.

.

Dec 20, 2015

සිංහ ලේ සහ තුවා ලේ (23+) - Zoophilia & Narcissistic (13+)



අළුත් පනතක් ඇවිත් බයියෝ බය වෙලා හරි කල බො                   ලේ
හැමි නෙන්න සිං හයෝ සොය මින් ගෑණු ටික ඇත එක පෙ          ලේ
ඇෆ්‍ රිකන් සිං හයෝ සැඟ වෙති ගල් ගුහා තුල මහ කැ                  ලේ
පරික් සොන කොට හොයා ගෙන ඇත ඇඟේ ඇත් තේ සිංහ          ලේ

යුධ ජයෙන් පසු පවුල එක්කම හොරා කන එක මයි කො       ලේ
කරන තරමක් කොලේ ජඩ වැඩ යොදා ගෙන අපි දුන් බ        ලේ
කියන්නට දන් නෑ එකෙක්වත් ගාන මුන් කෑ මුලු මි                ළේ
අරින එක ඇරියා රෙවෙන්නම මිනී මරු රෙජි මේ හි               ලේ

කරුපු ඒවා එකින් එක දැන් එලිවෙමින් පවතින වෙ         ලේ
බලය ගන්නට පුක විකා ගෙන නැවත එන්නට කලබ      ලේ
උලා කන්නට ඉතිරි බින්දුව බයියෝ බලු බඳු කම්ම          ලේ
වෙනම දඬුවම් හදා තියපන් අපායට මුන් එන ක              ලේ

ලේ මතින් හෝ බලය ගන්නයි පැතුම මුන්නේ ගූ මො                ළේ
"ගොන් නාම්බා" පාරේ මොර දෙති සමඟ මී හරකුන් රැ               ලේ 
අනේ දෙවි යනි මෙවන් හරකුන් ගෙන් රකින් නට "සිංහ           ලේ"
වැස්ස නැතිවම හෙන එවා පන් තරහ නැත අප කිසි ක               ලේ

- o -




119 comments:

  1. සිව් හෙළ = සිංහළ යැයි කියන පිරිස සිංහ-ලේ සංකල්පය ගැන කියන්නේ මොනවාදැයි දැන ගන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. ජාතක කල මුස්ලිම් ජාතියට පයින් ගැසීමට නොහැකි බව මාතලං පසුව හෝ තේරුම් ගැනීම ගැන අපේ ප්‍රණාමය........!

      Delete
    2. දැන් එන්නේ නෑ... ටිකක් මොළේ පෑදිලා වගේ...

      Delete
  2. ඔන්න කොටනව සිංහල..
    --------------------------------------

    අඩේ මාත-ලේ
    මොකක්ද බෝල මේ..
    අළුත් සිංහ - ලේ
    මටනම් නොතේ - රේ
    අළුත් බලේ ..
    ද සිංහ - ලේ
    ලොල් ලොල් ලොල්..
    පිස්සු - නේ .....

    ReplyDelete
    Replies
    1. හප්පේ උඹට පිං... නැත්නම් මේ කයිය අපිට පේන්නේ ග්‍රීක් වගේ...

      Delete
  3. බ්ලොග් ලොවේ එකම සිංහ ලේ "භාෂා පඬිවරයා' වන,...."අහ වලා"ගෙන් අහලා බලන්න පරිස්සමෙන් බුද්ධි බලකාය ලවා තරවටු කරයි

    ReplyDelete
    Replies
    1. ඔට්ටේලියාවේ කුවින්ස්ලන්තේ කැනොන් හිල් එකේ උන්නත් ගෝත්‍රික ගතිය එහෙමමයි නේද ලොක්කා... ඔය පැත්තේ ඉන්නේ ඇබොරජිනිස්ලද...

      Delete
    2. එහෙ ඉන්නේ ලංකාවේ වැද්දෝ අර ගෝත්‍රික "අහවලා" ගේ සිංහ ලේ නෑ පරපුර. උඹ කලබල වෙන්න එපා ඇබොරජිනිස්ලා "අහවලා"ට වඩා හොඳයි පන්පොරී ගහන්නේ නෑ උන් නයි අරින්නෙත් නැ බොරු කියන්නෙත් නැ ඇබොලා බඩගින්නට කැන්ගරුවෙක් බාබකිව් කරලා ගන්නවා

      Delete
  4. දේශපාලනයෙන් ස්වායක්ත වූ "සිංහ ලේ" සංකල්පයේ නම් කිසිම වැරැද්දක් නැති බවයි මගේ අදහස.මේක දඩමීමා කරගෙන බලේ ගන්නට ඉන්නවානම් එතන ? තියෙනවා තමයි.

    ReplyDelete
    Replies
    1. මාතලන් නම් යෝජනා කරන්නේ බෝතල් කටු වලින් බ්ලේඩ් වලින් ඇඟ කපාගෙන.. ඇඟේ සිංහ ලේ බෝඩ් එකක් ගහගෙන දිනපතා තම දෛනික වැඩ කටයුතු වල යෙදෙමු කියලා..

      ඕන එකෙක්ට පුළුවන් නේ එතකොට චැක් කොරන්න.. නැත්නම් ආසිරි එකට යන්න එපාය.

      Delete
  5. පෙන්නලා අපිට සිංහ ලේ
    ගන්න වලිකනව යලි බ ලේ
    දුන්නොතින් බයියන්ට සිංහ ලේ
    ඉන්නයි වෙන්නෙ අපිට කැ ලේ

    ReplyDelete
    Replies
    1. ඉන්නට බෑ කැලේ
      කැලේ කපලා
      රිෂාඩ් රාලේ

      Delete
  6. Replies
    1. මොකක්ද බං අන්තිම.. සුද්දා ගිය දා පටන්ම වලේ..

      Delete
  7. පින්තුරකවි ටික දැක්ක වේ ලේ
    පොල්ල නැගුනා ධාතු කලබ ලේ
    "අහවලා" ගේ පුකනම් ජාතිආ ලේ
    ඉලගෙන අරිමුද මාතලන් රා ලේ

    ReplyDelete
    Replies
    1. මහම මහ තුවාලේ
      ඉවත් කෙරුවොත් හොඳය රාලේ

      Delete
    2. මාතලන් උඹේ ඉල්ලීමට ගරු කරලා රා ලේ
      වෙනසක් කරමු බලමු මේ අබුද්දස්ස ක ලේ

      සැන්ටා කොලෝස්.......//

      Delete
  8. මාතලන්
    මයි මද ඊස් ෆ්‍රොම් බෝතලේ
    සීයගෙ සීයා ඊස් ෆ්‍රොම් මාතලේ
    බට් අයෑම් ෆ්‍රොම් සිංහලේ

    ReplyDelete
    Replies
    1. බට් අයි තෝට්
      යූ ආර් ඒ රිලේසොන් ඔෆ්
      කැකිල්ලේ

      Delete
  9. සිංහලේ නිසා ජාතිවාදය ඇවිස්සෙන හැඩයි
    ඒකට නම් ඉඩ දෙන්නනම් හොද නෑ ගොයියෝ...
    සුබ නත්තලක් කිව්වා....

    ReplyDelete
    Replies
    1. එකෙක්ටවත් ඉඩ දෙන්න නරකයි.. තව ටික දවසකින් උග්ගෝසන කරන උන්ටත් කෙලින්නේ කොළඹ මිනිස්සු...

      Delete
  10. King Richard the Lion Heart මේ ගැන මොකක් කියයිද දන්නෑ?

