.

.

Jan 12, 2016

පොලිස් කෝළම, රජ ගහේ නාඩගම හා බුකිය - Facebook, Ebpilipitiya & Pumkins

 
  
මාතලන් මේ දවස් ටිකේ අයුතු ජනරාශී කීපයකටම සහභාගී උනේය. ඒවා හිතවතුන්ගේ සහ ඇතුවත් බැරි නැතිවත් බැරි නෑදෑයන්ගේ ඒවාය. සමහරක් බෝත් ඩේ පාටිය, සමහරක් ෆියුන්‍රල් පාටිය, සමහරක් නිකන්ම නිකන් ගැට්ටු ගෙදර්ය. පොලොස් මාද්දිය ප්‍රොකාශ යකා කොච්චර කිව්වත්, මුන් එකෙක්වත් ඒවාට පොලෝසියෙන් අවසර අරගෙන තිබුනේ නැතිය. හැම එකාටම වාගේ තට්ටු ගෙවල් තිබුනත්, ඔක්කෝම වාගේ ඕගනයිස් කොරලා තිබුනේ ගාඩන් එකේය. මොකෝ පොලෝසියෙන් ආවම ඔතන ඉන්න උන් ආතල් එකට එහෙන් මෙහෙන් පනින්න පුළුවන් නිසාය.

සමරිසි සේවනයේ යෙදුනාය කියා අයිසිස් කොලු පැටියෙක් දෙනෝදාහක් බලාගෙන ඉන්දැද්දි උස බිල්ඩිමකින් පහළට දානවා, බුකියේ දාලා තිබුනේ ඊයේ පෙරේදාය. අපේ සිංහ ලේ තියෙනා උදවිය මේක ඉතා අමානුශික කිරියාවක්ය, මෙහෙම කොරන්න කොහොමද, අරකද මේකද කියා හීනියට මුස්ලිම් උන්ටත් කින්ඩියක් දමා තිබුනේය. දවස් දෙකක් යන්න කලින් ඇඹිලිපිටිය පොලෝසියේ බාබෙද්දෝ සෙට් එකත්, අපිත් තොපිට වඩා පොරවල් ඩෝ කියා පෙන්නන්නද කොහෙදෝ, ඒ පැත්තේ කොටහළු ගෙදරක තුන් වෙනි තට්ටුවෙන් කොල්ලෙක් පහළට දැම්මේය.

දැන් කියන්නේ ඌ පැන්නාය කියලාය. කොලු පැටියාගේ බඩින් ඉන්න හාමිනා සිද්දිය උන දවසේම කිව්වේ එපා එපා කියද්දි ඇදගෙන ගිහින් පහළට විසි කලා කියලාය. පොලීසිය එදාම උන්ගේ කතාව හදා ගත්තේය. මල පෙරේතයෝ බෝතල් දෙකකට ජීවිතයක් නැති කළේය. දැන් වැල් බයිලා ගහනවාය. පොලීසියට මිනී මරන්න ලයිසන් දුන්නේ කවදාද කියා, ඔය පොලිස් මාද්දිය ප්‍රොකාශක යකාද මොකාද එකාම අපිට කියනවා නම් අපි බොහෝම කැමතිය.

දැන් ඒ පිස්සු යකා කියනා විදියට අපිට බාර් එකක බොන්න යන්නවත් බයය. හත් අට දෙනෙක් එක්ක නාන්න යන්නවත් බයය. ගමේ නඩෙත් එක්ක සිරිපාදේ කරුණා කොරන්න යන්නත් බයය. කොටින්ම ගෑණිත් එක්ක හැමිනෙන්නත් බයය. මොකෝ හැමිනෙන්නත් පොලෝසියෙන් අවසර ගන්න ඕනා කියා, ඌ කියනා දන්ඩ නීතී සන්ගරහයේද උගෙ අම්මගෙ සන්ගරහයේද තියෙනවා කියන්න දන්නේ නැතිය. මේ වගේ හරක් වොයිස් කට් දෙනකොට නාන්න වෙන්නේ ආන්ඩුවටය. දැන් සාගල ඇමති තුමා පාර්ලිමේන්තුවේ නාන්නේ මේ වගේ හරක් නිසාය.

අනෙක් පිස්සුව රජ ගහේ නාඩගමය. මගේ හිතවතෙක්, බුකියේ දොස්තර (Dr.) කෙනෙක්ගේ ලින්ක් එකක් එවලා තිබ්බේය. මේ ටිකේ අයුතු ජන රාශී ගොඩකට මැදිවෙලා බිසි එකෙත් උන්න නිසා සහ විශේෂ යමක් දැක්කේ නැති නිසා මොකක්ද මේ මළහත්තිලව්ව කියලා ඇහුවාම, උන්දෑ කිව්වේ අර රජ වීඩීයෝව හදපු ගොන් වස්සාගේ වැඩ ඒකේ තියෙනවා කියලාය. මේ ගොන් වස්සා ගැන සම්පූර්ණ විස්තරයක් පැරා ලියලා තියෙන නිසා මාතලන් මෙතන ලියන්න යන්නේ නැතිය. කැමති එකෙකුට ඒ ගැන <<මෙතනින් බලා ගන්න පුළුවන්ය.>>

සිරිසේන මහත්තයාගේ වන්නිය සෙලබෙරේසොන් එකේ, බී ඇම් අයි සී ඇච් (BMICH)එකේ තිබ්බ උත්සවේ සජීවීව බැලුවත්, ඊළඟට නිදහස් මන්දිරේ ගාව තිබ්බ පිස්සු විකාරේ නම් බලන්න බැරි උනේය.  MBICH එකේ කේස් එක ලස්සනට ගියත්, අන්තීමට ගූ හතේ නාගත්තේ, යහපාලන චිත්තරේකුයි, බෝම්බ තියපු එකෙක් ගෙනල්ලා නටපු පිස්සු විකාරෙන්ය. අනෙක් හරකුන් කෙසේ වෙතත්, මට දුක හිතුනේ සමන් අතාවුදහෙට්ටියා ගැනය. අඩු ගානේ ඒ යකාටවත් ඒවා එතනට නොගැලපෙන ගොන් ආතල් කියා මොහොතකටවත් හිතුනේ නැති එක ගැන ඇත්තටම කනගාටුය. අපට සමන්ට කියන්න තියෙන්නේ තවත් ඇක්සන් ජැක්සන් කෙනෙක් වෙලා ඔය නම කැත කර ගන්න නම් එපා කියාලාය. මොකෑ කියනවා නම් වන්දි භඨ්ඨයෝ දැකලාම එපා වෙලා නිසාය.

අර වීඩියෝව සෑදූ මී ගවයා ගැන පැරා මතු කරනා වැදගත් ප්‍රශ්ණයකයට මෙතන උත්තර දෙන එක හොඳයි කියා සිතුනේය. පැරා මතු කරනා ප්‍රශ්ණය නම්, ලංකාවේ බිහිවන ව්‍යාපාරකයින් මෙවන් ගොන් පාට් කොරන්නේ කෙසේද යන්නයි. අනෙක් කරුණ වන්නේ ,මේ ගවයාට පිටරටක ආචාර්ය උපාධියක්ද හිමිව තිබීමයි. මාතලන්ට නම් මෙය කිසිඳු ගැටළුවක් නොවන්නේ. අපේ රටේ ඉන්න තරමක් ඉන්නේ මෙවන් හරකුන් බව හැමදාමත් කියනා නිසාය. ඔය ගොන් වස්සා පමණක් නොව, ගොම්මන්පිලයාද ඔස්ට්‍රේලියාවේ මක්කදෝ එකක් ගත්ත එකෙක්ය. උන් කරන්නේ විකුණන්න පුළුවන් හැම ගූ බෙට්ටම විකීනිම මිස. රටට දැයට වැඩක් ඇති දෙයක් කිරීම නොවේ.

