.

.

Dec 16, 2015

ආර්ථික විජ්ජාව නොදත් බැංකු කරුවෝ - Stupid Bankers of Siri Lanka



අය වැය ගැන මාතලන්ගේ බොක්කක් මෙන්ම බෑන්කර් කෙනෙක් වන, "විසිටර් වී" නොහොත් "මදාවියා" විසින් ලියනා ලද අපූරු විග්‍රහයක් "විසිටර් වී" බොගේ පල උනේය. සමහර විට ඌ ඒක ලියන්න ඇත්තේ අය වැය ගැන ලියන්නෙයි කී ඉල්ලීම නිසා වෙන්නත් පුළුවන්ය. ඒ ළිපිය කැමති එකෙකුට <<මෙතනින් බලා ගන්න පුළුවන්ය.>>

මාත්තුරුකාව දැක්කාම මදාවියා මා එක්ක මරා ගන්න එන්නට ඕනා නැතිය. ඒ මොකෝ කියනවා නම්, අපි නොදන්න චෙස් ඉතරක් නොවන් බෑන්කින් පවා අසා දැන ගන්නේ ඌගෙන් නිසාය. ඒත් ඉතින් බැංකුවල වැඩ කරන කීප දෙනෙකුගෙන්ම ඉස්ටැයික් කොළේ මොකෝ කියා ඇහුවාම, දීපූ උත්තර ටික ගත්තාම, අවසානයට එන පොදු උත්තරේ මේන් මේ වගේ එකක්ය.

මේකයි මාතේ, බජට් එකෙන් "පෝනිනුයි", "ලීසීනුයි" අඩු කරන්නෙයි කියලා ඉතින් ඒකට තමයි උග්ගෝසනේ. බලහන් මාතේ මේ යුනියන් වල වේසිගේ පුතාලා ඉස්ටැයික් එකක් කොරන්න ඕන දවසවත් දන්නේ නෑ නේ. ඕක ෆ්‍රයිඩේ එකක හරි මන්ඩේ එකක හරි දැම්මා නම් අපිට පොඩි වීකෙන්ඩ් පැකේජ් එකක් ගන්න තිබුනානේ යන්නය.

මෙහිදී මේ "පෝනින්" (porn) අඩු කරන්න කිව්වේ, බැංකුවල ඉන්නා උන් සෙක්ස් කරන එක අඩු කරන එකෙයි කියා කවුරුන් හෝ හිතුවොත් හොඳ නැති නිසා, ඒ කියලා තියෙන්නේ උකස් ගන්න ප්‍රමාණේ අඩු කරන්නෙයි කියනා එක කියා මේ අවස්තාවේ කියා සිටින්නට වෙනවාය.

කොහොමින් කොහොම හරි, අම්මට සිරි ලංකාවේ බැංකු ක්‍රොමේ ගැන පෝඩ්ඩක් කියලා ඉන්න ඕනාය. බැංකුවල ඉන්න උන් ජීවත් වෙන්නේ ගණු දෙණු කරනා උන් හෙවත් කස්ටමස්ලා නිසාය. ඒ උනාට ඒවායේ ඉන්නා උන් හිතාගෙන ඉන්නේ හරියට අපි උන්ගෙන් කනවා වාගේය. අපි පොඩි කාළේ බැංකුවල වැඩ කරපු උන් උන්නේ, දැන් දොස්තරලා ඉන්නා මැන්ටලැටි එකේය. සම හරක් විට ඊටත් වඩා ඉහලින්ය. බැංකුවල වැඩ කරපු එකෙක් උන්න පවුලක උන් මේ බව හොඳටම දන්නවාය.

හේතුව උනේ තිබ්බේ බෑන්ක්ස් දෙක තුනක් නිසාය. හැටන් නැෂනල් බෑන්ක් (HNB, ඇච් ඇස් බී සී බෑන්ක් (HSBC)  එක වගේම තවත් ප්‍රයිවට් බෑන්ක්ස් දෙක තුනක් තිබුනද, ඒවා තිබ්බේ කොලොම්බු වල ඉතරය. බෑන්ක් එකක් කිව්වාම ඔක්කෝම උන් දැන ගෙන උන්නේ බෑන්ක් ඔප් සිලෝන් එක ඉතරය. ජාතික ඉතිරි කිරීමේ බෑන්ක් එක පටන් ගත්තේත් අම්මාගේ ආන්ඩුව කාලේය. එයිට කලින් මිනිස්සු සල්ලි ඉතුරු කොලේ තැපැල් කන්තෝරුවේය.

Lalith Kotelawala with Mohammed Yousuf 
මහජන හෙවත් පීපල්ස් බෑන්ක්ස් එකේ සල්ලි දැම්මොත් ආයේ ගන්න බැරි නිසා කොල්ලෝ ඒකේ ලෝගෝ එකට යවලා තිබුනේ බලු පූට්ටුවක්ය. ඒවායේ වැඩ කොරනා උන්ගේ රැස්පොට් එක ඉර දෙයියන්ටත් වඩා පවර් පුල්ය. හිනා කඳුලක් නැත. මැනේජරයා උන්නේ ජනාධිපති වාගේය. එහෙම උන්න උන් අද පාරේ ගිඟා කන තත්වෙට පත්කොලේ ලලිත් කොතලාවල මහත්තයාය. (කාගේත් හොඳ වගේම නරකත් තියෙන්නේය.) 

ඒ සෙලාන් බෑන්ක් එක නිසාය. සෙලාන් බැන්කුව ගණු දෙණු කරුවා ළඟට ගියේය. අද බෝහෝ දියුණු මට්ටමේ සිටිනා ව්‍යාපාරිකයින්ට මුලින්ම අත හිත මෙන්ම, ඉතා සහන දායි ණය ලබා දුන්නේ උන්නැහේය. නොබෙල් ත්‍යාගලාභී බංගලාදේශයේ "මොහොමඩ් යූනුස්" මහත්තයාගේ "ග්‍රාමීන්" ණය ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නා පමණක් නොව, එනමින් බැංකුවක්ද පටන් අරගෙන දුප්පත් උන් සෑහෙන ප්‍රමාණයක් නගා සිට වූයේය.

ඔය ඩොකටර්ස්ලා ප්‍රයිවට් මැඩිකල් කොලේජ් දානා එකට අකමැති වෙන්නේත් මේ නිසාය. අජ්ජාපනේ ප්‍රයිවටයිස් කරපු ගමන් ඕකුන්ගේ පවර් එක නැති වෙනවාය. ප්‍රයිවට් වලින් එන උන්ගේ මැන්ටලැටි එකත් හොඳය. මොකෝ උන්ට අලුතෙන් සල්ලි හොයන්න දෙයක් නැතිය. එතකොට වෙන්නේ සර්විස් එක හොඳ වෙන එකය. දැන් තියෙනා මොනෝපොලි එකට කෙලවෙන නිසා, අදත් ඒ ගොන් බාස්ලා සත්තමක් දාලා තියෙනවා දැක්කේය. 

ආන්ඩුවට තියෙන්නේ, ඉට්ටැයික් කොර ගන්න උන් එලවලා, 80 වගේ වැඩ කරන උන් එක්ක ගේම ගහන එකය. එහෙම නැතිව මේ එක එක වේසිගේ පුතාලාට ඕනා විදියට මේ රට හදන්න ගියොත් හෙම, මේ රටට අබ සරණක් මිස වෙන සරණක් ඇත්තේ නැත්තේමය.

ඇත්තටම බැංකුවලින් සිඳු විය යුත්තේ තේ ලලිත් කොතලාවල කළ දේය. එනම් දිළිඳු කම නැති කරමින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දීමය. එහෙත් අද අපේ බැංකු කොරන්නේ මක්කාද? 

මහින්ද මහත්තයා බැංකු යොදාගෙන තිබුනේ රාජපක්ෂ පවුලේ උන්ට කන්නට බොන්නටය. ඕනෑම බැංකුවක ඇති බොල් ණය කරුවන්ගේ ලිස්ට් එකක් ගත්තා නම්, මේක බොරුවක් නෙමේ කියා ඕනෑම එකෙකුට පෙනෙනවාය. අන්තීමට එක රටකින් වත් ආන්ඩුවට ණය නොදෙන කොට උන් කොලේ, බැංකු ලවා විදෙස් වලින් ණය ලබා ගැනීමය. එහෙම කාලා දාපු ආර්තිකයක් අවුරුද්දෙන් ගොඩ ගන්න ළෝක බැංකුවේ සභාපති, වයිමා සමඟ එක්ව, මහා ආර්තික විසේසග්න බන්ධුල ගුණවර්ධන ගොන් වස්සා සමග ආවත්, සංසාරෙදිවත් බැරිය.

මෑතකදි පෞදගලික බැංකු වලට ලැබුන මුදල් වලට කොලේ මක්කද? පර්සොනල් ලෝන් දෙන එකය. ඒ කියන්නේ හොඳ පඩියක් ගන්න උන්ට ලෝන් දීමය. ඒ ලීසින් වලට හා ක්‍රෙඩිට් කාඩ් වලට අමතරවය. හවුස් තියෙන උන්ටත් තව තව හවුසින් ලෝන් දීමය. හවුස් මේඩ්ලාට හවුස් එකක් මේඩ් කොර ගන්න එක සිහිනයක්මය.

මේවා කොලා කියා රටක් දියුණු වෙනවාද? මේ කොරන්නේ රාජපක්ෂලා කොරපු එකේ අනිත් එකමය. ඒ කියන්නේ ණයට අරගෙන ආතල් ගන්නා එකය. ඔය පෝසනල් ලෝන් අරගන්න උන් කරන්නේ, බැංකොක් වල කොක් එක ඔබන්න යන එකය. එහෙම නැත්නම් සින්ගප්පූරුවේ සොපින් යන එකය. එහෙමත් නැත්නම් පවුල් පිටින් මැලේසියාවේ සෙන්තොසා කන්ද නගින එකය. ඔය එකක්වත් බැරිනම්, අම්මට සිරි ලංකාව වටේ ටුවර් එකක් ගිහින්, කාලා බීලා නාලා විනාස කොරනා එකය.

ගිනී පොලී කාර්යන් ගාව රත්තරන් උකස් තියන්නේ බැරිම කේස් එකක් උන වෙලාවටය ඒ උගේ පොලිය ඇහුවාම වෙන ලෙඩක් හැදෙනා නිසාය. ඒත් බැංකු වලින් ඉතා අඩු පොලියට පෝනින් කොරන්න පටන් ගත්තාට පස්සේ, ඒකත් ගත්තේ කන්න බොන්නය. අවුරුදු කන්න, නත්තල් ගන්න අපේ උන් කොලේ සත්තරන් ටිකත් අරගෙන බැංකුවට රිංගන එකය. 

අන්තීමෙදි උනේ සත්තරන් ටික බැංකුවට සින්න උන එකය. රත්තරන් එන්න එන්න බහින නිසා මිනිස්සු කොලේ ඒවා බැංකුවටම තියා ගන්න කියපු එකය. මා දන්නා තරමින් ඒ වැඩෙන් බොහෝ බැංකු වලට කෙල වෙලාම ගියේය. රත්තරන් බඩු උකස් තැබීමෙන් රටේ ආර්ථිකයට ඇති වන වාසිය මාතලන්ට නම් තේරෙන්නේ නැතිය.

අනික් එක ලීසින්ය. ඒ කාලේ ලීසින් දුන්නේ කර්මාන්තයක් කරනා එකෙකුට හෝ අළුතෙන් ආරම්බ කරනා එකෙකුට මැසිනොරිස් ගන්නටය. එහෙම ගෙවා ගන්න බැරුව බැංකුවලට අයත් උන ෆැක්ටරි වගේම බොහෝ දේපල බැංකු සතුව තිබෙන්නේය. 

ඒත් දැන් දෙන්නේ මක්කටද? ඉන්දියන් කාර් වලටය සත පහක් අතේ නැති එකාටත් ගැරන්ටස්ලා නැතිව වාහනයක් ගෙදර ගෙනියන්න 100% ලීසින් ෆැසිලිටීස්ය. ඊට පස්සෙ ඌට ගෙවන්න සල්ලි නැතිය. මාස දෙකෙන් බඩු උස්සනවාය. සීස් කරනා උන්ට නම් හොද්ද බොරය. අනික පර්සොනල් යූස් එකට ලීසිං වෙහිකල් එකක් දුන්නාම රටේ ආර්ථිකය දියුණු වෙන්නේ කොහොමද කියා මට නම් තේරෙන්නේ නැතිය. 

ඒ ෆැසිලිටි එක යූස් කරනා උනුත් බෑන්කර්ස්ලටත් වඩා අම්බ හරක්ය උන් ගන්නේ කුණු ඉන්දියන් වාහනය. ඒවායේ සෙකන්ඩ් හෑන්ඩ් වැලියු එකක් ඇත්තේ නැතිය. වැඩි කලක් පාවිච්චි කොරන්නත් බැරිය. ගත්ත උන් ඉන්දියාවේ අම්මා මතක් කොර කොර ඉන්නවාය.

මේ ඔක්කෝම රිස්ක් එකක් අඩු ණය ක්‍රමය. ඕවා සීම කොරාපු එක බොහොම හොඳය. ඕවායෙන් ආර්ථිකයට ඇති වන වාසියක් නැතිය. ඕවායෙන් වෙන්නේ මිනිසූ නිකං ණය කාරයෝ වෙන එක පමණක් නොව නාස්තිකාරයෝත් වෙන එකය. රටක ආර්ථික වර්ධන වේගයට අවස්ස වන්නේ මුදල් නාස්ති කරනා උන් නොව මුදල් ඉතිරි කරනා උන්ය, පිස්ස්ය් කෙලින්නන් නොව නව කර්මාණ්තකරුවන්ය. එනයින් බැලූ කල මේම තීරණ දෙකම බොහෝම හොඳ තීරණය. (කර්මාණත සඳහා දෙන ණය මුදල් ප්‍රතිශතය වැඩි කර ඇත. එය ඉතා යහපත් යෝජනාවකි.)

