.

.

Dec 28, 2016

විශේෂ විධි විධාන පනතට කෙලවීම හෙවත් චේතනා පරිශුද්ධ වූ පෙම් සටන පැරදීම




මාතලන් ටෙලි නාට්ටි බලන්නේ නැති උනත්, මෑතකදි බොහෝ සෙයින් ජනප්‍රිය උන "සිඳු" නාට්ටිය නම් බොහෝම අසාවෙන් බැලුවේය. මාතලන් සිත් ගත් චරිත කීපය අතරට, "හීන් බබා සීයා" මෙන්ම, "චුට්ටේද" ඇතුලත් උනේය. හීන් බබා සීයා ඉස්සර කැළණියේ මෙන්ම උනවටුනේත් උන් අතර, චුට්ටේ කියන්නේ මාතලන්ගේ පොඩි කාළයේ චරිතයය. 

බූතයෝ, නැකත් හා දෙවියන්ගේ පලු ඇරීමට
 කොවුර් අනුස්මරණ දේශණයකට යන
 උපුල් ශාන්ත සන්නස්ගල
ඔය නාට්ටිය අහවර වෙලා බොහෝ කල් වුවද, දැන් කරන්නේ, මේ ආන්ඩුව වගේම ඇදගෙන යන එකය. ඇත්තම කියනවා නම්, සිඳූගේ දෙමව්පියන්ට සිඳු හම්බ උනායින් පස්සේ, කතාව අහවරය. ඒත් දැන් කරන්නේ, සමාජයෙන් තුරන් කරන්න හැදුවත් කිසිදාක කිරීමට නොහැකි, හැම එකාම යටි සිතින් ආදරය කරන භූත කතාවක් ගොතා, ජනතාව ගොනාට ඇන්දීමය. ඇත්ත වශයෙන්ම කියනවා නම්, දැන් ජනතාවට කියා දෙන්නේ, නිධානයක් ගොඩ ගන්නේ කෙසේද කියනා පාඩම, නොදන්න එකාට පවා විස්තර ඇතිව කියා දෙන එකය. මේ කතාව යන අතරේ හෝ ඉන් පස්සෙ තිබෙනා පුරාවස්තු ටිකටත් කෙලවෙනවා නොඅනුමානය. ඒ අස්සේ සයිබර් යුගයේ ලව් ඉස්ටෝරී දෙක තුනක්ද ඊට ඇතුලත් කොට, ෆලූඩා වාගේ අමුතුම එකක් දුන්නත්, බලන්න නම් හිතෙන්නේම නැතිය. 

ඔය කතාවේ පට්ටම චරිතයක් වන චුට්ටේ නම් ඇම්ඩා කියන කතාවක් මේ දවස් වල බොහෝම ජනප්‍රියය. එනම්, "මම හිතුවා ඕක හරියන්නේ නැතෙයි..." කියනා කතාවය. මේ ආන්ඩුව සංවර්ධන විශේෂ විධි විධාන පනතක් ගෙන එනවාය, ඒක ගෙනාවාම ඔක්කෝම හරි යනවාය කියා කීප දෙනෙක්ම මාතලන් හා කතා බහේ යෙදුන අතරේ, දෙන්නෙක් තුන් දෙනෙක් පනතේ PDF කොපියත් එව්වේය. මම ඒ සියල්ලන්ටම චුට්ටේ කියනවා වගේ කිව්වේ, මේක හරියන පනතත් නෙමේය කියලාය. ඒ කිව්වා වගේම දැන් කියන්න තියෙන්නේ, මම හිතුවා ඕක හරි යන්නේ නැතෙයි කියලාය. 

ඇත්තටම මේ රටේ තියෙන්නේ රට පරිපාලනය කරන ජනතාවගේ පරමාදිපත්තය මක්කද එක ආරක්ෂා කොරන, රටේ නීතී හදන පාර්ලිමේන්තුවක් නොව, ඒවා අමු අමුවේ උල්ලඃගනය කරනා හොර කොම්පැනියක්ය. ඕකට සිරි ලංකා පාර්ලිමේන්තුව කියනවාට වඩා. "සීමා සහිත පාර්ලිමේන්තුව සහ සමාගම" හෙවත්, "The Parliament & Co. Pvt, Ltd." කියා දැම්මා නම් බොහෝම හොඳය කියා හිතිලා බොහෝ කල්ය. ඇත්තටම වෙන්නේ ඔය සමාගමේ බිස්නස් එක එහෙම්ම යන අතරේ, අධ්‍යක්ෂකවරුන් මාරු වීම පමණය. පට්ටම ආතල් එක කියන්නේ, සම හරක් අධ්‍යක්ෂකවරු හැමදාමත් අධ්‍යක්ෂක මන්ඩලයේ ඉන්නට තරම් පින් කොරලා තියෙන එකය. එහෙම උන්ට කියන්නේ පින් ඇමතිලා කියලාය. 

