.

.

.

.

Sep 26, 2014

සාමූහික කැබිනට් වගකීම හා චම්පික රණවකගේ දෙබිඩි දේශපාලනය - Collective Cabinet Responsibility and Champika Ranawaka's politics

-

- චානුක වත්තේගම -

1970 දී එඩ්වඩ් හීත්ගේ කන්ස’වේටිව් කැබිනට්ටුවේ අධ්‍යාපනය හා විද්‍යාව පිළිබඳ රාජ්‍ය ලේකම් ධුරය හිමි වන්නේ එවකට හතළිස් පස් වැනි වියෙහි හුන් මාග්‍රට් තැචර්ටයි.  ඇමැතිවරියක සේ තම ධුර කාලයේ පළමු මාස කිහිපය තුළම ඇය දැඩි අප්‍රසාදයට ලක් වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වියදම් කැපීම් නිසාය. ඉන් එක් වියදම් කැපීමක ප්‍රතිඵලය වන්නේ වයස අවුරුදු හතේ සිට එකොළහ දක්වා වූ දරුවන්ට එතෙක් පාසලෙන් නොමිළයේ ලබා දුන් කිරි වීදුරුව අහිමි වීමයි. මේ ජනප්‍රිය නොවන තීරණය විරුද්ධ පක්ෂය ඉක්මණින් හා සාර්ථකව ප්‍රයෝජනයට ගනියි. "මාග්‍රට් තැචර් - මිල්ක් ස්නැචර්" කුප්‍රකට සටන් පාඨය බිහි වන්නේ එහි ප්‍රතිඵලයක් හැටියටයි. ජන ජීවිතයට ඍජුව බලපාන මේ තීරණයට එරෙහිව රට පුරා ඇතිවන උද්ඝෝෂණයන්හි තාපය කෙතෙක්ද යත් තමන් එක් අවස්ථාවක දේශපාලනයට සමු දෙන්ට පවා අදහස් කළ බව තැචර් පසුව සිය ස්වයංචරිතාපදානයෙහි සඳහන් කරන්නීය. එහෙත් ඇය නොකඩවා ඒ තීරණය වෙනුවෙන් පෙනී සිටියි. කිරි වීදුරුව නොමිළයේ ලබා නොදීම නිසා විරුද්ධ පක්ෂය අදහස් කරන පරිදි දැවැන්ත පෝෂණ ගැටළුවක් පැණ නොනඟින බව පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ප්‍රකාශ කරයි.

සත්‍යය තැචර් මේ කිරි වීදුරුව කපා දමන්ට මුල පටන්ම විරුද්ධ වූ බවයි. ආධුනික ඇමැතිවරියක මෙවන් ජනප්‍රිය නොවන තීරණ ගන්නේ නම් ඇයට යම් පිස්සුවක් තිබිය යුතුය. ඇය මේ තීරණයට එරෙහිව දැඩි ලෙස කැබිනට්ටුව තුළදී පෙනී සිටියි. එය නොකළ හැක්කකැයි නිගමනය වන්නේ මුදල් ඇමැතිවරයාගේ බලපෑම මතය. එහෙත් කැබිනට්ටුවෙන් පිටතදී තම පෞද්ගලික මතය ගැන වචනයක් හෝ නොදොඩන තැචර් කැබිනට්ටුවේ පොදු මතය වෙනුවෙන් පෙනී සිටින්නීය. අකැමැත්තෙන් හෝ එය තමන්ගේද මතය කර ගන්නීය. ඇගේ විරෝධය හෙළි වන්නේ යම් නිශ්චිත කාල සීමාවකට පසුව පැරැණි කැබිනට් ලේඛන ජනගත වීම නිසාය. අඩු තරමින් විශ්‍රාම ගැනීමෙන් පසුව හෝ ඒ ගැන කතා නොකරන්ට ඇය පරෙස්සම් වෙයි.

මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්තවාදයක් තුළ සාමූහික කැබිනට් වගකීම අකුරටම ඉටු වූ එක් අවස්ථාවක් ලෙස දැක්විය හැක්කේය.

අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම යනු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක නෛතිකව නුවුවද සදාචාරාත්මකව සියළු ඇමැතිවරුන් අනුගමනය  කළ යුතුය සැලකෙන ක්‍රියා දාමයකි. එක්සත් රාජධානියේ එය අමාත්‍යවරුන් විසින් පිළිපැදිය යුතු සාර ධර්මයක් සේ අමාත්‍ය සංග්‍රහයෙහි (මිනිස්ට්‍රියල් කෝඩ්) දැක්වේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම අමාත්‍යවරයකුට තම ප්‍රතිපත්තීන් ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කිරීමේ වගකීම පැවරේ. මේ අසීරු කටයුත්තකි. මේ අසීරු කටයුත්තේදී සිය සගයින් තමන් හා හිඳිනු ඇතැයි ඔහු බලාපොරොත්තු වෙයි. එසේම තම සගයින් අසීරුවට පත් වන අවස්ථාවක ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමේ සදාචාරාත්මක වගකීමක් තමන්ට ඇතැයි පරිණත අමාත්‍යවරයෙක් හැමවිටම විශ්වාස කරයි. 18 වන හා 19 වන සියවස් තරම් අතීතයට දිව යන මේ සංකල්පයේ පදනම මේය.

අද අපේ රටේ වෙමින් පවතින්නේ කුමක්ද? කැබිනට් අමාත්‍යවරු රාශියක් තම ධුරයන්හි රැඳෙමින්ම තම කැබිනට් සගයන්ගේ ක්‍රියා කලාපයන් හා අමාත්‍යාංශ විවේචනය කරන තැනට පත්ව සිටිති. අලුත්ගම ජනවාර්ගික ගැටුම් වලදී සිදු වූ විනාශය, මරණ හතරක් හා විනාශ වූ තුන්සිය ගණනක් වෙළඳ ස්ථාන හා නිවාස, ගැන තමන් ලජ්ජාවට පත්වන බව කියන්නේ අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම්ය. ඇත්ත. එවන් පදවියක් දරමින් සිටියදී මේ අවාසනාවන්ත සිද්ධීන් ඇති වීම ගැන ඔහු ලජ්ජා විය යුතුය. එහෙත් ඒ ලජ්ජාව පදවිය අතැර දැමීමට තරම් ප්‍රබල නොවේ. තවත් කට සැර අමාත්‍යවරයකු වන විමල් වීරවංශගේ කෝපයට ලක්ව සිටින්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දරය. මාස කිහිපයකට වරක් ඔහු තම අමාත්‍යාංශයේ සිට මිසයිලයක් දෙකක් මුදල් අමාත්‍යාංශයට යොමු කරයි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ කේන්තියට හේතුව මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදයලු. ඊට පදනම් වන්නේ ප්‍රතිපත්තිමය හේතුවක්ද පෞද්ගලික හේතුවක්ද දන්නේ ඔහුම පමණෙකි. මෙ ලැයිස්තුවට අළුතින්ම එක්ව ඇත්තේ කාලයක් යම් සංයමයකින් හා වගකීමකින් යුතුව හැසිරුණු චම්පික රණවක අමාත්‍යවරයාය. මේ ලියන මොහොත වන විට ඔහු අන් සියළු අමාත්‍යවරුන් පරදවමින් කැබිනට් සාමූහික වගකීම උල්ලංඝනය කරන්නේද ප්‍රශ්නය යමකුට මතුවන තැනට පත්ව සිටියි.

පසුගිය මාස කිහිපය තුළ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය චම්පික රණවක තමන්ගේ විෂය පථයෙන් පරිබාහිර වෙනත් අමාත්‍යාංශයන්හි ප්‍රතිපත්තීන් ඍජුව හා ප්‍රසිද්ධියේ විවේචනයට බඳුන් කළ තැන් කිහිපයක්ම වේ. ඉන් එකක් නම් වර්තමාන රජයේ සේවා ආර්ථිකයට මුල් තැනක් ලබා දීමේ ප්‍රතිපත්තිය පොදුවේත් සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීමේ ප්‍රතිපත්තිය විශේෂයෙනුත් විවේචනය කළ අවස්ථාවයි. විවේක හා විනෝද ආර්ථිකයකැයි ඔහු විසින් හඳුන්වා දෙනු ලබන, වර්තමානයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් කරගෙන යනු ලබන ක්‍රියාදාමයන් ගැන අමාත්‍ය රණවක මෙසේ කියයි (පරිවර්තනය අපෙනි.):

"විවේක හා විනෝද ආර්ථිකයේ දීපව්‍යාප්ත විස්තාරණය නව සමාජ අර්බූදයකට මඟ පාදා තියේ. එසේම (එනිසා) සමාජයේ දූෂණය හා යහපාලනය පිළිබඳ විවේචනාත්මක කතිකාවක්ද ආරම්භ වී ඇත. පැහැදිළිවම සමාජයේ විශ්වාසය නායයෑම දැනටමත් සමාජ ප්‍රාග්ධනය නිර්මාණය වීමට බාධාවකි. අනෙක් අතට අවිධිමත් කාර්මීකරණ පිළිවෙත නිසා ඇතිවී තිබෙන වාච්‍යාර්ථයෙන්ම 'විෂකුරු' පරිසරය ආහාර නිෂ්පාදනයට හා සෞඛ්‍යයට අහිතකර ලෙස බලපායි. තත්ත්වය කෙතෙක් පිරිහී තිබේද කියතොත් රටේ ශිෂ්ඨාචාරයට පවා එයින් දරුණු අභියෝගයක් එල්ල වී තියේ. එහි ප්‍රතිඵල කොටසක් ආර්ථිකයටද දැනෙනු ඇත්තේය."

