.

.

Nov 1, 2016

මේ ආන්ඩුවට, පොලීසියත් විරුද්ධය - Anti Government Police



ඊයේ මාතලන් අපූරූ සිද්දියකට මුහුණ පෑවේය . මාතලන් මේ පිළිබඳව කීප වරක්ම ලියලාත් තිබෙනවාය. එනම් කොළඹ හදවතේම තිබෙනා උද්ඝෝෂණ පිළිබඳවය. එයින් සාමාන්‍ය ජනතාව මෙන්ම විශේෂයෙන් ලංකාවට පැමිනෙන සාමාන්නිය සුද්දෝද, රාජ තාන්ත්‍රික සුද්දෝද, ඉන්වෙස්ට් කරන්නට එන සුද්දෝද කන පරිප්පුව හා චාටර් එක පිළිබඳවය.

ප්‍රංශයේ සංචාරක ආයතනවල ඇනිමල් මීටින් එක සඳහා මෙවර තෝරාගෙන තිබෙන්නේ අම්මට සිරි ලංකාවය. මේක ලංකාවට අරගෙන තියෙන්න හෙන පයිට් එකක් දීලාය. අම්මට සිරි ලංකාවේ තැබීමෙන් බලාපොරොත්තුව වන්නේ මෙරටට එන ප්‍රංශ කාරයන් වැඩි කර ගැනීමය. ඊයෙ උන්ගෙ සැමිනර් එකේ ඕපනින් ඩේ එකය. මාතලන්ටද මේයින් කීප දෙනෙක් හා ඊයේ උදේ ගමන් ගමන් කරන්නට සිඳු උනේය. ඊයේ උදේ හෝටලයෙන් එලියටවත් වාහනේ ගන්නට බැරිය. සංචාරක ප්‍රවර්ධනයට ආපු සුද්දෝ එක සංචාරකයෙක් වත් මෙරටට එවන්නේ නැති බව ආයෙත් කිව යුතු නැතිය.

මාතලන් සිර වූයේ ෆ්ලෝටින් මාකට් එක හා පෞද්ගලික බස් ඉස්ටෑන්ඩ් පිහිටි බැස්ටියන් මාවතේය. පැය භාගයක් පමණ ගත් වීමෙන් පසු බස් රථ වල උන් සියල්ලෝම පයින්ම කොටුව දෙසට ගමන් ගත්තේ, ආන්ඩුවේ උන්ගේ අම්මාවරුන්ට පින් දෙමින්ය. පැයක් පමණ ගතවීමෙන් පසු මාතලන් තීරණයකට බැස්සේය. සුද්දාට වාහනය බාරදුන් මාතලන් ඉදිරියට ගියේය. රණවිරුවෝ ගේම ඉල්ලන්නේ ආන්ඩුව එක්කය. පරිප්පුව කන්නේ ජනතාව හා රටය. උන් කරන්නේද ප්‍රභාකරන් කළ දෙයමය. එහි වෙනසක් නැත.

සුදු හෙල්මට් දමාගත් දඩකොල කාරයෝ දෙන්නෙක් බැස්ටියන් මාවත් කෙලවරේ ආතල් එකේ ඉන්නවාය. උන්ගෙන් විමසූ කළ උන් කිව්වේ රණවිරුවෝ නිසා මක්කත් කොරන්න බෑ කියලාය. මම කීවේ කතාව ඇත්ත නමුත්, අතුරු මාර්ග ඔස්සේ හෝ වාහන යොමු කොට ට්‍රැෆික් එක ක්ලියර කරනා ලෙසය. මගේ සංචාරකයින් දෙදෙනාගේ තත්වය ගැනත් මුන්ට කීවෙමි. කින්ඩියට හිනා උන උන් දෙදෙනා කලේ, එතනින් මාරුවීමය. උනුත් ඉවත් වීමෙන් පසු රණවිරුවෝ කලේ ටෙලිකොම් දෙසින් පිටකොටුවට පැමිනෙන වහාන පෝලිමද නවතා දැමීමය.

පසුව සම්පූර්ණ සුදු කිට් එකකින් සිටි රණවිරුවෙක් හා කතාවට පැටලුනෙමි..

සහෝදරයා මේ කරන වැඩේ කැතයි නේද..? ඔයාලා මිනිස්සුන්ගේ ආදරයට ලක් උන පිරිසක් නේද? ඇයි මෙහෙම කරන්නේ..? බලන්න කී දෙනෙක් නම් පරිප්පු කනවද කියලා..?

ඔයා කව්ද..?

මම සහෝදරයා ඔයා වගෙම මනුස්සයෙක්. හින්ගලයෙක්. උපතින් බෞද්ධයෙක්..?

මෙහෙමයි ලොක්කා.. අපේ ඉල්ලීම් ලබා ගන්න තමයි අපි මේ දේ කරන්නේ

ඒක හරි.. ඒක අපෙන් ඉල්ලලා වැඩක් නෑ නේද? ආන්ඩුවෙන් නේද ඉල්ලන්න ඕන..

ආන්ඩුවෙන් තමයි ඉල්ලන්නේ ලොක්කා

ඒත් ඉතින් එයාලා ඉන්නේ මෙහේ නෙමෙයි නේ.. (ඔය අතරේ එතනින් වයසක තාත්තා කෙනෙක් අතින් අල්ලා ගත් පුතෙක්, පයින් කොටුව දෙසට යන ගමන් ඇස් වාට්ටුවට යන්න්නේ කොහොමද කියා අප දෙදෙනාගෙන් විමසා සිටියේය. ඔවුන් සිටියේ දාඩිය පෙරාගෙනය., වයසක තාත්තා බොහෝ සෙයින් විඩාවට පත්ව හුන්නේය..)

බලන්න සහෝදරයා පේනවා නේද..? කොහොමද කන කට්ට..? ඔයාලා පාර වහ ගත්තට කමක් නෑ. අඩු ගානේ මේ හිරවෙලා තියෙන වාහන ටිකට ඕල්කෝට් පාරට දාලා ආයෙත් මරදාන පැත්තටවත් යන්න හදලා දෙන්න.. ඒක කරන්න පුළුවන් ඔයාලටම විතරයි..

ඉවතට ගිය ඔහු නැවත ආවේ, අබාධිත රණවිරු සෙට් එකක්ම සමඟය. 

වට පිට සිට කතාවට හොට දාගෙන සිටි උන්ද, පොන්න බ්ලොග් කාරයෝ වගේ බලාගෙන උන්නේ, මාතලන් කන කෑම කොයි ආකාරයේ එකක්දැයි කියලාය.

මමත් හිතුවේ බඩු බනිස් කියලාය. එහෙත් සිඳු වූයේ එය නොවේ. එතෙක් බැස්ටියන් මාවතේ සිරවී තිබූ වාහන වලට ගමන් කිරීමට හැකි වන පරිදි, සියළුම වාහන ඕල්කොට් මාවත් දෙසින් ටෙක්නිකල් හන්දිය දේසට පිටත් කිරීමයි.

එපමණක් නොවේ සිඳුවූ අපහසුතාවයට කනගාටුව ප්‍රකාෂ කිරීමට පවා ඔවුන් නිහතමානි විය.

එහෙත් මරදාන දෙසට ගමන් කරන විට පෙනී ගියේ ට්‍රැෆික් පොලීසියේ කාළකන්නි දඩකොල කරුවන්, කොටුව දෙසට ගමන් ගන්නා වාහන ආපසු හරවා යැවීමට ක්‍රියා කරනවා වෙනුවට, ඒ දෙසටම ගමන් කිරීමට උපදෙස් දෙනවා පමණමය.

