පෙළ  දෙකෙහි ඇති දත්තය. එකක් සංඛ්‍යාත්මකව එක් එක් ජනවර්ගය වසර තිහක් තුළ ප්‍රසාරණය වූයේ කවර ප්‍රමාණ වලින්ද දක්වයි. අවසාන පෙළෙහි දැක්වෙන්නේ 1981 දී එක් එක් ජනවර්ගයන්හි ප්‍රමාණයට සාපේක්ෂව 2011 දී එම ජනවර්ගය ප්‍රසාරණය වී ඇති ප්‍රමාණයයි.

මේ දත්ත පමණක්ම සිංහල ජාතිය සුළුතරයක් වේය යන මිථ්‍යාව බැහැර කරන්ට ප්‍රමාණවත් වේය නොසිතමි. හැබැයි, මේ දත්ත වලින් පවා ගත යුත්තක් තියේ. ඒ අප කථා කරන ජනගහණ ප්‍රසාරණ‍යේ තරම අවබෝධ කොට ගැන්මය. උදාහරණයක් හැටියට මේ කියන වසර තිහ තුළදී මුස්ලිම් ජනහගණයේ ප්‍රසාරණය ලක්ෂ අටකි. ඒ කාලයටම අනුරූප සිංහල ජනගහණයේ ප්‍රසාරණය එමෙන් පස් ගුණයකට ආසන්න අගයක් ගනියි. ලක්ෂ හතළිස් එකක ප්‍රසාරණයක් ඇති ජනවර්ගයක් ලක්ෂ අටක ප්‍රසාරණයක් ඇති ජනවර්ගයක් තමන්ගේ තැන ගනිතැයි අනියත බියක් පළ කර ගැන්ම තරම් තවත් ගොන් කමක් වේද?

හැම ජනවර්ගයක්ම එකම නියත ප්‍රතිශතයකින් ප්‍රසාරණය වීමක් ලෝකයේ කිසිම බහු වාර්ගික රටක දක්නා නොලැබේ. මෙසේ වන්නේ එක් එක් ජනවර්ගයේ ප්‍රසාරණය (හෝ සංකෝචණය) ඒවායේ සංස්කෘතිය, අධ්‍යාපනික හා රැකියා අවස්ථා, පර්යටනය, යුද්ධ හා කැරළි කෝලාහල,  ස්වාභාවික උපද්‍රව, ආර්ථික තත්ත්ව යනාදී සාධක අටෝ රාසියක් මත රැඳී පවතින නිසාය.

උදාහරණයක් සේ ඇමෙරිකා එක්සත් ජනපදය සලකමු. 1950 දී ඇමෙරිකානු ජනගහණයෙන් 87% ක් සුද්දෝය. කල්ලන් 10% පමණක් වන අතර 3% ක් හිස්පැනිකය. වෙනත් ජනවර්ග නොගිණිය හැකි තරම් අල්පය. වසර 2000 වන විට සුද්දන්ගේ ප්‍රතිශතය පහෙන් එකක් පමණ ඇද වැටී 70% ක් වෙයි. සුළුතරයන් දෙකම තමන්ගේ ප්‍රතිශතය වැඩි කර ගන්නා මුත් වඩා කැපී පෙනෙන්නේ 10% ක් වන හිස්පැනිකයන්ගේ වර්ධනයයි. වසර 2008 වන විට සිය පළමු කළු හා පළමු සුළුතර ජනාධිපති තෝරා පත් කොට ගන්ට තරම් ජනවර්ගයන්හි තුලනය වෙනස් වේ. (ඇමෙරිකානු ඡන්දදායකයා අප සේ හැමවිටම 'අපේ එකා' ටම ඡන්දය දෙතැයි මෙයින් අදහස් නොවේ. එහෙත් 87% ක සුදු බහුතරයක් වී නම් කළු ජනාධිපතිවරයකු පත් කොට ගැනීම සිහිනයක් පමණක් වන බව සැක නැත.) මේ වන විට් ඇමෙරිකාවේ සුදු ජනගහණය 63% දක්වා වැටී ඇති අතර ඒ වර්ධන වෙගයන් එසේම පැවතුණොත් 2050 දී එය 47% වන්ට නියමිතය. හිස්පැනික ජනගහණය ඒ වන විට 30% ඉක්මවා යනු ඇතැයි සැලකේ. ඒ වන විට තවත් 10% ක් සමන්විත වනු ඇත්තේ 1950 දී සලකනු නොලැබීමට තරම් කුඩා වූ ආසියානු සම්භවයක් සහිත ඇමෙරිකානුවන්ය.

ලංකාවේ තත්ත්වය මීට ඉඳුරා වෙනස්ය. පසුගිය වසර සියයක පමණ දත්ත උපයෝගී කර ගෙන විශ්ලේෂණය කිරීමේදී පැහැදිළිව පෙනී යන කරුණු දෙකක් වේ. පළමුවැන්න මේ වසර සියයක කාලය තුළ ප්‍රධාන ජනවර්ග තුන අතුරින් කිසිම ජනවර්ගයක ප්‍රතිශතය දරුණු ලෙස වෙනස් වීමකට භාජනය වී නැති බවයි. දෙවැන්න ඒ වර්ධන වේගයන් එසේම පවතින්නේ නම් සිංහලයා මෙරට සුළු ජාතියක් වීමේ අවදානම අතිශය සීමිත බවයි. වී ඇත්තේ හා වන්ට ඉඩ ඇත්තේ එහි අනෙක් පැත්තය. එනම් සමහර කුඩා ජනවර්ග වඳ වී යෑමේ තර්ජනයකට මුහුණ දී සිටීමයි. උදාහරණයක් හැටියට 1881 අපේ රටේ පළමු විස්තරාත්මක ජනසංගණනයේ සිට 1981 දක්වාම අඛණ්ඩව 0.3% කට මඳක් වැඩි ප්‍රතිශතයක් පවත්වා ගත් ලාංකීය මැලේ ජනගහණය 2011 දී 0.2% ට වැටෙයි. 1931 දී ලක්ෂ අටක් වූ ඉන්දියානු දෙමළ ජනගහණය අදත් ඊට සමාන අගයක් ගත්තද ප්‍රතිශතයක් වශයෙන් 15% පමණ සිට 4% ට වැටෙයි. නිදහස ලබා ගන්නා සමයේ 0.6% කට වැඩි වූ බර්ගර්/ඉයුරේසියානු ජනගහණය අද වන විට 0.2% කි. මේ සියලට හේතු අපට පැහැදිළිය. ඉන්දියානු දෙමළ ජනගහණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම යටතේ ඉන්දියාවට යති. බර්ගර්, මැලේ ජනතාව යම් ප්‍රමාණයක් 1956 න් ඇරැඹි සිංහලයට ප්‍රමුඛත්වයක් ලැබුණු යුගයේදී සංක්‍රමණය වූවා හෝ සිංහලීකරණය වූවා විය හැකිය. මේ කිසිවකට හේතුව යම් ජන කොටසක් අඩුවෙන් හෝ වැඩියෙන් බෝ වීමම නොවේ.

1911 න් ඇරැඹෙන දශකයේ පටන් අද දක්වා ලංකාවේ එක් එක් ජනවර්ගයන්හි වාර්ෂික වර්ධන වේගයන් ගණනය කරන්ට ජනසංගණන දත්ත භාවිතා කළ හැකිය.

මෙය සියයට සියයක් නිවැරදි ප්‍රවේශයක්ය මම නොකියමි. ඊට හේතු රාශියකි. ජනසංගණන පැවැත්විය යුතු නිශ්චිත කාලාන්තර වලදී වුවද හැම විටම එසේ වී නොමැත. උදාහරණයක් හැටියට 1941ට නියමිත සංගණනය පැවැත්වෙන්නේ ඉන් වසර පහකට පසුව 1946 දීය. (මෙය ලෝක යුද්ධය නිසා බව ලෙහෙසියෙන් අවබෝධ කොට ගත හැකියි.) මෙලෙස වසර දහයකට වරක් ලබා ගත යුතු දත්ත සමහරවිට ලබා ගෙන ඇත්තේ වසර 8, 12, 15 ආදී වශයෙන් අවිධිමත් කාල පරිච්ඡෙද වලයි. එසේම සමහර අවස්ථා වලදී දත්ත ලබා ගෙන ඇත්තේ විධිමත් ශීර්ෂ ගණනයකින් නොව ඇස්තමේන්තු වලිනි. මෙයින් 2001 ඇස්තමේන්තුව දුර්වලම එක වන්නේ සමහර දත්ත ලබා ගත හැකි වන්නේ පෙර හා පසු සංගණන දත්ත වල මධ්‍යනයෙන් පමණක් නිසාය.

මේ දුර්වලතා ඇතිව වුවද 1911 න් ඇරැඹෙන දශකයේ සිට 2001 න් ඇරැඹෙන දශකය සඳහා ජනවර්ග වර්ධන වේගයන් ගණනය කොට පහත පැණෙන පරිදි වගු ගත කරමි. (වගුව - 2) (එක් දශම ස්ථානයකට වට යන්නේ පාඨකයාට අවබෝධ කර ගන්ට පහසු වන ලෙසයි. ඍණ සංඛ්‍යා වරහන් තුළ දක්වා ඇත.)

වගුව 2: ලංකාවේ ජනවාර්ගිකමය වාර්ෂික වර්ධනය (1911 සිට 2011 දක්වා)

දශකය (ආරම්භක වර්ෂය)
සිංහල %
දෙමළ %
මුස්ලිම් %
ඉන්දියානු දෙමළ %
වෙනත් %
1911
1.0
(0.2)
0.6
1.2
1.8
1921
1.3
1.4
1.3
2.6
1.2
1931
1.7
1.2
1.4
(0.3)
1.4
1941
1.8
1.7
2.0
2.0
(0.3)
1951
2.5
2.4
2.5
1.3
(14.4)
1961
2.2
2.3
2.5
0.6
7.1
1971
1.7
2.5
1.8
(4.3)
0.9
1981
1.5
1.4
2.0
0.8
2.3
1991
1.0
0.3
2.0
(0.2)
(1.4)
2001
0.9
0.3
1.7
(0.2)
(1.7)

මුලාශ්‍රය: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත මත කතුවරයාගේ ගණනයන්

මේ දත්ත වලින් අපට කළ හැකි පැහැදිළි නිරීක්ෂණ කිහිපයක් මෙසේය.

1. සිංහල දෙමළ, මුස්ලිම් ප්‍රධාන ජනවර්ග තුනම (නොසලකා හැරිය හැකි එක් අවස්ථාවක් හැරුණු විට) ඍණ ජණගහන වර්ධනයක් නොපෙන්වයි. මේ ජනවර්ග තුනම විස්තාරණය වේ. ඒ 1.0 % පමණ අවමයකින්ද 2.5 % පමණ උපරිමයකින්ද සිතිය හැකි වාර්ෂික වර්ධන වේගයකිනි.

2. සාමාන්‍ය හා සාමකාමී අවස්ථා වලදී මේ ජනවර්ග තුනේම වාර්ෂික වර්ධන වේගයින් දළ වශයෙන් සමානය. උදාරහණයක් හැටියට 1931 දශකයේ සිට 1981 දශකය දක්වා දත්ත සලකන්න. දර්ශකයක් සේ 1951 න් ඇරැඹෙන දශකය ගනිමු. මේ දශකයේ ප්‍රධාන ජනවර්ග තුනෙහිම වර්ධනය ඉතාම සමීප අගයන් ගනියි.

3. පසුගිය සියවසේ මුල භාගයේදී, පොදුවේ හැම ජනවර්ගයක්ම පිණිස වාර්තා වූ සාපේක්ෂව අඩු වර්ධන වේගයන් සියවසේ මැද හරියේදී, විශේෂයෙන්ම නිදහස ලැබුවායින් පසු වැඩිවී උපරිමයකට ලඟා වුවාක් සේ පෙනේ. (මේ මැලේරියාව මර්ධනය, සෞඛ්‍ය සේවාවන් දියුණු වීම, ආර්ථික සංවර්ධනය, දේශපාලන සුරක්ෂිතභාවය වැනි කාරණා නිසාය සිතිය හැක්කේය.) ඉන්පසුව මේ වර්ධන වේගයන් යළි ක්‍රමයෙන් අඩු වීමට පටන් ගනියි. ඒ මන්ද කෙළින්ම කිව නොහැකිය.

4. ජනගහණ වර්ධන වේගයන් ශීඝ්‍රයෙන් අඩුවන හැම අවස්ථාවකම වාගේ අපට ඊට හේතු දැක්විය හැකිය. නිදසුනක් හැටියට උතුරේ යුද්ධය ආරම්භ වූවායින් පසුව දෙමළ ජනගහණයේ වර්ධන වේගය අඩුවේ. එසේම සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම ක්‍රියාත්මක වූ කාලයට සැණෙකින් පසුව ඉන්දියානු දෙමළ ජනගහණයේ වර්ධන වේගයන් පහත බසී. ඒ හැරුණු විට හුදෙක් බෝවීම පමණක් මත වර්ධන වේගයන් වෙනස් වන අවස්ථා දකින්ට නැති තරම්ය.

(කරුණාකර අවසාන කොලමට වැඩි බරක් නොදෙන්න.මේ කතා කරන්නේ ඉතාම අතිශය සීමිත ජනගහණයක් ගැනය. සුළු ගණනක වෙනසකින් වුව එහි ලොකු ප්‍රතිශත වෙනසක් විය හැකිය.)

දැන් අපි මේ යම් පිරිසකට ලොකු ගැටළුවක් වී ඇති මුස්ලිම් ජනගහනයේ ඓතිහාසික වර්ධන වේගයින් සලකමු. මේ දත්ත වලින් අපට කරුණු කිහිපයක් පැහැදිළිව පෙනේ. එකක් මුස්ලිම් ජනගහණයේ සාපේක්ෂව වැඩි වර්ධන වේගය අළුත් දෙයක් නොවන බවයි. එය එක්කෝ අනෙක් ප්‍රධාන ජනවර්ග දෙකේ වර්ධනයට සුළු වශයෙන් වැඩිව හෝ සමානව තිබී ඇත්තේය. එසේම අදට වඩා වැඩි වර්ධන වේගයන් තිබුණු අවස්ථාද ඇති තරම් අතීතයේ වූ බවයි. මේ නිසා සිංහලයා වඳ නුවූයේ නම් හා සුළුතරයක් බවට පත් නුවූයේ නම් අද සාපේක්ෂව ඊට අඩු වර්ධන වේගයන් නිසා එසේ විය හැක්කේ මක් නිසාද?

