.

.

Sep 28, 2014

ජයලලිතා, කුප්ප දේශපාළණය හා අධිකරණය - Jayalalitha, Dirty Politics & Justice


ජෙයලලිතා අවුරුදු හතරකට කූරූ ගනින්නට, කූඩුවට ගියේය. අඬනවාද, හිනාවෙනවාද, බෝතලයක් ගසා ප්‍රීතී වනවාදයි සිතා ගැනීමට නොහැකිය. ඕනෑ නම් චෞර රැජිණ පන්නයේ පෝස්ට් කටුවක් දමා, ආතල් එකක් ගත හැකිය. අපේ දේශප්‍රේමී ආන්ඩුව නම්, මේක එකසිය ගානට සැලබ්‍රේට් කරනා බව, නයි ටී ඇන් එක බැලුවාම පේනවාය. ඉන්දියාව එක එකාගේ වොයිස් කට් දැම්මත්, තවම අපේ මහ සජ්ජුරුවන්ගේ රීලා පැටියාවත් කටක් හෙල්ලුවේ නැත්තේ, ආරක්ෂක අමාත්තන්සේ වෙබ් පේජ් එකේ සීන් එක මතක් වෙලා වෙන්නත් ඇතිය. (ඒ උනාට අක්කා ඇතුලේ නිසා, අපේ ජාතිමාමක පොලිටික්ක්කෝ සහ ගොබ්බ මාද්දියවේදියෝ, බෙලි කටු මල්ල හොල්ලනවා, අද රෑ නිව්ස් වලින් බලා ගන්නත් බැරි වන එකක් නැතිය.)

ජෙයලලිතා නෝනා අපිට, ඒ කියන්නේ සිරි ලංකාවට, අදින්න පුළුවන් උපරිම ගේම ඇද්දාය. කොටියා එයාට පෙනුනේ අපේ ගෙදර "කිටියා" වාගෙය. ඒයා, කිටියා කොච්චර හුරතල් කරනවාද කියනවානම්, රජිව් ගාන්ධි නම් කපටි "මියා" මරා දැමු කිටියෝ සෙට් එක, මරණ දඬුවමෙනුත් නිදහස් කලාය. මේ ගොබ්බ වැඩෙන් ගාන්ධි පවුලේ මෙන්ම, උතුරු ඉන්දියානූ හින්දූන්ගේද හිත පෑරුනා මෙන්ම, ජෙයලලිතා කෙරේ වෛරයක් මතු නොවුනා නම් ඔවුන් මිනිසුන් වන්නට බැරිය.

අපෙන් වන්දනාවේ යන බැතිමතුන්ට පමණක් නොව, හාන්දුරුවන්ටත් ගොබ්බ වයිකෝ දමා ගුටි පෝරියල් වලින් සංග්‍රහ කොලාය. ක්‍රිකට් ගහන්න ගියපු උන් හරවා එව්වාය. ලංකාවේ උන්ට චෙන්නායි ටීම් එකට ගහන්න නුදුන්නාය. ඒ තියා චෙන්නායි වල තියෙන මැච් වලදි, වෙන ටීම් එකකටවත් ගහන්න නුදුන්නාය. ලංකාවට මාළු බෝට්ටු බලෙන් එවනවා කියා කීවාය. කච්චතිව් අයිලන්ඩ් එක ආයෙත් එයාට ඔනාමයි කියා මෝදි අයියාටත් ගේම ඇද්දාය. ඒ ඉතින් තමිල්නාඩුව ගොඩා....ක් පොඩි නිසා වෙන්නත් ඇතිය. කෙසේ හෝ අපේ දේශප්‍රේමී පොලිටික්කෝ සෙට් එකත් එක්ක තකට තක පෑහෙන පොලිටික්කෝ හා නළාකාරයෝ සැට් එකක් ජෙයලලිතා නෝනා ගාවත් උන්නේය.

ඉතින් අපේ සාමාන්න දේශප්‍රේමී ජනතාවත් මෙයාට වෙච්චි සන්තෑසියෙන් ආතල් එකක් ගන්නවා නම්, පුදුම වෙන්න ඕනා නැතිය. ඒත් ඉතින් අපි බලන්න ඔනෑ, ඇත්තටම උනේ මක්කාද කියනා කාරනාවය. එහෙම ගැඹුරින් බැලුවාම, මේක කුප්ප දේශපාළණයේ, කක්කා කේස් එකක් කියා පැහැදිලිවම පේනවාය. අපේ සමහර උන් පුක චූන් වෙලා දඟලනවා දැක්කාම මාතලන්ට හිනා යනවාය. සම හරක් කියන්නේ ඉන්දියාවේ තියෙන්නේ මාර අධිකරණ ක්‍රමයක් කියලාය.