ඇත්තටම ට්‍රැෆික් පොලිසීයේ අය ඉන්නේ දඩ කොල දෙන්න පමණමද? 

අප කළ දේ මේ කාළකන්නින්ට කරන්න බැරි වූයේ ඇයි. උන් කොහොමත් ජනතාව පීඩාවට පත් කරනා උන් බව කවුරුද් දන්නා දෙයකි. මෙතනදි සිඳු කලේද ඒ දෙයමය. මෙවන් තත්වයක් යටතේ, යාපනේ සිසුන් දෙදෙනා මරා දැමුවේ ඇයිදැයි කියා බොහෝම පැහැදිලිය.

එහෙත් ගොබ්බ ආන්ඩුවට නොතේරෙන දෙය නම් මුන් ආන්ඩුව අපහසුතාවයට පත් කිරීමටද කටයුතු කරනා බවය. මෙතක් උද්ඝෝෂණ පැවතියාට පාර වැසීමට දුන්නේ නැත. එසේ කිරීමට දෙන්නේ නම් රථවාහන පොලීසියක් අවශ්‍යද නැත. ඇත්තටම මේය අද වසංගතයක්ව පවති. ඕනෑ දෙයකට කරන්නේ පාරවල් වහනා එකය. මේවා කරන්නේ වෙන කිසිවකු නොවේ. ආන්ඩු විරෝධි මහින්ද පාර්ෂවමය. 

එය ඊයේද ඉතා හොඳින් ප්‍රදර්ෂණය වූයේ කිසිම ට්‍රැෆික් එකකට අසු නොවී උදය ගම්මන්පිලයා උද්ඝෝෂකයින් සිටි තැනට පැමිණීමයි. අනෙක් උද්ඝෝෂණ දෙස බලන විටද පෙනි යන්නේ එකාබද්ධ මලබද්ඩයට සමබන්ද උන් එහි නාය්කත්වය දරණ බවයි. 

මේ ආන්ඩුව ජනතාවට එපා වී බොහෝ කල්ය. දැන් ඇත්තේ කැපුවත් කොල පාට උන් ටික පමණක්මය. මට පේන්නේ සිකරට් වලට කෙලීම් හා මෙවැනි දේවලින් ඒ පිරිසද නැති කර ගනිමින් සිටිනා බවයි. ෆ්‍රී වයි ෆයි දෙන්න ආපු උන් තොපේ අම්මට හැමෙනෙයි කියා ඩේටා වලට මෙන්ම ෆෝන්කෝල් වලටත් පයි ඇබරෙන්නම කෙලලා දමලාය. ජනතාව මෙන්ම ආන්ඩුවේ සේවකයන්ද, රණවිරුවන්ද, දුප්පතාද, පොහොසතාද, ජේ ආර් ගේ මධ්‍යම පන්තියද, ව්‍යාපාරික ප්‍රජාවද සියල්ලෝම තරහා කරගෙන අවසානය. වැඩි කල් නොගොස් හමුදා කුමන්ත්‍රණයක් සිඳු වුවද පුදුම විය යුතු නැත. 

එවන් දිනෙක, මාතලන් මේන් මේ වගේ පල් හෑල්ලක් ලියා තිබුනා නේද කියා මේ යහපාලන් ගොබ්බයන්ට මතක් උනොත් ඒ ඇතිය. 

කොළඹ කොටුව ප්‍රදේශයේ උද්ඝෝෂණ හා පිකටින් නවතා දැමීමට පියවර ගණු... මෙය මහා කරුමයක් වී අවසානය.. කරණ මළදානයක් ඊයේ හවස කලාක් මෙන් ජනාධිපති ලේඛම් කාර්යාලය ඉදිරිපිට පවත්වා ගණූ.. ප්‍රජාතන්ත්‍රවාදය දුන්නේ පරිප්පු කන ජනතාව නොව එතන ඉන්නා උන්නැහේය.. එයත් එක්ක බේරගන්න ඕනෑ දේ එයත් එක්ක බේරා ගණු.. එක එකාගේ පරිප්පු කෑවා ඇතිය. තවත් නම් ඒ පරිප්පු ඕනෑම නැතිය.

60 comments:

  1. සිරි ලංකා පොලෝසියට මොල දීමට කොන්සල්ටන්ට් කෙනෙක් පත්කොරමු !

    ReplyDelete
    Replies
    1. උන්ට මොළය දෙවට වඩා ලේසියි... ඉබ්බන්ට පිහාටු දෙන එක...

      Delete
  2. Arjuna Mahendran and his son in law can steal billions of rupees. Sirisena and Ranil can have luxury cars worth millions of rupees. UNP ministers go on overseas trips flying first class while the people who lost their limbs fighting for our country are desperate for something as simple as a pension - so desperate that they are out on the streets. Mahinda built Abhimansalas for those members of the armed forces who were injured and maimed in the war, and this is what yahapalanaya does - degrade them, arrest them, jail them, and deny them a pension. We've said this before - there is no other country that is as shameless as Sri Lanka under yahapalanaya. Truly sickening and an absolute disgrace.

    ReplyDelete
    Replies
    1. මහින්දගේ කාළේ කොහේද දන්නේ නෑ මෙයාලා උන්නේ.. අභිමංසල මදිවෙලා වෙන්ටෑ පාරේ පදිංචියට එන්නේ..

      Delete
  3. ගනන් ගන්න එපා.. රනිල් තුමා ආයිත් හොන්ග්කොන්ග් ගියානේ...

    එයා රට නැතිකොරලා අඩු ගානකට ඩයස්පෝරාවට විකුනලා දයි හිටන්...

    ReplyDelete
    Replies
    1. ඩයස්පෝර කිව්වේ හින්ගලද දෙමලද...

      දෙමලට විකුණුවත් අවුලක් නෑ නේ... පවුලකට යනවට වඩා...

      Delete
  4. මගේ පොලිස් යාලුවෙක් දඩකොලම ලියල මළා.

    ReplyDelete
    Replies
    1. ලියා ලියා ඉන්න කොට යටකරගෙන ගියාවත්ද...?

      Delete
  5. සවස වැඩ ඇරිලා ජනාධිපති ලේකම් කාර්්‍යාලය අසලින් යන කොටත් අබාධිත රණවිරුවන් ගෙට්ටුව ලග බිම වාඩිගෙන ඉන්නවා. කකුල් නැති දෙන්නෙක් ගොල් ෆෙස් පැත්තට පාර මාරුවුනේ කිහිලි කරු දෙකෙන්. ඇත්තටම මටත් වඩා වයසින් අඩු කොල්ලෝ දෙන්නෙක්. මිනිමරුවා උනත් ප‍්‍රභාකරන් තමන්ගේ මියගිය කාඩර්වරුන්ට ඔවුන්ගේ පවුල් වලට මහවිරු පවුල් කියලා සැලකුවා. එත් විශාම වැටුප ගන්න කකුල් කොටෙත් එක්ක පාරේ හිගන්න වෙන එක ගැන නම් ඇති වෙන්නේ ලොකු කණගාටුවක්. පඩියට හමුදාවට ගියත් ඔවුන් කලේ අපේ රටට සේවයක්. මේ රටේ උන්ට අමතක වෙලාගියා යුද්දයක් තිබුනා කියලා. යුද්දේ තිබුන කාලේ දෙපරන්ද අස්සේ නැට්ට ගහගෙන ඇදයට බුදිය ගත්තු දේශපාලුවෝ යි අවස්තාවාදි මිනිස්සුයි දැන් දෙන ලොරි ටොක් අහනකොට හිතෙන්නේ ප‍්‍රභාකරන් හිටියානම් හොදයි කියලා.

    ReplyDelete
    Replies
    1. +++++++++++++
      හිස නමා එකඟ වෙමි!

