.

.

Mar 16, 2016

රෙද්ද ගලවලා ගනින් බං.... - It is not Money Laundering

 
අලි හොරුන් ඇපේ මත,
මහ දවල් රහත් වෙයි .
රජ පැටවු ගෙදර යයි.
පොලීසිය නෝ කතා.
මීඩීයා කිරි සිනා...

කොල්ලකා නොමැති බව,
කිසිඳු පොදු දේපලක්.
අළුත් කඩයෙන් කියයි
කඩුවෙලින් අනුමතයි...

අනේ උන් කා ඇත්තේ
උන්ගේ දේපල නොවෙද...?
බොරු කියති ආන්ඩුව
අපිට එහෙනම් පුකද...?

උකුස්සෙක් මරපු උන්,
ඇත මහා උළු ගෙදර.
තාජුඩින් මරපු උන්,
අදත් යහතින් ගෙදර...

වැඩක් ඇත අල්ලලා..?
අනික් පැත්තෙන් ගෙදර.
රට ගිහින් නීතීපති ,
නීතී බල්ලට ගිහින්...
 
මිනීමරු කම්බා හොරු,
හයිඩ් පිටියට වඩිති..
ආන්ඩුව බබා වී,
හත් පොලේ ගා ගනිති....

ගලවලා ගනින් බං
රෙද්ද කන්‍යා වියගේ..
තොන්ඩුවක් දමාලා
මිය යන්න එල්ලිලා...!
 
-x-

82 comments:

  1. දුක තමයි රන්ජනී!

    ReplyDelete
    Replies
    1. සා රස තුමාලට නං ෆුල් හැපී නේහ්????

      Delete
    2. //සා රස තුමාලට නං ෆුල් හැපී නේහ්???? //


      රටට වෙන දේ දැක්කාම හිතට දුකය!

      Delete
    3. යහපාලනෙට රෙදි නැතුව කඩේ ගිය

      ගෝතලං පීචං.....

      Delete
    4. දුක නෙමේ බං... මල හොඳම එක....

      Delete
  2. සුබ අනාගත්තක් වේවා!

    ගොම රිටි උඩ එති
    මිණි කැට යට යති
    දෙපයට හිරිකිත
    බලු බෙටි පෑගෙති

    උදයෙත් රැවටෙති
    දහවල රැවටෙති
    පුරහඳ නැති රෑ
    ඔළුවෙන් සිටවෙති

    නයු අජ වෙස ගති
    හොරු යළි රජවෙති
    මරුමුස් පරපුර
    තරුපටි පළඳිති

    සොඳුරු මිනිස් ගති
    බේතට හිඟවෙති
    වඳුරු සුනඛ ගති
    සදහට පවතිති

    ReplyDelete
    Replies
    1. කවුද බං යට යන මිණිකැටේ

      රනිල් ද?

      Delete
    2. නෑ තට්ට කන්නාඩි පොළඟා තකපො bold headed spectacled viper bhsv

      Delete
    3. ඇයි පැන්සොන් ගිය ආමි කාරයෝ? ඉස්සර කාලකණ්ණි මරා කල්ලියයි උගේ පාහර වහල් බයි හැතිකරේයි අට පාස් අපත ආමි කාරයො ටිකක් "රණ විරුවො" කිය කිය කරේ තියන් දැඟලුවෙ. උන්නම් ගොමරිටි වලටත් එහා අසූචි ගොඩවල්.දැන්නම් කොහොමත් බලු වෙලා කුජීත වෙලා පයට පෑගිලා අමුම අමු විදිහට පජාත වෙලා ඉන්නෙ. ඒ අතින් නම් ආණ්ඩුව පංකාදුයි.

      Delete
    4. හැමදාම වෙන්නේ ඒක නම්... රසිකලා ගත්ත තීරණය තමයි නියම තීරණය...

      Delete
    5. නෑ නෑ තට්ට කන්නාඩි පොළඟා තකපො bold headed spectacled viper bhsv ගත්ත තීරණය නිසා දුව දෙමළෙක් එක්ක ගියා.

      Delete
    6. ඔන්න වැඩබැරි පැන්සොන් යවපු ආමි ලොක්කන්ව සැල්වෙසොන් හමුදාවට බඳවා ගන්නවලු . සාරීරික සුදුසු කම තමකඳ මැටි ගුරුලේත්තුවක් වගේ තියෙන්න ඕනලු. තමන් මිනීමරු නිසා දිනකට 5 වරක් දේව යාක්ඤආ කරන්න පුළුවන් කම තියෙන්න ඕනේ [බ්ලොග් ලියන එක අමතර සුදුසු කමක් ලු...]සමලින්ගිකව හැසිරුණු පුක් කාරයින්ට අමතර දිමනානවක් දෙනවලු පෝටබල් ජෙනරෙටරක් ගන්න ප්‍රායෝගිකව මේ සුදුසුකම පෙන්වන්න අවශ්‍ය. ඒ අයට ලා නිල්පාට පෙත්තක් ඉල්ලාසිටිය හැකිලු

