.

.

May 7, 2017

ගාළු මුවදොරින් පුක චූන් වී. වර්ජනයෙන් නා ගැනීම - Join operation was not successful.




පාදෙනිය හා ගොම සංගමය මෙවර හත්පොලේම ගා ගත්තේය. වර්ජනයක් ගැන කිය කියා උන්නද, "දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක්" ගැන පාරම් බාන්නට වූයේ, ගෝල්පේස් ආපූ වහළුන් ටික දැකලාය. ගමේ දේශපාලනය ගැන අබ මල් රේණුවක හැඟීමක් දැනීමක් ඇති උන්, මේ සෙනඟ ආවේ කොහොම්ද කියලා හොඳටම දන්නවාය. ඔය ආවේ ජනාධිපතිවරණයේදී මහින්ද රට පුරා ගෙන ගිය වහළුන් සෙට් එකමය. 

ඔය සෙට් එක එන්නේ අතට ගත්මනාවක් හා එදා දවසේ කෑම වේල් ටික ලැබෙනා නිසාත්, දවස් දෙකක් ඉතර නොමිළේ බොන්න ලැබෙනාත් නිසාය. එහෙම ඇර ආන්ඩුව ගැන කළකිරුණ උන් ආයෙත් මහින්ද ගෙනෙයි කියා හිතනවා නම්, එක්කෝ උන්ගේ මොළේ ළොකු අමාරුවක් තිබෙන්න ඕනාය. එහෙම නැතිනම් මැරිලා ආයේ ඉපදුන එකෙක් වෙන්න ඕනාය. 

පුක චූන්වී උඩ දමාගෙන කොරන්නට ගිය මහා වැඩ වර්ජනය පුස්සක්ම වූයේය. ගොම ගොඩට අමතරව උන් හා එක් වූ කාළකන්නි වෘත්තීය සංගම්, එකෙක්වත් පයිසෙකට මායිම් නොකලේය. අන්තරේ මෙන්ම වර්ජන තර්ජන ගා ගර්ජන වලින් ජීවත් වන ජෙප්පෝද, හත් පොලේම ගා ගත්තේය. මහින්දට කඩේ යන ජඩමාද්දියවේදින්ගේද පුක බිම ඇනුන අතර, එදිනම සිරිසේන දුන් සිරා ටෝක් එක හැම එකේම ප්‍රචාරය උනේය. 

මිනිසුන්ට ආන්ඩුව එපා වී ඇත්තේ යම් ප්‍රමාණයකටද, එයිටත් වඩා මේ හැමදා වර්ජනය කරනා පිංගුත්තර ගොන් ඩොකාලා සෙට් එක එපාම වී ඇත්තේය. පාලකයන්ට රිද්දන්නෙයි කියා උන් පලිගන්නේ අන්ත අසරණ අහිංසකයින්ගෙන්ය. එක දිනක් පමණක්, "වර්ජන දිනයේ" හවස් වරුවේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් නතර කලද, මේ මහා "දීප ව්‍යාප්ත වැඩ වර්ජන" කළ දිනයේ ප: ව: 4.00 වන විට, ප්‍රයිවට් ප්‍රැක්ටිස් (PP) මෙන්ම චැනලින් සියල්ලමද පටන් ගත්තේය. නියම සීන් එක කියන්නේ, එසේ කළේ පැය 24:00 ක් දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක් කරනවායැයි කියූ පිරිසම වීමය. 

කෙසේ හෝ අන්තීමට කෙල වූයේ පාදෙනියගේ පොකට් එකට විතරය. අනෙක් උන් සියල්ලෝම පොල් කඩාගෙන ගෙදර ගියෝය. ජනතාව සූරාගෙන කන සල්ලි වලින් සයිටම් වලට ළමයි දමනවා යැයි මර හඬ දෙන ගොම සංගමයෙන් අපට අහන්නට තිබෙන්නේ, පාදෙනිය කාරයා හවසට කරන්නේ සූරා කෑමක් නොවෙදෝ කියාලාය. ඉන්දියාවෙන් පවා ගෙනත් මහා වකුගඩු ජාවාරමක් හා මාෆියාවක් ගෙන ගියේ අසරණ ජනතාවට ඉන්කම් එකක් ලබා දෙන්නටදෝ කියලාය. 

