.

.

Dec 8, 2015

දූෂණය, ඇවිදීම, සිනාසීම හා ඇදගෙන නෑම - Fight Against Corruption



මහින්ද මහත්තයාගේ කාළේ, මහින්ද මහත්තයාගේ බඩ මිරීකීම්, දරුවන් වඩා ගැනීම්, කොටහලු ගෙවල් වල යාම්, බෝත් ඩේ පාටි වලට යෑම්, විවාහ රෙජිස්ටාර් කාර්යයන් වගේ, ඉතා බාරදූර රාජකාරීන් කොරනා අතරේ, ජනතාවට ආතල් දීම සඳහා වෙනම අන්දරේලාද පත් කර තිබුනේය. ආචාර්ය මර්වින් සිල්වා සහ මහාචාර්ය බන්ධුල ගුණවර්ධනණ මුල් පෙලේ එන්ටර්ටේන්මන්ට් පොරවල් විය.

එයිටාමතරව සට්ටැඹි කුම් වන්දිබට්ට කුම් ජෝකර් යන ගරු නම්බු නාම සහිත නිළදරුවන්ද එයාට උන්නේය. හුලං විදිලියේ හඩ්ඩා සහ ජැකා නම් රංගධරයා ඒ අතරින් මුලින්ම උන්නේය. නයි ටී ඇන් එකේද උදේ ඉඳන් හැන්දෑ වෙනකන් තනියෙන්ම සෝ කරනා එකෙකුත් උන්නේය. උදේ ඉඳන් මහ රෑ වෙනකන් කොයි වෙලාවේ දැම්මත් ඉත්තෑ කූරූ කොන්ඩෙකුත් එක්ක උන්නේ ඌ විතරමය.

ජනවාරි 8 මහින්ද මහත්තයා ප්‍රධාන කම්බා හොර රැල ගෙදර එලෙව්වා කියා CNN, BBC, අල් ජසීරා එකේ කිව්වද, අපේ පත්තර ටී වී වල ගියද, තවමත් රට පාලනය කරන්නේ මහින්ද මහත්තයාමය. ටී වී නිව්ස් වල, පත්තරවල, වෙබ් වල ඉතරක් නොව, බුකියේ ජනාධිපතිත් මහින්ද මහත්තයාය. රට පාලනය කල යුතු විදිය ගැන උපදෙස් දෙන්නේ ඒ මහත්තයාය. රටේ ආරක්ෂාව ගැන තවමත් බලන්නේ රාජ්ජා ආරක්ෂක ලේඛම් ඝෝඨාභය උන්නැහේය. 

සම හරක් විට අපි නොදන්නවා උනාට යහපාලනේ ජනාධිපති උපදේසක කම්වත් දීලා තියෙනවාද කියා අන්විස්වාසොබල්ය. මේ ළඟදිත් රනිල් ලොක්කා පාර්ලිමේන්තුවේදි හිටපු ලොක්කාගෙන් එහෙම උපදෙස් අරගත්තා කියා එක එක තැන්වල තිබුනේය. එයා ගත්ත උපදෙස් සිරිසේන ලොක්කා එහා කාමරේ හිටං අහගෙන උන්නා කියා රනිල් ලොක්කා පස්සේ කීවේය.

එයා එලියට දාලා තියෙන්නේ LTTE එකේ උන්න රස්තවාදීන් නොව, පොලීසිය බොරු චෝදනා නගා බලු කූඩුවල දමා සිටි අහිංසක බලු කුක්කන් දාහක් දෙදාහක් පමණය. මැලේසියාවේ කටු පොල් වගා කරමින් සිටි, උතුරේ අහිංසක පුරවැසියෙක් වු, KP නොහොත් කුමරන් පදමනාදන් රහස් පොලීසියෙන් අල්ලාගෙන ඇවිල්ලා තිබුනේ වැරදිලාය. 

එයාගේ මානව හිමිකම් වලට මක්කා හෝ වෙයි කියලා, වැරද්ද වහගන්න එයා දාලා උන්නේ ෆයිව් ඉස්ටාර් හෝටල් වලය. ජනාධිපතිවරු අගමැතිවරු හිටපු මන්දිරවලය. කරුණා අම්මාන් සිරි ලංකා නිදහස් පස්සේ උප සභාපති කොලේ, වෝටර් පිස්ටල් වලින් සෙල්ලම් කරපු එකෙක්ට පත්තරවලන් රස්තවාදියා කියා ගහනා එක වසා ගන්නය. ගරු පිල්ලෙයාන් මහතාටත් වෝටර් පිස්ටල් එකේකින් සිරිසේන ගොයියාට වතුර ටිකක් විඳින්නෙයි කියලා හිටං ඕඩර් එකක් දීලා තිබුනේ, එයාලා වෝටර් පිස්ටල් වලට අමතරව, ගොන්පීටර් ගේම් වලත් ඉලක්කෙටම වෙඩි තියලා කප් ගහපු උන් නිසාය.

මහින්දලා, ගෝඨලා, දිනේස්ලා, පකයලා එකසිය ගානට ගේම් අදිනාතරේ, සුමනයා වෙනුවට දැන් රාජ්ජ දයිවග්නයා වෙලා ඉන්නේ, ඉන්දික තොට්වත්ත කියලා පිස්සු වේසිගේ පුතෙක්ය. මේ යකා වෙඩිමකට උස්සගෙන ඇවිල්ලා කස්ටිය එක්කම ඉල්ලාගෙන කාපු කතාවකුත් මෑතදි සයිබර් අවකාසේ නැගලාම ගියේය. මෙවාට පුකෙන් හිනා විය යුත්තේ, මුන්ව ඉන්වයිට් කරලා පොරවල් කරවන දේසපාලන හරකුන්ට නොව, මේ කාළකන්නි, "පොරවල්" කොරනා, මාද්දිය කාරයන්ටය. ඒ කියන්නේ මුන් පස්සේ යන්නේ, ගොබ්බ දෙසපාලුවන් ඉතරක් නොව, රැඩිකල්, ලිබරල්, කැෆ්කා එක්කා කක්කා කරන උනුත් මුන්ගේ කීම් අහනවා කියනා එකය.

ඇත්තම කතා කොරනවා නම්, මහ බයියා සහ හොරු කැල උන්න කාලෙට වඩා මිනිස්සුන්ට අද ජීවත් වීම අමාරුය. අත්තාවස්ස භාන්ඩ වල මිළ අඩු කලාය කිව්වාට, ඒ සහනේ නෑ ලැබුනේ සත්තරනේ කියලා ජහ මනතාවා කියනවාය. එයිටාමතරව යහපාලන ටොයියෝ පවා රනිල් මහත්තයාගෙත්, රවී මහත්තයාගෙත්, හිටං මහත්තයාගෙත් මෑනීවරුන්ට පින් අනුමෝද්න් කරනවාය. අපේ හාමිනාත් කිව්වේ අජ්ජාපන ඇමති තැන්පත් ගරු අකිල විරාජ් කාරියවසම් මහතාගේත් මෑණියන් වහන්සේ මතක් කලා කියලා ඔහේ ලියනා මලදානේ පොඩි සඳහනක් කොරන්නෙයි කියලාය. 

ඒ මේ මොකක්ද වවුචරයක්ද මක්කාද එකක් නිසාය. මාතලන් නම් කිව්වේ ඒ මනුස්සයා වව්චර් එකක් දීලා, එක එක උන්ගෙන් එක එක ඒවා අහ ගන්නේ, පෙර කළෑ කොල කරුමයක් නිසා වෙන්ටෑති කියලාය. මේ රටේ ඉන්නේ නිකන් දේන දේත් අරගෙන, තෑන්ක්ස් මෙය කියන්නේ නැතිව, දුන්න එකාගේ අම්මාටත් තෑන්ක්ස් කියනා කෙලෙහි ගුණ දන්නා සත්තරන් මිනිස්සුන්ය.. 

සේයා දුව මරපු වෙලාවේ කස්ටිය නිදහස් චතුරස්ස්‍රේ බැලුම් උඩ යවා වෝක් එකක් දැම්මේය. ඊට පස්සේ පීඩොපයිල් පොරවල් ඔක්කෝම කොහේ ගියාදෝ කියා දන්නේම නැතිය. (වෝක් එකට පහුවදාත් පත්තරවල දරුවන් දුෂණ කරපු හැටි රහ කරලා ලියලා තිබුනේය. ඒක දැක්කාම අපිටත් ඒ වගේ පොඩි ටැස්ටින් පාරක් දාන්න හිතෙන තරමට වතුර ලේබකයේ ලිවීමෙහි කෙල පැමිණ තිබුනේය. හරියට ඉස්සර වැඩිහිටියන්ට තිබුන නව සරණ පත්තරේ ආටිකොල් වගේය.)

දැන් අද, "දූසනේ" නවත්ත ගන්නත් එහෙම වෝක් එකක් යන්න තීරණය කොරලාය. ඊයේ නම් කොළඹ පාරේ හිටගෙන ඉන්නා උන්ට නොමිළේ පුක හෝදාගන්න පුළුවන් තරමට වැස්සේය. අදත් එහෙම වැහලා ඔය විසූක දස්සන විකාරයට කෙල වෙලාම යනවා නම් මාතලන් මාර මනාපය.

මුන් මෙතුවක් කල් නම් කොරාපු දෙයක් නැත්තෙය. ආන්ඩුව දුවන්නේ මහින්ද මහත්තයා සහ රට කරවු පින්බර ලක් දූ පුතුන් පිරිසට බොරු චෝද්නා කරමින් මඩ ගහනා එකෙන්ය තාජුඩීන් නොමරා මරණවාය. මේ පිස්සු විකාර ඒ මනුස්සයාගේ පවුලේ උන් ඉවසාගෙන ඉන්නේ කොහොමද කියා මාතලන්ට නම් තේරෙන්නේ නැතිය. එක්නැලිගොඩලා, ලසන්තලා උන්ම සුවිසයිඩ් කොරගෙන මැරිලා තියෙන්නේ රාජපස්සලාට කෙලවන්නය.

අර බැසිල් මහත්ත්තයා කිසි වරදක් නැතිව මාස ගානක් ඇම්බියුලන්ස් එකක් අස්සේ දැම්මේය. කප්පරක් හොරකම් කලා කියා, සජින් පුතා ඇතුලට දාලා අම්බානක නෝන්ඩි උනේය. කිසිම වරදක් කරලා නැති නිසා දැන් ඉන්නේ ගෙදරය. මිනීමරුවා කියා ඇතුලට දාපු චොකා මල්ලිත්, චෝදනා ඇති නිසාද මන්දා, දැන් ඉන්නේ ගෙදරය. 

