.

.

Mar 18, 2015

බොම්බයි මුටයි.. (23+) - Cotton Candy


හැම එකාම පැරණි රසාංගයි, "අපි වවමු... රට නඟමු..." වැඩ සටහන ගැනයි ලියන කොට, පොලිට්‍රික්ස් ලිවිල්ල පැත්තකට දමා, එයින් එකක් ලියාගෙන ඉන්න හිතෙනවාය. හැම එකාම කියන්නා වාගෙ කලටි පොල් මළදානෙත් දැන් අරහං වෙන තරමටම එපා වෙලාය. ඒ ආන්ඩුව ගැන කලකිරිලාම නොවේ. අවුරුදු 20 ක් හොරා කාපු උන්ගේ බයිලා අහගෙන ඉන්න බැරි හින්දාමය. කොහොමින් කොහොම හරි නොස්ටැල්ජියා කේස් එකක් කාළෙකින් ලිව්වේ නැති නිසාත්, කලින් කිව්වා වගෙ හැම එකාම වාගේ පැරණි රසාංග දෙන නිසාත්, ඒ කාළේ නොව, අදත් මාතලන්ගේ ප්‍රියතම කෑමක් ගැන ලියලා දාන්න ඕනෙයි කියලා හිතුනාය.

අපි පොඩි කාළේ අද පොඩි උන් කනවා වගේ පොරින් කෑම ජාති තිබුනේම නැති තරම්ය. රට චොකලට් එකක් ටොපියක් කෑවේ, නොරට පදිංචි වෙලා ඉන්න එකෙක් හරි ඉගෙන ගන්න ගියපු එකෙක් හරි උස්සගෙන ආපු වෙලාවක විතරය. ඒ කාලේ මිඩිලීස්ට් ගියපු උන් හිටියේ නැතිය. කෑම බීම වලින් නම් බැලුවොත්, අපි තරම් පවු කරපු පොඩි උන් හිටපු කාළයක් නම් මේ ලංකාවෙ තියෙන්න නැතිව ඇතිය. ඒකට හේතුව උනේ 70-77 කාළේ තිබුන  මිරිස් නැතිව හොදි කාපු, සීනී නැතිව තේ බීපූ, අම්මාගේ ආන්ඩුව නිසාය.

පොඩි කාළේ තිබුන පැණිරස කෑම ජාති අතරින් ප්‍රියතම ඒවා වූ බුල්ටෝ, තල කැරලි, පොල් ටොපි, හූණූ බෙටි, ජුජුබ්ස්, අයිස් පලම්, රුලං කේක්, වගේ ඒවා අතරේ, මගේ ප්‍රියතම කෑම උනේ බොම්බයි මුටයිය. අදෙයි කියලාත් වෙනසක් නැතිය. ඔය උඩ තියෙන පින්තූරේ.., පොඩි කාළේ කැමති කෑමයි, දැන් කැමති කෑමයි, දෙකම තියෙනවාය. සමහර උන් නම් දැන් කාළේ කන කෑමට කියන්නේ, "ක්‍රෑම" කියලාය. නමුත් ඒ නම යොදන්නේ, බලය හෝ මුදල අයුතු ලෙස යොදවා එහෙම කෑම කන එකටය. හිටපු සජ්ජුරුවොයි එයාගේ ගෝලයොයි මේ ක්‍රෑමට නම්, කප් ගසාපු උදවියය.

ඔය කලින් කියපු රස කැවිලි ජාති ඔක්කෝම වගේ කඩවල් වල විකුනන්න තිබුනත්, බොම්බයි මොටයි කඩවල වල විකුනන්න තිබුනේ නැතිය. බොම්බයි මොටයි අරගෙන ආවේ පට්ට ආතල් ඩයල් එකක්ය. ඒ කාළේ ගෙවල් වලට එන තම්බිලා තුන් දෙනෙක් උන්නේය. එකෙක් කෑ ගහගෙන ආවේ, "පරණෙයි... කෝ..ට්..." කියාගෙනය. එහෙම කෑ ගහගෙන ආවාට ඒ යකා ගෙනාපු පරණ කෝට් එකක් නැතිය. ගෙනාපු තරම් ගෙනාවේ ප්ලාස්ටික් බඩුය.

පොඩි කඩයක තියෙන තරම් බඩු ප්‍රමාණයක්, මේ යකා තනියෙම උස්සාගෙන ආවේ කොහොමද කියා, අදටත් මට හිතා ගන්නට බැරිය. අර ඉලාස්ටික් බඩු දැක්කාම ගෙදර තියෙන අළුත් කෝට් හිටන් දීලා කුණු ඉලාස්ටික් කෑල්ලක් ගන්න එක ඒ කාලේ බවලත් උදවියගේ එකම සිහිණයය. මොකෝ ඒ කාළේ තිබුනේ බෙලෙක් පිගන් කෝප්ප නිසා ප්ලාස්ටික් කියන්නේ සුපර් ලක්සිරි සීන් එකක් නිසාය. සමහර් තම්බිලා ප්ලාස්ටික් බඩු දීලා, සමහර බවලත් උදවියගේ ජංගි වල ඉලාස්ටික් ගලවන්න ගිහින් සිද්ද උන ජරමරත් ඒ කාළෙ තිබුනේය. ඒකට හේතුව උනේ තම්බිලා වෙළදාමට වගේම, බඩු ගැහිල්ලටත් කප් ගහපු උන් නිසාමය.

ඔය පරණ කෝට් කාරයෝ ගැන ලස්සන සින්දුවක් අපේ ප්‍රෙඩී සිල්වා උන්නැහේ කියනවාය. කැමති කෙනෙකුට ඔරිජිනල් ෂෝ එකත් එක්කම සින්දුව මෙතනින් බලා ගන්න පුළුවන්ය. ගමට ආපු දෙවනි තම්බියා උනේ අරුමෝසම් බඩු කාරයාය.