      Delete
  3. අද රනිල් හොද පාඩමක් ඉගනගනු ඇති

    ReplyDelete
    Replies
    1. රනිල් කිසිවක් ඉගෙන ගන්නේත් නැහැ ඉගෙන ගන්න අවශ්‍යත් නැහැ. ඔහු එදත් අදත් කවදත් තමන්ගෙ තනි මතය හරියි කියා ඔහේ වැඩ කරගෙන ගියා. අන්ත දූශිත මරා කල්ලිය මොන සෙල්ලම් දැම්මත් තව අවු 4 1/2 ක් යනකම් මේ ආණ්ඩුව පෙරලන්න ඉන්දියාවත් ඇමරිකාවත් ඉඩ දෙන්නෙ නැහැ. මොකක් හරි ජල්තර දාලා ආණ්ඩුව ඇදගෙන යයි. උඹල වගේ මරාගෙ මෝඩ වහල් බයියන්ට හුළං තමයි. පවු බන් උඹල.

      Delete
    2. රනිල්ට ඉගෙන ගන්න දෙයක් නෑ... ඒ රනිල්ගේ හැටි... රනිල් ඔහොම වත් ඉන්නේ සිරා නිසා... නැත්නම් මේ වෙන කොට රටේ තවත් කැරැල්ලක් ඇති වෙල....

      Delete
  4. මම හීනයක් දැක්කා
    මහින්ද අපහු ජනාධිපති වෙලා
    ප්‍රසන්න රණතුංග අගමැති වෙලා
    ගම්මන්පිල ආරක්ෂක ඇමති
    විමල් මුදල් ඇමති
    දිනේෂ් ජාතිය ගොඩනැගීමේ ඇමති
    වාසු ජාතික සංහිදියා ඇමති

    සරසා සෞඛ්‍ය ඇමති
    මාතලන් කැබිනට් ප්‍රකාශක

    ReplyDelete
    Replies
    1. // සරසා සෞඛ්‍ය ඇමති //

      උම්මා එකක් දෙන්න හිතෙනව....

      Delete
    2. උඩුවේ වනජීවී ඇමති

      Delete
    3. කාටද ආර්තිකේ, ඉකොනොමැට්ටටද

      Delete
    4. වනිතා කටයුතුවලට නම් අපේ කල්යාණ මිත්‍රයෙක් චන්දෙ ඉල්ලන්න සූදානම්.
      ලව්පූස්ට නියෝජ්‍ය එක.
      අපි හුඟදෙනෙක් රාජ්‍ය ඇමතිකමට ෆයිට්

      Delete
    5. පුරාවිද්‍යා ඇමටි කමක් හදලා ප්‍රාජේටම කියලා දැක්කේ නැතෙයි...!

      Delete
    6. //වනිතා කටයුතුවලට නම් අපේ කල්යාණ මිත්‍රයෙක් චන්දෙ ඉල්ලන්න සූදානම්.// වෙලාවට මම මේ කාගෙවත් මිත්‍රයෙක් නොවුනේ.. නැත්නම් ඉතින් මගේ නම තමයි කැත වෙන්නේ..

      Delete
    7. අපිට ඉතින් මොකක් හරි පුරා විජ්ජාවක් තමයි. චෙෆ් ආකිටෙක්ට්ලට ඔක්කොම අලුත් විජ්ජා.

      Delete
    8. //"අපිට ඉතින් මොකක් හරි පුරා විජ්ජාවක් තමයි. චෙෆ් ආකිටෙක්ට්ලට ඔක්කොම අලුත් විජ්ජා"// දෙවියනි ඔබ කොහිද

      Delete
    9. ප්‍රා ජේ අධිකරණ හා පුරා විද්‍යා ඇමටි.

      Delete
    10. ලව්පූස් නෙලුම්යායට කලින්ම දෙවියන් සිහිකරගන්නව වගේ

      කම්මල වතු යටි හා උඩු තල පහසුකම් ඇමති ?

      Delete
    11. ඉවාන් ඇයි පුතා ? මොකක්ද ප්‍රශ්නෙ ?

      Delete
    12. මට දියව් ලේ බැංකුවෙ අධිපතිකම...!

      Delete
    13. සිහිනේ සැබෑ වෙන්න බැරි කමකුත් නෑ... මට දුකා සිරාලා, ෆොනීලා ගැන... මොකෝ රනිල්, මහින්දගේ හොඳම යාළුවා...

      Delete
  5. තියෙනවද ඔය රෙද්ද?
    නැතිවෙලා ගොඩක් කල්
    සර්ව සාදාරණ ලොවක්
    දික එක හීනයක්
    හැම තුලාවක් වගෙම
    පැත්තක් තුවාල වෙලා නෙව
    පිහිටන්නෙ ඇදේටම.
    ඇයි බොලා දන්නැද්ද
    මේ නැති 2500 නෙව ?

    ReplyDelete
    Replies
    1. ලියන්නකෝ මේ වගේ ඒවා හැමදාම....