හදාගත්ත සුදු පුතා
එයාලාගේ අධිකරණ ක්‍රමේ ගැන, මේ සිද්දිය ගැන ලියවුනු ළිපි වල කොමෙන්ට්ස් වලදි, ඉන්දියාවේ උන්ම කියනා කතන්දර වලින්, බොහෝම පැහැදිලිව පේනවාය. අනික ඉන්දියාවේ අධිකරණ සිස්ටම් එකේ සාධාරණේ බලා ගන්නම් ඕනා නම්, ඔය ටැමිල් සෝ එකක් හරි, හින්දි සෝ එකක් හරි, බැලුවානම් අහවරය. අපරාදේ කියන්නේ, ඒ සෝ වල, තමිල්නාඩුවේ පොලිටික්කෝ, පොලීසිය හා අධිකරණයේ රෙදි ගලවන එක නම්, කිසි අඩුවක් නැතිවම පෙන්නනවාය. එහෙම බැලුවාම, නම් එහේ චිත්තරපට සංස්ථාව හරි, මොන මලදානේ හරි, මෙහේ ඒවාට වඩා සිය ගුණයක් ඉස්සරහින් ඉන්නවාය.

ඔය කියන තරම් සාධාරණත්වයක් තියෙනවා නම්, නඩු බලවන්න මෙච්චර කල් ගියේ මොකෑ කියා කියා එකෙක්වත් හිතන්නේ නැතිය. කේස් එක පයිල් කොරලා තියෙන්නේ මීට අවුරුදු 18 කට කලින්ය, දඬුවම දෙන්නේ අවුරුදු 4 කටය. කේස් එක කෝටී 66.6 කරප්සොන් චාජස්ය. ඒ කියන්නේ එයා පළවෙනි සැරේ මහ ඇමතිනි වෙන කොට එයා ගාව තිබුන කෝටි 3, කෝටි 66.6 උනේ කොහොමද රත්තරනේ කියලා නඩුවක් බලවපු එකය. ඒ අස්සේ සාරි 12,000 කුයි සපත්තු දාස් ගානකුයි තිබිලාත් අහු උනේය. පෑන්ටී හා බැසියර් කීයක් තිබුනාද කියා කොහේවත් තිබුනේ නැතිය. මේ ගැන එකෙක් කොමෙන්ට් එකක දාලා තිබුනේ සාමාන්‍ය එකෙක් රුපියල් 100 හොරකම් කරානම් පැය 4 න් නඩුව අහලා අවුරුදු 18 බරපතල වැඩත් එක්කම හිරේ දාන එක නම්, බුදු ෂුවර් කියලාය. ඌගේ කටේ ඉට්ලි තුන හතරක් ඔබන්න ඕනාය. ඇත්තටම ඉන්දියාවේ අධිකරණයෙයි අපෙ අළුත්කඩෙයි කිසිම වෙනසක් ඇත්තේ නැතිය.

සුබ්‍රමනියම් ස්වාමි
මේ නඩුව බලවන්න පටන් ගන්නේ, 1996 ජෙයලලිතා නෝනා පළවෙනි වාරේ විසි උනායින් පස්සේය. ඒත් ඉතින් බලයට එන්නේ, ඊටත් එහා කොරප්ෂන් කප්පිත්තෙක් වෙන කරුණානිධි නිසා, කේස් එක රබර් වගේ ඇදෙන්නේය. ඒ කේස් විතරක් නොව. ඊට වඩා බරපතල කේස් එකක් වෙන, ජයලලිතා හිරේ ගියපු නඩුවේත් මේන් කේස් එකක් වෙන, ඉනවයිටීස්ලා එක් ලක්ෂ පනස්දාහකට (150,000) කන පැලෙන්න කන්න දීලා වර්ල්ඩ් රෙකෝඩ් මගුලක් කාපු, ජෙයලලිතාගේ හුරතල් පුත්‍ර රත්නයේ කුඩු කේස් පවා, අධිකරණයෙන් හැලි යන්නේ, හරියට අර කොළොන්නාවේ සෝ එකෙ නඩු බැලවිලි වාගෙමය.

ඒත් මේ එහෙට මෙහෙට වැනි වැනී තිබුන නඩු බැලවිල්ලට කෙලවෙන්නේ, මොදිලා කාගේවත් සපෝට් එකක් නැතිව ඉන්දියාවේ රජ වෙන හින්දාය. (මොදීලාට ආන්ඩු පිහිටවන්න ජෙයලලිතාගේ සප් එක ඕන උනා නම්. මේ නඩුව තව දුරටත් ඇදෙනවාමය.) මේ කේස් එක 1996 දී ඇදපු "සුබ්‍රමනියම් ස්වාමී" පවර් ෆුල් පොරක් වෙන්නේ,  බී ජේ පී එක පවර් ෆුල් වෙන හින්දාය. ඒ නිසා චෙන්නායි වල සෙල්ලම් දදා තිබු නඩු බැලවිල්ල, බැංගලෝරයේ විශේෂ උසාවියකට යන්නේත්, එලියට එන්න බැරි වෙන්නම අවුරුදු හතරක් හිරේට යවන්නේත්, (අවුරුදු තුනකට යැව්වා නම්, එයාට ඇප ඉල්ලන්න පුළුවන් වෙනවාය. එයා වෙනුවෙන් කතා කරපු ගල් ආඳෝ ට්‍රයි කලේ, මෙයා ලෙඩා කියලා අවුරුදු 3 කට බඩු බනිස් කොරවා ගන්නය. එත් ගල් ආඳන්ගේ ගැටේට නඩු කාරයා අහු වෙන්නේ නැත්තේ, මේවා ප්ලෑන් කරලා දෙන ගේම් නිසාය.) අන්තීමට චෙන්නායි වල කූඩුවක දාන්නේ නැතිව, බැංගලෝරයේ ජේල් එකකට දාන්නේත් මේවා සෙට් ගේම් හින්දාමය.