මේ දීර්ඝ අටුවාව නැතිව වුවද සිංහල ජනවර්ගය අනෙකුත් ජනවර්ගයන්ට සාපේක්ෂව වර්ධනය වෙමින් පවැති හා පවතින බව ලෙහෙසියෙන් ඔප්පු කළ හැකිය. (අටුවාව අවශ්‍ය වන්නේ එය ප්‍රකාශ කළ පසුව පැණ නැඟිය හැකි වෙනත් ප්‍රශ්න වලට පිළිතුරු දැක්වීම පිණිසය.) ඊට අවශ්‍ය වන්නේ 1911 සිට ජනසංගණන වර්ෂ පිණිස සිංහල ජන වර්ගය එක ගොඩකටත් අනෙකුත් සියළු ජනවර්ග අනෙක් ගොඩටත් දමා වගු ගත කිරීමයි. (වගුව - 3) (ප්‍රතිශතය ආසන්නම පූර්ණ සංඛ්‍යාවට දක්වා තියේ.)

වගුව 3: ලංකාවේ සිංහල හා අනෙකුත් සියළු ජනවර්ග ප්‍රතිශතයක් සේ (1911 සිට 2011 දක්වා)

සංගණන වර්ෂය
සිංහල (ප්‍රතිශතය)
අනෙකුත් සියළු (ප්‍රතිශතය)
1911
66
34
1921
67
33
1931
65
35
1945
69
31
1953
69
31
1963
71
29
1971
72
28
1981
74
26
1989
74
26
2001
74
26
2011
75
25

මුලාශ්‍රය: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත මත කතුවරයාගේ ගණනයන්

මේ දත්තයන්හි අඩු ලුහුඬුකම් තිබිය හැකිය. මුලින් කී ලෙස ජනසංගණන කාලාන්තරයන් වෙනස් වීමේ බලපෑම ඊට දැනුණා විය හැකිය. එසේම ඇස්තමේන්තු දත්ත යම් ප්‍රමාණයක් මෙහි ඇතුවා විය හැකිය. එසේ වුවත් සිංහල ජනවර්ගයක් සේ මොනම ආකාරයකින් වත් (අනෙකුත් ජනවර්ගයින්ට සාපේක්ෂව) ඍණ වර්ධනයක් නොපෙන්වන බැව් මෙයින් ඉතා පැහැදිළිව ඔප්පු වේ. පසුගිය සියවසෙක පමණ කාලය තුළ ඉතාම සුළු වශයෙන් වුවද වී ඇත්තේ (අනෙකුත් ජනවර්ගයන්ට සාපේක්ෂව) සිංහල ජනවර්ගයක් සේ නොකඩවා වර්ධනය වීමයි. නැවත කියමි: නොකඩවා වර්ධනය වීමයි.

මේ නිසා මොනම ආකාරයකින්වත් සිංහල ජනවර්ගය වඳවීමේ හෝ සුළුතරයක් වීමේ පෙනෙන අවදානමක් නොපවතී. ඔබ බිය වන්නේ ඒ නිසා නම් අද සිට ඔබට බිය සැක නැතිව නිදා ගත හැකිය.

118 comments:

  1. අදත් හද සසල කරවල යන අනුවේදනීය කතා පුවතක්

    ReplyDelete
  2. ඔහෙටපිස්සුද මාතලන් කතාකරන්න දේවල් නැතුවවාගේ මොනවද මේලියන්නේ ලියමුකො අභීත ගෙඩිරුපියල් තුන්දාස්පන්සීයගානේ අරගන කරකොලයි සාඩිනුත්එක්ක පරිප්පුයි ලොකුඇටහාලුයි කන්න දීලා ආපුඑකාල ගෙනාපු ෆෝක්කිලෝතුනටයි චීකන්කිලෝහතරටයි සොසේජස්කිලෝඑකටයි බිත්තරහතලිහටයි කෙලියහැටි

    ReplyDelete
    Replies
    1. ඇයි ඉන්දික ඇනෝ එන්නෙ? නමින් ඇවිත් කියන්න බයද?

      Delete
    2. ඉන්දික ඇනෝ එන්න තරම් නරියෙක් නෙමේ බං ......
      ඌ නියම සිංහයෙක් මචෝ........

      Delete
    3. ඒ කියන්නෙ අභීතයා සිංහයන්ටත් ඇරපු එකෙක්.. ?

      Delete
    4. මෙය චානුක වත්තේගම ලියූ ලිපියකි!

      Delete
    5. මමත් කියන්න ගිහිල්ල නොකිය හිටිය .... කකා......

      Delete
  3. අපේ සභ්‍යත්වයේ ප්‍රතිමූර්තිය කැඩපතක් සේ පෙනෙන ඡායාරූපයක්!! (එහෙම එකක් නමට හරි තියෙනවනම්.)

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. අනේ බං ඉස්සල්ල ලිපියට උත්තරයක් දීපන් පල් හෑලි කියවන්නේ නැතිව

      Delete
    2. ලිපියට උත්තර දෙන්න බැරි හින්දනෙ බං ලියපු එකාට මඩ ගහන්නෙ. ඒකවත් තේරෙන්න නැද්ද?

      Delete
    3. මෝබි ඩික්September 4, 2014 at 8:40 PM

      මම දන්නවා උඹ කවුද කියල - අර ගෘෘප්වල බොබසට කඩේ යන තර්ඩ් ක්ලාස් ඩයල් එක නේද උඹ ? උඹව කවුද බං ගණන් ගන්නේ - :D :D

      Delete
  5. අනේ මංද, අපේ මිනිස්සුන්ට විසඳගන්නවානම් මේ ඉලක්කම් වලට වඩා කොච්චර ප්‍රශ්න තියෙනවද විසඳගන්න. මේ ලිපිය මෙහෙම ලියපු එක හොඳයි මාතලන් අයියණ්ඩි. හැබැයි මගතොටේ යනකොට පරිස්සමින්.. නානසාර ප්‍රමුඛ බොරු බලු සේනාව අරව මේව කපල දායි.

    ReplyDelete
    Replies
    1. මෙය චානුක වත්තේගම ලියූ ලිපියකි!

      Delete
    2. ඔව්, මාතලන් ඒක දාල තියෙනවා.

      Delete
  6. ලොකු විචාරයකට දැනුමක් නැතත් වටිනා ලිපියක් බව දැනුන නිසා දෙපාරාක් කියෙව්වො.

    ReplyDelete
    Replies
    1. උඹ ඉතිං .....බ්‍රා විශාරද නොවැ මෙන්ඩියෝ ...... හෙක්...හෙක්......දේශපාලන විශාරදයෙක් නූනට .......

      Delete
  7. සිහලුනි පෙලගැසෙව්
    චානුක වත්තේගම ජාති ද්‍රෝහියා පන්නමු
    ජාතිද්‍රෝහී බලුගැත්ත්රයා ට විරුද්ධව පේස් බුක් පොස්ට් සීයක් දමව්.
    ඔබට කොන්දක් තිබේනම් ඒවා ලයික් කර ශෙයා කරව්
    ඔබට අබ සරණයි

    ReplyDelete
  8. තම මතය හුවාදැක්වීම පිණිස පෙන්වන ලද අංක විද්‍යාවක් මිස ප්‍රමාණවත් දත්ත පෙන්වමින් කරන ලද ගුණාත්මක විශ්ලේෂණයක් නොවේ. අනුන්ගේ ගොන්කම් පෙන්වීමට ගොස් තමන්ගේ ගොන්කම පෙන්වන හොඳ උදාහරණයක්. මෙයට පිලිතුරක් පොස්ට් එකකින්ම දිය යුතු වුවත් දැනට ඒ සඳහා කාලවේලා නොමැත. පසුව බලාපොරොත්තුවන්න.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. හොඳට රිදිලා වගේ අපේ දේශප්‍රේමී අයියට...

      Delete
    3. ඔවු මම දේශප්‍රේමියෙක්ක් කියලා ආඩම්බරයෙන් කියනවා ඒ වගේම මම ජාතිවාදියෙක් මම මගේ ජාතියට ආදරය කරන නිසා ඒ වගේම මම අනෙක් ජාති වලට පහර ගසන්නේකුත් නොවේ. තමන්ගේ මතය සනාථ කරන්න බොරු ගණිත තර්ක දාලා ප්‍රෝඩා කරන කොට තරහා යන්නේ නැද්ද. මේ ලිපිය ලියපු පොර කියාන කතාව බොරු කියලා පෙන්වන්න ඕන දත්තත් මේ ලිපියටම ඔහු එකතු කරලා ඒවා ගැන කතා නොකර තම මතය පෙන්වන්න බයිලා ගහනවා.
      ජනග්‍රහණ වරධන වේගය ගැන දත්ත පැහැදිලිව පෙන්වලා ඒ ගැන කතානොකර බයිලා කෙලිනවා

      Delete
    4. බණ්ඩි ගොයියාSeptember 4, 2014 at 10:28 PM

      මචං - ඒ ජනගහන දත්ත ගැනත් ඔහු සඳහන් කරනවා නේද ? 1981 සිට 2011 දක්වා 4.1 මිලියන ගණනකින් වැඩිවූ සිංහල ජනගහනයත් - 1981 ට වඩා අඩු වර්ධන වේගයක් දැනට ඇති මිලියන 0.9 කින් වැඩිවූ මුස්ලිම් ජනගහකත් ගත්තම ඔවුන් සිංහලයන් රිප්ලෙස් කරන්නේ කොහොමද කියන එකයි චානුක මෙතන කියන්නේ

      Delete
    5. සරලවම කියනවා නම් ඉන්න සිංහලයෝ ගණන දෙගුණ වෙන්න අවුරුදු 90 යනවා නම් මුස්ලිම් අය දෙගුණ වෙන්න යන්නේ අවුරුදු 30.(වගුව 1 හි අවසාන පේලිය ඇසුරෙන් ගත් දල අගයකි) ඒ කියන්නේ අවුරුදු 90 යන විට මුස්ලිම් අය 16 ගුණයකින් වැඩිවෙලා තියෙනවා. ඒ කියන්නනේ සිංහල අය දෙගුණ වන විට මුස්ලිම් අය 16 ගුණයක් වෙලා. සබැ ප්‍රමාණය මීට වැඩියි හේතුව දැනට සිංහල අය අතර වැඩි හරියක් ඉන්නේ වැඩිහිටියන් මුස්ලිම් අය අතර වැඩි පුර ඉන්නේ පොඩි අය

      Delete
    6. එක්කෝ ඔයා ලිපිය කියවලා නැහැ. නැත්නම් ඔයාට සරල සිංහල තේරුම් ගැනීමේ අපහසුවක් තියෙනවා. දැන් ඔය මෝඩ තර්කයම නේද ඉහත ලිපියේ බිඳ දමලා තියෙන්නේ? තේරුම් ගන්න අමාරුයි වගේ නේද?

      Delete
    7. @AnonymousSeptember 4, 2014 at 11:17 PM
      ඔබ කියපු කතාව ඔබටම ගැලපෙනවා. ඔබට සරල සිංහල සහ මුලික ගණිතය තේරෙන්නවා නම් තේරේවි මේ ලිපියේ "සිංහලයා සුළුතරයක් විය හැකිය කීම " බොරුවක් බව පෙන්වන්න ගොතපු කරුණුම තර්කානුකුල නොවන බව.මෙම ලිපියේ කියුවට සිංහලයා සුළුතරයක් විය හැකිය යන කතාව බොරු බව එය නිසි පරිදි පෙන්වා නැහැ. ඔය අනොට මම ඉහල කමෙන්ට් එකේ තියන සරල ගණිතයවත් තේරෙන්නේ නැති එක ගැන දුකයි. (මා අතින් වැරදී එහි සඳහන් වුන කරුණක් වත් ඔබට නොපෙනීමෙන් ඔබේ නොදන්නා කම සනාථ වේ)

      Delete
    8. පාට කණ්ණාඩිය අයින් කරලා වගුව 3 බලන්න. එකේ තියෙන්නෙ සිංහලයන් සුළුතරයක් වෙන්නෙ නැහැයි කියන දත්ත නේද? ඔයාට ඒක පේන්නෙ නැත්නම් ඒක ලිපියෙ නෙවෙයි ඔයාගෙ කණ්ණාඩියෙ වරද. ඒක නම් හදන්න බැහැ. දුකයි.

      Delete
    9. උඩින් පෙනෙන දේ නොවෙයි වන්නේ දැන් ඔය ඇනෝ තව අවුරුදු 20-30 ගියාම බලන්නකෝ 3 වගුවට වෙන දේ. අල්ලාහු අක්බර් කියන්න තමයි උබේ මුණුපුරාලටත් වන්නේ.

      Delete
  9. සෑහෙන කාලෙකින් බ්ලොග් කියවන්නෙ. :)

    ReplyDelete
  10. මට නං තිත්ත වෙලා බං..

    ReplyDelete
    Replies
    1. Same here D & K

      ඔය මොකා අනාගතයේ සුලු/බහු තරය වුනත්, දැනටම රටේ භූමි ප්‍රමාණයට හා සම්පත්වලට වඩා ජනගහණය ඉන්නව

      Delete
    2. ම්ම්ම්.... නේද PJ .....
      අපි සතුටු වෙන්න ඕන එක අතකින්.......
      ලෝකෙ වැඩිම ගණන් අතුරු පස විකුණන රට .....කියල.....

      Delete
    3. එක නියම සින් එක කෙන්ජයියා.අයිස්ක්‍රිම් ටිකක් කප් එකකට දාල එක උඩින් කොට් ගානක් වටින මැනිකක් තියල කියන්න පුලුවන් ලොකෙ වැඩිම මිල අතුරුපස කියල.කොග්ගල පැත්තෙ කොරා නේ ඔක.

      Delete
    4. දමිය ...මට ඔය විස්තරෙ එව්වෙ අපෙ බොක්ක PJ ....

