.

.

Apr 21, 2016

නිහාල්සිංහයන්ගේ හා දම් පැහැ වර්ෂාවේ නිමාව - Tribute to Nihalsinghe & Prince


 
සියල්ල අනිත්‍යයයි සිද්ධාර්ථ ගෞතම මුනි දේශණා කළ සේක. පැමිනියේ නම් පිටත්ව යා යුතුය. සදා කල් රැඳි සිටිමට නොහැකිය. පිටව යෑමෙන් පසුවත් නැවත ඒමට දඟලන්නෝද සිටිති. අපේ උන්, උන්ට කියන්නේ මළ පෙරේතයෝ කියලාය. මිය ගිය මල පෙරේතයන් මෙන්ම, ජීවත්වන මළ පෙරේතයන්ද ඒ අතර වේ. සම හරක්ට මෙයින් පිටත්ව යාමට හිතක් නැති අතර, සමහරු ස්ව කැමැත්තෙන්ම නික්ම යයි. ඒ ඇති වූ විටය. එපා වූ විටය. කළකිරුන විටය. එහෙත් සම හරක්ට කොතෙක් තිබුනත් එපා වන්නේ නැතිය.

අපේ රටේ මහා පුරුෂයෙක් මෙන්ම ළෝකයේම නමක් රැන්දු මුනිවරයෙක්ද නික්ම ගොස් ඇත. ඩී බී නිහාල්සිංහයන් හෘදාබාධයකින් මියගොස් ඇත. ඔහු සිහළ සිනමාවේ මෙන්ම, රූපවාහිනියේද නමක් රැන්දු මහා පුරුෂයෙක්ය. අනෝජා වීරසිංහ ජාත්‍යන්තර සම්මාණ උළෙලකදි හොඳම නිලිය ලෙස සම්මාන ලබන්නෙ නිහාල්සිංහයන්ගේ "මල්දෙනියේ සිමියොන්" හේතුවෙන්ය.

අද්විතීය පුවත් පත් කතුවරයකු වූ ඩී බී ධනපාලයන්ගේ පුත්‍ර රත්නයක් වන නිහාල්සිංහ, කොළඹ ආනන්දයෙන් හා පේරාදෙනිය සරසවියෙන් බිහි වූ සාඩම්බර නිර්මාණයක්ය. ලංකාවේ ප්‍රථම සෝප් ඔපෙරාව ලෙස හඳුන්වන "දිමුතු මුතු" ඔහුගේ නිර්මාණයක් ලෙස පිලිගනු ලබන අතර මාතලන්ට නම් ඒ ගැන මතබේදයක් පවති. ඒ ඊට පෙර ලා හිරු දහසක් නමින් පිට රට සිට පැමිනෙනන් වඩු බාසුන්නැහේ කෙනෙකුන් වටා ගෙතුනු ගැමි කතාවක් විකාශනය වූ බව මතක ඇති නිසාය.

"සත් සමුදුර" චිත්‍රපටයේ, කැමරාකරණයෙන් හා සංස්කරණයෙන් දායක වන නිහාල්සිංහයන් අතේ ගෙන යා හැකි කැමරාවකින් සිනමා නිර්මාණයක් කල ප්‍රථම ලංකිකයා ලෙසද නමක් හිමි කරගෙන ඇත. උගතෙක් මෙන්ම බුද්ධිමතෙක්ද වූ ඔහු මහා පෞර්ෂයකින් හා ගාම්භීර කටහඬකින් පිරිපුන්, පාංශු දේහධාරි පුද්ගලයකු වූවද ඉතා නිහතමානී සාර්ථක ව්‍යාපාරිකයෙක්ද වූවේය. 

මෙසේ සටහනක් තැබීමට ප්‍රධානම හේතුව නම්, කිසිම දේශපාලන ශක්තියක් නොමැතිව, ස්වෝස්තාහයෙන් නැගී සිටි, කිසිවෙකුට හිස නොනැමු ශ්‍රේෂ්ඨ අධීන මිනිසකු වීමමය. ඒ හේතුවෙන්ම කොතරම් දැවන්තයකු වූවද, රාජ්‍ය ගෞරව නොලැබෙන, කිසිඳු අගය කිරීමකට ලක් නොවූ කලාකරුවකු ලෙස ඔහු අපෙන් සමු ගනු ඇත.

