.

.

Jul 3, 2015

මහින්දාගමනය හෙවත්, ඔබාමා ලංකාවේදී චීනාට පැරදීම - Xi Jin Pin Defeat Obama in Sri Lanka



යහ පාලනයක් ඇති කිරීමට පත් කල ඔලමොට්ටල නායකයකු නිසා, මෙතෙක් පැවති මිලෙඡ්ච්ම හා කෘර මැතිවරණ සටණ දැක බලා ගැනීමට අපේ ජහ මනයාට වාසනාව පෑදිලාය. පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ඕවර් මැච් හා විස්සයි විස්සේ මැච් සැට් එක කැන්සොල් කොලත් අවුලක් නැතිය, ඩී වී උපුල්ලා, රත්තරන්ලා, මහින්දානන්දලා, සොයිසලා, ජොනීලා, දයාසොරිලා ගොබ්බ අලියන්ට එලවා එලවා ගහනවා බලා ආතල් එකේ හොඳම එකෙන් ගන්න පින් ලැබෙනවාය.

සිඳූ වූයේ කුමක්ද කියා ඉස්ටේසොන් ඉස්සරහා රුහුණු කුමාරි සයිස් බැනර් එල්ලගෙන, හොල්මන්ද බේරේ පොල් කොල වෙලා,  මෛත්‍රීපාලගේ පලු අරින ආචාර්ය මහාචාර්ය වරුන්ගේ පොල් ගෙඩි සයිස් ඔළු ගෙඩි වලට වැටහුනේ නැති වුවද, මාතලන් වගේ හාල්පාරුවන් නම් සෝමරත්න දිසානායක නම් කාළකන්නියා රූපවාහිනියට පත් කල වෙලේ පටන්ම කිව්වේ, වෙන්නට යන්නේ පුද්ගලයන් වෙනස් වීමක් මිස, ක්‍රමයේ වෙනසක් නොවනා බවමය.

මාතලන් කිසි අවුලක් නැතිව කිව්වේ, 19 කියන්නේ අමුම අමු සෙප්පඩ විජ්ජාවක් බවය. අර්ජුන මහේන්ද්‍රගේ කේස් එකෙන් අලින්ට අසූචි නාගන්න දී, උන් කවර් කරන්නේත් ගේමේම එක කොටසක් ලෙස බවත් අපි පැහැදිලිවම කිව්වෙමු. මළහත්තිලව් 20 ක් උස්සාගෙන විත් ඒක සම්මත නොකිරීමේ වරදත් ගොන් අලින්ට පවරා, මෛත්‍රීපාල උන්නැහේ මම බබා පාට් එක අපූරුවට රඟපෑවේය.

එජාප ශ්‍රි ලංකා පක්ෂ දෙකේම ඉතිහාසයේ මෙතෙක් පහළවූ හාල්පාරුම් නායකයන් දෙදෙනෙකුගේ එකතුවෙන්, මේ රටේ සිඳූවූ දරුණුම ආර්ථික අවපාතයට රට මුහුණ දුන්නා මෙන්ම, (අපරාදේ කියන්නේ මෙළෝ හසරක් නොදන්න විස්කි මැඩම්ගේ කාලයේ වත් ආර්ථිකයට මේ තරම් කෙල වූයේ නැත. අනික ඒ කාළේ පිරබාහරන් මහතාද මැක්සිමම් ආතල් දුන්න කාලයක්ය.) මෙතරම් කෙටි කලකින් තුඃ නොදෝමකින් කියනා තත්වයට පත් වූ ආන්ඩුවත් මෙයම වන්නේය. එකෙකුට එකෙක් ගල් ආඳ ගේම් දෙමින් ගෙනගිය පාලනය අවසාන වන්නේ, දෙන්නාටම කෙල වීමෙන්ය

යහපාලනයට ඡන්දය දුන් ටොයියන්ද කියන්නට පටන් ගත්තේ, මේ වගේ ගොබ්බ ආන්ඩුවක් පත් කර ගත්තාට වඩා මහින්ද මහත්තයා උන්නා නම් මීට වඩා දස දහස් වරක් හොඳයි කියාය. ඇත්තටම මහින්ද පැරදුනේ රජයේ දේපල යටි මඩි ගැසූ නිසාවත්, ජාතිවාදියකු වූ නිසාවත් නොවේ. සාමාන්නිය ජහ මනයා කියන උන්ගේ බඩට කෙලි නිසාමය. 70-77 වගේම මහ උන් කෑවාට පොඩි උන්ට දුන්නේ නැති හින්දාය. රනිල් ආවත් හොරකම් කොරනවා නම්, ඒ යකා කොරන්නෙත් හොරු රකිනා එක නම්, ඇත්තටම රනිල්ට වඩා මහින්ද දහස් ගුණයක් හොඳය.

මෛත්‍රී නොමිනේසොන් දුන්නත් නොදුන්නත්, මහින්ද හා මහින්දගේ කල්ලිය අනිවාර්යයෙන් පාර්ලිමේන්තු එනවාමය. අපේ උන් කැමති, මහාචාර්ය හරේන්ද්‍ර සිල්වාට වඩා, සාරුවා සුනිල් දියවන්නාවේ ඉන්නවාටය. ජස්ටිස් වරාවැවට වඩා, ජරාවැඩ වලට නමගිය දියවන්නාවේ බඩු ගැසු, සරත් නන්ද සිල්වාටය. දියවන්නාවා ගාව බඩු ගහනා එක, දියවන්නාව තරණයට කොලිපිකේසොන් එකක් වෙන්නේ එහෙමය. සුමිත්‍රා රාහුබද්දලාට වඩා, පබා, මාලනීලාටය. ඒ අපේ අති සෙරේස්ට සඟිස්කෘත්‍යද මක්කද රෙද්දේ හැටිය.

