රෝස කැලයෙන් ආව රතු රෝස මල් කැකුළි
උඹේ පා තැවරු තැන පිපුනි රතු මල් පියලි
එහෙත් අද උඹ නැතිව ගඟ අසල තන පිඩලි
කොයිද ඒ සෙව්වන්දි විමසාවී ඟං කොමලි
ගැට පේර කිරි රසද බලන්නට හැකි වේද
බන්ඩි කුඹුරක පහස කිති කවයි මගේ හද
මුව අයා බලා හුන් සියොත් කැල විම සාද
ප්‍රේමයට පහස දුන් තුරු ලතා වැල පේද
සුදෝ සුදු කිරි ගරුඬ ගල් අතර ගලා ගිය
හඬ දෙමින් පෙන නැඟු ජලපහර නිමා විය
සෙල්ලමට මෙන් පෙමට ලැබු පහරවල් නිය
වේදනා දෙයි ගතට සිසිලසක් නැතේ දිය
මල් වරවු නැකත මුලු පව්ලටම බෝ සුබලූ
නාව ගෙට ගන්න තුරු උඹ දකින්නට බැරිලු
ජම්බු ගහකින් වැටී කියයි ගම් රෑන කොලු
මින් පසුව ගැට පේර කන්න නම් බැරි වේලූ
- .oOo. -
ගැට පෙර මක්කටෙයි? ටිකක් ඉවසලා හිටපන් පැණි දොඩම්, රන් තැඹිලි, කන්න පුළුවන්. හැබැයි ඉතිං වැටකොළු තමයි අන්තිමට ඉතුරුවෙන්නේ.
ReplyDeleteහොඳ කවි සංකල්පනාවක්, හොඳ පද සංයෝජනයක්.
බෑ නේ... කෑළි කෑළි කපලා මූදේ දැම්මත් කවි සංකල්පනාව ආපු එකාට දෙන්නෙම නැතෙයි කිව්වනේ...
Deleteඅන්නේකයි උඹ කවි කිව්වම හරි අගෙයි.. අර උඩුරාවනත් එක්ක උඹ උඩුගුවනට ගිහින් තියෙනෝ දැක්කා.. හැක්.. ජය
ReplyDeleteඋගේ ආසවක්නේ... ඌව අල්ලනවට වඩා ලේසියි හිටන්ව අල්ලගන්න එක..
Deleteමේ අවුරුද්ද පටන් ගනිද්දි ඇතිවුණ ආසාවක් ඊයෙ තමා ඉටු කරගත්තෙ
Deleteමාතලං ගුරුතුමාට පරණ සිද්ධියක් ඊයේ හීනෙන් පෙනුනා නේද හික් හික්. කොහොම උනත් පොඩිකාලේ කැලේ පැනලා, ඇලේ නාලා, ගලේ නැගලා ගැට පේර ඇඹුල් පේර කාපු එකේ ආතල් ගතිය අද ස්විමන් ෆූල් එකක නාලා, චයිනීස්, තායි, රුසියන් කෑම කාලා, සැප මෙට්ටයක් උඩ නිදා ගත්තට දැනේනේ නෑ නේද.
ReplyDeleteඑහෙම එකක් නම් නෑ.. මාතලන්ට ඕන තැනක් දිවිය ළෝකයක්...
Deleteගැට පේර මක්කැයි කන්න බැරි
ReplyDeleteඅන්න ඒක නේ...
Deleteනඩු දාන්න ඕනේ මේ දෙන්නට
Deleteඒ මොකටද Ajith Dharma?? ගැට පේර යනු රස පළතුරක් නොවැ
Deleteපද පෙළ අපූරුයි..
ReplyDeleteස්තූතියි
Deleteකබාය ඉරිලා ඊට කමක් නෑ කවුරු බලන්නද කවුරු දකින්නද? 🙈.. මේ දෑස මක්කටෙයි කියල හිතුන බන්... පස්ට කවි පෙළ... 🎶🎶👊🏽
ReplyDeleteඑහෙම කියන්න එපා මෙයා... තාමත් පින ඵල දෙන වෙලාවන් නැතුවාමත් නොවේ... ඒත් ගැට පේර නම් නෙමෙයි...
Deleteපින් එලදෙන ?
Deleteගැට අන්නාසි නොකා ඕනෑ එකක් හිටන්!
ReplyDeleteකිසිම දැණීමක් නැතිවත් ඒ කාළේ උන් අතින් ඒ වගේ දෙයක් උනේ බොහෝම කලාතුරකින්... මොකෝ ගොඩක් වෙලාවට පිටකෝට්ටෙම නේ සෙල්ලම් කලේ.... ඇතුල්කෝට්ටේ සෙල්ලම් කලේ ඇන්ටිලත් එක්ක..
Deleteදං කැලේ හැංගිමුත්තන්
ReplyDeleteඇටඹ ගහයට වලේ දියසුළියේ ආලවට්ටං
චීත්ත ගවුමේ මල් රටා ඉඟිකරනා
ආරාධනා ගම්මුන්ගෙන් හංගං
අරගෙන ගොහින් ඈ කිලෝ පේර විකුනන අබරං...
හික්ස්... හොඳ වෙලාවට අපේ කාළේ බාල අපචාර, කාන්තා අයිතිවාසිකම්, මානුෂික අයිතිවාසිකම් වගේ ඒවා නොතිබුනේ.. එහෙනම් අපි ඔක්කෝම හිර ගෙවල් වල...
DeleteThis comment has been removed by the author.
ReplyDelete:)
Deleteආදි කාලේ මතක් වුණා. මරු කවි පන්තිය මාතෙ.
