.

.

Apr 23, 2015

ජනාධිපති තුමා ජාතිය ඇමතීම.. - President address to the nation

 
ඊයේ වැදගත් කතා දෙකක් අහන්නට පුළුවන් විය. එකක්, ජනාධිපති තුමා ජාතිය අමතා කළ හරවත් කතාවය. අනෙක ගෝඨාභය මහත්තයා, මෙගා පෝන් එකකින් දීපු ටෝකය. ගෝඨාභය ලොක්කාගේ කතාව ගැන කතා කිරීම පස්සට තබා, ජනාධිපති ළොක්කාගේ කතාව ගැන කතා කොරන එක හොඳයි කියා හිතුනේය.

ඊයේ පඩත්තල ජඩ මාද්දියවේදින් මෙන්ම, සංධානේ නීල කාස හොරු සෙට් එක, එක් අපූරූ සිහිණයක් දකිමින් සිටියේය. එනම් එජාප සුළුතර ආන්ඩුව විසිරුවා හැර, සංධානයේ නීල කාස හොරුන්ගෙන්ද සමන්විත ආන්ඩුවක් බිහිවන බවත්, ඉන් පසුව සැටලයිට් නෝනාගේ උපදේශකත්වයෙන්, සිරිසේන ලොක්කාගේ සභාපතීත්වයෙන්, මහින්ද මහතා අගමැති බවට පත් කරනා මහා මැතිවරණයකට යන බවටයි. එහෙත් ඒ සියල්ලන්ගේ සිහිණය කුඩු කර දමමින්, ඉතාම බුද්ධිමත් මෙන්ම වැදගත් කරුණු කීපයක් අඩංගු කතාවක් පැවැත්වීමෙන්, මෙය යහ පාළණයක්ම බව නැවතත් තහවුරු කලේය.

ජනපති තුමා කියූ සියල්ල සත්‍යය. මේ රටේ ගොබ්බ ජනතාව මේ ආඩුවෙන් බලාපොරොත්තු වන්නේ ගිය ආන්ඩුව කාලයේ තිබූ සෙප්පඩ විජ්ජාවන් නම්, මේ ආන්ඩුව ඇත්තටම ඔවුන් බලාපොරොත්තු වන ආන්ඩුවක් නොවේ. මේ ආන්ඩුව තුල සෙප්පඩ විජ්ජාකාරයන්, තෙල් බෙහෙත් වෙලෙන්දන් මෙන්ම, ජෝකර්ලාද නැත. වසර 10 ක් තිස්සේ, එවන් පිරිසකගේ චීන සර්කස් බලමින් සිටි ජනතාවකට එක වරම සිඳුවූ වෙනස කිසි සේත් ඔරොත්තු දෙන්නේ නැත.

ජනපති කීවාක් මෙන් ඔහු ජාත්‍යන්තරය ජය ගෙන ඇත. ඔහු කුහක ජාතීවාදියකු නොවනා බවද ක්‍රියාවෙන්ම ඔප්පු කොට ඇත. එමෙන්ම ජනමාධ්‍ය තුල පවතින නිදහස, කිසි කලක අප අත්විඳ නැති නිදහසකි. දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති තුල ආන්ඩුවේ කිසිඳු නිව්ස් එකක් නැත. ඒය තනිකර රාජපක්ෂ පවුලේ නාලිකාවක් බවටත්, අමු ජාතිවාදය පතුරුවමින්, දෙමළාගේ ලේ ඉල්ලා සිටිනා නාලිකාවක් බවට පත්ව ඇත. 

එය පුදුමයට කරුණක් නොවන්නේ, විකෘති කරනා ලද ජාතික කොඩිද ගෙන රට අස්ථාවර කිරීමට තැත් කරනා ව්‍යාපාරයේ, ඉදිරියෙන්ම සිටිනා දෙදෙනෙකුම, කළක ජනතාවාදි මාධ්‍ය කරුවන්ම වීමය. උන් දෙදෙනා නම් විමල් හා ඩලස්ය. විමල් කෙසේ වතුද ඩලස් නම් සැබවින්ම මේ ගැන ලැජ්ජාවට පත් විය යුතුය.

මාතලන් පෞදගලිකව සිතනාකාරයට, ආන්ඩුව හත් පොලේ ගාගත් ප්‍රධානම කරුණ නම්, දින සීයේ පොරොන්දු මල්ලයි. ඒ අතරිනුත් ප්‍රධානම කරුණ නම්, ජනපති ක්‍රමය අහෝසී කිරීම හා ඡන්ද ක්‍රමය සංශෝධනයකට ලක් කිරීම ඒ තුලට රිංගවීමයි. රටේ බුද්ධිමත් අල්ප වූ පිරිසක් බලාපොරොත්තු වන මෙම වෙනස, බහුතර අම්බරු ජනතාව කිසි සේත්ම බලා පොරොත්තු වන දෙයක් නොවේ. 

උන් විධායකය තියා විවස්ථාව කියන්නේ කුමක්ද කියා දන්නා පිරිසක් නොවේ. උනට අවශ්‍ය ප්‍රජාචන්ච්‍රවාදයක් නැත. උන්ගේ එකම පැතුම නම්, තුන් වේලට බත් සමඟ පුනක්කු හෝ අඹරා, අවුරුදේ නිවාඩු පාඩු වේලාවලට, කතරගම, අනුරාජපුර, මහියංගනයේ, පොළොන්නරුවේ, සිරීපාදේ හා යුද්ධය නිමා කිරීමෙන් පසු, නාගදීපය හා නන්දිකඩාල් වැඳගෙන ඒම පමණය. එතනින් එහා මහා බලාපොරොත්තු උන් තුල නැත.

එතුමා සඳහන් කළ පරිදිම, දැන් ඇත්තේ තරු හතේ ප්‍රජාතත්‍රවාදයක්මය. ඉත්තෑවෝ, හිඟන්නෝ, රජගෙදර රිලවුන් හා නීල කාස හොරුන් අධිකරණ නියෝග බල්ලාට දමමින්, පාරවල් පුරා තප්පුලන්නේ ඒ හේතුවෙනි. කැම්පස් කොල්ලන්ට ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර සහ අවසානයේ බැටන් පොලු ප්‍රහාර වලින්ද සංග්‍රහ පවත්වන රටේ නීතී ගරුක පොලෝසිය, මේ කම්බා හොරුන්ට වතුර සංගයහක් තියා, දිය කළ පුනක්කු ප්‍රහාරක්වත් එල්ල නොකරන්නේ ඒ නිසාමය. 

ඇත්තටම එය යහපත් ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂනයක් වන අතරම, හොරා මොකාද, හොඳ එකා මොකාද කියා මොළය අබ මල් රේණුවක් ඇති එකාට වටහා ගැනීමට කරනා මහඟු උපකාරයක්ද වන්නේමය.උන් කැමති තීන්දු නොදෙනා විට චීෆ් ජස්ටිස් නෝනා ගෙදර යවාපු උන්, නීතිය පයිසෙකට ගනන් ගන්නා උන් නොවේ. 

නමුත් එක දෙයක් පැහැදිලිව නිරාකරණය කර ගත යුතුය. ඇත්තටම සිරි ලංකා නිදහස් පක්ෂයේ හා සංධානයේ සභාපති කව්ද? අපට නම් පෙනෙන්නේ තවමත් එහි නායකත්වය දරන්නේ මහින්ද මහත්තයා කියලාය. එහෙම නොවේනම් විමල් වීරවංශය.

ඔබ තුමා එක වැදගත් කරුණක් එම කතාව තුල අඩංගු කළේය. එනම්, "ගත යුතු තීන්දූ තීරණ, ගත යුතු අවස්ථාවේ ගැනීමට, කිසි සේත්ම බිය වන්නේ නැත.." යන කාරණයයි. අපට නම් පෙනෙන්නේ, එය කිසි සේත්ම සිඳු නොවනා ආකාරයකි. ඔබ තුමා දින 100 ය සාර්ථකයි කියද්දි, ඔබ තුමාගේ පක්ෂයේ, ඔබ තුමාම අළුතෙන් පත් කල, අනුර කුමාර ප්‍රියදර්ශණයා දින 100 අසාර්ථකයි කියා කීම අපට නම් පෙන්නේ පරස්පර ප්‍රකශයන් හැටියටය. සම හරක් විට එය ඔබ තුමාගෙ ප්‍රජාතන්ත්වාදය විය හැකිය. එහෙත්, අපට නම් එය විගඩම්ක් මිස වෙන කිසිවක් නොවේ.

මේ ධූර කාලයෙන් පසු, රජකම අතහැර තපස් රැකීමට වනගත වන්නට සිටිනා ඔබ තුමාට, බලය පිළිබඳ කෑදර කම්ක් නැතිනම්, කළ යුත්තේ, මුලින්ම තම පක්ෂයේ හා සංධානයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමයි. එවිට, පක්ෂය දැන් පාළණය කරනා උන් පක්ෂය කාබාසීනියා කිරීම හෝ නගා සිටුවීම, උන් උන්ට අවශ්‍ය ආකාරයට සිඳු කර ගන්නවා මෙන්ම, රට පාළණය කිරීමට බාධාවක්ව ඇති කරුම ප්‍රශ්ණයකින් ඔබ තුමාට ගැලවී සිටීමටත් හැකිය.

එසේ කළ නොහැකි නම් කළ යුත්තේ, රට විනය ගරුක නීතී ගරුක රටක් කිරීමට ප්‍රථම, පක්ෂයේ හා සංධානයේ නීල කාස හොරුන් ඉවත් කොට, නායකත්වයක් හා විනයක් ඇති පක්ෂයක බවට පත් කිරීමයි. තමාගේ පක්ෂයේම උන්, තමන්ට එරෙහිව දෝශාභියෝගයක් ගෙන එන තැනට කටයුතු සිඳු වුවහොත්, අපට නම් අක්මැත්තෙන් වුවද කීමට ඇත්තේ, ඔබ තුමා කෙසේ කීවද, ඔබ තුමා අසාර්ථක නායකයකු හා රාජ්‍ය පාළකයකු බවයි.

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැති අතර, තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයටද එම ප්‍රකාශය අදාල නොවිය හැක්කේ නොවේ..

තෙරුවන් සරණයි...!!!

103 comments:

  1. ඩලස් දැන් ලජ්ජා විය යුතු මන්ද මට නම් තේරෙන්නෙ නැහැ. ඌ කවදාවත් කොහේදිවත් ලජ්ජා වුණු කෙනෙක් නෙවෙයි. උගේ ලජ්ජා නහරෙ කපල ගොඩාක් කල්. විමලයා තව හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඩලස් ඒ කාළේ මානවවාදි පත්තර කාරයෙක් විදියට උන්න නිසා.. ජාතික ප්‍රශ්ණයත් ඒ යකා දැක්කේ අපි දකින විදියට. එහෙව් එකෙක් සිංහල ජාතිවාදීන්ගේ කොඩියකුත් උස්සගෙන එන කොට අවුල් නැද්ද මෙයා..