      Delete
  6. තියෙනවද ඔය රෙද්ද?
    නැතිවෙලා ගොඩක් කල්
    සර්ව සාදාරණ ලොවක්
    දික එක හීනයක්
    හැම තුලාවක් වගෙම
    පැත්තක් තුවාල වෙලා නෙව
    පිහිටන්නෙ ඇදේටම.
    ඇයි බොලා දන්නැද්ද
    මේ නැති 2500 නෙව ?

    ReplyDelete
  7. කොහොමත් මැරෙන එකේ ඔය කන්‍යාවියත් පෝලිමක් දාල දුෂණය කරලා මරල දාලම බෙල්ලේ වැල දා ගමු. ඕකි ඔය ඇස් වහන් උන්නට හොරෙන් එක එකාට වෙන වෙන බැල්ම දානවා.. ඔක්කොම පාට් අපිට විතරයි.. හුක්...

    ReplyDelete
    Replies
    1. මුදල් විශුද්ධිකරණයට ඇප නෑ කියලා නේද කිව්වේ...

      Delete
  8. මා පිලන් සහ උගේ පොන්න මාපිල් රැළ හික් හික් හික් මාපිලෝ

    ReplyDelete
  9. අපෝ එයාගෙ කන්‍යාභාවය නැති කලේ ප්‍රසිද්දියේ , රෙද්ද ගලෝල එල්ලෙන්ඩ බෑ ඒ තරම් සිනිදුයි රජ මාලිගාවෙ සේද සළුවක්

    ReplyDelete
    Replies
    1. අර කිව්වත් වගේ සරත් සිල්වා ඉන්න කාලේ රෙද්ද ගලවලා විසි කරලා දැම්මා නේ... තාමත් අමු හෙළුවෙන් ඉන්නේ...

      Delete
  10. http://nihandasiththaraawi.blogspot.com/

    මේක ගැනමයි ඇවිත් යන්න :)

    ReplyDelete
  11. පණස් අටක් ගියා නුගේගොඩ පොදිකකා
    චන්දෙදි හතලිස් හතට බැස්සලු ගරා යකා
    හයිඩ් පිටියෙ හයිඩ් ඇන්ඩ් සීක් කර මේකා
    බලමු කවුද ඉතුරුවෙන්නේ ගුටි නොකා

    ReplyDelete
    Replies
    1. සෙනග දැකලා නම් බය වෙන්න ඕන නෑ... මොකෝ ඔය වගේම බස් වල සෙනග ගෙනාවා නේ අරක්කු බත් පැකට් දීලා.... නමුත් මෙහෙම සංවිධාන හැදෙන එක බොහෝම ඩේන්ජරස්...

      Delete
    2. අපි ගියෙමු!

      Delete
    3. මාතලන්ද ගියෙමු.....

      Delete
  12. නීතිය භිය වීලා
    හොයන්නාටා නෑ සැගවීලා
    බොරුව පැමිනීලා
    නීතිය නමින් රජවීලා

    ReplyDelete
    Replies
    1. බොරුවටත් වඩා... අමු වංචාවක් වෙන්නේ....

      Delete
  13. //උකුස්සෙක් මරපු උන්,
    ඇත මහා උළු ගෙදර.
    තාජුඩින් මරපු උන්,
    අදත් යහතින් ගෙදර...//

    සිරා ටෝක් එක ඈ!

    ReplyDelete
    Replies
    1. අපෝ සිරා නෙවෙයි හලෝ මේ කෑල්ල පට්ටම චාටර්. කොහොමවත්ම මැච් වෙන්නෙ නැති සීන් දෙකක් දාල තියෙන්නෙ.

      "උකුස්සෙක් මරපු උන්,
      ඇත මහා උළු ගෙදර,
      විල්පත්තු මහකැලේ
      සියක් වස් පැරැණිවූ
      මහ වනස්පතියන්ද
      සතා සීපාවුන්ද
      වැනසවූ කැණහිලුන්
      තවත් වනසත් සුවෙන්"

      නැත්නම් උඩුවේ බලන උන්නාන්සෙගෙ අලිහුටපටේ දාන්න තිබ්බ. තජුඩීන් කේස් එකට ගන්න තිබ්බෙ අර දංකොටුවෙ වෑන් කේස් එක වගේ මැච් වෙන එකක්.

      Delete
    2. AnonymousMarch 17, 2016 at 5:27 AM

      හොඳ නිරීක්ෂණයක්. ඔවු උකුස්සයි තාජුද්දීන් කේස් එකයි ගැලපෙන්නෙ නැහැ. හැබැයි උඹේ කවිය නම් පංකාදුයි. උඹ බ්ලොග් ලියන්නෙ නැතෙයි?

      Delete
    3. ටැන්කූ බස්සි....

      ඇනෝගේ කවියත් පට්ට.... කවි ලියන්න පටන් ගනින්.. බය නම් එවපන් මම සින්ඩියේ දාන්නම්...

      Delete
  14. සේයා ඝාතකයාට මාස හයක් ඇතුලත අඪුවම් දුන්නේ උෘට ධන බලය, පව්ල් බලය හෝ දේශපාලන බලය නැති නිසයි. නැත්නම් ඕක අව්රුදුගානක් ඇදෙනවා සත්තයි !