ඇත්තටම බැලුවොත් මේක මහින්ද මහත්තයාගේ කරුමයක් පල දීලා පත් වෙච්ච පින් ආන්ඩුවක්ය. මොකෝ තාමත් මේ යන්නේ මහින්ද මහත්තයාගේ ආන්ඩු කාළයක් නිසාවෙන්මය. ඒ නිසා බොහෝ අය හිතාගෙන ඉන්නේ, තාමත් ජනාධිපති තුමා උන් වහන්සේ කියලාය. විශේෂයෙන් අභීත ජනමාද්දිය වේදින් හිතාගෙන ඉන්නේ ඒ විදියටමය. ඉතින් හැම දෙයක් ගැනම උන් වහන්සෙගේ අදහස් විමසා ඒවා අපට දැන ගැනීමට සලස්වනවාය. 

මේ කොම්පැනියේ සභාපති කම මහින්ද මහත්තයාට හම්බ උනේ 2005 දී උනත්. ඇල් ටී ටී ඊ ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් දුන්න පයිට් එක නවත්වා ගන්න හම්බ උනේ 2009 දීය. අපරාදේ කියන්නේ මහින්ද මහත්තයා ඒ කොම්පැනිය වගේම තවත් කොම්පැනි විශාල ගානකට ගේම දීලා ක්‍රෑම (කෑමේ හොඳම එක.) ආරම්බ කොලේ 2010 ඉඳලාය. අඩු ගානේ ඒ මහතාට ඒ වෙනකන්වත් ඉවසුමක් තිබුනේ වී නමුත්, අවුරුදු 20 ක් ඉතර මෙලෝ කෑමක් නැතිව උන් අලි ටිකට කෑමේ ඉස්පාසුවක් ඇත්තේ නැති බව පෙනුනේ, පින් අගමැති කමක් හා පින් ඇමතිකම් ලැබුන වෙලාවේ පටන්මය. 

මේ ආන්ඩුවට මෙන්ම මති ඇමතිවරුන්ටත් කිසිම දැක්මක් හා ඉලක්කයක් නැතැයි කියා කියනවා නම් ඇත්තෙන්ම ඒකත් වැරදිය. මොකෝ දෙන ගේම් වල හැටියට මෙයාලාගේ ටාගට් එක වී ඇත්තේ මහින්ද හා හොරු කල්ලිය අවුරුදු 5 ක් තිස්සේ කෑ කෑම ඉතාම ඉක්මනින් අභිබවා යන එකය. යාලුවෙක් දමා මහ දවාලේ මහ බැංකුව මංකොල්ල කන්නේ ඒ හේතුවෙන්මය.

රට ණය උගුලකට අසු වෙලා යැයි මොර දෙද්දී, කෑ ගහන උන්ම කරන්නේ කෝටි ගනනින් වාහන ගෙනෙනා එකය. එකාට එක වාහනයක් මදිය. ඒ මදිවාට පඩිය හා දීමනාද  වැඩි කර ගන්නේය. මේවා තනිකර අල්ලස් දීම්ය. පනත් පාස් කර ගන්නේ තනිකර අල්ලස් දීමෙනි. (පාර්ලිමන්ට් ඇන්ඩ් කොම්පැණියේ උන්ට අල්ලස් හා ජරාව දුන්නද, පලා බබා ඇන්ඩි කොම්පැණියේ උන්ට ජරාව හා පගාව නැති නිසා උන් මේක ඉරා දමා ජනාධිපති තුමාත් බල්ලා මාක් කොරලා දානවාය. )

18 වෙනි සංසෝධනයට, අත් විතරක් නොව නැට්ට පවා ඉස්සු රිලවුන් මක්කා කිව්වත්, මෙහෙම පනත් මෙන්ම ව්‍යවස්ථා සන්සෝධනද ගෙන එන්නට කලින් මේ රටේ ආර්ථිකය යහපත් තත්වයකට ගෙනත් තැබිය යුතුමය. ඡන්දයක් තිබ්බොත් වෙන දේ දන්නා නිසා චන්ද නම් කීයටවත් තියන්නේ නැති බව ඉර හඳ මෙන් විශ්වාසය. ඒ සියල්ල පසෙක තිබියදි, මේ හැම තැනින්ම පච වන සංවර්ධන විශේෂ විධි විධාන පනත ගැන කතා කොරනා එක හොඳය. 