ගම ආපු අනිත් තම්බි මහත්තයා උනේ, බොම්බයි මොටයි කාරයාය. ඒ යකා ආවේ අද වගේ කලිසමක් හෝ සරමක් ඇඳලා නොවේය. (ආයෙත් බොම්බයි මොටයි කාරයෝ, කොළඹ ප්‍රදේශයේ බොහෝ පෙදෙස්වල ඉන්නවා මාතලන් දැකලා තියෙනවාය.) අද වගේ සුපරිස්ටාර් ෂෝ නැති කාළයේ, බොම්බයි මොටයි කාරය ගමට ආපු සුපරිස්ටාර්ම උනේය. පොර සැරසිලා උන්නේ මයිකල් ජැක්සන් කලිසමකින්ය. එක්කෝ දිස්න ගහන රෙද්දකින් මහලා තිබුනාය. එහෙම නැත්නම කලිසමේ පිට වාටියට සිරස් අතට ඉරි තුනක් අල්ලලා තිබුනාය. කමීසය අත් දිග එකක්ම විය. මෙයත් දිලිසෙන කමිසයක්ම විය. 

එයිට උඩින් ජැක්ට් එකකි. අදත් මගුල් ගෙවල් වල කෝට් එකට යටින් මේ ජැක්ට් ඇඳලා ඉන්න උන් දැක්ක ගමන් මට මතක් වෙන්නේ බොම්බයි මොඩයි කාරයාමය. අපේ පවුලෙත් බොම්බයි මොටයි කාරයෝ කීප දෙනෙක්ම ඉන්නවාය. එකෙක් නම් නියමම බොම්බයි මොටයි කාරයාය. මොකෝ ඌ ජැකට් එකට උඩින් කෝට් එක අඳින්නේ නැතිය. මේ යකාට වටිනාකමක් නැතිව ගියේ. මඟුල් ගෙවල් වල 70, 80, තීම් වලට අඳින්න පටන් ගත්තායින් පස්සේය. ඒ කාළේ හිටියේ මොළේ කචල් එකම එකෙක් උනාට. අද ගොඩක් උන්ගේ මොළේ කචල් වෙලාය. ඔය තීම් එකට ඇඳන් එන්න කියන මඟුල් ගෙවල් වලට මාතලන් යන්නේ නැතිය. ඒ එක එකාට ඕනා විදියට අඳින්න කරන්න, මාතලන් පොඩි කාළේ ඉඳන්ම කැමති නැති නිසාය. යනවා නම් යන්නේ මට ඕනා විදියටය. උන්ගේ මොළේ කචල් කියා. මට එහෙම කර ගන්න උවමනා නැතිය.

ඔය ජැකට් එකේ, එක එක සිකුවින්ස් ජාති වලින් එක එක ජාතියේ මෝස්තර දාලා තිබුනාය. තම්බි නිසා උන් උන්නේ රැවුල් වවලාය. ඒ කියන්නේ උඩු රැවුලයි යටි රැවුලයි දෙකමය. පහළ රැවුලත් බින් ලාඩන්ගේ වගේම වවලාද කියන්න දන්නේ නැතිය. පිරිමි තම්බි හැම තැනම වවාගෙන උන්නාට, ගෑණු තම්බි නම්, පුසාගේ බයිල් ටිකත් මාලා දානවාය. ඒකෙත් අමුතුම ආතල් එකක් තියෙනවාය.

ඔළුවට දමා උන් ඕනා අතකට හැරෙන තොප්පියත්, සීකුවින්ස් අල්ලා අගේට සරසලා තිබුනේය. බොමබයි මොටයි වගේම බොමබයි මොටයි කාරයත් දිවිය ළෝකෙන් බැහැලා වාගේ පෙනුනේය. පොර කවදාවත් අර පරණෙයි කෝට් කාරයා වාගේ කෑ ගැහුවේ නැතිය. ඒ උනාට පොර හැතැක්මක් විතර ඈත උන්නත්, ඉන්නා දුර දැන ගත්තේ, ඒ යකා ළඟ තිබුන දෙවියෝ වඩම්මන සීණුව නිසාය. මේ සීණුවෙන් ඉන්නේ ඉතා මිහිරි නාදයකි. මාතලන් පොඩි කාළයේ මුන්නේස්වරම් කෝවිලට ගිය වෙලාවෙත්, පූසාරි මේයින් සීනුවක් ගහනවා දැකලා පොඩි මාතලන් හයියෙන්ම ඇහුවේ, කෝ තාත්තේ මේ බොම්බායි මුටයි කාරයා ළඟ බොමබයි මුටයි නෑ නේ කියලාය. මොකෝ කෝවිල් වල පූසාරිලත් ගහලා ඉන්නේ මරු කිට් එකක් නිසාය. 

දිවිය ළෝකයේ නිශ්පාදනය කර, බොම්බයි මොටයි කාරයා අතේ මිනිස් ළොවට එවපු මේ දිව්‍ය භෝජනය තැනපත් කරලා තිබුනේ යකට පෙට්ටියකය. ඒකේ කට රවුම්ය. එක පැත්තක් වීදුරුවකි. ඒ වීදුරුව තුලින් දිවිය ළෝකය ඉතා පැහැදිලිව පේනවාය. දිවිය ළෝකය සෝස පාටය. ශත 10 ක පහළොවක පත්තර කොල කෑල්ලකට දෙන බොම්බයි මුටයි වලට, අපේ තාත්තලා කිව්වේ "සීනී පොල් කොහු" කියලාය. ශත 25 ක ගත්තොත් නයිස් එක හතරට කඩා ඒකේ උඩ තියලා දුන්නේය.

නයිස් විත් බොම්බෙයි මුටයිස්
නයිස් කිව්වේ තෝසයක් වගේ ප්‍රමාණයේ විසිතුරු පාට පාටින් පිරි පත්තර කොලයක ඝනකම ඇති ප්‍රණීත බිස්කට් එකක් වැනි කෑමකි. මේ දෙවර්ගයම හදන්න ගන්නේ සීනී, ඇමරිකන් පිටි, පොල්තෙල්, හා බිත්තර පමණි. බොම්බයි මුටයි පත්තර කොල කෑල්ලට හෝ නයිස් එක උඩ තියන එකත් ලේසි වැඩක් නෙමේය. ඒකට හේතුව සීනි වලින් හදපු කෑමක් නිසා තැරවුන තැරවුන තැන්වල ඇලෙනා හේතුවය. පෙට්ටියේ උඩ ඇති රවුම් කවුළුවෙන් අත දමා, සීනී පොල් කොහු ස්වල්පයක් අතට ගෙන, අත එහෙට මෙහෙට ගසයි. එවිට අතේ ඇති බොම්බයි මොටයි ප්‍රමාණය ඉඹේම වැඩි වෙයි. 

