.

.

Nov 19, 2016

වරෙං මචං යමං නිවං - Lets Go Nivan




සාධූ.. සාධූ.. සාධූ...

මෙතේ බුදු දැක 
නිවන් දැක්මට
සසර සැරිසරා 
ඵල නැත

පින් කෙත 
හෙළ රන් දෙරණේ
නැවත ඉපදීමකට 
ඉඩ නැත

පෙරැ බවයන්හි කළ
පිනම ඵලදී ඇත
කලියුගේ බුදු රදුන්
පහල වී ඇත
පින් බිමක් මත

ඉඳින් නම් 
කිම පමා පින්වත
ඒ බුදුන් වැද
නිවා ගත සිත 
උතුම් වූ
නිවනින්ම සැනසෙමු
සාධු නද දී
දොහොත් නලලත


සාධූ.. සාධූ.. සාධූ...

-x-

- මාතලන් -

30 comments:

  1. Replies
    1. දෙතිස් පුරිස ලකුණින් අඩුවක් නැතිවේ
      කෙලෙසුන් මුලින් නසමින් සම්බුදු වුවේ
      නිරමිස සුවය විඳිමින් හොඳ බඩු ගැසුවේ
      පිලිරූ නෙළා නමදිමු හිමි පිටිදූවේ

      - කඩවත පියසේන

      Delete
  2. ඒ දවස්වල බරණැස් නුවරත් මේ වගේම වෙන්නත් ඇති ඕයි..මෙතේ බුදුන් ඔච්චරම කළු වෙයි කියල කව්ද හිතුවෙ අප්පා...!

    ReplyDelete
    Replies
    1. අපි මෙතරම් වාසනා වන්ත ද....
      අපි කෙතරම් වාසනා වන්ත ද........

      Delete
  3. සාධූ සාධූ සාධූ.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා කියන්න එපා...

      පව්... !!

      Delete
  4. Replies
    1. කොහොමද හොයන්නේ මීටර් තියෙනවද...? හූ හූ....

      Delete
  5. රුවන් ආසනයේ වැඩ සිටිමින් බිසිනස්කාර හොර හැත්තගේ දන් වලදමින් අන්ධ භක්තියෙන් සහ මොහෙන් මුලාවු දැසි දස්සන්ගේ හිත සුව පිනිස වැල් බයිලා බණ දෙසන අපේ කාලේ නිවන අවබෝධකරගත් රහතුන් වහන්සේගේ රන් පිළිමෙට මල් පුදලා දෑත් දොත් මුදුන් තියලා සාදු කාරයක් දීපල්ලා. සාදු .... සාදු..... සාදු...........

    ඔය වාගේ බුදුවුනා කියපු ජපන් පිස්සෙක් හිටියා ෂෝකෝ අසහාරා (Shoko Asahara )කියලා. අසහාරා අනුගන්න වලදි ලංකාවටත් ආවා. මිනිහාගේ සංවිධානේවුනේ ඔම් ෂින්රික්යෝ. අන්තිමේදි ජපානේ සබ් ස්ටේෂන්වල ගෑස් ගහලා මිනිස්සු මරලා නිවන් යන්න හැදුවා. මේ පිස්සාත් ඔයවාගේ වැඩක් කරයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම කලොත් පුදුම වෙන්ඩත් බෑ

      Delete
    2. මේ එහෙම බුදුන් කෙනෙක් නෙමෙයි.. රියල් බුද්ධා....

      Delete
  6. ඔහොම මිනිස්සුන්ව රවට්ටනව කියන්නෙ එසේමෙසේ පවක් නං නෙවෙයි බං.අම්මප!!

    ReplyDelete
    Replies
    1. කොහොමද කියන්නේ රවට්ටනවා කියලා.. සෙනඟ සූ ගාලා... මාත් යනවා ..

      ආයේ මක්කටෙයි සසර සැරිසරන්නේ දුක් විඳ විඳ...