    ReplyDelete
    Replies
    1. සංවිධානාත්මක අපරාධ කල්ලියක උන්නා නම්, නොම්මර එකේ ලෝයර් එකෙන්ක් අල්ලලා., තාත්තව එල්ලන්න තිබ්බා... ඩී ඇන් ඒ නෙමේ මොනවා ගැලපුනත්...

      Delete
  15. Ranil asarthaka palakayek..... me gana Honda blog lipiyak thibba .

    ReplyDelete
  16. නිතිය කෙරෙහි තියන විස්වාසයත් නැතුව යනවා දැන්නම්..
    ලංකාවට එකාදිපතියෙක් තමා හරියන්නේ නැත්නම් හමුදා ආණ්ඩුවක්...

    ReplyDelete
    Replies
    1. ඒක මම හැමදාම කියන දෙයක්... මම බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා ... ඒ ඝෝඨාභය...

      Delete
  17. දින 3ක් ඇතුලත රටේ රැලි දෙකක් දැක්කා .

    එකක් රජයට විරුද්ධව පොදු ජනතාව විසින්. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්, ඒ වගේ දේවල් කීප වරක්ම දැකල තියෙනවා.

    හැබැයි අනික එකේ විරුද්ධ පැත්ත… ඒ කියන්නේ පොදු ජනතාවට විරුද්ධව රජය විසින්. එහෙම ඒවා දැක්කේ නං ජීවිතේ පළමුවෙනි වතාවට.

    දැන් අපේ රටේ රජය කොච්චර මෝඩද කියනවානං පොදු ජනතාවට විරුද්ධව පෙළපාලි යනවා. ඒකට ඇවිල්ල හිටි ටික දෙනා අතර හිටි යටත් විජිත සමයේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගත් වයසක පරම්පරාවේ කීපදෙනා එක පැත්තකට වෙලා ඉංග්‍රීසියෙන් මොනවදෝ දොඩවා දොඩවා වෙදිකාවටවත් නොනැඟ ලජ්ජාවේද කොහෙද සැඟවිලා හිටි රනිල් වටේ කැරකි කැරකි ඉඳල යන්න ගියා.

    සල්ලි දීලා ඇත පළාත්වලින් ගෙන්නාගෙන හිටි ගමේ මිනිස්සු එක්ක කතාබහ කරන්නවත් මිශ්‍ර වෙන්නවත් ඔය ඉංග්‍රීසියෙන් කතා කර කර හිටි උවමනාවක් තිබුනේ නෑ . මොකද ඒ ගොල්ලන්ට ඔය සිංහලෙන් වැඩ කරන ගමේ සිංහල මිනිස්සු “බයියෝ”. කොච්චර UNP එකට දර දිය ඇද්දත් ටයි කෝට් දාල ඉංග්‍රීසියෙන් කතා කලේ නැත්තන් ඒ ගොල්ල බයියෝ. ඒ කියන්නේ UNP බයියෝ. අපේ අහිංසක මිනිස්සු ඒ ගොල්ලන්ගේ ගැට වලට අහුවෙනවා විතරයි, මොකද උන් ගේ වැඩ කරගන්න දුප්පත් මිනිස්සුන්ට ඒ වෙලාවට විතරක් කීයක් හරි දෙන නිසා. ඒ දෙන්නේ උන්ගේ සාක්කු වල තියෙන හිල් වලින් වැටෙන මාරු සල්ලි තරම් පුංචි ප්‍රමාණයක් විතරයි, එත් ඉතින් දුප්පත් කමට ඒක වටිනවා, ඉතින් ඒ මිනිස්සුත් ඔය කෝට් කාරයින්ට හැමදාම කත් අදිනවා.

    කෝට් කාරයෝ ඒ මිනිස්සුන්ට ගෙවල් වල ඉන්න හුරතල් බල්ලෙකුට සලකන ප්‍රමාණයට සලකනවා.

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම හිතුනා...!

      Delete
    2. එජාපයේ රැලිය නම් එකම විකාරයක් කියලා තමයි කියන්න තියෙන්නේ..

      ඒ වගේම මීටත් වඩා ආර්ථික අමාරුකම් වලට ළෝකයම මුහුණ දුන්න 2008 - 2009 කාළේ මහින්ද ඒකට සාර්ථකව මුහුණ දුන්නා... ඒ නිසා ආර්ථික අමාරුකම් ගැන ජනතාවට බයිලා ගහලා වැඩක් නෑ...

      මහින්ද ගියේ චීනගෙ ක්‍රමයට... ඒක ධනවාධී වගේම උතුරු කොරියාවේ තියෙන මෙතඩ් එකේ සම්මිශ්‍රණයක්....