සෙනඟ පිරි ඉන්නා තැනක නම් සීනුව වයමින් පොඩි ඩාන්ස් එකකුත් දානවාය. ගොඩාක් වෙලාවට කිව්වේ මොහිදින් බෙග්ගේ සින්දුවකි. ඒ එයත් තම්බියෙක් නිසා වෙන්න ඇතිය. කොහොමින් කොහොම හරි බොම්බයි මොටයි කාරයෝ නැත්තටම නැති වෙලා ගියේය. දැන් අළුත් කඩේ පැත්තේ තැන් දෙක තුනක ආයෙත් හදනා බව මාතලන්ට බොමබයි මොටයි කාරයන්ගෙන්ම දැන ගන්න ලැබිනි.

තුර්කියේ බොම්බයි මුටයි ඩාන්ස්
බොම්බයි මොටයි නැති උනාට, කොටන් කැන්ඩි (Cotton Candy) මැෂින් නම් ජේ ආර් පප්පාගේ කාළයේ හැම තැනටම ආවත්. ඒවායේ බොමබයි මොටයි වල ඔරිජිනල් රහ තිබුනේ නැතිය. ඒත් දැන් නම් පරණ රහට, ඉස්සර රහටම ඉස්තරන් බොම්බයි මොටයි තියෙනවාය. ඒත් අර බොම්බයි මොටයි කාරයාගේ කිට් එක නම් නැතිය. ඔය කිට් එක බලන්න නම් තුර්කියට යන්න වෙනවාය.

මාතලන් ඊශ්‍රායලයේ ඉන්නා කාළයේ නිවාඩුවක් සඳහා තුර්කියට ගිය වේලේ, කල්චරල් ෂෝ එකක්ද බලන්න ගියේය. ආන් එදා නම් ඉස්ටේජ් එක උඩ ඕනා තරම් බොම්බයි මොටයි කාරයෝ උන්නේය. සමහර විට බොම්බයි මොටයි වලට බොම්බේ වගේම තුර්කියෙත් සම්බන්ධයක් තියෙනවාද කියා දන්නේ මේවා ගැන කෙලවරටම හොයනා උන් විතරය. ( මැද පෙරදිග රටවලද බොම්බයි මුටයි වැනි ටොපි ජාති තිබුනත්, අපේ රහට වෙනමම බොමබයි මුටයි නම් ඇත්තේම නැතිය.)

මට බය තියෙන්නේ රහමෙර ගැන ලියලා, ඒවාට පබ්ලිසිටි දෙන්වා කියලා අම්මමෝ නැතිව බනින උන්, බොම්බයි මොටයි ගැන ලියලා, ලංකාවේ දියවැඩියාව වර්ධනය කරනවා කියලා බන්යිදෝ කියලාය. කෙසේ හෝ අවංකවම කිව යුත්තේ, මේ පෝස්ට් එක සඳහා සිරි ලංකා දියවැඩියා සංගමයෙන් හෝ දියවැඩියා ඉස්පෙසොලිස්ට්ලාගෙන් කිසිම අනුග්‍රහයක් නම් ලැබුනේ නෑ කියාය.

දිවිය ළෝකය ඉතරක් නොව දිවිය ළෝකයේ කෑම බීමත් මේ ළෝකේම තියෙනවා කියන්නේ මේ බොම්බයි මොටයි වගේ ඒවා නිසාමය. මේවා නොකා නොබී දකින නිවන් මොකක්ද කියලා, මට නම් තේරෙන්නේ නැතිය.

බොමබයි මොටයි කවිය



දිවිය ළෝකයේ හදනා බොමබයි         මොටයි
කෑවම බේර ගන්නට බෑ හොම්බයි         කටයි
අද කාළේ දැක්කම බං බොමබයි         මොටයි
සිහිවන්නේ කෙල්ලන්නේ ......යි         ........යි

-o()o-

92 comments:

  1. බොම්බයි මොටයි තියෙනවා බං... නැත්තෙ නැහැ.. උම දන්නැත්ද අර බයිසිකලේ පිටිපස්සේ ලැගේජ් එකේ ලිපක් ගැට ගහගෙන ඒකේ ඇලුමිනියම් හට්ටිය තියල රත් කර කර “කන්ජි කන්ජි“ කිය කිය කැඳ විකුණන බුවාලා.. පංචිකාවත්ත පැත්තෙ නං තාම ඉන්නවා.. පොරවල්.. කලටිපොල් උඹට එපා වෙන එක අපේ වාසනාවක්ය.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඊයා ජරා කන්ජි :(

      Delete
    2. Nona...! methana kiyala thiyenne eta thiyana kanji eka gaena misak eta nathi eka noweyi. bayawenna kaari netha.

      Delete
    3. හම්මෝ කවුද මේ බබාලා කියන කුණුහරුප කියල සිඟිති ආතල් ගන්න එකා?
      ගෙදර ගිහින් වැලක් බලල අතේ ගහපන් වැහි පොන්නයා.

      Delete
    4. කව්ද බන්ස් කිව්වේ බොම්බයි මොටයි නැතෙයි කියලා.. දැන් තියෙනවා.. ඒත් කාළයක් නැතිවම තිබුනා.. ඒ වගේම ඔරිජිනල් බොම්බයි කාරයා ඇත්තෙම නෑ... පිටකොටුවේ මොනවද බං නැත්තේ... ප්ලේන්ටි විකුණන උනුත් තාම ඉන්නවා...

      Delete
  2. බොම්බයි මොටයි එක්ක අර ඉන්න ඒවත් ෆ්‍රී හම්බෙනවද මාතලං අයියේ?

    ReplyDelete
    Replies
    1. Pinata ...kanna thamaa lankaawe ayyalaata ona

      Delete
    2. චීයා...... මේ යකා අපිවත් වනචර කරනවා...

