.

.

Apr 20, 2015

මාස්ටර් සර්, පුළුවන්නම් ආයෙත් එන්න. - Master Sir, (R)eturn (I)f (P)ossible


මාස්ටර් සර් යන්නම ගියේය. සම්ප්‍රදාය කඩාගෙන ගිය තවත් ශ්‍රී ලංකීය පුත්‍රයෙක්, අම්මට සිරි ලංකාවට අහිමිවිය. රාජ්‍ය ගෞරව නැතිය. ඇගයීම් නැතිය, නළාකාරයෝද නැතිය, කළාකාරයෝද නැතිය. පත්තරකාරයෝද නැතිය. පිටු පුරවා ගුන ගායනා නැතිය. රනිල්  වික්‍රමසිංහ නම් මක්කදෝ ලියා තිබෙනු දැක්කේය. එයටද හේතුවක් ඇතිය. ඔහු නිර්මානකරුවකු පමණය. පොලිට්‍රික්ස් කොරන්න ගියේ නැතිය. රටට යමක් කරනවා විනා, රටෙන් කෑවේ නැතිය. එහෙව් වූ රත්තරන් මිනිසුන්, නිවී සැනසිල්ලේ අවසන් ගමන යෑමත් එක අතකින් වාසනාවක්ය.

එහෙත්, මාස්ටර් සර් කෙදිනකවත් මිය යන්නේ නැතිය. ඇත්තටම ඔහු ගැන නව පරපුර දන්නේත් නැතිය. ඒ නිසාම බොග දානා, මැචුවර්ඩ් ඩයල් දෙන්නෙක් තුන් දෙනෙක් පමණක් මාස්ටර් සර් ගැන යමක් ලියා තිබුනේය. එකක් ලියලා තිබුනේ මගේ ගුරු ජී හෙවත් "රසිකලොජිස්ට්" උන්නැහේය. අනික ලියා තිබුනේ "දයල් බතීය". ඊළඟ එක ලියා තිබුනේ, මියුසික් වලට බොහෝ මනාප "චන්දන ගුණසෙකර" උන්නැහේය. මාස්ටර් සර් අපේ වීරයෙක් උනේය.


ළෝකෙන්ම උතුම් අපේ රටේ අනන්තවත් මියුසිසොන්ලා හිටියේය, අදත් ඉන්නවාය, ඉදිරියටත් ඉඳීවිය. එහේත් ලැජන්ඩ්ලා ඉන්නේ, අතේ ඇඟිලි ගනනටත් අඩුවෙන්ය. ඒ ඇරුනාම සංගීතයෙන විප්ලව කරපු වීරයෝ අල්පය. බොහෝ උන් කරන්නේ ගලාගෙන යන, අපේ යැයි කියනා, ඉන්දීය රාගධාරි ගංඟාවට පනිනා එකය.

කරුමේ කියන්නේ, ඒක අපේ නොවනා එකය. එහෙත් ෆෝක් සොන්ග්ස් හෙවත්, දේශීය ජන සංගීතය කියා එකක් අපිටත් තියෙනවාය. මේ ජන ගී උපයෝගී කරගෙන පෙලහර පෑ පිරිස බොහෝම අඩුය. මාතලන් හිතනා හැටියට, ඒක අමුවෙන්ම දුන්නේ රෝහන බැද්දගේය. ඒ ඇරෙන්න ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත ඇරුනාම, ඊළඟට සිටින්නේ නිමල් මෙන්ඩිස් හෙවත් මාස්ටර් සර්ය.

අපේ ජන ගීය කළබල නැතිය. එය භාවනාවක් වැනිය. බුදු ගුණ පිරි බණක් අහනවා වැනිය. බණ කිව්වේ, පීකර් දමාගෙන කන් දෙකෙන්ම අල්ලා බලෙන් කනට වක්කරනා, කයි බණ, විරිඳු බණ වාගේ මළ හත්තිලව්වත්, බෙග් මාස්ටර්ගේ බක්ති ගීතවත් නොවේ. ඒ කාළේ සිටි කොටිකාවත්තේ සද්ධාතිස්ස, මාදුළුවාවේ සෝභිත වගේ හාන්දුරු නමකගේ බණක් අහනවා වැනිය.