With Sheila E
 ප්‍රින්ස් හා දම් පාට වර්ෂාවේ නිමාව

මයිකල් ජැක්සන් මෙන්ම "ප්‍රින්ස්" ද (Prince Rogers Nelson) මුනිවරුන් ලෙස හැඳින්වීමට කිසි ලෙසකින්වත් මැලි නොවන්නේ, ඔවුන් අදහන රසික රසිකාවියන් ඔවුන් උපන් රටේ පමණක් නොව ළොව පුරාම විසිර සිටින නිසාය. මයිකල් ජැක්සන් ජනප්‍රිය වූ කාළයේම, ඒ කියන්නේ අපේ කොලු කාලයේම, ජැක්සන් මෙන්ම ඇඳුමෙන් පැළඳුමෙන් හෙබි, ඒ ආකාරයෙම හැසිරීම රටාවක් ඇති "ප්‍රින්ස්" රූපවාහිනියට එන්නේ "පර්පල් රේන්" (Purple Rain) නම් ගීතයත් සමඟය.

මෙම ඇල්බමය 80 දශකයේ කෙතරම් ජනප්‍රිය වූවාද යත්, ඒය දෙවනි වූයේ මයිකල් ජැක්සන්ගේ ත්‍රිලර් (Thriller) ඇල්බමයට පමණි. ප්‍රින්ස්ගේ ගීත බොහෝමයක් ඇතත්, මාතලන් ප්‍රිය කරන්නේ ඔහුගේ මෙම ගීතයටම පමණි. මාතලන් නිතර සවන් දෙන ඉන්ගිරිසි ගීත අතරේ මේ ගීතයද අනිවාර්යයෙන් තිබෙන්නේ එහි සංගීතය නිසාවෙන්මය. ඒ ලීඩ් ගිටාර් වාදනය අප කොහේදෝ ළෝකයකට රැගෙන යන්නේය. ඒ තනුව කිසි දිනෙක හදවතින් නික්ම යන්නේ නැත.

"පර්පල් රේන්" නමින්ම එලි දුටු චිත්‍රපටයේ අඩංගූ ගීතයක් වූ "පර්පර් රේන්" ගීතය මුලු ළෝකයම පිස්සුවකට තල්ලු කෙරූ ගීතයක් කීවොත් නිවැරදිම නිර්වචනය එයම වන්නේය. ගීතය, ලංකාවේ කෙතරම් ජනප්‍රිය වීද යත්, ඒ නමින් බටහිර සංගීත කන්ඩායමක්ද බිහි වුන අතර, එම කන්ඩායමේ සියළුම සාමජිකයින් අදටත් අපේ රටේ බටහිර සංගීත ක්ෂේස්ත්‍රයේ අතිශය ජනප්‍රිය පුදගලයන්ය. (Geoff, Derek Wickremanayake, Michael(Lal) de Silva, Kevin de Almeida, Sudu Goonesekera and Diren Sabaratnam.)

දම් පැහැය විලාසිතා ළෝකයේ මෙන්ම වෙළඳ දැන්වීම් වලද පෙරට එන්නේ මේ ගීතය නිසාවෙන්මය.

Sherilyn Fenn
ප්‍රින්ස් ගී ළොව නම් දරා තිබුනේ ඕනෑම සංගීත භාන්ඩයක් වාදනය කල හැකි සංගීත ලේජන්ඩ් කෙනකු ලෙසය. එමෙන්ම ඔහුගේ කට හඬද තවත් සංගීත මෙවලමක් වූ අතර, එය විවිධ පරාසයන්හි මෙහෙයවීම ඔහුට ඉතා පහසු කරුනක් විය. සංගීත සංදර්ශණ වලදි සවුන්ඩ්ස් හෙවත් ශබ්දය කෙරේ විශේෂ සැලකිල්ලක් දැක්වූ ඔහු ඒ සඳහා පැය හතරක් පමණ කැප කල බව ඉතා ප්‍රකට කරුණකි. 