      Delete
  3. අපේ පැත්තෙත් ඉදලා හිටලා ඩයල් එකක් යනවා...උන්ගේ නම් මේලෝ රහක් නෑ...නිකම් ප්ලාස්ටික් රහක් එන්නේ....
    ඉස්සර නම් පට්ට ඒවා කාලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ප්ලාස්ටික් රහ එන්නේ පිටි වැඩි උනාම.. ඒ වගෙම සමහර ඒවට කෙමිකල්ස් එහෙම දානවලු..

      Delete
  4. අලේ... බොම්බයි මුටයි මගෙත් ප්‍රියතම කෑමක්. නයිස් එකක ඔතලා බොම්බයි මුටයි පෙට්ටියක පුරෝගෙන එන සීයෙක් අපේ ගෙවල් පලාතට මෑතක් වෙනකම් ආවා.දැන් නම් එයා එන්නෙත් නෑ.

    ඔය බොම්බයි මොටයි වලම විකාශනයක් වෙච්චි කොට්න් කැන්ඩි මගේ තවත් ආසාම කෑමක්. වැඩේ ඒක හුළං පුම්බලා නිසා කට තිබ්බ ගමන් ඇකිලිලා යන එක. අනික කොට්න් කැන්ඩි උර දෙකක් අත් දෙකේ අරන් යද්දි අපේ මනුස්සයා මා එක්ක යන්න විලිලැජ්ජයි කියලා ටිකක් ඈතින් යන එකත් හෙනම අවුල.

    ReplyDelete
    Replies
    1. //කට තිබ්බ ගමන් ඇකිලිලා යන එක// thawa kandy jaathiyak thiyanawaa කට තිබ්බ ගමන් expand wena

      Delete
    2. කොටන් කැන්ඩි නම් දැක්කත් අප්පිරියයි..

      මොකාටද අනේ ලැජ්ජා නැත්තේ බෑග් දෙකක්ම උස්සගෙන එන කොට.. මිනිස්සු හිතයි බස්සා බාල අපරාධ කාරයෙක්ය කියලා...

      Delete
  5. //පුසාගේ බයිල් ටිකත් 'මාලා' දානවාය// වැරදිලා

    ReplyDelete
    Replies
    1. eththa. bayil tika maalaa bonchi aete roll on scent gaanawaa

      Delete
    2. අම්මපා... ටයිපින් මිස්ටේක් එකක්...

      Delete
  6. හිස්තැන් අපි පුරවන්නද?

    ReplyDelete
    Replies
    1. කව්ද බං ආස නැත්තේ හිස් තැන් පුරවන්න...

      Delete
  7. ඉස්සර හවස 4 ට විතර ඈත තියා බොම්බයි මොටයි කාරයාගේ සීනු සද්දේ ඇහෙද්දී අපි දුවනවා එයා එක්කන් එන්න වටකරන් එන්නේ,, සමහර දාට උඩ දාගෙන එක්ක ආවට ගෙදර කවුරුත් අරන් දෙන්නෑ.

    ඔය සෝස පාත ෆොතෝ වල ඉම්න අක්කිලා සනීපෙට පෙරලිලා ඉන්නේ බොම්බයි මොටයි ගොඩකද? අපෝ නැගිට්ටට පස්සේ මුළු ඇගම ඇලෙයි . :D

    ReplyDelete
    Replies
    1. බුම්බයි මුටයි වලටද කෙළ වලටද :P

      Delete
    2. හි හි හි හි හි හි හි හි හි හි හකි හිකි

      Delete
    3. ඇලුනත් මොකෑ අනේ බොමබයි මොටයි නම්..
      අනික ඕවා මොනවද අනේ කුණු මාළු කන අපිට...

      Delete
  8. අම්මේ.. බොම්බයි මොටයි... නයිස්... ම්ම්ම්...

    හැබෑට මට නයිස් අමතක වෙලා තිබ්බෙ... ඉස්සර ඉස්කෝලෙට යද්දි රැපියල් 5ක් සහ දෙකයි පනහක් දෙනව අම්ම... යන්න දෙකයි පනහයි, එන්න දෙකයි පනහයි, වැඩිපුර දෙකයි පනහයි... හැමදාම ඔය වැඩිපුර දෙකයි පනහෙන් කඩචොරු කනව... නයිස්ම තමයි... හි හි... සමහර දාට ඔය දෙකයි පනහ මදි වෙලා ගෙදර එන්න තියෙන දෙකයි පනහෙනුත් කනව.. කාලා, ඉස්කොලෙ ඇරුනම අම්මලගෙ මහ ගෙදරට ගිහින් සල්ලි නැති උනා කියල බොරු කියල දෙකයි පනහක් ඉල්ල ගන්නව.. සමහර දාට ගෙදර එන බස් එකට සල්ලි නොදී ඒකත් මාටියා ගහගන්නව.... එන ගමන් වත්තෙ කඩෙං රටකජුවල සීනි උණු කරලා කවර් කරපු මොකද්ද කෑමක් තිබ්බ.. මට නම මතක නෑ... අන්න ඒවා ගන්නව.. සත පනහකට දහයයි... දෙකයි පනහම දැම්මම ගෙදර යනකං කකා යන්න ඇති... හි හි

    ඔය තීම් එකට ඇඳන් එන්න කියන මඟුල් ගෙවල් වලට ///

    අපේ නෑයො කියන උන්ටත් ඔය මළ ඉලවු නැතුව සාමාන්‍ය විදියට ඇදගෙන ඇවිත් ආතල් එකේ කෑම ටිකක් කාලා ජොලියක් දාලා යන්න, ටිකක් පිටිසරට වෙන්න නැචුරල් පරිසරයක පොඩි හෝටලයක් ලෑස්ති කළාම, මුන්ට ඒසී තියෙන හෝල් එකක්ම ඕනෙය කිව්වනෙ බං ඔය කෝට් බෑයවල් ඇඳගෙන එන්න.. අනේ මුන්ගෙ පිස්සු නං මේ ආත්මෙදි නැති කරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. රටකජුවල සීනි උණු කරලා කවර් කරපු මොකද්ද කෑමක් : පැණිරටකජු කියල අපි කියන්නෙ. හම්මේ තාම කන්න පුලුවන් අර ලොකු පැක් එකක්ම තනියෙන්ම.