අමාත්‍ය රණවකගේ දෙවන ප්‍රහාරය බලයෙන්ද එල්ල කරන ආකාරයෙන්ද මීට වඩා සුවිශේෂීය. ඔහු එය එල්ල කරන්නේ තමන් මින් පෙර විෂය භාර අමාත්‍යවරයා වූ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයටයි. 'බලය හා බලය' නම් වූ ස්වකීය ග්‍රන්ථය ඔහු එළි දක්වන්නේ සාමාන්‍යයෙන් චාම් ලෙස පැවැත්වෙන පොත් දොරට වැඩීමේ උත්සවයන්ගෙන් අපසරණය වෙමින්, සෝබන දර්ශනද අඩු නැතිව දැකිය හැකි උළෙලකදීය. මෙහි ඔහු රාජ්‍ය බලය නිරූපණය පිණිස සිරුර කළු පැහැ කොට ගත්, කඩුවක් අතින් ගත් අඩ නිරුවත් තරුණයකුද විදුලි බලය නිරූපණය පිණිස එසේම සුදු පැහැ අඩ නිරුවත් තරුණයකුද යොදා ගනියි. මෙයින් ඔහු අදහස් කරන්නේ කාල වර්ණ රාජ්‍ය බලය අභිභවා ශ්වේත වර්ණ විදුලි බලය ජය ගැනීම විය හැකිය. අනෙක් අතට කාලවර්ණය වර්තමාන විදුලිබල කළමණාකාරිත්වය සංකේතවත් කිරීම පිණිස ඕනෑ කමින්ම යෙදුවාද විය හැකිය. මන්ද අදාළ ග්‍රන්ථයේ ඔහු කියන්නේ එවැනි කතාවක් නිසාය.

මේ උත්සවයේදී අමාත්‍ය රණවක කරන කතාව අකුරක් අඩු නැතිව ඔහු විසින්ම 'යූ ටියුබ්' වලට එක් කොට ඇත්තේය. ('බටහිර', 'තුප්පහි', අධිරාජ්‍යවාදී' සමාජ මාධ්‍ය විවේචනය කරන වෙනත් ඇමැතිවරුන් මෙන් නොව රණවක අමාත්‍යවරයා සමාජ මාධ්‍ය උපරිම ලෙස භාවිතා කරන්නෙකි.) මේ කථාව අසන්නකුට අප සවන් දෙන්නේ කැබිනට් අමාත්‍යවරයකුටද නැත්නම් රටේ විපක්ෂ නායකයාටද කියන ප්‍රශ්නය ඇති වීම සාධාරණය. ඇත්තටම මේ තරම් දැඩිව රාජ්‍ය ප්‍රතිපත්තීන් විවේචනයේ නියැළෙන විපක්ෂ මන්ත්‍රීවරු වෙත් නම් ඒ අතළොස්සකි. සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක දැඩිම විවේචකයා විය යුතු විපක්ෂ නායකයා ගෙන් පවා මම කිසි දිනෙක මේ තරම් නිර්දය විවේචනයක් අසා නැත්තෙමි. අමාත්‍ය රණවක විදුලිබල මාෆියාවක් ගැන කියයි. එසේම විදුලිබල ක්ෂේත්‍රයේ ‘සුදු කරපටි අපරාධකරුවන්’ ගැනද කියයි. (ඔහු අදහස් කරන්නේ ඔහු අමාත්‍ය ධුරය දරණ සමයේද අමාත්‍යාංශයේ සිටි සමහර අමාත්‍යාංශ නිලධරයින් ගැන විය යුතුය සිතමි. ඔවුන් එවක ‘සුදු කරපටි අපරාධකරුවන්’ නුවූයේද ප්‍රශ්නය මතු නොකරමි.) රුපියල් 103 ට ගෙන එන ඩීසල් රුපියල් 121 ට විකිණීම ගැන ද, රුපියල් 97 ට – රුපියල් 100 ට ගෙන එන පෙට්රල් රුපියල් 162 ට – 170 ට විකිණීම ගැන ද ජනතාව දත යුතුය කියයි. (මෙයින් හැඟෙන්නේ ඔහුද අමාත්‍ය ධුරයක් දරණ වර්තමාන ආණ්ඩුව මේ දත්ත මහ ජනතාවගෙන් වසන් කිරීමේ වෑයමක නිරත බවද?) පළමු හය මස තුළ රුපියල් මිලියන 7,000ක පාඩුවක් අපේක්ෂා කළ ලංකා විදුලිබල මණ්ඩලය එය මිලියන 21,000 කර ගත්තේ කෙසේ ද අසයි. අවශ්‍ය බලශක්ති ප්‍රතිපත්තිය හා මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට සියල්ලන් එක්විය යුතු කාලය එළැඹ තිබේය කියමින් ඔහු කතාව අවසාන කරයි. එහෙත් ඒ අවසානය නොවේ. විවිධ ස්ථානයන්හි පැවැත්වෙන ප්‍රාදේශීය එළි දැක්වීම්, කතිකා වලදී ඔහු සිය විවේචනය ඉදිරියට ගෙන යයි. පොත් ප්‍රදර්ශනයට සමගාමීව මූලික අධ්‍යයන ආයතන ශාලාවේදී පැවැත්වූ 'කතිකාවේදී' ඔහු නොරොච්චෝලේ බලාගාරය පිළිබඳව යම් සැර විවේචන කිහිපයක් කලැයි ඇසීමි. තහවුරු කර ගත නොහැකි වූ නිසා ඒවා මෙහි නොදක්වමි.