එහෙම දෙයක් කලේ ජේ ආර්ගේ විවුර්ත ආර්තිකේට කලින් උන් ව්‍යාපාරික ප්‍රජාව පමණි. අද ඉන්නේ දැන් ඉන්නා දේශපාලකයෝ වගේම අද ඉන්වෙස්ට් කරලා හෙට ප්‍රොෆිට් හොයනා කාලකන්නි ව්‍යාපාරික ප්‍රජාවකි. ලාබය එකම පරමාර්තයයි. එහිදි හොරකම වංචාව, දූෂණය, නාස්තිය, ඥාතී සංග්‍රහ ගැන කිසිඳු සැලකීමක් නැත. අවශ්‍ය වන්නේ අතට ලැබෙන ගතමනාව පමණි. මුන්ගේ ව්‍යාපර වලින් කරන්නේ ලාබ ඉපයිමම පමණක් මිස රටට වැඩක් ඇති කිසිවක්ම සිඳු නොවේ. එකෙකුටවත් කාර්මික හෝ කෘෂීකාර්මික ක්සේස්තරේ ඉන්වෙස්ට් කිරීමේ කිසිම උවමනාවක් නැත්තේ, ඒවායේ ඉන්ස්ටන්ට් ප්‍රොෆිට් නැති නිසා මෙන්ම රිස්ක් එකත් එකසිය ගානට තියෙනා බැවින්ය.

කෙසේ වෙතත් හිරුනිකා මොහොටකට හෝ අත් අඩංගුවට ගන්නටත්. ඇඹිලිපිටියේ කේස් යට ගහන්නටවත්, රජවරුන් ගොනාට අන්දන්නටවත් ඉඩ ලැබෙන්නේ නැත්තේ අද තිබෙනා සමාජ ජාල වලට පින් සිද්ද වන්නටය. (විශේෂයෙන් බුකියේ (Facebook)) ප්‍රධාන පෙලේ ජනමාද්දිය එකක් හෝ මේවාට විරුද්ධව හඬක් නගන්නේ නැතිය. උන් කරන්නට උත්සාහ කරන්නේ මෙතක් කල් හුරු පුරුදුව සිටි වන්දිභඨ්ඨ කෙරුවාවමය. සමන් අතාවුදහෙට්ටිත් ගොන් පාට් දාන්නේ ඒ නිසාමය. ගොන් පාට් අකුලා ගන්නට සිඳුවී ඇත්තේත්, රජාට අඳින්නට ඇති අකමැත්තක් නිසා නොව ඊට එදිරිව එන හඬ ඊට වඩා වැඩි නිසාමය.
 
එම නිසා සියල්ලන් දැන් පෙල ගැසිය යුත්තේ සමාජ ජාලා ආරක්ෂා කර ගැනීමටය. මේ ගෙන එනවාය කියනා මෙළෝ රහක් නැති වියවස්තා අස්සේ හෝ හංගා මේවාට කෙලින්නට ඉඩක් නම් දිය යුතු නැත්තේමය. මේවාට කෙලිනා කාලයද වැඩි ඈතක නැති අතර, ඒ ගැන අවදියෙන් සිටීම අප සෑම දෙනාගෙම යුතුකමය.

111 comments:

  1. මං ඒත් බැලුවා මොකද මාතලංගේ ඇස් ඇරෙන්න පරක්කු කියල ඕ යෙස්..

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ අයුතු ජනරාශී කීපයකටම සහභාගි උනා මචෝ....

      Delete
    2. ඔන්න මහින්දගෙ කාලෙ මේක උනා නං මහින්ද හරි, ගෝඨා හරි එහෙමත් බැරිම නං නාමල් වත් අණදීල කලා කියන්න තිබ්බ.... නේද මාතලං

      දැන් ඉතින් අරයගෙ වැඩ හින්දා........ මෙයාගෙ වැඩ හින්දා ....නාන්න වෙන්නේ යහපාලන ආන්ඩුවටය... කියල රෙද්දෙ ගූ ගිහින් තියෙද්දි නොදන්නව වගෙ ඉන්න එපායැ නේද

      Delete
    3. අද ඇඟිල්ල දික් කොරන්න බැරි නිසා ඕන් ඔය කොහේ හරි ගහගනින් බං....

      Delete
    4. උබනෙ ඇගිලි දික්කරපු කෙනා ඉතිං කාටවත් කියන්නෙ මොටද උබම ගහ ගනිං

      Delete
    5. අපි නම් දික් කලේ නෑ.. දික කලා නම් ඇඟිල්ල නෙමෙයි ඇඟිල්ල හයි වෙල තියෙන එකත් නෑ...

      Delete
  2. මාතලන් ඒ සින්දුව ඇහුවද? ඒකෙ කියනවා
    // එදත් ගැයුවා බොරු ප්‍රශස්තී
    වන්දිභට්ටයො වටකරන් නිරිඳුන්// කියලා.

    මක්කා වුනත් ඒ පේලි දෙකටනම් මම එකෙන්ම රෙස්පෙක්ට්. ඕක තේරිලාද දන්නෑ පටාර් ගාල සින්දුව අයින් කොරල දැම්මෙ.

    ReplyDelete
    Replies
    1. මළ අප්පිරියාවෙන් උනත් බැලුවා... නැත්නම් මක්කද තියෙන්නේ කියලා දන්නේ නෑ නේ... මුන් ඔක්කෝටම රජ පිස්සුව... හැබයි පැරකුම්භා කියන්නේ මේ රට විනාශ කළ රජෙක්...

      Delete
    2. රෙදි නැතුව ජහ පාලනේට කඩේ ගිය දෙපොලක් බබා පාට් දානවා

      Delete
    3. ජහපාලනේට කඩේ ගියාද නිහඬ විප්ලවයකට උදව් කලාද කියන දේ නොතේරෙන ගොන් බයියෝ....

      Delete
    4. /පැරකුම්භා කියන්නේ මේ රට විනාශ කළ රජෙක්/

      මහින්දගේ අන්තේවාසිකයෙක් බවට පත්වුනු මාහාචාරිය කපිල ගුණසේකර, විශ්වදිද්‍යාලේ උගන්වන කාලේ ඔය බව බොහොම කරුණු කාරනා ඇතිව පෙන්වා දුන්නා. පැරකුම් බා පාලනේ කොච්චර ජන හිතකාමීද කියනවනම් පහුගිය කාලේ දෙමළ අය බෝට්ටු වලින් ඔස්ට්‍රේලියා ගියා වගේ මින්නේරියේ සිංහල මිනිස්සුත් ගම් බිම් අතහැර දමා කැලේ මැදින් කුරුණෑගල පැත්තට සංක්‍රමණය වුනාලු, මිනිස්සු මරවල මහ වැවක් හැදුවත් කුඹුරු අස්සද්දන්න මිනිස්සු ඉතුරුවෙලා හිටියේ නෑලු.