කෙසේ හෝ මොළෙ කළඳක් නැතෙයි කියනා රන්ජන් රමණ යකාගේ ගැටේට, දොස්තරලා පමණක් නොව, උන් උඩ දාගෙන නටනා හාල්පාරුවන්ද කියනාකාරයට ලංකාවේ උගතුන්ගේ සුපිරිම ක්‍රීම් එකෙත් මහා එකාම බෙල්ලටම මාට්ටු වීම නම්, මාරම ලොල් සහගතම උනේය. පාදිනිය එහෙම කරන්නේ නැතෙයි කිව් මහින්ද මහත්තයාගේ පිස් පෝච්චි වීරවංශයාද හත් පොලේම ගාගෙන පාර්ලිමේන්තුවේ නෑවේය. 

කෙසේ හෝ මේ විගඩම මහජනයා හැමදා ඉවසන්නේ නැතිය. මහින්ද මහත්තයත් හිතාගෙන උන්නේ මොන මළදානෙ කොලත් සුදු වෑන් වලට බයේ ජනතාව ඕනෑම දෙයක් ඉවසාගෙන ඉඳියි කියලාය. ඒත් මිනිස්සුන්ට චාන්ස් එකක් ආපු වෙලේ, උන් මහින්දව එල්ලුවේ මැදමුලනේ ජනෙල් ගැට්ටේය. ලෝකෙට පාඩම් කියා දෙන්න ගිය එකා, මෝඩයන් යැයි සිතා ගෙන උන්, ජනතාවගෙන් පාඩම ඉගෙන ගත්තේ එදාය. 

ඒ නිසා පිංගුත්තර ගොන් ඩොකාලාට අපි කියන්නේ, තොපේ මේ විගඩම් ජනතාව හැමදාම ඉවසන්නේ නැතෙයි කියලාය. පුළුවන්නම් අඛන්ඩ වැඩ වර්ජනේට පලයව් කියාද අපි අභියෝග කොරනවාය. ඔය ඉන්න ගොබ්බයන්ට මතක නැති උනාට, අලෙවි මව්ලානා, වාසු, ඩීව්, පිස්සු විතාරනලාගේ ගුලි කා, ඔය විදියටම වැඩ වර්ජන කරන්න ගිය මහා පිරිසකට 80 දී ගෙදර යන්න උනේ, රනිල්ගේ මාමා රට පාලනය කොරාපු කාළයේය. අන්තීමේදි වර්ජනය කළ හරක් කන්න බොන්න නැතිව එල්ලිලා වහ බීලා මැරෙද්දි, වර්ජනේ ඕගනයිස් කරාපු උන් රජ සැපම වින්දේය. 

ජනතාවගේ මුදලින්ම කකා පාලකයන් හා තිබෙනා එරියස් තමන්ට කන්න දෙන උන්ගෙන් පිරිමහ ගන්න යනවා නම් මෙන්ම, ඊට ඉඩ දෙනවා නම් උන් දෙපිරිසම අමු ගොබ්බයෝය කියා අපට කියන්නට වෙනවාය. අපෙන් හූරගෙන කන දේ හරියට පාලනය කර ගන්න බැරි නම් කොරන්න තියෙන්නේ, ජනතාවට විහිළු සපයන්නේ නැතිව හිඟන්නාගේ කැඳ හැලි ආන්ඩුව විසුරුවා දමා චන්දයකට යන එකය. 

ගොම සංගමයේ උන්ට නම් කියන්න තියෙන්නේ, ඊළඟ දවසේ වර්ජනේ කොරනවා නම්, වාහනේ ගහගෙන යන ඩොක්ටර් ඉස්ටිකර් ගලවා වාහානේ පාරට දමනා ලෙසය. මන්ද මෙවර පැස්ටෝල් නැතිවනවා පමණක් නොව, ගඩොල් භාග වින්ඩ්ස්ක්‍රීන් වලට සැපත් වන්නටත් බොහෝ ඉඩ කඩ ඇති නිසාමය. 

ජනතා බලය අන් සියළුම බලයන්ට වඩා වැඩි බව හැම එකාම සිහියේ තබා ගැනීම කාට කාටත් හොඳය කියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය. 

73 comments:

  1. මම කාගේ හරි මහින්දවාදියෙකුගේ බ්ලොග් එකක කොමෙන්ටුවක් හැටියට දාන්න හිතාගෙන හිටපු දේටත් වඩා දේවල් එක්ක සුපිරියටම ලියලා තියෙනවා, මාතේ මලේ.

