.

.

Jan 8, 2015

මහින්ද අපි ඔබට ආදරෙයි.... - Mahinda We Love You...



මාතලන්ලා දිණුවේය. ඒ කියන්නේ ජනතාව දිණුවේය. මාතලන්ලා මහින්දට කඩේ ගියා යයි සම හරක් කීවේය. ඔව් අපි මහින්දගේ හොඳ කතා කළේය. නරකත් කතා කළේය. මහින්ද කියන්නේ සුන්දර මිනිසෙක්ය. මහින්ද විනාශ කළේ බලයය. මහින්ද බලයෙන් මුලා උනේය. ජනතාව පයිසෙකට මායිම් කළේ නැතිය. නැතිනම් දුප්පතාගේ බත් පතට කෙලින්නේ නැතිය. පී බී ලා වගේ කම්බ හොරු රෙද්ද අස්සේ දාගන්නේ නැතිය. කබ්‍රාල් වගේ හොරු කරේ එල්ලා ගන්නේ නැතිය. උන් ඔබ තුමා ඇන්දුවේය. අපි ඒ බව කීවේය. ඔබ තුමාට, අපට වඩා උන් ලොකු උනේය. ඒ අපි පොඩි උන් නිසාය. නමුත් පොඩි එකා අද ජය ගත්තේය.

මාතලන්ලා සල්ලිවලට ගන්න, බ්ලොග් ලියන කම්බ හොරු, පුක ඉරාගෙන ට්‍රයි කලේය. (දෙපැත්තෙන්ම) ඉල්ලන ගනන දෙන්නම් කීවේය.  මාතලන්ලා සල්ලි වලට ලියන්නේ නැතිය. මේ ලබ්බ ලිව්වා කියා, අපට හම්බ වෙන රෙද්දක් නැත්තේය. එහෙත් බොහෝ සොඳුරු මිනිසුන් මෙන්ම, සක්කිලියෝද හොඳින් හඳුනා ගත්තේය.මාතලන් කිව්වේ මාතලන් ලියන්නේ ජනතාව වෙනුවෙන් කියලාය. අද මාතලන්ලා දිණුවේය. ඒ කම්බ හොරු, අහිංසකයන්ගේ මිනීයත් විකුණගෙන කෑවේය.ගුලිය කා ලියපු අහිංසකයාගේ එකත්, කඩා වඩා ගෙන කෑවේය.

මහින්දලා Social Media ගනන් ගත්තේ නැතිය. උන්ට කරන්න පුළුවන් ලබ්බක් නැතයි කීවේය. ඒ උන් හිතාගෙන හිටපු විදියය. ඒත් අපි Social Media යූස් කලේ යුක්තිය වෙනුවෙන්ය. ජනතාවගේ මුක්තිය වෙනුවෙන්ය. හොරාට හොරා කියන්නය. වීරයාට වීරයා කියන්නය. මාධ්‍යකරණයේ නියම වටිනාකම වෙනුවෙන්ය. මාධ්‍යකරණය වේස කමේ යොදවන්න නෙමේය.

මාතලන්ලා හෙටත් ලියනවාය. ඒත් ජනතාව වෙනුවෙන්ය. සිරිසේන පිස්සු කෙලිනවා නම්, අපි සිරිසේනත් අයියෝ සිරිසේන කරනවාය. මේ ආන්ඩුවේ කම්බ හොරුන්ට එරෙහිව ක්‍රියා කරන තාක්, අපි උන්ට ගහනවාය. සිරිසේනට කියන්නේ, අයියෝ සිරිසේන කෙනෙක් වෙන්න එපා කියලාය. දීපූ පොරොන්දු ඉටු කරන්න කියලාය. මදාවියන් දේශපාළණයෙන් ඉවත් කරන්න කියලාය.

සිරිසේන මුලින්ම කළ යුත්තේ "වැඳිල්ල" නවත්තන එකය. අපි සිරිසේනලාට සපෝට් කලේ, වඳින්නට නෙමේය. බබාලා වඩා ගන්න නොවේය. කලාකරුවෝ බදා ගන්න නෙමේය. මළ ගෙවල් වල ගොස් ළකුණු දාගන්න නෙමේය. මගුල් ගෙවල් වල විට්නස් සයින් කොරන්න නෙමේය. රට පාලණය කරන්නය.

මහින්දලා යුද්ධය ඉවර කළේ නැතිය. මහින්ද කිව්වේ ඇත්තය. යුද්ධය ඉවර කළා නම්, මහින්දට මෙහෙම වෙන්නේත් නැතිය. සෑම ජනයාටම එකා සේ සලකන පාලණයක් උවමනාය. නැත්නම් මේ රටේ ආයෙත් කැරළි මෙන්ම යුද්ධයත් එනවාය. ඒ අද නෙමේය. හෙටය.

මේ රටේ ලේ හැලුවා ඇතිය. හොරකම් කලා ඇතිය. දූෂණය කළා ඇතිය, බොරු කළා ඇතිය. රැවට්ටුවා ඇතිය. දැන් ළෝකයාත් සමඟ ඉදිරියට යා යුතුය. ගෝත්‍රිකයෝ කෑ ගහන්න පුළුවන්ය. උන් ගෝත්‍රිකයෝ බව උන්ට කියා දිය යුතුය. උන් ගෝත්‍රිකත්වයෙන් මුදවා ගත යුතුය.

එක කම්බ හොරෙක් හෝ මෙ අශුද්ධ සංවිධානයට එකතු කර ගත හොත්, ඔබත් අයියෝ සිරිසේනය. තම්බි ඡන්ද ගෙනාවේ ගොන් මූසල තම්බි නායකයෝ නෙමේය. තම්බි ඉන්නේ කොහේද කියා දැන ගත් කම්බ හොරුන්ට මේ පැත්තට එන්නට සිඳු විය. ඒ කම්බ හොරුන්ට තම්බින්ගේ ඡන්ද වලින් කැසිනෝ කෙලින්න දෙන්න ඕනා නැතිය. තම්බි ජනතාවටත් මිනිසුන්ට මෙන් සැලකුවාම අහවරය.

හොරුන්ගේ නම් ලැයිස්තුව අපි හෙමිහිට දෙන්නම්ය.

මහින්ද මහත්තයා අවුරුදු දෙකකට කලින්ම ගෙදර ගියාට, බොහෝම ස්තූතිය. ඒ දෙකක් හිටියානම්, ඡන්ද තියන්න රටක් ඉතිරි වන්නේ නැතිය. කෙසේ වෙතත් ඔබ ප්‍රජාචන්ච්‍රවාදයට ගරු කලේය. ප්‍රජාචන්ච්‍රවාදය එක්ක හැමදාම ජිල්මාට් දාන්න බැරිය. මේ රටේ විප්ලව කාරයෝ නැතිය. ඉන්නේ ගල් ආඳෝය.

බස් වලින් සෙනඟ ගෙනාවාට. සෙනඟ කියන්නේ උන් විතරක් නෙමේ කියා, මාතලන්ලා කීවේය. එහෙනම් බස් ගැමුණුත් මේ රටේ ජනාධිපති වෙන්න ඕනාය. බොරුව හා ඇන්දිල්ල පරාදය. සත්‍යය කවදා හෝ ජය ගන්නේය.

සෝභිත, නිර්මාල් ඔබලාට බොහෝම ස්තූතිය. අනික් උන් ආවේ පස්සේය. ජයග්‍රහණයට වීරයන් බොහෝය. ඒත් අපේ වීරයන් ඔබලාය. මහින්දත් අපිට වීරයෙක්ය. ඔබ තුමාට ඇල්පෙනෙත්තක හානියක් සිඳු වන්නට අප ඉඩ දෙන්නේ නැතිය. ඒ ඔබට පමණය. ඔබේ පවුලේ අනික් උන් ගැන අපිට ගැරන්ටි, වොරන්ටි දෙන්න බැරිය.