නාලක ගොඩහේවාත් හෙට අනිද්ද ගෙදර යන්නට පුළුවන්ය. කම්බ හොරා කියාපු පුංචි බන්ඩා ජයසුන්දර, මහත්තයා ඇස් බීන් ගොයියාගේ උපසෙන කෙනෙක්ය. සමහර විට ලලිත් වීරතුංගත් හෙට අනිද්දා ජනාධිපති ලේඛම් වෙන්නත් පුළුවන්ය. එහෙම බැලුවාම දූසනේට එරෙහිව වෝක් එකක් දාන්නේ වෙන රටක තියෙනා දුසනයක් ගැන වෙන්න ඕනාය.

වෝක් දාන එක ඇඟට හොඳය. හිනාවෙන එක ඊටත් වඩා හොඳයි කියා විජ්ජාග්නයෝද මක්කුද උන් වගයක් හොයා ගෙන තියෙනවාය. නාන එක හොඳය. ඒත් මලෙන් නානවාට වඩා ඇදගෙන නෑවාම, බැහැගෙන නානවාටත් වඩා ඇඟට හොඳය. මොකෝ පිරිසිඳු වන අතරේම, ඇක්සයිස් එකකුත් ලැබෙනා නිසාය. ළිද ගැඹුරුනම් ඇඟට හොඳට වදිනවාය. 

ඒ උනාට මෙයාලා තෝරාගෙන තියෙන්නේ වෝක් සහ ටෝක්ය. දූසන කොරාපු උන් ඔක්කෝම එලියේය. උන් පුකෙන් හිනාවෙන අතරේ, මාතලන් වාගේ උන් ඔළුවෙන් හිටගෙන හිනාවෙනවාය. කස්ටිය නම් කියන්නේ ආන්ඩුව ළඟදීම නා ගනී කියාය. වෝක් එකට යන උන්ට කියන්න තියෙන්නේ කුඩයක් අරගෙන යන්නෙයි කියලාය. මොකෝ නැත්නම් නා ගන්න වෙන නිසාය. 

දූසනේ නවත්තන්න කලින් අර විලපත්තුවේ වනේ දූසන කොරනා එකාට මක්කා හෝ කොලේ නැත්නම් කාලගුණෙන් කියනවා වාගේ, හෙන ගහන්නත් පුළුවන්ය. බැරිවෙලාවත් ඌත් වෝක් එකේ යනවානම් බොහෝම හොඳය. එයිටාමතරව අර මහින්ද මහතයාගේ රෙද්ද අස්සේ ඉඳලා, හලලා දාලා, දැන් සිරිසේන ලොක්කාගේ සරම අස්සේ දාගෙන ඉන්න නයි ටිකත් යනවානම් වෝක් එකට මාර මෙව්වා එකක් එනවාය.

ඒත් ඉතින් උන් සැට් එක වෝක් එකේ ඉන්නවා නම්, අනික් උන් කුඩේ කෙසේ වෙතත් අකුණු සන්නායක් අල්ලාගෙන යන එක කෝකටත් හොඳය. ඇදගෙන නානා දවසක අපිටත් කිව්වොත්, අපිත් ඇවිල්ලා පනිට්ටුවක් දෙකක් ඇදලා දෙන්නම්ය. මොකෝ එහෙම කොරනා එක අපේ යුතුකමක් මෙන්ම අයිතියක්ද නිසාමය.

ඒ වගත් මෙසේයෑ...

125 comments:

  1. අර ෙකාල්ලා අල්ලන් ඉන්න බැනර් ඒකට හිනා ගියා අප්පා.. හැම තැනම ඩීල් ඩීල් බං.. මම නං කියන්ෙන් වවුචර් ඒක ගුඩ්.. තව අැඩ්වාන්ස් කරන්න ඔ්න.. සිංහල අප්සැට් බං ගහන්න විදියක් නැහැ ෙහාදට

    ReplyDelete
    Replies
    1. ඇත්තටට මුන් ජනතා සේවකයෝ නෙමෙයි සෙලබරිටීස්ලා, එන්ට ටේනර්ස්ලා, එන්ට ටේසනස්ලා, යන්ට ටේසන්ලා වෙන්නත් වැඩි කල් යන එකක් නෑ..

      Delete
    2. වවුචරය දෙයි තව අවුරුද්දක් විතර ඊට පස්සේ ඒකත් නෑ කියයි

      Delete
    3. අජ්ජපනේ නොමිළේ දෙන සියල්ල් දුන්නේ අලි මිසක්, ජනසතු බයි පෝලලා නෙමෙයි...

      Delete
    4. සරත් ෆොන්සේකා මහතා නීති විරෝධීව (ජෙනෙරල් නිලයට පහල නිලධාරියෙක් ලවා) අත් අඩංගුවට ගෙන, ඇප නොදී රඳවාගෙන, ඊට පසුව 'නඩුවක් සාදා', නඩු බඩුවට උසස් වීමක් පොරොන්දුවීමෙන් 'වරදකරු ' කොට හිරේ යැවීම ක්‍රමය ඉතා සාධාරණ ක්‍රමයක් බැවින්ද එය යහපාලනයට ගැපෙන බැවින්ද එම ක්‍රමය ක්‍රියාත්මක නොකිරීම ගැන මමත් විරුද්ධ වෙමි. තවද ක්‍රිශ් ගනුදෙනුවේ ඩොලර් මිල්යන් හතරක් එනක් රුපියල් මිලියන් 500 ක් පමණ රජයට අය වියයුතු මුදල් ලබාගෙන එය නාමල් රාජපක්ශ නම් අයකුට ලබා දුන්නා යැයි පලවුන වාර්ථා ගැන විභාග නොකොට මිලියන පණහක ගෙවීමක් ගැන අත්ඩංගුවට ගැනීමත් යහපාලනය යටතේ වන පොලිසිය අනුකම්පා සහගත වී ඇත

      Delete
    5. සජ්ජුලුවන්ගේ ඉස්කෝලෙ පොඩි දෙමළ කොල්ලෙක් බෝඩ් එක අල්ලන් ඉන්නෙ... අම්මාපල් පිනාටත් වවුචර් දීල නම්මගෙන වගේ...

      Delete
    6. ආනමඩුවේ කළුගල් මුදලාලි දැක්ක කල්. මොකෝ දැන් කෙසෙල් කොටුවට ගොඩ බැස්ස මිත්‍ර සෙනෙවියා වගේ හතර අතේ නෙලන්නේ නැත්තේ?

      Delete
    7. ,,,//සජ්ජුලුවන්ගේ ඉස්කෝලෙ [ මාතලන් ඉගනගත්තයි කියන] ඉස්කෝලේ පොඩි දෙමළ කොල්ලෙක් බෝඩ් එක අල්ලන් ඉන්නෙ....//

      එහාකොට මේ ශාරීර වියායාම පා ගමන සංවිධානය කලේ සජ්ජුලුවන්ගේ ඉස්කෝලෙ කට්ටියද



      Delete
    8. පළවෙනි ඇනෝ.. නෙලන්න ඕන තැන නෙළනවා ... හැක්... මට මේ ගැටළුව ආනමඩුව අල්ලාගෙන වලිගෙ පාගාගෙන ඉන්නෙ මොකෝ කියල..

      සෙකන්ඩ් ඇනෝ, මේක වෙන පින්තුරයක් මම හිතන්නේ... පොස්ටුවට අදාළ එකක් නෙවෙයි..

      Delete
    9. රනිල්ගෙ මාගරින් පුකේ ගාගෙන 1600/= බ්ලොග් පෝස්ට් ලියපු මාතලංලා කිසිදු දුෂණයකට හවුල් නැත.

      Delete
    10. මාගරින් නෙමේ මෙයා බටර්...... මාගරින් කන්නේ බයියොනේ...

      Delete
  2. //මොකෝ එහෙම කොරනා එක අපේ යුතුකමක් මෙන්ම අයිතියක්ද නිසාමය.//

    පැහැදිලිව ම මාතා.... දැන් මේ නටන නාඩගම් දැක්කා ම අායෙත් කලින් ලොක්කාගේ මුල් කාලේ මතක් වෙනවා..... තව මදි පවුලේ සෙට් ඒක විතරයි..... අනික් නාඩගම්නං ඒ විදිහමයි.. විපක්ෂයේ ඒවුන් බරපතල වංචා දූෂණේ ගාව හැමදාම පෝලිං ගහලා.... කඩේ යන උන් පට්ට අාතල් ගන්නවා.. වෙන ඒකක් මොකටද අර කීර්ති තෙන්නකෝන් කියන බයියා කැළණියේ සෙනට් ඒකට ද කොහෙදත් දාලා.... උෟටත් හොදයිනේ... ඒ කාලේ කැළණියේ ඉදගෙන දේශපාලනය කරද්දි පැන්නුවාම දැන් උඩට ම ගිහිල්ලා කට්ටියට ම ගේම දීලා අැරියස් පියවාගන්න පුළුවනි...... මේවා පාර්ලිමේන්තුවේදීත් උඩදාගෙන කියන්නේ කටෙන්මද කියලා ටිකක් සැකයි බං...

    ReplyDelete
    Replies
    1. බලේ නැති වෙලාවටත් දැන් කතා කරන්නේ පුකෙන්නේ.. ඒකයි දුක...

      Delete
    2. ඒයාලානං ඒ කාලේ ඉදලාම කතා කරේ ඒකෙන්නේ......

      Delete
  3. මාතලන්, ඔහෙ රාහු කාලෙ මගඇරලැයි මෙ පොස්ට් එක දැම්මෙ??

    ReplyDelete
    Replies
    1. දැනවත් තෙරෙනවයි මාතලන් ඉන්නෙ කොතනද කියලා...

      Delete

    2. // දැනවත් තෙරෙනවයි මාතලන් ඉන්නෙ කොතනද කියලා... //

      සිරිකොතේ නේද?
      නෝටිය!

      Delete
    3. දන්නවා කියලා නෝන්ඩි කරන්න එපා බං... ඔක්කොම දැන ගන්නවා නේ...

      Delete
  4. ...//ආචාර්ය මර්වින් සිල්වා සහ මහාචාර්ය බන්ධුල ගුණවර්ධනණ මුල් පෙලේ එන්ටර්ටේන්මන්ට් පොරවල් විය//...