මේ ජන වින්නානේද කොඩිවිනේද මක්කද එකට ගැලපෙන අපූරු රජෙක් 2005 දී මේ රටේ බුද්ධිමත් ජනතාවට දෙවියන් වහන්සේ එව්වේය. රාවණා එනකන් බලාගෙන උන්න උන්ට, රාවණා ඉතරක් නොව එයාගේ මල්ලී විභිසොනත් හම්බ උනේය. යෙසුස් වහන්සේ එනකන් බලාගෙන ඉන්නා උන්ට, යේසුස් නොව දෙවියන් වහන්සේම රැවුලකුත් වවාගෙන සාටකේකුත් පොරවාගෙන ආවේය.

රැවුල හා සාටකේ, ඔබාමලාට කැමරන්ලාට දිරෙව්වේ නැති උනාට, ඉස්සර දත් බැඳපු, දැන් දත් ගලවන චීනාට අල්ලලාම ගියේය. උන් කළේ බුදු හාන්දුරුවොන්ටත් නෑකම් තිබුන නිසා, ඇමරිකන් කාරයා කොලනියක් කොර ගන්න දඟලපු අම්මට සිරි ලංකාව, උන්ගේ කොලොන්යක් කොර ගන්නා එකය.හොරා කන උන්ට හිතේ හැටියට හොරා කන්න දෙමින්, හම්බයන්ගේ තොට ඉතරක් නොව, කොළොම් තොටත් උන්ගේ කොර ගත්තේය.

ඒක මදි නිසා, මුහුද ගොඩ කොරලා, පෝට් සිටියකුත්  හදා ගන්න ගියේය. ඇරොප්ලේන් බාන්න මත්තලත් හදා ගත්තේය. කොටින්ම තව අවුරුදු 3-4 ක් ගියා නම්, සිංහයන්ගේ දේශය සිංගප්පූරුවක් කොරන්න ගියේය. ඒකට නියම බුලට් බඩුවකුත් ලොක්කා ළඟ උන්නේය. ඒ ඝෝඨාභය යෝධයාය.

මේ එකඳු සංවර්ධන වියාප්පුරුතියක් හෝ ඝෝඨාභයගේ කොළොම්පුරේ සිරියාව, ගෙදර යැවුවායින් පස්සේ වත් මාතලන් විසින් විවේච්නය නොකලේ, මේවා යුගයේ අවස්සියතාවයන් නිසාය. බැසිලුත් කොමිස් කෑවද පුංචි බන්ඩා හා එකතුව ක්‍රෙඩිඩ් කොන්ට්‍රෝලින් වැඩේ ගානට ගෙන ගියේය.

යහපාලන හාල් පාරුවන්ට කොරන්න බැරි උනේත් එයමය. හොරුන්ට දෙන්න එපා කියමින් පැෆරල් එකේ උන් උස්සාගෙන යන පෙස්සම, රෝල් කරලා රෙද්ද උස්සා පස්ස පැත්තේ ගහගත්තා නම් අගේය. මොකෝ ලංකාවේ ළොකුම හොරා කියපු එකාට, යහපාලනයේ වෙස්සන්තර අප්පුහාමි, මහා කතිර යුද්දෙට නියත විවරණ දීලාය. දැන් උන්නැහේ කියනා නිසා අනික් උන්ටත් දෙන්නම වෙනවාය.

අපේ උන් මොන බයිලා ගැසුවද, ඔතන ගියේ ඉන්ටර්නැසොනල් පොලිටිකල් ගේමක්ය. යහපාලන බූරුවෝ මහ බලවතා බවට පත් වෙමින් ඉන්නා චීනා අමතක කොට, ඔබාමාගේ එළිසබත්ලාගේ පුක ඉඹින්න ගියේය. එහෙම පුක ඉඹිනා එක මහා ළොකු කමක් කියලා ඉස්ටේජ් ගානේ කෑ මොර දුන්නේය. දැන්, උන්ට අපට දෙනවා තියා, උන්ගේ උන්ටවත් දෙන්න බැරිව කෙලවෙලා ඉන්න උන්ය.

මහින්දගේ සැට් එකට බැක් කොලේ චීනාය. අත දිග ඇර මුදල් වියදම් කොළේය. චීනා සිරසේ ගඩොල් වන්දනාව මාර්ගයෙන්, මෙළෝ දැක්මක් නැති නායකයා අපූරුවට බා ගත්තේය. මහින්දට නොමිනේසොන් ලැබෙන්නේ විමල් නිසාවත්, දිනේස් නිසාවත්, මංගොන්පිල නිසාවත් වාසු නිසාවත් නේමය. චීනා නිසාය. අනුරාජපුරේ මීටමට මහින්දත් එක්ක මෛත්‍රීත් නැග්ගොත ඒවා මහා ළොකු දේවල් නෙමේය.

අනිවාරයයෙන් ඡන්දෙන් පස්සේ රට කරවන ගේම ගෙනියන්නේ මහින්ද හා මෛත්‍රි අතරය. මාතලන් කලින් කීවාක් මෙන් රුසියාවේ පුටින් මෙන්, ඉන්දියාවෙ සෝනියා මෙන්, නැවතත් රට පාලනය කොරන්නේ මහින්දය. මෙළෝ රහක් නැති රනිල් හා බටහිර කරේ තියාගෙන ටයි කෝට් ගහගෙන රඹ ටෝක් දෙන ඉකොනොමිස්ට්ලාට, ආයෙත් විපක්සෙට වෙලා ආතල් එකේ ඉන්නට පුළුවන්ය. මොකෝ උන් කොරන්න ගිහින් හත් පොලේ ගාගන්නවාට වඩා, කරන්න පුළුවන් කිය කියා විපක්ෂෙම ඉන්න එක එයාලාගේ පෝර්සනැලටිවලටත් ප්ලස් මාක් එකක් වෙනවාය.

ජෝතිසා කාරයෝ හඳහන් බැලුවාට, විශ්ව ශක්තියෙන බයිලා ගැහුවාට වැඩක් නැතිය. අද ළෝකය දුවන්නේ බලය ධනය හා කොමිස් කුට්ටි මතය. ඒ සියල්ල වැඩියෙන් තියෙන්නේ චීනා ළඟය. ඒ නිසා දින්නේ මහින්ද නොවේය. චීනාය. ඒකට මාතලන් මනාපය.

73 comments:

  1. රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් කෝ??