සසිකලා සමග මල් කඩමින්
අනික ඇතුලට ගියේ, ජෙයලලිතා ඉතරක් නෙමේය. "අම්මා" ගේ පවර් එක උපරිමෙන්ම යූස් කරලා, කරන්න තියෙන ඔක්කෝම නසරානි වැඩ කරලා, ප්‍රකෝටිපතියන් උන "සුදාකරන්" පුත්‍ර රත්නයත්, කාළයක් අක්කා එක්ක ආප්ප කඩයක් දාගෙන ඉඳලා, අන්තීමේදි නයයි මුගටියයි වගේ උන, "ශෂිකලයි", සසිකලාගේ පාතාලේ පොරක් වෙන, එයාගේ ලේලි "ඉලවරාසීයි", දැන් "අම්මා" ත් එක්ක එක හිර ගෙදර ඉඳන් සූදු බතුයි, සාම්බාරුයි කනවා කියා, අද උදේ ආරංචියක් ආවේය. ගෙවන්න කියපු කෝටී 100 ගෙව්වාද, ගෙවනවාද, නොගෙවනවාද කියා බලන්න වෙන්නේ අනාගතයේදීය. කොහොම හරි එකෙක් ලියලා තිබුනේ ඒක නිකන් ගුද වාතයක් වගේ ගානක් කියලාය.

කෙසේ වෙතත් මෝදි වාගේම, තමිල්නාඩුව, එහෙම නැත්නම් චෙන්නායි, ඉන්දියාවේ බලවත් ප්‍රදේශයක් කලේ ජෙයලලිතාය. ඒ බව ඕනම එකෙක් පිලි ගන්නවාය. සමහර විට තමා ලඟ හිටපු ශෂිකලාලත් තමන්ට විරුද්ධ වෙද්දි, හදාගත්ත පුතා වසවර්ති මාරයෙක් වෙද්දි, මම මගේ ජනතාවටවත් කරනවා කියා අන්තීමේදි එයාට හිතෙන්න ඇතිය. ඒ නිසා, මොන්ටිකාලෝ ජීවීතයක් ගෙවනා අතරේ, එයා තමිල්නාඩුවත් මොන්ටිකාලෝවක් කරන්න උපරිම ගේමක් දුන්නේය.

අම්මා නැමදීම.
අදටත් ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් එන්නේ, චෙන්නායි වල ඉඳලාය. ඒ ජයලලිතා නිසා සල්ලි කාරයෝ උන් සෙට් එකය. අපි මක්කා කිව්වත්, තමිල්නාඩුවේ හැම එකාටම ජෙයලලිතා උන්ගේ "අම්මාය". ඉදිරි කාළයේ වෙන දේවල් හරියටම කියන්න අපහසුය. කෙසේ වෙතත්, අවුරුදු දහයකට පොලිටික්ස් කරන්න බැරිවෙන්න ගේම දුන්නේ, සුබ්‍රමනියම් කියලා දැන ගත්ත උන්, එයාගේ ගෙදරට ගල් පෝරියල් එකක් ඇරලා තිබුනේය. කරුණානිධිගේ පඹයෝ ගිනි තියා, පින්තූර ජුන්ඩාගේ ඇතිල්ලුවේය. දේශපාළණය කොයිතරම් නරා වලක්ද කියා පේන්නේ, මේ වාගේ සීන් වලින් එලියට එන ඉන්ෆොමේසොන් නිසාමය. හැබයි ඉතින් මේ ඉන්දියාවය. පෝස්ට් එක විදානේගේ පට්ට කවියකින් අවසන් කොරනවාය...

නෝනේ.....!!!

දැංවත් තේරෙනවද ?..

ලංකාව කොච්චර සුන්දරද කියලා.... ??

78 comments:

  1. පුදුමයි අපේ පාරවල් වල තාම කිරිබත් ඉවුවෙ නෑ!!

    :D :D :D

    ReplyDelete
    Replies
    1. අර අන්තිම ෆොටෝ එක දැකලද දන්නෑ අපෙ උනුත් මහ රජාට වඳින්නෙ?

