.

.

Sep 18, 2014

සුන්දර ජයසුන්දර සිහිනයේ යථාර්ථය - Is PBJ a dreamer?


- චානුක වත්තේගම -

අපේ රට ආයතනයක් වී නම් එහි 'චීෆ් ඉකොනොමිස්ට්' හෙවත් මුඛ්‍යාර්ථික විශේෂඥයා සේ සැලකිය හැක්කේ මුදල් හා සැලසුම්කරණ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දරයි. රාජ්‍ය නායකයාගෙන් පරිබාහිර මුදල් අමාත්‍යවරයකු නැති රටක ඔහුගේ වගකීම් එක්තරා මට්ටමකට එක්සත් රාජධානියේ මුදල් අමාත්‍ය 'චාන්සලර් ඔෆ් ද එක්ස්චෙකර්' ගේ වගකීමට සමානය. එසේම රාජ්‍ය බල පිරමීඩයේ ඉහළින්ම සිටින ආර්ථික විද්‍යාඥයා ඔහුයි. (මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෘත්තීය ගිණුම්කරුවෙකි.) මේ නිසා ආචාර්ය ජයසුන්දර ලංකාවේ ආර්ථිකය ගැන කරන ප්‍රකාශ කිසිසේත් සුළු කොට තැකිය නොහැකිමැයි.

ජයසුන්දර තමන්ගේ විස්සයි විස්සේ සුන්දර සිහිනය හෙළි කරන්ට තෝරා ගන්නේ අගෝස්තු මාසයේ පැවැති ආරක්ෂක සමුළුවයි. එය එක්තරා අතෙකට පෙර දුටු එක් සිහිනයෙක ද්විතීය උල්ලාසය සේ පෙනේ. පෙර සිහිනය වූයේ 2016 දී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 4,000 දක්වා නැංවීමයි. දීර්ඝ කාලීන සිවිල් යුද්ධයකින් හෙම්බත් වූ රටක මෙය මැදි හේමන්ත රැයකදී දුටු සිහිනයක් සේ මුලදී පෙණුනද යුද්ධයෙන් පසුව උදාවූ යහපත් ආර්ථික වාතාවරණය විසින් එය නොකළ නොහැක්කක් බවට දැනටමත් ඔප්පු කොට තියේ. දළ ජාතික නිෂ්පාදිතය ගණනය කිරීම ගැන ඇති ගැටළු සැලකිල්ලට ගැනීමෙන් පසුව පවා ලංකාව මේ ජයග්‍රහණය ලැබීමෙන් නොවැළක්වියැකි බව අවිවාදාපන්නය. මේ සැබෑ වන්ට යන සිහිනයේ දිගුව 2020 දී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය  ඇමෙරිකානු ඩොලර් 7,500 දක්වා ඉහළ නැංවීමයි.

මේ ඉලක්කම අර්ථාන්විත වන්ට නම් තවත් ඉලක්කම් කිහිපයක් සමඟ සැසඳිය යුතු වේ. නිදහස ලබද්දී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය යාන්තම් ඇමෙරිකානු ඩොලර් 120 කි. 1998 අප නිදහසේ ස්වර්ණ ජයන්තිය සමරන අවස්ථාවෙහි එය ඩොලර් 814 දක්වා ඉහළ නැඟ තිබුණේය. ආචාර්ය ජයසුන්දර මහත් අභිරුචියෙන් අපට මතක් කරන්ට කැමැති වනු ඇත්තේ 2005 මහින්ද රාජපක්ෂ රජය පිහිටුවන අවස්ථාවේ එය ඩොලර් 1,241 පමණක් වූ බවයි. (මේ අනුව ලංකාව මධ්‍යම ආදායම් කැටගරියට පිය මනින්නේ බොහෝ විට වැරදි ලෙස උලුප්පා දක්වන අයුරින් රාජපක්ෂ යුගයේදී නොව ඉන් පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ අවසාන වසර තුළදීය.) 2013 වසර පිණිස එය ඩොලර් 3,280 කි. මේ ගණනයන්හි වැරදි ගැන සමහර ආර්ථික විද්‍යාඥයින් කතා කොට ඇතද, ඒ සුළු වෙනස්කම් සම්බන්ධයෙනි. සමස්තයක් සේ මේ ගණන් පිළි ගැනීමේ ගැටළුවක් නොපවතියි.

රටක ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය රටක් පිළිබඳව හැම දෙයක්ම ප්‍රකාශ නොකරන බව කිවමනාය. එහෙත් ඒ හොඳ දර්ශකයකි. වෙනත් රටවල් හා සන්සන්දනය පිණිස සාර්ථකව යොදා ගත හැක්කකි. උදාහරණයක් හැටියට ඩොලර් 3,280 ක අගයක් සමඟ අප සිටින්නේ දකුණු ආසියාවේ මාලදිවයින හරුණු විට අන් සියළු රටවලට සැලකිය යුතු තරම් ඉදිරියෙනි. (මාලදිවයින සංචාරක කර්මාන්තයෙන් සාර්ථාදායමක් ලබන කුඩා රටකි.) උදාහරණයක් හැටියට යාබද ඉන්දියාවේ මේ අගය අපේ මෙන් අඩකටද අඩුය (ඩොලර් 1500). බංග්ලාදේශයෙහි එය අපේ මෙන් හතරෙන් එකකි (ඩොලර් 900). නේපාලය (ඩොලර් 700) සිටින්නේ අප වසර විස්සකට පමණ එපිට සිටි තැනෙකය.

අනෙක් අතට අපි මේ වන විටත් ගිනිකොණදිග ආසියාවේ වියට්නාමය (ඩොලර් 1,900) හා පිලිපීනය (ඩොලර් 2,800) අභිභවා ඉදිරියට ගොස් සිටිමු. අපේ මීළඟ තරගකරු විය හැක්කේ ඩොලර් 3,600 ක ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයක් ඇති ඉන්දුනීසියාවයි. එය සමහර අතින් ලංකාවට වඩා දියුණුය කිව හැකි වුවද අති විශාල ජනගහණයක් ඇති, එයින් සැලකිය යුතු කොටසක් පහසුකම් අඩු කොදෙව් රැසෙක දිවි ගෙවන රාජ්‍යයකි. දෙරටෙහි වර්ධන වේගයන් අනුව වසර තුන හතරක් තුළ අපට ලෙහෙසියෙන් ඉන්දුනීසියාව ඉක්මවා යා හැකිය. ඉන්පසු ඉලක්කය තායිලන්තයයි. ඩොලර් 5,700 ක පමණ අගයක් ඇතිව සිටින තායිලන්තය ලංකාවට වඩා අනිවාර්යයෙන් දියුණු රටක් වුවද අප මේ මොහොතෙහි අත් විඳින දේශපාලන ස්ථාවරභාවය අහිමි රාජ්‍යයකි. අප කාලයාගේ ඇවෑමෙන් තායිලන්තය ඉක්මවන්නේ නම්  ඇතුළු වන්නේ යුගයෙක සිහිනෙකින් වත් සිතන්ට බැරි වූ ආසියානු ව්‍යාඝ්‍රයන්ගේ (ඒෂියන් ටයිගර්ස්) ක්ලබ් එකටයි. ඩොලර් 12,000 කට ආසන්න ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයක් ඇති මැලේසියාව පවා එතරම්ම දුර නොවෙයි.

හැබැයි අප අමතක නොකළ යුතු වන්නේ තවමත් අප සිටින්නේ සුන්දර ජයසුන්දර සිහිනය තුළ පමණක් බවයි. රටක ආර්ථිකය ගණිතානුකූලව සරල රේඛීයව ගමන් නොකරන්නේය. මේ විදියටම ඩොලර් 7,500 ක ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයක් කරා ගමන් කිරීම කොයි තරම් ප්‍රායෝගිකද අප ඇසිය යුත්තේ එබැවිනි.