බැංකු කල යුත්තේ මෙළෝ හසරක් නොදන්නා ලාමක ටින් ටින්ලාට ටයි පොල්ලක් දමා ලීසිං ෆැසිලිටි දීම නොවේය. ගල් එලියේ දාගෙන එන්නා බට්ටිච්චියෝ දමා පර්සොනල් ලෝන් දීම නෙමේය.  කල යුත්තේ විස්ස විජ්ජාල වලින් බිහි වන සෑම ෆීල්ඩ් එකකම ප්‍රොෆෙසොනල් පොරවල් උපදේසකයින් බවට පත් කොට, රටේ ආර්ථිකයට දායකත්වයක් දක්වන ඉන්ඩ්‍රස්ටියල් ෆීල්ඩ් එකේ හෝ ඇග්‍රිකල්චරල් ෆීල්ඩ් එකේ (හිඟන වී ගොවි තැන නම් නොවේ) ඉන්වෙස්ට්මන්ට් කිරීමය. එහෙම දෙන ණය සඳහා රක්ෂණ ආවරණ ලබා ගැනීමය.(විස්ස විජ්ජාල වලින් බිහිවන ඉන්ගිරිස් නොදන්නා උන්ට ජොබ් දෙන්න ලලිත් කොතලාවල බය උනේ නැත.)

එහෙම නැතිව මේ මෙළෝ රහක් නැති ළෝන් දෙන්න දීපියව් කියා, පට්ට අමු ගොන් හරක් වාගේ ඉස්ටේසොන් ඉස්සරහා කෑ ගහනා එක නෙමේය. මහා ළොකුවට හිටපු උන් පාරට බැහැලා බිස්නස් හෙව්වට කම් නැතිය. ඒත් පාරට බැහැලා ගොන් තකතීරූ තිරණ වලට සප් එක දෙන්නෙයි කියා ඉල්ලන එක නම් නොදැණුවත් කම මිස වෙන කිසිවක්ම නොවේමය.

ඒ වගත් මෙසේය... 

123 comments:

  1. Replies
    1. "මහින්ද මහත්තයා බැංකු යොදාගෙන තිබුනේ රාජපක්ෂ පවුලේ උන්ට කන්නට බොන්නටය. ඕනෑම බැංකුවක ඇති බොල් ණය කරුවන්ගේ ලිස්ට් එකක් ගත්තා නම්, මේක බොරුවක් නෙමේ කියා ඕනෑම එකෙකුට පෙනෙනවාය. "

      කයීය නැතුව, ඕනෑම බැංකු නෙමෙයි එක බැංකුවක ලිස්ට් එක අරගෙන දාපන්කො ගාණත් එක්කම. මහින්දගෙ අනුමැතිය හින්දා දුන්න ණය......

      සමරවිට බැංකු සේප්පු වල මහින්දගෙ රත්තරන් අස්සයොත් ඇති.





      ඔන්න රනිල් නං එහෙම නෑ නේද ?

      94 රේ චන්ද්‍රිකා ආණ්ඩුව ගන්නකොට උබේ පුකේ බටර් ගාන රනිල් අගමැතිය වෙලා හිටපු ආණ්ඩුව (ප්‍රේමදාස - විජේතුංග ) කාලෙ බොල්ණය ගැන දන්නෙම නෑ නේද ?

      අනික දිල තියෙන්නෙ මහින්ද වගේ පවුලෙ උන්ට කන්නෙ නෙමෙයි තරහ කාරයන්ට කන්න නේද ?

      අර බැදුම්කරත් දීල තියෙන්නෙත් තරහ කාරයෙකුට නෙ..

      කොහෙන්ද උබ ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තෙ... අර තම්බින්ට ඩැයිවර රස්සාව කරනකාලෙ තම්බි ඉගැන්නුවද ?


      බොරු පඩි වදන් නොදා දන්න දෙයක් ලියපන් පොන්නයො..


      Delete
    2. රනිල්ලා දුන්නා බිස්නස් කරන උන්ට. ඒත් පුක කහන්න සත පහ නැති උන්ට බඩු ගහන්න බැංකු ලෝන් දුන්නේ නෑ...

      Delete
    3. ඒ කතන්දර නෙමෙයි..

      ඇන් උබල ලියල තියනවනෙ

      ""මහින්ද මහත්තයා බැංකු යොදාගෙන තිබුනේ රාජපක්ෂ පවුලේ උන්ට කන්නට බොන්නටය. ඕනෑම බැංකුවක ඇති බොල් ණය කරුවන්ගේ ලිස්ට් එකක් ගත්තා නම්, මේක බොරුවක් නෙමේ කියා ඕනෑම එකෙකුට පෙනෙනවාය. ""


      සරලවම දාපන් එක බැන්කුවක ලිස්ට් එක...


      උබ කාරණා දන්න හින්දනෙ ලියන්න ඇත්තෙ...

      Delete
    4. බැන්කුකරුවන්ට වඩා ආර්තිකවිද්යාව සහ බැන්කු ක්‍රම දන්නා, ජොස්තරලාට වඩා ප්‍රතිකාර ක්‍රම දන්නා, සින්හල බ්ලොග් කරුවන් ට ජය වේවා!

      Delete
    5. Maathaa,

      What the hell is this new profile? WTF? It seems fake one isn't it? Please check about that. Thanks !

      Delete
    6. ෆේක් එකෙක් නෙමෙයි කියලා පෝස්ට් එකෙන් ඔප්පු උනා නේ...

      Delete
    7. කොයි ආණ්ඩුවත් හෙන්චයියලාට සලකන්න බැංකුවලට කෙලිනවා. විශේෂයෙන් එයාලට සෘජුවම බලපෑම් කරන්න පුළුවන් රාජ්‍ය බැංකුවලට. ඒවායේ ප්‍රොපෝසල් යන්නෙ පහලින් උඩහට නෙමේ...අනික් පැත්තට!

      Delete
    8. රාජපස්සලා ආන්ඩුවේ බෑන්ක්ස්වලට කෙලලා හකලා ඊ පී එෆ් එකටත් කෙලියා... ඒකට කොක්ක එන කොට ප්‍රයිවට් බෑන්ක්ස් වලටත් කෙලියා.. කෙලපු නැති තැනක් තමයි හොයා ගන්න අමාරූ...

      Delete
  2. දානව මම ලීස් එකක්
    නැහැ මට ඉන් පාඩුවක්
    ගමුද මරුටි කාරෙකක්
    වෙමුද පරෙවි ජෝඩුවක්..

    ඕ යේස් :D

    ReplyDelete
    Replies
    1. මාස දෙකෙන් උස්සහන් කියලා.. තව බෑන්ක් එකකින් තව එකක් ගන්නවා.. එහෙම කරන් උන් ගොඩක් ඉන්නවා...

      Delete
    2. ඔය කියන තරම් ලේසි නැහැ ලීස් ගන්න. එහෙනම් හොරු තක්කඩියෝ, වාහන හොරු ගෙවල් නොබිඳ ලීස්වලින්ම ලේසියෙන් ගොඩ යාවි.

      ලීස් දෙන්න ක්ලින් ක්‍රිබ් එකේ හොයනව. බැංකුවලින් නම් හරිම අමාරුයි. ලීස්වලත් ලිමිට් එකකට තමයි දෙන්නෙ. ඔයවගේ දුර්මත පතුරන්නෙ මාකටින් කරන හාල්පාරුවො.

      http://www.crib.lk/

      http://www.crib.lk/si/

      මේකෙන් වැඩි විස්තර බලාගතහැකි.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ලීසින් ගැන දන්නෝ දනිති....

      Delete
    5. දැන් උපරිම දෙන්නේ 70% යි...

      Delete
    6. ක්‍රිබ් එක නිසා එහෙමම ලේසියෙන් ලිස්සන්න බෑ. හැබැයි, ක්‍රිබ් එක වෙනම තියෙනවා, නොගෙවන ණය වෙනම තියෙනවා වගේ පේන වෙලාවල් නැතුවා නෙමේ. ණය තොරතුරු කාර්යාංශ පණත නෙමේ ඔය මොන පණත ගෙනාවත් රිංගන උන් රිංගනවා මේ ලංකාවෙ.

      Delete
  3. ඔ්‍ය බැංකු වල කෙරුවාවල් ගැන නම් මෙලෝ දැනුමක් නෑනේ ආයිබොවන්ඩ...
    මධූගේ පෝස්ට් එකෙනුයි එකේ මාතා දාලා තිබුන කොමන්ටුවෙනුයි විස්තර ටිකක් පැහැදිලි කරගත්තා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ සුපිරි ළිපි පත්තර වලත් නෑ...

      Delete
  4. Kohomada Ithuru karanne me rate aluthin okkoma account walata apu 2.5% tax eka amathakada?

    ReplyDelete
    Replies
    1. ඒක ගොන් තීරණයක්.. ගොඩක් ඒවා අකුල ගත්තා වගේ ඒකත් අකුල ගනීවී..

      Delete
    2. ඒකත් අර ස්ට්‍රයික් එකේ ක්‍රිටිකල් පොයින්ට් එකක් මාතෙ.

      Delete
    3. ඒවට නම් අපිත් සපෝට්.. මම උඹට දාපු කොමෙන්ට් එකෙත් ඒක කිව්වා..

      Delete
  5. උඹ මේ පෙන්නලා තියෙන කාරණා වලට මෙතන උත්තරයක් දැම්මොත් ඒක පෝස්ට් එක තරම්ම දික් වෙනවාය. ඒක පෝස්ට් එකට කරනා අසාධාරණයක්ය. ඒ හින්දා වෙනම පෝසට් එකක් විසිටරයා විසින් දානවා ඇතිය. මෙහෙම සංවාදයකට ඉඩ ලබාදීම ගැන උඹට පිංය. මේක කතා කලයුතුම මාතෘකාවක්ය. අද වෙලාවක් නැති නිසා හෙට හෝ අනිද්දා දානවාමය.

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ මචෝ... විය යුත්තේ එයයි....

      Delete
  6. බැංකුවට යන්න හිතෙන්නෙත් නෑ අප්පා...මේවායේ සිද්ධ වෙන දේවල් දැක්කම පිස්සු හැදෙනවා.මාත් මීට අවුරුදු 2කට කලිං ලංකා බැංකුවේ ගිනුමක් ඇරියා.හොද පොලියකුත් තියෙනවා කියලා තමයි කිව්වේ, ඊට අවුරුදකට පස්සේ ගියා චෙක් එකක් ඇවිල්ලා මාරු කරන්න. එතකොට තමයි දෙක්කේ ගිනුමේ ශේෂය අඩුවෙලා තියෙනවා. මුං බලන් යනකොට අපෙන් පොලියක් අයකර ගන්නවා........

    ReplyDelete
    Replies
    1. උඹ ඒ ටී එම් එකෙන් අදින්න ඇති...

      Delete
    2. ඔය බැංකුවල කෙරුවාව අපි දන්න එකක්යැ බන්

      Delete
    3. අය වෙන ගාස්තු ගැන දැනගැනීමට උඹට අයිතියක් තියෙනවා මහේෂ්. විශේෂයෙන් සැඟවුණු ගාස්තු ගැන හාරා බලන්නම ඕනි.

      Delete
  7. කැලේට ඇරුන කුඹුර අස්වද්දන්න බැංකුවෙන් ණයක්වත් ගන්න හිටිය මදැයි.ඒකටත් කෙලවෙන්නද යන්නෙ.සුපිරි ආර්ථික විග්‍රහය බං පිස්සු බම්ප් වෙනවා.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචන් ස්මාර්ට් ෆෝන් එකකුයි ලැප් එකකුයි දෙනවා කියලා වැලන්ටයින් කිව්වා නේද අපි ඒ දෙක උගස් තියලා කුඹුර අස්වද්දමු...
      කොහොමද මගේ ටිකිරි මොලේ..

      Delete
    2. ඔය අස්වද්දන වැඩේ ඇවිල්ලා අර අලි තියාගෙන ඉන්නවා වගේ ලෙඩක්.. ඊට ලාබයි කඩෙන් කන එක.. අපේ තාත්තා අදටත් මට පින් දෙනවා ඒ දීපූ උපදේසෙට..

      Delete
    3. හැලපෙ අයියටත් වහ බොන්න හිතිලා, වගා ණය අරං.

      Delete
  8. මටනම් විසිටරයාගේ පෝස්ට් එක කියෙව්වම හිතුනේ ඔය කියුව කෙස් දෙකට වැඩ ප්‍රශ්ණ බැංකුවලට තියෙනවයි කියල.. අර EXIM බැංකු වගේ ලබා ගන්න තිබ්බ චාන්ස් වලට කෙලින ප්‍රොපොසල් තිබ්බා නේද?

    ReplyDelete
    Replies
    1. අය වැයේ හොඳ වගේම නරකත් තියෙනවා.. ඒත් මුන් සට කරන්නේ වැරදි තැන් අල්ලගෙන.

      Delete
    2. පැහැදිලිවම මේ රටට ඇදෙන මුදල් කන්දරාවක් පිටට ඇදෙනවා ඕකෙන්. එක්සිම් බැංකුවත් ක්‍රිටිකල් පොයින්ට් එකක්. විශේෂයෙන් මේ ස්ට්‍රයික් එක කොහෙත්ම සේවක අයිතිවාසිකම් නෙමේ පොදුවේ බැංකු පද්ධතියට වෙන බලපෑම ගැන කියවෙන්නක්.

