.

.

Apr 17, 2015

ඉල්ලං කෑමට නියමිතයි... - Live or let Die


අම්මට සිරි ලන්කාවේ ජනතාව ගොනාට අන්දන කාළකන්නි දේසපාලුවන්ගේ ජනප්‍රිය කෙප්පයක් වන්නේ, "මේ රටේ ජනතාව බුද්ධිමත්..." යැයි කියනා සොලෝගන් එකය. මේ රටේ ජනතාව බුද්ධිමත් බව කෙසේ වෙතත්, රටේ ජනතාවගෙන් බහුතරය, රටවල් රාශියකින් පිරි මහද්වීපයක් අසල දූපතක සිරවී සිටිනා, අම්බ මැටි මෝල්, තකතීරූ, ගෝත්‍රිකයන් පිරිසක් බව නම්, මේ රටේ මොළේ කඳුලක් තියෙන එකාට හා දවස් දහයක් මේ රටේ සැරිසරන විදේශිකයකුට උනත් තේරුම් යන කාරනාවක්ය.

ජනතාව ප්‍රතික්ෂේප කළ නායකයෙක් හා පඩත්තල පාළණ ක්‍රමයක්, මාස තුනක් යෑමට ප්‍රථම නැවතත් මේ බිම මතට ගෙන ඒමට, ඔහු හා එම ක්‍රමය තුල හැදී වැඩුනු කම්බ හොරුන්ද, එම කම්බා හොරුන්ට කඩේ යන, රූපවාහිනි, ගුවන් විදුලි, කැලෑ පත්තරකාරන්ද, පාතාල ව්‍යාපාර මගින් දානපතියන් වී පාතාල ව්‍යාපරා හා ඈඳුනු නීත්‍යානුකූල ව්‍යාපාර පවත්වා ගෙන යන ධනපතියනුත්, ඒ බව මනාව වටහා ගත් පිරිස වේ.

එම පිරිස පැහැදිලිව දන්නා දෙය නම්, මුන්, බුද්ධිමත් කෙසේ වෙතත්, ඕනම සෙප්පඩ විජ්ජාවක් පෙන්නා, දපනේ දමා ගත හැකි හාතයි බූරුවන් පිරිසක් බවය. එසේ නොමැති නම්, තමන් හැදූ වැඩූ අප්පච්චි ගෙදර සිටියදි, කොහේවත් නාකි මුත්තෙකුට අපේ අප්පච්චි කියන්නේ නැත. එතුමාට වැඳ නමස්කාර කරන්නේත්, අත දරුවන් බෞතීස්ම කිරීමට දික් කරන්නේත්, අහු වෙන අහු වෙන ගස් ගල් වලට පමණක් නොව, වේස පූජකයන්ටත් වඳිනා පුදනා නිසාය.

මෙය බුදුන්ගේ දේශය යැයි කීවද, මෙහි නැත්තේත් පිරිසිඳු බුද්ධාගමයි. දැන් ඇත්තේ හින්දුන්ගේ ඇදහිලි ක්‍රම හා පඬු පැහැ රෙදි කරේ දමාගත් එක එක කාළකනින්ගේ ඉගැන්වීම් මිස, තේරවාදි බුද්ධාගමවත් මහායාන බුද්ධාගමවත් නොවන, එක එකාගේ අම්මා උන්ට කියා දුන් බුද්ධාගමක්ය. එසේ නොමැති නම්, තම විරුද්ධවාදියා මරා දමන බවට ගෝරනාඩු කරන්නේ නැතිය. පිරිසිඳු බුද්ධාගම තිබුනේ නම්, මේ රටේ බුද්ධිමතුන් මිස, එක එකා දෙන ගුලි කන අම්බරුවන් පිරි දිවයිනක් වන්නේද නැත. එහෙත් අතීතයේ පටන් මේ රටේ තිබුනේ මහරජාට කඩේ යන පච බුද්ධාගමකි.

මේ රට විනාශ කිරීමට සිටිනා අම්බ හොරුන්ට ඒ බව වැටහුනද, ගව ගාලක් තුල ජීවත් වූවත්, සිතින් ඇමරිකාවේ හා මොන්ටිකාලෝ වල ජීවත් පොන්ටිකාලෝලා පිරිසක් සිතාගෙන සිටිනුයේ, ඡන්දයකට ගිය හොත්, හොරුන්ට, කුඩු කාරයන්ට, එතනෝල් කාරයන්ට, කැසිනෝ කාරයන්ට, කරෝකේ කාරයන්ට, බාර් කාරයන්ට, කසිප්පු කාරයන්ට ඡන්දය නොදි, උන්ට ඡන්දය දෙයි කියලාය. අපට කියන්නට ඇත්තේ, හදිසි මැතිවරණයකට හෝ ව්‍යවස්ථා වෙන්සකට යන තොපි වන් ගොන් රැලක් ළොවෙත් නෑ කියාය.

එකසිය ගානට ඉස්පීඩ් එකේ යන වාහන, එක තැන බ්‍රේක් ගසා නවත්තන්න යන්නේ නැතිය. එහෙම නවත්තන්න ගියොත් වැඩේ අහවර වෙන්නේ, වාහනයත් කුඩු පට්ටම් වී එකේ ඇතුලේ ඉන්නා උන් ඔක්කොම නිවන් පුරේ ගිහිල්ලාය. ඇහින්දාස් ටීම් එකක් දමා හදපු මඤ්ඤං පෝල් පීරිස්ලා, ඇමරිකන් සිස්ටම් උස්තාද්ලා, දේසප්පෙරේමි බලවේග, ලිබරල් පොරවල් ඉතරක් නොව දං ගෙඩියට  බෙල්ල තියපු පොළොන්නරුවේ බයියා මහත්තයාද කොලේ ඒකය.

දැන් මුන්ට රට පාළණය කොර ගන්න බැරිය. රට පාළනේ කෙසේ වෙතත් යහපාළන කැඳ හැලියේ ආඬී ටිකවත් පාළනේ කොර ගන්න බැරිය. මුන් ඡන්දේ ඉල්ලන කාලේ අහෝසි කරනවා කියා ගිරිය කඩාගෙන කෑ ගහපු විධායකේ, දැන් සම හරක්ට හොඳ වෙලාය. තියෙන ඡන්ද කොරමේත් වල්ලා පට්ටය. අලි කුලප්පුව හැඳුන උන්ට එවා වෙනස් කොරන්න ඕනා කීවද, එවා අහෝසි කරන්න පිවිතුරු හෙටක් උස්සාගෙන වැඩපු මහ රහතන් වහන්සේ, මූලක්ගින්න තද උන එකා වාගේ, හොට බිම ඇනගෙන මර හඬ දෙනවාය. ඒ අස්සේ හාල් කෑලි පක්ෂ වලින් සෙට් උන උන් කියන්නේ සමානුපාතිකේ ඕනා කියලාය.

මේ සියළු දෝස වලට හේතුව වෙන මක්කාවත් නෙමෙයිය. කිසිම ප්ලෑන් එකක් හෝ එකමුතු කමක් නැති එකය. ඒ සියල්ලටම වඩා නිර්භීත නායකත්වයක් නැති එකය. මේ මට්ට හරකුන් 19 ය සම්මත කර ගන්න අළුත්කඩේ අස්සෙයි, පක්ෂ නායකයන්ගේ රෙද්ද අස්සෙයි රිංග රිංගා හත් පොලේ ගාගෙන නෝන්ඩි වෙන අස්සේ, ඕක මහින්ද මහත්තයාට දුන්නා නම්, හෙට උදේ වෙනකොට සම්මත කොරලා වෙන මක්කා හරිත් කොරලා ඉවරය. 