    මේ ලඟදි සාකච්ඡාවකදිත් බන්දුල පැය දෙකක්ම කලේ විහිලු.පසුගිය රජය කාලේ මේ රටේ දූෂණය තිබුනේ නෑ කිව්වා.සියලු අමාත්‍යාංශ කාර්යක්ෂමව ක්‍රියාත්මක වුනා කීවා.එකක් නෙවෙයි ඉතින්.මුං හිතන්නේ අපි මැරිලා ඉපදිලා කියලා.අමු බේගල් අතඅරිනවා කිසිම ලජ්ජාවක් නැතිව.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මචෝ... අන්දරේලා හැමදාම ඉඳලා තියෙනවා... මූ නම් අන්දරේ කෙනෙකුට වඩා නොම්මර එකේ ගොනෙක්.. මම ඕක කිව්වේ 1984 උගේ පන්තියේදී ඌටම, කවදා හරි රටේ නායකයා වෙනවා කියපු දවසේ.. එදා මම කිව්වේ එහෙනම් ඉතින් මේ රට විනාසයි කියලා.. ඒකට ඌ මායි මගේ සෙට් එකයො රෝයල් බල්ලෝ කියලා එලෙව්වා.. හැබයි අපේ උන් අදටත් මට තෑන්ක්ස් කරනවා.. ඒ කාළෙම කියපු අනාවැකිය ගැන..

      Delete
  5. ඔය වෝක් වලින් වැඩක් වෙන්නෙ නෑ මාතලන්,
    අපෙ අම්මලගෙ ගමේ බෝතලේ උනුත් එක කාලයක් කොහෙන්දෝ ඉඳල ආපු එව්වො කට්ටියක් එක්ක අමද්‍යපයක් පිහිටුවාගෙනෙ පාගමනක් ගියා.
    කෝ කසිප්පු අඩුවක් උනාද

    ReplyDelete
    Replies
    1. බෝතලේ කියන්නේ ඒකයි එහෙනම්...

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  6. මහින්ද කාලේ කරපු. හොරකම් අල්ලනවයි කියලා කෑ ගහපු පොරවල් දැන් කෝ. අරුනුත් එකයි මුනුත් එකයි බන්

    ReplyDelete
    Replies
    1. මුන්ට හොරා කන්න කෙමයක් නැතුව මල පැනලා ඉන්නේ.. මොකෝ අරුන් ඔක්කෝම ටික කාලා ඉවර කරලා නේ.. චීනා නිකන් දුන්න ටිකත් නවත්තගෙන දැන් හත් පොලේ ගාගෙන ඉන්නේ.. සුද්දා දෙනවා දෙනවා කිව්වට් තාම චුයිං ගම් ඉකක්වත් දීලා නෑ නෙව...

      Delete
    2. චීන ලොස් නැතුව දුන්නට. සුද්දා ලෝක කපටි උන්ට ඕනේ අපේ දේ කොල්ල කන්න. දේත බදලා සුද්දෙන් ගන්න ගිය මුන්ට චීනගෙන් ලැබුණු තුට්ටු දෙකටත් කෙල ඔනා. එත් ආයේ ලැජ්ජ නැතුව නැතුව මුන් යනවනේ චීනා ගාවට....

      Delete
  7. //හිනාවෙන එක ඊටත් වඩා හොඳයි කියා විජ්ජාග්නයෝද මක්කුද උන් වගයක් හොයා ගෙන තියෙනවාය.//

    මුතුහෙට්ටිගම සහ සෝමවංස අමරසිංහ ශූරීන් දෙදෙනාගේ දේශනා හැමදාම අහන්න ලැබෙනවා නම් මිනිස්සු නිරෝගී වෙලා මේ දොස්තර පර්මිට් ප්‍රස්නයද විසඳෙයි.

    ගොම්මන්පිල, වට්ටක්කා, ජාතියේ වංසය, 2500යේ ආර්තිකයා,බොරලුගොඩ රාජ දේවාලෙ කපුවා, එස් බී, සිරිපාල, සොයිසා වගේ අය හොඳ ජෝක් කරනවා ඒත් වැඩිය අහන් ඉන්න අප්පිරියයි. නානසාර ඉත්තෑහිමි වගේ අය අහන්න ඉන්න අමාරුයි. ගිය ජනවාරියෙ ජනේලයේ එල්ලී රාජ දේසනාවත් හොඳ කොමෙඩියක්. ඒත් ඒ අය කොන්සිස්ටන්ට් කොමීඩියන්ල නෙමෙයි.
    නාත දෙයියන්න්ට පිං සිද්ද වෙන්න නලින් සිල්වානම් දැන් ඉන්ටර්නැසනල් (සොරි සොරි අතිශය දේශීයයි ) තත්වයේ කොමෙඩි කරනවා. ඒත් ඉඳල හිටල

    මුතුහෙට්ටිගම හා සෝමවංස ලංකා දේශපාලනයේ හොඳ පැත්ත හැටියට මං දකිනවා.
    පියෝ එන්ටර්ටේන්මන්ට්
    (ජෝක් නෙමෙයි මං ඇත්තටම කැමතියි!!)

    ReplyDelete
    Replies
    1. ඔහෙට ඉන්ටර්නැෂනල් සෙට් එක මග ඇරිලා...

      ආචාර්ය දයාන් ජයතිලක
      මහාචාර්ය රාජිව් විජේසිංහ
      මහාචාරය ජී ඇල් පීරිස්
      ආචාර්ය විජේදාස රාජපක්ෂ
      තිලක් මාර පන

      Delete
    2. කබ්රාල් & මහෙන්ද්‍රන්
      කොමෙඩි කතා කියනවා ඒත් අපිට පාඩුයි

      Delete
    3. ඇයි ඔහේලට තව ගොඩක් අය මිස් වෙලා. ලෝකල් මිස්ට බීන් රන්න පොනිලතුමා, හිටන් හුටන් පඹසේන මැතිතුමා, ගෙවිඳු කුමාරතුංග, මුසම්මිල් රසකතා, පියසිරි විජේ මැටිමෝලා, බේගල් සක්විති වාචාල දතා, ගොන්ජන් අඹකුමරා අල්පොන්සියා, හැකර කටා පී ඩයල් හැරිසන්, ජෝන් අමරෙ නාකි හිවලා, බයිල ගහන ඩලස් කොටා, සිරිපාල කොට සෙවලයා, මහාමාරිය සරා විජේසූරිය ඇන්ජීඕ කුක්කා, ලක්ස්මන් කුචුකිචිඇල්ල වැල් බයිලා, පිස්සු අත්තනායක, රාවන හිලේ බලේ, ඇවන්ගාඩ් ජෝකර් සෙට් එක, ෆොන්සේකා ජෝක් මාසල් විදානෙරාල, ඩිලාන් අපතෙයා, ලප කුමාර බේගල්පාල, පච රණවක, මොන්ගල සුපිරිවීර, අයවැය සක්විති රන් ගොවියා ඇතුලු හැට හුටහමාරක් කොමීඩියන්ලා මේකෙ ඉන්නවා ඕයි !

      Delete
  8. වෝක් එකක් දාලා ටෝක් එකක් දිලා මේ ගොල්ලෝ කොහමහරි දුෂනෙ නවත්තයිද?
    මෙයලා අපිට මෝඩ ආතල් දෙනවා..

    ReplyDelete
    Replies
    1. නැවතීම කෙසේ වෙතත් ඊටත් වඩා හොඳට කොන්ටිනූයූ කොරයි වගේ... මහා එකයි තව කීප දෙනෙකුයි ඇර අනික් ඔක්කෝම ලොක්කා රෙද්ද අස්සේ දාගත්තා නේ.. මක්කා කොලත් පාක්සිකයෝ නේ අප්පා.. එයා රට ගොඩ ගැනීම කෙසේ වෙතත් පස්සේ ගොඩ ගන්න නේ දත කන්නේ..

      Delete
  9. //අර බැසිල් මහත්ත්තයා කිසි වරදක් නැතිව මාස ගානක් ඇම්බියුලන්ස් එකක් අස්සේ දැම්මේය.// හිනා කාලා මැරෙනවා ඕයි.. හික් හොක් හැක්..

    ReplyDelete
    Replies
    1. මහත්තයා නාවුක හමුදාවේ හිටියා නේද? දෙමලු කියක් මැරුවද?

      Delete
    2. මන් ගොඩක් තැන්වල අහලා තියෙනවා නාවික හමුදාවට නාවුක හමුදාව කියනවා.. නාවුක හා නාවික කියන වචන දෙක සමානද? නාවුක කියන වචනය සමහරවිට නෞකා කියන ඌරුවට කියවෙනවා වෙන්න ඇති.. අහ.. ප්‍රශ්නෙට උත්තරේ නම් එකදු දෙමළ සිංහල මුස්ලිම් හෝ වෙනත් ජාතියක මිනිසෙක් මරා නැත. (ඔහේ හදන්නේ මාව එල්ලුම් ගස් යවන්නෙයි?)

      Delete
    3. උත්තරේ නම් එකදු දෙමළ සිංහල මුස්ලිම් හෝ වෙනත් ජාතියක මිනිසෙක් මරා නැත. (ඔහේ හදන්නේ මාව එල්ලුම් ගස් යවන්නෙයි?)

      ඒකට අර විචාරක හිසේ කෙස් ගානට [ එයාට තට්ටේද දන්නේ නෑ] ඉදිරි පෙළ සටන් වලදී ගේම දුන්නලු [එයාට කිසිම සිරීම් තැලීම් මුකුත් නැහැලු ලු ලු ලු ලු ලු ...]

      Delete
    4. හා හා කට පරිස්සම් කරගනින් ඇනෝ , නැත්නම් උබේ පුකට පයින් ගහයි, ඕක ආර්මි එකේ නම් කියන්නේ,''ගහනව තොගෙ ඇට දෙක පුක වටේ කැරකෙන්ඩ කියල(රියල් ආම්)

      Delete
    5. හැක්. මචෝ උඹ පුකට පාර වැදිච්ච එකෙක් වගේ

      Delete
    6. හිනා යන්නේ නැද්ද බං ඒවා දැක්කාම...