      Delete
  11. මෙතනදී සිංහල ජාතිය සුලුතරයක් වෙනවද කියන එන ඇත්තද බොරුද කියන එක වැදගත් නෑ අපි එහෙම හිතාගෙන කටයුතු කලයුතුයි එතකොට පාඩුවක් වෙන්නෙ නෑ
    බුදු හාමුදුරුවොත් ඔහොම දෙයක් කියලා තියෙනවා
    පවු කල අය අපායේ යනවද කියලා ඇහුවාම එතුමා කියලා තියෙන්නේ අපාය කියලා එකක් තිබුනත් නැතත් පවින් වැලකෙන්න කියලා
    අනිත් එක තමයි සිංහලයෝ කියන්නේ මොක්කුද කියන එක
    සිංහල කියන්නේ ශ්‍රී ලාංකික කියන එකමයි
    දෙමල වාර්ගිකයාටත් සිංහලයෙක් වෙන්න පුලුවන් ඉස්සර එහෙම වුනා කරාව දුරාව සලාගම කුල හැදුනේ සිංහල (ශ්‍රී ලාංකික වුන) දෙමල හා මලයාලි ජන වර්ග වලින්. දෙමල දේශපාලඥයන්ගේ සිංහල විරෝධයටත් හේතුව මේකයි වර්ග වාදය අවුළුවා තිබුනේ නැත්නම් පරම්පරවක් දෙකක් ඇතුලත දෙමල වාර්ගිකයෝ බහුතරය සිංහල වෙනවා
    ඒ වගේම මම ලන්සි කියන කෘතිමව බෝ කල ජන කොටස සලකන්නෙත් මේ වනවිට සිංහල ජාතියට එක්වූ පිරිසක් හැටියටයි ඒ වගේම වාරියපොල සෙල්වාත් සිංහලයෙක්
    ඒ වගේම එළාර රජ්ජුරුවොත් මම විශ්වාස කකරන හැටියට සිංහල රජ කෙනෙක් එකම වැරැද්ද ඔහු අබෞද්ධයෙක් වීමයි යම් හෙයකින් එලාර පාලනය දිගටම තිබුනනම් අබෞද්ධ සිංහල ජාතියක් හැදෙයි
    මුස්ලිම් අය ගැන කියන්න තියෙන්නේ එයාලට කවදාවත් ශ්‍රී ලාංකිකයෝ වෙන්න බෑ එහෙම වෙන්නනම් ඔවුන් එක්කෝ ආගම අතහැරිය යුතුයි නැතිනම් බෝරා වරු වගේ වෙනම මුස්ලිම් නිකායක් ගොඩනගා ගත යුතුයි අපි මුස්ලිම් අය සමඟ ගැටුම් ඇතිකර නොගත යුතුයි වගේම ඔවුන්ට වාසිවන කිසිවක් නොකල යුතුයි.
    මුස්ලිම් වගේම කතෝලික අ‍ාගමත් ජාතිකත්වයට විරුද්ධ ආගමක්

    ReplyDelete
    Replies
    1. බණ්ඩි ගොයියාSeptember 4, 2014 at 9:40 PM

      ඔය සිංහල බෞද්ධ ජාතිකත්වය කියන විහිළුය තමා රටට තියන ලොකුම හෙනේ - ඕක නැතිකරන්න ඕන ඉස්සල්ලම

      Delete
    2. //අපි මුස්ලිම් අය සමඟ ගැටුම් ඇතිකර නොගත යුතුයි වගේම ඔවුන්ට වාසිවන කිසිවක් නොකල යුතුයි//
      එකෙන්ම එකඟයි.

      Delete
    3. ++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. @බණ්ඩි ගොයියා ඕක කොහොමද බන් රටට තියෙන ලොකුම හේනේ වෙන්නේ. එක වෙන විදිය සාධක සහිතව පෙන්නපන් නැත්තන් කියපු දේ ආපසු ගනින්.

      Delete
    5. බණ්ඩි ගොයියාSeptember 4, 2014 at 10:25 PM

      සිංහල බෞද්ධ ජාතිකත්වය කියන දේ නිසා ශ්‍රී ලාංකික ජාතියක් හදන්න ලැබෙන්නේ නැහැ - ඒක සිංහල බෞද්ධ කොඳ නාරටියක් සහිත ශ්‍රී ලාංකික ජාතිකත්වයක් බවට පරිණාමය විය යුතුයි - නැත්නම් වෙන්නේ හැමදාම ගහන බෙරේම ගහන්නයි

      Delete
    6. @ jagath pathiranaSeptember 4, 2014 at 9:38 PM

      බොහොම හොඳ අදහස් දැක්වීමක්. මමත් එකඟ වෙනවා.

      Delete
    7. සිංහල ජාතිකත්වය මෑතකදී ඉස්මතුවුයේ දෙමල ජාතිකත්වයේ සහ ඉස්ලාම් ජාතිකත්වයේ ව්‍යාප්තිය නිසා උදාහරණ ලෙස ගත්තොත් ජාතීන් නියෝජනය කරන පක්ෂ පවා මුලින් ඇතිකළේ ඔය කියන ජාතීන්. එයට ප්‍රතිචාරයක් ලෙසයි සිංහල ජාතිකත්වය ඉස්මතුවුයේ හෙළ උරුමය වැනි පක්ෂ ආවේ. ශ්‍රී ලාංකික ජාතිකත්වයක් බවට පරිණාමය වෙන්න තියෙන බාදාව සිංහල ජාතිකත්වය නොවේ සුළුජාතීන්ගේ ජාතිකත්වයයි. ශ්‍රී ලාංකික ජාතිකත්වයයක් ඇතිවූ විට සිදුවන්නේ ප්‍රධාන සිංහල ජාතිය තුලට අන් ජාතීන් අවශෝෂණය වී අවසානයේ ශ්‍රී ලාංකික ජාතිකත්වය ලෙස සිංහල ජාතිකත්ව මතුවීමයි මෙය තේරුම් ගත් සුළුජාතීන් ශ්‍රී ලාංකික ජාතිකත්වය ඇතිවීම වැලක්වීමට තම ජාතිකත්වය වර්ධනය කරගන්නා ලදී. අවසානයේ සිංහල ජාතිකත්වයේ පිබිදීමට හේතුවද එය විය. ලොකුම හේනේ වුයේ වන්නේ සිංහල ජාතිකත්වය නොවේ

      Delete
    8. ලංකාවට තියෙන ලොකුම හේනෙ සිංහල ජාතිකත්වය නොවේ. එහෙම ඉලව්වක් තියෙනව කියලා හිතාගෙන තමන්ගේ කාලය නාස්ති කරමින් ඒ වෙනුවෙන් රෙදි ගලවාගෙන කඩේ යන කී බෝඩ් වීරයෝය. ඔය මඟුල අතඇරලා දාලා රස්සාවක් කරගෙන කසාදයක් බැඳලා හිටින් බං.

      Delete
    9. @jagath pathiranaSeptember 4, 2014 at 9:38 PM,

      හරියට හරි. හිට්ලර් කිව්වෙත් ඔයිට සමාන කතාවක්. එයාට කරන්න ඕනැ වුණෙත් ඒකමයි. උඹලාගෙ පරම හතුරා මුස්ලිම් මනුස්සායා වෙනව වගේම හිට්ලර්ගෙ පරම හතුරා වුනේ යුදෙව්වා. හැබැයි එයාට නම් ඕක කරන්න බැරිවුණා.

      Delete
  12. Mokata hena gahala giyath mata kamak naha mage thuna rakenawanam.
    Eka thama sinhalayage dharshnaya

    ReplyDelete
  13. MAATHALAN,

    have you got the permission to add that wedding photo on your blog post. it's not ethical neda? :)

    ReplyDelete
    Replies
    1. I agree - I too think this photo should be removed

      Delete
  14. දැන් මේ බොග දමන්නේ මාතලන්ද මාතලන් වගේ ඉන්න කකාද. මොකෑ කිව්වොත් මාතයාට මෙහෙම දේවල් කම්පනාවට එන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් අළුත් තියරියක්!

      Delete
  15. හාමුදුරුවරු කියන්නේ දරුවන් දෙතුන් දෙනෙක් නෙවෙයි හත් අට දෙනෙක් හදපල්ලා. එකෙක් සෑසනේට තව එකෙක් ආරක්ෂක අංශයකට, දීපල්ලා කියලා.

    අපි ගණනය කිරීමක් කරලා බලන්න ඕනෙ යම්කිසි විදිහකින් ඔය සුළුජන කොටස් අපිව ඉක්මවා යන්නේ මේ ආත්මයේදීද ලබන ආත්මයේදීද කියලා.

    අපි ක්‍රමයෙන් ජාත්‍යන්තරකරණය හෙවත් ගෝලීයකරණය වීම වලක්වන්න මොන ජගතාටවත් බැහැනේ. එදාට ඔය ජනවර්ග ඔක්කොම එක තලයකට එනවා. හැබැයි මුස්ලිම්වරු සමස්ත ලෝකයේම ඉන්න අනෙකුත් ආගම් වල අයට තර්ජනයක් වෙනවා නාගතයෙදී.

    ReplyDelete
    Replies
    1. විචාරක අංකල්, අර විශ්‍රාමික හමුදා භටයෙක් ගිනිතියාගෙන කිව්වාම මං හිතුවෙ ඒ ඔයා කියලා. ඔයාටත බැරිද ඒ වගේ දේශප්‍රේමී කටයුත්තක යෙදෙන්න? අපි ෆුල් සපෝට්. පෙට්‍රල් ගැලුම් කීයක්ද ඕනැ?

      Delete
    2. විහිළුවටවත් තිරිසන් කතා කියන්න එපා මචං,විචාරක කියන්නේ දීගදෙන වයසේ දුවලා දෙන්නෙක්ගේ තාත්තෙක්,පුලුවන්නම් පැට්‍රල් වෙනුවට කේක් එකක් අරන් ගෙදර පැත්තේ ගිහින් දැන හඳුනා ගන්න බලපං

      Delete
    3. අනේ මචෝ, ඔය වගේ මාමණ්ඩියෙක් හම්බවෙනවට වැඩිය හොඳයි වහ කාලා මැරෙනවා. හනිමූන් එක දවසෙත් දොර ළඟ මුරට ඉඳීවි තුවක්කුවකුත් අරගෙන. අනේ, මට නං එපා. මේ තනිකඩ ජීවිතේ හොඳයි.

      Delete
    4. good ඇනොල ..... උම්මා....

      Delete
    5. good කෙන්ජි ..... උම්මා....

      Delete
    6. විචා අංකල්ට දැන්නං කස්ටිය ඇලුං කරනවා වගේ හොදටම.. අඩේ මේ මට උඩ තට්ටුවේ කාමරයක් දෙනවා කියල දැං හුගක් කල් හරිය..

      Delete
    7. පලයව් යන්න මමයි ඉස්සෙල්ලම බෑණා පොස්ට් එකට ඇප්ලයි කලේ ..නැද්ද විචාරක මාමේ

      Delete
    8. අඩෝ ඉවාන්..... තෝ බැදල නේද..... හිටගෙන........
      මං වගෙ වෙන්න යනවද උඹත්.....
      කාපං ......හෙක්......හෙක්......... වෙඩි......

      Delete
    9. @ AnonymousSeptember 5, 2014 at 12:05 AM

      අනේ නරියෝ කන්න බැරි මිදී තිත්තයි කියන තොපි වගේ නරි එදත් හිටියා. තොපි වගේ නරියන්ට ගෑණු දෙන්නේ නරි විතරයි. මම මේ ටික ලිව්වේ විචාරක වෙනුවෙන්

      Delete
  16. ලංකාවේ නිර් ආගමිකයෝ නොදන්නව වුනාට යුරෝපයේ නිර් ආගමික භාවයට වැඩිම සහයෝගය දුන්නේ ඒ රටවල ජාතික වාදියෝ මොකද කතෝලික ආගම ජාතිකත්වයන්ට එරෙහි වීම නිසා
    ඕකෙ ලස්සනම වැඩේ ඉතාලි ජාතික වාදියෝ පාප් වහන්සේව නිවාස අඩස්සියේ තැබුවා අවුරුදු 20
    මම ඥානාර්ථ ප්‍රදීපය සඟරාවේ කියවලා තියෙනවා කතෝලිකයන්ට වැඩිම හිරිහැර වෙන රටවල් හැටියට චීනය හා උතුරු කොරියාව වාර්තා වෙනවා කියලා
    ඒ රටවල කතෝලිකයො ඉල්ලං කනවා වෙන්න පුලුවන්

    ReplyDelete
  17. ආගම් තමයි මේ ලෝකේ ප්‍රශ්න වලින් 90% කට වඩා හේතුව.

    ReplyDelete
  18. මේ ඊයෙ පෙරෙයිදා උත්සවාකාරයෙන් ආරම්භ උනු ඉන්දියාව සහ දකුනු ආසියාවේ අල් ක්වයිඩා කන්ඩායමේ ප්‍රචාරක ලේකම් විසින් ලියනා ලද ලිපියක් ද?

    ReplyDelete
    Replies
    1. මොකො බං ඒම ඉතුනෙ ..... හෙක් ...හෙක්..... එහෙම බරකුත් තියෙනව වගෙ ....
      අර බරට වඩා,,,,,,,,,

      Delete
  19. වැරදි අදහස් තුනක් පෙන්වාදීමට අවසර දෙන්න.
    1. මහා කළු සිංහලයා කියනවා එයා ජාතිවාදියෙක්ලු. එහෙම වෙන්නෙ තමන්ගෙ ජාතියට ආදරය කරන නිසාලු.
    සංක්ෂිප්තව කියනවානම්, ජාතිවාදියා කියන්නෙ යම් පුද්ගලයකු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී එම පුද්ගලයාගේ ජාතිය සැළකිල්ලට ගන්නා අයකුටයි. මෙහෙම කිව්වහම “මං සුද්දෙකුට ඉංගිරිසියෙන් කතා කරන එක ජාතිවාදී වීමක්ද“ වගේ තර්ක ඉදිරිපත් කරන්න එපා. එහෙම නෙවෙයි මෙන්න මේ වගේ උදාහරණ ගැන මං කතා කරන්නෙ.
    කාර්යාලයකදී, අරූ දෙමළ පොරක්නෙ, ඌට මොකටද අළුත් මේසයක් දෙන්නෙ? වගේ තීරණයක් ගැනීම. එහෙම නැත්නම් ගමේ මරණාධාර සමිතියේ සභාපති වෙන්න පුළුවන් සිංහල එකෙකුට විතරයි වගේ අදහස්. බරපතල විදිහට කියනවනම්, මේ රටේ වැඩිපුර ඉන්නෙ සිංහල මිනිස්සු නිසා දෙමළ හෝ මුස්ලිම්, බර්ගර් ආදී මිනිස්සු යටහත් පහත් විදිහට ජීවත් වෙන්න ඕනැ කියල හිතන එක ජාතිවාදියි. තමන්ගෙ ජාතිය තමයි උසස්ම ජාතිය කියල හිතන එක ජාතිවාදය කියනවට වඩා ජාත්‍යෝන්මාදය කියන එකයි නිවැරදි.
    2. ඇනෝවෙක් හිතාගෙන ඉන්නෙ ලෝවැඩ සඟරාව බුදුහාමුදුරුවො ලියපු එකක් කියල.
    3. සිංහල ජාතික දේශපාලන පක්ෂ ඇති වුනේ දෙමළ හා මුස්ලිම් ජාතික පක්ෂ ඇති වූ පසුව ඊට ප්‍රතිචර දැක්වීමක් විදිහට කියල කියන එකත් බරපතක විකෘති කිරීමක්.
    දෙමළ ජාතිවාදී දේශපාලන ව්‍යාපාරය ඉස්මතු වෙන්නෙ 1956දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව වීම නිසායි.