      Delete
  9. මාතා,

    අද බැංකුවක් කරනවා කියන්නේ තනිකරම පොලී මුදලාලිගේ වැඩක් (පොලියෙස්ටේර් ) පමණයි. මේ මිනිසුන්ට කිසිම දැනුමක් නෑ කුඩා සහ මද්යම පරිමාන වියාපාර දියුණු කිරීමට. මේ අය ණය දෙන්නෙත් ආනායන ගත වෙළදාමට පමණයි. රටේ යමක් නිපදවා අපනයන කරන අයට ණයක් ගැනීම ඉතා අපහසුයි.

    ඇත්තටම බැංකු අපනයන ප්‍රවර්දනය කරනවානම් අද පවතින බොහෝ බාදක ඉවත් කිරීමට රටේ ඉහල උදවියට උපදෙස් දෙනු ඇති.

    මේ ගැන දිග විස්තරයක් කරන්න පුලුවන් නමුත් මේවා මෙරටේ මිනිසුන්ට තේරෙන්නේ නෑ, අනෙක් අතට දෙසපලන්යයන්ට මෙය ඕනෙත් නෑ කරන්නේ කාගෙන් හරි කොමිස් කුට්ටියක් කඩා ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. බැං හැඩ ගැහෙන්නෙත් මිනිස්සු අනුව කියලා කෙනෙක්ට තර්ක කොරන්න පුළුවන්. ඒත් මෙහෙම මිනිස්සු සෙට් එකක් එක්ක රටකට ඉදිරි දැක්මක් තියෙනවද කියන එකයි ප්‍රශ්ණය.

      Delete
    2. ලාංකික සිතුවිළි,
      මචන් පුළුවන් නම් ලිපියක් ලියපන් විස්තර කරල. හිට්ස් ගානට වඩා වටින්නෙ දෙතුන් දෙනෙක් අතර හරි සංවාදයක් ගොඩනැගීමයි. ඔබගේ දැනුම අදහස් අප වැනි බ්ලොග්කරුවන් නොවන අහිංසක පාඨකයන් සමග බෙදාගැනීමට ඇනෝ ඇර තබන්න.

      Delete
    3. ලාංකික, රජයට පැහැදිලි දැක්මක් සහ සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් මුලින්ම කෙටි, දිගු සහ මැදිකාලීන වශයෙන් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් සකස්කර ඒ සඳහා බැන්කුවල කාර්යයභාරය නිර්ණය කරගත යුතුයි. පසුව සියලුම බැංකුකරුවන් ගෙන්වා ඔවුන් සමග සාකච්ඡාකොට රජයේ වැඩපිළිවෙලට එකඟකර ගත හැකියි. දැනට තිබෙන්නේ සේරිවාණිජ බැංකු ක්‍රමයක්. කොහෙන් කොහොම හරි ප්‍රොෆිට් ලැබෙනව නම් එච්චරයි. මේ දේවල් වෙන්න නම් මීට වඩා විශන් එකක් ඇති නායකත්වයක් රටට අවශ්‍යයි. අවාසනාවට එවැනි සැබෑ නායකයෙක් දේශපාලන කරළිය තුල පෙනෙන්නට නැහැ.

      Delete
    4. දෙවනි ඇනෝට මාතලන්ගෙන් මල් මිටක්...

      Delete
    5. ලාභ අපේක්ෂාව රාජ්‍ය බැංකුවල මූලික අරමුණ කලාට පස්සෙ ඉතිං ආයි වැඩක් නෑ. ඒ වුණාට ආණ්ඩුවක් පටෝන හැම සංවර්ධන ණය යෝජනා ක්‍රමයම මූලිකව කර ගහන්නේ රාජ්‍ය බැංකු. ඊට අමතරව බලපෑම් මත හෙංචයියලාට ණය දෙන්නත් වෙන්නෙ ඒ අයට. ඊට පස්සෙ බෑඟිරි ගානවා රාජ්‍ය බැංකු බංකොලොත් කියලා. ක්‍රෙඩිට් රේටිං වලදි ෆිච්, එස් ඇන්ඩ් පී, මූඩි ඔක්කොම ඔය සේරම බැංකු එක මල්ලෙ දාලා කිරනවා. ලාභ අපේක්ෂාව පැත්තකට දාන අයට තැනක් නෑ.

      Delete
  10. කරුණු දෙකක්. බැංකු වල තිබුණු ඒකාධිකාරය මුලින්ම බින්ඳේ සහ පලමු ඒ ටී එම් මශින් සමඟ නව තාක්ශණය හඳුන්වා දුන්නේ එන් යූ ජයවර්ධන ඇති කරපු සම්පත් බැංකුවෙන්. මිස සේලාන් බැංකුවෙන් නොවෙයි.

    දෙවෙනි කරුණ බැංකු වත්කම් තියෙන අයගේ වත්කම් ඇපේට තියාගෙන සල්ලි ණය දෙන වත්කම් නැති අයට ණය ගන්න බැරි තන් බවට පත්වෙලා තියෙන්නේ බැංකු වල වරදින්ම නොවේ. බටහිර රටවල චෙක් එක නිගරු උණොත් ඒක දඬ්වම් ලැබිය හැකි වරදක්. ඒවගේම බැංකු ණයක් නොගෙවා හැරියොත් බොහෝ කාලයකට කිසිම ණයක් කිසිම තැනකින් ගන්න බැහැ. මෙහෙ පොලු තියන අයට සහ මුදල් හෝ අයිරා නොමැතිව චෙක් නිකුත් කරන අයට නීති මඟින් කටයුතු කරනවානම් මෙම ප්‍රශ්ණය නැතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. සම්පත් බැංකුව පටන් අරගෙන කොටුව ඉස්ටේසම පිටිපස්සේ තිබුනා බෞද්ධ අයට ගණු දෙණු කර ගන්න..

      මම කියන්නේ ඒක නෙමෙයි බැංකුව සාමාන්‍ය ජනතාව අතරට ගෙනිහින් බය නැති කලේ සේලාන් බැංකුවයි කියන එක. ඒක බැංකුවල වැඩ කරන බෑන්කින් දන්න උනු ඉතරක් නෙමෙයි සෙන්ට්‍රල් බැංකුවත් පිලි ගන්නවා..

      Delete
    2. ඉයන් හරි. ලංකාවේ බැංකු මුදල් හදල් දේපොළ ඇති බමුණු කුලයකට පමණක් සීමාවී තිබුණා. එකල බොහෝ උසස් බැංකු නිළදාරීන් දමිල ජාතිකයන්. ඔවුන් සිංහල ව්‍යාපාරිකයන් දෙස බැලුවේ වපර ඇහින්. ධනවත් බලවත් හාමුලා බැංකු සමග සිටිද්දි සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට ඉතුරු වුනේ පොලියෙස්ටර් සරණ. මේක වෙනස් කලේ සම්පත් බැංකුව. එන් යූ ජයවර්ධන ගේ මූලිකත්වයෙන් ඇල්බට් එදිරිසිංහ වැනි දේශීය ව්‍යාපාරිකයන් එක්වී තැනූ මෙම බැංකු ව්‍යාපෘතිය සුවිශේෂීයි. නමුත් සම්පත් බැංකුව තරමක් සිංහල ජාතිවාදී පදනමක් සහිත බැංකුවක් වීම අවාසිදායකයි.

      සෙලාන් වැනි බැංකු ඉතාම විකාරරූපී ලෙස ආතක් පාතක් නැතුව ඔහේ ණය දීමෙන් මිනිස්සු ණය කාරයො වෙන්න පෙළඹවූවා. පස්සෙකාලෙක හතු පිපෙන්න වගේ හැම එකාටම ඕනෙ එකටයි එපා එකටයි ලීසින් දෙන ක්‍රම ප්‍රචලිත වුනේ සෙලින්කෝ සමූහයේ ගරිල්ලා මාකටින් නිසා. ඒකෙන් ගොඩ ගිය උනුත් ටිකක් ඉන්නව. ගොඩක්ම උනේ මිනිස්සු අමාරුවෙ වැටිච්චි එක. ලංකාවෙ හොඳම බැන්කුව විදිහට මම දකින්නෙ කොමර්ෂල් බැංකුව. ඔවුන් රටේ දියුණුවට නිහඬ සේවයක් කරනව.

      Delete
    3. සම්පත් බැංකුව ලංකාවේ තාක්ෂණයේ පෙරගමන්කරුයි. මුලින්ම සෙට් කියල ඒටීඑම් ගෙනාව. පස්සෙ අනිත් උනුත් ඒක ෆොලෝ කලා පෙට්, කැට් ආදී වශයෙන්. මුලින්ම රටේම බ්‍රාන්චස් කම්පියුටරයිස් කලෙත් සම්පත් එකෙන්. හැබැයි ඒක කලා කලින් වැඩියි 1980 ගණන් අගදි. කොමර්ශල් තමයි නියම ටයිම් එකට නිසිගානට බලල ටෙක්නොලොජි යූස් කලේ. සෙලාන් නම් කුජීතයි. උන්කලේ බැන්කු කියන්නෙ අම්බලම් වගේ ඕනෙම හාල්පාරුවෙකුට හැම මගුලටම සල්ලි ගන්න තියෙන විගඩමක් බවට පත්කරපු එක. ලන්කාවෙ මහ බැන්කුවෙ තිබ්බ සෙන්ට්‍රලයිස් මොනිටරින් සිස්ටම් එක නිසා යන්තම් කඩා නොවැටී බේරුනා. නැත්නම් ගෝල්ඩන් කී වෙනුවට කෙලින්ම සෙලාන් එකෙන් තමයි අර වන්චාව වෙන්නෙ.

      Delete
    4. සෙලාන් එක බේරුනේ මොන සෙන්ට්‍රල් බෑන්ක්ස් එකේ ඉලව්වක් නිසා නෙමෙයි... බැංකුවට ආදරේ කරපු හොඳ යුනියන් එකක් තිබුන නිසා...

      Delete
    5. සෙලාන් එක බේරෙන්න පවර්ෆුල් යූනියන් එකක් ඒ කාලෙ තිබ්බෙ නෑ. සෙලාන් එක බේරුවෙ මහ බැංකුව නිසා තමා. මහ බැංකුවට තිබුණා ප්‍රමුඛ වගේම කෙලවිලා පලයං කියලා සද්ද නැතිව ඉන්න. ඒ වුණාට සෙලාන් ඊට වඩා මුල් බැහැලා තිබුණා ඒ කාලෙ. ප්‍රධාන ස්ථම්භ හයෙන් එකක්.
      පැහැදිලිවම තාක්ෂණය ගෙනාවෙ සම්පත් බැංකුව. සෙලාන් බැංකුව ගමට ගියාම නෙමේ. මිනිස්සුන්ගෙ මට්ටමට බැස්සා. ඉස්සර බැංකු හිටියේ සාමාන්‍ය ආණ්ඩුවේ කන්තෝරු තත්ත්වයේ. සෙලාන් තමා ඒ රාමුව කැඩුවෙ. හැබැයි, නැති බැරි මිනිහට හැමදාම හිටියේ රාජ්‍ය බැංකු. අළුතින් දෙයක් පටන් ගන්න එකාටත් හිටියේ උන්. ලාභය ප්‍රධාන අරමුණ කරගත් බැංකු කලේ බිම් මට්ටමෙන් ඉහලට ඇවිත් දල කාරයෙක් වෙච්ච එකාව දඩයම් කිරීම. උන්ට සීයට අටට දෙද්දි දුප්පත් එකාට දුන්නෙ පහලොවට-දහඅටට.

      Delete
    6. සෙලාන් බැකුව බේර ගත්ත හැටි මම උඹට හම්බ උන වෙලාවක කියන්නම්. ඒකට හීනියට හරි මාත් සම්බන්ධයි. ඒක පවර ගන්න කාළේ අපේ බ්‍රාන්ච් එකක් සෙලාන් ටවර් එකෙත් තිබුනා. ඒ නිසා ගේම මම හොඳටම දන්නවා.

      එතන උන් ගේම පටන් ගත්තේ රෙන්ගගෙ තටු කපපු දවසේ ඉඳන්. අපිත් උන්ට සපෝට් කලා වෙන්න යන අපරාදෙට. මොකෝ කාවන් කියන්නේ සෙලින්කෝ එක නැති කරන එකෙක් නිසා.

      Delete
  11. මාතලන්, අපේ අම්මලගෙ ගමේ බෝතලේ මිනිස්සුන්ගෙනම් එකම බැංකුව කඩේ මුදලාලි වසීම් නාන තමයි.
    මාලෙ, හවඩිය පෝන් කරන්නෙත්, කන්න කපනකන් අත මාරුවක් ගන්නෙත් වසීම් නානගෙන්ම තමයි

    ReplyDelete
    Replies
    1. බැංකු ක්‍රමය් ළෝකයට හඳුන්වා දුන්නේ බොහෝ දේ වගේම යුදෙව්වෝ.. ඒත් යුදෙව්වෝ මෙහේ ආපු නැති නිසා ණයට කන්න පුරුදු කලේ තම්බිලා.. තම්බිලා තමයි අපේ උන්ට බිසිනොස් පුරුදු කලේ..