      Delete
  7. මෙතන ප්‍රශ්ණය තියෙන්නේ මේකා බුදුවුනා කියාගන්න එකම නෙවෙයි. මේ සේරම මුසාවාද අහමින් පුද සත්කාර කරන, පස්ස උඩ දාගෙන වැඳ වැටෙන, කියන ඕනෑම මුසාවාදයක් පිළිගන්න අන්ධ භක්තිකයන් පිරිසක් අම්මට සිරි ලංකාවේ බිහිවී සිටීම ගැනයි. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ කියලා කතාවකුත් තියන්නේ නිකන්ද? ඒ පාර හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම හිටවනවා. අසපුව කියා නමක් දාගෙන ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගා හදනවා. ඒවා හරියට අධි රක්ෂිත බන්ධනාගාර වගේලු. වඳින්ඩ ගිහින් සල්ලිත් පුජා කරලා එන කොට ෆොටෝ එකක් ගත්තොත් සෙකුරීටි එකෙන් අල්ලාගෙන තඩි බානවලු. දැන් එතකොට මේ අලුත් බුදුන් කියා ගන්නා යක්ෂයා යමා මහා පෙළහර පානවද ? අහසින් වඩිනවද, කොහේ හරි කන්දක් හොයාගෙන තනි කකුලෙන් හිටගෙන ඉන්නවද ශ්‍රී පාද ලාංචනය ගලේ සටහන් වෙනකල් ? ඉන්දියා පකිස්තානු අර්බුධය ලේසියෙන්ම විසදන්ඩ පුලුවන්නේ ගව්තම බුදුන් යක්ෂ නාග සටන සමාදාන කළා වගේ. මැද පෙරදිග අරාබි ඊශ්‍රායල් සටන ලේසියෙන්ම නවත්වන්ඩ පුළුවන්නේ අහසින් වැඩලා යමා මහා පෙළහරක් එහෙම පාලා. වෙන එකක් ඕනනෑ සමන්ත බද්‍ර බුදුන් යැයි කියාගන්නා පුද්ගලයා පහලවූ ධර්මද්වීපයේ ඇති අරගල: සිංහල-දෙමල, සිංහල-මරක්කල ප්‍රශ්න ලේසියෙන්ම විසදන්ඩ පුළුවන්නේ බුදු බලය පාලා. මේ බුදුනුත් ඇතුළු හොර චීවර ධාරීන් කරන්නේ දෙමලු මරමු, මරක්කලයෝ මරමු කියමින් මෝඩ සිංහලයන් උසිගන්වන එක මිසක් වෙන මොකවත් නෙවෙයි. එහෙව් අස්මතජාතියෙක් බුදු වුනා කියලා බොරු කෙලින කොට අපිට මොකෙන්ද හිනා වෙන්ඩ තියෙන්නේ එතකොට. දැන් මම මේ කල්පනා කරන්නේ අපේ පන්සල්වල ඉන්නා ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කරනකොට "මතු බුදුවන මයිත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා" කියන එක වෙනස් කරන්ඩ වෙනවා. මේ විදියට බුදුවරු පහළ වෙන්ඩ පටන් ගත්තොත් මයිත්‍රී බෝධිසත්වයන්ට දිගටම තව්තිසා දිව්‍ය ලෝකෙම ඉන්නවා ඇරෙන්ඩ වෙන කරන්ඩ දෙයක් නැතිවෙයි. මේ විහිලුව සිය බොග් මාධ්‍යයෙන් අපගේ අවධානයට යොමු කිරීම ගැන මාතලන් දිව්‍ය පුත්‍රයාට අපගේ නොවක් ඉස්තුතිය හිමි විය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඉතින් කොටින්ට් ගේම දීලා තියෙන්නෙත් බෙංගමුවේ ආලවක හිමි නේ..

      කව්ද දන්නේ රෑට රෑට මේ දෙන්න දෙව් විමන් වල සෙට් වෙනවද කියලා...

