.

.

Jan 31, 2016

බලය මෙතරම් කුරිරුද..? (මහින්ද මහත්තයාට ළියුමක්) - Executive Power, for what...? (Letter to MR)

 
 
ලංකාවේ වියවස්තාවෙනුත් බුද්ධාගමට තැනක් දී තිබෙන නිසාත්, ඒක නැතුව මෙළෝ දෙයක් කොරන්න බැරි නිසාත්, ගොන් ටොයියෝ පවා සිවුරට රටේ නීතියටත් වඩා බලයක් තියෙනවා කියා සිතන නිසාත්, අද ධර්මෙන්ම ටෝක්ස් එක පටන් ගන්න සිතුවේය.
 
මනොපුබ්බංගමා ධම්මා-මනොසෙට්ඨා මනොමයා
මනසා චේ පදුට්ඨේන-භාසති වා කරොති වා
තතෝ නං දුක්ඛමංවේති-චක්කං ව වහතො පදං
 - ධම්ම පදය, යමක වග්ගය

කුශලාකුශල  ධර්මයෝ සිත පෙරටුකොට ඇත්තෝය, සිත ප්‍රධානකොට ඇත්තෝය; සිතින්ම උපන්නාහුය. ඉදින් යමෙක් දුෂ්‍ය වූ සිතින් ක්‍රියා කෙරේ නම්, නපුරු වචන කියා නම් ඒ කරනකොට දුක ඔහු පසු පස්සේ ගමන් කරයි. ( කුමක් මෙන්ද ?) කරත්තය බැඳී ගොනාගේ පය අනුව යන රෝදය මෙනි....
 
අවුරුදු 2500 කටත් කලින් කියාපු ඔය පරම සත්‍ය, මේ මෑත කාළයේ සුද්දෙක් ආයෙත් වමාරන්නේ, "එවරි ඇක්සොන් හෑස් ඒ රියැක්සොන්" කියාය. කරුමය කියන්නේ, අපේ රට පාළණය කොරන්න වත්මනේ එන එකෙකුටවත් ඕක අමතක වන එකය. ඒ තියා උන්ට අර්ථයෙන් හා ධර්මයෙන් ටෝක්ස් දෙන උන්ටත් ඕක අමතක වෙන එකය.

සුද්දා මේ රට සිවිලයිස් කොරලා, සුද්දෝ වගේම වැඩ කොරන්න සොල්බරි වියවස්තාවත් දීලා ගියාට, ගෝත්‍රිකයෝ (1956) රජ කරන්න පටන් ගත්තායින් පස්සේ, 1972 වියවස්තාවක් ගෙනල්ලා මේ රට ආයෙත් වැඩවසම් කොරමෙට ගෙනියන්න පටන් ගත්ත අතරේ, 1978 වියවස්තාවෙන් රජෙකුත් පත් කර ගත්තේය. අඩු පාඩුවකට තිබු මැරෙණකම් රජකම් කරන්න පුළුවන් එකත් 18 වෙනි වියවස්තාවෙන් වැඩැම්මු මහින්ද රජාට කෙල උනේ ඒක ටෙස්ට් කොරන්න ගිහිල්ලාය.

උන්නැහෙට කොරන්න තිබ්නේ 18 ටම අල්ලලා. ඡන්ද අයිතිය නැති කොරලා, රජකම පරම්පරාවෙන් පරම්පරාවට යන ක්‍රමයක් හදන්නය. කරුමෙට බ්‍රේක් නෑ කියනවා වාගේ ඒ දේ විතරක් උන්න්නැහේට කොර ගන්න බැරි උනේය. එහෙම කරා නම්, ඔය ධම්ම පදේ එච්චර අදාල වෙන්නේත් නැතිය. බුදු හාන්දුරුවෝ කිව්වා වාගෙම කරුමේ වෙනස් කර ගන්නේ එහෙමය. ඒත් මොකක් හෝ කරුමයට මේ සිංහ පෝතකයන්ට (රෝකට් කුමාරයා කියනා පරිදී) ඒ දේ කොර ගන්න බැරි උනේය.

කිසිම කෙනෙකුගේ කඳුළු වලින් සතුටු වන්නට පුළුවන් නම් ඔහු නරුමයෙක්ම විය යුතුය. මහින්ද මහත්තයා හා ශිරන්ති මොන දේ කලද, යෝෂිත යනු ඔවුන් දෙදෙනාගේ දරුවාය. දරුවන් ඇති ඕනෑම කෙනුකුට ඔවුන්ගේ කඳුළු වල උණුසුම දැනෙනවා නොඅනුමානය. නමුත් කරුමය කියන්නේ, මිනිසුන්ගේ කඳුළු හා දහදිය මැදින් බලය ලබා ගන්නා සෑම එකාටම, බලය ලැබුනායින් පසු ඒ සියල්ල අමතක වීමය.

මහින්ද මහත්තයා කැමැත්තෙන් හෝ බලකිරීමකින් පරාජය බාරගෙන මැදමුලනට ගියේය. එසේ ගිය ඔහු නිහඬව උන්න අතරේ, කස්ටිය කතරගම දෙවියෝ වඳින්න යනවා වාගේ තංගල්ලේ දෙයියෝ බලන්න ගියේය. එතුමාගෙන් වරප්‍රසාද වරදාන ලැබුන මාධ්‍යවේදියෝ හිතුවේ, මහින්ද තාමත් ජනපති කියලාය. ඊට පස්සේ අභායාරාමෙට කැන්දන් එන මහ රජ්ජුරුවෝට, සංවේදී කලාකරුවෝ කියන්නේ මරලා හරි ඉන්න තිබුනා නේ සෑර් කියාය.

මේ අඳෝවැඩියා වලින් කරන්නේ පැත්තක හිටපු පරජිතයා ෆෝම් කරලා ආයෙත් ලංකාවේ ජනාධිපති කොරනා එකය. එහෙත් මහින්ද මහතා දැනගත් යුතු දෙය නම් දැන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් පමණක් වන අතර ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන බවය.

මහින්ද මහත්තයා දෙශපාළණ වශයෙන් විනාශ කල පිරිස දැන් සැරසෙන්නේ, මහින්දගේ කුටුම්බයත් විනාශ කර දැමීමටය. මහින්ද දේශපාලන වශයෙන් තෙම්පරාදු කෙනෙක් නම් දැන් කල යුත්තේ, නිහඬව සිට තව අවුරුදු හතරකින් පමණ කළ එලි බැසීමය. මන්ද ජනතාව වෙනත් කෙනෙකුට බලය පවරා ඇති බැවින්ය. රට මෙන්ම ළෝකයා පිලිගන්නා නායකයා ඔහුය. නැවතත් මේ රට හූරගෙන කන්නට අවශ්‍ය කම්බ හොර් රැලක් සමඟ මේ කෙලින්නේ දේශපාලන වශෙයෙන් ගත්තද අමුම අමු ගොන් තකතීරු ක්‍රියාවකි.

FCID තියා මක්කා දැම්මත්, හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූ බව කවුරුත් හොඳින් දන්නා කාරනයකි. ආන්ඩුවට සෙට් වූ හොරුන්ට එරෙහිව නීතිය කිසිම ආකාරයකින් ක්‍රියාත්මක නොවෙන බවද සියල්ලෝම දන්නා කාරනයකි. එසේ නම් කරන්න ට තිබුනේ අවම වශයෙන් නිහඬ පිලිවෙතක් අනුගමනය කිරීමයි. එහෙම නැතුව ප්‍රාදෙශීය පාතාල නායකයන්ට හා කම්බ හොරුන්ට බලය ලබා ගැනීමට තම පවුල බිල්ලට ඩීම නොවේ. කරන්න පුළුවන් හැම දේම කර ඇති බව හොඳින්ම දන්නා කෙනෙකු හැසිරිය යුත්තේ එසේය. 1994 එජාපයේ කම්බා හොරුන් හැසිරුනේ එහෙමය.