      Delete
    5. කපිල ලොක්කත් පැරකුම්බා කෙනෙක් තමා.... වී සී වෙලා ඉන්න කාලේ සැපයුම් කරුවන් ගේ වියදමින් මහකන්දේ සරසවිගම ඒරියල් එකේ ඈත පේන නිල් කඳුවැටි බලාගෙන ඉන්න කාමර හත අටක චූටි පැල් කොටයක් අටවා ගත්තේ....

      Delete
  3. සමන් අතාවුදහෙට්ටි ඇවිල්ලා රනිල්ගේ පුද්ගලික ලේකම් නේද ?මිනිහා මෛත්‍රීගාව මොනවා කරනවාද හිටං.මතා කියනවා වගේ මෙව්වාට කෙලින දවස වැඩි ඇතක නොවෙන්න පුළුවන්.මතකයිනේ විජේදාස කියාගෙන ආපු කතාව.මම මේ ලගදි දැක්කා ෆේස්බුක් යන්න වයස් සීමාවක් දානවා වගේ මහා තකතීරු කතාවක් පත්තරේක තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් ගිනුමක් ඇරඹීමට වයස 13+ (teenage) විය යුතුයි.

      Delete
    2. මම දන්නේ නෑ මොකාගේ මොකාද කියලා... ඒත් තවත් වන්දිභඨ්ඨයෙක් නම් වෙන්න එපෝ කියලා කියන්න තමයි වෙන්නේ... හොඳ වෙලාවට අලි පාටියේ මේ වගේ ගොන් පාට් නෑ....

      Delete
    3. මේ මක්කෙයි?
      https://www.youtube.com/watch?v=UrHH15RVgOc

      Delete
  4. හිටපු රජතුමාට හා වන්දිබට්ටන්ට අපි කෘතඥවෙන්න ඕනෙ.
    මොකද ඒ ගොල්ල කියපු සින්දු කරපු වැඩ කොයිතරම් ඕවර් ගිහින් අපිට එපාවුනාද කියනවනම් දැන් ඉන්න උන් ඒ ජාතියෙ වැඩක් කරන්න පටන් ගන්නකොටම මිනිස්සුන්ට හිනායන්න අප්පිරියවෙන්න ගන්නව.

    ReplyDelete
    Replies
    1. නායකයෝ මුන්ට බැන්නා කිව්වට් වැඩක් නෑ... එලවලාම දාන්නයි ඕනා....

      Delete
    2. ඒක හරි ප්‍රා, මම නම් සින්දුව බැලුවෙත් නැහැ . අප්‍රසන්නයි. අනන් ලන්කසිනිව්ස් එකේ තව වර්ෂන් එකක් දාල තියනවා. හිටපු රජ්ජුරුවෝ දාල.

      Delete
  5. පියාණනී මාගේ දේශය ඇවදි කරනු..... මතකද?
    ඒ වගේම දෝෂාභියෝගයට ප්‍රේමදාස බයවුනු කලෙ සින්දුවක් දැම්ම රැකගනිමුද මොකක්ද කියල.ඒවා ඉතින් හදිසි අනතුරු කියන්නත් පුලුවන්.

    කොහොමවෙතත් ලංකාවෙ හැමදේම වගේ රජ වන්දනාවත් ප්‍රමාණාත්මකව තමයි ගන්න ඕනෙ. ප්‍රමාණාත්මකව ගත්තහම සිරි ලංකාකාරයො යූඑන්පී කාරයන්ට වඩා පුද්ගල වන්දනාවට ප්‍රවණතාවය වැඩියි අයිතිහාසිකව හා දැනටත්. බණ්ඩාරනායක ඝාතනය නිසා වන්දනාව මුල් බැහැගත්තා වෙන්න පුලුවන්.ස්ටාලින් හා මාවෝ සඳහා ඇතිවුනු වන්දනාවිධි හා පූජා ක්‍රම ඉන්ෆ්ලුවන්ස් එකවෙන්නත් පුලුවන

    ReplyDelete
    Replies
    1. කොහොමත් සඟ වෙද ගුරු ගොයි කම්කරු කියන අමු බයියන්ගේ පක්ෂයක් නේ ඕක.... ඕකට හරියන්නේ රජවරුම තමයි....

      Delete
  6. හම්මෝ.. අපිටනම් බෑ පොලිසියට බනින්න.. මේන් මන් ගියා..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්න, යන්න ඉස්සෙල්ල ෆොටෝ එකක් ගහන්න

      Delete
    2. ගහන එකේ කොඩියත් වදින්නම ගහපන් ප්‍රා..නැත්නං කිසි ආතල් එකක් නෑ...!

      Delete
    3. Read the comments

      http://www.lankadeepa.lk/index.php/articles/376385

      Delete
    4. හපොයි ඒ ඩිංගට පත්තරෙත් දාලද..?
      මුන්ට පිස්සු බං...!

      Delete
    5. මූ හින්දා ඔහොම බේරුනා...

      අරූ උන්නා නම් වෙන්නේ එක්නැලිගොඩට වෙච්චි දේ...

      දේශද්‍රෝහී හැත්ත... කොටින්ට දෙන්න නේ ඔය පොටෝ අල්ලන්නේ....

      Delete
    6. කොටි පැටවුන්ට. කාර් වලට ආසයි උන්

      Delete
    7. හයියූ.. කම ගාලා.. දැන් කොහොමද මං රෙද්දක් ඇඳන් පාරේ යන්නේ.. හැක හැක හැක..

      Delete
    8. යුද්දෙ වගේ නෙවෙයි සාමෙ, හමුදා ආර්යාවන්ට ඇලර්ට් එකේ ඩෙටෙක්ටිව්ලා හේම හයර් කරාන ඉන්න වෙනවා, නේද විචාරක තුමා.

      Delete
    9. වේලෙන්නත් කලිං පත්තරේ ගිහිං කියල කොටියෙක් කිව්වලු :D

      මං පත්තර මල්ලි කියන නම වෙනස් කරගන්නවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියලා..ඕ යේස්

      Delete
    10. පත්තරේ උඹ 'රුවන්' කියල නම වෙනස් කරගනින්

      Delete
    11. ගුණසේකර කියල දාල දෙයි කුරුනෑගලින්

      Delete
    12. උඹලට හිතෙන් නැද්ද රජතුමාගෙ මාධ්‍ය ප්‍රකාශක තුමා අන්දරේ කියලා …… ??

      ඉතිහාසය නැවත නැවත මොකද්ද මංදා වෙනවා කියන්නෙ. හැක හැක

      Delete
    13. උඹට නීතිපති උපදෙස් හම්බවුනේ නැද්ද බං?

      Delete
    14. කමියා කියන්නේ "කොටියෙක්" කියල තමයි බුකියේ කට්ටිය කියන්නේ. පොලිසියට දෙන්න ඇත්තේ ඒවා දැකල වරදවා වටහා ගැනීමකින්. අර ගෑණු ළමයින්ගේ ප්‍රේමවන්තය අරව මේවා කියල දැම්මේ ඒ දවස් වල පෝස්ට් .