වෙනත් අවස්ථාවන්හිදී කෙසේ වෙතත් මෙහිදී වත්මන් විදුලි බල ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි හැසිරෙන ඉවසිලිමත් හා පරිණත ආකාරය අපේ ගෞරවයට බඳුන් විය යුතුය සිතමි. ඇය මේ නිර්දය විවේචනයන්ට පිළිතුරු දෙන්ට නොයන්නීය. ඇය එසේ කළා නම් රජය දැඩි අපහසුවකට පත් වන්ට ඉඩ තිබුණේය. මේ පොත ගැන කියන්නේ කුමක්ද පුවත්පත්කලාවේදියකු ඇසූ විට එය තවම කියවන්ට නොලැබුණේය කියයි. මේ පිළිතුරම ඇය ඊට ලොකු වැදගත්කමක් නොදෙන බව ව්‍යංගයෙන් කීමකි. මේ කැබිනට් අමාත්‍යවරියකගෙන් අප බලපොරොත්තු වන වගකිවයුතු හැසිරීමය මම සිතමි. මුලදී විෂයට ආගන්තුක බවක් දැක්වුවද ඇය ඉක්මණින් යම් යම් දේවල් උගෙන ගෙන ඇති සෙයක් පෙනේ.

තමන් කරන්නේ හෘදය සාක්ෂියට අනුව කටයුතු කිරීමය මෙහිදී චම්පික රණවක අමාත්‍යවරයාට ප්‍රකාශ කළ හැකිය. එය ඇත්තක්ද විය හැකිය. කැබිනට් අමාත්‍යවරයකුට පවා හෘදය සාක්ෂිය අනුව කටයුතු කිරීමේ බාධාවක් නොවේ. එහෙත් එය කරන ආකාරයක් වේ. සර් අයිවර් ජෙනිංග්ස් තම 'කැබිනට් ගවන්මන්ට්' හි එකී ක්‍රමවේදය නිදසුන් සහිතව සඳහන් කරන්නේ මෙලෙසිනි.