ReplyDeleteමිහිරි අතීතය....
Deleteඔ්නෑකම නෑකමටත් වඩා ලොකුවුන හින්දා අපි නම් ගැටපේර කෑවේ නෑයන්ගේ වතුවල තමයි.
ReplyDeleteඊයා හලෝ
Deleteඥාතී සංග්‍රහය හොඳ දෙයක්ය කියලා බුදු සාධුත් කියලා තියෙනවනේ...
Deleteසුපිරි බන්
ReplyDeleteතෑන්ක්ස් දුකා
Deleteඔන්න ඒ කයිය නම් මටත් කිරි ගහට මෝල්ගහෙන් ඇන්න වගෙ තේරුණා.. සමහර කවි තියෙනවා බං මට හිතෙනවා මම මෙච්චර මෝඩද මේක තේරෙන්නෙ නැත්තෙ කියලා. :D
ReplyDeleteඑහෙම තේරෙන්නේ විඳපු නිසා... අනෙක්වත් ඔය වගේම තමයි.. හැබයි අපි ලියපු එකාගේ බූට් එකට බහින්න ඕන...
Deleteබනිස්,ගල් බනිස් වීම සහ ජම්බු, පිනි ජම්බු වීමේ කතා පුවත...
ReplyDeleteඑකම ශෝකාන්තයකි
Deleteමේ සින්දුවෙ අර්ථය ආයි හිතල බලහන්, ඔයි කවිය ලිව්ව හිතෙන්ම.
ReplyDeleteසුදු පාට රැලි ගවුම කරදාසි සිරි සිරිය
වැහිදාට තෙත බරිත වීදෝ
හුණු කූරු ගෙවිලා සිතුවම් පොතේ
ඇඳුනේම බලි රූප නේදෝ
ගඳපාන ගැට පේර නෑ දැන් වැටෙන්නේ
හැමදාම දැන්නම් අවාරේ
මගෙ පන්තියේ උන් මා දැන් කොහේදෝ
මොනවා උනාදැයි නොතේරේ
ඒක ඉතින් විඳින්නගේ දක්ෂතාවය...
Deleteගැටජම්බු ගැටපේර ආදියේ රස බලපු කාලය මතක් උනා බං. පැණි බේරෙන පට්ට කවි ටික යකෝ.
ReplyDeleteමොන කරුමෙකටද මන්දා.... මේ සිතිවිල්ලක් ජනිත උන ගමන්... මට ඉස්සෙල්ලම මතක් වෙන්නේ උඹව....
Deleteගැට පෙර නොකෑ කට-- උගේ කට වැඩක් නැත...
ReplyDeleteඅද ගොඩක් උන්ට ඒ චෑන්ස් නෑ... අඩුම ගානේ ගම්වලවත්...
Deleteගැට පේර කිරි රසද බලන්නට හැකි වේද
ReplyDeleteබන්ඩි කුඹුරක පහස කිති කවයි මගේ හද
- අපොයි මෙහෙමත් පව්කාරයෙක්
පවු අප්පෙ උන් ටිකට මාතයියෙ
Deleteබුදු හාමුදුර්වෝ බුදු වෙන්න ගියෙත් ගන්න පුළුවන් ආතල් ඔක්කෝම අරගෙන ඉවර උනාට පස්සෙ ලොක්කෝ...
Deleteඅඩේ අන්න ඒකනම් තේරුණා ලෙසටම...
ReplyDeleteඅපිත් ඉතින් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ ඥාති සංග්‍රහ හරහා ගැටපෙර රහ විඳලා තියෙනවා...
දැන් අඩුවක් නැතුව හෝටල් වල සහ දන්සල් වල ඔය තියෙන්නේ ඇති පදං...
දන්සල් වල....?
Deleteමින් පසුව ගැට පේර කන්න නම් බැරි වේලූ
ReplyDeleteට්‍රයි එකක් දුන්නොතින් අබ්බානක ගුටි කයිලූ
ඔහේට නම් කිසි අවුලක් වෙන්නේ නෑ... තාම 18-20 මූණක් තියෙන්නේ...
Deleteමේ ඉතින් පොලිටිකල් ඒව ලියලා කෑ ගහන මාතලන්ම නොවැ. වැඩිය එළියට නොපැන්නට මරු කවියෙක් මේකා අස්සෙ ඉන්නවනේ. මරු ඈ..
ReplyDeleteලැජ්ජා හිතෙන කතා කියන්නෙපා දිනේස් කොලුවෝ....
Deleteමොකෝ බැරි ගැට පේර කන්න මින් පස්සේ මට
ReplyDeleteහැම එකම කන්න හැකි නම් තාමත් නුඹට
තිර රෙද්ද මෑත් කර බලාපන් අවැසි නම් නුඹට
දැනේවි මෙතෙක් නොවිඳි හැම රසම නුඹට
ඟං දිය කිසිදා ගලන මඟ නොනවතී
ඟං මෝය දකින තුරු ගලායයි නොනැවතී
සියොලඟම සලිත වු නුඹේ දෑත නොනවතී
ගිනියම් වූ සිත දවයි නුඹ යදියි නොනැවතී
රතු රොසේ මල් පෙත්ත නුඹේ පයට පෑගිලා
ගැලූ කඳුලු බිඳු යාවි ඟං දියේ පාවෙලා
එන්නෙපා ලං වෙන්න ඟං කොමලි දුර ඈත යයි ගලා
රතු රෝස පිපුනාවේ දෙන සුවඳ නැවිලා......
අපූරු පිළිතුරු කයිය... ස්තූතියි
Delete