.

.

Jan 9, 2015

මෛත්‍රී යුගය, පාදඩයෝ හා මදාවියෝ - Maithree Era, Looters & Vagrants



මෛත්‍රී යුගයේ ආරම්භයම ඉතා චාම් බවක් ඉසිලීය. මුළු වියදම රුපියල් 6000 ක් පමණි. රටේ ධනය, තම බලයෙන් කාබාසිනියා කල එකාධිපතියකුගේ පඩ ෂෝ සංදර්ශණවලට වශී වී ගිනිකන වැටී හුන් මෝඩයන්ට මේවා කිසි පිලිවලක් නැති වැඩය.

එමෙන්ම මේ රජය තවත් බොරුවකට පිළිතුරු ලබා දිය යුතුය. නැතිනම් සිඳු වන්නේ, මැර බලයෙන් රට පාළණය කළ කොට, ජයග්‍රහණයද පරාජයක් බවට පත් කොට, මිලටරි පාළණය තුලින් රට ගෙන යාමට තැත්කල පඩත්තලයින් හා මදාවියන් පිරිසක්, ඉතා සාමකාමිව පරාජය පිළිගෙන නිහතමානීව ගෙදර ගිය බවකි. අභිමානවත් සමුගැනීමක් සිඳු කළ බවකි.

නමුත් කොන්ද කෙලින් තබා ගෙන වැඩ කල මැකෝ, ජඩබලයට එරෙහිව නැගී නොසිටියේ නම්, සිඳුවන්නට ගියේ කුමක්ද යන්න මේ රටට හෙලිකල යුතුය.

එහෙත් අප දන්නා ආකාරයට සිඳුවී ඇත්තේ වෙනත් දෙයකි. එහි නියම සත්‍යය මොවුන් ජනතාවට හෙලිකල යුතුය. සිඳු වූයේ කුමක්ද යන්න ඔබට අවශ්‍ය නම් මෙතනින් බලා ගත හැකිය. ඔවුන් ඒ තරම්ම බලයට කෑදර පිරිසකි. ඊයේ වේලී වෙලී තිබු පචවාහිනියට රාත්‍රියේ පැමිණි, ශිරාල් ලක්තිලක කීවේ, රාජපක්ෂ පවුලේ හා ඔහුගේ හොර නඩයේ, සියළුම අයතා ක්‍රියා පිළිබඳ නීත්‍යානුකූලව කටයුතු කරනා බවකි. එය විනිවිද භාවයෙන් සිඳු විය යුත්තකි. අනුර කුමාර දිසානායකද, ඔවුන් ළඟ ඇති සියළු ෆයිල් වලට එරෙහිව යුක්තිය ඉටු කරනා බව කීවේය. ඔවුන් එසේ නොකලොත් අපට සිඳු වන්නේ ඒවාත් අර මහින්දගේ ෆයිල් ලෙසම සලකන්නය.

මොවුන්ගේ සොරකම් හා දූෂණ වලට දඬුවම් නොදුනහොත්, වැඩි කල් යන්නට මත්තෙන්, මෛත්‍රී පාලනයට එදිරව ජාතිවාදය කරපින්නාගෙන නැවත එන්නේ, ලේ පිපාසිත මේ හොරු කැළය. ඒ නිසා අනුකම්පා කිරීම්, මෛත්‍රී කිරීම් හා නහී වේරේන වේරානි, බණ පොතේ තිබෙන්නට හැර, කොල්ලකෑ සියළුම දේපල හා මුදල් නැවතත් රටට ලබා ගත යුතුය. විශේෂයෙන් සී ෂෙල්ස් වල බැංකුවකුත් පිහිටුවාගෙන කළ වංචාවන් සියල්ල හෙලි කළ යුතුය.

මහින්ද රාජපක්ෂ ආන්ඩුව යනු සම්පූර්ණයෙන්ම මදාවී පාළණයකි. එහි රජ කළේ, මදාවියන්, පඩත්තලයන්, හොරුන්, මංකොල්ලකරුවන්, කුඩු කාරයන්, එතනෝල්කාරයන් වැනි පාතාල නායකයන්ය. උන් එකෙක් හෝ මේ ආන්ඩුවට එකතු කර ගන්නේ නම්, අප මේ ආන්ඩුව කෙරේ දැක්වූ විශ්වාසය නැතිව යන්නේය. එය ජනතා පරමාධිපත්‍ය බල්ලාට දැමීමකි.

STF විසින් කුඩු ලන්සාගේ ගේ වටලා, ඔහු අත් අඩංගුවට පත් වූ වේලේ, සියළුම වැඩ කටයුතු නවත්වා, කඩිමුඩියේම මීගමුවට ගොස් කුඩු ලන්සා බදාගෙන උම්මා දුන්න එකම, ඒ පඩත්තල පාළණයේ තරම පිළිඹිබු කිරීමට හොඳටම ප්‍රමාණවත්ය. නූරීයවත්තේ අතකොටා, මහිපාලයා හා එක්ව කරනා පඩත්තලකම් තවත් උදාහරණයක්ය. චන්ඩි මල්ලිගේ පුතාට, SP ප්‍රිෂාන්ත ජයකොඩි ලවා වැන්දවීමට තැත් කිරීම, තව උදාහරණයකි. මේවා ගැන පොතක් නොව. පොත් සෙට් එකක්ම ලිවිය හැකිය.

ඒ නිසා අප ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටින්නේ. මේ ආන්ඩුවේ ඉහත සඳහන් කල පිරිස හා වන්දිභඨ්ඨයෝ, සට්ටැඹියෝ, නළාකාරයෝ හා ජඩමාද්දිය වේදියෝ එකෙකුන් හෝ මේ ආන්ඩුවට ලං කර නොගන්නා ලෙසය.

මුන් ජාතිවාදය නැවත මේ පොළොව මත වැපිරුවේය. මෛත්‍රීපාල සිරිසේනට ගහන්න පුළුවන් පහත්ම ආකාරයෙන් ගැහුවේය. මේ තරම් සක්කිලි දේශපාළකයින් පිරිසක් අප ජීවීත කාළය තුල දැක තිබුනේ නැතිය. උන් රටම ගොනාට ඇන්දවිය. අද එසේ ඇඳගත් ජාතිවාදියෝ නැවතත් ලේ ගංඟාවෝ වල පීනන්නට පෙරුම් පුරනවාය.

එස් බී නැමැති දේශපාළණ සුනඛයා කීවේ, මෛත්‍රීපාල පොන්නයෙක් කියාය. අනෙක් උන් නොකියා කීවේත් එයය. මුන්ට මෛත්‍රී කරන්න ගියොත් ඔබ තුමාටත් වෙන්නේ, මදාවියන් හා රමණයේ යෙදුනු මහින්දට සිඳු වූ දේමය. ඒ නිසා පහත සඳහන් එකෙක් හෝ තම ගමනට එක කර නොගන්නා ලෙස ඉතා ආදරයෙන් හා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

දේශපාළකයෝ

රාජපක්ෂ පවුලේ කිසිවකු, ඩලස් අලහප්පෙරුම, නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රිය දර්ශන යාපා, විමල් උපාදංශ, එස් බී දිසානායක, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ, දිනේෂ් ගුණවර්ධන, දයාසිරි ජයසේකර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩීව් ගුණසේකර, මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, කුමාර් වෙල්ගම, ලක්ෂ්මන් සෙනෙවිරත්න

කළාකාරයෝ

සෝමරත්න දිසානායක හා රේණුකා බාලසූරිය (රටේ ඉන්නා පඩත්තලම කාළාකරුවන්ය, අවස්ථාවාදියෝය.) ජැක්සන් ඇන්තනී, භාතිය හා ෂන්තුෂ්, ඉරාජ් වීරරත්න, සේනානායක වෙහෙරලියද්ද, රෝහණ වීරසිංහ, මාලනි ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙනිය, නීලා වික්‍රමසිංහ, ජානක වික්‍රමසිංහ, රෝහන බැද්දගේ, වසන්ති චතුරාණි, නිල් බලකායේ ඇඩ් වල උන් නව පරපුරේ කළාකරුවන්,

ක්‍රීඩකයින්

සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන්, සුසන්තිකා ජයසිංහ

ජඩමාද්දියවේදියෝ

මොහාන් සමරනායක, සුධර්මන් රදළියගොඩ (යකඩ හොරා), හඩ්සන් සමරසිංහ, ලේක් හවුස් පුවත් පත් කතෘවරුන්. 

විදේශ සේවය

ජී ඇල් පීරිස්, සජින් වාස් ගුණවර්ධන, දයාන් ජයතිලක, ක්ෂෙනුකා සෙනෙවිරත්න, රාජපක්ෂ පවුලේ සාමාජිකයින්.

නව ජනපති වෙත මෙම ළිපිය යොමු කරනා බැවින්, මෙයට එකතු කළ යුතු තවත් නම් ඇතොත්, කරුණාකර කොමෙන්ටුවලට එක් කරන්න.

239 comments:

  1. අනුර කුමාර ප්‍රියදර්ශන නෙවෙයි අනුර ප්‍රිය දර්ශන යාපා ලෙස නිවැරදි විය යුතුයි .

    ReplyDelete
    Replies
    1. මෙතනින් එහාට දේශපාලකයන් කිසිවෙකු අලුතෙන් වැද්ද ගතයුතු නැති බව මාගේ හැගීමයි , මන්ද මෙතනින් එහාට සහයෝගය දක්වන්නට එන්නේ අවස්තාවදීන් මිස අන් කිසිවෙකු නොවේ,

      1. නීතිය සැමට එකසේ ක්‍රියාතමක වන වටපිටාවක් නිර්මාණය කිරීම අනිවාර්යයි. කෝප් වාර්තාවේ වැරදි කරුවන් වූ සියල්ලද , දුෂණ වංචා සිදුකල සියලු දෙනාද අපක්ෂපාති සහ දේශපාලන දෘෂ්ඨියෙන් ඔබ්බට ගිය නීතිමය රාමුවක් යටතේ දඬුවමට ලක් කල යුතුය.

      ජනාධිපතිවරයා අරලිය ගහ මංදිරයෙන නික්මයාම සහ බලය හුවමාරු කරගැනීම (මතුපිටින් පෙනුණු ආකාරයට) සුවිශේෂී දෙයක් නොව සාමානයයෙන් සිදුවිය යුතු දෙයකි. අපේ දේශපාලන සංස්කෘතිය තුල සාමන්‍යයෙන් සිදුවිය යුතු දේ නොවී තිබීම ජනගත වී තිබීම නිසා සාමානයෙන් සිදුවිය යුතු දේවල් සිදුවීම සුවුශේෂී වෙයි .

      නමුත් සිරිසේන මහතා පරාජය වූවානම් මේ වනවිට් තත්වය 2010 දී සරත් ෆොන්සේකා මහතා පරාජය වී පැය කීපයක් ඇතුලත සිදුවූ දේ අනුව හැමටම සිතාගත හැක.

      Delete
    2. සහතික ඇත්ත... සාමාන්‍යකරණය, විශ්මයක් බවට පත්කළ පාළණයකට ගිනිකන වැටුනු මෝඩ මාධ්‍යවේදීන්ට මේවා ආශ්චර්යයන්ය.

      Delete
    3. @ඉවාන් පවුලූශා

      +++++

      Delete
    4. ඉවාන් !!!! රෙෂ්පට් ඈ ……………

      Delete
    5. ඉවාන් මාර ලයික් හොඳේ..!!!