ඒ ගැමි බව පිරිණු ගායකයින් දෙදෙනෙක් මාතලන්ගේ ෆේවරිට්ය. එක්කෙනෙක් ගුණදාස කපුගේ උන්නැහේය. අනෙකා සෝමතිලක ජයමහ උන්නැහේය. මෙයින් සෝමේ වටින්නේ. ඔහු පැවැත්මෙන්ද හාන්දුරු නමක් වගේ හින්දාය. හාන්දුරු නමක් කිව්වේ අපේ නානසාර වගේ අබ සරණ පතනා කෙනෙක් නෙමේය. සිල්වත් ගුණවත් හාන්දුරු නමක් වගේ කියනා එකය.

මාස්ටර් සර් කලේ ජන ගීයට ජෑස් සංගීතයට අපේ අනන්‍යතාවයක් එක්කාසු කරපු එකය. ඔහුගේ නිර්මාණ සියල්ලම භාවනා වගේය. බගවත් ගීතයන් වගේය, පිරිතක් වගේය. (ආටානාටිය නොවේ) සිත නිවනා නිර්මාණයන්ය. අපේ රටේ "මාස්ටර් සර්" ගීතය නොදන්නා කෙනෙක් සිටිනවා කියා සිතන්නට බැරිය. ඒ සින්දුව දන්නේ නැතත්, විජය කුමාරතුංඟයන් ගායනා කළ, "ගඟ අද්දර මා.." ගීතය නොදැන සිටීමට නම් කිසි සේත්ම බැරිය. මාතලන් සිතනා ආකාරයට ගඟ අද්දර සෝ එක බොක්කටම වඳින්නේ, නිමල් මෙන්ඩිස්ගේ සංගීතය නිසාමය. මොකක්දෝ වාසනාවකට එම චිත්‍රපටයේ සංගීතය මෙන්ම, ගායනාද සම්මානයට පාත්‍ර විය.


මාස්ටර් සර් අපේ රටේ ඇගයීමට ලක් උනේ නැති උනාට, වෙනත් රටවල ඇගයීමට පත් නිර්මාණ කරුවෙක් උනේය. මෑත් කාළයේ. සිරස සුපිරිස්ටාර් සීසන් "පහ", ආළෝකවත් කලේ නිමල් මෙන්ඩි නම් ගාන්ධර්වයාය. නව පරපුර මාස්ටර් සර් හඳුනා ගත්තේ එහීදීය. ඔහු එහීදි, නවක ගායකයන් අගය කලේය. ඔවුන්ගේ හැකියාවන් ගැන වික්ෂිප්ත විය. සුරේන්ද්‍ර ජනප්‍රිය ගායකයකු වන බව මුලින්ම කිව්වේ ඔහුය. ඔහුට ඒ ඉව මනාව පිහිටා තිබුනි.


මාස්ටර් සර් සින්දු ලිව්වේ ඉන්ගිරිසියෙන්ය. මාස්ටර් සර් ගීතයේ මුල් නිර්මාණය ඉන්ගිලිසියෙන්ය. ඔහු එම ගීතය ලියන්නේ, තේ වත්තක පරිපාලකයකු ලෙස රැකියාව කරන සමයේ, සුදු වතු අධිකාරීන්ගෙන් හා පාළකයින්ගෙන් වතු කම්කරුවන්ට සිඳුවන අසාධාරනය පිළිබඳවය. ඔහු තම වත්තේ කම්කරුවන්ට දෙවියකු වූ බව අප අසා ඇත. ඒ මානුශිකත්වය නිතරම ඔහුගෙන් දැක්මට හැකි විය. ඔහු ඉතා නිහතමානී මිනිසකු විය. සිංහල භාෂාව නොහුරු වුවද, ඔහු සැබෑ ශ්‍රී ලංකිකයකු විය.

කළාකරුවකු යනු මිනිසුන්ට ආදරය කරනා පුදගලයකු විය යුතුය. ඔහු සාර්ථක පුද්ගලයකු විය යුතු අතරම, මුදලට ගිජු පෙරේතයෙක් නොවිය යුතුය. ඔහු තම යුතුකම රටට ඉටු කලේය. ඔහු රටට ණය නැත. එහෙත් කරුමය නම්, ඒ නිහතමානී කළාකරුවාගේ නිර්මාණ වලට අයිතිවාසිකම් කීමට, නීලා වික්‍රමසිංහ නම් මිනිස් බව ලැබූ තිරිසන් ස්ත්‍රියක කටයුතු කිරීමයි.