විධායකය කියන්නේ එයටය. නායකත්වය කියන්නේ එයටය. එක අතකින් මහින්ද මහත්තයා නැත්නම් යුද්ධය ඉවර කරන්න බෑ කියන කතාව, මුන් ක්‍රියාවෙන්ම ඔප්පු කරලා එවරය. මේ වගේ ගොන් රැලකට යුද්ධය වගේ දෙයක් දුන්නා නම්, පිරබාහරන්ගේ උන්, අපේ අධෝ මාර්ගයේ සංසර්ගය කරලා, උන්ගේ අධෝමාර්ගයෙන් හිනා වෙනවාය.

ඒ මක්කා උනත්, "වෙනස", වෙනස් කිරීමට යහ පාළණ කැඳ හැලියේ ආඬින්ට කිසිම අයිතියක් නැත. මේ රට වැඩවසම් යුගයකින් ගලවා ගත් බහුතරයකගේ බලාපොරොත්තු සුන් කර දැමීමට, මුන් එකෙකුටවත් අයිතියක් නැත. මොකෝ උන් ඔතන ඉන්නේ ඒ නිර්භීත ජනතාව නිසාය. උන් මේ යක්කුන්ගෙන් එක මලදානයක් වත් ඉල්ලුවේ නැතිය. ඉල්ලුවේ යහ පාළණයක විතරය. ඒකට කෙල වෙන බව ඇස් පනා පිට පෙනි පෙනී, මහ ඡන්දයකට යන්න කලින් දින 100 පොරොන්දු ඉටු කර, කම්බා හොරුන්ට දඬුවම් කොට යනවා නම්, තොපිට මෙන්ම අපටත් හොඳය.

ප්‍රශ්ණ කිරීම්, ෆයිල් හැදීමේ සෙප්පඩ විජ්ජා වලින්, තොපිට ඡන්දය දුන් වෙනසක් බලා පොරොත්තු වූ ජනතාව ගොනාට ඇන්දවිය නොහැකිය. අපට, තොපට කීමට ඇත්තේ, මහින්ද වන්, කට්ට කයිරාටික, වෙට්ට පිත්තල, බලවත් නායකයකු හා ගේමට ගොස් ඉල්ලාගෙන කන්නේ නැතිව, දීපූ පොරොන්දු ඉටු කරලා තියනා ඡන්දයක් තියන්න කියලාය. 

අපට ඕනා ඡන්ද රෙද්දක් නැතිය. මිනිස්සු ඉල්ලන්නේ හොරු අල්ලන්නෙයි කියලාය. එහෙම නැතුව හොරුත් එක්ක හැමිනෙන්නෙයි කියලා කිව්වේ නැතිය. ඒක කොරන්නම බැරි නම්, ඉල්ලා ගෙන කන එකත් එක අතකට හොඳය. මොකෝ තොපිට කොරන්න බැරි උනාට, මහින්ද මහත්තයා කිසි ගින්නක් නැතිව මේ රට පාළණය කොල නිසාය.

96 comments:

  1. පට්ටම පට්ට ඇත්ත. !! පොල්ලෙන් ගහන්නා සේ ඔය දෙසල තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. පොල්ලෙන් නෙමෙයි පොරොවෙන්ම ගහනකන් තේරුම් නොගන්නා පාටයි...

      Delete
  2. අම්මපා ඇත්ත ඕයි ! බොලාට තේරුණු ටික අපේ මේ අනෙක් ගොබ්බයන්ටත් වැටහෙනවානම් ආයිමත් මරා ගොඩේ ගොඩය.

    ReplyDelete
    Replies
    1. ඕකුන්ට බලේ දුන්නට මොළේ දෙන්න බෑ නේ....

      Delete
  3. දින සීය පිරෙන්න ලඟයි නේද? :p

    ReplyDelete
    Replies
    1. සීයා එක්ක බැරි නම් දෙසීයා එක්ක හරි කමක් නෑ.. මොකෝ මේ ජයග්‍රහණය අපට වටිනවා..

      Delete
  4. හම්මේ එකෙන්ම,

    ReplyDelete
  5. පට්ටම පොස්ට් එක මචං. මගේ හිතේ තියෙන දේ එහෙම ලියල. එත් තාමත් ඕක නොතේරෙන් එවුනුත් ඉන්න වනේ

    ReplyDelete
    Replies
    1. ඔං මම FB එකෙත් ශෙයාකර මේක

      Delete
    2. මුන්ට තේරෙවන්න තේ කොල කවලවත් බෑ...

      Delete
  6. කලකිරීමක් ඇතිවීම සාධාරණයි. ඒත් මේ ලිපියේ එකිනෙකට පරස්පර අදහස් තියෙනවා.

    අද ආණ්ඩුව කරන අයට ඇති ලොකුම ප්‍රශ්නය පළපුරුද්ද නැතිකම යි. මෛත්‍රීට වුනත් තියෙන්නේ yes sir පළපුරුද්ද විතරයි.

    ReplyDelete
    Replies
    1. පරස්පර ගැන පොඩ්ඩක් කිව්ව නම් රසික......
      දැන ගන්න ආසයි & කැමතියි.......

      Delete
    2. පරස්පර තැන් පෙන්නුවා නම් සාකච්ඡාවක් ඇති කරගන්න තිබුනා...

      Delete
  7. බලමු මචං දුසන රපොර්තුව අතට ආවම..........
    අතේ තියාගෙන පත්තු කොරනවද..........
    නැත්නම්.............ම්ම්ම්ම්ම්ම්ම්ම්................

    ReplyDelete
    Replies
    1. අතේ තියාගෙන අතේ මරන්න තමයි තියෙන්නේ ඊට පස්සේ...

      Delete
  8. පට්ටම පට්ට,,,,,,,යග පාලනය ..පෙන තෙක් මානයක වත් නෙත,,,අන්තිම හුස්ම පොද යන තුරු සටන් කරමු,, මතලන්ට ජය වේවා,,,

    ReplyDelete
    Replies
    1. කිචිකෝ මගෙගාවා

      Delete
    2. නැත්නම් ඉතින් ආයෙත් හොරු ටික ඉතුරු ටිකටත් ගේම දෙන්න නේ ලෑස්ති වෙන්නේ...

      Delete
  9. මාතා................

    හොරු අැල්ලීම සම්බන්ධ කතාවට ඒකෙන් ම ඒකගයි... ඒත් ජාතික අාණ්ඩුව අවශ්‍ය දෙයක්... ඒකට හොරුන්ගේ ෆයිල් භාවිතා කරමින් තමන් වෙත තබා ගැනීම නම් වැඩක් නැහැ..... මොනවා වුණත් මාතා අපි හිතපු පාරෙම නම් නෙමෙයි මේ අාණ්ඩුව යන්නේ....

    ReplyDelete
    Replies
    1. මේ මොන ජාතික ආන්ඩුවක්ද බං.. අම්මගේ රෙද්ද.. කාට හරි හොරා කියනවා. පයිල් එකක් හදනවා. ඌව ප්‍රශ්ණ කරනවා පැය ගානක්. ඊට පස්සේ අහනවා යහ පාලනේද, වැලිකඩද කියලා. අරු යහ පාලනේ තොර ගන්නවා. ඇමති කමත් අරගෙනම ගුද මාරගයේ සංසර්ගයේ යෙදනවා. හොරු වැලිකඩ කෙසේ වෙතත් කාල්ටන් එකේ බක්මහ උළෙලවල් තියනවා..

      Delete
  10. ජනාධිපතිවරබෙට කලින් තිබුණු අවංකකම හුඟ දෙනෙක් අද පෙන්වන්නේ නැහැ. බලලෝභය අඩු වැඩි වශයෙන් කා තුලත් තියනවා.

    ReplyDelete
    Replies
    1. බල ලෝබයට වඩා තියෙන්නේ නොහැකියාව.. ඖෂධ පනත මායාවක්. ඩොකාලා ලියන්නේ උන්ට හිතෙන බෙහෙත්. ඩෙංගු අන් කවරාදාටත් වඩා හිස ඔසවලා.. මේවා එයාගේ සබ්ජෙක්ට් නේ.. ඒවාටවත් පිලියම් නැතුව කොහෙද මහ දේවල් වලට සොලියුෂන් හොයන්නේ. ඊට අන්තයි එජාපේ උන්. උන් අලි නෙමෙයි, මී හරක්...