පහත මගේ විශ්ලේෂණයේදී මම රටේ ඇති වි'යැකි දේශපාලන වෙනස්වීම් උවමනාවෙන්ම නොසළකා හරිමි. විවිධ හිස් ඇතිව වුව 1978 සිට අප ගමන් කරන්නේ එකම මඟෙකය. අද අප අත් විඳින්නේ 1978 සිට ක්‍රමයෙන් නිර්මාණය වූ ආර්ථික පරිසරයේ අස්වැන්නය. එතුළ රාජපක්ෂ යුගය කැපී පෙනෙන්නේ නම් ඒ ප්‍රමුඛ කොට යුද්ධය නිමා කිරීම හා දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම වෙනුවෙනි. රාජපක්ෂට පෙර සිටි රාජ්‍ය නායකයින්ට ඔවුන් කමැති වුවද නැතද ආර්ථිකයට ප්‍රමුඛතාවය දීමේ හැකියාවක් නොවීය. ඔවුන්ගේ උපායමාර්ගය තීරණය වූයේ එවක රටෙන් තුනෙන් එකක් ඩැහැ ගෙන සිටි පරිබාහිර චණ්ඩියකුගේ උපායමාර්ගයන්ට ප්‍රතිචාර ලෙසිනි. එතුළ ඔවුන්ට ආර්ථිකය වෙනුවෙන් කළ හැකි ලොකු දෙයක් නොවූයේය. නිදසුනක් ලෙස ඔවුන් කැමැති වුවද නැතද අද කොළඹ නගරයෙහි සිදුවෙමින් පවතින දැවැන්ත වෙනස්කම් කිරීමේ හැකියාව රාජපක්ෂට පූර්ව වූ කිසිදු ජනාධිපති කෙනකුට ප්‍රායෝගිකව නොවීය. රාජපක්ෂට මේ සීමාවන්ගෙන් තොරව ආර්ථිකයට මුල්තැන ලබාදෙන්ට පුළුවන්කම ලැබී තියේ. ඒ හැරුණු විට 1970-77 අතර කාලේ අප අත්දුටුවාක් මෙන් දැවැන්ත ප්‍රතිපත්තිමය වෙනසක්  පශ්චාත් 1978 ආණ්ඩු තුළින් විද්‍යාමාන නොවේ. කොටින්ම 2015 දී දේශපාලන හිස් මාරුවක් වුවද (එසේ වීමේ අවකාශ දැනට පෙනෙන තරමින් නම් අවමය.) අළුතින් පත්වන රජයකට වුව ගෙනයන්ට වන්නේ මේ මිශ්‍ර ප්‍රතිපත්තීන්මය. එනිසා දේශපාලන වෙනස්වීම් සැලකිල්ලට නොගැනීමේ ලොකු වරදක් නොපෙනේ.

වඩා වැදගත් ප්‍රශ්නය වනුයේ ඩොලර් 4,000 සිට 7,500 දක්වා පනින්ට බලාපොරොත්තු වන කොන්ටම් පිම්මේ අත්වහල වනු ඇත්තේ කවර උපායමාර්ගයන්ද යන්නය. මීට පිළිතුරක් සෙවීම මගේ එක් අභිප්‍රායයකි.

මේ ප්‍රයත්නය අපට වත්මන් රජය නොයෙක් අවස්ථාවන්හීදී ඉදිරිපත් කොට ඇති සය වැදෑරුම් ආර්ථික ක්‍රමවේද පැකේජයෙන් ආරම්භ කළ හැකිය. මේ එක එකෙහි ශක්‍යතාවයන් හා සීමාවන් ගැන කෙටියෙන් සලකා බලමු.

1. වෙළඳ නැබ (කමර්ෂල් හබ්):

සිංගප්පූරුව කලාපයේ වාණිජ කේන්ද්‍රය බවට පත් වීම එරට පළමු අගැමැති ලී ක්වාන් යූ ගේ අසාමාන්‍ය දැක්මේ ප්‍රතිඵලයකි. එය සාර්ථක වන්නේ එක් ප්‍රධාන කාරණයක් නිසාය. ඇමෙරිකානු බැංකුවේ උපසභාපතිවරයකු 1965 දී සිංගප්පූරුවට දුන් උපදේශයක් ලී ක්වාන් යූ සිය 'ෆ්‍රොම් තර්ඩ් වර්ල්ඩ් ටු ෆස්ට්' පොතේ මෙසේ සඳහන් කරයි: "ඕනෑම දවසක ලෝකෙ මූල්‍ය වෙළඳපළ පටන් ගන්නෙ සුරිච් වලින්, ටික වෙලාවකට පස්සෙ ෆ්‍රෑන්ක්ෆට් එකතු වෙනවා. ඊට පස්සෙ ලන්ඩන්. මේ තුන පිළිවෙළින් වැහෙන වෙලාවට නිව් යෝක් වැඩට බැහැලා. නිව් යෝක් වැහෙන කොට සැන් ෆ්‍රැන්සිස්කෝ පටන් අරගෙන. හැබැයි සැන් ෆ්‍රැන්සිස්කෝ වැහෙන කොට පසුවදා උදේ සුරිච් ක්‍රියාත්මක වෙනකල් තියෙන්නෙ හිඩැසක්. සිංහප්පූරුවට බහින්න පුළුවන් මේ හිඩැසට" (මේ තෝකියෝ හා ෂැන්ග් හයි නූතන වෙළඳ නගර වන්ට පෙරය.) සිංගප්පුරුව සාර්ථක වන්නේ මේ හිඩැසට සාර්ථකව බසින්ට හැකිවීම නිසාය.

හැබැයි ලංකාව දකුණු ආසියාවේ නැබ කිරීමේ සමත් එබඳු කිසිම ‘හිඩැසක්’ නොවේ. කොළඹ කොටස් වෙළඳ පළේ දිනෙක ඩොලර් මිලියන හයක් ගනුදෙනු කෙරන විට හා එකම වෙලාවේ ක්‍රියාත්මක වන මුම්බායි කොටස් වෙළඳපළෙහි සාමාන්‍ය දිනයකදී එමෙන් හැත්තෑ පස් ගුණයෙක ගනුදෙනු සිදුවේ. ඒ තරමටම නොවතුදු දකුණු ආසියාවේ පැරැණිතම කොටස් වෙළඳපළ වන කල්කටා කොටස් වෙළඳපළ පවා විශාලය. මුම්බායි නගරය රටක් සේ සලකන්නේ නම් එහි ජනගහණය ලංකාවේ ජනගහණයට සමාන වනු ඇති අතර දළ ජාතික නිෂ්පාදිතය ලංකාවේ මෙන් දෙගුණයකි. මේ දැවැන්ත ඉන්දීය මෙට්‍රොපොලිටන් අතර කොළඹ තෝරු මෝරු මැද හාල්මැස්සෙකි. අප මුල්‍ය කේන්ද්‍රය වන්නේ කාටද? අපට වඩා සංකීර්ණ හා වාසිදායක ආයෝජන කලාපයේ තිබියදී ආයෝජකයින් අප වෙතම පැමිණිය යුත්තේ ඇයි?

මේ හැරුණු විට වෙළඳ නැබක් වීමේ මාර්ග නම් එක්කෝ අති ශීඝ්‍ර කර්මාන්ත දියුණුවයි. පාරිසරික හේතූන් හා අධික ශ්‍රම වියදම හේතු කොට ගෙන එවැන්නක් වහා වන ලකුණුද නොපෙණේ. කම්හල්හි සේවය පිණිස දකුණු ආසියාවේ අනෙකුත් රට වලින් අඩු මිළට ශ්‍රමය ලබා ගැන්මට ලාංකීය සමාජය ඉඳුරා විරුද්ධය. දැවැන්ත ආර්ථික කලාප ආරම්භ කිරීම පිණිස ලොකු භූමි භාගයන්ද අපට නොවේ. ඉතිරිවන එකම විකල්පය දකුණු ආසියාවට 'ෂොපින් මෝල්' එකක් වීමය. වෙනත් දකුණු ආසියානු රටවල සාපේක්ෂව දැඩි ආරක්ෂණ ප්‍රතිපත්තීන් නිසා අපට මීට අවස්ථාවක් තියේ. සුඛෝපභෝගී භාණ්ඩ සඳහා වන බදු අඩු කිරීම තුළින් මුදල් අමාත්‍යාංශය එක්තරා දුරකට බලාපොරොත්තු වන්නේ එයයි. හැබැයි එවැනි වෙළඳපළක බරපතළ සීමාවන් තියේ. එයම පමණක් කොළඹ වානිජ කේන්ද්‍රයක් කරතැයිද සිතනු උගහටය.

