.

.

Jan 21, 2016

මහා නාහිමිවරුන්ගෙන් විශේෂ ප්‍රකාශයක් - Special Anouncement from Chief Monks

 

කරුණාකර මෙම ළිපිය කියවා, ලින්ක්ස් (සඹැඳී) දෙකද නරඹන්න.. නැත්නම් මෙම ළිපියෙන් වැඩක් නැත.
 
සියළුම නිකායන්වල මහා නාහිමිවරුන්ගේ එකඟතාවයෙන් හා අත්සනින් යුතුව විශේෂ ප්‍රකාෂයක් නිකුත් කර තිබේ.
 
එහි සඳහන් වන්නේ, දළදා මාළිගාව ප්‍රමුඛ දිවයිනේ ප්‍රධාන පෙලේ විහාරස්ථානවල දමා ගොස් ඇති අලී ඇතුන් වහාම රැගෙන යන ලෙසත්, එසේ කිරීමට අසමත් වුවවුවහොත් එම අලී ඇතුන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පින්නවල හෝ උඩවලව ඇති අලි අනාථාගාර වෙත යොමු කරනා බවත්ය.
 
උන් වහන්සේලා විසින් මෙම ප්‍රකාෂය කිරීමට විශේෂයෙන් හේතූ වී ඇත්තේ, ඇලන් මැතිනියාරාමේ පෙරහර උත්සවයෙන් පසු එම විහාරස්ථානයේ අමතකව ගිය ඇත් පැටවා, දරුවකු මෙන් රැකබලා ගැනීමේ හේතුවෙන්, අති පූජ්‍ය උඩුවේ ධම්මාළෝකයා ධම්මාළෝක ස්වාමින් වහන්සේ නිකරුනේ අත් අඩංගුවට ගැනීමට වත්මන් රජය කටයුතු කරගෙන යාම හේතුවෙනි.
 
උන් වහන්සේ දරුණු හෘදයාභාධයකින් ගිලන්ව, පෞද්ගලික රෝහලක අසාධ්‍ය තත්වයේ පසු වෙද්දි අත් අඩංගුවට ගැනීමට සැරසෙන බවත්, එසේ අත් අඩංගුවට ගැනීමට තැත් කිරීම තරයේ හෙලා දකින බවත්, එම ප්‍රකාශණයේ වැඩි දුරටත් සඳහන් වේ.
 
එබැවින් ඔබේ ඇත් පැටවුන් හෝ අලි ඇතුන් අමතකවීමකින් විහාරස්ථානයක දමා විත් ඇත්නම්, වහාම පැමිණ එම සතුන් රැගෙන යන ලෙස සාසනාලයෙන් යුක්තව කාරුණිකව දැණුම් දී සිටි.
 
වැඩි විස්තර සඳහා පහත සඳහන් සඹැඳි මත දෙවරක් ක්ලික් කරන්න

<< පළවන සඹැඳිය >>

<< දෙවන සඹැඳිය >> (කරුණාකර වීඩීයෝව නරඹන්න)
 
ස්තූතියි..!!!

71 comments:

  1. අලි අම්මාට වෙඩි තියා
    අලි අම්මාගේ තුරුලේ සිටි
    අලිබබා පැහැරගත් හොරු තිදෙනා

    ප්‍රාදේශීය දේශපාලක හොරාගේ ලොරියෙන්
    අලි බබා පළාත් සභාවේ දේශපාලක හොරාගේ
    වත්තට ප්‍රවාහනය කළහ​

    අණතුරුව තවත් හොරුන් ගේ සහයෙන්
    අලිබබා ට හොර බලපත්‍ර හදා
    පන්සලේ හාමුදුරුවන්ට විකිණුහ​

    පන්සලේ හාමුදුරුවන් ගේ
    තෙද ගොස යසස වෙනුවෙන්
    අලි බබාගේ දෙපා දම්වැලෙන් බැඳ
    පන්සල් වත්තේ සිර කළහ​

    මවගේ වියෝවෙන්
    කැළෑව අහිමි වීමෙන්
    දුක් වන අලි බබාගේ
    අසරණකම දුටුවේ
    පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවෙන්
    වැඩ සිටින පන්සලේ බුදු පිළිමය පම​ණි

    ReplyDelete
    Replies
    1. සිව්වෙනි වරටත් වඩිනු මැන ස්වාමීණී....!