      Delete
    2. //රටකජුවල සීනි උණු කරලා කවර් කරපු මොකද්ද කෑමක්// //කන්න පුලුවන් අර ලොකු පැක් එකක්ම තනියෙන්ම// dennama posh badu dhekak

      Delete
    3. සීනි සීනි කියලා බලන්නේ නැතුව කජු කෑලි පැකට් කාලක් ඊයේ රෑ කෑමට පසු අනුභව කරපු බව කියා සිටින්නේ ඉමහත් ප්‍රීතියකිනි.

      Delete
    4. අඩෝ වැහි පොන්න ඇනෝ තොට පොෂ් කෙල්ලෙක් භගමනියෙන් පුකේ ඇරලා පස්සේ බුට් දුන්නද?

      Delete
    5. හි හි.. නෑ බස්සියො.. ඒ පැණි රටකජු නෙවෙයි.. හරියට චොක්ලට් බෝල වගේ.. හැබැයි චොක්ලට් නෙවෙයි.. සීනි.. එච්චර ලොකුත් නෑ... රටකජු පොත්තට වඩා පොඩ්ඩක් ලොකුවට තද රෝස පාට සීනි තට්ටුවක් තවරලා...

      චෙෆා... අපොයි.. කාලයිද... හි හි....

      Delete
    6. අපෝ ඔහොම කෑම වල පාටයි රහයි කියන්න එපා අප්පා මං ඩයට් කරන්න පටන් ගත්තා විතරයි. මං නම් ඉස්කෝලේ යන කාලේ පුළුවන් තරම් කෑවේ රුපියලේ අයිසුයි දෙකේ එවුවයි දැන් එවුවා එකක් 10 ක්ද කොහෙද

      Delete
    7. ඒක කාලා නෑ නෙව. නම මතක් කරලා කියන්ටකෝ. බෝල හැඩේටනම් තියෙනවා කලරින් දාලා සීනි තවරපුවා. හැබැයි එව්වයෙ තියෙන්නෙ රටකජු නෙමෙයි පොරි.

      Delete
    8. බස්සි :( :( :( මන් ඩයට් නවත්තගත්තනම් හොදයි ඈ

      Delete
    9. අපේ හාමිනෙත් ලංකාවෙන් එනකොට අනිව ගේන දෙයක් ඔය "පැණි කජු". මෙහෙ තීනව "පැණි හෙසල් නට්". ෆුල් ගති, ගාන තමා වැඩි :(

      Delete
    10. මම හිතුවෙත් හිරු කියන්නේ පැණිකජුය කියලා.. මගේ ප්‍රියතම කෑමක්.. ඒත් දැන් සමහරක් වෙසිගේ පුතාලා ඒකට පොරිත් දානවා එකට එකයි.. එතකොට හදපු එකාගේ අම්මව තමයි කන්න හිතෙන්නේ..

      මගුල් ගෙවල් ගැන නම් කතා කරන්න එපා හිරුවෝ.. ඇත්තටම අපේ උන්ට පිස්සු.. පොඩ්ඩක් නෙමෙයි.. හොඳටම පිස්සු..

      Delete
  9. මං හිතුවෙ බොම්බයි ලූනු බොම්බායෙන් ආව වගේ බොම්බයි මොටයි ආවෙත් බොම්බායෙන් කියලයි බොම්බෙ ස්වීට්ස් එක්ක..

    ReplyDelete
    Replies
    1. සරත්, ඒක එහෙමම තමා. බොම්බෙ මිටායි කියන හින්දි වචන දෙකනෙ බොම්බයි මොටයි වෙලා තියෙන්නෙ. ( මිටායි = පැනි රසැතිකෑම )

      Delete
    2. ෂුවර් එකටම එහෙන තමයි එන්න ඇත්තේ.. ඒත් මුම්බායි වලදි නම් දැක්කෙම නෑ.. හැබයි ඒ වගේ මිල්ක් ටොෆි සයිස් කෑමක් තියෙනවා.. ඒ රසමයි.. දැන් මෙහෙත් තියෙනවා බොම්බේ ස්වීට් කඩවල..

      Delete
    3. මාතේ මම කතාවට පැන්නා..ඒ Soan Papdi..පට්ට රහයි!
      http://3.imimg.com/data3/IY/IS/MY-7240686/soan-papdi-500x500.jpg

      Delete
  10. ඉඳල හිටල මේ පැත්තෙත් ඔය සීනුව ගහගෙන යන මොටයි පොරවල් ඉන්නව. ඒ උනාට දැං ඕව කොහොම හදනවද කියල දන්නෙ නැති හින්ද පොඩි එකෙකුට අරන් දෙන්න බයයි.

    ReplyDelete
    Replies
    1. දැන් තියෙන කෑම ජාති නම් නොකා ඉන්න තරමට හොඳයි තමයි.. කරුමේ කියන්නේ මට ඔය පොලිසි එක නැති කමයි.. තාමත් දූවිලි ගොඩවල් වල තියෙන අච්චාර් හිටන් කනවා...

      Delete
  11. මචං මාතේ........

    අර අන්තිම ඒකේ හිස්තැන් පුරවන්න ද බං.....????

    ReplyDelete
    Replies
    1. //සිහිවෙන්නේ කෙල්ලන්ගේ අක්කයි නන්ගියි//
      ඇයි බොලා මතේගෙන් අහන්නේ මේකේ හිස්තැන් පුරවන්නද කියලා?ඇයි මාතේ ලොක්කෙක්ද?....
      වනචර හැත්ත....හිස් තැනක් තිබ්බොත් කක්කි වචන රින්ගවන්නමයි හදන්නේ

      Delete
    2. හිස් තැන් පුරවන්න කව්ද අනේ ආස නැත්තේ..

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. කෙල්ලෙක්ටවත් කතා කරන්න නොදන්නා බිජ්ජක් වත් නැති පොන්නයෙක්...

      Delete
    3. මුගේ බිජ්ජ ඇති නිකන් හූනු බෙට්ටක් විතර ඔච්චර නහින්න හදන්නේ. තොපිට අම්මල නංගිලා නැද්ද යකෝ.?