ජැක්සන්ගේ ලිංගික ජීවීතය මෙන්ම ඔහුගේ ලිංගික ජීවීතය ගැනද විවිධ කටකතා පැවති අතර. ලිංග බේදයකින් තොරව බොහෝ කළාකරුවන් හා ඔහුගේ සබඳතා තිබූ බවටද කට කතා ඇති විය. ඒ අතරින් කාන්තාවන් ලෙස ශීලා ඊ (Sheila E), සුසානා හොෆ් (Susanna Hoff) මෙන්ම ශර්ලින් ෆෙන් (Sherilyn Fenn) ද වේ. මේ අතරින් ශීලා ඊ මේ මරණය හේතුවෙන් බොහෝ කළබල වී ඇති අතර, මරණය සිඳු වූ අකාරය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසද ඉල්ලා ඇත.

Susanna Hoff
වාර්ථා වන අන්දමට ඔහු මීට සතියකට දෙකකට පෙර මාත්‍රාවට වඩා වැඩිපුර ඖෂධ ගත් බවක්ද වාර්ථාවේ. එහිදි ඔහුට රෝහලේ නවතින ලෙස දන්වා ඇතත්, වෙනම පෞද්ගලික කාමරයක් නොමැති හේතුවෙන් රෝහල් ගතවීම ප්‍රතික්ෂේප කොට ඇත. සිහි විශඥව වූ ප්‍රින්ස් සෝපානයක වැටී සිටි බවත් ප්‍රථමාධාර දෙන අතරේම ඔහු මිය ගිය බවත් සඳහන්වේ.

ගී ළොව ගායකයෙක්, සංගීතඥයෙක්, පද රචකයෙක් මෙන්ම විප්ලවවාදියකු වූ ඔහුද, (දේශපාලනය, ආදරය ගැන මෙන්ම, ඒඩ්ස් පිළිබඳ ලියූ පද රචනා බෙහෙවින් කතා බහට ලක් විය.) මා අර කලින් කියූ, ස්ව කැමැත්තෙන්ම නික්ම ගිය අයකු ලෙස ඉතිහාසගතවීම අනාගත පර්යේෂණ මත රැඳි ඇත.ළොවෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 57 කි.

විඳින්න - දම් පැහැ වර්ෂාව 

ප: ලි:

මෙම ලිපියේම ලංකාවෙ ප්‍රථම ටෙලි නාට්‍ය "හිමි අහිමි" ලෙස නම් කලේ අමතක වීමේ රෝගය නිසාය. පසුව එය වෙනස් කරන ලදි. මගේ මතකය අවදි වූ අතර ඒම ටෙලියේ නම "ලා හිරු දහසක්" ලෙස නිවැරදි විය යුතුය.

63 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අනිකුත් වෘත්තීන් එක්ක සංසන්දනය කලහම ලංකාවෙ දේශපාලකයො වැඩි කාලයක් ජීවත්වෙනවා කියල මාතලන් නෝටිස් කරල නැද්ද? බොහොම කලාතුරකින් තමයි අඩු වයසෙන් මියයන්නෙ. ඉස්සර බෝම්බ වලින් ගියා. ඒත් ලෙඩක් හැදිල අඩු වයසකින් මියයන්නෙ කලාතුරකින්. බොහොම නාකිවෙනකම් ඉන්නව.
    ඒ සතුටින් සැපෙන් තෘප්තියෙන් ඉන්න නිසා වෙන්න ඇති නේද?
    දේශපාලකයින්ට උපරිමයෙන් සලකන රටවල් අතින් අපි ඉහල තැනක් ඉන්නවනෙ

    ReplyDelete
    Replies
    1. අපි මලත්, උන් මැරෙන්නේ නෑ.. සිංගප්පූරු ගිහින හරි ආයේ එනවා... අනේ ප්‍රබාවත් උන්නා නම්... අපිට කරන්න බැරි දේ, ඒ යකා කලා.. ආයෙත් අපි අතරෙම ඉපදෙන්න ඕන ඒ උත්තමයා...

      අපි හරි වෙනස් ජාතියක් නේ... ඒ වෙනසට අපි ගරු කරන්න ඕනා...