    හැබෑට අපේ ඉතිහාසය... මී මිත්තණිය ගෙදරිං පැනල ගිහිං කරත්ත කාරයො වගෙයක් පස්සෙ වැටිල කැළේට ගියා. සිංහයෙක් ඈව අඹු කමට තියාගත්ත. උගෙ පුතා තාත්තව මරල තෑග්ග අරං, නංගිව අඹුකමට ගත්තා. උගෙ පුතා රට වැසියන්ට අම්බානක හිරිහැර කරල රටිං පිටුවහල් කළා. ඌ ලංකාවට ආවට පස්සෙ ඉන්ඩ හිටින්ඩ දීල රජකම අරං දීපු ගෑණිවයි තමංගෙ ලෙයින් උපං දරුවො දෙන්නවයි ගෙදරිං එළවගත්ත. මාර පරම්පරාවක් නේ?

    ReplyDelete
    Replies
    1. අපි ඒගොල්ල නෙමෙයිලු බොස්.අපිට මොකටද ඉන්දියන් විජයල? බුදුහාමුදුරුවොත් මෙහෙනෙ.
      අපි ඊට ගොඩක් ඉස්සර ඉඳන් දඬුමොනර ස්කොඩ්‍රන් එකෙන් ගිහින් අපේ බාසාව විද්යාව අරක මේක ලෝකෙ පුරාම පැතිරුවලු. ඒ ගැන මෙලෝ පිලිගත හැකි සාදකයක් නැත්තේ ඒ කාලෙ ඉඳම්ම අපේ ඈස්චර්යය ගැන ඊරිසියා කරපු විදේසීය කුමණ්ත්‍රන කාරයො ඒව හංගලලු.

      රාවණා සරණයි, නාට දෙවි පිහිටයි.

      Delete
    2. මාරම මාර පරම්පරාවක්නේ....
      තිරිසනෙකුට දාව තිරිසන්නු.

      Delete
    3. ප්‍රා කියනවා නේ දැන් අපි එයාගේ නෙමෙයි කියලා.. දැන් අපි රාවණාගෙලු.. හැබයි රාවණා කියන්නේ කොලු කාරයෙක්ලු.. සීතා ගේ පතිවත බේරුනා කියන්නේ ඒ නිසා නේ.. රාමත් එක්ක සෙට් වෙන්න ඕන නිසාලූ.. සීතා උස්සගෙන ආවේ..

      එහෙම බැලුවාම දැන් අපි යලිත් රාවණා යුගයට ඇව්ත් ඉන්නේ..

      ඔය කස්ටිය බලාගෙන හිටියේ රාවණා ආයෙත් එනකන්.. සද්ද නැතිවම ඇවිත් ඉන්නේ.. උඹ මේවා කාටවත් කියන්න එපා..

      Delete
    4. උඩ බලාගෙන කෙළගහනවා කියන්නේ මේවාට තමා. තිරිසෙනෙකුට දාව ජාතියක් ගොඩනැගුනු හැටි ඇහුවාම අපිටත් පිස්සු හැදෙනවා. සිංහයා කැලේ රජා කියලා හිතාගෙන ඉන්න අය මේවා පස්සේ දුවනවා. දැන් කාලේ ඉන්න උන්ගේ තිරිසන් වැඩ දැක්කාම, සත්‍ය වශයෙන්ම ජාතිය ගොඩ නැගී තියෙන්නේ තිරිසනෙක් ගෙන් බව පැහැදිලිවම පෙනෙනවා..අනේ මුන්ගේ සිංහ..ලේ?

      Delete
  11. සුප්පාදේවී !

    ReplyDelete
    Replies
    1. වර්ථමාන දේසහිතයිසී අයත් ඒවගේ දේවි නේ?

      Delete
    2. මම මාර ආසයි ඔය "දේවී" කෑල්ලට... ඕක හින්ගල කුල කාන්තාවන්ගේ ඉතාමත් අගය කොට සැලකිය යුතු නම්බු නාමයක්...

      Delete
    3. දෙන තරමට තමයි ලැබෙන්නෙ

      Delete
  12. umbala okkoma kale thamyi inna oni. katha kranne toyyooo, bayyyooo maha loku katha. eth chanda prathipala awama thopila okkoma kale inna natta nathi rilau

    ReplyDelete
    Replies
    1. ආයේ කැළේ යන්න වෙන්න නේ රිෂාඩ් දෙනවා ඒකට ගේම.. රිලව් ටිකට දියවන්නාවෙම තමයි ඉන්න වෙන්නේ...

      Delete
  13. පට්ට පොටෝ දෙක මචෝ...... මහවන්සේන්ද ගත්තේ

    ReplyDelete
    Replies
    1. උඩ එක මහා වන්සෙන්.. යට එක වීර වන්සෙන්...

      Delete
    2. සින්හයට රේබීස් හැදුනොත් පිස්සු පූසා වෙනවද?

      සෝමවන්සෙනුත් එකක් දාන්න.

      Delete
    3. සෝම වන්සේ සිංහයෝයි කෙල්ලොන්ගෙයි පොටෝ නෑ ... වයසක කොල්ලන්ගෙයි නාකි බල්ලන්ගෙයි එකට එන්න ඒවා තමයි තියෙන්නේ ... කතාවලට තියෙන්නෙත් වැඩිපුරම කෑගහනවයි බුරනවයි විතරනේ බන්

      Delete
    4. මෙතනත් තියෙනව මරු එකක්
      http://beast-cum.info/beastiality-id/exotic-animal-sex/p/lion.jpg

      Delete
    5. ඩ්‍රංකුයගෙ පොටෝ එක මරු.. ඒත් ටිකක් සැර වැඩියි...

      Delete
  14. මරු කවි ටික. ඊට හපන් ෆොටෝ කෑලි දෙක. නියමයි මාතලන් !

    වලිය ගොඩින් බේරගත්ත එකටත් සතුටුයි.

    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. මොන වලිද බං හෙට අනිද්දා සුදු ඉටි කොල එල්ලන්න ඉන්න අපිට..

      හැරමිටි වලින් තමයි ගහගන්න වෙන්නේ..

      Delete
  15. මාතා,

    මෙන්න මෙව්වා නවත්තන්න තමයි රටක නීති උවමනාකරන්නේ , මුස්ලිම් අන්තවාදීන්ගේ හලාල් වගේ ම තමයි මේ සිංහල අන්තවාදී කොටස් එකතුකර කරන "සිංහ-ලේ" වැනි මතවාද.

    ගියපාර කුරානයේ සහ ඔවුන්ගේ අන්තවාදී ආගමික ක්‍රමයේ ඇති වැරදි පෙන්වාදුන්නම එක්කෙනෙක් කිව්වා "මනස්ගාත මෙතන ලියලා මිනිස්සු කුලප්පු කරන්න" බව, දැන් මේක ගැන විවේචනය කරපුවම සිංහල අන්තවදින්නුත් මේ වගේම චෝදනා කරයි.

    කිවයුත්තේ මුස්ලිම් අන්තවාදය වගේම තමයි මේ විවිද වැඩ සටහන් මගින් කරන සිංහල අන්තවාදය. මෙනිසා තමයි මේවාට දැඩි නීති උවමනා කරන්නේ.

    ඉන්දියාවේ ගිටපු Jawaharlal Nehru විසින් ගෙන එනලද විශේෂ නීතියක් තමා කිසියම් පුද්ගලයකු ඉන්දියාවේ කොටසකට වෙන්වීමට උවමනා යයි කියා වැඩසටහනක් කිරීම නීති විරෝදී වනවා පමණක් නෙමෙයි හසුවුනොත් ජිවිත කාලයටම සිරගත වීමට සිදුවන වරදක් බවට පත් කිරීම.