මෑතකදි, ජිප්සීස් සුනිල්ගේ ඉල්ලීම පරිදි, රූපවාහිනියේ සංගීත වැඩ සටහනකදි, සමිතා විසින් මාස්ටර් සර් ගායනා කිරීමට විරෝධය පළ කරමින් දීර්ඝ ළිපියක් එවා තිබූ අතර, මින් පසු ඇයගේ කිසිම ගීයක් වෙන කිසිවකු ගායනා කළ යුතු නැති බව සඳහන් කර තිබිනි. මේ සිද්දිය මියුසික් ඉන්ඩස්ට්‍රී එකේ කතා බහට ලක් වූ කාරනයක් වූ අතර, වැඩි පිරිසක් විසින් හෙලා දැක්කේය.

මාස්ටර් සර්, ඇත්තටම ඔබ මේ ගැන ඉතාමත් කළකිරුණු බවද අපට ද්න ගන්නට ලැබිනි. එහෙත් ඔබ මිය යන්න මෙය හේතුවක් වූවා යැයි අප කියන්නේ නැත. පැමිනියා සේම නික්ම යා යුතුව ඇත. ඔබට සැනසිලිදායක මරණයක් අත් වූ බවද දැන ගත්තෙමු. එහෙත් ඔබ පැතු ළොව නම් ඔබ ජීවිත කාළය තුල ඉටු වූයේ නැත. ඇත්තටම ඒ වතු කම්කරුවන් වර්ථමානයට සාපේක්ෂවද ගෙවන්නේ ඔබ එදා දුටු සිඳුවීම් මාළාවමය..

මාස්ටර් සර්.. එදා දවස උදා වේවීදෝ...!!!

70 comments:

  1. අැත්තට ම වටිනා මිනිහෙක්..... වෙනමම කෝණයකින් නිර්මාණ කරපු වෙනස් ම මිනිහෙක්.... වටින්නේ ඒකයි....

    ReplyDelete
    Replies
    1. මාතා ඔය මාස්ටර් සර් ගීතය ගැන ඔබ කියන දේට යමක් ඒකතු කරන්න කැමතියි. ඔහුගේ ම අත්දැකීමකුත් මේකට අදාළයි.... ඒංගලන්තයේ ඉදලා මොහුගේ කළු හමට ලැබුණු සැලකිල්ල ඔහු සියැසින් ම දකිනවා... ඔහු ලංකාවට ඒන්නේ ඔහුව මරන්න ගියපු නිසයි... ඒ තරම් දරුණු විදිහටයි කලු හමට සැලකුවේ.. ඔහු ලංකාවට අැවිත් වත්තක් අරන් ඉද්දි ඒතැන සිදුවන දේත් දකිනවා.. ඔහුට දැනෙන දේ තමයි මේ ගීතයේ ලියන්නේ..... මට නම් හිතෙන්නේ තාමත් මේ දේ නොනැවතී සිද්ධ වෙනවා කියලයි.....

      Delete
    2. සුද්දගේ රටේ ඒවා සීග්ගරයෙන් වෙනස් උනා.. ඒත් අපි තාම ගල් යුගයේ...

      Delete
    3. අපි ඉතින් සුද්දාගේ දේවල් ඔලුව උඩ තියාගෙන බදාගෙන ඉන්න කියාපු ජාතියනේ.. සුද්දෝ ලංකාවට ඒන්නේ අැවිදින කටුගෙයක් බලන්න හිතාගෙනද කොහෙද???

      Delete
    4. වෙනස් වෙලා කිව්වට වෙලාම නෑ. දකුණු ආසියානුවන්ට එහෙ සලකන්නෙ බල්ලො බළල්ලු ගානට හුගක් වෙලාවට.

      Delete
    5. ඒවා ගෝත්‍රිකයන්ගේ මානසිකත්වය.. අපි නම් එහෙම දේවල් අත් විඳලා නෑ.. අනික ඒක නිසා වෙන්න ඇති ළෝකෙන් උතුම් රට දාලා ඔක්කෝම වාශ්ප වෙන්නෙ හා වෙන්න දඟලන්නේ...