      Delete
  2. ඔයිට කලිනුත් උන්නාසේ අසනීප වූ බවත්, ජයවර්ධන පුර රෝහලේ සිටියදී කීපදෙනෙක් ඔසවාගෙන ආ සූට් කේස් එකක් දැකීමෙන් සියලු රෝග නිවාරණය වූ බවත්, ඊට පසු අභීත සිංහනාදයක් පා බුද්දාගමේ මූලස්ථානයෙන් ලෙයින් කිලිටි වීමට නොදී ආරක්ෂා කළ බවත් පමණක් මෙතැන ලියමි. එහෙව් උත්තමෙයක් මේ දපලා ඉන්නෙ. අතීත කතා වස්තුව මතක් කරන්න ඕනෙ නම් වෙල් විදානෙ වෙනුවෙන් මහා සංඝ සමුළුවක් තැබීමට සූජානම් වූ කාලය මතක් කරගනු මැනව.

    ReplyDelete
  3. Replies
    1. මොකාද අලි පැටියද...?

      Delete
    2. නැ උගේ හදාගත්ත බාප්පා

      Delete
  4. පෙරහැරේ සත්තුගෙනයන එකයි සර්කස් වල සත්තු නටවන එකයි සත්තුවත්ත කියලා ප්‍රදර්ශනය සඳහා සත්තු හදන එකයි ඔක්කොම එකයි.මේ හැමතැනින්ම කතා කරගන්නවත් බැරි මේ අසරණයින්ට මිනිස්සු මොළේ පාවිච්චි කරලා හිංසා කරනවා.
    තිරිසන් වැඩ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තිරිසන් වැඩ වලට ජය වේවා කියලද කිව්වේ...?

      Delete
  5. මාතා,

    මොනතරම් පිරිහුණ තත්වයක්ද මේ රට පත්වෙලා තියෙන්නේ, මිනිස්සු රැවටෙන්නේ බහිර සොරුපයටයි, අදවන තුරු ධර්මය පැත්තෙන් පසුයිය අවුරුදු 60ටම සිදු වෙලා තියෙන්නේ ත්‍රිපිටක මුද්‍රණයයි එය සිදුකිරීමට මුලික වුනේ ශ්‍රී මත ජෝන් කොතලාවල මැතිතුමා.

    ඔහුගේ පුද්ගලික ජිවිතයේ ගෑනු හුටපට තමයි ප්‍රසිද්ධ සහ බොහෝ ප්‍රතිවාදීන් ඔහුට පහර ගැසීමට යොදා ගත්තේ නමුත් ඔහු තමයි බුදුදහමට විශාලම සේවය ගිහියෙක් ලෙස සිදුකලේ.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. මගේ මතයත් ඒකමයි. බුද්ධ ජයන්ති ත්‍රිපිටක මුද්‍රනය ඉතාම ඉහළ වැඩක්.

      Delete
    2. //ඔහුගේ පුද්ගලික ජිවිතයේ ගෑනු හුටපට තමයි ප්‍රසිද්ධ සහ බොහෝ ප්‍රතිවාදීන් ඔහුට පහර ගැසීමට යොදා ගත්තේ නමුත් ඔහු තමයි බුදුදහමට විශාලම සේවය ගිහියෙක් ලෙස සිදුකලේ.///
      *******************************

      Delete
    3. එහෙම කතා කරන්න එපා ලංකා... දැන් බලන්න පින්වත, ඔය රාජපක්ෂ කෙනෙක් කතිකාවතක් ගෙනත් ඉස්නානය කර ගන්නා ආකාරය.

      මම හිතන්නේ නමේ අපලයක්ද කොහෙද...?