      Delete
  7. ///එම නිසා සියල්ලන් දැන් පෙල ගැසිය යුත්තේ සමාජ ජාලා ආරක්ෂා කර ගැනීමටය. මේ ගෙන එනවාය කියනා මෙළෝ රහක් නැති වියවස්තා අස්සේ හෝ හංගා මේවාට කෙලින්නට ඉඩක් නම් දිය යුතු නැත්තේමය. මේවාට කෙලිනා කාලයද වැඩි ඈතක නැති අතර, ඒ ගැන අවදියෙන් සිටීම අප සෑම දෙනාගෙම යුතුකමය.///

    මේ කතාව නම් අනිවා වෙන්න පුළුවන්. සමහර රට වල අන්තර්ජාලය හරහා තොරතුරු ලබාගැනීම සීමා කරලා රජයට පක්ෂ අදහස් පමණක් ලබාදීමට කටයුතු යොදලා තියෙනවා වගේ ලංකාවෙත් ඕක කරන්න බැරි නෑ...

    ReplyDelete
    Replies
    1. කර ගන්න බැරුව ද්ඟලන්නේ... මහා ප්‍රාඥ්ඥයාද මොකාද එකාගේ ඉඳලා දඟලන්නේ ඒකට....

      Delete
    2. පිස්සුද බං . ඕක කරන්න පුලුවන්නම් ඇමෙරිකාව හරි රුසියාව හරි කරල මෙලහට. පුටින්ට වත් නවත්ත ගන්න බැරුව ඉන්නේ. චිනේ විතරයි යන්තම් හරි කොන්ට්‍රෝල් කරන්නේ චීන භාෂාවෙන් යන ඒවා. ලියපුවා හොයන්න පුළුවන්.

      Delete
  8. මට ඇති ප්‍රශ්නය නම් අරෝෂ ප්‍රනාන්දු ලා, ගම්මන්පිළ ලා ඕස්ටේ‍ර්ලියාවේ ඉගෙන ගෙන එහි නතර නොවී ආපසු ලංකාවෙට ගියේ ඇයි ද යන්නයි!

    තවත් මෙවැනි අය ද ඇත. දේශපාලුවන් ගේ පුතුන් වෙන ඔවුන් දැනටම දේශපාලුවන්ය.

    ඒ ලංකාවට ඇති ආදරය නිසා විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවට වැඩියෙන්ම ආදරේ ලාංකික දේශපාලකයන්ය.
      හේතුව.. ලංකාව විසින් හොඳින්ම සලකනු ලබන ජන කොට්ඨාශය දේශපාලකයින්ය. මෙහි දේශපාලකයින්ට ලැබන බලය හා වරප්‍රසාද වෙනත් කිසිම ප්‍රජාතන්තවාදී ක්‍රමයක් ඇති රටක දේශපාලකයින්ට ලැබේයයි මම නොසිතමි.
      උන්ට හොඳම රට ලංකාවයි , එනිසා උන් ආසාම හා ආදරේම රට මෙයයි

      Delete
    2. ඔය රටේ ඉන්නේ අපේ රටෙන් ගිය හරක් ඇරුනාම, කිරට හා මසට හදන හරක් විතරයිනේ... මී හරකුත් නෑ මයේ හිතේ...

      ඒ වගේද අම්මට සිරි ලංකා...????

      Delete
    3. ව්‍යාපාරික දක්ෂතාව රසික, ව්‍යාපාරික දක්ෂතාව. ඔය අපේ අරෝෂ ප්‍රනාන්දු ලා, ගම්මන්පිළ ලා පෙන්නුම කර තියෙන එයාලගේ සහජ හැකියාවෙන් ඉදිරියට එන්න ඕස්ට්‍රේලියාවේ වගේ ධනවාදී රටවල අවශ්තාවක් දෙන්නේ නෑ, අපි වගේ පොදුරාජ්‍යවාදී රටවල දක්ෂයන්ට එරෙහිව කරන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ තියනවා.

      ඇ‍ණයා

      Delete
  9. අම්බානක විප්ලවයක් කොරලා බුජ්ජිමතුන් සහ සිවිල් වේසියන් විසින් අම්බරුවන් සඳහා අටවාගත් යහපාලනේ ආන්ඩුව විසින් ඩොලර් බිලියන් එකක් ගෙනාවොත් ප්‍රශ්න නොඅසා කලු සල්ලි සුදු කිරීමට ඉඩදීම හිලේරියස් යැ..

    ReplyDelete
    Replies
    1. වෙනස තාමත් සැපය.... ළොකයේ ළොකුම හොරා කිසිසේත්ම පිළිතුර වන්නේ නැත...

      Delete
    2. සොරකම නරක යැ.. ලොකුම හොරා කුජීතයැ.. එහෙත් හොරකමින් උපයාගත් ඩොලර් ලන්කාවට ගේනවානම් හුරේ යැ...

      Delete
    3. බෙල්ජියමෙ ඉන්න ඈයෝ හොරකම් කරන්නේ නෑ හරිය.....2002 වෙනකං තිබිච්ච ෆ්‍රෑන්ක් නෙවී ඇමරිකන්ම බිලියන් එකක්නේ එවන්නේ...ෂෝක් නේ...!

      Delete
    4. //බෙල්ජියමෙ ඉන්න ඈයෝ හොරකම් කරන්නේ නෑ හරිය.....2002 වෙනකං තිබිච්ච ෆ්‍රෑන්ක් නෙවී ඇමරිකන්ම බිලියන් එකක්නේ එවන්නේ...ෂෝක් නේ...!//

      චොක්ලට් හැදුවේ බෙල්ජියමේ වුනාට කොකෝ ගේනාවේ අප්‍රිකාවෙන් නේ....

      ඒ වගේ ... ඩොලර් බිලියන් එක ආවෙ බෙල්ජියමෙන් උනාට ඒව හොරාකාල එක්ස්පෝර්ට් කොලේ සිරි ලන්කාවෙන් නේ...

      Delete
    5. ස රස ගේ හෝඩු වාවට අනුව මගේ මීටරේටත් යමක් ආග්‍ර‍හනය වෙනව වෙනව වගේ, ලංකාවේ තියන කරුමාන්ත කඩාවැටුනොතින් කෙළ වෙන අපේ බොක්කක් එළියට පන්නගත්ත සල්ලි වලින් කොටසත් දාලා ආර්තිකේ ස්තාවරකරන්න හදනවා. මොනව දෑ ඔච්චරට ඉයු එකට එක්ස්පෝර්ට් කලේ; තේ, ස්පයිසි, කජු ද නැතිනං ලස්සන ගල් ද? කෙලින් යන්න බැරි කෙනාද?

      Delete
    6. චොක්ලට් හැදුවේ බෙල්ජියමේ වුනාට කොකෝ ගේනාවේ අප්‍රිකාවෙන් නේ....
      සා රස නියම උදාහරණෙ. ඒක හොඳ වුනාට ඒක අදාලද කියන්න දන්නේ නැහැ.

      Delete
    7. // ඒක හොඳ වුනාට ඒක අදාලද කියන්න දන්නේ නැහැ. //

      මතක නැතෙයි අර ප්‍රභූ පුතා ගේ ඩුබයි බැන්කු ගිනුම?

      ඒක බෙල්ජියම් VIA සිරි ලන්කාවට TT වෙලා...

      Delete
  10. මං කියන්නේ තට්ටු දෙකේ සිට ඉහලට සියලූම ගොඩනැගිලි තහනං කරන්න ඕනැ !! තනි තට්ටුවෙ ගෙවල් විතරයි පුලුවං … ඕ යේස් .
    තව ඔව්ව හදන ඉවානය වාගෙ එව්වොන්ට මඩු වල්ගෙන් තලන්නත් ඕනැ ..