      Delete
    6. දන්න තරම තමා උඹ. මගෙ යාලුවො හුගක් ඉන්නව එහෙ ගෑනුත් එක්ක යාලු වෙලා. මෙහෙ අය කාගෙන්වත් අවුලක් නෑ. ඒත් ඒ රටේ උන් කැමති නෑ ලංකාවෙ එකෙක් බදිනවට. වැඩිපුරම සුද්දො තමා කේස්. සුද්දියොනං හරි හොදයි.

      Delete
    7. අයි බං මාතලන් ගොයියො උඹ වාෂ්ප වෙන්නෙ නැතුව මෙහෙටම වෙලා අපිට පව් දිදී ඉන්නෙ.

      Delete
    8. මගේ පව් උඹලට දෙන තරම මගේ පව් අඩු වෙලා පිං ඉතරක් ඉතුරු වෙනවා.. එතකොට එන ආත්මෙත් පට්ටෙට ඉන්න පුළුවන්...

      Delete
    9. මාතලන්ල මෙහෙ ඉදගෙන සුද්දගෙ රටට හොද කියනව. මන් දන්න හුගක් එහෙ ඉන්න අය හම්බකරගන්න රට ගිහින් ආයෙ ලංකාවට එන්නෙ කවද්ද කිය කිය හීන මවනව. (හුගක් අය හැමෝම නෙමේ). එහෙ අයවම බැදපු සමහරුත් දැන් පවුලත් එක්කම ලංකාවෙ ඉන්නව.

      Delete
    10. ඒකනේ මම උඩින්ම කිව්වේ ගෝත්‍රිකයන්ට ඒ සිවිලයිස් රටවල් ගැලපෙන්නේ නැතෙයි කියාලා

      Delete
  2. සුරේන්ද්‍රගේ සිංදුව මුලින්ම ප්ලේ කරලා පෝස්ට් එක කියවුවේ ,, කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී සුන්දර මිනිස්සු පිරිසක් කියලා මං පුංචි කාලේ හිතන් හිටියේ ඒත් දැන් නම් ඔවුන්ගෙයි දෙසපලකයන් ගෙයි වෙනසක් නැතිය.. මාස්ටර් සර් ගැන මට නම් අත්දැකීම් නැතිය. ඒත් තාත්තා ආස කල කලාකරුවෙක්

    ReplyDelete
    Replies
    1. අපොයි වැදගත් කළාකරුවෝ තවමත් ඉන්නවා...

      Delete
    2. හැබැයි ඔයාගේ අර සංවේදී නායකයා වගේ නෙවෙයි හොදේ!!!

      Delete
    3. කව් ද...? මහින්ද මහත්තයා ද....?

      Delete
  3. ජන ගී වල සාරයෙන් ටයිකෝට් ඇඳපු කළු සුද්දන්ටත් ගමේ බය්යන්ටත් එක විදිහට දැනෙන සිංහල සින්දු මුලිම්ම හැදුවෙ සීටී සහ එමෙස්. නිමල් මෙන්ඩිස් මේක තවත් එහාට ගෙනිච්ච.

    සින්දුවක අයිතිය ගායකයට නැති රටක නීල නිමල් මෙන්ඩිස්ගෙ සින්දුවක් කියන්න එපා කියන්නෙ රෙදි ඇඳගෙනද නෙමෙයි කියල තේරුනේ ලඟදිනෙ.

    නිමල් ඔබ තව ටිකක් කලින් ගියානම්, එය ඔබට වඩා සැනසීමක් වන්නට තිබුනි..!

    ReplyDelete
    Replies
    1. සී ටී ගේ එම් එස් ගේ පදමාලාවල ඒ දේ තිබුනට සංගීතයේ අපේ කමක් හෝ අනන්‍යතාවයක් තිබුනේ නෑ මම හිතන විදියට..

      උඹ කිව්වා වගේ නිමල් මෙන්ඩිස් මීට ටිකක් කලින් ගියා නම් බොහෝම වටිනවා...