      Delete
    2. රිදී පාට කල පා තුඩු පයට පෑගිලා…
      නපුරු වී ඔයා මා සළලෙකුට සම කලා…
      සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා…
      යකඩ පය මගේ නුඹ ලඟ හඬා වැල‍පෙනා…


      විදින වේදනා මදිමට නගයි චෝදනා…
      උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා..
      පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
      බලා උනිමි අසරණ වී කදුලු සඟවලා…


      නොදැන ඔබ එදා මට බැණ වදින්නට ඇති…
      ජාති ජාති වත් තරහක් මගේ නම් නැති..
      එදා යුධ බිමේ මතකය ඔයාටත් ඇති…
      සදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමී.

      Delete
    3. මෙයාලට ඔක්කොම මතක් වෙලා තියෙන්නේ දැන්... ඒ කාළේ ගෝඨගෙන් ඉල්ල ගන්න තිබුනා නේ... මේක මානුෂික ප්‍රශ්ණයක් එක ඇත්ත.. නමුත් හමුදාවේ තියෙන නීතී රීතී අනුව තමයි දීලා නැත්තේ. ඒත් ඒවා ලබා ගන්න ඕන, සමාන්‍ය ජනතාව පීඩාවට පත් කරලා නෙමෙයි. මහින්ද කරෙත් ඕක. ගෙදර ගෑණී රේප් කරන කොට වෙන එකෙක් බේර ගත්තා කියලා. බේර ගත්ත එකාට ගෑණී රේප් කරන්න දෙන්න බෑ නේ.

      Delete
    4. කොළොම්පුරේ,

      යුද්ධ හමුදා පණත අනුව හමුදා සාමාජිකයන් සෑමවිටම සක්‍රිය සේවයේ (ඇක්ටිව් සර්විස්) සිටින අතර ඔහුට දෙන්නේ නිවාඩු නොව විවේකයකි. එබැවින් "නිවාඩු" කාලසීමාවත් රාජකාරියට (ඩියුටී) අදාළ ලෙස ගනු ලැබේ. හමුදා සෙබළකු කඳවුරේ සිට නිවාඩු ලබා ගෙදර යනවිට හෝ නිවසේ සිට ආපසු කඳවුර වෙත පැමිණීමේදී, මාර්ග අනතුරකට මුහුණ දුන්නොත් එයත් "ආබාධිත රණවිරුවකු" වීමට හේතු විය හැකියි.

      මේ උද්ඝෝෂණය ගැන සිද්දිය ඔක්කොම මේකෙ තියෙනවා;

      යුද්ධ හමුදා පණත (Army Act) අනුව ආබාධිත සෙබළුන්ට සේවා විශ්‍රාම වැටුපට හිමිකම් කීමට නිලධාරින් වසර 10ක සේවා කාලයක්ද සෙසු නිලයන් වසර 12ක සේවා කාලයක්ද සපුරා තිබිය යුතුයි.

      හමුදා පණත මෙතැනින්

      කෙසේ වෙතත් වසර 12ක සේවා කාලය සම්පූර්ණ නොකළ ආබාධිත සෙබළුන්ටත් 2014 වසරේ දී කැබිනට් අනුමැතිය හිමි වී 2015 සිට දීමට යෝජනා වූ මෙම සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා වසර 12ක සේවා කාලය සම්පූර්ණ නොකළ ආබාධිත සෙබළුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටඋද්ඝෝෂණ කළා. අදාළ හමුදා සාමාජිකයන්ගේ සේවා විශ්‍රාම වැටුප තමන්ට ලබාදෙන ලෙස රජයට බල කරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයේ නිරතවීමට තීරණය කර ඇති බව එම සංවිධානය අදත් නිව්ස් වලට වොයිස් කට් දුන්නා නේද?

      මීට සම්පූර්ණයෙන්ම වගකිවයුතු වන්නේ පසුගිය රාජපක්ශ දූශිත රෙජීමයයි. ඔවුන් මෙම වැටුප් වැඩිවීම අනුමත කොට රාජ්‍ය බලය හැරදා ගිය නිසා අසරණ ආබාධිත හමුදා සෙබළුන් තාමත් කට්ට කනවා. ඔය කෙහෙල්මල් යෝජනාව නොකර හිටිය නම් මේ ප්‍රශ්න මුකුත් නැහැ. ඕනෙම නම් 2015 ඡන්දෙන් පස්සෙ කරනව කියල පොරොන්දු වුණා නම් තව කමක් නැහැ ලිඛිත කැබිනට් අනුමැති දීල ගම කාපු එක නිසා මේ ඔක්කොම ප්‍රශ්න.

      Delete
  6. https://www.youtube.com/watch?v=84fboO0lqrY

    ReplyDelete
  7. අහිංසක කෝච්චියේ බස් එකේ යන දුප්පත් ජනතාව විතරයි බං තව අසරණයෙක්ගෙ දුක දන්නෙ ඒකයි හැම එකාම කොටුවෙ ස්ටේශන් එක ගාවට දුක කියන්න එන්නෙ.
    ඔය පාරෙන් සුද්දො අරං ගියේ ඔහේ නොදැනද ?

    ReplyDelete
    Replies
    1. මේ පාරවල් කාපට් කරලා හදලා තියෙන්නේ එක එක කාළකන්නින්ට වහගෙන උද්ඝෝෂණ කරන්නද.
      එහෙම නැත්නම් වාහන ගමනාගමනයටද...?
      අනිල පොලීසියේ මාධ්‍ය අංශයක් තියෙන්නේ අම්මට හැමනෙන්නද..?

      Delete
  8. "මේ ආන්ඩුව ජනතාවට එපා වී බොහෝ කල්ය. දැන් ඇත්තේ කැපුවත් කොල පාට උන් ටික පමණක්මය. මට පේන්නේ සිකරට් වලට කෙලීම් හා මෙවැනි දේවලින් ඒ පිරිසද නැති කර ගනිමින් සිටිනා බවයි."

    මාතලන්, නරකද මේ රට "සිරනිලංකා දුම්කොළ සහ මධ්‍යසාර ජනරජය" කියල නැවත නම් කළොත්? දැන් මෙයාල රට කොරවන්න හදන්නෙ සිගරැට් අරක්කු වලින්නෙ.

    ReplyDelete
    Replies
    1. මේක කියෙව්වේ නැතෙයි...

      http://maathalan.blogspot.com/2016/10/government-depend-on-tobacco-tax-revenue.html

      Delete
  9. හිතවත් යුද්ධයෙන් ආබාධිත සෙබලුන් ගණනාවක්ම හිටියත් උන් ගේ සංගමේත් දොස්තරලා ගේ සංවිධානයට නොදෙවෙනි දුෂ්ට සංගමයක් බව කිව යුතුය, සංගමෙන් බහුතරේකටම හිටියට වඩා හොදට ඉන්න ආර්ථික සවියක් ලැබී ඇත, ඉන් කොටසක් අන්ත අසරණව අය ඉන්නේ උන්ගේ අදාල බල සේනාවල බළධාරීන්ගේ සමඟ ඇති කරත් හුටපට හෝ ලෙනින් රත්නායක වර්ගයේ කේස් නිසාලු. එයාලගේම ප්‍රාෙද්ශීය සංගම්වලත් ලෙනින් රත්නායකලා ඉන්නවා, සංගමේ අරගල කියන්නේ ඉතින් සංගමේ ලෙක්කෙකුට දෙන්නෙකුට බලධාරීන්ගෙන් අයුතු වාසියක් ගන්න ඩීල් කරගන්න බැරිවුනාම සාමාජිකයෝ පාරට බස්සලා මිනිස්සුන්ට හිරිහැර කිරීමම තමා උනුත් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ අය ඉල්ලන සියල්ල දීමට නම්, යුද හමුදා පනත සංශෝධනය කළයුතුය. එසේ කලහොත් මොවුන් සහ, මොවුන්ට වඩා ඉතා දීර්ඝ කාලයක් හමුදා සේවයේ යෙදීසිට ආබාධිත විශ්‍රාමිකයන් අතර, වැටුප් සහ දීමනා පිලිබඳ ගැටළු මතුවේ. එවිට ඒ පිරිසත් උද්ඝෝෂණ පටන්ගනු ඇත.

