.

.

Dec 29, 2014

සල්මාන්, සමනලී හා බලු පූට්ටු... - Salman, Samanalee & Dog Mating


ලියන්නට දෙයක් නැත. ගොසිප් සයිට්, පොලිටිකල් වෙබ් සයිට් වේලෙනවාය. මේ කලටි පොල් කඩන කාලයක් නිසා, වෙන මළදාන ලියලා ඇති වැඩකුත් නැතිය. අඩු ගානේ ලෝකල් ගොබෙල්ස්ගේ, "සී නිව්ස්" එකේ වත් මෙළෝ දෙයක් නැතිය. දෙපැත්තම, රටට වින කල ගං වතුරේ ගසාගෙන ගියාදෝ කියා හිතෙනවාය. මාතලන් මේ දිනවල ඉන්නා හද්ද පිටිසර ගම්මානයේවත්.. බද්දේගමවත් සිරිසේන උන්නැහේගේ කැම්පේන් එකක්වත්, පෝස්ටර් එකක්වත් කටවුට් එකක්වත් පේන්නවත් නැතිය.

හැබයි සමෘධි කාරයෝ නම්, නිල් බලකායේ ටී ෂර්ට් ගහගෙන කීප සැරයක්ම ගම් වල සැරි සැරුවේය. එක එක ජාතියේ පත්‍රිකා බෙදුවේය.. ඒ අස්සේ අවුරුදු ලිතකුත් බෙදුවේය. මෙළෝ දෙයක් නොකර ආන්ඩුවේ පින් පඩියෙන් කන සෙට් එක, මේ දවස්වල එකසිය ගානට වැඩය. උන්ට මේ වගේ ලීෆ්ලට් බෙදන්න තියෙනවාය. ගෙයින් ගෙට යන්න තියෙනවාය. සිලෝන් ටකරන් බස් එකෙන් මීටින් වලට යන්න තියෙනවාය. බොන්නයි කන්නයි හම්බ වෙන නිසා, උනුත් පැනලාම යනවාය. "කන්න දෙනවනම්.... අපිට බොන්න දෙනවනම්...." කියලා සින්දු හදපු උනුත්, රෙදි නැතුව කඩේ යන එකේ, මුන් ගියාම මක්කා වෙනවදෝ කියා වෙලාවකට හිතෙනවාය.

මහින්ද මහත්තයාට සපෝට් කරන්න ජපානේ ඉඳලම ඇවිත් ඉන්න එකෙක්, මේ අහිංසක උන් දැකලා කිව්වේ, මචෝ මැති ඇමති සෙට් එකටයි මහ උන්ටයි හෙන ගහන්න එපාය යකෝ.. බලපන් මේ මිනිස්සු, කොච්චර අසරණ, දුප්පත්, අහිංසක මිනිස්සුද කියලාය. මම ඌට මුකුත් කියන්න ගියේ නැතිය. මට මතක් උනේ 77 මැතිවරණෙට, කැළණිය ආසනේට තරඟ කරපු සිරිල් මැතිව් ගෙයින් ගෙට ආපු විදියය.

සුපර් ලක්සිරි වාහන පෝලිමක් ආවේ නැතිය. බට්ටෝ දමා, නිදාගෙන ඉන්න පොඩි උන් බය කලේත් නැතිය. මහා සෙනගක් පිරිවරාගෙන ආවෙත් නැතිය. මරන්න හදන හරක් වාගේ කෑ ගසාගෙන ආවෙත් නැතිය. පෙනුමෙන් හා ඇඳුම පැලඳුමෙන් බොහොම වැදගත් 10-15 ක පිරිසක් ඇවිත් කොල කෑලී දෙකක් තුනක් දීලා හිනවෙලා ගියේය. (උන්දෑ පස්සේ පිස්සු කෙලිය කතා සහතික ඇත්තය.)

