.

.

Apr 24, 2016

බස්සිගේ චැලෙන්ජ් එක, පාරේ වඳින තම්බි, කැළෑ පාලුවෝ හා Go Green Challenge


 
වී ගොවින්ගේ පෝර සහනාධාරෙත් එක්ක වැවිල්ල ගැන උනන්දුවක් ආයෙත් වතාවක් රටේ ඇති වෙලාය. ඒ මාතෘකාවටම අදාලව, කාබනික පොහොර හා රසායනික පොහොර ගැනත් විවාදයක් මතුවෙලා තියෙනවාය. රසායන පොහොර ගැන වික්ටර් අයිවන් පෙනි සිටිද්දි, බ්ලොග් ලියන "ලංකා සිතිවිලි" වික්ටර්ට පිළිතුරක් ලෙස ලියූ ළිපිය සංවාදයට ලක් විය යුතු නිසාවෙන්ම, "මාතලන්" අඩවියේද පල කළේය. ඒය බොහෝ සාර්ථක වූ අතර, ලැබුන ගල් පහරවල් අතරේ මල් කළබද බොහෝ විය.

එම ළිපිය වික්ටර් අයිවන්ගේද අවදානයට ලක්ව ඇති අතර, ඒ ගැන යම් කිසි සඳහනක් හෝ කිරීම ගැන අපේ ස්තූතිය නිතැතින්ම ඔහුට හිමි විය යුතුය. මෙවර රාවයේද රසායන පොහොරවල ඇති වැදගත්කම හා ඔහුගේ අදහස් ඉදිරියට ගෙනයන වික්ටර්ට අප පිළිතුරු ලබා දිය යුතුව නැත්තේ, මේ සතියේ රාවයේම තුන්වන පිටුවෙන් ඒ සඳහා පිළිතුරු දී ඇති නිසාය. මෙහිදි වික්ටර් අයිවන්ට අමතක වන කාරනය නම්, අපි ඉන්නේ ඉතා කුඩා දිවයිනක බවත්, සියල්ලා සීමිත බවත්ය. මේ ඇමරිකාව, ඉන්දියාව, ජර්මනිය හෝ චීනය නොවනා බවය.

මෑතකදී TNL රූපවාහිනි සේවයේ, "ජනහඬ" වැඩ සටහනේ අලි සම්පත පිළිබඳ වූ සාකඡ්චාවකදි මතු වූ ඉතා වැදගත් කරුනක් නම්, අපේ රටේ ඇති වනාන්තර ප්‍රමාණය 18% පමණ ප්‍රමාණයක් බවත්, ජනාධිපති තුමා රැස්විමක සඳහන් කොට ඇත්තේ එය 32% බවත්ය. ජනාධිපති තුමා ඒකත් දැක්කේ පත්තරෙන්ද කියා සැකයක් ඇතත්, අපේ උපදේශකයන් පොලිටික්කන්ට කවනා ගුලි අනුව, මෙය මහා පුදුම දෙයකුත් නොවේය. බලයට පත්ව වසරකුත් මාස පහකට ආසන්න ප්‍රමාණයකට ලංව තිබියදීත්, ලංකාව ගෙවන්නට ඇති ණය ප්‍රමාණය නිවැරදිව කිව නොහැකි මහ බැංකුවක් ඇති රටක, ඕවා මහා පුදුම දේවලුත් නෙමේය.

හොරු ඇල්ලීම කෙසේ වෙතත්, අල්ලපු හොරු බා ගෙන, උන් එක්ක මඟුල් කන සීන් එකක් නම් නියමට යන අතරේ, විල්පත්තුව විනාශ කල කැලෑ පාලුවාද කිසිම අවුලක් නැතිව ප්‍රධාන පෙලේ ඇමතිකමකින් පුදා, කනවා නම් තවත් කන්නට ඉඩ කඩ සලසා ඇත්තේය. උන්ගේ ආගමට හා ජාතියට, මහා වීරයෙක් කියන මහින්ද රාජපක්ෂද ගූ බය අතරේ, ගවුම් අඳින තලේබාන්කාරයෝ දැන් මහ පාරේ අල්ලා වඳින්න පුදන්නටද පටන් ගෙන ඇත්තේය. 

ඕකුන්ගේ එකෙක් මුන්ගේ එකෙකුට කෑලී යන්න දෙනකන්, අපේ උන් කටයි පුකයි දිගටම වහගෙන සිටිනවා මිස, මක්කත් කොරන්න යන්නේ නැතිය. තලේබාන් කාරයෝ ලංකාවේ ඉන්නවා කිව්වාම අපිට කින්ඩිය දාපු උන්ට කියන්න තියෙන්නේ, අයිසිස්ලාත් (ISIS) එක්ක ඉන්නවයි කියන ලංකාවේ උන් ගැන දැන් කියන්නේ මක්කාද කියලාය.