      දැන් කියනවා දැක්කේ නෑ ලූ.. ඒක විතරක් නෙමෙයි එයා ගොඩක් දේවල් දැක්කේ නෑ.. ඒ වගේම අදටත් දකින්නෙත් නෑ..

      Delete
  2. අපි මේ ආණ්ඩුවෙන් පහු ගිය ආණ්ඩුවේ ක්‍රියා කලාපේ නම් බලාපොරොත්තු උනේ නෑ.. ඒත් මොකක් හරි ක්‍රියාකලාපයක් බලාපොරොත්තු උනා.. විශේෂයෙන්ම හොරුන්ට හා දූශිතයින්ට එරෙහිව. ඒත් ඒකනම් තාම වෙන පාටක් නෑ හරියකට. මොනවා උනත් ඊයේ ලොක්කා හත්පොලේ ගා ගන්නැතුව කතාව ඉවර කර ගත්තා..

    ReplyDelete
    Replies
    1. මම නම් ඒවා වත් බලාපොරොත්තු උනේ නෑ.. ඒත් බලාපොරොත්තු නොවුන දේත් ඉටු වෙයි වගේ...

      Delete
  3. මාතේ, යම් වහලුන් පිරිසක් නිදහස් සොයා යද්දි තවත් වහලුන් පිරිසක් අනේ අපේ ස්වාමියා හරීඊඊඊඊ...ම හොඳයි, අපට ස්වාමියා නැතුව කන්න බොන්න රෙන්න බැහැ, අපේ ස්වාමියාට හොරා කියන්න එපා, එහෙම කිව්වොත් තොපි මරනවා කියලා පළමු කණ්ඩායමට චෝදනා කරන්නේ නම් පළමු කණ්ඩායම විසින් දෙවන කණ්ඩායම සම්බන්ධයෙන් ගත යුතු පියවර කුමක්ද?

    පිළිතුරක් අපේක්ෂා කරමි.

    ReplyDelete
    Replies
    1. ඒ දෙවන කන්ඩායමේ උන්ව හක්කේ තියා සෙම ඇරලා හෝ නිහඩ කල යුතුය.. ඊට පසු නිදහස සොයා තම ගමන යායුතුය.

      Delete
    2. එම ස්වාමිවාදී දෙවන කණ්ඩායමේ සියලු නායකයන් සහ ප්‍රධාන ක්‍රියාකාරීන් හොඳින් හඳුනාගත යුතුය. අනතුරුව මනාව සංවිධානය වී කල් යල් බලා ඔවුන්ව අල්ලා සියල්ලන් ඉදිරියේ අතිශය දරුණු වධ දී කුරිරු ලෙස ඝාතනය කල යුතුය. ඔවුන් බේරා ගැනීමට එම අනුගාමිකයන් නැගී සිටියහොත් ඔවුන්ද අතිශය කුරිරු ලෙස මැඩ පැවැත්විය යුතුය. මෙසේ එම දෙවන කණ්ඩායම සම්පුර්ණයෙන් මර්දනය නොකර නිදහස සොයන්නට යෑම සියතින් ගෙල කපාගැනීමකි. ලංකාවේ මෙම සංකල්පය මත පදනම් ව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කල යුතුය. බලුගැත්තන් වන බයියන් හොඳින් හෝ නරකින් මැඩිය යුතුය. මර්දනයෙන් තොරව මෙවනි වැඩවසම් රටකට නිදහස ලබාදිය නොහැක.

      Delete
    3. තිදෙනාගේම අදහස් ගැන (තිදෙනෙක් නම් ) ස්තුතිය පළ කරමි. මේවා බ්ලොග්වල නොව වඩා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුය. මෙරට ජනතාව ගැන වෛරයෙන් මේ අදහස් ප්‍රකාශ කරන්නේ ඇත්තටම කවුද
      කාගේ අවශ්‍යතාවයක්ද
      මර්ධනය යෝජනාකරන්නේ ඡන්දෙට බය නිසාද
      ආයෙත් ඇස්බැදගෙන යන යුගයක්ද යහපාලනය කියන්නෙ
      සමූලඝාතනයක් තුලින් මානව නිදහස අපූරු සංකල්පයක්.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. පළමු කන්ඩායම කියන්නෙ කලුබලල්ලුද කොළ කොටිද
      කොටියට නිදහස නෑ කියලද අඩන්නෙ

      Delete
    6. මෙතන කොටියෙක් ගැන කිව්වේ කවුද? තමන්ගේ ඔලු වල ඇති ප්‍රශ්න ඉවත දා අසා ඇති ප්‍රශ්නය නැවත කියවන්න.

      Delete
    7. මානව නිදහසට ඝාතනයත් අවශ්‍ය නෑ කියන්නේ කවුද? සුද්ද ඇවිල්ල ඝාතනය කරල හෝ රජ පරම්පරාව නැති කලේ නැතිනම් අදත් අපි 'පස්වාන් දහසකට බුදුවෙන්න දෙවිහාමුදුරුවනේ' කියල රජ පරම්පරාවකට වදිනව නේද? අර නේපාලෙ, සවුදියෙ හො බෘනායි රටේ වගේ.. මුන්ව මරා, බැරා කියල එලවගන්න හරි පුලුවන්, එහෙම රජ පරම්පරාවක් තිබ්බනම් මෙච්චරවත් රටේ මානව නිදහසක් තියේද?
      එතැන ඝාතනයෙන් මානව නිදහස ඇතිවුනේ නැද්ද?

      එතකොට 71, 89 සමාජවාදී මෙව්ව එක හදන්න ආපු උන්ව මරල හෝ ඉවරකලේ නැතිනම් අද ලංකාවත් බොහෝවිට උතුරු කොරියාව වගේ වෙලා නේද? එහෙම නොවුනත් අඩුම තරමේ චීනෙ හෝ කියුබාවෙ තියෙනව වගේ ඒක පක්ෂ සමාජවාදී රාජ්‍යක අද තියෙන ඒකාධිපතිත්වය තිබුනනම් කොහොමද?
      එතැන ඝාතනයෙන් නැතිවෙන්න තිබ්බ මානව නිදහස ඇතිවුනේ නැද්ද?

      Delete
    8. ඉහත ඇනෝලා තුන් දෙනෙක් නොවෙයි. මාතලන් තමයි ඔය ඇනෝ කමෙන්ට් විදිහට ඔහුගේ හිතේ ඇති දරුණු මිනීමරු පර පීඩක සිතුවී එලියට දමන්නේ. ඔහුට ඇත්තේ කුල පීඩනයයි.හූරිය අච්චි දේව රසික හරිස්චන්ද්‍ර ටත් , තංගල්ලේ රාජ් ටත් ඇත්තේ එයමයි. ඒකට බෙහෙත් කොහෙන්ද? ඔවුන් හැමදාම අසහනයෙන්, මානසික පීඩාවෙන් අනුනට පහර ගසමින්, වෛරය වපුරමින්, සිටිති.
      සහනයක් ලැබේවා...!

      Delete
    9. දෙවන කන්ඩායම වෙනුවෙන් කළ යුතු දේ කරමින් සිටින බවකුයි පෙනෙන්නේ.. ඒ කියන්නේ උන්ට මොළේ දෙන එක. ඒත් ඉතින් මී හරක් හීලෑ කරන එක, හරක් හීලෑ කරනවාටත් වඩා අමාරු වැඩක්...

      Delete
  4. ඒ කතාව නිසි අවස්ථාවක දී කරපු කතාවක් මාතා... තමන් වෙච්චි පොරොන්දු වල දැන් තත්වය ගැන ඔහු කතා කරා.... කරනවා කියපුවායෙන් නොකෙරුණ දේවල් ගැන කිව්වා.... ඒත් අත්පත් කරගත් ජයග්‍රහණ ගැන කිව්වා.... ඔහු හරිම බුද්ධිමත් විදිහට ජනාධිපතිකම කරනවා කියලා හිතෙනවා... සමහර විට ඒ පරිණතකම වෙන්න අැති.... අනාගතයේ වෙන දේවල් දැන් ම පුරෝකතනය නොකර ඉමු... මේක ලංකාවේ දේශපාලනයනේ

    ReplyDelete
    Replies
    1. ලොක්කගේ කතාව ග්‍රේට්.. දේශපාළණ නයකයකුගේ කතාවක් සහ ගෝත්‍රික නායකයකුගේ කතාව මොකක්ද කියලා මිනිස්සුන්ට තේරුනා..

      Delete
  5. ගත යුතු ගත යුතු කියල කිව්වේ ඒක තමා.. වෙලාවට සභාපතියා කව්ද කියල පෙන්නාවි බං..

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා එහෙම.. ඒත් විරුද්ධ පක්ෂය වඩා බලවත්...

      Delete
  6. //උනට අවශ්‍ය ප්‍රජාචන්ච්‍රවාදයක් නැත. උන්ගේ එකම පැතුම නම්, තුන් වේලට බත් සමඟ පුනක්කු හෝ අඹරා, අවුරුදේ නිවාඩු පාඩු වේලාවලට, කතරගම, අනුරාජපුර, මහියංගනයේ, පොළොන්නරුවේ, සිරීපාදේ හා යුද්ධය නිමා කිරීමෙන් පසු, නාගදීපය හා නන්දිකඩාල් වැඳගෙන ඒම පමණය. එතනින් එහා මහා බලාපොරොත්තු උන් තුල නැත. //

    මමනම් හිතන්නේ මේ මට්ටමේ මිනිස්සුන්ට මේ ආන්ඩුව අවුලක් නෑ.. මොකද ඔය මිනිස්සුන්ට බඩුමිල, පෙට්‍රල් ඩීසල් මිල් වගේ ඒවා සංවේදියි.. ගමේ පාරෙන්, බෝක්කුවෙන් මන්ත්‍රීල ගහනව කියන එක තේරෙනව.. අනෙක රාජ්‍ය මාධ්‍ය වලින් හෝ පහුගිය මාස 3 කාලයේදි ආන්ඩුවේ ගැහිලි ගැන ප්‍රචාරය වුනා.