      Delete
    2. මාතලන් ඔබගේ මතය පිළිගත නොහැක. ලෝකයේ බැංකු ක්‍රම වල ඉතිහාසය යුදෙව් ඉතිහාසයටත් වඩා දිගුය. යුදෙව් දහම බැංකු ගැන කියවෙන මුල්ම ආගම ලෙස සැලකුණත් ඔවුන් එහි පුරෝගාමීන් යැයි කීම ඉතාම සාවද්‍යය. මධ්‍යකාලීන අරාබි වෙළඳුන් බැංකු සහ මුල්‍ය කටයුතු මෙන්ම වෙළඳාමේ පුරෝගාමී මෙහෙවරක යෙදුනෝය. නූතන බැංකු ක්‍රමය ඇරඹුනේ පුනරුද සමයේ ඉතාලියෙනි. බැංක් යන වචනයද ඉතාලි බසින් පැමිණියකි.

      පහත සබැඳිවල වැඩි විස්තර පවතී;

      http://www.historyworld.net/wrldhis/PlainTextHistories.asp?historyid=ac19

      https://en.wikipedia.org/wiki/History_of_banking

      ලාංකිකයින් වෙළඳාම පුරුදුවූයේ මුස්ලිමුන් ගෙන් යැයි කීමද විසුලු සහගතය. මෙරට සිංහලයෝ දහඩිය මහන්සියෙන් හම්බ කිරීම අගය කොට සැලකූ අතර වෙළදාම කම්මැලි පරපෝශිතයින්ගේ දෙයක් ලෙසත් පොළී කෑම සහගහන අපරාධයක් ලෙසත් සැලකූහ. රොබට් නොක්ස් ඇතුළු දෙස් විදෙස් ලේඛකයින්, ඉතිහාසඥයින් මෙය පැහැදිලිව දක්වා තිබේ. මෙරටට පැමිනි දකුණු ඉන්දීය මුස්ලිමුන් සින්හලයින් රවටා යාප්පුවෙන් ඔවුන්ගේ භාන්ඩ කුණු කොල්ලයට මිලට ගත්හ. නාගරිකව ඉන්දීය චෙට්ටියාර්වරු (හෙට්ටියෝ) පොළී වෙළඳාම කලහ. දැනුදු මුස්ලිමුන්ගේ වෙලඳාම විශේෂ සබඳතා හරහා කෙරෙන අතර තම ආගමිකයන්ගෙන් පිට වෙනත් ජාතීන් සිය වෙලඳාමට සහය කරගන්නේ ඉතාම කලාතුරකිනි. ඒද අතිශය සීමාසහිත වපසරියකය.

      සිංහලයින් වෙළඳාමට පුරුදු පුහුණු වූයේ ලන්දේසි අභාශයෙනි. විශේෂයෙන් දකුණු සහ බටහිර මුහුදුබඩ සිංහලුන් ඉක්මනින්ම ඔවුන්ගෙන් ඉගෙන වෙලඳාමට බටහ. ඉන්ග්‍රීසි ජාතිකයන්ගෙන් ආනයන අපනයන වෙළඳාම මෙන්ම වැවිලි කර්මාන්තයද උගත් සින්හලු යුරෝපයට සහ පෙරදිගට වෙළඳාම පුළුල් කළහ. පසුව එම සිංහලයන්ගේ අභාශයෙන් අනෙක් ප්‍රදෙශවල සිංහලයෝද වෙලඳාමට බටහ. නමුත් ඉන්දියාවෙන් ආහාර, රෙදිපිළි, හාඩ්වෙයාර් ආදිය ගෙන්වන ප්‍රධානම ව්‍යාපාර දමිළ සහ මුසල්මානුවන් අතම තවමත් පවතී.

      Delete
    3. ඔබ මතු කරන තර්කය හරි... මෙතන යුදෙව්වෝ කියන්නේ ඊශ්‍රායල යුදෙව්වොම නෙමෙයි.. ළෝකය් පුරාම විසිරි සිටින යුදෙව්වන්.. ඔවුන් යුරෝපයේ සෑම රටකම වගේම අප්‍රිකාවේ හා ආසියාවෙත් සිටිනවා.. ඔවුන්ගේ මූලික ලක්ෂණයක් තමයි ඇඟ වෙහෙසා කරන රැකියා කිරීමට ඇති අකමැත්ත.

      ඉතාලියේ වෙන්න පුළුවන් ඒත් ඔවුන් අනිවාර්යයෙන්ම යුදෙව්වන්.. ඇමරිකාව තුල යුදෙව්වන්ට තැනක් ලැබුනේ මේ නැවුම් අදහස් නිසා...

      Delete
  12. ලංකාවේ බැංකු ණය පොලි ප්‍රමාණය ඉහල අගයක් වෙන්නේ ඇයි එය තීරණයවන්නේ මහා බැංකුවේ පොලි අනු පාතය අනුවද
    ලංකාවේ ඔන්ලයින් බැංකු භාවිතයේදී තම ගිණුමෙන් වෙනත් බැංකු ගිණුමට මුදල් හුවමාරුවේදී යම් මුදලක් අයකරන්නේ ඇයිදැයි කියා නොතෙරේ.මේ මගින් ඔන්ලයින් බැංකු භාවිතය ජනප්‍රිය වේද

    මහජන හෙවත් පීපල්ස් බෑන්ක්ස් එකේ සල්ලි දැම්මොත් ආයේ ගන්න බැරි නිසා කොල්ලෝ ඒකේ ලෝගෝ එකට යවලා තිබුනේ බලු පූට්ටුවක්ය. මට නම් මෙය සෑම බැංකුවකටම අදාලය

    ReplyDelete
    Replies
    1. බැංකු පොලී ඉතරක් නෙමෙයි ලංගම බස් එකකින් දහයක් පහළොවක් කන්න බොන්න ඉන්නෙත් ආන්ඩුවල ගොන් ප්‍රතිපත්ති නිසා.. ප්‍රයිවට් බස් වලින් එහෙම කන්න පිරිසක් නෑ නේ..

      Delete
    2. @ඇනෝ : මහා බැංකුව තමයි, වාණිජ බැංකු වල ණය අනුපාත අවම/උපරිම අගයන් නියාමනය කරන්නේ. බැංකු වලට සීමාවල් පැනවෙනවා කොපමණ ප්‍රමාණයක් ණය නිකුත් කරන්න පුලුවන්ද කියලා. එතකොට බැංකු වලට තීරණය කරන්න වෙනවා ඔවුන්ට සරිලන පොලී අනුපාත. නමුත් මහා බැංකුවේ සීමාවන්ට යටත්ව. ණය දීමේ ප්‍රමාණයට ඔවුන් ලබා ගන්නා තැන්පතු ප්‍රමාණය බලපානවා. එයට ගෙවන පොලී අනුපාතය බලපානවා. මේක චක්‍රයක් වගේ.

      ඔන්ලයින් බැංකු ගනුදෙනු වලට ගාස්තුවක් අය කරන්න තීරණය කරන්න හේතු කිහිපයක්ම තියෙනවා.
      1. ගනුදෙනු ප්‍රමාණය සීමා කරන්න. එය නෙට්වර්ක් එකටත්/පද්දති වලටත් බරක්(Burden on the Network & Systems)වෙන්න පුළුවන්.
      2. මේවා සඳහා යටිතල පහසුකම් සපයන්න යන වියදම හිලව් කර ගන්න.
      3. අන්තර් බැංකු ගනුදෙනු සැසඳුම්(Inter Bank Transaction Reconciliation) වලදී ඇතිවන ගැටළු අවම කර ගන්න.
      ජනප්‍රිය කර ගන්න දෙන බොහොමයක් දේ අවභාවිත වූ බව ඉතිහාසය සාක්ෂි දරනවා.

      අනිත් ප්‍රශ්නේ අපේ බැංකුවේ විතරක් නොවෙයි ඕනෑම බැංකුවක ස්වභාවය. හරියට ගනුදෙනු කරු හඳුනා නොගෙන මුදල් නිකුත් කලොත් වෙන්නේ අතින් ගෙවන්න. ඒ වගේම බැංකුව ගැන තියෙන විශ්වාසෙ බිඳෙනවා.

      Delete
    3. සුදීක උඹලගේ බෑඩ් ඩෙබ්ට්ස් කොච්චර තියෙනවද කියහන්කෝ මේ අහන මහත්තුරුන්ට දැන ගන්න... මහජන බැංකුව යානතන් හරි බෙරුනේ කරුණාජීව මහත්තයා වගේ කොන්දක් තිබුන කෙනෙක් නිසා.. උඹම දන්නවා ඇති නේ එ මනුස්සයා නාමල් නිසා කොච්චර කළකිරීමකින්ද උන්නේ කියලා...

      Delete
    4. මාතෙ, එහෙම කළකිරිලා ගිය තව ලොක්කෙක් ගැන උඹ දන්නවා ඇති. බෑඩ් ඩෙබ්ට්ස් වලට මෙයාලත් වැට බඳින්නෙ නෑ, එයාලගෙ ගොයියෙක්නං.
      සුදීක ආව එක හොඳා.
      බැච් ප්‍රොසෙසිං විදිහට ඉන්ටර්නෙට් බෑන්කිං හරහා මුදල් මාරු කිරීමේදී ගාස්තු අයවෙන්නෙ නෑ. රියල් ටයිම් ප්‍රොසෙසිං ක්‍රමයෙද් ගාස්තුවක් අයකරන්නෙ ඒකෙ තියෙන අවදානම නිසා. බැංකුවල ඉන්න සුදීකලා අපි දන්නවා ඒකෙ තියෙන අවදානම. එක දශමයකින් මහා වංචාවක් වෙන්න පුළුවන්. අන්තිමේ වගකියන්නෙ ගණුදෙනු පාලනය කරන නිළධාරියා. ගෙදර යන්න වුණොත් කවුරුවත් එන්නෙ නෑ, ළමයින්ට කන්න දෙන්න.

      Delete
    5. එතකොට චාජ් එකක් ගත්තම එහෙම ගෙදර යන්න වෙන්නේ නැද්ද.. අර වැරදි සිද්ද වෙන්නේ නැද්ද...

      Delete
    6. පොලිය හෝ ගාස්තුව කියන දෙකෙන් කොයික ඇතුලෙත් සේවා සැපයීමේ වියදමට අමතරව අවදානමට බරක් තියෙනවානෙ. අවදානම වැඩි හැමදේකම ගාස්තු/පොලී වැඩියි.

      Delete
    7. සුදීක . ඔන්ලයින් බැංකු ගනුදෙනුවකට යන වියදම කවුන්ටරයෙන් කරනවාට වඩා අඩුයි නේද (විදුලිය, වැටුප් , කාර්යාල කුලී සියල්ල සැලකු විට ). අනෙක් අතට වැරදීමක් වීමේ අවදානම අඩුයි නේද ? රාජ්‍ය බැංකු වල තත්වය කෙසේද ? මම එහෙම අහන්නේ , රාජ්‍ය බැංකු වල ඔන්ලයින් ගනුදෙනු කරුවන් අඩු නම් ගනුදෙනුවක වියදම වැඩි වෙන බැවින් . එයට විසඳුම ඒ අතට ගනුදෙනු කරුවන් තල්ලු කිරීම කියලයි මම හිතන්නේ . ලංකාවේ ATM එකකින් සල්ලි ගන්නවා ඇරෙන්න වෙනත් ගනුදෙනුවක් කරනවත් ගොඩක් අඩුයි මම දන්නා විදියට

      Delete
    8. JJ, ඔන්ලයින් වියදම අනිවාර්යයෙන්ම අඩුයි. වැරදීමක් වීමෙන් අවදනාම අඩුයි කියන්න බෑ. මොකද ගනුදෙනුකරු අතින් අනෙක් බැංකුවේ ගිණුම වැරදුනොත් ? ම්ම් මහජන බැංකුවේ. අපේ ඔන්ලයින් පාවිච්චිය නාගරිකව විතරයි. ඒත් සාමාන්‍ය ප්‍රමාණයක් කරනවා. ඉස්සර ATM වලින් Fund Transfer, Deposits, Cheque Book Requests වගේ ඒවා තිබුණා. දැන් ඒවා භාවිතා වෙන්නේ නෑ.

      අපේ මිනිස්සු නිකං දුන්නම් අවභාවිතා කරනවා වැඩියි.

      Delete
  13. The biggest joke
    "ප්‍රයිවට් වලින් එන උන්ගේ මැන්ටලැටි එකත් හොඳය. මොකෝ උන්ට අලුතෙන් සල්ලි හොයන්න දෙයක් නැතිය. එතකොට වෙන්නේ සර්විස් එක හොඳ වෙන එකය. "

    who can earn 12 million in fair manner in sri lanka. You all guys are jealous about doctors. Its not they are big headed you guys have some superior-inferior complex problem.

    When you are talking about doctors , it is not only those who do channel practice in colombo and doing well. there are thousands of doctors serving in kahatagasdigiliya, wanii, oddusudan as well.

    All your thoughtful thinking gone in the drain when it comes to talk about doctors.

    ReplyDelete
    Replies
    1. අනේ අපිට නම් ඇති ඉරිසිආවක් නෑ.. අපි ඔයිට වඩා ප්‍රොෆෙසොනල් පොරවල් දැකලා තියෙනවා ඉතරක් නෙමෙයි අපේ පවුල් වලත් දොස්තරලා ඉන්නවා.

      ඔයාගේ පසුගාමී අදහස් ඉන්ගිරිසියෙන් පටන් ගන්න තැනින්ම පේනවා.. ඔයා ළෝකය තියා ලංකාව ගැනවත් දන්නේ නෑ බබෝ කියලා තමයි කියන්න වෙන්නේ.