රට කෑලී වලට කැඩෙනවා කියපු උන්ට කියන්න තියෙන්නේ, උඹලාට ඕන කෑල්ල මාතලන්ට කියන්න කියලාය. ඒ ලැයිස්තුව අපි අපේ රූකඩ නායකයාට ලබා දෙනවාය.

මැරෙන්න යන එකා පිඳුරු ගහෙත් එල්ලෙනවාය. එහෙත් මහින්ද එල්ලුනේ පිඳුරු ගහේ නෙමේය. ලෙස්ටර්ගේ පොටෝ එකේය.

ඔබතුමාට පුළුවන් නම් අර ගොබ්බ සුමනදාසයා සහ අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි හොයාගෙන දෙකක් ඇන්නාට නම් අපිට කිසි අවුලක් නැත්තේය. මොකෝ ඕකුන් දෙන්නා කොහොමත් මැරෙනවාය. ඔබ තුමා කෑවේ උන්ය. තිස්ස අත්තනායකගේ තිරුපතිලාට වඩා ගෘහපතියෝ බලවත් බව ඔබ දැන් උන්නේ නැතිය. එහෙම දැන ගත්තා නම් ගෘහපතියෝ පෙලා, තිරුපති වඳින්න යන්නේ නැතිය. චන්ද්‍රසිරියාට පැස්ටෝල් මාතලන් ගානේ දෙනවා කියා අවසාන වශයෙන් කියනවාය.

විශේෂ - කලින් පෝස්ටුවට කොමෙන්ට්ස් රිප්ලයි නැති වීම ගැන සමාව ඉල්ලනවාය.

146 comments:

  1. Replies
    1. මේ අප එදා ඉඳන් කියන දේය.. ඉදිරියටත් කියන දේය..

      Delete
    2. මාතලන් සහ රසික කියන දෙන්නම හකුරු කුලයේ අය. අනිත් වහුම්පුර අය වගේ නෙමෙයි මුන් දෙන්නටම හරියට හීනමානය.ලංකාවෙ ඉන්න බැරිව රට ගිහින් ඩොලර් දැකලා ගිනිකන වැටිලා මුල අමතක වෙලා.යකෝ ලංකාවෙ සිංහල බහුතරය චන්දෙ දීල තියෙන්නෙ මහින්දට. එතකොට මේ රට පාලනය කරන්නෙ දෙමල මුස්ලිම් අය ගෙ චන්දයද? අපේ ජාතිය ගැන කතා කරන්නෙ අපි නැත්නම් කවුද? දෙමලුද, මුස්ලිම්ද? නැත්නම් මාතලන් ද? රසිකද?

      Delete
    3. තොපි වගේ ඌරන්ට මගේ රිප්ලයි නැත.

      Delete
    4. යකෝ තෝ ඉතින් සට්ටන් රලානේ , තොපි ලංකාවට අවේ අපේ කකුස්සි සොදන්ටනේ තොට දැන් එකත් නැහැ මහින්ද නැති නිසා

      Delete
    5. පැරදුනේ මහින්ද නෙවෙයි කමෙන්ට් කරනවා කියලා ගූ හල හල හිටපු මහ කලු සිංහලයා වගේ පගර නැට්ටෝ..........ඒකයි සතුටු........

      Delete
  2. ane mathalan para ballo, balagena hitapiya!

    ReplyDelete
    Replies
    1. තව මොන රෙද්දක් බලන්නද ඩෝ...

      මෛත්‍රියම වේවා....!

      Delete
    2. මුට හිතේ අමාරුව දැන් මහින්ද නැති නිසා හෙට ඉඳලා කප්පම් ගන්න විදිහක් නැහැනේ . අතපය හොල්ලලා කන උන් නෙමේනේ මොකෙක්ගේ හරි බෙල්ල මිරිකලා මුන් කන්නේ

      Delete
  3. Replies
    1. අන්තිම කැතයි... ළොක්කා මිනිසුන් රැවටුවේය.. මිනිස්සු ළොක්කා රැවටුවේය...

      Delete
  4. කියන්න ඕන ටික කියා තිබෙනවාය.
    මහින්ද ඒකාධිපතියෙක්, කෙසේ හෝ හොඳින් හෝ නරකින් බෙදනවා කී කටකතා බොරු කළේය. කවුරු කෙසේ කීවත් මෙතෙක් සිටි මැතිවරණ දුෂණ අඩුම, ප්‍රජත්‍රන්ත්‍ර වාදය සුරකින ලද.රට බේරාගත්. අන් කිසිවෙක් නොකරන ලද සංවර්දන වැඩ කල නායකයා ඔහුය.

    සුදුස්සාට සුදුසු තැන නොදීම, දුෂිතයන් ට ඉඩදීම වැනි ඇස්පනාපිට පෙනෙන වැරදි හදා නොගැනීමට නිසි දඬුවම ඔහුට ලැබී ඇත. අනෙක් දේ මිත්‍යා විස්වාස පිටුපස යාමටද නිසි දඬුවම ලැබේ ඇත.

    මෙම මැතිවරණයේ මගින් මහින්ද මෙන්ම සිරිසේනද පාඩමක් ඉගන ගත යුතුය. එනම් මහින්දට වැරදුනු දේ නොකර සිටීමයි.

    ReplyDelete
    Replies
    1. අන්තිම මොහොතෙත් බලලා තියෙන්නේ ජිල්පිට් දාන්න. ඒත් සහෝදර සමාගමත් කචල්.. ඉතින් යනවා හැර වෙන කොරන්නට දෙයක් නැත..

      Delete
    2. //අන්තිම මොහොතෙත් බලලා තියෙන්නේ ජිල්පිට් දාන්න.// ඒ ගැන විස්තරත් දාන්න පුළුවන් නම් හොඳයි.මම කටකතා පිළිගන්නේ නැහැ තව සාධක නැතිව.

      Delete
    3. සාධක පස්සෙ එයි.. හැමදාම වගේ කළබල නැතුව ඉඳහන්... අපි වගේ...

      Delete
    4. සමහර විට මැකෝ කියාවි....බුද්ධි අංශෙ එලොව්වෙ ඇයි කියල..?

      Delete
    5. මකසි, ඔයා පහුගිය කාලේ සාධක තියෙද්දිම ඇස පියන් ලොක්කට කඩේ ගියා නේද? ඇයි දැන් කළබලෙන් සාධක ඉල්ලන්නේ. කන්න ඕන උනහම කබරගොයත් තලගොයා වෙනවා නේද ?

      Delete
    6. අවසානයේ ගෝඨා දියත් කිරීමට ගිය මෙහෙයුම මෙන්න


      ගෝඨාභය රාජපක්ෂ තම මිලිටරි යාන්ත්‍රණය දියත් කොට ක්‍රියාත්මක කිරීමට ගිය විශාල විනාශකාරී මෙහෙයුමක් පිළිබදව තොරතුරු වාර්තාවේ.

      ඊයේ (08) මධ්‍යම රාත්‍රිය වන විට සියලු ඡන්ද මධ්‍යස්ථාන වටලා බල ඇණි ශක්තිමත් කොට දැවැන්ත ඡන්ද මංකොල්ලයක් සිදුකිරීමට උත්සාහ කළ ගෝඨාභය රාජක්ෂ ජනමතය ඉවතලා බලයෙන් රට මිලිටරී කරණයට තල්ලු කිරීමට තුච්ඡ උත්සාහයක නිරත වී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කර සිටී.