    ඔය 'මහින්ද රුජාව' ඉස්මුරුත්තාවටම ගිහිල්ල දගලන්නෙ ඔය 138, 174 ලයින් එකේ ඉන්න ගම් වලින් ඇවිල්ල පදිංචි වුන හිංගලබෞජ්ජ මධ්‍යම පාන්තික පඩත්තලයො ටික. උන්ට කීයක් හරි අතට ඒන නිසා දූෂන, බඩුමිල වගේ ප්‍රශ්න දැනෙන්නෑ..
    උන්ට ඔනෙ ජාතිවාදය, අර තමුන්ට නැති අභිමානය මහින්දගෙන් උන් දකිනව.. උන් මහින්ද, විමල් , ගම්මන්පිල වගේ උන්ව දකින්නෙ තමුන්ට ලංවෙන්න බැරි කොලඹ, උගත්, ඉන්ග්‍රීසි කථාකරන පැලැන්තියට අභියෝගයක් කරන වීරයො විදිහට.. ගෝටාභය තමා උන්ගෙ සිංහල ස්වෝත්තමවාදී ලෝකේ වීරයා..
    උන් දෙමලට, හම්බයට ගහනකොට, රනිල්ට (උන්ට අනුව කොලඹ, උගත්, ධනවත් පැලැන්තියේ සංඛේතය ) පලු යන්න බනිනකොට, බටහිරෙන්/ එන්ජීඕ වලින් (උන්ට අනුව හිංගලබෞජ්ජයගෙ මෙව්ව එක ඩැහැගන්න දෙමලට උදව් කරන්නෙ මුන් ) සිංහලෙන් හරි ගේම ඉල්ලනකොට මුන්ට ඕගසම් එකක් එනවා..
    දැන් ඒක නැතිව අමාරුයි...

    ReplyDelete
    Replies
    1. නිපුන වන්නිනායක යන නමෙන් බුකියේ සිටින්නේද ඔබ යැ‍යි සිතමි. ඔබ සිංහල බෞද්ධයන් ගැන දැඩ් වෛරයකින් එහි විවිධ අදහස් පළකර තිබෙනු මා දැක ඇත. ඔබ කුමන ජාතිකත්වයකට අයත්දැයි මම නොදනිමි. එහෙත් මේ අදහස් තුලින් එජාපයට සිංහල ජනතාව අතර ජනප්‍රිය විය නොහැක.
      ඔබ උගත් ඉංග්‍රීසි කතාකරන ප්‍රජාවක් ගැන කියයි. ඔබ එයින් අදහස් කරන්නේ ඊළාම්වාදී ඊනියා සිවිල් සමාජය විය හැක.යුද්ධය පැවතිකාලයේ ඔවුහු ඍජුවම එල් ටී ටී ඊයට සහාය දැක්වූහ. යුධ ජයග්‍රහණයෙන් පසු ටිකකලක් වහන්වී සිටි ඔවුහු දැන් යහපාලනය යටතේ කරළියට ඇවිත් තිබේ. ඔබ වෛරකරන සිංහල බෞද්ධයාට එම ජනකොටස සමග තරගයක් නැත.

      සුළුජාතික ජාතිවාදය ඇවිස්සීමෙන් පමණක් එජාපයට ජයගත නොහැක. ඔබ වැන්නන් එසේ කිරීමෙන් සිදුවන්නේ ඊට ප්‍රතිවිරුද්ධව සිංහල ජාතිවාදය ශක්තිමත් වීමයි. 2002 -2204 කාලයේ සිදුවුනේ එයයි.

      අප කළ යුත්තේ සියළුම ජාතිවාදය පරාජය කිරීමයි. මා කියන දේ මෙතන සිටින දෙතුන් දෙනෙකුට හෝ තේරෙන්නේයැ‍යි සිතමි.

      Delete
    2. // ඔය 'මහින්ද රුජාව' ඉස්මුරුත්තාවටම ගිහිල්ල දගලන්නෙ ඔය 138, 174 ලයින් එකේ ඉන්න ගම් වලින් ඇවිල්ල පදිංචි වුන හිංගලබෞජ්ජ මධ්‍යම පාන්තික පඩත්තලයො ටික. //

      එහෙම කියන එක හොඳ නැහැනේ වන්නිනායක... කවුරුහරි ඔයාට වන්නියෙන් කොලඹ ආව බයියෙක් කීවොත් ?

      මොකද මම දන්න කොලඹ නම් වන්නිනායකල නැහැ... ඉන්න උන් ඔක්කොම ඈත වන්නියෙන් ඇවිත් දකුනෙන් ආපු උන්ගේ කඩ වල වැඩ කරපු ගන් කබරොයෝ රැලක්....

      Delete
    3. එහෙම කියන එක හොඳ නැහැනේ වන්නිනායක?/

      වන්නිනායකද .......................කෙනෙක්ද ....................කෙනෙක්ද ............................ කෙනෙක්ද දන්නෙ නෑ.

      Delete
    4. සියලුම ජාතිවාදය පරාජය කිරීම යනු ව්‍යවස්ථාවේ බුද්දාගමට ඇති ප්‍රමුකස්තානය ඉවත් කිරීම හාමුදුරුවෝ අමාත්‍යාංශය වටලද්දී බලන් නොයිද අත්අඩංගුවට ගැනීම ආගමික ස්ථාන ඉදිකිරීමට අන්‍යාගමිකයන්ට ඇති බාදා ඉවත් කිරීම යන දේවලුත් අදාළ වෙන්න ඕන මොකද ඔහෙලා ඒටික ජාතිවාදයට අදාල නෑ කියලනේ අදහන්නේ

      Delete
    5. Dinuka @
      ව්‍යවස්ථාවේ බුද්දාගමට ඇති ප්‍රමුකස්තානය ඉවත් කිරීම
      හාමුදුරුවෝ අමාත්‍යාංශය වටලද්දී බලන් නොයිද අත්අඩංගුවට ගැනීම ගැන එකඟයි. ඔය කාරනා දෙකම රටක් හැටියට අපට ලැජ්ජාවක්.


      ආගමික ස්ථාන ඉදිකිරීමට අන්‍යාගමිකයන්ට ඇති බාදා ඉවත් කිරීම කළ යුතුයි . නමුත් අන්‍යාගමිකයන්ට විතරක් නොවෙයි බෞද්ධයන්ටත් හැමතැනම පන්සල් පල්ලි ඉදිකරන්න දෙන්න හොද නැහැ. දැණට තියන ආගමික ස්ථාන හොදටම ඇති. අවශ්‍ය වන්නේ කර්මාන්තශාලා සහ විද්‍යායතනයි. මැලේසියාවෙ මහතිර් මොහමඩුත් මීට සමාන කතාව්ක් කීව.

      මට හිතෙන්නෙ ආගමික ස්ථාන වලින් කෙරෙන්නෙ මිනිසුන් මැට්ටො කරන එක කියල . බොරු බේගල් ඔළුවට දාල මැට්ටො කරන එක නෙමේ මොළේ පාදන එකයි කරන්න ඕන. අපට ඕන බුද්ධිමතුන් මිස අන්ධ භක්තියෙන් වැද නමස්කාරකරන්නවුන් නොවෙයි.

      Delete
    6. ඇත්ත. මේ රටේ අම්බ කාලකණ්නි ටික ඉන්නෙ ඔය 174, 138 රූට් අවට තමයි. මේ කබ්බන්ව ෆෝම් කලේ අර ගංගොඩවිල සෝම කියන වසල චීවරධාරියා.

      අනේ බුදු මාතලන්, කපන්න එපා ඔය සෝම කියන වසලයා රටට කරපු විනාශය මහින්දලා ගලබොඩ අත්තෙලා කරපු විනාශයට වඩා බොහොම වැඩියි. අපි මුන් කරපු විනාශය එළි නොකර කවදාවත් මේ ගැටළු වලට විසඳුම් නැහැ. ඔක්කෝටම කලින් අපි සෝමයා කරපු විනාශය හඳුනාගෙන නිවැරදි කරන්න ඕනෑ.

      Delete
    7. ඇත්ත. මේ රටේ අම්බ කාලකණ්නි ටික ඉන්නෙ ඔය 174, 138 රූට් අවට තමයි. මේ කබ්බන්ව ෆෝම් කලේ අර ගංගොඩවිල සෝම කියන වසල චීවරධාරියා.

      අනේ බුදු මාතලන්, කපන්න එපා ඔය සෝම කියන වසලයා රටට කරපු විනාශය මහින්දලා ගලබොඩ අත්තෙලා කරපු විනාශයට වඩා බොහොම වැඩියි. අපි මුන් කරපු විනාශය එළි නොකර කවදාවත් මේ ගැටළු වලට විසඳුම් නැහැ. ඔක්කෝටම කලින් අපි සෝමයා කරපු විනාශය හඳුනාගෙන නිවැරදි කරන්න ඕනෑ.

      Delete
    8. ඊලාම්වාදී සිවිල් සමාජය කියලා බන්බුවක් නැහැ. යකෝ, මේ රටේ මහින්දගෙ වැරද්දක් කියනකොට බයියන්ට මතක් වෙන්නෙ මාර දේවල්නෙ. මහින්දට පඩයක් ගියා කිව්වත් ඒක කොටියට උල්පන්දම් දීමත් කියනවා. තොපිට මොංගල්ද?

      Delete
    9. [ ඔබ සිංහල බෞද්ධයන් ගැන දැඩ් වෛරයකින් එහි විවිධ අදහස් පළකර තිබෙනු මා දැක ඇත.]

      මේටිකම ඇති මේක කියන කෙනාගෙ තරම දැනගනන්...
      මම කියන දේ තේරුම්ගන්න තරම් මොලේ මෝරපු දවසක සංවාදයට එන්න...

      Delete
    10. //ඔබ උගත් ඉංග්‍රීසි කතාකරන ප්‍රජාවක් ගැන කියයි. ඔබ එයින් අදහස් කරන්නේ ඊළාම්වාදී ඊනියා සිවිල් සමාජය විය හැක.//

      කොලඹ හා නාගරික පැතිවල ඉන්නා උගත්, ප්‍රජාතන්ත්‍රවාදය හදුනන, මානව අයිතිවාසිකම් ගැන කථාකරන, රාජපක්ෂ ඒකාධිපතිත්වයට විරුද්ධ, හමුදාව කියන්නේ නීතියට උඩින් සිටියයුතු දෙවිවරුය කියල නොහිතන මිනිස්සු කොටියො/ ඊලාම්වාදියො කියල හංවඩු ගැහැව්වෙ වීරවන්සනෙ ...
      ඒ ලෙවල් එකට ඔයත් වැටෙන්න එපා....

      ලංකාව සිංහල බෞද්ධ බහුතරය ඔබට අනුව එහෙම හිතනවනම් (ලංකාවේ සිංහලබෞද්ධයින්ගෙන් 60% විතර චන්දෙ දුන්න මේ මත ප්‍රචලිත කරපු මහින්දට නිසා එහෙම කියන එකේ වැරැද්දකුත් නෑ මගෙ හිතේ ) ඒක ඒ අයගෙ වැරැද්දක් මිසක් රනිල්ගෙ හෝ යූඑන්පියේ වරදක් නෙමේ..