      Delete
  11. Excellent Excellent Post.

    ReplyDelete
  12. කක්කා සාගරේ කිමිදී මුතු සෙවූ සින්හල බොග් අවකාසේ ඔස්තාර් කෙනෙකු ලියූ වැලපීමකි....

    පොරෝ පහර ට ජය වේවා....!!

    ReplyDelete
    Replies
    1. කක්කා ඔස්තාර් හඳුනා නොගත් නොදරුවකු කක්කා ගාග්න හා කාගෙන දැමු කොමෙන්ටුවකි... අප බොග දමන්නේ එක එක හාල්පාරුවන්ට නොව මේ රටේ දුක් විඳිනා ජනතාව වෙනුවෙනි.. තවමන් කම්බ හොරුන්ට වඩා මේ හාල්පාරුවෝ හොඳය.. දුක නම්, තොප වන් අම්බරුවන් පිරිසක් සිටිනා රටක ඉල්ලාගෙන කෑමට යාම ගැනය..

      Delete
    2. දැන් අර හොරසල්ලි සජිත් දින සීයක් ඇතුලත ගෙවල් පනස්දාහක් හදලා අහවරැයි?

      අප වැනි මහින්ද වාදී අම්බරුවන්ට ජය වේවා.. තොප වැනි දුක් විඳින ජනතාව වෙනුවෙන් බොග් දමනා හාදයන් බන්ගවේවා!

      Delete
    3. හරි පව් අප්පා.. උඹ උන්ගේ ගුලි කෑවද...? අපි නම් දන්නවා ඒවා නැව් පච කියලා.. ඒතියා විධායකේ අහෝසි කිරිලිත් අමු කෙප්ප..

      Delete
    4. මහින්දවාදී සර ස තුමා පවු.... ඔබතුමා දැන දැනම කෙප්ප කෙලලා සින්හල බොග් කාරයෝ මුලා කිරීම ගැන ස ර ස තුමාට හරි සන්තොසය...

      පෙරලුනු පිට හොඳයි කියනවා.....

      Delete
    5. සා........රස...........................
      උඹ නා.............මල්ගෙන් තාම පඩියක් ගන්නවද.......
      මාතා කියල තියෙන දේ හරියට තේරුම් අරගෙන වරෙන් බං කතාවට.....

      Delete
    6. ඔවු... තාම පඩි ගන්නවා.. ඇයි අවුල් ද?

      මාතලන් උත්සාහ කරන්නේ සින්හල බොග් අවකාසේ ඉන්නා හර්ක් ටික දිගටම රවට්ටමින් ඊලඟ මැතිවරනෙයේදීත් උන් ව යූ එන් පී එකට කඩේ යවන්නයි...

      ඒක මට තේරිලා ගොඩක් කල්... අපිත් ඉතින් ඉගෙන ගත්තේ රනිල් ගෙ ඉස්කෝලේ නේ....න

      කෙන්ජි නම් ජොසොප් වාස් එකේ වෙන්න ඇති... :D

      Delete
    7. Seriously මාතලන් , උඹ ඇත්තටම විශ්වාස කලාද යහපාලන නඩය දුන් පොරොන්දු වලින් එකක් වත් ඉටු කරාවි කියල ? ඔව් කිව්වත් උඹ පරාදයි , නෑ කිව්වත් උඹ පරාදයි බොස්

      Delete
    8. නෑ අනේ පොරොන්දු වලට අහු වෙන්න අපි උඹලා වගේ හරක් නෙමෙයිනේ. අපේ ප්‍රධාන පරමර්ථ දෙකක් තිබුනා.. එකක් අප්පච්චිට පැන්ෂන් දෙන එක.. ඒක සාර්ථකයි.. අනික දුප්පත් මිනිහගේ ජීවන් වියදම අඩු වීම. ඒක ටිකක් අවුල්. ඔය හොරු අල්ලන එකත් සෙප්පඩ විජ්ජාවක් කියලා මිනිස්සු දන්නවා. ඒත් ඉතින් හොරුත් එලියේ ඉන්න කොට මිනිස්සු බයයි නේ.. ඒකයි ඇතුලට දාන්න කියන්නේ.

      Delete
    9. අප්පච්චි ආපහු එනවා.... එදාට මාතලන් මොකද කියන්නේ?

      Delete
    10. ලබන ආත්මේ වෙන්න ඇති... අනේ තොපි වගේ හරක්... ඒත් එයාට ඡ්න්දේ ඉල්ලන්න දෙන්න ඕන.. එතකොට තේරේවී හොඳට.. සල්ලි වලට කහින් උන් නැටුවට.. මිනිස්සු දැන් දන්නවා පොර කව්ද කියලා...

      Delete
    11. රස්සාව නැතුව අවුරුදු කාපු කස්ටිය සහ ඔවුන්ගේ නෑයෝ දන්නවා මහින්ද කවුද කියලා...

      නන්නත්තාර යූ එන් පී එකට ආන්ඩු බලය ගන්න පොරෝ සිරා ව ඉස්සරහට දා ගෙන විදේශ ඔත්තුසේවා සමග නැටූ නැටුම් ඉවරයි...

      දැන් චීනේ හිටු කියලා ආපහු මහින්ද ගේන්න සල්ලි විසි කරනවා.... රක්නා ලන්ක ලොක්කා ඉතිරිය විසි කරනවා...

      සිරිකොතට කුලියට කැහැපු හාදයොත් දැන් දැන් මහින්ද ගේ හොඳ ලියන්නේ ඒකයි....

      මහින්ද ලොක්කව බලන්න අවුරුද්දට ගිය මන්ත්‍රී සන්ක්යාවෙන් ම වැඩේ තේරෙනවා නේ...

      Delete
    12. උන්ට කියන්නේ මන්ත්‍රිවරු කියලද...? අපි නම් කියන්නේ කම්බ හොරු කියලා...

      ඔහේලට සෑහෙන කාළයක් ආතල් ගන්න වෙයි අනේ...

      Delete
    13. අනේප් පලයන් බං යන්න බොරු ගහන්නේ නැතුව. පහුගිය කාලේ ලියපුවට ගිහිල්ල බලහං හරක කවුද කියල. උඹමනේ කිව්වේ දුන්න පොරොන්දු වලින් පොඩ්ඩක් හරි ඉටු කරොත් ඒ ඇති කියල. ඒ කියන්නේ බොට බලාපොරොත්තුවක් තිබ්බ කියන එක නේ. ...

      // ඔය හොරු අල්ලන එකත් සෙප්පඩ විජ්ජාවක් කියලා මිනිස්සු දන්නවා.//
      මිනිස්සු සහ අපි නං දැනන් හිටියා .. එත් උඹ දැනන් හිටියේ නෑ නේ . දින 100 කක්කා සාගරේ කිමිදීල දැන් ගොඩ ඇවිල්ල පඬි ටෝක් මොකට දෙනවද බං. ඔන්නොහෙ උඹත් කියල ඉතින් වෙන මොනවා කරන්නද... ඕන පුකක්...

      අහ් තව එකක්. උඹම නේද කිව්වේ "අප්පච්චිට පැන්ෂන්" දීමේදී සමාජ ජාල ඉෂ්ට කල "කර්තව්‍ය" ගැන... දැන් UNP දිනකට රැ 1600 බලකායේ එවුං ඇරෙන්න එක ජෙනුයින් ටොයියෙක් හොයා ගන්න නෑ සමාජ ජාල වල . උඹේ අදහස අනුව දැන් රැල්ල මොන පැත්තටද බං ?

      Delete
    14. //උන්ට කියන්නේ මන්ත්‍රිවරු කියලද...? අපි නම් කියන්නේ කම්බ හොරු කියලා...