      Delete
    2. එහෙම වෙන්නේ කොහොමද? මම දන්න තරමට ඔවුන් බොහොමයක් තරුණ වයසෙන්ම අසනීප වලට ලක්වෙනවා. විශේශයෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ. ටිකක් ඇඟවල් දිහා බලන්නකෝ.
      මහජනයාගේ සල්ලි වලින් ගන්න පුළුවන් ඔක්කොම සැප අරන් දශමයක්වත් හෙල්ලෙන්නේ නැතිව ඉන්නකොට කාලයක් ජීවත් වෙන්නේ කොහොමද?

      ඔන්න අපි වගෙ අනම් කමක් නෑ. අපිත් එහෙම තමයි හරි ;)

      Delete
    3. ඇයි දැන් ඔහේ දුවනවයි කිව්වා නේද...? මිරිස් කාලා දැවිල්ල අල්ලලාද දන්නේ නෑ...

      Delete
  3. සමහරු මහා පුරුෂයන් වෙන්නේ මැරිලත් ගොඩක් කල් ගියාම. තවත් සමහරු මැරුණ ගමන් මහා පොරවල් වෙනවා... මැරුණ ගමන්වත් මැරිලා ටික කාලයක් ගියාට පස්සේවත් සමහර විට කවමදාවත් මහා පුරුෂයන් නොවන මහා පුරුෂයනුත් ඉන්නවා......

    හැබැයි එකක් තියෙනවා මාතා.... ඔය කියන දේශපාලනය නිසා දෙකේ පහේ පොරවල් එක රැයින් මහා පොරවල් වෙනවා....

    මේ මොන විදිහේ පොරවල් හැදුණත් ඇත්තට ම පොරවල් හොයාගන්න හැකි ක්‍රමයක් තියෙනවා. ඒ තමා ඒ මිනිහා මැරිලා ගිහිල්ලත් මහා කාලයක් ඒ චරිතය ගැන කතා කරනවානං සහ ඔහුගේ හෝ ඇයගේ දේවල් අපිට ඕන වෙනවානං..... ඒවා ගැන මිනිස්සු හොයලා බලනවානං ඒ තමා ඒ කෙනා ලෝකයට දුන්නු දේ..... වැදගත් වෙන්නේ ඒකයි..... ඩීබී නිහාල්සිංහයන් කියන්නේ අවසන් විග්‍රෙය්දී පොරක් කියලයි මටනං හිතෙන්නේ........ ජයවේවා...

    ReplyDelete
    Replies
    1. දෙන්නම අදාල ක්ෂේත්‍රයන්වල පොරවල් තමයි.... දේශපාලුවෙක් වූ පමනින් පොරක් වෙන්නේ නෑ පවතින යමක් නොකලා නම්.. එහෙම බැලුවාම ලංකාවේ ඉන්නේ ජෝන් කොතලාවලයි ඇතුලත්මුදලියි ඉතරයි...

      Delete
    2. මාතා පොරක් වෙන්න (මං ඔය පොර කියන වචනය භාවිතා කරන්නේ ලෝකයට යමක් කරලා නමක් ඉතුරු කරන අයටයි.) හැම අංශයකින් ම පුළුවනි. යුද්ධ කරපු පොරවල් ඉන්නවා. තාක්ෂණික සොයා ගැනීම් කරපු පොරවල් ඉන්නවා. පොත් ලියපු පොරවල් ඉන්නවා. කවි ලියපු පොරවල් ඉන්නවා. හැම අංශයක ම ලෝකයේ පොරවල් ඉන්නවා. සමහරු පළාත් වලට පොරවල්. සමහරු රටවල් වලට පොරවල්.. තවත් සමහරු ලෝකයට ම පොරවල්....

      දේශපාලනය කියන්නේ්ත් එක අංශයක් තමා. හැබැයි ඒකේ තියෙන ගැටලුව ඒක අස්සේ ඉන්න හැමෝ ම හැමවෙලාවෙම පොරවල් වෙන්න යෑමයි. ඇත්තම කතාව තමා ඔහු හෝ ඇය පොරක්ද නැද්ද කියලා තීරණය කරන්නේ මිනිස්සු.... නමුත් ඔය දේශපාලුවෝ තමන් පොරවල් කරගන්න යෑම නිසාමයි කෙලවා ගන්නේ......