ඒ වගේ කැම්පේන් ඊට පස්සේ දකින්න අපි පින් කර තිබුනේ නැතිය. රටක් සංවර්ධනය වෙනවා නම් මේ වගේ සුළු දේවල් වල උනත්, තියෙන්නට ඕනා සංවර්ධනයක් මිස පිරිහීමක් නොවේ. මා සේවය කල රටවල මැතිවරණ තියෙනවාද කියා දන්නේ නැතිය. ඒ තරමටම නිහඬය. මිනිසුන් තමන් කැමති කෙනා චන්ද දිනයේදි තෝරා ගනි. පෝස්ටර් සඳහා වෙන්කොට ඇති බෝඩ් වල පමණක් දේශපාළකයෝ පනාව දාගෙන උන්නාට, මිනිස්සු ඒ දිහා බලන්නේවත් නැතිය. ප්‍රචාරන මාධ්‍ය පුවත් පත පමණි. මිනිසුන්ට වෙනත් දහසක් රාජකාරි ඇත.

රටේ ජනතාව මිලියනකට වඩා අන්ත අසරණ තත්වයට පත්ව ඇත. නිවාස දහස් ගනනක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොසින්ය. තවත් නිවාස දහස් ගනනකට අර්ධ හානිය.. ගම් පිටින් ජනතාව එක මිනී වලේ සැතපෙයි.. අනාතවූ මිනිසුන්ට.. කෑමට බීමට කිසිත් නැත. බීමට ජලයවත් නැත.. එක තැනකට දෙතැනකට පරිවාර සේනාව සමග ගොස් පච මල්ලක් බෙදාදෙයි.. මෙයාලා කියන විදියේ සංවර්ධණයක් සිද්ද උනා නම්, බලන බලන අතේ මුළු රට පුරාම අන්ත අසරන ජනතාවක් සිටින්නට බැරිය. අර වාර්ථා මේ වාර්ථා පෙන්න පෙන්න පච කෙලියාට, රටේ ඇත්ත තත්වේ නැත්නම්, හෙළුව පේන්නේ මේ වගේ වෙලාවල්වලදීය.

මාලනී හා සමනලී

මාලනි නැන්දාගේ පවුලේ දූ කුමාරියක් වන සමනලීට හොස්පිටල් යන්නම නෙලලාය. ඒ එයා දෑත් ශක්තිමත් කරන්න ගිය හාදයාගේ, ලොකු කොළුවාගේ, කොටළු රෑනය. උන්ට කියන්නේ නිල් බලකාය කියාය. උන් ඕන එකෙකුට නිල් වෙන්න නෙලන නිසා, උන් හඳුන්වන්නේ ඒ නමින්ය. ඒ වගේම නමට අඩු පාඩුවක් වෙන නිසාදෝ, උන්  උන්නේ නිල් වෙන්න ගහලාය. එහෙම නිල් වෙන්න ගහන්නේ එයාලාගේ පාටත් නිල් නිසාය. මහින්ද මහත්තයා ටී ෂර්ට් එකේ ඉන්නකොට උන් හිතන්නේත් මහින්ද මහත්තයා උන් කියලාය. ඉතින් රජ පාට් ඔළුවට එනවාය. ඕක පොකුරු පිටින් යනකොට ගහගෙන ගියාට. ගෙදර යනකොට යන්නේ ගලවලා සාක්කුවේ දාගෙනය.

මාලනිට එයාගේ පවුලේ හිඟන කෙල්ලෝ වැඩක් නැතිය. දැන් එයා බදාගන්නේ ඉන්දියාවේ සුපිරි නලු බට්ටෝය. සල්මාන් ඛාන්ට කොඩි දාන කොට, සමනලීට අඩි දුන්නාට එයාට අවුලක් නැතිය. නහින දෙහින කාළේ පැන්සොන් එකකුත් අරගෙන, සුපර් ලක්සිරි වාහනයක යන පින ලබා දුන්න උත්තමයෝ ඊට වඩා වටිනවාය.