    ReplyDelete
    Replies
    1. අඩෝ ඉවානයා දැන් කාර් ෂෝරූම් හදන්නේ.....අල්ලගන් ලොකු පුතාව...!

      Delete
    2. කාර් වලට දෙයියංගෙ පිහිටයි … ඕ යේස්
      මුදුං යටලීය තියෙයි බොනට් එක උඩ.. පරණ යකඩ වලට තමා කාර් දෙන්න වෙන්නෙ.හැක හැක

      Delete
    3. ආ.. ලොකු ෂර් ඈරිල.. මන් ඉතුව තාම බුදි ඇති කියල.. පාන්දර දෙකට තුනට දුක ෂැප ආලා කෝල් දෙනකොට.. හැක හැක හැක..

      ගෙරි පත්තරයව හැම ගහනවා.. අපේ රස්සාවට කෙලින්න හදන්නේ.. යකෝ ගිය සඳුදත් උඹලෑ අනුරාජපුරේ දෙන්නෙක් සෙත්ත පෝච්චි උනා තට්ටු හතරකින් වැටිලා.. තෝ හදන්නේ අපේ බඩ රස්සාවට කෙලින්න.. (මෙතන කවුරුවත් පොලිසියට එහෙම මොකුත් කියනවා නෙවෙයි..)

      Delete
    4. ආං එහෙම ගරු නම්බු ඇතුව කතා කරකො ..හුකෑස්

      ඔය සේරම උනේ උස බිල්ඩිං ගහන්න ගිය නිසා නෙවැ ..හා නැද්ද.
      .අපේ පුරේ කොල්ලො දෙන්නත් මලා. මොකෝ සමනල පියස්ස ගහලා බ්ලොක් ගලෙන් ඕක තනි තට්ටුවට රෙෂ්පට් එකට ගැහුවනං හෙණද මං අහන්නෙ ඈ ..චැහ්
      මේක විවුර්ත ආර්තිකේ වැරැද්ද .මං කියන්නෙ සිමෙන්ති කොට්ටෙයක් හාරපන්දාහක් කොරලා ව්ළි කියුබ් කාලක් දහදාහක් විතර කරානං අර බදු ගහපු කාර් පදිනවා වාගෙ තොපි කාපියව් වැලි :D :D
      ( පොලිසියට් බයයි අයියා.. තව ඩිංගෙං හයිවේ එකේ කසිප්පු ඇදලා මාත් ඇතුලේ )

      Delete
    5. අම්මපා.. එක්කෝ මහල් නිවාස හදන එක නවත්තන්න ඕනා.. එහෙම නැත්නම් ආයේ පොඩි එකෙකුටවත් පනින්න බැරි වෙන්න සීල් කරන්න ඕනා...

      Delete
    6. පත්තරයා අපි කාල ඇඳලා යන්තං පණ ගැට ගහ ගන්නවට මේ තරම් ඉරිසියා මොකද බං...

      Delete
  11. "රජවරුන් ගොනාට අන්දන්නටවත් ඉඩ ලැබෙන්නේ නැත්තේ අද තිබෙනා සමාජ ජාල වලට පින් සිද්ද වන්නටය. (විශේෂයෙන් බුකියේ (Facebook)) ප්‍රධාන පෙලේ ජනමාද්දිය එකක් හෝ මේවාට විරුද්ධව හඬක් නගන්නේ නැතිය."
    කතාව ඇත්ත. හැබැයි ඔය හංදම සමාජ ජාල, වෙබ් අඩවි වලට කෙලින්න ඉඩ තියෙනව තමයි. කෙලල බලන්න කියමු නේද....ව්‍ර කොට්ටෝරුවට වෙච්චි දේ තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේකට කෙලියොත් නම් කෙලියම තමා.. ආයේ මොකෙන් කොහේ කතා කොරන්නද...?

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. //ගොම්මන්පිලයාද ඔස්ට්‍රේලියාවේ මක්කදෝ එකක් ගත්ත එකෙක්ය//
    අරෝෂ ප්‍රනාන්දු කියන මිනිහා ගැන නම් දන්නේ නෑ. ඒත් එක දෙයක් කියන්න ඕනි. ලංකාවේ පලවෙනි වතාවට ශිෂ්ට සම්පන්න විදිහට සාමාන්‍ය මිනිස්සුන්ගේ donations වලින් තමන්ගේ campaign එක කරපු (කෝටිපති හොරුන්ගෙන් campaign finance කළේ නැති) උදය ගම්මන්පිලට, තමන්ට විරුද්ධ දේශපාලන මතයක් දැරූ පමණින් "ගොම්මන්පිලයා", "රුපියල් සීයේ හිගන්නා" කියලා අපහාස කරන මිනිස්සු ඉන්න රටක් මේක. තිත්ත ඇත්ත තමයි, ටොයියො කියාගන්නා එවුන්ගෙන් බහුතරයක් නියම බයියෝ බව..

    ReplyDelete
    Replies
    1. ගොනාට ගොනා නොකියා වෙන මක්කා කියන්නද...? ඕකුන්ගේ උගත් කම් හොඳයි අපායට කැලන්ඩර් ඝහන්න...

      Delete
  14. රජ මාන්දම ලේසියෙන් හොඳවෙන ලෙඩක්නම් නෙමෙයි.හොඳ වෙන්නනම් එක්කෝ බෝම්බෙකින් බ්ලාස්ට් වෙන්න ඕනේ.නැත්නම් එලවන්නම ඕනේ.

    ReplyDelete
    Replies
    1. රජ පිස්සුවේ හොඳම එක තමා හෙළුවෙන් යාම.. කලින් එකා නම් එහෙම යන්න පටන් ගත්තේ සෑහෙන කල් ගිහිල්ලා.. මෙයා නම් පටන් ගත්ත දවසෙ ඉඳලම හෙළුවෙන්...

      Delete
  15. මාතා,

    මයිත්‍රී ට මහින්දට ඇති දේශපාලන ප්‍රග්ධනය නෑ. ඔහුට සෙල්ලම් නැටීම ලේසි නෑ.
    සමාජ මාධ්‍ය දැඩි පිඩනයක් යොදල තිබීම ගැන සතුටුයි නමුත් පීඩනය යොදන්න ඕන දේවල් වලට පීඩනය යොදල නෑ
    දිවයින පත්තරේ කලකට පසු අපුරු ලිපියක් ගියා http://www.divaina.com/2016/01/10/nimna07.html

    මේගැන මම පොස්ට් එකකකුත් දැම්ම, ඇත්තටම පීඩනය යෙදිය යුත්තේ මෙවැනි සම්පත් වලින් ප්‍රයෝජන ගැනීමටයි

    ReplyDelete
    Replies
    1. ඕක ගැන හැම ආන්ඩුවම කතා කරනවා ඒත් කොරන දෙයක් නෑ.... අනික දැන් ඕවා දිරලත් ඇති...

      Delete
    2. මාතා,

      මෙහි ඇති විශාලම කොටස් දිරන්නේ නෑ මොකද මේවා හදල තියෙන්නේ සුදු යකඩින් නිසා.
      දැනටමත් මින් 2 ඉන්දියාව පාවිච්චිකරනවා.

