ඔව්වා ඔහොම තමයි අම්මේ
අන නොතකා පැන ගියාම
තියනවා පුක නැති වෙන්නම
එල්ලය ගත්තට කකුලට
වෙන්නෙ පත්තු උඩ ඔළුවට
පිස්සු හැදෙන පොලිස්පතිත්
බෝධිය නවා හවසට
දන්ත ධාතු වැඳ යමරෙට
නීතිය නවනවා තදට
කෝටි ගනන් ගහපු එවුන්
බේරනවා ඩීල් වලට
බයික් එකේ යන එකාට
සිද්ධ වෙන්නේ එලෝ යන්ට
බීලා ඉන්ටත් ඉඩ ඇති
ගේමක් දුන්නත් වෙන්නැති
කොටුවක් පැන්නද නොදනිති
බැංකු රොබරියක් වෙන්නැති
ඒත් ඉතින් කෝටි ගනන්
ගහපු එවුන් එලියේ ඇති
පොඩි වැරද්ද කරපු එවුන්
දිවිය ලෝකෙටම දක්කති
ඔහේ උඹලා දෙමළ උනේ
පූරුවෙ කල පෙර පිනකට
ඒක නිසා බඩු බනිස්ය
පොලෝසියේ පස් දෙනාට
ඇඹිලිපිටියෙ අල්ල ගත්තේ
මාස ගනන් පහු උනාම
එකත් අමතක වෙනවා
බුකිය එහෙම නැති උනාම
එහෙම අල්ලා ගත්ත උනුත්
එලියට ගන්නට එන්නේ
බුද්ධ චීවරේ ඇඳගත්
බුදුන්ටත් වඩා බලවත්
පිරිත් නූල් අත අරගත්
නෙදකින් පඬු පාන්කඩයෝ
යහපාලනෙ දෙන්න ආපූ
කැකිල්ලේ මහ රජානන්ට
මනාපෙ දුන් අපි උඹලා
දෙකයි පනහෙ හාල් කෑලි
ඝනයොයි රණවිරුවො තමයි
දැන් එයාගේ වටේ ඩේලී
අනේ එයා තියනවා කිව්
ස්වාධීන පරික්සොනේ
ස්වාධීන වල උන්ටත්
යන්න කියපු පොරනෙ අනේ
දරු දුක දාපන් බල්ලට
කොරන්නේ මක්කාද පනේ
ඕනම් දේකට උත්තර
මුන් ළඟ රෙඩි තියෙනවනේ
රුපියල් ගනනින් ජීවිත
කුණු කොල්ලෙට මනින ලකේ
වන්දි මුදල රෝල් කරන්
ගහගන්නට කියන් පුකේ
-x-
කාකි කෝට්කාරයා අරින්නෙම පොඩි එකාටය,ජාති බේදයක් නැතිය,උන්ගෙ මහ එකානම් කියන්නේ සැමට එක සමාන නීතිය කියාය.
ReplyDeleteනෙද්දකිං,තුහ් විතරක්..
මේ සැරේ නම් කෙලවෙන සයිස් එකක් තියෙන්නේ...
Deleteදෙමළ නිසා තමයි උන්ට වෙඩි වැදුණේ
ReplyDeleteඇත්ත. සිංහල නම් ඉතින් උඩ තට්ටුවකට එක්ක ගිහින් පහලට පනිනකම් බලන් ඉන්නවනේ. රතුපස්වල වෙඩි තිබ්බෙ ජාතිය බලලා වෙන්න ඇති
Deleteමුන් දෙන්නා උඩුවා වගේම ෆ්‍රැන්ජිපානි එවුන්. ඊළඟට කන්නේ උඩුවා
Deleteඅසව්...! අසව්...!!
Deleteඅපේ රටේ ඉන්න සමහරු, ඇතැම් මාධ්‍යවේදීන් දෙමළකුට පඩයක් ගියත්, ඒක ලොකු කරගෙන දඟළන අයනේ. ඒ පඩේම සිංහලයකුට ගියාට දැනෙන්නෙවත් නැහැ. මෙහෙම යං මෙහෙම යං
Deleteහයියෝ මචං උඩුවා..
Deleteදැන් නං මචං දෙමළ මිනිහ විකුනං කන්ට බෑ බං. දැන් දෙමළ මනුස්සයත් යමක් කමක් දන්නව "එළුවා හැරෙන්නේ පැපොල් පැලේ කන්න තමයි" කියල හිටං.
වික්ටර් අයිවන් මහත්තයත් හරි තැන බලල තමයි ඇනේ ගැහුවේ. ඒකනේ අදත් යහතින් ඉන්නෙ.
පව් ඕයි උබ..
උඹ හරි උඩුවා... ඒක තමයි පළමු සාධකය... යාපනේ ඉන්න දෙමළා තමයි දන්නේ උන්ට තියෙන පීඩනය..
Deleteසොරිසේන දහම් ව බේරගත්තා... හැම කොල්ලම බේරගන්න එයාට පුලුවන්ද හිටන්?
ReplyDeleteඒක හරි...
Deleteඔහේ උඹලා දෙමළ උනේ
ReplyDeleteපූරුවෙ කල පෙර පිනකට
ඒක නිසා බඩු බනිස්ය
පොලෝසියේ පස් දෙනාට / true
:)
Deleteඅහිංසකයි අපේ පොලිස්
ReplyDeleteතිබ්බේ පඳුරකට වෙඩි
කවුද දන්නේ කොල්ලෝ දෙන්න
පඳුර අස්සේ හිටිය කියල
පව්, අහිංසක පොලිස්
එහෙම කියලා බේරෙන්න තමයි ට්‍රයි කොලේ...