    ReplyDelete
    Replies
    1. ඔබ කවුරු හරි වැරදි තොරතුරක් දීලා තියෙන්නෙ. ඉන්දියාවේ කවදාවත් ඒකීය රාජ්‍යක් තිබුනේ නැහැ.විවිධ ස්වාධින රාජධානි දහස් ගණනක් තිබුනා. ඔබ අද දකින ඒකීය ඉන්දියාව හැදුනේ එවැනි රාජධානි 680 කට අධික ගණනක් බලෙන් එකතු කරලා.ඊට පස්සේ තමා ශ්‍රී නේරු තුමා එසේ බලෙන් එකතු කල රාජ්‍යන්ට වෙන්වීම තහනම් කලේ. ඒ නිසා මෙතැනදී ඉන්දීය උදාහරණය වැරදියි ,
      සමරසේකර

      Delete
    2. සමරසෙකර මහත්තයෝ.. අම්මට සිරි ලංකාවෙත් එහෙම තමයි.. පුරුතුගීසී කාළේ ඉතිහාස පොතක් කොහෙන් හරි හොයා ගෙන කියවන්න.. ඔය කෝට්ටේ යුගය ගැන එහෙම...

      දෝනකතිරිනාලා ගැන එහෙම.. දත මැද ගන් රාලේ කතන්දර ගැන එහෙම...

      Delete
    3. Wmk Samarasekara,

      ඔබ නිවැරදියි "ඉන්දියාවේ කවදාවත් ඒකීය රාජ්‍යක් තිබුනේ නැහැ" මම කියන්නේ ඉන්දියාව ඈත අතීතයේ එසේ තිබු බව ගැන නෙමයි, Jawaharlal Nehru තුමා ඇතිකළ තත්වය ගැනයි.

      ඇත්තටම මෑත කාලයේ එය සිදුකලේ සුද්දන් විසින් British India ලෙසට, මෙයට පර්කිස්තනයත් අයත් වුනා. Jawaharlal Nehru ගැන කිව්වේ බලවත් නීති මගින් රටේ විවිද කොටස් වලට පිස්සු කෙලිමට ඉඩ නොදීම මගින් රට සමගි කල ජාතිවාදී කුමන්ත්‍රන නතර කල ආකාරයයි.

      Delete
    4. මාතලන් මහතා,
      ඔබට පොඩ්ඩක් පැටලිලා.අපේ රටේ කවදාවත් ස්වාධින රාජධානි ගොඩක් දිගු කලක් තිබුනේ නැහැ. තිබුනේ එක් රජෙක්ගේ බලය පිළිගත් ඒ රජු යටතේ එක් සේසත්වූ ප්‍රාදේශීය රාජ්‍ය සමුහයක්.රට පුරාම පැතිරුනේ රජුගේ අණ. ඒකෙන් (රාජ නියෝගයෙන් ) මිදෙන්න රජුට වත් පුලුවන් උනේ නැහැ.රට පුරා පැතිරුණු ග්‍රාම රාජ්‍ය හැදුනේ එහෙමයි. ඒක හැදුවේ පණ්ඩුකාභය රජ්ජුරුවෝ.

      Delete
    5. අනුරාජපුරේ එළාර කියලා එකෙකුයි, කැළනියේ කැළණිතිස්ස කියලා එකෙකුයි, දකුණේ කාවන්තිස්ස කියලා එකෙකුයි උන්නේ කොහොමද දන්නේ නෑ නේ..

      මම දන්න තරමින් නම් ඒ තුන්දෙනාගෙම නම් වලට පස්සේ රජා කියන කෑල්ලක් නම් තියෙනවා.. උතුරේ වෙනම රජෙක් පුරුතුගීසී එනකම්ම ඉඳලා තියෙනවා..

      Delete
    6. අනේ බං සමරේ, උඹලා වගේ ගොන් නාම්බන්ට කොහේ හරි පොතක තිබුණා නම් ඒව ඔක්කෝම ඇත්ත. විචාර බුද්ධියෙන් හිතපන් මිනිහෝ, උඹට උකුණු ඇටේක තරම් වත් මොළයක් තියෙනව නම්.

      Delete
    7. මාතෝ, දුටුගැමුණු කියන එකා ඊට අවුරුදු 20කට පස්සේ එළාර කියන එකාට නෙළලා ඒක අල්ලා ගන්නවා. කාවන්තිස්සගේ සහ කැළණිතිස්සගේ රාජ්‍යයන් උරුමයෙන් හම්බ වෙනවා. එතකොට ඌ මොකාද?

      Delete
    8. කවුරු හරි හොර ගණයෝ ටිකක් උන්ට පාක්කුඩම් දීපු මහ රජා වීරයා කරලා පොතක් ලිව්වාම අද ඉන්න ගොන් හරක් ටත් ඒ වගේ තවත් ඇත්තක් නෑ.

      Delete
    9. එක්කෝ දෙමළෙක් පුකේ ඇරල. නැත්තං උන්ගේ ලේ සල්ලි බුදින උලමෙක්. සද්දෙ ඩයස්පෝරිකයි.

      Delete
    10. දුටුගැමුණු රජ වෙලා කරෙත් මහින්ද කරපුවම තමයි...

      Delete
  16. මොනව කොරන්නද ඉතින්,මුල ඕකලුනෙ. ජාන ඉස්මතුවෙනව ඔය විදියට විඩින් විඩේ.

    ReplyDelete
    Replies
    1. සිංහයෙක් නම් වෙන්න බෑ.. සිංහ වෙස් ගත් බැටලුවෙක් වෙන්න ඇති.. මාර ෆෝබියා සෙට් එකක් නේ මුන්ට තියෙන්නේ...

      Delete
  17. පිටරට ඉන්න අපි ජාති බේදයක් නැතුව එකට කෑම ටික, සිගරට් එක බෙදා ගන්නවා, ඒත් සමහර උන් සිංහලේ පොස්ට් fb එකේ සෙයාර් කරනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙත් එහෙම තමයි.. පාර්ලිමේන්තුවේ කැන්ටිමේ එකට කාලා.. එලියට ඇවිත් හරක් සෙට් එකත් එක්ක උම්බෑ කියනවා ඔක්කෝම...

      Delete
  18. මාරු ෆොටෝ දෙක..

    මන් බදුල් ලේ.. අපේ උන්දා ගාල් ලේ.. අපේ පොඩි උන් කැකිල් ලේ.. හැක හැක හැක.. පිස්සු නැත්නම් ෂෝක්..

    ReplyDelete
    Replies
    1. කියි තලේ උනත් කමක් නෑ බ්ලේඩ් තලේ නෙමෙයි නම්...

      :)

      Delete
  19. සිංහලේ යනු දේශපාලන ප්‍රොජෙක්ට් එකකි. එය කරන්නේ බටලන්දේ පිනා ගේ මාධ්‍ය කුක්කන් සෙට් එකකි. එයට ගහනෙනත් ඔවුන්ගේම තවත් මාධ්‍ය කුක්කන් සෙට් එකකි. මේක හරියට නිකම් සිග්නල් සහ එස්.ආර්. දත් බෙහෙත් තිබුණ කාලේ වගේය. එකක් අනිකට වඩා හොඳ බව කිව්වාට දෙකම හදන්නේ එකම මුදලාලිය. මේකත් එහෙමය. හදන්නේත්, ගහන්නේත් එකම කෙනාය. ගහන නිසාම ජාතිකවාදී පිරිස් මේ වෙතට ආකර්ෂණය කරගෙන, දැනට රික්තයක්ව පවතින ජාතිකවාදී නායකත්වයට ඉඳුල් බුදින්නෙක් රිංගවීමේ උපාය මාර්ගික මෙහෙයුමකි. ඩිලන්ත විතානගේ මෙයට සම්බන්ධ වීම හරහාම කාරණය පැහැදිලිය. බටලන්දේ පිනා ගේ මාධ්‍ය ගෝඩ් ෆාතර් ඩිලන්ටහ් විතානගේ සමග මධු විත තොලගාන පින්තූර පවා ලීක් වී ඇත. මේ හදන්නේ ජාතිකවාදීන්ගේ හඬ දියාරු කර දැමීමටය. අවලම් තවලමෙන් රණවිරු වැඩසටහන් දියාරු කර දැම්මා සේය.