      Delete
  6. අපේ රාජ්ජය යකෝ !
    රාවණා කියන්නේ අපේ නායකයා ! අපේ රජතුමා !
    මේවා දකිනකොට අපේ හෙලූ ලේ කකියනවා පරයෝ !

    ReplyDelete
    Replies
    1. රාවණාට අලියෙක් උන්නද මචෝ...

      Delete
  7. පළවැනි සබැඳිය බලලා හිනාවෙලා මැරුණා. මේ මිනිහටත් (WW) චන්දෙ දුන්න මිනිස්සු ඉන්නවනේ අපේ රටේ.

    ReplyDelete
    Replies
    1. දෙන්නෙත් ඒ වගේම උන් තමා....

      Delete
  8. පෙරහැරේ අලි ඇත්තු අයින් කරලා අස්පයො අස්පියො ගෙනියනකන් කස්ටිය සටන් වදිනවා වගේ....

    ආමෙන්!

    ReplyDelete
    Replies
    1. ගොන් කතා නොකියා හිටපන් මිනිහෝ.

      Delete
    2. // ගොන් කතා නොකියා හිටපන් මිනිහෝ. //

      ස ර ස තුමා වැනි හරකෙක් ගොන් කතා නොකියා ඉන්ග්‍රීසියෙන් ඉගෙනෙගත් සන්ස්කෘත සොලෝක කියන්නයැ ඇනෝ....?

      Delete
    3. ඒක හරි නැතුව උඹලා වගේ උන් ගෙනියන්නය සාටකයක් හෙම දාලා...

      Delete
  9. ඉස්සර කාලෙ රතවාහන තිවුනෙ නැති හිංද පෙරහැරේ ගෙනිච්ච කරඬුව ආදිය ප්‍රවාහනය කලේ සත්තු. දැං කාලෙ ඕන තරං තියෙන්නේ වාහන. එව්වයෙ ගෙනිච්චං වියරයිනෙ. කෝමද නිලමෙ කෙනෙක් කන්ටේනර් එහෙක වහලෙ උඩ නැගල හෙන්ඩුවෙං ඩැයිබරට ඇන ඇන යද්දී ලස්සන.

    ReplyDelete
    Replies
    1. උප්පැන්න සහතිකේට විතරක් ආගම බෞද්ධ කියල ලියල තියෙන බුද්ධාලම්බන ප්‍රීතිය උප්පැන්නෙන් පැන නැගී දොරේ ගලායන ඔයා වගේ ඔයා වගේ අයට නම් හෙණ්ඩුවෙන් තියා කෙලමෝලෙන් ඇන ඇන කිව්වත් සත්ව හිංසාව පාප කර්මයක් කියල තේරුම් කරන්න බැහැ. අර අහිංසක සතා ගැට ගහල දම්වැල් දාගෙන ගෙනියනකොට ලස්සන නම් ඉතින් බන්ධනාගාර බස් එකෙන් බස්සල උසාවියට හිරකාරයෝ ගෙනියන කොටත් ලස්සන වෙන්න ඕනේ.

      Delete
    2. නිළමෙලා අලි පිට යන්නේ නෑ නේ බං.... වෙන මක්කුන්ද නේ යන්නේ...

      නිළමෙලා වැස්ස නැතුවත් කුඩේ ඉහලගෙන නේ යන්නේ.. මම පොඩි කාළේ ඕක අහලා අපේ ආච්චම්මා මට බැන්නා පව් කාරයා කියලා...

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වීරවංස උන්නාන්සේ මෙව්වා කියන්නේ සාසනාලයෙන්ද නැත්නම් ස්වාසනාලයෙන්ද?

      අනේ අනේ නන්නානේ

      Delete
    2. This comment has been removed by the Blog Administrator.

      Delete
    3. මම නම් හිතන්නේ ඔය දෙකෙන්ම නෙමෙයි...

      අධෝමාර්ගයෙන්... අධෝමාර්ගයෙන්..