      Delete
    6. අද (9) පාන්දර 2 ට පමන හමුදාපතිවරැන් සහ ගරැ නිතිපති අරලියගහ මන්දිරයට කැදවු පරාජිත ජනාධිපති රාජපක්‍ෂ මැතිවරන ප්‍රථිපල අත්හිටුවිම සදහා හදිසි නිතිය පනවනලෙස ට නියම කරන ලදි. එහෙත් එහෙත් එම යොජනාව නිතිපති වරයා විසින් තරයේ ප්‍රතික්ක්‍ෂප කරන ලදි. හමුදාවද ජයගත් අයගේ පැත්ත ගන්නා ලදුව ,කරකියාගන්නට දෙයක් නොමැති මාරා නිල නිවසින් පිටවි යනලදි. මහත්මා දේශපාලනයක ලකුන !

      by Ajith P Perera on his FB

      Delete
    7. සෝමරත්න දිසානායක හා රේණුකා බාලසූරිය (රටේ ඉන්නා පඩත්තලම කාළාකරුවන්ය, අවස්ථාවාදියෝය.)
      රූපවාහිනියට සෝමරත්න දිසානායක

      Delete
    8. අයියෝ සිරිසේනගේ පළමු නෑම.. අරින කොට එයාටම තේරෙයි... බලේ දුන්නට මොළේ දෙන්න බෑ නේ...

      Delete
  2. හරි ෂෝක් අනේ. කවුරුත් ආපු ගමන් මෙහෙම තමයි. නාස්තියත් නෑ. දූෂණයත් නෑ. බලමුකෝ ටික දවසකින් මෙ ලැයිස්තුවල ඉන්න කට්ටිය ආණ්ඩුවේ තැන් තැන්වල ඉන්නේ නැද්ද කියන එක. හැක් හැක්!

    ReplyDelete
    Replies
    1. පරාජයෙන් වියරු වැටුනෙක්.. දුක තමයි සුමනා...

      Delete
  3. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, තාරකී සිවරාම්, 2006-09 කාලයේ සුදුවෑන් වලින් උස්සපු මිනිස්සු, කටුනායක රොෂේන්, හලාවත ඇන්ටනී, රතුපස්වල පාසැල් දරුවන්, එදා වැලිකද හිරගෙදර මරාදාපු සිරකරුවන්, උතුරේ ඉසිප්‍රියා, බාලචන්ද්‍රන් ඇතුලු රාජපක්ෂ භීෂන සමයේ මැරුම්කෑ ජීවිතවලට සාධාරනයක් ඉෂ්ඨ කරන්න, මේවාට කෙලින්ම කා වක්‍රව වගකිවයුතු ගෝටාගේ ඉදන් සියලු භීෂකයින් අත් අඩංගුවට ගත යුතුයි...

    උතුරේ පුරවාගෙන සිටින හමුදා ඉවත්කොට දමිල ජනයාට නැවත ඔවුන්ගේ ඉඩම් ලබාදිය යුතුයි.

    යුද්ධය අවසාන සමයේ සිදුවූ අපරාධ සම්භන්ධයෙන් පරීක්ෂනයක් කල යුතුයි..

    ReplyDelete
    Replies
    1. සියල්ලටම එකඟයි....

      Delete
    2. එදා වැලිකඩ කිව්වෙ 1983 දීද
      එහෙමනම් ඒක කොහෙන් නවත්වන්න වෙයිද දන්නෙ නෑ නේද
      එක පැත්තකට එරෙහිව සිදුවුන ඒව විතරද හොයන්න ඕන
      දෙමළ කොටි මතවාදයට පක්ෂ වීම නිසා හිරිහැරයට ලක්වූවන් ගැන හොයන්න ඕන.මොකද ඕනම කෙනෙකුට තමන් කැමති මතවාදයක් දරන්න පුලුවන් නිසා
      ඒත් ඒක එක පැත්තකට විතරද වෙන්න ඕන
      1983 ( වැලිකඩ සිද්ධිය ) දි මහින්ද හිටියෙ නෑනෙ.1983 වෙනකම්ම දෙමළ ජාතිවාදී විමර්ශන සිදුවිය යුතුනම් අනෙක් පැත්තටත් ඒ අයිතිය තියනව නේද
      එතන මහින්ද විරෝධය යටින් තියන කතාව ආවෙ වැලිකඩින්

      Delete
  4. උසස් අදයපන ඇමති කම කාටද කියල තම මම බල ඉන්නේ ! එත් සොමරත්නය MY3 ට හෙල්ප් කරන්න පෙන්න නේද ? ඕක එක නිසා ගොඩ යනු ඇත

    ReplyDelete
    Replies
    1. ඕකා මේ රටේ සිටින සක්කිලිම කළාකරුවාය...

      Delete
  5. වරාය සභාපති හොරාචාර්ය පියත් බන්දු වික්‍රම රටින් පනින්න ගොස් කටුනායකින් ආපසු හරවා එවා ඇතිබව වාර්තාවේ.

    ReplyDelete
  6. 94 දි චන්ද්රිකා එනකොට කිව්වෙත් ඔහොම තමයි. ගෝල්පේස් එකට ගෙනත් හොරැන්ට දඞුවම් දෙන බව. නමුත් එයාගේ පාලනය යටතේත් එස්.බී. වගේ එවුන් සමුර්දියෙන් ගහපු ගැහිලි අපට මතකයි.
    එකට කාගෙන බීගෙන හිටපු යාලුවන්ට විරැද්ධව මේගොල්ලො වුනත් පියවර ගනියි කියලා විශ්වාස කරන්න බැහැ. මොකද මේ අය කරන්න බලාගෙන ඉන්නෙත් අර අය ගහල නවත්තපු තැනින් පටන්ගන්න නිසා..
    ජනතාව හැමදාම රැවටෙනනා විතරයි.

    ReplyDelete
    Replies
    1. සමාන්‍යයෙන් රනිල් එක්ක ඒ සෙල්ලම් දාන්න වෙන එකක් නෑ.. කයි.. ඒත් මහින්දලා කෑවා වගේ ඉස්මුරුත්තාවට එනකන්ම් කන එකක් නෑ.. කොහොමත් එකෙකුටවත් චරිත සහතික දෙන්න අපිට ඕන කමකුත් නෑ...

      Delete
  7. ඔබ කියා ඇති කරුණුවලට එකඟ විය හැක.එහෙත් එක් කරුනක් ගැන අවුලක් ඇත.මෙතනින් බලා ගන්න කියා දී ඇති ලින්ක් එකේ ඇති වෙබ් අඩවිය අතාම අසත්‍ය පදනම් විරහිත කතා ගොතමින් මහින්දට අපහාස කළ එකකි.එසේම එහි තිබූ බොරුද අතේ කයිතන් විය.
    මහින්ද ආණ්ඩුවට එරෙහිව බොහෝ බොරු ප්‍රචාර ගියේය.ඒවාට උත්තර දීමට උහසාහ නොකළ නිසා ඒවා නිකම්ම ඇත්ත විය.වංචා දූෂණ සිදුවුනත් ඒවා විපක්ෂය කියන තරම්ම නොවේ.
    ආණ්ඩුව ජාතික හා අයිටී එන් එක මතම විශ්වාසය තැබීය.එහෙත් සමාජ ජාල වල බලපෑම අලුත් ඡන්ද වලට ලැබුනි.ආන්ඩුව එය තේරුම් ගත්තේ අන්තිම මොහොතේය.

    අවසන් මොහොතේ දේවල් ගැන ඔබ කියන කතා පදනම් විරහිත ප්‍රලාපය.එය අනේ දිනන්න බැරිවෙයිද කියා දෙගිඩියාවෙන් සිටි එක්සත් ජාතික පාක්ෂිකයෙක්ගේ නපුරු සිහිනයකි.ඔහු එය කතන්දරයක් ලෙස අපට කියයි

    ReplyDelete
    Replies
    1. ඒවා බොරුද ඇත්තද කියලා.. මහින්දට කඩේ ගිය උන්ම විග්‍රහ කරයි... මහින්ද කළ දේවල් අනුව.. ඒවා පිලිගැනීමට සිඳු වන්නේය.. අවසාන මොහොතෙත් විරුද්ධව කතා කර ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත පමණි.. මේ එක කුමන්ත්‍රණයක් පමණි.. තවත් කුමන්ත්‍රණයක් එලිවෙමින් පවතී...

      ෂේප් එකේ යන්නම .... මහින්ද බබා...

      Delete
  8. My3 ගේ 51% චන්දයෙන් ජනාදිපති වීම ගැන මාතලන් ප්‍රමුක සින්හල බොග් වීරයන් ට සුබ පැතුම්.

    ම රා පාලනය යටහේ ඔබලාගේ චොදනාවලට ලක් වූ වැරදිකරුවන් හට දඩුවම් ලබාදී 'යහපාලනයක්" අපට ලබාදේවි යැයි අපි බලාපොරොත්තුවෙමු.

    මීට ස ර ස තුමා.

    ප.ලි. : ලන්සා සහ දුමින්ද තාම නිදහසේය.

    ReplyDelete
    Replies
    1. අනේ මචං උඹ ඉන්නවද යහතින්.. මම හිතුවා පපුව පැලිලා මලා කියලා.. අර කන්තක අස්සයා වගේ...

      Delete
    2. මාතලන් අර දුමින්ද නාගමුවට බයවෙලා අගට දාපු බිංදුව අපරාදේ , තව හාරදාහක් අඩු කළා නම් ඒත් බ්ලොග් ලියන්න තිබ්බා

      Duminda Nagamuwa - Frontline Socialist Party - 9,941 - 0.08%

      Delete
    3. අර පිස්සු මෞර්ය රාජයි නිර්මලාටයි ගරු කරලා නේ බං ඒක කලේ මගේ ගාන තිබුනා නම් ඌට වටිනාකමක් වත් තියෙනවා..

      Delete
    4. ස ර ස තුමාට පැලෙන්නට පපුවක් නැත.

      දුමින්ද අනාගමුව චන්ද පන්දාහට වඩ ගත්තා නේද?

      දැන් අපි තුමාලා ඔබතුමාන්ලා ෆූඩ් සිටි ගොස් පත් කරන්නට යෙදුනු යහපාලනේ බුක්ති විඳීමට බලා සිටිමු!

      තවම නම් එකම එක හොරෙකු වත් දූශකයෙකු වත්, කුඩු කාරයකු වත්, එතනෝඅල් කාරයකු වත් හිරේ දැම්මා කියා දූසමාන ආරන්චියක් වත් නැත!!!


      ඒ වෙනුවට විසිපහකට සීමා වෙන ඇමති මන්ඩලේට එකතු වෙන්න සීයට දෙසීයේ කඩු පයිට් යනවා කියා නම් ආරන්චිය!

      හිතන්න වසර දහයක් ම UNP එකේ පසු පස ආසන වල හිටි මන්ත්‍රී කට්ටෙකු මුලු දස වසර පුරාම MR සමග ඇමති මන්ඩලයේ සිටි අයට නැවත ඇමතිකම් ලැබෙනවා බලාසිටීමේ දුක???

      Delete
    5. හැ……යකෝ උඹේ වැඩ වලට අපිද පලි? :-)

      බොලාට කියන්න මම නං හිතුව දුමින්දය 50000ක් අඩුම ගනී කියල. මොකද ජවිපෙ ප්‍රභල අපේ පැතිවල හිටපු පරන සෙට් එකක් ජවිපෙන් කඩාගෙන ගියා. ගිය පිරිස අනුව තමයි මම ගෙස් කලේ නමුත් වෙච්ච දේ තමයි උන් ඔක්කොම මහින්දට විරුද්දව චන්දෙ දුන්න.

      Delete
    6. මම ඉල්ලුවා නම් මට ඊට වඩා ගන්න තිබුනා...

      Delete
    7. // මම ඉල්ලුවා නම් මට ඊට වඩා ගන්න තිබුනා... // පිස්සුද? ලංකාවෙ ඉන්න වහුම්පුර මිනිස්සුන්ගෙ චන්ද වත් උඹට නැහැ. ඒ මිනිස්සු උඹ වගේ නෙමෙයි,නම්බුකාර කමට ඉන්නවා.ගංජා ගහන පරයා,පල ඩෝ යන්න.එනව මෙතන අනුන්ගේ පහනෙන් පොර වෙන්න.

      Delete
    8. ජවිපෙන් කඩාගෙන ගිය පලියට් චන්ද හම්බෙන්බෙ නෑ මචංලා.