      Delete
  16. මේ ආචාර්‍යය අරෝෂ ප්‍රනාන්දුව මම දන්නවා. ගොම්මන්පිලගේ පැත්තකින් වත් තියන්න හොඳ නැති හොඳ මහත්මයෙක්. මම හිතන විදිහට විදුලි සංදේශණය ගැන ආචාර්‍යය උපාධියක් තියෙන්නේ. විදුලි සංදේශ ක්ශේත්‍රයේ ට්‍රාන්ස්මිෂන් පැත්තේ ක්‍රියාත්මක විශාල සමාගමක කලමණාකාර අධ්‍යක්ශක තනතුරක් දැරුවා. ඔහු එම මාර්ගයෙන් ඉවත්ව චිත්‍රපට නිශ්පාදනයට එක් වුනා. මේවගේ බොලඳ වැඩක් ඔහුගේ වුවමනාවෙන්ම කරන්න ඇති කියල හිතන්න අමාරු තරම්. අර කොහෙද යන ගොබිලෙක් මහේල සහ සංගාගේ (ඒ අයගේ කැමැත්තෙන්) නමුත් දාගෙන ඒ නම් කාල දැම්ම වගේ වැඩක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වුනාට ඔහුගේ ඉනීශියෙටිව් එකෙන් මේක කලා නම මා සහ ඔහු දන්න අය ඔහු පිලිබඳව තිබ්බ ගෞරවයට ලොකු හානියක්.

    ReplyDelete
    Replies
    1. අද්‍යාපන සුදුසුකම් කේසේ වෙතත් ආචාර්ය අරෝශ ගේ ලොක්කන් සමග එකට සිට (නාමල්, මහින්ද මාමා සහ දැන් ආප්ප සිරා) පොටෝ වලට පෙනී සිටීමේ කලාවට ස ර ස තුමා ගෞරව කරනවා....

      Delete
    2. ආචාර්‍ය උපාධි ළමයෙකුට දුන්නා නම් මීට හොඳා... බුකියේ නටපු නැටිල්ල ඔක්කොම තිබුනා.. ඒත් දැන් ඔක්කෝම අයින් කරලා... මුන් තමයි මේ රටට හරියනම බිස්නස් කාරයෝ...

      Delete
  17. අඩේ මමත් අද යුතු ජනරාශි එකකට නෙවේ තුනකටම සහභාගී උනා නේ..

    ReplyDelete
    Replies
    1. උස බිල්ඩින් වල නෙමේ නම් අවුලක් නෑ... හැම තිස්සෙකම් කාලක් වත් සාක්කුවේ දාගෙන හිටහන්....

      Delete
  18. සයිබර් අවකාශයට වැටක් ගහගන්න පුලුවන් ඔනානම් මේ ඔක්කොටම ගොඩ යන් තිබුණා.

    ReplyDelete
    Replies
    1. වැඩි කල් නොගිහින් ඒක කොරයි...

      Delete
  19. ගොන් පාට් අකුලා ගන්නට සිඳුවී ඇත්තේත්, රජාට අඳින්නට ඇති අකමැත්තක් නිසා නොව ඊට එදිරිව එන හඬ ඊට වඩා වැඩි නිසාමය.

    //එම නිසා සියල්ලන් දැන් පෙල ගැසිය යුත්තේ සමාජ ජාලා ආරක්ෂා කර ගැනීමටය. මේ ගෙන එනවාය කියනා මෙළෝ රහක් නැති වියවස්තා අස්සේ හෝ හංගා මේවාට කෙලින්නට ඉඩක් නම් දිය යුතු නැත්තේමය. මේවාට කෙලිනා කාලයද වැඩි ඈතක නැති අතර, ඒ ගැන අවදියෙන් සිටීම අප සෑම දෙනාගෙම යුතුකමය.//

    නිල් සයිට් බ්ලොක් කලා වගේ අතීසාරෙට අමුඩ ගැහිල්ලක්නෙ බං සමාජ ජාල බ්ලොක් කිරිල්ල.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා... මේක වැහුවොත් ඔක්කොම කරලා හමාරයි...

      Delete
  20. ඔය සිංදු හැදිල්ලෙ හොඳම එක කලේ මංගල සමරවීර. චන්ද්‍රිකා ආණ්ඩුව කාලෙ කොටිංගෙ සිංදු කියලා

    ReplyDelete
    Replies
    1. සිරි ලංකා නිදහස් පක්සෙට ආවෙනික රෝගයක්....

      Delete
  21. ප්‍රශස්ති ගායනය (තමන් විසින් හෝ අනුන් විසින් පදමාලාව ලියා අනුන් ලවා තනුවක් දමා වන්දි බට්ටියක් හෝ බට්ටෙක් හෝ ලවා කියවීම ) අනාදිමත් කාලයක් ඉඳන් එන එකක්නෙ. ඒක *** ලේ ධාතුවටම බැහැලා තියෙන්නෙ. අනාගතයෙත් සිද්ධ වෙයි!

    ReplyDelete
    Replies
    1. නොවේ කියලා සහතිකයක් නම් දෙන්න අමාරුයි...

      Delete
  22. This video would be an eye opener;

    https://www.youtube.com/watch?v=D1DO0ZPrNxY

    ReplyDelete
  23. යන්තං නිව්ස් කියල දෙයක් අහුලගන්නවත් තියෙන්නෙ දැං මෙව්ව විතරයි.ඒකත් අච්චාරු වේගන යනවා පැරඩියි එක එක මඟුලුයි දාගෙන.
    දවසේ වියදමට හරියන්න කිච වෙලා හිනාවෙන තත්තෙට ලොක්ක වැටිච්ච එක ගැන නම් හරිම දුකයි.මිනිහගෙ ගොං කමක් පෙන්නලා පාං මිල වැඩි කොරන සීන් හැමදාම නං කොරන්න හම්බෙන්නෙ නෑ..
    හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පිස්සුද ජෝක්ස් මැද්දෙන් හීරෝ වෙන්න දඟලන්නේ.. ඒත් නම්බර් වන් සීරෝ...

      Delete
  24. මම ඒත් බැළුවා වෙනදා උණූ උණු වෙන්ම ලියන මාතලන් නැත්තේ මොකද කියලා.
    මේවා මෙහෙම ලිය ලිය අයුතු ජනරාශි වලට යන්නේ කල්පනාවෙන් ඈ. දැන් මාතලන්ගේ මුණත්තහඬුව දන්න එකේ හොයන් එන්න බැරි නෑ.
    රජ පාට් නම් කතා කරලා වැඩක් නෑ. අන්තිමට හැමෝම එකම කෙරුවාව කරනවා මිසක් වෙනසක් නෑ. මහින්ද මාමා අහවල් එකෙන් හිනා වෙවි බලන් ඇති ශුවර් එකටම.

    ReplyDelete
    Replies
    1. කවදා හරි මැරෙණවා නේ බං ඔක්කෝම.. එදා රජෙක් අද බලු වෙල ඉන්නේ.. වන්දිබට්ටයෝ කියන ඒවා අහලා නේ අද ඔහොම ඉන්නේ.. අපි කියන දේ (ජනතාව කියන දේ) අහුවා නම් ඔහොම වෙන්නේ නෑ නේ...

      Delete
  25. Eka sahathika aththa.Labbata thibba atha thamayi puhulata thiyanneth!