      Delete
    2. අද රෑට නයි ටී ඇන් නිව්ස් ගියාට පස්සෙ තමා ගිණි මොලවන නැකත තියෙන්නේ.. හෙට උදේට වැඩට යනගමං කෑවහැකි උඹට ..ලුණුමිරිස් ඩිංගක් ඇරං පලයං යද්දි :D

      Delete
    3. ඕකි ලංකාවට කරපුව හැටියට මේ වගේ ආතල් එකක් ගන්න ඕන අනිවාර්යයෙන්ම.
      https://www.youtube.com/watch?v=4107uNuJpBY (මුල ටික බලල නවත්තන්න එපා ඔක්කොම බලපන්)
      අපිට අවුරුදු 30 විඳින්න සලස්සපු එකේ හතර මොකක්ද කියලත් හිතෙනවා.

      Delete
    4. \\අර අන්තිම ෆොටෝ එක දැකලද දන්නෑ අපෙ උනුත් මහ රජාට වඳින්නෙ?//

      අර පවිත්‍රා දේවි වඳින්නෙ, පුටු අස්සෙන් රිංග රිංග ගැරඬියා වගේ. ශික්! හිරිකිතේ බෑ.

      Delete
    5. ඒකෙන් පේනවා නේද මිනිස්සු නෙමෙයි මේ කිසිම දෙයක් කරන්නේ ආන්ඩුවයි කියන එක.. පැහැදිලිවම 1983 ත් උනේ ඒ දේමයි..

      Delete
  2. මේක නිකන් හරියට සිරිමවොට ජේ ආර් ගේම දිල අවුරුදු හතකට ප්‍රොජා අයිතිය තහනම් කොළා වගේ එකක් කියල පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. වගේ මොකක්ද ඒකම තමයි.. ජෙයලලිතා ඇනගත්තේ මෝදීට පාට් දාන්න ගියපු නිසා.. නැත්නම් ඉස්සර හොඳම යාළුවෝ..

      Delete
  3. ඌරන් කැකුන තලද්දී - හබන් කුකුලන්ට රජ මගුල්...
    (රතිඤ්ඤා කරල් දෙකක් ගෙන්න යන ගමන්)

    ස්තුතියි ලින්ක් එකට...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. මටත් පුදුම තවම එකක් වත් පත්තු නූන එක..

      Delete
  4. ඔය එක්කම ආයුධ පෙන්නන්ඩ එක්ක ගියානම් නරකද

    ReplyDelete
    Replies
    1. Hangapu sari......!

      Delete
    2. අදත් කොළොන්නාවේ කළු චූටී කියලා එකෙකුට දීලා..

      Delete
    3. Kolonnawe nowey wellampitiye. Ithin Mathalan oyata dukada?

      Delete
    4. ඒකට නම් බෑම කියන්න ඇති...

      Delete
  5. Indiyawe ehema unata lankawe ehema wenne ne!!! Hebei Katath ithin, Puluwan Dawasata Beri dekuthne! Beri Dawasata Puluwan Deyakuth ne! Hemoma Amthka karanneth oyatikai.(Ranjan-D)

    ReplyDelete
    Replies
    1. කාටත් ඉතින් ඔය ටික තමයි... ත්‍රී වීල් එකක පිටි පස්සේ ගහලා තිබුනා මෙහෙම...

      "අනේ ඉතින් ඉන්න කල්නේ...."

      Delete
  6. ලෝකයේ තවත් එක් ප්‍රාතිහාර්යක් මෙසේ සිදුවිය. ...... මේ තමා මං අකමැතිම දේශපාලන චරිතය. දැන් ලංකාවට ටිකක් කන ඇහිලා ඉන්න පුළුවන්.......
    ඒත්....... අලුත් පරිච්චේදයක් ලංකා ඉතිහාසේ ලියවේද දන්නෙත් නැ. මොකද ලංකාව හා ඉන්දියාව අතර රහස් කතා ගොඩක් තියනවා.

    ReplyDelete
    Replies
    1. මමත් අකමැතිම චරිතය ඕකි තමා.

      Delete
    2. මට තියෙන්නේ මේ වගේ ආතල් එකක්
      https://www.youtube.com/watch?v=4107uNuJpBY

      Delete
    3. ඒ උනාට දැන් ගොඩක් අය අකමැතිම චරිතය වෙනෙ කෙනෙක් කියලයි කියන්නේ...

      Delete
  7. සුබ්‍රමණියම් සුවාමි පහුගිය දොහේ මෙහෙ ඇවිත් පොර ටොක් ටිකක් දීල යනකොට මට හිතුන පෙරහරක් ලඟ එයි කියල. ඒත් මෙහෙම දළදා පෙරහරක් වෙයි කියල කවුද හිතුවෙ. අන්න ඇන්ටි මට 66 ඉන්න බෑ ලෙඩ කියල ඇපිල් කරනව කියන්නෙ.

    පක්සිථානෙ හමුදා ලොක්කො ඇවිත් යනව. ඊට පස්සෙන් එන චීන රජා අක්කර ගානක් ඌට අයිතිකරගන්නව. අන්තිමේදි මේ විජ්ජුම්බර හින්ද අර ගෑණිට හිරේ යන්න වෙනව.

