.

.

Jul 6, 2015

දරුණු අනතුරකින් පසු මෛත්‍රීපාලගේ කොඳු නාරටිය ඉවත් කෙරේ.. - Maithree Undergoes Spine Removal Surgery after U Turn Tragedy


පසුගිය රජයේ දත් දොස්තරලා හා කොන්දොස්තරලා විසින් සිඳුකරන ලද සැත්කමකින් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන මහතා දරුණු අතුරු ආබාධයකට ලක්ව ඇති බව වාර්ථාවේ. ඔහු මෙසේ අතුරු ආබාධයකට ලක්ව ඇත්තේ කොඳු නාරටිය ඉවත් කිරීමේ සැත්කමකින් අනතුරවයි.

ඔහු මෙම සැත්කමට භාජනය කොට ඇත්තේ, පිවිතුරු අනාගතයක් කරා ජනතාව ගමන් කරමින් උන් යහපාලන වන් වේ පාරේ ගමන් කරමින් සිටිනාතුර, එක්වරම උපක්‍රමිකව ගන්නා ලද, යූ ටර්න් හෙවත්, වාහනය එකතැන හැරවීමට ගිය අවස්ථාවේදීය.

මෙම දරුණු ඛේදවාචකය ඇසින් දුටු සාක්කි කරුවකු පැවසූවේ, පොදු ජන යහපත සඳහා සාධාරන සමාජයක් වෙත සෙමින් ගමන් කරමින් සිටි යහපාලන හයිබ්‍රිඩ් (දෙමුහුන්) බස් රථය, එම අවස්ථාවේදී ධාවනය කරමින් සිටියේ සිරිසේන රියදුරු මහතා විසින් බවයි.

එසේ ගමන් කරමින් තිබූ බස් රථය මාර්ග සළකුණු කිසිවක් පිළිබඳ තැකීමක් නොකොට එකවරම හැරවීමට සිඳු වූයේ බස් රථයේ ගමන් කල එකසත් ජාතික සන්ධානයේ බයියන් විසින් කරනා ලද බලපෑම් හේතුවෙන් බවයි. එම අවස්ථාවේදි බස් රථයේ ගමන් කරමින් සිටි එජාපයේ යහපාලන ටොයියන් සියල්ලෝම බස් රථයේ පිටුපස අසුන්වල සුවපහසු නින්දක උන් බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කර සිටී.

පොලීසිය වැඩි දුරටත් සඳහන් කරන පරිදි, එම අනතුරින් බස් රථයේ බලාපොරුත්තුවේ සියළු වීදූරු කුඩු වී තිබූ අතර, ආර්ථික ඇන්ජිම ක්‍රියා විරහිතව ඇනහිට ඇති බවත්, ඉන්ඩිකේටර් නැවත භාවිතාවට ගත නොකැකි බවත්, ගියර් පෙට්ටියද නැවත භාවිතාවට ගත නොහැකි ලෙස රිවස් ගියරයේ හිරව ඇති බවත්, වාසනවාකට මෙන් සාමාන්‍ය ජනතාවට සිඳුව ඇත්තෙ සුළු අනතුරු බවත්, එහෙත් මතු ආරක්ෂාව සඳහා රියැදුරු මහතාගේ කොඳු ඇට පෙල ඉවත් කිරීමට සිඳු වූ බවත්ය

තව දුරටත් ලැබෙන වාර්ථාවාට අනුව, මෙම අනතුර කන වැටුනු මහින්ද රාජපක්ෂ මහතාගේ වෘෂණ කෝෂ ඉඳිමී ඇති අතර, රනිල්ගේ එවා රැලී වැටී හිරි වැටි ඇත. රියැදුරු සිරිසේනගේ වෘෂණ කෝෂ අතුරුදන්ව ඇති අතර, එවා සෙවීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක් පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති ඇතර, මෙතක් ඒවා සොයාගෙන නොමැත.ඒවා තව දුරටත් සොයමින් පවතී.