“කැබිනට් තීරණයක් වෙනුවෙන් පෙනී සිටින්ට සූදානම් නැති ඇමැතිවරයකු වේ නම් හෙතෙම ඉල්ලා අස්විය යුතුය. එවැනි ඉල්ලා අස්වීම් ගැන උදාහරණ රාශියකි. පැල්ම'ස්ටන් සාමිවරයා 1853 දී ඉල්ලා අස් වන්නේ ජෝන් රසල් සාමිවරයාගේ ප්‍රතිසංස්කරණ පනතට ඔහුට එකඟ විය නොහැකි නිසාය. ජෝන් රසල් සාමිවරයාම 1855 දී ඉල්ලා අස් වන්නේ රෝබක් ගේ මෝසමට ඔහු එකඟ වන නිසාත් ඊට විරුද්ධ වන්ට කැබිනට්ටුව සමඟ එකතු වන්ට ඔහු සූදානම් නැති නිසාත්ය. එම වසරෙහිම ග්ලැඩ්ස්ටන් මහතා සගයින් සමඟ ඉල්ලා අස් වන්නේ ඔවුන් රෝබක් ගේ කල්තැබූ මෝසමට එකඟ නැති නිසාය. ජනරාල් පීල් හා තවත් තිදෙනකු 1867 දී ඉල්ලා අස් වන්නේ ඔවුන්ට ඩිස්රෙයාලිගේ ප්‍රතිසංස්කරණ පනතට එකඟ විය නොහැකි නිසාය. සර් හර්බට් සැමුවෙල් ඇතුළු ලිබරල්වාදීන්ද විස්කවුන්ට් ස්නෝඩෙන්ද 1932 දී ඉල්ලා අස් වන්නේ ඔටොවා එකඟතාවයන්ට ඔවුන් සහයෝගය නොදෙන නිසාය. 1938 දී ඒඩ්න් මහතා ඉල්ලා  අස් වේ. ඒ ඔහු නෙවිල් චැම්බර්ලේන් මහතා හා කැබිනට්ටුව අනුමත කරන විදේශ ප්‍රතිපත්තියට එරෙහි වීම නිසාය. සැලිස්බරි සාමිවරයා 1957 දී ඉල්ලා අස් වන්ට හේතුව ආච්බිෂොප් මකාරිඕස් නිදහස් කිරීමයි.”

“යම් අමාත්‍යවරයකු මෙසේ ඉල්ලා අස් නොවන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම වගකීමට යටත් වේ. අමාත්‍යවරයාගේ පැත්තෙන් එයින් අදහස් කරන්නේ ඔහු රජය සමඟ ඡන්දය භාවිතා කළ යුතු බවත්, අගැමැතිවරයා එසේ අපේක්ෂා කරන්නේ නම් රජය වෙනුවෙන් කථා කළ යුතු බවත්, පසුව ඔහුට පාර්ලිමේන්තුවේදී හෝ ඡන්ද දායකයින් අතරදී ඔහු එකී තීරණයට එකඟ නුවූයේය කියා විවේචනයෙන් මිදිය නොහැකි බවත්ය.”

[ජෙනිංග්ස්, අයිවර් (1959) කැබිනට් ගවන්මන්ට් , කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස්, පිට 277]

ඇත්තටම මෙවන් උදාහරණ සොයා අප වැඩි ඈතක යා යුතු නොවේ. ලංකා දේශපාලනය පවා අදට වඩා සදාචාරාත්මක වූ යුගයක මෙවන් ඉල්ලා අස්වීම් සුලබව වූ බව අපට සිහියට නැඟේ.  1979 දී එම්. ඩී. එච්. ජයවර්ධන වැවිලි කර්මාන්ත ඇමැතිවරයා ඉල්ලා අස් වන්නේ මෙවන් නොඑකඟතාවයක් මතය. ලේඛකයාගේ මතකයේ හටියට 1987 දී එවක සිටි ආදර්ශමත්ම දේශපාලනඥයකු වූ සෞඛ්‍ය අමාත්‍ය ගාමිණී ජයසූරිය ඉල්ලා අස් වන්නේ කුප්‍රකට ඉන්දු ලංකා ගිවිසුමට ඔහු එකඟ නොවන නිසාය. ඒ හදවතට එකඟ විශිෂ්ඨ තීරණයකි. එහිදී ඔහු කරන කැපැවීම විශාලය. මන්ද ඒ ඔහුගේ අමාත්‍ය ධුරයේ පමණක් නොව දේශපාලනයේද අවසානය නිසාය.

එක පැත්තකින් ආණ්ඩුව තුළ සිටිමින්ම අනෙක් පැත්තෙන් ආණ්ඩුව විවේචනයේ යෙදන චම්පික රණවක ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් සිහි තබා ගත යුත්තේ එසේ කිරීමෙන් ඔවුන් කරන්නේ තමන්ගේම දේශපාලන අනාගතය විනාශ කර ගැනීම බවයි. අප කලින් කී ලෙස මෙය නෛතික නොව සදාචාරාත්මක ගැටළුවකි. අවස්ථාවේ හැටියට ජනප්‍රිය ප්‍රතිපත්ති කිහිපයක එල්ලීම ආකර්ෂණීය විය හැකිය. හැබැයි තමන්ගේ සගයින් වෙනුවෙන් පෙනී නොසිටින්නකු වෙනුවෙන් පසුව කවරකු හෝ පෙනී සිටිතැයි සිතීම මුළාවෙකි.

විශේෂ - මෙම ළිපිය පලවිය යුතුව තිබුනේ ඊයේ දිනයේයි.. එහෙත් අතපසුවීමකින් එය ඊයේ පළකිරීමට නොහැකි විය. ඒ පිළිබඳව ලේඛකයාගෙන් සමාව බජනය කර සිරිමි.