      Delete
  11. අලින්ගේ අපේ වැඩ මෙව්වා ඈ..............
    ගියපාර පෝස්ට් එකට මීටත් වඩා ++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකක් දැක්කෙම නෑ... මොකෝ අසනීප තත්තේ...

      Delete
    2. පොඩි පොඩි කරදර පෙලක්ම වගේ ආවා මචෝ. බෙහෙත් බලෙං දුවනවා.
      ලියමු අද හෙටම.

      Delete
  12. ඇත්ත කතාව මේකනේ.මේ අලිපැටියගෙ අම්මව කැලේට ආපු UNP අලියෙක් යාලුකරගෙන.ඊට පස්සෙ දෙන්න කැලෑගමේ ROOMS ගානෙ ගිහින් මේ අලි කෑල්ල බඩ වෙලා.ඒක දැනගත්ත UNP අලිය කසාද නොබැද මගඇරල.අනාත වෙච්ච අලි කෑල්ලට (අලියගෙ ගෑණු සතා) තනියම පැටියෙක් හදාගෙන කැළෑවට මුහුනදෙන්න බැරි හින්ද පැටියව දාල ගිහින්.එලියෙ හීතලේ ගැහි ගැහී ඉන්න අලි පැටියව ධම්මාලෝක හිමියම්ට හම්බුනේ ඊට පස්සෙ.

    ReplyDelete
    Replies
    1. ඔය අලි පාටිය උන් කලොත් කොරන්නේ විනාශයක්ම තමා... බටහිර කුමන්ත්‍රණ කාරයෝ..

      Delete
  13. අර බූරුවෝ හිනාවෙන එක නියමයි අනේ

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අනේ... අරූගේ බොරුවට වඩා ක්‍රියේටිව්...

      Delete
  14. මාතලන්, අපේ අම්මලගෙ ගමේ බෝතලේ පංසලෙත් හිටියනෙ අලියෙක්.
    ඌත් එහෙ මෙහෙ පෙරහැරවල් වලට අරන් ගියා.
    හාමුදුරුවො කිව්වෙ පෙරහැරවල්වල යන්න ඒ අලි පිං කරල තියේ කියල.
    ඒ උනාට ඇත්ගොව්වනම් කිව්වෙ උගෙ කරුමෙ කියල

    ReplyDelete
    Replies
    1. උඹලෑ අම්මා නේද ඒ අලියගේ අහවල් එක දැකලා කිව්වේ ඒක සුලුදෙයක් කියලා.

      Delete
    2. ඌව කොටන් අදින්න ගත්තෙ නැතෙයි පෙරහර නැති කාළේට..

      අපේ හාන්දුරුවෝ නම් අලක්කු සිකැලට් ගන්න ගාන හොයා ගන්නේ ඒකෙන්. ඒ කාලේ දැන් වගේ වෙන ආදායම් නෑ නේ...

      Delete
  15. මට මතක නැහැනේ..

    ReplyDelete
  16. මම කැමතියි අලිපැටියෙකු හදා ගන්නවට වඩා වීරවන්සයව කන්න බොන්න දිලා හදාගන්න. මට උව අරන් දියන්කෝ හිරේට කෙසේ වෙතත් වෙන කොහේ ගියත් මාර ජොලියේ ඉන්න පුළුවන් මේවගේ රජගෙදර පරවියෙක් ඉන්න ඕනේ රටේ ප්‍රධාන ප්‍රශ්න වලට උත්තර හොයන එක අමතක කරවන්න .

    ReplyDelete
    Replies
    1. මුන්ට කේවට්ටයෝ කියන්නේ නිකන්යෑ...

      Delete
  17. මේ දවස්වල කන්න, ඩෝප් වෙන්න බොන්න ඕනේ නෑ. නිවුස් සයිට් දෙක තුනක් බලලා උඹේ බ්ලොග් එක බැලුවම බඩ පිරෙනවා. දවසම ඩෝප් වගේ.

    අර බූරුවෝ සෙට් එකනම් පට්ට. අලි කෙසේ වෙතත් මුන් එකෙක් හදාගන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. කිසි දේකට බය වෙන්න එපා රටෙන් භාගයක්ම ඉන්නේ මේ වගේ උන්...