      ඔහේලට සෑහෙන කාළයක් ආතල් ගන්න වෙයි අනේ...//

      රනිල් ගේ ආන්ඩුව ඔය කියන කම්බා හොරු සහ දුමින්ද සිල්වා ගේ දෙපා ලඟ වැඳ වැටෙන අයුරු දුටුවාම.... ඇඬෙනවා මගෙ තනි ඇහැට.....

      Delete
    15. //දින 100 කක්කා සාගරේ කිමිදීල දැන් ගොඩ ඇවිල්ල පඬි ටෝක් මොකට දෙනවද බං. ඔන්නොහෙ උඹත් කියල ඉතින් වෙන මොනවා කරන්නද... ඕන පුකක්... //

      කිරි මූද කැලඹෙවුවාම අමුර්තය මතු වෙනවා කියනවානේ... දින සීයක් කක්කා සාගරේ කැලඹෙව්වුවාම මතුවුනේ කොත්තමල්ලි... පවු නේ...



      //අහ් තව එකක්. උඹම නේද කිව්වේ "අප්පච්චිට පැන්ෂන්" දීමේදී සමාජ ජාල ඉෂ්ට කල "කර්තව්‍ය" ගැන... දැන් UNP දිනකට රැ 1600 බලකායේ එවුං ඇරෙන්න එක ජෙනුයින් ටොයියෙක් හොයා ගන්න නෑ සමාජ ජාල වල . උඹේ අදහස අනුව දැන් රැල්ල මොන පැත්තටද බං ? //

      ලප කුමාරයා හැමෝටම ගහලා අන්තිමට කෙටුවේ රක්නා ලන්කා නිස්සන්කට. නිස්සන්ක ඊයේ වෙනකොට ජෙප්පන් ගේ ජොලිසීයා හරහා පක්සේ දෙකඩ කලා... ලබන සතියේ ලප කුමාරයා පක්සෙන් දොට්ට...

      ජෙප්පන්ටත් හෙන ගැහුව එකේ සමාජ ජාලා ක්‍රියාකාරීන් උන්නද මලාද නැහැ......

      Delete
    16. //දැන් UNP දිනකට රැ 1600 බලකායේ එවුං ඇරෙන්න එක ජෙනුයින් ටොයියෙක් හොයා ගන්න නෑ සමාජ ජාල වල . //

      හෙහ් හෙහ්.. යකෝ එතකොට මරාට කඩේ යන්නෙත් අභීත සක්විති බලකායෙ ෆේක් සෙට් එක විතරයි තමා කියල දැක්කෙ නැතෙයි? අපි ආයි ඡන්දයක් ආවම වැඩට බහින්නං, හැමදාම කෑ ගැහුවම සද්දෙ ඇහෙන්නෙනැතුව යනව කියල දන්නවනෙ.

      //නිස්සන්ක ඊයේ වෙනකොට ජෙප්පන් ගේ ජොලිසීයා හරහා පක්සේ දෙකඩ කලා... ලබන සතියේ ලප කුමාරයා පක්සෙන් දොට්ට...//

      ජොලි සීයට වඩා පොරක් වෙච්චි, ජෙප්පොන්ව ඇත්තම කෙලින් කරපු කුමාර්, විමළෙ, සේනාරත්න සෙට් එකත් ගියා කියල උන් හාන්සි උනේ නෑ නෙව? ඕකත් ඉතින් තව ටික දවසකින් ඉවරයි.

      Delete
    17. අනේ පල යන්න.....පට්ට හුත්තෝ........
      පාසල නෙමේ වැදගත්.........
      තෝ බත් කකා..........
      ගොනෙක් වගේ හැසිරෙන එක......
      මම .....DS ...තොට අවුල් ද .....කාලකන්නිය......
      අපි හරි දේට හරි .....වැරදි දේට වැරදි......
      මාතා......ලියපුව මුල ඉදන් කියවපන් හුත්ත.....

      Delete
    18. අප්පච්චි මලා... විමලේ, මං ගොනා පිල, වාසු හා අප්පච්චිගෙන් කාලා හැදිච්ච කම්බ හොරු අවමගුල් ඉත්සවේ ලෑස්ති කරනවා.. ඊළඟ ඡන්දෙදි බූමදානේ සිද්ධ කරනවා..

      Delete
    19. // Kenji @ මැලේApril 18, 2015 at 6:56 AM

      අනේ පල යන්න.....පට්ට හුත්තෝ........
      පාසල නෙමේ වැදගත්.........
      තෝ බත් කකා..........
      ගොනෙක් වගේ හැසිරෙන එක......
      මම .....DS ...තොට අවුල් ද .....කාලකන්නිය......
      අපි හරි දේට හරි .....වැරදි දේට වැරදි......
      මාතා......ලියපුව මුල ඉදන් කියවපන් හුත්ත.....
      //

      :D

      හා මචන්

      Delete
    20. This comment has been removed by a blog administrator.

      Delete
    21. This comment has been removed by a blog administrator.

      Delete

    22. "This comment has been removed by a blog administrator " යන්නෙහි තෙරුම - මාතෘකාවට අදාල පරුෂ වචන කපා හරිනු නොලැබේ. අනවශ්‍ය පුද්ගලික අපහාස අනවශ්‍යයි.

      ( බය්යන්ගේ දැන ගැනීම පිණිසයයි )


      සා/රස,
      බයි ලොජික් - මරාට කඩේ යන උන්ගේ පඩත් සුවඳය, ගූත් පැණි රසය.

      Delete
    23. //සා/රස,
      බයි ලොජික් - මරාට කඩේ යන උන්ගේ පඩත් සුවඳය, ගූත් පැණි රසය.//

      සහතික ඇත්ත මෙයා...



      //මාතෘකාවට අදාල පරුෂ වචන කපා හරිනු නොලැබේ. අනවශ්‍ය පුද්ගලික අපහාස අනවශ්‍යයි.//

      :D
      OK Indika, if you say so....

      Delete
    24. දැන් දිලිත් ද කාගෙද බොග් එකේ ඇඩ්මින් චන්චලාද? ඇයි දිලිත් ට දුක හිතෙනකොට චන්චලාට රිදෙන්නේ :D

      Delete
    25. @ මහ සොහොන් බයියා

      පොරොන්දු ඉටු කරන්න කියන්නේ උන් පොරොන්දු දුන්න නිසා මිසක් ඒවා ලැබෙයි කියලා බලා පොරොත්තුවෙන් නෙමෙයි.. අතීතයේ පටන් ඕක අම්බ බොරුවක් කියලා දන්න අපි ඕවට රැවෙටෙන්න ඔයාලා වගේ තොත්ත බබාලා නෙමෙයි. ඒත් ආන්ඩුවලට බල කරන්න ඕන උන් කිව්ව දේවල් කරන්න කියලා. නැතුව ආන්ඩු පත් කරලා උන්ට හොරා කන්න කියලා පුක උඩ දාගෙන වැඳලා අම්මටත් අපහාස කරගෙන කොහේවත් යන එකෙකුට අප්පච්චි කිය්න එක නෙමෙයි කරන්න ඕන..

      Delete
    26. //ඒත් ආන්ඩුවලට බල කරන්න ඕන උන් කිව්ව දේවල් කරන්න කියලා. //

      යකෝ .. දින සීයකදී ගෙවල් පනස් දාහක් හදලා අඩු ආදායම් ලාබීන් ට බෙදල දුන්නා....

      ඒත් මදි කියලා නේ මුන් කෑ ගහන්නේ.... සක්කිලි හැත්ත!

      Delete
    27. @ මාතලන් පොයියා
      මම මේ කල්පනා කරේ උඹහේ පොඩි කාලේ "ගුරු පියා" කිව්ව එවුං සේරෝම ඇවිල්ල උඹහෙගේ අම්මට ඇරලා ගිය එවුන්ද කියල ... උඹගේම ලොජික් වලට අනුව.
      මෝඩ චුං අවශ්‍ය නැහැ.. You lost big time mate. No need to take the treads out. Your heart knows it already.