      මෙම මෙහෙයුම සදහා කොමාණ්ඩෝ බල ඇණි විශාල ප්‍රමාණයක් යොදාගැනීමට සැලසුම් කළ බවත් මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් මේ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබ ඇත.

      එසේම මේ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් වහා ජනමතයට හිස නමා ධුරයෙන් ඉවත් වන ලෙසට මහින්ද රාජපක්ෂට කළ දැනුම්දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයෙන්ඉවත්ව යාමට කටයුතු කොට ඇති බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේය.

      Delete
    7. මැතිවරණ ප්‍රතිපල වල ඊයේ සැකකටයුතු ඩිලේ එකක් ඇතිවුනා තමයි. බලමු බලමු තව සාක්ෂි. විචාරක මහතා කටකතා කියුවේ ඔය සිද්දිය වෙන්න ඇති.

      Delete
    8. පැරදුනේ මහින්ද නෙවෙයි කමෙන්ට් කරනවා කියලා ගූ හල හල හිටපු මහ කලු සිංහලයා වගේ පගර නැට්ටෝ..........ඒකයි සතුටු........

      Delete
  5. අස්ස තිත්තනායකට අබ සරණය

    ReplyDelete
    Replies
    1. විපක්ෂෙට තිබුන ළොකුම අපලේ...

      Delete
    2. විපක්ෂෙට තිබුන ළොකුම අපලේ..... 100% agreed!

      Delete
    3. තව අපලයක් තිබ්බා සජිත් කියලා.හැබැයි දැන් එක අහෝසි කර්මයක් වේවි වගේනේ ..

      Delete
  6. මාතලන් උඹ අද පටන් අලුත් ආන්ඩුවෙත් වැරදි දකින්නෙක් වෙනවා නම මම මනාපය

    ReplyDelete
    Replies
    1. අලුත් ආණ්ඩුව ෆෙඩරල් දුන්නත් මාතලන් ඊට හොදයි කියනු ඇත.

      Delete
    2. ෆෙඩරල් කියන්නේ මොකක්ද බං. ගිලපු ගුලි දැන් වමාරන්න... ඒවායේ බලයක් නැත..

      Delete
  7. //එදා මෙදාතුර පහල වූ නායකයින් අතුරින් අපට පහල වූ විශිෂ්ඨම නායකයා අද දින සිය තනතුර හැරදා පියා පිටව ගොස් ඇත... ඔහු යළි බලය වෙනුවෙන් සටන් කරන්නේද නැද්ද යන්න මා නොදනිමි.. නමුත් ඔහු රට වෙනුවෙන් නැවත සටන් කරන්නට පිවිසෙන්නේ නම් මා ඔහුට හැකි ආකාරයකින් සහය වෙමි... එහි කිසිදු සැකයක් නැත... නමුත් තව දුරටත් මෙම රට තුල ජීවත් වන්නට මාගේ අදහසක් නැත... ලැබෙනා පලමු අවස්ථාවෙන්ම මෙයින් පිටත්ව යමි... එනමුදු ලොව කොහේ සිටියත් මහින්ද කෙරෙහි ඇති මාගේ විශ්වාසය හෙට දිනත් එසේම පවතිනු ඇත.//


    40 ශ්‍රී ලොරියක් විකිණීමට තිබේ.... අයිතිකරු ඉක්මනින් විදේශ ගතවීමට බලාපොරොත්තු වන බැවින් වැඩිම ඉල්ලුමට මෙම සති අන්තයේ විකිණේ...... අත්පිට මුදලට පමණයි.................

    ReplyDelete
    Replies
    1. ඌ දැන් පරාජයෙන් පිස්සු වැටිලා.. ජාතිවාදය වපුරනවා.. නියම ගෝත්‍රිකයෝ.. ඕකුන් තමයි ලොක්කා නැති කලේ...

      Delete
    2. බෝට්ටුවක් වත් අල්ලලා දෙමුද මූටයි අර මීමුරේ හොරාටයි රට පනින්න.... මුන්වගේ එවුන් රට දැක්කුවනම් මේ රට හදන්න පුළුවන්....

      Delete
    3. මේ මාර මෝඩයගෙ මෝඩ කම කියන්නෙ මහින්ද ගෙදර ගිහින් පැය 5ක් ගිහිල්ලත් මූ බලන් ඉන්නව ඌ ජනාධිපති වෙන කල්.... පව් හරක් බන් මුන්.... මරාට සපෝර්ට් කරන හරක් ගෙ හැටි මෙන්න.....

      Delete
  8. //සිරිසේන පිස්සු කෙලිනවා නම්, අපි සිරිසේනත් අයියෝ සිරිසේන කරනවාය.
    +++
    අපට එපා රජ කෙනෙක්. අපට ඕනෑ ජනපති කෙනෙක්.!

    ReplyDelete
    Replies
    1. පිස්සෝ...
      දැකලම එපා වෙලා...

      Delete
  9. මං හිතන්නෙ ඔය සුමනදාසව එවල තියෙන්නේ නාසා එකෙන්, තනිකර බටහිර කුමණ්ත්‍රනයක්.

    නානසාරත් සිරිසේන දිනවීම සඳහා දැන් සෑහෙන කාලයක සිට ට්‍රයි කරලා අලුත්ගම හා බේරුවලදී උත්සාහය සාර්ථක කරගත්තා.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ඩයස්පෝරාකාරයෝ, කුමන්ත්‍රණ කාරයෝ, බෙදුම්වාදියෝ මාර බලවත්නේ.. රූකඩ වලට ඇන්දුවට..

      Delete
    2. @ M, congratulations on your prediction.
      ලංකාවේ මීහරක්ගහණය මං හිතුවට වඩා අඩුයි.

      ලොක්ක එලිවෙනකං වත් හිටියෙ නැති එකෙන් ඉලෙක්ශන් ත්‍රිල් එක අඩුවුනා නේද? බස්නාහිර ආසන ගැන ඉන්ටෙරෙස්ට් එක අඩුවුනානෙ

      Delete
    3. please guys wait little more! will u? I have no internet at home. commenting using mobile is a proper pain. I too wanna share my five cents.
      racists stop telling bullshits.
      just start deal with humans now on. every human having eque rights !!!!!!!

      Delete
    4. මේ සැරේ විපක්ෂය බොහෝම සංවිධානාත්මක් උනා.. ජනමතයට ගරු කරනවා හැර වෙන කරන්න දෙයක් නෑ..

      Delete
    5. ජයග්‍රහණය ගැන අපිරිමිත සතුටක් තියෙනවා.
      ඒක හැමෝටම අයිති දෙයක්. අන්තිම කාලේ මහින්ද හා රජය කටයුතු කලේ කොයි තරම් කැත විදියටද? ජාතිවාදයක් ඉස්මතු කරලා, අහිංසක මිනිසුන්ගේ බදු වලින් කරන්න ඕන හැම නාස්තිය හා එකී නොකී දාහක් දේවල්.
      දැන් අපි ආපහු මිනිස්සු විදියට නැගී හිටින්න ඕනේ. අපි හැමෝගේම අයිතිවාසිකම් වෙනුවෙන්. කවුරුත් අයින් වෙන්නේ නැතිව.

      Delete
  10. වැඳිල්ල වගේම කොන්වොයි කල්චර් එකත් නවත්තන්න ඕනය.
    ඒ වගේම දින 100කට එහා ආණ්ඩුකරන බවට සහ කලහැකිය යන්නත් පෙන්නන්න ඕනය.
    මෙතෙක් කල් හැමෝම ඉල්ලුවේ දෙන්න තියා දෙන්න හිතන්නවත් බැරි ඉල්ලීම් නිසාත් දැන් ඉල්ලන්නේ ඕනම නායකයෙකුට මේන් කියලා ඉටුකරන්න පුලුවන් දෙවල් නිසාත් සර්ලාට මැඩම්ලාට ඔලුව නව නව යන්නේ නැතුව කියපු ටික කලා නම් ඇතිය.
    චනද්‍රසිරියාට ගිනිකූර මගෙන්ය...