      හමුදා පනත අනුව, මේ අයට දියහැකි සියල්ල දී තිබේ. ඔවුන් ඉල්ලන සියල්ල දීම සඳහා මුදල් රෙගුලාසි වෙනස් කිරීමට ද සිදුවේ.

      මොවුන්ගේ ඉල්ලීම් ඉටුකරනවාට මා පෞද්ගලිකව විරුද්ධ නැත.

      නමුත් මොවුන්ගෙන් බහුතරය හුදු දේශපාලන අතකොලු පමණි.

      Delete
    2. මුන් කොහේද දන්නේ නෑ මහින්දලගේ කාලේ උන්නේ... පාලකයෝ ගොබ්බයෝ වෙලා හමුදා ඇඳුමට මුවා වෙලා හොරකම් කරපු උන් මිනී මරපු උන් වෙනුවෙන් පෙනී ඉන්න කොට අහක යන ලපයි සිපයිත් එනවා කරේ නගින්න.

      Delete
    3. යුද්ධය නිසා ආබාධිත බවට පත්වූ සෙබලුන් වෙනුවෙන් නීති වෙනස්වූවාට කම් නැති බව ගස්ලබ්බාගේ හැඟීමයි.තව දුරටත් කේවල් කිරීම අපුලක් දනවයි. (ආණ්ඩුවට ලකුණක් වැටෙන වැඩක් නෙව.එහෙමවත් එකක්..)

      Delete
    4. මේකයි වැඩේ ලබ්ස්. රාජ්‍ය මුදල් රෙගුලාසි වෙනස් කරනවා කියන්නේ තවත් වෘත්තීය සමිති මේ අරගලයට පැටලිලා අපිටත් වැටුප් වැඩිවීම් ඕනේ කියලා සටන් කරන්න ගියොත් මහ අවුලක් ඇතිවෙනවා.

      ආණ්ඩුවේ ගොන්පාට් එක තමයි, මෙහි තිබෙන නිවැරදි නෛතික පැත්ත, රටේ මහජනතාවට පැහැදිලි කර නොදී, නිකම් ඩන්න පෝන්ස් දැමීමයි.

      දැක්කේ නැද්ද අර, ඉත්තෑ වහන්සේ, හොර අලි වහන්සේ, ආලවක වහන්සේ, එතන ඩන්න පෝන්ස් දානවා.

      Delete
    5. ඔව්.විචා කියනවා වගේ මේකෙ සංකීරණ පැතිකඩක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනෙ. මේ වගේ අවස්ථාවන් හොය හොයා ඉන්න පිරිස් ඉන්නවා තමුන්ගෙ ප්‍රසිද්ධිය පවත්වාගන්න අවස්ථා විකුණන් කන්න.ඒකත් පිළිගන්නවා.
      නමුත්..,
      කවුරුන් රජය කලත්,යම්කිසි රාජකාරී කටයුත්තක් උදෙසා ආබාධිත වූවන්ට වත් අඩුම තරමේ බෙදීමක් නැතිව සැලකිය යුතුයි කියන සරල යුක්තිය ඉහත කරුණු නිසා ඉටු නොවීම අනුමත කරන්න පුළුවන්ද?
      දැනට ලංකාවේ ආබාධිතයෙකුට සමාජය සමඟ ගැටීමේදී මුහුණ දෙන්න තියන අටෝරාසියක් ගැටළු යම් තරමකින් හරි අඩු කරගන්න තියන එකම මාර්ගය මුදල් ම පමණයි.
      රජයන් විසින් බෝල පාස් කිරීම් කරමින් කල් නොමරා,නැවත මහාපරිමානයෙන් රටට එක් නොවෙන්නාවූ (එක් නොවේවා..) ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් සමාන සැලකීමක් සිදු කිරීමට මානුශිකත්වයේ නාමයෙන් ක්‍රියා කල යුතු බවට 'මිනිස්සුන්ට' හැඟෙන්නේ නැත්තේ ඇයි කියලත් ප්‍රශ්නයක් තියනවා.

      Delete
    6. ගස් ලබ්බෝ,

      යුද්ධ හමුදා පණත අනුව හමුදා සාමාජිකයන් සෑමවිටම සක්‍රිය සේවයේ (ඇක්ටිව් සර්විස්) සිටින අතර ඔහුට දෙන්නේ නිවාඩු නොව විවේකයකි. එබැවින් "නිවාඩු" කාලසීමාවත් රාජකාරියට (ඩියුටී) අදාළ ලෙස ගනු ලැබේ. හමුදා සෙබළකු කඳවුරේ සිට නිවාඩු ලබා ගෙදර යනවිට හෝ නිවසේ සිට ආපසු කඳවුර වෙත පැමිණීමේදී, මාර්ග අනතුරකට මුහුණ දුන්නොත් එයත් "ආබාධිත රණවිරුවකු" වීමට හේතු විය හැකියි.

      මේ උද්ඝෝෂණය ගැන සිද්දිය ඔක්කොම මේකෙ තියෙනවා;

      යුද්ධ හමුදා පණත (Army Act) අනුව ආබාධිත සෙබළුන්ට සේවා විශ්‍රාම වැටුපට හිමිකම් කීමට නිලධාරින් වසර 10ක සේවා කාලයක්ද සෙසු නිලයන් වසර 12ක සේවා කාලයක්ද සපුරා තිබිය යුතුයි.

      හමුදා පණත මෙතැනින්

      කෙසේ වෙතත් වසර 12ක සේවා කාලය සම්පූර්ණ නොකළ ආබාධිත සෙබළුන්ටත් 2014 වසරේ දී කැබිනට් අනුමැතිය හිමි වී 2015 සිට දීමට යෝජනා වූ මෙම සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා වසර 12ක සේවා කාලය සම්පූර්ණ නොකළ ආබාධිත සෙබළුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටඋද්ඝෝෂණ කළා. අදාළ හමුදා සාමාජිකයන්ගේ සේවා විශ්‍රාම වැටුප තමන්ට ලබාදෙන ලෙස රජයට බල කරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයේ නිරතවීමට තීරණය කර ඇති බව එම සංවිධානය අදත් නිව්ස් වලට වොයිස් කට් දුන්නා නේද?