      Delete
  18. බුදු හාමුදුරුවන්ට අනාගතය දකින්න පුලුවන් වුනා කියල මට නං විශ්වාස නෑ, එහෙම වුනා නම් එතුමා අලියෙකුගේ පිටේ නැඟලා බුදු වෙනවා, එහෙම වුනා නම් කවුරුත් අලියන්ට හිංසා කරන්නේ නෑ, බෝගස් වලට වගේ අලින්ට කොඩි වැල් එල්ලලා, ගෙවල් හදලා, මල් තියලා, කිරි වක්කරලා, ...


    ... සමහර වෙලාවට මම වැරදි ඇති, එතුමා කිසිම පලක් නැති බෝ ගහක් තෝරගන්න ඇත්තේ පල ඇති පොල් ගහක්, ම් වැරදුනානේ කොස් ගහක්, වුප් ආයේ වැරදුනා කොසුත් එහෙ නෑනේ, ආ අඹ ගහක් තෝරා ගත්ත නං අපිට අඹ කන්න ත් වාසනාව නැති වෙන බව දැකලා වෙන්නැති. අලිය ව තෝර ගත්තනං ඌටත් කිරි බත් කන්නයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ක්‍රියේටිව්ම කොමෙන්ට් එක ඇණයෝ... කීප් ඉට් අප්...

      Delete
  19. බුදු හාමුදුරුවො අද ගණයො කරන පාහර වැඩ දැක්ක නම් සිවුරෙන්ම බෙල්ල වැල දාගෙන මැරෙනවා.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං මහා නා යක්කු වගේ එයත් සද්දේ වහලා ඉඳීවී...

      අද ක්‍රමේ ඒකයි....

      Delete
  20. //කරුණාකර මෙම ළිපිය කියවා, ලින්ක්ස් (සඹැඳී) දෙකද නරඹන්න.. නැත්නම් මෙම ළිපියෙන් වැඩක් නැත.//

    මොන මගුලක්ද ඔයාගේ ඔ්ඩර්ස් පිළිගන්න මං කව්ද ඩා.. හැක්..


    බුදු හාමුදුරුවෝ හිටියොත් උන්නානසේටත් තමන් අරහත් කියන එක අමතක වෙනවා ලංකාවේදි.. ඒක සුවර්.. හැක්..

    ReplyDelete
    Replies
    1. එහෙනම් උන් වහන්සෙ නිවන් යන්නේ හිනා වෙල බඩ කොර වෙල...

      Delete
  21. අනේ එහෙම කියන්න එපා. සද්දෙ ලයිට් අස්සෙ ලයිට් දාපු ඇඳුම් ඇඳගෙන හෙන්ඩුවෙන් අන්නවගෙන දම්වැල්දාල කරඬුව ගෙනියන එක ඇතාට හා පෙරහැරේ යන එක අලියට මහත් පල මහානිසංස ගෙනදෙන පිනක්. ඒත් ඉතින් ඔය වන අලින්ට මේ සිරි ළන්කන් බුද්දාගමේ ගැඹුරු හරයන් තේරෙන්නෙ නෑනෙ. ඉතින් අම්මව මරල හරි සීට් බෙල්ට්වලින් හදපු මන්දකින් අල්ලගෙන ගෙනල්ල ගහල ඇනල ට්‍රේන් කොරල උන්ට පිං බලෙන් දෙන්න මේ උන්නාන්සෙලා උත්සාහකරන්නෙ. සාදූ

    අනිත් එක පෙරහරේ යන අලි ගානෙන්නෙ මෙහෙ බුද්දාගම රඳා පවතින්නෙ. සාදූ

    ReplyDelete
    Replies
    1. අලි නැත්නම් ඒක පෙරහරක්ද අප්පා...

      චැහ්....

      Delete
  22. අලි පැටියව අමතකවෙලා පන්සලේ දාල ගියාවගේ ලෙමන් පෆ්වත් අප්පච්චි අමතකවෙලා ඒකාබද්ද විපස්සෙ දාලයයිද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ... අප්පච්චිට අමතක වෙයි කියලා පොර බය වෙල ඉන්නේ...