අති විශේෂ - බ්ලොග් ළොව පෙරලිකාර චරිතයක් වන කෙන්ජි වෙනුවෙන්ම, කොමෙන්ට්ස් මොඩරේට් කරණ ළදි. මන්ද ඔහු සිහල බ්ලොග් කළාවට අත්‍යාවශ්‍ය චරිතයක් වන බැවිනි. මෙය තාවකාලිකව ගන්නා ලද පියවරකි.

32 comments:

  1. මාතලන්ගේ පහුගිය පෝස්ට් එකේදී කෙන්ජිව විවේචනය කර තිබුනා මමත් දැක්කා.ඒ විවේචන කෙන්ජි එතරම් ඇඟට ගනී කියල මම හිතුවේ නෑ.මීට පෙරත් කෙන්ජිව විවේචනය කර තියෙනවනෙ.පළපුරුදු බ්ලොග් කරුවෙක් වශයෙන් මෙවැනි දේ ඉවසන්නට ගණන් නොගෙන ඉන්නට කෙන්ජි පුරුදුවිය යුතුයි.
    මම කෙන්ජිට කියන්නෙ මේ පහරවල් ගණන් ගන්නෙ නැතිව සුපුරුදු විදියට තමන්ගෙ පෝස්ට් සහ කමෙන්ට් ලිවීම කරගෙන යන්න කියලයි.

    ReplyDelete
    Replies
    1. Ok ....සුද්ද......
      Ok ....හැලප
      මචන්ස් ල.......උඹල සෙට් එක මට ඉන්න ව ......thnx .....
      නැහැ මේ කැරියෙක් දෙන්නෙක් ලගකදී ඉදල ගේම ඉල්ලනව ....
      මට ඊයෙ පුෂ්පය මෙව්ව වුනා.......
      මුං නිසා මගෙ කමෙන්ට් කිරිලි.......ලිපි ලියන ඒව නවත්වනවද.....බන්ස් ල....හෙහ්...හෙහ්....

      Delete
    2. බල්ලො බිරුවට කවුරුත් කලබල වෙන්නෙ මොකටද! මාතලන් කලා වගේ බල්ලන්ට වත්තෙ ජරා කරන්න බැරිවෙන්න වැටක් බැඳපු එක හොඳයි. එතකොට ටික කාලෙකින් උන් ඒ පුරුද්ද නවත්තයි.

      Delete
    3. අනිවා..කෙන්ඡි අයියන්ඩි සිටිය යුතුම චරිතයක්.

      Delete
    4. මචන් කෙන්ජි, මම මේකේ ඉඳල හිටලා කුනුහරුපයක් ලිව්වම අපේ ගෑනි බනිනවා. එක හන්ද අද කුණුහරුප කටට ආවත් සභ්‍ය බාසාවෙන් ලියනවා.
      මචන් ඔය හතර වටේ කක්කා දාන ගණිකාවන්ගේ පුත්‍ර රත්නයෝ ටික කාලයක් පැරා එක්ක ගේම ගැහුවා. පැරා නික්ම වගේ බලාගෙන හිටිය. පස්සේ උන්ටම රට ගියාට පස්සේ තමා පැරාගේ ඇස් ඇරුනේ.
      පස්සේ ආතල් ඇනොට ගුද සංසර්ගය කරන්න හැදුව. ඒ සුක්රානුව මේකෙන් යන්න හදනකොට යන්තම් කට්ටිය එකතු වෙලා නවත්ත ගත්ත.
      දැන් උඹ කොහෙවත් යන සන්සර්ගයෙක් කියන දෙයකට පැටලිලා.
      උඹ අදහස වෙනස් කර ගත්ත කියල අහන්න ලැබුන එක සතුටක්.
      උඹල වගේ උන් ගියොත් ඔය ගණිකාවන්ගේ පුත්‍ර රත්නයෝ ටික විතරක් මේකේ ඉතිරි වෙයි.

      Delete
    5. කෙන්ජි බොස්
      උඹ නැතිව මෙලෝ රහක් නෑ !! අපේ ආවුසත් ඇරං හිටු !!!!!!