ඒ මක්කා වෙතත්, අපේ වසරේ බ්ලොග් කාරිනිය වන "බස්සි" ඊයේ පෙරේද පෝස්ට් එකක් දමමින් මාතලන්ටත් පොඩි අභියෝගයක් දුන්නේය. සීන් එක පැලයක් දෙකක් හිටවන එකය. මුදල් ගණුදෙණුවක් නැතිය. ඒ හේතුවෙන්ම මේ චැලේන්ජ් එක මගේ සිත් ගත්තේය. අභියෝගයේ නම "Back To Green Challenge" ය. වැඩේ කොරන්නේ හින්ගල කොල්ලෙක් හා මුස්ලිම් එකේය. හින්ගල එකා ශෂීන්ය මුස්ලිම් එකා ෆර්ෂාන්ය.

මාතලන්ගේ පිය පාර්ෂවය වෙළෙන්දන් වූවද, මාතලන්ගේ සීයාද වෙළඳාමට අමතරව හොඳ ගොවියකුද උනේය. මාතලන්ද පොඩි කාළේ කුඩා ප්‍රමාණයේ කොරටුවක් වවපු ගොවියකු වූ අතර, නිෂ්පාදන හෙවත් පලදාව "තොරණ හංදියේ" "ආසිරි කඩේ"ට දාපු හොඳ වෙළෙන්දෙක්ද උනේය. වවපු බෝග රාශියක් අතරේ, කොහිළ කොරටුවට වූ දේ ගැන, මාතලන් පෝස්ට් තුනක්ද ලිව්වේය. කැමති කෙනෙකුට ඒවා මෙතනින් බලා ගන්න පුළුවන්ය.

මාතලන් දැන් කොරන රැකියව හා වාසය කරනා තැන අනුව ඇත්තටම මෙය අභියෝගයක්ම උනේය. ඒත් වැඩේ අළුත් දෙයක් නොවන නිසාත්, නිතර බද්දේගම යන එන නිසාත්, දැනටත් ඉඳහිට අහු වෙන වෙලාවක ගහක් කොලක් ඉන්දන නිසාත්, වැඩේ එච්චර අමාරු උනේ නැතිය. අවුරුදු සුමානේ ගහක් ගන්න තැනක් හෙව්වද සියළුම තැන් වසා දමා තිබුනේය.

ඒත් මේ සතියේ බද්දේගම පැමිණි වෙලාවේ පැලයක් හොයන්න ගියාම ඔක්කෝම වාගේ ළොකු පැල වර්ග ඉවර වෙලා තිබුනේය. අන්තීමට හම්බ උනේ කාන්තාරේ උනත් වවන්න පුළුවන්, ඩ්‍රැගන් ෆෘට් පැලයක්ය. පැලේ භාරකරු වන්නේ මච්චිනා වීම හේතුවෙන්ම, පැලේ සිටවන වැඩේ මච්චිනාටම පැවරුවේය. මච්චිනා අළුතෙන් වගා කර ඇති, හයිබ්‍රිඩ් ගස්ලබු, මාළු මිරිස් හා වම්බටු පැල අතරේ, මාතලන්ගේ පැලේටත් පොඩි ඉඩ කඩක් හොයා ගත්තේය.

BIL - Kalu Mahattaya
පොටෝ කවරේජ් එක කොරේ පොඩි මාතලන්ය. ඉතින් දැන් මේ චැලේන්ජ් එක තව පස් දෙනෙකුට දෙන්නත් ඕනාය. බ්ලොග් ලියන උන් අතරින් මාතලන් ගිහින් තියෙන්නේ අටමාගේ, හැලපයාගේ, දමියාගේ, චෙෆාකිගේ හා ඉයන් ගේ බංගලාවලට ඉතරය. මේ අතරින් ඉයන්ට වැඩේ කොරන්න වෙන්නේ නැත්තේ, උන්නැහෙත් ඉන්නේ මාතලන් වගේම දිවිය ළෝකයේ නිසාය. හැලපේ ඉන්නේ නොරටකය. දමියා දැන් බොග දාන්නේ නැතිය.ඒ නිසා මුල් දෙදෙනා හැටියට "අටමා" හා "චෙෆාකි" නම් කොරනවාය. එයිටාමතරව බ්ලොග් ලියන හැම එකාටම කියන්නේ බ්ලොග් වසන්තයත් නැගලා යන වෙලාවේ ආතල් එකටත් එක්ක ගහක් ඉන්දලා පොටෝ එකකුත් අල්ලලා බ්ලොග් පෝස්ට් එකක් දාන්නෙයි කියලාය. 