    -පාසල් යන දුවා දරුවන්ගේ මන්ද පෝශනය නැති කරන්න බිත්තර සහ බ්‍රොයිලර් කුකුල් මස්
    -අංකල්ලට මල්ලිලට ජොල් බොඩි හදාගන්න, යූරාජ් බඩාගේ බඩ බස්සන්න, වේ ප්‍රෝටීන්, ෆ්‍රී ජිම් මෙම්බර්ශිප්
    - ආශ්මි ආන්ටිලට චාමලි නංගිලට කොස් කපන්න, කැරට් සුද්ද කරන්න මන්නි
    - ගනේමුල්ලේ වේ@ වැනි සමනලයන්ට පු@ ඇරීමේ මූලික මිනිස් අයිතිවාසිකම
    -සොන්නලු ගසා කන සොන්නසුං වෙනුවට අයි පෝං
    -රටේ ජාතික ආරක්ශාවට අත පොවන විදේශ කුමන්ත්‍රණ මෙහෙයවන දත් කිබුලා ඇතුලු තට්ට ඩොලර් කාක්කන් සිර ගෙයට
    -ඩොලර් 5ට ඉන්ටර්නෙට් එකේ පු@ දෙන ඉන්ටර්නෙට් වීරයන්ට විශ්‍රාම වැටුප් සහිත ස්ථිර ඕඩෙස්ක් රැකියා
    -හාංසිපුටු දේශපාලන විචාරකයන්ට ජනාධිපති උපදේශක පත්වීම්
    -ත්‍රී වීල් මල්ලිලාට චයිනීස් ශේඩ්ස්/සං ග්ලාසස්


    අවුරුදු 60ක් රැවටුනා ඇති.
    මේ වෙනසකට කාලයයි
    සොරි-පාල-රනිල් අශුද්ධ සංධානය පරදවමු.
    හොරා කෑ මහ රජා විශ්‍රාම යවමු.
    පචායුධ විමලේ/ ප@යා වාසුගේ ඇප රාජසන්තක කරමු
    සොන්න ජනතාව දිනවමු.

    වලතර වැඩිම මනාපයෙන් අගමැති කරමු.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීට නො රුවටෙනු

      මහින්ද රාජපක්‍ෂ රැ වැටුණු වළේ දවල් වැටෙන්නට යන බව පැහැදිලි ය. වාර්තාවන අන්දමට මහින්දට මැතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් තරගකිරීමට ඉඩදීමට මෛත්‍රිපාල කැමති වී ඇත. එහෙත් අගමැතිකම දීම ප්‍රතික්‍ෂෙප කර ඇත. ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමකු එයට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වෙයි. මෙය ඉතාමත් භයානක තත්ත්වයකි. ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වූවාට පසු මහින්දට අගමැතිකම ලබා ගත හැකි ය යන්න ය.
      එහෙත් ඒ කවදාවත් සිදු නොවන්නකි. අද ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් බහුතරය මහින්ද වටා රොක් වී සිටින්නේ ජනතාවගේ ඡන්ද තිබෙන්නේ එතැන බැවිනි. මැතිවරණය පවත්වන තුරු බලය ඇත්තේ මහින්දට ය. එහෙත් පාර්ලිමේන්තුව තෝරා ගැනීමෙන් පසු බලය ඇත්තේ මෛත්‍රිපාලට ය. ඔහු ජනාධිපති ය. අගමැති පත්කෙරෙන්නේ ඔහුට අවශ්‍ය අන්දමට ය.

      මෛත්‍රිපාලගේ ප්‍රධාන ගිවිසුම රනිල් අගමැති කිරීමට ය. එය බටහිරයන් සමග ඇති ගිවිසුමකි. පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීමෙන් පසු ඔහුට පසුගිය වතාවේ මෙන් රනිල් අගමැති ලෙස පත් කළ හැකි ය. ගියවර මෙන් ම ශ්‍රී ල නි ප මන්ත්‍රීන්ට තර්ජන, ගර්ජන බලපෑම් ආදියෙන් රනිල්ට සහාය දෙන තැනකට ගෙන ගිය හැකි ය. මෛත්‍රිපාල වැඩිම වුවහොත් නිමල් අගමැති කරනු ඇත. ඔහු කිසි දිනෙක මහින්ද අගමැති ලෙස පත් නොකරනු ඇත.
      ඔහු ඒ බවට පොරෙනදුවක් දුන්නත් ඒ ඉටු කරාවි යැයි විශ්වාස කළ හැකි නො වේ. මෛත්‍රිපාල උදේ කියන දෙයට විරුද්ධ දෙයක් දවල් කියයි. හවසට කියන්නේ වෙනත් ම දෙයකි. රෑට ඒ සියල්ල ප්‍රතික්‍ෂෙප කරයි. මෛත්‍රිපාලට නොරැවටිය යුතු ය. රෑ වැටුණු වළේ දවල් නොවැටිය යුතු ය.
      අද මහින්ද කළ යුත්තේ මෛත්‍රිපාලට නොරැවටී වෙනම සංධානයකින් තරග කිරීම ය. අද බලය ඇත්තේ මහින්දට ය. ඒ බලය මැතිවරණයෙන් පසුව ද රැක ගත යුතු ය. නැතහොත් මහින්දට සිදුවන්නේ අවුරුදු පහක් පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස කල්ගත කිරීම ය. එවිට වයස ගොස් ය.

      නලින් ද සිල්වා

      Delete
  2. මහින්ද මහත්තයා අගමැති කරමු.... රනිල් මහත්තයාට සුපුරුදු විපක්ස නායක කම බාරදෙමු. චන්ද්‍රිකා නෝනාව පිස්සන් කොටුවට යවමු!

    ReplyDelete
    Replies
    1. දත් දොස්තරයා ආපහු මොන්ටිසෝරියට යවමු.

      Delete
    2. නෑ සරසා.................

      චන්ද්‍රිකා රෙදි නැතුව හෙලුවෙන් පාරේ දුවවමු............... ජයවේවා..........