    අතුරු ප්‍රශ්නය: තව අවුරුදු අනූවකින් පස්සෙ මිනිස්සු හිටගෙන ඉන්නෙ තනි කකුලෙන්ද?

    ReplyDelete
    Replies
    1. //අතුරු ප්‍රශ්නය: තව අවුරුදු අනූවකින් පස්සෙ මිනිස්සු හිටගෙන ඉන්නෙ තනි කකුලෙන්ද?//

      මැද කකුලෙන්..

      Delete
    2. තම්බ්ස් අප් හෙනහුරෝ

      Delete
    3. එතකොට බොහෝ සුදුස්සන් කපා දමා, තමාට පසුව තම පුතාට තමන්ගේම ආසනයෙන් දේසපාලනයට එන්නට පාර කපනා දේසපාලුවා ට කියන්නේ "තාත්තාවාදියා" කියලාද?

      Delete
    4. හෙක්.....හෙක්....උන්ට මැද කකුල ඉතිරි නැහැ ඒ කාලෙ වෙද්දි .....
      සතාගෙ පෙත්තත් ......ගන්නෙ අඩු ගානට (100ml) පාර්ලිමන්ට් ෆාර්මසියෙන් ....

      අද තියෙන්නෙ "තාත්තවාදියා" & "පුරුෂවාදියා" දේශපාලනයක් නෙ බං ......
      "පුරුෂවාදී" දේශපාලනයෙන් ඇවිල්ල .....හෙක්....හෙක්....ලෝකෙ ප්‍රථම කෙනා වෙලා .... "පොල්ල" දාල බඩ පොත්තට කෙලිය කියල අහල තියෙනව ජනතාවට.... ආච්චි කෙනෙක්....

      Delete
    5. @හෙනහුරා
      1) ජාති වාදී කියන එකේ නියම තේරුම දැන් තමයි දන්නේ
      3) //දෙමළ ජාතිවාදී දේශපාලන ව්‍යාපාරය ඉස්මතු වෙන්නෙ 1956දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව වීම නිසායි.// එයට කලිනුත් තිබුනා 1956 පෙනෙන ලෙස වර්ධනය උනා නමුත් නිදහස ලබෙන්න්න පෙර දෙමළ නායකයන් බලාපොරොත්තු උනේ රාජ්‍ය නායකත්වය තමන් අතේ තියාගන්න. සර්වජන චන්ද බලය නිසා එය සිහිනයක් උනා එක නිසා තමයි ඔවුන් පස්සෙදී ඊලමක් පස්සේ යන්න ගත්තේ.

      Delete
  20. Replies
    1. එහෙමත් මහන්සියක් නැහැ වගෙ අනී ......ඔය ඉලක්කං ...බටොන් එබුවම එනවනෙ .....
      ඔයා පෝදා දහම් සිතිවිලිවත් ලියන්නකො .....පුල් moon day එකට.....
      වැලිසර කෑම්ප් නේද...... නිදහස තියෙන වනේ.....

      Delete
    2. කෙන්ජි@ දෙකක් දාගෙන වගෙයි.......

      Delete
  21. සිංහලයා වඳවී යනවා කියන කතාව පිළිගන්න අමාරුයි. බොදු බල සේනා කියන කතා පිලි ගන්නත් අමාරුයි. නමුත් මෙහෙම දෙයක් නම් තිබෙනවා. මුලදී යුරෝපිය රටවල් වල හිටියේ මුස්ලිම් වරු සුළු ප්‍රමාණයක්. (ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය, ඕලන්දය, බෙල්ජියම වගේ ) ඔවුන් ඒ ඒ රටවල් නීති වලට අනුකුලව, හලාල් නැතුව , නිජාබ නැතුව secular හා moderate විධිහට සමාජයට අනුගත වෙලා හිටිය. ඊට පස්සේ මේ ප්‍රමාණය වැඩි වුනා. සංක්‍රමණිකයන් නිසාත් ඔවුන් උපත් පාලනය නොකරන නිසාත්. මේකෙත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ප්‍රමාණය වැඩි වෙන කොට ඔවුන් ඉල්ලන්නන ගත්ත හලාල් ඕනේ, හමුදාවට ගන්නවනම් හලාල් ඕනේ, දේවස්ථාන ඕනේ . එත් ප්‍රශ්නයක් නැහැ. මුලින් දක්ෂිනන්ශිකයන් විරුද්ධ වුනත් වාමාංශික අය මුස්ලිම් අයට සහයෝගය දුන්න සුළුතරය නිසා. පහුගිය අවුරුදු දහය ඇතුලත මේ අය තවත් වැඩි වුන. මුලිම් දේවස්ථාන වල උදේ යාඥා දැම්මා ලොකු සද්දෙට. බ්‍රසල්ස් වල එහෙම සමහර වැසියෝ යන්න ගියා. ඒත් වමට බර අය කීව අපි නිහඬතාවයට කැමති වුනත් ආගමික නිදහස දෙමු කියල.
    දැන් මුස්ලිම් අය ඊටත් වැඩියි. ඊශ්‍රායලය එහෙම අසරණ පලස්තිනුන්ට ගහන කොට අපි පෙළපාලි යනවා. මුස්ලිම් අයත් එකතුයි. ඒත් මුස් ලිම් රටවල් මානව නිදහස අහිමි කරන කොට ඒ අය නිහඬයි.
    ඒ රටවල ස්ත්‍රී දුෂණයක් වුනොත් ඒක ගෑනිගේ වැරැද්ද.
    නමුත් බටහිර රටවල මේවා ඉවසුව. දැන් ලන්ඩනයේ , බෙල්ගියමේ ප්‍රන්ශයේ සමහර තැන්වල මුස්ලිම් ජනගහනය හුඟක් වැඩියි. ඒ තැන්වල අපේ ගෑනුන්ට සාමාන්‍ය ඇඳුමක් වත් ඇඳන් යන්න බැහැ. අපේ අල්ලපු ටවුමේ මුස්ලිම් තරුණයෝ බියර් බීපු කීප දෙනෙකුට ගහල තිබුණා . පෝස්ටර් ගහනවා. බොන්න එපා කොටට ඇඳන් යන්න එපා මේවා මුස්ලිම් ඒරියා කියලා . අපි සුළුතරය වෙනුවෙන් කතා කරමු. ඒත් ප්‍රතිගාමීත්වය පරාජය කරමු. දක්ෂිණාංශික ආගම්වාදීන් මොන ආගමේ වුනත් පරාජය කරමු සුළුතරය වුනත්.
    මාතලන් මේක කියෙව්වද දන්නේ නැහැ.
    http://kolambagamaya.blogspot.co.uk/2014/06/blog-post_24.html

    ReplyDelete
    Replies
    1. පවු මෙයා....

      මොකට පරාජය කරනවද...... තමන්ගෙ බිරිඳ , සහ ගෑනු ලමයින්ට හිජබ් අන්දන එකනේ තියෙන්නේ.....

      Delete
  22. මාත් වැඩ පටං ගන්ඩෝනැ :D එහෙම සුළු ජාතිය උනහැකියෑ … චැහ්

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ..

      Delete
  23. මට මතක විදියට සිංහල ජාතිය අනාගතයේ දී සුළු ජාතියක් වෙනවාය කියන ගොං තකතීරු කතාව ලංකාවේ සිංහල මුස්ලිම් ජාතිවාදයක් ඇවිලවීම සඳහා මුලින්ම ඉදිරිපත් කෙරුවේ ගංගොඩවිල සෝම යි.

    ඊට කලින් ඔය කතාව කියපු කෙනෙක් මට මතක නැහැ.

    ඒ තර්කය ගෙනාවේ ඔහු නම්, ඒක කොප්පේ ගැහැව්වේ කොහෙන්ද කියන එක මට හිතා ගන්න පුළුවනි. (පස්සේ කියන්නං හොඳේ?)

    ඊලඟට මෑත කාලයේ නානසාරලා ඕක නැවත වේදිකාවට ගෙනවා.

    හැබැයි ඊට කලින් අර "සමනල විප්ලවය" ලියපු "යු නෝ හූ" ලේඛකයා තමන් දෙවෙනියට ලියන්න ගිය "බොදු බල තොට" කියන නවකතාවට පිවිසුමක් ලෙස ලියු ලිපියේ නැවත ඔය වගේ අනාගතයක් ගැන සඳහනක් කළා. එහි ඇති සාවද්‍ය බව ගැණ මං "දෙඤ්ඤං බැටේ!" විචාරක් ලියාගෙන හිටියත් ඒ කියපු "බොදු බල තොට" කතාව කවදාකවත් ලියවුණේ නෑ!

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ඒ සමනල විප්ලවය ලියපු ලේඛකයා මාර පොරක්නේ කතා...

      Delete
    3. ane ponna kaka ube ammata hemaniyan

      Delete
  24. // ලංකාවේ සිංහල මුස්ලිම් ජාතිවාදයක් ඇවිලවීම සඳහා //


    මෙන්න ලන්ඩන් වල සිංහල මුස්ලිම් ජාතිවාදයක් අවුස්සන්න යනෝ....


    // දැන් ලන්ඩනයේ , බෙල්ගියමේ ප්‍රන්ශයේ සමහර තැන්වල මුස්ලිම් ජනගහනය හුඟක් වැඩියි. ඒ තැන්වල අපේ ගෑනුන්ට සාමාන්‍ය ඇඳුමක් වත් ඇඳන් යන්න බැහැ. අපේ අල්ලපු ටවුමේ මුස්ලිම් තරුණයෝ බියර් බීපු කීප දෙනෙකුට ගහල තිබුණා . පෝස්ටර් ගහනවා. බොන්න එපා කොටට ඇඳන් යන්න එපා මේවා මුස්ලිම් ඒරියා කියලා //

    දුක තමා රන්ජනී.......

    ReplyDelete
    Replies
    1. පිස්සුද සරසා , අවුස්සන්න දෙයක් නැහැ. ඉංග්‍රීසි කාරයෝ ඒක හොඳට අවුස්සගෙන ඉන්නේ . අර ISIS එකෙන් මරණ ඒවා දැකල. මම මගේ ඇත්ත නමින් කොමෙන්ට් දන නිසා ෆ්බ් එකට ඇවිත් බලන්න මුස්ලිම් යාලුවෝ කොච්චර ඉන්නවද කියල. මම කතා කරන්නේ ඒගොල්ල වෙනුවෙනුත් තමා . ලංකාවේ සුළුතරයක් අන්තවාදී බෞද්ද සංවිධාන , හොඳ බෞධයන් බහුතරය යටත් කරන් ඉන්නවා වගේ තමා ඒ සෙල්ලමත්. ගිය අවුරුද්දේ මිනිහ ගහන නිසා ඒ මිනිහ දාලා ගිහින් දික්කසාද වුන අපි එක්ක වැඩ කල තුර්කි කෙල්ලෙකුටමිනිහයි උගේ නෑදෑයෝ ටිකයි ඇවිත් ගැහුවා . මරන්න හදන කොට බොහොම අමාරුවෙන් බේරා ගත්තේ.
      ගිය අවුරුද්දේ කුර්දි කෙල්ලෙක්ව ඒ හෙතුටවම ජර්මනිය පාරක මරල දැම්ම. මේවට විරුද්ධව කතා කරන එක ජාතිවාදය නම් ඉතින්......


      දුක තමා රන්ජනී ...........

      Delete
    2. ඔයගෙ ඇත්ත නම Dharma නම් අර Dharma and Greg එකේ Dharma ගේ නෑයෙක් වෙන්න ඇති නේද?

      මට පෙනෙන්නෙ ඔයාට sarcasm කියන tube light එක වගේ....



      සංක්යාලේකන කෙසේ වෙතත් මුස්ලිම් අන්තවාදය මුලු ලෝකෙම ගිල ගන්න උත්සාහ කරනවා කියලයි මම හිතන්නේ...

      මොනවාදියෙක් උනත් මම කිසි දාසක පෙත්සම් ලියලත් නැහැ අත්සන් කරලත් නැහැ... ඒ හින්දා velly සොලි හොඳේ??

      Delete
  25. අනික තම සරසා ළමයෝ මම අදේවවාදියෙක් . (Atheist ). ඔය දන්නවද දන්නේ නැහැ. සෞදි අරාබියේ නීතියක් පාස් කරලා හැම අදේවවාදියෙක්ම ත්‍රස්තවාදියෙක් කියල. මෙන්න පෙත්සම විරුද්ධව අත්සන් කරන්න.
    http://salsa4.salsalabs.com/o/50973/p/dia/action3/common/public/?action_KEY=10730

    http://www.atheistalliance.org/

    ReplyDelete
  26. මේක ලියපු ගොන් තඩියා සහ ඌට සහයට කතා කරන උන් තේරුම් ගනිල්ලා මුස්ලිම් වෙන්නේ උපතින් විතරක් නෙවෙයි එක ,උන් උන්ගේ ආගමට හරවගන්න ඒවා මේකේ තියෙන සංඛ්‍යාලේඛන වල සඳහන් වෙයිද? අනාගතයේ ඔවුන්ගේ ආගමට හැරවීම් වැඩි වෙනවා,මොකද බෞද්ධ කියලා තමන්ටම කියාගන්න එවුන් බුද්ධාගම ගැනවත් හරියට දන්නේ නැති නිසා -විශේෂයෙන් ගැහැණු එහෙම -මුස්ලිම් කරගන්න ලේසියි.එන්න එන්න බෞද්ධ කියන ප්‍රමාණය අඩු වෙනවා,දැනට ඉන්න වැඩි සෙට් එක සර්වාගමික ඉතිරි සිංහල පිරිස අදේවවාදී /නිරාගමික මේ රටේ බෞද්ධ පිරිස 5% වත් නැතිව ඇති.තමන් සිංහල කියන එකත් කියන්න දැන් ඉන්න උන් කැමති නැහැනේ උන් ශ්‍රී ලංකික. දැනට පාරකට එහෙම බැහැල පොඩ්ඩක් ඇස් ඇරලා එහෙම බැලුවනම් ළමයි රොත්ත කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්.මුස්ලිම් කෙල්ලෝ අඩු වයසින් බදින්නේ,අඩුම තරමේ තුනක් වත් ළමයි හදනවා.තව මුස්ලිම් බහු විවාහ ප්‍රමාණය දැන් වැඩි වේගෙන යන්නේ.ඒකට සිංහල එවුන් බඳින්නේ වයස කීයේද? ළමයි කීදෙනෙක් හදනවාද?ඔය මහින්ද රාජපක්ෂයා අයවැයේ කිවේ එකසැරයක් ආරක්ෂක අංශ වල ඉන්න ඇයගේ තුන්වෙනි ළමයට ලොකු ගානක් ආණ්ඩුවෙන් දෙනවා කියලා,මුන් ඕවා කියන්නේ නිකන්ද -කීදෙනෙකුට තුන්වෙනි ළමයා ඉන්නවා ද -මුන් හොඳට සංඛ්‍යානය පාවිච්චි කරලා තමා ඕවා කියන්නේ.අනික ආරක්ෂක අංශ වල ඉන්නේ අති බහුතරය සිංහල නේද? බලපල්ලා පාරවල් දිගේ ටවුන් වල තත්වය කොහොමද කියලා එතකොට තේරෙයි කාටද රටේ ආර්ථික බලය තියෙන්නේ කියලා,එතකොට ළමයි හදලා නඩත්තු කරන්න මෝඩ කම්මැලි සිංහලයන්ට පුළුවන් වෙයිද කියන එකත් හිතපල්ලා.