- අති විශේෂ -

මිතුරකු විසින් එවූ මෙම අගනා ඉන්ගිරිස් නිර්මාණය අවසරයකින් තොරව අපේ එකක් ලෙස අනුවර්ථනය කොට ලියා පල කොලේ මහාචාර්ය මාතලන් වන මා විසිනි.

පොරගේ ඔක්කෝම පෝස්ට් පට්ට..

<< ඔරිජිනල් එක මෙතනින් බලන්න >>.

69 comments:

  1. Thanks for the humour to raise us from despair. Yes. Balls are the need of the hour.

    ReplyDelete
    Replies
    1. හාපෝයි................ තව කී දවසද 1600/ = කැලි හම්බවෙන්නෙ. හැටට හැටේ ලියමු මාතලං

      Delete
    2. දැන් බෝල දෙක හොයනවලු... කාමරේ තියෙන බෝල කූඩුවේ...

      Delete
    3. Cut out වල ලොකුවටම තිබුණෙ මහින්දගෙ මූණත් තහඩුව. සිරිසේන, ගම්ලත්, නිර්මල ඇමතිවරුන්ගෙ විතරක් නොවෙයි නාමල්ගෙ මූණත් තහඩුත් එකම ප්‍රමාණයෙන් යටින් අලෝල තිබුණ. මුද්දර අලවන්නා වගේ.

      පහුවදා උදේ මහා ජංජාලයක්. සිරිසේන ඇමතිවරයගෙ සම්බන්ධීකරණ ලේකම් මට කතා කළා. ලොක්කට මළ පැනල කිව්ව. වහාම Cut out ගලවන්න... අද රෑට අලුත් ඒව සවිකරන්න වෙනව කිව්ව.

      පරණ Cut out බිමට පාත් වුණා. අලුතින් සවි කළ Cut out වල මහින්ද ගෙ ලොකු ෆොටෝ එක ළඟින් සිරිසේනගෙත් ලොකු ෆොටෝ එකක් තිබුණ. මුද්දර වල අනෙක් මූණු තිබුණ.

      බිමට බාපු ඒවයෙ සල්ලි අපරදෙ.
      නැතත් අපරාදෙ තමයි. එකකට රු.75000 ක් නෙ.

      ඔන්න උත්සව දවසත් උදා වුණා.
      උත්සවය සංවිධානය කරන්නෙ කොම්පනියෙන් නිසා වැඩසටහන් විස්තරය හා කතා අනුපිළිවෙළ කොළඹින් එවල තිබුණ.

      උත්සවේට ආව ඇමති සිරිසේන වැඩසටහන් විස්තරේ ඉල්ලුව. එතුමාගෙ පෑන් පහරින් කථික ලැයිස්තුවෙ තිබුණ සිරිපාල ගම්ලත්ගෙ නම කැපිල ගොහිං තිබුණ.

      ඒ මදිවට උත්සවය අවසානයේ පැවති නොනිළ සාදය හා දිවා ආහාර වේල තමන්ගෙ හෝටලයෙ නොගත්තොත් ඇමතිතුමාව සහභාගි කරගන්නට නොලැබෙයි කියල තවත් සහෝදරයෙක් මට කතා කරල කිව්ව.

      යුද්දෙ පටන් ගත්තෙ ඊට පස්සෙ. පොළොන්නරුව පැත්ත පළාතෙ ගල්, වැලි, බොරළු ආධිපත්‍යය ඇමති සහෝදරයන්ටයි හිමි වෙලා තිබුණෙ.

      විශේෂයෙන් කොහේ හරි බොරළු නිධියක් ඇත්නම් ඒක මිලදී ගන්න ලේසි වුණේ නැහැ. බල ආධිපත්‍යය ඉදිරියේ ඉඩම්ලභීන් පවා පස්සට ගියා.

      Delete
    4. අර නලියත් FCID ට අරගෙන යනවලු නේද?