මුලින්ම බැලිය යුත්තේ මෙවන් පනතක් ගෙන එන්නේ ඇයිද යන්නය. ටාගට් එක පැහැදිලිය. එනම් ආයෝජකයන් කන පරිප්පුව අවම කොට සුළු කළෙකින් එක ස්ථානයකින් ආයෝජකයන්ගේ අවශ්‍යතා සපුරාලන එකය. අදහස ඉතා අවංකය, අහිංසකය, ධනාත්මකය එහෙත් මේ පිටුපස විශාල ගේමක් ඇත. එනම් කොමිස් ගැහිල්ලයි. මුන් එකෙක්ගේවත් බලාපොරොත්තුව මේ රට හැදීම නොව, කොමිස් ගසා තමන් ගොඩ යෑම නිසා, කේස් එක ඇත්තේ මෙහිය. 

හවුල් ව්‍යාපාරයක් තුල තනියෙන් කන්න යනවා නම් ඒ ව්‍යාපාරයට පැවත්මක් ඇත්තේ නැතිය. පැවැත්මක් රඳවා ගෙන යාමට කැමති නම් කළ යුත්තේ, හවුලේ කෑමයි. එහෙත් රනිල්ලා මලීක්ලා එවන් කෑමකට කැමති නැති බව පෙනෙයි. සිහළ උරුමේට මල පැනලා තියෙන්නේත් මේ හෙතුවෙන්මය. 

එයාලා කියන්නේ හම්බන්තොට වරාය චීනට දෙන එකේ කොමිස් ටික කඩාගෙන තියෙන්නේ හොං කොං වලදීය කියලාය. එහෙදි කොමිස් ඉතරක් නොව හොඳ හොඳ කිස් උනත් ලැබෙනා බව දන්නෝ දන්නවාය. ගැටළුව ඇත්තේ පනතේ නොව මෙන්න මෙතනය. චේතනා පරිෂුද්ධ වූවත් පෙම් සටනට කෙලවෙලා යන්නේ මේ හේතුවෙනය. සිහල උරුමේ ඇම්ති බිසි නම් මාද්දිය පොකාසක තුමා හෝ හොං කොං ගෙනිහින් කිං කොං කෙනෙක් එක්ක කිස් කරන්න දැම්මා නම් කොමිස් ගැන නෝ කතාය නෝ සිනාය. ඒ අම්මට සිරි ලංකාවේ හැටිය. 

මේ රට ගොඩ ගැනීමේ අවංක චේතනාවෙන් කරනවා නම්, ඇත්තටම මෙයට සුපිරි ඇමති කමක් ඕනා නැතිය. වෙනම අමාත්තියන්ශ ඕනත් නැතිය. දැනටමත් ඇති බී ඕ අයි (BOI) ආයතනය තුල, බලපත්‍ර හා ලිය කියවිලි හා නුමත කිරීම ලබාගත යුතු ආයතනයන් වල කවුන්ටරයක් පිහිටුවීමෙන්, මෙය ඉතාම පහසුවෙන් කර ගත හැකි වනවා පමණක් නොව, ප්‍රාදේශිය වශයෙන් එවන් ආයතන පිහිටුවීමෙන් රටේ ජනතාවටද ලැබෙනා පහසුව කියා නිම කළ නොහැක. එවිට ජනාධිපති ජංගම සේවා අරවා මේවා පැවත්වීම කිසි ලෙසකින් අවශ්‍ය වන්නේ නැතිය. කළ යුත්තේ එවන් දෙයකට නීතියන් ඇති බාධා ඉවත් කිරීම පමණි. ඇත්තටම මෙවන් ආයත්නයක අයිතිය තිබිය යුත්තේ රටේ නායකයාටය. 