      අනික මේ තියෙන ආර්ථික අවුලෙන් ගොඩ එන්න මහින්ද උන්නා නම් චීනා අනිවාර්යයෙන් උදව් කරනවා... මොකෝ චීනා අප්‍රිකාවේ ඉන්වෙස්ට් කරන ප්‍රොජෙක්ට්ස් වල හැටිය මෙහේ කරලා තියෙන්නේ හූනූ බිජ්ජක තරම් ගානක්...

      මේ ආන්ඩුව චීනා තරහ කරගෙන නා ගත්තා... කරපු ළොකුම මෝඩ වැඩේ ඒකයි... සිරා ඇර ආන්ඩුවේ ඉන්න මහින්දගේ වහල්ලුත් මහින්දට තමා කැමති... මොකෝ මහින්ද තනියෙන්ම කාපු නැති නිසා...

      අර ජනතාව ගැන නම් කියන්න තියෙන්නේ... ටොයි බයි කියලා වෙනසක් නෑ... මහින්දත් රනිලුත් දෙන්නම් ඒ අයට සලකන්නේ නම් එකම ක්‍රමයට කියලා විතරයි... දෙපැත්තටම එන්නේ බත් පැකට් එකටයි ගල් කාලටයි හෝ ගානා පොකුණ නිමිලේ බලන්න හම්බ වෙන චෑන්ස් එකටයි...

      Delete
  18. // සල්ලි දීලා ඇත පළාත්වලින් ගෙන්නාගෙන හිටි ගමේ මිනිස්සු එක්ක කතාබහ කරන්නවත් මිශ්‍ර වෙන්නවත් ඔය ඉංග්‍රීසියෙන් කතා කර කර හිටි උවමනාවක් තිබුනේ නෑ . මොකද ඒ ගොල්ලන්ට ඔය සිංහලෙන් වැඩ කරන ගමේ සිංහල මිනිස්සු “බයියෝ”. කොච්චර UNP එකට දර දිය ඇද්දත් ටයි කෝට් දාල ඉංග්‍රීසියෙන් කතා කලේ නැත්තන් ඒ ගොල්ල බයියෝ. ඒ කියන්නේ UNP බයියෝ. අපේ අහිංසක මිනිස්සු ඒ ගොල්ලන්ගේ ගැට වලට අහුවෙනවා විතරයි //

    කුරුට්ටනි, කලාමැදිරියානෙනි..... මේ ඔබේ කතාවයි!

    ReplyDelete
    Replies
    1. ඕක මහින්ද රනිල් කියලා වෙනසක් නෑ....
      එකම වෙනස රනිල් ඒ මිනිස්සු දිහා බලන්නෙත් නෑ ගනන් ගන්නෙට් නෑ...
      ඒත් මහින්ද බලනවා, හිනාවෙනවා, බදාගන්න ඉඩ දෙනවා, වඳින්න ඉඩ දෙනවා, ඉඹින්න ඉඩ දෙනවා. ළමයි බ්ලෙස් කරනවා.. ඒත් ගෙදර ගිහින් දෙකක් දාලා අරුන්ට පුකෙන් හිනා වෙනවා.. ගනන් ගන්නේ නෑ... ගනන් ගත්තා නම් ඔහොම පරදීවිය..
      මොකෝ එජාපේ උන්ට පුළුවන්ද මැතිවරණ කොමසාරිට ආතතිය හදවන්න මහින්දට වගේ...

      Delete
    2. රනිල් ගනන් ගන්නේ නැත්තේ ඒ මනුස්සයාට මේ රටේ මිනිස්සු හිතන පතන කන බොන නිදාගන්න විදිය නොතේරෙන නිසානේ මාතේ...ඒක හොයාගන්නකන් මේ කෙලිය කොරන්න හම්බවෙන්නේ නෑ..අනේ අපේ රටට උන වැඩේ...!

      Delete
    3. රනිල්ලා මොකෝ නොදන්නේ.... රනිල්ලා, චන්ද්‍රිකාලා, මහින්දටත් වඩා හොඳට දන්නවා... ඔය කට්ටිය අපිටත් වඩා රටේ අස්සේ මුල්ලේ රිංගන මිනිස්සු... අනික යුද්ධය හේතුවෙන් අඩුම ගානේ දෙමළ මිනිස්සුන්ගේ දුකවත් දැකලා තියෙනවා.... හැබයි රනිල් සහනාධාර දෙන මානසිකත්වයේ නම් නෑ...

      මහින්ද ඔය තරම් ඔය මිනිස්සුන්ට ආදරේ නම් යුද්ධෙන් පස්සේ අවුරුදු හයක්ම තිබුනා නේ ඔය මිනිස්සු ගොඩ ගන්න.. ඒත් එයාගේ කාළේ උනේ ඇති නැති පරතරය තවත් වැඩි වෙල... මධ්‍යම පන්තියේ මිනිස්සුන්ගේ බඩටත් කෙලවීම... රජයේ සේවකයෝ නැත්නම් මහින්දට විරුද්ධව චන්දය දෙයිද....