      Delete
    7. හැක්. මචෝ උඹ පුකට පාර වැදිච්ච එකෙක් වගේ..//

      හැක්...හැක් ආමි කාරයනට පුලුවන්ද බන් අතේ ගහගෙන ඉන්න කුරුලන්නට පුකට ගහන්න මචෝ

      Delete
  10. ඔය ට්‍රොපිකල් ෆොරස්ට්,වුඩ්ලන්ඩ් ෆොරස්ට් කිය කියා විකිනිල්ල අද ලෝකේ හොද ආදායම් ලබන ට්රෙන්ඩ් එකක්.එකක් නොවේ එක. මෙහේ කට්ටිය තාම පනහේ දශකේ වගේ කුඹුරු කොටන්නයි ,පැල් අටවගන්නයි කිය කිය වනන්තර ටික ෆ්ලැට් කරන්නේ ,කාගේ හරි ඕඩර් එකකටද මන්දා.

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ අරාබි කාරයො කියන්නේ කාන්තාර වල ලෝගූ පොරවගෙන කාස්ඨක අව්වේ ඉන්න උන් සෙට් එකක් නෑ.. උන්ට ගස් කොලන් පේන්න බෑ.. ඒවා ඔක්කෝම කාන්තාර කොරන්න යන්නේ...

      Delete
  11. ප්‍රහසනයක්ද නැත.
    වීරකාව්‍යක්ද නොවේ
    අති නාට්‍යයක්ද නැත
    ඛේදවිකට නාට්‍යයක්ද නැත
    කෝලමක්ද නොවේ
    ශෝඛාන්තයක්ද විය නොහැක
    හැබැයි නාට්‍යයක්ම තමයි
    ඇත්තම නාට්‍යයක්

    ReplyDelete
    Replies
    1. යක්කු ටික එලව ගන්න බැරි තොයිලයක්...

      ආතුරයට අන්තීමයි...

      Delete
  12. ඉස්කෝලවල ප්‍රින්සිපල්ට තීරණය කරන්න දුන්නානම් අවශ්‍ය වවුචර්ද රෙදිද කියලා දෙපාර්ශවයටම පහසුයි.

    ReplyDelete
    Replies
    1. පින්සිපොල්ලා කියන්නේ හොඳ බිසනස් කාරයෝ... කොහොමත් මේ සීසොන් එකට බෑන්ක් එකවුන්ට්ස් උතුරන කාළේ.. ඉතින් එහෙම බිස්නස් කොරන එකෙකුට ඉස්කෝලෙම රෙදි කඩයක් දාගන්න කිව්වා නම් වැඩේ ලේසියි...

      දැන් බලන්න උදාහරණයක් විදියට සජ්ජුරුවන්ගේ ඉස්කෝලේ.. පාසැල් නිල ඇඳුම නෙමෙයි, ටී ෂේට් , බොටම්, බෑග්ස්, ටයි, ටැග් ඉතරක් නෙමෙයි ජොක්කුත් විකුණනවා.. ගෑණූ අයත් රෝයල් ටී එක ගහලා යන්නේ.. ආන් එහෙමයි අජ්ජාපනය බිස්නස් එකක් කොරන්නේ..

      Delete
  13. ඇඟ ගැහෙනවා අප්පා. අපේ පැන්සොම වෙනුවට වවුචර් එකක් දෙයිද?

    ReplyDelete
    Replies
    1. ඒකට නං කාරි නෑ.. හැක්... අන්න එංගලන්තේ පරණ අය මෙඩල් විසික් කරනවලු...

      Delete
    2. තමාට අපි ඒ දවස් වලම ඔක කිව්වා. තමා හමුදා සොල්දාදුවෙක් වශයෙන් සහය ලබා දිය යුතුව තිබුනේ යුද්ධය අවසන් කෙරු අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට. එසේ නොකර ද්‍රෝහී වැඩ කරා නම් දැන් ඉතින් විඳවන්න වෙයි.

      ඊයේ බලන්න කොළඹ නගරයම යට උනා. ඔන්න යහපාලනේ මෙගා පොලිස් නගරේ.

      ගරු ගෝඨාබය රාජපක්ෂ මැතිතුමා ඉතාම ක්‍රමානුකූලව සාදාගෙන ආපු නගරය ඉවරයි දැන්.

      පැන්ෂන් නෙමෙයි දෙන්න ඕනි, මඩු වලිගෙන් තමා වගේ ද්‍රෝහීන්ට.

      තමාගේ දුවගේ කාර් පර්මිට් එකටත් කෙලෙවගත්ත නේ අන්තිමට.

      දැන්වත් මොලේ පැදුන එක හොදයි ඔහේගේ. මාතලන් නං ඒ දවස් වැල ඉදලම ඕක දන්නා හින්දා තමයි මහින්ද මහත්තයට ජන්දය දුන්නේ. මතලන්ට, මාරයාට, අභීත එදිරිසිංහට අපගේ ප්‍රණාමය.

      Delete
    3. //මාතලන් නං ඒ දවස් වැල ඉදලම ඕක දන්නා හින්දා තමයි මහින්ද මහත්තයට ජන්දය දුන්නේ. මතලන්ට, මාරයාට, අභීත එදිරිසිංහට අපගේ ප්‍රණාමය.//

      අපෙත් ප්‍රනාමය!

      Delete
    4. ඔන්න බලන්න හසන්ත, ආණ්ඩුව මාරුවුනා විතරයි නගරෙ යට වුනා. වැස්ස වලහාක දෙවියොත් දන්නව වෙනස. අර විදුලි කොටනකොට කැත්තක් එලියට දානව වගේ ගෝඨාභය මහත්ත්ය නිකන් හරි ඊයේ එලියට බැස්සනම මේ වින්නැහිය වලක්වන්න තිබුණ. අපරාධෙ අර පෙරටුගෑණු කට්ටිය තෙමෙන්නෙත් නැහැ එහෙම වුනානම්.

      Delete
    5. නිකන් පලයන් බන් හිනා නොයන මෝඩ ජෝක් නොදා. ගෝටා වගේ මිනීමරුවෙක් බැස්සම කොහෙද ඩෝ වැස්ස නවතින්නෙ. අම්මප උඹල වගේ මැටි මෝල් බයි හැත්තට මොකට අකුරු ඉගැන්නුවද මන්ද. නිදහස් අද්යාපනේට වියදම් වෙච්චි සල්ලි. තොපේ මහලොකු බය ගොතාගෙයි කාඩ පාදඩ බයි රජාගෙයි දේවාල හදන් වැඳ වැද හිටපිය. එතකොට්ට තොපිට පහල වේවි අහවල් එක.

      Delete
    6. ඔයි ඇනෝ.....පැන්ෂන් නෙමෙයි දෙන්න ඕනි, මඩු වලිගෙන් තමා වගේ ද්‍රෝහීන්ට....//
      ඔන්න ඉතින් පුකට පාරක් කන්න හදන්නේ ....මොනවගේ පාරක් ද ඕනේ ......

      බැරිවුනොත් දුවට කියලා හිල මහනවා

      Delete
    7. ඉයන්.. ගෝඨාභය හිටිය නං එලියට බැස්ස , හැඳි මිටට මැතුරුව හැඳි මිට පොලවේ හිටෙව්ව.. වැස්ස ඉවරයි..

      Delete
    8. පැන්සොන් එකට කෙලවපු එක නම් ළොකු දෙයක්.. ඒත් ඉතින් මෙතක් කලල් එකේන් ජීවත් වෙච්චි මිනිස්සු අනාත කරන එකක් නෑ.. සාමාන්නියෙන් අලි පාටියේ උන් ආවා මිනිස්සුන්ට එච්චර අමාරු නෑ.. මේ කන්නේ කලින් උන් කෙලලා ගියපු ඒවයෙ ප්‍රතිඵල.. ඒත් ඒව මිනිස්සුන්ට වැඩක් නෑ.. ඉක්මන් කොරලා වල කටෙන්ම ගොඩ එන්න වෙනවා...

      Delete
  14. දැං නිදහස් අද්‍යාපනේ ඕනෙම නෑ. ඉස්කෝල වලින් කරන්නෙ ලමයින්ගෙ කාලෙ කන එක. ලමයි ඉගෙනගන්නෙ ටියුෂන් වලින්. විභාගෙ දවසට විතරක් ඉස්කෝලෙ එන්න කියලා අනික් දවස් වලට කැමති නං විතරක් එන්න කිව්වනං ලමයි මීට වඩා සතුටිං ඉඳියි.

    ReplyDelete
    Replies
    1. එහෙමයි සෑර්. ඔබතුමාගේ අදහස කෙරෙහි අධ්‍යාපනය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව දැන්වීමට කැමැත්තෙමු. ඒ අනුව ලබන ජනවාරි සිට ඔබතුමාගේ මෙම වටිනා අදහස ක්‍රියාත්මක කරනු ඇත. ඒ සදහා අවශ්‍ය සියලුම ගැසට් නිවේදන අද රාත්‍රියේ මුද්‍රණය කිරීමට සියලු කටයුතු යොදා ඇත.

      ස්තුතියි.

      Delete
    2. දැන් කොහෙද නිදහස් අජ්ජාපනයක්... දැන් තියෙන්නේ තනිකර බිසිනොස් එකක් හිටං.. දරුවන්ට නිදහසකුත් නෑ.. දෙමාපියන්ට නිදහසකුත් නෑ.. අජ්ජාපන ඇමතිගෙ අම්මට නිදහසකුත් නෑ...

      Delete
  15. දැං නිදහස් අද්‍යාපනේ ඕනෙම නෑ. ඉස්කෝල වලින් කරන්නෙ ලමයින්ගෙ කාලෙ කන එක. ලමයි ඉගෙනගන්නෙ ටියුෂන් වලින්. විභාගෙ දවසට විතරක් ඉස්කෝලෙ එන්න කියලා අනික් දවස් වලට කැමති නං විතරක් එන්න කිව්වනං ලමයි මීට වඩා සතුටිං ඉඳියි.

    ReplyDelete
    Replies
    1. +++++++

      Well said ! This bloody free education sucks. We need quality international school system !

      Delete
  16. තුන් හෙළේ කැලෑ තුළ සිංහපැටව් නැත උන් රට අතැර ගොසින්
    කොටු කර යදැලින් ඇති සිංහපැටව් විලිවැද යති දැක හෙළයන්
    සරු දෙරණ මකා තණ කබල කකා සිංහයෝ සිඟති එතෙරින්
    සිහ රජුනට දාවූ සිංහපැටව් තුටුවෙද අනුනගෙ ඉඳුලින්....!