2. සංචාරක නැබ (ටුවරිසම් හබ්)

ලංකාව මේ තරමටම සංචාරක කර්මාන්තය ගැන කතා කරන්නේ දියුණු වීම පිණිස වෙනත් විකල්ප නැති හෙයින්ද? නොබෝදා වසරෙහි දශලක්ෂ වැනි සංචාරකයා පිළිගත් අපි විදේශිකයින් ලක්ෂ පහළවක් මේ වසර තුළදී එතැයි බලාපොරොත්තු තියා සිටිමු. 2016 ඉලක්කය වසරකට සංචාරකයින් ලක්ෂ 25 කි. පසුගිය වසරෙහි හෝටල් හා ආපන ශාලා වලින් පමණක් රට ලද ආදායම රුපියල් කෝටි 22,600 කි. සංචාරක කර්මාන්තය ඍජුව 70,000 ක් රැකියා ජනනය කරයි.

මේවා සතුටු විය හැකි මුත් සංතෘප්ත විය හැකි ඉලක්කම් නොවේ. උදාහරණයක් හැටියට තායිලන්තය හෝ මැලේසියාව ගත හොත් ඒ දෙරටම එම වසර තුළ සංචාරකයින් ලක්ෂ 250 බැගින් පිළිගෙන ඇත්තේය. ලෝක සංචාරක සිතියමේ අප සිටින්නේ තවමත් බොහෝ පසුපසිනි. නුදුරු මාලදිවයිනේදී සංචාරකයෙක් ඩොලර් 800ක මුදලක් එක් ගමනකදී වැය කරයි. (රුපියල් ලක්ෂයක් පමණ) ලංකාවේ මේ අගය ඊට අඩුය. අප අද කල්පනා කළ යුත්තේ මුහුදු වෙරළ, නටබුන් හා තේ වතු පෙන්වීමෙන් එපිට ගිය සංචාරක කර්මාන්තයක් ගැනයි. දේශීය සංචාරක කර්මාන්තයේ මේ විභවය ඇත. අවශ්‍ය වන්නේ එය නිසි පරිදි උපයෝගී කොට ගැන්මයි.

3. බලශක්ති නැබ (එනර්ජි හබ්)

හැමදාමත් අපට ගැටළුවක් වූ බලශක්තිය අපේ ශක්තියක් වන්නේ කෙසේද? ලංකාවේ ස්වාභාවික පොසිල බලශක්ති ප්‍රභව නොවේ. එවැන්නක් තිබුණද එය ලාභදායී ලෙස නිස්සාරණය කොට ප්‍රයෝජනයට ගැනීම වෙනම කතාවකි. සාමාන්‍යයෙන් හැම මැතිවරණයකටම දින කිහිපයකට පෙර ලංකා පොළොවෙන් තෙල් මතුවෙයි. වසර කිහිපයකට පෙර කොළඹ නගර සභා මැතිවරණයට පෙර මතු වූයේ ගෑස්ය. මේ දේශපාලන සිහින ගැන කතා කිරීම කාලය නාස්තියකි. මම පේසාලෙයි තෙල් ගවේෂණ උත්සාහයන් පොළොවට පස්වනු කුඩා කල දෑසින් දුටුවෙක්මි.

විදුලිය ගැන ඇත්තේද යහපත් චිත්‍රයක් නොවේ. ජල විදුලි විභවය අපි උපරිමය තෙක් භාවිතා කොට ඇත්තෙමු. විකල්ප බලශක්ති ප්‍රභවයන් යොදා ගැනීමේද සීමාවන් පවතී. ඩීසල් හා ගල් අඟුරු යොදා ගැන්ම තවමත් හිතන තරම් ලාභදායක නොවේ. කොටින්ම අප ජීවත් වන්නේ වසරේ වැසි ලැබීම හෝ නොලැබීම මත විදුලි බල මණ්ඩලය ලාභ, පාඩු ලබන වාතාවරණයකය. විදුලිය භාවිතය උපරිම වන 'පීක් පීරියඩ්' එකේදී ඉල්ලුමේ අවසාන 5-10% සැපයීම පිණිස ඉතාම අධික වියදමක් දරන්ට වන වාතාවරණයකය. (ඉන්දියාවේ හා නේපාලයේ මෙසේ දරන්ට වන අධික වියදම අඩු කර ගන්නේ සමහර ප්‍රදේශයන්ට ලයිට් කැපීමෙනි.)  මේ චිත්‍රය මෙසේම තබා ගෙන විදුලිබල විභවයක් වීමද කතා කරන්ට නොවටිනා දෙයකි.

ලංකාවට බලශක්ති නැබක් විය හැක්කේ එකම ආකාරයකටය. ඒ මධ්‍යම ප්‍රමාණයේ න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවීම මඟිනි. ඒ මට්ටමේදී න්‍යෂ්ටික බල උත්පාදනය මිළ අඩුය. එවැනි බලාගාරයක සැපැයුම අපේ රටේ ඉල්ලුමට වඩා බෙහෙවින් වැඩි විය හැකි නිසා අතිරික්තය දකුණු ඉන්දියාවට 'අපනයනය' කරන්ට සිදුවනු ඇත. ඇත්තටම දකුණු ඉන්දියාවේ ඉල්ලුමක්ද පවතී. එසේම සම්ප්‍රේෂණයද අප සිතන තරම් මිල අධික නොවනු ඇත්තේය. එහෙත් වර්තමානයේ ලංකාව හා දකුණු ඉන්දියාව අතර ඇති මත ගැටුම් සලකන කල්හි මෙවැන්නක් වීමේ අවකාශ සීමිතය. එනිසා එයද කතා නොකළ යුතු ගණයට දැමිය හැකිය.

4. නාවුක නැබ් (මැරිටයිම් හබ්) හා 5. ගගන නැබ (ඒවියේෂන් හබ්)

නාවුක හා ගගන ක්ෂේත්‍ර මෑතක වැඩිම ආයෝජනයක් කළ ඒවා අතර වේ. හම්බන්තොට මාගම්පුර වරාය හා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වත්මන් රජය යටතේ සිදු කළ දැවැන්තම මෙගා ව්‍යාපෘති අතරය. අවාසනාවකට මේ වන තෙක් හා තව බොහෝ කාලයක් යනතෙක් ඒවා පවතිනු ඇත්තේ රටට වත්කම් නොව වගකීම් හෙවත් ලයබිලිටීස් ලෙසිනි. (මේවාට වඩා වැඩියෙන් භාවිතයට ගැනෙන දක්ෂිණ අධි වේගී මාර්ගය පවා තවමත් දුවන්නේ පාඩුවටය. එහි වාර්ෂික නඩත්තු වියදම රුපියල් බිලියන 6.5 ක් වෙද්දී ආදායම යාන්තම් රුපියල් බිලියනයකි. ඉතිරි රුපියල් බිලියන 5.5 දැරිය යුත්තේ එය භාවිතයට නොගන්නා බහුතරයකගෙන් යුතු පොදු ජනතාවයි.)

හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීමේ අවංක අරමුණ රටට ආදායමක් උපයා ගැන්ම නම් (එසේ නොවිය හැක) ඒවා අසාර්ථක ව්‍යාපෘතීන් බවට සැක නැත. ලංකාව ප්‍රධාන ගගන හා නාවුක මං මැද පිහිටා තිබීම ඇත්තකි. එසේ වූ පමණින් අපේ රට පසු කර යන හැම නැවක්ම ගුවන් යානයක්ම තෙල් ගහන්ට මෙහි එතැයි සිතීම මුළාවෙකි. එය කොළඹ සිට කතරගම වන්දනාවේ යන වාහන හැටහුටහමාර දෙස බලා "අනේ ඒ පාරේ තැනක (තංගල්ලේ කියමු) පෙට්රල් ෂෙඩ් එකක් දා ගත්තා නම් කොච්චර ලාභද?" සිතීම වැන්නකි. කොළඹ සිට කතරගම යන වාහනයක් සාමාන්‍යයෙන් කරන්නේ කොළඹදීම ෆුල් ටෑන්ක් ගහ ගන්නා එකය. එවිට මඟදී ඉන්ධන යළි ලබා ගැන්මේ අවශ්‍යතාවයක් නොවේ. මේ දැවැන්ත පරිමාවන්ගෙන් ඉන්ධන රැගෙන යා හැකි ගගන හා මුහුදු යාත්‍රා වල යුගයයි. උදාහරණයක් හැටියට දැනට බහුල ලෙස භාවිතා වන ලෝකයේ විශාලතම මඟී ගුවන්යානය වන එයාබස් ඒ380 ට සැතපුම් පහළොස් දහසක් පමණ නොකඩවා එක දිගට පියාසර කළ හැකිය. මත්තල එවැනි ගගන යානා ගොඩ බැසීමේ පහසුකම තිබුණු පමණින් එසේ කිරීම අවශ්‍ය නොවේ.

මත්තල ගුවන්තොටුපළ සේම මාගම්පුර වරායද 'හබ්' කරන්ට කලින් කළ යුත්තේ ඒවා ලාභදායී කිරීමයි. (හෝ අවම වශයෙන් අලාභදායී නොකිරීමයි.) එය තව වසර දහයකට මත්තෙන් නොවනු ඇතැයි සිතමි. 'හබ්' කරනවා නම් කළ යුතේ කටුනායක ගුවන්තොටුපළ හා කොළඹ වරායයි. ඊට යම් ක්‍රියාමාර්ග ගැණෙතද අප ගමන් කළ යුතු දුර බොහෝය. කටුනායක ගුවන් තොට හරහා තවමත් වසරෙකට ගමන් කරන මඟීන් ගණන ලක්ෂ 70 කි. ආසියාවේ කාර්යබහුලම ගුවන් තොට වන හොංකොංහි එය ලක්ෂ 600 කි. සිංගප්පූරුවේ චෑන්ගි ගුවන් තොට ලක්ෂ 530 කි. තායිලන්තයේ ස්වර්ණභූමි ගුවන්තොට ලක්ෂ 410 කි. ක්වාලාලම්පූර් ලක්ෂ 325 කි. ගගන නැබක් වනු පිණිස අප තෙව කෙතෙක් දුර ගමන් කළ යුතුද මෙයින් පැහැදිළිය.

6. දැනුම නැබ (නොලේජ් හබ්)

අවසානයේ සංචාරක කර්මාන්තය හැරුණු විට අපට ඉතිරි වී ඇති එකම විභවය මේ බව පෙනේ. දැනුම නිර්මාණය (හා වෙළඳාම) අතින් අප මේ වන විට ලබා ඇති සමහර ජයග්‍රහණ සිත් ගන්නා සුළුය. උදාහරණයක් ලෙස 2003 දී යාන්තම් ඩොලර් මිලියන 100 ක් වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා අපනයන 2015 දී ඩොලර් බිලියනය ඉක්මවීමට හැකිය. 1993 දී මෙම ලේඛකයා තොරතුරු තාක්ෂණ වෘත්තියකු වන අවස්ථාවේ රටේ සිටි එවන් 4,000 පමණ වූ වෘත්තික පිරිස 2013 දී 75,000 දක්වා වර්ධනය වී ඇති අතර 2015 දී එය ලක්ෂය ඉක්මවීමට නියමිතය. ලංකාව තොරතුරු තාක්ෂණ සේවා ලබා ගැන්ම පිණිස සුදුසු රටක් සේ නම් කෙරී ඇත්තේය. හැබයි තවමත් අප ඉන්නේ මේ විභවයේ උපරිමය උපයෝගී කොට නොගන්නා මට්ටමකය.

දැනුම යනු තොරතුරු තාක්ෂණයම නොවේ. අපේ සරසවි අන්තර්ජාතික මට්ටමින් ඇත්තේ කොතැනකද? අධ්‍යාපන ක්ෂේත්‍රයේ අප උපයා ගන්නා විදේශ විනිමය කෙතෙක්ද? ඉන්දියාව වැනි රටවල් පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා ලබා ගන්නා ආයෝජන අපට ලබා ගන්ටනොහැකි වී ඇත්තේ මන්ද? අඩු තරමින් බංග්ලාදේශයේ තරමට වත් විදේශීය සිසුන් ලංකාවේ සරසවි වලට නො එන්නේ ඇයි? මේ ඉදිරි වසර කිහිපය තුළ අප අනිවාර්යයෙන්ම සිතිය යුතු ගැටළු බවට පත් වේ.

සමාප්තිය

මේ ලිපියේ අරමුණ ජයසුන්දරගේ සුන්දර සිහිනය සිහිනයක්මය කීම නොවේ. අප එවැනි අන්තයකට යායුතුය මට නොසිතේ. හැබැයි, ඉහත පෙන්නා දුන් ආකාරයට සිහිනය එකකි. එය සැබෑ කර ගැනීම පිණිස රජය ඉදිරිපත් කරන ක්‍රමවේදය තව එකකි. මේ දෙක අතර ලොකු හිදැස්සක් පවතියි. එක්කෝ රජය විසින් අධිවේගී මර්ගයකැයි සිතා තෝරාගෙන ඇත්තේ සාමාන්‍ය එකකි. එසේ නොවේ නම් හරි මාර්ගය තෝරා ගෙන ඇතද ගමනට තෝරා ගෙන ඇත්තේ කරත්තයකි. අප කළමනාකරණයේදී නිතර ඉගෙන ගන්නාක් සේ පැරැණි ජයග්‍රහණ යනු අනාගත ජයග්‍රහණ ලැබිය යුතුය අනිවාර්යයෙන් තහවුරු කරන්නක් නොවේ. ලංකාවේ ඩොලර් 4,000 ක ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයක් කරා ළඟා වන්නේ විශේෂ වාතාවරණයකදීය (යුද්ධයේ නිමාව, නැඟ එන ආසියාව) . අප එහි සීමාවන් කරා ළඟා වී නැතැයි කෙසේ නම් පවසමුද? ඒ උපායමාර්ගයන්ගෙන්ම පමණක් ඊට වඩා විශාල අභියෝගයක් ජය ගනිමුය කෙසේ පවසමුද?

කෙටි කලෙකදී සුවිශේෂී ආර්ථික වර්ධනයන් හිමි කර ගත් රටවල් වේ නම් ඒ හැම එකක්ම එසේ කොට ඇත්තේ (විදේශාධාර නොලැබුණේ නම් හා එතෙක් නොදැන සිටි තෙල් වැනි ස්වාභාවික සම්පතක් හදිසියේ හමුනොවූයේ නම්)  යම් නිශ්චිත ප්‍රතිපත්ති දාමයකිනි. උදාහරණයක් හැටියට දකුණු කොරියාව එසේ කරන්නේ දැඩි ලෙස අපනයන හිතකර පරිසරයක් ගොඩ නැඟීම මඟිනි. එතුළ අපනයන කර්මාන්ත සුරැකීම රජය ස්වකීය යුතුකමකැයි සලකයි. ඔවුන් අනෙකුන්ගෙන් වෙන්කොට ගෙන මූල්‍ය පහසුකම් ලබා දෙයි. හැම කර්මාන්තයක්ම සම තත්වයෙහි ලා සැලකීම තුළ අපනයන වර්ධනයක් වන්ට ඉඩ නොතිබිණි. ලංකාවේ මෙසේ ආර්ථික වර්ධනයට ඍජුව දායකත්වයක් වන කර්මාන්ත අනෙකුන්ගෙන් වෙන්කොට සැලකීමක් නොවේ. එසේම රජය පුද්ගලික අංශයට කැමැත්තක් කර ගන්ට ඉඩ දෙනවා විනා නිශ්චිත දිරි ගැන්වීමක්ද නොවේ. ආර්ථිකයේ සමාන්‍ය වර්ධනයකට නම් ඒ ප්‍රමාණවත්ය. සුවිශේෂී වර්ධනයක් පිණිස ඒ ඇතැයි කිව නොහැකිය.