සමනලීලාත් කරන්නේ මරි මෝඩ වැඩය. එයාලාට කියන්න තියෙන දෙයක්, ඔය රූපවාහින් චැනල් වල වොයිස් කට් එකකට දුන්නාම ඉවරය. රටේම ඉන්න බල්ලෝ පිස්සු වැටිලා ඉන්න වෙලාවේ, චෝයි බව්වෝ මක්කුද, පිස්සු බල්ලෝ මක්කුද කියා හරියට හඳුනා ගන්න බැරිය.

ගෙවල් වල හපා කන බල්ලෝ ඉන්න කොට, "බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු.." කියා බෝඩ් එකක් දානවාය. ආන් ඒ වගේ බෝඩ් එකක් ලංකාවට එනටර් වෙන තැන්වල එල්ලලා තියනවානම් බොහෝම වටිනවාය. මොකෝ මේ දවස්වල බල්ලන්ට හීට එක එනවාය. ඒ නිසා පිස්සු නැති බල්ලොත් පිස්සු වැටෙනවාය. එහෙම පිස්සු වැඩි වෙලා මෝල් කලන්තේ ආවම බලු පූට්ටු ඇති වෙනවාය. සමහර වේස කොල්ලෝ ඔය බලු පූට්ටූ වලට ගල් ගහනවාය. ඒත් ඉතින් එහෙම ගල් ගැහුවා කියා පූට්ටුව ගැලවෙන්නේ නැතිය. ඒක ඉබේම ගැලවිලා යනවාය.

ඉතින් අපිට, සමනලීලාට, ඉන්ද්‍රචාපලාට, කසුන් කල්හාරලාට, මොහාන් රාජ්ලාට, සහ අනෙක් උන්ට කියන්න තියෙන්නේ පිස්සු බල්ලන්ගේ බලු පූට්ටුවලට ගල් නොගහා. උන්ගේ බලු පූට්ටු දිහා බලාගෙන ආතල් එකක් ගන්න කියලාය. මොකෝ...., බලු පූට්ටු ආතල් එක ඉවර උන ගමන් ඉබේ ගැලවිලා යනවාය. ඕවා ගලවන්න ගිහින් පිස්සු බල්ලෙක් හරි බැල්ලියෙක් හපා කෑවොත් හෙම බුරිය වටේ ඉන්ජැක්සොන් ගහන්න ඉස්පිටිතාලවල ලගින්න වෙනවාය.

සල්මාන්ට කොඩි
සමනලීට අඩි
අපි නම් දැන් රෙඩි
දාන්න සුදු කොඩි
-x-

63 comments:

  1. සුදු කොඩි කළු කොඩි අඩි පුඩි වරෙව් ගොන් තඩි 8 වෙනිදට හම්බවෙයි තොපිට පඩි නඩි.

    ReplyDelete
    Replies
    1. ජාතියේම ඩැඩී - හැබැයි වැඩ නම් ගඳ වැඩී
      මුළු රටම වෙලා රෙඩී - අපි පෙන්නමු සුදු කොඩී
      පෙන්නමු සුදු කොඩී - අපි රටම වෙලා රෙඩී
      නමටයි මහ ඩැඩී - හැබැයි ගඳ වැඩ ගොඩ වැඩී

      Delete
    2. ඔන්න ඔතනයි වැරැද්ද.. වැරදි නම් දඬුවම් දෙනවා මිසක්.. ගහන්න ගියාම මේකේ ඉවරයක් නැතිව යනවා.. කාටත් එකලෙස බලපාන විදියට නීතිය නීතීගත් කලාම හරි.. අද නැත්තෙ ඒකයි..

      Delete
    3. මාර කවිය රසික

      Delete
  2. ඔබගේ දැක්ම හරි. මේක කටයි පුකයි වහන් ඉන්න ඕනෙ කාලයක් වෙලා. හැබැයි එහෙම ඉන්න එක ......හරිද කියලා තමන්ගේ හිතෙන් අහන්න වෙලා. නමුත් මා මිත්‍ර මොහාන්, කසුන්, සමනලී කියන්නෙ, යමක් තේරෙන සෙට් එකක්. අපි බලමු මාතලන් මොකක්ද වෙන්නෙ කියලා.