    ReplyDelete
    Replies
    1. අර මිහිඳු පකා රට කෑව පකා උගේ මෝටම හැමිනෙන්නේ
      අර ගෝට පකා උගෙ මෝට හුකා අද හෙට හිර ගෙට යන්නේ
      අර බැසිල් පකා මුළු රටම කකා අද සද්ද නැතුව ඉන්නේ
      මුන් ඔක්කොම ටික එක රොත්තට ගෙන අපි අපායේ යවන්නේ

      Delete
    2. ඒ මිහිඳු පකා එලවන්න කියා පඹයෙක් මතුවී ආවේ
      රන් පොනිල පකා ලප වානරයා ඌ සමගින් එක්වූවේ
      වෙනසක් පතමින් මැටි මෝඩ හරක් පඹ පකාව පත්කෙරුවේ
      යහපාලන ටොම් පච පැලකරමින් රට වැනසුමටයි ආවේ

      බලු මිහිඳු පකාගේ සට්ටැඹියන් දැන් බලුවී කුණුවෙන්නේ
      උන් වෙනුවට වෙන පක්කලි රෑනක් දැන් මුන් පුක් ලෙවකන්නේ
      ගූ භක්ෂණයෙන් පුක් ප්‍රදානයෙන් උන් පණ කෙඳි රැකගන්නේ
      නිදහස් අදහස් ඇති උන් ළඟදිම සෙට්වී තොප මෝටත් සුඛ වන්නේ

      Delete
    3. ඒ රට අත ඇරලා ගොය සිංහ පැටවුන්ට තුං මුල්ලේ නරියා ගිහින් සම්මන්ත්‍රොන වගයක් පැවත්වුවා නේද ළඟදි...

      Delete
  17. Replies
    1. එයිටාමතරව 12 හවස වත් මොකුත් උනොත් නරකද කට්ටියම එක්ක?

      Delete
    2. කට්ටියම??? විස්තර කලොත්....

      Delete
    3. 12 තියෙනවා නේද බසු මගුලක්.. ඒකට එන කට්ටිය ගැන මන් කියුවේ.. එයිටාමතරව මොකුත් කියුවේ නෑ..

      Delete
    4. මම එන්නයි හිතා ඉන්නේ...එන එන විදියට ගහ උලුවස්සා කියලා ඇවිල්ලමු බලමු හයෙන් පස්සේ ගැන....

      Delete
    5. කොච්චර ලස්සන බාසාවක්ද නේ....

      Delete
  18. රජයේ පාසැල් කියන්නෙම මල විකාරයක්. දුප්පත් අයට පමනක් සීමාවන යම් සහන ගාස්තු යටතේ සියලුම රජයේ පාසැල් පුද්ගලික අංශයට ලබාදී කාර්යක්ශමව පවත්වාගත යුතුයි. මට පෙනෙන ලෙස රජය උපක්‍රමිකව කරමින් සිටින්නේ නිවැරැදි දෙයයි. රජය මැදිහත්ව බැංකු මගින් අතිශය දිළිඳු සිසුන්ට පමනක් සීමාවන සහනදායක ණය ලබාදී පසුකලෙක ඔවුන්ගෙන් එම මුදල් අයකරගත යුතුයි. මොන ලබ්බක්වත් නිකම් නම් දිය යුතු නැහැ කීයටවත්.

    ReplyDelete
    Replies
    1. ඇනෝ, මෙරටේ මුදල් ගෙවා ඉගනගන්න කාලයක් අවොත් මොක නැතත් එකක් වෙනවා, කැම්පස් වල කොල්ලෝ කෙල්ලෝ පිලිවලට ඉගනගනී.
      ඉල්ලීමක් කලත් ඉදිරි රැකියා අවස්ථා ස්ථාවර කරගැනීමට උවමන දේ පමණක් ඉල්ලනු ඇති

      Delete
    2. ඇයි මහත්තයෝ දැන් කොල්ලෝ කෙල්ලෝ ඉගෙන ගන්නේ නැද්ද? නිකං පුක නොදී යනවා මහත්තයෝ යන්න. අවා මෙතන..

      Delete
    3. ඇනෝ මහත්තයා එහෙම කොහොමද? යුනිවසිට්ය් වලට සල්ලි අය කලොත් අපේ කට්ටිය පෙලපාලි යනවට ගෙවන්නෙ කවුද? අපි ස්ට්‍රයික් කලත් ගෙවන්න ඕනද? ගුනරත්නම් මහත්තයාගෙ බඩ රස්සවට ගහන්නද හදන්නේ? කුමාර් ගුනරත්නම් සහෝදරයා වහා නිදහස් කරනු!!!!!!!!. ඔහුට දෙශපාලනය කිරීමට ඇති අයිතිය තහවුරු කොරනු!!!!!! ඔස්ට්‍රේලියාන්ය් පස්ස්පෝට් එකෙන් මැල්ලුමක් හදනු!!!!!

      Delete
    4. Well said Ian. Kumar Gunaratnam's family is enjoying all comforts here while stupid sri lankan students dance to his tune... hikis.

      Delete
    5. මම ඉන්නෙත් මුල් ඇනෝගේ මතයේ... නිකං කන ජාතියක් කවදාවත් ගොඩ ගන්න බෑ.. නිකං කන උන්ට තියෙන්නේ හිඟන මානසිකත්වයක්.. කොච්චර උගත් කිව්ව්ත් ඩොකාලට තියෙන්නෙත් එහෙම මානසිකත්වයක්.. ඒක ඩොකාලගෙ වැරද්දක් නෙමේ.. දේසපාලන සඟිස්කෘතියේ වැරද්දක්.. ලිබියාවේ ඔක්කෝම වගේ නොමිලේ දීලත් දියුණු ළෝකයේ රටවල් අතරට එන්න බැරි උනේ ඒ නිසයි...

      Delete
    6. AnonymousDecember 9, 2015 at 1:08 AM මොකෝ නැත්තේ මහත්තයෝ උන් ඉගෙන ගන්න නිසානේ අන්තිමට රස්සාවක් ගන්න බැරුව රැකියා දියවූ කියල පාරවල් හරස් කොරල බඩ කට පුරා කාල යන්නේ. මචන් කැම්පස් එකෙත් යමක් කමක් නැති එත් වුවමනාවක් ඇති එවුන් ටියුෂන් එකක් කරලා ගානක් හොයාගෙන ගෙදරට කීයක් හරි යවන ගමන් 1st class එකක් දා ගන්නවා. ඕනේ කමක් තියෙන යමක් කම තියෙන එවුන් cima, cim, BCS, toast master, rotract හැම ලබ්බක්ම කරලා විතරක් නවතින්නේ නැතුව sports කරලා හොද කෙල්ලෙකුත් සෙට් කරගෙන හැන්දෑවට පොඩි කොටුවකුත් පනිනවා. උන් අවුට් වෙලා ජොබ් හොයාගෙන බැදල ළමයිත් හදල ඉවරවෙනකොට අපේ දේශප්‍රේමී කෙල්ලෝ කොල්ලෝ ආණ්ඩුවේ 10,000 ට ඇට බෙදනවා. කැම්පස් එකේ දී නම් මචන් දේශප්‍රේමී කොල්ලෝ කෙල්ලෝ ලෙක්චර් අවෙත් නෑ, ලවු කලෙත් නෑ, ආතල් ගත්තෙත් නෑ, එත් අන්තිමේ උන්ගෙන් සමහර එවුන්ට ඩිග්‍රියත් නෑ, රස්සවලුත් නෑ. අලයෝ කියපු එවුන් තමයි දැන් කොම්පැනි වල වැඩකරලා රටට අදායමක් ගේන්නත්, කැම්පස් සටාෆ් එකේ ඉගෙන ඉදිරි පරම්පරාවල් වලට උගන්නන්ත්, රට ගිහින් හොද ජොබ් එකක් කරලා මෙහෙ ඉතුරු වුන දේශප්‍රේමියන්ට 10,000 ගෙවන්නත් මේ රටට සල්ලි එවන්නේ. ඔන්න ඉතින් අපේ දේශප්‍රේමී එවුන්ට ගිය කල.

      Delete
  19. මාතා කිව්වා වගේ මේ ආණ්ඩුව ලගදීම හොදට නාගන්නවා, හැබැයි හේදිලා යන්නේ මෙරටේ මෝඩ මිනිසුන් ටිකයි.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන්, ආණ්ඩුවට ඕනෙ නම් මිනිස්සු තැන් තැන් වල බනී. එච්චරයි. මේ ආණ්ඩුව තව අවු. 5කට හොල්ලන්නවත් බෑ. දූශිත රාජපක්සලත් කිච වෙලා බලුම වෙලා ගිහින්. විපක්ශයත් හාන්සි එකේ හූල්ලනව ඇර වෙන සරණක් නැහැ. ඉතින් අපි රජයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සහය දිය යුතුයි නේද?

      Delete
    2. අර පොට්ට සාත්තරකාරයා හිතාගෙන ඉන්නේ මරා වගේ මයිත්‍රීත් සාත්තර පස්සේ යනවා කියලා.

      Delete
    3. අපිට තියෙන් බයත් ඒකයි.. හේතුව මේ ආන්ඩුව වෙනුවට එන්න ඉන්නේ කව්ද කියන එක..

      Delete
  20. පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී ආරක්ෂක අංශවලට, ආදි ශිෂ්‍යයන්ට, අධ්‍යාපන අංශයේ ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දී තිබෙන කෝටා ඉතාම අසාධාරණය; එය වහාම ඉවත් කළ යුතුය. පාසල් මිලිටරිහරණය ඉතා වැදගත්ය. එසේම, පාසල්වල කැඩෙට් කණ්ඩායම් වහා නැවැත්විය යුතු ය. එක එක වෘත්තියට කෝටා වෙන් කිරීම පිස්සු විකාරයකි. ඉගෙන ගන්නා එකා කොයි ළෝකයේ සිටියත් ඉගෙන ගනී. මළම විකාරයක්වූ පහේ සිස්සත්තය එහි ප්‍රතිඵල තුල මනාව දිස්වේ.

    අධ්‍යාපනය බාරදිය යුත්තේ අධ්‍යාපනය පිළිබඳ දැණුමක් හා හැදෑරීමක් ඇති පිරිසකටය. අධ්‍යාපන පරිපාලනයට කෙල වූයේ සුසිල් ප්‍රේමජයන්ත, ගොන්දුල බනවඩන, ග්‍රේරෝ වැනි ප්‍රතිපත්තියක් නැති ගොන් හරකුන්ට එය බාරදීමෙන් පසුවය. අධ්‍යාපනය තනිකර දේශපාලනීකරණය කලේ ඔවූන් වැනි රාජපක්ශ පාදඩ කල්ලියේ සට්ටැඹියන්ය.. ඉන් පසු ගෝඨා එය හමුදාකරණයකර ලක් කලේය. යහපාලනය යටතේ එය නැවත නිසි මගට ගැනෙමින් පවතී. රනිල් + අකිල සුසංයෝගය ඉතාම මනා දැක්මක් සහිතව ඉතාම විශිශ්ට ලෙස අධ්‍යාපනය ගොඩනගමින් සිටිති. දැනට ඇත්තේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමනි. හෙටදින සැබෑ දියුණුවක් දැකිය හැකිය.