    ReplyDelete
  27. චානුක කියන එකා හිතන් ඉන්නෙ ඌ තරම් දන්න එකෙක් නෑ කියල. ඒත් ඌට ගනන් බෑ කියල දැනගත්තෙ අදයි.

    ජනගහනය අනුව කවුරු බහුතරය වෙනවද කියල තීරණය වෙන්නෙ ජනගහන වර්ධන වේගයෙන්. නැතුව එක් එක් ජනවර්ගය වැඩිවූ සඛ්යාවෙන් නෙවෙයි.

    වගුව 1 සලකමු.

    වසර 20ක් තුළ සිංහල ජනගහන වර්ධන වේගය = (0.93/73.95)x100 = 1.26%

    වසර 20ක් තුළ මුස්ලිම් ජනගහන වර්ධන වේගය = (2.18/7.05)x100 = 30.92%

    මේ ගණනය කිරීම සමහරුන්ට තේරුම් ගන්න අමාරු ඇති.
    අපි මෙහෙම හිතමු. අවුරුදු 20කට කලින් ලන්කාවෙ මුළු ජනගහනය 100ය් කියල. ඒකෙන් 74 දෙනෙක් (73.95ක්) සිංහල, 7දෙනෙක් (7.05ක්) මුස්ලිම්.
    අවුරුදු 20කට පස්සෙ ඉන්න ජනගහනයත් 100ක් නම් ඒකෙන් 75ක් (74.88ක්) සින්හල, 9ක් (9.23ක්) මුස්ලිම්.
    දැන් වර්ග දෙකේම වැඩිවූ ප්‍රතිශතය = (වැඩිවූ සංඛ්යාව/මුල් සන්ඛ්යාව)x100%
    ඕක තමයි මන් හදල තියෙන්නෙ. මේකෙන් පැහැදිලිවම පේනව සිංහල වගේ 30 ගුණයක් වේගයෙන් මුස්ලිම් ගහණය වර්ධනය වූ බව!

    ReplyDelete
  28. කතන්දර කාරයාගේ දුවලා ඉන්නවද? අරාබියට යවලා හම්බයෙක්ට කියලා ඇරලා ඊටපස්සෙ ඒකිට ගල් ගහලා මරලා දාන්න? ගෑනි උනත් අවුලක් නැ. මාතලං උබෙත් ඉන්නව නං කියපං

    ReplyDelete
    Replies
    1. niyama kathawa ano macho me mal ponnayanta keri thambi dena gema therenna ehema deyak wath karanna one

      Delete
  29. ගණිතය අනුව මේක අද හෙට නොවෙන බවට ඔප්පු අරන්න පුලුවන් වගේ පිටින් පේනව. ඒත් අපිපොඩ්ඩක් වෙනස් විදියට හිතල බලමු.

    71 උන්නු මුස්ලිම් ජනගහනය තවත් අවුරුදු හතලිහලදි සීයට 125 වැඩි වෙලා. ඒත් ඒ වෙනකොට සිංහල ජනගහනය වැඩි වෙලා තියෙන්නෙ සීයට හැට හයකින් විතරයි.

    දැන් ඕක ප්‍රමාණය විදියට ගත්තම

    සිංහල - මිලියන් 9.1 සිට 15.1 වෙත්දි මුස්ලිම් ලක්ෂ අටේ ඉඳන් ලක්ෂ දහ අටක් වෙලා.

    ඔය සියට හැට හයේ සූත්‍රය අපි ඊළඟ අවුරුදු හතලිහටත් දමු. එතකොට අද මිලියන පහළොවෙ සිංහලයො 2051 දි මිලියන 25.188 වෙනකොට මුස්ලිම් වෙන්නෙ මිලියන 1.8 ඉඳල මිලියන 4.2 විතරයි. ගාණ නරක නෑ. භය වෙන්න කිසිම හේතුවකුත් නෑ.

    තව අවුරුදු හතලිහකදි ඒ කියන්නෙ, දෙදාස් අනූ එකේදි? අපි හිතමු ඔන්න අර වැඩිවෙන ප්‍රතිශතය තාම නියතයි කියල. එතකොට වෙන්නෙ සිංහල මිලියන 25.18 ඉඳල 41.81 වැඩි වෙන එක. මුස්ලිම් එතකොට මිලියන 4.2 ඉඳල 9.4 විතරයි වැඩි වෙන්නෙ. ඒ කියන්නෙ, ඊළ්ඟ අවුරුදු සීයෙදි මේ යන රේට් එකට ගියොත් සිංහල මහ ජාතිය මාර ලීඩ් එහෙකින්.

    ඕකෙ තව පැත්තක් තීනව.

    දැං ඔය වර්ථා අනුව 71දි මුසිලිම් වගේ 11 ගුණයක් සිංහල හිටියලු! ඒක අවුරුදු හතළිහකින් බලත්දි මුස්ලිම් වගේ 8 ගුණයක් වෙනකල් අඩුවෙලාලු. ඉතින් තව හතලිහකින් ඔය යන විදියට ගියොත් මේක 5 දශම ගානට බහිනව. අවුරුදු අසූවකදි මෙක 4 ගුණයට බහිනව. ඒ කියන්නෙ සෑම සිංහල හතරක් අතරෙ එක මුස්ලිම් එකෙක්.

    අන්න තත්වෙ ටිකක් බරපතලයි වගේ!!

    එතකොට ඊළඟ සියවසේදි, ඒ කියන්නෙ තවත් 40කට පස්සෙ!! ඒක ඕගොල්ලොම හදල බලන්න.

    අනික් පැත්තෙන්, මුස්ලිම් ජනඝහනය වැඩි වීම විතරක් නෙමෙයි සිංහලයට බල පාන්නෙ. අවුල මුස්ලිම් ව්‍යාප්තවාදය සහ මූළධර්මවදාය.

    දැන් ඔන්න ඔය කිව්ව විදියට ඝහනය වැඩි වෙනවත් එක්කම, මුස්ලිම් ගම්මාන අවට සිංහල ගෑණු සහ දිළිඳු පවුල් මුස්ලිම් වෙන්න හොඳින් හෝ නාකින් පටන් ගන්නව.

    අද වෙනකොට නැගෙන හිර වෙලා තීන්නෙ ඒක. සමන්තුරේ ඉඳල දීඝවාපියට තීනව කෙටි කැලේ මැදින් පාරක්. මෙන්න මේකෙ එනකොට හම්බුවෙනව මුස්ලිම් ගම් කීපයක්. මේ අය මුස්ලිම් උනාට පොඩ්ඩක්වත් අර ටිපිකල් මුස්ලිම් පෙනුම නෑ. කොටිම්ම කල්මුනේ කාර්තිව් වගේ මූද අද්දර මුස්ලිම් ගම්මානවල ඉන්න සහ කොළඹදි අපි දකින මුස්ලිම් මූණු නෙමෙයි මේ ගම් වල ඉන්නෙ. ඒ අය වඩා කිට්ටු සහ කතා නොකලොත් රැවටෙනෙ අම්පාරෙ සිංහල ගැමියො විදියට. හොයල බලත්දි අපිට තේරුනේ ඒ සිංහල ගම් වල මිනිස්සු වැළි ගොඩ දාන්න, ගඩොල් පුච්චන්න ආප් මුස්ලිම් කිහිප දෙනෙක් හරහ ටිකෙන් ටික මුස්ලිම් වෙලා කියල. අද එ ගම්වල තරුණ පරපුරේ උන් සිංහල දන්නෙත් නෑ.

    මේ එක උදාහරණය්ක් විතරයි ව්‍යාප්තවාදය ගැන. පුත්තලමෙත් මේ තත්වෙ තියෙනව.

    ඔයිට අමතරව පකිස්ථානෙන්, ඉන්දියාවෙන් සහ මාලදිවයිනෙන් ඇවිත් මෙහෙ පදිංචිවෙන, බින්න බහින මුස්ලිම් ප්‍රජාව? ඔය යූසුෆ් අලිල, අමලියන්ල එහෙමත් ඒ ආපු අයනෙ.

    ඉතින් ඔය සාධක සේරම දිහා විමසිල්ලෙන් බැලුවම පේනව සිංහල ප්‍රජාවට අනතුරක් ඇති බව, පැහැදිලිවම. ඒත් ඒකට විසඳුම සිංහල ජාතිවාදය අවුස්සගෙන විනාසෙ ඉක්මන් කරගන්න එක නෙමෙයි.

    කරන්න ඕනෙ මොකද්ද කියන එක මම කියල ඒ වටේ ඇර ගන්නවට වඩා, විය යුතු අපි ඒ ගැන නිවැරදි සංවාදයක් ජනතාව අතරෙ ඇති කරන එකයි.

    ජන සංක්‍යා දත්ත.
    http://en.wikipedia.org/wiki/Demographics_of_Sri_Lanka

    ReplyDelete
    Replies
    1. ඉන්දිකගේ කතාවට මමත් එකඟයි. කිසියම් ප්‍රතිශතයක් පැන්නහම මුස්ලිම් සහෝදරවරු මේ ප්‍රතිගාමී ආගම්වාදී ස්ථාවරයක් අරගෙන , ඒ ගොල්ලන්ගේ නිතිය බලෙන් පිහිටුවන බව ගොඩක් රටවලින් පේනවා . අපි බොදු බලේට විරුද්ධ වෙනවා වගේම ඒවටත් විරුද්ධ විය යුතු නැද්ද ?

      Delete
    2. උන් බහුතරය වුන දාට ඒවාට විරුද්ද වුනොත් වෙන්නේ බෙල්ලෙන් හිස වෙන් වෙන එක.

      Delete
  30. අර මාතලන් ගොයියට ගොන් තඩියා කියා අමතපු සම්භාවනීය මහතාට.,
    ඉතිරි සිංහල පිරිස අදේවවාදී /නිරාගමික මේ රටේ බෞද්ධ පිරිස 5% වත් නැතිව ඇති

    මම අදේවවාදියෙක්. බුදු හාමුදුරුවොත් අදේවවාදියෙක්. ඔය මැතිතුමා කරුණාකරලා බුද්ධ දර්ශනය නැවත හදාරා එන්න. මචන්සාර බුදු දහමේ ඕක තිබේද නැද්ද මන් දන්නේ නැහැ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන් සුදු ජාතික දේවගැති සමග කල වාදයේ කතාව වත් අඩු ගානේ කියවල එන්න. මැවුම් කාර දෙවිවරු ගැන බුදු දහමේ තියෙනෙවද? හින්දු දෙවි වරු ගැන තියෙනවද කියල.

    අනික මාතලන් මහතාගේ ලිපි වලට හොඳ සංවාදයක් යනවා. එකට ඒ විධිහා සහභාගී වෙලා තමාගේ මතය ඉදිරිපත් කරන්න. එකට කැමති නම් අපිට එකට සහයෝගය දෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බෞද්ධයෝ අදේවවාදී කියලා මම දන්නවා,ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ අජිත්,මම අදහස් කරේ තමන් atheist කියලා කියාගන්න මේ රටේ ඉන්න උපතින් (එසේ සැබවින් නොවුනත් ව්‍යවහාරයෙන් ) බෞද්ධ වන පිරිස ,අන්න ඔවුන් ගැන හොයලා බලන්න.ඔවුන්ට මාත් කිව්වේ ඔය ඔබ දීලා තියෙන උත්තරේ ම තමා.ඒත් ඒ පඬියෝ හිතන් ඉන්නේ බුද්ධාගමත් අනෙකුත් ආගම් වගේ කියලා,කිසිම දෙයක් හොයා නොබලා කෑගසනවා.පොඩ්ඩක් සමාජයේ ඔය ගැන හොයලා බලන්න ඔබට වැටහේවී.මම ඉතා හොඳින් ඔබ කියන කාරණය ගැන දන්නවා.මොකද බ්‍රහ්මජාල සුත්‍රය මම කියෙවුවා කියනවා නම් ඔබ ඒ ගැන තේරුම් ගනීවි.

      Delete
    2. අනික් දේ අජිත් කෙනෙකු තමන් අදේවවාදී කියූ පලියට ඔහු බෞද්ධයෙක් වෙන්නේ නැහැ.ඔබ ඉන්න රටේම ඉන්නවා නළුවෙක් Hugh Laurie කියලා ඔහු තමන් ව හඳුන්වන්නේ atheist කෙනෙක් කියලා එහෙම නම් ඔබ කියන ආකාරයට //මම අදේවවාදියෙක්. බුදු හාමුදුරුවොත් අදේවවාදියෙක්.//ඔහු අදේවවාදී බැවින් ඔහු බෞද්ධයෙක්ද කියන කාරණාව සත්‍යයක් වෙනවාද ? අන්න ඒ දෙය තමා මම කියලා තියෙන්නේ.මම මේ ලිපිය ලියන චානුක ලා ගේ අරමුණු කුමක්දැයි හේතුකොට ගෙන ආවේගශීලිව ඔහුට ගොන් තඩියා කීම ගැන කණගාටු වෙනවා.නමුත් සත්‍ය නම් බෞද්ධයන් ප්‍රමාණය ඉතා අඩුයි කියන එකයි.ඔබ හොඳ සංවාදයක් යන බැවින් එයට සහභාගී වෙන්න කියන එක සලකා මම මෙහි තව කොමෙන්ටුවක් දැම්මා එයත් මෙහි පළ කරන්නම්

      "ශ්‍රී ලංකාවේ ජන සංගණන දත්ත ලබා ගැනීමේදී විමසන්නේ -ආගම අනුව නම් බෞද්ධ,හින්දු,මුස්ලිම්,ක්‍රිස්තියානි හා වෙනත් යනුවෙනි.මෙහිදී නිරාගමිකයන් හෝ මාක්ස්වාදීන් (බහුතරය උප්පත්තියෙන් සිංහල බෞද්ධ වුවත් ආගමක් අදහන්නේ නැති බැවින් ) බහුතරයක් එහිදී පවසන්නේ බෞද්ධ යනුවෙනි(හොඳම උදාහරණය ජවිපෙ මන්ත්‍රීවරුන්‌ගේ උත්තර ).එබැවින් ඔය සංඛ්‍යාලේඛන අනුව නිවැරදි බෞද්ධ ප්‍රමාණයක් ගැන සඳහනක් වන්නේද? එය එසේ නොවේමය.