      Delete
  2. මාතා............... මිනිස්සු මෙෙත්‍රීපාල ගෙනාවේ ඒයාට අාසාවටවත් ඒයාට රට භාර දෙන්නවත් නෙමෙයි.... මූලිකව ම මහින්ද ව අයින් කරන්න..... ඒකයි යූඒන්පී ඡන්දයි සන්ධාන ඡන්දයි දෙකම ඒයාට ලැබුනේ... නමුත් ලැජ්ජා නැතුව දැන් මහින්දට ඒන්න දුන්නොත් ඔහු පැහැදිලිව ම කරන වැරැද්දක් ඒක.... දූෂිතයන්ට ඡන්දයට ඒන්න දෙන්නැතිනම් දූෂිත යුගයක් රජ කරපු මිනිහට ඒන්න නොදී ඉන්න ඒකයි මුලින් ම කරන්න ඔ්නේ......

    ReplyDelete
    Replies
    1. "ලැජ්ජා නැතුව දැන් මහින්දට ඒන්න දුන්නොත් ..."
      පක්ෂෙට පොල්ල තියල පැනල ගිහිං නිර්පාක්ෂික වෙනවා කියල බෙරිහන් දීල වෙන පක්ෂෙකින් චන්දෙ ඉල්ලපු සිරාට ආපහු ඇවිත් සභාපති කම ගන්නකොට ලැජ්ජාවක් නැත්නම්,
      හැමදාම පක්ෂේ හිටි මරා තමන්ගෙම පක්ෂෙන් චන්දෙට එන එක ඌ නවත්තන්නේ කොහොමද? සිරාට බෑ මරා ඉල්ලන එක නවත්වන්න.

      අනික, සභාපති සිරා මරාට චන්දෙ ඉල්ලන්න දෙන්නම් කියල තාම කෙළින් කියල නෑ. පක්ෂෙ ලේකම් තමයි එහෙම කියන්නේ. තව පැත්තකින්, අර ප්‍රබාට චන්ද්‍රිකා උතුර-නැගෙනහිර අවුරුදු 10 කට නිකං දෙන්නම් කිව්වා වගේ එහෙම නැත්නම් රනිල්ට පිනා අගමැති කම නිකං දුන්නා වගේ හරි නෙමේනේ. චන්දෙට නාම යෝජනා දෙනවා කියල විතරයි ආරංචිය.

      ලජ්ජා වෙන්න ඕනේ මේ වගේ කොමෙන්ට් දාන ඔබ තුමාලා.

      Delete
    2. කොඳු නාරටිය ඉවත් කරපු එකෙක් නේ බං...

      Delete
    3. Cut out වල ලොකුවටම තිබුණෙ මහින්දගෙ මූණත් තහඩුව. සිරිසේන, ගම්ලත්, නිර්මල ඇමතිවරුන්ගෙ විතරක් නොවෙයි නාමල්ගෙ මූණත් තහඩුත් එකම ප්‍රමාණයෙන් යටින් අලෝල තිබුණ. මුද්දර අලවන්නා වගේ.

      පහුවදා උදේ මහා ජංජාලයක්. සිරිසේන ඇමතිවරයගෙ සම්බන්ධීකරණ ලේකම් මට කතා කළා. ලොක්කට මළ පැනල කිව්ව. වහාම Cut out ගලවන්න... අද රෑට අලුත් ඒව සවිකරන්න වෙනව කිව්ව.

      පරණ Cut out බිමට පාත් වුණා. අලුතින් සවි කළ Cut out වල මහින්ද ගෙ ලොකු ෆොටෝ එක ළඟින් සිරිසේනගෙත් ලොකු ෆොටෝ එකක් තිබුණ. මුද්දර වල අනෙක් මූණු තිබුණ.

      බිමට බාපු ඒවයෙ සල්ලි අපරදෙ.
      නැතත් අපරාදෙ තමයි. එකකට රු.75000 ක් නෙ.