    ReplyDelete
    Replies
    1. යුද්දේ ඉඅවරයි කිව්වා නේද ලොක්කා.. දැන් ඒක විකුණන්න බෑ.. වෙන මොනවා හරි හොයා ගත්තොත් හොඳයි.. එකම පිහිට වෙන දෙයක් නෙමෙයි ලේම තමයි..

      Delete
    2. Flesh to flesh and blood to blood. Fucking mahinda's theory. Lick my arse Mahinda.. To be continued... Lol

      Delete
    3. මෙයා දොස්තරෙක් නෙවෙයි ලෙඩෙක්. මෙතනත් කිලිටු කරන්න ඇවිත්.

      Delete
    4. ජාතිකවාදය = සිය පවුල සමඟ එක් වී රටේ සම්පත් සූරා කා සැප විඳීම පිණිස මී හරකුන් විසින් මහින්ද රාජපක්ෂට ඡන්දය ප්‍රකාශ කිරීම

      Delete
    5. දැන් මෙතන මොකද්ද යුද්ධෙට සම්බන්ධ? මෙතන යන්නේ ඊට වඩා වෙනස් කතාවක්. අප්පච්චි ගියා, ආයේ එයා එන්නේ නෑ. අපච්චි එනවා! එනවා! කියල කෑගහන එවුනුත්, අප්පචි ආවොත් හප්පා! කියන එවුනුත් කරන්නේ අප්පච්චී භාවිතයෙන් තමන්ගේ දේශපාලන බලය රැක ගැනීමේ ක්‍රියාවක්.

      ජාතිකවාදීන්ට නායකත්වයක් නැති වුනේ අප්පචී පැරැදීමෙන් නොව, චම්පික රණවක ගෙම්බා පැනීමෙනි. මොනවා කළත් ගම්මන්පිල චම්පික තරම් ආකර්ෂණීය නැත. විමලේ චම්පික මෙන් ගේම් ගැසීමට දන්නේ නැත. මේ නිසා ජාතිකවාදීන්ට නායකයෙක් නැත.

      මේ තැන ගන්නට හැකිවන්නේ එක්කෝ දැනට වැඩිපුර ප්‍රසිද්ධ නොවන නායකත්වයක් ඉදිරියට ඒමෙනි (නානේ නම් නොවේ!). එසේ නැත්නම් ගෝඨාභය දෙශපාලනයට ඒමෙනි. දෙවැන්න වැළැක්වීමට යහපාලන ආණ්ඩුව ඔවුන්ගේ උපරිමය කරමින් සිටී. පළමුවැන්න වැලැක්වීමට නම් සංවිධාන් අය වීම නතර කළ යුතුය. ඔවුන්ම අටවන සංවිධානයක් වටා ජාතිකවාදීන් එක් රැස් කර පසුව එය කඩා ඉහිරුවා දමා සංවිධාන ශක්තිය නැති කිරීම උපාය මාර්ගයයි. බොදු බලය අතට සිංහ-ලේ යන්නේ ඒ අනුවය. රුවන් ෆර්ඩිනැන්ඩස් සමග එකට ෂොට් එක දාන ඩිලන්ත විතානගේ බොදු බලයට රිංගීම අරුමයක් වන්නේ මොළය කුරුවල් ගොං ටොයියන්ටම පමණකි.

      හැම එකටම "මහින්ද, මහින්ද, හොරා, හොරා" ගෑම තමන්ගේ බැරි බැරියාව වසා ගැනීමට ජහපාලන වෙන්ඩ ටොයියන් භාවිත කරන මෙවලමකි.

      Delete
    6. ඔය අවජාතිකවාදී නරුම රැල කැරකිලා කැරකිලා එන තැන අපි දන්නවා. මේ අයගේ එකම පරමාර්ථය මහින්ද හොරාට බැරිනම් ගෝඨාභය හොරාට ආයෙත් රට බාරදීලා උන්ගේ පවුලට රටේ සාරය උරා කන්න ඉඩ දෙන එක. මේවට කලබල බෙන්න දෙයක් නෑ. උඹලා පුක ඉරා ගත්තට මේ රටේ ජනතාව ආයමත් රාජපක්ෂ හොරුන්ට කන්න රට බාර දෙන්න සූදානම් නෑ. අපි ජනවාරි අට වැනිදා මේ රටේ සාමකාමී විප්ලවයක් කළේ උස්මුරුත්තාව හැදෙන කල් හොරා කාලා හිටි හොරු එළවන්න මිසක් ආයෙත් ඒ හොර පවුලට රට බාර දෙන්න නෙවෙයි. මේ ආණ්ඩුවේ මොන වැරදි තිබුණත් ඒ පරයින්ට ආයෙත් අපේ මව් රට විනාස කරන්න අපි ඉඩ තියන්නේ නෑ. රාජපක්ෂගේ පුක ලෙවකන අවජාතිකවාදියනේ තොපි අඬ අඬා ඉඳපියව්.

      Delete
    7. ගෝඨාභය කියන මිනීමරුව් පාදඩයා බලයට එන්න උත්සාහ කරනවා නම් ආණ්ඩුව මොනවා කළත් නැතත්, මේ රටට ජාතියට ආදරය කරන සෑම සත් පුරුෂයෙක්ම එය වැළක්වීම පිණිස තම තමන් උපරිමයෙන් කළ හැකි දේ කළ යුතුයි. ඔහු වැනි පාදඩ ඒකාධිපතියෙක් බලයට අවොත් ආයෙත් මේ රට ලේ විලක් වේවි. එහෙම උත්සාහයක් යන්තම් වත් දකින්නට ඇති නම් පක්ෂ, ජාති, ආගම් භේදයෙන් තොරව සෑම දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයකුම ඊට උපරිමයෙන් එරෙහි විය යුතුයි.

      Delete
    8. චමල්කයෝ ඇනෝ නැතුව එන්ඩ මයෙ අප්පා!

      Delete
    9. හා මචෝ... ඔන්න කිව්වා... මහින්ද හොරෙක් නොවෙයි...

      Delete
  20. වකුගඩු දායකත්වය ගැන කෙරෙන මත විමසුමට කුඩා ඉඩක් ලබා දීම ගැන හෘද්යංගම ස්තූතිය.

    ReplyDelete
    Replies
    1. ගනං ගන්න එපා මචෝ...

      Delete
    2. වකුගඩුව නෙවෙයි උඹේ මොළේ සුද්ද කර ගනින් ලෙඩෝ!

      Delete
  21. //බයියෝ බලු බඳු කම්ම ලේ//

    අපේ බල්ලත් වෙන ඒරියා එකක බල්ලෙක් දැක්කොත් බුරන්නෙ
    "මමයි ඩෝ (ග්) බල්ල කම්ම ලේ" කියල

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු... දැන් එතකොට උඹලැයි කම්මලෙයි මේ බව්වා ඉන්නේ..

      Delete
  22. //බයියෝ බලු බඳු කම්ම ලේ//

    අපේ බල්ලත් වෙන ඒරියා එකක බල්ලෙක් දැක්කොත් බුරන්නෙ
    "මමයි ඩෝ (ග්) බල්ල කම්ම ලේ" කියල

    ReplyDelete
  23. සිංහ-ලේ...
    තුවා ලේ....