    ReplyDelete
  26. මේ රටේ පොලිසියක් තියෙනව කියල මිනිස්සු දැනගන්නෙ මේ වගේ නොසන්ඩාල වැඩකින් තමා. පොලිසිය ජනප්‍රිය වෙන්න කරන වැඩනෙ. ඇයි අපි ඒ මිනිස්සුන්ටත් *ස්ල වෙන්න නොදෙන්නෙ? මේ වසරේ පොලිස් තරුව තරඝෙට මේ සිද්දියත් දාන්න පුලුවන්. 2015 නම් කොටදෙනියාවට සම්මානෙ ලැබුනනෙ.

    ReplyDelete
    Replies
    1. මාතලනුත් හිතන්නේ ඒ වගේ රියැලටි එකක් තිබ්බොත් මීට වඩා ආතල් එකක් තියේවී කියලයි...

      Delete
  27. විලිලැජ්ජා නැති දේවල් නීතියෙන් රකින්න ගියාම නීතිය බල්ලා ලෙවල් ඒකට දාලා නිර්වචනය කරගන්න වෙනවා.... ඔය අයුතු ජනරාශියත් ඒකම තමා...........

    ReplyDelete
    Replies
    1. කලින් උන්න එකා මොනවා කලත් ප්ලසන්ට් ලුක් එකක් තිබ්බේ... මේ යකාට නම් තියෙන්නෙම නම්බර් වන් පොලිස් ගුටිකන මූණක්...

      Delete
  28. අන්තර්ජාලයට වැට බැඳීමට මේ වසරතුල බොහෝ දුරට ඉඩ තිබෙනවා. තොරතුරු ලද සැනින් දන්වන්නම්.

    ReplyDelete
    Replies
    1. මටත් නිව්ස් දෙක තුනක් ආවා....

      Delete
  29. මෙහෙව් රටක්. මමත් විශ්වාස කරනවා ඉක්මනින් ම අන්තර් ජාල තහංචි ඉක්මනින් එයි වගේ.

    ReplyDelete
  30. අන්තර්ජාල තහංචි ආවොත්. හෙහ් හෙහ්...
    එච්චරයි දැනට අඩු...

    ReplyDelete
    Replies
    1. ඒකටත් කෙලලම ඉල්ලගෙන කයි වගේ....

      Delete

  31. හෝ අජිත් ලා ගේ කරු පර වි.....(කරුණාරත්න පරණවිතාන)

    http://www.lankaenews.com/news/3342/si

    පයිත්තියං සමරු කලාපය
    “එකම දැයක් මහ බලයක්“ - ජනාධිපති පදවි ප්‍රාප්තිය - ප්‍රථම වර්ෂ පූර්ණය මැයෙන් උත්සවය වෙනුවෙන් අපූරු සමරු කලාපයක් ද මුද්‍රණය කර තිබිණ. ඇමැතිවරුන් අතරින් ඊට ලිපි සපයා තිබුනේ චම්පික සහ රාජිත පමණි. අඩුම ගණනේ තමන්ට ජනවාරි 8 වෙනිදා බහුතර ඡන්දය දුන් යූඇන්පී කාරයන් වෙනුවෙන් එකදු යූ ඇන් පී ඇමැතිවරයෙකුගේ ලිපියක් තිබුනේ නැත. එසේ වී නමුත් අපූරු ලිපියක් පළ කර තිබිණ. ඒ නම් ජනවාරි 8 දා රාජපක්ෂට කඩේ ගියා පමණක් නොව යහපාලන ආණ්ඩුව දූෂන විමර්ශනයට පිහිටැවූ FCID ය අහෝසි කරන්නැයි ඉල්ලා නඩු පැවරූ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ද ලිපියක් පළ කර තිබීමයි..

    මෙවන් පයිත්තියං සමරු කලාපයක් සංස්කරණය කළේ කව්දැයි එහි සඳහන් කර තිබීමෙන් බූරුවන් කව්දැයි සොයා ගැනීම පහසු වීය. ඒ අතර ප්‍රධානියා වී තිබුනේ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතානය. මොහු කලිසම් අඳිනුයේ බිජ්ජට ඇට මැස්සන් විදීමෙන් බේරීමට මිස ලජ්ජාවකට නම් නොවන බව ඔප්පු කර තිබුනේ ඔහුගේ සම සංස්කාරකවරයෙක් ලෙස රාජපක්ෂ රෙජීමය බලයට ගෙන ඒමට ජනවාරි 8 වෙනිදාත් වලි කෑ වසන්ත ප්‍රිය රාමනායක නමැති බොහොඬා පත් කරගෙන සිටීමෙනි

    ReplyDelete
    Replies
    1. අයියෝ අපේ කරූ
      ගහයි සා රසයා පතුරු

      Delete
    2. ඈ සරසෝ ඒ කාලේ ගෝඨාභය ලංකාඊනිව්ස් එක ගිනි තියල සඳයා ට ගහල එලවන කොට උඹලා හිටියේ ගෝඨාභය මහත්තයාගේ පැත්තේ නේද ? සඳයා කියපුව මුකුත් විශ්වාස කලෙත් නැහැ නේද? මොකද මචන් දැන් වුනේ. දැන් ඌ හොඳයිද?
      යුඇන්පී එකම ගිය ආණ්ඩුව පරදනවටත් වඩා දෙගොල්ලක් එකතු වෙලා කලා කියල තමා මම දන්නේ.
      අනික අනිත් පැත්තට චන්දෙ දුන්න ලක්ෂ 58 ම එලවන්න කියලද උඹ කියන්නේ. ඇයි උන් ලංකාවේ මිනිස්සු නෙමෙයිද?
      මේකනේ බන් අපි උඹල වගේ කාටවත් වැඳගෙන රජවරු හදා ගෙන හිටි එවුන් නෙමේනේ. හොඳ නම් හොඳ කියනවා. නරක නම් නරකයි කියනවා.
      සඳරුවන් ට උඹල දැන් සපෝර්ට් කරන එකට නම් හිනා යනවා ඉතින්.

      Delete
    3. අප්පා ගම මහත්තයාට තරහ ගිහින්.....බයේ බෑ...!

      Delete
    4. පිස්සුද බං. සරසා එක්ක. ඕකනේ කියන්නේ උත්තරයක් දෙන්න බැහැ අදිනවා උඹල.

      Delete
    5. Ajith,

      යහපාලන වෙනස හදන්නට කියමින් අමුතු පොතක් දමාගෙන ආ මෛත්‍රීපාල සිරිසේනව වසරක් ගත වෙද්දී මෝඩ වඳුරන් රැලක් විසින් ‘පදවි ප්‍රාප්තියක්‘ හදා රජාට අන්දා තිබෙන බවයි. ඒ බව වැඩි දුරටත් තහවුරු වන්නේ මොවුන් විසින් පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීතයෙනි. මහින්ද රාජපක්ෂ රජාට අන්දා විනාශය කරා ගෙන ගිය ඒ පිරිසම මෛත්‍රීවද එමගින් රජාට අන්දා තිබිණ.

      පරලෝකප්‍රාප්ත රජවරු මෛත්‍රීට "මූ අපේ එකෙක්" යයි පවසන ඒ ගොබ්බ මියුසික් වීඩියෝව ලත් තැන ලොප් කර ගත්තද, ජනාධිපති ලේකම් එය "අපේ එකක් නොවේ" යයි කීවද එය නිර්මාණය කෙළේ මෛත්‍රීපාල සිරිසේන විසින්ම අද ලං කරගෙන සිටින මෝඩ වඳුරන් පිරිස විසින්ම ය.