      මීට සම්පූර්ණයෙන්ම වගකිවයුතු වන්නේ පසුගිය රාජපක්ශ දූශිත රෙජීමයයි. ඔවුන් මෙම වැටුප් වැඩිවීම අනුමත කොට රාජ්‍ය බලය හැරදා ගිය නිසා අසරණ ආබාධිත හමුදා සෙබළුන් තාමත් කට්ට කනවා. ඔය කෙහෙල්මල් යෝජනාව නොකර හිටිය නම් මේ ප්‍රශ්න මුකුත් නැහැ. ඕනෙම නම් 2015 ඡන්දෙන් පස්සෙ කරනව කියල පොරොන්දු වුණා නම් තව කමක් නැහැ ලිඛිත කැබිනට් අනුමැති දීල ගම කාපු එක නිසා මේ ඔක්කොම ප්‍රශ්න.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
  10. මෙතනදි සාමාන්‍ය මිනිසුන් තුළ ආබාධිත රණවිරුවන් පිළිබඳ අනුකම්පාවක් ඇත. මිනිස්සු බනින්නේ ආණ්ඩුව මේ ප්‍රශ්නය තවත් අදින්නේ ඇයිද කියාය. මේ ගැන මීට මාස කිහිපයකට කලිනුත් පොරොන්දු ලබාදී තිබුණි.
    පොලිසිය හා ආරක්ෂක අංශවලට කිසිත් කරකියාගත නොහැක්කේ මේ ආබාධිත රණවිරුවන් නිසාය. නැතිනම් තමුන්ගේ රැහේ එකාලා නිසාය. නැත්නම් මෙලහටත් ජල බවුසර් එවා අවසානය.
    දැන්වත් ආන්ඩුව මේ වගේ දේවල් කරන්න කොළඹ තැනක් වෙන්කර දිය යුතුය. නැත්නම් හැමදාම පරිප්පුව කන්නේ සාමාන්‍ය ජහමනයාය.

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ මේවා පාර්ලිමේන්තුව ඉස්සරහා කරන්න බැරිය. ඒ පාර වහගෙන. හැම එකාම එන්නේ අපිටම අරින්න තමයි.

      Delete
  11. සෝබිත උන්නාන්සේ කල් ඇතුවම වැඩ්ඩ නේ දිවියලෝකේට හරි අපායට හරි

    ReplyDelete
  12. උන් අඩු ගාණෙ උන් කරපු සේවයට ගාණක් ඉල්ලනවා කන්න බොන්න.

    එහෙමද අදිරාජ්යවාදයට විරුද්ද ප්‍රගතිශීලී සටන්කාමීන්, නිදහස් කියන අජ්ජාපනේ ගැලවුම්කරුවන් පාරවල් වැහුවාම.

    ඇත්තම කියනවානම් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තියන මිනිස්සු උද්ගෝශනය කලාමත් දැන් අපිට තරහ යනවා අර පොරගතිශීලින් කරන විප්ලවකාරී සටන් දැකල පුරුදුවෙලා

    ReplyDelete
    Replies
    1. අත් දෙකම උස්සලා එකඟයි ප්‍රා !!!

      Delete
    2. මේක එකම විකාරයක්... රටක සංවරධණයට මේක විශාල බාධාවක් බව මුන්ට් තේරෙන්නේ නැතිවද? එහෙම නැත්නම් මුන්ට මොකුත්ම බැරිද...?

      Delete
  13. ලංකාවේ tourism දියුණු කරන්න බැරි එක හේතුවක් තමයි මේ.
    පිටරටවල නම් මේවා කරන්න තැනක් book කර ගත යුතුය.
    නමුත් ඉතින් මේ මාතලන් කියන ආකාරයටම ඉල්ලන්කාවයි

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ආර්ථිකයේ හදවත.. අඩු ගානේ මේ විකාර නිසා රජයට සිඳු උන පාඩුව වත් මුන් දන්නවද දන්නේ නෑ. ඒ තරම් ගොබ්බයෝ සෙට් එකක් රට පාලනය කරන්නේ.

      Delete
  14. බැලුවම අපි විතරද කොහෙද බං උද්ඝෝෂණ කරන්නේ නැත්තේ.. සක්. මොන රටක්ද ඕයි මේ?

    ReplyDelete
    Replies
    1. අපරාදේ අර උඹ අල්ලගෙන ගිය වෙලේ අපටත් කරන්නයි තිබ්බේ...

      Delete
  15. 1)කෙල්ලෙක්ට කොල්ලෙක්ට ලව් කොරන්න,ලාවට කටක් කන්න තැනක් නෑ.. රූම් ගිහිං කෙලෝගන්න විතරයි ඉතුරු.
    2)උද්ඝෝශනයක් කරන්න තැනක් නෑ.මිනිස්සුන්ටමයි වදේ.
    3)රෑ උනාම යන්න පාරෙ බස් එකක් නෑ.
    4)ආබාධිතයෙක්ට හදිස්සියකට බොගක් සෙට් උනොත් හද්ද අසරණයි.කිසිම ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක වැසිකිලියක් හරියට නෑ.
    සමාජ සේවා ඇමතියාව හරහට දාල *න්න හිතෙන්නෙ මෙව්ව දකිනකොට තමයි.

    අර කිව්වත් වගේ පාර්ලිමේන්තුවට යන පාර වහන්න ක්‍රමයක් හදාගත්ත නම් ඉවරයි.එකක් කරලා මීඩියා වලින් අප් කරල ගත්ත නම් රැල්ල හැදෙනවා..
    හැබැයි එහෙම උනොත් මුං පාර්ලිමේන්තුව කල් දාලා ශපාන් එකේ නිකන් ඉඳියි.එච්චරකට හරක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අම්මපා සහතික ඇත්ත

      Delete
    2. ඔය කාරනා හතරටම උත්තර දෙන්න මේ අයව වලෙන් නැගිට්ටලා හරි ගෙන්නන්න ඕන. එදත් එහෙමයි...අදත් එහෙමයි...හෙටත් ඔහොමම තමයි..

      සිරිමාවෝ......අවුරුදු 12 රටේ නායිකාව
      ජේආර්......අවුරුදු 12 රටේ නායකයා
      ප්‍රේමදාස...අවුරුදු 4 රටේ නායකයා
      ඩීබී විජෙතුංග...අවුරුදු 1 1/2
      චන්ද්‍රිකා...අවුරුදු 11යි
      මහින්ද.. අවුරුදු 10යි
      මෛත්‍රී...අවුරුදු දෙකකට කිට්ටුයි

      Delete
  16. All are very true. Good article. Copy to President and Prime Minister. I also faced same problem and could not go for work. I was in Kadawathe bus more than 1 hour at Bastian Mawatha. I informed to the office and go home on the same bus to kadawatha.

    Jinadasa Ovitige _kadawatha

    ReplyDelete
  17. සහතික ඇත්ත බව පමණක් කිව හැක...හැමදාම හවස 5 වෙද්දි බයේ ඉන්නෙ කොයි වෙලාවෙ ගෝල්ෆේස් පාර වහයිද කියලා...කොල්ලුපිටියේ ඉඳන් කොටුවට හරි වෙලාවට යාගන්න බැරිවුණොත් ගෙදර යන්න වෙන්නේ දහ දුක් විඳලා...

    මේ තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබීමත් රටකට අහිතකරයි...මලබද්ධය හැදුනත් උද්ඝෝෂණ කරලා පාර හරස් කරනවා...මාතලන් කියනව වගේ හැම එකාම අරින්න එන්නෙ අපිට

    අසංක

    ReplyDelete
    Replies
    1. ඒකෙන් වෙන්නේ සාමාන්‍ය ජනතාව අතරේ ආන්ඩුව අප්‍රසාදයට පත් වෙන එක ප්‍රධානව... අනෙක රටේ ඇති අරාජිකත්වය...