අහිංසකයෙක් හිරේ දාලා කියනා කතාව ගොන් බයියන් පිලිගත්තද අපිට ඒවා පිලිගන්නට බැරිය. අනෙක මෙතරම් කලක් ගිහිල්ලා අහිංසකයෙක් හිරේ දාලා නාගන්න අඬුවට උවමනා ඇති බවකුත් පේන්නට නැතිය. මහින්ද මහත්තයා උපදෙස් දුන් ආකාරයට හෝ හොරකම් කරන්න උපදෙස් දුන් උපසේනලා ගේ උපදෙස් පරිදි හෝ මතුපිටින් බලනා කල යෝෂිත, CSN එකට කිසිම සම්බන්ධයක් ඇති පුදගලයකු නොවනා ආකාරයෙන් ක්‍රියා කර ඇත්තේ වුවද ඔහු මාට්ටු වෙන්නේ ඊ මේල් එක නිසාය.

ඔහු පමණක් නොව පොලීසිය කියානාකාරයට ශිරන්ති නෝනාද. එතුමියට මේකප් දාපු නෝනාගේ හස්බන්ඩාද මේ වැඩේ හවුල් කාරයෝය. මේවා ඔක්කෝම වමාරන්නත් ඇත්තේ ඔහේලාගෙම කස්ටිය වෙන්නත් ඇතිය. බලය නැති කොට පාරේ යන බල්ලාත් කකුලටම චූ කරනවා කියන්නේ ඕකටය. කොහොම හරි දැන් මේ වැඩේ බේරාගන්න ක්‍රම දෙකක් ඇත්තේය. පළවෙනි එක නීත්‍යානූකූලව උසාවියෙන්ය. අනික් ක්‍රමේ මාතලන් නොකිව්වාට අම්මට සිරි ලංකාවේ ඕනා එකෙක් දන්නවාය.

මොන සෙල්ලම් දැම්මත් මහින්ද මහත්තයාට ආයේ අවුරුදු පහක් හයක් යන තෙක් බලයට එනවා කියන එක බොරුය. විලිරුදා හැඳුන විලි ලැජ්ජාවක් නැති විමල්ලා, ගොම්මන්පිලලා සහ ජාතිවාදි දිනේස්ලා බන්දුලලා, අමු ගොබ්බ තිස්ස වාසු හා ඩීව්ලාට වාගෙම, අනෙක් කම්බා හොරුන්ට බලේ ගන්න මුලු පවුලම සිර ගත කොරනවාද (නාමල්ගේ අරගලය.) එසේ නොමැති නම් ඩීල් කාරයගෙන් පිරි ආන්ඩු පක්ෂය හා බැසිල්ලා සජින් වාස්ලා වාගෙ ඩීල් එකක් දා ගන්නවාද යන්න තීරනය කළ යුත්තේ. ඔබතුමා මිස අපි නොවය.

මන්ද, සරත් ෆොන්සේකාගේ මුළු පවුලම විඳි දුක රාජපක්ෂ පවුලත් විඳිනවා අපට බලා සිටින්නට බැරි නිසාය. අනෙක් කරුණ නම් කුමන වැරදි තිබුනද, යුද්ධයක් නිසා අනේක දුක් විඳි පුද්ගලයන් ලෙස, ඔබතුමා කෙරේ අප තුල ගෞරවයක් ඇති නිසාය.

විශේෂ -

ඇක්සෙකටිව් පවර් තිබුනාට බලය අතහැර ගිය විජේතුංග මහත්තයා හැර අනෙක් හැම එකාම "කරුමේ" නියමෙටම වින්දේය. ජේ ආර් අවසාන කාලයේ උන්නේ පුක උඩ දාගෙනය. ප්‍රේමේ ලලිත්ට ගේම් දීලා සුමාන දෙකෙන් ලලිත් ළඟටම ගියේය. සැටලයිට් නෝනා විහාර මහා දේවීයගේ සිට, විස්ක් මැඩම් හරහා අවසානයේ චෞර රැජිණ වී අනේක දුක් පිඬ වින්දේය. දැන් පරිප්පු කන්නේ මහින්දය.

මෙය මෙතනින් අවසන් වන එකත් නැතිය... ඒ නිසා මේක තියාගෙන අනාගතේ පරිප්පු කනවාද..? එහෙම නැත්නම් මැරෙණකන් ඉන්න ක්‍රමයක් හදා ගන්නවාද..? කියනා එකත් මේ වෙලාවේ හැමෝම සිහි කල්පනාවට ගන්න එකත් හොඳය.. මොකෝ මහින්දලා පලිගන්නේ මෙහෙම නොවනා නිසාය..

වික්ටර් අයිවන් පවා "චෞර රජා" කියා පොතක් ගහන්නේ නැත්තේ ඒ නිසාය.

96 comments:

  1. සහතික ඇත්ත.. රතු කොටස.. මං හිතන්නේ මහින්ද කියන්නේ කව්ද කියල තේරුං ගන්න ඒ ටික ප්‍රමාණවත්.. වැඩියෙන් හිනාවෙන මහින්ද වැඩියෙන් භයානකයි.. අඩන මහින්ද සර්පයින් රෑනක් වගෙයි. මතක නේ අර එෆ්බී ස්ටේටස් අප්ඩේට් එක. නිදන සිංහයාගේ නගුට පෑගිම.. අසුභ ලකුණකි එය.. කෝම උනත් මහින්ද මහත්තයා වැරදි හදාගෙන ආයි අවුරුදු 06 කින් ආවත් වෙන්නේ, කලින්ටත් වඩා නරකමය.. ලංකාවට අබ සරණ මිස අන් සරණක් හිටංගෙන් පවා නැත..

    ReplyDelete
    Replies
    1. හිටං මහත්තයා නම් බන්ඩා කොළඹ ආවා වගේ කේස් එකක් තියෙන්නේ.. ඒත් රනිල්ලා යමක් කරයි කියලා හිතෙනවා... මම හිතන්නේ රනිල් එල්ලිලා ඉන්නෙත් බටහිර නිසා.. නැත්නම් අර උන්නැහේ රනිල්ටත් ගේම දෙනවා.. ජාතිවාදින් වට කරගෙන කරන්න හදන්නේ ඒක..

      Delete
    2. 'නිදන සිංහයාගේ නගුට පෑගිම' -you mean Chichi baba's threat? ඕවා ගණන් ගන්නේ කවුද. මේ rockets වලින් සෙල්ලම් කරන පොඩි එවුන්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවද.

      Delete
    3. Chichi baba නං හරි ස්වීට් වගේ නේ, එයාගෙං වොයිස්කට් 2-3 ගත්තනං අප්පෝච්චට මූදේ පනින්න වෙන්නේ.

      Delete
    4. මේ මුලු ලිපියම ලියලා තියෙන්නේ, මහින්ද ලොක්කා ආයේ දේශපාලනයට ආපු නිසා ඒකට රිට්ර්න් එකට යෝශිත බබා ඇතුලට ගත්ත කියන උපකල්පනයෙන්....


      ඒ උපකල්පනය යහපාලනයට කරන සරදමකි....හරියට හිරිනික පැය ගානකට රිමානඩ් කරපු එක වගේ...

      Delete
    5. @ මයියා

      මහපොළොව මත ජීවත් වෙන ඕන එකෙකුට පක්ෂ බේදයකින් තොරව බැලුවාම සිද්ද උනේ මොකක්ද කියන එක ඉතා පැහැදිලිව පේනවා...

      මේ ආයතන වැඩ කරන්නේ පෙර පරිදිමයි කිසිම වෙනසක් නෑ...@ මයියා

      මහපොළොව මත ජීවත් වෙන ඕන එකෙකුට පක්ෂ බේදයකින් තොරව බැලුවාම සිද්ද උනේ මොකක්ද කියන එක ඉතා පැහැදිලිව පේනවා...

      මේ ආයතන වැඩ කරන්නේ පෙර පරිදිමයි කිසිම වෙනසක් නෑ...

      Delete
  2. මාතේ, උඹට මෙහෙම හිතෙන්නේ නැද්ද, සුද්දා අපිට නිදහස නොදී තව අවුරුදු 25 ක් වත් පාලනය කළා නම්, අපි මීටවඩා හැදිච්ච ජාතියක් වෙනවා. මේ වගේ අවලම්, පාහර, නූල් සූත්තරකාර, බෙලි කැපිලිකාර, එවුන් බිහිවෙන්නේ නැහැ. රටේ වැඩිදෙනෙක් හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබනවා. (සුද්දන්ගේ පාලනය නිසා කළු සුද්දන් බිහිවෙනවා කියන්නේ අම්මට හැමනුනා කියනවා වගේ කුණුහරපයක්) අපි ආසියාවේ හොඳ වාණිජ මධ්‍යස්ථානයක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මාතලන් හැමදාම කියන කතාව ඕක. එහෙනම් හොං කොං වගේම වෙනවා. සුද්දගේ ක්‍රමේට ගියපු එක කෑවේ බන්ඩලා. එහෙනම් මේ රටේ වාර්ගික ප්‍රශ්ණ එන්නෙත් නෑ...