අවසාන වශයෙන් මධ්‍යම ආදායම් රටක් වුව අප තවම හැසිරෙන්නේ දිළිඳු රටක් විදිහටය. මධ්‍යම ආදායම් රටක් විසින් කළ යුතු හා නොකළ යුතු දේ තියේ. තව දුරටත් සහනාධාර රාජ්‍යයක් සේ හැසිරීමේ හැකියාවක් අපට නොවේ. සමාජ ආරක්ෂණය සෞඛ්‍යය හා අධ්‍යාපනයට සීමා විය යුතුය. දැවැන්ත රාජ්‍ය සේවාවේ යම් සංකෝචනයක් විය යුතුය. පුද්ගලික අංශයට මීට වඩා අවස්ථා හා නිදහස ලැබිය යුතුය. මුල්‍ය හා පොදුදේපල (ෆිස්කල්) ප්‍රතිපත්තීන්හි දැනට වඩා ස්ථාවර භාවයක් ඇති විය යුතුය. රාජ්‍ය සේවය මීට වඩා ආයෝජන මිත්‍රශීලී විය යුතුය. දේශපාලන අවශ්‍යතාවයන් පිණිස ආර්ථිකය බිලිදීම නතර කළ නොහැක්කේ නම් අවම කළ යුතුය. කොටින්ම ඩොලර් 7,500 ක ඒක පුද්ගල ආදායමක් යනු ප්‍රමුඛ උත්සාහයකින් තොරව ලබා ගත නොහැක්කක් බව අපට වැටහිය යුතුය.

62 comments:

  1. මට ඔය ගැන අදහසක් තියෙනව. පස්සෙ දාන්නම්

    ReplyDelete
  2. හොඳ විවරණයක්.. නාවික මූලස්ථානයක් වීමට අවශ්‍ය මූලික දේවල් කොළඹ වරාය විශාලනය කිරීම මගින් බොහෝ දුරකට ගෙනගොස් තිබෙනවා. නමුත් නැව් වලට සපයන අපේ ඉන්දන මිල ගණන් සිංගප්පූරුව මෙන් තුන් ගුණයකට ආසන්න මිලක් ගනිද්දී නැව් බඩු මෙහෙයුම් වලට නොවන නැව් (ඉන්ධන ජලය යනාදිය සඳහාත් වෙනත් සේවාවන් සඳහාත්) ගෙන්වාගැනීම අපහසුයි.. මේක විස්තර කරන්න ඉතිං වෙනම බ්ලොගක් ලියන්න වෙනවා. හතර පස් දෙනෙක් කියවයි..

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා එකෙක් හරි බලයිනේ... අනික සරා කැමති නම් මම මගේ එකේ දාන්නම්.. කිසි අවුලක් නෑ.. මොකෝ උඹලා සබ්ජෙක්ට් එක දන්න මිනිස්සු.. මේ රටට ඕන මිනිස්සු.. මේ රටේ මිනිස්සු..

      Delete
    2. සරත්,
      දන්න දේ ලියන්න. බලන කෙනෙක් බලයි තව අවුරුදු සීයකින් හරි! එහෙම බැරි නං ඔය මාතලන් කියන්නෙ මේකෙ දාන්නං කියල. ඕනනං මගේ එකෙත් දාන්නං. තුංහාරසීයක් වත් බලන්නෙ නැතෑ!

      Delete
    3. අනිවා සරත්අයියන්ඩි..මාතලන් අයියන්ඩි කියපු කතාව ඇත්ත.

      Delete
    4. රාඡ් අයියන්ඩි අමතක වුනා..එකගයි එකෙන්ම

      Delete
    5. සරත් ලොක්ක.....උඹ අපිට ඉන්න ....හිටපු සත්තලන් අවංක රාජ්‍ය සේවකයෙක්.....
      හැට පැන්නත් තාම රාජ්‍ය ....මගුල් විදිමින් ....ඉන්න එවුන් දෙසා බාන කතා අහල එපා වෙලා....
      ධර්ම කතා වලට වඩා..... ලියන්න සරා ඒවා.....
      හාබර් කතා මම ආසාවෙන් කියෙව්ව......
      චරිත ගොඩක් මුණ ගැසිල තිබුන නිසා ගොඩක් රසවත්....

      Delete
  3. මේ කාරණා දෙක සත්‍යද?
    1. ලංකාවට සංචාරකයින් වැඩිපුරම එන්නේ ඉන්දියාවෙනි.
    2. චීන ගණිකාවන් 3,000 පමණ අද කොළඹ සේවයේ යෙදී සිටිති.

    ඒවා සත්‍ය නම් හත්වෙනි නැබට (mating hub - සංසර්ග නැබ) පිවිසුමක් මෙතැනින් ගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. පළවෙනි එක නම් හැමදාම ඇත්ත..

      දෙවනි එකට උත්තරේ නම්, සීසන් එකට, ඒ කියන්නේ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා විශාල චීන හා රුසියානු ගණිකාවන් පිරිසක් ලංකාවට එනවා. ඒ නිසා ඔය දේශප්‍රේමීන් බය වෙන්න ඕන නෑ. අපේ කාන්තාවන් ගණිකාවෝ වෙනවා කියලා. ඇත්තම කතාව නම් වැඩි පිරිසක් කළු හමට කැමති නෑ..

      Delete
    2. මාතලන්,
      ටයර් වලටත් කැමති නෑ!

      Delete
    3. නාන්නේ නැති එකත් අවුලක්..

      Delete
    4. නිලියො කියලත් ගොඩක් නැහැනෙ ........
      ඉන්න හුත්තියොත්......අඩිය නැති සපත්තු කාර ඇමටියෝ ....එක්ක නොවැ ....
      ඕක පුදුමයක් නෙමේ.....සීසන් වලට ලෝකෙ යුනී වල ඉන්න කෙල්ලො පවා යනව හොද රටවලට....මාසෙට පොරොව කොටපු තැන ....පාර්ට් ටයිම් එකට විකුනන්න....
      මම දන්න ජප්පියො ඉන්නව ..... සිංග ඇවිල්ල .....යන....

      Delete
    5. කිවිඳිය:
      හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
      සක්කරවට්ටමක් යනකොට නළවාලා
      ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
      අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා

      මුලාසනය:
      හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
      කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
      ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
      " කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට "

      Delete
    6. මෙතනදී මහතීර් මොහොමඩ්ගේ ක්‍රමයට මම එකඟයි
      හැබැයි මෙතනදී කටවචනෙ මදි අනිවාර්යයෙන්ම බෞද්ධ ගෑනුන්ට ගනිකා වෘත්තිය නීතියෙන්ම තහනම් කල යුතුයි

      Delete
  4. හොඳට හෝ නරකට එක ආණ්ඩුවකින් හදන සැලසුම් ඊළඟ ආණ්ඩුවෙන් වෙනස් කරන එක තමා ලොකුම ආර්ථික හානිය.

    නීතිය වල්වැදී තිබෙන රටක සංවර්ධනය අවංකව සිදුකිරීම සඳහා අවශ්‍ය විනය තිබේද? අද වුනත් නීතිය සාධාරණව ක්‍රියාත්මකවීමට පටන්ගත්තොත් හයමාසයක් තුළ විශාල සංවර්ධනයක් දැකිය හැකියි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපාදන වලින් වැඩි ප්‍රමාණයක් වැයවෙන්නේ කාර්ය මණ්ඩල වැටුප් ගෙවීමට කියලා සෞඛ්‍ය ඇමැතිවරයාම කියනවා. එහෙනම් නොමිලේ සෞඛ්‍ය සේවාව කියන අරමුණ බිඳවැටී තිබෙනවා.