පොඩි අවුලකට ඇත්තේ, අටමා හා චෙෆාකි මේ වැඩේට කැමති වෙයිදෝයි කියනා එකය. හේතුව "Go Green" කියනා නමය. මුන් දෙන්නාගෙම ලේත් නිල් පාටය. ඒත් ඉතින් අවුලක්ම නොවන්නේ, ගස් කොලන් පිරි ප්‍රදේශ නිල්ල කියාද හඳුන්වන නිසාය. අනික ගහක් හිටෙව්වා කියා කාටවත් වාසියක් මිස පාඩුවක් වෙන්නේත් නැතිය. අනික ඉතින් දැන් ඉන්න කැළෑ පාලුවන්ගේ දූ මුනුබුරුනටත් අනාගතේ කපා ගන්න ගහක් කොලක් තියෙන්නත් ඕනාය.

අපි වවමු, රට නගමු.. උන් කපා ගන්නෙ නැතෑ...

95 comments:

  1. එක්කො අපේ ගෙදර එන්ඩ ඇත්තෙ උඹේ හොල්මන,එහෙම නැත්නං මම බ්ලොග් ලියන එකෙක් නොවෙයි.එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. හුකනවා දාලා... සමාවෙයන් රජෝ.... මේ දැන් දානවා...

      Delete
    2. මට මළ පනිනව චාමර :D

      Delete
    3. ඇයි අපේ ගෙදර?

      Delete
    4. ඕන් බලහන්කෝ ඉතින් මගේ මතකේ... සමාවෙයන් රාජ්... එහෙනම් ගහකුත් වවහන්.. හැබයි ඒ උඹලයි ගෙදර නෙමෙයි නේද...?

      Delete
    5. බලපුවම මු හැම තැනම ගිහිං තියෙනවනෙ.ලිස්ට් එක තව කොච්චර දික් වෙයිද මංදා.

      Delete
    6. මම ඉතින් රට වටේම යන එකා නේ බං....

      Delete
  2. Interesting.
    J Ovitige
    Kadawatha

    COLOUR BLIND
    This poem was nominated by UN as the best poem of 2006, written by an African kids
    When I born, I black
    When I grow up, I black
    When I go in sun, I black
    When I scared , I black
    When I sick, I black
    When I die, I still black
    And you white fellow
    When you born, you pink
    When you grow up, you white
    When you go in sun, you red
    When you cold, you blue
    When you scared, you yellow
    When you sick, you green
    And when you die, you gray
    And you calling me colored??

    ReplyDelete
  3. ඔන්න මම නිල් මානෙල් පැලයක්ම හිටෙව්වා මගේ වැවේ...පොටෝ දාන්නේ නෑ FCID එකට තියෙන හිරිකිතේ නිසා....අටමා හිටෙව්වොත් පල ඇති ගසක් ශෝක්....!

    ReplyDelete
    Replies
    1. අපි කලර් බ්ලයින්ඩ් හරිය.....!

      Delete
  4. කන එකෙක් කන්නේ නැතෑ හොරෙන් කඩාගෙන හරි. අපි පරිසරය වෙනුවෙන් ගස් හිටවමු. මේ පාර අපේ අඹගස් ටිකයි, රඹුටන් ගහයි ගෙඩිවලින් පිරිලා. හෙට අනිද්දට පැහුණු ගමන්, රිලව්, වවුලෝ, දඬුලේන්නු, තමයි කන්නේ. තඩි ජම්බු ගහේ ජම්බු නම්, ඉස්කෝලේ යන එන ළමයි කඩාගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. Thanks wicha. Mata mathaleta aawe. Monawada muththe othana karanne. Mokatada Oba oya bima haaranne. Kiyana kaviya.

      Delete
  5. මාතේට කරන ගෞරවයක් වශයෙන් වෙන කෙනෙකුගේ ගෙදරක හෝ ඉක්මනින්ම පැලයක් සතියක් තුල සිටුවීමට අදිටන් කර ගතිමි.

    ReplyDelete
    Replies
    1. මාත් කලේ ඒ වගේ වැඩක් තමයි... නිකන් ගහක් වගේ නෙමෙයි... ඩ්‍රැගන් ෆෘට් ගහ වවාගන්න මාර කට්ටක් කන්න ඕන..

      Delete
    2. ඔයිට වඩා අමාරු ඇටයක් පැල කරා බලමු මොකද වෙන්නේ කියලා.:D

      Delete
  6. Badurdeen ta bukiye baninne ungen ki denek Farshan ta hondayi kiyanawada?

    ReplyDelete
    Replies
    1. ඒ මුස්ලිම් කොල්ලා නිසාමයි මම මේකට කැමති උනේ...