    ReplyDelete
    Replies
    1. //පාසල්වල කැඩෙට් කණ්ඩායම් වහා නැවැත්විය යුතු ය//

      මල්ලි උඹ කැඩෙට් කරන කාලේ පෝලිම දැම්මද එවුන් උඹට

      Delete
    2. //Anonymous December 9, 2015 at 1:08 AM// ඇනෝ.. ඔබේ නිර්ණායක අනුව මේ අධ්‍යාපන ඇමතිතුමා ඒ සඳහා සුදුසුකම සපුරන අයුරු හේතු සහිතව කියන්න පුලුවන්ද?

      Delete
    3. යකෝ මේ මම පැරාට දාමු කොමෙන්ට් එක නේද පොඩි මොඩරේසොන් එකක් දලා මෙතන තියෙන්නේ..

      හැබයි එතනදි මාතලන් නම් අවසන් කොලේ මෙහෙමයි..


      // එක එක වෘත්තියට කෝටා වෙන් කිරීම පිස්සු විකාරයකි. ඉගෙන ගන්නා එකා කොයි ළෝකයේ සිටියත් ඉගෙන ගනී. පහේ සිස්සත්තයද මළම විකාරයක් වූවද, එහි ප්‍රතිඵල තුල එය මනාව දිස්වේ..

      අජ්ජාපනය බාරදිය යුත්තේ අජ්ජාපනය පිළිබඳ දැණුමක් හා හැදෑරීමක් ඇති පිරිසකටය. අජ්ජාපන පරිපාලනයට කෙල වූයේ සුසිල් ප්‍රේමජයන්ත වැනි ප්‍රතිපත්තියක් නැති ගොන් හරකෙකුකුට ඒය බාරදීමෙන් පසුවය.

      අජ්ජාපනය තනිකර දේශපාලනීකරණය කලේ ඔහුය. ඉන් පසු ගෝඨා එය හමුදාකරණයකර ලක් කලේය. යහපාලනය බුකියේ උන්ගේ කීම් වලට ගරි කොට අජ්ජාපනල ළමයෙකුට දුන්නේය.

      දැන් එයට අබ සරණය.//

      Delete
  21. වෝක් ගිහිං ප්‍රශ්ණ ගොඩ දාන්න පුළුවන් කියල හිතන කාලකන්නි ඉන්න රටක්... අරෙහෙ කැම්පස් එවුං පොලිසියෙන් ගුටිකන්න බලාගෙන වෝක් එකේ එනව. මුන් වෝක් එකේ ගිහිං දුෂනේ අඩුකොරන්න හදනවා... වෝක් ගිහිං ඔක්කොම කොරන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. නිකන් පලයන් බන් උඹල වගේ දූශිත රාජපක්ශ පාදඩ කල්ලියේ සට්ටැඹියන් දන්නෙ ඇද දකින්න විතරයි. මේකෙන් රටේ සැබෑ ජනමතයක් ඇතිකර රාජපක්ශ කල්ලියත් උන්ගේ ගෝල පචෝරිස් බලුවන්ස, මන්ගොන්පිලා ඇතුලු තක්කඩින් සම්පූර්ණයෙන්ම අතුගා දමන්න පාර කපන්න පුලුවන්. ඊට පස්සෙ විපක්ශයක් නැති රටක ලිබරල් එකාධිපතියෙක් ඕනමයි. අවුරුදු ගානකට ස්ට්‍රයික්, උද්ඝෝෂන, පෙලපාලි නවත්තලා යක්කු වගේ රට හදන්න ඕන. විශේශයෙන් කාඩ බයි හැත්තගෙන් බල්ලොන්ගෙන් වගේ වැඩ අරගන්න ඕනෙ. ඕකුන් කොහොමත් ඉතින් වහල්ලු නෙව. වහල් බයි හැත්තට මොන මානව හිමිකම් ද? වෘත්තිය සමිති තහනම් කරන්න ඕන. හිඟන ගෝත්‍රිකයන්ට මොන මානව හිමිකම්ද...?

      Delete
    2. හැක්.. උඹට වලිගෙ පෑගිලා...

      Delete
    3. අපරාදේ කියන්නේ මහින්ද මහත්තයක් ගොන් ආතල් දුන්නට මෙහෙම ගොන් තකතීරූ වැඩ නම් කොලේ නෑ... කාන්තා ශෝක දිනයේ ඇර (මැයි පළවෙනිදට ඇර..)

      Delete
    4. ///හැක්.. උඹට වලිගෙ පෑගිලා...///
      පව් අප්පා අපේ සජ්ජා...
      නිකන්ද කියන්නේ අපිට වල කපන්නේ අපේම එකෙක් කියලා...

      Delete
  22. කුඩු කන්ටේනර් පාස් කරන්ඩ අස්සන් ගහපු හිටපු අගමැතියෙක් දැන් ජනාදිපතිගේ උපදේසක කමක් දීලලු නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් කුඩු ගෙනාවත් අගමැති කෙනෙක්... කුඩු වෙන්න, කෝටී 65000 ක් ගහපු තාත්තයි පුතයි දෙන්නත් පාර්ලිමේන්තුවේ ඉන්නේ..

      Delete
  23. අර තොටවත්තේ පස්සේ යන එක ගැන කිව්වට මෙන්න උඹට චොකලට් කෑල්ලක්. හිටපු එක්කෙනෙ එකෙක් ගෙන් අහලා චන්දෙ තියල කෙලව ගත්තා. දැන් මුන් තව එකෙක් අල්ලාගෙන. යකෝ අනික් රටවලත් මිනිස්සු අනාවැකි අහලය රටවල් පාලනය කරන්නේ.

    ReplyDelete
    Replies
    1. // යකෝ අනික් රටවලත් මිනිස්සු අනාවැකි අහලය රටවල් පාලනය කරන්නේ. //


      නැතුව නැතුව..

      ඇයි ඔහේ ඉන්න රටේ කාලගුන අනාවැකි කියන ඔපීසියක් නැතෙයි?

      Delete
    2. උඹ කිව්වම එකක් ඔලුවට ආවා.. පෝස්ට් එකක් දාන්න ඕනා.. වෙනම...

      Delete
  24. කලින් තිබ්බෙ පෙරදිග සුද්ද සිංහල විකාරය. දැන් තියෙව්වෙ පොෂ් වෙස්ටනයිස් විකාරය. ඇත්ත කතාව නම් දෙකම විකාරයක් බවය.

    මට මේක තදටම අල්ලල ගිය කෑල්ලක්ද ඇත. එය නම් " සුමනයා වෙනුවට දැන් රාජ්ජ දයිවග්නයා වෙලා ඉන්නේ, ඉන්දික තොට්වත්ත කියලා පිස්සු වේසිගේ පුතෙක්ය.'' කොටසයි. ජාත්‍යන්ධයන් අන්දන ඒ වල් බල්ලට ගරු නම්බු දීලම කතා කරල. සන්තෝසයි.

    සුමනය තරම්ම සමාජ බලයක් මූ ගොඩනගාගෙන. ඒක හරිම ඛේදවාචකයක්. හැබැයි සයිබරේ වයිරල් වුන එක නම් (වෙඩිමකට ගිහින් චාටර් වුන එක ) ටිකක් බොරු බොරු වගෙ නේද

    ReplyDelete
    Replies
    1. බොරු නම් ඒවා ලියපු උන් සී අයි ඩීයට ගෙන්නන්න එපාය.. බොරු නෙමෙයි අමූලික ඇත්ත.. මහා ලිබරල්වාදියෙක් කියන රනිලුත් තිරපතිද කොහෙද රෙද්දක් අස්සේ රිංගන්නේ.. ගොන් හරක්...

      Delete
  25. මාධ්‍ය නිදහස දිවි හිමියෙන් ආරක්ෂා කරන බවට සතර අතේ දිව්රා පොරොන්දු දී බලයට පත්වූ යහපාලන ආණ්ඩුව, මාස 11 ක් ඉක්ම යත්ම එකී පොරොන්දු අමු අමුවේ කඩ කරමින් මාධ්‍ය නිදහස පාවා දෙමින් පුවත්පතක පලවූ සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ‘සත්හඬ’ පුවත්පතේ කතෘ, පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න හා සත්හඬ නියෝජ්‍ය කතෘ හා ‘ලංකා ඩේලි’ වෙබ් අඩවියේ කතෘ සුභාෂ් වීරතුංග ජයවර්ධන හෙට (10) උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවන තට්ටුවට කැඳවා තිබේ.

    මෙසේ මොවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට හේතු වී ඇත්තේ ‘ඇවන්ගාඩ්’ සමාගමේ ප්‍රධානී විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතා සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු විසින් අමාත්‍යවරුන් පිරිසකගේ ඊනියා කීර්ති නාමයන්ට අපහාස වන ආකාරයෙන් ලිපියක් පලකිරීම සම්බන්ධවය. මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවමින් ලිපිය සකස්කොට තිබෙන්නේ ‘සත්හඬ’ නියෝජ්‍ය කතෘ සුභාෂ් ජයවර්ධන මහතා විසිනි.

    මෙම ලිපියෙන් තමන් ඇතුළු තවත් ඇමතිවරු දෙදෙනෙකුට අපහාස කළ බවට අමාත්‍ය රාජිත සේනාරත්න විසින් පසුගියදා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඇමතිවරයාගේ එම පැමිණිල්ල මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද කැඳවීමක් අනුව ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඊයේ (08) එහි ගොස් පැය 3 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබිණ.