    උසස් අධ්‍යාපන ඇමති කියනවා විශ්ව විද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාර කාමර තරු පන්තියේ හෝටල්වල කාමර වගේ පහසුකම් වලින් යුක්තයි කියලා. ඒ කියන්නේ තව දුරටත් නොමිලේ අධ්‍යාපනය දීම දැන් නවත්ටන්න පුළුවන් කියන එකද?

    ReplyDelete
    Replies
    1. විචාරක,

      /*හොඳට හෝ නරකට එක ආණ්ඩුවකින් හදන සැලසුම් ඊළඟ ආණ්ඩුවෙන් වෙනස් කරන එක තමා ලොකුම ආර්ථික හානිය.*/

      මේකෙ ලොකු හානියක් නෑ, මොකඩ එහෙම හානියක් වෙන්න නම් කලින් සැලසුම හොඳ එකක් වෙන්න ඕනෙ. ලංකාවෙ රටට යහපතක් පමණක් අරමුනු කර ගත් සැලසුමක් කවදාවත් හැඩන්නෙත් නෑ, හඩෙන්නෙ දෙන්නෙත් නෑ.

      මම පුද්ගලිකව ලැබුණ අත්දැකීම් අනුව කියන්නෙ.

      -ප.ගෝ.

      Delete
  5. ලංකාවෙ තියෙන සියලු රාජ්‍ය ආයතන සේවා ආයතන විතරයි, ආදායම් උපයන ආයතන නෑ. ඒනිසා සෞඛ්‍යයෙන්, අධ්‍යාපනෙන්, ප්‍රවාහනෙන් හම්බකරනෙක තමා මුන්ගෙ අරමුණ. නිශ්පාදන ආර්ථිකයක් නැති, බදු වලින් ජීවත් වෙන රටකට මෙච්චරයි අඩුවක තිබුනෙ. ජනාධිපති ණය ඉල්ලන්න රට යන්නෙ වෙනම ගුවන් යානා බුක් කරගෙන කෝටි ගනන් නාස්තිකරලා. විලිලැජ්ජයි.

    ReplyDelete
  6. අද නම් තනිකරම දකුණු ඉන්දීය කතාවක කාබන් කොපියක්

    ReplyDelete
  7. හොද ලිපියක්..
    පක්ෂ පාට අමතක කරලා දැනුම සදහා කියවිය යුතුම ලිපියක්.
    එල ද බ්‍රා

    ReplyDelete
  8. කාලෙකින් කියවපු හොද ලිපියක් මෙවා අපේ ලොකු පුටු වල ඉන්න ඈයොන්ට නොතේරෙන එකනෙ කරුමෙ

    ReplyDelete
  9. සංචාරක ටැබ ගැන යමක් කියන්ඩ කැමතියි. සංචාරකයෙක් විදිහට එන එකෙක් එන්නේ සෑහෙන කාලයක් එක දිගට වැඩ කොට ගානක් ඉතිරි කරගෙන ඒකෙන් දන්න ඒකෙන් දාන්න පුලුවන් උපරිම ආතල් එක දාමා ආපසු ඒමටය​. එහෙම එකෙකුට ලංකාවට අඩගසා අර මාතලන් කියන්නා සේ මුහුදු වෙරළ, නටබුන් හා තේ වතු පෙන්නා සොලොස්මස්ථාව වන් දනා කරවා අපේ පැරණි රජ දරුවන් ගේ ප්‍රෞඩත්වය ගැන විස්තර කොටා පොව්වා උගේ ආතල් සල්ලි සහ කාලය සියල්ල කා දමා ආපසු එවීම මහා පවකි.

    ඒ එන එකාගේ අවශයතාවය සපුරන්නට බැරිනම් අපේ සිස්ටම් එකට කැමති එවුන් ගෙන් පමණක් සෑහීමට සිදුවේ. පබ්ලිසිටියද ඊට අදාලව දිය යුතුය​.

    ReplyDelete
    Replies
    1. අපේ සංචාරක ව්‍යාපාරේ හොඳයි හිඟන්නන්ට. ඊශ්‍රායලයේ ඉලාත් වල හිටපු මට මේවා දැක්කම හිනා යනවා. අපි මොනවද ටුවරිස්ට්ලට දෙන්නේ. සීගිරියේ ටිකට් එකක් 4000 යි. ගයිඩ් කෙනෙකුට 2000 යි 3000 යි. නිදහසේ නුවර වැව රවුමේ යන්න නෑ. සයිට් ගයිඩ්ලා වැහි වැහලා. බීච් එකේ නිදහසේ ඉන්න නෑ. ගිඟන්නොයි, වෙළෙන්දොයි, බීච් බෝයිස්ලයි වැහි වැහලා..

      Delete
    2. ලියපංකො මාතලන් උඹේ ෆීල්ඩ් එක ගැන පෝස්ට් වැලක්. ඒක දේශපාලන ලිවිල්ලටත් වැඩිය වටිනව. මොකදහැම එකාම දන්නෙ නැති සබ්ජෙක්ට් එකක් නෙව ඒක. (මම දවසකුත් කිව්වද කොහෙද උඹට)

      Delete
    3. @ මාතලන්
      රාජ් කිව්වත් වගේ උඹේ ෆීල්ඩ් එක ගැන, ඒ සම්බන්ද අතිදැකීම් ඒ ෆීල්ඩ් එක නග්ගලා ගන්න උඹ කරන යෝජනා වගේ දේවල් ටිකක් ලියපංකො. මොකද බහුතරයක් හරිහමන් විදියකට නොදන්න ෆීල්ඩ් එකක්නෙ ඕක.

      Delete
    4. aniwaa...mathalan,mamath america wala hobart nuwara iddi dakapu dewal ekka matath marenna hina yanawa

      Delete
    5. මට මග ඇරුන පිළිතුරු ළිපියක් තියෙනවා ලියන්න. ඉඩක් ලද වෙලාවක ලියන්නම්..

      Delete
    6. රාජ්.....අපේ සුද්දට ඌ කරන සබ්ජෙක්ට් එකෙන් ලියන්නෙ කොහෙද බං වෙලාවක්.....
      දවස ගානේ.......හිනා යන දේසපාලන සිද්දි වෙන රටේ..........
      හෙට උදේ..... අඩි නැති සපත්තු කියල ලිපියක් තියෙයිද....මන්ද....

      Delete
  10. ලංකාවට එන ටුවරිස්ට්ලා බොහොම ඉකොනොමික් එවුන් නේද මාතේ? රුපියල් හත් අටසීයක කාමරේක රෑට ලැගලා කඩෙං ආප්පයක් කාලා කීයක් හරි ඉතුරුත් කොරං යන්ට නේද බලන්නෙ? (අපේ උනුත් බලාඉන්නෙ ඉතිං සුද්දංව මිරිකලා ඉස්ම ගන්නනෙ) ඉතිං අර හබ් එකද මොකද්දෝ එක කොහොමෙයි හදන්නේ?

    ReplyDelete
    Replies
    1. එහෙම සෙට් එකකුත් එනවා.. උන්ට කියන්නේ බැග් පැකර්ස් කියලා.. ඔය බස් වල කෝච්චිවල යන්නේ, චූන් පාන් එකෙන් කිඹුළෝ අරගෙන කන්නේ, එළෝළු රොටි කන්නේ උන්.

      තව සෙට් එකක් එනවා කොම්පැණි වලින් පැකේජ් එකකට. උන් තනිකර පැකේජ් එක විතරයි. හොටෙල් බුක් කරන්නේ බී බී. ඒ කියන්නේ බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට්. ඒ කියන්නේ කාමරෙයි උදේ කෑමයි විතරයි ගම්බ වෙන්නේ. මුන් දවල්ට කන්න බෙක්ෆස්ට් එකෙන් කෑම උස්සගෙන එනවා. රෑට කන්න සුපර් එකෙන් බිස්කට් හරි මොනවා හරො ගෙනියනවා. මෙළෝ දෙයක් ගන්නේ නෑ. ගත්තත් ගන්නේ ලාබම් තැන් හොයලා. හරියට අපෙ උන් සීනී සම්බල් හදාගෙන බැංකොක් යනවා වගේ.