      Delete
  9. ඇයි බං අස්වර් උන්නැහේ..
    අර 20/20 කියල අයිටීඑන් එකේ වැඩසටහන කල එකා..නම මතක නෑ..!

    ReplyDelete
    Replies
    1. නයි ටී ඇන් බැලුවෙම නෑ.. අර කෑරලෙක් වගේ එකෙක් නම් උන්නා තුන් තිස් පැයේ කඩේ යන.. ඌ පේන්නත් නෑ දැන්.. නයි ටී එන් එකේ පස් දෙනෙක් රට පැනලා තියෙනවා...

      Delete
  10. නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය පළිගැනීමේ චේතනාවෙන් හෝ දේශපාලන වාසි ලබාගැනීමේ චේතනාවෙන් තොර වියයුතුය. විනිවිදභාවය ඉහලින්ම තිබිය යුතුය.

    ප්‍රමුඛත්ව පියවර රාශියක් තිබේ. 18 වැනි සංශෝධනය අවලංගු කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සහ ඇත්තටම ඒවා ස්වාධීන තත්වයෙන් පවත්වාගැනීමට අවශ්‍ය ආධාර අනුබල දීම ඉතා වැදගත්ය.

    ත්‍රිවිධ හමුදාව තුලින් දේශපාලනය ඉවත් නොකළහොත් අනාගතයේදී හමුදා කැරලි දක්වා නරක අතට හැරෙන්නට ඉඩතිබේ.

    ReplyDelete
    Replies
    1. මේ බොහෝමයක් දින 100 තුල සිඳුවේවී...

      අන්තීමට තියෙන කාරණය නම් බොහෝම වැදගත්....

      Delete
    2. විචාරකතුමා අදහස් සමග එකඝ වෙමි

      Delete
  11. අනවශ්‍ය වියදම් අඩු කිරීම නම් අගනේය. අවශ්‍ය වැඩය මිස පුහු ආටෝපය නොවේ. 6000 කතාව නම් පිළිගන්නට අමාරු වේ. අශ්වයන් ගෙන ඒමේ වියදම්, පොලිස් සහ හමුදා පති ඇතුළු පැමිණි සැමගේ ඉන්දන වියදම්, ශාලා ගාස්තු, සංග්‍රහ වියදම්, භක්තිගීත කියන අයට කල ගෙවීම්, මල් මාලා මල් කලබ, ඔක්කොම 6000 වීමට අමරුය නමුත් වියදම් අඩු වීමක් පෙනේ.එයට මාගේ ප්‍රණාමය

    දුෂණ නැති කිරීම.(දුෂිත රාජ්‍ය සේවකයන් සහ දේශපාලකයන් එළවීම)
    වැරදි කල සියලු දෙනාට දඬුවම් කිරීම.
    දඬුවම් ලද තම හිතවතුන්ගේ දඬුවම් විදායක බලතල මගින් හෝ තම හිතවත් විනිශ්‍රුවන් මගින් නීතිය යොදා හෝ අහෝසි නොකිරීම (නිකරුනේ දඬුවම් දීමක් නම් විනිවිද පෙනෙන පරීක්ෂණයක්මගින් නීතිය ඉටු කිරීම)
    මතිවරුන්ට පැන්ෂන් ලැබෙන කලය වෙනකම් බලා නොසිට පාර්ලිමේන්තුව විසිරුවා හැරීම

    වැනිදේ ඉටුවිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම යහ පාලනයක් නම් රටට සුභ අනාගතයක්.

      මෙන්න මගේ කාලීන දේශපාලන විග්‍රහය පැමිණ කියවා අදහස් දක්වන්න

      Delete
    2. අන්තගාමි වෙන්න එපා බං... ඒවා කොහොමත් වෙන වියදම්.. උඹ කියන්නේ අපේ පොඩි එකා පොඩි කාළේ කියපු කතා නේ බං

      ඕන් දෙවනි කෑල්ල නම් රසවත්...

      Delete
    3. Well done මකසි. You are on the right track.

      Delete
    4. කොහෙද මචං භක්ති ගීත කිව්වෙ ,වෙසක් මැයි වලනෙ.මමනම් දැක්කෙ නෑ එතන සංග්‍රහයක් කරනව.දැන් එතකොට ඔබ කියන හැටියට පහුගිය කාලෙ දඬුවම් ලද අය හැමෝටම සාදාරන නඩු විභාග ලැබුනද? සරත් ෆොන්සේකා,ශිරානි බන්ඩාරනායක එහෙම? අනේ පව් මකසි.

      Delete
    5. //නමුත් වියදම් අඩු වීමක් පෙනේ.එයට මාගේ ප්‍රණාමය//
      එහි තිබූ වැදගත්ම දේ ( රටේ සල්ලි නාස්තිය අඩුවෙන් වීම ) දැකීම ගැන මකසිට මගේ ප්‍රණාමය .

      අලුත් අය දැනට කල හොඳම දේ -
      රජෙක්ට ඔටුණු පැලදවීමක් ලෙස නොව ජනතාවගේ නියෝජිතයෙක් සීමිත කාලයකට තනතුරක් භාරගැනීමේ උත්සවයක්

      ප්‍රශ්නයකට තියෙන්නේ අපේ රටේ මිනිස්සු තමන්ගේ බදු මුදලින්කරන ෂෝ අඩු කිරීම ගැන අගය කරයිද? ලංකාවේ හැම සාර්ථක දේශපාලකයෙක්ම නරක් කලේ වටේ ඉන්න මිනිස්සු විතරක් නෙමෙයි, මහජනයගේ ආකල්පත් බල පෑවා. මං දැක්කා සමහරු ලියල තියනවා පැරදුනත් ඔවුන්ගේ හිතේ රැඳෙන රජු කියල. මොන මගුලකට ජනතා නියෝජිතයෙක් රජෙක් ලෙස දකින්න ඕන පිස්සුව අපේ ජනතාවට තියනවාද කියල මටනම් තේරෙන්නෙනෑ. මකසි & මාතලන්මොකද හිතන්නෙ ?

      Delete
    6. මේ රටේ ගොබ්බයෝ ගැන මට නම් තියෙන්නේ කම්පා වීමක්.. ඒ තරම් දීන ජාතියක්.. කිසිම අභිමානයක් නැති..

      Delete
    7. //මේ රටේ ගොබ්බයෝ ගැන මට නම් තියෙන්නේ කම්පා වීමක්..//

      හ්ම්ම්.. මං ඊයෙ නිව්ස් බැලුවෙ හිල් බලකාය පස්සෙන් ගිය පොඩි මල්ලි කෙනෙක් එක්ක. උන්ගෙ අදහස් ඇහුවම ඇඬෙනව. අපේ තරුණ පරම්පරාවෙ මොළ හෝදලා දාල චින්තන ශක්තිය කොච්චර මොට කරලද මුන්..

      Delete
    8. /දඬුවම් ලද තම හිතවතුන්ගේ දඬුවම් විදායක බලතල මගින් හෝ තම හිතවත් විනිශ්‍රුවන් මගින් නීතිය යොදා හෝ අහෝසි නොකිරී//
      අම්මපා එහෙමත් වෙලා තියෙනවද

      Delete
    9. ඔය රජ කතාව දැම්මේ වන්දිබට්ටන්. විශිෂ්ඨ නායකයෙක් යන වචනාර්තයෙන් රජෙක් ලෙස සලකලා එතැනින් පොඩි මොරාල් එකක් විඳිනවා. අපිට රජෙක්(හොඳ නායකයෙක්) ඉන්නවා කියන වචනයේ ප්‍රබලත්වයක් තියෙනවා. එංගලන්තය උනත් සෙරමෝනියල් රජෙක් තියා ගෙන ඒ ආතල් එක ගන්නවා. එකිනෙකාගේ අදහස් වෙනස් සමහරු අරක්කු බීලා ආතල් ගන්නවා සමහරු බඩු ගහලා ආතල් ගන්නවා. අපි අපේ ආතල් නොගෙන අරන් අනුන්ගේ ඒවා විවේචනය කකරනවා නම් එය මෝඩ වැඩක්.

      අපේ සමහරු අපිට රජෙක් ඉන්නවා කියල ගන්න මොරාල් එක සමහරෙක් ගන්නවා. අපි දකුණේ පොරවල්, අපි අහවලාගේ අහවලුන්, මම රෝයල් පොරක්,මම ගොවිගම වගේ මානසික වින්දන ගන්නවා.

      Delete
    10. @AnonymousJanuary 9, 2015 at 10:05 PM
      අම්මපා එහෙමත් වෙලා තියෙනවද? ඉදිරියෙදේ වියහැකි දේ වලක්වා ගත යුතුය. අපි හිතමු ශිරානි බණ්ඩාරනායක ගැන. ඇයට දඬුවම දුන්නේ නීතියෙන් එය විදායක බලය යොදා නැති කිරීම වැරදියි. ඇයට විරුද්ද චෝදනා තිබුනා ඒවා ගැන ඇපිල් කර විදිමත් පරීක්ෂණයක් කර දඬුවම තව වැරදි ඇත්නම් දඬුවම් දීම හෝ නිදොස් නම් නිදහස් කිරීම කල යුතුය. ඇතැමුන් කියන්නේ කෙලින්ම නිදොස් කරන බවකි

      Delete
    11. අනේ පලයන් මකසි යන්න. නිතියක් හරියට තිබුනද රටේ ? ශිරානි දිවි නැගුම පනතට අනුමැතිය දුන්න නම් ඔයා මොකුත් නෑ. ඕවට කියන්නේ හුකේ කථා කියල. මරගේ හැම දේම සධාරාණි කකරන්න තරම් පීචං තත්වයට වැවෙන්න එපා.

      Delete
    12. //""ඇයට දඬුවම දුන්නේ නීතියෙන් ""// මකසි ඒකද නීතිය, .... මම හිතන්නේ මකසි දැන් ඔබ මේ මහින්ද කල හැමදේම සාධාරණීකරණය කිරීමෙන් ඔබ ඔබටම කරගන්නේ හානියක්. කෙනෙකුගේ එක හොඳක් නිසා කල හැම වරදක්ම සාධාරනීකරණය කිරීමට යාමෙන් ඔබ විහිළුවක් බවට පත්වෙයි .

      Delete
    13. මම හිතුවේ නෑ මහින්ද කොලු කාරයෙක් කියලා.. මාර ඇරිල්ලක් නේ මේ යකාට ඇරලා තියෙන්නේ..

      Delete
    14. මචන්ස් ලා මේක ටිකක් නරක ට්‍රෙන්ඩ් එකක්. ශිරානිව එලෙව්වෙ අසාධාරනව තමයි ඒත් due process එකක් ඇතුලෙ. ඒක එහෙම උනත් නොවුනත්, ඒක නිවැරදි කරන්නත් ඕන, ඒකට වගකිවයුතු උන්ට දඬුවම් දෙන්නත් ඕන due process එකක් ඇතුලෙ. දැන්ම තියා "මහින්ද වැරදි වැඩ කළේ නීතියටද, ඒක නිසා අපිට හරි දේ කරන්න නීතිය ඕන නෑ විධායක බලේ ඇති" කියනව නම් අපිත් අන්තිමට ගිහින් වැටෙන්නෙ ඒ වලට මයි.

      ඔය "හරි දේ" කරන්න නීතිය ඕනෙ නෑ කියන වගේ කතා තමයි වීරවංසත් කිව්වෙ. එක එකාට හරි වැරදි තීරනය කරන්න පුලුවන් නම් රටට නීති උසාවි ඕන නැහැ නෙ.

      නීති නැතුව කරන්න පුලුවන් දේ කළාට කමක් නෑ. දැන් ඊයෙ මොහාන් පීරිස් කපලා ශ්‍රීපවන් ඉස්සරහ දිවුරපු එක හොඳ දෙයක්.