      Delete
    3. //චන්ද්‍රිකා රෙදි නැතුව හෙලුවෙන් පාරේ දුවවමු............... ජයවේවා..........//

      චී චී..... පාරේ යන එන මිනිසුන් බියගැන්වීම සාපරාදී ක්‍රියාවකි කුරුටු!

      Delete
    4. නෑ මං මතක් කරේ ගියපාර ඡන්දෙට කලින් කියපු කතාව..... දැන් ඉතින් චන්ද්‍රිකා යවන තැන වෙනස් කරන්න ඔ්නේ නැහැනේ.... ඒතන්ටම යවමු කිව්වානම් හරිනේ......

      Delete
    5. සා රසටත් සුපුරුදු ඇදුමෙන්ම චන්ද්‍රිකා නෝන එක්ක පාරෙ ගියහැකි.

      Delete
  3. ඔය කියන මොකුත් වෙන්නේ නැහැ. මහින්දයා ආයෙත් පාරක් පුක බිම ඇනගන්නවා. කුණු විමලයා, පීනස්කාරයා දිනේෂයා, ඇතුළු කුණු හොර හැත්ත මකබෑවෙනවා. යූඇන්පිය ටීඑන්ඒ, වතු දෙමල පක්ෂ, මුස්ලිම් කොන්ග්‍රසය සහාය කරගෙන මැතිවරණෙ දිනනවා. මාතේ උඹ මේක හොඳට නෝට් කරලා තියාගනින්.

    ReplyDelete
    Replies
    1. පුක බිම ඇනගන්නෙ යූඇන්පිය. ඒ අයට ඒකට පළපුරුද්දකුත් තියනවනෙ .ප්‍රැක්ටිස් තියන එක අලියට වාසියි පුක බිම ඇනගන්න තරගෙදි.

      Delete
    2. @ AnonymousJuly 4, 2015 at 4:57 AM

      දත් දොස්තරයෝ ඕකට ඔහැටි නොඅඬා ඉඳු. සැප්තැම්බර 18 උදේ අඬන්න ලෑස්තිවෙලා හිටු.

      Delete
    3. තොගේ මහලොකු මහින්දයට ආයේ ගොඩ යැමක් නැ යකෝ . තෝ වගේ හැකනිල්ලු මිසක් ඔලුවක් තියන එකෙක් අපරාදේ මහින්දව එලෙව්වේ කිව්වේ නෑ . බලාගෙන හිටපන් ඌ අගමැති වෙනකන්

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. @AnonymousJuly 4, 2015 at 6:31 AM

      ''හැකනිල්ලු" නටයි, ඔයාටයි මටයි හැමෝටම තියෙන්නේ එක චන්දෙ ගානෙනේ. ''හැකනිල්ලු" වැඩි උනොත් කොරල හමාරයි නේද ??

      Delete
  4. MTHALAN IN ALWAYS IN A RUSH.. No patience. Wait and see what happens.

    ReplyDelete
  5. මාතා...........................

    මේක ලංකාවේ ඉතිහාසයේ දී හමුවෙන අමුතු යුගයක්..... ජෙනරාල් යුද්දේ ඉවර කරලා තවත් යුද්ධයක් කරලා තමන්ට අවශ්‍ය දේ ගත්තා... මහින්ද පැරදිලාවත් සටන අතහරින්නැහැ.... රනිල් ගෙදරම යවන්න හැදුවත් කොහොම හරි ඡන්දයක්වත් දිනන්නැතුව අගමැති වුණා..... අනික් අයත් ඒහෙමයි.... මේ මොළ ටික සහ අාත්ම ශක්තිය හරි දේකට පාවිච්චි වුණානම් අපි දැනටමත් සංවර්ධිත රටක්....... මේ තරම් පොරවල් වැරදි පාරවල් වල යන ඒකයි අවුල....

    ReplyDelete
    Replies
    1. උන්ට මොළේ තියෙන්නේ හොරා කන්න විතරයි. රනිලුත් ඒක අපූරුවට ඔප්පු කලා...

      Delete
  6. මාතලන් නිකන් නොදන්න දේවල් කථා නොකර හිටහන්.. චීන්නු ඇවිත් ලංකාවේ චන්දෙ දාන්නෙ නෑනෙ.. මරාට මිනීමරු ගෝටා ලොකු වුනාට (මාතලනය මේ බ්ලොග් පඩංගුවෙ එදා ඉදලා ඌව කරේ තියාගෙන් හිටියනෙ, මරාට වඩා අන්ත මිනීමරුවෙක් හොදයි කියන හැබැයි මහින්ද විරෝදී මාලතලන ගැන මට පුකෙන් හිනා ) රටේ මිනිස්සු අගෝ. 17 මරාටයි සිරාටයි බඩයන්න පාඩමක් උගන්නල යූඑන්පී ආන්ඩුවක් පිහිටුවනව...

    එදාට අපි කථා කරමු....
    කාලකන්නි මරාවයි උගෙ කාලකන්නි හැත්තවරුගෙයි අපිට ලොකු නෑ... ලෝකෙට ණයවෙලා කොලඹ හැදුව කියන තව කාලයක් ඒ වේසිගෙ පුතාට රට කන්න දෙන්න උබලට චූන් වුනාට රටේ බහුතරයකට එහෙම පිස්සුවක් නෑ..

    ReplyDelete
  7. චක්‍රවර්තීJuly 4, 2015 at 1:52 AM

    මාතයට කොහොමත් යුද්දෙ යුද්දෙ කියකියා එදා ඉදන්ම රාජපක්ෂලගෙ කසිලි වැඩ අනුමත කලා.. උබල වගේ උන්ට් බඩට පාර වැදෙනකොට මරා වැරදි උනාට අපිට නම් ඕක 2006 ඉදන්ම ඒකාධිපතිය තමා...
    මෙන්න මේක නෝට් කරල තියාගනින් මාතෙ, අගෝ 17 මරා පුකෙන් යන්න පරදිනව...
    යූඑන්පී, ස්‍රිලනිප ( චන්ද්‍රිකා ප්‍රමුඛ මරා විරෝදී පිල ), මුස්ලිම් කොන්ග්‍රස්, ටීඑන් ඒ එකතුවෙලා රනිල් නායකත්වය ගන්න ජාතික ආන්ඩුවක් හදනව... මෛත්‍රී මේ කරපු වැඩේට අන්න එදාට පසු තැවිලි වෙන්න වෙයි...