      Delete
    4. එයා විහිළුවක්නේ ඇනෝ කරලා තියෙන්නේ, තමන්ට ඕනේ කමෙන්ට් එක දාන්න ඕනේ කෙනෙක්ට අයිතියක් තියෙනවා. ගෑණු කෙනෙක්ට ඔහොම කුණුහරපෙන් කමෙන්ට් කරන්න එපා ඒක හරිම කැතයි. (මට අයිතියක් නෑ ඔයාගේ කමෙන්ට් එක ගැන මොකුත් කියන්නත් ,නමුත් මාත් කෙල්ලෙක් ඒකයි කිවුවේ )

      Delete
    5. පොකු... මානසික රෝගීන් පිස්සන් කොටුවට වඩා ඉන්නේ එළියේ...

      Delete
  13. මේ ආකෘතියෙන් තව පෝස්ට් දෙකක් ලියවෙන කොට පොලිට්‍රික්ස් ඉබේම හැලෙයි මාතේ..අපිට නම් එහෙමයි...උඹ රහමෙර වලට බැනුම් අහනවා අපි ගමේ කෑමයි වවනවායයි කියලා බැනුම් අහනවා..
    '
    අපි නම් "ක්‍රෑම"කිව්වේ පාඩම් කරන එකට රෑ එලිවෙන කන් එක්සෑම් කිට්ටු කරලා...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට දැන් මාතලන්ට ලියන්න වෙලා තියෙන්නේ දේශපාළණයම තමයි...

      Delete
    2. උන් කියන ඒවා අහන්න එපා බං එච්චරම...යහපාලන කොන්සෙප්ට් එක දාලා උඹ ලියහන් උඹේ රසිකයො ඉල්ලන දේ..හෙක් හෙක්

      Delete
  14. මේ ළඟදි කානිවල් එකකට ගිහින් බොම්බයි මොටයි එකක් අරන් කනකොට කෙල්ලො සෙට් එකක් කින්ඩියට හිනා වෙවී ගියා.. මම සැලුනෙ නෑ.. තව එකක් අරන් ඒකත් කකා ග්‍රවුන්ඩ් එක වටේම අරුන් එක්කම වගේ ගියා...

    ReplyDelete
    Replies
    1. හොම්බයි කටයි කුඩු වෙන්න දෙන්න එපාය...

      Delete
  15. කවුද බන් මාතේ මේ තනයක් දැක්ක ගමන් කැරි ටික සරමේම යවාගන ගෑනුන්ට ගූ කමෙන්ට් දාන පොන්නයා?

    ReplyDelete
    Replies
    1. කව්ද ඉතින් මහින්ද මහත්තයගේ පුත්තු තමයි.. උන්ට කාලා ඉන්න බැරුව ඉන්නේ..

      Delete
  16. මාතලන් කාලෙකට පස්සේ ලිපියක් ලියලා
    හප්පා නයිස් එකක් බොහොම අමාරුවෙන් අරන් දුවගෙන එද්දී හුළගට කැඩිලා අතින් අල්ලන් ඉන්න කෑල්ල ඇරෙන්න අනික් ඔක්කොම හුළගේ ගිය හැටි මතක් උනා........
    මෙහෙනම් තියෙනවා ඔරිජිනල්ම බෝම්මයි මුටයි තියෙන තැනක් මෙහෙ බාසාවෙන් එකට කියන්නේ ගුලාලබ් කියලා හැබැයි නයිස්නම් නැ

    ReplyDelete
    Replies
    1. අනේ මහත්තයෝ, තරහා නැතුව ඔය ගුලාලබ් කියන එක ගැන විස්තරයක් තියන ජාල පිටුවක් හොයල දෙන්නකෝ. අපි ඉන්න පැත්තෙත් ඔව්ව තියනවද කියල හොයල බලන්න හිතුන. ඉංගිරිසියෙන් ගුලාලබ් කියල ගැහුවහම ගූගලයා මොකුත්ම දෙන්නේ නැතුවා...

      Delete
    2. ඒවා ගැනත් ලියහන්.. හොඳම කෑම ගැනත් ලියහන්...

      Delete
  17. බොම්බයි මොටයි නානල දැන් ආගිය අතක් නෑ බං.අපේ අම්මල කිව්වෙ හොම්බයි කටයි කියල.
    අර නූල් කෑලිවල කන්න යමක් තිබුණා.හැබැයි කොටන් කැන්ඩිවල කන්න මෙලෝ දෙයක් නෑ හරියට දූවිලි සංස්ථාව වගේ.

    ReplyDelete
    Replies
    1. කොටන් කැන්ඩි තියෙන තැනක් ළඟින් වත් යන්නේ නෑ.. මට ඒ ගන්ඳය ඉවසන්න බෑ..

      අපේ අම්මා කියන්නෙත් හොම්බයි කටයි කියලා තමයි.. තාත්තා කියන්නේ සීනී පොල් කොහු...

      Delete
  18. මාතෙ, මේක බලල්ලකො.
    https://www.facebook.com/video/video.php?v=355164221357119

    ReplyDelete
    Replies
    1. මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා...

      Delete
  19. හම්මෝ ආයෙත් පොඩි කාලෙට ගියා...

    ReplyDelete
    Replies
    1. ඒකත් ලෙඩක් බං... අපි කාටත් තියෙන...

      Delete
  20. ඇයි සහෝදරයා තව පොරක් යන්නෙ කොළඹ නගරෙ හතරැස් පෝර උර භාගයක් වගේ එකක් උඩින් ඇල්මේනියං කිරිගොට්ටක් වගේ එකකින් වහල ඔලුව උඩ තියාගෙන.. තාම යනවද දන්නෙ නෑ. ඉස්කෝලෙ යන කාලේ දැකල තියනවා කොළඹ සමහර ෆ්ලැට් ගාවින් යනවා. යාලුවෙක් ගෙන් ඇහුවම ඌ කිව්වා එකේ තියෙන්නෙ බනිස් ලු!!! ඌ පොඩි කාලේ ෆ්ලැට් වල හැදුනු එකෙක්. බනිස් ජාති තියනවලු ඒ අමුතු පෙට්ටිය වගේ එකේ..