      Delete
    2. අහල තියෙනවා නේද නරක පොලිස්කාරයා Vs හොඳ පොලිස් කාරයා රංගනය ගැන.
      මේක නරක තම්බියා Vs හොඳ තම්බියා රංගනයක් වෙන්න පුළුවන්. පරිස්සමෙන්. සිංහලයන් තුල දූපත්වාදී හීනමානය තියෙනවා ඒ නිසා මේවාට අහුවෙන්න පුළුවන්

      Delete
  7. අවුරුදු නැකතට පැල දෙක තුනක් හිටෙව්වා මම නම් ...

    මොනවද මුත්තේ මොකද කරන්නේ
    මොකටද ඔබ ඔය බිම හාරන්නේ
    ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
    අඹ ඇටයක් සිටුවන්නට හාරමි

    දුකසේ සිටුවා අඹ ඇටයක් අද
    එක අඹයක්වත් කන්න ලැබේවිද
    මම ළමයෝ මින් අඹයක් නොපතමි
    යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

    තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
    කරන්ට හැකි දේ නොම තේරෙයි මට
    පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
    හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස

    පෙර උන් අය සිටවූ අඹ ගස්වල
    ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
    අපෙන් පසුව එන අයටත් එම ඵල
    ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
    මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
    අපෙන් පසුව එන අයටත් එම ඵල
    ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
    මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

    ගී පද : එස් මහින්ද හිමි
    සංගීතය : රෝහණ වීරසිංහ මහතා
    ගායනය : අනූෂ නානයක්කාර සහ රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. මම පොඩි කාළේ ඉඳන් බොහෝම මනාප කවි පන්තියක්... ඉස්සර නම් ඕවා කට පාඩම්...

      Delete
    2. ඉස්කෝලෙදී ඕක ආශ්‍රය කරගෙන කුණුහරුප සිංදුවකුත් කිව්වා. දැන් මතක නෑ.

      Delete
  8. මේ ගීය රූපවාහිනියෙ යද්දි සමහර කොටස් පාඩම් කරගත්තු පුංචි එවුන් කියවන හැටි ඒ දවස්වල අහන්න ලැබුණා ! යූටියුබ් එකේ වීඩියෝව https://www.youtube.com/watch?v=HLN1T4H8xWA රූප බොඳවෙලා තිබුණත් මෙතනට ගෙනත් දැම්මේ සින්දු ඇනෝටත් උදව්වෙන්නයි

    ReplyDelete
  9. අර පාරවල් වල එහෙම වඳින එක නම් ඇත්ත. මම ඊයේ ස්ටේෂන් එකේදී දැක්කා. මාතලේ කෝච්චියට එන්ජිම කපල් කරන්න එද්දී, එකෙක් ලේන්සුවක් එහෙම ප්ලැට්ෆෝම් එක අග එලාගෙන වඳින්න ලැස්ති වෙනවා. මම හිතුවා මූ එක පාරට කොච්චියට වත් පනීවී කියල. බලද්දී මූ අල්ලට වඳිනවා.
    පැලත් හිටවමුකෝ..

    ReplyDelete
    Replies
    1. පොලීසියට බලය දෙන්න ඕන, පාරේ වඳින උන්ගේ පුකට පයින් ගහලා එලවන්න...

      Delete
    2. තමන්ට කැමති ආගමක් තමන් කැමති තැනක වදින්න මෙ රටෙ නිදහස තියෙනවා ඕනම එකෙකුට

      Delete
    3. /පොලීසියට බලය දෙන්න ඕන, පාරේ වඳින උන්ගේ පුකට පයින් ගහලා එලවන්න.../

      එකෙන්ම, උන්ට විතරක් නෙවෙයි එහෙම වන්දවන්න උගන්නන උන්ටත් ඒ කිව්වේ කහකඩ සහ පරණ ගුරාලා /ගුරීලා දකින කොට තැන නොතැන නොබලා බිම පෙරෙලි පෙරලි වදින වුන් සහ එහෙම කරන්න උගන්නනන උන්.

      Delete
  10. මමත් පුවක් ගෙඩි වගයක් තවාන් දැම්මා දැන් පැලවෙලා තව මාසෙකින් විතර හිටවන්න පුළුවන් වෙයි. අපිට එළවළු පලතුරු හිටවීම දිරවන්නෙ ‍නෑ.

    ReplyDelete
    Replies
    1. මඩ පුවක් නම් අනාගතේ හරි ප්‍රයෝජනේට ගන්න බැරිය...

      Delete
  11. දූෂිත දේශපාලනේ තමයි පරිසරයටත් කෙළවන්නෙ. මම රතුපස්වල, කොකාකෝලා කැළණි ගඟ, ජිෆී දැදුරු ඔය ගැන ලියද්දී ඒක පෙන්වන්න උත්සාහ කළා..