    සේනාධිපතිගෙන් ප්‍රශ්න කරමින් සිටින අතරවාරයේ රාජිත සේනාරත්න ඇමතිවරයා හත් අට වතාවක්ම දුරකතන ඇමතුම් දෙමින් සේනාධිපතිව කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කොට තිබේ. එවිට CID නිලධාරීන් අමාත්‍යවරයාට ප්‍රකාශිතවම සඳහන් කොට ඇත්තේ ‘ඇමතිතුමා අපිට අපේ වැඩේ කරන්න ඉඩ දෙන්න. සේනාධිපති කියන්නෙ නසරානියෙක්. ඇමතිතුමාල කියන විදිහට නටන්න ගිහිල්ල අපිට නතර වෙන්න වෙන්නෙ සුප්‍රීම් කෝට් එකේ. අඩුගානෙ නීතිපතිවත් අපට පෙනී හිටින්නෑ. අන්තිමට පුංචි එවුන්ට කන්ඩ බොන්ඩ දෙන්න තියෙන හිඟන පඩියෙන් තමයි නීතිඥ ගාස්තු ගෙවන්න වෙන්නෙ. ඒ වෙලාවට ඔබ තුමාල අහක බලාගෙන ඉදීවි’ යනුවෙනි.

    ඇමතිවරුන් තිදෙනා සම්බන්ධයෙන් ‘සත්හඬ’ පුවත්පතේ පලවී ඇති වාර්තා සත්‍යක්ම මිස අන් කිසිවක් නොවන බවත් (Nothing but the absolute truth) පවසා ඇති නිශ්ශංක සේනාධිපති ඊට අදාළ සියලු හඬ පට හා ලිපි ලේඛණ තමන් සතුව ඇති බවද පවසා තිබේ.

    මේ සම්බන්ධයෙන් ‘ලංකා නිවුස් වෙබ්’ හා අදහස් පලකළ සත්හඬ ප්‍රධාන කතෘ දීප්ති කුමාර ගුණරත්න මහතා පවසා සිටියේ ‘මේ ආණ්ඩුව බලයට පත්වුනේ පහුගිය ආණ්ඩුව කරපු වැරදි ආපහු වෙන්නෑ කියන පොරොන්දුව පිට. මේ ආණ්ඩුවට වයස මාස 11 යි. පහුගිය අවුරුද්දෙ මේ කාලෙ රටපුරා වේදිකාවල් ගානෙ දුන්න පොරොන්දු බොහොම ඉක්මනින්ම අමතක වෙලා. පහුගිය ආණ්ඩුවට ගෙදර යන්ඩ වෙච්ච කාරණා මේ අයට අමතකයි. ඉතා ඉක්මනින්ම මේ අයටත් ඒ අය වගේම ගෙදර යන්ඩ පුළුවන් වේවි’ කියාය.

    රාජපක්ෂ ආණ්ඩු සමයේදීද එනම් 2012 ජූනි 29 වන දින ශ්‍රී ලංකා මිරර් කතෘ මණ්ඩලය සමග එවක X News එජාප වෙබ් අඩවියේ කතෘ ලෙස සේවය කළ සුභාෂ් ජයවර්ධන රහස් පොලිස් අත්අඩංගුවට ගෙන රාජපක්ෂගේ රාජ මහිමය කෙලෙසීම යන චෝදනාව මතය. එම නඩුව මේ වන විට දින නියමයක් නොමැතිව බහා තබා ඇත. ඒ සමග අත්අඩංගුවට ගත් කිසිදු පරිගණකයක් මේ දක්වා රහස් පොලීසිය විසින් ශ්‍රී ලංකා මිරර් කතෘ මණ්ඩලය වෙත නැවත භාර දී නොමැත. නීතිඥයින් පවසන්නේ අවශ්‍ය වෙලාවට එළියට ගැනීමට ඒවා බහා තබන බවයි.

    ReplyDelete
    Replies
    1. මම නම් එතන වැරද්දක් දකින්නේ නෑ.. හේතුව ඒ ළිපියෙන් කෙලින්ම ඇමතිවරුන්ට චෝදනා එල්ල කරලා තිබුනා.. දැන් ඔය ඉන්ටවල් එක කරපු උන් ගාව ඉන්ටවල් එක දුන්න එකාගේ හඬ පටිය ඇතිනේ.. දැන් සිද්ද වෙන්න ඕන සාධාරණ පරීක්ෂණයක්.

      හැබයි මෙහෙම එකක් තියෙනවා.. සිරිලිය ගිණුමේ චෝදනාලාභිනියගේ ප්‍රකාසේ ගන්න කතා නායක නිල නිවාසෙට යන සී අයි ඩී මහත්තුරුන්ට (චෝදනාලාභිනිය කතා නායකගේ බිරිඳ නොවේ.) පත්තර කන්තෝරුවට ගිහින් ප්‍රකාශයක් ලබා ගන්න පුළුවන් උනා නම් බොහෝම වටිනවා..

      කොහොමත් මහින්දටත් වඩා දරුණු මාද්දිය මරධනයකට මේ ආන්ඩුව ඉක්මනින්ම යනවා..

      Delete
  26. අපේ රටට ඕනේ රටට හිතැති, තමන්ගේ රටට, මිනිස්සුන්ට ආදරේ ඇති, මොලයක් ඇති අඥාදායකයෙක්. නැතුව මේ රට ගොඩ ගන්න බැහැ. කලින් හිටපු එකාගේ ඔය කියපු සමහර දේවල් තිබුණා, සමහර දේවල් නැතුව. ඒකයි ඒ යකාට වැරදුනේ. දැන් ඉන්න උන්ටනම් ඔය එකක්වත් නැහැ. ඒකයි රටටම වැරදීගෙන යන්නේ.

    ReplyDelete
    Replies
    1. කලින් හිටපු එකා ගොන් ආතල් නොදි රට පාලනය කොලා නම් එයා මැරෙණකම් මේ රටේ ස්ජ්ජුරුවෝ.. අපි පුක ඉරාගෙන ඕවා කිව්වට අපි මුක්කුද? කම්බා හොරු නේ වට කරගෙන උන්නේ.. අපි පැත්තකින් තියමු.. යුද්දේ ඉවර වෙලා අවුරුද්දක් ඉතර යනකන් වික්ටර් අයිවන් මහින්දට රට හදන්න ඕන කොහොමද කියන එක හැමදාම ලිව්වා.. ඒත් එයා සහෝදරයන්ට රට කන්න දීලා, ඉල්ලගෙනම කෑවා..

      Delete
  27. අප ජනවාරි අට වෙනිදා මහින්දට විරුද්ධව ජන්දේ දුන්නේ ඒ ගත්තේ හරි තීරණේ කියලා විශ්වාස කල නිසා.මහා ජන්දේ දුන්නේ UNP එකට ඒ ගැනත් මගේ පසුතැවිල්ලක් නැහැ.අඩු නරක තමයි ඒ වෙලාවේත් තෝරා ගත්තේ. ඒ වෙලාවේ අඩු නරක තෝර ගත්තා කියන කාරණය ඒ වෙලාවේ නිවැරදි වෙන්න පුළුවන් පෙන්නපු සුරංගනා ලෝකෙත් එක්ක, ඒ අඩුය කියල කියපු නරක දැන් තියෙන්නේ ඒ වෙලාවේ කියපු අඩු මට්ටමේද කියන එකයි ඔලුව පොඩ්ඩක් කල්පනා කරලා දැන් විමසලා බලන්න ඕනේ.

    අර මාකට් කරපු සරළකම් කෝ? අඩු වියදං කෝ? පවුල් සමාගම් අඩු උනාද වැඩි උනාද? මේ වෙනසෙන් උනේ මිනිස්සුන්ට ජීවත්වෙන්න පහසු වෙච්ච එකද අපහසු වෙච්ච එකද? තාම බජට් එකේ නියම ප්‍රතිපල අපට දැනෙන්න පටන් ගත්තේ නැහැ, මේ ආරම්භය පමණයි. තව සතියකින් ටයර් මිළ 6% කින් වැඩි වෙනවා, රජයේ මුද්දර ගාස්තු ඉස්සර තිබුනේ 1% යි, දැන් ඒක 1.5% ක් කරලා. දැන් ක්‍රෙඩිට් කාඩ් වලින්, ලීසිං වලින් සහ රජය දැනුවත්ව කරන මිළදී ගැනීම් සියල්ලටම ඔය අමතර 0.5% වදින්න ගත්තම තව තේරෙනවා ලැබිච්ච පහසුව ගැන. මේ දේවල් බජට් එකේ කොහෙවත් කියවෙච්ච බවක් මටනම් මතක නැහැ.

    යහපාලනය වෙනුවෙන් ඡන්දේ දීපු බහුතරයක් ඡන්දේ දුන්නේ බඩු මිළ අඩු වෙයි, ජීවත් වෙන්න පහසු වෙයි කියන එක ගැන හිතලා. ඡන්ද පොරොන්දු බහුතරයක් තිබ්බේ, පඩි වැඩි කිරීම්, ජීවන වියදම අඩු කරනවා වගේ දේවල්. දුර්දාන්ත පාලනය අවසන් වෙච්ච ගමන් ජනතාවට සනහ සළසනවා කියලත් කිව්වා නේද?

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ බඩට වදින කොට මිනිස්සු සක්විති රජෙක්වත් උස්සලා පොළොවේ ගැහුවා.. මේ රටේ උන්ගේ බඩට ගහන එකෙකුටවත් පැවත්මක් නෑ.. අත්තාවස්ස බඩු 10-12 ආඩු කරොත් මැරෙනකන් රජ කම් කොරන්න පුළුවන් කියලා මාතලන් කීප සැරයක් මහින්ද මහත්තය ලිව්වා.. ජනාධිපති කාර්යාලෙටත් යැව්වා.. ලැබුනා කියලා ඇක්නොලේජ්මන්ට් නම් ආවා.. ඒත් පුක නැතිවෙන්න කන එකට බදු ගැහුවා.. අන්තීමේදි ජනතාබ මහ රජාගේ පුක නැති වෙන්නම දුන්නා..

      අපේ උන් කනවා වැඩියි කියපු කිංස්ලී ටී වික්‍රමරත්න කියන එකා ටික දවසකින්ම මළා.. ඊයේද කොහෙද පඩත්තල කතා කියපි යහපාලන එකෙකුත් මළා.. මිනිස්සුන්ගේ කෑම ගැන නොසලකන උන්ට වෙන්නේ එහෙම තමයි..

      Delete
    2. හරි නිර්මාණශීලී ඇනෝ මහත්තයෙක්...