      අනෙක ලංකාවේ සිටිනා මාක්ස්වාදීන් ඇතුළු නිරාගමිකයන් යයි පවසනා පිරිසේ ප්‍රමාණය අනුව තමාගේ ආගම වෙනත් යයි සඳහන් වූ 9440 ක ප්‍රමාණයක් 2012 වර්ෂයේ සිටී.නමුත් ජවිපෙ සාමාජිකයන් සහ වෙනත් සමාජවාදී පක්ෂවල සාමාජිකයන් මෙන්ම නිරාගමික යයි කියාගන්නා පිරිසේ ප්‍රමාණය බැලූ කළ මෙය යතාර්තයක් ද? එසේ නම් ඔවුන් මෙරටේ නියෝජනය කරන්නේ 0.05% ක් පමණි.මෙම දත්ත වලින් යතාර්ථය කියවෙන්නේ නම් තමන්ගේ තත්වය හොඳින් සිතා ගනු මැනවි.

      නමුත් මේ ජවිපෙ ඇතුළු මාක්ස්වාදය ගුරු කොට ගත් පක්ෂ සාමාජිකයනුත් ,නිරාගමිකයන් ලෙස හඳුන්වන සමහරුත් තමන් බෞද්ධයන් ලෙස හඟවා සංගණන යෙදී උත්තර දී ඇත්තේද යන්න විමසිය යුතු කාරණාවකි."

      Delete
    3. බ්‍රහ්මජාල සුත්‍රයේ මුල හරියේ තිබෙනවා බුදුවරයෙකුට ප්‍රශංශ කලත් බැන්නත් ඔහු සැලෙන්නේ නැති බව. සුත්‍රය හරියට කියෙව්වා නම් ඔබ මෙහෙම සැලෙන්නේ , ආවේගයෙන් උත්තර දෙන්නේ නැහැ. ඔබ එයට කණගාටුව ප්‍රකාශ කිරීම ඉතාමත් හූන්ඩ් දෙයක්. මෙන්න ඒ සුත්‍රය: http://www.accesstoinsight.org/tipitaka/dn/dn.01.0.bodh.html
      මම මුලින් උත්තර දුන්න වගේ බොහෝ ජවිපෙ සාමාජිකයන් හා ඔවුන්ගේ පවුලේ අය පන්සල් යන උදවිය. දානේ දෙන අය. ටිකක් හොයා බලන්න. අනුරලා උනත් මල්වතු අස්ගිරි හාමුදුරුවරු හම්බවෙන්න යනවනේ.
      දෙ වැනි කාරණය චානුක මෙහිදී කතා කරන්නේ සිංහල ජනගහනය ගැන මිසක් සිංහල බෞද්ධ ජනගහනය ගැන නොවේ.
      හැම අදේවවාදියෙක්ම බෞද්ධයෙකු නොවෙන බව මම පිලිගන්නවා. මමත් සාමාජිකයකු වන london atheist group (http://www.meetup.com/London-Atheist-Activist-Group-friendly-community/) එකේ ඉංග්‍රීසි හා ඉරේනියානු ජාතික බෞද්ධයන් කීප දෙනෙකු සිටිනවා. බොහෝ විට අපි උත්සහ කරන්නේ පිරිසිදු බුදු දහම අනුගමනය කරන්න. බොහෝ ඉංග්‍රීසි බෞද්ධයන් ලංකාවේ බෞද්ධයන් වගේ නෙමේ. ඔවුන් අඩුම ගනනේ හාල්මස්සෝ වත් කන්නේ නැහැ. අනික අපි පුනරුත්පත්තිය ඒ ආකාරයෙන්ම විශවාස කරන්නේ නැහැ. ඒ වගේ වෙනස් කම් කීපයක් තිබෙනවා. මම මෙතැනදී චානුක හා මතලන්ට කියන්නේ ලංකාවේ හෝ එංගලන්තයේ වම්මුන් කල වැරැද්ද කරන්න එපා කියල. ඉස්ලාම් ආගම තදින් පිලි පදින්නන්ගෙන් තර්ජනයක් තිබෙනවා. එයට විරුද්ධ විය යුතුයි.

      Delete
    4. මේකට වෙනම බ්ලොග් ලිපියක් ලියන්නයි වටින්නේ. නමුත් දැනට මට ඔබ සමග එකඟ නොවී සිටින්නැයි වෙන්නේ චානුක ලියු ලිපිය සම්බන්ධව. එය සිංහල බෞද්ධයන් ම අළලා ලියුවක් බව මට පිලි ගන්න අමාරුයි. අපි එකට එකඟ නොවී කතා කරමු.
      ඔබ මේ කියන කොටසට මම එකඟයි.
      //අනික සිංහල පිරිස් ඉස්ලාමීකරණය වෙන අනතුර තිබෙනවා.මුස්ලිම් යනු ඉස්ලාම අදහන්නා මිස එය වෙනම සිංහල දෙමළ ආදී ජාතියක් නොවේ(සිංහල-බෞද්ධ,සිංහල කතෝලික,දෙමළ-හින්දු,දෙමළ-කතෝලික,දෙමළ-බෞද්ධ වශයෙන් ඉන්නවා කොහෙද මුස්ලිම් බෞද්ධ,මුස්ලිම් කතෝලික කියලා ඉන්නේ?).කවුරුන්ද එයට නැති ජාතිකත්වයක් ලබා දුන්නේ?මෙන්න මේ ප්‍රශ්න සාකච්චා කළ යුතුයි//

      මේක මටත් තිබු ප්‍රශ්නයක්. මෙහේ මුස්ලිම් යහලුවෙකු අවුරුදු දහයකට පමණ කලින් මට කීවා මුළු ලෝකයේම මුස්ලිම් වෙන බව කවද හරි. මම කිව්වා එහෙම නම් මමයි අන්තිමය කියල. මිනිහ අපොයි නැහැ ඊට කලින් "ක්ලික්" කියල බෙල්ල කඳින් වෙන් කරන හැටි පෙන්වුව. මම ඉන්පසු ඔහු සමග කතා කලේ නැහැ.
      අවුරුදු දහයකට පස්සේ ඔහු කසාද බැඳලා, දරුවෙකුත් ඉන්නවා, නැවත බුකිය හරහා මත එක්ක යහළු වුන. ඔහු මුලින්ම කලේ සමාව ඉල්ලපු එක. හැබැයි ඔහු කීව දෙයක් තමා අවුරුදු දහයකට ඔහු ටිකක් අන්තවදියි. ඔහුගේ ආගමේ වෙන ආගමිකයන්ට කියන්න infidel කියලා. තම ආගමට ආවේ නැත්නම් මරා දැමීම සාධාරණයි කියල. (දැන් ඉරාකේ වෙන්නෙත් ඕකනේ ). නමුත් ඔහු ඒ ගැන පසු තැවිලි වෙනවා. මන් දන්නා විධිහට පල්ලි යන්නෙත් නැහැ. මමත් ඔහුට කිවේ ඔබලාට ආගම නිදහසේ අදැහීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නම් නමුත් අපේ නිදහස ගන්න තැත් කිරීම වැරදියි. අද ඔහු අන්තවාදීන්ගේ දැඩි විරුද්ධකාරයෙක්.

      Delete
    5. එසේම ඔබ දැමූ facebook යොමුවේ ඇත්තේ එක් අදෙවවාදියෙක් ගේ මතයක්. නමුත් ලෝකයේ ආගම් යුද්ධ නිසා ගොඩක් මිනිසුන් මැරුනා. යුරෝපයේ ආගම්වාදීන් (spanish inquision කියවන්න ) අනික් මිනිසුන්ව වධදී මරාදැමුව. පන පිටින් ගිනි තිබ්බ. පල්ලි බදු අරගෙන රජුන් සමග මිනිසුන් තලා පෙලුව. සාර් පාලනයත් ඒ වගේ. අදේවවාදීන් හා මාක්ස්වාදීන් කටයුතු කලේ ඒ පසු තලය මත. සෝවියට් වූ හැම පල්ලියක්ම් පන්සලක්ම විනාශ කල කතාව බොරුවක්. මොස්කව් වල නොවදෙවිච පල්ලිය අවුරදු 300ක්‌ http://en.wikipedia.org/wiki/Novodevichy_Convent
      පරණයි. සෝවියට් වරු එය විනාශ කලේ නැහැ. සෝවියට් කල්මිකියාවේ බුද්ධාගම තවමත් තිබෙනවා. මොන්ගොලියවෙත් එහෙමයි. ඕව ගොඩක් දැන් රුසියාවට එරෙහිව දානවා වගේ බොරු propaganda. සමහර යම් ඇත්තකුත් තිබෙනවා. පල්ලි කරපු වැරදි නිසා. ඕකයි ලංකාවේ බුදු දහමයි සම්බන්ධ කරන්න බහ.
      අන්තිමට කියන්න තියෙන්නේ බුදු දහම නිරාගමික එකක් කියලයි. මුලික දේශනාවක් තමා non attachment . ඇල්ම අත හැරීම. නිවන් යන්න පුලුවන් එතකොටනේ. (මට නම් යන්න ඕනේ නැහැ) මෙය තර්කයට පමණයි කියන්නේ. ඔබ සිංහල බෞද්ධ , ඉන්දියන් බෞද්ධ ආදී ලෙස නම් දාගත්තම එතන ඇල්මක් හා බැඳීමක් ඇති වෙන්නේ නැද්ද? එතකොට ඒ වෙනුවෙන් සටන් කරන්න, මරන්න හිතෙන්නේ නැත්ද?
      ඕක මන් හාමුදුරු කෙනෙක් ගෙන් ඇහුවම එයා කිවේ " මහත්තයෝ අපි දෙමලු ටික මේක අල්ලන්ට එනවා උන්ට වැඩේ දීල, මුස්ලිම් එවුන්ට හොඳ පාඩමක් උගන්නල අපි අපායේ යන්නම්. මහත්තයල දෙව් මිනිස් සැප ලබල නිවන් යන්න කියල. "
      මම එයාලට කියන්නේ කවුරුත් මා වෙනුවෙන් අපායේ යන්නවත් නිවන් යන්න වත් අවශ්ජ්‍ය නැහැ . එක මන් කරගන්නම් කියල. නිරාගමික නිරාමිස දර්ශනයක් ආගමක් කරන්න ගියහම වෙන අවුලක් ඕක.

      Delete
    6. sorry it must be read as Spanish Inquisition. http://en.wikipedia.org/wiki/Spanish_Inquisition

      Delete
    7. ප්‍රශ්නේ තියෙන්නේ අජිත් මෙහෙ ඉන්න නිරාගමිකයන් කියන පිරිස හෝ මාක්ස්වාදීන් පිරිස මේවා ගෙඩි පිටින්ම ගෙන ආගම විෂයි,ආගම අබිං කියා බුදුදහමත් කතෝලික ඉස්ලාම් යනාදී ඒවාට සමාන කර කතා කිරීමයි.ඔවුන් කිසිදෙයක් හරි ආකාරව සොයා බලන්නේ නැහැ.මේවාට මෙහි සිටින භික්ෂුන් වහන්සේලාත් වගකිව යුතුයි.සුදු පාලකයෝ මේ ධර්මය ගැන දන්නේ නැතිව ඔවුන්ගේ යුරෝපීය සමාජයේ අත්දැකීම් පනවපු නීති විහාර දේවාලගම් පනත් ආදී දේවල් නිසාත් බෞද්ධ භික්ෂුන් විහාරවාසී නොවී විහාරාධිපති බවට පත්වෙනවා,එහිදී ඔවුනුත් කතෝලික පල්ලිවල පූජකයන් හා සමාන තත්වයකට පත්වෙනවා.මේ ගැන මට මතක විදිහට ව්‍යවහාරික සමාජවාදියෙකු වූ උඩකැන්දවල සරණංකර හාමුදුරුවෝ උන්වහන්සේගේ සටනක සටහන් පොතේ කියනවා භික්ෂුන් මෙහෙම එක එක පුජා පෙරහැරවල සල්පිල් සංවිධාන කර කර ගියොත් ඒවායේත් රුසියාවේ ආදී රටවල් වල වුනා වගේ භික්ෂුන් පාලක පැලැන්තිය එක්ක එකතුවෙලා මහජනයා සූරා කන කොට ලංකාවේ සිංහලයෝ ආගම් විරෝධී සංගම් හදා ගනීවි කියල.අද මෙවැනි දේවල් තමා සිංහල බෞද්ධ සමාජය කියලා පෙනෙන්න තියෙන්නේ,හාමුදුරුවරු දේශපාලකයෝ එක්ක එකතුවෙලා මිනිස්සුන්ව අන්දන එක නෙව්යිද අද සිද්ධවෙන්නේ ඔය අටවාගෙන ඉන්න සේනා වලින් කරන්නෙත් ඒ දෙයම තමා.බෞද්ධ පවුල්වල ඉපදෙන දරුවනුත් මෙවැනි දේවල් තමා දකින්නේ ඉතින් ඔවුන් මේවායේ හරසුන් භාවයක් දකිනකොට බුදුදහමින් ඈත්වන එක අමුතු දෙයක්ද?ඒ වගේම අන්‍යාගමිකයෝ දකින්නෙත් මේක හුදු පිළිම වන්දනාවක් පමණයි කියන කාරණාව.සැබෑ ධර්මය යට ගිහින්.