      මට නං ඔව්ව පඩේකට වැඩක් නැහැ.. මට කියල රනිල්ගේ මාධ්‍ය යුනිට් එකෙන් සල්ලි හම්බ වෙනවා කියලයි!! මං කල්පනා කොරේ සෙන්සර් කරන්න තරං දරුණුවට ස රා තුමා ලිව්වේ මොකද්ද කියල... ඒක මීටත් වඩා දරුණුද ??
      // අනේ පල යන්න.....පට්ට හුත්තෝ........ මාතා......ලියපුව මුල ඉදන් කියවපන් හුත්ත.....//

      Delete
    28. @ ඉන්දික
      //යකෝ එතකොට මරාට කඩේ යන්නෙත් අභීත සක්විති බලකායෙ ෆේක් සෙට් එක විතරයි තමා කියල දැක්කෙ නැතෙයි?//
      නැහැ. මට පාට කන්නාඩි නැහැ. මම කියන්නේ මම අත්විඳින දේ. ජනවාරි 8 ට කලින් වෙනසකට කඩේ ගිය මගේ යාලුවෝ කිසිම කෙනෙක් දැන් එය කරන්නේ නැහැ. සමාජ අඩවි වලත් ඒ සමානව විශාල අඩුවක් පෙනෙනවා. අනිත් අතට මහින්ද ගේ අතට සහයෝගය දීමට සැකසු නව අඩවි ගණනාවක් ඉතාමත් සක්‍රිය තත්වයේ ඇති බව පේනවා. පැස්බර න්‍යාය අනුගමනය ඔබට බාරයි. අනිත් එක ඔබගේ පෞද්ගලික කෝන්තර මට කීමට අවශ්‍ය නැහැ. ඔබගේ මුදලට සිදුවූ දෙයට කනගාටුයි. But seriously .. I dont give a fuck. So no need to tell me who is behind what.

      Delete
    29. @ මහසෝන් බයියා

      උඹට මෙහෙම වේදනාවක් ඇත්නම්, මහින්ද මහත්තයට කොහොම වේදනාවක් ඇද්ද..? මහසෝන් කියලා නම දැම්මට ලැජ්ජා යකාටත් අන්තයි..

      කෙන්ජි කෙලින්ම සා රසට දීලා තියෙන්නේ.. ඒත් සා රස කරන්නේ මිනිහෙක්ගේ පුදගලික ප්‍රශ්ණයක් ඇදලා ගන්න එක. ඕක බ්ලොග් වල කතා කරලා එපා වෙච්ච දෙයක්.. මිනිස්සුන්ගේ පහත් ගතිය තමයි තර්කයට තර්කයෙන් පිලිතුරු දෙන්න බැරි උනාම. පෞද්ගලිකත්වයට පහර ගහන එක.. ඒ ගූ වැඩ අපි ලඟ නෑ ලොක්කා..

      Delete
  13. ඉල්ලං කෑමට නියමිතයි... ඔව් එන්නකෝ හෙට ..... දෙන්නම් පොරි හැලෙන්න

    ReplyDelete
    Replies
    1. පොරි අරගෙන එන්නේ නෑ.. ගල් තමයි ගෙනාවොත් ගේන්නේ..

      Delete
  14. කාලෙකින් සුභ නව මෙව්වා එකක් වේවා!!!, එහෙම එකක් අපිට තියේද මන්ද? මම නම් අනුරාජපුරේට වෙලා නටබුන් දිහා බලාගෙන හිටිය මිසක් ඔය තෙල්ගාන, සරම් අදින වෙලාවල් නම් දන්නෙ නැතිය.
    කෙසේ වෙතත් මේක නම් නියම යි. දෙන එක දීල තියනවා පොරි හැලෙන්න. මාතලන් අපේ ජහමනයා ගැන කියන එකත්, අහන එකත්, ලියන එකත් නියම ආතල්, මුන් ගෝත්‍රිකයන්ට අන්ත බයියොම තමා. මට මේ දිනවල නිතර ම මතක් වෙනවා, සිසිර කුමාර මාණික්කාරච්චිගේ පොත්, සහ චන්ද්‍රා අනගිරත්නගේ මෙහෙව් රටේ කතා ටික.

    ReplyDelete
    Replies
    1. ගිය අවුරුද්ද නම් මුළු රටටම සුබ මෙව්වා එකක් උනා.. ඒත් මේ අවුරුද්දේ ඉල්ලගෙන කන්න වගේ යන්නේ. මේ විදියට ලිව්වේ නැත්නම් මේකේ ඉන්න උන්ට තේරෙන්නේ නෑ වෙද මහත්තයෝ.. මී හරක් අමතන්න වෙනම භාෂාවක් තියෙනවා.. කරුමේ කියන්නේ ජනතාව අම්බරුවෝ බව ගොඩක් උන් දන්නවා.. ඒත් යහ පාලනේ උනුත් මී හරක් කියලා කව්ද හිතුවේ...

      Delete
  15. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වගෙඩ් දේවල් අපේ ලංකාව වගේ රටවලට දෙන්න ඕනි සැහෙන්න සීමාවක් සහිතව. මොකද අපේ ගොන්නු ඔව්වා පාලනය කරගන්න දන්නේ නෑ. මාතලන් කිව්වා වගේ කලින් හිටපු මරාට එහෙම මේ වගේ විවස්ථාව සංශෝධනයක්, විධායක ජනාධිපතික්‍රමයේ සංශෝධනයක් එහෙම ගෙන්න හිතුනා නං දවස් දෙකෙන් සේරම කරලා අහවරයි. මරාට ඕනි විදියට ඒවා කරලා දෙන්න උසාවියේ ඉදන් පාර්ලි‌‌මේන්තුවේ ඉන්න බහුතරයම ලෑස්ති වෙලා ඉන්නේ.

    හැබැයි දැන් නිදහස තියෙන නිසා හැම එකාම රනිල්ටයි, මයිත්‍රීටයි බැන බැන කකුලෙන් ඇද ඇද ඉන්නවා.

    සුදු වෑන් වලින් මාධ්‍යකාරයෝ කුදලන් යන්නේ නැති නිසා උන් උන්ට ඕනා හිතුන හිතුන දේ දානවා. නෙත්එෆ්එම් එක මරාගේ ගෙදර ඉදං අවුරුදු සමරන්නේ, දිවයින පත්තරේ පට්ට කෙබර දාමින් මයිත්‍රීට,රනිල්ට මඩ ගහමින් ඒකාධිපති මරාට පුක දෙන්නේ අන්න ඒ නිදහස වැරදියට පාවිච්චි කරන නිසා.

    අපේ රටේ උන්ට ඕනවට වඩා නිදහස දුන්නොත් උන් කරන්නේ ඒ නිදහස දුන්නු ආණ්ඩුවටම කෙලින්න හදන එක. මයිත්‍රී,රනිල් තදින් හිටියොත් හොදයි. අඩුම ගානේ විවස්ථා සංශෝධනයෙදී වත් තදින් ක්‍රියා කලොත් හොදයි. එහෙම කරන්න සහය දෙන්නේ නැත්නං වහාම යන්න ඕනි ජන්දෙකට. එතකොට මරාගේ කෙරුම් ඉවරයි. ප්‍රජාන්තවාදී කියලා හැම පක්ෂයක්ම කියන දේවල් අහන්න ගියොත්,උන් සතුටු කරන්න ගියොත් වෙන්නේ මෙලෝ මලදානයක් කරන්න බැරි වෙන එක.