      Delete
  4. පට්ට දුක් සීන් එක මාතේ. ප්‍රින්ස් මගෙ පට්ට ෆෙවරිට් සින්ගර් කෙනෙක් බුවාගේ
    when doves cry
    beautiful girl සින්දුත් මගෙ ඕල් ටයිම් බෙස්ට්. සාමදානයේ සැතපේවා...!!!

    ReplyDelete
    Replies
    1. දෙවියන්ගේ කැමැත්තෙයි කියනවනේ හිටං

      Delete
  5. මට නං දැං ඕවයේ ගානක් නෑ බං..

    ReplyDelete
    Replies
    1. නියම බුදුන් දැක්කාම එහෙම වෙනවා බං...

      Delete
  6. තමා දත් දේ ඉතා නිහතමානීව අනුනට බෙදාදුන් නිහාල්සිංහයන් මට නම් ක්ෂත්‍රයේ සිටි මහා පුරුෂයෙකි.ඔහු සමග යම් යම් අවස්ථාවල වැඩ කිරීමට ලැබීමද සතුටකි.ඔහුට සුබ ගමන්.

    ReplyDelete
    Replies
    1. මමත් එක ආයතනයක වැඩ කරද්දි අපේ ආයතනය ගැන කරපු ඩොකියුමන්ට්‍රියක ඔහු සමග වැඩ කලා බොහෝම නිහතමානී නිවිච්ච මනුස්සයෙක්...

      Delete
  7. prince නම් බොක්කට වැදිලා හිටියේ නෑ.. දම්පාට වැස්ස නම් ලස්සනයි තමයි.. නිහාල්සිංහ මහත්මයත් එක්ක පය කීපයක් ගත කරන්න අහම්බෙන් අවස්ථාවක් ලැබුනා නාවික හමුදාව ගැන රු ගත කිරීමකට වතාවක් (2009) ඔහුගේ කණ්ඩායමත් සමඟ කල්ලරාව කෑම්ප් එකට ආපු වෙලේ.. දැක්කම නම් බයත් හිතුනා කතා කරන්න ඒ තරම් පර්සනලිටි එකක්.. ඒත් කොහොඹ ගහක් යට පුටු දෙකක් තියාගෙන කුරුම්බා බිබී ටිකක් කතා කරනකොට ඔහු බොහොම සුන්දර පුද්ගලයෙකු යයි හිතුනා..

    සුභ ගමන් ඔබ දෙපලටම..

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.... මිනිසත් බවේ සංඛේතයක් බඳු මිනිසෙකි...

      Delete
  8. මචං නිහාල්සිංහගේ වෘත්තිය ජීවිතය ගැන කවුරුත් දන්න නිසා මට වෙච්ච දෙයක් කියන්නම්.
    ඒ කාලේ නිහාල්සිංහට තිබුනා ටෙලිසිනේ කියලා ප්‍රොඩක්ශන් හවුස් එකක් හයිඩ්පාක් කෝනර් එකේ. ඔතන මම දන්න කෙල්ලෙක් වැඩ කරා. ඒකිගේ යාලුවාට මගේ පොඩි ලයික් එකක් තිබුනා. ඉතින් මම යාලුවා හම්බවෙන මුවාවෙන් ඔතනට නිතර නිතර බඩගානවා. නිහල්සිංහ ලොක්කාවත් ඉඳහිට දකිනවා. හිනාවෙලා යනවා.