      Delete
    2. විචාරක එකෙන් ම එකඟයි. කුනුහරුපෙටත් එකඟයි.

      Delete
    3. V.true Vicharaka. We would be ahead of even some western countries, for sure.

      Delete
    4. ලංකාවට නිදහස 48 ලැබුනේ ඉන්දියන් කාරයින්ගේ කුමන්ත්‍ර‍යකින්, තව අවුරුදු 5ක් සුද්දා හිටියනම් ලංකාව බොහොම දියුණුවෙන බව තේරුම්ගත්ත ඉන්දියන් නායකයෝ අරගල කරලා ඉන්දියාවෙන් සුද්දන්ව පන්නල දැම්ම, සුද්දෝ යනිං ගමං ලංකාවටත් නිදහස දී ගෙන ගියා ආයේ මේ පැස්තේ ඇවිත් නිකං පෙට්‍ර‍ල් පුච්චන්න බෑ කියලා, කොහොමද ඉන්දියන් කාරයන්ගේ කපටි මොලේ.

      Delete
    5. (Sorry for typing in English) I guess you all are missing the point. If I extend Mr. Wicharaka's argument further, it would have been even better had the British ruled the country forever ! When the British gave us freedom, they predicted that we would become the Switzerland of Asia !

      There was also a compelling reason for making Sinhala the official language. At the time of independence, the top echelons of the Govt. service and the top businessmen were mostly from minority races and the Sinhalese, though a majority did not have much of a say in running the country's affairs. The Suddha's did this on purpose (divide and rule). You should also be aware that JR pappa proposed to the British to make Sri Lanka a state of India (not an independent nation) ! Such were the complexities at that time. I think the problem is not gaining independence, but how we ran our affairs since then (I know that is your point), and our society is so divided that there is no concensus in the country (even among the intellectuals) as to what is best for the country.

      The reason for making Sinhalese the official language was to empower the majority race of the country. The problem was that the other languages were not given their due place. The Tamils were sent Govt. letters in Sinhala ! Take for example India, Malaysia, Indonesia, Thailand etc. all these countries have substantial ethnic minoroties but one official language.

      (Do not want to prolong this further, but I am happy to write later once I hear back your arguments to the above)

      PS: Please feel free to write in Sinhalese, I am writing in English since I am not much used to the Sinhala unicode typing

      Delete
    6. AnonymousFebruary 1, 2016 at 2:06 AM
      Dear Sir,
      How can you justify this argument “The reason for making Sinhalese the official language was to empower the majority race of the country.”
      In my opinion it’s completely false because all Science books, technical books , Engineering books even medical books has been written and published in English.
      Countries like Russia and Japan manage to translate these books in to their mother tongue, but for Sri Lanka it will take more than even decade, some these books never get truncated in to Sinhala.
      S W R D Bandaranayke just wanted to become prime minister, because of this he did not hesitate to cheat Sinhala people.
      At the time of the Independence Sri Lanka had the best administrative system in whole of Asia, setup by the British.
      Because of this foolish language policy we not only inherited a civil war but we did not manage to gain updated world knowledge because we were unable to access English knowledge.
      It was very recently I got to know from (Mr Samarasekara ) that India, after grade 5 every subject will be thought in English that is (පර සුද්දගේ භාෂාවෙන් ) but if you take an average Indian, you will find they are patriotic about their country.
      This country was messed up by making Sinhala administrative language, even in Supreme Court of Sri Lanka’s official language is not Sinhala but English.
      බණ්ඩාරනායක උන්නගේ කලේ මිනිසුන්ට රෙද්ද අන්දලා එයා රෙද්ද උස්සල පෙන්වීමයි, තවම මේ රටේ මෝඩයෝ වැදගෙන ඉන්නවා.

      Delete
    7. Agree with you,English is no longer the language of the Brits , but just a business language.
      One could argue that we should have gone back to sinhelese traditional medicine instaed of hospital , bullock carts instead of vehicles , etc..

      We use the internet , and we do not care whi invented TCP/IP.

      Why cant we treat english in the same manner.

      BTW , my Sinhela is fat better that english , yet i am not familiar in using Sinhela unicode.

      Delete
    8. Dear Lankika, Thanks for your response. May be I should make it clearer, I said Sinhalese as official language, with due recognition to other languages, so everybody can communicate in his/ her native language (I did not say Sinhala only policy, which is wrong). That is what I said. Also I mentioned that many other countries in the region did the same, one official language which is the language of the majority. It has worked well in other countries !

      Now regarding the argument about dropping English, yes it was a mistake is some respects. But at the same time, had they maintained separate Sinhalese and English schools, it would have created 2 classes. And the sons and daughters of village appuhamys would not have become doctors and engineers (I am such a one !). If you like to learn a bit about the class difference between English speaking and non-english speaking, I recommend that you read Prof. Sarathchandra's "Pin Ethi Sarasawi Waramak Denne".

      I do not know what your background is, but I come from a rural village, and won a scholarship to study at a Colombo school. I still remember how my classmates used to ridicule my village vocabulary ! Imagine if I were Sinhalese speaking and them English ?

      Now if English were the medium of instruction, I would have never come to a Colombo school, nor would I be writing this today.

      Delete
    9. AnonymousFebruary 1, 2016 at 4:06 AM
      Indeed I don’t know why in Sri Lanka, people use English as an aristocratic privilege tool to put down others, like you said English is a Business language, at least if we can read and understand that’s all matters for me.

      Delete
    10. AnonymousFebruary 1, 2016 at 4:13 AM
      Dear Sir,
      I think // I said Sinhalese as official language// by doing this civil servants (Sinhala, Tamil, and Moors, Burghers) had to learn the official language to secure their jobs this is one of the main reasons for the 30 year civil war.
      I mention Sinhala people had to learn English, I remember even president J R Jayawardene said that he learn Sinhala from his wife, I remember my grandmother said long ago that in their time Sinhala education was very poor. So this applied to Tamils and Burghers, difference its much difficult for them.
      What I am suggesting here is, we should have adopted what Singapore did, that is even though they had 45% Chinese at the time they did not embrace Mandarin, all of them had to learn English, this is what here in Sri Lanka we should have done, yes it is not a cheap thing but certainly its lot cheaper than going in to a horrible war for 30 year, we had to spend 33 laks in 33 seconds when we had to use multi barrel rockets at the time of Elam war.
      Had we manage to setup a system to train teachers for the rural areas we could have easily solve this,
      // sons and daughters of village appuhamys would not have become doctors and engineers//
      Well how did India manage to solve this problem, from 5 th standard they teach everything in English, why is it that Sri Lanka cannot do that?
      We should not be stingy to make such an investment, beside we spend hell of a lot on these filthy politicians.

      Delete
    11. you can try this http://www.google.com/intl/si/inputtools/try/
      type as if you are typing sinhala for example type "mage nama "
      mage and space you will see the word converted in to sinhala its not hard

      Delete
    12. You stupid Imbeciles. You sad, insecure, passion-less people. Most of African continent was ruled by British until 1970s through 1990s. By your stupid arguments, they should now be among the most developed countries on earth. Get a fucking life you retards. You are what's wrong with this country.

      Delete
    13. Ivan Crives,
      I think you should try to visit these African countries and see how they are progressing, and what enable them for the progress.
      As a start go to Ethiopia
      https://www.youtube.com/watch?v=BcnjnyPHNX4
      Find out how many products they export and you can compare how Sinhala only Sri Lanka export products for international market.
      By adopting your foolish policy in 10 years’ time you can will give a target by saying some day we might be able to develop like Ethiopia.

      Delete
  3. MR මහත්තයටත් අර හොස්නි මුබාරක්ට වගේ වෙයිද? අහ් වැරදුණා! මේක ඊජිප්තුව නෙමේ අම්මට සිරි ලංකාවනේ. අර නගුට පෑගුන කතාවනම් හොඳයි ඉඳල හිටලා හරි තාමත් නගුට තියෙනවා කියල මතක් වෙන්න හිටං.