Deleteමීට පස්සෙ කාටහරි වෙඩිතියන්ඩ ඕනෙ නම් මගෙන් එක්කට පුද්ගලිකව අවසර ගන්ඩ ඕනය කියල හිටං මං කියනව :V
ReplyDeleteපුදුමයි එහෙම නොකිව්ව එක හිටන්...
Deleteඒ උනාට මට නම් මේ නිව්ස් එකේ හෙඩ්ලයින් ගැන කිසි පැහැදීමක් නෑ
ReplyDeleteමෙහෙම නේ තියෙන්න ඕනේ..
ලේ පිපාසිත මරුසිරා තව බිල්ලක් ගනී........
මිනීමරු සාගලගේ දඩ බල්ලන් බැඳ දමනු.....
දහම් ගේ කෙල්ලට කල විහිලුවට ජීවිතෙන් වන්දි......
එහෙම තමයි දෙරණෙයි, ලංකා ජී නිව්ස් එකෙයි කිව්වේ...
Deleteපොලිසිය...
ReplyDeleteලංකාවේ පොලිසිය..🎶🎶..
දවසක් යාළුවෙක් පොලිස් කාරයෙක්ට කිව්ව කථාවක් මතක් උනා බං මාතෙ.
"තොපි දවල්ට පොලිස්..
රෑට එස් අයි ගෙ පොල්ල පොලිස්.."
😜😜
කොහෙත් එකයි
Deleteනීතියත් නැවිලා වංගු ගහන රටක, ඔය කොල්ලෝ දෙන්නාගේ කේස් එක මෙතරම් වත් දුර ආපු එක ලොකු දෙයක්.
ReplyDeleteනවන්න තමයි ගියේ... හැබයි නැවිල්ල වැඩි වෙලා කැඩිලා ගියා...
Deleteවැඩක් නැහැ අය්යින්ඩ් පොලිසිය ගැන කියලා මගේ යාලුවෙකුට උන අත්දැකීමක් කියනම්කො සෙට් උන වෙලාවක බ්ලොග් එකේ ලියන්ටත් එක්ක
ReplyDeleteයාලුවෙක්ගෙ ඒවා මොකටද බං.... මම කාලා තියෙනවා නියම ටොපි...
Deleteලංකාවෙ පොලිස්සිය ගැන නම් දැන් කතා කරල වැඩක් නෑ.
ReplyDeleteජෝකර් කෙනෙක්ගේ යටතේ නේ තියෙන්නේ..
Deleteඅනේ මාතලන්.. අපේ නායකතුමාගෙ බෝයිෆ්‍රෙන්ට ඔයා ජෝකර් කියන්නේ ඇයි..
Deleteපොලිසිය කියන උන් කොහෙත් එකයි. පෙන්නේ නැද්ද ඇමරිකාවේ. ජනාධිපති ඔබාමා. ඒත් වෙඩි කන්නෙම කලු ජාතිකයෝ.
ReplyDeleteහොඳ පොලිස්ලා ඇත්තෙම නැද්ද කොහෙද...
Delete//කෝටි ගනන් ගහපු එවුන්
ReplyDeleteබේරනවා ඩීල් වලට//
මාතලන් මේ කතා කරන්නේ බැඳුම්කරෙන් ගහලා මහ මැතිවරණෙට සල්ලි හොයා ගත්තු රනිල් ගැනද?
එයාලත් ඇතුලත්... අනික් අයත් ඇතුලත්
Deleteදැන් දකුණෙත් බයිසිකලේ යන කොල්ලෝ දෙන්නෙකුට වෙඩි තියලා වැඩේ බැලන්ස් කරගත්තාම හරිනේ. දෙමළද සිංහලද කිය කියා තර්ක කරගන්නවාට වඩා මේ පොලීසියේ අඩුපාඩු හදාගන්න එක තමයි හරි. උතුර, දකුණ බය කරලවත්....දකුණ , උතුර බය කරලවත් උත්තර හොයාගන්න පුලුවන් වෙන එක නැහැ.
ReplyDeleteකයිය පට්ටයි!!
වෙන්න පුළුවන් සම්භාවිතාව ඉහළයි...
Delete"රුපියල් ගනනින් ජීවිත
ReplyDeleteකුණු කොල්ලෙට මනින ලකේ" තවමත් තියන ඉදිරියටත් පවත්තා ගන්න හදන ලෝකෙන් උතුම් රට
උතුම් රට කියන්නෙත් මේකේ ඉන්න උන්ම මිසක් වෙන උන් නෙමෙයි නේ..
Deleteඔහේ උඹලා දෙමළ උනේ
ReplyDeleteපූරුවෙ කල පෙර පිනකට
ඒක නිසා බඩු බනිස්ය
පොලෝසියේ පස් දෙනාට//
සහතික ඇත්ත.මේ සුළු ජාතික රැකවරනය සියළු පුරවැසියන්ට තියනවනම්.
උන් දෙන්න මැරුණට පස්සේ මොකද්ද්ද ලැබුන රැකවරණය කියලා මම මේ කල්පනා කලේ?
Delete