නිමිත්ත - මේකප් දියවූ මනාලිය දුටු මනාලයා පැන දුවයි
තා නා තාම් දාන තා . . ම්
දන තාම් දන තන . . .
තා නා තම් දාන තා . .. ම්
දන තා . . නා . . ..
ගමන් යනේන සොඳ රූබර තාලේට පතිනිය කුළ ගෙට එන්නේ
බිමට යොමා නෙත ඇඹරෙන තාලේට අපටත් ලැජ්ජා එන්නේ
කියන්න පුදුමයි නෑ පිරිවර හා විශාකා වදෝ එන්නේ
අහන්න මැතිඳුනි මනාලියක් ගැන කවි පද මේ පැබදෙන්නේ
උඩරට නැට්ටුවෝ කස්තිරමක් පැන අහස් කුසේ ඉගිලෙන්නේ
චීන පටස් අලි ඩොං බට්ටෝ හඬ හෙන පුපුරනවා වැන්නේ
බොහෝම වැදගත් නෑදෑ පිරිවර ශාන්ත ගමනෙනි එන්නේ
කැමරා කාරයෝ අණ දෙන තාලේට පෙරහර ගමන් කරන්නේ
හෙළ කුළ සිරිතට පෝරුවෙ තිබුනට ඩී ජේ කැපි පෙනෙන්නේ
අෂ්ඨක බර බර කව් ගායන මැද පෝරුවටද ගොඩ වෙන්නේ
අහසේ වදිනා කේක් කපන්නට කේක් හදපු උන් එන්නේ
වෙන තැනකින් හෙම කැපුවෝතින් තොපි රෙජිෆෝම්ය වළඳන්නේ
හත් වසකින් කෑමක් දැක නැති උන් බුෆේ පෝලිමේ ඉන්නේ
වැදගත් මහතුන් සැම මග හරිමින් බෝතලේට සෙට් වන්නේ
ගොයින් අවේ කිට් අඳින්න ගිය සඳ මළ කෙලියකි අද වෙන්නේ
මල් කුමරියො සමඟින් අප පතිනිය හෙමිහිට දෙකක් දමන්නේ
කන් අඩි පුපුරණ ඉබේම නැටවෙන ඩී ජේ නද අත රින්නේ
දෙකක් දමා ගත් පතිනිය සමඟින් මල් කුමරියෝ වඩින්නේ
උඩරටටත් නැති සබරගමුවෙ නැති නැටුමකි දැන් රඟ දෙන්නේ
18 සන්නිය වැළඳුන තාලේට අඩව්වකිය අල්ලන්නේ
තාජ් - ජිත්තක, කුංතක ජිංගත -
හජ්ජිත්, කුංතක, තරිකිට කුං දං
රොංතකජිත්, තජිතකුජිත්, රුඳන් ගජිත් තා
කඩතක දැහිං තක ජිජි ගත - ගජ් ජිත්,
තාත්, කඩතක, ගජි ගත කුඳ කුඳ තා
ඇඹරෙන ඒ පුකවල් ටික දැක්කම නාකිත් තිරිහන් වන්නේ
සොකරි නටන තාලේට ඇඟ ලෙලදෙන ආච්චිලත් සෙට් වෙන්නේ
අම්මලා නලියනවා ආතල් දැක පොඩි උන් බෙරිහන් දෙන්නේ
හින්ගල හෙළ කුල සිරිතට අනුවම ඔක්කොම තොවිල් නටන්නේ
මේකප් දිය උන සුරඟන පිරිවර අමු යක්කුන් ලෙද දිස් වන්නේ
උඩරට හෙළ බොදු මනා පෙනුම ඇති වැදගත් කත කෝ නෑ නේ
උඩරට මැනිකෙට පට කුඩ දෙක දෙක අම්මාටම හැමිනෙන්නේ
කොතරම් දේපල තිබුනත් අම්මේ කොහොමද යකෙක් බඳින්නේ
දොම්කිත - තකදොම් - දොදොම් - දොමිත දොම්
රොන්, තක ජිං තක - තරිකිට කුං දං -
තාගජිත්තක තරිකිට කුං දං
රොංතක ජින්තක තරිකිය කුං දං තා -
සත්‍ය කතාවක් ඇසුරෙන්, සකල කලා වල්ලභ, කාලා නිදි, කලා භූෂණ, කාව්‍ය ශිරෝමිණී වන මාතලන් වන මා විසින් රචනා කොට හුදී ජන පහන් සංවේගය උදෙසා ලියා පල කළ වගයි...