      Delete
    11. රනිල් ට දීමෙන් අපිත් රෝයල්ය, අපිත් ධනපති පන්තියේ ය කියන ඕගැස්ම් එක එනවා. ඒකයි මෙ ශිශ්‍යත්වෙන් රෝයල් ගිය ගොඩයො රනිල ට ඔංකෝර් කියන්නෙ.
      වැඩියක් තියා කුලියාපිටියෙන් රෝයල් ගිය එකෙකුත් ඌ ඉහල පන්තියේය කියන්න නටන තරම්..!

      Delete
    12. //වැඩියක් තියා කුලියාපිටියෙන් රෝයල් ගිය එකෙකුත් ඌ ඉහල පන්තියේය කියන්න නටන තරම්..!//

      කුලියපිටියෙන් කුලියට රෝයල්

      Delete
    13. නිපුන ඔයා කතා කරලා තියෙන්නේ මහින්දවාදීන් ගැන. මම කතා කලේ රටේ සමස්ත "බුද්ධිමත්" ජනතාව ගැන. මේ පිරිස ඔබට කොළඹදි නුවරදි මතරදි දකින්න නෑ. ඒ අය දකින්න අර මම කියපු තැන් වලට යන්න ඕන.

      මහින්දවාදීන් ගැන ඔබ කියන කතාව හා 100% එකඟයි. මේ පිරිස තමයි හාන්දුරුවරු දුසිම් ගනන් පාර්ලිමේන්තු එව්වේ. මම ඔවුන්ට කියන්නේ සාධු සමාජය කියලා. බොක්කේ බුදු රැස්. හක්කේ දෙමළ මස්..

      Delete
  7. මේ බ්ලොග් එකේ මේ රටේ ජනතාව ගෝත්‍රිකයො ,වැඩවසම් කාලකන්නි , මෝඩයො වගෙ අපහාස කරනව මම දැකල තියනවා. එහෙම කියන්නෙ මොන පදනමින්ද
    සර්වශ්‍රේෂ්ට ජනතාවක් ඉන්නෙ මොන රටේද
    අප ගැන අධිතක්සේරුවක් කරන රාවනා වගෙ දේවල් මම හෙළාදකිනවා. සුළුජාතීන්ට අපහාස කරන අවස්ථාවල මම ඒව හෙළාදැකල තියනවා.
    ඒ වගේම මේ රටේ ජනතාවට ( විශේෂයෙන් ගොවි ගැමි ජනතාව )ට අපහාස කරන අය තමන් උසස් යැයි කියන්නෙ මොන පදනමින්ද
    හිට්ලර් උසස් ආර්ය වර්ගයක් ගැන කතා කළා. දැන් මෙම බ්ලොග් එකේ උසස් පුද්ගලයන් ඒ වගෙ ආර්ය කණ්ඩායමක්ද
    එහෙම නම් ඒ අය එහෙම වුනේ ජානමය පදනමකින්ද (විදීශිකයන් හා මිශ්‍රවීම වැනි )
    එහෙම නැත්නම් උගත්කමින්ද ? ධනවත්කමින්ද (ඔයිට වඩා ධනවත් නිහතමානී අය දැක ඇත )
    උගත් අය අපේ ගම්වල ඉන්න්වා.
    එසේ නැත්නම් මේ උසස් අය යම්කිසි ආගමික කණ්ඩායමක්ද

    මේ රටේ ජනතාව පහත් ගෝත්‍රිකයන් කියන්නෙ මේ අය උසස් ආර්ය පිරිසක් වෙන්න එපායැ.
    කියන්න ඔබලා අනෙක් අයට වඩා උසස් වන්නේ කෙසේද පිළිතුරු දෙන්න

    වැරදි විද්‍යාත්මක තර්ක යොදා හෝ හෙයින්‍රික් හිම්ලර් (නට්සි වධකයෙක් ) නම් යුදෙව්වන් ජර්මානුන්ට ව්ඩා උසස් වන්නේ කෙසේදැයි පැහැදිලිකළා . ඔහු හිස් කබල් පවා පර්යේශන කළා.

    ඔය ගොල්ලන්ට එහෙම තර්ක තියනවාද . ඒත්තු ගියොත් පිළිගන්නම්.

    මට පේන්නෙ යම් හීනමානයක් නිසා මහා සමාජයට මුසුවෙන්න බැරි පිරිසක් එම මහා සමාජයට අපහාස කරන බවයි.

    ReplyDelete
    Replies
    1. තර්කයක් ඕන නෑ බං ප්‍රවුත්ති බැලුවම ඇතිනේ. අනික මෝඩයෝ හෙන ආසයි තමන් මාර උසස්ය අම්බානක බුද්දීමත්ය කියල අහන්න හරියට ඔයා මද්‍යස්ථ මතධාරියා කියල නමක් ගෙන ඉන්නවා වගේ

      Delete
    2. Dinuka @

      තමන් අනෙක් අයට වඩා උසස් කියා කෙනෙක් කියන්නෙ යම්කිසි හීනමානයක් නිසා තමයි. ඔබ හරි. අධිමානය ලෙස මතුවන්නෙ සැගවුන හීනමානය.
      100% ක්ම නැතත් මම බොහෝ විට මධ්‍යස්තව ප්‍රශ්න දෙස බලනවා
      පහුගිය කාලෙ කොයිවෙලේ පුපුරයිද කියල සැකෙන් බස් වල ගිය කෙනෙක් සහ ත්‍රස්තවදීන් කළ අපරාධ ගැන අහල දැකල තියන කෙනෙක් ලෙස උතුරෙ යුද්ධය ගැන නම් මම මධ්‍යස්ත නැතිව ඇති.
      මම රහත් වුන කෙනෙක් නොවෙයි. කෙනෙක් මට මගෙ පවුලට ගමට හා රටේ ජනතාවට අපහාස කරන කොට ත් මගෙ මධ්‍යස්ත බව ටිකක් බිදෙනව.
      මෙතනදි අපේ රටේ ජනතාවට අපහාස කරද්දි මම ඒ ගැන කතා කළේ ඒකයි.
      කොමෙන්ට් කරනකොට වෙලාවකට හිතෙනවා මට මොකද මගෙ පාඩුවෙ ඉන්නව කියලත්. ඒත් පස්සෙ හිතෙනව අයුක්තිය දැක නිහඩ නොවිය යුතුයි කියලත්.
      තරහෙන් නෙමේ මේ අදහස් දක්වන්නෙ

      Delete
    3. මේ මධ්‍යස්ථ මතධාරියෙක්ද නැත්නම් එවැන්ජලික බයියෙක්ද?

      Delete
    4. /100% ක්ම නැතත් මම බොහෝ විට මධ්‍යස්තව ප්‍රශ්න දෙස බලනවා/

      මේක ඇත්ත නම් උඹ 'මධ්‍ය්ස්ථ' කියන සිංහල වචනෙ තේරුම වත් නොදන්න බයියෙක්. තරහෙන් නෙමේ මේ අදහස් දක්වන්නෙ. අනුකම්පාවෙන්. උඹල කවද හැදෙයිද මන්දා?

      Delete
    5. මධ්‍යස්ත මතධාරියාගේ අදහස් සමග එකඟ වෙමි. ඔබ මෙහි කොමෙන්ට් කරන බොහෝ දෙනෙකුට සාපේක්ශව මධ්‍යස්ත වුණත් ඔබට පිළිතුරු දෙන්නේ තමන් මහාලොකු පොරවල් කියා සිතන අශිශ්ට අදහස් ඇත්තන්ය. ඔවුන්ගේ සිත් දේශපාලන පක්ෂ පාට වලින් දූෂ්‍ය වී ඇත.

      බහුතර සිංහල ජනතාව 1994-97 සමයේදීත් 2001-2003 සමයේදීත් සිංහල ජාතිවාදය තදින් ප්‍රතික්ෂේප කළේ වාරණයට බයෙන් නොවේ. දැනුදු බොහෝ සිංහලයන්ගේ අන්තවාදී අදහස් දක්ෂ කථිකත්වයක් ඇති නායකයෙකුට වෙනස් කල හැක. අනික් අතට දමිළ, මුස්ලිම් වර්ගවාදීන් දෙමළ බසින් ගෙනයන ප්‍රකාශන, රැස්වීම් කථා අතිශය ජාතිවාදී වුවත් විවේචනය වන්නේ නැති තරම්ය. එක් ජාතිවාදයක් පමණක් මර්දනයෙන් මෙය විසඳිය නොහැක.

      ඉතාම මැනැවින් කරුණු ගලපා කාලය වැයකොට දමන කමෙන්ට් වලට දෙන මුග්ධ පිළිතුරු වලින් ඔවුන්ගේ අපරිණත භාවයත් චින්තනමය නග්න භාවයත් පැහැදිලි වේ.

      Delete
    6. මේ මොකද මලිත්ට ගහනකොට චංචලා අඬන්නෙ?

      Delete
    7. @AnonymousApril 24, 2015 at 12:15 AM
      // චින්තනමය නග්න භාවයත්//
      සිතිවිලි වලිං විතරක් නෙවෙයි බං මුං ඇත්තටම ඉන්නෙත් හෙළුවෙන්. ඇඟ පුරා අසුචි තවරාගෙන. මං නං තාර්කික සාකච්චා අත ඇරලා බොහොම කල්... දැන් මං මේවට එන්නේ මුන්ගේ සැරව පිරිච්ච ඔලු වලින් වැගිරෙන ඕජස් බලල පිළිකුල් බාවනාව වඩල යන්න. :v

      Delete
    8. අම්මපා, ඔයාට හොඳටම රිදෙනවා නේද මසොපි මහින්ද මහ රජතුමාට මොනවා හරි කියනකොට. අනේ ඔයා දන්න තර්කනය බයියෝ. මහින්ද මහින්ද මහින්ද කිය කියා මතුර මතුරා ඉන්නවා මිසක ඔය ගොල්ලන්ට වෙන ජීවිතයක් තියෙනවාද? Get a life man.

      Delete
    9. මහින්ද රාජපක්ෂ කියන ගෝත්‍රික, පාදඩ, වර්ගවාදී, දූෂිත ඒකාධිපති පාලකයාට රෙදි නැතුව කඩේ යන ඔය ගොල්ල වගේ අය අනුන්ගේ ඔලු වල තියෙන දේවල් ගැන කතා කිරීම තරම් තවත් විහිළිවක් තියෙනවද මසොපි?

      Delete
    10. මාස හතරකට පෙර බයියන් බැස සිටි අසූචි වලට අද ටොයියන් බැස සිටී. එදා බයියන් කල ආකාරයටම අද ටොයියන්ද කිසිදු විචාරශීලී බවකින් තොරව හතර අතට අසූචි විසිකරමින් සිටියි.