    දවසක් මම රිසිප්ශන් එක ගාව ඒ කෙල්ලට පැනියක් හලාගෙන ඉන්න වෙලාවක ලොක්කා ෆයිල් එකකුත් අරන් එතනින් යන ගමන්, මගේ කණට ඇහෙන නොඇහෙන ගානට " පෙට්‍රල් පුච්ච ගන්න එපා කොල්ලෝ..ඔය වැඩේ හරි යන්නේ නැහැ" කියාගෙන ගියා. එදා තමයි කටහඬවත් ඇහුවේ නිහාල් සිංහ මහත්තයාගේ,

    දුර දක්නා නුවනක් තිබු අති දක්ශයෙක්. ඒ කිව්වාත් වගේම ඊට පස්සේ මම එතනට ගියෙත් නැහැ, ඒකිට මට වඩා හැන්ඩි බුවෙක් සෙට්වෙලා ඉඳලා තියෙනවා ඒ වෙනකොටත්. බලපන් කොච්චර හොඳ මනුස්සයෙක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. අපි එක්කත් කීප දීනක් ආයතනයේ වැඩේට එකට වැඩ කලා... සැන්ස් ඔෆ් හියුමර් උපරිමෙන්ම...

      Delete
  9. හැමෝටම සුභ ගමන් කියන්න විතරයි ඉතිරිවෙලා තියෙන්නේ මාතේ ....

    "සිංහල සිනමාවේ රජ දැක්ම - නිහාල්සිංහගේ වැලිකතර"

    ගිනිගත් මරු කතරේ
    ඔබ යන මඟ නොදැණේ
    පිපාසිතව සැඩ කුණාටු ඉඟිලෙයි
    දෙපා දවා උණු කඳුළැලි උතුරයි

    උපා - උගුල් - රුදු උවදුරු නුදුරුයි
    අපාර වූ අවුලක ඔබ පැටලෙයි . . .
    හසර නොදැක ඔබ වල්මත් වේදෝ
    අතරමඟක - මඟ - කෙළවර වේදෝ

    එනමුත් ඒ මඟ යා යුතුමය ඔබ
    වැළකිය නොහැකිය - එයමය නියමය...
    යනු මැන රණ සෙබළාණෙනි නොබියව
    සතුරන් ජයගෙන - නිදුකින් එනු මැන

    නොබියව සතුරන් - ජයගෙන නිදුකින්
    එනු මැන රණ සෙබළාණෙනි . . .

    ගායනය - ඩබ්.ඩි අමරදේව
    ගී පද - මහගම සේකර
    සංගීතය - සෝමදාස ඇල්විටිගල

    https://www.youtube.com/watch?v=td6bb1mdEW0

    ReplyDelete
    Replies
    1. පැමිනි ලෙසම පිටවිය යුතුමය..

      Delete
  10. ///මාතලන්ට නම් ඒ ගැන මතබේදයක් පවති. ඒ ඊට පෙර ස්වාධීන රූපවාහිනියේ "හිමි අහිමි" නමින් ටෙලි නාට්‍යක් විකාශනය වූ බව මතකයේ ඇති නිසාය./////

    මාතා..... මම නම් කියන්නේ දෙගිඩියාවක් තියාගන්න එපා. දිමුතු මුතු තමයි පලවෙනි එක. හිමි අහිමි කියන්නේ චම්පා ශ්‍රියානිගේ පලවෙනි ටෙලිය. ඒ දවස්වල චම්පාට කැමති නිසා නාට්ටිය මතකයි. ඒක ටිකක් පස්සේ නේද ආවේ.

    ReplyDelete
    Replies
    1. සමා වෙයන් මචෝ... මගේ මතකය අවදි උනා... "හිමි අහිමි" කියන්නේ ඊට බොහෝ කාලෙකට පස්සෙ විකාශනය වෙච්චි එකක්... ලංකාවේ මුල්ම ටෙලිය ඇවිල්ලා "ලා හිරු දහසක්".. ඒක නම් ඉර හඳ වගේ විශ්වාසයි.

      Delete
  11. ඔය දෙක අතරට තව පහ හයක්ම තියනව

    ReplyDelete
    Replies
    1. සමා වෙයන් මචෝ... මගේ මතකය අවදි උනා... "හිමි අහිමි" කියන්නේ ඊට බොහෝ කාලෙකට පස්සෙ විකාශනය වෙච්චි එකක්... ලංකාවේ මුල්ම ටෙලිය ඇවිල්ලා "ලා හිරු දහසක්".. ඒක නම් ඉර හඳ වගේ විශ්වාසයි.