      සහ. අන්තිම ලිවිල්ලෙන් මම පෝස්ට් එකේ කියලා තියෙන දේත් අපූරුවට ඔප්පු කරනවා. ඒ කියන්නේ ඔක්කෝම ඉස්ටැයික් කොරන උන්ට බනින්න ගහන්න පුළුවන්. ඒත් ඩොක්ටර්ලට මුකුත් කියන්න බෑ..

      අනේ හුකේ නන්නා නේ
      ඔයයි මායි හඳපානේ....

      Delete
  14. උඹට වින්සන්ට් සුබසිංහයි, කොතලාවලයි පැටලිලා.

    ReplyDelete
    Replies
    1. උඹ කතා කරන්නේ ඉතිරි කිරීම් ගැන.. මම කතා කොරන්නේ බැංකුවලට තිබුන බය නැති කරලා ඒක සාමාන්‍ය ජනතාව යන එන තැනක් බවට පත් කළේ කොතලාවල කියන එකයි.

      හරියට සුපර් මර්කට් යන්න කාර්ගිල්ස් ඩෙප් පුරුදු කලා වගේ..

      Delete
    2. වින්සන්ට් සුබසිංහ කියන්නෙ මොන බයියෙක්ද?

      Delete
    3. මාතලන් කාගිල්ස් ඩෙප් කියන්නෙ කවුද?

      මා දන්නා පරිදි සුපර්මාකට් පුරුදුකළේ වින්සන්ට් ඇස්ටර් 1915 මැන්හැට්ටන් වල පටන්ගත් ඇස්ටර් මාකට් එකෙන්. ඊට පස්සෙ ක්ලැරන්ස් සෝන්ඩර්ස් වගේ උන් ඒක වඩාත් ප්‍රචලිත කළා. ලංකාවෙ නම් විළියම් මිලර් සහ ඩේවිඩ් කාගිල් 1844 කොළඹ කොටුවෙ පටන්ගත්තු හවුස් ඔෆ් කාගිල්ස් කියන වෙළඳ ශාලාවෙන්. මා වැරදිනම් නිවැරදි කරන්න. ස්තූතියි.

      Delete
    4. "හවුස් ඔෆ් කාගිල්ස්" කියන්නෙ නිකන්ම නිකන් වෙයාර් හවුස් එකක්. පස්සෙ ඒක මාකට්/ සුපර් මාකට් එකක් විදිහට දියුණු වුණේ 1946 පීඑල්සී එකක් වුණාට පස්සෙ.

      Delete
    5. ඩෙප් නොව පේජ් යනුවෙන් වෙනස් විය යුතුය...

      Delete
    6. ස්තූතියි මාතලන්,

      ඔබ කියන්නේ කාගිල්ස් එකේ ඇල්බට් ඒ. පේජ් ගැන විය යුතුයි. 1981 දී සිලෝන් තියෙටර්ස් එකෙන් කාගිල්ස් ශෙයාස් ගත්තට පස්සෙ 1982 තමයි ඇල්බට් පේජ් චෙයාමන් වෙන්නෙ. පස්සෙ රන්ජිත් පේජ් ගෙ කාලෙදි කාගිල්ස් නිකන් සිල්ලර කඩ සමූහයක් වගේ හැමතැනම දානව.

      Delete
    7. මාතා
      ටී.බී. ඉලංගරත්න මහත්මයා එක විදියකින් හීනයක් දකිමිනි හිටියා වෙළෙන්දන් විසින් සුරාකෑමට ලක් කරපු ලංකාවේ ග්‍රාමීය, ධීවර වගේ පහල මට්ටමටත් මධ්‍යම පාන්තිකයාටත් ආර්ථිකය වර්ධනය කර ගන්න, හදිසියකට තමන් ළඟ තිබ්බ රත්‍රන් බඩුවක් උකස් කරලා සුළු ණයක් ගන්න තැනක් හදන්න ඕනේ කියලා. ඒ එක්කම සමුපකාර ව්‍යාපාරය හරහා සඳලංකාවේ සුබසිංහ මහත්මයා ඒ පළාතේ ජනතාවට උපකාර කරමින් සිටියා යම් ඉතුරුවක් කරන්න ඒ වගේම ග්‍රාමීය කර්මාන්ත කරන්න. ඒ යුගයේ බැංකු සමාජයේ ඉහල පැලැන්තියට පමණක් යාහැකි, ඉංග්‍රීසියෙන් චෙක්පත් ලියන, වවුචර් ලියන, ඇතුලේ වැඩ කෙරුණ යුගයක්. මේ හිඩැස පුරවන්න තමයි මහජන බැංකුව බිහි වුණේ.

      සුබසිංහ මහත්මයා රෙද්ද බැනියම ඇඳපු, බුලත් විට කාපු සෙරෙප්පු දෙකක් වත් කකුලට නොදා, පයින්ම ගමන් කරපු මහපොලවේ ජීවත් වුණු මනුස්සයෙක්. මහජන බැංකුවේ පළමු සභාපති හැටියට එතුමා ඒ කාලේ සේවකයන් බඳවා ගන්නකොට අහපු සුපුරුදු ප්‍රශ්නයක් තිබුණා. ඒ "ඔය ළමයට පුලුවන්ද මේ රටේ ඉන්න මිනිසුන්ගේ දහඩිය ගඳ සුවඳ දරා ගන්න?" මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණු අය තමයි එතුමා බඳවා ගත්තේ. එවැනි ජනතාවකට සේවය කරන්න තමයි එතුමාට උවමනා වුණේ. ඉලංගරත්න මැතුතුමාටත් අවශ්‍ය වුණේත් ඒකමයි. සමහර වෙලාවට කමතට ගොස් ගස්යට පොත්පත් තියාගෙන මුදල් එකතු කල බව අපේ පැරණි සේවකයන් අපිට මතක් කරලා දෙනවා. එතකොට සුපර් මාර්කට් සංස්කෘතිය නැති කලේ එතුමා බව පැහැදිලියි.

      ඒ වෙනකොට රජයේ රැකියාවක් කියන්නේ මහලොකු දෙයක්. ටයි කෝට් දාගෙන, ටොප් හැට් දාගෙන වැඩට යන ඒවා අපි දකින්නේ පින්තුර වලින්. නැතිනම් කඩුල්ල / ගම්පෙරලිය වගේ ටෙලි/සිනමා පට වලින්. ඒ වෙත්දී අපිව පාලනය කල සුද්දා අපිව මේ විදියට ඈත් කරලා තිබ්බා. ඒ පාළනයට ලේසි වෙන්න. මේ රටේ කළු සුද්දෝ ටිකක් ඉතිරි කරලයි උන් ගියේ. පස්සේ මේ කළු සුද්දෝ අපේ බැංකු වලත් හිටියා. ඒකට එක අතකින් දොස් කියන්න බෑ. මොකද ඔවුන් කරන්නේ පරපුරින් පරපුරකට ආපු දෙය. බැංකුවේ ඉන්න මහත්වරුන්ට විතරක් නෙවෙයි කොයි කාර්යාලේ ඉන්න මහත්වරුන්ටත් "සර්/නෝනා" කියන්න ගනුදෙනු කරුවෝත් පුරුදු වෙලා හිටියා. මොකද බොහෝවිට ගම්වල නගරවල හිටි උගතුන් තමයි මේවායේ හිටියේ. මේ ග්‍රාමීය ජනතාව සමස්තයක් ලෙස පොත පත අධ්‍යාපනය නොලබපු අය.

      පස්සේ සුද්දෝම අපිට කස්ටමර් සර්විස් ඉගැන්නුවා. ගනුදෙනුකරුවාට අපි "සර්/මැඩම්" කිවයුතු බව ඔවුන් පුරුදු කළා. කොතලාවල මහත්තයා කළේ අන්න ඒක. ගනුදෙනුකරුවාට සර් කියන බැංකුවක් හදපු එක. එතනත් ආගමික පසුබිමකින් සේවකයින් බඳවා ගත් බව අහන්න ලැබුණා.

      හැබැයි ලංකාවේ බැංකුකරණයට තාක්ෂණය හඳුන්වා දුන්නේ නම් සම්පත් බැංකුව. ඒක අවිවාදයෙන් පිළිගන්න වෙනවා. දැන් අපි සියෝල්ලෝම දැන් වැඩ කරන්නේ වාණිජ බැංකු හැටියට. අපි අතර තරගයක් තියෙනවා. මුළින් මහජන බැංකුව රත්‍රන් උකස් ව්‍යාපාරය කරත්දී, අනෙක් බැංකු අපිට ඔච්චම් කළා “හෙට්ටි කඩේ" කියලා, “ඕවා බෑන්කින් නෙවෙයි" කියලා. ඒත් අපේ ආධිකතෘවරු දෙදෙනා ඉලංගරත්න/සුබසිංහ සුසංයෝගය මේ ව්‍යාපාරයෙන් ග්‍රාමීය ගොවියා, ධීවරයා, කම්කරුවා අතරමැදියන්ගෙන් වෙළෙන්දන්ගෙන් බේරාගන්න තමයි මේ ව්‍යාපාරය කළේ. අපි මුළින් ඒකාධිකාරයක් විදියට මේක කළා. දැන් හැමෝම කරනවා. උකස් ණය දෙන්නේ එදා වේල කන්න නෙවෙයි. කෘෂිකාර්මික කටයුතු වලට, ධීවර කටයුතු වලට, නිවාස කටයුතු වලට. නමුත් සමහරු ව්‍යාපාර වලට, වෙනත් ණය හිලව් කරන්නත් මේක භාවිතා කරනවා.

      දැන් කියන්නම් මේ වර්ජනයට හේතු. මේක ලංකා බැංකු සේවක සංගමය නිකුත් කල පත්‍රිකාවකින් උපුටා ගන්නේ.
      [අයවැය යෝජනාවලියේ සඳහන් ටෙමාසෙක් ආයතනයට අනුකූලව ගොඩනගන ආයතනයට බැංකුවල වත්කම් පැවරීම, ලීසිං ව්‍යාපාරය තහනම් කිරීම, රන් උකස් සීමා කිරීම, Withdrawal Tax අය කිරීම, අධික බදු අයකිරීම, ශාඛා ව්‍යාප්තියට බල කිරීම හා පොදුවේ සේවක අරමුදල්වන EPF හා ETF අවභාවිතයට උත්සාහ කිරීම බැංකු පද්දතිය පවත්වාගෙන යාමට නොහැකි මට්ටමේ ගැටළු ලෙස අවබෝධ කර ගැනීමට හැකිවිය]

      මෙහි සඳහන් නැතත් ආනයන-අපනයන ගණුදෙණුත් ඇතුලත්.

      මේ EPF අරමුදලේ ප්‍රමාණය කොයිතරම්ද කියන්න උදාහරණයක් ලෙස ඒ මගින් ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම මත්තලට සමානව වියදම් කර ගුවන්තොටුපලක් හදලා තවත් දෙකක් ඉතිරි වෙනවා. ඒ කියන්නේ මත්තලට ගිය වියදම වගේ 26 ගුණයක්. මේ කථාව ඊයේ දෙරණ අලුත් පාර්ලිමේන්තුව බලපු අය දකින්න ඇති.

      Delete
    8. සුදීක

      මචං උඹ කියන කතාව මම පිලිගන්නවා... මහජන බැංකුව යම් සේවයක් කලා.. ව්‍යාපාරිකයින්ට... මම කතා කරන්නේ ඒක නෙමෙයි සාමාන්‍ය ජනතාව අතරට බැංකුව ගෙනිච්චේ ලලිත් කොතලාවල ගාව වැඩ කරපු රොහාන් පෙරේරා... රොහාන් පස්සේ තඩි පොල්ලක් තියලා රටින් පැන්නා.. ලලිත් කොතලාවල ගාවත් තිබුනේ මේ රටේ දුප්පත් කම නැති කරන්න ඕන කියන චින්තනයම තමා... ඒත් වටේ හිටපු උන් ඒ මනුස්සයා නැති කලා.. උඹ දන්නවා එයා නිසා මටත් කෙල් උනා කියලා... ඒත් ඒකට ඒ මනුස්සයට කරන්න දෙයක් නෑ කියලත් මම හොඳටම දන්නවා...

      Delete
    9. ඇත්තටම රන් භාණ්ඩ උකස් ගැනීමට බැංකු නොබැස්සානම් ගිනි පොලී කාරයින් අද මේ රට විනාශ කරලා. මහජන බැංකුව ඒ කාර්යයට මුල පිරුවේ. ඔවුන් සතුව තමා බැංකු ක්ෂේත්‍රයේ වැඩිම රන් භාණ්ඩ උකස් ණය ප්‍රමාණය තියෙන්නෙ. පසුව අනික් බැංකුත් මේකෙ රහ වැටිලා මේකට ආවා තමා. හැබැයි එතනදි අර මාතා නිතර කියන තරඟකාරිත්වයේ වාසිය තව තවත් ලැබුණේ මිනිස්සුන්ට. අද පුද්ගලික උකස් බ්‍රෝකර්ලාත් තමන්ගෙ රෙස්පට් බස්සගෙන. එයාලා අවුරුද්දට 60%-120% වගේ පොලී අනුපාත අයකලා. ඒ ගැන මමත් ලියනවා ඊ ළඟ ලිපියේ.

      සාමාන්‍ය ජනතාවගෙ මට්ටමට සර් මැඩම් කියාගෙන යාම එකක්. සාමාන්‍ය ජනතාව අතරට යාම වෙන එකක්. මේ රටේ අන්ත කෙළවරවල් දක්වා විහිදුනේ මේ රටේ ප්‍රධාන රාජ්‍ය බැංකු තුනක්, තැපැල් කාර්යාල, ග්‍රාමීය බැංකු සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා.