    මම ඊයේ පෙරේදා දැක්ක ද්‍රවිඩ ජාතික සංවිධානය එකේ නමත් වෙනස් කරගෙන, සියලුම ජාතීන්වල අපේක්ෂකයන් දාගෙන මුළු රටටම තරග කරනවා කියලා. එහෙම උනොත් රටේ අනිකුත් පළාත්වල තියෙන ද්‍රවිඩ ජන්දත් ඕකට යන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම නාගරික ද්‍රවිඩ ජන්ද. ඕක ගැනත් රනිල් අවධානය යොමු කරලා, ඉක්මනට ජන්දෙකට ගියොත් හොදයි.

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකා නිකංද කිව්වේ වල් බූරූ නිදහසක් ගැන. මී හරක් ගාල් කරන්න වෙනම තැන් තියෙනවා. උන්ට නිදහස දීලා මිනිස්සුත් එක්ක සහවාස කම් කොරන්න ගියාම ඔහොම වෙනවා.. කුඩු ගහන උන් පුනරුත්තාපනය හරි අමාරුයි.. උන් ඉල්ලන්නෙම කුඩු..

      එතකොට දෙමළ ජනතාව මේ රටේ ජනතාවක් නෙමෙයිද...?

      Delete
  16. //මේ වගේ ගොන් රැලකට යුද්ධය වගේ දෙයක් දුන්නා නම්, පිරබාහරන්ගේ උන්, අපේ අධෝ මාර්ගයේ සංසර්ගය කරලා, උන්ගේ අධෝමාර්ගයෙන් හිනා වෙනවාය.//
    මහින්ද ලොක්කට 2010දි රට දුන්නෙ වංචා දූශන වලට විරුද්ධ යුද්ධෙට නෙ.පොර ෆේල් උනා.මහින්දගෙ කකුලෙන් ඇද්ද එවුන් දැන් දූශන නැති කරන්න කතා කරන එක විහිලුවක්.මෙයාල දින 200ක් හිටියොතින් නම් බඩු බනිස්.මහ බැංකු සීන් එක නිසා මත්තල,හම්බන්තොට,හයි වේ ප්‍රොජෙක්ට් වලටත් වඩා පාඩුවක් උනා කියන්නෙ ඇත්ත ද? ඇයි මේකෙ තාක්ශණික පැත්ත හෙලිදරවු නොවෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔතන ඔය කියන තරම් මෙව්වා එකක් නෑ. එකම දේ මහින්ද මහත්තයා චීනගෙන් 7% - 8% පොළියට ණය අරගෙන රන් එක දුන්නේ. මුන් සුරැකුම් පත් විකුණලා ණය ගත්තේ 11% - 12.5% පොළියට. මේ රටේ පාරවල් හැදුවට කර්මාණ්ත හැදුවේ නෑ. යටි තල පහසුකම් සංවර්ධණය කරලා වැඩක් නෑ නිශ්පාදන කර්මාණ්ත නැතිව, අඩුම ගනනේ පරම්පරාවෙන් උරුම වෙච්චි කෘෂිකාර්මික නිශ්පාදන හෝ. අපි මේවා ලියන කොට ප්‍රොෆෙසර්ලා මේවා වැරදියි කිව්වා. අද මේ විඳින්නේ එහෙම කිසි ප්‍රතිපත්තියක් නැතිව කරපු පිස්සු කෙලිලි වල ප්‍රතිඵලය.

      එකම වෙනස විශාල වැඩි පොළියකට ණය ගැනීම විතරයි. එහෙම නැතුව මුන්ගෙයි උන්ගෙයි කිසි වෙනසක් නෑ. එහෙම ණයට අරගෙන දුවන්න ආර්ථික විසෙසග්ණයෝ ඕන නෑ. හංදියේ පිළී මුදලාලිට දුන්නා නම් ඔයිට හොඳට කරයි.. කොහොමත් හිටියෙත් පිරමිඩ් ක්‍රම වලින් සල්ලි හොයපු ඒ වගේ හොරෙක්. වැඩේ උන් මුන් ආපු ගම්න් එරියස් එක්කම මහ දාවාලේ දූෂන වල යෙදීම.

      Delete
    2. මාතයියෙ.. කර්මාන්ත සහ ආයෝජන අපට නොලැබෙන්න ලොකු හේතුවක් උනා නේද අපේ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම.කොහේ හරි සෝන් එකක ඉඳන් හදිසි ශිප්මන්ට් එකක් දාගන්න බැරිව ඕඩර් කැන්සල් උනාම කොම්පැණි කාරයො අකුලගෙන යනවා.
      හම්බන්තොට වරාය,මත්තල ගුවන් හා වරාය පහසුකම්,කතරගම දක්වා දුම් රිය සහ අධිවේගී මාර්ග පහසුකම් එක්ක මීගහජඳුර විශේෂ කර්මාන්ත පුරයක් සැලසුම් වෙලා තිබුනා කියලා ඒ කාලෙ ඉඳන්ම කතා උනා.මෙතන අදහස හොඳයි නෙ.කරපු ක්‍රියා පිලිවෙලයි වැරදි.නමුත් යහ පාලනය මේ ඔක්කොම පෝස් නෙමෙයි ස්ටොප් කරලා නටන නැටුමෙන් බෙරේ පලුවකුයි නැටුමයි දෙකටම කෙල වෙන සීන් එකක් නෙව තියෙන්නෙ.බැනුම් අහගෙන හරි මේවා කර ගහල අදින්න එකෙක් නැද්ද හැබෑට..?
      (මහින්ද සහ සෙට් එක වගේ හොරා කන්නෙ නැති )

      Delete
    3. එතකොට ලබ්බෝ පප්පගෙ කාලේ පටන් ගත්ත ෆ්‍රී ට්‍රේඩ් සෝන් පටන් ගත්තේ යටි තල පහසුකම් තිබිලද? නෑ.. තිබුන පහසුකම් යටතේ, එයාර් පෝට් එක ළඟ.. ඊට පස්සෙ තමයි යටි තල පහසුකම් ගැන හිතුවේ. ප්‍රේමදාසගේ ගාමන්ට් ෆැක්ටරි පටන් ගත්ත පැතිවල තාර පාරවල් වත් තිබුනේ නෑ. ඒත් වැඩේ නැගලා ගියා. ජාතික ආදයමේ මුල් ඉස්තානෙට ආවා ඉතාම සුළු කාරයකින්. මෙයාල ඉන්ටර්නැසොනල් යටිතල පහසුකම් හැදුවේ, ඉන්ටර්නැසොනල් එක තරහ් කරගෙන. ඉතින් එක ඉන්වෙස්ටර් කෙනෙක් වත් එන්නේ නෑ. අනික ගමේ ඉන්න මදාවියගේ ඉඳලා මහ එකා දක්වා කප්පම් කාරයෝ.

      මැලේසියාව, සිංගප්පූරුව දියුණු උනේ එහෙමයි. එයාලා කේක් එකකට අයිසින් දැම්මේ. මේ අයිසින් එක කලින්ම දැම්මා රිජිෆෝම් එකක් උඩ.. බැලුවාම ෆැබ් එකේ වෙඩින් කේක් එකක් වගේ ලස්සනයි.. ඒත් ඇතුලේ මක්කත් නෑ කන්නත් බෑ... රිජිෆෝම් විතරයි..