      අනික මේ සමාජවාදය පැතිර ගිය රටවල හානි වුනේ බුදුදහමට පමණයි,වියට්නාමය කාම්බෝජය චීනය වැනි රටවල් බලන්න.මොකද බුදුදහම කතෝලික ඉස්ලාම් වැනි සංවිධානත්මක ආගම් වැනි දෙයක් නොවන නිසා ඔවුන්ට ඒ කාර්යය ඉතා පහසු වුනා.ඒ නිසා ඔබ කියන දේ පැහැදිලියි,ඒකනේ අද කියුබාවේ කතෝලික සමාජවාදයක් කතාකරන්නේ.(මේකත් බලන්න https://www.youtube.com/watch?v=3pzMHD0F4yQ) මාක්ස්වාදය බිහිවුන සමාජයේ පසුබිම වුනේ මේ ඒක දේව වාදී ආගම්.මේ කාරණයත් ඉස්මතු කළ යුතු දෙයක්.

      අනික සිංහල බෞද්ධ කියන එක සංස්කෘතික ආකාරයක් එහි දී සිංහලයන් තම පරම යුතුකම විධිහට සලකන්නේ බුදුදහම රැකීම කියන කාරණාව.එය නොතිබුනේ නම් අද කතාකරන්නට වත් මේ ධර්මය රැකිලා තිබෙන්නේ නම් නැතිවෙයි.නමුත් සිංහලයා හුදු මුරකාරයෙක් බවට පත්වෙලා තියෙන්නේ,මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නේ නැහැ.ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ලං කර ගත්ත දිනයට සිංහල ජාතිය කියන දෙය ශ්‍රේෂ්ට වෙයි,නමුත් එවැන්නක් සිද්ධ වෙන්නේ නැහැ එයයි අවාසනාව.නමුත් අප සතුව යුතුකමක් තියෙනවා අප ධර්මයේ හැසිරෙන අතරේම මේ ධර්මය අනාගත පරම්පරාව ට ලැබෙන්නට සැලසීම එය වැරදියි කියා මම හිතන්නේ නැහැ.

      ඔබට හැකි නම් නිරාගමික භාවය සහ බුදුදහම පිළිබඳ පිරිස් දනුවත්කරන්න ලිපි ලියන්න-මම හිතනවා ඔබ එයට ඉතා සුදුසු පුද්ගලයෙක් කියා .එය ඉතා වැදගත්වෙවී මොකද ඉතා විශාල පිරිසක් නිරාගමික භාවය, මාක්ස්වාදය කරට ගෙන කිසිවක් හරි ආකාරව සොයා නොබලා පුහුදුන් භික්ෂුන් පුද්ගලයන් කරන දේවල් දැකලා බුදුදහමටද හුදු ආගමක් සේ සලකා බැට දෙමින් සිටිනවා.නියත මිත්‍යාදෘෂ්ටිය නිසා ඔවුන් කරගන්නේ විශාල පාප කර්මයක්.ඔවුන්ගේ යහපත ගැන සිතා ඔබට යමක් කළ හැකියි කියා මම සිතනවා.මේ ගැන සංවාදයක් ගොඩ නගන්න.එයට සහය දෙන්න මම සුදානම්.

      Delete
    8. පන්ති පහක් විතරක් කරලා , ධනවාදීන් ගේ "මාක්ස් ආගම අබිං "කිව්වා කියන කතාව ට විරුද්ධව තර්ක කරන්න ගියාම වෙන ප්‍රශ්නයක්නේ ඕක. මාක්ස් කිවේ ඊට වෙනස් කතාවක්. //මිනිසුන් -පතල් කම්කරුවන්, ඇමෙරිකාවේ වහලුන් , ප්‍රවේනි දාස ගොවින් දරුණු තත්ව මත වැඩ කරලා යන්තම් පඩියක් අරගෙන නොමැරී මැරී ජිවත් වෙන කොට ඔවුන්ට තිබුන එකම සහනය පල්ලියට යාම. පල්ලියේ කැරොල් ගායනා අදත් වහලුන්ගෙන් පැවත එන ඇමෙරිකන් කළු ජනයා අතර ජනප්‍රියයි. දේවගැති වරු දෙවියන් පෙන්නලා ඒ අහිංසක මිනිසුන් වත් මුල කලා . කඩා වඩා ගත්තා. කන්න නැති වුනත් දීපන් ස්වර්ගයට යන්න ඕනේ නම් කියල කිවේ. " මාක්ස් කිවේ මිනිස්සු අබිං ගන්නේ මත් වෙලා ප්‍රශ්න අමතක කරන්න . (නැත්නම් ලිංගික ප්‍රාණවත් කම ගන්න.) . ආගමත් මිනිස්සුන්ට සැබෑ ප්‍රශ්න (ධනපති පන්තියේ අකාරුණික පීඩනය) අමතක කරවල ස්වර්ගයක් පෙන්නලා මත් කරනවා. හරියට අබිං වගේ. " ඉතින් එඒක වැරදි කතාවක් හැටියට මම දකින්නේ නැහැ. ඔබම දැන් සමහර හාමුදුරුවරු කරන වැඩ ගැන කියන්නේ. ඉතින් ඔය කතාවට මම එකඟයි එහෙම බැලුවොත්.
      මම ඔබ කියන ඔය රටවල් සමාජවාදී කියල කවදාවත් අරගෙන නැහැ. ඔවුන් නිෂ්පාදන බලවේග රජය සතු කර රජය ලාභ ලබාගෙන , බදු පනවා රාජ්‍ය ධනවාදයක් පවතින රටවල්. ඔවුන් බුද්ධාගම එහෙම පිටින් විනාශ කලේ නැහැ. සෝවියට් දේශය දගේස්ථාන මුස්ලිම් ආක්‍රමණය නවතා කල්මීකි වරුන්ට බෞද්ධ autonomy එකක් ලබා දුන්න. වියට්නාමය , කාම්බෝජය වගේ රටවල බුදු දහම තවම යන්තන් තිබෙනවා. ධනවාදය සීග්‍රයෙන් පැතිරුණ දකුණු කොරියාවේ බුද්ධාගම සම්පුරණයෙන් තුරන් වෙලා ගිහින්. (පසුගිය දශක හතරේ සිදුවූ දෙයක්)
      ඔබේ යෝජනාවට ස්තුතියි. නමුත් මම ඒ සඳහා සුදුසු නැහැ. මමත් මාක්ස්වාදය හා දර්ශනය හදාරන්නෙක් මිසක් ඔබ කියන අන්දමේ සුපිරිසිඳු සිංහල බෞද්ධයෙක් නොවේ. එක මම ලේබල් ගහ ගන්න කැමති නැහැ, දෙක මම මාසෙකට සැරයක් වත් මත්පැන් පානය කරන , මස් මාළු කන කෙනෙක්. ඉතින් රකින්න පුළුවන් පලවෙනි ශික්ෂා පද තුන විතරයි. ඉතින් අනුන්ට බන කියන්න යන්නේ මොකටද මම.

      ලංකාවේ , බුරුමයේ වගේ රටවල් වල වැරදියට අදහන බුදු දහම නැති වුනත් අනිත් රටවල එය පැතිරී යන නිසා බුදු දහම රැකෙවී. අනික සියල්ලම අනිත්‍යයි , වෙනස් වන සුළුයි කියල පිලි ගන්නවනම් බුදු දහමත් ඒ ධර්මතවයටම යටත් නේද?
      අනික සුද්දන් නිසා නැතිවුන බුදු දහම නැවත ගෙන ආවේ සිංහලයෝ නෙමේ. ටිබෙට් ජාතික එස් මහින්ද හිමි, කර්නල් ඕල්කොට් , මේරි බ්ලවට්ස්කි වගේ අය නේද ?
      (අපි මෙතන මතලන්ගේ බ්ලොගය high jack කරලා නැහැ නේද?)

      Delete
    9. පන්ති පහක් විතරක් කරලා , ධනවාදීන් ගේ "මාක්ස් ආගම අබිං "කිව්වා කියන කතාව ට විරුද්ධව තර්ක කරන්න ගියාම වෙන ප්‍රශ්නයක්නේ ඕක. මාක්ස් කිවේ ඊට වෙනස් කතාවක්. //මිනිසුන් -පතල් කම්කරුවන්, ඇමෙරිකාවේ වහලුන් , ප්‍රවේනි දාස ගොවින් දරුණු තත්ව මත වැඩ කරලා යන්තම් පඩියක් අරගෙන නොමැරී මැරී ජිවත් වෙන කොට ඔවුන්ට තිබුන එකම සහනය පල්ලියට යාම. පල්ලියේ කැරොල් ගායනා අදත් වහලුන්ගෙන් පැවත එන ඇමෙරිකන් කළු ජනයා අතර ජනප්‍රියයි. දේවගැති වරු දෙවියන් පෙන්නලා ඒ අහිංසක මිනිසුන් වත් මුල කලා . කඩා වඩා ගත්තා. කන්න නැති වුනත් දීපන් ස්වර්ගයට යන්න ඕනේ නම් කියල කිවේ. " මාක්ස් කිවේ මිනිස්සු අබිං ගන්නේ මත් වෙලා ප්‍රශ්න අමතක කරන්න . (නැත්නම් ලිංගික ප්‍රාණවත් කම ගන්න.) . ආගමත් මිනිස්සුන්ට සැබෑ ප්‍රශ්න (ධනපති පන්තියේ අකාරුණික පීඩනය) අමතක කරවල ස්වර්ගයක් පෙන්නලා මත් කරනවා. හරියට අබිං වගේ. " ඉතින් එඒක වැරදි කතාවක් හැටියට මම දකින්නේ නැහැ. ඔබම දැන් සමහර හාමුදුරුවරු කරන වැඩ ගැන කියන්නේ. ඉතින් ඔය කතාවට මම එකඟයි එහෙම බැලුවොත්.
      මම ඔබ කියන ඔය රටවල් සමාජවාදී කියල කවදාවත් අරගෙන නැහැ. ඔවුන් නිෂ්පාදන බලවේග රජය සතු කර රජය ලාභ ලබාගෙන , බදු පනවා රාජ්‍ය ධනවාදයක් පවතින රටවල්. ඔවුන් බුද්ධාගම එහෙම පිටින් විනාශ කලේ නැහැ. සෝවියට් දේශය දගේස්ථාන මුස්ලිම් ආක්‍රමණය නවතා කල්මීකි වරුන්ට බෞද්ධ autonomy එකක් ලබා දුන්න. වියට්නාමය , කාම්බෝජය වගේ රටවල බුදු දහම තවම යන්තන් තිබෙනවා. ධනවාදය සීග්‍රයෙන් පැතිරුණ දකුණු කොරියාවේ බුද්ධාගම සම්පුරණයෙන් තුරන් වෙලා ගිහින්. (පසුගිය දශක හතරේ සිදුවූ දෙයක්)
      ඔබේ යෝජනාවට ස්තුතියි. නමුත් මම ඒ සඳහා සුදුසු නැහැ. මමත් මාක්ස්වාදය හා දර්ශනය හදාරන්නෙක් මිසක් ඔබ කියන අන්දමේ සුපිරිසිඳු සිංහල බෞද්ධයෙක් නොවේ. එක මම ලේබල් ගහ ගන්න කැමති නැහැ, දෙක මම මාසෙකට සැරයක් වත් මත්පැන් පානය කරන , මස් මාළු කන කෙනෙක්. ඉතින් රකින්න පුළුවන් පලවෙනි ශික්ෂා පද තුන විතරයි. ඉතින් අනුන්ට බන කියන්න යන්නේ මොකටද මම.

      ලංකාවේ , බුරුමයේ වගේ රටවල් වල වැරදියට අදහන බුදු දහම නැති වුනත් අනිත් රටවල එය පැතිරී යන නිසා බුදු දහම රැකෙවී. අනික සියල්ලම අනිත්‍යයි , වෙනස් වන සුළුයි කියල පිලි ගන්නවනම් බුදු දහමත් ඒ ධර්මතවයටම යටත් නේද?
      අනික සුද්දන් නිසා නැතිවුන බුදු දහම නැවත ගෙන ආවේ සිංහලයෝ නෙමේ. ටිබෙට් ජාතික එස් මහින්ද හිමි, කර්නල් ඕල්කොට් , මේරි බ්ලවට්ස්කි වගේ අය නේද ?
      (අපි මෙතන මතලන්ගේ බ්ලොගය high jack කරලා නැහැ නේද?)

      Delete
  31. මගේ ලිපි පළ කිරීමේදී මාතලන් විසින් මගෙන් කළ එක් සාධාරණ ඉල්ලීමක් නම් පාඨක කමෙන්ට් වලට ප්‍රතිචාර ලබා දෙන ලෙසයි. එය තනි තනිව නොව අවසානයේ එක කමෙන්ට් එකක් ලෙස ලබා දිය හැකිය මා කීමට ඔහු එකඟ විය. ඇත්තටම තනි තනි ප්‍රතිචාර දැක්වීම එතරම් ඵලදායක කාරණාවක් නොවේ. විශේශයෙන්ම කාර්යබහුල මගේ සති අන්තය ගැන සිතන විට.

    මේ ලිපිය සම්බන්ධයෙන් පිළිතුරු දෙන්ට තරම් දෙයක් නැතත් යම් කිසි අදහස් දැක්වීමක් කළොත් හොඳය සිතේ.

    1. පාඨකයින් කිහිපදෙනෙක්ම මා මුලින්ම කරුණු සහිතව ප්‍රතික්ෂේප කළ ඔවුන්ගේ මෝඩ තර්කයට නැවත යන බව පෙනේ. මේ ගැන පුදුම නොවෙමි. මගේ ප්‍රවේශය මෙන් නොව ඔවුන්ගේ ප්‍රවේශය දේශපාලනිකය; භාවාතිශයය. මේ තර්කය බිඳ ඇතැයි ඔවුන් පිළි ගන්නේ නම් ඔවුන්ගේ සකල දර්ශනයම බිඳ වැටේ. "සංඛ්‍යාලේඛන මොනවා කිව්වත් අපි හිතන්නෙ මෙහෙමයි" තැනට ඔවුන් යන්නේ එනිසාය. ඔවුන් සමඟ මේ විදියට තර්ක කළ ඵලක් නොවේ. මම ඊට වෑයම් නොකරමි.