      Delete
  2. සදාචාරයක් බලාපොරොත්තුවිය හැක්කේ ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙකුගෙන් පමණි. අද දින ලාංකීය දේශපාලන කරලියේ ප්‍රතිපත්තිගරුක දේශපාලකයෙක් සොයා ගැනීම පහසු නැත. සිටියත් ඒ කිසිවිටකත් ආණ්ඩු පක්ශයේ නොවේ. චම්පික ගේ පැත්තෙන් බලන විට කැබිනට් සම්ප්‍රදාය රකිනු කියා එකසිය ගනනක් වූ විෂමවාදී ඇමැත්තන්ගේ (මර්වින්, රෝහිත වැනි කුප්‍රකට දුශ්චරිතවාදීන්ද ඇතුලු ) කොහොම කලත් අනුමතවන කැබිනට් තීරණත් සමඟ එකඟ වීමද පහසු නොවනවා ඇත. (විදුලි බල මණ්ඩල අවුලනම් පොඩි පුද්ගලික කෝන්තරයකුත් සමඟ ය. ) හොඳම විසඳුම ජෙනින්ග්ස් විසින් පෙන්වා දී ඇතැයි සිතමි. වටිනා ලිපියක් බෙදා හදා ගත්තාට ස්තූතියි මාතලන්.

    ReplyDelete
  3. කවුරු මොනවා කිව්වත් කෙන්ජිට අපි ආදරේය...ඒ ඌ අවංකව කියන්න තියන දේ ඕන තැනක කියන නිසාය...එහෙම මිනිසුන් ඇසුරු කිරීම ලෙහෙසිය...පිටිපස්සෙන් සිට පිහියෙන් ඇනීමක් නැත...කෙලින්ම මූණටම දමලා අදිනවාය...එබැවින්...ආදරණීය කෙන්ජියෝ...මේ කෙහෙල්මල් කිසිවක් ගණන් නොගෙන නැවත අපේ ලෝකයට එනු මැන...සුහද ආරාධනයයි...

    ReplyDelete
  4. චානුක කලිසම කඩා වැටෙනවා....කරුණාකර උස්ස ගන්න...

    ReplyDelete
    Replies
    1. උස්සන්න දෙයක් නැහැ බං .....
      චානුක කලිසමට බෙල්ට් එක දාල ඉන්නෙ ......
      මචං ...මයිය .....මේ කමෙන්ට් එක දැක්කම මට යමක් මතක් වුනා.....
      අපේ එදිරිසිංහ ලොක්ක .......... වොව්....වොව්.....සෝමා ආච්චිගෙ සුවාමිය......
      ඔය එයාලගෙ උගස් බදු කඩවලට.......සිනමා හල් වල මැනේජර්/සේවක කට්ටිය සේවයට ගද්දි ...... සම්මුක මගුල කොරන්නෙ පොරමලු.......
      මුන්දෑ මුලිම්ම බලන්නෙ .....ආපු කොල්ල කලිසමෙ ඉනට බෙල්ට් එකක් දාල ද කියල ලු.....
      එහෙම දාල නැති එවුන්ට ....ඉන්ටබල් එක අවසානයෙ කියනවලු......මොන සුදුසු කම තිබ්බත් වැඩක් නැහැ....තමන්ගෙ කලිසම කඩා වැටෙන එක නවත්ත ගන්න අය වැඩක් නැහැ කියල....
      අපරාදෙ කියන්න බැහැ ....පොඩි කඩේ ප්ලේන්ටිය ගහල.........බොරැල්ල හංදියේ ...සේව සපයපු නංගි ලට උනත් ගහල....සුපියල් එකසිය ගානෙන් .....ටැංකිය හිස් කොර ගත්ත....
      එහෙම දුක් මහන්සියෙන් සල්ලි අම්බ කොරපු සත්තලන් පියාගෙ .... V පුතාල ඉංදියන් ඒකිලට .....ලංකාවෙ ගෙවල් අරං දීගෙන......
      අම්බට උඩු.....මයිය .....සොලී....... මම ඉතුව ....මං පෝස්ට් එකක් ලීනව කියල....
      සත්තකින් ම සොලි මචෝ.....

      Delete
  5. අනේ පව් චානුක. ඔයා මොකටද ඔයාගේ රෙද්ද කඩලා මාමට අන්දවන්න යන්නේ. මාමගේ ගෝලයෝ හෙළුවෙන් ඉන්නවා කියන්නේ මාමා හෙළුවෙන් ඉන්නවා කියන එකම තමයි.

    ReplyDelete
  6. චානුක කියන කරුණ, සහ එහි මතුකෙරෙන වගවීමේ සහ වගකීමේ න්‍යාය ඉතාම නිවැරදිය. නමුත්, මහ කකුළුවා ඇදට ගොස් සැටලයිට් කාලය තුල දුන් අගනා ආදර්ශය උන්ගේ පැටවුන් ඉතා හොඳින් අනුගමණය කෙරෙන තත්වයක් තුල, චම්පිකට පමණක් යලිත් ගැසීමේ හේතුව අපට අපැහැදිලිය!