    ReplyDelete
    Replies
    1. දින සීය මහා ළොකුවට ගන්න එපා..

      නමුත් ඉන්ස්ටන්ට් චේන්ජ් එකක් අවශ්‍යමයි...

      Delete
    2. මාතේ කිසිම දෙයක් අත අරින්න එපා. අයියෝ කියන්න ඉඩ තියන්න එපා. චේන්ජ් එක දැන් අතීත කාලයේ. දින සීයට එහා හිතමු. එතනම තමයි අපි හොයන වෙනස තියෙන්නේ..

      Delete
    3. @M & c-a,
      සුමනදාස නාසා එකෙන්
      චන්ද්‍රසිරි සී අයි ඒ සයිකොලොජිකල් වෝෆෙයාර් එකෙන්.
      තිරුපති තියෙන්නෙ ලංකාවට බටහිරින්ද? අඩුගණනෙ North-West වත්?

      ( ඉතාලියෙන් එන කුමණ්තනකාරයට වෙලාවට එන්න බැරිවුනානේ. පෙබරවාරි ටූ ලේට් :- D )

      Delete
    4. දේශ පාලකයන්ට ඔලුව නවන එකනම් නවත්තන්න ඕන.

      Delete
    5. අනිවා චෙෆාකී... මේ රට සුන්දර දේශයක් කළ යුතුමයි... මෝඩයන් පිණුම් ගහන පිට්ටනියක් නොකළ යුතුමයි...

      Delete
    6. හොඳ සමබර ලිපියක් මාතලන්. මහින්ද පරදා මෛත්රී ජයගැනීමට වඩා මට ඇති එකම සතුට නම් සරත් ෆොන්සේකාගේ "තරු හතර" නැවත ඔහුට ලැබීමයි !!!
      ඒ වගේම ඔබ ලිපියේ සඳහන් නොකලත්, බැරිවීමකින් හෝ මහින්ද දින්නානම් අද මෛත්රී ජම්පරයක් ඇදගෙන වැලිකඩය. ඔය "අනුකම්පා කථා" එතකොට වලංගු නැත.

      Delete
    7. ප්‍රා.... මේ සමාජයෙ සෑම පුදගලයකු සමඟම එක ලෙස ජීවත් වන්නට ලැබූ පන්නරයයි.. ගල් පොල් හා මල් වල බලයයි.. ඒ අනාවැකි.. හඳහන් වලට වඩා බොහෝ බලවත්...

      Delete
    8. ප්‍රා … හා හා :D

      පෙබරවාරි වෙනකං පොඩ්ඩක් බැලුවා. කියන්ඩ බෑ නෙවැ .. මෝල්ගහත් පත්තු වෙන කාලෙ :D කුමන්ත්‍රනේ නං වැඩ කරා ටොපටම

      Delete
  11. රටේ නැති එවුන් තමයි රටේ අනාගතය ගැන ලියන්නේ,මොකද උන්ගේ ලමයි ගොඩ ගිහින් නේ. නොදකින් තුප්පහි!

    ReplyDelete
    Replies
    1. අපි ඉන්නේ මේ රටේ.. අපි තමයි නියම සිංහල බෞද්ධයෝ.. නිර්මල බුදු දහම පණ මෙන් පිලිගන්නෝ...

      Delete
  12. විය යුත්තේ මෙයම ය. ඔබ කිව යුත්ත එලෙසම කියා තිබේ. කළ යුත්ත සියළු ජනතාව එකතු කරගෙන පාලකයන් විසින් කළ යුතුම ය. හොඳ හා නරක යනුවෙන් පක්ෂ දෙකක් විතරක් තිබුණානම් ඇතිය. මොකා ආවත් හොඳම කරයි නම් ඇතිය. නැතිනම් අපේ රට සංවර්ධිත රටවල් ගොඩට එකතු කිරීම සිහිනයක පමණක් රැඳෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. භෞතික සංවර්ධණයෙන් පමණක් ඵල නැත.. මිනිස්කම ජය ගත යුතුව ඇත...

      Delete
  13. අපි මහින්ද කිව්වේ පදයාත්රා ගිය මහින්දටය, විපක්ෂ නායක මහින්දටය, කම්කරු ඇමති මහින්දටය, ධීවර ඇමති මහින්දටය, අගමැති මහින්දටය, පළමු වර ජනපති මහින්දටය. ඒ මහින්ද මිය ගියේය. මේ මහින්ද ගෙදර යන විට ඒ මහින්දව සිහිවන්නට ඇත.

    සිරිසේන දැන් ඔබේ වාරයයි, සදාකාලික අවන්නට හෝ උමතුවී මියැදෙන්නට අවස්තාව විවර වී ඇත. තේරීම ඔබේ අතේ

    ReplyDelete
    Replies
    1. ඔටුන්න දාගත්තොත් උමතුවී මියැදෙන්නට ටිකට් එක අතේය..

      Delete
    2. ඔටුණු නොපලන් සමාන්‍ය මිනිසකු වනු මැනවී...

      නායකයන් සිටින්නේ ජනතා හදවත් තුල.. රූපවාහිනිවල හා කටවුට් වල නොවේ... සිලෝන් ටකරන් බස් වලද නොවේ...

      Delete
  14. මිනිසුන් සොයා සැරිසැරුවෙමි. මාතලන් ප්‍රියන්ත හේවගේ ද හමු විය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. මේ මා ලද සම්මානය...

      Delete
    2. ane huke nannane!

      Delete
  15. ෆෙස් බුකි වැනි අන්තර්ජාල මෙව්වාවල යන හා ඒවාට සැට්වෙලා ඉන්න උන් ගැන්..මෙයාලානම් පට්ට උනන්දුවක් තියෙන බවක් පේනවා.ඊයෙ රෑ ඉඳල උන්ගෙ පිටුවකට සැට් වෙලා හිටියෙමි උන් ඒ ටිකට මැසේජ් ගමටම එවති. ඒ නිසා බ්ලොග් වලින්ම අපි එකතුවෙලා යහමග යනහැටි කියමුද...?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියවන්නෝ රජ ගෙදරද සිටියේය. එහෙත් උන් අප කී දෑ ඇසුවේ නැත..

      Delete
  16. හීනි ඉඳිකටුවකින් අනිනවා වගේ වේදනාවක් දැනුනා මහින්ද යනකොට. ඒ ඉතිං අපේ සංවේදී කම. ස්තුතියි මාතලන්, එකඟයි 100% ක්ම.
    මෙතෙක් බිහිවූ කොඳු නාරටියක් තිබූ මැතිවරණ කොමසාරිස් මහින්දට අපේ ආචාරය! ඔබ සියලු රාජ්‍ය නිළධාරීන්ට ආදර්ශයකි.

    ReplyDelete
    Replies
    1. එළ කොල්ලෙක්.. දිනන්න කලින් උන්නෑහේ ගැන ලිව්වා.. ස්තූතිත් කළා...

      Delete
    2. මාතලන් මං දන්න තරමට මෑන් සෙට් වෙන්නත් කැමතියි හවසට.
      ඇත්තෙන්ම හොඳ මිනිහෙක්

      Delete
    3. අහ මහින්ද මහත්තයා එක්ක සෙට් වෙයි. බයිට් එකට සුමනදාසයයි අධ්‍යාත්මවේදි බන්ඩාරයි ගනියි...

