එසේය ස්වාමිනී...!
යෙදෙන කල සක්මනෙහි,
අතින් අත වෙලාගන,
මුසපත්ව ස්නේහයෙන්.
දේහයම කිති කැවෙයි,
ඇඟිලි තුඩු පහරකින්.
නිලංකාරය දෑස,
පෙලෙයි හිත උමතුවෙන්,
මහද ශෘංගාරයෙන්.
හිරුත් නැති, සඳුද නැති,
කණමැදිරි එළිය වැනි,
තාරකාවන් දිලේ,
අඳුරූ වූ අහස් ගැබ,
නේක වූ වර්ණයෙන්.
කෙසේ නම් දකින්නෙද,
අවට ඇති පරිසරය,
කනමැදිරි එළියකින්,
නිලංකර දෑසකින්..?
කනවැලද අල්ලාන,
ඇවිද යමි ප්‍රේමයෙන්.
නෙතු පියෙයි රාගයෙන්...!!!
-x-
යෙදෙන කල සක්මනෙහි,
අතින් අත වෙලාගන,
මුසපත්ව ස්නේහයෙන්.
දේහයම කිති කැවෙයි,
ඇඟිලි තුඩු පහරකින්.
නිලංකාරය දෑස,
පෙලෙයි හිත උමතුවෙන්,
මහද ශෘංගාරයෙන්.
හිරුත් නැති, සඳුද නැති,
කණමැදිරි එළිය වැනි,
තාරකාවන් දිලේ,
අඳුරූ වූ අහස් ගැබ,
නේක වූ වර්ණයෙන්.
කෙසේ නම් දකින්නෙද,
අවට ඇති පරිසරය,
කනමැදිරි එළියකින්,
නිලංකර දෑසකින්..?
කනවැලද අල්ලාන,
ඇවිද යමි ප්‍රේමයෙන්.
නෙතු පියෙයි රාගයෙන්...!!!
-x-
- මාතලන් -
මාතලන් + මහගමසේකර = මාතලසේකර
ReplyDeleteසුපිරියි , ඒ වුනාට කියන්නේ "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්තයි " කියලනේ කස්ටිය
බොරු... ඒ ලැජ්ජාවට කියන කතාවක් නේ.. උඹට කවුරු හරි අපහාස නඩු දාන්න ඉඩ තියෙනවා මේ වගේ කොමෙන්ට් වලට... බලාගෙන හොඳේ... ආන් ප්‍රියා සූරියසේනටත් "ඈත රන් විමන් තුලින්..." කියන්න බෑලූ...
Delete"ප්‍රේමයයි, වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි" කියලත් කියලා තියනවා නේද ?
Deleteඒක නම් ප්‍රේමය වෙන්නේ බෑ.. මළප්‍රේත ආත්මයක් හරි මක්කා හරි වෙන්න ඕනා.. කොහොමද අනේ බොක්කෙන් ලව් කරපු එකකට වෛර කරන්නේ.. එතන කොහෙද ප්‍රේමයක්.. අපි එහෙනම් කී දෙනෙකුට පිහියෙන් අනින්න ඕනද..?
Deleteඒකත් ඉතින් ප්‍රේමය රාගයෙන් තොරයි කියනවා වගේ පොඩි ඇඩ් එකක් තමා...හැබැයි ප්‍රේමයෙන් ඊරිසියාව, ඊරිසියාවෙන් වෛරය එන්නත් බැරි කමක් නැත්තෙමත් නෑ....
Delete// අපි එහෙනම් කී දෙනෙකුට පිහියෙන් අනින්න ඕනද..? //
හෙහ්....එක බොක්කෙන් ඔච්චර ගොඩකට ලව් කරාද හැබෑටම.. :D
එක මොහොතක් ඔබ සෙවනේ හිඳින්නට තරම්
Deleteකල්පයකින් අසුරු සැනක් පමණ නැත වරම්
කියල ඒ හැමෝටම කිව්වලු
එක මොහොතක් ඔබ සෙවනේ හිඳින්නට තරම්
Deleteකල්පයකින් අසුරු සැනක් පමණ නැත වරම්
කියල ඒ හැමෝටම කිව්වලු
කාගෙවත් යාලුවෙක් ආලයෙන් අන්දවෙලා හඳහන් ගැලපෙන්නෙ නැතුව මලේ නැත්ද හිටන්?