    ReplyDelete
  24. සිංහ - මිනිස් ලෙයින් උපන් නිසා තමා තිරිසන් ගති ඉස්මතු වෙන්නෙ. ඒකෙ පළමුවෙනියා අපේ මීමුත්තා විජය. ඩ්‍රැකී අයියා කිව්වා වාගේ මේ රටට පිටුවහල් කළ අනාථයෙකුට පිහිට වුණ. තමන් තමන්ගේ වර්ගයා අමතක කළ ගැහැණියකට තමන්ගේ දරුවන්ට නිසි වටිනාකමක් නොදුන්, කාලකන්නියෙක්ගෙන් පැවත එනවයි කියන පරපුරක් නේ අපි. බලය ඉදිරියේ නොකරන බලුවැඩක් නෑ. රෙදි ඇන්දට ලැජ්ජා නහර කපලා. ලැජ්ජාව නෑ. මේකත් අලුතෙන් සිංහ වංශය ලියන සීන්කෝන් එකක් වෙන්නැති. මාතයියේ ෂෝයි පෝස්ට් එක.

    ReplyDelete
    Replies
    1. කෙලෙහිගුණ නොදත් ජාතියක් වෙලා තියෙන්නේ එකයි..

      ඇප්‍රීසේසොන් නැත.. ඇත්තේ ඩිප්‍රිසේසොන් පමණි

      Delete
    2. (අව)ජාතකයන්ට නොතේරෙන සිංහලේ...!

      දෑ හිතකාමී තරුණයන් තුළ දැවැන්ත රැල්ලක් ඇතිවෙමින් පවතී. සිංහලේ යන්න ගැසූ ස්ටිකර්, ටී ෂර්ට්, ටැටූ දැවැන්ත ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. නමුත් මේ අතර ඇතැම් මුග්ද අදහස් දරන සර්වාගමික මිත්‍යාවෙන් අන්ද නිවටයන්ට මෙය ඇසේ කටු ඇනෙන්නාක් මෙනි. ඔවුන් සිංහයා ගෙට රිංගුවාදැයි අසමින් මේ නැගී එන රැල්ල යටපත් කිරීමට නිරර්ථක උස්සහයක ගනිමින් ඇත. අප එවන් පුස්වෙඩි වලට බිය විය යුතු නැතිවුවත්, සිංහලේ යන්නෙහි අරුත මනාලෙස දැන සිටීම වැදගත් යැයි මම සිතමි.

      (01.)මොකද්ද මේ සිංහලේ..?

      සිංහල + එහි
      සිංහල + ඒහි
      සිංහලේ

      සිංහලේ යන පදය සැදී අත්තේ උක්ත ආකායරටය. “එහි, යන්නෙන් වසන්නේය යන ඇරුත් දෙයි”. සිංහලයන් වසන්නේය යන්නෙන් සිංහලේ යැයි ව්‍යවහාරයට පැමිණ ඇත. යම් දිවයිනක සිංහලයන් වසන්නෙද එය සිංහලය නොහොත් සිංහලේ වන අතර. සිංහලයන්ට අයිත රට සිංහලේ රාජ්‍ය නොහොත් සිංහලේ රට වෙති.

      (02.) සිංහල යනු කුමක්ද..?

      සිංහල යන පදය සැදී ඇති ආකර දෙකක් ප්‍රධාන වශයෙන් දැකගත හැක. එහි පළමු වැන්නනම් .

      01. සිවු+හෙළ
      සී+හෙළ
      සිංහල

      යනුවෙන් දැකගත හැක. සිවු හෙළය යනු “යක්ෂ, නාග,රාක්ෂ,දේව යන සිවුකුල පදනම් කරගත් ජාතිය, සිංහලයන් යනුවෙන් ව්‍යවහාරයට එකතු වූ බව එක පිළිගැනීමකි.

      2. සිහි එලවාගත් යනු අරුතින් ගැනේ.

      සිහි+එල
      සී+හෙල
      සිංහල

      එලබගත් සිහියෙන් යතුව යම් ජාතියක් පසුවුනිද ඒ සිංහලය යි., යන අරුත එයින් ගම්‍ය වේ.

      ඔය කවර ඇරුතින් ගත්තද සිංහලයන් යනු ඉතා උතුම් ජාතියක් බව පැහැදිළිය.

      (03.) සිංහලයන් සිංහ සළකුණ භාවිතා කරන්නේ මන්ද...?

      සිංහලයන් විසින් සිංහ සලකුණ භාවිතා කරන්නේ චිත්‍රාක්ෂරයක් ලෙසය, එනම් සිහ සළකුණින් උධාරතර බව, අභිමානවත් භව, උතුම් භව ආදී සංකල්පයන් විධ්‍යමාන වෙයි. එ අරුතින් අපද සිංහල ජාතියේ ඇති උතුම් බව සංකේතවත් කිරීමට සිහ ලකුණ අතීතයේ සිටම භාවිතයට ගෙන ඇත.

      පොතේ ගුරු බොරු ඉතිහාස කතාවටල රැවටුන ඇතෙමෙක් සිංහභා නැමති බේගලය ගෙඩිපිටින්ම ගිල, සිංහයාට ජාතක වූ බව කියැවෙන මිත්‍යා කතාවේ එලබ සිටිති. විද්‍යාත්මකව ගෙන බැලීමේදී ද එය විය නොහැක්ක කි. එහෙන් අප අඥාණයන්ගේ බේගල් හා විරුද්ධවාදීන්ගේ මුග්ද කියමන්වලට යට නොවී සිංහලේ යලි දිනාගැනීමේ සටන නොපමාව ඇරබිය යුතුය.

      මවුබිම නැත්නම් මරණය.., සිංහලේ සදාකල් දිනේවා..!

      අරඹේපොල රතනසාර හිමි

      Delete
    3. ඔබ වහන්සේ ප්‍රකාශ කරන සත්‍යය අනෙක් පෘතක්ජනයන්ට නොතේරෙන එකම තමා වරද....මේ සිංහබාහු කතාවම සම්පුර්ණයෙන්ම මිත්‍යාවකි. සිංහ ලේ ඇත්තේ සිංහයන් තුල පමණකි..නමුත්, සුනඛ ලේ මිශ්‍ර වුවන්, සිංහ ලේ වර්ණනා කරති.

      Delete
  25. මේකට සපෝට් කරන එකත් මෝඩයා විවේචනය කරන එකත් මෝඩයා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මොන පකටද පොන්නයො මේක බලන්නෙ????????? (කැන්ගරුවා). 5 x 5 = 25 කියල තමන්ගෙ හස්ත කර්මාන්තයක් කරගෙන හිටපන්.

      Delete
    2. සපෝට් කරන උන් නම් අම්බ මෝඩයෝ කියලා මූනෙන් සහ භාෂාවෙන් දෙකෙන්ම පේනවා...

      Delete
  26. ඔවු ඉතිං මාතලං තමයි ඔක්කොම දන්නෙ. මෙයා කියන දේවල් විතරයි හරි. මටත් සැකයි මාතලංට අම්ම කෙනෙක් ඉන්නවද කියලා. අනික සිංහලේ බැරි නම් නරිලේ කියල ගැහුවත් උබට තියෙන රුදාව මොකද් ද? උබ හෙන බ්ලොග් කාරය්ක් කියල හිතාගෙන හිටියට උබ හෙන චාටර් පොරක් බන්. උබ සිරා පොරක් නම් රටේ වෙන ප්‍රශ්ණ තියෙද්දි මේ වගේ එකකට කෑ ගහ්න්නෙ ඇයි. යුද්දෙ කරපු උන් පෝරකේට යන එක, විග්නෙෂ්වරන් හමුදාවෙ අය උතුරේ කානු හෝදන්න ඕනි කියපු එක, ජනතාවට මහා ගොඩක් සහන ලැබුන උබලගෙ බජට් එක. කතා කරපන්කො මේව ගැන .එහෙනම් අර මුස්ල්ලිම් අයගෙ වාහන වල පිටිපස්සෙ අරාබි භාෂාවෙන් ගහල තියෙන එකටත් කවි හදල දාපන්කො. උබේ කයිය නම් තියෙනවා මහලොකුවට.
    දැන් ඉතින් මේකට දාපු එකාගෙ අම්ම අප්ප මතක් කරල රිප්ලයි දායි. ඒක ඉතිං උබේ ලොක්කා රනිල් ගෙ ඉදන් එන පුරුද්දනේ. ඒකෙත් අවුලක් නෑ. මංගල, රනිල්, අකිල එක්ක මාතලනුත් සෙට් උනාම සුපිරියටම ඇති.