      ඔන්න උත්සව දවසත් උදා වුණා.
      උත්සවය සංවිධානය කරන්නෙ කොම්පනියෙන් නිසා වැඩසටහන් විස්තරය හා කතා අනුපිළිවෙළ කොළඹින් එවල තිබුණ.

      උත්සවේට ආව ඇමති සිරිසේන වැඩසටහන් විස්තරේ ඉල්ලුව. එතුමාගෙ පෑන් පහරින් කථික ලැයිස්තුවෙ තිබුණ සිරිපාල ගම්ලත්ගෙ නම කැපිල ගොහිං තිබුණ.

      ඒ මදිවට උත්සවය අවසානයේ පැවති නොනිළ සාදය හා දිවා ආහාර වේල තමන්ගෙ හෝටලයෙ නොගත්තොත් ඇමතිතුමාව සහභාගි කරගන්නට නොලැබෙයි කියල තවත් සහෝදරයෙක් මට කතා කරල කිව්ව.

      යුද්දෙ පටන් ගත්තෙ ඊට පස්සෙ. පොළොන්නරුව පැත්ත පළාතෙ ගල්, වැලි, බොරළු ආධිපත්‍යය ඇමති සහෝදරයන්ටයි හිමි වෙලා තිබුණෙ.

      විශේෂයෙන් කොහේ හරි බොරළු නිධියක් ඇත්නම් ඒක මිලදී ගන්න ලේසි වුණේ නැහැ. බල ආධිපත්‍යය ඉදිරියේ ඉඩම්ලභීන් පවා පස්සට ගියා.

      Delete
    4. ඒ දවස්වල කොම්පැනියේ අයිතිකරු පඬුරුපාක්කුඩම් රැගෙන සුහද හමුවීම් වලට පොළොන්නරුවේ නිවසට ආ ගිය වෙලාවලදී දේශපාලකයන් සමඟ කවදත් බජනයට අකැමති මා පිටතට වී සිටියේ මතු දිනෙක එතුමා රාජ්‍ය නායකයා වනු ඇති බව සිහිනයෙන්වත් නොසිතූ නිසයි.

      කවුද අප්පා දැනන් උන්නේ ජනාධිපති වෙයි කියලා.

      Delete
  3. Replies
    1. මොකක්ද මචෝ.... ඇක්සිඩොන්ට් එකෙයි...

      Delete
  4. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. සන්තෝසද ජෝනා? සන්තෝසයි බෝනා!

      Delete
    3. රාජ් උන්නැහෙ ද පතෝල ස්ලාදෙ හදන්නෙ.... ??

      Delete
    4. කොයි එකාද ඇත්ත දත් දොස්තරයා සහ දකේපුත් දොස්තරයා

      Delete
    5. ++++++++++++++++++++++++

      Delete
    6. උඹලා ඔක්කෝම ලන්දේසි දූපත් වැසියෝද, බංස්ලා?

      Delete
    7. නෑ බං අපි ඔක්කෝම මහින්ද රාජපක්ෂගෙ ප්‍රවේණි දාසයෝ

      Delete
    8. දරුණු අනතුරකින් සා රසතුමාගේද කොඳු නාරටිය සහ කුට්ටම ඉවත් කර ඇත​. විශ්මයජනක ලෙස අධෝමුඛයට කිසිදු හානියක් වී නොමැත​.

      Delete
    9. ඒ කතාව ඇත්ත තමයි...

      Delete
  5. මිනිහගෙ කොන්ද සහ අනිත් අවයවය ටිකක් ලිවර් එක වගේ. දැන් ආයිත් ඇවිල්ලලු,
    එනව යනව
    http://www.asiantribune.com/node/87292

    ReplyDelete
    Replies
    1. දැන් නම් මොකා ඇත්ත කියනවද, මොකා බොරු කියනවද කියලා නම් හොයන්න පට්ට අමාරුයි