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ඉන්නවා.. පාන් කාරයෝ.. ප්‍රේමදාස මහත්තයා කාලත් තියෙන්නේ උන්ගෙන් අරගෙන.. උන්ගේ මාළු පාන් එක තමයි ඔරිජිනල් මාළු පාන්...

      Delete
  21. ඉස්සෙල්ලාම මතක් උනේ පොඩිකාලෙ ඉස්කෝලෙ විද්‍යා ප්‍රදර්ශනයකට බොම්බයි මොටයි හදන මැසිමක් හදල වෙච්ච අලකලංචියයි.

    ඉස්සර අම්ම පොලේ ගිහින් එනකල් හරි නැත්නම් අම්මත්තෙක්ක පොලේ යන්නෙ බොම්බයි මොටයි කන්නටය. තවමත් මහියංගනේ සෙනසුරාදා පොලේ බොම්බයි මොටයි තියෙනවාය.

    ඊට අමතරව බදුල්ල බස් ස්ටෑන්ඩ් එකේ බොම්බයි මොටයි එමට තියෙනවාය. බොම්බයි නයිස් එකක් දහයයි, දෙකක් විස්සයි කියා වෙලෙන්දන් ගීතවත්ව කිය කියා බස්වල ඒවා විකුණන ආකාරය දැනුත් මට ඇහෙනවා වාගේය. එකක් දහයයි නම් දෙකක් කොහොමත් විස්සය. එය අමුතුවෙන් කියන්නේ ඇයි දැයි නොදනිමි.

    බොම්බයි මොටයි වලට මමද ගොඩක් ආදරේය. ඒත් අලුතින් එන සොපින් එකක් පිරෙන්න දෙන හුලන් මොටයි නම් මට පේන්න බැරිය.

    ReplyDelete
    Replies
    1. හුලං මොටයි වල කන්න දෙයක් නෑ නේ.. ඒ වගේද බොම්බයි මොටයි..

      Delete
  22. //නයිස් කිව්වේ තෝසයක් වගේ ප්‍රමාණයේ විසිතුරු පාට පාටින් පිරි පත්තර කොලයක ඝනකම ඇති ප්‍රණීත බිස්කට් එකක් වැනි කෑමකි// තව විස්තරේ ටිකක් අඩුයි.. කටට දා ගත්ත ගමං උඩු තල්ලේ ඇලෙන බවත් කිව යුතුව තිබුණා..
    අපේ ගමේ තිබුණා නයිස් කඩේ කියල වෙනම කඩයක්.. පුංචිම කාලේ සත පහක් දහයක් අතට අහු උනු ගමන් රුං ගාල නයිස් කඩේ ලඟ.. කොට්න් කැන්ඩි නම් මෙලෝ රහක් නෑ.. බොම්බයි මොටයි වගේ කටට දැනෙන්නේ නෑනේ.. අපේ උන්දලෑ පැත්තේ ගාල්ලේ අදටත් කියන්නේ සීනි පොල් කොහු කියලා.. සමහර විට අනිත් වෙලාවට දකින්නෙම පොල් කොහු නිසා වෙන්නැති..

    කොමෙන්ට් ටික කියවගෙන එද්දිනම් හිතුනේ ඇනෝ කොමෙන්ට් වැහුවත් කමක් නෑ වගේ කියලා.. ඒත් සාධාරණ හේතු නිසා ඇනෝ එන ඩීසන්ට් ඇනෝලට අසාධාරණයක් නේ..

    මෙන්න මගෙනුත් හිස් තැන් කවියක් කැමති එහෙකුට කැමති විදියට පුරෝ ගන්න.

    බොම්බේ ඉඳන් ගෙන ආ පොල් කොහු සීනී
    හොම්බේ කටේ දියවී.......... අම රස සැදුණී
    ...... ගයිල් මෑ අගනුන්.............,. දුටු මතිනී
    හම්බේ.. මටත් කොයි පණ... කපනට හිතුනී..
    (23+ නිසා අවුලක් නෑ මං හිතන්නේ..)

    ඌප්ස්.. සීනි කියනකොට මතක් උනේ.. සොමසුන්දරම් ගේ චැනල් එක සෙන්ට්‍රල් එකේ අද හයට.. මේං අපි ගියා.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඇනෝ වහන එකට නම් මම කැමති නෑ.. එකම දේ මානසික ලේඩ්ඩු වගේම නොම්මර එකේ ගෝත්‍රිකයෝත් මේකෙ ඉන්නවා කියලා තෙරුම් ගන්න එක.. දැක්ක ගමන් ඩිලීට් කොරලා දානවා..

      සෝමසුන්දරම්ටත් සීනීද බං...

      Delete
  23. බොම්බයි මොටයි උබටයි මටයි

    ReplyDelete
  24. ම්ම්,බොම්බයි,මෝටයි ආසම නැතත් කන්න කැමති කෑමක්.
    ඔය බොම්බයි,මොටයි හදන්නේ සැලුන් වලින් එකතු කරන් යන කොන්ඩ කැලි වලින් කියලා කිව්වා අපේ ලොකු අය.

    ReplyDelete
    Replies
    1. පිටරටකදි නම් ඒවයෙන් හැදුවත් කන්න පුළුවන්.. ඒත් මෙහේ ඒක කරන්න බැරි නාන්නේ නැති උන් ප්‍රමාණය වැඩි නිසා...

      Delete
  25. බොම්බයි මොටයි,පරෙනෙයි කෝට්, විතරක් නෙවෙයි,70 දශකෙත් 80 දශකෙ මුල්කාලෙත්,බුන්දි පෑනිවලලු,පකඩේ,වික්කෙත් බොහෝ විටම නානලා තමයි,බොම්බයි මොටයි,කාරය සීනුව (සීනු දෙක?) හොල්ල හොල්ල පයින් ආවෙ,පරනෙයි කොට් කාරයත් එහෙමයි,බුන්දි කාරයා බයිසිකල් රෝද හතරක් උඩ වීදුරු කුඩුවක් ශො කේස් එකක් වගේඑකක් තල්ලු කරගෙන ආවෙ.ඒ හෑමෝටම නමත් එක්ක තම්බි කියල තමයි කතා කලේ,ඒ කාලේ ඒක හිතවත් කමටකියපු වචනයක්.මේ නානල හෑම එකාගෙම රෑවුල් බොම්බයි මොටයි වගේ.දෑන් මේ දෙපෑත්තෙම --යො නිසා ඒ හිතවත්කම් අඩුවෙලා ගිහින්.(රන්ජන්)

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තේ බූන්දී කාරයෝ හිටියේ නෑ මචෝ.. ඒත් සමහර පැතිවලදි නම් මාත් දැකලා තියෙනවා...