    හැබැයි මට මෙහෙම මතකයකුත් තියනවා. ඒ 1990 සිට 1994 අතර වසර කීපය යි. අපි බොහොම තරුණ වයසෙ කොල්ලො හැටියට එදා ආපු භීෂණයට, එහෙම නැත්නම් ඒ භීෂණේ නිසා සමාජයට වූ වැරැද්ද හොදින් දැක්ක ඒක අනුමත නොකළ කණ්ඩායමක් විදියට අපිට දැනෙන වෙනස ඇති කරන්න දිවි නොතකා ක්‍රියා කළා, එදා අපි කළ දේ ප්‍රතිඵල අද මෙහෙම වෙලා තියනව. ඒ නිසා මගේ මතය....

    පුද්ගලයෝ නොව මේ ක්‍රමය වෙනස් විය යුතුයි. නැත්නම් තව අවුරුදු 20 ආයිත් ඒ කාලේ ඉන්න තරුණයන්ටත් නැවත නැගිටලා සමාජය අවධි කරන්න සිදු වෙයි. එහි ප්‍රතිඵල තවත් භ්‍යානක වෙයි.

    ReplyDelete
    Replies
    1. කටයි පුකයි වහන් හිටියොතින් නම් තව පේවී
      රටයි දැයයි ඉතින් උගසටම සින්නව යාවී
      රටයි දැයයි බේරගන්න ප්‍රමාද වැඩි වේවී
      කටයි පුකයි වහන් හිටියොතින් නම් තව පේවී

      Delete
    2. ඒ වයසෙදි අපිත් බොහොම විවේචනයට ලක්වෙච්ච පැත්තක උන්නත්.. දෙපැත්තෙම උන් අපේ දැක්ම එදත් දැක්කා. අදත් දකිනවා.. වෙනසක් සිඳි නොවුනොත්.. මේ පාලණය අති දරුණු පාළණ්යක් වෙන එක කිසි කෙනෙකුට නවත්තන්න බෑ.. ඔය කටු කන රිලවුන්ට කන්න කට්ටක් වත් නැති වෙනවා.. දැන් කුමාරවරු ළොකුයි.. එකෙකුට හූම් කියන්න බැරි.. කවටයොයි, විකටකයොයි, නාඩගම්කාරයෝ ටිකකයි ඉතිරි වෙයි.. අපි නොදැකපු රාජාන්ඩු පාළණ්ය අපේ ඇස් ඉදිරිපිටම දකින්න පුළුවන් වෙයි..

      Delete
  3. උඹ දැංවත් රෙඩිද? ගෙදර ඉන්න ගත්ත තීරණය සමනලී නිසා හරි වෙනස් වුනානං මදෑ!

    ReplyDelete
    Replies
    1. අතහැර අඩි පුඩී - මාතලන් වෙන්නකො රෙඩී
      ඔය නිල්පැහැ කණ්නඩී - ගලෝල දාමු ද සුදු කොඩී
      ජාතියෙ මහ ඩැඩී - අපේ - යන තැන ගඳ වැඩී
      එයැයිට සුදු කොඩී - දාන්න වෙන්නකො හෙට රෙඩී

      Delete
    2. තවම කල් වැඩියි.... තීරණයකට.. කොහොමත් මම දෙන්නේ දිනන කෙනාට...

      Delete
  4. ඔය කියපු සියලු අය පෙනී සිටින්නේ තම මතය වෙනුවෙනි. ඔවුන්ගේ මතය ඔබ දරණ මතයට විරුද්ද වුවද ඔවුන් විවේචනය කිරීමට ඔබට අයිතියක් නැත. ඔබ දරණ මතය ඔබට නිවැරදි මෙන්ම ඔවුන් දරණ මතය ඔවුන්ට නිවැරදි වේ. මා හරි උගතා මා හරි ජගතා කියා සිතා අනුන් විවේචනය කරන්නා මොඩයකි .