      Delete
  17. රජෙක් නොව පොළවේ පය ගසා සිටින ජපති කෙනෙකුන් වී විශ්‍රාම යාමට අදිටන් කර ගතහොත් ;මෙයින් උගත් හොඳම පාඩම එයම වනු ඇත.

    ReplyDelete
    Replies
    1. බලමු.. කිසිවකුට චරිත සහතික දීම අති භයානක දෙයකි...

      Delete
  18. ජාතිවාදී සිංහලයාට ජාතිවාදී ටොක්කක් ඇන තිබේ. මේ ප්‍රතිඵලයෙන් ජාතීන් අතර සමානාත්මතාව සහ සංහිඳියාව පිළිබඳ පාඩමක් උගන්වා ඇත. ව්‍යාජ සිංහල බෞද්ධ කමෙන් මිදී සැබෑ සිංහල බෞද්ධකම පෙන්වීමටද බලකර ඇත.

    ReplyDelete
    Replies
    1. ගොන් බෞද්ධයන්ට කන රත් වෙන්නම් දී ඇත...

      Delete
    2. හැබැයි ජාතිවාදී සින්හලයාට කනෙ පාර දී ඇත්තෙ වෙන කවුරුත් නොව සුලු ජාතීන්ය. 80%-20% කියන්නෙ සාමන්ය බෙදීමක් නෙවෙ.

      Delete
    3. සුළු ජාතික ජාතිවාදය ජයග්‍රහනය කර තිබේ.එය කලින්ම දුටු නමුත් මහින්ද ආන්ඩුවේ සමහර දේවල් වෙනස් කළ යුතුම වී තිබිණි.ඉන් එකක් නම් මිත්‍යා දෘෂ්ටියයි.තිරුපති වන්දනා කට්ට්ටඩියන්ගේ නාඩගම් පරාජය වුනානම් සතුටකි.සුමනදාස වැන්නන් ට ඇපොයින්ට්මන්ට් එකක් ගන්න බැරි තරමට පෝලිම විය.මේ කලින් වේලි වේලි හිටපු උන්ය.නැකැත් කේන්දර බොරු බව ඔප්පු වුනානම් එය ජයකි.
      සිංහල බෞද්ධයා විපක්ෂයට ගොස් ඇත.

      Delete
  19. මේ කියන්නේ මාතලන්ටයි ! මම ගූ ර ස වෙමි , දුමින්ද නාගමුව , චන්ද 50,000 ට වැඩියෙන් ගත්තේය , වහාම ඔබගේ බ්ලොග් ලිවීම නතර කරනු , අවසන් නිවේදනය , නැතිනම් රතු වන එකක් එවමි .

    ReplyDelete
    Replies
    1. මොන හාල්පාරුවෙක්ද බං ඌ.. මට කොහොමත් වම නේ අප්පිරියයි...

      Delete
  20. මහින්ද සුන්දර මිනිසෙක් නොවේ.කලකට පෙර ඔහු එසේ පෙනී සිටියා පමණය.

    ReplyDelete
    Replies
    1. නෑ ඔහු සුන්දර මිනිසෙකි.. අප එය විඳ ඇත්තෙමු... ඒ සමාගමය දැක ඇත්තෙමු...

      Delete
    2. ඇනෝ...මහින්දද ඔබ හා මා මෙන්ම සුන්දර මිනිසෙකි...ඔහු සමාගමය විඳ ඇත්තෝ එය දනිති.

      Delete
  21. බලාපොරොත්තු වූ ලෙසටම යන්තමින් දිනල තියනව.
    මේ ජයග්‍රහනයට මම නං පට්ට ලයික්. මොකද මේ ජයග්‍රහනය ලබා ගත්තෙ සියලු ජාතීන්ගේ නියෝජනය තුලින්. ජාතිවාදීන්ට හොඳ කනේ පාරක් දීල තියනව.

    බ්ලොග් අවකාශය ඇතුලෙත් පහුගිය දවස් වල උඩ පැනපු සුඩෝ සෙට් එකට බුද්ධිය පහල වේවා කියල ප්‍රාර්තනා කරන්නත් කැමතියි.

    ඒ වගේම මෛත්‍රී එක්ක ගේම ඉල්ලීම ඉදිරියේ තියනව.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට තමයි ගේම දරුණු වෙන්නේ.. හොරුත් එක්ක හෙළුවෙන්ද..? යහ පාළණයක්ද කියන එක...ඉස්සරහට තමයි ගේම දරුණු වෙන්නේ.. හොරුත් එක්ක හෙළුවෙන්ද..? යහ පාළණයක්ද කියන එක...

      Delete
    2. මචෝ හැබැයි හම්බන්තොට කුජීතයි නේද? උඹලගෙ රාජ්ජ සේවකයො උඩ පැන පැන නෙ මහින්දට කතිරෙ ගහල තියෙන්නෙ. ගංවල උන් කියලත් වෙනසක් නෑ.

      Delete
    3. ඔවු. මෝඩයො කොතනත් ඉන්නව. මේ ගැන වෙනම ලියන්නං

      Delete
    4. මේ ජයග්‍රහනය ලබා ගත්තෙ සියලු ජාතීන්ගේ නියෝජනය තුලින්. ජාතිවාදීන්ට හොඳ කනේ පාරක් දීල තියනව.
      හරියට හරි රාජ්.
      මේක තමයි මහින්දටයි එයාගේ ගොට්ටන්ටයි වැරදුන තැන. මේ බ්ලොග් අස්සේත් තාමත් ජාතිවාදය අවුස්සන කුහකයින්ට නම් හොඳක් වෙන්න එපා.

      Delete
    5. ඔවු සිංහලයන්ට අන්‍ය ජාතීන් හොඳ කනේ පහරක් දීල තියනව.දැන් සිංහලයාට විපක්ෂයේ වාඩි වෙන්න කාලෙ හරි.ඊලඟ ආණ්ඩුව මෙහයවන්නෙ සුළු ජාතීන් හා බටහිර බහුජාතික සමාගම්

      Delete
    6. විමල් උපදංශගේ ලණු කෑ අම්බරුවෝ...

      Delete
  22. සහතික ඇත්ත මචෝ. අනික අපි දිනන්නෙ මෛත්‍රී දීන නිසා නෙමෙයි, මෛත්‍රී කියපු දේ කරන දවසටයි. එතකල් මේ සටන නවතන්න හොඳ නෑ, මොකද කතාවටත් කියනවනෙ බුදුහාමුදුරුවන්ගෙ බස් එකේ ආනන්ද සාදු කොන්දොස්තර උනත් මාටිය ගහනව, බුදුහාමුදුරුවො හරියට බැලුවෙ නැත්තන් කියල.

    මෛත්‍රීට කියල ඒක වෙනස්ක් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. පට්ට ලයික් අපි ඈ..!

      Delete
    2. මෛත්‍රී නෙමෙයි, මගේ ප්‍රියතම රනිල් උනත් එච්චරයි...

      Delete
  23. සිංහල ජාතික බලය විනශ කල රතන හිමි චම්පික \අතුලු පිරිසට මාගෙ ප්‍රනාමය

    ReplyDelete
    Replies
    1. උන් තමයි නියම සිංහළයෝ.. නැතුව ලේම ඉල්ලන තොපි නෙවෙයි....

      Delete
    2. මාතන්ලන්ට චම්පික රතන නියම බෞද්ධයො වෙන්න රනිල්ගෙ පැත්තට එනකම්ම ඉන්න උනා. හෙට මහින්ද රනිල්ගෙ පැත්තට ආවොත් මහින්දද නියම බෞද්ධයකු වනු ඇත. නැත්නම් මහින්ද ජාතිවාදියෙකි.

      Delete
    3. එහෙම පිස්සුවක් කලින් නම් තිබුනා. ඒ පිස්සුව ඉවරයි.. එහෙත් ගිලි කෑ ගැරඬි තවමත් එහෙ මෙහෙ ඇදෙයි..