      Delete
  6. \\\යහපාලන හයිබ්‍රිට් බස් රථය///
    හයිබ්‍රිට් කිව්වම නිකන් මේඩ් ඉන් බ්‍රිට්න් වගේ....ඒ හින්දා ඕකේ හරි වචනේම ලියන්න මහාචාර්‍ය තුමා ..හයිබ්‍රිඩ්..කියලා..නැත්නම් 8වෙනිදා මරාට වෙච්ච ඇක්සිඩන්ට් එකට විදේශ කුමන්ත්‍රනකාරයෝ සපොර්ට්කරා කියලා කතා හදාවි...
    මම හිතුවේ VIPඉන්ෂුවරන්ස් එකක් තිබ්බා කියල ටයි පොලු දාගෙන මෝඩ ජෝක් දානකොට දියවන්නා ඉවුරේ...කිසිම බැකප් සපොර්ට් සිස්ටම් එකක් නැද්ද කොහෙද හිතලාවත්..නැත්නම් ඔය ඇක්සිඩන්ට් එකෙන් පස්සේ පෝස්ටර් ගහයිද..එන්න එන්න ජයගත් දේ රැක ගන්න කියලා...

    ReplyDelete
    Replies
    1. ඒ වගේම අනවශ්‍ය මහප්‍රාණ ටිකත් අයින්කරලා දාපං හරියට පෝස්ට් එකේ නිල මැස්සො වහල වගේ.උඹට කියන කට බිම උලා ගන්නව හොඳයි.

      Delete
    2. @ චෙෆාකී

      "පවුල රැකේ" කියලා තමයි අන්තීමට කියන්න වෙන්නේ...

      @ හැලපේ

      එහෙම ලියන කොට පොඩි සම්බහිය ගතියක් තියෙනවා මචෝ... කොහොමත් අපි මහප්පරානෙට මනාප අය නේ...

      Delete
  7. නොදනිමි කාගේ දොසා

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට මේකට වග කියන්න ඕනත් බුද්ධිමත් ජනතාවද....?

      Delete
  8. මාතලන් සර්,

    ඉතාම අගනා හාස්‍යජනක නිර්මාණයක්. අවංකව මේ නිර්මාණයට මම කැමැතියි.

    මාතලන් සර්ගේ ඊ-මේල් අංකය ලබා දෙන්න පුළුවන්ද?

    කපිතන් පීකිව්ආර්එස් SLA

    ReplyDelete
    Replies
    1. මාතලන් සර්,

      සර් ලබා දුන්නු ඊ-මේල් අංකයට මා ලියුමක් එව්වත් ඒක sintax Eror කියලා ආපහු ආවා. සර්ට ෂුවර්ද මේ අංකය හරියි කියලා. ආමි එකෙන් අපට ලබා දුන්නු ඊ මේල් අංක වල නම් හැම එකකම මැද්දේ අර ගොලුබෙල්ලෙක් වගේ ලකුණක් තියෙනවා. සර්ගේ එකේ ඒක නැත්තේ මොකද?

      කපිතන් පීකිව් ආර් එස් SLA

      Delete
    2. එහෙනම් මෙහෙම දාලා බලන්න

      @ a 2

      Delete
    3. Dear Captain,

      Mr. Mathalan's email adress = IIO 2 + O @ a 2n 3N2 LNO

      ලුතිනන් කර්නල් ඊ.එම්.ආර්.බී. ඒකනායක
      RWP, RSP, psc, SLSR

      Delete
    4. සර්ලා ඔක්කෝම මාව විහිලුවට අරගෙන වගේ. එහෙම කළොත් මම කමෙන්ට් දාන එක නතර කරනවා.