    ReplyDelete
    Replies
    1. නැට්ට පාගගෙන නම් ගොඩක් කල්....

      Delete
  4. ඔන්න එහෙනම් මාත් දෙන්නම්කො ධර්මෙන්ම.

    මේක දැනට ඉගෙන ගන්න. සොරකම් කිරීමේ අදීනව.
    කෙළි යට කඩක් සඟවා යහළුවකු ගෙ නේ
    එ ළි කොට නැවත දුන් මිනිසකුට මෙතෙකි නේ
    වි ළි වැස්මක් නොමවිය දෙවිවුවත් අ නේ
    කෙළි යට වත් නො කරව් සොරකමක් දැ නේ

    යහළුවකුගෙන් රෙද්දක් සෙල්ලමට සඟවා තබා නැවත ඒ බව එළිකර ආපසු දුන් මිනිසකුට දෙවිව ඉපදිලත් අනේ ඒ පවින් විළි වැස්මක් නොලැබිණ. එබැවින් දැන දැන සෙල්ලමටවත් සොරකමක් නොකරව්.

    මේක පසු දවසක ඕනේ වුනොත් (ඔහොම උඩ පනින්න ගියොත් නම් ඕනේ වේවි ලගදීම. නැති වුනත් ඉතින් කවද හරි ඕනේ වේවි කල පවු කරත්ත රෝදේ වගේ පස්සෙන් එනවා කියල මාතලනුත් කියල තියෙන නිසා) ප්‍රයෝජනයට. පර පණ නැසීමේ අදීනව.
    පෙර අඟ නක් එක් එළු දෙනක ඉස සි ඳා
    සිය ළඟ වැළඳි ගිනි දැල් නිරය දුක් වි ඳා
    ඇය ඇඟ ලෝම ගණනේ ඉස් කැපුම් ල දා
    මෙම රඟ වේය කාටත් අකුසලේ ලෙ දා

    පෙර ස්ත්‍රියක් එළු දෙනකගේ හිස සිඳ පවින් මුළු ශරීරය ගිනි දැලින් වෙළී නිරය දුක් විඳ ඒ එළු දෙනගේ ලොම් ගණනින් හිස් කැපුම් ලද්දීය. අකුසල් ගතිය කාට වුවත් මේ අයුරින්ම සිද්ධ වන්නේය.

    දැනට ඇති මම හිතන්නේ. බලමු පවු ගෙවීම පොස්ට්පොන් කර ගනීවිද ඉක්මන් කර ගනීවිද කියල.

    ReplyDelete
    Replies
    1. සාධූ.... (එහෙයී) සාධූ..... (එහෙයී)

      Delete
  5. 19888/89 කාලයේ අපි විශ්වවිද්‍යාලයට ඇතුළ් වූ කාලයේ අපි එක්ක නිතර සම්බන්ධකම් තබාගත් මංත්‍රීවරු කීපදෙනෙක් හිටියා එවකට විපක්ෂයේ. ඒ අතරින් ප්‍රමුඛ වුනේ එස්. බී. මංගල මේ දෙන්න ඒ කාලේ ගජ යාලුවො. ඒ එක්කම අපි ක්‍රියාකාරී කමිටුව වෙනම කණ්ඩායමක් විදියට කීප දෙනෙක් අනුර පිලේ මංත්‍රීල එක්කත් ගනුදෙනු කළා. ඒ අතරින් පුමුඛයා වුනේ මහින්ද. මේ විරසකය නොයෙක් අවස්ථාවල අපි දැක්ක.
    ඒ කළේ මහින්ද බොහොම වටිනා මිනිහෙක්. ඒ සම්බන්ධකම් තමයි ඔහු ජනපති වු නු දා සිට ප්‍රයෝජනයට ගත්තේ. අද සුපිරි ඝනයේ ව්‍යාපාරිකයෙක් වන දිලිත් ඒ කාළේ අපි එක්ක සිටි ගජයෙක්. තව පරණෙ, මේ වගේ නොයෙක් චරිත සිටියා. නිව්යෝක්වල ඉන්න මොහාන් මේ වගේ අය.
    යුද්දෙදි විශාල කාර්ය බාරයක් මේ අය කළා. නමුත් කරුමෙකට මහින්ද වටේ ගන්දබ්බයෝ එකතු වෙන්න ගත්තා. 2008 පස්සෙ. ඒ එක්කම මහින්දත් පැනලා ඔටුන්න් දා ගත්තා. ඔහුගේ කඳුළු වැටෙන එකට වගකියන්න ඕනෙ. ඔහු වටේ හිටි ඇඹේණිය, දරුවෝ, ඥාතීන්, මිත්‍ර ප්‍රතිරූපකයො මේ සියල්ල මේකට වග කියන්න ඕනෙ. මහින්ද හිතුවෙ නැහැ ඔහුට අමාරු කාලේ ලඟ සිටි අය ඇයි ඔවුව දමලා ගියේ කියන එක. ඇස ගිනි කන වැටුඉනා බලයෙන්. ඕනෙම වරදක් ඔහු කළොත් ඒක නීතිය කියන එක මේ ගන්දබ්බයෝ මහින්දට පෙන්නුව. අද ඔහු ඉන්න තත්ත්වෙට වගකියන්න ඕනෙ ඔහුමයි.

    ReplyDelete
    Replies
    1. දිලිත් නම් තාමත් මහින්දට සප් එක දෙනවා දෙරණ හරහා...

      තව දුරටත් කනවද කියන එක තීරණය කරන්න ඕනත් එයාම තමයි...

      Delete
  6. සී ඇන් ඇන් නෙවෙයි සී ඇස් ඇන් නේද? //මහින්ද මහත්තයා හා ශිරන්ති මොන දේ කලද, යෝෂිත යනු ඔවුන් දෙදෙනාගේ දරුවාය. දරුවන් ඇති ඕනෑම කෙනුකුට ඔවුන්ගේ කඳුළු වල උණුසුම දැනෙනවා නොඅනුමානය. // +++++++ මටත් මහා ජෝඩුව උසාවියේ ඉන්න හැටි බලාගෙන ඉන්න අමාරු උනා.. පනින්න කලින් හිතන්න ඕනි.. මේ මිනිස්සු ඔහොම වෙන්න ඕනි කොටසක් නෙවෙයි.. ගෞරවනීය පරාජිතයෙක් වෙන්නවත් තිබුනා අඩුම තරමින්.

    ReplyDelete
    Replies
    1. වැරද්ද හදන්න ඕනා... ටැන්කූ කිව්වා ඒකට..

      ඉස්සර එල්ලේ ටූනමන්ට් වල තිබුනා හොඳම පරාජිතයා කියලා සම්මානයක්... ඌටත් කස්ටිය අප්පුඩි ගහනවා...

      Delete
  7. ඔහේ බණ කියන්න ගත්තා එපාර, නරකද ඥානසාර වගේ සිවුරක් දාගෙන බ්ලොග් ඝන බලයක් හදා ගන්න එක තව ඔය වයසක බ්ලොග් ලියන කීපදෙනෙක් සිවුරු පොරවා සෙට් කර ගනින් ලොක්කා දානේ අපිගානේ

    ReplyDelete
    Replies
    1. මම ඔය අදහසම බොහෝ කලකට පෙරෑ අපේ තාත්තට කිව්වාම උන්දෑ කිව්වා..

      අනේ පුතේ සාසනේ වනසන්නේ නැතිව වෙන මක්කා හරි කොරහන් කියලා... ඒ කාළේ අපේ නායක හාමුදුරුවෝ කොල්ලෝ ගැහුවට බඩුවක් ගැහුවට ඊට එහා අවුලක් තිබ්බේ නෑ මේ වගේ...

      Delete
  8. /* ඊට පස්සේ අභායාරාමෙට කැන්දන් එන මහ රජ්ජුරුවෝට, සංවේදී කලාකරුවෝ කියන්නේ මරලා හරි ඉන්න තිබුනා නේ සෑර් කියාය. */

    එදා සිට හොයමි. නීලා වික්‍රමසිංහ කියුවා යැයි පැවසෙන මේ කතාවට අදාල සඬ පටයක් හෝ වීඩියෝවක් හෝ නැත.