      Delete
  24. අපිට තව මහින්ද කෙනෙක් කොහොමත් අවශ්‍ය නැහැ.අපිට ඕනේ නායකයෙක් මිසක් නළුවෙක් නෙමේ.ඊගාව මහා මැතිවරණේ ජවිපෙ එකට දෙන්නයි මම හිතන්නේ.මොකද මෛත්‍රීත් මහින්දගේම පාරේ යන්න හදනවා නම් එකට විරුද්ධ ශක්තිමත් හඩක් ඕනේ නිසා.

    ReplyDelete
    Replies
    1. අපි නම් අලියට... ජෙප්පෝ නෙක්ස්ට්....

      Delete
    2. මනෝජ් නලුවො සාමාන්‍යෙන් ඇඳගන්නවා නේද චරිතයට අනුකූලව..

      Delete
  25. මෛත්‍රී සැලැස්මක් ඇතුව, නැවතත් කියනවා නිසි, දිගුකාලීන, විශ්වසනීය, සැලැස්මක් ඇතුව වැඩ නොකලොත්, කොහාට විසිවෙයිද කියලා හිතාගන්නවත් බැරිවෙයි. හැබැයි මම විශ්වාස කරනවා, මෛත්‍රී පිළිවෙලකට වැඩ කරයි කියලා.

    ජනරාල්ට මොකක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. ජෙනරාල් ඩිෆෙන්ස් සෙක්‍රටරි...

      Delete
  26. මෛත්‍රී දැන් කොහොමත් ගොඩ. ඔහුට ජනතාවට දැනෙන දෙයක් කරන්න තවත් කාලයක් තියෙනවා. ඔහු පත්වුනේ අවුරුදු 6කට නිසා. මන් හිතන්නේ නෑ එක පාර කියපු දේවල් කරගෙන යන්න පුලුවන් වෙයි කියලා.

    ඒත් දැන් අගමැති වෙන්නේ රනිල්. රනිල් එන්නේ දවස් 100කට. ඒ කාලය තුල ඔහු කරන කියන දෑ මිනිස්සු බලන් ඉදලා ඔහුට ඊලඟ ආණ්ඩුව බාර දෙනවද නැද්ද කියලා හිතලා බලයි. මෛත්‍රීට බලතල තිබුණත් රනිල් ඒවා පාවිච්චි කරයි.

    යූ එන් පී කාරයන් මෛත්‍රීට වතාවේ චන්දේ දුන්නේ ඔවුන්ගේම ආණ්ඩුවක් දකින්න ඕනේ නිසා. මේ ඒකට වෙලාව. වෙන විදියක් නෑ බලයට එන්න තව කාලෙකට සජිත් වගේ මිනිස්සු පක්ෂයේ ඉන්නකම්. ඔහු බුද්ධිමත්. ඒ හින්දා රනිල්ට හුගක් හිතලා වැඩ කරන්න වෙනවා ඔහුව වට්ටන්න කකුලෙන් බලන් එවුන්ගෙන් බේරිලා. මොකද මේ වෙලාවේ රටට ඕනේ ඒ වගේ මනුස්සයෙක්.

    මන් කැමතියි මාතලන්ගේ ඊලග ලිපිය රනිල් අගමැති වීම ගැන වෙනවානම්.

    ReplyDelete
    Replies
    1. සජිත් කලබල විය යුතු නැත. ඔහුට උන් අභියෝග ඔහුගේ සට කපට ඥානයෙන් ඉවත් කළේය. ඊලඟ නායකත්වය ඉර හඳ මෙන් විශ්වාසය.

      ඊළඟ ළිපිය ගැන මතක් කලාට ස්තූතියි.. වෙනම ළිපියක් ලියලා තිබෙද්දි මේක දැම්මේ.. ඒ මෙත් මල් පිබිදේවා කියලා.. නමුත් මහින්ද මහත්තයා අවුලක් නැතිව බලය ලබා දීම පිලිබඳව අපේ ගෞරවය ඔහුට හිමි විය යුතුයි.

      Delete
  27. 100% එකගය. නමුත් තවම ඉවර නැත. මක්නිසාද යත් නියම ගේම් එක පටන් ගන්නනේ තව ටිකකිනි. යහපලයනක් සදහා වන වියාපාරය තවදුරත් ඉදිරියයට ගෙන යායුතුය.
    දින 100 ගෙන නම් විශ්වයයක් නැත. සිරා කොහොම හරි කොමිෂන් ටික හරි දැම්මොත් ඇති. එත් UNP SLFP හොර සෙට් එක අල්ටුත් ආණ්ඩුවට එන එක අපි කොහොම හරි නවතන්න ඕනය . නෙත්නම් මේ election එක සිගිති අතල් එකක් වෙනු ඇත.
    මාතලන් සිතන පරිදි සරත් ෆොන්සේකා සහ ශිරාණි බණ්ඩාරනායක යළි පත් කල යුතුද ? ඒ සදහා ජනාදිපති බලතල බාවිතා කරන එක පොඩ්ඩක් අවුල් නේද ? BBS එක තහනම් කලොත් මොන වෙනද පුලුවන්ද ? මම නම් එකට පට්ට කැමතිය

    ReplyDelete
    Replies
    1. ජෙනරාල්ගේ හා ශිරාණිගේ තනතුරු කිසිම කොන්දේසියකින් තොරව යලිත් ලබා දිය යුතුය. ඔවුන්ට සිඳු වූයේ බරපතල අපරාධයකි.

      බොදු බල සේනා ඉබේම අහෝසි වී යනු ඇත. සිංහලයාටවත්, බෞද්ධයින්ටවත්, තම්බින්ට හෝ දෙමළුන්ටත් වෙන වෙනම නායකත්වයන් අවශ්‍ය නැත. නායකයන් අවශ්‍ය සියළුම ලංකිකයන්ටය.

      සිවුරු හොරුන්ට පිස්සු කෙලින්න දුන්නොත් යලිත් සිඳුවන්නේද මෙයමය.

      Delete
  28. ෙෙමත්‍රීය යතාර්ථයක්ම වූෙව්ය. යම් ෙහයකින් මහින්ද දිනුවානම් 09 වන දින ෙමෙස් සාමකාමී ෙනාවනු අැත.පිල් මාරුවුවන්ෙග් කුඩුම්බයන් ෙසායා ලැනීමට ෙනාහැකි වනු අැත.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මදාවියෝ මේ රට වනසලා මේ වෙනකොට. මහින්දගේ වේදිකාවේ තිබුනේ සම්පූර්ණ වෛරය පමණි.

      Delete
  29. සමහරු තාමත් ජාතිබේද වපුරන්නයි හදන්නෙ. උතුරෙ උනත් දකුණේ උනත් චන්ද දුන්න ඔක්කොම ලාංකිකයො.. අපි යන්නෙ ඕනෙ ඒ විදිහට හිතන රටකටයි.. එහෙම නැතුව බේද අරං බොරු සතුරො මවල මරාගන්න තැනකට නෙවෙයි.. අපේ ලොකුම සතුරා ජාති ආගම් බේදයි.. යුද්දෙන් පස්සෙ මහින්ද මහත්තයාට ලැබුණා වගේම අවස්ථාවක් මයිත්‍රී මහත්තයටත් රනිල් මහත්තයටත් ලැබිල තියෙන්නෙ.. ඔවුන් ඒක හරිහැටි වටහාගෙන ඉදිරියට ගියොත් රට ගොඩ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ්ක ඔප්පු කරල ෙපන්නුවා ෙම් ඡන්දය

      Delete
    2. මහින්දට කඩේ ගිය උන් පරාජයෙන් වියරු වැටී, යලිත් ලේ ගංඟාවෝ වල පිහිනීමට තැත් කරයි. උන් ඒ තරම් මන්ද බුද්ධිකයෝය. ආන්ඩුවේ ගුලි එකසිය ගානට කාපු මී හරකුන්ය. උන්ට ඔළුව ඉස්සීමට අප නම් ඉඩ දෙන්නේ නැත.