      Delete
    11. //මේ බ්ලොග් එකේ මේ රටේ ජනතාව ගෝත්‍රිකයො ,වැඩවසම් කාලකන්නි , මෝඩයො වගෙ අපහාස කරනව මම දැකල තියනවා. //

      ඔය මධ්‍යස්ථ (දෙකටම නැති ) කෙනාට හරියට සිංහල බෑ වගේ.. මේ බ්ලොග් එකේ ඔය කියන වචනවලින් හදුන්වන්නේ අවුරුදු 10 රට යටත් කරගෙන සිටි මහින්ද රාජපක්ෂ කියන ගෝත්‍රික, පාදඩ, වර්ගවාදී, දූෂිත ඒකාධිපති පාලකයාට රෙදි නැතුව කඩේ යන, ඔහු වෙනුවෙන් වැද වැටෙන්, රටේ සුලු ජනයා 3 වැනි පන්තියේ පුරවැසියන්ය කියා හිතන මෝඩයින්ට..
      ඒ වචන් උන්ට හරියටම ගැලපෙනව...

      Delete
    12. අනේ මන්ද....
      ඔය මත්ත හුත්ත දාරි & කැ රි පිල්ලිය කියන සුත්තවල්.....
      තොපිනම් ...............

      Delete
    13. UNP ටොයියෝ ගොඩකට රිදිලා වගේ. එක කාලකන්නියෙක්ට තමන්ගේ "මාතෘ" භාෂාවත් මතක් වෙලා තමන්ගේ ලෙවල් එක පෙන්නලා . හිකිස්

      උත්තර දෙන්න පුළුවන් ගොං ජි. එත් ඔහේගේ ලෙවල් එකට වැටෙන්න ඕන කමක් නැහැ. ඔය රනිලිගේ පඩයක් හප හප
      ඉන්න අනේ මේවට පැටලෙන්න එන්නේ නැතුව

      Delete
    14. මාතලන් පහත් කුලේ වෙලත් අනුන්ට පහත් කියල හැමදාම කියනවා. දිගටම එහෙම කිව්වම එයා හිතන්නෙ එයා ඉහල කුලේකට එනව කියලයි

      Delete
    15. //මේ බ්ලොග් එකේ මේ රටේ ජනතාව ගෝත්‍රිකයො ,වැඩවසම් කාලකන්නි , මෝඩයො වගෙ අපහාස කරනව මම දැකල තියනවා. එහෙම කියන්නෙ මොන පදනමින්ද//

      රූපවාහිනියේ නිව්ස් වල මේ දිනවල දකිනා දේවල් වල පදනමින්. විශේෂයෙන් "දෙරණ" රූපවාහිනියෙන්.. සහ එම ජනතාව සමඟ නිරන්තරව සැරිසෑරීමෙන්..

      Delete
    16. මහසෝන් පොන්නයෝ කාටද රිදිලා තියෙන්නේ කියලා අපිට පේනවා.
      අදහස් වලින් දිනන බෑරි උනාම මුලින්ම ජාතිය ඊලගට ආගම බෑරිමනම් කුලය ඵත් බෑරිමනම් අම්මා ව පවා ඈදගනිමින් අන්ත ගෝත්‍රිකයො වගේ හෑසිරෙන පිම්පියො ටිකක් තමා තොපිලා.

      ''ඔනම හොරෙක්ගේ අන්තීම නෑවතුම්පොල ජාතියයි ආගමයි'' කියන්නේ ඔන්න ඔයනිසා තමයි.
      උබලගේ කාලකන්නි ගෝත්‍රික නායකයා හෙන්චයියොත් ඵක්කම පාරට වෑටුනා නේද බන්.ඵහෙමතමා බන් බොරුව තාවකාලිකයි සත්‍ය සදාකාලිකයි නේ.......

      දෑන් ඉතින් මරාගේ ගෝලයන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි..........දෑන්වත් අනුන්ගේ දේවල් කඩාවඩා නොගෙන හොරකමක් නොකර, රස්සාවක් කරලා ජීවත්වෙන්න බලපල්ලා.
      බෑරිමනම් මහ ඵකා වගේ පන්සලක අගුපිලක ලෑගලා දානේ හරි ඉල්ලන් කාපන්.මිනිසුන්ගේ තුට්ටුදෙක හූරගෙන කාලා උන්ටම මෑජික්පෙන්නපු කාලේ ඉවරයි බන්.

      Delete
  8. සිරිසේන/රනිල් ආණ්ඩුව ගැන කලකිරී ඇත්තේ අධිකබලාපොරොත්තු තියාගෙන ලංකාව 100 % යහ පාලනය කල හැකි හෝ එයට සුදුසු රටක් යයි සිතා ප්‍රායෝගිකත්වය අමතක කර සිරිසේනට චන්දයදුන් උගත් අය හා ඔය මොනවත් නොතේරී මෙය දිනසීයකින් සුඛිත මුදිත සුරපුරයක් වේයයි සිතා චන්දය දුන් නූගත් අයය.

    ඔවුන්ට ඉන්ධන අඩු කිරීම, රජයේ නාස්තිය අඩු කිරීම, මාධ්ය නිදහස ටිකකින් වැඩි වීම මෙන්ම ඉතා වැදගත් දේවල් වන පොලිස් මැතිවරණ් ආදී කොමිෂන් ගෙන ආවත් මදිය. ඒ ඔවුන්ගේ බලාපොරොත්තු ඉතා අධික වූ බැවිනි.

    ඔවුනුත් එක ආකාරයකින් රාජපක්ශ ගැත්තන්ට සමානය. රාජපක්ශවාදීන්ට අවශ්ය විශාල උත්සව, උඩු රැවුල් හා පිම්බුණ ඇඟ, විදේශයන්ට එරෙහිව කතා කිරීම, තමන්ට වෙනස් සියල්ල හා සියල්ලන් තමන්ට විරුද්දව කුමන්ත්‍රණය කරන විනාශ කල යුතු තර්ජන ලෙස සැලකීම, රටට මොන විනාශයකලත් මොන හොරකම කලත් ජාතිය ආගම ගැන කතා කරන උන් වීරයින් ගැන සැලකීම, නැති තර්ජන හෝ මවා ගනිමින් රට බේරාගනිමු යන සටන් පාටය කීම ආදී ප්‍රායෝගික නොවන ෂෝමන්ශිප් සංදර්ශනය.
    දැන් සිරිසේන ගැන කලකිරී සිටින ඔහුට චන්දය දුන්නන්ද ප්‍රායෝගික නොවන (utopian) යහපාලන සංදර්ශනයක් බලාපොරොත්තුවේ

    මා සිරිසේනට කැමති ඔහු රාජපක්සට වඩා සෑහෙන දුරට හොඳ බැවිනි.
    තියන ආණ්ඩුව තිබුන ආණ්ඩුවට වඩා පොඩ්ඩක් හොඳ නිසා එයටද අකමැත්ත අඩුය.
    ඔය එකෙක්වත් මට වීරයන් හෝ ශාන්තුවරයින් නොවේ. හොඳ අඩු වැඩි, නරක අඩු වැඩි දේශපාලකයින් පමණි

    ReplyDelete
    Replies
    1. මහින්ද හොදයි... සිරිසේන හොඳා................................යි...

      Delete
    2. බය්යො ප්‍රාගෙ කතාව දැකලත් නොදැක්ක වගෙ ගෙහුන්...

      Delete
  9. මේ කළවැද්දාගේ කතාවට වඩා ගෝටා ගේ කතාව ගැන උඹේ අදහස කියපන්
    මු ඊයේ මපට් එකක් වගේ ඇඹරිලා නාකි රැප් කාරයෙක් වගේ කතාවට අංගචලන කීපයක් දැම්ම, ලස්සනයි. හැඩයි. කුජීතයි. ගඳයි.

    ReplyDelete
    Replies
    1. උඹලැයි ටී වී එකෙන් ඉස්මෙල් එකත් එනවද...?

      Delete
  10. මාතලන්ගෙ අනගි පෝස්ටුව කියවල කොමෙන්ට් එකක් කරන්න ආවෙ .කොමෙන්ට් කියවගෙන එද්දි වෙන මගුලකට පැටලුනානෙ. ඒ කොටි නැටුම හින්ද කියාගන්න ආපු දේ කියාගන්න බැරිවුනා.

    මමත් ජනාධිපතිතුමාගෙ කතාව ඇහුවා. එතුමාට අලුත් ගමනකට කැමැත්ත අවංකවම තිබෙන බව පේනවා. පහුගිය ආණ්ඩුවෙ සෙප්පඩ විජ්ජා නාස්තිකාර වැඩ නැති එකනම් උපරිමයි.
    අපට ඕන රජෙක් නෙමේ මහජන නියෝජිතයෙක්.
    මම හිතන්නෙ මෛත්‍රී රනිල් ආණ්ඩුව ගැන හුගක් දෙනෙක් පැහැදිලා. පොඩි පොඩි කොහු නැතිවාම නොවෙයි. කොටි නැටුම තමා අංක එක.
    කොටියවත් ආන්බාන් කරගෙන අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන වැඩ පටන් අරන් හොරකම නැතිව රට කරනවනම් එච්චරයි.
    මෛත්‍රී විතරක් නෙමේ වෙළද කලාප දාපු යොවුන් පුරේ වගෙ දේවල් ගෙනාපු , පරිගණක හා ඉංග්‍රීසි ගැන ප්‍රගතිශීලී අනාගතවාදී ආකල්ප තිබෙන රනිල් ගැනත් අපට තියෙන්නෙ පැහැදීමක්
    දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සංදර්භයක් ගොඩ නැගෙනවනම් සතුටුයි. අපට ඕන අතීතයට යන්න නෙමේ අනාගතයට යන්න.
    හැබැයි කොටියගෙ කතන්දරේ ගැණත් අපි සංවේදියි.

    ReplyDelete
    Replies
    1. කොටියා ඉන්නෙ උඹේ ඔලුව ඇතුලෙ. ඒ හන්දා මෛත්‍රි මොනවා කළත් නොකළත් උඹට කොටියගෙන් මිදීමක් නෑ. කොටියා උඹ පස්සෙ එනවා කරත්ත රෝදයක් වාගෙ. ඒක උඹේ මිස මෛත්‍රිගෙ ප්‍රශ්නයක් නෙවෙයි.