    තව මාස 1 1/2 වත් නෑනෙ... අන්න එදාට මම ආයිත් මේ බ්ලොග් එකේ කොම්න්ට් කරනව....
    මතකතියාගනින්...

    ReplyDelete
    Replies
    1. හෙන්දිරික්කට ශ්‍රී ලංකා එකේ ඔය කියන තරම් ඡන්ද නෑ.දෙමල පක්ෂ සහ මුස්ලිම් කොන්ග්‍රසයට නම් ඡන්ද පදනමක් තිබෙනවා. නාකි දෙතුන් දෙනෙක් සහ එහෙට මෙහෙට පනින දෙතුන් දෙනෙක් ආව කියල යූඇන්පියටත් වැඩක් නෑ.
      ලක්ෂ 62 ඡන්ද කොට්ටාස වලට බෙදෙන කොට ඒ වාසිය යූඇන්පියට ලැබෙන්නෙ නෑ. දෙමළ සංධානෙට ලැබෙනව කයිට්ස් වගෙ ආසනවලදි.
      මැද කොළඹ බලන්න විශාල ඡන්ද ප්‍රමානයක්. ඒක ජනාධිපතිවරණයකදි තීරනාත්මකයි. හැබැයි පාර්ලිමේන්තු ඡන්දෙකදි අර තරම් බලයක් නෑ.

      ලක්ෂ 62 යූඇන්පියටලැබෙන්නෙම නෑ. ඒ අය වෙනම ඉදියි. බොහෝ විට දෙමළ සංදානෙත් වෙනම ඉදියි. යූඇන්පියට ආණ්ඩුවක් පිහිටුවන්න වෙන්නෙ හීනෙන්.

      Delete
    2. Think 'Jathika anduwa' will be a real pain in the ass for thecountry with anothr hundred ministr cabinet.if unp plays wisely, they have a great oppurtunity for a landslide victory..we had enough with coalition governments and record breaker mega cabinets..

      Delete
  8. මෙන්න මාතලන් සැලියුට් එකක. පට්ට ඇත්ත. කවුරු අකමැති උනත් ඕක තමයි අපේ දේශපලන යතාර්ථය.
    යු. ඇන්.පී එකේ ප්‍රශ්ණේ බැරි බැරියාව මිසක් වෙන එකක් නෙවෙයි. එල්.ටී.ටී.ඊ ඒක්යි ජෙප්පොයි යු.ඇන්.පීයට කරපූ දැවැන්ත විනාශයෙන් තාම ගැලවීමක් නෑ.
    මහින්ද නැති කාලෙක නිදහස් පක්ෂෙටත් ඔච්චර තමයි. පක්ෂේ පාට මොකක් උනත් ජාතික මට්ටමේ නායකයො නැත්නම් බඩුම තමයි.

    ReplyDelete
    Replies
    1. සහතික කරණ ලද, අමූලික ඇත්ත.

      Delete
  9. meka thama atta.
    than you maathalan.
    යහපාලන බූරුවෝ මහ බලවතා බවට පත් වෙමින් ඉන්නා චීනා අමතක කොට, ඔබාමාගේ එළිසබත්ලාගේ පුක ඉඹින්න ගියේය. එහෙම පුක ඉඹිනා එක මහා ළොකු කමක් කියලා ඉස්ටේජ් ගානේ කෑ මොර දුන්නේය. දැන්, උන්ට අපට දෙනවා තියා, උන්ගේ උන්ටවත් දෙන්න බැරිව කෙලවෙලා ඉන්න උන්ය.

    ReplyDelete
    Replies
    1. අපිට දෙන්න, උන්ට තියෙන්න එපාය. උන් ගන්නෙත් චීනගෙන්...

      Delete
  10. Kawuru kohoma keewath waradda waraddamaya. Horakam kalaa nam horaamaya. Bari unta baa maya. Maathalan ge kate masuran daanna watinawaaya. :D
    -Ranuka

    ReplyDelete
    Replies
    1. මසුරන් කන්නය බං... එහෙම දානවා ඉතින් ගල් කාලක් දාහන්...

      Delete
  11. හු ඇන් පි ය ට කොමන් සෙන්ස් නැත.
    ඒක ඒ දවස් වල ඉදලාම උන්ට තිබ්බ ලෙඩක්ය.
    කොටින්ම ජහ මනයාගේ උන්ඩුක පුච්චෙත් දියවෙන්න තරං ටෝකක් දෙන්න සමත් එකෙක් වත් ඒකේ නැත. යූ ඇං පි ය වරද්දාගත් ලොකුම තැන එතනය
    මහින්දයා හදාගන්නේත් එතැනින්ය.

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා අගමැති කොරවමු....

      Delete
  12. මාතලන්,

    කොළඹින් කිලෝ මීටර් 8,750 ක් දුර සිට මට තේරෙන විදිය හරිද බලන්න.

    මහින්ද ඡන්දේ ඉල්ලන්න යන්නේ එ.ල.ජ. සංධානයෙනි. එහි ලේකම් සුසිල් ප්‍රේම ජයන්ත ය. සංධානයේ තවත් පක්‍ෂ තිබේ. ලේකම් ඒ සංධානයේ ලොක්කා ය.

    ජනාධිපති මෛත්‍රීපාල ශ්‍රී.ල.නි. පක්‍ෂයේ සභාපති ය.

    සංධානයට අයිති එක් පක්‍ෂයක සභාපති කෙනෙකුට උඩින් එහි ලේකම්ට කටයුතු කළ හැකි ය.

    ලේකම් අයිති පක්‍ෂය සහ එහි සභාපති, තම පක්‍ෂයේ සාමාජිකයා සංධානයේ ලේකම් ලෙස ගත් තීරණයට විරුද්ධ නම් ඔවුන් කළ යුත්තේ ලේකම්ව තම පක්‍ෂයෙන් අස් කර දැමීමයි. එවිට ඒ ලේකම්ට සංධානයේ ලේකම්කම ද අහිමි වෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඒකට ඉතින් කොන්දක් කියලා එකක් තියෙන්න එපාය...