    2. මීට වෙනස් අදහස් දැක්වීමක් කර ඇත්තේ ඉන්දික උපශාන්ත පමණෙකි. ඔහුගේ සැකය සාධාරණය. ඇත්තමට එය මා ලියන්ට සිතා සිටි එහෙත් කවර හෝ කාරණයක් නිසා මිස් වුණු දෙයක් නිසා නැඟෙන ගැටළුවකි. සිංහල හා අසිංහල ජාතීන්හි වර්ධනයන් අප සැලකිය යුත්තේ රික්තකයක් තුළ නොව රටේ සමස්ත ජනගහණ වර්ධනය තුළයි. නිදසුනක් ලෙස සිංහල ජාතියේ වර්ධනය x හා මුස්ලිම් ජාතියේ වර්ධනය 5x වූ පමණින් යම් මොහොතක දෙවැන්න පළමුවන්න අභිභවා නොයයි. (එසේ වන්නේ සෛද්ධාන්තික පරිසරයකදී පමණෙකි.) හේතුව ප්‍රායෝගිකව රටකට දරා ගන්ට පුළුවන් යම් ජනගහණයක් වීමයි. අපි දැන් මේ සන්තෘප්ත මට්ටමට පැමිණ සිටිමු. ඉදිරි දශක කිහිපය තුළ ලංකාවේ සම්ස්ත ජන ගහණ වර්ධනය ඉතාම සුළු හෝ සමහර විට ඍණ පවා විය හැකි බව දැනටමත් පුරෝකථනයව තියේ. මේ නිසා පොදුවේ සියළු ජන වර්ග වල ව්‍යාප්තිය වත්මන් වර්ධන වේගයන්ට වඩා අඩු වනු ඇත්තේය. එසේ අඩු වන්නේ කවරාකාරයෙන්ද හරියටම කිව නොහැකි මුත් එනිසා මූලික තර්කය බිඳ නොවැටේ. සිංහලයා සුළු ජාතිය වීමේ අනතුරක් නොවේ.

    3. මීට අමතරව ඊනියා 'මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණය' වැනි දේ ගැන මම කතා කරන්ට නොයමි. මේවා මේ ලිපියට අනදාළය.

    4. මේ ලිපියට ප්‍රචණ්ඩ ප්‍රතිචාර බලාපොරොත්තු වූයෙමි. ඒවා එලෙසින්ම ලැබී තිබේ. ස්තූතියි. මදියි කියා හිතන්නේ නම් පහළ තව එක් කරන්න. මාතලන්, කවර හෝ ප්‍රතිචාරයක් ඉවත් කළ යුතු නොවේ. ඒවා තියෙන්ට ඉඩ දෙන්න. ඔබේ බ්ලොග් අඩවියේ පාඨකයින් හරි වැරද්ද තමන්ට තෝරා ගත හැකි පිරිසක්ය මම සිතමි. එනිසා කවර හෝ මට්ටමේ අපහාසාත්මක ප්‍රතිචාර තිබුණද එය මට ගැටළුවක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චානක.. ඔබ නියම මාධ්‍යවේදියෙකි..

      ඔබේ එම මතය.. අන් අයට ආදර්ෂයක්ම වේවා...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. චානුක , මමත් ඉන්දිකගේ මතයට තරමක එකඟත්වයක් පල කරනවා. ඔබේ ලිපියට මම එකඟ වුනේ දැනට සිංහලයාට බොදු බලය හෝ රාවන් බලය කට්ටිය කියන අයුරින් මුස්ලිම් තර්ජනයක් නැති නිසා. නමුත්
      "නිදසුනක් ලෙස සිංහල ජාතියේ වර්ධනය x හා මුස්ලිම් ජාතියේ වර්ධනය 5x වූ පමණින් යම් මොහොතක දෙවැන්න පළමුවන්න අභිභවා නොයයි"

      මෙන්න මේක හරිද? උදාහරණයක් වශයෙන් ඉරානය ගත්තොත් ' නැගෙනහිර ඉරානය ක්‍රි ව 600 ගණන් දක්වා බෞද්ධ. ඉතිරි බහුතරය පර්සියානු සොරෝස්ත්‍ර වාදීන් . නමුට් අද 98% මුස්ලිම්. ඔබ ඔය කියන තර්කය ඉරානය ගත්තොත් බිඳ වැටෙනවා.

      අනික "ඊනියා මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණය " කියා ඔබ ඉවත දමන්නේ මම කියපු කරනු කියලයි මට හිතෙන්නේ. මේ රටේ ගොඩක් වමන්ශිකයන් කල වැරැද්දම තමා මම දකින්නේ. උදාහරණයක් වශයෙන් අපට සල්මන් රුශ්දිගේ පොතක් ලංකාවේ ගහන්න ඕනේ නම් මුස්ලිම් වරු පෙළපාලි ගියාට අපට ඒක ගහන්න නිදහස තිබෙන්න ඕනේ. දැන් වෙලා තිබෙන්නේ චන්ද ටික බලල ඉඩ දෙන එක. එංගලන්තෙත් ඕකමනේ වුනේ. එකෙන් වුනේ යන්තම් පොඩි දෙයක් කිව්වත් මෙහෙ මුස්ලිම් අය්ය්යල ටික පෙළපාලි යන එක. ඒ ගොල්ලෝ මෙහෙ සුදු ගනුන්ට ප්‍රසිද්ධියේ වෙසියෝ කියල කියන්නේ. හැම සුදු ගැහැනියක්ම එහෙම නැහැ කියල පිලි ගන්න. අවුරුදු දහතුනේ 14 ගැහැණු ළමයි එක්ක නිදා ගෙන උන්ව ඇල්ලුවම මෙහෙ කම්කරු ආණ්ඩුව ඒක වැලක්කුව. දැන් ප්‍රශ්නේ ආයි මතු වේලා. එක මුස්ලිම් කොල්ලේගේ අම්ම කෙනෙක් කිවේ සුදු කෙල්ලෝ ජරා එවුන්. උන් මගේ පුත් එක්ක නිදා ගත්තේ කියල. තමන්ගේ පුතා කෙල්ලන්ට මත ද්‍රව්‍ය විකිණුව කියලවත් පිළිගන්නේ නැහැ. මේක ළමා දුෂණයක් කියලවත් පිලි ගන්නේ නැහැ. මේකෙන් වෙන්නේ බහුතරයක් ඉංග්‍රීසින් අන්තවාදයට යාම . ඔය වැරැද්ද කරන්න එපා කියල මම කියන්නේ. අපි බොදු බල සේනාවේ අන්තවාදයට විරුද්ධ නම් අනිත් අන්ත්වදයන්ටත් ඒ විධිහටම විරුද්ධ වෙන්න ඕනේ. අපේ නිදහස අපි ආරක්ෂා කල යුතුයි.

      Delete
    4. ඊනියා මුස්ලිම් ආක්‍රමණය ගැන පසුව වෙනම කතා කරමි. එය මේ අවස්ථාවේ පටලවා ගන්ට සංකීර්ණ වැඩිය. කථා කළ යුතු පැති ගණනාවක් වේ. ඔබත් මාත් දකින්නේ ඉන් කිහිපයකි. ඔබ කියන සේ වැරදිය මා නොකියතත් ප්‍රශ්නයේ එක පැත්තක් පමණක් කතා කිරීම නුසුදුසුය. (මේ ලිපියේදී මම මාතෘකාවෙන් බහැරව බොදු බල සේනාවේ ක්‍රියාකාරකම් ගැන කථා නොකළෙමි.)

      Delete
    5. //පාඨකයින් කිහිපදෙනෙක්ම මා මුලින්ම කරුණු සහිතව ප්‍රතික්ෂේප කළ ඔවුන්ගේ මෝඩ තර්කයට නැවත යන බව පෙනේ. // මා හරි උගතා මා හරි ජගතා හිතනා මිනිහා මෝඩයකී . අනුන්ගේ අදහස් මෝඩ ලෙස සිතමින් තමන්ගේ මෝඩ තර්කයේම රැඳෙන්නා ද මොඩයකි.

      @Chanuka Wattegama
      ඔබගේ ලිපිය ගණිතමය ලෙස සම්පුර්ණයෙන්ම වැරදියි. මේ කරුණ ගැන ගණිතමය වශයෙන් ඔබ වැරදි ඇයි? ඒ ගැන ලිපියක් ඉදිරියේදී මගෙන් බලාපොරොත්තු වන්න. සංකීර්ණ ගණිතමය කරුණු සැමට තේරෙන සේ ලිවීම අමාරු නිසා මදක් ඉවසන්න. මෙවැනි ලිපියක් ලිවීමට හේතුව ඇත්තටම ඔබට මුලික ගණිතය බැරිකමද නැත්නම් මුස්ලිම් අන්තවාදියෙක්ගෙන් මුදල් ලැබීමද?

      Delete
    6. මේ අළුත් දෙයක් නොව මා වැරදිය ඔප්පු කළ දේවල්ම සඟවා වෙනත් විදිහකින් ඉදිරිපත් කිරීමකි. ලිපිය ලියන විටම වර්ගවාදී කඳවුරින් මෙවැනි දේවල් බලාපොරොත්තු වීමි. මන්ද මේ කේන්ද්‍රීය මෝඩ තර්කය බිඳ දමූ විට ඔවුන්ගේ පැවැත්වම ප්‍රශ්නයට ලක්වන නිසාය. මේ ප්‍රතිචාර වලින් අනවශ්‍ය ලෙස කලබල නොවෙන්නාක් සේම දැනටමත් ඒවා බොරුය ඔප්පු කර ඇති හෙයින් අමුතු ප්‍රතිචාරයක් අවශ්‍ය නොවේ. :-)

      Delete
    7. @AnonymousSeptember 9, 2014 at 6:27 PM
      ඔබ සැබෑ චානුක වත්තේගම නම්

      //මේ අළුත් දෙයක් නොව මා වැරදිය ඔප්පු කළ දේවල්ම සඟවා වෙනත් විදිහකින් ඉදිරිපත් කිරීමකි. // ඔබයි සත්‍ය සඟවා බොරුව ඉදිරිපත්ක්කලේ ඔබ සැඟවූ කරුණු වලින් ඇත්ත මතුවන ආකාරය මම පැහැදිලිව පෙන්වා ඇත. එසේ නම් මම සැඟවූ දෙයක් ඇත්නම් විස්තරාත්මකව එය පෙන්වන ලෙස මම ඔබට අභියෝග කරමි.

      //මේ ප්‍රතිචාර වලින් අනවශ්‍ය ලෙස කලබල නොවෙන්නාක් සේම දැනටමත් ඒවා බොරුය ඔප්පු කර ඇති හෙයින් අමුතු ප්‍රතිචාරයක් අවශ්‍ය නොවේ. // නොකළ දේට කළා යයි පවසමින් ඔබ තවත් පාඨකයා මුලා කරන්න උත්සහා නොකරන්න. ඔබ පෙන්වූ 3 වගුව ගණිතමය ලෙස හැසිරෙන ආකාරය මම පෙන්වා ඇත මම ගණනය කල වක්‍රය සංඝණන දත්ත නිරූපිත වක්‍රය නොකැඩී තනි වක්ක්‍රයක් වීමෙන් ගණිත මය ආකෘතියේ නිවැරදි තාව පෙන්වයි. එසේම අනාගත ජනග්‍රහණ දත්ත මගේ නිමානයන්ගෙන් අපගමන වන ආකාරයද මම පෙන්වාදී තිබේ. මගේ ලිපියේ සහ තර්කයේ වැරදි තිබේනම් ඒවා පෙන්වන ලෙස මම ඔබට අභියෝග කරමි.

      ඔබට මෙම අභියෝග පිළිගත නොහැකි බව සත්‍යය. ඔබට කල හැක්කේ තව බොරු කියා මගහැර යාමය. දැන්වත් බොරුව නොකර පාඩුවේ ඉන්න.

      Delete
  32. ශ්‍රී ලංකාවේ ජන සංගණන දත්ත ලබා ගැනීමේදී විමසන්නේ -ආගම අනුව නම් බෞද්ධ,හින්දු,මුස්ලිම්,ක්‍රිස්තියානි හා වෙනත් යනුවෙනි.මෙහිදී නිරාගමිකයන් හෝ මාක්ස්වාදීන් (බහුතරය උප්පත්තියෙන් සිංහල බෞද්ධ වුවත් ආගමක් අදහන්නේ නැති බැවින් ) බහුතරයක් එහිදී පවසන්නේ බෞද්ධ යනුවෙනි(හොඳම උදාහරණය ජවිපෙ මන්ත්‍රීවරුන්‌ගේ උත්තර ).එබැවින් ඔය සංඛ්‍යාලේඛන අනුව නිවැරදි බෞද්ධ ප්‍රමාණයක් ගැන සඳහනක් වන්නේද? එය එසේ නොවේමය.

    අනෙක ලංකාවේ සිටිනා මාක්ස්වාදීන් ඇතුළු නිරාගමිකයන් යයි පවසනා පිරිසේ ප්‍රමාණය අනුව තමාගේ ආගම වෙනත් යයි සඳහන් වූ 9440 ක ප්‍රමාණයක් 2012 වර්ෂයේ සිටී.නමුත් ජවිපෙ සාමාජිකයන් සහ වෙනත් සමාජවාදී පක්ෂවල සාමාජිකයන් මෙන්ම නිරාගමික යයි කියාගන්නා පිරිසේ ප්‍රමාණය බැලූ කළ මෙය යතාර්තයක් ද? එසේ නම් ඔවුන් මෙරටේ නියෝජනය කරන්නේ 0.05% ක් පමණි.මෙම දත්ත වලින් යතාර්ථය කියවෙන්නේ නම් තමන්ගේ තත්වය හොඳින් සිතා ගනු මැනවි.

    නමුත් මේ ජවිපෙ ඇතුළු මාක්ස්වාදය ගුරු කොට ගත් පක්ෂ සාමාජිකයනුත් ,නිරාගමිකයන් ලෙස හඳුන්වන සමහරුත් තමන් බෞද්ධයන් ලෙස හඟවා සංගණන යෙදී උත්තර දී ඇත්තේද යන්න විමසිය යුතු කාරණාවකි.

    ReplyDelete
  33. මේ කතාව ටිකක් පිළිගන්න අමාරුයි. ජවිපෙ පිරිසෙන් බහුතරය සිංහල බෞද්ධයන් . උදාහරණයක් වශයෙන් ජවිපෙ හා ජවිපෙන් කදී ගිය පක්ෂයේත් බහුතරය පන්සල් යන දැනේ දෙන කට්ටිය. ඒ ය අතරෙයි මාක්ස්වාදී නොවන ලංකාවේ අනිත් බෞද්ධයන් අටහරේ වැඩි වෙනසක් නැහැ. ලන්ඩනයේ ඉන්න ජවිපෙ හා අනික් වමේ කට්ටිය පන්සල්වල දකින්න පුළුවන් අනිත් අය වගේම. ජවිපෙ යුද්ධයට සහය පලකිරීමේ එක හේතුවකුත් එය වෙන්න පුළුවන්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න