    ReplyDelete
  27. මාර සංයමයකින්නොවැ කවි ටික ලියලා තියෙන්නෙ. තණමල්විල පැත්තෙවත් වැඩියැයි, අපිටත් නොකියා?

    ReplyDelete
    Replies
    1. හඳට යන චෑන්ස් එකක් ආවා මචෝ... උඹ හරියට හරි...

      Delete
  28. මාතලන්,
    ලිවීමේ නිදහස තියෙන ඇත්ත උනත් ඔබේ දේශපාලන ලැදී කම උඩ සිංහල ජාතිකත්ව එක්ක සෙල්ලම් කිරීම නම් හොඳ දෙයක් නෙමෙයි. සිංහල ජාතිකත්වය නිර්මානය විම ගැන ගුරුකුල දෙකක් තියෙන බව ඔබ නොදන්නවා නොවේ. එකක් මහාවංශය විජයගේ පරම්පරාවෙන් සිංහල ජාතිය බිහිවීම. අනෙක යක්‍ෂ ගෝත්‍රිකයෙකුට දාව උන්මාද චිත්‍රා කුමරිය බිහිකළ පණ්ඩුකාභය කුමාරයා යක්ෂ ගෝත්‍රිකයන්ගේ සහායෙන් විජය ඇතුළු පිරිසෙන් පැවත එන්නන් විනාස කර මේ රටේ සිටි යක්ෂ,රාක්ෂ,නාග සහ දේව ගෝත්‍ර (සිව් හෙළයන්) එකතු කර ඉන් සිහල ජාතිය බිහිවීම්. මේ ගුරුකුල දෙකෙන් පලමු එක විතරක් අරගෙන සිංහලයන්ට ගැරහීම වැරදියි.
    අනෙක තම මිමුත්තා සතෙක් යයි විශ්වාස කරන එකම ජාතිය සිංහලුන් පමණක් නොවේ. තම ජතියට උත්පත්තිය දුන්නේ රාජාලියෙක් යයි පිළිගන්නා ජාතියක් මේ ලෝකෙ ථියෙන බව ඔබ නොදන්නවා නොවේ. තමන්ට පමනක් දෙවියන්ගෙන් පණිවිඩ ලැබෙන තමන් විශේෂ ජාතියක් බව ඊශ්‍රායල් ජාතිකයන් කියනවා.කිසිම ඉස්රායල් ජාතිකයෙක් ඒක ගැන දොස් කියන්නේ හෝ අපහස කරනව මම දැකලා හෝ අහලා නැහැ . ඒ උනත් ඔබ හිතන්නේ ඔබට ඒ නිදහස තියෙනවා කියලයි. මම ඔබට ඔබේ මොලය පරික්ෂා කරන්න යන්න කියල කියන්නේ නැහැ . අපේ රට යටත් විජිතයක් වෙලා අවුරුදු 500ක් ගෙවුනනේ. ඒකාලේ සිංහල ජාතියට එකතුවූ අවජාතක ලේ බලපෑම තවමත් තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඊශ්‍රායල් නව පරපුර ගැන, කවියෝ ගැන ඔහේ දන්නේ නැති උනාට මට කොරන්න දෙයක් නෑ. ඔහේලා දන්නේ මේකේ තියෙන මිතිකල් මතවාද විතරයි..

      ඔහේ මට ආදෙස කොරන්න හදන ලේ. මේ බල්ලන්ගේ ලේ වලට වඩා මට හොඳයි..

      Delete
    2. මිස්ටර් සමරේ. පණ්ඩිතයන් එක්ක වාදයට යන්න. මෝඩ තකතීරුවන් සමග වාදයට නොයන්න. ඔයා දක්වන facts වලට ගැලපෙන ලෙස logic එකක් දෙන්න බැරි එකෙක් සමග පැටලෙන්න එපා.

      Delete
    3. සමරේ, අනේ උඹ දන්න facts බං. බොරු නොකියා හිටහන්. උඹල වගේ නම්බන්ට කොහේ හරි පොතක තිබුණා නම් ඒ ඔක්කෝම ඇත්ත.

      Delete
    4. උඹල කැමැති කැමැති විදිහට ඉතිහාසෙ ලියාගෙන ඒකට මහාවන්සෙ කියල දැම්මට ඒක ඇත්ත වෙන්නෙ නෑ ගොනෝ. මිථ්‍යාව මිථ්‍යාවමයි.

      Delete
    5. මාතලන් මහතා,
      තමුන්නැහැට හරහා ගිහිල්ලා වගෙයි. ඒක හොදයි. එතකොට තමයි වහගෙන ඉන්න සලු පොට ඉවත්වෙලා නියම ස්වරුපය පෙනෙන්නෙ. හැබැටම ඔය ඉස්ශ්‍රාලයේ ඉන්න තරැන පරපුරෙන් එක් අයෙක්වත් යුදෙව් ජාතිකයන් විසින් 1968 සිට සිරියාවේ ගෝලන් කඳුකරය අල්ලාගෙන ඉන්න එක වැරදියි කියලා ජාත්‍යන්තරයට කියලා තියෙනවද? මම එහෙම එකක් බලන්න ආසයි. කුමන හෝ යුදෙව් ජාතිකයෙක් තම ජාතියට දෙවියන්ගෙන් විශේෂයෙන් පණිවිඩ ලැබීම බොරුවක් කියා ලියා තියෙනවද? වෙන එකක් එපා අපේ බිබිලේ දොඩම් වගාව දියුණු කරන්න ඇවිල්ල බිබිලේ තිබුණු මුළු දොඩම් වගාවම විනාශ කරලා එකේ අට අරන් ඉස්ශ්‍රාලයේ බිබිල නමින් නව දොඩම් ප්‍රභේදයක් ඇතිකිරීම ගැන සමාවක් එපා අඩු තරමේ කනගාටුවක් පල කරලා තියෙනවාද? පෙන්වන්න මම ඉගෙන ගන්න කැමතියි.
      ඒක කරන්න බැරි නම් තම ජාතිකත්වයට අපසාහ කරන මේ රටේ සිටින ඔබ වැනි අය හැර අන් රටවල වෙනත් ජාතිකයන් ඉන්නවද? පෙන්වන්න මම ඉගන ගන්න කැමතියි. ඒ එකක් වත් බැරි නම් ඔය කොලපාට,නිල පාට, රතුපාට දේශපලන කන්නාඩියෙන් මේ රට දිහා බැලීම නවත්වලා සිංහලයෙක්ගේ ඇසින් මේ රට දිහා බලා අපට වැරදුනු තැන් හොයල දෙන්න ඔබේ හැකියාව යොදවන්න .

      සමරසේකර

      Delete
    6. ප්‍රභාකරන් මරපු එක වැරදියි කියන එක හින්ගලයෙක් දැකලා තියෙනවද...? ප්‍රශ්ණයක අගක් මුලක්, ප්‍රස්තුත කාරනයක් මෙළෝ මළදානයක් පේන්නේ ඈ හිස්ටීරියාව හැදුනාම.

      ඊශ්‍රායලය දොඩම් අරගෙන ගියා නම් ඒක ඌගේ ටැලන්ට් එක අපේ ගොන්කම.. ඒකට මාතලන් මක්කා කොරන්නද..?