      Delete
  18. ඉතාම කාලීන හොඳ පෝස්ටුවක් මාතලන්,

    මෙම පෝස්ටුවත් කමෙන්ට් තුළිනුත් මා දකින විශිෂ්ට එක් සාධනීය ප්‍රතිඵලයක් නම් මෙතෙක් සිවිල් සමාජයට අනවශ්‍ය හිරිහැරයක් වූ ‘මිලිටරි වන්දනාව’ නතර වීමය. මෙය ඉතාමත්ම හොඳ දෙයකි. පසුගිය දූෂිත රාජපක්ෂ කල්ලිය පිස්සු නැටූ වනචර දශකය නමැති කුප්‍රකට කාලය තුළ සිදුවූයේ නිදහසෙන් පසු තියා අප දන්නා කාලයක් තුළ ඉන් පෙරවත් නොවූ විරූ ලෙස තවත් එක් රැකියාවක් පමණක් වන හමුදා සොල්දාදුවා සිවිල් වැසියාගේ කරට නැඟ ඔලුවට අත හේදීමය. සිවිල් වැසියාට එය මුවින් නොදොඩා ඉවසීමට සිදුවූයේ දැවැන්ත රාජ්‍ය අනුග්‍රහයක් යටතේ ‘රණවිරු’ යන ආකර්ෂණීය යෙදුමට මුවා වී මිලිටරීකරණය පුම්බා තබා බයිනෙත්තුවක් අමෝරාගෙන තමන් මරන්නට එන හෝ තමන්ගේ පුතු, දියණිය ත්‍රස්තවාදී ලේබලය අලවා අනිවාරතයේ මරා දමන ලද සොල්දාදුවකුට පවා එරෙහිව වචනයක් ලිවීම මහා ව්‍යසනයකට අත වැනීමක් වූ නිසාය. මාධ්‍යවේදී තිස්සනායගම් වසර විස්සකට බරපතළ වැඩ ඇතිව සිරගත කරන ලද්දේ සොල්දාදුවා දෙවියකු සේ සලකා වැඳ නොවැටී ඔහුගේ අන්තනෝමතික ක්‍රියා කලාපය ප්‍රශ්න කළ නිසාය. ත්‍රිකුණාමලයේදී අපොස උසස්පෙළ හදාරන දෙමළ සිසුන් පස්දෙනකු ශ්‍රී ලංකා හමුදාව මඟින් ඝාතනය කරනු ලැබුවායි කියන ලද කල්හි අසාධාරණය දැක දැක ඔවුන්ගේ මාපියන්ට නිහඬ වීමට සිදුවූයේ එනිසාය. දෙමළකු මිලිටරීකරණය යන්තම් ප්‍රශ්න කිරීම එකල්හි ආනන්තරිය පාප කර්මයකට සම විය.

    සියල්ල උඩුයටිකුරු වීම ඇරඹුනේ 2010 මැතිවරණය අභිමුව සරත් ෆොන්සේකාගේ නම භාවිතා කිරීමකින් තොරව, දුරදිග සිතා බලා හෝ නොබලා මහ බයි රජාණන් විසින් කරන ලද “ඊයේ දේශප්‍රේමියා හෙට දේශද්‍රෝහියකු විය හැකිය” යන ප්‍රකාශය මිලිටරි වන්දනාවේ මිනී පෙට්ටියට ගැසූ අවසාන ඇණය හා සැලකිය හැකි ප්‍රකාශය ස්මගය. එක අතකට මෙය හාස්‍යජනක ප්‍රකාශයකි. ඒ මේ කතාව කියන්නේද, ඊට මාස කිහිපයකට ඉහත, මේ රටේ සිටිය හැක්කේ "දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන්" යනුවෙන් දෙකොටසක් පමණැයි කී මුවින්ම නිසාය.

    රාජපක්ෂ රෙජීමයේ මේ මත පෙරළිය මෙරට පොදු ජනතාව ආරෝපණය කර ගත යුතු නොවේ. යුද්ධයක් තිබුණා හෝ නැතා වේවා සිවිල් ජනතාව විසින් ආරක්ෂක හමුදාවට සැලකිය යුතු ආකාරයක් ඇත. යුද භටයෝද සමාජයේ අනෙක් කොටස් සේම සමාජයට අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමෙහි නියැළෙති. වෛද්‍යවරයා රොගීන් සුවපත් කිරීමෙන් සමාජයට සේවයක් කරන්නාක් සේම, කසළ ශෝධකයා අනුන්ගේ කසළ ඉවත් කිරීමෙන් පරිසරය වඩා යහපත් තැනක් බවට පත් කරන්නාක් සේම සොල්දාදුවාද සමාජයට ආරක්ෂාව සැපයීමෙන් මෙහෙයක් කරයි. ඔහු වැටුප් ලබන්නේ එනිසාය. කරන සේවය වෙනුවෙන් කසළ ශෝධකයා “අපෙන් එකෙකි මේ මිනිසා” කියා උඩ දමා ඔහුගේ සවළට පූජා පැවැත්විය යුතු නැතිවා සේම සොල්දාදුවාද කර උඩ තබා උගේ තුවක්කුවට වන්දනා කර ගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නැත. ඒද අනෙකුන් සේම සාමාන්‍ය පුද්ගලයෙකි. සොල්දදුවාට අනෙකුන්ට නැති වල්ගයක් හෝ අං තට්ටුවක් නැත.

    සොල්දාදුවා අනෙකුන් මෙන් නොව රැකියාවේදී තම ජීවිතය පරදුවට තියතැයිද, සමහරවිට එය අහිමි කර ගනිතැයිද, සදාකාලික ආබාධිත තත්වයකට පත්වනු ඇතැයිද මෙහිදී කෙනකු තර්ක කළ හැකිය. යම් තරමකට එය ඇත්තකි. සැම වෘත්තියකමට පොදු රැකියා-අවදානම් (Occupational Hazzards) යුද හමුදා වෘත්තියට විශේෂයෙන් අදාළය. ක්‍රියාන්විත ප්‍රදේශවල සක්‍රීයව යුද්ධයේ යෙදී සිටින යුද භටයකු රණ බිමේදී මිය යාමේ හෝ ආබාධිත වීමේ අවදානම වෛද්‍යවරයකුට රෝගියකුගෙන් H1N1 වෛරසය බිහිවීමේ අවදානමට හෝ ඉදිකිරීම් කම්කරුවකු උසෙකින් වැටී මිය යාමේ, ආබධිත තත්ත්වයට පත්වීමේ අවදානමට වඩා තරම්කින් වැඩිය. යුද භටයන්ට අනෙක් කිසිම වෘත්තියකට නැති සුවිශේෂ වරප්‍රසාද ලබා දී ඇත්තේ එනිසාය.

    අපොස සාමාන්‍යපෙළ සමතුන්ට අන් කිසිම සහතිකයක් නැතිව, තරග විභාග වලට පෙනී නොසිට, සරල පරීක්ෂණ කිහිපයකින් පසුව යුද සේවයට එක් විය හැකිය. එහිදී ඔවුන් පිහිටවනු ලබන ආරම්භක වැටුප් තලය එම අධ්‍යාපනික සුදුසුකම්ම ඇතිව රජයේ හෝ පුද්ගලික අංශයේ හිමි කර ගත හැකි අන් කවර හෝ රැකියාවක වැටුපකට වඩා වැඩිය. පුද්ගලික අංශයේ නම් අපොස සාමාන්‍යපෙළ යනු කාර්යාල කාර්ය සහායක හෝ පුහුණු සේවක පදවියකට වැඩි පදවියක් ලබා ගත නොහැකි සුදුසුකමකි. මේ වැටුපට අමතරව අන් කිසිදු රාජ්‍යසේවකයකු නොලබන විශේෂ වරප්‍රසාද වලට යුද භටයෝ හිමිකම් කියති. ආබාධිත තත්ත්වයට පත්වුවහොත් මිය යන තෙක් උසස් වීම් සමඟ විශ්‍රාම වැටුප් හිමිවේ. මියගියහොත් උසස්වීම් සමඟ එම වැටුප බිරියට හෝ දෙමාපියන්ට ලබා ගත හැකිය. මෙබඳු සුවිශෙෂ වරප්‍රසාද ඇත්තේ අන් කවර රැකියාවකද?