      Delete
    4. chef-architect

      චෙෆ් ආකි,

      ඔබ හරි. ඇත්තටම ජේ ආර් ලොක්කටත් ඔය ප්‍රශ්නෙ තිබ්බ. අවු. 50ක් විතර දේශපාලනේ කොළත් ලංකාවෙ මිනිස්සු හිතන පතන හැසිරෙන විදිහවත් මිනිස්සුන්ගෙ අවශ්‍යතාවත් නොතේරෙන කොළඹ 07 විශේෂ පෙළන්තියෙ ප්‍රශ්නෙ ඕකයි. ජේ ආර් සින්ගප්පූරුව එහෙම පිටින්ම කොපි කරන්න ගිහින් වැඩේ වර්චස් කර ගත්ත. හැබැයි ඒකාලෙ හිටපු හොඳ ආර්තික උපදේශකවරුන්ට සවන් දීපු නිසා යම් සාර්ථකත්වයකුත් තිබුණ. ආර් ප්‍රේමදාස කියන්නෙ මරාවගේම බහුතර දුප්පත් ජනතාවගේ අදහස් තෙරුම් ගත්ත බුවෙක්. ප්‍රේමෙ ඇඩ්‍රස් කලේ නාගරික දුප්පතුන්, නිවාස ප්‍රශ්නය වගේ දේවල්. ජනසවිය වගේ ඒවා, සිසුන්ට නොමිලේ පාසැල් නිළ ඇඳුම්, ආහාර වගේ දෙවල් දෙන්න කොහොම හරි සල්ලි හොයාගෙන වැඩ කරපු නායකයෙක්.

      යූඑන්පී එකේ හිටපු සුපර් වැඩර්ල දෙන්නෙක් තමයි උපාලි විජේවර්ධන සහ ලලිත් ඇතුලත්මුදලි. ගාමිණී දිසානායකත් සෑහෙන දක්ශයෙක් හැබැයි මරාල වගේම මහවැලි ප්‍රොජෙක්ට් වලින් හොඳට ගසාකාපු බුවෙක්. මරාලත් ගම්වල දුප්පත් මිනිස්සුන්ට අවශ්‍ය පොහොර සහනාධාර, ඇලවේලි, මහාමාර්ග හදල කොහොම හරි සල්ලි හොයාගෙන ගම්වල තරුණ පිරිසට රජයේ රස්සා දීල ගොඩක් ප්‍රශ්න අඩුකලා.

      කොහොම වුණත් ප්‍රේමදාසගෙ වගේම මරාගෙත් නූගත් අශීලාචාර ගොබ්බ වැඩ නිසා කොච්චර වැඩ කළත් මිනිස්සුන්ට එපාවුණා. රනිල් (සහ ඔහුගේ ගජමිතුරු කණ්ඩායම ) කොච්චර කාලයක් දේශපාලනේ කලත් මේ රට කියන්නෙ මොකද්ද කියලවත්, රටේ ශක්තීන් හා දුබලතා, මිනිසුන්ගේ සැබෑ අවශ්‍යතා වත් දැවෙන ප්‍රශ්නවත් හරියට අඳුනගෙන නැහැ. බොරුවට විස්කි බිබී උතුර ගැන කතාකරන දමිළ ඩයස්පෝරාවේ සපෝට් එක ගන්න දෙමළ මිනිස්සු අස්සෙ රිංගුවට විතරක්ම බැහැ.

      රනිල් ඇතුළු පිරිසේ දේශපාලනයත් හරියට
      ඉඳ ඉඳ එක වෙහෙර - විඳ විඳ දහම් මනහර...
      අහෝ දෙව්දත් නොදිටි මොක්පුර වගේ කේස් එකක්

      හැබැයි ලෝකයත් එක්ක යාකරල රට ගොඩගන්න හිටපු සැබෑ නායකයො වෙච්ච උපාලි විජේවර්ධනත්, ලලිත් ඇතුලත්මුදලිත් ඉතාම අවාසනාවන්ත විදිහට අකලට අපෙන් සමුගත්තෙ ජාතියේම අවාසනාවට.

      Delete
    5. ඔය හැම නායකයගෙම වලව්වල මන්දිර වල අතට පයට සේවකයෝ ඉන්නවා... වතු දෙමළ මිනිස්සුත් ඉන්නවා... ඉතින් ඒ අය දුක දන්නේ නෑ කියන්න බෑ කාටවත්... හැබයි රනිල් ජේ ආර්වත්, ප්‍රේමදාස මහින්දවත් ඒ මිනිස්සු ගොඩ ගන්න කිසි දෙයක් කරන්නේ නෑ...

      ඔය ගෘහ සේවකයෝ වෙනුවෙන් විප්ලව කාරයොවත් කතා නොකරන්නේ ඒකයි.. ඒ ඇර මැද පෙරදිග ගිහින් කඹුරන දුප්පත් මිනිස්සු වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ... අනෙක් උන් කරන්නෙත් ඒ මිනිස්සුන්ට ගරහන එකයි අපහාස කරන එකයි විතරයි...

      උපාලි විජේවර්ධන දේශපාලනයට එනකොටම නේද මිය ගියේ... ඇතුලත්මුදලාලිනම් ඉල්ලගෙන කෑවා නේ....