මොකා, මක්කා මොන දේ කීවත්, මේ රටේ යම් කිසි ප්‍රජාත්නත්‍රවාදී අයිතිවාසිකම් කිසිවක් හෝ ලැබී තිබේ නම්, එහි ගෞරවය යා යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාට මිස රනිල්ට හෝ එජාපයට නම් නොවේ. රට හැදීමට පෙර මේ පක්ෂ දෙකේම නායකයන් තම පක්ෂ හදාගෙන සිටිය යුතුය. මෛත්‍රිපාල උන්නැහේ ඉන්නේ නන්න පෝල් වෙලාය. නැවත වරක් බලය එපා කියා පැමිණිය පුදගලයකු පක්ෂ නායකත්වය ලබා ගන්නේ, බල ලෝභයටම මිස වෙන දෙයකට නොවනා බව ඉතාම පැහැදිලිය. ලබා ගත් නායකත්වය වෙන එකෙකුට ලබා දීම සයිනයිට් එක තාමාම හපා කෑමක් බවත් ඉතාම පැහැදිලිය. 

මේ මළ විකාර වලින් වෙන්නේ රට ගොඩ ගැනීමට ඇති අනගි අවස්ථාවක් අහිමි වී යාම පමණි. මෛත්‍රිපාල සිරිසේන යනු හොඳ කීරිති නාමයක් වී අවසානය. එයට ඇත්තේ නිකැලැල් ගෞරවනීය නාමයකි. එහෙත් රාජපක්ෂලා රෙද්ද අස්සේ දාගැනීමෙන් කර ගන්නේ, එක මොහොතකින් එම ගෞරවනීය නාමය කුඩු කර ගැනීමකි. සිරිසේනට අනාගතයක් ඇත්තේ රාජපක්ෂලා සමඟ නොව ඔවුන් කිසිවකුත් නොමැති පරිසරයක් තුලම පමණි.  

එමෙන්ම වත්මන් තත්වය යටතේ, සිරිසේනට පැවත්මක් ඇත්තේ මහින්දලා සමඟ නොව එජාපය සමඟ සිටීමෙනි. එමෙන්ම එජාපයේ පැවැත්ම ඇත්තේද හොරුන් සමඟ නොව මෛත්‍රීපාල සමඟින් පමණක්මය.

මේ අවස්ථාවේ පිස්සු කෙලියොත් (තනි ආන්ඩු හදන්නට යෑම. (මෛත්‍රිපාල දෙන්නේ ඊට වඩා "සිරා" ගේම් බව පලා බබා සීන් එකෙන් බොහෝ පැහැදිලිය.))එජාපයේ මළගම සියතින්ම කැඳවා ගැනීම මිස වෙන කිසිවක්ම සිඳු වන්නේ නැත. මන්ද ජනතාවද වෙනස් වී ඇති බැවිනි. එජපයට ඡන්දය දුන් එකෙක් සොයා ගැනීම මෛත්‍රීට දුන් එකෙක් සොයා ගැනීමටත් වඩා අමාරු දෙයකි. මන්ද ජනතාවට කෙලින කෙලිලි යන්නේ මෛත්‍රීගේ පිටින් නොව අලි පාටිය මතින් නිසාය.  

කෙසේ හෝ පක්ෂ දෙකේම නාය්කත්වය කළ යුත්තේ, තම තමන්ගේ පිස්සු කෙලිනා වාචාලයන්ගේ ප්‍රෙස් කොන්පරන්ස් තබා, එක එකාගේ රෙදි ගලවාගෙන හෙළුවෙන් ඩාන්ස් දැමීම නොව, දැන්වත් සම්මුතියකට හෝ ගිවිසුමකට එළඹිමයි. දැන් කරනා විගඩම් වලින් සිඳු වන එකම දෙය නම්, මේ නායකයින් දෙදෙනා රට තුල මෙන්ම අයෝජකයන් තුලද, මෙලෝ දෙයක් බැරි, නායකත්වයක් නැති, පඹයන් දෙදෙනකු ලෙස ඉස්මතුවීමම පමණි.

ජනවාරි 8 ගන්නට යන රැඩිකල් තීරණ මක්කද යන්න නම් අප දන්නේ නැතිය එහෙත් කිව යුතු එකම දෙය නම්, තවත් හොරුන් ආන්ඩුව ඇතුලට දමා ගෙන ඒක එකාට අල්ලස් ලබා දී උන්ගේ අතකොලු බවට පත් නොවී, රටට ජනතාවට නිකම නායකත්වයක් ලබා දීමයි.