      Delete
  12. වතිකානුවේ කාඩිනල් කෙනෙක් වෙන Gianfranco Ravasi ප්‍රින්ස්ගේ මරණය ගැන මෙහෙම කියනවා.
    ////Sometimes, sometimes I wish that life was never ending,
    All good things they say, never last. //////////

    උඹට මතකද 1990 ගනන්වල වගේ ප්‍රින්ස් නම වෙනස්කරා සිම්බල් එකකට. ඒ නිසා ඒ නම මීඩියා එකේ නිවේදකයින්ට කියාගන්න විදිහක් තිබුනේ නැහැ. ඒ කාලේ කිව්වේ" this song by unpronounceable symbol" කියලා. පස්සේ ඒ සිම්බල් එකට ලව් සිම්බල්ද හාර්මනි සිමබල්ද මොකකද කිව්වා. ඩේවිඩ් බෝවි ගියා, ප්‍රින්ස් ගියා අඩු වයසෙන්. අපේ වීරයෝ දැන් වයසයි. දුකෙන් වුනත් කියන්න තියෙන්නේ තව පෝලිමක් යන්න ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඩබල් ලව් සිම්බල්ද කොහෙද කියලත් කිව්වා... අන්තීමට ඕක ප්‍රින්ස් ලෝගෝ එක උනා නේද...?

      මම ඔය ගැන ලිව්වේ නැත්තේ ලිපිය දිග වැඩි වෙන නිසා...

      Delete
  13. මමනම් මේ සිංදුව ඇහැව්වෙත් අද අය්යින්ඩි

    ReplyDelete
  14. අපූරු සටහනක්... ඒව එහෙම තමා ලංකාව කියන්නේ බුද්ධහගම පවතින රටක් උනාට පිදිය යුත්තන් පුදන රටක් නෙවෙයිනේ...

    දේශපාලුවෝ තව කල් ජීවත් කරවන්නනේ අර පාර්ලිමේන්තුවේ ආහාර කොමිටියක් පත් කරලා තියෙන්නේ... තව හොඳට අපේ ගානේ කවලා ජීවත් කරවන්න...

    ReplyDelete
    Replies
    1. දැන් පොල් ගහන්න වෙලා තියෙන්නේ උන්ට නෙමෙයි අපිට හැත්ත බුරුත්තම සුන් වෙලා යන්න...

      Delete
  15. හෙළ සිනමාවේ සක්විත්තාට සුබ ගමන් පතමු. රජ දැක්මට අවසරයි...

    ReplyDelete
    Replies
    1. ඔහු ගැන අපූරු සටහන් කීපයක්ම බුකියේ තිබුනා.. ඒ අතරින් හඳයා ලියලා තියෙන ස්ටූඩියෝ එකේ ගින්න මගේ සිත් ගත්තා...

      Delete
  16. නිහාල්සිංහ කියන්නේ යෝධ කලාකරුවෙක්. මාතලන් උඹ සමග එකඟයි ඒ ගැන. ඔහුට සුභ ගමන්. ප්‍රින්ස් කියන්නේ අසු ගණන්වල සිට මගේ ප්‍රියතම ගායකයෙක්. පර්පල් රේන් කැමතිම සින්දුවක්. උන් අපේ වයසේම වගේ අපේ තරුණ කාලය සමග බැඳුනු ගායකයෝ. මට ඊයේ ෂොක් එකක් වගේ වුනා 57න් මැරුන කිව්වහම. මටත් 51 වුනේ ඊයේ පෙරේදනේ බන්. මොනවා කරන්නද හොඳ මිනිස්සු කලින්ම යනවා.

    ReplyDelete
    Replies
    1. 51ත් වයසක්ද කිව්වලු.......

      Delete
    2. අපේ ආයුෂත් අරගෙන උඹලා වගේ උන් නම් ඉන්නම ඕන මචං... මම දැක්කා උඹ කලකිරිලා ඉන්නේ කියලා.. එහෙම නම් මචෝ උඹට කලින් මේවා දාලා යන්න ඕන කතන්දරලා අපි...

