රෙද්දේ සංහිදියා
************
ලිව් වාට පොත් තමිලිනි
ගත් තාට පොත් දුවමිනි
වැඩක් නෑ පද්මිනි
නිවෙන් නෑ බං ඒ ගිනි
උතුරට මුකුත් නැත
ට්‍රිපක් පමණක් යත
පොටෝ යහමින් ඇත
එහෙත් සහ ජීවනේ නම් නැත
නඩරාජා උතුරු කරේ
අපෙ රාජලා දකුණු කරේ
කඩු පොලු ටික අයින් කරේ
ආයෙත් ගන්නමලු දොරේ
එහේ ඉන්න තංගම්මා
මෙහේ ඉන්න අපේ අම්මා
ගින්දර දිගටම දැම්මා
ඇවිලේ නැතිවම නිම්මා
අනේ තොපේ සංහිදියා
දෙමලා හැමදා කොටියා
උතුරට මක්කත් නැතියා
ෆයිටර් ජෙට් එන සැටියා
යුද්දේ නතුව පාලුයි බං
සුද්දේ නතිව පාඩුයි බං
ගින්නට පිඹපං මදි දුම්
සංහාරය අරඹමු බං
ගත් තාට පොත් දුවමිනි
වැඩක් නෑ පද්මිනි
නිවෙන් නෑ බං ඒ ගිනි
උතුරට මුකුත් නැත
ට්‍රිපක් පමණක් යත
පොටෝ යහමින් ඇත
එහෙත් සහ ජීවනේ නම් නැත
නඩරාජා උතුරු කරේ
අපෙ රාජලා දකුණු කරේ
කඩු පොලු ටික අයින් කරේ
ආයෙත් ගන්නමලු දොරේ
එහේ ඉන්න තංගම්මා
මෙහේ ඉන්න අපේ අම්මා
ගින්දර දිගටම දැම්මා
ඇවිලේ නැතිවම නිම්මා
අනේ තොපේ සංහිදියා
දෙමලා හැමදා කොටියා
උතුරට මක්කත් නැතියා
ෆයිටර් ජෙට් එන සැටියා
යුද්දේ නතුව පාලුයි බං
සුද්දේ නතිව පාඩුයි බං
ගින්නට පිඹපං මදි දුම්
සංහාරය අරඹමු බං
කලටි පෝල් වැල් බයිලා
කොමිසොන් නම් වැහි වැහලා
උතුරු දකුණ එකතු වෙලා
වනසමු මුන් ගිනි තියලා
-x-
කොමිසොන් නම් වැහි වැහලා
උතුරු දකුණ එකතු වෙලා
වනසමු මුන් ගිනි තියලා
-x-
- මාතලන් -
නියමායි. . . . . පට්ට කවිය.
ReplyDeleteතැන්කිව් කිව්වා...
Deleteමං කිව්වා.. ඊයේ..
ReplyDeleteමාත් කිව්වද කොහෙද...
Deleteහැබෑය අලුතෙන් පයිටර් ජෙට් ගත්තයි කියන්නේ ..
ReplyDeleteIndian or Pakistan ?
Deleteදොස්තර මාෆියාවට ගහන්න නේ...
Deleteපහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ReplyDeleteශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං :)
දෙයියන් පල් වී ඇත...
Deleteදෙවියන් නැති තැනකට යන්න ඕන.
Deleteහිතට එන කථා
ReplyDeleteහොදින් එකට කලතා
දුර දිග නොසිතා
දෙසයි උන් බලයම පතා
හුස්මක් ගන්නට නං
නිදහසේ සීතල හුළං
එළවා දමන්නට උං
පෙලගැසෙමු අපි අදම බං
උතුරෙන් වගේම දකුණෙන්
එක්වී එකා වන්
පන්නා දමමු උන්
නැතිනම් රට සුනේ සුන්....
ජයවේවා!!!
බෑ නේ...
Deleteඅම්මා කියා තිබෙන්නේ..
මැරිය යුතුමයයි කියා..
අවසාන දෙමළා තෙක්ම..
"උතුරු දකුණ එකතු වෙලා
ReplyDeleteවනසමු මුන් ගිනි තියලා"
මාතට මේක ඉබේ ආවද නැහ්නං හිතල කීවද ??? මේක තමයි චිරාත් කාලයක් කියන්නෙ. ඒත් තේරුම් ගන්නෙ නෑනෙ - නෑ නෙමෙයි ඕන්නෑ මයි හිතේ-
තුන් හතර පාරක් දෙගොල්ලොම ට්‍රයි කරා කොහෙද මේ කාලකන්නි නේ දින්නේ...
Deleteඅපිම තමයිබං මේ කාල කන්නින්ව දිනවන්නෙ
Deleteඋතුරට මුකුත්ම නෑ කියන එක නම් පිළිගන්න අමාරුයි. මට කියන්න පුළුවන් සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇථුලේ දේවල් විතරයි.
ReplyDeleteඇම්බියුලන්ස් එකක් හරියට නැති රෝහල් දකුණේ තියෙනවා. යාපනය දිස්ත්‍රික්කයේ ඇම්බියුලන්ස් හැම රෝහලටම තියෙනවා වගේම ඇම්බියුලන්ස් පූල් එකකින් අමතර රාජකාරි ආවරණය වෙනවා.
යාපනයේ රෝහල් වලට සෑහෙන්න උපකරණ සහ භෞතික සම්පත් තියෙනවා. නැත්තේ මානව සම්පත්.
යාපනේ මිනිස්සු ඩයස්පෝරාව නිසා කම්මැලියෝ වෙලා. පිටරටින් සල්ලි එන නිසා මහන්සි වෙලා වැඩ කරන්න කාටවත් ඕන නෑ.
උතුර කියන්නේ යාපනේ ඉස්පිරිතාලේ නෙමෙයි බං
Deleteඋතුරේ නැති බැරි මිනිහා
ReplyDeleteදෙමළ නිසා බොට *කිලා
දකුණේ නැති බැරි මිනිහා
යුද්ධෙ නිසා බොට *කිලා
කිය කිය රට ගිණි තිබ්බා
මැති ඇමතිල සැප ගත්තා
ගත් සැප තව මදි කියලා
ජහමනයට තව ඇරලා
ජෝඩු වෙලා හැමනෙනවා
ජයවේවා..!!
හබරල කවි
Deleteදෝරේ ගලන යහපාලනේ
ReplyDelete