      Delete
  8. පෙර කල විසු බුදුවරුනට කර නිගරූ
    නන් දොඩවමින් වෙසෙනා මේ පව් පඳුරූ
    එලි දක්වති ප්‍රතිමා කෝලම් වඳුරූ
    දෙව්දත් නිකායත් පෙර ඇන්දලු සිවුරූ

    - මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. මම බුදු කෙනෙක්යයි කියමින් හම්මේ
      කැ# වේ## පුතෙක් ලෝකෙට කැටයම් දැම්මේ
      ගිහියෝ ටිකක් යනවලු උගෙ පස්සෙන් පිම්මේ
      තාත්තේ ඇයිද මූව පිස නොම දැම්මේ සරමේ


      Delete
    2. පෙර අප බුදුන්ටත් කළ අපහාස
      ච්ංචිමානවිකාවන් පෑ මදහාස
      ගල් පෙරලු දෙව්දත් තෙරනුවන් ලෙස
      මයුරවිල අපා නිරයේ දැවෙයි පැස

      කාව්ය සිරෝමනි - මාතලන්

      Delete
  9. පින් කෙතක ඉපදුනු අපි
    ළමයා පාසලට දමන්න
    හොර ඔප්පු සාදමු
    රස්සාවක් ගන්න
    දේශපාලකයන්ට වඳිමු

    පින් කෙතක ඉපදුනු අපි
    කෙහෙල් පහුරු සාදන්නෙමු
    ඉතාලි යාමට
    ට්‍රෝලර් වල නගිමු
    ඔසී පැනීම​ට

    පින් කෙත
    හෙළ රන් දෙරණේ
    නැවත ඉපදුනොත්
    ආයෙත් වීසා ගනිමු
    ජය භූමි කරා යාමට

    ReplyDelete
    Replies
    1. ඒ වගේද මිතුරේ අද කියන් මට
      බුදුන් දකින්නට ලෝකෙම එනවා මෙහෙට
      ආර්තිකයේ වර්ධන වේගය එවිට
      ප්‍රස්ථාරත් කඩාගෙන යයි දෙව් ලොවට

      Delete
  10. අපේ බුදුන්
    අපි වඳින්න
    අනෙක් උන්ට
    ගල් ගහන්න

    ReplyDelete
    Replies
    1. හැමිනෙන්න
      කන පලන්න
      දෙකක් දෙන්න
      වරෙන් යන්න

      Delete
  11. උන්නාන්සේ සීතාම්බරපට සිවුරක්ලු ඇඳලා ඉන්නේ. ඒකයි උපාසක අම්මලා ඔච්චර යන්නේ. ධාතු වන්දනාව, ධාතු වන්දනාව.

    ReplyDelete
    Replies
    1. පව් පිරෙන කතා කියන්න එපා උපාසක...

      Delete
  12. නිවං යන්න ගිහිල්ල පත්තුවෙයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඔම්බදු පත්තු තමයි ඉතින්

      Delete
  13. රටේ ජනාධිපති ගියාලු පිස්සන්කොටුවෙ ලෙඩ්ඩු බලන්න.
    එකෙක් ඉන්නවාලු හෙන ගැම්මෙන්.පොර අපේ බුවා ලඟට ඇවිත් ඇහුවාලු 'මචං උඹ කවුද?' කියලා.
    අපේ බුවා කිව්වලු 'මම රටේ ජනාධිපති' කියලා.
    අර පිස්සා කිව්වලු 'මමත් ආපු කාලෙ හිතං හිටියෙ ඔහොම තමයි.බෙහෙත් ටික ගානට බොනකොට ඇරිල යයි' කියලා.
    ඇතුලට ඔලුව දාල බැලුවොත් පිළිම නෙලා නොමැති සැමැන්ටාලා අඩු නැති ලු.
    ජයවේවා..!!

    ReplyDelete
  14. Samantha Fox බද්‍ර

    ReplyDelete
  15. සමන්ත භද්‍රගේ ලැටරල් එන්ට්‍රි එක නිසා මෛත්‍රි බුදු හාමුදුරුවන්ගෙ ෆයිල් එක යට යන එක තමයි පුරස්නේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න