      Delete
  30. ධූරෙය් සිටිද්දී පරාද වු පළමු ජනපති.....ශ්‍රී ලාංකීය ෙද්ශපාලන ඉතිහාසෙය් පළමු වාර්ථාවයි

    ReplyDelete
    Replies
    1. දෙවන ජනපති සිරිසේන නොවේවා යන්න අපගේ එකම පැතුමයි...

      Delete
  31. ඉවසාපන් මාතෙ
    තව අනාවැකි කියන්නට තරං කල් වැඩිය
    කෝමත් මේ කැද හැලිය බෙදාගන්නකොට කෝම වෙයිද කියලා කියන්න බැරිය
    ඊටත් අපේ සම හරක් මුස්ලිම් උං දෙමළ උං (අපහාසයට නෙවී) පට්ටය උං සිරා පොරවල්ය කියන්නේය
    ඒත් කවදාවත් උං අපිට සිරා කියන්නේ නැත
    අපිට කෙලවන්නට හම්බෙල පළවෙනි චාන්ස් එකෙන්ම උං ඒ වැඩේ කරල දාන්නේය...
    හුගක් උං ඒ දෙවර්ගය ගැන හිතා තියෙන ෆැන්ටසිය ඒ තරං සුන්දර නොවන බව ඉක්මණටම වැටහේවි
    බලමු එදාට....
    එතෙක් ඉවසපං පපුව කියල තියන කෙනෙක්ට ලෙසටම කියන්න ඇරල අපි පැත්තකට වෙන්නේය
    මට දුක (මට පමණක් නොව) සම්පූර්ණම ඒක පාක්ෂික වෙන සබරගමුවට ගොම ගෑ මාවනැල්ල ආසනය ගැන පමනි...
    ඒ ඔක්කම අතහැරියත් අර මාරෙ කියනවා වගේ උතුරු නැගෙනහිර නැත්තං සිරාට ඇපත් නැත
    ඒ ගැන නං කතා දෙකක් නැත...
    දැං ගියදේ ගියේය... වෙන දේ බලං ඉන්නව හැර කරන්නට දෙයක් නැත.... මොකද කියනව නං මේ පාට පාට හැම තැනම ගාගත් එහාට මෙහාට කොහාටවත් නැති ස්ථිර ප්‍රතිපත්තියක් නැති සිරා වගේ පොරකට අපි මුල ඉදලාම කැමැත්තක් නොදැක්වූ හින්දාය
    අනික දුක හූ ඇංපී උං ගැනය.. උං කොල පාට එකෙට්ට කියා රැවටී චන්දය දුන්නේ කටුස්සෙක්ටය
    ඌත් අර කරේ රත්තරං බැන්ද එකා වගේ නොවේදැයි ටක්කෙටම කියන්නට කාට හැකි වේද...
    කෝමත් මහ මැති වරණය එනකං මෙයාල සයිලන්ට් වෙන එක නං අහන්නට දෙයක් නැති..


    ReplyDelete
    Replies
    1. පුතා, මමත් හූ ඇංපී. නමුත් මම නම් දුන්නේ පාටකට නොවේය. මේ මජර පාළනය අවසන් කරන්නට ය. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයය. මේ පාළකයා ද නොගැපෙන්නේ නම් ඔහුද ගෙදර යවන්නට අප පසුබට නොවිය යුතුය. ජනතා බුද්ධිය හෑල්ලුවට ලක් නොකරන්න.

      Delete
    2. උඹලාට ආන්ඩුව දුන් ගුලි තවමත් වැඩ කරයි. ඉක්මනට බඩ විරේකයක් ගනින්. නැත්නම් ඔය ඉනා බේත් උඹගේ පරම්පරාවම විනාශ කරනු ඇත. අප ජාතිවාදියෝ නොවෙමු. මාරයා මාර පරාජයෙන් පිස්සු වැටි ඇත. අප ඔහුට අනුකම්පා කරමු.

      ඔබ වන් ජාතීවාදීන්ට මෛත්‍රී කරමු..

      Delete
    3. මහෙෂ් පොඩ්ඩක් හුස්මක් කටක් ඇරන් සද්ද නැතිව ප්‍රේක්ෂකයෙක් වෙන්න.

      හොදම නියැදිය සබරගමු පළාත නේද රිසර්ච් එකකට?
      :)

      Delete
    4. සුළු ජාතීන් සංවිධානාත්මකව ඡන්දය පාවිච්චි කිරීමේ භයානක කම නිසා විධායක ජනාධිපති ක්‍රමය රටට හානිකර බව මටද සිතේ.එහෙත් අගමැති ක්‍රමයක් තුල බිහිවන දුර්වල ආන්ඩු නිසා රට කොහාට යයිද සිතන්නට බැරිය.එසේ දුර්වල ආන්ඩු බිහිවුනොත් ලංකාවේ අනාගතය තීරණය කරන රිමෝට් කොන්ට්‍රෝල් එක බවට දෙමළ සංධානය පත් වනු ඇත.
      ජයග්‍රාහී දෙමළ මුස්ලිම් ජාතිවාදීන්ට සුබ පැතුම්

      Delete
    5. දෙමළුන් කියන්නේ මේ රටේ ජනතාව නොවේද?

      Delete
  32. නියම කතාව. ඒ වගේම ඔබේ නක්ෂත්‍ර හැකියාවටත් සුභ පතනවා. නාගමුව 50000 කට වඩා ගන්නේ නැති කිව එක. ජවිපෙ චන්දවත් හම්බ වෙලා නැහැ.

    ReplyDelete
    Replies
    1. එහිත් යම් කිසි සත්‍යයක් තියෙනවා.. නමුත් ඊට වඩා ජන මතය බලවත්.. සුමනදාසලාට, බන්ඩාරලාට සිඳු වූයේ ජෝතිෂ්‍යද වෛශ්‍යා වෘත්තියේ යෙදවීමට යාමයි. මහින්ද මහත්තයාට දරුණු ඒරාෂ්ඨකයක් පවති. ඔහු බොහෝ රෝග පීඩාවන්ට ලක් විය හැක. මාරක අපලද බොහෝය.

      Delete
    2. කන්‍යා ලග්නයෙන් උපන් ඔහුගේ ජන්ම ඒරාශ්ඨකය අවසන් වී ඇත.ඊලඟට එන අශ්ඨම ඒරාශ්ඨකයට තව බොහෝ කල් ඇත.දේශපාලන ලෝකයේ ප්‍රවනතා දෙස බලා කේන්දර විග්‍රහ කළ නොහැක.

      Delete
    3. මාතලන් මහින්ද මහත්තයාට අවුරුදු හැත්තෑවක් විතර නේද?

      "මහින්ද මහත්තයාට දරුණු ඒරාෂ්ඨකයක් පවති. ඔහු බොහෝ රෝග පීඩාවන්ට ලක් විය හැක. මාරක අපලද බොහෝය."

      අමුතු අපල මොකටද හැත්තෑවක් සේෆ් රවුන්ඩ් එකක් රන් කරපු එකම මදිද?
      මම දන්න බොහෝ ලාංකිකයන් ඊට වඩා අඩු වයසකිනුත් මිය යනවා සාමාන්‍ය විදියට. ( අපහාසයක් හෙම නෙමෙයි)

      Delete
  33. මන් දෙන්න පටන් ගන්නේ මරවියයි උගේ පුතයි වෙල්ගමයයි ගත්තොත්.