      Delete
  13. මම මේ අදහසට එකඟයි
    http://www1.kalaya.org/2015/07/blog-post_4.html
    දැන් ඇතිවෙලා තියෙන තත්වය සිංහලයන්ට සතුටු වියහැකි දෙයක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ.. දෙමෙල්ලු හරි සතුටු වෙනවා ඇති නේ.. උනුත් මනුස්සයොනේ..

      Delete
  14. ඔයා ඉතින් කලින් මහින්දට කඩේ ගිහින් කටු සුප්පු කරන කෙනෙක් නේ. කටු වැටෙනවා අඩු වුනාම රනිල්ට කඩේ ගිහින් බැලුවා පහුගිය ටිකේම කට්ටක් සුප්පු කරගන්න ලැබේවිද කියල. දැන් නොලැබුන නිසා ආයේ මහින්දට. තමුසෙත් හරියට සරත් සිල්වා වගේමයි අයිසේ. පාර්ලිමේන්තුවටත් ඔයා සන්තැසිය වෙලා තියෙන්නේ දේශපාලනේ නොදන්නා අය රිංග ගතිපු නිසා නේ. ඉතින් ඔයා වගේ දේශපාලනේ ගැන මළපොතේ අකුරක් නොදන්නා අය දේශපාලනේ විග්‍රහ කරන්න ගියාම ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔයා අනෙක ඉතින් ඔයා ඉංගිරිසි පොඩ්ඩක් පුළුවන් නිසා සුද්දෝ එහෙ මෙහෙ දක්කලා ගානක් කපා ගන්නවා ඇරෙන්න එහෙට කියල දැනුමක් ඇති කෙනෙකුත් නෙවෙයි නේ. දේශපාලනේ විග්‍රහ කරලා මහින්ද හොදයි කියනවට වැඩිය දෙයක් නුගත් නාකි ටුවර් ගයිඩ් කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද ? තමුන්ගේ තරම නොදන්නා ලොරි ටෝක් දෙන නාකි දැක්කම තනි නෙතගට කදුලක් නැගෙනවා අප්පා.

    ReplyDelete
  15. ඇයි යකෝ මේ කස්ටියම මාතලන් මහින්දට කඩේ ගියා කියල බනින්නෙ.. ඉඳල හිටල හරි මාතලන්ගෙ කියල මම පහුගිය කාලෙ බලල තියෙන්නෙ මාතලන්ගෙ බ්ලොගේ නෙමෙයිද?...

    මේ තියන තත්ත්වෙ එක්ක පෝස්ට් එක කියවද්දි දාන්න හිතපු කමෙන්ට් එක දාල හරියන්නෙ නෑ.... ලොල්ම තමා...

    ReplyDelete
    Replies
    1. ගාන වැඩිනම් මාතලන් ඒ පැත්තේ....

      Delete
  16. ලැට්ස් සී මචෝ......... උඹ කියන ඒවා සේරම ඇත්ත.
    කවදද බං අපිට දෙහිතක් නැතිව ඡන්දයක් දෙන්න ලැබෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරි කියනවා බොහෝම අඩුයි මචෝ...

      Delete
  17. Ane manda my3. Ubath lebuna hondama saban keellen kunu heeduwath, kunu wedi una eka era adu wune ne neda?

    ReplyDelete
    Replies
    1. මෙහෙම කාළයන් ඉතිහාසෙත් තිබිලා තියෙනවා... කොහොමත් එකාධිපතියෙක් පරදලා බලයට එන එකාට එච්චර පැවැත්මක් නෑ... මොකෝ සමාජයම ජරා වෙලා ඉවර නිසා...

      Delete
  18. bale nathi kale thibunoth karannam hithala gaththana kale valpal dodavala kala yuthu manga arala kalaya gevva. Horu allana ekath mada godak karagaththa. Ayi varadikaruvo genalla hiranokale. Kalaya madikamakata vada vena deval thibune. Horu tika okkoma eliye. maha banku siddiya ada unp ekata mada gahana hodama ayudayak vela. sajiyage geval 50000 kesevethath samurdi sahanadare kapaharimen hugak kalakirila. Yahapalaneta avadapu mudalalila ada yahapalnetama desdevol thiyanava. Kulubadumila unp eke naraka velavatama aduvela kattiyata mala. Ithin ara anura kivva vage amathikam valata pora kaka noida me keti kalaya thula hoda beeja tikak hitavala asvanna ganta thibba ena chandedi. Baluvama depaththema balaya nathikota kela peragena inna labunama labunama ismuruththa venta kala karanne monavada kiyala sihiyak nathi kastiyak. Ane manda ara kiyamanak thiyenne andayan athara eka asak aththada rajeki kiyala.

    ReplyDelete
  19. මේ සේරටම මුල ලංකාවේ කවදාවත් මිනිස්සු පිළිම ලෙස වන්දනා කිරීම ඇරුනම හරිහමන් සිස්ටම් එකක් හදා නොගැනීම.ජනවාරි 8 උනෙත් මහින්ද පිළිමෙ තිබුණු තැනින් මය්ත්‍රී පිළිමෙ තැබීම පමණකි.සිස්ටම් එක සේම් සේම්ය !එකාතකට දැන් මාස 6ක් තිස්සේ තිබුණු අන්දපයිප්පු දේශපාලනේට වඩා මෙහෙම උනු එක හොඳය.ශ්‍රීලංකා කාරයෝ විපක්ෂයේත් ආණ්ඩුවේත් සිටි කැබිනෙට්ටුවේ එකෙක් ඉර කියද්දී අනෙකා හඳ කියූ ඒ යුගය අහවරව නැවතත් ජනවාරි 8 කට පැමිණ ඇත.අපි කොයි යාද ? බඩු හොඳටම ෂුවර්ය. වන්දනාවට පිළිම ටිකක් හැරුණු කොට මේ මජර සිස්ටම් එක මේ විදිහටම ගඳ ගසනු ඇත

    ReplyDelete
    Replies
    1. කිසිදා ගොඩ ඒමක් නැත...