    ReplyDelete
    Replies
    1. ටීවී එකක විඩියෝ එකක් ගියේ. පොඩි ක්ල්ප් එකක් සද්ද අස්සේ ඒක කියන්නේ.. සොයන්නට අමාරු හැඩයි..

      Delete
    2. ඒක හොයා ගන්න අමාරුයි...

      ඒත් බලන්නකෝ තියෙන මාද්දිය නිදහස නිසා බුකියේ ඉන්න උන් කියන කතන්දර.... මෙයාලා මහින්ද මහත්තයා ඉන්න කාළේ හොහේද දන්නේ නෑ උන්නේ... අර චතුරයත් එයින්ම එකෙක් තමයි.. දැන් නම් එයා හරි හොඳයි.. ගොන් ජෝක් දාන්නේ නෑ...

      Delete
    3. මගෙ මතකේ හැටියට එහෙම කිවුවෙ අභයාරාමේදී නෙමෙයි මැදමුලනෙ තාප්පයක් උඩ නැගලා මෙගාපොන් එකකින් ජාතිය අමතන වෙලාවක. ඒකට එතුමා තුමා ප්‍රතිඋත්තරත් දුන්නා අපිට එහෙම කරන්න බැහැ කියලා.

      Delete
  9. මාතා..................... හැම ජනාධිපතිම මේ තත්වයට වැටුණා කියන ඒක තුළම ගැටලුවක් නිර්මාණය වෙනවා නේද???? ඒ කියන්නේ හැම ජනාධිපතිවරයා ම දූෂිත හැසිරීමකට යොමු කරවන ලක්ෂණ අපේ ක්‍රමය තුළ තියෙනවා. ඒ කියන්නෙම දූෂිත සාධක සහිත පසුබිමකට යවන කෙනා දූෂිත නොවී සිටීවි යැයි අපි වැරදි මතයක දැන් ඉන්නවා..... අපි යවන පුද්ගලයා ගැන හිතනවා වගේ ම යවන තැන හරියට තිබිය යුතුයි කියන ඒක ගැනත් අපි දැන් හිතන්න වෙනවා......

    හැමදෙනාම නීතිය හරි හෝ වැරදි හෝ කියන්න හදනවා.... ඒත් අපි සාපේක්ෂව බැලුවාම ලංකාවේ හොද දියුණු නීති පද්ධතියක් තියෙනවා.... ඒත් ගැටලුව තියෙන්නේ ඒතැන නෙමෙයි ඒ හා බැදී පවතින අායතනික පද්ධතියෙයි... අපි මෙහෙම ගනිමුකෝ, කවුරුහරි වැරැද්දක් කරනවා. ඒත් ඔහු හෝ අැය අධිකරණයට හමුවට පැමිණවීමට තියෙන අායතනික පද්ධතියට හරියට ක්‍රියාත්මක නොවෙනවානං ඔහු හෝ අැය නීතිය ඉදිරියට යන්නෑ..... ඒහෙනං ඔහුට හෝ අැයට නීතිය ක්‍රියාත්මක වෙන්නෑ... ඒත් ඊට සාපේක්ෂව පොඩි වරදක් කරපු කෙනෙක් ඉක්මනින් ම නීතිය ඉදිරියට පමුණුවනවා.. අන්න ඔහු හෝ අැය නීතිය අනුව ඉක්මනින් ම දඩුවම් ලබනවා.... වරදකරුවන් සහ නිවැරදිකරුවන් තීරණය කිරීමේ බලය අධිකරණයට තිබුණාට ඒක පිටතින් අැති අායතනික පද්ධතිය විසින් හසුරුවනවා කියන්නේ මේකටයි..... වෙනස්විය යුත්තේ මේකයි........

    නැතුව ඔය ස්වාධීන විය යුතු තැන් ස්වාධීන වෙන්නෑ.....

    ReplyDelete
    Replies
    1. ඩී බී විජේතුංග කියන්නෙත් විධායක ජනපති කෙනෙක්. මේ සිරිසේන වගේම පරණ පිනක් පලදීලා කඩාගෙන පත් වෙච්ච.. ඒත් එහෙම කෙනෙක් උන්නද කියලවත් දන්නේ නෑ නේ.. එතකොට වරද තියෙන්නේ ආයතනවලත් ක්‍රමයෙවත් කොහේවත් නෙමෙයි පුදගලයා මත... කරූ ජයසූරිය අදටත් පඩියක් ගන්නේ නෑ මම දන්න තරමට.

      Delete
    2. මාතා ඔබ කියන දේ හරි...... පුද්ගලයා මත සියල්ලම හොද අතට හෝ නරක අතට ක්‍රියාත්මක වෙන්න පුළුවනි. ඒත් මෙහෙම දෙයක් තියෙනවා. අපි හිතමු රටක ජනාධිපති වුණාම ඔහුට හෝ අැයට මහා වැඩ කන්දරාවක් තියෙනවා කරන්න.... ප්‍රධාන නිලතල වලටත් ඒහෙමයි. ඒත් දැන් දැන් හදලා තියෙන සියලුව සීමාවන්ට යටත්ව වැඩ කරන්න ගියොත් ඒක ලේසියෙන් කරන්න වෙන්නෑ.. ඒ නිසා ඔවුන්ට වැඩ කරන්න නිදහසක් නැහැ. ඒ නිසා අලුතෙන් ව්‍යවස්ථාවක් හදලා වැඩ කිරීමට පහසු පටිපාටීන් හැදුවොත් හෝ මාර්ගයන් නිර්මාණය කරොත් ඒක සුදුසු වෙන්න හැකියි. නමුත් අපි දැන් ඉන්න ජනාධිපති දිහා බලලා හදන නීති තව ටික කාලයක් යද්දි වෙනත් අයගේ අතට පත්වෙනවා... ඒ විතරක් නෙමෙයි ඒවා අස්සෙන් රිංගන්න හැකි තැන් ඔවුන් කාලයත් සමග හොයාගන්නවා.......

      අනික මාතා... දැන් නීතිය ඉදිරියට පමුණුවන දේවල් වල ගැටලුවක් තියෙනවා කියලා හිතෙන්නැද්ද....? අැත්තට ම සෙවිය යුතු සමහර දේවල් දේශපාලනික පක්ෂපාතීත්වය මත සිද්ධ වෙන්නෑ. නීතිය ඉදිරියට ගියොත් සැබෑ ලෙසම ප්‍රශ්ණ වලට ලක්වෙන දේවල් අායතනික පද්ධතිය තුළින් මගහරිනවා. ඒ දේශපාලනික බලපෑම් මත..... ඒ කියන්නේ දේශපාලනික අවශ්‍යතාවය මත නීතිය ඉදිරියට පමුණුවන දේ වෙනස් වෙනවා. නීතිය ස්වාධීන වුණාට වැඩක් නැහැ නීතිය ඉදිරියට යොමු කරන ව්‍යුහය ස්වාධීන නැහැ.....

      Delete
    3. ඒවා කරන්න තමයි පාළකයෝ වෙන්ස් කළේ.. ඔය කාලකන්නි දාන්න ආන්ඩුවේ තියෙනවා පූල් එක කියලා එකක්. එතනට කාලකන්නි දක්කලා අළුත් උන්ට තනතුරු දීලා නීතිය අකුරට ක්‍රියාත්මක කලාම හරි...

      නමුත් වෙන්නේ ඒක නෙමෙයි... ඒ කාළකන්නි එක්කම යහපාලනයක් ගේන්න යාම.. ඒක කිසි දවසක වෙන්නේ නෑ... අකිල විරාජ් කරපු දේ කරන්න අනික් උන්ටත් කොන්දක් තියෙන්නේ ඕන.. කොහේද අධිකරණය දීලා තියෙන්නේ නොම්මර එකේ ඩීල් කාරයෙකුට නේ... ඕක ඒ යකාගෙන් අරගෙන සරත් ෆොන්සේකට දුන්නා නම් හරි.. මාෂල් ලෝ එකම ක්‍රියාත්මක කරන්න...

      Delete
    4. මේ මාතලමෝ, අනිත් උන්ට බයියෝ කීවට මොකද තෝ තරම් බයියෙක් නම් තවත් නෑ.