      කීයක් හරි වියදම කරලා, හොඳ ටිප් එකක් කාටත් දීලා යන සුද්දෝ බොහෝම අඩුයි.

      රුසියන් කාරයෝ එන නිසා යුරෝපෙ හොඳ සුද්දෝ එන්නේ නෑ. අරාබි උන්ගෙන් තමයි ඇදගෙන යන්නේ.

      Delete
    2. @ මාතලන්
      //රුසියන් කාරයෝ එන නිසා යුරෝපෙ හොඳ සුද්දෝ එන්නේ නෑ.//
      මොකක්ද බං ඒකට හේතුව?

      Delete
    3. රුසියන් කාරයෝ පට්ට බේබද්දෝ. බස් ගෲප් එකක් එහෙම හොටෙල් එකෙකට ආවෝත් විනාසයි. අපේ උන් විනෝද චාරිකාවක් යනවා වගෙහ් කියලා හිතාගනින්කෝ.. පැමිණීම හොඳයි.. හැසිරීම අන්තිමයි..

      Delete
    4. ජර්මන් උන්ට රසියන් උන්ව පේන්ඩ බෑ ඔය හැසිරීම අන්තිම හින්දා. රසියන්ස්ලා කීප දෙනෙක් ඉන්න රෙස්ටොරන්ට් එකකක්ටවත් ජර්මන්ස්ලා යන්නෙ නෑ..මම හිතන්නෙ ජර්මන්ස්ලා තමා වැඩියෙන්ම වියදම් කරන්නෙ නම්..

      Delete
  11. ලිපිය සුන්දර හීනයක් පෙන්නනවා රටින් රටට පැන පැන, එත් ඒ හීනේ අපිට පෙන්නනේ ජයසුන්දර ගොයියා, මුන් මොන ප්‍රොජෙක්ට් පටන් ගත්තට් අඩුම ගානේ නෙට් ප්‍රසෙන්ට් වැලිව් එකවත් බලනවද මන්දා, හැබැයි කොහෙන් හරි ආචාරියාලා. පෙන විදියටනම් ණයට හෙනම කුඹුරක් අරන් එකට ණයට බීජත් අරන් එකට වගා කරන්න ණයට තෙල් පොරත් අරන් වගාකරලා හම්බ වෙච්ච අස්වැන්න නයට හිලව් කරනවා වගේ, බලන් යන කොට අපේ උන් කරලා තියෙන්නේ මඩ කරලා හාල ගොයම් කපලා කොළ මැඩලා විතරයි, වැඩිමනක් වැඩ වලට ඕන වෙන්නේ මී හරක් විතරයිනේ, ඉතින් මී හරක්ගෙන් වැඩ ගන්නත් එපයි.

    අලි පුකෙන් වැටෙන දිවුල්
    පුස්මයි ඇතුල ලොවෙත් අවුල්
    අඩුකල විට බලා තුන් කල්
    ලාබයි නොවේද මේ ඇපල්

    චීනා ආවේ ජින් පින්
    දීලා යන්නයිනේ යෙන්
    කාලා උන් නම් සුවෙන්
    උඹලා තාමත් ඇයි දුකෙන්

    කෙතුමතිය මුහුද ගොඩකර
    තනනවා චින්තනය දිගු කර
    උඹලා මොටද කරදර
    වෙන්නේ ඉරිසියා කරකර

    නියන් නැත මේ රටේ
    ඉසුරින් පිරී ඇත කැටේ
    ඈස්චර්යය නෙත ගැටේ
    නෙතගින් කඳුළු කැට වැටේ

    ReplyDelete
    Replies
    1. වල්ලා පට්ට... ඒ කියන්නේ පට්ටෙත් උපරිම..

      Delete
  12. මම බාගෙට මේ ගැන ලියුමක් ලියාගෙන යද්දී මේක පළවුණේ. නියමයි. අපි හැමෝම එකම දේ ගැන හිතන්නේ කොහොමද ? මට අදහස ආවේ චීන ජනපතිගේ ආගමනය නිසා. ලිපිය ඉතාම කාලෝචිතයි.

    ReplyDelete
  13. ඔය මොන සෙද්ද කරන්නත් අපිට ස්ථිරසාර ප්‍රතිපත්තියක් ඕනෙයි කියල චානුකට කියහං..

    ReplyDelete
  14. ගොඩක් වටින ලිපියක්, කීප සැරේකට නැබෙන් නැබට සැරින් සැරේ කියවුවේ,,, ඔයාගේ කමෙන්ට් වලිනුත් තේරුණු විදියට සංචාරකයන්ගේ ප්‍රමාණය නෙමේ වැදගත් නේද,, ගුණාත්මක ප්‍රමාණය තමයි,,, මෙහෙ ජුයිස්ලා දැන් ලෝබ කමට යන්නේ ටර්කි ශ්‍රී ලංකා යනවා අඩුයි,, ඒකට හේතුව ඒ රටේ ගුවන් සේවය හරහා පුදුම සපෝර්ට් එකක් දෙනවා සංචාරක කර්මාන්තෙට,, ඒ වගේම පුදුම ලාබ පැකේජ් තියෙනවා සංචාරකයන් වෙනුවෙන්ම,, .... මං සතියක නිමාඩුවකට යන්න ඉන්නේ.

    මගේ කියුබා ගිය යාලුවෙක් කිවුවා කියුබාවේ සංචාරකයෝ ගියාම පාවිච්චි කරන්න දෙන්නේ ඒ රටේ සල්ලි නෙමේලු,, සංචාරකයන්ට පාවිච්චි කරන්න වෙනම සල්ලි ජාතියක් තියෙනවලු,, සාමාන්‍ය සල්ලි සංචාරකයෙක් වැඩිපුර දුන්නත් ඒ රටේ වෙළෙන්දෝ ගන්නේ නාහ්ලු,,, සංචාරකයන්ට බඩු විකුනද්දී හිතු හිතු ගණන් වලට විකිණීමක් නැහැලු හැමදේම රජයේ මැදිහත් වීමෙන් සිද්ද වෙන්නේ පිටින් එන මිනිස්සුන්ට ලොකු පැහැදීමක් ඇතිවෙන විදියට ,

    //අප අද කල්පනා කළ යුත්තේ මුහුදු වෙරළ, නටබුන් හා තේ වතු පෙන්වීමෙන් එපිට ගිය සංචාරක කර්මාන්තයක් ගැනයි. දේශීය සංචාරක කර්මාන්තයේ මේ විභවය ඇත. අවශ්‍ය වන්නේ එය නිසි පරිදි උපයෝගී කොට ගැන්මයි.
    /// yes

    ReplyDelete
  15. අවංකවම මුල් ඡෙද 3 කියෙව්වට පස්සෙ මම මේක කියෙව්වෙ නෑ, මගෙ නූගත් කමටඩ කොහෙද ගොනා හැරෙන්නෙ පොල් පැලය කන්න වගෙ තේරුමක් ආපු නිසා.

    මගෙ චූටි මෝලෙට තේරෙන්නෙ ඔය ඒක පුද්ගල ආදායමෙ වැඩිවීමට රුපිලයේ බාල්දු වීම අදාල නැද්ද කියන විකාරයි.

    අනවශ්‍ය පුල්ගල වන්දනාව, මේ චානුකම තමයි ඔහුට රස්සාවක් ලබුන පලියට ගොටා හොඳම රාජ්‍ය නිලදාරිය කරෙ, ප්‍රශ්නෙ ගෝට හොඳද නරකඩ කියන එක නෙවෙයි, චානුක ඒහෙම කිව්ව හේතුව. මේ පාර පී.බී. ව.

