සාධූ.. සාධූ.. සාධූ...
මෙතේ බුදු දැක
නිවන් දැක්මට
සසර සැරිසරා
ඵල නැත
පින් කෙත
හෙළ රන් දෙරණේ
නැවත ඉපදීමකට
ඉඩ නැත
පෙරැ බවයන්හි කළ
පිනම ඵලදී ඇත
කලියුගේ බුදු රදුන්
පහල වී ඇත
පින් බිමක් මත
ඉඳින් නම්
කිම පමා පින්වත
ඒ බුදුන් වැද
නිවා ගත සිත
උතුම් වූ
නිවනින්ම සැනසෙමු
සාධු නද දී
දොහොත් නලලත
සාධූ.. සාධූ.. සාධූ...
-x-
- මාතලන් -
😇
ReplyDeleteදෙතිස් පුරිස ලකුණින් අඩුවක් නැතිවේ
Deleteකෙලෙසුන් මුලින් නසමින් සම්බුදු වුවේ
නිරමිස සුවය විඳිමින් හොඳ බඩු ගැසුවේ
පිලිරූ නෙළා නමදිමු හිමි පිටිදූවේ
- කඩවත පියසේන
ඒ දවස්වල බරණැස් නුවරත් මේ වගේම වෙන්නත් ඇති ඕයි..මෙතේ බුදුන් ඔච්චරම කළු වෙයි කියල කව්ද හිතුවෙ අප්පා...!
ReplyDeleteඅපි මෙතරම් වාසනා වන්ත ද....
Deleteඅපි කෙතරම් වාසනා වන්ත ද........
සාධූ සාධූ සාධූ.......
ReplyDeleteජයවේවා!!!
ජයවේවා කියන්න එපා...
Deleteපව්... !!
Buddhist Punk.. 🤘🏽
ReplyDeleteකොහොමද හොයන්නේ මීටර් තියෙනවද...? හූ හූ....
Deleteරුවන් ආසනයේ වැඩ සිටිමින් බිසිනස්කාර හොර හැත්තගේ දන් වලදමින් අන්ධ භක්තියෙන් සහ මොහෙන් මුලාවු දැසි දස්සන්ගේ හිත සුව පිනිස වැල් බයිලා බණ දෙසන අපේ කාලේ නිවන අවබෝධකරගත් රහතුන් වහන්සේගේ රන් පිළිමෙට මල් පුදලා දෑත් දොත් මුදුන් තියලා සාදු කාරයක් දීපල්ලා. සාදු .... සාදු..... සාදු...........
ReplyDeleteඔය වාගේ බුදුවුනා කියපු ජපන් පිස්සෙක් හිටියා ෂෝකෝ අසහාරා (Shoko Asahara )කියලා. අසහාරා අනුගන්න වලදි ලංකාවටත් ආවා. මිනිහාගේ සංවිධානේවුනේ ඔම් ෂින්රික්යෝ. අන්තිමේදි ජපානේ සබ් ස්ටේෂන්වල ගෑස් ගහලා මිනිස්සු මරලා නිවන් යන්න හැදුවා. මේ පිස්සාත් ඔයවාගේ වැඩක් කරයිද දන්නේ නෑ.
එහෙම කලොත් පුදුම වෙන්ඩත් බෑ
Deleteමේ එහෙම බුදුන් කෙනෙක් නෙමෙයි.. රියල් බුද්ධා....
Deleteඔහොම මිනිස්සුන්ව රවට්ටනව කියන්නෙ එසේමෙසේ පවක් නං නෙවෙයි බං.අම්මප!!
ReplyDeleteකොහොමද කියන්නේ රවට්ටනවා කියලා.. සෙනඟ සූ ගාලා... මාත් යනවා ..
Deleteආයේ මක්කටෙයි සසර සැරිසරන්නේ දුක් විඳ විඳ...