      Delete
  10. //මොන සෙල්ලම් දැම්මත් මහින්ද මහත්තයාට ආයේ අවුරුදු පහක් හයක් යන තෙක් බලයට එනවා කියන එක බොරුය. //

    මාතලන් කියන නිසා බොරු වෙන්නත් බැහැ...

    හ්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ අනාවැකිවලත් සම්භාවිතාව ටික්ක ඉහළයි..

      ඒ අතර තුර අහඹු දේ විය හැකි වුවත්.. මහින්දට බලය එන්නේ නෑ.. ඉන්න උන් එන්න දෙන එකකුත් නෑ..

      Delete
    2. හි හී සා රස කරණමක් ගහයි වගේ

      Delete
    3. // හි හී සා රස කරණමක් ගහයි වගේ //

      අලුතින් කරනම් ගැසීමට දෙයක් නැත.. සර ස තුමා දැන් ඔහු ගේ පාසලේ ආදි ශිස්‍ය රනිල් තුමා ගේ ආදාරකරුවෙක් මි!

      Delete
  11. ගිය ජනවාරි අට වෙනිදාට කලින් දවසක, ඇමති කෙනෙක් කිව්වා
    "ජනතාව ඉස්සරහා අඬන මනුස්සයෙක්ට ඒ ජනතාවගේ නායකයා වෙන්ට බෑ"
    වගේ කතාවක්...

    ReplyDelete
    Replies
    1. හපොයි අම්මේ.... මේ එහෙම කිව ඒවා රිටර්න් එන කාළයක්ද කොහෙද, ග්‍රහ මාරුවකුත් තිබුනනේ...

      Delete
  12. මහින්ද තව අවුරුදු පහකින් බලයට ඒමේ අවස්ථාව ඉතා අඩු බව අපගේ අදහසයි. මක්නිසාද යත් සුළු ජාතීන්ගේ ජන්ද නොලබා බලයට පැමිණීම ඉතා අපහසු බැවිණි. මහින්ද කපටි දේශපාලකයකු බව සමහරුන් තර්ක කලත් අප සිතන්නේ ඔහු දේශපාලනයෙන් අපරිණත අමු මෝඩයකු බවය. කුමන හේතුවක් නිසා හෝ යුද්ධය දිනීමේ ක්‍රෙඩිට් එක මුළුමනින්ම තම ගිණුමට දාගෙන තම පෞරුෂය පුම්බා ගනිමින් රට පව්ලේ බුදලයක් ලෙස සිතා කටයුතු කල ඔහු හිතන්නට ඇත්තේ ලී ක්වාන් යූ වගේ එපා වෙනකම් රජකම් කර නාමල් රජ කරවන්නටය. මහින්ද මෝඩයකු බව සිතන්නට ඔහු ජනපතිවරණයෙන් පරාජය වූ පසු කළ දේම ප්‍රමාණවත්ය.පරාජයට මුහුණදුන් ඕනෑම කෙනෙකු කලයුත්තේ පරාජයට හේතු සොයා ඒවා නිවරදිකරගෙන අලුත් ක්‍රමෝපායක් සකස්කරගෙන නැවත තරඟයකට එනවානම් ඒමය. තාවකාලිකව නිහඬව සිට තම ක්‍රමෝපාය සැලසුම් කිරීමය. නමුත් තමන් පැරදුනේ ඇයි කියා තවමත් ඔහු දන්නා බවක් නොපෙනේ. නැත්නම් පන්සල් ගානේ ලගින්නත්, තව තවත් සිංහල අන්තවාදීන් සමග හවුල් වන්නට යන්නේ නැත. පාර්ලිමේන්තුවට යන්නට වැලේ වැල් නැතුව සිටි විමලයාට රැවටී ඔහු දැන් නිකම්ම නිකම් මන්ත්‍රී කෙනෙකු වී හමාරය. අලුත් පක්ෂ දැම්මා කියා ලොකු වෙනසක් වන්නේ නැත. ඕවාට ජන්දය දෙන්නේ ගම් වල සිටින බයියන්මය. එක අතකට එහෙම වෙන එකත් හොඳය. මොකද එතකොට යූ ඇන් පියට බලයට එන්නට පහසුවීමය. එතකොටවත් මේ එහෙටත් නැති මෙහෙටත් නැති පාලනය හමාර වනු ඇත.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම, නව පක්ෂය ගොන් බයියන්ගෙන් සමන්විත අමුම අමු ජාතිවාදි පක්ෂයක්ම වනවා නොඅනුමානය.. එවන් පක්ෂ ගොඩනගාගෙන උන් චම්පිකලාද ෆොන්සේක වන් ර්ණ විරුවෝද අවසානයේ නැවතුනේ එජාපයේය.

      ජාතිවාදීන්ට කිසිවකු කැමති නැත..

      Delete
    2. මහින්ද කපටි දේශපාලකයකු බව සමහරුන් තර්ක කලත් අප සිතන්නේ ඔහු දේශපාලනයෙන් අපරිණත අමු මෝඩයකු බවය+++++=
      Comment of the day.

      Delete
  13. මෙතන වෙච්චි දේ කාටත් පැහැදිලිය. වෙන්න යන දේත් ටිකදෙනෙක්ට පැහැදිලිය. ඒ වුනාට කරන්න දෙයක් නැත. සර්වජන චංද බලයම මේ රටේ බෙල්ල මිරිකාගෙන ඉන්න නිසා මේක වෙනස් කරන්න යන එකාට පෙරෙලෙන්න සිද්ද වේ.

    ReplyDelete
    Replies
    1. එහෙමම හිතන්නත් නරකයි... මේවා ඇතුලේ වෙනත් අජෙන්ඩා තියෙන්නත් පුළුවන්.. ඔය ඩිලාන්ගෙ කතාවලින් එහෙම දෙයක් දැනෙන්නේ නැද්ද...?

      Delete
  14. Hi Maathalan, In fact, Preme was called up in a week!!!
    Lalith was killed on 23rd night of April 1993. As students, we too cursed Preme when we were attacked by Sesna's(light aircrafts used to spray gas) with tear gas in the General Cemetery that Lalith could not have his funeral pyre properly lit!!! They sprayed tear gas to the final rites and even Mrs B (sirimavo) was not spared.

    That was the most disgusting moment I witnessed in my life where they didn't have the decency to let a funeral take place of a dead man!

    ReplyDelete
    Replies
    1. U r right... I was there too.. in fact when I come back to Pettah, the whole area of Keselwatte protected by the Military with the heavy Armored Cars

      Delete
  15. මහින්ද ඇත්තටම මෝඩයෙක් තමයි,
    නමුත් ඔහු ජනතාව වෙත තමා පොරක් කියන චින්තනය ගෙනයාමට සමත්වෙනවා, මෙය සිදුවන මුල්ම සිද්ධිය ලෙස මට මතක ලුනුලේවායක් රජයේ මුදල් යොදවා මිල්දිගෙන දිරුණු කල අවස්තෙවක් ලෙසයි මට මතක.
    යුද්දය දිනීම ගැන මම දකින්නේ ඝෝටාභගේ දක්ෂකමක් ලෙස සරත් ෆොන්සේකා සහ මහින්ද කියන්නේ මිට දෙවනුව සහය දුන් අයයි.

    ReplyDelete
    Replies
    1. //මහින්ද ඇත්තටම මෝඩයෙක් තමයි//
      මහින්දයා මෝඩයෙක් කියන තර්කයට මම විරුද්දයි. මහින්දයා තරම් කපටි මිනිහෙක් මම තාමත් දැකලා නෑ අඩන්න ඕන වෙලාවට මිනිස්සුන්ගේ හිත උනු වෙන තරමට අඩන්නයි. හිනා වෙන වෙලාවටත් එහෙමයි.. තාමත් ගම්වල මිනිස්සුගේ ජන්ද මහින්ද ගොයියට ඒ ජන්ද ලැබුනේ කපටි කම නිසා

      Delete
    2. මහින්ද මෝඩයෙක් නම් නෙමෙයි.. එයා මෝඩයෙක් කියලා හිතන අයයි මෝඩයෝ... මහින්ද නොම්මර එකේ කපටියෙක්.. ඒත් අධික බලය ඔහුව පවා පිස්සු විකාරයක් කරලා දැම්මා.. කාළකන්නි කේවට්ටයන්ගේ සීතාම්බර සළුව ඇඳගෙන අමු හෙළුවෙන් ගියා.. අද සිරිසේනට වෙල තියෙන්නෙත් ඒකමයි...