    ReplyDelete
    Replies
    1. මම හෙට ලිස්ට් එකක් දානවා නව රජයක් තුල අප නිදැකිය යුතු චරිත.. ඒකට මේ නම්ද ඇතුලත්..

      Delete
  34. Maathalan - Priyantha HewageNovember 21, 2014 at 12:28 AM

    ධම්මික පෙරේරා පරද්දලා ඩඩ්ලි සිරිසේන ලංකාවේ සල්ලිකාරයා වෙයි.. ඒ වගේ පොඩි පොඩි වෙනස් කම් නම් ෂුවර් එකටම වෙයි.

    ඒක නෙවේ බන්, ඩඩ්ලි ලංකාවේ ලොකුම පෝසතා වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඒවා කියන්න බෑ.. එහෙම නොවෙයි කියලා ගැරන්ටි දෙන්නෙත් නෑ... එදාට ඉතින් මෙයාටත් අබ සරණයි...!!!!

      Delete
  35. අමතක කරන්න එපා අපි මහින්ද පැරැද්දුවේ මෛත්‍රීපාල ජනාධිපති කරන්න නෙමෙයි... ජනාධිපතිධූරය දින 100කින් නැති කරන්න... ජනාධිපති ක්‍රමයට විරුද්ධව ශක්තිමත් හඩක් ඕනේ !!!! සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසoස්කරන වලට ඉක්මනින් යොමුවිය යුතුයි

    ReplyDelete
    Replies
    1. මාතලන් ජනපති ක්‍රමයට පක්ෂයි...

      Delete
    2. මම ජනපති ක්‍රමයට විරුද්ඩ නමුත් මාතලන්ගේ කැමත්තට ගරු කරනවා

      Delete
    3. නමුත් තිබුන මජර සක්කිලි ක්‍රමයට නෙමෙයි.. පස්සෙ වෙලාවක ලියන්නම්..

      Delete
    4. අමතක කරන්න එපා අපි මහින්ද පැරැද්දුවේ මෛත්‍රීපාල ජනාධිපති කරන්න නෙමෙයි... ජනාධිපතිධූරය දින 100කින් නැති කරන්න// අනිවාර්යයෙන්ම, ඔහුට ලැබුන ඡන්දයක් එතන නෑ.හත්මාලුව වගෙ අච්චාරුවක්.වැඩිපුර තියෙන්නෙ තමන්ට ආන්ඩුවක් ඕන කරපු එජාප ඡන්ද. සියල්ලන්ගේම පොදු අරමුණ විධායක ක්‍රමය අහෝසි කිරීම

      Delete
  36. සුදුස්සාට සුදුසු තැන ලැබෙන මෛත්රී පාලනයකට පෙලගැසෙමු!!!
    ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාට ජයවේවා!
    අනාගත අගමැති රනිල් වික්රමසිංහ මැතිතුමාට ජයවේවා!!
    අනාගත දිනමිණ කතෘ අජිත් පැරකුම් ජයසිංහ මැතිතුමාට ජයවේවා!!!

    ReplyDelete
  37. හකීම්ගෙ ඉල්ලීම් වලට, බටහිර බලපෑම් වලට පයින් ගසා ගෙදර ගිය මහින්දට අපිනම් ගරු කරනවා.

    ReplyDelete
    Replies
    1. බොරුවෙන් මුලා වූ අම්බරුවෝ...

      Delete
    2. රට බේරා ගෙන සුළුජාතික ජාතිවාදී ඉල්ලීම් වලට නැමෙන්නේ නැතිව චන්දයට වඩා රට අගය කළ ඔහු අනාගත පරම්පරාවල් විසින් සිහි කරනු ඇත.දෙමළැ මුස්ලිම් ජාතිවාදය සතුටු කළ බටහිරට ගැති වුනා නම් ඔහු සදාකල් ජනපතිය.
      එහෙත් ඔහුට පළමුවත් රට දෙවනුවත් රට තෙවනුවත් රට විය.

      Delete
    3. පච මන්තරේ.. එයා කොටි එක්ක නටපු නැටිලි නොදන්න අම්බරුවෝ..

      Delete
  38. මෙන්න මගේ කාලීන දේශපාලන විග්‍රහය පැමිණ කියවා අදහස් දක්වන්න

    ReplyDelete
  39. මහින්ද කාපු සෙට් එක
    සරණ, බැසිල්, දුමින්ද, මර්වින්, නාමල්, S.B, වෙල්ගම, ලන්සා

    ReplyDelete
  40. Sa Rasa, මාතලන් බ්ලොග් ලිවීම නවතා, එය ඔබට බාරදීමට බලාපොරොත්තුඉවෙන් සිටියි. ඉන්නා තැනකින් වහාම පැමිණ මේ අඩවිය භාරගන්න.

    සැයු - දුමින්ද නාගමුව සමග පැමිණීම අනිවාර්‍යයි.

    ReplyDelete
    Replies
    1. හොයා ගන්නත් නෑ.. විමල් උපදංශ වගේ...

      Delete
  41. මම නම් ජන්දෙන් දැක්ක ලස්සනම දේ මීගමුව රටට කුඩු ගේන දොර කරලා මිනිස්සුන්ට බඩු බෙදලා සල්ලි බෙදලා වෙස්සන්තර වෙන්න ගිය ලන්සට ජන්ද 28000 පරතරේකින් හොද පාඩමක් උගන්නපු එක,,,මම ක්‍රෙඩිට් එක රන්ජට දෙනවා ඒකට නම්,,උගෙ වාචාල කට තිබ්බට වටේටම ඇවිද්දා පල්ලි ගානෙ ඉදන්ම,,අනික් පාඩම තමා කුරුනෑගලින් ජොනියට හම්බුනේ..ලන්සලා,ජොනියල්ව ලන් කර ගත්තොත් සිරාටත් අබසරනම තමා අවුරුදු 6 ගෙදර

    ReplyDelete
    Replies
    1. කුඩ්ඩෝ එතනෝල් හා මිනීමරුවෝ එක්ක නටනවා නම් මෙයාටත් මේකම තමයි... මේ රටේ මිනිස්සු ගේම දෙන්න ඕන වෙලාවට දෙයි...

      Delete
  42. මෙවර ජනාධිපති වරණයේ ප්‍රතිපල ගැන ඔබට සැකයක් නැද්ද ? S .B පුන පුනා කීවේ හොර චන්ද දමන ක්‍රම දන්නවා , කියා මීට පෙර වතාවල් වලත් මෙය සිදු කළා කියලාය . එසේනම් මෙවරද එය නොකලා කියා කියන්නේ කොහොමද ?
    මෙවර සමස්ත ප්‍රකාශිත චන්ද ප්‍රතිසතය 81.5% මෙය සිදුවිය හැකිද ?
    කළුතර දිස්ත්‍රික්කය 84.73% කි . හම්බන්තොට 84.13% , මාතර 83.36%, කුරුණෑගල ,83%, නුවරඑළිය 81.27% මේ ආදී වශයෙනි . මෙපමණ ප්‍රතිසතයක් චන්ද ප්‍රකාශ කළා කියා , පිළිගත හැකිද ? අපට සිතිය හැක්කේ බලයේ සිටි අය කිසියම් දුෂණයක් කළා කියා නොවේද ?

    ReplyDelete
    Replies
    1. ඔබ මේ මහ පොළොවේ ජීවත් වන්නකු නම් සිඳුවූ දේ එම දිනයේ දෑසින්ම දකින්නට ඇත.

      Delete
  43. සියලු ජාතීන් ශ්‍රීලාංකිකයන් ලෙස සැලකිය යුතුය.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න