මෙතන ප්‍රශ්ණය තියෙන්නේ මේකා බුදුවුනා කියාගන්න එකම නෙවෙයි. මේ සේරම මුසාවාද අහමින් පුද සත්කාර කරන, පස්ස උඩ දාගෙන වැඳ වැටෙන, කියන ඕනෑම මුසාවාදයක් පිළිගන්න අන්ධ භක්තිකයන් පිරිසක් අම්මට සිරි ලංකාවේ බිහිවී සිටීම ගැනයි. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ කියලා කතාවකුත් තියන්නේ නිකන්ද? ඒ පාර හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම හිටවනවා. අසපුව කියා නමක් දාගෙන ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගා හදනවා. ඒවා හරියට අධි රක්ෂිත බන්ධනාගාර වගේලු. වඳින්ඩ ගිහින් සල්ලිත් පුජා කරලා එන කොට ෆොටෝ එකක් ගත්තොත් සෙකුරීටි එකෙන් අල්ලාගෙන තඩි බානවලු. දැන් එතකොට මේ අලුත් බුදුන් කියා ගන්නා යක්ෂයා යමා මහා පෙළහර පානවද ? අහසින් වඩිනවද, කොහේ හරි කන්දක් හොයාගෙන තනි කකුලෙන් හිටගෙන ඉන්නවද ශ්‍රී පාද ලාංචනය ගලේ සටහන් වෙනකල් ? ඉන්දියා පකිස්තානු අර්බුධය ලේසියෙන්ම විසදන්ඩ පුලුවන්නේ ගව්තම බුදුන් යක්ෂ නාග සටන සමාදාන කළා වගේ. මැද පෙරදිග අරාබි ඊශ්‍රායල් සටන ලේසියෙන්ම නවත්වන්ඩ පුළුවන්නේ අහසින් වැඩලා යමා මහා පෙළහරක් එහෙම පාලා. වෙන එකක් ඕනනෑ සමන්ත බද්‍ර බුදුන් යැයි කියාගන්නා පුද්ගලයා පහලවූ ධර්මද්වීපයේ ඇති අරගල: සිංහල-දෙමල, සිංහල-මරක්කල ප්‍රශ්න ලේසියෙන්ම විසදන්ඩ පුළුවන්නේ බුදු බලය පාලා. මේ බුදුනුත් ඇතුළු හොර චීවර ධාරීන් කරන්නේ දෙමලු මරමු, මරක්කලයෝ මරමු කියමින් මෝඩ සිංහලයන් උසිගන්වන එක මිසක් වෙන මොකවත් නෙවෙයි. එහෙව් අස්මතජාතියෙක් බුදු වුනා කියලා බොරු කෙලින කොට අපිට මොකෙන්ද හිනා වෙන්ඩ තියෙන්නේ එතකොට. දැන් මම මේ කල්පනා කරන්නේ අපේ පන්සල්වල ඉන්නා ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කරනකොට "මතු බුදුවන මයිත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා" කියන එක වෙනස් කරන්ඩ වෙනවා. මේ විදියට බුදුවරු පහළ වෙන්ඩ පටන් ගත්තොත් මයිත්‍රී බෝධිසත්වයන්ට දිගටම තව්තිසා දිව්‍ය ලෝකෙම ඉන්නවා ඇරෙන්ඩ වෙන කරන්ඩ දෙයක් නැතිවෙයි. මේ විහිලුව සිය බොග් මාධ්‍යයෙන් අපගේ අවධානයට යොමු කිරීම ගැන මාතලන් දිව්‍ය පුත්‍රයාට අපගේ නොවක් ඉස්තුතිය හිමි විය යුතුය.
ReplyDeleteඉතින් කොටින්ට් ගේම දීලා තියෙන්නෙත් බෙංගමුවේ ආලවක හිමි නේ..
Deleteකව්ද දන්නේ රෑට රෑට මේ දෙන්න දෙව් විමන් වල සෙට් වෙනවද කියලා...