නායකයෙක් කියන්නේ මොකෙක්ද යන්න ගැන ජීවමාන ආදර්ශයක් ගැනීමට අවශ්‍යම නම් මහින්ද රාජපක්ෂගෙන් වත් ඉගෙන ගත යුතුය. මන්ද හොර රැලකට වුවද නිර්භීත නොසැලෙන නොනැමෙන එඩිතර නායකත්වයක් අත්‍යාවශ්‍යම වන බැවිනි. 

30 comments:

  1. ලංකාවේ එවුන් ඉල්ලා සිටින්නේ ඔය විදියේ ඒකාධිපති බලතල නො වේ. කතා කළොත් කටට පිස්තෝලයක් ඔබන විදියේ එ්කාධිපති බලතල කවුරුහරි පාවිච්චි කරනවා නම් ලංකාවේ එවුන් දෙකට නැමිලා කලිසමත් පාත් කරනවා ය.

    කොහොම වුණත්, මෙහෙම මෙව්වා එකක් ඇත. ඔය රනිල් කියන හාදයා එයාගේ ගැටව් ටික වට කරගෙන කරන දේශපාලනය හා ලංකාවේ හැබෑ දේශපාලනය යනු එකක් නො ව හැටක් විතර ය.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ එවුන් නෙමෙයි.. ඉල්ලුවත් නැතත් සීඝ්‍ර සංවර්ධනයකට යන්න නම් බලවත් එකාධිපතියෙක් අවශ්‍යමයි. රට දියුණු උනාට පස්සෙ පුළුවන් ප්‍රජාතන්තරේට යන්න.

      මෙහේ ඔක්කෝටම කලින් ප්‍රජාතන්තරෙයි මාද්දිය නිද්හසයි දීලා හත්පොලේ ගාගෙන නානවා ගල උඩ රීපූ බිලාලයන් වගේ...

      Delete
    2. 100% ක් එකගයි. පූර්ණ ප්‍රජාන්ත්‍රවාදයක් එක්ක රට කරන්න බෑ. බණ කියලා හදන්න බැරි බල්ලො බැදලා හරි හදන්න ඕන.

      Delete
  2. යහපාලනේට ඇඳුම් නැතිවම ෆුඩ් සිටි ගිය හදයන් ට ප්‍රශ්න මතුවේලා..... ඒ කාලේ ටී වී වල ගිරිය පුප්පගෙන කෑ ගහපු හර්ශලා, හරීන් ලා, සේනසිඤ්ඤොලා, එරාන් ලා අඤ්ඤකොරොස් වෙලා........ උන් ට උපෑමෑතිකම්... කොමිස් ගහන්න බෝහෝම අමාරුයි....

    කරුමේ කියන්නේ යූ ඇන් පී එකට ගේම ඉල්ලූ ඇස් බීන් ලා අමනවීර ලා, අපච්චි මලෝලා සහ නිමල් සිරිපාලලා කැබිනට් ඇමැතිලා වෙලා හිටන් කොමිස් කනවා හිටන්!!

    ජනතාවට නොපෙනෙන අබ්යන්තරේ හිටන් යූ එන් පී නීති අන්සේ ලොක්කා වෙන නිස්සන්ක නානායක්කාරලා ට පවා ලැඹුනේ මහජන බැණ්කු අද්යක්සක දූරයක් විතරය්.. ඒකත් ඩ්දවස් දෙකකට පස්සෙ නැති වුනා නේ!!!

    අනාචාර්ය හරක් විජේසූරිය ට හුටමා ගේ ක්ලාස් මේට් වන පයිප්ප බාස් ලේක්ම් විසින් මිලියන 1000 ඉල්ලා නඩු දාලා හත් පොලේම ගාල හිටන්!!

    ඒ අස්සේ හොඳම කොමඩිය තමා සොරිසේනගේ මලයා ඩල්ලි සේනානායක මාද්ය සාකච්චා පවත්වලා පොන් හැරිසන් පගාවට වී ගබඩා හිස්කරලා තමන් ගේ කැචර් ලා ට සලකනවා කියන එක....

    දුක හිතෙනවා මහරජ!