    ReplyDelete
    Replies
    1. මතය විවේචනය කියන්නේ එකක්.. අන් මතයක් දරණවා කියන එකාට් නෙලීම වෙනම කතාවක්.. ඒ දෙක තේරුම් ගන්න බැරි උන්.. මී හරක්..

      Delete
  5. එතකොට චන්දේ දාන්නේ හද්දා පිටිසර ඉදංද. නැත්නං ගෙදර යනවද? හැක්..

    ආහ්.. අර සමනලීට ගැහුවේ “මෝහෙන් මිදුන“ අය..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ගෙදර යනවා.. ඡන්දයක වටිනාකම තේරෙවී ඒක නැති උන් දාට.. ඒකේ වටිනාකම නොදන්න පිරිසකුත් ලංකාවේ ඉන්නවා.. ඔස්ට්‍රේලියාව වගේ රටවල නම් ඡන්දේ නොදැම්මොත් දඩත් ගහනවා මයෙ හිතේ..

      Delete
  6. /* ලියන්නට දෙයක් නැත. ගොසිප් සයිට්, පොලිටිකල් වෙබ් සයිට් වේලෙනවාය. මේ කලටි පොල් කඩන කාලයක් නිසා, වෙන මළදාන ලියලා ඇති වැඩකුත් නැතිය. */

    ලියන්නට දෙයක් නැතිනම් බ්ලොග් කට්ටෙ අද
    නිකං බයිල පදයක් ගැට ගහමුකො බැරිද
    නිකං ඉන්න බැරිනම් බයිලක් කියමුද
    ලියන්නට දෙයක් නැතියැයි දුකේ ඇයි අද?

    ReplyDelete
    Replies
    1. ඒකත් දැන් එපා වෙලා... ඒ තරමටම බෝරින්....

      Delete
  7. උඹට නිවාඩුවක් එහෙම ඕනෑ නං කිසි බයක් නැතුව දැන් ගන්න පුළුවනි.අද බස්සි ලියල තියෙන ප්‍රහාරාත්මක හා කලාත්මක පෝස්ටුව දැක්ක නේද?

    ReplyDelete
    Replies
    1. දැක්කා දැක්කා.... සතුට උතුරුනවා... ඔය කෙල්ල මාර ටැලන්ට් එකක්.. නොකඩවා ලිව්වොත් ළෝක මට්ටමේ සාහිත්‍ය කාරියක් වෙනවා.. ආයේ කතා දෙකක් නෑ.. ඕනම විදියකට ලියන්න පුළුවන්.. අනික ඒකී ඕනම විෂයක් පිළිබඳ සෑහෙන දැණුමකින් සමන්විතයි.. ඉතින් රස උතුරන එක අහන්න දෙයක්ය.. දැන් දෙන්නෙක්ම ඉන්නවා.. අනිකා විභීෂණ..

      Delete
    2. මාත් දැක්කා.

      පිස්සු හැදෙනවා එක කියෝපුවම.

      ආයේ ඉතින් හතර අතට දීල තියෙනවා කුඩුවෙන්න හිටං.

      Delete
    3. විභීෂණට එතනින් හොඳ පාඩමක් ගන්න පුළුවන්, උඹේ ඒවා මාගල් වගේ දික් වෙන එකට.. බලපන් ඔක්කෝම බොහොම කෙටි කරලා ලියලා තියෙන ලස්සන. උඹලා, අපි, ලියන එවා ගැන ලැජ්ජාවේ පණ යනවා...

      Delete
    4. ඔව් බං මාත් කියන්න හිටියෙ විභීෂණ ට බස්සි ෆලෝ කලොත් ගොඩක් දේ ඉගෙනගන්න ඇහැක් වෙයි.බලපල්ලා කෙල්ල ෂෝට් ඇන්ඩ් ස්වීට් ලියල තියෙන ලස්සන.