      Delete
    15. ඇනෝ මචං මොකක්ද due process ? මහින්ද එයාගේ හෙන්චයියන්ට කථා කර නියෝග දී නැති වැරදි ඇති කර සතියක් දෙකක් උන්ගේම නීතියෙන් නඩු අසා විත්තිකරුට කථා කිරීමටවත් ඉඩ නොදී ඔහුගේ අවසාන සැලැස්ම ක්‍රියාත්මක කිරීමද? (මේ ය හමුදා පතිගේ තරු ගැලවීමටත් අදාලය) අවනීතියට කල දේවල් ආපස්සට හැරවීම විශේෂ හා වේගවත් අධීකරණ ක්‍රියාදාමයක් තුලින් කල හැක. ඒ වගේම වැරදී දේ කිරීමට අනුබල දුන් වුන්ටත් ඒ සමගම දඩුවම්ද දිය හැක.

      Delete
  12. Vehicle convoy for the ministers and other government parties which will disturb the people should be avoided. You may see the independent square yesterday; there was minimum security. Top people was there and that proves the requirement for the ministers.

    ReplyDelete
    Replies
    1. එයා කිව්වනේ පොලිස් කාරයෝ දෙන්නෙක් විතරයි දෙන්නේ කියලා... සම හරක්ට නම් ඒත් වැඩක් නෑ කියන එකයි මාතලන්ගේ මතය..

      Delete
  13. අධිකරනය වහාම සුද්ද කල යුතුය. අර මර්විය කාගෙද අම්මගෙ බඩ උඩට එනබව කියන්නෙ ඊයෙ.ඕකව නම් නන්නත්තාර කල යුතුයි.කිසිම මාධ්‍යයක මුහුන පෙන්නීම බලෙන් හෝ තහනම් කලොත් හොඳ්යි.නැතිනම් මේ පාරත් සැටලයිට් නෝනට වැඳල හොඳ මිනිහ වෙයි.මොහාන් පීරිස්ට ඉල්ලා අස්වෙන්න කියයිද, නැතිනම් නම්බු පිටින් යයිද?වෙන රටවල නම් චන්දෙ පැරදුනහම පක්ශ නායකයන් ඉල්ලා අස්වෙනව.ඒ අය කියන්නෙ තමන්ගෙ නායකත්වය දුර්වල නිසා පැරදුන බවත් ඒ නිසා පක්ශයට දක්ශ නව නායකයෙක් පත්කරගන්න ඉඩදී යන බවත්.

    ReplyDelete
    Replies
    1. මර්වියා පැත්ත පලාතේ වැද්දාගත යුතු දේශපාලුවෙක් නොවේ. මොහාන් පීරිස් ගෞරවාන්විතව ඉල්ලා අස් විය යුතුය. ඔහු ඊයේම ප්‍රතික්ෂේප විය.

      Delete
    2. මර්වියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න බැරි වෙයිද ?

      Delete
  14. If other person except My3 was elected, definitely MR will be arrested due to the influence/misdeed done on yesterday morning. In 2010 MR did the same for SF shameless way. Shame on you MR.

    ReplyDelete
    Replies
    1. පැරදිලත් කටේ නරිවාදම හා බෙදුම්වාදි පචේ කටෙන් ගිලිහිලා නෑ...

      Delete
  15. සෑම නිවසකටම අන්තර්ජාල පහසුකම් සමග පරිගණක ලබාදිය යුතුය. එවිට අවශ්‍ය හෙළිකිරීම් ජනතාව කරනු ඇත. ජනාධිපතිතුමා දවසකට පැයක්වත් බුකියට හා බොග්වලට ගොඩවැදිය යුතුය.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං.. ඒවට වෙනම මිනිස්සු ඉන්නවා.. අන්න ඔවුන් කියන දේ බය නැතිව කියන්න පුළුවන් වාතාවරනයකුයි ඇති කරන්න ඕන...

      Delete
  16. Madamulana hora minissu rawattanawa.....kohomath honda naluwek ne...

    ReplyDelete
    Replies
    1. ඇක්ටින් සුපර්.. පච ඩයලොග් අවුට්.. වොයිස් අවුට්.. පිටපත ගූ හතයි...

      Delete
  17. ජනතාව එකතු වෙලා ඒකාධිපතියා පැන්නුවා.

    ReplyDelete
    Replies
    1. උගත් බුද්ධිමත් ජනතාව.. අමතක කරන්න එපා ලේ පිපාසිතයෝ 48% කුත් ඉන්නවා කියලා..

      Delete
  18. ඔවුන් කොල්ල කෑ මහජන දේපල ආපසු පවරා ගත යුතු ය.

    ReplyDelete
  19. මහින්ද හා ඔහුගේ පාලනය ගැන ජනතාව අතර යම් කලකිරීමක් ඇති උනේ ඒ පාලනයේ තිබුණ වංචාව දූෂණය හා අනවශ්‍ය මුදල් නාස්තිය කියන කාරනේ නිසා මිස මහින්ද බෙදුම්වාදයට විරුද්ධ වූ නිසා නෙවෙයි. මමනම් කියන්නේ අපි මේව පටලගන්න ඕන නෑ කියන එක. අනෙක උතුරේ දෙමළ සංධානය අනුගමනය කරන බෙදුම්වාදයටයි නැගෙනහිර මුස්ලිම් බෙදුම්වාදයටයි විරුද්ධව මහින්ද හෝ සන්ධානය නැවත ක්‍රියාකළහොත් ඔවුන්ගේ පැරණි පාලනයේ වන්චාවෙන් පිරි දූෂිත බවත් නාස්තිකාර බවත් සලකා ඔවුන්ගේ බෙදුම්වාදයට එරෙහි බව ජාතිවාදයක් ලෙස ගැනීම මුලාවක්. ඒ වගේම අපි අපිම රවටාගැනීමක්. ඇත්තෙන්ම වෙන්න ඕනේ මේ අළුතෙන්ම පත්වුන ජනාධිපති සිරිසේන මහතා දූෂණයෙන් තොර යහ පාලනයක් ගෙනයන අතරම උතුරේත් නැගෙනහිරත් සියළුම බෙදුම්වාදයන් පරාජය කර කොන්ද කෙලින් තියාගෙන කටයුතු කිරීමයි. මමනම් හිතන්නේ මේ රටේ වැඩි දෙනා විධායක ජනාධිපති ක්‍රමේ අහෙසි කරන්න කියල ඉල්ලලා නැති නිසා මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ කිරීමට හදිස්සි වීමත් අනවශ්‍ය දෙයක් කියන එක. වෙන්න ඕනේ කොන්ද කෙලින් තියාගෙන වංචාව දූෂණය නාස්තිය වගේම සියළු බෙදුම්වාදයනුත් නැතිකර දැමීමට කටයුතු ක්කරන එකයි. අමතක කරන්න එපා මුස්ලිම් කොන්ග්‍රසය ටී එන් ඒ එක ගෙනයන්නෙත් ඔවුන්ගේ ජාතිවාදයක් කියන එක. දූෂණය වංචාව නාස්තිය වලක්වපු යහ පාලනය තුලින් බෙදුම්වාදයන් පරාජය නොවුනොත් සුලුතර බෙදුම්වාදයන් පරාජයට පත්කළහැකි එඩිතර නායකත්වයක් සමග නැවත ගොඩනැගෙන සන්ධාන දේශපාලන බලවේගයක පැරණි වංචාව දූෂණය නාස්තිකාරබව ඉවත් කරලීම ඊට විකල්පය වෙන්නත් පුළුවන්. අපි ඒකත් මතක තියාගන්නම ඕනේ.

    ReplyDelete
    Replies
    1. @Ajith Kumara, "බෙදුම්වාදයන් පරාජය කර"
      මගේ්‍ අදහස අනුව නම් අපි බෙදුම්වාදය පරාජය කල යුතුයි කියන යෙදුම වැරදියි. බෙදුම්වාදය පරාජය කිරීමෙන් වෙන්නේ ඒකට නැවත නැගිටීමකට ඉඩ හැදීමයි. අප කල යුත්තේ බෙදුම්වාදය හේතුවන කාරනා සොයාගෙන ඒවාට විසදුම් ලබාදීමයි. හැම දෙමල කෙනෙකුටම හෝ හැම මුස්ලිම් අයෙකුට වෙනම රාජ්‍යයන් අවශ්‍ය නැහැ. හැමෝම බෙදුම්වාදීන් නෙවෙයි, ලාංකිකයෝ. අපි හැමදාම වරද්ද ගත්ත තැන තමයි බෙදුම්වාදය පරාජය කරන්න උත්සහ කිරීම.

      Delete
  20. රාජ්ය මාධ්ය වල ජරා වැඩ හා නීති විරෝධී ප්‍රචාරණ වැඩ හැරෙන්නට සාධාරණ චන්දයක් තිබුනේ මේ චන්දය දිනන්න පුලුවන් කියලා MR ට තිබුන විශ්වාසය නිසා ( හඳහන් සහ රිලවුන්ගේ කතා නිසා ඔය අධිමානසිකත්වය තියෙන්න ඇති )
    අවුරුදු දෙකකට වඩා කලින් චන්දෙ තිබුනෙ ඒනිසා. එහෙම විශ්වාසය නිසා තමයි ප්‍රචන්ඩ ක්‍රියා නොකලේ.

    ReplyDelete
    Replies
    1. P.S. මෙය MR පමණක් නොව බොහෝදේශපාලකයින්ගේ ප්‍රවණතාවකි

      Delete
    2. හරියටම හරි... ඔක්කෝටම වඩා කෙන්දරේ විශ්වාස කළා.. නිකන්ම දිණුම් කියලා තමයි හිතුවේ.. ඒකයි යන්නෙ නැතිව, ඇඳිරි නීතී දාන්නයි, හමුදා පාළණ ගෙනියන්නයි දත් කෑවේ.. මහරජ මානසිකත්වයේ ඵල විපාක ඇස් පනාපිට පටිසන් දීම..

      Delete
    3. රාජ්‍ය මාද්‍ය වල ඉස්සර මහින්දගේ ගුණ වයන කරච්චලේ දැන් ඒකෙ අනෙක් පැත්ත. එහි නම් වෙනසක් සිදුව නැත.

      Delete
  21. රුපියල් 6000යි ගියෙ කියලා ගිරවා වගෙ කියවන්නෙ නැතුව පුලුවන්නම් ඔප්පු කරපු තැනකට ලින්ක් එකක්වත් දාපන්. යකො සින්දුම 3ක් විතර ගහලා තිබුනා මයිත්‍රී ගැන. රුපියල් 6000න් එක සින්දුවක්වත් ගහන්න පුලුවන්ද? නැට්ටුවො දුසිමක් හිටියා. රුපියල් 6000න් පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. පිලි ගන්න අමාරුම නම් 600,000 කියලා දාගනින්.. ඒත් ලාබයි...

      ඔය ලෙඩේට බෙහෙත් නැත...

      Delete
  22. මාතලන් ලිස්ට් එකේ මුලටම එන්න ඕනි කට්ටිය මිස්වුනාද

    දුෂිත රාජ්‍ය නිලධාරීන්.
    මහා භාණ්ඩාගාරෙන් සල්ලි එවන්නේ ඇමතිගේ පුද්ගලික ගිනුමට නෙමෙයිනේ,සංස්ථා මණ්ඩල වලටත් අමාත්‍යාංශ ලේකම්ලාට හොරෙන් මුදල් එක්ක සෙල්ලම් කරන්න බැහැ.
    ඒ පැත්තෙන් මේ පැත්තෙන් පැන පැන කකා ,දේශපාලුවන්ව ලුණු ගොරකා නොදා තම්බන් ,උන්ටත් හොරකම් කරන්න කියාදෙමින් රට කාපු මේ අය ,හොර දේශපාලුවන්ට කිසිසේත් දෙවෙනි වෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. පී බී රටින් පැනලා... හොර කබ්‍රාල් ඉල්ලා අස් උනා.. ඔකුන් දෙන්න තමයි කම්බ හොරු...

      Delete
  23. මාතලන්ට පුලුවන් රනිල් වෙනුවෙන් සිරාට කඩෙ යන්න හැබැයි මොහාන් සමරනායකට බෑ තමන්ගෙ මතය වෙනුවෙන් පෙනී හිටින්න. ඔන්න මුන්ගෙ හෙලුව දැම්මම පෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ කඩේ යාමද....? මොළේ මයිල් නම් ශෛල්‍යකර්මයකින් ඉවත් කර ගන්න.