      Delete
    2. මධ්‍යස්ථගේ බොහෝ අදහස් සමග එකඟ වෙමි. ඔබ මෙහි කොටියා නමින් හැඳින්වූයේ සුළු ජාතික වර්ගවාදීන් ලෙස සිතමි. සැබවින්ම මයිත්‍රී රනිල් වරදවා ගත් තවත් තැනක් මේක. පැරදිලා කුජීත වුණු හිටපු ජනපති වටා නැවත රැල්ලක් ගොඩ නැගෙන්නෙත් මෙම කාරණය නිසයි. අසාත් සාලි, ටී.එන්.ඒ, බතියුතීන්, හකීම් වැනි ජාතිවාදීන් බලවත් වී ප්‍රසිද්ධියේ සිංහල ජාතිවාදීනුත් නායකයනුත් අතිශය අප්‍රසන්න ලෙස විවේචනය කිරීම සංවේදී සිංහලයන් කුපිත කලා. අනික් අතට වත්මන් රජයේ සිටින හෙල උරුමය වැනි සිංහල ජාතිකවාදී සංවිධාන නිහඬයි. වත්මන් එජාප රජය වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශක කටයුතු කරන කිරිඇල්ල, හැරිසන්, රවී, මෙන්ම අජිත් පී. පෙරෙරලා වැන්නවුන් ද ආකර්ෂණීය කථිකයන් නෙමෙයි. ඉතින් ඔවුන් ජනතා ප්‍රසාදය ලබාගැනීමේ අර්බුදයක සිටින අතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප වී පැරදුනු පිරිස් නැවත ජනතා සිත් දිනාගනිමින් සිටින නිසා එම නායකන් මර්දනය කරන්නට සිදුවෙනවා පෙර වැරදි පෙන්වලා.

      Delete
    3. ^ මෙන්න මහින්දගෙ මීඩියා ටීම් එකේ වැඩකරන එකෙකුත් ඇවිත් කමෙන්ට් දාලා. ආඩම්බරයි.

      Delete
    4. [මම හිතන්නෙ මෛත්‍රී රනිල් ආණ්ඩුව ගැන හුගක් දෙනෙක් පැහැදිලා. පොඩි පොඩි කොහු නැතිවාම නොවෙයි. කොටි නැටුම තමා අංක එක.]

      ඔය 'කොටි නැටුම' කියන්නේ යාපනේ මිනිස්සුන්ව මරා කලා වගේ හමුදාව දාලා, ඉඩම් අල්ලාගෙන, ආන්ඩුවට විරුද්ධව වචනයක් කිව්වොත් ගහල දාලා සලකන්නැතිව ඒ මිනිස්සුත් ශ්‍රී ලාංකිකයින්ට වගේ සලකන එකද?
      නැතිනම් සුදුවෑන් වලින් උස්සල දෙමල මිනිස්සුන්ව අවුරුදු ගනන් හිරේ දාලා නොතියන එකද?
      යකෝ දෙමල මිනිස්සුත් අපේ රටේ මිනිස්සු.. උන්ට ඔනෑ මතයක් ප්‍රජාතන්ත්‍රවාදී සීමාව ඇතුලේ දරන්න අයිතිය තියෙනව...

      යුද්ධය කාලෙ වෙච්ච අපරාධ වලටත් (ඔය සමහරු වගේ යුධ අපරාධ කියනකොට හුජ්ජ යන්න ඔනෙ ඔනෑ, යුධ අපරාධත් හමුදාවේ සුලු පිරිසක් අතින් වුනා ) යුක්තිය ඉල්ලන දෙමල මිනිස්සුන්ට අයිතිය තියෙනව.. (රතුපස්වල සිංහල මිනිස්සුන්ටත් තියෙනව )

      ඒව 'කොටි නැටුම්' නම් උබේ ඔලුවෙ ඉන්න කොටිය කවදාවත් යන්නෙ නෑ.. ඔය 'මධ්‍යස්ථ මතය' රෝල් කරලා කෙලින් තියලා ඉදගනින්..

      Delete
    5. උතුරෙ දෙමළ මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදන එක වරදක් නෙමෙයි. ඒක වෙන්න ඕන එකක්. ඒ මිනිස්සුන්ගෙ පාරම්පරික ඉඩම් ඒ අයට දෙන්න ඕන. යුද්ධයෙන් වැඩිම හානිය වුන දෙමළ ජනතාවට විශේෂ සුව කිරීමක් අවශ්‍යයි. ඒ විතරක් නොවෙයි දෙමළ ජනයා පාලනයේ මධ්‍යයට සම්බන්ධ කරගන්න වැඩපිලිවෙලක් අවශ්‍යයි. මහින්දගෙ කාලෙ ටිකක් ඕවර් ගිය බව පිළිගන්නවා.

      නමුත් අද කවුද රිමෝට් කොන්ට්‍රෝල් එක වෙලා තියෙන්නෙ. එදා ඥානසාරල රිමෝට් එක වුනා. අද ඒ ආය්ගෙ අනෙක් පැත්ත රිමෝට් එක වෙලා. සිංහල කියන වචනෙ කියන කොට ජාතිවාදී කියල මර්ධනය කරන මානසිකත්වයක් ඇතිවෙලා. චන්ද්‍රිකාගෙ කාලෙ පැකේජ් ගෙනාපු අය අද වීරයො වෙලා. රට ගැන අවංකව කතා කරන විද්වතුන්ට ජාතිවාදීන් කියල අපහාස කරනව.
      මේ තත්වය දිගට ගියොත් ආයෙ සිංහල ජාතිවාදය ශක්තිමත් වෙයි. 2002 දි වුනෙත් ඒක. . . මම කියන්නෙ හැම මතයකටම ඉඩ දෙන්න කියල.

      සිංහල කියන වචන නයාට අදුකොළ වුන පිරිසක් ඉන්නව. විධායක සභාවෙ බහුතරය ඒ වගෙ අය. එතන සම්බන්ධන් විතරයි කට පියාගෙනවත් ඉන්නෙ. අනෙක් ඔක්කොම මුවහමට තඩිබානව වගෙ. මේක දකින සිංහලයන්ට තමන් විපක්ෂයට ගිහින් කියල හැගෙනව.

      කණගාටුව ආයෙ අර චක්කරේ මුල ඉදල කැරකෙන එකට. එක පැත්තකට බරවෙලා අනෙක් පැත්තට රික්තයක් තියන්න හොද නෑ.

      Delete
    6. උතුරෙ යුද්ධයෙදි විශාල මෙහෙවරක් කළේ මේ මතවාදීන්. හමුදාව කියන්නෙ තමන්ට ලැබුන අන ක්‍රියාත්මක කරන පිරිසක්. හමුදාව ජේ ආර් ,ප්‍රේමදාස, චන්ද්‍රිකා ,ඩී බී ගෙ කාලෙත් හිටියනෙ. නොතිබුනෙ දේශපාලන නායකත්වය.

      දේශපාලන නායකත්වය කියන්නෙ මහින්දගෙ තනි භුක්තියක් නොවෙයි. ඒකට ජවිපෙ විශාල දායකත්වයක් දුන්න. හැබැයි හෙළ උරුමය මුල ඉදන්ම කළේ වංචාව. මට ඉතිහාසය මුල ඉදලම මතකයි. අන්තිම මොහොතෙදි හෙළ උරුමය කළේ ජාතික ව්‍යාපාරයට සම්බන්ධයක් නැති වෙන වෙන වැඩකරපු ප්‍රසිද්ධ භික්ෂූන් දාල 2004 දි සංධාන චන්ද කඩල යූඇන්පිය දිනවල කොටියට වාසිය අරන් දෙන්න. හැබැයි එතනදි වුනේ සංධාන ඡන්ද කැඩුන එක නෙමේ යූ ඇන්පී ඡන්ද කැඩුන එක.
      හෙළ උරුමයෙ අය කවදාවත් ජාතික මතයක හිටියෙ නෑ. ඔවුන් වැල යන පැත්තට මැස්ස ගැහුවා. ඥානසාරල වගෙ නිරුවත් ජාතිවාදයක් වෙනුවෙන් පෙනී ඉදල ( ඒක බුදු දහමෙන් හික්මුන සිංහලයට නුහුරුයි. ඒක ටිකක් ජර්මන් නාසිවාදය ගුරුකරගත්තක් ) අපකීර්තියකුත් ගෙන දුන්න. මහින්දට එරෙහි සැළැස්මෙ සිංහලයන් රැවටීම කියන අංගය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළේ හෙළ උරුමය. ජනතාවට නොහැකි වුනා දේශප්‍රේමය හා වංචනික ජාතිවාදය අතර වෙනස වටහගන්න. හෙළ උරුමය ඒ අයගෙ පුරුදු තැනට ගිය එක හොදයි. මුස්ලිම් විරෝධී ඥානසාරල ,කුරගල වන්දනාවෙ යන අය හලාල් බුර්කා කාරයොත් යූඇන්පියට යන එක හොදයි. මුන් එදා ඉදන්ම කළේ දෙමළ මුස්ලිම් මිනිස්සු නොරුස්සන ජාතිවාදයක් හදුන්වාදීල මේ රටේ මිනිහෙකුට පාරෙ බැහැල යන්න බැරි තත්වයක් හදපු එක. රටේ සතුරන්ට ප්‍රවුර්ත්ති සහ මාතෘකා සපයා දීම.

      සිංහලය ඉතිහාසය පුරා කවදාවත් ජාතිවාදී ආගම්වාදී වෙලා නෑ. ඕනම කෙනෙකුට ඇවිත් පදිංචිවෙන්න අවස්ථාව දුන්න. හෙළ උරුමය , බොදුබලසේනා වගෙ අය යුරෝපයෙන් ටියුෂන් ගත්ත අය. ජර්මන් නාසිවාදියඉන්න බෝට්ටුවට අපේ අහිංසක සිංහල ගැමියවත් දාල ලොකු හානියක් කළා.

      ඥානසාරල කළේ මුස්ලිම්වරුන්ට එරෙහිව බටහිර කුරුස යුද්ධකරුවන්ගෙ යුද්ධෙට මෙහෙන් කොලොප්පන් සේනාංකයක් හදපු එක. අන්තිම වාසිය ගියෙ ඊළාම්වාදීන්ට.

      මධ්‍යස්ථ මතය කෙළින් කරල ඒක උඩ ඉදගන්න කියපු ඇනෝට මම මෙහෙම උත්තරයක් දුන්නෙ හමුදාවෙ අය කරන්නෙ රස්සවක් නමුත් ත්‍රස්තවාදයට එරෙහි ජාතික හා ජාත්‍යාන්තර මතය හදන එක ඊට වඩා වැදගත් බව කියන්නයි.

      Delete
    7. ඔත්ය මුස්ලිම් වරුන්ට බටහිරෙන් කුරුස යුද්ධයක් තියෙනව කියන කථාවෙන්ම තේරෙනව මේකදෙ මොලේ.. බූරුවො කුරුස යුද්ධය ඇතිවුනේ 13 වෙනි සියවසේ.. අද බටහිර තියෙන්නේ ඉස්ලාමීය ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධයක්...