      Delete
    5. අනිවා මාතලන් බොස් & හැලපේ බොස්
      එකනම් සහතික ඇත්ත.
      මගේ පොස්ට් නම් ඇත්ත ටම දිග වැඩියි තමයි.
      බස්සිගේ මේ පොස්ට් එක ලියල තිබ්බ විදිය නම් ඉගෙන ගන්න වටිනවා.

      අනිවා
      වැඩි කල් යන්න කලින් කොහොම හරි ෂොට් ඇන්ඩ් ස්වීට් වෙඩි තියන්න පුරුදු වෙනවා.

      Delete
    6. බොස් බොස් ගාන්න එපා බං ළිඳට ගල් දානවා වගේ.. නම කියලා කතා කරහන්... ඕවා අපේ ගොබ්බ ගති..

      Delete
    7. ඔහොම කියන්න එපා ලැජ්ජාවෙ මූණ රතු වෙනව. :)

      Delete
    8. බස්සි ගානෙ අපිට ඉස්පොන්සර් අද !!!!

      මං ගල් ලොරියක් ඕඩර් කරා . ඕ යේස්

      Delete
  8. ගුටි ගොඩයි
    පඩි ටිකයි ඒකයි

    ReplyDelete
  9. Replies
    1. නෝනා බද්දෙගම.. මාතලන් කැළණියේ...

      Delete
  10. මේ තමයි වෙලාව සමාජය ගැන ඇත්තටම සංවේදී කලාකාරයෝ කවුද සහ ගත්මනාවට, මස්කට්ටට සංවේදී නලාකාරයෝ කවුද කියල හොයාගන්න.

    කලාකාරයා කියන නමටත් අවනම්බු කරන ඒ වේස හැතිකරේ එක්ක මුළු වලව්වම අතුගාලා දාන්න ඕන

    එහෙම නොවුනොත් අද කට ඇරිය සමනලී ලට, ලක්ෂ්මන් ලාට ආයේ තව වතාවක් කට අරින්න ඉඩක් ලැබෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. පිස්සු බල්ලෝ එක්ක සෙල්ලම් කරන්න යන්න නරකයි.. උන් ටික දවසකින් රෝගය උත්සන්න උනාම, පිස්සුවෙන්ම මිය යනවා...

      Delete
  11. අනේ මන්දා චන්දෙ ඉවර වෙලාත් ටික දවසක් යනකන් මේ දුක ඉවසනගෙන ඉන්න වෙනවා..
    මෙනවා කරන්නද රංඡනි දුක තමයි තාත්තට පඩි හම්බ වෙනකන්.

    ReplyDelete
    Replies
    1. තාත්තට පඩිද.. එහෙම නැත්නම් අඩිද...?

      Delete
  12. අපේ සංවේදී තාත්තාගේ වැඩ කොහොමද ?
    නින්දිතයි මහරජ !මට තාමත් හම්බවුනේ නැහැනේ ලොක්කාගේ ලිෆ්ලට් බෙදෙන එකෙක්.

    ReplyDelete
    Replies
    1. අපෝ මේ ගම් වල නම් පෙරහර වගේ එන්නේ.. ඒ කියන්නේ ඔක්කෝම වගේ සමෘධි කාරයෝ...

      Delete
  13. MEKA THAMAI RAJAPAKSHA CHINTHANE.MAMA BELIATHTHE MAMA HODATA DANNAWA MEYAGE CHINTHANE GANA .APE GAME UNP KARAYO HANGILA INNE.KARYALAYAK EHEMA DAMMOTH IWARAI

    ReplyDelete
    Replies
    1. උඹලට ඉඩ දුන්නම, ඉස්තාවර රට අස්තාවර කොරනවා නේ...