    අවසානයෙ චානුක හදිසියෙ නින්දෙන් ඇහැරිලා වගෙ මේ ජාතියෙ එකම ටයිප් එකෙ ලිපි ලියනෙ මොන හේතුවකටද කියන ප්‍රශ්නෙ


    -ප.ගෝ.




    ReplyDelete
  16. ජයසුන්දරගේ සිහිනය යතාර්ථයක් කරගැනීමට හැකිනම් ආශ්චර්යාය ඇත ළඟය , එහෙත් ඒ සඳහා ක්‍රමවත් සංවිධානාත්මක වැඩපිළිවෙලක් අවශ්‍ය වේ, නමුත් පාලකයින් කරන්නේ සුරංගනා කතා කීම පමණි.

    ReplyDelete
  17. මොන බයිලා ගැහුවත් පවතින දේශපාලන ආර්ථික සිස්ටම් එක තුල සිදු වන්නේ අධික ණය පොම්ප කිරීමකින් සිදුවන යටිතල පහසුකම්හි සංවර්ධනයක් පමණි.අලුත් ආයෝජකයන් පැමිණීමක් හෝ රටේ ජනතාවගේ ක්‍රය ශක්තියේ ඉහල යෑමක් දැකිය නොහැක.මේකත් හරියට පඩිය වගේ සිය ගුණයක ලෝන් දමා ගේ ටයිල් කර එල් ඊ ඩී ටී වී කාර් බාර් අරගෙන ඉතුරු වුන මුදලින් හොඳ පාටියකුත් දමා ණය වාරික ගෙවන්න තවත් ලෝන් ගැහීමේ සිස්ටම් එකකි.දැන් ඇති එකම විසදුම ඉන්දියන් කාරයන්ට කැසිනෝ ගැසීමටත් බඩු ගැසීමටත් හැකි විදිහේ ෆන් හබ් එකක් බවට කොළඹ පත් කොට විලිලැජ්ජාව කපා ගත් සංවර්ධනයකි.

    ReplyDelete
  18. මාතලන් සින්ඩිය ප්‍රොමෝ බැනර් එක picture එකක් විදියට තමා අපි දාන්නේ. එක නිසා වෙන තැන වලට අපේ බ්ලොග් පේස්ට් කරන කොට එරර් එකක් සමහර විට එනවා. පුළුවන් නම් HTML කෝඩ් එකක් හදල දෙන්න එතකොට errors එන එක තැනක් අයින් වෙනවා.
    මේකේ ඉන්න සොෆ්ට් වෙයා පකීර් ලට සුළු දෙයක්. කව්රු හරි හදල දීපල්ලා කෝ.

    ReplyDelete
    Replies
    1. එකෙක් නෑ මචෝ අද වෙනකන් එහෙම පොඩි සප් එකක් වත් දෙන්න..

      Delete
    2. මගේ බ්ලොග් එක පිස්සු කෙලිනවා

      Delete
    3. මමයි ඕක දැම්මේ ඊයේ ඉඳන් බ්ලොග් එකට කෙලවෙලා
      මමලියල දාපු අලුත් පොස්ට් එක යන්නෙත් නෑ

      Delete
    4. උඹ මාර බඩුවක් නේ.. ඉතින් ඒ මළදානේ අයින් කරහන්..

      Delete
    5. එක අයින් කරලත් බැලුව හරිගියේ නෑ.
      මම කොමෙන්ට් දාන කොට ඇනෝ වෙලා යනවා. පොස්ට් එක දානකොට බාගෙට යන්නේ. නැත්තම් යන්නෙම නෑ
      මේක හදාගන්න දඟලනකොට තමා ඔය අඩුපාඩුව අහු උනේ. අහු උණු වෙලාවේ තමා කිව්වේ. එකත් ඇනෝ ගියේ.
      දැන්නම් ඇනෝ යන්නේ නෑ පොෆයිල් යනවා.
      මේ දැන් ටෙස්ට් පොස්ට් එකක් දැම්ම එකනං ගියා. එත් සින්ඩි සහ බ්ලොග් රෝල් අප්ඩේට් වෙන්නේ නෑ

      Delete
    6. බොහොම ස්තූතියි.. සින්ඩියෙන් මෙතනට කෙලින්ම ලින්ක් එකක් දැම්මා..

      Delete
    7. ඕකනේ කියන්නේ අඬන්න ඕන කියල කිරි එරෙන්න.

      මගේ වැඩෙත් ගොඩදාගත්ත දැන් හරි අප්ලෝඩ් උනා

      Delete
    8. තංකූ ඇනෝ
      width="200"height="190" තියෙනවනම් හොඳයි
      හැබැයි අනෝ අර කැටයම් දාල තියෙන එකට වඩා අමු අමුවේ තියෙන පින්තුරේට මම නං ආසයි.

      මාතලන් ,
      ලින්ක් එක දෙන්නේ නැතිව ඇනෝ හදල එවන HTML කෝඩ් එක කොපි කරලා සින්ඩියට දාන්න
      වෙනස් කරන්න ඕන නම් කියන්න පරණ එකම ඇනොට කියල හදාගෙන දාමු

      Delete
    9. මේ විදියට් වෙනස් කරපු එකයි පරණ එකයි දෙකම මගේ බ්ලොගේ තාවකාලිකව තියනවා.කැමති එක කියන්න

      Delete
    10. කැමති එකක් තියා ගනින් මචෝ.. මට ඕක එච්චර මෙව්වා එකක් නෑ.. මට ඕන හැම එකාම බ්ලොග් ලියනා.. ඒවා අප්ඩේට් කරන්න..

      Delete
    11. මම ඔයාගෙ එකනම් දැම්මා.මගේ එක තාම නෑනෙ?

      Delete
  19. Main opposition UNP parlaimentarian Buddhika Pathirana yesterday told Parliament that 152 of the 225 members in the present House had failed the GCE Advanced Level Examination while 94 members had failed GCE Ordinary Level examination,

    “This is today’s state of affairs in the Parliament where the country was being administrated. Although I don’t have statistics on the situation in the Provincial Councils and other local bodies, I’m sure it cannot be better” Mr. Pathirana told the Daily Mirror.

    He said he agreed that examinations meant brushing up knowledge and not intelligence because there were people who achieved so much without paper qualifications.

    “There have been and there still are successful politicians and intellectuals though they haven’t had good results but there aren’t many of them. The educational background and qualities of most politicians chosen by the people are degrading,” he said.

    He said even a school child was not in favour of becoming a politician because of the image they had today. “Students want to become doctors and engineers. They will never want to become politicians. Students are using words like fraudster, liar and swindler to describe a politician,” he said.

    He further said one might guess the numbers of MPs who had failed the A/L and O/L examinations did not tally but they must understand that there were MPs who had failed both the O/L and A/L examinations as well.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට එයාගේ වැට මොන්ටිසෝරී පොඩි උන්ටත් පරාදයි.. මේ ළඟදි නැට්ට පිටින් අමු මිරිස් කාපු ගොන් බාස් කෙනෙක්නේ..

      Delete
  20. ඇයි බන් එහෙම කියන්නෙ ඌට තියෙන වැඩ උබටකියන්න ඕන නෑනෙ උබ කැමති දේවල්ද උගෙ බොගෙ දන්න ඕනෙ.කුණුහරුප කිය කිය ඉන්නෙ උබට වෙන වැඩ නැද්ද

    ReplyDelete
  21. සින්ඩියේ ඉමේජ් එක දාන්න බෑ එරර් මසේජ් එකක් එනවා

    ReplyDelete
  22. Please be kind enough to add my blog too http://slusatranslator.blogspot.com/

    ReplyDelete
  23. මගේ බ්ලොග් එකත් ඔබේ සින්ඩියට ඇතුලත් කරන්න පුළුවන් නම් ඉතාමත් ස්තුතිවන්ත වෙමි. ඔබගේ සින්ඩිය මගේ බ්ලොග් එකට ඇතුළු කළා
    මගේ බ්ලොග් එක - https://sithiwilimanpetha.blogspot.com

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න