      Delete
    3. මාතේ ඒ උත්තරේට නම් රෙස්පර්ට්

      Delete
  17. දැවැන්ත යුග පුරුෂයන් නික්ම යනවා.. ඒ හිස්තැන් පුරවන්නට සමත් කිසිවෙක් නැහැ. වෙනස් මගක් ගත් වෙනත් නිර්මාණකරුවන් බිහි වේවි. ඒත් යුගපුරුෂයින් වන්නට තරම් මේ ක්ෂණිකව වෙනස් වන තාක්ෂණික ලෝකය ඇතුළෙ අවකාශයක් තියෙනවද සැකයි...

    සුබ ගමන් දෙදෙනාටම...

    ReplyDelete
    Replies
    1. අපූරු ලිපිය අයියේ... ‘‘හිමි අහිමි‘‘ ආවෙ ‘‘දිමුතු මුතු‘‘ ට පස්සෙ මටත් මතක විදියට...

      Delete
    2. මිනිසුන් එති රඟති කති බොති පිටව යති යමක් කල උන් කිසිදා මිය නොයයි සිහිවෙයි නිති

      Delete
    3. හිමි අහිමි නෙමෙයි නෝනේ... ලා හිරු දහසක්...

      Delete
  18. මේ නිහාල්සිංහයන් පිළිබඳ තැබූ අගනාම සමරු සටහන වෙනුවෙන් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවටත් බොහොම ස්තූතියි...

      Delete
  19. ප්‍රින්ස් ගෙ "කිස්" ගීතයත් හරිම අපූරුයි මාතලන්

    ReplyDelete
    Replies
    1. මම ඒකට කැමති නෑ මචෝ... පදවැල නම් අපූරුයි...

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. ජැක්සන්ගෙ අඩිපාරෙම ගිහින්..

    ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
    පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
    කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ

    පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
    දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ
    ඉඳ හිටි සපැමිණ සිත් සතන් සැනැස්සූ
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ

    ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
    දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
    සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ
    කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ..
    කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ..
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ..

    ගායනය - ලක්ෂ්මන් විජේසේකර
    පද රචනය - වසන්ත කුමාර කොබවක
    සංගීතය - රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. අවා වගේම යන්නත් එපාය මචෝ... වීසා ඉවර උනාම...

      Delete
  22. ප්‍රින්ස් ගැනනම් මොකුත්ම දන්නේ නැහැ. නමුත් සිනමාව කියන්නේ මොකක්ද කියන එක, උසස් පෙළ කරන කාලයේ දැනගන්න උදව් වුනු, එක මහා පුරුෂයෙක් තමා නිහාල්සිංහ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රින්ස් කියන්නේ ලෙජන්ඩ් එකක් මචෝ...

      Delete
  23. ඒ දෙන්නටම ස්තූතියි අපව සැනසුවාට කියල තමයි කියන්න තියෙන්නේ

    ReplyDelete
  24. නිහාල් සිංහ කිව්වම මතක් වෙන්නේ වැලි කතර. අති විශාල පුලුල් තිර නොහොත් සිනමාස්කෝප් මුල්ම චිත්‍රපටිය ඒකලු.

    ප්‍රින්ස්ගෙ පෝස්ටර් එකක් කාලයක් මගේ බිත්තියෙ තිබුනා අර දම් පාට බයික් එකත් එක්ක. Purple Rain මාර සින්දුවක්. ඇයි Kiss?

    මේ ඩ්‍රග්ස් මරණ නම් එක ජීවන රටාවක්. Way of life of Way of death?

    ReplyDelete
    Replies
    1. කිස් සින්දුව මම දවස් දෙක තුනකට් කලින් ෂෙයාර් කලා FB පිටුවේ.

      Delete
    2. අවංකවම කියනවා නම් ප්‍රින්ස්ගේ අනික් එක සින්දුවක්වත් මට දිරවන්නේ නෑ මචෝ...

      Delete
  25. https://www.youtube.com/watch?v=EsRUAoUvP10

    ReplyDelete
  26. මාතලන් කියන නමෙන්ම ඕක ෆිලුම් පික්ස කියල තේ රෙනව හිටං

    ReplyDelete
  27. මාතලන් කියන නමෙන්ම ඕක ෆිලුම් පික්ස කියල තේ රෙනව හිටං

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න