කොතරම් දේපල තිබුනත් අම්මේ
ReplyDeleteකොහොමද යකෙක් බඳින්නේ...!
:)
:)
Deleteවෙඩින් එකට හැමවේලෙම ලස්සනකට ඉන්න
ReplyDeleteපිටින් ගාන ලාටුවලට ලිය කැමතියි ඔන්න
හොඳින් ලියපු තොවිල් නටපු මඟුලක් ගැන මෙන්න
ඉතින් මාතෙ උඹේ කවිය පට්ටයි නෑ බින්න.......
ජයවේවා!!!
උඹේ කයි පදත් ඉස්තරන්.. තෑන්කූ දුමී
Deleteබොරු ඇස් පිහාටු හයි කරලා ඇස් කොල පාටින් නිල් පාටින් පේන්න කාචත් දමලා සුර කුමරිය වගේ ඉන්න මනමාලිව මගුල් ගෙදර ඉවරවෙලා ටික දවසකට පස්සේ බැලුවොත් අදුනගන්න බැරිවෙනවා. එච්චරට වස කැතයි.
ReplyDeleteමනාලිට විතරක් නෙමෙයි දැන් මානාලයටත් මේකප් තට්ටුවක් දානවා.
ඊට පස්සේ ඇත්ත මූණූ දැක්කම දෙන්නට දෙන්නා බය වෙනවා....
Deleteසහතික අැත්ත බොල. පැය ගානක් බියුටි සෙන්ටර් වල හරි ගෙදර කාමරයක් අස්සෙ හරි තට්ටු ගණං උලල එලියට දානකොට අල්ලපු ගෙදර එකාටවත් ඒ ගෑණු මනුස්සය අඳුනගන්න බෑ.
ReplyDelete😂
Deleteබියුටි කචල් කියන්නේ ඒක නේ....
Delete//සොකරි නටන තාලේට ඇඟ ලෙලදෙන ආච්චිලත් සෙට් වෙන්නේ//
ReplyDeleteකොච්චර වියදම් කරල 'මඩුවලිග ඇඳුම' ඇන්දත් වැටකොළු වැටකොළුම නෙ.. හෙහ් හෙහ්
හිතේ කරදරෙන් ඉන්න රට වැසියට මෙහෙමවත් ආතල් එකක් දුන්න මාතලංට ගල්භාගයක්ම ලැබේවා..!! සිගරට් පැකට්ටුවක්ම ලැබේවා..!!
ජයවේවා..!!
Lmfao 😂
Deleteදැන් බොන්නේ බීඩී... සවුක්කටත් අහිතකර නෑලූ නේ...
Deleteමරු පබැඳුම බං. ලඟදි වෙඩිමකටවත් ගියාද?
ReplyDeleteමීට වඩා ආතල් එකකට ගියා... ඒක ලියනන් බෑ.. උන් බොග කියවනවා...
Deleteමාතෙ ලොක්ක ඊයේ පෙරේද මගුලකට ගිහිල්ල ඇවිත් මගුලක් කථා කොරනව වගේ. 😜
ReplyDeleteඒ වගේද බං වෙඩින් සාරියට ලක්ෂ එකහමාරයි. ගොයින් අවේ එකට සුපියල් 75,000යි. හෝම් කමින් සාරියට ලක්ෂයයි. එතකොට සාරි මොනවද කොරනවට පනස්දාහයි. අර නුගේගොඩ මූණට කොන්ක්‍රීට් දාන ගෑනිට පනස්දාහයි ප්ලස් විසිපන්දාහයි.
කට කැඩෙනකන් කිව්ව රත්තරනේ සල්ලි බාගයක් ඉතුරු කොරන් තව ටිකක් අතින් දාල රටවල් දෙක තුනක් බලල එමු කියල. කොහෙද ඉතින් ළේ දුන්නට මොලේ දෙන්ට පුලුවනෑ 😂😂😂😜
එල ද බ්‍රා
Deleteඋඹ කියන ගාන අද ඇල්බම් එකටත් මදි..
Deleteනෝ මේකප්.. නෝ වෙඩිම්.. නෝ බයිලා.