      Delete
  16. මොකා ජනාධිපති පුටුවේ වාඩි උනත් ඌ තමට කරගෙන තමයි රට ගෙන බලන්නේ.. මමනම් කියන්නේ රට හදන්න පුලුවන් හොදම රනිලා කියලා.. ඌට දරු මල්ලොත් නැති එකේ මේ රටට වැඩක් කලානම් යන තැනකට සතුටින් යන්න තිබුණානේ. ඒත් ඒ පෙරේතයට ඒක පේන්නෑ.. මුං කාට හම්බු කරනවද දන්නෑ..

    ReplyDelete
    Replies
    1. රනිල් චම්පික ෆොන්සේක හොඳ එකතුවක්.. අපි බලාපොරොත්තුවක් තබා ගෙන ඉමු.. අවුරුදු තුන හතරක්... ඉවසන්නම වෙනවා...

      Delete
  17. Generalwa pissu ballekwa adhan gihin dhanawa wage hira kuuduwe damme, shirani nonawa balliyak wage usaawiyen adhala wisikkale.
    oya awasthaawan waladi mulu ratama anduwa. naayaka himiwaru ella sitiya elesa nokarana lesa.
    MR kawadaawath ewata ahumkan dunnewath (MRge) hitha unu wunewath naha.

    anika api (my3ta ranilta ) chade dunne horu allanna, wancha dhusana karapu ayata neethiyen dhaduwan karanna, horaakaapu mudhal rajayata ganna.
    ehenam ekai wiya yuththe.

    kndhulu gana hithuwoth
    waradi kara/nokara hire enna godak hira kaarayo eliyata damiya yuthui, mokada a wadi denekge gewal wala ayath jeewath wenne kanduluth ekka.

    MR pawlama horakam karapu mudhal rajayata gaththata passe MR gana (anukampa karala) hithala janaadhipathi samaawak wage denawanam diya yuththe prajaa aithiya ahosi kerala.
    ehema kaloth thamai anaagathedi wath hondha parliament ekak hondha ratak bihiwewi kiya sithanna puluwan. .

    ReplyDelete
    Replies
    1. ඒක හරි මහින්ද සහ හොරු රැලගේ හැසීරීම පෙන්වන්නේ පිස්සු බල්ලන්ගේ රඟපෑමක්...

      Delete
  18. //මොකෝ මහින්දලා පලිගන්නේ මෙහෙම නොවනා නිසාය..//..
    මෝරුන්ට මිනීමස් ඕනෑ කර තිබේ.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  19. බලය මිනිසුන් දූෂණය කරති

    ReplyDelete
    Replies
    1. එපමණක් නොව, පාලකයෝ පිස්සන් කරවති...

      Delete
  20. මාතගෙ පෝස්ට් අතරින් (කොමෙන්ටුද ඇතුලත්ව) ඉතාම සාර්ථක, සමබර සහ සාරගර්භ පෝස්ටුවකි.

    මහින්ද සර්ව මොඩයකු නොවන බවයි මගේ හැගීම. බලයෙන් ගිනිකන වැටුන බව ඇත්තකි.

    ReplyDelete
    Replies
    1. සමබරව ලියන්න තමයි බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ..

      Delete
  21. රියල් ටොයියෝ අතලොස්සයි. රනිල්, රවී කරුණානායක, මලික්, එරාන්, රෝසි සහ එයාලට උදව් කරන එයාලගෙන් උදව් ලබන චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරවන අය. අනිත් සියලු දෙනා බයියෝ. එත් සමහර බයියෝ හිතනවා එයාලා ටොයියෝ කියලා. ඇත්තම කතාව එයාල ටොයියෝ වෙන්න ලොකු ආසාවක් තියෙන අය. ටොයි සමාජයේ සාමාජිකත්වය 'මම ටොයියෙක් මි' කියල කෑ ගැහුවට ලැබෙන්නේ නැහැ. ඉතින් එයාල කරන්නේ 'බයියන්ට' සහ 'බයි කමට' නොසෑහෙන්න බනින එක. මේ වා ගැන හොඳට දන්නා සැබෑ ටොයියෝ 'අනේ ඔහොම දිගටම ඇඳ ගනිල්ලා' කියලා හිතමින් හිනා වෙනවා
    ‎Malinda Seneviratne‎

    ReplyDelete
    Replies
    1. ටොයියෙක් වෙන්නේ ඕකෙන් නෙමෙයි "චින්තනයෙන්"

      ඔය කියන පන්තියෙත් අමු බයියෝ ඉන්නවා...

      Delete
    2. // ටොයියෙක් වෙන්නේ ඕකෙන් නෙමෙයි "චින්තනයෙන්" //

      කඩ්ඩ පොලිශ් නැති, ටොයි ලිස්ට් එකට අයත් වන කොලෙජස් වලට පාසැල් නොගිය වෙන්ඩ ටොයියෝ ( සින්හල බොග් අවකාසේ පිරී සිටින්නේ එවැන්නන් ගෙනි ) සැබෑ ටොයියන් වීමට නම් මැරී ඉපදිය යුතු ය....(කුරුටු සැට් එකට ආයිත් මල පනීද දන්නෙ නැහැ..)

      අපි නම් ඔය කිසි දෙයක් අවස්ය නැති බයියෝ වම්හ!

      Delete
  22. "මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුතාලා නොයෙකුත් අකටයුතු වල යෙදෙන්න පටන්ගත්තේ ඔහු ජනාධිපති වී අවුරුදු ගානක් ගත වුනාට පසුවයි. එත් වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔහුගේ පුතා දහම් වැරදි පාරේ යන්න පටන් ගත්තේ ඔහු බලයට පැමිණ සති දෙකක් යන්නත් පෙරයි. යෝෂිත ගිය පාරේ යෝෂිත ට හිතාගන්න වත් බැරි වේගෙන් දහම් ගමන් කරන බව පැහැදිලියි. කොහේ හරි හැප්පෙන්නේ නැත්තම් පුදුමයි. හැප්පුනේ නැතත් ඔය යන විදිහට නම් තාත්තගේ ධූර කාලය අවසන් වෙන කොට හිරේ ලගින්න වෙයි කියල තමයි හිතන්න වෙන්නේ."

    http://malindawords.blogspot.com/2016/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. ගුරා හිටගෙන කරන කොට ගෝලයෝ කරන්නේ දුව දුව!!!

      Delete
    2. නීතිය අකුරටන ක්‍රියාතමක වෙනවා නම් එතකන් ඉන්න ඕනත් නෑ නේද...?

      Delete
  23. The so-called yahapalanaya. Ranil's best friends get to go scot free no matter what they do - even if they rape the entire country, and destroy the economy among with the Sri Lankan rupee within the space of 12 months. They get to go free even if they openly admit to kidnapping, threatening and beating Sri Lankan citizens on a whim. If you're a hardened LTTE cadre, you get to go free too. And if you're a Tamil diaspora group that funded and supported the LTTE as well as the disintegration of Sri Lanka, you're welcomed with open arms. If you're a country that didn't want the LTTE to be defeated and put spanners in the way of their defeat, Ranil will snuggle up to you and praise you no end.
    Let's get real. The arrest of Yoshitha Rajapaksa has nothing to with money laundering at all but everything to do with revenge seeking by a spiteful and egotistical man called Ranil Wickremesinghe. This is how he works, by using his sycophantic Financial Crimes Investigation Division (FCID) to target perceived political rivals and get his way. If there is one man in all of Sri Lanka that needs to be investigated for financial crimes it is Arjuna Mahendran who is sitting pretty as the governer of the Central Bank. Next would come Ravi Karunanayake the Minister of Finance. Neither of them have been touched by Ranil's FCID. We all know why.
    Ranil is trying to black mail the opposition forces, a very important section of which consists of those who support the ex-president. By arresting Mahinda's son, Ranil is hoping to scuttle those who oppose his misrule and his massive sellout to foreign forces. He is counting on Mahinda to tell his supporters to "keep quiet" while he goes about dismantling our country at will. Ranil's enraged attack on the media where he labelled journalists who criticise him 'toads' and 'riri yakas' signifies that he is afraid of the rising forces of opposition around the country. He wants total control of the media and the voice of the people. Batalanda dies hard with Ranil.
    When he assumed power one of the first things he did was to dull the voice of opposing forces in parliament by appointing a known LTTE supporter - R. Sampanthan - as leader of the oppposition. Sampanthan has done his job well and has not spoken out for those who oppose the yahapalanaya farce that is destroying the country. Now Ranil wants to take it a step further.
    Don't expect to hear any noise from the USA and/or Britain who Ranil has cultivated and run after; they've got their puppet in power and they'll want to keep it that way - and he knows this. It's up to ordinary Sri Lankan citizens to stand up and speak out against the authoritarian bigot and his gross abuse of power.