      Delete
  20. මාතලං සුපුරුදු ගේමට බැස ඇත. මොහු විසින් කරනු ලබන්නේ රනිල්ට විරුද්ධ මතය හයිජැක් කිරීමයි. රනිල් ප්‍රමුඛ යූඇන්පී නඩය කරන හොර මැර වැඩ වලට කාටත් කලින් විරුද්ධව ලියා, ඒ හරහා එම හොරකම් වලට විරුද්ධ පාර්ෂවලට පෙර වැඩ අල්ලයි. එයින් පසු එම සටන දියාරු කර නැවතත් රනිල්ට කඩේ යයි. මෙවැනිම අවලං ක්‍රියාවක් මුහුණු පොත ආශ්‍රිතව දමිත් කේතකගේ පානෙන් එලිය බලා ගොඩ ගිය ලපටි කැකුළු චමීරයාද කරන ලදි. ඒ විල්පත්තු සටන පාවාදීමයි. මාතලංලා චමීරලා කරන්නේ සටනට නියම උරුමය ඇති අයගෙන් සටන පැහැරගෙන අතර මගදී සටන දියාරු කිරීමයි. මේ තත්වය සටනේ සැබෑ හිමිකරුවන් තේරුම් ගත යුතුය. මාතලංලාට සටන් හයිජැක් කිරීමට නොදී සටනේ කොඩිය තමන් අතට ගැනීමට ඔවුන් උත්සුක විය යුතුය.

    ReplyDelete
    Replies
    1. එහෙමනන් එයාලා ගනියි මචං

      Delete
  21. You are an intelligent Writer Mr. Maathalan

    Read This...

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම සඳහා චීන රජය දැඩි බලපෑමක් කරමින් සිටින බව දැනගැනීමට තිබේ. මේ වෙනුවෙන් චීන තානාපති කාර්යාලයේ දෙවන නිලධාරියා වන දේශපාලන අංශ ප‍්‍රධානී රෙන් ෆාකියන් මේ කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටී.


    මේ වනවිට ඔහු ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප‍්‍රබලයන් වෙත මේ සම්බන්ධයෙන් බලපෑම් කරමින් සිටින අතර මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා චීන රජයේ ප‍්‍රතිපාදන ලබාදීමටද සූදානමින් පසුවන බව වාර්තා වේ. ඔහු විසින් පසුගිය මාස කිහිපය තුළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ගැටුම් ඇති කිරීමට ව්‍යාජ තොරතුරු සැපයීමෙහි යෙදී සිටි බවද මේ වනවිට හෙළිදරව්ව පවතී.

    එමෙන්ම රජයේ ප‍්‍රධාන දේශපාලනඥයන් කිහිප දෙනකු සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත් අනාවරණය වේ.


    ඔහු මේ වන විටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රජය විවේචනයට ලක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් චීන තානාපති කාර්යාලයේ ආධාර ඇතිව සිංහල පුවත්පත් දෙකක් මුද්‍රණය කර බෙදා හරිමින් සිටී. රාජපක්ෂ මහතාට ප‍්‍රබල රාජයෝග ඇති බවට තොරතුරු ඇතුළත් ජ්‍යොතිෂ්‍ය පුවත්පතක් හා ටැබ්ලොයිඞ් ප‍්‍රමාණයේ ප‍්‍රවෘත්ති පත‍්‍රයක් මෙයට ඇතුළත් වේ.

    පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මෙරට සංවර්ධන ව්‍යාපෘති චීන රජයේ ඒකාධිකාරය නතුව තිබූ අතර මෙම ගනුදෙනුවලදී රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට අතිවිශාල කොමිස් ලැබුණු බවට බරපතළ චෝදනාවන් රැසක්ද එල්ල වී තිබේ. එමෙන්ම මේ ව්‍යාපෘති චීන සමාගම් සඳහා ලබා දී තිබුණේ නියමිත ඇස්තමේන්තු මුදලට වඩා වැඩි අගයක් සහිතව බවද හෙළි විය.

    ඒ කෙසේ නමුත් චීන රජයේ මැදිහත් වීම සූක්ෂ්මව සිදු නොකර එය ප‍්‍රසිද්ධියේ ඉටු කිරීම නිසා ශ‍්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හා දෙවන නිලධාරියා අතර ගැටුම් තත්ත්වයක්ද හට ගෙන තිබේ. එය රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රශ්නයක් ඇති කිරීමට හේතුවනු ඇති බවට තානාපතිවරයා මෙම නිලධාරියාට දොස් පවරා ඇත.

    ඔහු මේ කටයුතු වෙනුවෙන් චීන ව්‍යාපාරිකයන්ගෙන් විවිධ ප‍්‍රතිලාභ ලබා ඇති බවත් මේ වනවිට හෙළිව ඇත. රාජපක්ෂවරුන් හා පැවැත්වූ සමීප සබඳතා හේතුවෙන් ඔහුගේ නියමිත සේවා කාලය වන වසර තුන ඉක්මවා මේ වනවිට වසර 4කට ආසන්න කාලයක් ඔහු තානාපති කාර්යාලයේ සේවයෙහි තැබීමට චීන රජය කටයුතු කර තිබේ.

    මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයේ අපේක්ෂකත්වය ලබාදීම වළක්වාලීම වෙනුවෙන් ඉන්දීය රජය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ මෙහෙයුමක යෙදී සිටින බවත් ‘සත්හඬ’ වෙත වාර්තා වේ.

    (සත්හඬ)

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා අඩුයි ආයිබෝවන්ඩ...

      Delete
  22. රනිලා තරම් ගොබ්බයෙක් මේ ලංකාවේ දේසපාලනයේ මෙච්චර කාලෙකට ඉඳලා නෑ. මූට අබ ඇටයක් තරම් වත් මොලයක් කියලා දෙයක් තිබුනා නම් ආණ්ඩු පෙරලන්න ඇමරිකාවෙ ගිහින් ඉගෙන් ගත්තා වගේ ගොන් කතා කියාවිද? සිංගප්පූරු හොරා දාගෙන නෑවෙත් මූමයි. අලින්ට කෙල වුනොත් ඒකේ සම්පූර්ණ වගකීම රනිලා බාරගත යුතුයි. මුගේ රාජපක්ස රෙජීමය. අම්මගේ රෙද්ද තමයි. මේවා කියල කොහොමද බන් ගමේ චන්ද ගන්නේ?