      Delete
    4. එකඟයි.. හැබැයි අපෙන් උන වරදක් තමයි පප්පගෙ,ප්‍රේමදාසගෙ ෆැක්ටරි වැහිල යනකන් බලන් හිටපු එක.ඒ කාලෙත් 'බය'ට පටන් ගත්ත ඒවා බිම්මල් තියරියට අහු උනා නෙ.උන් පස්සෙ බංගලිදේසෙ,අප්‍රිකාවෙ හරි මොන තූත්තුකුඩියට හරි ගාමන්ට්,කර්මාන්තසාලා අකුලන් ගියා.
      කප්පන් කාරයෝ.. ටෙන් පසන්ට් ගොයියා එහෙම හින්දා ආපු ලොකු ලොකු ආයෝජකයොත් ගිය කතාව ඇත්ත.ඒකනෙ උං එලෙව්වෙ.නමුත් අයියෙ අසූවෙ අනූවෙ පාරක් වත් නැතිව ඉන්වෙස්ට් කලාට අද සුපිරි පහසුකම් නැතිව ආයෝජකයො එන්නෙ නෑ නෙ.මොකද යන්න තැන් තියෙන නිසා.මම මතු කරන්න හදන්නෙ 'ලොකු චිත්‍රය' දිහා බලලා ඒ වෙනුවෙන් වැඩ නොකර පොඩි පොඩි ඉරි කෑලි අල්ලගෙන නටන එකෙන් අපට වෙන්නෙ කබලෙන් ලිපටත් ලිපෙන් අඟුරු ගොඩටත් වැටෙන එක විතරයි නේද කියලා...ලොකු චිත්‍රෙ කාටත් අමතකයි.ඒ වෙනුවෙන් බහින්න කෙනෙක් නැති එක නේද ලොකුම ගැටලුව?

      Delete
    5. බංගලාදේශ් ගිහින් තියෙනවද...? එහෙම ගියා නම් තේරේයි.. ආයෝජකයෝ එන්න සුපිරි පහසුකම් ඕන නෑ කියලා.. අද අපේ රටට වඩා ගොඩක් ආර්ථික අතින් ශක්තිමත්.. ඕවා මේ මහින්ද මහත්තය්ගේ කස්ටිය වපුරපු චෛනීස් කෙප්ප..

      Delete
    6. ගාමන්ට් ලංකාවෙන් ගියෙ මෙහෙ ලයිට් බිලයි වැඩි පඩියි, ශ්‍රම හිඟයයි නිසා. මෙලෝ පහසුකමක්, නීතියක් සදාචාරයක් නැති බංගළිදේසෙ ඒව දාගත්තෙ ලාභ ශමයයි ගෑස් වලින් දෙන ඩුමිල ලයිටුයි නිසා. ඒත් ඒ ගාම්න්ට් රන් කරන්නෙ ලංකාවෙ කොල්ලො. මෙහෙ සීයක් ගන්න පඩිය උන් දෙතුන්දෙනා ගන්නව. ඒ නිසා වැඩේ සමස්ථයක් විදිහට පාඩු නෑ, අනික බංගලින්ට අපේ තැනට එන්නත් බෑ ඉගෙනගෙන එහෙම.

      දැන් වෙන්න ඕන අලුත් මාකට් එකට බිස්නස් පටන් ගන්න එක. දින සීයෙන් ඕව වෙන්නෙ නෑ. ඔන්න ජීඑස්පී + ආයි දෙන්න සාකච්ඡා කරනවලු. ඒක ආවොත් ගොඩ. අනික තමා මාලු.

      මරා ඔය රන් බිත්තර දාපු තාරාවො දෙන්නම මරල චීන ක්ඩේ වික්ක, මස් වලට. ඒ මස් විකුනල ගෙනා කරෝල වලින් හොදි එක්ක කුරහන් තලප කාපු උන් දැන් භයවෙලා, කරෝල හොද්ද නැතුව.

      Delete
    7. කාටෙයි සත්තරනේ කියන්නේ.... ඉන්න ඉතුරු උන් ටිකත් අවුන් සාන් සූකීගේ රටට යනවා.. අපිටත් ආයෙත් ඩුබායි වලට හරි යන්න වෙයි වගේ...

      Delete
  17. //ඒ මක්කා උනත්, "වෙනස", වෙනස් කිරීමට යහ පාළණ කැඳ හැලියේ ආඬින්ට කිසිම අයිතියක් නැත//

    ඒකනං ඇත්ත!

    ReplyDelete
  18. ඇත්තෙන්ම චන්දෙ තියන්න තිබුනෙ ජනාධිපතිවරණයෙ උනුසුම යන්න ඉස්සෙල්ල අතුරු අයවැයක් දාපු ගමන්ම. මේ ජහමනයාට මොන යහපාලනද? මහින්දනම් කලේ එක් චන්දෙකින් පසු වහා තවත් චන්දයක් තිබීම (ජනාදිපති, පාර්ලිමේන්තු, පලාත් සබා වෙන වෙනම, පලාත්පාලන්) පොරොන්දු ඉටුකිරීම නෙමෙයි. ඒවා කරන්න මෙන්න මේකත් දිනවලා දෙන්න කියන එක.

    පෝස්ට් එකට වඩා සංක්ශිප්තව ඇකියුරට් කාටූන් එක - මොන පාලනයක් කලත් ජහමන හරක් හරක්මය.

    //මෙහි නැත්තේත් පිරිසිඳු බුද්ධාගමයි.// - අදාල නැත. මෙහි ඇත්තේ ඉන්දීය අසෝක අදිරාජ්යවාදයෙන් මෙහි එකල ව්යාප්ත කල දර්ශනයක් නොවේ. මේ පිරිසිඳු සිංහල බුද්ධාගමයි. එයට ගස් ගල් පෙරේත බූත ඇදහීම පමණක් නොව ප්‍රචණ්ඩත්වයද අයත්ය. එය යොදන්නේ අනිකුත් ආගමික අන්තවාදීන්ට විරුද්දව හා දේශපාලනික කටයුතු /ලාභ ඉපයීම ආදිය සඳහා මිස ඉන්දියාවෙන් ගෙන ආ දර්ශනයට අනුකූලව නොවේ. මෙය දේශීය ආගමකි. ඇත්තෙන්ම ඒකෙ ඔය බුද්ධ කිය වචනය නිසා මාතලන් වරදවා වටහාගෙන ඇති බව පෙනේ. මෙය ඒ රසකාරකය පොඩ්ඩක් යොදා කල පිරිසිඳු දේශීය නිශ්පාදනයකි.

    ReplyDelete
    Replies
    1. අශෝකත් කරන්නේ ඒ කාලේ වෙනකොට මැද පෙරදිග හා යුරෝපයේ තිබුන රාජ්‍ය ආගම් සංකල්පය ඉන්දියාවේ ඉම්ප්ලිමන්ට් කරපු එක නේද? ඒ සිස්ටම් එකම මෙහේ හිටපු රිලේටිව්ස්ලා ගෙඩිය පිටින් මෙහේට ගෙනාවා. ඒක අයිති සජ්ජුරුවන්ට හා සජ පවුලට විතරයි. එදත් එහෙමයි අදත් එහෙමයි. රජු රැකුනොත් උන් රැකේ, උන් රැකුනොත් රජු රැකේ. මහජනයාට අනේක පීඩ ගෙන දෙමින් පාර වහගෙන ඉන්න ඝනයා රාජ්‍ය ගෞරව ආචාර වෙඩි මුර මැද නිවන් යන්නේ ඒ නිසයි.

      දැන් ඉන්න එකත් මල් වට්ටි උස්සගෙන ගස් ගල් වඳින්නේ ඒ නිසා. පුකෙන් හිනා යන්නේ රනිල් ගොයියටත් උන්නැහේ පස්සෙන් යන්න සිඳුවීම.. පිච්චු නැත්නම් චෝක්...

      Delete
  19. ඉස්සෙල්ලම ඉන්න නාකි හැත්ත අයින් කරන්ඩ ඕනේ...ජාතික ලැයිස්තුවත් අයින් කරන්ඩ ඕනේ....
    ඇවිදගන්ඩත් බැරි ගොන් නාකි උන් දේශපාලනයෙන් එලවලා තෙම්පරාදු නොවිච්චි අලුත් උන් ගන්ඩ ඕනේ...

    ReplyDelete
    Replies
    1. නාකි තරුණ කියලා නෑ අන්තර්ජාලෙත් අම්බ හරක් ඉන්න රටකට.. බුකියේ ඉන්න තරමක් ඉන්නේ පට්ට ගෝත්‍රිකයෝ.. ඒ අතින් බ්ලොග් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා...