      මොහාන් සමරනායක කලේ ඔහුගේ බුද්ධියට නිගාවක්.. තනතුර වෙනුවෙන් පච කෙලිමේ පව අද ඔවුන් හිත් වලින් විඳිනවා ඇති...

      Delete
  24. මාමේ දැන් ඔයාට කාර් එකක් තියෙනවා කියා හිතන්න ඒක ඔයාගෙ නම් ඔයාට ඕනෙ වෙලාවක ඒක විකුනන්න පුලුවන් වෙන්න ඕනෙ. කාටහරි තෑගි කරන්න පුලුවන් වෙන්නත් ඕනෙ. ඒ වගේ දේකට වයිෆ්ගෙන් අහන්න වෙනවම් ඒක ඔයාගෙ කාර්එක වෙන්න බෑ.
    මෛත්‍රීට ලැබුණු දෙමල චන්ද හා මුස්ලිම් චන්ද වලින් කොටසක් ගැනත් (ඉතිරි කොටස යූ එන් පී මුස්ලිම් චන්ද) කියන්න තියෙන්නේ ඒකමයි
    ඒවා මෛත්‍රීට ලැබුණු ඍජු චන්ද නෙමෙයි ඒවා වාර්ගික දේශපාලඥයන්ගේ චන්ද ඒ අතින් මහින්දට ලැබුණු 15%ක් පමණ දෙමළ චන්ද මහින්දටම ලැබුණු චන්ද. මේ තත්වය ඒතරම්ම රටට හිතකර නෑ.
    අනිත් ගැටලුව චන්ද්‍රිකා බලවත් වීම මොන මල යකා ආවත් කමක් නෑ චන්ද්‍රිකා නැතුව
    ඔයා රාවය පත්තරේ බලන නාකි මනුස්සයෙක් හින්දා ඔයා ජාතිවාදය (හරි වචනය වර්ගවාදය) කියල හිතන්නේ සිංහල ජාතිවාදය විතරක් වෙන්න ඇති. මගේ මතය නම් වර්ග වාද කිහිපයක් තියෙනවිට මහ ජාතියේ වර්ගවාදය වඩා ප්‍රගතිශීලීයි කියන එකයි. මෙතනදී වුනේ මහජාතියේ වර්ගවාදය දුර්වල වෙලා සුලුතර වර්ගවාද යන් ශක්තිමත් වීම ඒකෙ විපාක ඉදිරියෙදි පෙනෙයි.
    තව දෙයක් කොහොමත් තනි පුද්ගලයෙක් හැටියට රටේ වැඩිදෙනාගේ මනාපය ලැබුනේ මහින්දට (ඍහුට ලැබුනු චන්ද ප්‍රමාණයෙන් 75%කට වඩා මහින්දටම ලැබුණු ඍජු චන්ද) එමනිසා මහින්ද කියන්නේ කුණුමාළු ගානට දැමියයුතු අයෙක් නෙමෙයි. රනිල් මැතිවරණ ගණනාවක් පැරදිලත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට හිටියනම් මහින්දත් එසේ සිටීමේ වරදක් නෑ

    අන්තිම කරුණ ඔයාගෙ අසාධු ලේඛණයේ ගම්මන්පිල නෑ නේද? කොහොමත් ඉදිරෙියේදී ගම්මන්පිලටත් ජනතා විමුක්ති පෙරමුණටත් කරන්න ලොකු වැඩකොටසක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් වර්ගවාදය බලවත්වීමට ප්‍රධානම සාධකය බො බසේ ලෙස හිතන්නේ නැද්ද? මෙලෙස මුස්ලිම් චන්ද එක පාර්ශවයකට කවදාවත් වැටුනේ නෑ.

      මුස්ලිම් වර්ගවාදයට අකමැති තමන්ගේ බිස්නස්වලට එය පාඩුවක් යයි සිතන බිස්නස් ලාභය ආගම හෝ වෙන මොනදේටත් වඩා ප්‍රමුඛතාවය දෙන (කොයිතරම්ද මංදන්නේ නෑ ඒත් එහෙම සෑහෙන සංක්යාවකුත් ඉන්නවා ) මුස්ලිම් වර්ගවාදීන් දෙස යම්තාක් දුරට අවමානයෙන් බලන රටේ ස්ථාවරබව තම වියාපාරවලට අවශ්යයයි සලකන පොහොසත් මුස්ලිම් වියාපාරකයිනුත් මේපාර සාමාන්ය හෝ නූගත් හෝ දුප්පත් මුස්ලිම් අය සමග රජය පරදවන්න එක් වුනා අලුත්ගම නිසා. ඔවුන් තම ආගම හෝ ජාතියට වඩා හිතුවේඔ තම පෞද්ගලික ආරක්ශාවට ලොකුම තර්ජනය ප්‍රචන්ඩකාරී බොබසේ කියල.

      (Maathalan can express and explain this much better than me in a post, if he is inclined to write one)

      Delete
    2. දැන් මහින්ද මහත්තයා කාර් එක විකුනලා ගෙදර ගියේ කේ පී ගෙන් අහලද. කරුණාගෙන් අහලද, අස්වර්ගෙන් අහලද, පිල්ලෙයාන්ගෙන් අහලද, වාසුගෙන් අහලද මොකාගෙන් අහලද..?

      දැන් ඊයේ සිරිසේන දිවුරුම් දුන්නේ සම්පන්තන්ගෙන් අහලද..?

      උඹලට අර විමල් උපදංශ ගේ ලෙඩේ දරුණුවටම වැළඳිලා තියෙන්නේ.. ඒවට අපි ගාව බෙහෙත් නෑ.. සම හරක් විට උඹලා ඕකෙන්ම මැරෙයි...

      Delete
    3. මාතලන්ගේ අදහස ගැන මුලින් කියනවනම් මම කියපු දේ වැරදියට වටහාගෙන වගේ
      මම කිව්වේ මෛත්‍රීට ලැබුණ දෙමළ මුස්ලිම් චන්ද එයා වෙනුවෙන් ලැබුණ ඒවා නෙමෙයි කියන්න
      Pra Jay ගේ අදහස ගැන කියන්න තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට මුස්ලිම් චන්ද පදනමක් තිබුනා නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 1994න් පස්සේ නම් මුස්ලිම් චන්ද පදනමක් තිබුනේ නෑ ඊට කලින් කොහොමද දන්නෙ නෑ එයාලට මුස්ලිම් චන්ද ලැබුනේ අතරමැදියන් හරහාමයි. ඒ පක්ශේ මුස්ලිම් දේශපාලනඥයන්ට ලැබුනේ සිංහල චන්ද.
      ඒ වගේම බේරුවල සිද්ධිය පිටින් දාලා හැම වැරැද්දම සිංහලයන්ට පටවන්නත් මුස්ලිම්වරු හා පැටව් කරන්නවත් අවශ්‍ය නෑ ඒකත් හරියට අර කළු ජූලිය කියන එක අල්ලගෙන පොන්න කතා කියනවා වගේ දෙයක් (කළු ජූලිය ගැන පොන්න කතා කිව්වා කියලා ජාතික සමඟිය ඇතිවෙන්නෙත් නෑ මැරුණ දෙමෙල්ලු කීප දෙනාට පන එන්නෙත් නෑ)

      Delete
    4. නමුත් කළු ජූලිය මොකා කලත් ඒක වැරදියි...

      Delete
    5. //ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 1994න් පස්සේ නම් මුස්ලිම් චන්ද පදනමක් තිබුනේ නෑ//

      ටිකක් තිබුන , ගම්පොල, හාරිස්පත්තුව, අලුත්ගම වගේ ප්‍රදේශවල. කෙසේවෙතත් මං කිව්වෙ මේ ආකාරයෙන් ඔක්කොම මුස්ලිම් එකපැත්තකට ඒමට හේතුව.

      //බේරුවල සිද්ධිය පිටින් දාලා හැම වැරැද්දම සිංහලයන්ට පටවන්නත් මුස්ලිම්වරු හා පැටව් කරන්නවත් අවශ්‍ය නෑ //

      1, භාගයකට එකඟයි. "සින්හලයන්" යනු අන්තවාදී බොබසේ නොවේ.

      2, මුස්ලිම් හාපැටවුන් නැත. ඉන්නේ සින්හලයන් සමග සිටීමට කැමති උගතුන් , වෘත්තිකයින්, මද්යස්තමතධාරීන්, නාගරික හා ග්‍රාමීය දුප්පතුන් මෙන්ම කපටි වියාපාරිකයින්ය. එමෙන්ම වෙනම සිටීමට කැමති නූගතුන්, දුප්පතුන් මෙන්ම ආගම්වාදී අන්තවාදීන්ද ඇත. බොබසේ ප්‍රචණ්ඩත්වය උන් ඔක්කොකම එක ගොඩකට තල්ලු කරමින් සිටී. එය බොබසේට මෙන්ම මුස්ලිම් අන්තවාදීන්ටද වාසිය. අන්තවාදීන්ගේ දීර්ඝ පැවැත්මට විරුද්ධ අන්තවාදයක් තිබීම අවශ්යය.

      Delete
    6. බොදු බල සේනා වැනි අයගේ ක්‍රියාකාරීත්වය නිසා මුස්ලිම් ජාතිවාදී පිරිසට යම් උත්තේජනයක් ලැබුණු බව සැබෑය. ජාතිවාදයට පිළිතුරු දීම සියුම්ව කල යුතුය. මුස්ලිම් ජාතිවාදය මතු වුනේ බොදු බල සෙන නිසා නොවේ. නැගෙනහිර දාගැබ් විනාශ කිරීම, දඹුල්ලේ මෙන්ම මහමෙවුනාවේ පන්සල් සතුවූ හෝ පන්සල් සතුව තිබේ පසුව රජයේ බාරයට ගත් ඉඩම් වල පල්ලි හැදුවේ බොදුබල සේනා අත්වීමට පෙරය. ජාතිවාදේ මුස්ලිම් හා දෙමල පක්ෂ ඇති වුයේ ඔබ ඉපදෙන්නත් පෙරය. බොදු බල සේනා යනු මුස්ලිම් දෙමල ජාති වාදයට සිංහල ජාතිවාදී පිළිතුරක් වුවත් එය යන මාර්ගයේ වැරදි ඇත.

      Delete
    7. // වයිෆ්ගෙන් අහන්න වෙනවම් ඒක ඔයාගෙ කාර්එක වෙන්න බෑ //

      සංදුක්ඛේ … !!!!!! පව් … චැහ්

      Delete
    8. මෙච්චර කල් හොඳට කාල බීල හිටි තම්බිලාට කුරානයෙ කියන දේටත් එහා ගිය හලාල් අමාරුවක් හැදුනේ, මෙච්චර කල් සාමාන්ය විදියට ඇඳපු ගෑනුන්ට නින්ජා ඇඳුම් අන්දන්නට ඕනා උනේ, නැගෙනහිර රජයේ/පුරා විද්‍යා ඉඩම් කොල්ල කමින් තමන්ගේ බූදල වගේ බෙදා දෙන්නේ (මහින්ද මේවාට කරපු දෙයක් නෑ චන්ද කැඩෙනවට බයේ), ආයුධ ගනු දෙනු වෙන්නේ, බොදු බල සේනා නිසාද ප්‍රා ජේ?

      ජාතිවාදය නරකයි but lets not get carried away. There are crooks on both sides.

      Delete
    9. exactly. there are crooks on both sides.AND extremists too. they feed off eachother. one side is not responsible for origin of the other but for the lengthning of the existence and strengthening their brand of extremism depend a lot on the opposing extremists

      Delete
  25. තාම පටන් ගත්තා විතරය්. දෑම්ම උඩ පනින්නේ ඈයි. උතුරු,නෑගනහිර චන්ද වලට වෑඩ කරනකම් ටික්ක ඉවසන්න :)

    ReplyDelete
    Replies
    1. කවුද උඩ පැන්නේ... උඩ පැනලා බිම වැටුනේ උඹලනේ.. අපි ඉන්නේ මහ පොළොවේ.. පොඩ්ඩක් පස්ස අතගාලා බලහන්.. මොළේ ඩැමේජ් වෙලාද කියලා...