ReplyDeleteහඳාහන් ගැන එක්ස්පලේසොන් එකක් අන්තීමට එතනදී ප්‍රාට දුන්නා ඒක කියවපන් මචෝ..
Deleteහඳහන් බැලිල්ලයි දත් පුරවන එකයි දත් හිටවන එකයි ඔක්කෝම එකයි..
අර එක එක කේස් වලින් යාලුවෝ මැරෙණ ඇනෝට නම් ඇති.. ලව් කරලා මැරිච්ච යාලුවොයි.. හඳහන් ගැලපෙන්නේ නැතිව මැරුණ යාලුවොයි..
// හඳහන් බැලිල්ලයි දත් පුරවන එකයි දත් හිටවන එකයි ඔක්කෝම එකයි.. //
Deleteකතාව සැටිපිකේට් ඇත්ත..
ඒ වුනාට ඒක හැමතැනම ලියලා අපේ බඩට ගහන එක හරිද හිටන්?
රාගයෙන් තොර ප්‍රේමයක් කොහි ඇද්ද. ප්‍රේමයේ අලංකාරය රාගයමැයි. අපූරු සංකල්පනාවක් බං.
ReplyDeleteහෙහ් හෙහ්... මාතලන් බොරු කියනවා අඩුයි නේ හැලපේ...
Deleteමේක හෙන තරුණ කවියක්නෙ...
ReplyDeleteහෙහ් හෙහ්
ජයවේවා..!!
හැම අතින්ම තරුණයි තවමත්.... :)
Deleteආලය අන්ධ අනික් වුණ් අත් පටලාගෙන යන කොට විතරය. අපි යනකොට අන්ධ නැත.
ReplyDelete- හතේ කණුවේ සිමියොන්
ඊට පස්සේ ඉතින් අපිට මල වදේ... විරහ ගී වලට මල වදේ...
Deleteනයිට් ඉස් ඉස්ටිල් යන්ග් ඉයන් මහත්තයෝ...
හිරුත් නෑ
ReplyDeleteසඳුත් නෑ
තරුත් නෑ
කනමැදිරි එළිත් නෑ
ලියන්න කවි සිතුවිලිත් නෑ
තිබුණත් කවි ලියන්න දන්නෙත් නෑ
කවිය එල!
ඔය තියෙන්නේ අපූරු කවියක්..
Deleteආලය අන්ධයි...ඒකයි මේ ආලවන්තයෝ අත් වැල් අල්ලන් යන්නේ...අදනේ තේරුනේ හැබෑට...
ReplyDeleteරාගයට කනවැල අල්ලන ප්‍රේමය...සොඳුරුයි ඒ සිතිවිල්ල...!
ඕක මම පොඩි කාලේ තාත්තාගෙන් ප්‍රසිද්ධියේ අහපු ප්‍රශ්ණයක්.. තාත්තා කිව්වේ එයා මාව අල්ල්ගෙන යනවා වගේ නැතිවෙයි කියලා බයට කරන වැඩක් කියලා. පස්සේ කාළෙයි අවබෝධ උනේ මොකෑ මේ කියලා. ඒක නේ මාතලන් නිදහස් චතුරශ්‍රයේ අත් අල්ලන් සීන් එකටත් එගේන්ස්ට් උනේ. මම එතනදිත් කිව්වේ. ඔය ආරම්බය, ඊට පස්සේ වෙන්නේ වික්ටෝරියා පාක් එකේ සීන් කියලා. මොකෝ කවුරු හරි ඇවිල්ලා කියනකන් උන්ට තේරෙන්නේ නෑ කරන දේවල්. අන්ධයි නේ.
Deleteමම නම් අපේ පොඩි එකා දන්න තේරෙන දවස් වල ඉඳලා කියන්නේ.. ඒ පුතේ අන්ධ එක්කෙනෙක් අල්ලගෙන යනවා කියලා. දැන් පොර ඒක මට කියනවා..
ආලය අන්ධයි.. විවාහය අයි සර්ජරි එකයි..