      Delete
  20. //ඇත්තෙන්ම චන්දෙ තියන්න තිබුනෙ ජනාධිපතිවරණයෙ උනුසුම යන්න ඉස්සෙල්ල අතුරු අයවැයක් දාපු ගමන්ම.//
    සියයට සියයක් එකඟයි. ලොකුම ඇනගැනීම තමයි මුන්ව පැන්ෂන් කොලිෆයිව් වෙනකන් තියාගත්ත එක.

    ReplyDelete
    Replies
    1. මුන් ඔක්කෝම එකම පවුලේ හොර හැත්ත කියලා කියන්න තියෙන හොඳම උදාහරණය තමයි ඒක.. හිඟන්නන්ගෙයි මුන්ගෙයි කිසි වෙන්සක් නෑ.. මම දන්න තරමින් පඩිය නොගන්න එකම එකයි ඕතන ඉන්නේ.. අනික් ඔක්කෝම එක වල්ලේ පොල්..

      Delete
  21. රටක් යහපාලනයට යද්දි,මහන්සිවෙන අය,බුද්දිමත් අය ඉස්සරහට එනව.එතකොට නිකම්ම ඉඳන් ගොඩයන්න බලාගෙන ඉන්නහොරුන්ට කෙලවෙනව.උන්ට හරියන්නෙ,ඉස්සර හිටපු හොරාම තමයි.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ වගේ කාළකන්නි ඉන්න රටකට යරියන්නේ ඒ වගේ උත්තමයෝම තමයි...

      Delete
  22. සරලය, සුගමය.
    මල් හතේ හතය.
    පට්ට එකේ හොඳම එක වල්ලාපට්ටය.

    ReplyDelete
    Replies
    1. මාතලන් කිව්වොත් කිව්වාමය. මාතලන්ගේ අනාවැකි පරදින්නේ බොහෝමත් කලාතුරකින්ය...

      Delete
  23. //අපට ඕනා ඡන්ද රෙද්දක් නැතිය. මිනිස්සු ඉල්ලන්නේ හොරු අල්ලන්නෙයි කියලාය. එහෙම නැතුව හොරුත් එක්ක හැමිනෙන්නෙයි කියලා කිව්වේ නැතිය. ඒක කොරන්නම බැරි නම්, ඉල්ලා ගෙන කන එකත් එක අතකට හොඳය. මොකෝ තොපිට කොරන්න බැරි උනාට, මහින්ද මහත්තයා කිසි ගින්නක් නැතිව මේ රට පාළණය කොල නිසාය.//

    ලොක්කා කා එක්කවත් පසමිතුරු වෙන්නේ නැහැ කියල හිටන් කියල තිබ්බ මේ ඊයේ පෙරේදා ...වෙලා තියෙන දේවල් වල හැටියට අර මැදමුලන ඊළාම් කාරය( Mr.Window ) එක්ක පස මිතුරු "නොවී" හිටියත් පුදුම වෙන්න දෙයක් නැහැ.

    බලමු නේ..

    ReplyDelete
    Replies
    1. අයියන්ඩිය බිය නොවන්න මැරෙණා හැටි මම පෙන්වමි කියලා බැසිල් එනවය කියන්නේ...

      Delete
  24. මාතලන් ගොයිය නං ඉල්ලන් කයි වගේ ලගදිම.

    ReplyDelete
  25. දීපු මනාප (ගැනිටත් ඇතුලුව) දිනුවා බං.
    අන්තිමේ ඉතුරු උනේ පසුතැවිල්ල බං.

    ReplyDelete
    Replies
    1. දැන් නම් කොස් කොටන්න පටන් අරගෙන වගේ... ඉවසීමෙත් සීමාවක් තියෙනවා නේ..

      Delete
  26. Thawa monawa kantada lankawe maatha ayye.. Ulaa kanta thamai wenne apita. Unta budu saranai. Apita aba saranai.. Awulak ne. Yudde dinuwane..

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ මේ දින 100 බයිලේ නිසා මිනිස්සු නැති බලාපොරොත්තු ඇති කර ගත්තා...

      Delete
  27. Herd instinct නොහොත් ‍රැලේ යාමට ප්‍රසිද්ද අපේ මැට්ටෝ බලං ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. හර්ඩ් ද.....? ඇනිමල් ද....?

      Delete
  28. Anthimedi supermanui spidermanui horu btika allala cabinet ekata daemmalu neda ?

    ReplyDelete
    Replies
    1. මම ඕක බුකියේ දැක්කා... පට්ට නිර්මාණයක්...

      Delete
  29. යහපාලනය ගැන ගොඩක් අයගේ බලාපොරොත්තු සුන් වෙලා තියෙන එක ඇත්ත. ඒකට කරන්න දෙයක් නෑ. සෙබළාව රණවිරුවා කරල වන්දනා කර කර ඉන්න ගමන් ඌම ඇවිත් තමාට වෙඩි තිබ්බාම සෙබළා ගැන තමා තියන් හිටපු සිහින බිඳ වැටිලා බිම පෙරළිලා අඬලා වැළපිලා රෙවිලා පුක ඉරාගෙන දත විකාගෙන 'අපි හිතන් හිටිය විදිය වැරදියි නෙ' කියපු මිනිස්සු වගේ තමා මේගොල්ලොත්. බලාපොරොත්තු සුන් වුන එකේ වරද සෙබළාගෙ ද නැත්නම් ඌව කරේ තියාගෙන වන්දනා කරපු ගොං වස්සන්ගෙද? ඡන්ද කාලයේ දුන්න යහපාලන පොරොන්දු මේ ලංකා පොළවේ කිසිදා ඉෂ්ඨ වෙන ඒවාද, මීට කලින් මෙහෙම ටොපි කාලා නැද්ද කියන එක තේරුම් ගන්න බැරි වුන මනසින් ළදරුවන් 'අනේ මහින්ද හිටිය නම් මීට වඩා හොඳයි' නෙ කිව්වත් පුදුම වෙන්න දෙයක් නෑ.
    ඒත් මට නම් යහපාලනය ට වඩා මහින්ද හිටියනම් හොඳයි කියන්න නම් මෛත්‍රී ප්‍රමුඛ (?) යහපාලන ආණ්ඩුවට මීට වඩා සෑහෙන අනා ගන්න වෙනවා. මම හිතන්නෙ නෑ මේගොල්ලන්ට ඒක කරන්නවත් ශක්තියක් තියෙනවා කියල. (ශක්තිමත් වීරයෙක් වෙන්න විතරක් නෙමේ අමාරු, ශක්තිමත් දුෂ්ඨයෙක් වෙන්නත් ඒ තරම්ම අමාරුයි)

    දැන් තියෙන්නේ සාමාන්‍ය ලාංකීය දේශපාලන සංස්කෘතියට අනුව යන ආණ්ඩුවක්. මේ පාලන ක්‍රමය විවේචනය විය යුතුයි අනිවාර්‍යෙන්ම. ඒත් මේ යහපාලන සිහින දැක්ක අයගේ ඇඬීම සහ විවේචනය කියන්නේ සෑහෙන දුරින් තියෙන දෙකක් කියලයි පේන්නේ. අඬන එක නෙමේ කරන්න ඕන, විවේචනය කරන එක.

    මේ ජාතියේ පෝස්ට් ලියලා ගැලරි ආතල් ගන්න එක හොඳයි. ඒත් වැඩක් නෑ.

    ReplyDelete
  30. //ඇත්තෙන්ම චන්දෙ තියන්න තිබුනෙ ජනාධිපතිවරණයෙ උනුසුම යන්න ඉස්සෙල්ල අතුරු අයවැයක් දාපු ගමන්ම.// අනිවාර්යෙන් අර මුදල් මෙව්වඑක පැරදුන ගමන්.. විපක්ෂේ මොකද්ද ආණ්ඩුව මොකද්ද කියල හොයන්න අමාරුයි දැන්... ඇමතිලා කැරලි ගහන්න දඟලනවා.. අනේ මන්දා....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න