    ReplyDelete
    Replies
    1. අප්පයක් කන ගාන් මහින්ද මහත්තයා කියලා තියෙන්නේ 2017 ආන්ඩුව පෙරලනවය කියලා... රනිලුත් ඔය කතාව අවුරුදු 20 ක් තිස්සේ කියෙව්වා.. නැත්නම් උඹලා වගේ උන්ගේ හෝප්ස් කැඩෙනවනේ හිටන්...

      Delete
    2. Mahindata heliwen kade gihin kelawechchi unta dan anith un penne
      යහපාලනේට ඇඳුම් නැතිවම ෆුඩ් සිටි ගිය un wagelu.
      Ane manda.....

      Delete
  3. ම්ම් කතාව හොඳයි, ඉතිරි ටිකත් ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. ඉතිරි කොටස ලබන සතියේ...

      Delete
  4. මාතා..මේක මගේ කැම්පේන් එකේ ෆර්ස්ට් රැලි එකේ ෆර්ස්ට් කතාව හැටියට ඔහේ කරන්න ඕනි....!

    ReplyDelete
    Replies
    1. නිල් මැණිකට ජයවේවා..!!

      Delete
    2. ඔහේ කතා කොරන්න ඉස්සෙල්ලා ලැබුනොත් හොඳා.. නැහ්නම් ඉතින් අනිත් කතා ඔක්කෝටම අබ සරණයි...

      Delete
    3. කැම්පේන් මැනේජර් ඔහේනේ...ඉතිං මගේ ස්පීච් එක බෑන්ඩ් එක ගහන්න පටන් ගන්න ඉස්සෙල්ලා නේ දානවයි කීවේ..."

      Delete
    4. රතනපුරේට ඉල්ලන්න වගේ.

      Delete
  5. මාතා,

    මෙතන ප්‍රශ්නය මේකයි මචෝ //චේතනා පරිශුද්ධ වූ පෙම් සටන පැරදීම//
    මෙතන ඇති පරිශුද්ධ කමක් නෑ උදාහරණ ඕනෑම ඉඩමක් කිසිදු සාදාරන වන්දියක් නොගෙවා පවරගන්න මේ පනතේ බලය තියනවා, මෙතැනදී අදාළ දේපලේ අයිති කෙනාට කිසිම විදියකින් අධිකරනයකටවත් යන්න බෑ.

    මේ පනත පරද්ධන්නේ මේ පනත නිසා තමාට ලැබෙන අල්ලස් අහිමිවෙන පිරිස බව පැහැදිලියි නමුත් සිද්ද වෙලා තියනේ දේ දිහා බලපුහම මටනම් ඇත්තේ කාලකන්නි සතුටක් !

    ReplyDelete
    Replies
    1. කාලකන්නි උනත් එයත් සතුටක් නම්, අපි කිමට බාධා කරම්ද....?

      Delete
  6. සිඳු ගැන නම් කතාව, අහල බලන්න ඒකෙ තේමා ගීතය.වෙච්චි මුළු ස්ටෝරියම තියනවා එතන.
    සමන් ට කතාව ඕන තැනින් නවත්තලා අයින් වෙන්න හැකියාවක් නෑ වගේම රට හදන්නත් මේ ක්‍රමේ ඇතුලෙ හැකියාවක් නෑ.වෙනස් උනොත්,
    නාකි උනාම ඉන්න ගෙයක් වත් නැතුව තරුණ කාලෙ පොල් ගෑවද කියල රට්ටුන්ගෙන් කතා අහන්න වෙනවා.ඉතින් ක්‍රමේ ඇතුලෙම කැරකෙනවා.
    සිඳුව බේරගන්න අම්ම එයි කියල අපි බලන් උන්න වගේ අපේ රට බේරගන්න සුපර් මෑන්,බැට් මෑන්,ඇරෝ කෙනෙක් එනකන් අපි බලන් ඉන්නවා..
    ඇවිත් එක්කිඅන් යන්න...
    අපි හිමේ තනිවෙලා...
    අම්මේ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපි හිමේ තනිවෙලා....

      අම්මේ...................