    ReplyDelete
    Replies
    1. දුෂිත සිංහල දේශපාලඥයෝ තමයි පරිසරය විනාශ කරන්නේ.

      Delete
    2. උඹේ ඒ ළිපි ඔක්කෝම කියෙව්වා..

      අනිවාර්යයෙන්... කාළකන්නි පොලිටික්කෝ තමයි ඔක්කෝම කරන්නේ.. මුන් ඔක්කෝම හොරු.. මහා පොර ටෝක් දීපු අජිත් පී පෙරේරත් අද උදේ රූපවාහිනියෙන් ඇහුවාම විදුලිබල මන්ඩලේ කැබිනට් එක ඇන්දුවා නේද කියලා... පැයක් විතර දොම්පෙට යන පාර ගැන කිව්වේ..

      වත්තේ තියෙන කොස් ගහක් වත් කපා ගන්න මිනිස්සුන්ට බෑ... මුන් බලය යොදවලා මේ රට විනාශ කරනවා...

      Delete
    3. අජිත් ජී පෙරේරා කියන්නෙ රසකතා කියන්නෙක්.
      මිනිහා දෙමළ භාශාවෙන් ජාතික ගීය ගැයීම ගැන කියපු මෝඩ කතා අහුවාම මට එජාපය ගැනම හිරිකිතක් ඇතිවුනා. ඔය රනිල්ට කියන්න බැරි ගොන් කතා තමයි මෙයාගෙන් කියවගන්නේ.

      Delete
  12. තලෙයිබාන් කාරයොයි, අයිසිස් කාරයොයි විතරයි නේද ඉන්නෙ මාතලන්? LTTE කාරයො නෑ නේ? අන්තිමට politically correct වෙන්න ගිහින් නෑවා නේද මාතලන්?

    ReplyDelete
    Replies
    1. මහින්ද කොටි ඉවර කලා නේ... ඉතින් උන් ආයේ ඉන්න බෑ... එහෙම නැහ්නන් මහින්ද අමු බොරු කාරයෙක්...

      Delete
    2. ඒක තමයි බං කිව්වේ කොටි නැගිටිනවා කියලා. කෝ උබලා ඇහුවයැ. උබේ ඔය ගොන් තර්කෙට අනුව අවුරුදු පහකට කලින් හිටියෙ නැති කාරයොත් දැන් ඉන්න විදියක් නෑ.

      Delete
    3. Isis කාරයො මචන්

      Delete
    4. ඇත්තද...? නැගිටිනවද...? එහෙනම් අපිට කියලා වැඩක් නෑ බං.... ගිහින් කියහන් බෙංගමුවේ ආලවකට... මොකෝ එයානේ යුද්දේ ඉවර කලාය කියන්නේ... එතකොට නැගිටිනවා නම් නිදි කරවයි සං ගාලා...

      Delete
    5. හා මචන්. ඇරත් අවුලක් නෑ ඕයි මහින්ද එලෙව්වනේ ������

      Delete
    6. ඒක නෙවෙයි මාතලන් උබම කිව්වා නේද මාසෙකට විතර උඩදි විත්තිකාරයොන් ගෙන් හරස් ප්‍රශ්න ඇහුවට තර්ක ගොඩනගන්නේ උගත් බුද්ධිමත් නීතිඥයොත් එක්ක කියලා?

      Delete
  13. මාතා මේකනම් නියමයි,

    මමත් රසායන නොදා පල කීපයක් වවල තියනවා, ඉදිරියේදී කරාබුනැටි, කුරුදු, ලෙමන් වැනි පල වවන්න බලාපොරොත්තු වෙනවා මේ ව කොලබදී මිලදීගන්න පුළුවන් තැනක් තියනවා නම් දන්වන්න

    ReplyDelete
    Replies
    1. මම නම් ඒ කාළේ දැම්මේ ගොම විතරමයි... මැස්සන්ට කොහොඹ යුෂ...

      Delete
    2. මමත් හිටවන්න කැමති මහන්සි වෙන්නෙ නැතුව වගා කරන්න පුළුවන් දේවල් විතරයි.
      ලෙමන්, කොච්චි, ඩ්‍රැගන්ෆුට්, කහ, ඉඟුරු, කෝපි, පොල්, කෙසෙල් වගේ දේවල් හිටවලා තියෙනවා. ගම්මිරිස්, පුවක් වවමින් යනවා. කාලෙක ඉඳන් දෙල් ගහක් හදාගන්න උත්සාහ කරනවා.

      Delete
    3. // මම නම් ඒ කාළේ දැම්මේ ගොම විතරමයි... //

      හෑ?

      ගොම දාන කොට උම්බෑත් කිවුවද?