      ගමනක අවසානය..

      Delete
  23. මේ දවස්වල නිව්ස් හා කොමිටල් වලින් ලංකාව ස්වයංපෝෂිත වී ඇත. අනේ වාසනාවන්

    ReplyDelete
    Replies
    1. නොවේ මෙවන් වින්දනයක් ළොවේ....

      Delete
  24. මෙතනදී අවධානයට ලක්විය යුත්තේ උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැනයි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි... තව අලි පැටියෙක් දෙන්නෙක්.. බැන්ස් එකක්, බී ඇම් එකක්... ඩොලර් එක්ක බ්‍රීෆ් කේස් එකක් එහෙම දෙන්න තිබ්බේ...

      Delete
  25. පන්සලේ අලියෙක් හිටියොත් ඒ පැත්තෙ ඉන්න හැම එකාම පොඩි උන්ටිකව අරගෙන හැම පෝයටම ඒ පන්සලට එනව පොඩි උන්ට අලියව පෙන්නන්න.එතකොට ඒ පන්සල නිකන්ම ෆේමස් වෙනව.හාමුදුරුවන්ට ඔටෝ දියුණු වෙන්න පුලුවන්.පෙරහැරේ අලි ගියේ නැත්නම් පෙරහැර බලන්න එන සෙනගත් සෑහෙන්න අඩුවෙයි,මොකද සමහරු පවුල්පිටින් පෙරහැර බලන්න එන්නෙ පොඩි උන්ට අලියො පෙන්නන්න.අලි පෙරහැරවල්වල ගෙනියන එක කොච්චර සත්වහිංසනයක් උනත් සමහරු ඒ පරණ ගෝත්‍රික සංකෘතිකාංග ආරක්ෂා කරන්නෙ ඒව නැති උනොත්,තමුන්ගෙ ආදායම් මාර්ග නැතිවෙන නිසා

    ReplyDelete
    Replies
    1. ඇත් ගොව්වත් ගානක් හොයා ගන්නවා කට්ටිය බඩ යටින් යවලා....

      Delete
  26. උන්නාන්සේ අපේ ගමේ පංසලේ බණකට වැඩියා නෙව ගිය අවුරුද්දේ උන්නාන්සේගේ බණ පැයට ලක්ෂයයී (තිත් දෙකයි ඇල ඉරක්)

    ReplyDelete
    Replies
    1. ලිප්ස්ටික් ගාලා එහෙමෙයි ආවේ...

      Delete
  27. බලු පැටව්, පූස් පැටව් නං කමක් නෑ.... අලි පැටිය අතරමං වුණා කිව්වම....

    ReplyDelete
    Replies
    1. ඌ ඒ වෙලාවේ උදුපියලිය පඳුරක් අස්සේ හැංගිලා ඉඳලා තියෙන්නේ....

      Delete
  28. කැළණි පෙරහැර ඉවරයි නේද බං.අතරමං වෙච්ච අලි පැටියෙක් දෙන්නෙක් හොයාගන්න නැතිවෙයිද දන්නෙ නෑ ඒ පැත්තෙ ආවොත්.

    ReplyDelete
    Replies
    1. නායක හාන්දුරුවෝ මගේ යාළුවා... වරෙන්කො බලන්න ඒ පැත්තේ.. උඹට කාමරේක තියාගෙන හදන්න බැරිය..

      එළියට ගන්න දවසක විමලෙගෙන් උපදෙසක් ගමු...

      Delete
  29. balu patiyek wage ali patiyek peraharedi nathiwenna puluwan kiyala wimala kiyannae baiyantane. a nisaa awlak naa.
    ali patiyawa amathaka wela daala giyai kiyala mahanaayaka himiwarun kiyana ekane lassanama kathawa.

    ReplyDelete
    Replies
    1. එයාලා කොහොමත් කියන්නේ අලි බොරුනේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න