      Delete
  7. සමහර තැන් හා 100% ක්ම එකගය. විශේෂ විධි ව්ධාන පනතේ අන්තර්ගතය පිළිබද දැනුමක් නැත. ඒ නිසා ඒ ගැන දන්නෙ නැත. එසේ වුවත්.
    මෛත්‍රී සන්ධානේ ලගින්න ගොස් ඉල්ලන් කා හමාරය. මිනිස්සු ප්‍රතික්ශේප කලේ මහින්ද පමණක් නොව ඔහුගේ සමස්ථ දේශපාලන ප්‍රවාහවයමය. මේ හරකා ලග තියෙන පික්චර් එක නොව මොකද්ද මන්දා බිග් පික්චර ලබ්බක් බලන්න
    කියා සත්තු රෙද්ද අස්සේ දා ගැනීම තුළ. මිනිස්සු මහින්දටත් වඩා ප්‍රතික්ශේප කළ ජනතා බලයක්වත් නොමැති හාල් පාරුවෝ ලන් ගැනීම උන්දැගෙ කෙළවීමේ මුලය. මෛත්‍රිය ට තාමත් ඌ ජනාධිපති බවත් මහින්දයා සාමන්‍ය මන්ත්‍රී කෙනෙක් බවත් තෙරෙන් නැත.කොටින්ම මෛත්‍රියා මහින්දට ගූ බයය. එනිසා මූ තවමත් හාල් පරුවෝ ලං කරගෙන පතෝලයෙක් මෙන් වැනි වැනී සිටිනවාය.

    ReplyDelete
  8. සමහර තැන් හා 100% ක්ම එකගය. විශේෂ විධි ව්ධාන පනතේ අන්තර්ගතය පිළිබද දැනුමක් නැත. ඒ නිසා ඒ ගැන දන්නෙ නැත. එසේ වුවත්.
    මෛත්‍රී සන්ධානේ ලගින්න ගොස් ඉල්ලන් කා හමාරය. මිනිස්සු ප්‍රතික්ශේප කලේ මහින්ද පමණක් නොව ඔහුගේ සමස්ථ දේශපාලන ප්‍රවාහවයමය. මේ හරකා ලග තියෙන පික්චර් එක නොව මොකද්ද මන්දා බිග් පික්චර ලබ්බක් බලන්න
    කියා සත්තු රෙද්ද අස්සේ දා ගැනීම තුළ. මිනිස්සු මහින්දටත් වඩා ප්‍රතික්ශේප කළ ජනතා බලයක්වත් නොමැති හාල් පාරුවෝ ලන් ගැනීම උන්දැගෙ කෙළවීමේ මුලය. මෛත්‍රිය ට තාමත් ඌ ජනාධිපති බවත් මහින්දයා සාමන්‍ය මන්ත්‍රී කෙනෙක් බවත් තෙරෙන් නැත.කොටින්ම මෛත්‍රියා මහින්දට ගූ බයය. එනිසා මූ තවමත් හාල් පරුවෝ ලං කරගෙන පතෝලයෙක් මෙන් වැනි වැනී සිටිනවාය.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රි බය කේස් එකක් නෙමෙයි නේ තියෙන්නේ... රනිල්ලා මහින්දලා එක්ක ඩීල් දාන බව හොඳටම ඔප්පු උනා නේ පොලිස්පතිගෙ කෝල් එකෙන්... මම හිතන්නේ ඒකත් මෛත්‍රිගෙ වැඩක්...

      Delete
  9. බොහෝ කරුණු සමග එකඟය. මේ ඇන ගන්න ඒවා දකිනකොට මතක් වෙන්නේ පහුගිය ආණ්ඩුව අති සාර්ථකව සියලු පළාත් සභාවලින් දිවිනැගුම පනත සම්මත කරගත්ත ආකාරයයි. කොහොම උනත් ආණ්ඩුවේ පැවැත්ම නම් වැඩිකලක් පවතින්නේ නැති බව ෂුවර්ය. මෙන්න කැට.

    ReplyDelete
    Replies
    1. ආන්ඩුව වසර 4 1/2 යනකන් විසුරුවන්න බෑ.... ඒත් රටේ කිසිම දෙයක් වෙන්නේ නෑ.. එකම අච්චාරුවක්...