      අනික් අතට විධායක සභාවෙ ඉන්නෙ සිංහල විරෝදියො කියල කියන්නෙ කොහෙන් කරපු සමීක්ෂනයකින්ද?
      අනික් අතට 'හෙල උරුමය' විතරක් මහින්දව රැවැට්ටුවලු.. අනේ හුකේ.. තමුගෙ මල්ලි ගෝටාභයත් එක්ක එකතු වෙලා දෙමලු, මුස්ලිම්වරු මරාපු මහින්දගෙ අමුඩෙ අන්තිමට රීල තියෙන්නෙ බලාගෙන යනකොට වෙන එකෙක්..

      මේ මධස්ථයි කියන එකා යූඑන්පී විරෝදී ශ්‍රී ලංකා කාරයෙක්.. මූට ඔනෑ මහින්ද පාලනය සුද්ධ කරන්න.. යූඑන්පිය ආවනම් රට කොටියට යනව කියන මෝඩ මතය ගේන්න.. ඒකනෙ කියන්නෙ 2004 යූඑන්පිය දිනුවනම් කොටියට වාසියි කියල අමු ගොන් කථාවක් කියල තියෙන්නේ.. මහින්ද කියන්නේ එදත් හොරා අදත් හොරා..

      Delete
    8. මධ්‍යස්ථය කියන විදිහට කථාව මේකයි...

      නානසාරල ඔක්කොම බටහිර කුමන්ත්‍රන.. එතකොත ගෝටාභයගෙ ආරක්ෂක අමාත්‍යන්සෙ ගිනුමෙන් උන්ට සල්ලි හා ගෝටාභයගෙ නියමයෙන් පොලිස් ආරක්ශාව දුන්නෙත් ඔය කුමන්ත්‍රන කාරයොම වෙන්නැති..

      හෙල උරුමයත් වංචාකාරයො.. එතකොට අවු 10 මරාව කරේ තියාගෙන යනකොට, සුදුවෑන් වල ඉදන් රාජපක්ෂගෙ බලු වැඩ ඔක්කොම සුද්ද කරනකොට උන් හොදයි..

      අද ලෝකෙ අත්දැකීම් සහිතම අගමතිවරයෙක් වෙන රනිල් යටතේ තියෙන විධායක සභාවෙ රිමෝට් කොන්ට්‍රෝල් සිංහල විරෝදියොලු.. මූට පේන හැතියට දෙමලගෙ අයිතිවාසිකම් ගැන කථාකරන, හමුදාව අතිනුත් යුධ අපරාධ වුනා කියල කියන්න කොන්ද පන තියෙන උන් විධායක සභාවෙ සිටීම වැරදියි..

      නිකන් වහෙන් ඔරෝ මරාට කඩේ යන්න එපා බන්.. ලංකාවට එරෙහි තියෙන ලොකුම කුමන්තනය ඔය ජාතිවාදී මරා

      Delete
    9. දෙමළ මිනිහා හින්ගල මුනිහට බය වෙන එක සාධාරණයි.. හේතුව උන් සුළු ජාතියක් නිසා. ඒත් මහ ජාතිය වෙච්චි හින්ගල උන් දෙමළට බය වෙන්නේ හේතු ගොඩක් උඩ. මහා සෙරේස්ට ජාහියක්ය කියන සිංහයන්ගෙන් පැවත් එනවයි කියන උන් කොටියට මෙච්චර බය ඇයි කියලා නිකමට හිතලා බලපන්. එතකොට තේරෙයි ලෙඩේ මොකක්ද, ලෙඩේට හේතුව මොකක්ද කියලා. හැබයි ඒ ලෙඩවලට බෙහෙත් තවම හොයාගෙන නෑ..

      Delete
    10. අන් බන් මධ්‍යස්ථයෝ ඉදලාහිටලා හරි නමේ හෑටියට වෑඩකරපන්කෝ.උබගේ සමහර කමෙන්ට් හරි අජූවයි බන්.සිහල බොග අවකාසේ ලොකුම දාර්සනීකය උබ කියලා හිතාන ඉන්න ඵක තමා ලොකුම අවුල.

      Delete
  11. //මේ ධූර කාලයෙන් පසු, රජකම අතහැර තපස් රැකීමට වනගත වන්නට සිටිනා ඔබ තුමාට, බලය පිළිබඳ කෑදර කම්ක් නැතිනම්, කළ යුත්තේ, මුලින්ම තම පක්ෂයේ හා සංධානයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමයි. එවිට, පක්ෂය දැන් පාළණය කරනා උන් පක්ෂය කාබාසීනියා කිරීම හෝ නගා සිටුවීම, උන් උන්ට අවශ්‍ය ආකාරයට සිඳු කර ගන්නවා මෙන්ම, රට පාළණය කිරීමට බාධාවක්ව ඇති කරුම ප්‍රශ්ණයකින් ඔබ තුමාට ගැලවී සිටීමටත් හැකිය.

    එසේ කළ නොහැකි නම් කළ යුත්තේ, රට විනය ගරුක නීතී ගරුක රටක් කිරීමට ප්‍රථම, පක්ෂයේ හා සංධානයේ නීල කාස හොරුන් ඉවත් කොට, නායකත්වයක් හා විනයක් ඇති පක්ෂයක බවට පත් කිරීමයි. තමාගේ පක්ෂයේම උන්, තමන්ට එරෙහිව දෝශාභියෝගයක් ගෙන එන තැනට කටයුතු සිඳු වුවහොත්, අපට නම් අක්මැත්තෙන් වුවද කීමට ඇත්තේ, ඔබ තුමා කෙසේ කීවද, ඔබ තුමා අසාර්ථක නායකයකු හා රාජ්‍ය පාළකයකු බවයි.//

    හරියටම හරි මාතලන් . ඕක තමයි දැන් MS කළ යුතු පළමු වැඩේ

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීටත් ගොලයෝ (පේෂල etc...) සිටී, අනිත් අතින් මෛත්‍රී සොවියට් රුසියාවේදී brainwash වුන සමාජවාදී අදහස් ඇති කෙනෙක් (පෙරේදා කතාවෙදිත් කෑලි එළියට පැන්නා). ඒනිසා ගොලයොත් එක්ක රනිල්ට එක හිතින් සෙට් වෙන්නත් බැරි කෙනෙක්. ඒ නිසා දැන් ශ්‍රීලංකා එකේ තියන පෝස්ට් එක අතරියොත් මහින්දලා ගෝලයන්ව සුන්නදූලි කරනවා.

      Delete
  12. පසුගිය දින සියය තුළ අති විශිෂ්ඨ පාලනයක් ඇති වුණාය මම කියන්නෙ නැහැ.

    නමුත් මධ්‍යස්ථව, පාට කණ්ණාඩි නොදා, බලන ඕනැ කෙනකුට පෙනෙන කරුණු හතරක් තියෙනවා.

    1. දින සියය තුළ ඒකාධිපති ක්‍රමය බිඳ වැටී, නීතිය යළි ස්ථාපිත වී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිව ඇති බව

    2. මෛත්‍රි-මහින්ද අතර ඇති දුර්වල සම්බන්ධතාවය නිසා ඉදිරි මැතිවරණයකදී මහින්ද අගමැති වීම සිහිනයක් පමණක් බව

    3. මහින්ද පිළ නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිවම ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව

    4. මේ නිසා එජාප ප්‍රමුඛ ආණ්ඩුවක් ඇතිවීම නිශ්චිත බව

    ඇඬුවාට වැඩක් නැහැ. මේවා මෙහෙම වෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවා නම් රටට හොඳයි.. මොකෝ සිරි ලංකා ප්‍රමුඛ සංධාන ආන්ඩුව කරපු එකම දේ යුද්දේ දිණපු එක විතරයි. අනික් ඔක්කෝම ෆේල්..

      Delete
  13. මෛත්‍රීගේ කතාව හොඳයි
    ඒත් පොඩි පරහක් තියෙනව?
    ඔහු පාන්නා වූ මෛත්‍රිය නීත්‍යනුකූලද, කියල!
    මහිතන්නේ ඔහු ඒකාධිපති බලතල යොදල
    මෛත්‍රිය කරනව නොකල යුතු තැනදී.

    මාස ගනන් අවුරුදු ගනන්
    හොරුන්ගේ ප්‍රශ්න ෆයිල් අස්සේ
    උසාවි අස්සේ මිනිසුන්ට වෙන ප්‍රශ්නයක් ආවාම
    අමතක වෙන තත්වයට නොයා යුතුය?

    බුදු මහත්තයෝ පරිස්සමින්
    සෝමාරාමලා ගල්කටස් වලින්
    කදුරු ගස්වලට වෙඩිතියනවද දන්නේ නෑ දැන්

    ReplyDelete
    Replies
    1. /බුදු මහත්තයෝ පරිස්සමින්
      සෝමාරාමලා ගල්කටස් වලින්
      කදුරු ගස්වලට වෙඩිතියනවද දන්නේ නෑ දැන්/

      වෙන්න පුළුවන්. ඊයේ සයිබර් අවකාශයේ තද මහින්දවාදියෙක් මෙහෙම ලියලා තිබුණා.

      /මිනිස්සුන්ගේ කෝපය දවසෙන් දවස වැඩි වෙමින් තියෙන වෙලාවක ඕන නැති රෙද්දක් කරලා බෝම්බේ පුපුරවගන්න හදන්නේ නැතිව සාමෙන් ඉන්න තරමට ජහපාලකයින්ටත්.. ඒ ඒ පවුල්වල අයටත් අවුලක් වෙන එකක් නැහැ.. හැබැයි වැරදි නිලේ ඇල්ලුවොත්නං පුතේ.. කෝට් බෑයවල්.. කපටි සූට් පිටින්ම අවසන් ගමන් යන්න පාර කපා ගතෑකි.../

      එයාට නම් අමුතුවෙන් කදුරු ගෙඩි වලට වෙඩි තියලා ඉගෙන ගන්න දෙයක් නැහැ. ආයුධ පුහුණුව හෙම ලබපු කෙනෙක්.

      බුදු සිරිසේන මහත්තයෝ පරිස්සමින්! යක්ෂයෝ අවදි වෙලා ඉන්නේ.

      Delete
    2. ඇත්තටම ඔහු පරෙස්සම් වෙන්න ඕන ප්‍රබාකරන්ලගෙන් නෙමෙයි, බුද්ධරක්ඛිතලගෙන්, සෝමාරාමලාගෙන්.. ඔහු විතරක් නෙමෙයි, චන්ද්‍රිකාත්...