      Delete
    4. ඒ කාලේ මොකක්ද බං පහු ගිය ජනවාරි 8 ත් දැම්මේ උඹලා අපි ඔක්කෝම

      Delete
    5. // මම නම් ඒ කාළේ දැම්මේ ගොම විතරමයි... //
      :D

      Delete
  14. ලොකු ගස් ඉඳන්න බැහැ බං කුළි ගෙදරක ඉන්න නිසා...
    මහගෙදර ඔව්වා කරන්න බැහැ, තේ වගාව නිසා...

    මම 96 දී සිංහරාජෙන් ගෙනාපු "කුරුම්බැටි" පැලේ දැන් අඩි 50 කට වඩා උසයි, ඒක කෙට්ටු උස ගහක් නිසා ගේ කිට්ටුව තියෙන එක ගැටළුවක් නැහැ...
    ඊට අමතරව 99 දී ඉස්කෝලෙන් අස්වෙලා එද්දී අපේ ලගා ගහන පොට් එකක් වෙච්ච නා ගහ යට පැලවෙලා තිබ්බ නා ඇටයක් අහුලාගෙන ඇවිත් ගෙට පහළ පැල කළා...
    දැන් ඒකත් සෑහෙන ලොකුයි...

    බලමු ගමේ ගිය වෙලාවක පොඩි හරි ඉඩක් හොයා ගන්න ලැබුනොත් තව මොකක් හරි පැලයක් ඉන්දන්න...

    ReplyDelete
    Replies
    1. මගේ නම් ප්‍රියතම විනෝදංශයක්... ඒත් තැනක් නැති එකයි වැඩේ...

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මචං භාෂාව පොඩ්ඩක් හදා ගත්තොත් හොඳයි නේද....? අපිත් ඉල්ලගෙන කන්න ඕන නෑ නේ... අම්මා තාත්තා මොන වැරදි කලත් අපි මෙහෙම කතා කරන්නේ නෑ නේ... උන් අපිට මක්කා කොලත්.. ඒ රටේ නායකයෝ...

      Delete
  16. අනේ මචං තරහ වෙන්ඩ එපා මෙහෙම කියුවට , ඔව්වත් මචං පඩෂෝ වල එක ප්‍රබේදයක්

    ReplyDelete
    Replies
    1. අටම්පහුර,

      මචෝ උබට මතකද දන්නේ නෑ මිට අවුරුදු 2 කට කලින් බැසිල් තුමා පැලවෙන්නේ නැති ඇට වගයක් බෙදල කිව්වා අපිවවමු රට නගමු කියල.

      Delete
    2. අටමා කාලෙකින් එකඟ වෙන්න පුලුවන් කතාවක් කිව්වා... :D

      Delete
    3. මේක නම් පඩ ෂෝ එකක් නෙමෙයි මචං... කැමති නම් පැලයක් හිටවහන්... නැහ්නන් ඒත් හිටවහන්... පෝස්ට් දාන්න ඕන නෑ...

      Delete
    4. ලංකාවෙ අති බහුතරය ෂෝ තමයි
      ඒත් මොකක් නිසා හෝ පැලයක් ඉන්ඳවනම් හොඳයිනෙ

      Delete
    5. පැලයක් සිටවමු.
      පරිසරය සුරකිමු.

      අහස කිසිදා නපුරු වී නැත
      කලට වැහි දිය සොඳින් වස්සන
      පොලොව කිසිදා රුදුරු වී නැත
      නිලට කෙත් වතු මලින් සරසන

      පුලුටු කළු දුම් ඇදේ ඉහලට
      කිළුටු දූවිලි වැසේ වාතල
      නපුරු වුයේ කවුද අහසට
      අකාරුණිකවූ මිනිසුනේ

      ගලන ඇළ දොළ විලාපය මැද
      රුසිරු වනලිය බිම දිගා වෙන
      නපුරු වුයේ කවුද පොලොවට
      අකාරුණිකවූ මිනිසුනේ

      නපුරු වුයේ කවුද මෙළොවට
      අකාරුණිකවූ මිනිසුනේ

      ගායනය : සුනිල් එදිරිසිංහ
      සංගීතය : දර්ශන වික්‍රමතුංග
      පද රචනාව :නයනසේන වන්නිනායක

      Delete
    6. හුට්ට පටස්.. ඔය බැසිල් ගෙ ඇට අපේ දිහා පැල උනා කියන්නකෝ.. ගස්ලබු මව් තූමීගෙ ගෙවත්තට අගනා කිඹුලා උදළු තලයක් තෑගි ලැබුනා.වස විසෙන් තොර එළෝලු.