    ReplyDelete
    Replies
    1. මීට අමතරව යුද්ධය පවත්වා ගැනීම වෙනුවෙන් පසුගිය දූශිත රාජපක්ෂ රෙජීමය රට කෑ සමයේ සමස්ත සමාජය විසින් යුද භටයින් වෙනුවෙන් කරන ලද කැපවීම අති විශාලය. අද රජයේ සේවකයින්ට වැඩි පඩි ඉල්ලා අරගල කිරීමට සිදුව ඇත්තේ යුද්ධය පවත්වා ගැනීම වෙනුවෙන් මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය ඉහළ යාමෙන් ජීවන වියදම අත පොවන මානයෙන් ඉහළ ගොස් ඇති නිසාය. ජනප්‍රිය පාසලකට ළමුන් ඇතුළත් කිරීමේදී 20%ක් (සිසුන් 40 සිටින පන්තියකින් අට දෙනකු) යුද භටයින්ගේ දරුවන් සඳහා වෙන් කර තිබුණි. ඊට අන් කිසිම සුදුසුකමක් අවශ්‍ය නොවීය. මේ සියල්ල විවිධ නම් වලින්, විවිධ ව්‍යාපෘති යටතේ යුද හමුදා භටයින්ගේ පැවැත්ම වෙනුවෙන් මුදල් එකතු කර ගන්නවාට අමතරවය. "අපි වෙනුවෙන් අපි නිවාස අරමුදල"ක් කියාද මොකක්ද රෙද්දක්ද තිබුණි. උන් වෙනුවෙන් බෝධි පූජා වැනි පිස්සු විගඩම් තියන්නට වැය කරන ලද කාලය ශ්‍රමය හා අතිවිශාල මුදල් සම්භාරය අමතක කරමු.

      එහෙයින් සොල්දාදුවා කරෙන් බිමට ඇද දමන්නට සිදුවීම කිසිසේත්ම කම්පාවට හේතුවක් නොවිය යුතුය. එය විය යුත්තකි. අන් හැම වෘත්තියකටම සේම මිලිටරියටද උරුම තැනක් ඇත. ඔවුන් සිටිය යුත්තේ එතැනය. මිලිටරිය සිවිල් සමාජය විසින් මල්පුදා හඳුන්කූරු අල්ලා දේවත්වයට පත්කොට පුද කිරීම සමාජයේ ඉදිරි ගමනට දරුණු බාධාවකි. සිවිල් සමාජය මිලිටරිය විසින් පාලනය නොකළ යුතුය. එහෙයින් කාරණා මෙසේ සිදුවීම ගැන අප සතුටු විය යුතුය. ඊට මඟ පෑදීම ගැන එජාප රජයට, සියලුම සබුද්ධික මතධාරීන්ට මෙන්ම සරත් ෆොන්සේකා මහතාටත් අප ස්තූතිවන්ත විය යුතුය.

      කෙසේවෙතත් මෙම විශ්‍රාමික ආබාධිත සොල්දාදුවන්ට විශ්‍රාමික දීමනාවක් ලෙස ඉදිරියේදී විශ්‍රාම වැටුප් වැඩිවීම ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. රට ආර්ථික අර්බුදයක සිටින මෙවන් දුශකර සමයක මේවා නොකල යුතු අනවශ්‍ය පිස්සු විකාර වැඩ බව බහුතර ජනතාවගේ මතයයි.

      Delete
    2. හැබයි මෙහෙම දේකුත් තියෙනවා.... රට කන කාළකන්නින්ට හා ජනාධිපතිවරුන්ට පහකින් විශ්‍රාමේ ලැබෙනවා නම්... රට වෙනුවෙන් ශරීරයේ අවයව පවා පූජාකරපු පිරිසකට යුද්දෙට ගියේ එක දවස උනත් කමක් නෑ විශ්‍රාමය දුන්නට අවුලක් නෑ. ඊශ්‍රායලයේ එහෙම ඒ තත්වය තියෙන්නේ.

      ඔබේ මතයට ගරි කලත්, රටේ පවතින තත්වය අනුව මොවුන්ගේ ඉල්ලීම අතිශයින් සාධාරණයි. නමුත් ඒක ඉල්ලන්න ඕනේ රටේ ජනතාව හිරිහැරයට ලක් කරලා නම් නෙමෙයි.

      Delete
    3. හමුදා සේවය තවත් එක්තරා රැකියාවක් තමයි.ඇත්තෙන්ම සෙබලා සේවය කරන්නෙ වැටුප් සදහා රජය වෙනුවෙන්. රට හෝ ජනතාව වෙනුවෙන් නොවෙයි .නමුත් වක්‍රව රටට් හා ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවා.

      නමුත් අපි අමතක කල යුතු නෑ බස් එකක යන්න බැරි යුගයක් තිබූ බවත් හමුදාවට බැදෙන්නට තරුනයන් මැලි වූ යුගයක් තිබූ බවත්. ඇනෝ හමුදාව සමග නොව පොදුවේ මේ රටේ සාමය අගය කරන ජනතාව ගැන වෛරයෙන් කොටින්ගෙ පැත්තෙ ඉදන් මේ ප්‍රශ්නය දකින්නෙක් බව පේනව. සොල්දාදුවා සිවිල් වැසියන්ගෙ කරට නැග ඔලුවට අත හේදීමක් නම් අපි දැක්කෙ නෑ. කොටි හිතවාදීන් එහෙම දැක්කද දන්නෙ නෑ.

      ත්‍රස්තවාදී ලේබලය අලවා අනිවාරතයේ මරා දමන ලද සොල්දාදුවකුට පවා එරෙහිව වචනයක් ලිවීම මහා ව්‍යසනයකට අත වැනීමක් වූ නිසාය. මාධ්‍යවේදී තිස්සනායගම් වසර විස්සකට බරපතළ වැඩ ඇතිව සිරගත කරන ලද්දේ සොල්දාදුවා දෙවියකු සේ සලකා වැඳ නොවැටී ඔහුගේ අන්තනෝමතික ක්‍රියා කලාපය ප්‍රශ්න කළ නිසාය//
      මොන පැත්තෙ ඉදන් ලියනවද කියන එකට ඔබේ වචනම සාක්ෂි දරනවා.

      Delete
    4. මේ අයට විශ්‍රාම වැටුපක් දෙන එක හොඳයි. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔය කියන කතාව බොරු. අවුරුදු දොලහ ඉවර වෙනකම් ඉන්න කියලා ඔය අයට හැම වෛද්‍ය මන්ඩලයකම කියනවා. කැමැත්තෙන් ගියේ. මේ ගැන රටේ ජනතාව දැන ගත යුතු නිසායි කියන්නෙ.

      Delete
    5. ඔය උඩින් කමෙන්ට් එක දාලා තියෙන ආමි ඇලර්ජි ඇනෝටයි මේ ලියන්නෙ. උඹලගෙ ලබ්බක් හමුදා සාමාජිකයින්ට අවශ්‍ය නැහැ. ඔවුන් ඔවුන්ගෙ රාජකාරිය කරා එච්චරයි. ඒකට පඩි ගෙව්වා. ඒ ඇති. ආයෙ පාරක් අනා ගත්තම ආයි පාරක් ඕන වේවි. එතකොටත් උඹලගෙ ලබ්බ ඕන නැහැ.