      Delete
    6. මාතේ ඔන්න ඕකම තමයි මචෝ ප්‍රශ්නෙත්..රනිල්ලා රටේ මිනිස්සු ගැන හිතා ඉන්නේ ගෙදර වැඩ කරන අයගේ තියෙන ප්‍රශ්න සහ ඒ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් අනුව විතරමයි...මොන විදියකටවත් ඔහුට එතනින් පිට මනුස්සයන්ගේ දෙවල් තේරෙන්නේ නෑ

      Delete
    7. රනිල් කෙසේ වෙතත් උඹ නම් එදා ඉයන්ගෙන් අහගත්තා නේද මිනිස්සුන්ට මෙච්චර අමාරුද අහලා...... සමහර විට උඹ කියනවා වගේ රනිලුත් උඹ වගේ වෙන්න ඇති... ඒක මචෝ උඹලගෙවත් රනිල්ලගෙවත් වැරද්ද නෙමෙයි... මේ රටේ ජනමාධ්‍යයේ වැරද්ද... උනුත් නිකං බයිසිකල් ඉල්ලන පිස්සෝ සෙට් එකක්.. උඹට පුළුවන්නම් මේ ටිකේ සිරසේ නිව්ස් අස්සේ යනවා ගම්මැද්ද කියලා වැඩ සටහනක් අන්න ඒක බලපන්... ලංකාවේ මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නේ කියලා... ඇත්තටම උන් මිනිස්සු නෙමෙයි.. සත්තු වගේ.... ඒ තරම් අසරණයි... හැබයි ඉතින් ඒක ඒ මිනිස්සුන්ගෙත් වරද...

      Delete
    8. අඩුගානේ මම දන්නේ නැති දේ එදා උඹලගෙන් අහගත්තා...ඒ මම මේ රටේ නොහිටිය නිසාත් මවලා පෙන්නලා තියෙන දේ විතරක් පෙනුන නිසාත්...එදා ඉඳන් මම වෙනස් විදියට දේවල් දිහා බලන්න පුලුවන් උනා... මට එහෙම චේන්ජ් වෙන්න පුලුවන් මම පොලිටීශියන් කෙනෙක් නෙවී නිසා...රට කරන අය අපිත් එක්ක කම්පෙයාර් කරන එක සාදාරන නැහැ මචං..උන් ඊට වඩා පරාර්තකාමී වෙන්න ඕනි...

      Delete
    9. ටීවී බලන්න බැහැ බං..ආත්ම ලැජ්ජාව තියාගෙන..අමුවෙන්ම ජරාව....

      Delete
    10. // ටීවී බලන්න බැහැ බං..ආත්ම ලැජ්ජාව තියාගෙන..අමුවෙන්ම ජරාව.... //

      :D

      Delete
  19. හීනෙන් හිතෙන කථා..
    ...............................
    එයා: හිටං මේ බලපං.. තව ටික දවසකින් ණය ගොඩක් මැචුවර් වෙනවා.ඒ අස්සෙ සම්බාධක වැටෙන තරං කේස් එක දරුණු වේගන එන්නෙ.කල්පනා කරල මුකුත් නොකෙරුවොත් හොම්බෙන් යන්න වෙන්නෙ බං..
    මෙයා : මහරජාණෝ හිතල කියන්න හිටං.. ඕන දේකට මම ලෑස්තියි හිටං..
    එයා : අරූට ඕනෙ කොහොම හරි දිනුවා කියන්න.ඕකුන් දිනුවත් වැඩක් කොරගන්න බෑ.. තානාපතියො ඕන ඕන එකයි,නෝනගෙ කතා වලටයි නටපුවාම නැටුමත් නෑ.. බෙරේ පලුවකුත් නෑ.. ඒ හිංදා ඌව දිනවමු.ඕකා වටේ රටවල් ටිකත් ආයෙ ශේප් කරගෙන... ණය ටිකටත් ගේමක් ගහනකොට අපි ආයෙ වැඩේ දෙමු..
    මෙයා : අනේ.... මට එච්චර දෙයක් කොරන්න ඇහැකිද හිටං..?
    එයා : බය නැතුව පල... කරන හැටි මම කියල දෙන්නං.. ඒ විදිහටම කරාම ඇති..
    මෙයා : එහෙමයි මහරජාණෝ..

    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය හීනේ මම ගොඩක් කාළෙකට කලින් දැක්කේ... ඒක වගේ තමයි වෙන්නේ....