      Delete
  14. මේ මාතෘකාවෙදි නම් මාතලන් පරාදයි. බස්සි දිනුම්. මම කිව්වෙ ටයිමින් ගැන.

    ReplyDelete
    Replies
    1. මේ මාතෘකාවෙදි නෙමෙයි, ඕන මාතෘකාවදි මම බස්සිට පරාදයි.. මම නෙමෙයි එකෙක් වත් නෑ ඒ ටැලන්ට් එකට ගහන්න.. ඒකිගේ ටැලන්ට්ස් ගැන ඒකිට කියලා දුන්න එකා විදියට මට ඒ ගැන තියෙන්නේ ආඩම්බරයක්.. නැත්තන් එයා කෝං පිට්ටු හද හදා උන්නේ...

      Delete
  15. එදා මොහිදීන් ආම්‍රස්ට්‍රීට් එකට නාවනම්, මේ සීන් අපි දකින්නෙ 93දි! වාසනාවකට ( හෝ අවාසනාවකට ) කල්ගියා 2014 වෙනකල්. මේපාරත් බයිසිකලයක් තල්ලුකරන් කවුරුත් නාවොත්...!

    ReplyDelete
    Replies
    1. මොහිදීන් නෙමෙයි බං, බාබු.... මොහිදීන් හිටියේ සුචරිතේ ඇතුලේ...

      Delete
    2. මැද පෙරදිග ඉන්නා අර ඉන්දික කොලුවා
      පද බැඳ හොඳ හොඳ බයිලා කියන්න මරුවා
      සොඳ පද බැඳ බයිල කියන්නට නම් දැරුවා
      (අර) මැද පෙරදිග ඉන්නා උපශාන්ත සුරුවා

      Delete
    3. අම්මට සිරි මේ බලපන් රසිකගෙ බයිලා
      අද නෝන ගෙදර නැතුව මෙයා හොඳටම බීලා
      අනේ, නෝන නැතුව අද තනියම වාගෙයි බීලා
      අපෙ බ්ලොග් ලෝකෙ නොම්මර එක කියනව බයිලා...

      Delete
    4. හුරේ … ගහන්ඩ මල්ලි පපරේ !!!!!

      Delete
    5. මොකෝ මල්ලි මොකෝ මල්ලි බයිලා ගහන්නේ
      ගෙදර නෝනා ෂොපින් ගිහින් වගෙයි පේන්නේ
      පරන වයින් බෝතල් එක එක හිස් වෙන්නේ
      ඒක නිසයි රසික බයිලා දෝරේ ගලන්නේ

      Delete
  16. මාතලන් චන්දෙ ඉවර වනකල් ඇනෝ දොර වහන්න තහනම් හරියෙයි

    ReplyDelete
    Replies
    1. රුන්නොත් නම් වහනවා... දේවාල වල රෙන්න දෙන්න බෑ නේ... (අනේ තොගෙ දේවාලේ....)

      Delete
  17. එක එක කාල වලදී මං මිනිස්සු ගැන වැරදි ආකල්ප වල ඉන්නවා.. මුළින්ම චන්දයක් දාන්න යනකොට හිටියේ චන්ද්‍රිකා ගැන වැරදියට හිතාගෙන.. ඉතින් චන්ද්‍රිකාට මගේ කුළුදුල් මනාපේ දුන්නා.. ඒ ගෑනි ඒක වේස කමේ ගෙනිච්චා.. පස්සෙ කාලයක් රනිල් වික්‍රමසිංහ ගැන වැරදියට හිතාගෙන හිටියා.. ඒ කාලෙම මහින්ද රාජපක්ශ ගැනත් වැරදියට හිතාගෙන ඒ යකාට චන්දෙ දුන්නා රනිල් පරද්දල.. ඌ ඒ චන්දෙ අරගෙන ආපහු අපිටම ඇරියා..
    පහුගිය දවස්වල සමන්මලී ගැනත් සමනලී ගැනත් හිතාගෙන හිටියේ වැරදියට කියලා සමන්මලී ප්‍රසිද්ධියේ රෙදි ගලවලත් සමනලී එහෙම වැරදියට හිතන් උන්නු උන්ගෙ රෙදි ගලවලත් කියල දුන්නා..
    දැන් හිතන් ඉන්න ඒවත් හරිද වැරදිද කවුරු කොහොම කොකා පෙන්නයි ද කියලා හිතා ගන්න බෑ.. හොඳම දේත් එහෙම නොහිතා ඉන්න එක වගේ.. අනේ මංදා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම ඔය එකෙක්ටවත් සහතික නොදෙන්නේ.. ඒකනේ මම ජෙප්පෝ හරිය කියලා කිව්වේ...