      Delete
    10. එක තමයි මචෝ මම කිව්වේ.. ඉස්සර මිනිස්සු ණයක් ගත්තේ ලෙඩකට මරණෙකට විතරයි.. ඒත් දැන් මිනිස්සු කන්න බොන්නත් ණය ගන්නවා.. ඒක හොඳ දෙයක්ද?

      ඒකෙන් රටේ ආර්ථිකයට ලැබෙන ප්‍රථිලාභය මොකක්ද?

      ඔය රත්තරන් ටික ඔහොමම තියාගෙන ඉන්න සත්තරන් කියන්න තමයි වෙන්නේ. මොකෝ රන් මිළ බැස්සාම මිනිස්සු ඕවා බේර ගන්නේ නෑ.. ඊට පස්සේ පාඩුවට වෙන්දේසියේ දානවා...

      හැම එකාටම සෙලාන් බැන්කුව ණය දුන්නා කියන එක මෙතන ඒ බැංකුවට බනින උනුත් පිලිගන්නවා..

      Delete
  15. මාතලන් ඔබේ සමහර කරුණු වැරදියි. එකෙන් ඒ කරුණු හරියට නොදන්නා අයට වෙන්නේ වස වැරැද්දක්. බංගලා දේශයේ ග්‍රාමීන් බැංකු ක්‍රමයේ පදනම සමුපකාරය තුලින් දුප්පතුන් අතරට බැංකු ක්‍රමය ගෙන යාමයි. නිලධාරියා ගමට ගෙයන ගමන් මල්ල තුල සම්පුර්ණ බැංකුවම තිබුනා.යුසුෆ් මහතා කිසි දිනක ගමෙන් එකතුවූ සම්පත් නගරයට ගෙන ගොස් ගම සදාකල් දිළිඳු බ්වේම තියන්න උත්සාහ කලේ නැහැ. ඒ වෙනුවට කලේ ගමේ සම්පත් ගමේම ආයෝජනය කර ඉන් ගමේ දිළිඳු බව මැකිමයි. මේක අපේ රටේ කලේ කිරිවන්දෙණිය මහතාය.ඔබට කිරිවන්දෙණිය මහතා නොපෙනීම පුදුමයි. නොසලකා හැර තිබු ණයදෙන සමුපකාර සමිති සනස සමිති නමින් රට පුරා පතල කලේ කිරිවන්දෙණිය මහතාය. ඔහු සනස ව්‍යාපාරය බැංකු කඩඉම තෙක් පුළුල් පුළුල් කලත් එහි මහජන පදනම ඉවත් කර නැත. එබැවින් සාමාන්‍ය මහජනයාගේ සිත් තුලට සනස බැංකු ක්‍රමය යහපත් එකක් ලෙස ඇතුල්වී ඇත. ලලිත් කොතලාවල යනු හුදෙක් තක්කඩියෙක් පමණි . එය ඉතිහාසය විසින් ඔප්පුකර ඉවරය.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මෙයා මේ කතා කරන්නෙ කිරිවන්දෙනිය කියන පල් හොරා ගැන එක්කෝ නොදැන නැත්නම් 'අපේ හොරා-අපට හොඳා' කියන අර්ථයෙන්. ඔය හොරාව ගහෙන් බස්සලා නැට්ට කපලා උඩට ගත්තෙත් මරාම තමයි. ඒකට හිලව්වට තමයි ඕකගෙ බෑනා වන මාලින්ද සෙනෙවිරත්න කියන ගූ පත්තරකාරයා මරාට කඩේ යන්නෙ.

      Delete
    2. සමරසේකර,

      කිරිවන්දෙණියගේ හොඳ මෙන්ම නරකත් තිබෙනවා. කොතලාවලගේද එසේමයි. පුද්ගල චරිත කෙසේ වෙතත් ඔබ මතුකළ තර්කය නිවැරැදියි. කොතලාවලලා කල දෙයින් වූයේ මිනිසුන් මායාවක අතරමන් කොට සූරාකෑමයි.

      සැබැවින්ම ලංකාවට අවශ්‍ය දියුණු සමූපකාර ක්‍රමයක් සහිත කුඩාපරිමාණ ව්‍යාපාර ක්‍රමයක්. නමුත් නුතන ආත්මාර්ථකාමී සමාජ ආකල්ප වෙනස්කොට සාමූහිකත්වය, අන්‍යෝන්‍ය විශ්වාසය, අව්ංකභාවය සහ උසස් මූල්‍ය විනයක් සමග හොඳ වර්ක් එතික් එකක් ඇතිකරගත යුතුයි.

      Delete
    3. අනේ අපේ දේශපාලකයො වගේමයි NGO කාරයින්ගෙත් පවුල්වාදය කියන එක ගෑවිලාවත් නෑ.

      ඒ. ටී. ආරියරත්නගෙ සර්වෝදය පුතා වින්‍යා ආරියරත්න රන් කරනවා.

      කිරිවන්දෙණියගෙ සණස දුව සමාදානී කිරිවන්දෙණිය රන් කරනවා.

      Delete
    4. කිරිවන්දෙනියත් තක්කඩියෙක්... බැංකු කරුවන් ලෙස ගන්නවා නම් ලලිත් කොතලාවලගේ ගෞරවය යන්නත් ඕන් රොහාන් පෙරේරාට.. ඒත් රොහාන් ලලිත්ටත් ඇරියා කාවන් වගේම.. දෙන්නම් පෙරේරලා.. සණස ණය ක්‍රමයත් හොඳ ක්‍රමයක්.. ඒත් සණසෙත් වංචා දූෂණ රැසක් හෙලි උනා නේද...?

      Delete
    5. මාතලන්,
      මේ රටේ ආර්ථිය උලා කාපු තක්කඩියෝ ගොඩක් ඉන්නවා.ප්‍රශ්නය මුලින්මගන්නේ නැතිව මැදින් අල්ලා ගෙන වැඩක් තියෙනවාද? මුල්ම අය තමයි පිලිප් ගුනවර්ධා මහතා ජපානයේ ආර්ථික සංවර්ධන අඩිතාලම ලෙස දුටු ජපන් විවිධ සේවා සමුපකාර ක්‍රමය අපේ රටේ හරියට ක්කොපි නොකළ කට්ටිය.
      ජපානයේ ගොවියා මුල්කරගෙන හැදුනු ගම මට්ටමේ සමුපකාර සමිති වල සහයට තමයි දෙවෙනි මට්ටමේ සමුපකාර සමිති ඇත උනේ. ඒවා බැංකු,තොග වෙලදාම් කිරි නිෂ්පාදන සුපර් මාර්කට් ඇති උනේ.රටේම තියෙන දෙවෙනි මට්ටමේ සමුපකාර සමිති වල සහයට තමයි ජාතික මට්ටමේ සමිති ඇත වුනේ. මේ සියල්ල අදටත් ජපන් ආර්ථිකයේ මැනවින් ක්‍රියාත්මක වෙනවා.
      අපිට වැරදුනේ අප ගුරු කර ගත් ජපන් ක්‍රමය හරියට කොපි නොකිරීම නිසයි. පළාත් සමුපකාර බැංකු එකතු කර හදන්න ගිය සමුපකාර සංවර්ධන බැංකුව වෙනුවට හැදුවේ මහජන බැංකුව එකේ තිබුණ සමුපකාර අනන්‍යතාවය නැති කලේ රොනී ද මෙල්.සමුපකාර සමිති වලට අවශ්‍ය බඩු බෙදීමට හදන්න ගිය දෙවෙනි මට්ටමේ සමුපකාර තොග වෙළඳ සමිතිය හැදුනේ සමුපකාර තොග වෙළඳ සංස්ථාව කියලා. ඒක අවසාන කලේ රවී කරුණානායක.සමුකාර කිරි සමිති එකතු කරලා හදන්න ගිය දෙවනි මට්ටමේ කිරි සමිතිය වෙනුවට හැදුනේ කිරි මණ්ඩලය.ඒක කිරියා කොම්පැනිය වෙලා නැවතුනා.
      මහජන බැංකුවට අඩු වියදමින් මුදල් ගලා එන ඇලක් ලෙස හදපු විවිධ සේවා සමුපකාර සමිති වලින් පාලනය වුන සමුපකාර ග්‍රාමීය බංකු මහජන බැංකුව අනුව යමින් කකටයුතු කා නිසා ඇතිවුණු හිඩැසට තමා කිරිවන්දෙණිය පැන්නේ. ඔහු සනස සමිති හරහා සනස සංවර්ධන බැංකු දක්වා ගියත් සමුපකාර අනන්‍යතාවය තවමත් රැකගෙන ඉන්නවා. මේ හිඩැසට දුටු තව අයෙක් හමා ලලිත් කොතලාවල. ඔබට කොතලාවල සහ ඔහුගේ සෙලාන් බැංකුව පෙනුනත් ඔහුගේ ග්‍රාමීන් බැංකු ව්‍යාපෘතියේ මුදල් තැන්පත් කල සුළු පරිමාන ජනතාව පෙනුනේ නැහැ.ඔවුන්ගේ මුදල් දියවුණු නමුත් ඔවුන් සමාජයේ හඬක් නැගීමට තරම් බලවත් අය නොවන නිසා ඒක එහෙමම වැහිලා ගොස් අවස්නයෙදී බැංකුව ගමට ගෙනයාම ගැන කොතලාවලගේ සාර්ථකත්වය ව්තරක් එලියට ආවා.
      සමරසේකර

      Delete
    6. මෙහෙමයි සමරසේකර මහත්තයෝ මාතලන් ලියන්නේ සාශ්ත්‍රීය සංග්‍රහයක්වත්, විචාරයක්වත් පොතක් නෙමෙයි. බ්ලොග් එකක්. මේ පෝස්ට් එක උනත් මටම දිග වැඩියි. ඉතින් යම් මාත්තුරුකාවක් ගැන සියල්ල සඳහන් කරන්න බෑ බ්ලොග් පෝස්ට් එකක් තුල. සමහර විට ඔබ වැනි එක්ස්පීරියන්ස් සහිත් මිනිස්සු දාන කොමෙන්ට් එකකින් තමයි ඒ ගැන් වැඩු දුර කතා බහ වෙන්නේ.. ඒ නිසා අපේ මතය කුමක් වුවත් ඔබ වැනි මිනිසුන් මේ කලාව ඉදිරියට ගෙන යාමට බොහෝම උපකාරී වෙනවා.

      ස්තූතියි අදහස් දැක්වීමට..

      මාතලන් කියන්නේ සංජේ දත් වගේ සියල්ල දත් කෙනෙක් නෙමෙයි.. මැරෙණ තුරා ඉගෙන ගන්න කෙනෙක්...

      Delete
    7. මාතලන්,
      මාව මුරුංගා අත්තේ තියන්න හදන්න එපා. බිමට වැටුනාම කොන්ද කැඩෙන්නේ මගෙනේ. මම අවුරුදු 68ක් වයසැති ශිෂ්‍යයෙක්මි. මගේ උත්සාහය හැමදාම මොනව හරි දෙයක් අලුතෙන් ඉගෙන ගැනීමයි.

      Delete
  16. ඔබේ අදහස් ප්‍රශස්තයි. ඉදිරිපත් කිරීමත් හොදයි. සුභ පැතුම්. Philip Shantha

    ReplyDelete
  17. //එහෙම කාලා දාපු ආර්තිකයක් අවුරුද්දෙන් ගොඩ ගන්න ළෝක බැංකුවේ සභාපති, වයිමා සමඟ එක්ව, මහා ආර්තික විසේසග්න බන්ධුල ගුණවර්ධන ගොන් වස්සා සමග ආවත්, සංසාරෙදිවත් බැරිය.//
    වල්ල පට්ට ලැයික් කතාව.
    අය වැයට විරුද්ධව කෑගහ එවුන්ට මේ ටික තේරුම් ගන්න බැරි එක තමයි පුදුමෙ.

    අද යාළුවෙක් කියනව මහින්ද ඉද්දි රටේ වැඩ කරන්න සල්ලි තිබ්බ, රනිල්ට තාම හොයා ගන්න බෑ මහින්දට කොහෙන්ද සල්ලි ආවෙ කියල.

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා. හරිම හිනා. යාලුවගෙ කතාව හරි. මරාගෙ කාලෙ ආර්ථිකේ හැසිරුවෙ ඔය මැටි මෝල් ගොන්දුලයවත් වයිමවත් නෙවී. පීබී ජයා ඇන්ඩ් ද ක්ලෑන් විත් සම් අන්නෝව්න් ජාවාරම්කාර සෙට් එකක්. තව යටින් ඇවන්ට්ගාඩ් වගේ ජාවාරම්, කේපීලගෙ හොර බිස්නස් වැඩත් ගෝඨල රන් කරා. සැබෑ ආර්ථිකේට යටින් තව අශ්ලීල ගේමක් තිබ්බ. බ්ලැක් මනීත් කපටි විදිහට ආයෝජනවල යොදාගත්ත. සෙන්ට්‍රලයිස් කරපු බ්ලැක් මාකට් එක රන් කළේ රජයෙන්. නමුත් දැන් වෙලා තියෙන්නෙ බ්ලැක් මාකට් එක ඩීසෙන්ට්‍රලයිස් වෙලා අරුන් අතේ තිබ්බ තනි ගේම දැන් වෙන අලුත් සෙට්ස් ගණනාවක් විසින් ඇක්වයර් කරනව. රවී සහ රනිල් වෙනුවෙන් පාස්කරලින්ගම්, අර්ජුන් මහෙන්ද්‍රන් සහ ගජමිතුරු කැල මාර ගේමක් දෙනව බ්ලැක් මනී සමග හොර ජාවාරම් වලටත් එන්ටර් වෙලා වැඩේ ගොඩදාගන්න. නමුත් තාමත් අසාර්ථකයි. හොරජාවාරම් වලට ඉතින් ජරාපස්සලයි උන්ගෙ ගෝලයොයි තරම් හපන්නු නැහැ වගේ තාම ලංකාවෙ.