    ReplyDelete
    Replies
    1. සහතික කරණ ලද අමූලික ඇත්ත ආයිබෝවන්ඩ...

      Delete
  23. මේ මාධ්‍ය වල බොරු ප්‍රචාරයක් යවනවා මම මහින්දට නොමිනේසොං දුන්න කියල හිටං.... එහෙම දෙයක් කොරන්න මගේ මොලේ නරක්වෙලාය හිටං...!

    ReplyDelete
    Replies
    1. අනේද බන් කියන්නේ හිටං

      Delete
  24. @Rohan Dhananjaya, එහෙනම් නාවින්න යු එන් පී එකට ගියේ, හෙළ උරුමය සන්දනෙන් අයින් වුනේ උන්ගේ මොලේ අමාරුවට වෙන්ට ඇති හිටන්!!!!

    ReplyDelete
    Replies
    1. හෙළ උරුමය ? එහෙම එකක් දැං තියෙනවද ඇනෝ?

      Delete
  25. By acceding to Mahinda's demands, Maithripala has dug his own grave.

    ReplyDelete
    Replies
    1. අඩු හයක්ය කියනවනේ ඒකේ ගැඹුර...

      Delete
  26. යහපාලන ආණ්ඩුව බලේ ඉල්ලුවේ දින සීයේ වැඩ පිළිවෙල කරන්න විතරයි. මහින්දයා ශ්‍රිලනිප සභාපති කම කට්ට කමට දුන්නම මෛත්‍රී 62 ලක්ශෙ අමතක කරල ඒකෙ එල්ලුනා. 19 සංශෝධනය දියාරු කරපු නිසා විගණන පනත, තොරතුරු පණතට ඒ දේ නොවෙන්න මහ මැතිවරණෙන් පස්සේ ගේන්න තීරණය උනා. මුදල් පණත පාර්ලිමේතුවේ පාරාජය කරපු නිසා මුදල් යෝජනා අනුමත වෙලා නැහැ. එහෙම තියෙද්දී මෛත්‍රී රාජිත සහ රතන චම්පික යන අයගේ කීමට 20 සන්ශෝධනයක් කරනකං කියලා ඇද්දා. මේ ඔක්කොටම රනිල් පලිද? ගොඩනැගිලි හදන සංවර්ධනෙන් රටේ තියෙන අධ්‍යාපන, රැකියා , මානව හිමිකම් වාර්ථා සහ ආර්ථික සම්භාධක එන්න පුළුවන් වැනි ප්‍රශ්ණ විසදෙනවද? රනිල්ගේ හැකියාව මනින්නේ බහුතරයක් නැති ආණ්ඩුවකින්ද?

    ReplyDelete
    Replies
    1. රනිල් දැන් දෙසරයක්ම නෑවා නේද....? ආයේ නෑවොත් නිව්මෝනියා හැදෙන්න පුළුවන්..

      Delete
  27. //පුද්ගලයන් වෙනස් වීමක් මිස, ක්‍රමයේ වෙනසක් නොවනා බවමය// යකෝ මේක කිව්වා අර ප්‍රටුගාමී සමාජවාදී සහෝදරයෝනේ. උඹ උන්ට පසසයි කියල මං දැනන් හිටියේ නෑ නොව.
    චීන මෛත්‍රී ට තර්ජනය කරල තියනවා කියල නං ආරන්චියි. තමා. බය වෙන්ඩ එපා මාතා. ඔය එකෙක්වත් හිතන විධිහට නෙමේ වැඩේ වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් නම් හොඳයි.. ඒත් මට නම් පේන්නේ ඉල්ලගෙම මහින්දගෙන් කන්න වගේ යන්නේ...

      Delete
  28. මහින්දව ගේන්න ඕන ඇත්තට රනිල්ට, මොකද ගියපාර ඡන්දෙදි රනිල් එනවා කියලා මහින්ද කෝටි ගණන් සල්ලි වියදම් කරලා මඩ පෝස්ටර් වීඩියෝ ඔක්කොම හැදුවා. නමුත් මෛත්‍රී ආවයින් ඒ සියල්ල කනපිට හැරුණා. දැන් රනිල් මහින්ද විරැද්ධව ඔක්කොම ප්ලෑන් කරලා ඉවරයි. දැන් වෙන එකෙක් ආවොත් කරපු වැඩ ඔක්කොම කණපිට හැරෙනවා. ඒක නිසා මේවා රනිල් ගේ ප්ලැන්. රනිලයා ඇමරිකාවේ ගිහින් ඕවා තමයි ඉගෙන ගෙන ආවේ. ඇමරිකන් වැඩ කොහොමත් සුපර්.

    ReplyDelete
    Replies
    1. වැඩ සුපර් උනාට හැම තැනම අම්බානක කාලා ආයෙත් ගෙදර යනවනේ...

      Delete
  29. ඇතිද දැන් අහගත්තා මෛත්‍රී ගෙන් ? නාකි සුද්දෝ දක්කන ලජ්ජා නැති කාලකන්නි නුගත් නාකි මීහරක් ගෙඩියා! තෝ වගේ ජරා ගෙදියනට ගහන්න ඕනේ හරක් ගෙඩියෙන්!

    ReplyDelete
  30. ඔය එක එකාට ඡන්දෙ ‍දීදී ඉන්නැතුව ස්වයං පාලනයක් ගෙනාවනං මක්කෙයි ?
    මට හිතෙන්නෙ ඒමයි...අනේ මන්දා අප්පා...මාතලන් අයිය හරි ඉතිම් කියන දේ නං..ඒත් ඉතින් පරම්පරාවෙන් පක්ෂෙ අරන් එන ඔය කොයි උන්දැටවත් තේරුම් කරන්න බෑ දෙපැත්තෙ වැරදි...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න