      Delete
  4. ගුවන් තොටිලි හා රිදීතිර
    සිය සත්සරෙන් කම්පා කර
    ඒ වියැකී යන්නටද පෙර
    නිහඬවම නික්මුණි අප හැර

    ReplyDelete
    Replies
    1. කුණු කය දිරයි
      නාමය නොදිරයි..

      Delete
  5. අද ලියන්න නියමිතව ඇත්තේ සයිබර් බක්මහ උළෙල ගැන නොවේද?

    ReplyDelete
    Replies
    1. යන්න බැරි උනා පෞද්ගලික හේතුවක් උඩ. ඕනයා කලින්ම දැණුම්වත් කරලා තිබුනේ..

      මාරයා ලියලා තියෙන්නේ අපටත් එක්ක...

      Delete
  6. Me artist gena ahalanam ne. Video clip walata isthuthiy. Mata nam eka kala karayekwath pennannabe. Mun nikan katusso wage paata maru karanawa. Sinduwak ahala nikan innawa. Eth mun ge sindu walata api kemathiy kiyala munwa puka uda thiyagena inta honda ne. Munta eka therunoth hothanne honda chanda tikak thiyenawa kiyala mokak hari pakshayakin guu kanna set wena eka. Munge hekiyawa witharak therum arakena wikurthi maanasika ujaruwen aran bimin thiyanta oni. Mun kala kaarayo wagema blog liyana ewunuth rachakayo wenta oni. Okkoma mokak hari kalawakata deyak karanawa.

    ReplyDelete
    Replies
    1. ටික්කා කියන ජාතියේ කළාකරුවෙක් නොවෙයි නිමල් මෙන්ඩිස් කියන්නේ. වචනයේ පරිසමාර්ථයෙන්ම මහත්මයෙක්.. ඔහේලා මුන්නැහේ ගැන නොදන්නෙත් ඒකයි..

      Delete
  7. Yama hodaya..
    Nawith yanta beriya..
    nogosa ematada beriya..
    lowa atte yam eem panakya...

    ReplyDelete
    Replies
    1. ආවා වගේම යන්නත් එපාය...

      Delete
  8. හැලපෙගෙ ඇනෝ හමුදාව මෙහේ එන්නෙ නැද්ද මාතලන්

    ReplyDelete
    Replies
    1. එයාලගෙන් තමයි අහන්න වෙන්නේ...

      Delete
  9. නිමල් මෙන්ඩිස්ගේ සංගීත සම්ප්‍රදායට මමත් කැමතියි.'ගඟ අද්දර' පට්ට සින්දුවක්.

    ReplyDelete
    Replies
    1. තව ලස්සන සින්දු ගොඩාක් තියෙනවා.. ඔක්කොම වගේ ජාලේ තියෙනවා..

      Delete
    2. මාතලන්ට ලයනල් රන්වල අමතක වෙලා වගේ!

      Delete
    3. ලයනල් රන්වල උත්සාහ කලාට එයාට ඒ දේ කරන්න බැරි උනා නේද?

      Delete
  10. මගේ පෝස්ටුව නං නිමල් මෙන්ඩිස් ගැන නොවෙයි ඔගස්ටස් විනයාගරත්නම් ලියපු මා ප්‍රියතම ගී පදමාලා දෙකක් සම්බන්ධයෙනුයි.

    නමුත් ඒ වචන ටික ලියන් කලින් මා නිමල් මෙන්ඩිස් ගැණ කරුණු ටිකක් කියෙව්වා. ඔහු ගේ මාස්ටර් සර් ගීතයේ අදහස ඇවිත් තියෙන්නේ "තේ වත්තක පරිපාලකයකු ලෙස රැකියාව කරන සමයේ" කියා නම් නොයෙි, ඔහු කියා තිබුණේ, ඔහු අක්කර දහයක් අරගෙන හරක් දෙන්නෙක් හදාගෙන හිටියා කියායි.

    මෙන්න ඒ පුවත්පත් සාකච්ඡාවේ කියලා තිබුණු දේ-

    "සියලු දේ අමතක කරල ගොවියෙක් වුණා. මට හරක් දෙතුන් දෙනෙකුත් හිටියා. ඒ තරම් සල්ලි තිබුණෙත් නෑ. එංගලන්තෙ මගෙ කාර් එක විකුණලා ලැබුණු රු. 35000 ක් තිබුණා.