      ඔහේලා වගේ මහත්තුරු හිතාගෙන ඉන්නේ මේක මහා ජාතියක් කියලා.. ඉන්දියාවේ උන්වත් මේ රට දන්නේ නෑ.. මේක වඳවෙලා යන ජාතියක්.. බුද්ධියක් තියෙන උන් පිටරටවලට යනවා.. අන්තීමෙදි නොම්මර එකේ මී හරක් ටිකක් මේකේ ඉතිරි වෙයි.. ඔහේලා වගේ උන්ට තියෙන්නේ අති සෙරේස්ට ජාතියේ මහා වංශේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේර බේර ගල් යුගේටම යන එකයි..

      ඔහේලා වගේ ඔක්කෝම බයියන්ට අබ සරණයි..

      Delete
    7. සමරේ, ඔය දොඩම් කතාව උඹේ අතේ රෝලක් නේද? නැත්නම් දීපන් පිළිගත හැකි මූලාශ්‍රයක්.

      Delete
  29. දෙමළ ගැහැණුන් නලලේ තිලක තැබීම වර්ග වාදී ක්‍රියාවක්. ඔවුන් එසේ කරන්නේ ආගමික හෝ සංස්කෘතික හේතුවකටනම් එය තමිල්නාඩු සම්ප්‍රදායයේ දේවාලයක හෝ මඟුල් ගෙයක් වැනි අවස්ථාවක කිරීමේ වරදක් නෑ. නමුත් පුසිද්ධ ස්ධානවල නලලේ තිලක තබාගෙන සිටීමෙන් ඔවුන් සිහලයන්ට හා මුස්ලිම් වරුන්ට වෙනස් අමුතු සත්තු වර්ගයක් ලෙස ප්‍රදර්ශණය වීම සිදුවෙනවා. මෙය ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැඟීමට බාධාවක්. ජාතිවාදයට විරුද්ධ,සමාජවාදී, හේතුවාදී සියළු බලවේග මෙම වාර්ගික සංකේත ප්‍රදර්ණය කිරීම පිළිකුලින් බැහැර කල යුතුයි. ජාතිවාදයට විරුද්ධ දෙමළු එහි පෙරමුණ ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔය හැම එකෙන්ම පෙන්වන්නේ ගෝත්‍රික ගති..

      ඒත් අපේ උන් ඊට වඩා ඉදිරියෙන් උන්නා.. දැන් වාහනේ හරි පුකේ හරි ගහගෙන යන එකෙන් පෙන්වන්නේ අපිත් ගෝත්‍රිකයෙක් කියන එක.. දොස්තර ලේබලෙත් එහෙමමයි..

      Delete
    2. ජයපාලන් වගේ ජාතිවාදයට විරුද්ධ දෙමලෙක් ඉස්සර කරගෙන දෙමළ ගෑණු වාර්ගික සංකේත පැළඳිමට විරුද්ධව වැඩක් කරන්න බැරිද?

      Delete
    3. එහෙම බෑ.. එතකොට එන්නෙත් දෙමළ නේ.. උඹයි මායි එක්කාසු වෙලා දෙමළගෑණුන්ගේ ඉස්සරහට මක්කා හරි කරමු...

      Delete
  30. http://www.yuthukama.com/2015/12/Sinhale_22.html
    http://www.yuthukama.com/2015/12/Sinhale.html
    http://www.yuthukama.com/2015/12/SinhaleThakkadiyo.html

    ReplyDelete
    Replies
    1. මොකද බං හුතුකම කියන්නෙ?

      Delete
  31. ලේ ලේ ලේ..
    ලේ ලේ ලේ..
    ලේ ලේ ලේ..
    ඉල්ලයි සිංහ ලේ..

    ReplyDelete
  32. සිංහලේ උපත මහාවන්ශයේ සඳහන් සිංහබාහු කතාන්දරයත් සමග ඇතිවූ ප්‍රවාදයකි. ජීව විද්යාත්මකව සලකා බැලුව හොත් වෙනස් විශේෂ දෙකක් අතර අභිජනනයෙන් සරු ජනිතයන් බිහිවිය නොහැකි අතර බටහිර විද්යාත්මක චින්තනය අනුව මෙම ප්‍රවාදය අමු කෙප්පයක් වේ. මේ නිසා සමහර උගතුත් කියන්නේ මෙහි සිංහයා යනු සිංහ ගෝත්‍රික මිනිසෙක් බවයි. නමුත් සිංහයා මිනිසකු නම් ඔහුට පියෙක්, සීයෙක්, මුත්තෙක් ආදීලෙස තවත් පූර්වජ පරම්පරාවක පැවතිය යුතුය. මේ ප්‍රවාදය අනුව නම් අඩුම වශයෙන් සිංහලේ පියා සිංහ මිනිසාගේ මී මුත්තෙකි. සාහිත්යමය වශයෙන් ගත් කල මෙවැනි මී මුත්තන් හොයා යාම කරදර නිසා සිංහයෙන් ආදේශ කරගෙන කතාන්දරය කෙලවර කරලන්නට ඇත. මේ කතාන්දරය සිංහලයාගේ උපතට ගෑවීමෙන් සිංහලයෙ පෙලපත, තිරිසන් සංසර්ගයෙන් (සිංහයා සමග) සහ සහොදර සහොදරියන් අතර සංසර්ගයෙන් (සිංහ බාහු සහොදරිය) දූශිත වන බැවින් සහ සිංහලය පිටුවහල් දාමරිකයෙක් මගින් ඇරබුනා යයි යන්න පිලිගැනීමට වන බැවින්දෝ බොහො ජාතික වාදී උගතුන් මේ ප්‍රවාදය ප්‍රතික්ශේප කොට සිංහලය යක්ශ ගොත්‍රිකයෙක් හා උන්මාද චිත්‍රා අතර මුහුම් වීමෙන් ඇතිවුනා යයි සඳහන් කරයි. මේ අනුව බලන විට සිංහ ලේ ට වඩා යක්ශ ලේ යන්න යොදාගැනීම වඩා සුදුසු යන්න මගේ පිලිගැනීමයි. බටහිර ජීව විද්‍යාව අනුව අපි කාගෙත් පූර්වජයා වන්නේ අප්‍රිකාවෙ සැවානාවක ජීවත්ව ගහෙන් බහින ලද වඳුරෙකි. ඒ අනුව වඳුරු ලේ ලෙස ස්ටිකරයක් රථයේ අලවා ගැනීම වඩා නිවැරදි ක්‍රමයයි. එසේත් නොමැති නම් අප සියල්න්ගේම පූර්වජයා වන ප්‍රාග් අයිතිහාසික සාගර තුල ඇතිවුවායැයි කියන ප්‍රථම ආදී සෛලයේ මනස්කල්පිත් පින්තූරයක්ද මේ සඳහා ගක හැකි නමුත් අවාසනාවකට සෛල වල ලේ නැත........

    ReplyDelete
    Replies
    1. ඌගේ ඉස්ටිකර් හොයන්න නැති නිසා.. ශුක්‍රාණුවෙක්ගේ ඉස්ටිකර් එකක් ගහගත්තා නම් වැඩේ හරි මෙන්න මේ වගේ..

      http://krapps.com/wp-content/uploads/2009/08/iCountSperm1.jpg

      Delete
    2. සැවානාවේ ගහෙන් බැස්සේ වඳුරෙක් නොව වානරයෙකි. වානරයා (ape) සහ වඳුරා (monkey) අතර වෙනස නොදැන බටහිර විද්යාව ගැන රොම්බ සීරියස් ටෝක් දීම සිනහවට කාරණයකි.

      Delete
    3. අපේ උන් නම් දෙකේම සම්මිශ්‍රණයක්...

      Delete
    4. ගහෙන් බහැපු එකාගෙ මී මුනුපුරාලා තමයි හරියටම දන්නෙ බැස්සෙ වඳුරෙක්ද වානරයෙක්ද කියලා.