      කපිතන් පීකිව්ආර්එස් SLA

      Delete
    5. http://www.cms.gov/Medicare/Quality-Initiatives-Patient-Assessment-Instruments/PQRS/

      Delete
  9. කාලෙකට පස්සෙ දියත උයනට ගියෙ. ඉස්සරනං රෑ 9-10 වෙනකම් වුණත් ව්‍යායාමයට ඇවිදින මිනිස්සු ඉන්නවා. ඒත් දැන් ඇවිදින අය ඇත්තෙම නැති ගානයි. පවුල්/ ජෝඩු හවස ගත කරන්න ආව අයත් 7 වෙද්දි ඇවිදින මංතීරුවලින් පිට වෙනවා. පුදුම වෙන්න දේකුත් නෑ. මොකද, ඒ හරියෙ තිබුණෙ ලයිට්වලින් බොහොමයක් වැඩ කරන්නෙ නෑ. ඇතුල් වටයෙ ලයිට්වලින් තුනකට එකක් විතර තමයි දැල්වෙන්නෙ. පිටත වටයෙ වැඩි හරියක් නිවලා.

    සේරටමත් වඩා කිසිම ආරක්ෂාවක් නෑ. ඉස්සරනම් හමුදාවෙ අය හැම තැනම හිටියා. ඒ නිසා කාන්තාවකට තනියම වුණත් හොඳටම රෑ වෙනතුරු ඇවිදින මංතීරු පාවිච්චි කරන්න ආරක්ෂාව තිබුණා.

    ඒත් දැන් ඉන්නෙ, ඇතුල් වෙන තැන ප්ලාස්ටික් වතුර බෝතල්, කෑම බීම එහෙම ගේනවද කියල බෑග් පරීක්ෂා කරන කාන්තාව විතරයි. පරිසර පොලිස් නිලධාරින් දෙන්නෙක් හයට විතර වටයක් කැරකිලා, මිනිස්සු විසි කරලා තියෙන ප්ලාස්ටික් කෝප්ප බල බල යනවා දැක්කා.

    ඉතින් මිනිස්සු නොඑන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. හවස එළිය තියෙන අතරෙ, වෙන මිනිස්සුත් ඉන්න අතරෙ පවුල් පිටින් නැත්නම් ජෝඩු පිටින් වැනි වැනි ඉන්න එන මිනිස්සු ටික විතරයි. හැබැයි අනික් පැත්තෙ කෑම කඩවලනම් හිටු කියලා සෙනග. ඒ හරියෙ ලයිට්වලත් අඩුවක් නෑ.

    දියත උයන පටන් ගත්තු දවස්වල, සමීක්ෂණයක් කරන්න ආව නංගිලා වගයක් මගෙනුත් ප්‍රශ්න අහලා කොළයක් පිරෙව්වා. ඒකෙ තිබුණු ප්‍රශ්න අතරෙ ඔය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නෙත් තිබුණා. ඒ දවස්වල ඔතන ආරක්ෂාව ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්කම තිබුණා. ඔතන කෑම කඩ අරින එක ගැන අදහස් විමසලත් තිබුණා. ඒකනම් ඕන නෑ කියලයි මම උත්තර දුන්නෙ. හැබැයි දැන් එතන මිනිස්සු ඉන්නෙ කෑම කඩවල විතරයි.

    ReplyDelete
    Replies
    1. එක්සයිස් කොරන්න ඕන එකා ගෙදර ඉඳන් හරි එක්සයිස් කොරනවා... කන්න ඕනා එකා කොහේ ගියත් කනවා.. වෙච්චි එකම වෙනස තමයි, බොරු සෝභනකාර ලුම්පන් පන්තිය පොඩ්ඩක් දෙදරලා ඉන්නේ මහින්ද මහත්තයට පාත් වෙච්චි හෙනේට..

      Delete
    2. මාතලන් ඔයා පිඩිත පන්තියටද ලියන්නේ

      Delete
    3. නෑ.... දෙකේ පන්තියට.

      Delete
  10. රොට්ය බබා කිවුව වගේ නොදනිමි කාගේ දොසා.... හැබැයි මාතා අයියා ලියපු ඉට්ටැයිල් එක නම මරු... පොලිටික් ගෑවිලාවත් නෑ නොව

    ReplyDelete
    Replies
    1. චීයා කක්කි... මම ඔය කක්කි ගොඩ ගැන ලියයිද බං

      Delete
  11. දේශපාලන මාවත අනතුරු වාර්තාකරණයේ ප්‍රමුඛයා... මා එෆ් එම්... ටිං.... ටොං... ටිං...
    (අම්මපා අර කියාපුව අතුරුදහන් වෙලාද?)