    ReplyDelete
    Replies
    1. මහින්දලා නම් චෝදනා කරන්නේ රනිල්ට නෙමෙයි තවත් මහින්ද කෙනෙකුටයි රාජිතටයි සාධාරණ සමාජේ සෙට් එකටයි. චෝදනා දැනගන්න ඒවා කියවන්න එපාය. රනිල් විරෝධය ඔළුවේ තියෙන එකෙකුට ඔක්කෝම පේන්නේ රනිල්ගේ වැරදි විතරයි. මහින්ද ගාව ප්‍රෙෂර් එකේ උන්න වහල්ලුම තමයි මහින්දට ගේම දෙන්නේ.

      Delete
    2. අනේ උඹලගේ අපි නොදන්න නිවහල් චින්තනේ. රනිල් කියන නිකමාගෙ කිරි ටොයි මොල ගෙඩියට වැඳගෙන ඉන්න උඹලා තමයි නියම ගෝත්‍රිකයෝ. නියම වහල්ලු. උඹලගේ වචනෙන්ම නියම බයියෝ.

      This man, Ranil, is nothing but a progressive fascist bigot who resides comfortably beside the facade of a liberty-valuing politician. All thanks would go to the politically as well as economically illiterate colombo elite, who conceive him as such.

      Ranil portrays himself as though he adheres to progressivist liberal politics. But Ranil and his budding UNP bureaucrats are part of this cult, which is more than happy to enforce nothingness, political correctness at a state level, and promote totalitarianism under the pretense of social harmony. This man and his ideologues are not only politico-economic illiterates, but also a threat to society.

      Delete
    3. ඉවාන් ට ජයවේවා!

      Delete
    4. මහින්දලා ගහන්නේ පොලිටිකල් ගේම් එකක්. ඒත් ඇත්තටම මර්දනය පිටිපස්සේ ඉන්නෙ කවුද කියන එක පැහැදිලියි. මේ සිරාට සුදු හුණු ගානවා එහෙම නෙමේ ඈ.

      Delete
    5. අමු බයියන්ට රනිල් දිරවන්නේ නැති එක අළුත් දෙයක් නෙමෙයි...

      Delete
  24. //රට මෙන්ම ළෝකයා පිලිගන්නා නායකයා ඔහුය//
    ලෝකයා කෙසේ වෙතත් රටට නම් දැන් ඔහු එපා වී හමාරය.

    ReplyDelete
    Replies
    1. ඔයාට එපා උනාට අපිට නම් එපා වෙල නෑ... විවේචනය කියන්නේ එපා වීමක් නෙමෙයි...

      Delete
    2. //ඔයාට එපා උනාට අපිට නම් එපා වෙල නෑ... විවේචනය කියන්නේ එපා වීමක් නෙමෙයි...//

      අපිටත් එහෙමයි....

      අපිත් ආප්ප සිරාට මාර ලයික්

      Delete
  25. මම හෙනට පෙට්‍රල් පුච්චගෙන ටයිප් කරපු කොමෙන්ට් එකට කෙල වෙලා මචෝ..... ඩබල් වෙයි කියල ආපහු කෙටුවෙ නෑ..... හෙට ආපහු එන්නම්..... ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්පෑම් ගොඩේ තීලා ඇදලා දැම්මා ඕන්...

      Delete
  26. මම හෙනට පෙට්‍රල් පුච්චගෙන ටයිප් කරපු කොමෙන්ට් එකට කෙල වෙලා මචෝ..... ඩබල් වෙයි කියල ආපහු කෙටුවෙ නෑ..... හෙට ආපහු එන්නම්..... ජය වේවා

    ReplyDelete
  27. දැන් කඳුළු වගුරාගෙන හිටියට අපි රජයේ සේවකයෝ හැටියට වෙන කාටත් වඩා හොඳටම දන්නවා මහින්ද ලොක්කගේ කාලේ රට උලා කාපු හැටි.
    ඒ කාලේ දුන්න පට්ට ගේම් වලට විරුද්ද උනාම රජාගේ ඇම්බට්ටයෝ සුදු වැන් එවන්න කතා කලේ.
    අද යහ පාලනයේ ගේම් කාරයෝ නැතුවා නෙවෙයි. නමුත් උන්ගැන පැමිණිලි කරන්න පුළුවන් කමක් අද තියෙනවා. වැරදි කරපු උන්ට දඬුවම් දෙනවා වැඩිය ප්‍රසිද්දියක් නැතුවට.

    ReplyDelete
    Replies
    1. මුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවා නම් කතා කරන්නවත් එන්නේ නෑ... ආන්ඩුවේ උන් නෙමෙයි ඔක්කෝම දන්නවා.. ඒත් හොරකමත් අනුමත කරන හරක් ඉන්න රටක්..

      Delete
  28. Nayaata gehuwa nam nayaa nethi karannama wenawa .Nethnam nayaata idak lebunu palamu awasthaawedima kelapu hemotama goo yanna kelinawa.

    ReplyDelete
    Replies
    1. නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපාය කියන්නේ නිකන්ය..

      Delete
  29. කතාවත් ඇත්ත. ඔය ඉදලා ඉදලා නිදහස් පක්ෂශයෙන් හරි ඔය එනවයි කියන පොහොට්ටුවකින් හරි මහින්ද ආවොත් ඔය කඳුළු වල වඩුව නොගෙන ඉදී කියලා කිසිම ශුවර් එකක් තියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. අති හයානක ගේමක් මේක... මොකා කලත් මාර රිස්කි ගේමක්..

      Delete
  30. //ඇක්සෙකටිව් පවර් තිබුනාට බලය අතහැර ගිය විජේතුංග මහත්තයා හැර අනෙක් හැම එකාම "කරුමේ" නියමෙටම වින්දේය. // මෙන්න මේ නිසි වෙලාවට අත් හැරීමේ පුරුද්ද වගේම ඊළඟ එකාට තමන් හිටි තැනින් ඉස්සරහට යන්න පුළුවන් විදිහේ සද් බාවයෙන් බාර දෙන පුරුද්දක් ක්‍රමවේදයක් නැති කමේ කරුමය තමයි අපෙ ජාතියම ගෙවන්නේ. ඒක රටේ මහතැන ඉඳන් ග්‍රාමසේවකට එනකන් පැතිරිච්ච සංස්කෘතියක්

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මාර සඟිස්කුරුතියක් ගැන නම් හැම තිස්සෙම නන් දොඩවනවා.... ඔය වියවස්තාවේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදි කියන කෑල්ලයි, සමාජවාදී කියන කෑල්ලයි දෙකම අයින් කලා නම් අහවරයි...

      Delete
  31. මොනවා වුනත් සිරිසේන මහත්තයා මේවා දැන් ඉදන්ම දැනකියා ගන්න එක හොදයි,මොකද ඔය පුටුව ලේසි පුටුවක් නෙමෙයි එක පාරක් ඉද ගත්තොත් සොරිම තමා,
    කරුමේකටවත් ඔය මල් පොහොට්ටුව වැඩ කලොත් අනාගතය මිට වඩා වෙනස් වෙන්නට හැකිය,

    ReplyDelete
    Replies
    1. පොහොට්ටුව, පොහොට්ටුවක් විදියටම තිබුනොත් හොඳා, පිපුනොත් එහෙම බඩුම තමයි...

      Delete
  32. Hey Mr.Maathalan. These stupid idiots don't understand the law. It's simple. Email is a valid legal document and as well as SMS.

    ReplyDelete
    Replies
    1. හොරකම නීතිගත කලා නම් වැඩේ ඉවරයි...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න