    ඒ ළඟ තේ වතුවල වැඩ කරන දෙන්නෙක් ෆාම් එකේ වැඩට ගත්තා. මමත් කලිසමකුත් ඇඳගෙන තණකොළ කපන්න යනවා. ඒ කාලේ ඒ පළාතේ මිනිස්සු මට හිනාවෙන්න ගත්තා කලිසන් ඇඳන් තණකොළ කපනව කියලා.

    ඒ කාලේ මට අත්දැකීමක් ලැබුණ ජාති බේද, කුල බේද, ආගම් බේද ගැන. සමහර අය එයාගේ බොස්ට මාස්ටර් කිව්වා. සමහරු ‘සර්’ කිව්වා. ඔය අත්දැකීමත් එක්ක ආයෙත් මට හිතුණා ගීතයක් ලියන්න ඕන කියලා.

    ‘මාස්ටර් සර්’ ගීතය නිර්මාණය වුණේ ඔය විදියටයි. මම ඉංගි‍්‍රසියෙන් ලිව්ව පද ටික කරුණාරත්න අබේසේකර සිංහලට පෙරළුවා. ඒ කාලේ මගේ ෆාම් එකේ පියානෝ එකත් මම ගිහින් තියාගෙන හිටියා."

    මෙන්න සම්පූර්ණ ලිපිය.
    http://www.silumina.lk/2009/11/01/_art.asp?fn=av09110115

    Thanks for the link to my post.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මේ කතාව රූපවාහිනි සාඛච්ඡාවකදිත් ඔහු කිව්වා.. වරද නිවැරදි කරන්නම්.. නමුත් හේතුව වතු කම්කරුවන්ගේ ජීවන තත්වය.. මාස්ටර්, සර්ලා අදටත් වතුවල ඉන්නවා....

      Delete
    2. මේ ගැන සටහනක් මේකෙත් තියෙනවා
      http://www.malkakulu.com/2015/04/blog-post_20.html

      Delete
  11. සිංහල බස නුහුරු කෙනෙක් කොහොමද මේ වගේ නිර්මාණ කලේ ( වචන හොයා ගත්තෙ)? සිංහල හොදින් පුළුවන්කම තිබුනනම් තවත් සුපිරි නිර්මාණ රසවිදගන්න අවස්ථාව තිබුන.

    ReplyDelete
    Replies
    1. ඔහි සියල්ල ලිව්වේ ඉන්ගිරිසියෙන්.. පරිවර්ථනය කලේ වෙනත් අය..

      Delete
    2. සිංහල සංගීතඥයෝ ගීතවල වචන ලියලා නෑ අති බහුතරයක් අවස්ථාවලදී. ක්ලැරන් වගේ කී දෙනෙක් ඇරෙන්න.

      මේ ලිපියේත් සඳහන් පරිදි නිමල් මෙන්ඩිස් මාස්ටර් සර් ලියා ඇත්තේ ඉංගිරිසි වචනයෙන්. ඔබ සොයා බැලුවොත් පෙනේවි සිංහල පද ලියා ඇත්තේ කරුණාරත්න අබේසේකර බව.

      නිම් හිම් සෙව්වා සිංහල පද ලියා ඇත්තේ ඔගස්ටස්.

      මට නම් ඒ ගීත දෙකේම, සිංහල පද ඉංගිරිසියට වඩා ලස්සනයි, අරුත්බරයි.

      Delete
    3. කකා සුරේන්ද්‍රගේ ගඟ අද්දර වීඩියෝ එක බැලුවද....? ඒකේ පැහැදිලිව තියෙනවා එක අකුරක් ගැන පවා ඔවුන් කෙතරම් උනන්දු වෙනවද කියා..

      Delete
  12. නෑවිත් යන්නට බැරිය
    නොගොස් ඉන්නට බැරිය
    ඉක්මනින් නික්ම යෑම ඔහුගේ වාසනාව
    අපේ අවාසනාව!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඕනම කෙනෙක්ගේ ටැලන්ට් එකේ සීමාවක් තියෙනවා. බොහෝම කළාතුරකින් තමයි ඒ යථාර්තය වෙනස් වෙන්නේ. නිමල් මෙන්ඩිස්ගේ මැක්සිමම් මිනිස්සුන්ට දුන්නා කියලා තමයි මම නම් හිතන්නේ. ඒ විතරක් නෙමෙයි රූකාන්තලගේ, භාතිය සන්තුෂ්ලගෙත් බඩු ඉවරයි...