      Delete
    2. වෑටෙන්න උඩ පෑන්නද ? පොඩ්ඩක් ඔයාම අත ගාල බලන්න ඔයාගෙ කොහෙද තියෙන්නේ කියලා.. තව එකක් තව ටික දවසකින් නෑගෙනහිර පෑත්තේ පොඩි ට්‍රිපක් ගිහින් ආවෝත් හොදයි නේ : වේලාව තිබුනොත් ට්‍රයි කරල බලන්නකෝ මාතලනෝ :)

      Delete
    3. මම නම් කොයි වේලෙත් යනවා.. ඇයි උඹලා හිතුවද උතුරු නැගෙනහිර තියෙන්නේ උඹලට ට්‍රිප් යන්නය කියලා.. උඹලගේ මාන්සිකත්වය කොමෙන්ට් වලින් අපූරුවට පේනවා.. උඹලගේ ලේ කකියනවා.. උඹලා නියමෙට ගොනාට අන්ඳලා.. ආයේ කරත්තේ බඳින්න විතරයි තියෙන්නේ...

      Delete
    4. :) මන් කාලයක් වෑඩ කරෙත් ඔහෙම තමා.. තම්බි ගෑනයි දෙමලු ගෑනයි උන්ගේ අවස්තාව අනුව හෑසිරෙන හෑටි හොදට තේරෙනවා :P

      Delete
    5. උඹලා වගේ සිංහලයොත් එහෙමම තමයි.. කිසි වෙනසක් නෑ...

      Delete
    6. මන් එහෙ හිටපු කාලේ දෙමල ගෑනු කෙනෙක් හිටියා ලෙච්චමී කියලා මුලු පවුලම කොටි බලෙන් අරන් ගිහින්.මේ ගෑනු කෙනා බේරිලා තියෙන්නෙ ඒ වෙලාවෙ නාන්න ඈලට ගිහින්ලු ඉදියේ. අන්තිමට ඒ ගෑනු කෙන අපිට කිවේ සින්හල මිනිස්සු හින්දයිලු එහෙම වුනේ. උන්ගේ පවුල් පිටින් අරන් යනකොට උන්ව බේරගන්න ආව හමුදාවට ගෙදර තියෙන කලෙන් වතුර ටිකක් ඉල්ලුවට දෙන්නේ නෑ..

      Delete
    7. මචං සඳුන්, මං දන්න යාපනයේ උපන් දෙමළ ශල්‍ය වෛද්‍යවරයෙක් ඉන්නව මුළු ජීවත කාලයේම සිංහලයින් දස දාස් ගණනක් සුවපත් කරපු. ඒ නිසා උඹේ "වතුර" තියරිය හැම තැනටම හරියන්නෑ. මිනිස්සු දිහා මිනිහෙක් විදියට බලපන්.

      Delete
    8. ම්ම මෙහේ හිටපු කාළේ සඳුන් දුෂ්මන් කියලා එකෙක්.. ඌ ඉල්ලන්නෙම දෙමළ ලේ.. අති දරුණු ලේ මාපිලෙක්..

      Delete
  26. අලුත් ආන්ඩුවේදි දෙමළ ජනතාව වෙනුවෙන් TNA එකට දිය යුතු තැන ගැන මින් පසු පෝස්ට් එකකදිවත් මාතලන්ගෙ අදහස දැන ගැනීමට කැමතියි

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ඉන්නේ මිනිස්සු, එහෙම නැතුව යක්කු නෙමෙයි.. කදිරගාමර් කියන්නෙත් උපතින් දෙමළ.. ඒත් ශ්‍රී ලාංකිකයෙක්...

      Delete
    2. උතුරේ ඉන්න දෙමල ගෑන ඔහොම කියන්න කලින් එහෙ ජිවත් වෙලා බලන්න.. මන් කාලයක් වෑලිකන්දේ ජීවත් වෙලා තියෙනවා. ලමයි බලෙන් ගෙනියන්න එනකොට බේරෙන්න වෑලිකන්ද රෝහලේ නතර වුන දෙමලුම තමයි රෑට පාරේ යන සාමාන්ය මිනිස්සු මෑරුවේ.. අසමි දකිමි බ්ලොග් මන් දෑක්කා වෑලිකන්ද ගෑන ලියලා තියෙනවා. ඒත් එකේ ඔක්කොම නෑනෙ. මෑලේරියව හෑදිලා බෙහෙත් ගන්න ආපු ආමි එකේ කට්ටියකට වෑලිකන්ද මඩකලපු පාරෙදි කුඩු වෙන්න වෙඩි තිබ්බ කොටි කෙල්ලො තල් ගස් වලින් බෑහලා දුවනකොට අර දෙමලුන්ගේ මුනුවල තිබුන හෑගීම කවදාවත් අමතක කරන්න බෑ. ඒ දෙමලු ඈවිත් හිටියෙ තමන්ගේ ලමයි බේරගන්න කොටින්ගෙන්ම.තව කොයි තරම් දේවල් වුනාද. ඔය කියන සාමන්ය දෙමල මිනිස්සු කියන තරම් අහින්සක නෑ.උන්ට කෙලවෙනකොට සින්හල ගම්මාන වලට එන්න පුලුවන් උන්ට...වෑඩි හරියක් දෙමලු ඔය වගේ තමඉ උතුරේ ඉන්න

      Delete
    3. උඹලා ඔය කරන්නේ මහින්ද කරයි කියන එකම දේත් අවතක්සේරු කරන එක. ඔය කතා කරන්නේ මේ රටේ කවුරුත් අනුමත නොකරන අතීතය. අපි කතා කරන්නේ අනාගතය ගැන.

      Delete
    4. මම කියවලා තියෙනවා සෝවියට් කෙටිකතාවක් මිණී අළු සහ "ඌරු මස්" කියලා
      ඒකෙ ලේඛකයා දෙවෙනි ලෝක යුද්ධයට සහභාගි වූ කෙනෙක් එයාගෙ යුධ අත්දැකීම් ආශ්‍රයෙන් තමයි නිර්මාණ කරලා තියෙන්නේ. ඒ කතාවේ ඉන්න ජර්මන් ගැමියෝ වගේ තමයි ලංකාවේ දෙමළු හැසිරෙන්නෙත් ඒ ගැන හැම සිංහලයෙක්ම අවධානයට ගත යුතුයි

      Delete
    5. මන් කියන්න හෑදුවේ දෙමලු වෑඩි හරියක් උන්ගේ පවුල් පිටින් විනාස කරාට උන්ගෙම පෑත්ත විතරයි ගත්තේ. මුස්ලිම් ගෑන කියන්න ඔනේ නෑනේ පෙනවනේ. අපි උන් ගෑන හිතුවට උන් කවදාවත් එහෙම කරන්නෙ නෑ. මන් අත්දෑකීමෙන් වගකීමෙන් කියන්නේ. උන්ට ඔනේ සින්හල මිනිස්සුන්ව යට කරලා උන්ට වෙනම රටක් හදා ගන්න එක.

      Delete
    6. "උඹලා ඔය කරන්නේ මහින්ද කරයි කියන එකම දේත් අවතක්සේරු කරන එක. ඔය කතා කරන්නේ මේ රටේ කවුරුත් අනුමත නොකරන අතීතය. අපි කතා කරන්නේ අනාගතය ගැන."

      අනාගතය නිර්මානය වෙන්නේ අතීත ක්‍රියා වලිනුයි වර්තාමන් තීරන වලිනුයි

      Delete
    7. හොඳ වැඩේ මාතලන් පරයට.ඕකා මේ බ්ලොග් බලන ගොන් හරක්ට පොර ටෝක් දීලා පොරක් කියලා හිතන් ඉන්නෙ.ඌට මොනවද සම්මාන වගෙකුත් දීලාලු,හිහ්!හරි හමන් තර්කයක් ආවොත් ඕකාට වචන නැහැ.ඊට පස්සෙ පුද්ගලික අපහාස හරි මොන ගොන් කතාවක් හරි කියලා මාරු!ඌට මේ රටේ සිංහලයකු වීම, බෞද්ධයෙකු වීම සහ උගේ කුලය වන වහුම්පුර වීමත් ලැජ්ජාවක් වෙලා.කකා නම් වාසගමත් මාරුකරගෙන. මුන්ගෙ හීනමානය තමයි.පිටරට ඉන්න හාම්පුතාලා සතුටු කරන්න වගේම මානසිකව සුද්දෙක් වගෙ හිතන්න උත්සාහ ගනිමින් ස්වයං වින්දනයක් තමයි මූ ගන්නෙ. නිමල්කාට වගේ සල්ලිත් කීයක් හරි හම්බෙනවත් ඇති.

      Delete
    8. පිටරට ඉන්නවා, උඹ වගේ, ආදරෙන් හදාපු වස්සෙක් නං.. වස්සෙක් නිසා දාලා අවා... සූර විර මාතලන් නම් ඉන්නේ අම්මට සිරිසේනගේ ලංකාවේ...

      Delete
  27. 1.6000ක් උනත් කීය උනත් ලොකු වියදමක් දරල නෑ. ඒක හොඳයි. ගොන් පාට් ටිකක් තිබුන ඒවත් අඩුවුනා නම් හොඳයි.[නැකතට දිවුරුම් දීම වගේ]

    2.මර්වින්ට විරෝදයක් එල්ල වුන බව ආරන්චියි, ඇත්ත නං හොඳයි. දැන් තියන තත්වෙ හැටියට දූශිතයන් හැලුව කියල උන්ට මොකුත් කරන්න බෑ.

    3.මහින්ද වේවා ඕනෑම කෙනෙක් වේවා දඩුවම් දෙන්න කලින් ස්වාදීන අදිකරනයක් තියෙන්න ඕන. සදාම් හුසේන්ට ලැබුන වර්ගයේ දඩුවම් දීමක් ඔන නෑ.

    ReplyDelete
    Replies
    1. සදාම් හුසේන් දඬුවමට අපි කොහොමත් විරුද්ධයි, නමුත් හොරුන්ට නිදැල්ලේ ඉන්න දෙන්න නම් නරකයි..

      Delete
  28. යකෝ දැන් මේ මහින්ද ගෙදර යවපු බිලියන ගණන් වල චෝදනා ගැන කතා කරලම රු 6000 කාට උත්සවයක් තියපු එක ලොකු කෙස් එක . මුන් වගේ උන් බන් . . . ඔය 6000 තමා දිනපු යට වය උනේ . රටක ජනාධිපති කෙනෙකුට ද්වුරුම් දෙන්න අවශ්‍ය කරන අනිත් දේවල් කොහොමත් දෙනවා රජයේ වියදමින්.එක පුත්ගලික වියදමින් කරන්න නැහැ .අනවශ්‍ය විදිහට කල සත පහක දෙයක් කියහල්ල ඕන උත්සවේ . . .

    ReplyDelete
    Replies
    1. මුන්ට පිස්සු බං.... දහස් ගනනක් මරපු සිංහලේ අන්තිම රජාටත් කෙල උන වෙලාවේ අඬපු උනුත් උන්නලු.. මුන් ඒ තරම් ගොබ්බයෝ...

      Delete
  29. ගම්පහට හිටිය ලොකුම හොරා සරණ ගුනවර්ධන.

    ReplyDelete
    Replies
    1. එයා ගැන සැටලයිට් බලා ගනියි...

      Delete
  30. අර.... මේ....."මාගේ කිරිල්ලී සොයා ගිය" අනුර සේනානායකටහෙම මොකද දන්නෑ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ.. පැන්නද දන්නෙත් නෑ...

      Delete
  31. ඇයි හෙට්ටි මුත්තා සහ අජිතා ප්‍රියදර්ශනී ?