    අනික සුන්දරයි කිව්වට මෙහෙත් එහෙමට සුන්දරම නෑ. මෙහෙත් ඔහොම උනා, රතුවත්තෙට. 2002 දි බැන්කු සේප්පු හිටන් කඩල හෙව්වෙ. ඒ තියා ඊයෙ පෙරේද කලවැද්ද උන්නාන්සෙටත් ඔහොම කරේ, කිරිජ්ජපල්ල අතගාල හොර සල්ලි හොයල අරගෙන.

    ඒ හින්ද, රජ්ජුරුවන්ට කියන්න තියෙන්නෙ, නාහෙ වකුටු එකා දුන්න ආරස්සාව නිසා හැමදාම බේරෙන්න හිතන් උන්නට අර සැටලයිට් එක් වගේ, සුනාමි ආවෙ ඔහේ අගමැති කාලෙ කියල.

    ReplyDelete
    Replies
    1. සිරානි නෝනා ගෙත් ඔයන්නෙ .....මේම .....
      තම බැංකු ගිණුම්වල විස්තර සැපයීමට ඇමරිකා ඩොලර් 472200 ක් (රුපියල් 623,30,400) ක් ගෙවන ලෙස ජාතික සංවර්ධන බැංකුව දැන්වීයැයි ශිරානි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියගේ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට ඊයේ (27) පැමිණිලි කළේය.

      උසාවි නියෝගයක් මත එම තොරතුරු ලබාගැනීමට බැංකුවට ගිය පරිගණක විශේෂඥයන්ට එම තොරතුරු නොදීම උසාවියට අපහාස කිරීමක් බවද ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට දැන්වීය.

      හිටපු අගවිනිසුරුවරිය සිය වත්කම් හෙළි නොකළැයි අල්ලස් කොමිසමින් නඩුව පවරා ඇත.

      බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මහේස්ත්‍රාත්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පැවසුයේ මෙම තොරතුරු සැපයීමට වසර 4 ක් පමණ ගතවන බවයි. මේ තත්ත්වය ගැන නීතිපතිට දන්වා නැතැයි රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා කීවේය. මේ ගැටළුවට විසඳුමක් දිය හැකිදැයි සොයා බැලීම සඳහා නොවැම්බර් 3 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධ්‍යක්ෂකට නියෝග කැරිණි.

      Delete
    2. Oyanne mema.....? Umba thambiykda hariyata katha karanna liyanna kiyanna bari? Nathnam Japan giyata passe nikan Sinhala baha baha wageda? Oya hari "weeluy ani....."

      Delete
    3. මචෝ.....ඔය සිංගිලිෂ් මෙලෝ මගුල ක් තේරුම් නැහැ.....
      අන්තිම ටික නම් පෑ දිලියි අනී ..... හෙක්...හෙක්....

      Delete
    4. බලයේ ඉන්නකල් එහෙම දේවල් හීනෙකින්වත් පෙන්නේ නෑ ගොයියෝ....

      Delete
    5. අන්න තමිල්නාඩුවෙ 16 මේවෙනකොට සියදිවිනසාගෙනලු. තව කීපදෙනෙක් හාට් ඇටෑකුත් හැදිල. ඒ අතින් අපේ රටේ උන් මාර දියුණුයි.

      අර සේකරගෙ කවියක් තියෙනව පීටර් කියල. මට මතක විදියට ( කොටසක් ),

      යූ ඇන්පී මිටීම්වල මුලම හිටිය පීටර්
      කැපුවත් අපි කොළය කියල කියා උන්නු පීටර්
      මැතිනි දිනපු දා ඉන්නව නිල් ඇඳගෙන පීටර්

      Delete
    6. හැබයි ඒ වගේම කැපුවත් කොල, කැපුවත් නිල්. කැපුවත් රතු පිරිසකුත් ඉන්නවා නේද.. මතකද යූ ඇන් පීයේ එකමුතුකම වෙනුවෙන් මනුස්සයෙක් සිරිකොත ඉස්සරහම දිවි නසා ගත්තා.. ඇයි ඒ විතරක්ය වෙසක් පෝය දවසේ හරකෙක් වෙනුවෙන් තව හරකෙක් ගිනි තියා ගත්තේ..

      Delete
  8. ඔක තමයි ඇන්ටි අපි කිවුවෙ.ලන්කාවෙ සෙටෙක ආස්සරෙ කලානම් කියල දෙවි ඔව කලාම ලොක්ක මොකා වුනත් ලොක්ක ගාව ඉන්න ඔන කියල.අඩුගානෙ ටික දවසකටවත්. කොහෙද එයා හිතුවෙ එයා ඔක්කොම දන්නව කියල නේ.ලන්කාවෙ අය කොච්චර ඉන්නවද යස අපුරුවට

    ReplyDelete
    Replies
    1. අපේ ලොක්කගේ බෝලේ මිරිකුවනම් ඔය මුකුත් වෙන්නේ නෑ.. මම කිව්වේ අර අතේ ගුලි කර කර ඉන්න සත්තරන් බෝලේ...