      Delete
    2. ඒ කියන්නෙ බං උඹලගෙ අපේ ලිවිල්ලෙත් සීමාවක් තියේද?මළා තමයි.

      Delete
    3. අනිවා.. සියල්ල අනිත්‍යයි ලොක්කා.. තාවකාලිකයි..

      Delete
    4. ජයසූරියගේ මාර්කටින් සහ සංගාගේ මාර්කටින් අතර වෙනස

      Delete
    5. නැත්නම් product life cycle theory සහ BCG matrix. ;)

      Delete
    6. //නෑවිත් යන්නට බැරිය
      නොගොස් ඉන්නට බැරිය
      ඉක්මනින් නික්ම යෑම ඔහුගේ වාසනාව
      අපේ අවාසනාව!//
      මේ ලිපිය මේ දක්වා ලද ලද වටිනාම ප්‍රතිචාරය

      Delete
    7. අද ලන්ත්‍රත් ගිහින්ලු නේද ..! ඔක්කොම එහෙ සතුටින් ඉදින්නැතෑ එක අතකට.

      Delete
    8. ඉන්නවට වඩා යන එක හොඳයි කියලා ගොඩක් උන්ට හිතිලා තියෙන්නේ. මේ මළ විකාර දැක්කාම..

      Delete
  13. සිංදු කොච්චර ආසාවෙන් අහල තිබුනත් මේ මිනිසුන් ගැන ඔවුන්ගේ ජිවිත ගැන හරියටම දන ගත්තේ මේ දවස් ටිකේ කියවපු ලිපි වලින් ..

    ReplyDelete
    Replies
    1. ඒක ඒ මිනිස්සුන්ගේ වැරැද්දක් වත් ඔබේ වැරද්දක්වත් නෙමෙයි ජඩ මාද්දියේ වැරැද්ද..

      Delete
  14. ඒ ස්වර සංකලනයේ මිහිරියාව ළග වචන හරිම දුප්පත්... භාවනාවක් වගේ රස විඳින්න පුුළුවන් එවැනි මිහිරි තනු මවන්න හැකි මිනිසුන් තවත් නැහැ කියලයි හිතෙන්නෙ...
    විශිෂ්ඨ මිනිසෙක් ගැන අපූරු සටහනක්...

    ReplyDelete
  15. සම්ප්‍රදාය කඩාගෙන ගිය කෙනෙක් කියන්න බෑ.

    ReplyDelete
  16. මාත් නිමල් මෙන්ඩිස් මහත්තයා ගැන ගොඩක් දැන ගත්තෙ ඒ කාලෙ සුපර්ස්ටාර් සීසන් 5 එකෙන්. වැඩිය ගෞරවයට පාත්‍ර නොවුණු නිහතමානි මනුස්සයෙක්. අපේ රටේ කරුමෙටද මන්ද ඒ වගේ මිනිස්සුන්ට සුදුසු ගරුත්වය අගය කිරීම ඒ මිනිස්සු ජීවත් වෙලා ඉද්දි දෙන්නෙ නෑ.
    තව දෙයක් එකතු කරන්න කැමතියි, ලයනල් රංවල මහත්තයත් ලංකාවේ ජනගී වලින් පරීක්ෂණ කරල ගීත නිර්මාණය කරල ජනතාව අතරට අරන් ගියා. ඒ වගේම කේමදාස මාස්ටරුත්.