      Delete
  28. මේ ආණ්ඩුව ආර්ථික කළමණාකරණයේදී අනාගත්තු තැන් බොහොමයි. එක උදාහරණයක් ගත්තොත් රජයේ සේවක වැටුප් 10,000කින් වැඩි කිරීම ගනිමු. එතකොට ලක්ශ 14 x 10,000 x 12 කියන්නෙ වසරකට රු. බිලියන 168ක්. දක්ෂිණ අධිවේගී මාර්ගය (කොට්ටාව-පින්නදූව) මුළු වියදම රු. බිලියන 77. අන්ත දූශිත රාජපක්ශලා හොරාකාපු 80% වෙනුවට 50%ක් අයින් කලත් බිලියන 38.5යි. ඉතින් කිසි ගින්නක් නැතුව ඒ වගේ අධිවේගී මාර්ග 4ක් හදන සල්ලි නාස්ති කලේ මෝඩකම නිසා. බඩුමිල අඩුකරනව නම් මොකට පඩි වැඩි කරනවද?

    අන්ත දූශිත පාදඩ රාජපක්ශ රෙජීමය පාලනය කල සමයේ අපෙන් බදු ගහලා මුදල් අවභාවිතය කලා කිව්වට ඒ මිනිස්සු ඒ කාලේ වැඩක් කලා, විදෙස් සංචිත වැඩි උනා. එක එක ව්‍යාපෘති හරහා මිනිස්සු අතට සල්ලි ආවා. ඩොලර් එක දවස ගානේ ඉගිලුනේ නැහැ මේ වගේ. දැන් මජර මරා හොරා කන්නේ නැහැනේ, ඒ වගේම මුදල් අවභාවිතය කරන්නෙත් නැහැනේ. අලුතෙන් ආපු අය දුෂකයෝ නෙමෙයි නිසානේ මිනිස්සු ඡන්දේ දීල තියෙන්නේ. එතකොට ඒ ඉතුරු වෙන සල්ලි බහිරවයා ගිලින නිසාද දැන් මේ හැම දේම වැඩි කරන්නේ.

    ඡන්දෙට කලින් කියපු ගොන්කමට 10,000/- වැඩි කලාට ඒක ගෙවන්න උනාම තමයි මුන්ටත් තේරෙන්න ඇත්තේ රටක් කරන එකත් ලේසි පහසු කෙලියක් නෙමෙයි කියලා. මුන් ආපු ගමන් සල්ලි අච්චු ගැහුවා, පොඩි පොඩි කොල ගැන මතක නැහැ. කෙළින්ම 5,000/- ඒවා තමයි ගහල තිබුනේ. ඉන්සුරන්ස් එකේ බිළියන 27.5 ක් මහ බැංකුවට ගත්තා. අකුරගොඩ හදන්න වෙන් කරලා තිබ්බ මිළියන 700 ක් හරි 800 ක් හරි මහ බැංකුවට ගත්තා. මටනම් පේන්නේ දැන්නම් ග්‍රීසිය, සිම්බාබ්වේ කරා නොපසුබටව යමින් පවතිනවා කියල තමයි. නවත්තන්න නම් කරන්න වෙන්නේ අපිට කෙළලා අපෙන්ම ගන්න එක තමයි.

    ReplyDelete
    Replies
    1. මහත්තයෝ මහින්ද යුගයේ රට දිව්වේ ඒ නිසා නෙමෙයි, පාතාල ආර්ථිකය නිසා.. කළු සල්ලි කිසි අවුලක් නැතිව සුදු කරන්න ඉඩ දීපූ නිසා.. ලෝකේ ඉන්න පාතාල කාරයෝ ගොඩක් උන්නේ මෙහේ.. ඔය ඇවන් ගාඩ් කියන්නේ එයින් එකක් පමණයි.. තව එකක් තමයි සරණාගතයන් බෝට්ටුවල පැටවීම, තව එකක් තමයි කුඩු.. ආර්ථිකය දිව්වේ ඒවයෙන්.. එහි දායකත්වය 50% කට වැඩියි.. ඇවන් ගාඩ් කාරයා කියලා තියෙනව නිකං ඉන්න උන්ටත් පඩි ගෙව්වය කියලා.. එතකොට ඔය පාරවල් හදපුවයින්, එයාර්පෝට් හදපුවයින්, වරායවල් හදපුවයි මහින්දලා තනියෙම කෑවේ නෑ.. අනික් උන්ටත් කන්න දුන්නා.. ඒ සල්ලි රටේ හැමතැනම සැරි සැරුවා.. ඉතින් කොහෙන් හරි අරවට ගෑවිච්ච එකාටත් කිසි අවුලක් තිබුනේ නෑ.. ඒවා පහළටත් ගලාගෙන ගියා..

      දැන් ඒක නැවතිලා.. හැබයි ඉක්මනටම ගොඩ එන්න පුළුවන් මෙතඩ් අනුගමනය නොකලොත් ඩොලර් එක් 200 කට යාවා ළඟදීම.. කරන්න පුළුවන් හොඳම දේ තමයි ෆ්‍රී ට්‍රේඩ් සෝන් ඉඳිකරලා.. කොන්දේසි විරහිතව ආයෝජකයන්ට ඉඩ ප්‍රස්තාව ලබා දීම.. මට නම් වෙන කිසිම සොලියුසොන් එකක් පේන්නේ නම් නෑ...

      Delete
    2. මේකත් කලින් ඇනෝවමද කොහෙද... හෙහ් හෙහ්... ;)

      Delete

  29. //අන්ත දූශිත පාදඩ රාජපක්ශ රෙජීමය පාලනය කල සමයේ අපෙන් බදු ගහලා මුදල් අවභාවිතය කලා කිව්වට ඒ මිනිස්සු ඒ කාලේ වැඩක් කලා, විදෙස් සංචිත වැඩි උනා. එක එක ව්‍යාපෘති හරහා මිනිස්සු අතට සල්ලි ආවා. ඩොලර් එක දවස ගානේ ඉගිලුනේ නැහැ මේ වගේ. දැන් මජර මරා හොරා කන්නේ නැහැනේ, ඒ වගේම මුදල් අවභාවිතය කරන්නෙත් නැහැනේ. අලුතෙන් ආපු අය දුෂකයෝ නෙමෙයි නිසානේ මිනිස්සු ඡන්දේ දීල තියෙන්නේ. එතකොට ඒ ඉතුරු වෙන සල්ලි බහිරවයා ගිලින නිසාද දැන් මේ හැම දේම වැඩි කරන්නේ.//


    චන්දෙට කලින් ඕවා ඔහොම වෙනවයි කියලා අපී කිවුවා... කෝ ඇහුවද? ඇහුවද? ඇහුවද? ඇහුවද? ඇහුවද? ඇහුවද? ඇහුවද? ඇහුවද? ඇහුවද? ඇහුවද? ඇහුවද? ඇහුවද? හුවද? ඇහුවද? ඇහුවද? ඇහුවද? ඇහුවද? ඇහුවද? ඇහුවද? ඇහුවද? ඇහුවද? ඇහුවද? ඇහුවද? ඇහුවද?

    ReplyDelete
    Replies
    1. Sarasa please understand,

      Rajapakse regime also kind of bad-ass as well u know? They are politically worst. These buggers make us financially worsening.

      Delete
    2. Ano 824 a.m. please don't waste your words to explan things to bayyas. They only know about worshipping MR nothing else. Just ignore the blo...idiots.

      Delete
    3. තව අවුරුදු දෙකක් උන්නා නම් ආයෙත් රටේ ලේ ගලන්නේ උතුරු දකුණු වෙනසක් නැතිව...

      Delete
  30. //
    Rajapakse regime also kind of bad-ass as well u know? They are politically worst. //

    true.... Ma Ra Govt is Bad.. Ranil Aaappa sira Govt is worst!

    ReplyDelete
  31. thawama methana kiyana tharam yahapaalana aanduwa pathkara gaththu mahajananayata epawela naha maathe, kawruwath me tika dawasata janathawata wechcha hondha gana katha karanne naha, 100 ta thibuna
    laamputhel Li 1 hathalis gaanata adu kala. podiboottu deewarayo pin denawa Palakayanta nathivee yamin thibunu karmaanthaya pawathwaagena yaamata salassuwata.oyaekadeyak pamanai, kaarana aran liyanawanam me tika kaalaya thula janathawata saha ratata labichcha thawa oonatharam dewal liyanna puluwan. man hithana apita wadaa rata gana awadiyen enna maathalaa wage ayata me side ekath penawa athi kiyana. post eka keepa Sarayak kiyewwa komentuth samaga, hondha lipiyak, lipiye thiyana godaak dewal ekka ekagai. ( sorry kiyanawa maathe me vidiyata liyana eka gana, man phone ekakin log wenne com ekakin log wena dawasakata sinhalen coment karannam, maathe oyage lipi wena web wala kiyawala oya pennapu paara dige awillai mamath blogs reading kenek une, sathutui a gana coz rata gana, samaajaya gana, politics gana dana gatha haki
    watina adahas godaak thiyawa bloggersla liyana lipiwala. meka ekthara samaja sathkaarayak hatiyatai man dakinne, a wagema coment karana aya atharath watinaa adhahas liyana aya ennawa. ethin sathutui thanks kiyana oyata blogs reader kenek kalaata mawath )

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සෙනා කොමෙන්ටුවට.. මෙතන බොහෝම නිදහස් තැනක්.. දිටම එන්න.. ඒ වගේම කොතරම් මරා ගත්තත් බ්ලොග් කාරයෝ කියන්නේ බොහොම සුන්දර මිනිසුන් පිරිසක්..

      විය යුත්තේ මෙයයි.. ප්‍රතිවදියාටත් අවස්තාව ලබා දීමයි...

      Delete
  32. බලාගෙන යද්දී මේ ඔක්කොමලා හොද එන්ටටේනර්ස්ලා.

    ReplyDelete
  33. Mathalang Ayye, oya mukuth wedak ne, me koti hapuwo nidahas kirimai, engalanthen ape hamudawa re structure koranta yanaekai, Norway karayo ape constitution eka wenas karanna yanaekai, C5 wenuwata eke nama wenas karala Mala5 giwisum gahanna yanaekai, owa okotama Ranil pramuka Hitang thumala kata piyan inna ekai gena oheta liyanna berida, thama kiyawanne Mahindagei eyage wate hitapu harak relagei expaierd stories & panty case witarada? Blog wala desapalane karaddi podak samabarawa hari de hariyatath, weradi de weradi widiyatath liyannako.

    ReplyDelete
    Replies
    1. Mama Liyanne saththaran malliye mata ona de.. E nisaa oyaa oya kiyapu ewa gena liyanna honde... :)

      Delete
    2. Eekiyanne siyalladath mathalang ayya, rattata kelawena mona prashna tibbath liyanne, wiwechanaya karanne danne "Mahinda Hora" saha panty case pamanak kiyanaekane

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න