පෙර කල විසු බුදුවරුනට කර නිගරූ
ReplyDeleteනන් දොඩවමින් වෙසෙනා මේ පව් පඳුරූ
එලි දක්වති ප්‍රතිමා කෝලම් වඳුරූ
දෙව්දත් නිකායත් පෙර ඇන්දලු සිවුරූ
- මයුරවිල මි.
මම බුදු කෙනෙක්යයි කියමින් හම්මේ
Deleteකැ# වේ## පුතෙක් ලෝකෙට කැටයම් දැම්මේ
ගිහියෝ ටිකක් යනවලු උගෙ පස්සෙන් පිම්මේ
තාත්තේ ඇයිද මූව පිස නොම දැම්මේ සරමේ
පෙර අප බුදුන්ටත් කළ අපහාස
Deleteච්ංචිමානවිකාවන් පෑ මදහාස
ගල් පෙරලු දෙව්දත් තෙරනුවන් ලෙස
මයුරවිල අපා නිරයේ දැවෙයි පැස
කාව්ය සිරෝමනි - මාතලන්
පින් කෙතක ඉපදුනු අපි
ReplyDeleteළමයා පාසලට දමන්න
හොර ඔප්පු සාදමු
රස්සාවක් ගන්න
දේශපාලකයන්ට වඳිමු
පින් කෙතක ඉපදුනු අපි
කෙහෙල් පහුරු සාදන්නෙමු
ඉතාලි යාමට
ට්‍රෝලර් වල නගිමු
ඔසී පැනීමට
පින් කෙත
හෙළ රන් දෙරණේ
නැවත ඉපදුනොත්
ආයෙත් වීසා ගනිමු
ජය භූමි කරා යාමට
ඒ වගේද මිතුරේ අද කියන් මට
Deleteබුදුන් දකින්නට ලෝකෙම එනවා මෙහෙට
ආර්තිකයේ වර්ධන වේගය එවිට
ප්‍රස්ථාරත් කඩාගෙන යයි දෙව් ලොවට
අපේ බුදුන්
ReplyDeleteඅපි වඳින්න
අනෙක් උන්ට
ගල් ගහන්න
හැමිනෙන්න
Deleteකන පලන්න
දෙකක් දෙන්න
වරෙන් යන්න
උන්නාන්සේ සීතාම්බරපට සිවුරක්ලු ඇඳලා ඉන්නේ. ඒකයි උපාසක අම්මලා ඔච්චර යන්නේ. ධාතු වන්දනාව, ධාතු වන්දනාව.
ReplyDeleteපව් පිරෙන කතා කියන්න එපා උපාසක...
Deleteනිවං යන්න ගිහිල්ල පත්තුවෙයිද දන්නෑ.
ReplyDeleteඔම්බදු පත්තු තමයි ඉතින්
Deleteරටේ ජනාධිපති ගියාලු පිස්සන්කොටුවෙ ලෙඩ්ඩු බලන්න.
ReplyDeleteඑකෙක් ඉන්නවාලු හෙන ගැම්මෙන්.පොර අපේ බුවා ලඟට ඇවිත් ඇහුවාලු 'මචං උඹ කවුද?' කියලා.
අපේ බුවා කිව්වලු 'මම රටේ ජනාධිපති' කියලා.
අර පිස්සා කිව්වලු 'මමත් ආපු කාලෙ හිතං හිටියෙ ඔහොම තමයි.බෙහෙත් ටික ගානට බොනකොට ඇරිල යයි' කියලා.
ඇතුලට ඔලුව දාල බැලුවොත් පිළිම නෙලා නොමැති සැමැන්ටාලා අඩු නැති ලු.
ජයවේවා..!!
Samantha Fox බද්‍ර
ReplyDelete:)
Deleteසමන්ත භද්‍රගේ ලැටරල් එන්ට්‍රි එක නිසා මෛත්‍රි බුදු හාමුදුරුවන්ගෙ ෆයිල් එක යට යන එක තමයි පුරස්නේ
ReplyDelete