      Delete
    2. ඇනෝ, තෑන්ක්ස් මචෝ මේක කොපි පේස්ට් කරල ඌට මේලක් දාන්ව.

      Delete
    3. ඔය තියෙන්නේ මචෝ ඇනෝ දීලා නියම උත්තරේ... ඒ කාළේ කලේ මනී ලොන්ඩරින්... කෙලින්න පුළුවන් හැම තැනටම කෙලියා...

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. //ආන්ඩුවට තියෙන්නේ, ඉට්ටැයික් කොර ගන්න උන් එලවලා, 80 වගේ වැඩ කරන උන් එක්ක ගේම ගහන එකය. එහෙම නැතිව මේ එක එක වේසිගේ පුතාලාට ඕනා විදියට මේ රට හදන්න ගියොත් හෙම, මේ රටට අබ සරණක් මිස වෙන සරණක් ඇත්තේ නැත්තේමය.//

    එක එක වේසිගේ පුතාලාට (මාතලන් අැතුලුව)ඕනා විදියට මේ රට හදන්න ගියොත් හෙම, මේ රටට අබ සරණක් මිස වෙන සරණක් ඇත්තේ නැත්තේමය

    ReplyDelete
    Replies
    1. උපාලි

      රනිල් ඇතුලු එජාප සෙට් එක නායකයන් වශයෙන් අසාර්ථක වුණත් ඔයවගේ තකතිරු තීරණ ගන්න තරම් මෝඩ නැහැ. 5/6ක බලයක් තිබ්බ 1980 එජාප රජයටත් කෙළවෙනව හරි හමන් විපක්ෂයක් තිබ්බනම් එදා. අනික දැන් ඉස්සර වගේ නෙමෙයි සිවිල් සංවිධාන සහ මිනිස්සු අතර කමියුනිකේශන් ඉතාමත්ම ශක්තිමත්. මේපාරත් අයවැය පාර්ලිමේන්තුවේ 2/3කටත් වැඩියෙන් සම්මත වුණාට අන්තිමට අකුලගන්න වුණා තමන්ගෙම හෙන්චයියො ටිකක් යටතේ බොරු වර්ජන නාට්‍යයක් රඟපාල. නැත්නම් එන මහජන විරෝධය හරිම භයානක එකක් වෙන්න තිබුණ. අනික් අතින් පැරදිලා වැටිල ඉන්න රාජපස්සලට ආයෙත් ලොකු අඩව්වක් අල්ලන්නත් චාන්ස් එකක්. නමුත් අයි එම් එෆ් වගේ බටහිර ණයදෙන ආයතනවල උන්ගෙ කොන්දේසි නිසා වෙනස්කම් නොකරොත් චීනුන්ගෙන් වගේ ලෙහෙසියෙන් සල්ලි ලැබෙන්නෙත් නැහැ. ඉතින් කට්ටියගෙ ඉදිරි තීරණ ගැනීමේ හැකියාව, තීක්ෂණත්වය, උපක්‍රමිකභාවය සහ නායකත්ව හැකියාව මෙන්ම අලුත් විපක්ෂ නායකත්වයක් බිහිවීමේ සම්භාවිතාවත් එක්ක ඉදිරි දේශපාලන අනාගතය තීන්දු වේවි. සින්ගප්පූරුව වගේ අසංවිධිත අතිශය කුඩා රාජ්‍යක ලී ක්වාන් යූ වගේ කුරිරු ඒකාධිපතියෙක් දාපු සෙල්ලම් මෙහෙ දාන්න ගිහින් ලෙල්ලම් වුණු ජේආර් පප්ප උගත් පාඩම් වගේම රාජපක්ෂගේ දරුණු පරාජයත් අමතක කළ යුතු නැහැ.

      Delete
    2. 80 වර්ජනයට පුක නැති වෙන්න දුන්නේ නැත්නම් ඉකොනොමු එක මේ තරම් වත් දියුණු වෙන්නේ නෑ.. එහෙනම් ඉතින් හැමදාම

      මන රංජන.. වැඩ වර්ජන විතරයි....

      Delete
    3. ස්තූතියි මාතලන්, ඔබ හරි. එවක හිටපු පාදඩ වම්මු කියාගත්ත තකතිරුවො පාලනය කරන්න දුන්න බේත හරි. නමුත් මම නම් හිතන්නේ රැකියා අහිමි වූ අසරණයන්ට පස්සෙ සානුකම්පිතව හිතල බලල සහනයක් දෙන්න තිබ්බ කියල. අර පාදඩ වෘත්තීය සමිති හොරිකඩයින්ටනම් පාඩමක් උගන්නන්නම ඕනෙ තමන්ගෙ තරම දැනෙන්න. හැබැයි අද කාලයත් එක්ක මේක ගලපගන්න අමාරුයි නේද?

      Delete
    4. ඒ කාලකන්නි පස්සෙ කාළෙක බලේ අරගෙනත්, උන් නිසා රස්සා නැති වෙච්චි උන්ට මොනවත් කළෙත් නෑ නේද...? විශේෂයෙන් අර අලෙවි මව්ලනා කියනා කාළකන්නියා..

      Delete
  20. Visitor ge blog ekatha Mr.Maathalange blog ekai me wetila thiyena comment reply walin lankawe banking system eka loan transaction gena godak dewal denagaththa. Posi miniha business ekak karanta bank ekakin support ekak denawanam echcharai. Ara online money transfer karaddi charge karanawanam eka maha balu wedak. Salli eka bank ekakin aran wena bank ekakata gihin free daanna puluwannam ey kisima charter ekak nowi online transfer karanawata charge karanne..?? Minissu online enne pahasuwata labeta wedak karanna. Anima government bank ehemath online karala oya purawana forms net ekata dala thawath pahaau kaloth kaleth sallith okkoma ithuru wenawa. Anthimata kiyanna thiyenne government bank wala inna parana widihata hithana wedak palak nokara kammeli wayasaka udawiya kiyak hari wedipura dila hari wishraama yawala duwala penala weda karanta puluwan kollo kello tikak demmoth defa oya government bank tika goda ganta puluwan. Mokada mamath weda kale lankawe international bank ekaka legal side eke. Hapoo oya BOC people's bank eken ena ewun usawiyedi mediation board ekedi customers lata dena mala wadayak. Ekko samaharakta engirisi be. Ekko computer eken gaththa print out tika piliwelak karaganta be. Ekko document ekak hoyaganta be langa thibbath. Peenak pensalak langa ne. 30 mins weda karala petakata break yanawa. Minissunta katha karanta danne ne. Ekko ee wayasaka officers la ekka ena tharuna officers la dekai panahata daala katha karanawa customers la issarahama. Harinam okkotama wada customers la thama priority wenna ona. Eth kiwwa wage officers la priority. Meka kiwwe eyala pahath karala kiyanna nemei. Wenta ona de.

    ReplyDelete
    Replies
    1. මහත්තයෝ ඔයා කියන කථාව ඇත්ත නම්, හැම ගනුදෙනු කරුවෙක්ම හිතන්නේ ඔහොම නම්, රාජ්‍ය බැංකු වැහෙන්නේ ඕනේ. නමුත් ඒවා ලාබ ලබලා රජයට ගෙවනවා. අපි හොයලා දෙන සල්ලි වලින් ඔයාලත් කුමක් හෝ ප්‍රතිලාභයක් ලබනවා. පිටින් බලනකොට ඕනෑම දෙයක් පේන්නේ ඔහොම. ප්‍රයිවෙට් බැංකු වල සේවය ඕනේ අයට ඒවා තියෙනවා. අපේ සේවය ඕනේ අයට ඒවා තියෙනවා. සමථ මණ්ඩලය වගේ තැනක ඉංග්‍රීසි පාවිච්චි කරලා ලිස්සන්න බලන අයත් ඉන්නවා. අනික මේ රටේ වැඩ කෙරෙන්නේ සිංහලෙන්, ඉංග්‍රීසි අනිවාර්ය නෑ. දැනගන්න එක හොඳයි. කෙනෙක්ට විදුලි බල මණ්ඩලයත්, පොලීසියත් මේ වගේ පේන්න පුළුවන්. නමුත් බලන්න අකණ්ඩ සේවාවක් පවත්වාගෙන යන්න ඔවුන් ගන්න වෙහෙස. ඊයේ රෑ 11:30 අපේ ගෙදරට ආවා බින්දවටීමක් බලන්න. පොලීසියේ හැමදාම පාරට ඇවිත් වාහන හසුරුවලා අපිට පහසුව සලසනවා. දඩ ලියන්නේ වැරදි කරන අයට. අතලොස්සකගේ වැරදි වලින් මුළු එකම තීරණය කරන්න එපා.

      Delete
    2. මෙහෙමයි මචෝ... ඉස්සරට සාපෙක්ෂව දැන් සෑහෙන හොඳයි.. කාලයක් මම සෙන්ට් පෝල්ස් මිලාගිටිය ගාව බෑන්ක්ස් ඔෆ් සිලෝන් එකත් එක්ක ගණු දෙණු කලා.. හොඳ ස්ටාෆ් එකක් උන්නේ... හොඳ සර්විස් එකක් දුන්නේ...

      ඔතන බැංකු සේවකයා වගේම ගණුදෙණුකරුවත් බලපානවා.. සමහර් උන් ඉන්නවා කොහේ ගියත් සල් වණ, තඩි ඇණ, කොක්කක් දාගන්න බලාගෙනම ඉන්නේ...

      සත්තරන් පින් සිද්ද වෙයි හින්ගල කුරු පැකේජ් එකක් හොයා ගනින්කෝ...

      Delete
    3. මම කොල්ලුපිටියේ ලංකා බැංකුවේ සුපර් ග්‍රේඩ් ශාඛාව සමග ගනුදෙනු කරනවා. එතන සේවා සැපයීම ඉතා ඉහළයි.
      නමුත් ගමේ ලංකා බැංකුවට හදිස්සියේ ක්‍රෙඩිට් කාඩ් එකේ පේමන්ට් එකක් ගෙවන්න ගියපු වෙලාවක මම දැක්කා නුගත් ගෑණු මනුස්සයෙකුට එතන කවුන්ටරේ හිටපු වයසක අපතයෙක් නොසෑහෙන්න බනිනවා ස්ලිප් එකේ වැරදියට ලියලා කියලා...
      හරි පොඩි අඩුපාඩු, ඒ මනුස්සයා රුපියල් 1,000/- ක් ගන්න ඇවිත් තිබුනේ පොළේ යන්න...
      ස්ලිප් දෙක තුනක් අර මනුස්සයට කියල පුරෝගෙන ඒ මනුස්සයව නොසෑහෙන අසරණ කරවලා තමයි අර 1,000/- දුන්නේ...
      ඊළඟට මම,
      BOC ස්ලිප් එකේ මුලින්ම තියෙන්නේ "ගිණුම්/කාඩ්පත් හිමියාගේ නම සහ ලිපිනය" කියන එක පුරවන්න...
      මම එතන මගේ විස්තර ලියලා තිබුනේ. මු මට කියනවා ඔතන ඔයාගේ නම ලියල හරියන්නේ නැහැ, ඔතන ලියන්න ඕනේ "ක්‍රෙඩිට් කාඩ් සෙන්ටර්, කොළඹ" කියලා මගේ ඇඟටත් කඩා පැන්නා...
      ඒ ගොනා කොච්චර තේරුම් කරලා දුන්නත් ඒ පැහැදිලි සිංහලේ තේරුම් ගත්තේ නැහැ...
      අන්තිමට මොනවහරි කරලා සල්ලි දාන්න ඕනේ නිසා ඒ විදිහට හදලා සල්ලි දැම්මෙව්වා...
      අන්න ඒ වගේ මරි මෝඩයෙක් ඉන්න ශාඛාවකට හැමදාම යන්න වෙන එකෙක් සමහර විට මුළු බැංකුව ගැනම වැරදි වැටහීමට එන්න පුළුවන්...

      මම අත්දැකීමෙන් කියන්නේ, රජයේ බැංකු තරම් මිනිස්සුන්ට සහනදායි විදිහට සලකන්නේ නැහැ ප්‍රයිවෙට් බැංකු වල...