      Delete
  10. එකෙන්ම මාතේ.. +++++ 👍🏽.. යහපාලනෙන් පලයව් කියල එලවන ඇස් බී ඇතුළු පරයන්ට ලැජ්ජාවක් නැතිව තවම එල්ලිලා ඉන්න විදිහ නං පට්ටයි. යකෝ මුන්ට ලැජ්ජාවක් නෑ. දැන් මයිත්‍රී ලොක්කත් කියනවනෙ එයාට මඩ ගහන එව්ව බලන්නෙ නැහැ කියල. ඒකෙන්න පේනවා. මුන්ට හරක් කියනවනම් ඒක හරක් ටත් කරන අගෞරවයක්. තුක් නොදකින් ලංකාවේ දේශපාලනය. ❌

    ප. ලි.

    තෑන්ක්ස් මචෝ ඔය ටෙලි ඩ්‍රාම එක ගැන කිව්වට. අහල තිබ්බේ නැහැ මීට කලින්. ඊයෙ ඉඳල බලන්න ගත්ත. මරු බං. 👍🏽

    ReplyDelete
    Replies
    1. උඹ හිතනවද ඇස් බීන්ලා ඩිලාන්ලා කෑ ගහන්නේ නිකං කියලා...

      ඒ හඬ එන්නේ සිරිසේනගේ සරම තුලිනි....

      Delete
  11. විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරගන්න 'සුපිරි පනත්' හෝ 'සුපිරි ඇමතියෝ' අවශ්‍ය වෙන්නේ නෑ. මේ ගොන් ඇමතියන්ට තියෙන බලතලයි, දැනට තියෙන අනපනතුයි හොඳටම අති රට සංවර්ධනයටයි, ආයෝජකයන් දිරි ගන්වන්ටයි.

    අවශ්‍ය වෙන්නේ රටේ නීතිය (Law and Order) නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමයි, (පොලිස් පතියටයි, පොලිස් අමතියටයි අනිත් හාල්පාරුවන්ට්යි ඕන විදියට නොවෙයි), උඩ සිට පහලට අල්ලස, කොමිස් ගැහිල්ල අන්තිමටම අවම කිරීමයි (මේ ආත්මෙදි ඒක 100% ක් නැති කරන්න බෑ), ආයෝජකයෝ නන්නත්තාර කරන, රාජ්‍ය ආයතනවල තියෙන Red tape ක්‍රමය නැති කිරීමයි.

    //..දැනටමත් ඇති බී ඕ අයි (BOI) ආයතනය තුල, බලපත්‍ර හා ලිය කියවිලි හා නුමත කිරීම ලබාගත යුතු ආයතනයන් වල කවුන්ටරයක් පිහිටුවීමෙන්, මෙය ඉතාම පහසුවෙන් කර ගත හැකි වනවා පමණක් නොව, ප්‍රාදේශිය වශයෙන් එවන් ආයතන පිහිටුවීමෙන් රටේ ජනතාවටද ලැබෙනා පහසුව කියා නිම කළ නොහැක.....//

    මාතො, උඹ ලීව මේ වගේ සුපිරි අදහසක් ක්‍රියාත්මක කරන්න මුන්ට තව පුන්ඩේ සුපිරි පනතක් ඕනෙද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ මචෝ... මොන් ගොන් බූරුවෝ අර ගම්වල අහිංසක උන්ට දාන පාට සුද්දන්ටත් දානවා ඇති... ඉතින් කොහෙද එන්නේ ආයෝජකයෝ..

      මුන් කරන්න හදන්නේ ඒක එක ඇමති කමක් යටතට අරගෙන යාළුවෝ ටික හැදෙන්න...

      Delete
  12. සිඳු නියම උදාහරනේ මාතා. සිඳු ඉවරවෙලා ගොඩක් කල් වගේ ආන්ඩුව ඉවරවෙලත් ටිකක් කල්. ඊලඟ නාට්ටිය කවදා පටන් ගනීද... මට නම් නාට්ටි නවත්වලා බයිස්කෝප් බලන්න හිතිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ආටක නාටක බලනවා වගේ තමයි... හැමදාම ආතල්... විහිළුත් නෙමෙයි ඒත් විහිළු වගේමයි....

      Delete
  13. මේ ආණ්ඩුව ගෙන එන්න උදව් කරපු එවුන් නෙමේ රනිල් සහ මෛත්‍රී පාලනයට අර ගත්තේ. සංහිදියාවෙන් කරන්න ගිය එක ඇන ගත්තේ එකයි. රනිල අවුරුදු දෙකකට වඩා ඉන්නේ නැහැ කියන අනාවැකිය හරියයි වගේ අලුත් අවුරුද්දේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න