      Delete
  18. පුදුමේ කියන්නෙ තාම එකෙක්වත් අපි ඉන්න පැත්ත පලාතකට කැන්වසිං ආවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්න පැතිවල එන්නේ නෑ... මී හරක්ට තමයි ඒවා බෙදන්නේ.. රිලාසිරිත් කියලා තිබුනේ...

      Delete
  19. Jayawewa,Mathalan Anolata aith dora open karala,Postuwath maru,Thanks (Ranjan)

    ReplyDelete
    Replies
    1. ඇරලා තියන්න බයයි.. බව්වෝ ඇවිත් රීලා යනවනේ

      Delete
  20. ගහන එකත් අලුත් චැම්පෙන් එකක් කියල දන්නේ නැද්ද....?

    ReplyDelete
    Replies
    1. ඔව් නේ ඒකත් දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා...

      Delete
  21. ආදරණීය ජැකී

    ගිණි අව්වට පිච්චි පිච්චි
    දෑත දෙපය කකියන කොට
    අහම්බෙන් ඇවිත් පිපුණා
    සොඳුරු හිත් මලක් දොරකඩ …

    මං ඔයාගෙම
    ~ පත්තර මල්ලි ~

    ReplyDelete
    Replies
    1. ජැකී දැක්කොත් ආයේ දෙකක් නෑ මක්කා හරි වෙනවාමයි...

      Delete
  22. සල්මන්ලාජැකිල දැකල චන්දෙ දෙන බුද්ධිමත් ජනතාවක් හා එකිනෙක මරා ගන්නා ප්‍රබුද්ධ ආධාරකරුවන් පිරිසක් සමග නොන්න්දී ගහන වමක්. තව මොනවාද අඩු.
    බ්ලොග් පෙරමුණක් හදන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඒව හොඳයි මේකේ ඉන්න මොන්ටිසෝරී බබාලට වඩා...

      Delete
  23. කසුන් කල්හාර කියන්නෙ ලන්කාවෙ හමුදාව දෙමල මිනිස්සු මරපු කුලී සින්හල හමුදාවක් කියපු මහත්තයා නෙද? මෙ වෙන්ඩ විප්ලවවාදී පන්ඩිතයො මයිත්‍රීට කඩෙ යන පුදුමයක් නෙවෙ අපිටනම්. හැබැයි ඔය පන්ඩිතයොන්ට මෙ රට දශමයක්වත් ඉදිරියට අරන් යන්න බෑ.

    බොරු ඔනෙනම් ලන්කාඊනිව්ස් බලපන්. සින්හල කොටියා මෙ දවස් ටිකෙ ෆොම් වෙලා ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම බලන්නේ ලංකා සී නිව්ස්.. එතකොට පුකෙනුත් හිනා වෙන්න පුළුවන්.. ඒක අරකට වඩා ගති..

      Delete
  24. ඔව් බල්ලන් කන හැටි රෙන හැටි තවත් ඒවා කරන හැටි හොද අපූරුවට විස්තරේ පත්තරෙන් බලන්න සී නිවුස් හදලා තියෙන්නේ. මෝඩයන් හත් පොලේ ගාගෙන නටන කොට උන්ට අවුරුදු

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න