      Delete
    7. Lankika Sithuwili@ ඊට පස්සේ මං ගෙවතු වගාව නැවැත්තුව බං , අසිරිමත් ගෙවත්තද මොකක්ද කියල බැනර් එකක් ගහන්ඩ හැදුවනේ , මං බැසිලගේ ඇටේ දෙන්ඩත් කලින් හිටං කරගන ආපු වගාව නවත්තල දැම්මා

      Delete
  17. මම පැහැදිලි කලේ පාරිසරික ගොවිතැන ගැන "කාබනික ගොවිතැන ගැන නෙමෙයි"
    මෙය තේරුම් ගැනීමට https://www.youtube.com/watch?v=8atbgaiekZI
    Masanobu Fukuoka ගේ වාර්තා වැඩසටහන බැලුවනම් වැටහෙයි. මිට අනුව රසායනික පොහොර හෝ වතුර නොදමා ඉතා ඉහල අස්වන්නක් ගන්නහැටි කියල දෙනවා.

    මෙය තමයි තිලක් කන්දේගොඩ මහතාත් පෙන්වාදෙන්නේ

    වික්ටර් අයිවන් කියන වල්ලපට්ට වෙළදාම ගැනනම් මම එකයි. මෙය බෝගයක් ලෙස වැවීමයි කල යුත්තේ

    ReplyDelete
    Replies
    1. ඒ ළිපියේ ගොඩක් කරුණුත් එක්ක මාත් එකඟයි...

      වල්ල පට්ට නෙමෙයි ගංජා වගාවත් නියම ආර්ථික භෝගයක්...

      Delete
  18. මට බුකියේ චැලෙන්ජ් එකක් ආවා. ඊටත් සතියකට විතර කලින් හිටෝපු නිසා අදාල පාර්ශවය දැනුවත් කරල කමෙන්ට් එකක් දැම්මා.

    ඇත්තටම, දැන් ගස් හිටෝන එකත් චැලෙන්ජ් එකක් තමා බ්‍රෝ !

    ReplyDelete
    Replies
    1. මේක චැලේන්ජ් එකක් හැටියට ගන්න ඕන නෑ... ගහක් හිටෙව්වා කියලා අපිට පාඩුවකුත් නෑ නේ...

      Delete
  19. නරකද කස්ටිය අපේ හුටන් ජනාදිපති තුමා වගේ කෙස් ගස් ටිකක් හිටවා ගත්තොත්?

    ReplyDelete
    Replies
    1. පරණ ලොක්ක ට කීවනම් නරකද, ටීවී කැමරාකාරයෝන්ට වද දෙනවට වඩා පිට්ටනි පොඩිත්තේ වගාවක් කරල දාන්ටය කියලා. ඔය හිටෝන එව්ව අමුතුවෙ තිරිහන් කොරන්න ඕනෙත් නැතිලුනේ.

      Delete
  20. කාගෙ අදහසක් වුණත් පැලයක් රෝපණය එකනම් හොඳයි...නියම මානසික සුවයක් ලබන්න පුළුවන් ඒකෙන්...දවසින් දවස අපි හිටවපු පැළයක් හැදෙනවා වැඩෙනවා දකිද්දි ලැබෙන සතුට අත්විඳින්න ඒක කරලම බලන්න ඕන...ජය වේවා මාතලන්ට...දේශපාලන බහුබූත වලට වඩා වටිනවා මේ වගේ කතා...

    අසංක

    ReplyDelete
    Replies
    1. ගස් වැවීම නෙමෙයි බං... මල් කැඩීමත්, අද දේශපාලනිකයි... දැක්කා නේ නිදහස් චතුරශ්‍රයේ මල් කඩන්න ගිහින් උන ගිනි විජ්ජුම්බරේ...

      Delete
  21. හේතුව මොකක් වුනත් ගහක් රෝපණය කරන එකනම් වටිනා දෙයක්.

    ReplyDelete
    Replies
    1. කාටවත් පාඩුවක් වෙන්නේ නෑ නේ...

      Delete
  22. ONNA MAN AAWA......MAN NAM ITHIN GEDARA GIYAAMA OYA GAS INDANA WADE HAMADAMA KORANAWANE......

    ReplyDelete
  23. Api nam wawanawa ida athi widihata. mal pochchika unath palayak indawanna bari nane.

    ReplyDelete
    Replies
    1. කොහේ උනාම මොකෝ මචෝ... වවනවා නම්...