      කරුණාරත්න පරණවිතාන, වසන්ත ප්‍රිය රාමනායක, චමුදිත සමරවික්‍රම, ඒ.බී ලලිත් සිල්වා ආදී ඩලස්ගේ මාධ්‍ය කණ්ඩායමේ හිඳිමින් එදා මහින්ද රාජපක්ෂ විනාශය කරා ගෙන ගිය මෝඩ වඳුරන් අද මෛත්‍රීපාල සිරිසේනව ද රජාට අන්දා විනාශය කරා ගෙන යමින් සිටී. මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඉතා කැමැත්තෙන් ලං කරගෙන සිටින ඔවුන් සමග ස්වයං විනාශය කරා ගමන් අරඹා තිබේ.

      මේ මෝඩ වඳුරන්ට එදා සියළු මාධ්‍ය තමන් අත තබාගෙන රාජපක්ෂගේ ප්‍රතිරූපය හදන්නට නොහැකි විය. ඒ ප්‍රතිරූප බිඳ රාජපක්ෂ පරාජය වන බවට ජනමතයක් හැදුවේ රටේ විකල්ප මාධ්‍ය සොච්චමය. එසේ නොකෙළේ නම් මෛත්‍රීපාල සිරිසේන පවා විපක්ෂයට නොපැමිණෙනු ඇත. එබැවින් මේ මෝඩ වඳුරන් ලං කර ගැනීමෙන් තමාට ලඟා වූයේ විනාශය නොවේදැයි තේරුම් යන විට මෛත්‍රීපාල සිරිසේන ආපසු හැරිය නොහැකි දුරක් ගමන් කර තිබෙනු නොඅනුමානය. ඊට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතාට එක් දෙයක් මතක් කරමු. ඔබ ඔය යන විනාශය කරා ගමනේදී මතක ඇතිව අර කී මඩු වලිගයත් රැගෙන යන්න. සියල්ල වැටහුනු පසුව ඔබටම ඔබගේ පස්ස පැත්ත තලා ගැනීමට එය මහත් සේ උපකාරී වනවා ඇත.

      Delete
    6. // පිස්සුද බං. සරසා එක්ක. //

      වැඩක් නැහැ අජිත් බොස්...

      ස රසා වනාහී ලොක්කාගේ ගමේ මී හරක් රැලකින් පැවැත එන සාඩම්බර අම්බරුවෙකි..

      මී හරක් හම් හයියයි ....

      Delete
    7. ඕක කරුවා කලාද නැත්ද මම දන්නේ නැහැ. නමුත් රජ වන්දනාවට මම නම් එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. ඔය වඳු භාට්ටියන්ටවන්දි භට්ටයන් ට තමා එදත් අපි විරුධ්ධ් වුනේ. අදය කියල ඒකෙ වෙනසක් නැහැ. යුඇන්පි මන්ත්‍රීවරු ගැන කියන්න තියෙන්නේ හුඟක් අය රාජපක්ෂ මහත්මයා එක්ක ඩිල් දා ගෙන බිස්නස් බේරාගෙන හිටියේ. අනික් කණ්ඩායම රනිල්ව එලවන්න කටයුතු කරමින් හිටියේ. තව කණ්ඩායමක් කෙලින්ම දෑත් ශක්තිමත් කරනන් එකතු වෙලා හිටියේ. ජොන්ස්ටන් ආදීන්. යුඇන්පියට චන්දෙ දුන් ජනතාව වැලේ වැල් නැතුව හිටියේ. දැන් ඔය සඳරුවන් ගෙම්බන් කියා ගරහන අයනේ අවස්ථාවාදී හරි මොකක් හරි එහෙකට ඉදිරියට ආවේ. ඉස්සෙල්ලම අස්වුනෙත් නන්දන ගුණතිලක වගේ අයනේ. කෝ ඒ අයට සලකනවද? නැහැනේ. සමහර අයට ඕනේ අර ඒ කාලේ වුන අර ගසා කෑම් ඒ විධිහටම කරන්න. දැනුත් එහෙමයි. ලන්ඩන් වලින් යන ආයෝජකයන් ගෙන් කෙලින්ම ගාන ඉල්ලන අය ඉන්නවා. ඉතින් අපි එපා කිව්වෙත් ඒකම නේද? චීන්නු හා ඉන්දීය ආයෝජකයෝ නම් දුන්නලු. නැත්නම් ඒවා චිනටම දෙනවලු. ඉතින් ඕව අහගන්නද මචන් ගිය ආණ්ඩුව යැව්වේ. ඉතින් ඒක තියා ගත්ත නම් ඉවරනේ.
      // ඒ ප්‍රතිරූප බිඳ රාජපක්ෂ පරාජය වන බවට ජනමතයක් හැදුවේ රටේ විකල්ප මාධ්‍ය සොච්චමය. // මේක ඇත්ත. ඒ සඳරුවන් පමණක් නොවේ. හැමෝම එකතු වීය. සඳරුවන්ට පහර වදින වෙලාවල ඔහුගේ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටියේද මේ අයමය. සරසා ලා ගේ කට්ටිය නම් නොවේ.
      සුනාමියෙන් දිවි අහිමි වූ දෙමාපියන්ගේ දරුවනට ආධාර කරන අපගේ පදනමින් කොම්පියුටර ආදිය ඒ ළමයින්ට යැවීමේදී කස්ටම් එකෙන් අති විශාල මුදලක් බදු ගැසීම නිසා අපට ඒවා නිදහස් කර ගැනීමට නොහැකි විය. ඒ පිළිබඳව තම සඳ රුවන් වෙබ් අඩවියේ පල කිරීම නිසා බදු මුදල නොගෙවා බඩු නිදහස් කර ගැනීමට අපට හැකි විය. මෙහි දී ඒ පිළිබඳව සටහන් කිරීම වටී.

      Delete
    8. දුකයි තමයි කරුවා ඇදගෙන නෑම...
      මෙහෙමයි වෙන්නෙ යහපාලන බඩ යෑම....

      Delete
    9. //ස රසා වනාහී ලොක්කාගේ ගමේ මී හරක් රැලකින් පැවැත එන සාඩම්බර අම්බරුවෙකි..// මා දන්නා ආකාරයට සාඩම්බරයෙන් කස්තුරි සුවඳ විහිදුවමින් ගමන් කරන දන්ත වෛද්‍ය මුවෙකි.

      Delete
  32. ජන්දය දින්නේ UNP එක. ඒ උනාට demand කොරලා ඇමති කම් ගන්නේ විපක්ෂය.මදැයි අවුරුදු ගානක් කබුරලා කබුරලා ආන්ඩුවක් හැදුවා. ඇත්තටම UNP මන්ත්‍රිවරු පවු. එහාට මෙහාට පැන පැන හිටපු ගොම්බෝ අද පැරදිලත් ඇමති. පක්ෂය වෙනුවෙන් කැපවෙලා හිටපු අය තවමත් ගරු මන්ත්‍රි.

    ReplyDelete
  33. රනිල් හදන්නේ 4 වන ධර්ම සංඝායනාව පවත්වලා 2වන ධර්මාශෝක වෙන්ඩ මොකද දැන් දෙවන දුටු ගැමුනුයි දෙවන පැරකුම්බායි දෙන්නම පාර්ලිමේන්තුවේ ඉන්නවානේ !

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න