      Delete
  9. Kenji aapahu renna aran!

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ......
      පහු ගිය ටිකේ පොඩි වියලි ගතියක් තිබ්බ....
      දැන් සුරුස්..... ගාල.....ය.....

      Delete
    2. Ela badu ekka anda uda kanna jappi salli dunnathi nisada welune?

      Delete
    3. ම්ම්ම්ම්....සල්ලි නම් මොනාද ...කොල්ලො .......
      වියලි ගතිය දැනුනෙ ....තොපි වගෙ ...එදා වේල කන්න නැති හිගන කැරියෝ දාන කමෙන්ට් නිසා බං .....

      Delete
  10. Ko me comment moderation? Menna kenjita Anola baninawa.

    ReplyDelete
    Replies
    1. ඇනොල ඉන්න ඕන......
      උන් නැත්නම් බ්ලොග් නැහැ......
      මම කලේ උන්ට ගරු කිරීමක්.....

      Delete
  11. Ara Manosh Sandaruwan ta moda uththa kiyala banina kota, ethakota samarasekara ta apahasa karana kota Mathalan ge oya comment moderation thibune koheda?

    ReplyDelete
    Replies
    1. ඒවා මේ ඕන එකෙක් බැන අඬගහගන්නකොට කියන වචන. කෙන්ජිට ගහලා තිබුනේ කෙන්ජිගෙ චරිතෙට. ඒ කියන්නේ පෞද්ගලිකත්වයට. නමුත් කෙන්ජි කාටවත් එහෙම ගහලා තිබුනේ නෑ.. කොහොම උනත් කෙන්ජිගේ තියා කාගේ උනත් සීමාව ඉක්මවලා යනවනම් මීට පස්සෙ කපනවා.. කෙන්ජිගෙත් එහෙම කොමෙන්ට්ස් කපලා, කෙන්ජි මාත් එක්ක උරණ වෙලත් තියෙනවා..

      Delete
    2. Kenji gahannema anith ayage pudgalikathwayata. Ey Mathalan oya nikan baba talk denne? Palakayangeth charithayata ne gahanne. Api( Mathalan athuluwa) pirisidu wela inna one anikata gahanna.MARA hora wada karala rata penna nam, kasada deka thuna bandala, eeta amatharawa Badu gaha gaha net eketh damma nam,wal wanachara bhashawen katha karanam liwwa nam Saha thawa meke nokiwa haki dewal tikath kara nam umbala kohomada blog dewanath karanne? Nikan double standard epa. Mata nam hithenne umbata mugen adu gane awuruddata bothalayak wath hambenawa athi. Uththare umbane danne.

      Delete
    3. එහෙමවත් හිතාගෙන සැනසෙන්න.. සල් වනයක් නොවි..

      Delete
  12. ඉන්දියාවේ තියෙන්නේ මාර අධිකරණ සිස්ටම් එකක් කියල මේ සිද්ධියෙන් ඔප්පු කරන්න බැහැ.

    අර කියල තියෙනවත් වගේ මෝඩි ටත් ලලිතා ගේ සපෝට් එක ඕන වුනානම් ඔය නඩුව මේ කල්පේදී ඇහෙන්නේ නැත.

    ලලිතට වෙච්ච දේ හරියට අපේ ෆොන්සේකා ට , රත්වත්තේ ට ශිරානිට වෙච්ච දේවල් වලට බොහොම සමානය.

    ReplyDelete
    Replies
    1. ඇයි සිරිමාවෝන්ට.. ඒකට තමා වඩාත්ම ළඟ...

      Delete
  13. විදානයගේ වචන හතර පහ උඹ ලස්සනට තේරුම් කරල මචෝ.....
    ලංකාවෙ කවද..... "හරි"........එක්කො ඕන නැහැ ....සෙද්ද.....,.

    ReplyDelete
    Replies
    1. Mama ano. Oya samu gaththa neda sudu eeye? E oyage keeweni samuganeemada pathiyo?

      Delete
    2. ම්ම්ම්.....කි වෙනි සමු ගැනීමද කියල මතක නැහැ මචෝ......
      අමු මිරිස් විකන ගමන්ද .....හෙහ්....හෙහ්.....
      මං දන්නව ....කොමෙන්ටුව කොටන්න කියපු .....උකන්න.....

      Delete
    3. විදානේ වන් ෂොට් ඔක්කෝම කියලා තියෙනවා...

      Delete
  14. මම නම් ගන්න පුළුවන් උපරිම ආතල් එක ගත්තා කොම්පැනියේ වැඩ කොරන තමිල්නාඩු කට්ටියට හොඳ දෙසනයක් දීලා එහෙම උන්නම් කියන්නෙම ඇන්ටි අහිංසකයි කියලා ..... අනේ අහිංසක මොකටද මගේ කට .........
    "කොටියා එයාට පෙනුනේ අපේ ගෙදර "කිටියා" වාගෙය." අපේ ගෙදරනම් කිටියෝ නෑ .. සෑමා ගේ ගෙදරනම් ඉන්න කතාවක් උගේ බෝගේ තිබුනා ....සෑමාගෙන් අහන්න ඕනා කිටියා කොටියා වගේද කියලා

    ReplyDelete
    Replies
    1. සැමාගේ කිටියා කොටියා වගේ වෙන්න ඕනා... මොකෝ දැන් ඌ පේන්නත් නෑ නේ...