      Delete
  24. පුංචි ඉඩම් වල ගස් හිටුවන ජොබ් එකට නං මගේ සහයෝගයක් එකක් නෑ, ලංකාවේ උන් තැනැක් නොතනක් නැතුව හිටෝනවා, පර්චස් 40 -50 කෑලිත් රෑස්ස කැලෑවලින් පුරවලා,එළවළු පැලැට්ටක් හිටවගන්න අව්ව ටිකක් වැටෙන තැනක් නෑ. ඉඩම් වල දිග පළල අනුව හිටවන්න පුළුවන් ගස් වල උස සීමා කරන නීති ගෙන්න වෙනවා, නැතිනම් කැලැ වවන එකා අල්ලපු වත්තේ එකාගේ හිරු එළියත් හොරකම් කර ගන්නවා.
    මගේ ජොබ් එක වෙලා තියෙන්නේ අනුන් හිටෝපු ගස් කප්පාදු කරන එක, හිටවන්නන් වගො හිටවලා කිහිස කප්පාදුවක් නැති රූස්ස ගස් වල පලදාවක් නෑ, මදුරු වෝ බෝකරනවා විතරයි.

    ReplyDelete
    Replies
    1. දෙවිවරු මෙන්ම සාතන්ලාද ජීවත් වන්නේ මේ මහ පොළොව මතමය...

      Delete
  25. වික්ටර් අයිවන් ගේ දෙකම කියෙව්වා, ඉස්සෙල්ලා දවසේම කියවන්න ගියත් ලංකා‍ සිතුවිලිගේ සිතුවිලි ටැපලිල්ල නිසා අංඤ කොරොස් වෙලා අතෑරලා දැම්මා. වික්ටර් අයිවන් මෙතනදී ටොයියා, බයියා සහ ටොයියා සාපේක්ෂයි කියලනේ මං කියන්නේ, මෙතන මාතලන් සහ ලංකා සිතුවිලි බයියෝ. බයියන්ට කියා දෙන එක තමයි මේ ලෝකේ අසීරුම දේ, මංවගේ ලියන්න අදක්ශයකුට ඒක කොහොමටත් අමාරුවෙයි, ඒ නිසා උත්සහ කරන්නෙවත් නෑ.

    ReplyDelete
    Replies
    1. // මෙතන මාතලන් සහ ලංකා සිතුවිලි බයියෝ. //

      :D
      බයි බායි!

      Delete
    2. ඔහේ නාගෙන ඉන්නේ... මාතලන්වත්, ලංකා සිතිවිලිවත්, වික්ටර් අයිවන්ගේ සියල්ල ප්‍රතික්ෂේප කරන්නේ නෑ... එතන තියෙන බොහෝමයක් කරුණු වලට අපි එකඟයි..

      වික්ටර් අයිවන්ට අභියෝග කරන්නේ අපි නෙමෙයි එයාගේ පත්තරෙන්මයි.. ඔහේ පත්තරේ ගත්තා නම් ඒකේ තුන් වෙනි පිටුවත් කියවන්න.

      Delete
  26. මේ ගස් කපන විදිහට කවුරු හරි ගස් වවන්නත් එපැයි. වවමු වවමු කවුරු හරි කපාගන්නේ නැතැයි. මට මතක් වුනේ ආතර් ව්න්සන්ට් ඩයස් නොහොත් කොස් මාමා. තාමත් කන්නේ ඒ ගස්වල කොස් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මාමා ප්‍රසිද්ධ... ආතර් වී දියෙස් කියලා නේද...?

      Delete
  27. කොහොමත් මේ පාර ගෙදර ගොහිං පැළ ඉන්දන්න තමා හිතං ඉන්නෙ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වැවා... උඹ ආයේ ලියනවා නම් ඊටත් වඩා හොඳයි...

      Delete
  28. ඔය හදල තියෙන පාරවල් අයිනෙ මාර ගස් හරි කමක්නෑ හදනවා නම්.ප්‍රේමදාස මහත්තයා හදපු ගස් දැන් හෙන විසාලයි.මහන්සිය නිකන්ම නිවිල හිත පහන් වෙනවා ඒ හෙවනෙදි. අලුතෙන්ම පාරවල් ලොකු කරනකොට තිබුන ගස් කැපුවා.වියදම් අඩු කරන්න කියලා අළුතෙන් පැල හදන අයිටම් එක අයින් කරලා. ඔන්න වැඩ.
    භූතානෙ තියෙනවා නියම වැවීමේ වැඩසටහනක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. භූතානේ එක ගැන ලිව්වොත් අපිටත් දැන් ගන්න ඇහැක් වෙයි..

      පසු ගිය ආන්ඩුව රට වගේම කෑළෑවත් වන ජීවීනුත් විනාෂ කලා...

      Delete
  29. මාතේ, මෙන්න මේ ලින්ක් එක බලහන්.
    https://www.youtube.com/watch?v=y1c4_K1-yiU

    සෙට් වෙමු මචෝ අයේ මාස තුනකින්. brazil... ල ලා.........

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට අපි මේක බ්ලොග් වල කතා කලා....

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න