      Delete
    4. ටික්කා සමථ මණ්ඩලය කියන්නේ ඔයා හිතන තරම් ඉංග්‍රීසි උගත් පිරිසක් සමථකරුවන් විදිහට ඉන්න තැනක් නෙමේ. ඒ නිසා ඉහලම තැන එහෙමනං එතනට එන අනික් අය ගැන කතා කරලා වැඩක් නෑ. අපේ රටේ මේ වගේ රජයේ දෙපාර්තමේන්තු බොහොමයක් තියෙනවා සිංහල පමණක් භාවිතා වෙන. වයසක අය සේරම ගෙදර යවලා තරුණ අය විතරක් තිබ්බොත් මේ විසම සමාජයේ ඒ සේරම අයත් ගෙදර යනවා. අත්දැකීම් සහ බැංකුවල චක්‍රලේඛ ගැන දැනුම තියෙන්නේ පරණ අයට. එයාලත් ඉන්න වෙනවා. ඉඳලා හිටලා ඉන්නවා තමා ප්‍රොමෝෂන් නැතුව රස්සාවත් එපා වෙලා එන මිනිහගේ ඇඟට කඩා පනින අයියලා. එයාලා ගැන පැමිණිලි කරන්න කිසිම බාධාවක් නෑ.
      සුදීක කියනවා වගේ රාජ්‍ය බැංකු තමන් උපයන ලාභය රජයට ගෙවනවා. ඒ වගේම මේ රටේ රජයට උපරිම ආදායම් ලබා දෙන්නෙත් රාජ්‍ය බැංකු. අනික් අතට ආණ්ඩුව ගේන හැම සංවර්ධන ණය ක්‍රමයම ක්‍රියාත්මක කරවන්නෙ රාජ්‍ය බැංකු හරහා. ඔවුන්ට ඉන්න ගණුදෙනු කරුවන් ඉතා විශාලයි. දවසකට හසුරුවන ගණුදෙනුකරුවන් ප්‍රමාණය වැඩි වෙන තරමට ඔවුන් යම් ආතතියකින් නොපෙලෙන්නනම්, ඔවුන් රහත් වෙලා තියෙන්න ඕනි.
      මාතා කියනවා වගේ අද වෙනකොට ඇතැම් රාජ්‍ය බැංකු ශාඛා පුද්ගලික බැංකු වලට වඩා හොඳ සේවයක් සපයනවා. ඒ වගේම ණය අයකරගැනීම, ලීසිං අයකරගනීම වගේ කටයුතු වලදි ගණුදෙනුකරු දිහා තරමක් හෝ සානුකම්පිතව බැලීම, නීති කටයුතු වහ වහා ක්‍රියාත්මක නොකිරීම නිසා රාජ්‍ය බැංකුවල ණය කරුවන් තරමක් හෝ වාසනාවන්තයි.
      ලොකු පුතාට හම්බු වෙලා තියෙන්නෙ අර මම මුලින් කියපු ජාතියේ පොරක්.

      Delete
    5. සුදික සහ මදු මදවී. මම කිව්වා වගේ මේක ලිව්වේ ආණ්ඩුවේ බැංකු වලට ගරහන්ට නෙමෙයි. ලොකු පුතා කිව්වා වගේ මටත් පවුද්ගලිකව උන අපහසුත දෙක තුනක්ම තියෙනවා. අනික මාතලන් මම කිව්වේ මීට අවුරුදු 6 කට විතර කලින් අත්දෙකපු දේවල් එත් දැන් ඒවා වෙනස් වෙලානම් බොහොම සන්තෝසයි. අනික අන්තර්ජාතික බැංකුවල බොහොම ලොකු බලු වැඩක් කරනවා. මම එක ගෙන ඉක්මනටම ලියන්නම් ඔබේ දනගේනිම සඳහා.

      Delete
  21. Eka nemeyi macho, umbe ara brothel eka koheda thiyenne, hora!!

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ඔක්කොම බුක් මචෝ.... ඕෆ් සීසන් එකේ බලමු... එතකන් අතේ ගහගෙන හිටහන්...

      Delete
  22. සංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත

    බොල්ණයක් ලෙස කපාහැරියානම් අංක 1ද
    නැවතමුදල් පියවාගත්තේනම් අංක 2ද
    ණයට නොදුන්නානම් අංක3ද
    තවමත් මුදල් නොලැබුනානම් අංක 4ද

    e l b හිස්තැනක් අදාල අංකය යොදා 1919 send කර වටිනා ජංගියක් දිනාගන්න

    ReplyDelete
    Replies
    1. සංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත

      හිටියයි කියා වැඩකුත් නැත

      Delete
  23. මාතෙ මොකද අර විචාරක නාකියා උඹට බැණ බැණ යන්නෙ? ඌට අර්ශස් තද වෙලාද? නැත්නම් උඹ මොකක් හරි කුපාඩි කමක් කළාද?

    ReplyDelete
    Replies
    1. උපාසක මහත්තුරුන්ට මක්කත් කියලා මට පව් පුරව ගන්න බෑ... නැට්ට පාග ගත්තාම ඔහොම වෙනවා..

      ඔහොම යං.... කව්ද වැරදි කියලා කවදා හරි තේරේවී නේ...

      Delete
  24. රජයේ බැංකු සමඟ මගේ ඇයි හොඳයියක් නැත්තේ කලකටපෙර සිදුවු සිදුවීමක් නිසා "some people's bank" හි මගේ ගිනුම වසා දැමීමත් සමඟයි. දැන් මට ඇත්තේ ලෝකයේ අංක එකට අකාර්ක්‍ෂම රාජය සේවය සමඟ ගනුදෙනු කිරීමටයි. අවාසනාවකට මට වෙන විකල්පයක් නැත.

    ReplyDelete
    Replies
    1. දැන් ගැබයි කොමර්ෂල් බැංකුවෙත් හිනාවක් ගන්න බොහොම අමාරුයි.. උන්ට එහෙම ඉන්න කියලා ටොප් මැනේජ්මන්ට් එකෙන් කියලා තියෙනවද දන්නේ නෑ...

      Delete
  25. පුද්ගලික ණය ගැන උඹ හිතන එකට වඩා වැදගත් පැත්තක් තියෙනවා, වාහනයක් ගන්න 14% 15% ක පොළියට ලීසිං දාන්නේ නැතුව 9% විතර පොළියට ණයක් අර ගන්න මිනිහව උඹ නොසළකා හැරලා තියෙනවා, ඉඩමක් ගන්න, ගෙයක් දොරක් හදා ගන්න, ගෙදර ඉතුරු වැඩ ටික කර ගන්න පුද්ගලික ණය ගන්න මිනිස්සුන්ව අමතක කරලා එහෙම ණයකින් එන්ජෝයි කරන බොහොම සුළුතරයක් ගැන හිතලා ඒ කප්පාදු ගැන උඹ සතුටු වෙනවා...
    පුද්ගලික ණය අරගෙන රැකියාවට අමතරව ව්‍යාපාර කරන එවුන් කොච්චර ඉන්නවද (මමත් ඇතුළුව)...
    දැනට ලංකාවේ ඉතුරුවෙලා ඉන්න අපේ බැච් එකේ ඉතුරුවෙලා ඉන්න මගේ යාළුවො අතරින් එකෙක්වත් ආතල් ගන්න පර්සනල් ලෝන් අරගෙන නැහැ...

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සු අමතක කිරීමක් නෙමෙයි බං...

      බැංකු සර්වයිව් වෙන්න යන්නේ මේ වගේ මෙළෝ රහක් නැති ලෝන් ෆැසිලිටීස් වලින්.. මූලීකත්වය දෙන්නේ ඒවට.. නමුත් විය යුත්තේ ඒක නෙමෙයි ඒ ගැනයි මේ පෝස්ට් එක..

      එහෙම නැතුව මිනිස්සුන්ට ණය දෙන්න එපා කියලා නෑ.. දෙන්න කියන්නෙත් උඹ ඔය කියන ජාතියේ ණය...

      Delete
    2. පර්සනල් ලොන් වලින් හැමෝම වගේ කරන්නෙ එක්කො වාහනයක් ගන්නවා, නැත්නම් ගෙයි වැඩ ටිකක් කරනවා, නැත්නම් අමතර ආදායමක් වැඩිදියුණ කරගන්නවා. ආතල් අරං නාස්ති කරන්නෙ බොහොම කලාතුරකින්. මේ රටේ තියෙන් තවත් බලු නීතියක් තමා රාජ්‍ය සේවයේ ඉන්න උන්ට වෙනත් ආදායම් මාර්ගයක් නීතිගතව කරන්න නැති කම. ඒ ගැන කවුරුවත් කතා කරලා නෑ. හැකියාව තියෙන උන්ගෙ අත පය බැඳලා දාලා.

      Delete
    3. කව්ද කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න උන් ඔක්කොම වගේ හොඳ බිසිනස් කාරයෝ.. මහජන බැංකුවේ මගේ හිතවතුන් හතර දෙනෙක්ම ඉන්නවා හොඳ බිසිනස් කාරයෝ...

      Delete
  26. විසිටරයා සහ මදාවියා දෙකාම එකාද?!

    ReplyDelete
    Replies
    1. ඉයෙස්... එළ කොල්ලෙක්..

      Delete
  27. aththatama goodaak DanuWath unaa (banks n around the banks) maathege post eken n replies karala thiyana ayage ihala mattame comments walin. Thanks maathe, mewani kaalochitha subject ekak post kalaata. sena...

    ReplyDelete
  28. ලංකා බැංකුව ගැනනම් කතා නරල වැඩක් නැහැ. මම එන්ටීබි ලොන් එකක් ගන්න ගියා. පට් ගාල වැඩ. එකවුන්ට් ඕපන් කරේ කොලඹ 7 බ්‍රාන්ච් එකේ. එතන මැනේජර් මගේ පන්තියේ හිටපු යාළුවෙක්. මගේ සියලු ඩොකියුමන්ම් ළගම ශාඛාවට දුන්නහම උන් ඒ වෙලාවෙම ඒවා යැව්ව‍ා අදාල ශාඛාවට. ලොන් එක දවස් 5ක් ඇතුලත සම්පූර්ණයි. ලෝන් එක දෙන්න කලින් මම අවුරුදු ගාණ ඇතුලත ගෙවන ‍සම්පූර්ණ පොලියයි, ඒක අයකරගන්න යන කාලයයි, ක්‍රමවේදයයි හැම එකම පැහැදිලි කරලා දුන්නා. නෝ ගැරන්ටර්ස්.

    ටිකක් ලොකු ගාණක් නිසා මම කෝකටත් ලංකා බැංකුවටත් ගියා, එතන ‍පොලිය සහ සේවය මීට වඩා හොඳද බලන්න. ලොන් ‍එකට ඩොකියුමන්ට් දෙන්න ඒ ශාඛාවටම යන්න වුනා තුන් සැරයක්. එක දවසක ඉල්ලපු ඒවා ට අමතරව තව කොල් කරල ඉල්ලුවා. ඒවා දෙන්න මම කිලෝමීටර් 30 ගෙවාගෙන ඒ ශාඛාවටම යන්න වුනා. අන්තිමට මගේ සම්පූර්ණ පොලිය කොච්චර වෙනවද කියල අහපුවහම, කියපි ඒක දැන් කියන්න අමාරුයි දවස් දෙකකින් එන්න විස්තර දෙන්නම් කියල. ඒ විස්තර ඌටම තියාගන්න කියල මම ආවා ගෙදර

    ReplyDelete
  29. බැංකු ක්ෂේත්‍රය ලංකාවේ විතරක් නෙමේ ලෝකෙම , මිනිස්සු තරමකට අන්දා ගෙන , තග උඩ දුවන ව්‍යාපාරයක් . (හොරකම හොරා තරම් දන්නේ අයෙක් ඇත්ද සහෝ ). හැබැයි ඒකට ඔබට ක්‍රෙඩිට් කාඩ් එකක් විකුනන්න , ටයි පොල්ලක් එල්ලන් එන , කෑලී ගානට කොමිස් මුදලට වැඩ කරන සේල්ස් රේප් වත් , කවුන්ටරේ පිටිපස්සේ ඉන්න චූටි කෙල්ලවත් , කොටින්ම උන්ගේ ලොක්කාවත් , අඩුම ගානේ ලොක්කාගේ ලොක්කා වත් පළි නැත . වගවීම තියෙන්නේ ඊට ගොඩක් ඈතින් ය . යුරෝපයේ දැන් මේ ගැන ලොකු කතිකාවක් ඇතිවී , ලෝකේ වටේම මහා බැංකු නීති තද කරමින් යන්නේ මෙබැවිනි . විකල්ප මුල්‍ය ක්‍රම ප්‍රචලිත වෙන්නෙත් මේ හේතුව උඩ ය . (මාර වැඩේ කියන්නේ ධනවාදයේ කොනට ගිය ඒ සමාජ වල ඇතිවෙන සයිබර් ආර්ථිකයන් සමාජවාදය ලඟට එන එකය )

    මම මේ ලඟදි කියෙව්වා , අපේ සල්ලි කෙනෙකුට දීලා , ආපහු ගන්නකොට ආයේ ඌට ගානක් දෙන්නේ බැංකුවකට විතරයි කියලා . කතාව ඇත්තය . තව උදාහරණයක් කියන්නම්, ලංකාවේ බැංකු දෙකකින් අන්තර්ජාල බැංකු සේවාව ලබා ගතිමි .සාමාන්‍යයෙන් බැංකු මෙවැනි සේවා ඔස්සේ ගනුදෙනු කිරීම උනන්දු කරයි . ඒ ගනුදෙනුවකට යන වියදම , කවුන්ටරය ඔස්සේ කරන ගනුදෙනුවකට වඩා ලාභ බැවිනි . එක බැංකුවක් මේ සේවාව නොමිලේ ලබා දුන් අතර අනෙක් බැංකුව setup fees ලෙසද annual fees ලෙසද අය කර තිබුණි . මෙවැන්නක් කල හැක්කේ බැංකුවකටම පමණි . ලංකාවේම පමණි .

    ඔබ කොතලාවල ගැනද කියා ඇති නිසා මගේ අදහසද දක්වමි. ලංකාවේ බැංකුවක් , මුල්‍ය ආයතන අන්තිම පාදඩ විදියටම යොදා ගත්තේ ඔහුය . ආගම් ප්‍රචාරයට ග්‍රාමීය බැංකු ඔස්සේ ණය දීම,. ලොකුම ලොකු පිරමිඩ ක්‍රමයක , විශ්වාසනත්වය ඇති කිරීමට බැංකු පාවිච්චිය සිදුවිය. සක්විති යන නම හංවඩු වක් වුවද , කොතලාවල නමට එසේ නොවුයේ ඔහුගේ පංතිය නිසාය

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න