    ReplyDelete
    Replies
    1. මුතු හෙට්ටි ගනියිද බං... ඒ යකා සැටිපිකට් පිස්සෙක් නේ... අනිකා මොකාද...?

      Delete
    2. මාතේ මේ කියන්නේ අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නංගියා ගැන විය යුතුය

      Delete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. හොරකම් කරපු සේරම ගන්න ඕනේ. ඒවා දුප්පත් අසරණ මිනිස්සුන්ට බෙදල දෙන්න ඕනේ. චන්දෙ ගන්න බොරු වේද නෙවේ රටට ඕනේ වැදගත් වියපෘති කියාත්මක කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මොන වගේ වියාප්පුරිතිද දන්නේ නෑ... එකක් දෙකක් කිව්වා නම්...

      Delete
  34. වියවස්තාව අනුව අගමැති විය යුත්තේ බහුතර මන්ත්‍රී සන්ක්යාවකගේ කැමැත්ත ලබාගත් පුද්ගලයාය.

    තවම පාර්ලිමේන්තුවේ බහුතරයේ සිටින්නේ 140 වන සිරි ලන්කා කාරයෝය. උන්ගෙන් කැමැත්ත ලබගැනීමට යහපාලන පගාව දෙන්න වෙන්නේ නැත්ද?

    රනිල් තුමා යහපාලන පගාවක් දී එහෙම ලියුමකට ඔය කියන "දූශිත" මහින්ද ගේ මන්ත්‍රීන්ගෙන් අත්සන් ලබා ගත්තාද නැත්නම් වියවස්තාව උල්ලංගනය කලාද?

    ReplyDelete
    Replies
    1. ව්‍යවස්ථාව කියවල වරෙන් බං ගොබ්බ කතා නොකියා...

      Delete
    2. ඇත්ත කතා කරනකොට මාතලං ට තරහ යනවා වගෙයි...

      ඔබ හරි.. මම වැරදියි..

      වියවශ්ටාවේ තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සුලුතරයක ගේ විස්වාසය දිනාගත් තැනැත්තා අගමැති විය යුතුය කියලා

      මාතලං.... වෙලි සොලි හොඳේ?

      Delete
    3. නීතී විරෝධි වැඩක් නම්, උසාවි පලයන්.. මෙතන කෙප්ප කෙලින්නේ නැතිව...

      Delete
    4. රත්නසිරි වික්‍රමනායක එලෙව්වේ. දී මූ පත්කලේ එහෙම වෙන්න ඇති.. උඹලා මෑත ඉතිහාසය දන්නෙත් නෑ නේ බං...

      Delete
    5. හරි හරි.... MRතුමා දි මු, රත්නසිරි වික්‍රමනායක පත් කලා වගේ උඹ්ලත් කොර ගනිල්ලා.....
      උඹලාගේ යහපාලනේ MRතුමා ගේ අඩිපාරේ යැම ගැන ස ර ස තුමාගේ බලවත් සන්තොසය ;

      Delete
    6. පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕනෑ එක ‍රැස් වුනාම. අගමෙති පත් කරන්න අනුමතිය ඕන්නැ නැහැ.

      kalamaediriya

      Delete
  35. ඉරාජ් වීරරත්න??? ඕකාත් හෙනම අවස්තාවාදියා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... අමතක උනා...

      Delete
    2. අනේ බං ඒ ගැන වචනත් අපරාදෙ !!!!

      Delete
  36. මට තව අහන්න දෙයක් තියෙනවා දැන් මෛත්‍රීපාල රජයෙන් කරුණා , පිල්ලෙයාන් කේපී වගේ අයට මරණීය දණ්ඩනය දිය යුතුද? (ඕක අහන්න තිබුනේ මාසෙකට කලින් අපරාදෙ)

    ReplyDelete
    Replies
    1. කරුනාට මෛත්‍රී දඬුවම්?? බුදු බනත් වෙනස් වෙන්න යනවෝ!!!

      Delete
    2. රජයෙන් අහලා ලියුමක් යවහන්...

      Delete
    3. ඔන්න දැවෙන ප්‍රශ්න !!!! අනිත් සේරම හරි …

      දියල්ලකො විසඳුං ඔන්න .. :D

      Delete
  37. "වන්දිභඨ්ඨයෝ, සට්ටැඹියෝ, නළාකාරයෝ හා ජඩමාද්දිය වේදියෝ එකෙකුන් හෝ මේ ආන්ඩුවට ලං කර නොගන්නා ලෙසය." නැවත නැවත අවධාරණය කළයුතුය. විමසිලිමත් විය යුතුය. වහාම ක්‍රියාත්මක වන පරිදි ඇතැම් පිරිස් නැවත වැඩ ආරම්භ කර ඇති බවක් පෙනී යයි.

    ReplyDelete
    Replies
    1. හපොයි මළ හත්තිලව්වයි.. මොක්කුද ඒ...

      Delete
    2. දිනූ වහාම බොහෝ රසිකයන් "නයිටීඑන්" යනුවෙන් හඳුන්වන media එකේ ඇතිවෙච්ච පෙරළිය ! සිතා බැලිය යුතුයි. එහි කලින් සිටි වන්දිභට්ඨයනුත් රටේ ඇතිව තිබූ විනාශ කාරී තත්ත්වයන්ට වගකිවයුතුයි. අන්තිමට "සජ්ජුලුවෝ හෙලුවැල්ලෙන්" බව කියාදුන්නේ "නොවැදගත් අඳබාල මුග්ධයන්" ලෙස සැලකුම් ලැබූ ඡන්ද දායකයන් නේද මාතලන්

      Delete
  38. Replies
    1. උන්ට නම් කොහොමත් හම්බ වෙන්නේ නෑ... දුමින්ද දිසානායකගෙන්...

      Delete
  39. අනේ මාතලන් බුදු වෙයි, මේකත් අර ලියුමට දමන්න.

    මේ ලඟදි අර ලක්ෂ්මන් හු#@ගල්ල කියන එකා වෙනුවෙන්ම වෙනම උප මහා කොමසාරිස් කාර්යාලයක් ඇරලා තියෙනවා මෙල්බන් නගරයේ. අපරාදේ සල්ලි. මෙතන ඉන්න හැත්තට ඇති වැඩකුත් නැහැ, ට්ව, පත්තර, ඉන්ටෙර්න්ට් බලබල ජොලියේ තමයි ඉන්නේ. යන්න බැහැ කැ$#@ ගඳේ බැහැ.

    ලොක්කට කියන්න මේ පින්ගුත්ත්රයෝ ටික ගෝනි කරල ඉක්මනට අපහු ගෙන්න ගන්න කියල.

    - මෙල්බන්හි සිටින ලංකා වැසියෙක්.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම එකතු වෙලා අත්සන් කරලා ලියුමක් එවන්න..

      Delete
  40. ඇයි ගීතා කුමාරසිංහ, හරක් අමුණුගම, චන්ද්‍රසිරි - කේන්දර සුමනේ - මාපලගම සැට් එක (කියන්න බැහැ, මුන් උනත් වෙන පදයක් කියාගෙන එයිද කියල), බූරුවප්පෙරුම, ගයේෂා පෙරේරා මැඩම්, හත්තිලව්වයි මහා රජාණෙනි ගීය ගැයූ සහේලි.

    ReplyDelete
  41. දෙදහස් වසක් සිට අප සතුව පැවතිය
    නිදහස් කිරුළ අද සතුරන්ට අයිතිය
    උදහස කම නිසා සියදනගෙ විමතිය
    නිදහස් බව නසා ගති සිහළ ජාතිය

    මෙය මීට වසර 200 කට පෙර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තනතුර හැරයාමෙන් පසු වෙල්ලෝරයට නැවේ යන අතර කී කවියකි.
    එදා ජනතාව ඩොයිලිගෙන් රොබට් බ්‍රවුන් රිග් ගෙන් ඉල්ලා සිටියේ වෙනසකි.

    ඊළාම් ජිහාඩ් සමගිය දිනේවා

    ReplyDelete
    Replies
    1. තවත් ලේ මාපිලෙක්..

      Delete
    2. ඇනෝ, පර දේශක්කාර රජ වරු නැවේ යනකොට සිංහලයා ගැන කවිත් කිව්වද? මහින්දයාත් යන්ඩ ලං වෙලත්,යනකොටත් කිය කිය ගියේ දේශප්‍රේමය/ ජාතිවාදය/ බටහිර කුමන්ත්‍රණ / විදුලි පුටුව වගේ කවියි. ඒ කවි සහ මේ කවි අතර සබදතාවයක් තිබේද ?
      දන්නේ නැති හින්දයි අහන්නේ.

      Delete
  42. ඇත්ත කතා කරන්න හයියක් මෛත්‍රී ගෙනාව,
    හරිම වටින දෙයක්.
    සෑහෙන ජීවිත
    දේපල පරිත්‍යාග කරන්න උනා මේ ටික ගන්න.

    ReplyDelete
    Replies
    1. පුදුම නිදහසක් ඇඟට දැනෙන්නේ....

      Delete
    2. බං... මහින්දයත් දැන් මොකුත් නොකරපු/ නෝවිච්ච ගානට කථා කරනවා. පුදුමම නිදහසක් තමා මේක....

      Delete
  43. අර ගයේෂා පෙරේරා කියලා පහුගිය දවස් වල දඟලපු සක්කිලි ගෑනි ගැන ඔබතුමාගේ අදහස මොකද්ද ආයිබොවන්?????

    ReplyDelete
    Replies
    1. එයා සක්කිලි ගෑනියක් කියන්නේ මොන පදනමෙන්ද...?

      Delete
  44. මේ ප්‍රේම කතා නවතා මොහොතක්
    අපි අවට බලමු ඇස් ඇරලා
    නැති බැරිකම - හතර අතේ
    පාවෙනවා …… සුළඟ වගේ !!!!

    විප්ලවයට ජය වේවා …

    වෙන්ඩ ඕනැ දේ උණා .. රෙෂ්පට් !!!!

    ReplyDelete
    Replies
    1. ඊළඟ එක ලියන්නේ බඩු මිළ අඩු කරපියව් කියලා...

      Delete
    2. අනේ බං තරහ නැතුව පුන්නක්කු වලටත් පොඩි සහනයක් ඇරං දෙන්ඩ කියල ලියාපං ඈ !!!

      Delete
    3. 19දා වෙනකන් ඉඳපන් මචංලා..

      Delete
  45. මම හිතන්නේ ඇමති මණ්ඩල , පත්කිරීම් කාරනා වගේම ඉතා වැදගත් කාරනාවක් වන්නේ , මහින්ද බලයට පත් වූ දා සිටම , විශේසයෙන් ප්‍රභාකරන්ගේ කැරැල්ල මැඩපවත් වීමෙන් පසුව , ITN , රුපවාහිනි , ලේක් හවුස් , ගුවන් විදුලිය , (හඩ් ඩා ) ඇතුළු සමහර ඇමතිවරු (විමලේ, ජොනී ) වැනි අයත් විසින් අවුරුදු ගණනාවක් තිස්සේ ජනතාවගේ සිත් තුල තැන්පත් කරවන ලද දුෂිත සිතුවිල හැකි ඉක්මනින් ඉවත් කිරීම කල යුතුයි .
    මෙය ඉතා ප්‍රමුක කාරනාවකි , මේ සඳහා නැවත වරක් එම මාද්‍යම ප්‍රයෝජනයට ගෙන , පසුගිය දිනවල මෛත්‍රී ගේ ජයග්ග්‍රහණය වෙනුවෙන් වැදගත් මෙහෙවරක් ඉටු කල බුධිමත් පිරිස , ශෝබිත හිමි , මහාචාර්ය සරත් විජේසුරිය , දඹර අමිල හිමි, නීතිවේදී , උපුල් ජයසුරිය , උපුල් ශාන්ත සන්නස්ගල , ධර්මසිරි බණ්ඩාරනායක ,.................. වැනි තවත් සුදුසු අය ලවා කරුණු පහදා දී ඔවුන්ගේ සිත් පිරිසිඳු කල යුතුයි .