      Delete
  19. බන් මාතෙ. 1999 වසරෙ දවසක් බෝඩිමේ ඉඳන් පේරාදෙණිය නයිට් කඩේට ගිහිං රෑට කාල මමයි යාළුවයි ආයෙ පයින් එන ගමන් පොලිසියෙන් නවත්තල අපෙ ළඟ අයි ඩී නැතිනිසා කූඩුවට දැම්ම. ඒත් එදා රෑට ගංජා කුඩු කාරයෙක් හොයාගන්න නැති නිසා අතින් ගංජා දාල උසාවි දාන එක බේරාගත්තේ නොවදින වැදීම් වැදලා බුදු සර් අර සර් මේ සර් කියල.

    ලන්ඩන් වල කින්ස්බරි පංසල කිට්ටුව චිකන් & චිප්ස් කඩයක ලංකාවේ ඩයල් එකක් ඉන්නව. දැන් අවුරුදු තුනකට විතර කලින් මොනවහරි උවමනාවකට ඒ පැත්තෙ ගියවෙලාවක කන්න කියල ඔය කඩේට ගියා. තවත් සිංහල කිහිප දෙනෙකුත් හිටිය.

    මු කන්නෙ මොනවද කියල අහන්ට කලින්ම ප්‍රශ්න පත්තරයක් දුන්න මට.

    ආ මල්ලී. ලංකාවේ වගේ..
    ලංකාවේ කොහෙද?
    ගාල්ලේ?
    ගාල්ලේ කොහෙද?
    අර අරෙහෙ ඉන්නෙ මගේ ෆිට් එකක්.
    ඔව් ඔව් එයාල ඒ දවස්වල ඉඳලම චන්ඩි තමයි.
    ඔව් ඔව් පාතාලේ තමයි.
    මල්ලි මොකද මෙහෙ කරන්නෙ?
    වැඩක් නෑ මල්ලි මේ රට. ඔයා ලංකාවට යන්න.
    මමත් මෙහෙ ගොඩක් අය දන්නව. මොකද මම පොලිසියේ ඒ ඇස් පී කෙනෙක් නේ..
    අනික දුමින්ද සිල්ව එහෙම මගෙ ෆිට් එක තවම. ඕන වැඩකට එක කෝල් එකයි.... බ්ලා බ්ලා ගොඩයි.

    මම ටිකක් වෙලා බලන් හිටිය. බැරිම තැන මම කට අරිය.

    "පකෝ, මම මෙතනට ආවෙ කන්න මිසක් තොගේ ඔය හුත්තෙ ජාතකේ අහන්නවත් මගෙ ජාතකේ තොට කියන්නවත් නෙමෙයි. තොගෙ ඔය ඒ ඇස් පී පට්ටම ෆ්‍රයි කොරල ගහගනින් තොගෙ පුකේ" කියල ආව..

    ReplyDelete
    Replies
    1. නියමයි මචෝ... මාත් ඔය විදියට දීලා ඇදලා තියෙනවා... ඊශ්‍රායලයේ තානාපතිටත්... බණ දේශණා තියන්න ඇවිල්ලා..

      Delete
  20. ඉහත කොමෙන්ටුව ටිකක් මේ පොස්ට් එකට අදාළ ණෑ තමයි. ඒත් උබේ තැනට සුදුසු නුවණ ඉතා අගය කරමි.

    කොහොමත් පොලිසිය ගැන මට ඇත්තේ පිළිකුලකි.

    ඔය රණවිරුවො හිඟමනේ යාමෙන් සවුත්තු වෙන්නෙ උන්ගෙම කොන්දයි.

    මාතෙ කිව්ව වගේ මහින්දගෙ කාලෙ කොහෙද මේ අයගෙ කටවල් තිබ්බෙ? ඒ දවස්වල මෙයාල කට පුක වහං ලස්සනට දෙන දෙයක් කාල වෙන දෙයක් බලං හිටිය. TV එකේ දකිද්දීනම් මෙයාල කැමෙරා වලට ඕන විදිහට බිම වාඩි වෙන නැගිටින කථා කරන හැටි දැක්කම මටනම් මෙයාල ගැන ආඩම්බර වෙනවට වඩා පට්ට ජෝක් එකකට හිනා ගියා වගේ සීන් එකක් උනේ. 😂😂😂

    ReplyDelete
    Replies
    1. ගොබ්බයෝ පාලකයෝ උනාම කාණුවල ඉන්න පණුවොත් ඔළුවේ නගිනවා...

      Delete
  21. අමරදේවයන්ගේ අභාවය ගැන දැනගත්තේ උඹ දාලා තියෙන එකෙන්. හරි කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. අමරදේව මැරිලා ගොඩක් කල්... ඒත් අපි රසිකයෝ නේ.. අපිව අදටත් පිනවන මිනිස්සු නේ...

      Delete
  22. අර පාර්ලිමන්ට් ග්‍රවුන් එකට ගිහින් සනීපෙට හුළං පාරක් වැදි වැදී උද්ගෝශන කලානම් එකකකොය ට්‍රැෆික් පොලිස් කාරයෝ වාහන විකල්ප පාර වල් වල නොයැවුවට මොකද ඇමති වාහන ප්‍රභු වාහන ඔක්කොම ඕවා මඟ ඇරලා ලස්සනට යනවා. උඹලා අපි වගේ එවුන් තමයි අයියේ ඕවා අස්සේ කට්ට කන්නේ..

    ReplyDelete
  23. මේක විහිලුවක්. මට නම් හිතෙන්නේ රටේ නීතියක් නැහැ. පරිපාලනයක් නැහැ කියලා... පොලිස්පති නීති නවන බව කියවෙනකොට..ජනාධිපති ලොක්කා අගමැතිට කියන්න ඕන ඒවා මාධ්‍යට කියනකොට පේන්නෙම විකාරයක්. මම හිතුවේ බ්ලොග් කාරයින්ට පිස්සු කියලා. නැහැ. අපි ඔක්කොටම පිස්සු. කවුරු හරි හිතනවා නම් මේ කියන්නේ ජනතාව කියලා. නැහැ.. ජනතාව කියලා ජාතියක් දකුණු ආසියා කලාපයේ නැහැ. ඒත් අරුණි ශපීරෝ කියනවා එහෙම අයම තමයි ඇමරිකාවේ ඉන්නෙත කියලා.

    /////
    තව දින කිහිපයකින් ඇමෙරිකාවේ විශාලතම කේවල කල්ලිය, එනම් අඩුම අධ්‍යාපනයකින් සහ අඩුම බුද්ධියකින් යුතු විශාලතම පිරිස වෙතින් රටේ ජනාධිපති (හිලරි හෝ ට්‍රම්ප්) තෝරාගැනෙනු ඇත. එයින් ඇමෙරිකන් ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්ව ස්වභාවය කිසිත් ලෙසකින් අඩුවේ යැයි බලාපොරොත්තු විය නොහැකියි.

    තමන්ට ආරක්ෂාව සපයන්නට, තමන්ගේ වත්කම දියුණු කරන්නට හා තමන්ගේ සුවසෙත සලසන්නට හැකියාව ආණ්ඩුවකට ඇතැයි විශ්වාස කරන අඩුම අධ්‍යාපනයක් සහ අඩුම බුද්ධියක් ඇති පුද්ගලයන් ආණ්ඩුවක ස්වභාවයෙන්ම ඇති ප්‍රචණ්ඩත්වයට වැඩි වැඩියෙන් බලය පවරති. ඉතින් නරකම අය උඩටම එති.///////////

    මතක තියා ගත යුතුවෙන්නේ මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන නොව මිනිස් සන්තානයේ ඇති අඩු කම් සහ වැඩි කම් දේශපාලකයා පාවිච්චිකරනා ආකාරයේ ඇති සූක්ශම භාවයයි. අම්මගේ රෙද්දේ ප්‍රජාතන්තරේ කකුල් දෙක අස්සෙන් බේරෙන්නේ මේවා දැක්කාමය.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න