ReplyDeleteඋඩුවා බැන්දෙ එහෙමයි. උටත් හොරෙන්
Deleteඔන්න මොලේ ඇති එකෙක්
මාත් එහම තමයි... හනිමූන් ගියේ දවස් දෙකකට ඉතර පස්සෙ, හොඳ සිහිය ආවම..
Deleteකාගෙ වෙඩිමටද බං ගියේ............... ඔවානං අමුම අමු ඇත්ත...... කොහොමත් වෙඩිං කියන්නේ ඉතින් මගුල් නේ බං..............
ReplyDeleteමඟුල් කනවා කියන්නේ නිකන්යෑ...
Deleteලඟදි වෙඩිමක් සෙට් වුනාද ?
ReplyDeleteඑහෙම නැත්තන්...
නෑ එක්කෝ ඕනේ නැහැ...
මඟුල් වලින් කොහෙද බං අඩුවක්...
Deleteසමහර අය දාලා තියන මේකප් දැක්කමත් බයේ දුවන්න හිතෙනවා.
ReplyDeleteඅම්මප විචා මාමේ මගේ එක්ස් ගෑනි මගුල දවසෙ දකිද්දි මම හිතුවෙ වැරදිල මම මික්ස් රේස් චයිනීස් ගැනියෙක් වත් බඳින්න හදනවද කියල.
Deleteඇස් දෙක දෙපැත්තට ඇදිල මුණ සුදුම සුදුයි අතපය කළුම කලුයි නිකං ලා කළු වගේ.
මෙන්න ඊට පස්සේ දවල්ට කෑවට පස්සේ ගෑනි පැය දෙකක් මිසිං. බලනකොට ගොයිම් අවේ එකට මේක් අප්. ඒ සැරේ දැක්කෙ හරියට දහම්පාසල් යන්ට හදන පොඩි කෙල්ලෙක් වගේ. මරු නන්දන වින්දන තමයි.. 😂😂😂
මෙහෙම විකාර රටක් ලොවෙත් නැතිව ඇති...
Deleteසකල කලා වල්ලභ, කාලා නිදි, කලා භූෂණ, කාව්‍ය ශිරෝමිණී වන මාතලන් /// අම්මටඋඩු
ReplyDeleteතව මහාචාර්ය කෑල්ලකුත් තියෙනවා...
Deleteඑල ද බ්‍රා ඇත්ත කථාව
ReplyDeleteමාතලන් බොරු කියනවා බොහොම අඩුයි...
Deleteකොතරම් දෑවැදි දුන්නත් අම්මේ කොහොමද යකෙක් බඳින්නේ ?
ReplyDelete:)
DeleteHey I come back to blog and write new pot too. I apolojise my blog freds to I not write this days long time. I reed your post. Very intrest. I think very sad wedin insidant hapan this. The britegrome no way run to.
ReplyDeletewal cum bag...
Deleteයකෙක් වත් බැඳ ගත්තොත් ඇති!
ReplyDeleteමම බැන්දේ සුද්දියෙක්...
Delete//හින්ගල හෙළ කුල සිරිතට අනුවම ඔක්කොම තොවිල් නටන්නේ//
ReplyDelete// මේකප් දිය උන සුරඟන පිරිවර අමු යක්කුන් ලෙද දිස් වන්නේ
උඩරට හෙළ බොදු මනා පෙනුම ඇති වැදගත් කත කෝ නෑ නේ//
+++++++++++
:)
Delete//සකල කලා වල්ලභ, කාලා නිදි, කලා භූෂණ, කාව්‍ය ශිරෝමිණී වන මාතලන් වන මා විසින් රචනා කොට හුදී ජන පහන් සංවේගය උදෙසා ලියා පල කළ වගයි...//
ReplyDeleteකවුද මාතලන් මේ නම් ටික ඔබට දයාද කල අය... :) :)
මමම දාගත්තා.. එහෙනම් ජෝසප් ස්ටාලින්ලා.. දේශබන්දු තෙන්නකෝන්ලා එහෙම ඉන්නේ...
Deleteඅර මනාලයා දුවල ගිය කටහ්වට වෙන්න ඇති. පව් බං. බැඳලා ළමයෙක් හදාගන්න හීනි ආසාවක් හැම කෙල්ලෙකුටම වගේ තියනවනේ. ලස්සන කැත කියල නැතුව. මට නම් ඕකට හිනාවෙන්න බහ.
ReplyDeleteඇයි ඒකට බොරුව භාවිතා කරන්නේ...
Delete