      Delete
    5. තාම නැට්ට තියෙන වඳුරගෙන් පැවතෙන එකෙක් ඔන්න ඇවිත්

      Delete
    6. මිගාර මහත්තයො හරිම ශොරි ආ. වානරයා කියල වෙනස් කරගන්නකො. මේක Scientific Journal එක්ක නෙවේ නෙ. මාතලන් මහත්තයගේ බලොගේ. Hominidae කුලය ගැන විද්යාත්මක ලිපියන ඔය වගේ වැරැද්දක් උනා නම් මහාසාර අපරාදයක්. හඳ පෙන්නනකොට ඇඟිලි ගැන කතාකොරන්නේ නැතිව මගේ විද්යාත්මක දැනුම ගැන ප්‍රශ්ණ නොකර අන්තර්ගතේ ගැන කියමුකෝ බලන්න.

      Delete
    7. අන්තර්ගතේ නොතේරුණු හින්දානේ මිගාර පිස්සු කෙලින්නේ....

      Delete
  33. ඇතිල් ලේ කියලා තමයි කියන්න තියෙන්නේ.

    සිරාවටම නම් සිංහලේ කිව්වේ . ලන්දේසි පාලනය කළ ප්‍රදේශ වලට ඔබ්බෙන් ස්වය්රී පාලනයක් තිබ්බ ප්‍රදේශයට නේද . එහෙනම් යාපනේ ඉඳන් දෙවුන්දරටම සිංහලේ ... හැබැයි මුන් කියන විදියට සිංහයා ගේ ලේ කියන අර්ථයෙන් නම් අහන්න වෙන්නේ පරණ පුරුදු විදියටම , අම්මා කැලේට ගියාද , නැත්නම් සිංහයා ගෙදර ආවද කියලා තමා

    ReplyDelete
    Replies
    1. ඔඅතන තියෙන්නේ ගුහා කේස් එකක්.. අම්මා ගුහාවට රිංගලා තියෙනවා.. සිංහයා අම්මගේ ගුහාවට රිංගලා තියෙනවා..

      Delete
  34. ඔක්කොමත් හරි මම මේ කල්පනා කලේ මේ මනුස්සයා ඕනම කරන වෙලාවට ලොවෙත් නැති ෆොටෝ පෝස්ට් එකට කොහෙන් හොයා ගන්නවද කියලා.

    කවි ටික සුපිරියි ඈ.

    ReplyDelete
    Replies
    1. වෙන කොහෙන්දෑ ඉතින් ජාලෙන්ම තමයි..

      Delete
  35. karanna bari saha puluwan dewal godaak keruwa place ekak hadaa ganna, namuth ekakwath success une naha, matanam hithenne mekath udata enna dangalana asaarthaka uthsahayak witharai. penenna danenna samaajaya(world) metharam diyunu wela thiyena yugayaka jeewath wena jaathiyak hatiyata Ai me gooththrika yugayakata yanna dhagalanne kiyala hithaddi (kohe hitiyath) laankikayo hatiyata rate gana puduma dukak hithata danenne.

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙම අවුලක් නෑ... මොකෝ මම නම් දන්නවා මේකේ අති බහුතරය මී හරක් කියලා...

      Delete
  36. Mr.Mathalan
    Please see this
    https://theruamknatha.wordpress.com/2015/12/18/%e0%b6%85%e0%b6%b1%e0%b7%9a-%e0%b6%ad%e0%b7%9c%e0%b6%b4%e0%b7%92%e0%b6%bd%e0%b7%91-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84-%e0%b6%bd%e0%b7%9a/

    ReplyDelete
  37. (අව)ජාතකයන්ට නොතේරෙන සිංහලේ...!

    දෑ හිතකාමී තරුණයන් තුළ දැවැන්ත රැල්ලක් ඇතිවෙමින් පවතී. සිංහලේ යන්න ගැසූ ස්ටිකර්, ටී ෂර්ට්, ටැටූ දැවැන්ත ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. නමුත් මේ අතර ඇතැම් මුග්ද අදහස් දරන සර්වාගමික මිත්‍යාවෙන් අන්ද නිවටයන්ට මෙය ඇසේ කටු ඇනෙන්නාක් මෙනි. ඔවුන් සිංහයා ගෙට රිංගුවාදැයි අසමින් මේ නැගී එන රැල්ල යටපත් කිරීමට නිරර්ථක උස්සහයක ගනිමින් ඇත. අප එවන් පුස්වෙඩි වලට බිය විය යුතු නැතිවුවත්, සිංහලේ යන්නෙහි අරුත මනාලෙස දැන සිටීම වැදගත් යැයි මම සිතමි.

    (01.)මොකද්ද මේ සිංහලේ..?

    සිංහල + එහි
    සිංහල + ඒහි
    සිංහලේ

    සිංහලේ යන පදය සැදී අත්තේ උක්ත ආකායරටය. “එහි, යන්නෙන් වසන්නේය යන ඇරුත් දෙයි”. සිංහලයන් වසන්නේය යන්නෙන් සිංහලේ යැයි ව්‍යවහාරයට පැමිණ ඇත. යම් දිවයිනක සිංහලයන් වසන්නෙද එය සිංහලය නොහොත් සිංහලේ වන අතර. සිංහලයන්ට අයිත රට සිංහලේ රාජ්‍ය නොහොත් සිංහලේ රට වෙති.

    (02.) සිංහල යනු කුමක්ද..?

    සිංහල යන පදය සැදී ඇති ආකර දෙකක් ප්‍රධාන වශයෙන් දැකගත හැක. එහි පළමු වැන්නනම් .

    01. සිවු+හෙළ
    සී+හෙළ
    සිංහල

    යනුවෙන් දැකගත හැක. සිවු හෙළය යනු “යක්ෂ, නාග,රාක්ෂ,දේව යන සිවුකුල පදනම් කරගත් ජාතිය, සිංහලයන් යනුවෙන් ව්‍යවහාරයට එකතු වූ බව එක පිළිගැනීමකි.

    2. සිහි එලවාගත් යනු අරුතින් ගැනේ.

    සිහි+එල
    සී+හෙල
    සිංහල

    එලබගත් සිහියෙන් යතුව යම් ජාතියක් පසුවුනිද ඒ සිංහලය යි., යන අරුත එයින් ගම්‍ය වේ.

    ඔය කවර ඇරුතින් ගත්තද සිංහලයන් යනු ඉතා උතුම් ජාතියක් බව පැහැදිළිය.

    (03.) සිංහලයන් සිංහ සළකුණ භාවිතා කරන්නේ මන්ද...?

    සිංහලයන් විසින් සිංහ සලකුණ භාවිතා කරන්නේ චිත්‍රාක්ෂරයක් ලෙසය, එනම් සිහ සළකුණින් උධාරතර බව, අභිමානවත් භව, උතුම් භව ආදී සංකල්පයන් විධ්‍යමාන වෙයි. එ අරුතින් අපද සිංහල ජාතියේ ඇති උතුම් බව සංකේතවත් කිරීමට සිහ ලකුණ අතීතයේ සිටම භාවිතයට ගෙන ඇත.

    පොතේ ගුරු බොරු ඉතිහාස කතාවටල රැවටුන ඇතෙමෙක් සිංහභා නැමති බේගලය ගෙඩිපිටින්ම ගිල, සිංහයාට ජාතක වූ බව කියැවෙන මිත්‍යා කතාවේ එලබ සිටිති. විද්‍යාත්මකව ගෙන බැලීමේදී ද එය විය නොහැක්ක කි. එහෙන් අප අඥාණයන්ගේ බේගල් හා විරුද්ධවාදීන්ගේ මුග්ද කියමන්වලට යට නොවී සිංහලේ යලි දිනාගැනීමේ සටන නොපමාව ඇරබිය යුතුය.

    මවුබිම නැත්නම් මරණය.., සිංහලේ සදාකල් දිනේවා..!

    අරඹේපොල රතනසාර හිමි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න