      Delete
  20. මාතලන් සහ සා රස,

    මේන්න ලියනව නම් මාතෘකා;

    ‘We invited Royal boys’ - LC & BC Principal Ma'ams

    බිග්මැච් කාලෙ කොල්ලො කොලුකමට පිස්සු නැටුවහම ඉස්සර නම් කළේ ප්‍රශ්නය වැඩිදුර යා නොදී ගොඩින් බේරාගෙන සිසුන්ට අවවාද කොට නිදහස් කිරීමයි. නමුත් වත්මන් රජය අනවශ්‍ය පරිදි විකාර රූපී ලෙස සිසුන් අල්ලා උසාවි දැමීමෙන් ඔවුන් නිරපරාදේ අමාරුවේ වැටී ඇත. අධිකරණයෙන් දඬුවම් ලැබුනොත් ඔවුන්ගේ අනාගතය අඳුරු වනු ඇත. ඉතින් සිසුන් බේරාගන්නට LC & BC විදුහල්පතිනියන්ට බොරු කියා චාටර් වීමටද සිදුවී ඇත. වත්මන් රජය ප්‍රශ්න සියල්ලම හත්පොලේ ගාගෙන තමුනුත් පජාත වී අනුනුත් කුජීත කරමින් තිබේ.

    ReplyDelete
  21. තව රෙදි ගලවන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවාද කියල සැකයි.

    ReplyDelete
  22. ලංකා ඊ නිව්ස් -2016.මාර්.15, ප.ව‍.7.00) ජනමත දෙකකින් ජයගත් ජනතාවගේ බලාපොරොත්තුව වන හොරකමින් දූෂණයෙන් මෙන්ම නොදියුණු ගෝත්‍රික මතවාදයන්ගෙන් ඉවත්වී නව ලෝකයත් සමග අත් වැල් බැඳගෙන ඉදිරියට යෑමට බාධා කරමින් කඩාකප්පල් කාරී ක්‍රියා කරන ගොබ්බ මතවාද වපුරන මරාවාදී දේශපාලකයන්ටත් ඔවුන්ගේ බත්බැල සංවිධානය වලටත් ජන බලයෙන් පිලිතුරු දෙමින් ‘අලුත් ලංකාවට ඉඩ දෙමු‘ මැයෙන් එජාප තරුණ සංවිධාන විසින් අද කොළඹ හයිඩ් පිටියේ පැවැති ජන රැලියට දස දහස් ගණනින් ජනතාව සහභාගී වූ බවත් කොළඹ ටවුන් හෝල් ප්‍රදේශයේ සිට හයිඩ් පිටිය ආශ්‍රිත ප්‍රදේශ සියල්ල එකම හිස් ගොඩකින් වැසී තිබූ බවත් ලංකා ඊ නිව්ස් වාර්තා කරුවෝ පවසති.

    මෙතෙක් ආණ්ඩුවට විරුද්ධව කොළඹ විවිධ පක්ෂ සංවිධාන විසින් පැවැත්වූ කුහක උද්ඝෝෂණ රැලි සඳහා පැමිණි ජනතාවට වඩා දහ ගුණයක් ජනතාවක් ආණ්ඩුවට පක්ෂව සහභාගී වී සිටීම කැපී පෙණින.

    මෙම රැලියට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද බොහෝ සැහැල්ලුවෙන් සහභාගී සිටිනු අප කැමරා කාචයේ සටහන් වී ඇති අතර මලික් සමරවික්‍රම, රුවන් විජේවර්ධන, සජිත් ප්‍රේමදාස, රෝසි සේනානායක, ගයන්ත කරුණාතිලක, සුජීව සේනසිංහ ඇතුලු එජාප නායකයන් රැසක්ද දෙවන පෙල පළාත් සභා මැති ඇමැතිවරු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු ආසන සංවිධානයකයන් රැසක්ද තම ජනතාව සමග සහභාගී වී සිටියහ.

    ReplyDelete
    Replies
    1. මෙවට ඉතින් පස්ස පැත්තෙන් හිනා වෙනවා ඇර වෙන කරන්න දෙයක් නෑ...

      Delete
  23. https://www.youtube.com/watch?v=gl5jnLYK9Vs

    තුමුල බල ඇති තෙදැති දෙවඟන
    සැකයි මට ඔබෙ කුමරි බඹසර
    රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු
    ඔබගෙ දෙවොලේ යහන පාමුල ...
    .

    ඉරා සළු පට බැඳුණු නෙතු යුග
    තරාදිය ගෙන හෙළා ගඟ දිය
    තලා අසිපත නසා එහි පණ
    පසිඳලිය හැකිවේද යුක්තිය ...
    .

    ධවල සළු පිළි සොරුන් ගත්තෙද
    මිණි මෙවුල් දම් ගරා හැලුනිද
    ඔබේ ගත රැඳි දුහුල් සළුපොට
    හමන සුළඟට ඉගිල යාවිද ...
    .

    පද - උපාලි ජයමාන්න
    සංගීතය - ඩෙනිස්ටර් පෙරේරා
    ගායනය - අමරසිරි පීරිස්

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙන ගේය පද රචනා... හැබ්යි කටුස්සෝ ප්‍රශ්ණය කියන්නේ... මෙහෙම කිව්වාම තේරෙන පිරිස බොහොම අඩුයි...

      Delete
  24. කාගෙ හරි බෙල්ලකට තොණ්ඬුවක් දදා ඉදියට එයාලා එල්ලෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඔක්කොම එක්කහු වෙල අන්තිමට එල්ලන්නේ අපිව තමයි...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න