ReplyDeleteමාතලසේකරගේ කවිය ඇස් අරවන සුලුයි..
කවිය ඇස් අරවන සුළු උනාට... ඒ වෙලාවට ඇස් පියවෙනවා.. ඒක ආයේ සක්කරයගේ පුතා වයිමාටවත් නවත්තන්න නම් බෑ ගොයියෝ..
Deleteවිවාහය අයි සර්ජරි එකයි..+++++++++
ReplyDeleteවිවාහය නෙමෙයි අනේ... අදරයයි.. අයි සර්ජරි එකයි...
Deleteපොඩි කාලෙ ටියුෂන් පංතියකදී ඉංග්‍රීසි සර් කීව ' love is not blind ..lovers are blind ' ...........
ReplyDeleteඅපේ නෑ වෙන සෑර් කෙනෙක් වෙන්ටෑ...
Deleteජීවිතය, පොතකි.
ReplyDeleteප්‍රේමය, එහි පිටු වැනි.
රාගය, එම පිටු පුරා සැරිසරණ
සොදුරු අක්ෂර වැනී...
ජයවේවා!!!
සත්‍යය එයයි...
Deleteඋඹේ භාෂාව හැසිරවීම මරු බං. ඔව්. නිර්මාණයක් කියන්නෙ කෙනෙකුට හිතෙන දෙයක් මිස ආයෙ ඕක පර්යේෂනාගාරයක ඔප්පු කරලා පෙන්නන්න ඕනෙ දෙයක් නෙවෙයිනෙ
ReplyDeleteතැන්කූ වේවා... මලක සුවඳ විඳ ලීවෙමි...
DeleteMeka liyanne handahana balala wenna athi, Anne annitchang..
ReplyDeleteAdaala netha
Delete👍🏽 ඈ මාතේ. මම හිතුවෙ උබේ සින්ඩියට දාන එකක් වැරදිල මෙතන වැටිල කියල හිටං. කවි නිසදැස් වලට කිසිම මෙව්ව එකක් නැතිඋනත් මේ වගේ එව්වගෙනම් පොඩි මෙව්ව එකක් තියෙනව. හැකියාව නම් මරු 👊🏽
ReplyDeleteඕනම දේකට පුරුද්දක් තියෙන්න ඕන කියනවා නේ... කවිය තමයි අකුරු වල ප්‍රභලම මාධ්‍ය.. මහා පොතක් උනක් අකුරු කීපයකට කැටි කරන්න පුළුවන්..
Deleteඕකේ ඡේද වෙන්කරන්න අමතක වුනාද?
ReplyDeleteඅල්ල ගත්තම අත අරින්න හිතෙනවද.. ඒකම තමයි කවියෙත් තියෙන්නේ..
Deleteමේක ලියාපු එකාට කීයක් දුන්නද මචං
ReplyDeleteඒවා අහන්න එපා... මොකෝ ගණුදෙණු සියල්ල ඩොලර් වලින් නේ...
DeleteRahas eliyata danwa kiwwa gaman Raja baya una neda mathoo... liyapanko e gana
ReplyDeleteඋඹයි තව කීප දෙනෙක්ම මේල් එවලා තියෙනවා.. අනිවාර්යයෙන් ලියනවා මචෝ...
Delete"When you feel alone, just look at the spaces between you fingers, and remember that's where my fingers fit perfectly."
ReplyDeleteSome where I read this & this gif perfectly match with it.
There are plenty of thoughts and poetry about "holding hands" :)
Delete
ReplyDeleteකවි නම් අපූරුය
වැඩ නම් භයන්කාරය
බැලුමට දිවා රැය
ලියනු තව කවි පෙරෙන රාගය
නරකද පොඩියට
Deleteබොගක් (Blog) දැම්මොත් හනිකට
ඉදලා හිටලා ඔයත් මාර කවි තමයි එලියට දාන්නේ
ReplyDeleteතරුණ කාළේ පොත් තුන හතරක් පිරෙන්න මේ වගේ කුණුහබ්බ ලියලා තිබුනා... අපරාදේ ඒ ටික නැති වෙලා නේ... තාමත් ඒවා මතක් වෙනවා ඉඳ හිට...
Delete