    නැතිනම් පරාජයෙන් පසුවත් ප්‍රවුර්ති සාකච්චා පවත්වා විමලයා වගේ උන් උන්ගේ බලය සඳහා රටම උනත් ගිනි තියාවි , විමලය තරුණයන් බිල්ලට දී දැන් සුරසැප විඳින අලිජ්ජිත පුද්ගලයෙකි . ඊයේ සිටම මුන් පෙර පරිදිම ජාතිවාදය ඇවිස්සීම පටන්ගෙන තිබේ , ප්‍රමාද වුනොත් නියපොත්තෙන් කඩන්න තිබෙන දෙය පොරවෙන් වුවද කැපිය නොහැකි වේ .

    ReplyDelete
    Replies
    1. බොහෝම අපූරූ යෝජනාවක්. මම ලියන්න ඉන්නේ. මේ අදහසුත් ඇතුලත් කරන්නම්..

      Delete
    2. හුඟ කාලෙකට පස්සේ අද රූපවාහිනිය බැලුවා. වියන්ගොඩයි, ජයසිරියි, නිරිඇල්ලයි මේ අදහස් වලට බොහෝම සමාන අදහස් ප්‍රකාශ කලා.
      වෙනස දැනෙන්න පටන් අරන් මාතේ..!

      Delete
    3. මමත් බැලුවා චෙෆාකී.. ඒ වගේම වියන්ගොඩ මරු කතාවක් කිව්වා.. මේ කරන්නෙත් කලින් රූපවාහිණිය කළ දේමයි.. විරුද්ධ අදහස් තියෙන අයත් මේ සංවාදවලට එකතු කරන්න.. ඔවුන්ගේ හඬටත් රූපවාහිනිය තුල ඉඩ දෙන්න කියලා.. ඒ මිනිස්සු දැක්කත් හිත පිරෙනවා.. මේ වෙලාවේ නම් බ්‍රිස්බේන්වල ටෙනිස් ගහන කෙල්ලන්ගේ බනිස් බලනවා.. මගේ ප්‍රියතම ක්‍රීඩාවක්..

      Delete
    4. අන්න චොකා මල්ලි රිමාන්ඩ් කලාලු,

      Delete
    5. අන්න අයියෝ සිරිසේන වැඩේ පටන් ගන්න කොටම නාගෙන. අර සෝමරත්න දිසානායකයා රූපවාහිනියට දාලා.. අනේ දවස් දෙකයි බැලුවේ.. ආයේ ඒක බලලත් ඉවරයි.. වැඩි කල් යන්න කලින් සිරිසේනටම තේරෙයි.. ලංකාවේ ඉන්න පඩත්තලම කළාකාරයා...

      Delete
    6. ෂික් විතරක්..

      Delete
  46. ඔය ලයිස්තුවේ තියෙන්නම ඕනේ නම් දෙකක් තියෙනව
    (දේශපාලකයෝ )

    1. චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග
    2. රවී කරුණානායක

    ReplyDelete
    Replies
    1. මැඩම් නම් ආයේ ඕක අස්සේ රිංගන එකක් නෑ.. ඒත් රවී කියන්නේ සිටිය යුතුම කෙනෙක්.. ඒ වගේ මිනිස්සු තමයි මේ රට හදන්න අවශ්‍ය...

      Delete
    2. මම ලයිස්තුව කියලා අදහස් කලේ හොරුන්ගේ ලයිස්තුව :)

      Delete
    3. //රවී කියන්නේ සිටිය යුතුම කෙනෙක්//

      Nathan sajin vass ge role eka kawda karanne

      Delete
    4. රවිය සතොස එහම කෑව නේ! ඒව මතක නැත්ද ?

      Delete
    5. සතොස රවී එන්න කලින් කාළා තිබුනේ.. ඒ මිනිහා ඒක මොඩනයිස් කලා..

      Delete
    6. මොඩනයිස් කරා ලබ්බක්. යන්න වාහන නැති කාලෙක සතොස පැය 24 ඇරල තියලා නිකන් කරන්ට් එකටයි පඩි වලටයි පාඩු වින්දා. UB40 ගෙනල්ලා පිස්සුවක් කරා. කවුද ගෑනියෙක් ලක්සලට දාගෙන ලක්සල කාලම දැම්මා. කට විතරයි කරපු රෙද්දක් නෑ.

      මාතා ඒක නෙවෙයි රූපවාහිනියට දාල තියෙන්නෙ කවුද?

      Delete
    7. අයියෝ සිරිසේන කියලා තමයි කියන්න තියෙන්නේ...

      Delete
  47. මාතයෝ මමත් ඇහුවා ඔය මහින්ද දෙන්න ගිය ගේම ගැන කතාව. විශ්වාස කරන්න හිතුනෙත් නෑ මුලින්. උඹත් රජාට උම්මා දීලා පෝස්ට් එහෙම දැම්මනෙ.

    මම් මේ හිතුවෙ වැරදිලාවත් ගෝඨා අර විදිහට බලය ගත්තානම් මුන් ඒකත් සාදාරණීකරණය කරයි.

    ReplyDelete
    Replies
    1. උම්මා දුන්නේ හොඳ දේට...
      බලාගෙන ගියාම මාර යටත්වැසියෝ තොගේකුත් ඉඳලා තියනවනේ..

      Delete
  48. මහින්දයා දැන් හදන්නේ ජාතිවාදය අවුස්සලා ඒ මතින් අගමැතිකමට එන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. යනකොටත් එකම බයිලේ ගහලා ගියේ...

      Delete
  49. දේශපාලනයෙන් මුදල් හම්බකිරීමට‍, තමන්ගේ ව්‍යාපාර සඳහා අයථා වාසි ලබා ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාව නැති කරල 100% ක් ම මහජන සේවය සඳහා කැපවූ දෙයක් බවට පත් ‍ක‍ර‍ොත් ඔය ලිස්ට් එකේ ඉන්න අයත් ඔය ලිස්ට් එකට අනාගතයේ එන්න බලාගෙන ඉන්න අයත් නිකම්ම හැලිල යයි....

    ReplyDelete
    Replies
    1. ඒවා නම් ඉතින් විශ්වාස කොරන්න අමාරුයි ඒත් 2000% - 3000% නම් ගහන එකක් නෑ..

      Delete
  50. මොකා කෙරුවත් වරද වරදමය,එබැවින් දුෂණ චෝදනා ඇති පක්‍ෂ,විපක්‍ෂ සියලු දෙනාව විනිවිද පෙනෙන අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනීම උදෙසා යොමු කල යුතුය.ඒ වගේම මතා කියලා තියෙනවා වගේ එහේ හිටපු එපා කරපු උන් මේ පැත්තට අරගෙන මේ පැත්ත ආයෙමත් ඒ පැත්ත වගේ ජරා කර ගැනීමට නව පාලනයට ඉඩ නොතැබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න බං දාන්න එපා කියලා ලිස්ට් එකේ දාපු එකෙක්ම රූපවාහිනියට දාලා අයියෝ සිරිසේන කියලා තමයි කියන්න වෙන්නේ..

      Delete
  51. Unconfirmed reports of your leaders (you are going to like this):
    Cabinet of Srilanka
    1.Min of Finance : Dr. Harsha Desilva
    2.Min of Defence : General Sarath Fonseka
    3.Min of Health : Dr. Rajitha Senarathna
    4.Min of Education : Hon Kabeer hashim
    5.Min of Housing & Public Amenities : Hon .Sajith Premadasa
    6.Min of Trade & Cooperatives : Hon. Ravi Karunanayka
    7.Min of Foreign Affairs : Hon. Mangala Samaraweera
    8.Min of Media & Cabinet Spokesperson : Hon. Gayantha Karunathilaka
    9.Min of Power, Petroleum,Technology & Reseach : Hon. Patalie Champika Ranawaka
    10.Min of Justice & Legal affairs : Dr. Wijedasa Rajapaksha
    11.Min of Tourism & Investment Promotion : Hon. Faizer Musathafa
    12.Min of Ports & Aviation :Hon. Rauff Hakeem
    13.Min of Agriculture : Hon. Ranjith Maddumabandra
    14.Min of Transport & Highways : Hon. Karu Jayasuriya
    15.Min of Cultural, Womens & Child Affairs : Hon.Rosy Senanayaka
    16.Min of Plantation & Irrigation : Hon. Naveen Dissanayaka
    17.Min of Sports & Youth Affairs : Hon. Arjuna Ranathunga
    18.Min of Fisheries & Disaster Management: Hon.Rishad Badiyuddeen
    19.Min of Postal, Telecommunication & Information : Duminda Dissanayaka
    20.Min.of Labour Affairs & Foreign Employment : Hon. Niroshan Perera
    21.Min.of Parliamentary, Local Government,National Management& Reforms : Joeseph Michael Perera
    22.Min of Social Welfare & Disaster Management : Hon.Lakshman Kiriella
    23.Min of Cultural & Religious Affairs : Hon.John Amarathunga
    24.Min of Languages, Social integration Resettlement & Peace : Hon. M.A.Sumandhiran
    25.Min of Traditional industries,Export Promotion & Vocational Development :M.K.D.S.Gunawardana
    Deputy Ministers
    1.Dep Min of Finance : Hon. Eran Wickramaratna
    2.Dep Min of Education : Hon. Akila Viraj kariyawasam
    3.Dep Min of Health : Hon. Buddika Pathirana
    4.Dep Min of Media : Hon. Sujeewa Senasinghe
    5.Dep Min of Foreign Affairs : Hon. Ruwan Wijewardana
    6.Dep Min of Justice & Legal affairs : Hon. Ajith P. Perera
    7.Dep Min of Fisheries : Hon.Palaitha Rangebandara
    8.Dep Min of Highways & Transport ; Hon.Ajith Mannapperuma
    9.Dep Min. of Labour & Foreign Employment : Hon. Ranjan Ramanayake
    10.Dep Min of Plantaion & Irrigation : Hon. P. Digambaram

    ReplyDelete
  52. කොටින්ගේ ඊලාම් සිතියමයි MS චන්දේ දිනපු පලාත් වල සිතියම සන්සන්දනය කරමින් කරන විග්‍රහයක් ඊලඟ පෝස්ටුවෙන් කරන්නකෝ මහාචාර්‍ය තුමනි

    ReplyDelete
    Replies
    1. උන්ට පිස්සු කියලා අපිට පිස්සු නෑ බං

      Delete
  53. අපි කවුරුත් ලස්සන හීන දකින්න ආසයිනේ බං . ඇමති මංඩලේ 25 ක් කරලා උනුත් අපි වගේ බසඑකේ හරි කෝච්චියේ හරිචැට් එකක් දාගෙන යන යුගයක් නේ උදාවෙලා තියෙන්නේ. හෙඩ් ලැයිට් දාගෙනෙ ඩිෆෙන්ඩර් වලින් අත්එලියට දාගෙනපාරේ යන අපි කානුව බැහැලා උන්ට යන්න ඉඩදෙනකාලේ ඉවරයි. යහ පාලනේ යහ පාලනේ :)

    ReplyDelete
  54. අර කියලා තියෙන දේශපාලුවෝ ටිකනම් ලං කර නොගන්න එකමයි හොදම.. ඒ වගේම ඉතින් අනුර කුමාද දිසානායක මහත්තයට වැඩක් කරන්න පුළුවන් හොද ඇමතිකමක් දෙනවනම් ගොඩක් හොදයි.. අපි බලමු..

    ReplyDelete
    Replies
    1. එයාලට පහක්ම දීලා කරපු ලබ්බක් නෑ නේද?

      Delete
  55. Siyalu denata shanthiyakma wewa!!!!!

    ReplyDelete
  56. අපිට ‍ෆ්‍රී ඉන්ටනෙට් හම්බවෙයිද?....

    ReplyDelete
    Replies
    1. බලාගෙන හිටහන්.. එකපාරටම එයි.. වයි ෆයි...

      බයිලා නේ බං

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න