    කොහොම වුනත් දැනට සිටින උතුරු ඉන්දියානු සරණ ගිය සංගීත ශිල්පීන්ට, ගායක ගායිකාවන්ට , ජීවත්ව සිටින ඝාන්ධර්වයන්ට වඩා දේශීය ජන සංගීතය අපේ රටේ සංගීතය විදිහට ඉදිරියට ගෙන්න මහන්සි වුන හැම කෙනෙක්ටම මීට වඩා තැනක් ගරුත්වයක් වගේම පිළිගැනීමක් දෙන්න ඕනෙ කියන එකයි මගේ නම් මතය.
    අපි ඉන්දියාවට කොයි තරම් ගැතිද කියනවනම් ලංකාවේ පාසැල් අධ්‍යාපනයේ තියෙන පෙරදිග සංගීතය කියන විෂයට අපේ රටේ සංගීතයක් උගන්වන්න ක්‍රමයක් හදල නෑ. තාමත් උතුරු ඉන්දියානු රාග ටිකක් ගිරවුන්ට වගේ කියල දීල ලකුණු දෙන සිස්ටම් එකක් තියෙන්නෙ. ඒ කියල දෙන බහුතරයක් එවුන්ටත් ඒ ටික හැර වෙනත් සංගීත ඥානයක් ඇත්තෙම නැති තරම්.
    මට තව කියන්න දේවල් ටිකක් තියෙනව. ඒක වෙනම පෝස්ට් එකක් විදිහටම දාන්න ඕනෙ. මාතෙ අයියට ස්තුතියි ජන සංගීතයට මුල පුරන මාතෘකාවක් ගැන නිමල් මෙන්ඩිස් මහත්තය වෙනුවෙන් ලියපු එකට.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි සංගීතය ගැන ලියන උන් බොහොම අඩුයි.. රසවත්ව ලියනවා නම් හොඳ ඉල්ලුමක් තියෙයි..

      Delete
  17. මට මතක හැටියට,ටී.එම්.ජයරත්න රෙගේ බීට් එකට හුරුවට ගායනා කරන,"උපන් රටෙන් පිටවීලා නුහුරු රටේ තනිවීලා"ගීතයේ සන්ගීතයත් නිමල් මෙන්ඩිස් ගේ වෙන්න ඕන. ඒඋනාට අර හිගනරාල ලියල බී ඇන්ඩ් එස් ඩබල කියනවා වගේ වෙන කාටත් බෑ.(රන්ජන්) ඔහේ ලගේ උත්සවේ විස්තර හෙටෙයි?

    ReplyDelete
    Replies
    1. උස්සවේට යන්න බැරි උනා මෙයා...

      Delete
  18. මාතලන් සහෝ
    මා නම්
    කවදා මැචුවර් වේද නොදනිම්
    ලින්ක් එක දැම්මාට නම් තුති
    ඔබ ඈඳා ඇති වීඩියෝ ක්ලිප්
    කීපයද රස වින්දෙම්

    දයල් බතී

    ReplyDelete
    Replies
    1. මැචුවර් වෙන්නෙ නැත්නම් කොච්චර දෙයක්ද..

      Delete
  19. sinhala type karanna bari thanakayi man inne.

    ohu yanna giya .... aya thaniyen.....
    uththama upaharaya puda karami

    ReplyDelete
    Replies
    1. සුළං කුරුල්ලත් යන්න ගියා...

      Delete
  20. නිමල් මෙන්ඩිස් මහත්මයාට පස්සේ හිතෙන්ට ඇති මොන කෙහෙල්මලකට නීලාව මාස්ටර් සර් සින්දුව කියන්ට ගත්තද කියලා. සමිත කිව්වෙ නෙවිල් ෆර්නැන්ඩු කියන සින්දුව නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. සමිතා කිව්වේ නීලගේ රෙද්දක් නෙමෙයි.. නිමල් මෙන්ඩිස්ගේ සින්දුවක්.. ඒක මේ නීලා එයාගේ කර ගන්න හැදුවට...

      Delete
    2. නෙවිල් නෙවෙයි මුලින්ම සින්දුව කිව්වේ , නෙවිල්ගේ අය්ය එරිල් ෆර්නැන්ඩෝ.

      Delete
  21. මම ටිකක් rock රසට ආස හින්ද ද දන්නේ නෑ , මේක ටිකක් හොඳ rendition කියලා හිතුනා.

    www.youtube.com/watch?v=YZeqJ4I1oos

    ReplyDelete
    Replies
    1. එළකිරි.. මමත් රස වින්දා...

      Delete
  22. උඹට ජය මාතලන් ගොයියෝ

    ReplyDelete
  23. සුන්දරත්වය ඉතිරි කරමින් සොඳුරු මිනිසුන් සමුගෙන යති... අපි ඔහේ බලා සිටින්නෙමු..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න