      Delete
  26. හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න දෙනව කියනවනෙ.

    අපි කෑවෙ සත පණහට පත්තර කොලේ, නයිස් එක්කනං රුපියල් දෙකක්. පට්ට කෑම. ඔය වගේම තමා සරුවත්.

    ඔය අහිංසකයට ලොකුම අන්තරාව බල්ලන්ගෙන්. උගෙ සීනුවට බල්ලොන්ට මල පණිනව.

    දවසක් කොහෙද ට්‍රිපක් යත්දි මායි වයිෆුයි රුපියල් පණහක මුටයි කාල මත්වෙලා නවත්තන් උන්න ටික වෙලාවක්. සීනි නගින්නැති හෝසෙට :)

    යහ පාළනේටයි අලින්ටයි බය්යන්ටයි හැමනෙන්න කියල මෙන්න මේව ටිකක් ලියහන් බන්. පහුගිය දවස්ටිකේම ආව, කමෙන්ට් නොකර ගියා මලටම.

    පැනි මැදටයි
    කෙස් වටටයි
    අන්න නියම
    බොම්බයි මොටයි

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එකක් දැම්මා නම් තමයි වටින්නේ.. ඒත් ඉතින් ඇවිත් යන එකත් ළොකු දෙයක් නේ...

      Delete
  27. මූනේ තවරා ගන්නේ නැතුව පූසන්ට බොම්බයි මොටයි කවන හැටි ටියුෂන් දෙනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. කොන්ඩෙත් ටිකක් බොම්බයි මොටයි වගේ තමයි...

      Delete
  28. මෙහෙත් තියෙනවා කොටන් කැන්ඩි එක.. හැබැයි ඒක ලංකාවේ අපි කාපු බොම්බයි මොටයි වගේ නම් නෙමෙයි.. හප්පේ ඒ කාලේ බොම්මයි මොටයි කාරයා පාරට එන්න ඉස්සෙල්ලා සද්දෙට දුවන් ගිහින් අරන් කෑවේ.. දැන් කාපු කාලයක් මතකත් නෑ..

    ReplyDelete
    Replies
    1. කොටන කැන්ඩි වල කන්න දෙයක් නෑ නේ බං.. හුලං බොනවා වගේ...

      Delete
  29. පොඩි නයිස් එක සත 5 යි, ලොකු නයිස් එක සත 10 රෝස, කහ, කොල පාටින් තිබුන. අපේ තාත්ත සෙනසුරාදට ආව බොම්බයි මොටයි කාරයගෙන් ඔක්කොම ටික අරගෙන් පොඩි උන්ට බෙදනව.
    අපේ කෙල්ල ආච්චිගෙන් කතන්දර අහල , බොම්බයි මොටයි කන්න ඕනේ කියල අඩවුවක් ඇල්ලුව. කොට්න් කැන්ඩි දීල බේරෙන්න හැදුවෙ, කොහෙද බෙලෙක් පෙට්ටියේ ගේන , සීනු ගගහ විකුනන බොම්බයි මොටයි ඕනෙමයි කිවුව. පස්සෙ හැම එකාටම කතා කරල විකුනන එකෙක් දැක්කොත් call කරපන් කියල, සතියකින් විතර තමයි හොයා ගත්තෙ.
    මටනම් පොඩි කාලෙ ඉදන් හරියන්නැති කෑමක්, දැන්නම් පිටින් සීනි ඕනෙම නෑ සීනි මැශිම ඉන්බිල්ට්නෙ

    ReplyDelete
    Replies
    1. අපේ හාමිනෙත් පරම්පරාවෙන් සීනී මුදලාලිලා.. ඒත් බෙල් එකක් ඇහෙන කොට කුලප්පු වෙනවා..

      Delete
  30. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  31. මගෙත් ප්‍රියතම කෑමක් ය ..මොටයි කාරයා එන සද්දෙට සීයා ගේ අතේ එල්ලිලා කරදර මතක් වෙනවා මාතේ ....කොච්චර අගහිඟ කන් තිබුනත් ඒ කාලේ පුදුම සුන්දරත්වයක් තිබුනා ..

    පින්තුරේ දැක්කාම මතක් උනේ පැණිරස කෑම ...

    උඹ හැඩකාරයි කටකාරයි සොකරී යන්න එපා
    පැණි රස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා
    සුර ලොව පේන සැප ගාවා මා අත් හරින්නෙපා
    උඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා

    බඳ අල්ලාලා නලවාලා බවලම් මාල දමා
    මේ දුක කෝම ඉවසන්න අඬලා කඳුළු සලා
    සිත මත් කරන මල් සුවඳ ගැලුවා දෝරෙ ගලා
    කට ගැලවීලා විසිවීලා යනකල් හාදු දෙනා.........

    ගායනය - චින්ති

    ReplyDelete
  32. උබ කිවුව වගෙ ඉස්සර එවයෙ රහ අර මැසිමෙන් හදන මගුලෙ අහලකවත් නැ

    ReplyDelete
  33. දැනුත් හිටල ඉදල එනව බං ටිලිං ටිලිං ගගා , ඒ උනාට ඒවා ලමයින්ට අරන් දෙන්ඩ බැ , ඒ හුත්ත ගොසරි බැග් එකට බොම්බයි මොටයි දාන්ඩ කලින් පිබිනවනේ බං

    ReplyDelete
  34. ෂඃ... මේ තියෙන්නේ සත පනහේ හාදයාගේ කැන්ඩි ෂොප්...

    ReplyDelete
  35. නයිස් ටු සී " නයිස්"

    ReplyDelete
  36. How nicely you took us, down by the memory lane.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න