      Delete
  15. විදානෙගේ මලදානේ කියෝලා එක හුස්මට මේකත් කියෝලා දෙකටම කමෙන්ට් කරන්න ආවේ, ඉස්සර මං මෙයාට ආසයි,, මුණ නම් හරිම සීදේවී.. ඒත් ඇතුලේ ඉන්නේ මූ දේවිනේ,, හොද වැඩේ , සාරි සීන් එකෙන් පස්සේ තමයි මෙයා ගැන කියවන්න හම්බුණේ,, thanks මාතලන්

    ReplyDelete
    Replies
    1. මට තෑන්ක්ස් කොරලා වැඩක් නෑ... සුබ්‍රමනියම් සාමිට තමයි තෑන්ක්ස් කොරන්න ඕනා...

      Delete
  16. Ado Mathalan dapiya mage comment. Tho kenjita dennada ipadila inne? Ey api kaluda?

    ReplyDelete
  17. මචන් දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ ඕකටද
    මේ නොදන්නා කමට අහන්නේ මොකද මම ක්‍රිස්මස්නේ

    ReplyDelete
    Replies
    1. මේකට තමයි.. මටත් හරියට ෂුවර් නෑ...

      Delete
  18. ලංකාවෙ වගේම තමයි...චුට්ටයි වෙනස්...බලේ නැතිවුණු වෙලාවෙ බැරිවෙච්චි ඔක්කොම බලය ලැබුණම ඉටු කරගන්නව...

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් එහෙන් පැවතෙන අය නේ.. ඔය ගතිත් එන්න ඇත්තේ එහෙන්ම තමයි... පෝඩ්ඩක් සිවිලයිස් සුද්දෝ නිසා.. දැන් ආයෙත් රජ කාලෙට යන්නේ...

      Delete
  19. අපි මෝදිට...මෝදි අපිට...ජයවේවා!!!
    අපේ ගෝල් ෆේස් එක වගේ පිට්ටනියක් නැද්ද දන්නෑ පට්ට ගහන්න?

    ReplyDelete
    Replies
    1. පට්ට බීච් එකක් නම් තියෙනවා...

      Delete
  20. අපි ඔහොම ගොං වැඩ කරන්නේ නැත. අපි කොමිසමක් පත් කරමු. එය වසර දහයක් ගතකර දෙන වාර්තාව කෙලින්ම යන්නේ නැෂනල් ආකයිව්ස් ව්ලටය.. එවිට අනාගත පරම්පරාවට ඉතිහාසය අළුතින් ලියනවිට ඒවා යොදාගත හැකිය..

    ReplyDelete
    Replies
    1. කොමිසන් වාර්ථා ගැන හොයන්න වෙනම කොමිසමක් පත් කරන්න වෙනවා...

      Delete
  21. සුවාමි අනිත් අය ගැනත් හොයා බැලුවනං නරකද මං අහන්නේ.. අර එක හිරබත බෙදාගෙන කස්ටිය කනවා කිව්ව කතාව ඇත්ත..

    ඒක නෙමෙයි බං විදානේ දැං නිට්ටඹුවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නැතිව ඇති.. ඒකනේ පෝස්ට් වැටෙන්නේ.. කොමෙන්ට්ස් වැටෙන්නේ..

      Delete
  22. කවුරු මොනා කොහොම හිතුවත්, ඔය වෙච්ච දේට මං නම් පට්ටම මනාපයි. අනිවාරෙන් ඕක මෝදිගේම ගේමක්.

    ReplyDelete
    Replies
    1. කාගේ උනත් කැත වැඩේ.. එහෙම නම් ඔක්කෝම දාන්න ඕන.. මේවා දේශපාළන පලි ගැනීම්..

      Delete
  23. අවුරුදු 10කට එන්න බෑ කියන්නෙ ඉතින් නෝනාගෙ ඉරණම තීන්දුයි.

    ReplyDelete
    Replies
    1. හෙටද කොහෙද ඇපීල් කරනවා කියලා නිව්ස් වල දැක්කා...