    අනෙක් පසින්, නවක ඇමතිවරියක් වූ තැචර් නෝනා, තමාගේ නියම හඬ එලියේදී නැගුවේනම්, තම ඇමති කම සහ දේශපාලනදිවියද එයින්ම නිම වන්නට ඉඩ තිබුනි.

    එහෙත් සංධාන ආන්ඩුවක සුළුපකෂයක ඇමතිවරයෙක් වන චම්පිකට එලෙස කට පියාගෙන සිටීමෙන්ම ඊලඟ වර තම පාර්ලිමේන්තු අසුනද නැතිව යා හැක.

    එනිසා ගණිකාවක, තම පෙම්වතා සමඟ යන තරුණියකගේ කන්‍යාභාවය ගැන දෙස් දෙවොල් තැබීම පට්ට විහිළුවක් ලෙස සලකා බැහැර කරන්නට සිදුවේ.

    ReplyDelete
    Replies
    1. ගණිකාව සහ පෙම්වතා කිව්වම මට මතක් වුනේ මේ ෆිල්ම් එක http://www.imdb.com/title/tt2557490/

      Delete
  7. ලිපිය උවමනාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. විය යුත්තෙ එයයි බං .....

      Delete
    2. Aapahu patan gaththada bola renna?

      Delete
  8. මහරජතුමා දිගුකල් දිනේවා.....


    @ කෙන්ජි, පිස්සු කෙලිනනං එපා.. අඩියක් ගහලා ආතල් එකේ ඉමු...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. හා.... බොක්‌ක ...... උම්මා..... හෙක්...හෙක්....

      Delete
    2. //කෙන්ජි, පිස්සු කෙලිනනං එපා.. අඩියක් ගහලා ආතල් එකේ ඉමු...// අනිවා. එකෙන්ම.

      Delete
  9. බලන්න චම්පික මහත්තයා ඉස්සර කොච්චර හොඳට හිටියද?
    මම ඒකාලේ චන්දෙත් දුන්න
    ඒත් මේ ලඟදී ඉඳන් කරන මේ බලු වැඩේ හින්ද මගෙ හිත පෑරුනා
    මේක හදාගෙන පාපෝච්චාරනයක් කලානම් විතරක් ආයේ චන්දෙ දානවා
    චම්පිකට තියෙන්නේ ප්‍රතිපත්ති ගරුකව ඉල්ලා අස්වෙලා තනියම චන්දෙ ඉල්ලන්න
    මොකෝ අපි චන්දෙ දෙන්නෙ නැද්ද?

    ReplyDelete
  10. ලිපියේ අරමුණ චම්පිකගේ හක්කෙ බුදු රැස් - බොක්කෙ දඩ මස් ප්‍රතිපත්තිය ප්‍රශ්ණ කිරීම නම් ඒ සඳහා යොදා ගෙන තියෙන උදාහරණ වල පටලැවිල්ලක් තියෙනව. සෝවියට් හදවතට අන්තිම පරාල ඇණය ගහපු, ධනවාදයේ අයෝමය වෘක ධේනුවට සුදු පිරුවට ඇන්දවීම හරියට වදින්න ඕන උනාම තැචර්වත් තෙරේසා කර ගන්නව වගේ. #පිස්සුනැත්තංහොඳයි

    ReplyDelete
  11. ලමාතන් 87/88 කාලයේ මේ වීරයාගේ වීර කතා අහලා වැඩකරපු ශිෂ්‍ය/කම්කරුවෝ සාතන්ලා ගෙනියනකොට මෙයා කොහොමදා බේරුනේ. මොහු ඊලග පිම්ම පනින්න නේද මේ සෙට් වෙන්නේ .. කාටද මෙයා කොළ කඩන්නේ ..........අයි ඔහු ඇමති කාලේ මේ විවේචනය නොකළේ ...

    ReplyDelete
  12. Me ano,meya witharak nowei,87/89 kalaye kollo,kello Amaruwe dapu nayakayo noyekuth prbhu wesawalin samajaya onatharam innawa.KATATH AMATHKA unata 87/89 ekale Godagiya Pradeshiya SINHALA-KP lath ada viyaparikayo.

    ReplyDelete
  13. Replies
    1. විය යුත්තෙ එයයි......පුතා.....හෙක්...හෙක්....

      Delete
  14. මුන් කාලෙන් කාලෙට කට ඇරලා තමනුත් ඉන්න බව මතක් කරනවා.

    ReplyDelete
  15. We need to find new dimensions to politics if conventional system does not deliver good to the country, I am not saying the Champika doing correct thing. However if something happened that's detrimental to the people it should be stopped or revealed to the people

    ReplyDelete
  16. This comment has been removed by a blog administrator.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න