      Delete
  14. අපේ මිනිස්සු වැඩි දෙනෙකුට, විශේෂයෙන් දවස් දෙක තුනකට හරි දියුණු රටකට නොගිය බොහෝ දෙනෙකුට මේ නිදහස දැනෙන්නේ නැහැ. නැත්නම් නිදහසක් තියෙනවද කියලවත් ගාණක් නැහැ. ඒ අය පුරුදුවෙලා තියෙන්නේ පීඩනයක් යටතේ ඉන්න, වැඩ කරන්න.

    පොලිසියේ නිලධාරියෙක් හයියෙන් කෑ ගහලා සද්දයක් දැම්මේ නැත්නම් අපේ අයට ඒ පොලිස් කාරයා කැඳයෙක්. අයියෝ ඒ යකා පොලිසියේද කියලා අහනවා. නමුත් දියුණු සමාජයක පොලිසිය මිනිසුන්ට කෑ ගැහුවොත් ඒක ලොකු ප්‍රශ්ණයක්.
    දේශපාලකයෙකුගේ ගෝලයෙක් වගේ කෙනෙක් නැත්නම් හිතවතෙක් වැරැද්දක් කරලා අහුවුනාම පොලිසියට ගේම ඉල්ලලා ඌව නිදහස් කරගත්තේ නැත්නම් මිනිහා මොකෙක්ද? ඇමති කෙනෙක්ද කියලා අහනවා.
    උපවාසයකදී, පිකටින් එකකදී කියන්නේ ඕකෙ ලීඩර් ඉස්සුවානම් වැඩේ ඉවරයි කියලා. උන්ට තේරෙන්නේ නැහැ මේ වැඩ වලින් කෙලවෙන්නේ උන්ගේ නිදහසට කියලා. පව් අපේ මිනිස්සු.

    මේ පාලනය තුල මම ඉහත කියපු දේවල් වෙන්නේ නැහැ. (සියයට සියයක් නෙවේ) හැමෝටම නිදහසේ ඉන්න පුළුවන්, නෙත් FM එකට මහින්දගේ ගෙදර ගිහිල්ලා අවුරුදු කන්න පුළුවන්, දෙරණට ආන්ඩුවේ නිවුස් එකක්වත් නැතුව මහින්දව ප්‍රෙමා්ට් කරන්න පුළුවන්. මන්ත්‍රිලාට පාර්ලිමේන්තුවේ උපවාස (පාටි) දාන්න පුළුවන්. (මහින්ගෙ කාලේ මේක වුනා නම් බලන්න තිබ්බා), අල්ලස් කොමිසමෙන් ප්‍රශ්ණ කරන්න එද්දි මම කියනකං එන්න එපා කියන්න පුළුවන්.

    මේවා අපේ අයට දැනෙන්නේ නැහැ මාතලන්. උන්ට ඕනේ එහෙයි මහරජ, බලුගැත්තාට සමාවෙන්න කියලා කාලයක්.

    ReplyDelete
    Replies
    1. 1000% දාහක් එකඟයි කෑස්...

      Delete
    2. හරියට හරි මචෝ!!!!!!!!!!!!!!!!
      ඵකනේ මුන්ට වහල්ලු කියන්නේ.

      Delete
  15. මං මේ මෛත්‍රී ගේ අහපු දෙවෙනි කතාව. මුල් එක අර පක්‍ෂ සමුලුවේ කරපු කාවේ විනාඩි දහයක ක්ලිප් එකක්. මේ කතාවේ විනාඩි තිහම සල්ලි සල්ලි කියා නොබලා ඇහැව්වා.

    ඇත්තටම පැහැදීම වැඩි වුණා. හොඳ අවංක පොරක් බවයි පේන්නේ. බොරු මූනිච්ඡාව නැති අවංක බවක් දැනෙනවා.

    මං හිතන්නේ අපිට ඕනෑ මේ වගේ සාධාරණව කතා කරන මනුස්සයෙක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔහු මේ රටේ මානව හිතවාදි සිවිල් පොරවල් වලටත් වඩා ඉදිරියෙන් ඉන්නවා.. සහතික ඇත්ත..

      ඒත්.. ඔහු මතක තබා ගත යුතු එකම දේ.. ඔහුගේ පක්ෂයේ අති මහත් බහුතරය බන්ඩගේ මානසිකත්වයෙන් බින්දුවක් වත් ඉදිරියට ගොස් නැති බවත්, පසුගිය දශකය තුල ඔවුන් ගල් යුගයටම ගමන් කොට ඇති බවත්ය.

      Delete
  16. පොරත් හැබැයි නිතරම හාන්දුරුවනේ, හාන්දුරුවනේ කියනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්ය ඊයේ ආසන සංවිධායක ගත්ත එකෙක් දන ගහලම වැන්දා. අනික් උන් තුනට හතරට පහට නැමිලා වැන්දා.. ලන්සා විතරයි නොවැන්දේ.. අනික් උන් මක්කා කිව්වත් ඌට විතරයි කොන්දක් කියලා එකක් තිබ්බේ...

      Delete
  17. 100%ක් එකඟයි මාතලන්. මසුරන් ලියමන. විශේෂයෙන්ම ජනතාව කියන ටිකේ ඉන්න හරක් ටික ගැන කිව්ව මසුරං

    ReplyDelete
    Replies
    1. ඒ උනාට සම හරක් කියනවනේ ඒක මුසාවක්ය කියලා හිටං..

      Delete
  18. හ්ම්ම්ම්ම්......මචෝ........
    සන්න......ජැකා වෙලාද,,,,,

    ReplyDelete
    Replies
    1. මම ඕක කිව්වේ සන්නා ලොක්කත් එක්ක කරපු පළමු ඉන්ටවීව් එකේදීම. එදා නොතේරුනාට, අද ගොඩක් අයට ඒක තේරිලා තියෙනවා..

      // දැන් ජැක්සන් ඇන්තනී වෙනුවට ඇවිල්ලා ඉන්නේ උපුල් ශාන්ත සන්නස්ගලලාය. ජැකා මෙන්ම සන්නාද අප ආදරය කරනා මිනිසුන්ය. සමාජයේ පහළම ස්තරවලින් විත්, රට ජයගත්ත උන්ය. අප උන්ට ආදරේය. උන් පජාත වැඩ කරනා විට අපේ සිත් පෑරෙන්නේය. සන්නාටද සියල්ල කරන්නට බැරිය. "රෑ ඉරපාන" වෙනුවට "සිහින ඇහිදින්න" ආ සන්නා, එතනදි පට්ට ෆේල්ය.//

      http://maathalan.blogspot.com/2015/02/donations-promotions-corruptions.html

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. කවුරු කයි කතා කීවත්, මහින්ද මහතා පරදා මෛත්‍රී දිණීම ගැන ඇත්තේ සතුටකි. එම සතුට කොයි තාක් කාල සීමාවකට වලංගුද යන්න ඔහු තීරණය කරාවි.
    ජාතික කොඩිය අව භාවිතය පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්වන බවත්, එයට සමාව ඉල්ලන බවත් ඩිලාන්ද කොහොද කියලා අයෙක් අද කියනවා. එසේ කියන්නේද වෙනත් කුමකටවත් නොවේ බන්ධණාගාර රෝහල මත් වීමෙනි.

    ReplyDelete
    Replies
    1. ජාතික කොඩිය විහිළුවකට ගැනීම ගැන මගේ උපරිම සතුට, මම සිංහලයකු උනත් කම්මැලි වල් සතකුගෙන් ජාතිය ආරම්බවුනා කියන එක ගැන ලැජ්ජා වෙනවා.

      Delete
    2. ඩලසයි මං ගොනායි දෙන්නම සමාව ගත්තා.. උන් දන්නවා සීන් ක දරුණුයි කියලා.. ඩලස් නම් දැක්කේ නෑ ලූ. ඒක පිලිගන්න පුළුවන් ඌ කන්නාඩි නොදා හිටපු නිසා. ඒත මං ගොනා...? කන්නාඩි දෙක මාරු කර ගත්තා නම් හොඳයි වගේ...

      Delete
  21. Kawudo liyala dunnu ekak kata padame kiyawu bawak danuni. Gata yuttak nata . Linda langa sumana lesa tamun giya ratawal gana yalit kayiwaru gasiya

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. නැද්ද අපේ හාන්දුරුවනේ කිව්වේ නෑ. පපුවට දෙයි දෙයි කියලා ගහ ගත්තේ නෑ.. සාටකේ නෑ.. උඩු රැවුල නෑ.. දෙමළෙන් ජෝක්ස් දැම්මේ නෑ.. දෙපැත්ත කැපෙන කතා නෑ.. සිංදු නෑ.. පයිට් නෑ.. මෙළෝ රහක් නෑ..

      Delete
  22. එතුමාත් ජාතිය අමතයි කවද හරි.

    ReplyDelete
    Replies
    1. අපිට අහන්න නොලැබුනාට නිතරම අමතනව ඇති.

      Delete
  23. රන්ඩු වෙන්න නම් බෑ, නිකං ඔලුව දාල යන්නං මමත් ඉන්නවයි කියල කියන්න​....

    ReplyDelete
    Replies
    1. කව්ද ඩෝ රන්ඩු උනේ.. එනවා මෙතන..

      Delete
  24. ඇත්ත ලොක්කා එක්කෝ පක්‍ෂය අතාරින්න ඕනේ නැතිනම් සුද්ධ කරලා ගන්න ඕනේ.මේ තියෙන තත්වයෙන් සෙල්ලම් කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. සුද්දයක් දාන්න වගෙයි යන්නේ...

      Delete
  25. මොන හේතුවක්ද මංදා දේශපාලනේ කියන එක එපාම වෙලා තියෙන්නේ, ඔය කතාව බැලුවෙත් නෑ. සත්යාගාරය බැලුවෙත් නෑ, සටන බැලුවෙත් නෑ. කොටින්ම දැන් නිව්ස් බලන්නෙත් නෑ. එපාම වෙලා

    ReplyDelete
    Replies
    1. සර්ව සාධාරණයි.. පිරිසක් රැකියා නැතිව ඉන්නවා ඇස් පනා පිට දකින් කොට කොහොමද බත් වේලක් කන්නේ පිරියක් ඇතිව.. සංවේදී මිනිස්සු උනාම...

      Delete
  26. මට නම් පේන්නේ එහෙම හැඟිමක් තියෙන්නේ ජනාධිපති තුමාට විතරයි කියලා.කතා ක්‍රියාවට නංවන්න තව කී දෙනෙකුගේ දායකත්වය ඕනද?අනිත් එක කැලේ මාරු කරපු සමහර කොටින් පුල්ලිත් මාරු කරලා කියලා අපට විශෟවාස කරන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. සහතික කරනා ලද සත්‍යය.. බොහෝම ස්තූතියි පැමිණීමට...

      Delete
  27. This comment has been removed by a blog administrator.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න