      Delete
  24. /අපිට අවුරුදු 30 විඳින්න සලස්සපු එකේ හතර මොකක්ද කියලත් හිතෙනවා./

    /මේ තමා මං අකමැතිම දේශපාලන චරිතය. දැන් ලංකාවට ටිකක් කන ඇහිලා ඉන්න පුළුවන්......./

    /මම නම් ගන්න පුළුවන් උපරිම ආතල් එක ගත්තා කොම්පැනියේ වැඩ කොරන තමිල්නාඩු කට්ටියට හොඳ දෙසනයක් දීලා එහෙම උන්නම් කියන්නෙම ඇන්ටි අහිංසකයි කියලා ..... අනේ අහිංසක මොකටද මගේ කට ........./

    /ඉස්සර මං මෙයාට ආසයි,, මුණ නම් හරිම සීදේවී.. ඒත් ඇතුලේ ඉන්නේ මූ දේවිනේ,, හොද වැඩේ , සාරි සීන් එකෙන් පස්සේ තමයි මෙයා ගැන කියවන්න හම්බුණේ,, තන්ක්ස් මාතලන් /

    මෙන්න පොඩි කාලේ ඉඳම අයි ටී එන් ඇරෙන්න වෙන මොකවත් නොබලපු දරුවො සෙට් එකක් කමෙන්ට් කරලා. මේවා කියවන කොට තේරෙනවා මහින්ද මාමිගේ media manipulation කොයි තරම් සාර්ථකද කියලා. මාමි දිගටම අල්ලගෙන යන එක කොහොමටත් පුදුමයක් නෙවෙයි. (ලංකාවේ හැම තැනකටම වැඩියෙන්ම පෙනෙන ටී වී චැනල් දෙක තමයි රූපවාහිනී හා අයි ටී එන්.)

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුනා.. ඒත් මිනිස්සු එහෙම හිතන එකේ වරදකුත් නෑ.. කරපු කුප්ප වැඩ වලට..

      Delete
  25. මෙහෙත් ඉන්නවා ඔහොම යවන්න ඕනේ සෙට එකක්ක්ම.විශේෂයෙන්ම ටීවී එකේ වොයිස් කට් දෙන එවුන් මේ සිද්දිය ගැන.

    ReplyDelete
  26. පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතාගේ හෝටලයට වෙඩි තැබු පුද්ගලයින් පිළිබඳ කිසිම හෝඩුවාවක් ලබා ගැනීමට ස්කූබ් පොලිස් බල්ලාට නොහැකි විය.

    පැය භාගයක් පමණ හෝටලයේ තැන තැන ඉව කළ ස්කූබ් ආපසු රැගෙන ගිය බව පොලීසිය කියයි.

    හෝටලයට පොලිස් මුර යොදා ඇත.

    ReplyDelete
  27. දැන් ඉතින් මෙයා අවුරුදු දෙකක් විතර ඉස්පිරිතාලෙ ඉඳියි.
    මොනව වුනත් නරේන්ද්‍ර මෝධිගෙන් සිංහලයන්ට වාසියක් තියෙනව වගේ
    ඒත් කිසිදෙයක් ෂුවර් නෑ

    ReplyDelete
    Replies
    1. හොස්සපිටල යන්න තමයි උපරිම ට්‍රයි කරලා තියෙන්නේ.. ජජ් ඒකට ඉඩ දීලා නෑ..

      Delete
  28. ඉන්දියාවෙ අධිකරනය ලංකාවෙ රාජපක්ෂගෙ රෙද්ද අස්සෙ තියෙන එකට වඩා නම් සාධරනයි..
    මෙයාට වඩා කෙරුමො ඉන්දියාවෙ හිරේ ගියා.. (හිරේ ඇතුලෙදි සැප වින්ද වෙන්න පුලුවන් ) ඒත් ලංකාවෙ තරම් දේෂපාලඥයට ගැති වෙච්ච අධිකරනයක් ඉන්දියාවෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඒ ගැන තමයි මේ ළිපිය ලිව්වේ.. එහේ එක මෙහේ එකටත් අන්තයි..

      Delete
  29. ජයලලිතාට වැඩේ දුන්නා වගේ තමන්ගේ ඊළඟ ඉලක්කය වෙන්නේ සෝනියා ගාන්ධි සහ පුතා කියලා සුබ්‍රමනියම් සාමි ප්‍රසිද්ධියේ කියා තිබෙනවා. මේ සිද්ධි සමස්තය ගැනම හොඳ විග්‍රහයක් කළා දයාන් ජයතිලක සිරස රූපවාහිනියෙන්. ඔහු ඒ සඳහා 1972 සහ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පදනම් කරගත්තා.

    ReplyDelete
    Replies
    1. සෝනියාලත් හොඳට කාලා තියෙන්නේ.. මුන්ගෙත් වැඩි හරියක් කම්බ හොරු..

      Delete
  30. පෑන්ටී හා බැසියර් කීයක් තිබුනාද කියා කොහේවත් තිබුනේ නැතිය.
    අන්තිම වැරදි.. ඒවා කියක් තිබුනද කියලා ගනන් හදන්න තිබුනා. වල්කමකට නේමෙයි අනිවාර්්‍යෙයන් ඔය නෝනාගේ බ්‍ර එකක් $ 110 කට වැඩි..
    ලියවිල්ල එල ද බ්‍රා.

    ReplyDelete
  31. It's going to be end of mine day, except before finish I am reading this fantastic paragraph
    to increase my knowledge.

    Also visit my web-site: Tower of saviors hack

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න