    (එම්බා මිත්‍රද්‍රෝහිය, කොයි මාගේ පළමු කොමෙන්ටුව?)

    ReplyDelete
    Replies
    1. උඹේ කොමෙන්ට් එක මම ගිල්ලය බංස්....

      ඇයි යකෝ අර මනෝරමගේ එකක් දැම්මේ...

      Delete
  12. "Luckily only the public were severely hurt, "
    වාසනාවට දරුණු ලෙස අනතුරට ලක්ව සිටියේ පොදු ජනතාව පමනි

    ReplyDelete
    Replies
    1. පරිවර්ථනයක් නොවේ, අනුවර්ථනයකි...

      Delete
    2. එහෙනම් දානවකෝ මගේ version එක කියලා

      Delete
    3. ඇයි හරකෝ යටින් ලියලා තියෙන්නේ...

      Delete
    4. මයේ පුතා අදුරගත්ත නේද තාත්තාව

      Delete
  13. ඔයා කියනවා වගේ පට්ටේ හොඳ එක :D

    ReplyDelete
    Replies
    1. මොකා හරි වට් ඒ ක්‍රියේටිව් පොරක්

      Delete
  14. කොන්ද චන්ද්‍රිකා දකිද්දී මතුවෙන්වලු, මහින්ද දැක්කම නැති වෙනවලු , පිටසක්වල ලෙඩක්ලු

    ReplyDelete
    Replies
    1. චන්දිකාගෙත් කොන්ද කචල් කියලා නිව්ස් එකක් ආවා...

      Delete
  15. ලියවිල්ල මරැ
    දැන් අර මහින්ද එක්ක නැගිටපු දත් මැදපු කට්ටිය ගියාද දන්නේ නෑ ලෙඩා බලන්න

    ReplyDelete
  16. Me me me Mr.Maathalan boss. Danne nethi nisa ahanne. Eththatama accident welai? Hi hi hi... Hariyata news wage. Patta walla patta..

    ReplyDelete
    Replies
    1. අද්‍යාපනය කමෙන්ටුවෙන් පෙනේ

      Delete
  17. ෂුවර් එකටම මහ බයියා ඔරිජිනල් සිරිසේන උස්සලා ඩුප්ලිකැට් සිරිසේනයව එලියට දමලා. මේ හොර සිරා තමයි රට කොරවන්නේ.

    ReplyDelete
    Replies
    1. හරියට මාතලන්ලයි තාත්ත වගේ

      Delete
  18. Betrayal....i still dont want to believe this...we've waited for 6 years to see the mr regime topled..i am neither a unp'er or slfp but a person who is looking for some semblance of democracy..dissapointing..

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. මාතේ.... ලියපං බං මොකක් හරි හෙට නාම යෝජනා ගැනවත්...

    ReplyDelete
  21. පට්ට ලියවිල්ල අයියේ...සිංහලෙන් කියවන අපි වෙනුවෙන් පර්වර්ථනය කලාට තුති

    ReplyDelete
  22. පොඩ්ඩක් ඉවසලා ඉමු.. ලංකාවේ තාම ටිපෙක්ස් තියන නිසා හෙට පහු වෙනකම් වැඩේ ශූර් නෑ...

    ReplyDelete
  23. Matha,for fuck sake ,write some thing...political situation is volatile and good to see some humor..

    ReplyDelete
  24. What the fuck is wrong...why aren't you blogging?

    ReplyDelete
  25. අනෙ අප්පේ...! දවසට එක ගානෙ පෝස්ට් දමපු අපේ සර්වලෝක පූට්ටුව වන මාතලන් ට හෙණ වැදිලයි, සද්දක් වත් නැත්තෙ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න