    Congratulaciones !

    ReplyDelete
    Replies
    1. strike දවසට PP කරන්නෙත් නැහැනේ.
      ආණ්ඩුවට දෙන්න පුළුවන් හොඳම return එක තමයි private campus එපා නම් PP ත් එපා කියල PP තහනම් කරන එක
      දවස් තුනෙන් සියලු case නිවාරණ වෙයි.
      මේක මෙතන දාන්නේ මුලින්ම කියවන්න පුළුවන් වෙන්න.

      Delete
    2. එච්චර කොන්දක් කොහෙද බං මේ ආන්ඩුවට

      Delete
  2. රන්ජන් රාමනායක ඉදිරිපත් කරපු බිල් පත හරහා සුවිසල් VAT බදු වංචාවක් පිළිබඳව හෝඩුවාවක් ලැබෙනවා. බිල නිකුත් කළ Digital Health (Pvt) Ltd ආයතනය වැට් ලියාපදිංචි අංකය බිලෙහි සටහන් කර නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි.
    වැට් වංචාව සහ වෙනත් සදාචාරාත්මක නොවන කරුණු රැසක් ගැන මම ලියු ලිපියක තියෙනවා. එය https://dampatadedunna.blogspot.com/2017/05/blog-post_47.html වෙතින් බැලිය හැකිය

    ReplyDelete
    Replies
    1. Umbe point ekata respect...
      Eka hoyanna one deyak...

      Delete
    2. Umbe point ekata respect...
      Eka hoyanna one deyak...

      Delete
    3. වැට් එක ගන්නේ හොස්පිටල් එක නේද?

      Delete
    4. ඔන්ලයින් සිස්ටම් එක කරන්නේ සේවා සැපයීමක් ඔවුන් අය කරන රු 200ක ගාස්තුවට ඔවුන් වැට් ගත්තේ නෑනේ. ඒක නිසා මම හිතනනෙ බිලේ සඳහන් වෙන්න ඕන නෑ. හැබැයි මේක පෙන්නලා වැට් ක්ලේම් කරන්න බෑරි අවුලක් එන්න පුළුවන්.

      Delete
    5. VAT බද්ද මේ බිලේ අය කරලා තියෙනවා. ප්‍රශ්නය මතු වෙන්නේ ඒ අය කරපු මුදල රජයට ලබා දෙන්නේ කුමණ අවස්ථාවේද කියල . නැතිනම් බද්ද අය කරලා රජයට නොදී ගල් කරනවද කියල

      Delete
  3. පට්ට පට පට ලෙසටම ලියලා තියෙන්නේ

    ReplyDelete
  4. නියමයි,අපි කාටත් කියාගන්න ඔින වෙලා තිබුනු ⁣දෙ මාතලන් සුපිරියටම ලියලා තියෙනවා.එල

    ReplyDelete
  5. Well said. Super!!!!

    ReplyDelete
  6. මාතා,

    //පුක චූන්වී උඩ දමාගෙන කොරන්නට ගිය මහා වැඩ වර්ජනය පුස්සක්ම වූයේය. //

    මේක ගැනනම් කියන්න තියෙන්නේ ජනතාවගේ ඉවසීමේ සීමාවක් තියන බවයි.

    //ඉන්දියාවෙන් පවා ගෙනත් මහා වකුගඩු ජාවාරමක් හා මාෆියාවක් ගෙන ගියේ අසරණ ජනතාවට ඉන්කම් එකක් ලබා දෙන්නටදෝ කියලාය. //
    මේ කතාවනම් පාදෙනියට මඩ ගහන්න කරපු දෙයක් පාදෙණිය කියන්නේ neurologist කෙනෙක් ඔහු වකුගඩු වලට පතිකාර කරන්නේ නෑ නමුත් nephrologist කෙනෙක් වකුගඩු වලට ප්‍රතිකාර කරනවා, මේක තනිකරම ඔහුට මඩ ගැසීමක් තමයි කලේ.

    //හිඟන්නාගේ කැඳ හැලි ආන්ඩුව විසුරුවා දමා චන්දයකට යන එකය. //

    මාතා ඔක තමයි නියම ප්‍රශ්නේ උබ ඔය කියන දේ ඇත්ත නම් සිරා මෙලහකට මැතිවරණයකට ගිහිල්ල එහෙම වෙලා නැත්තේ මැතිවරණයක් තිබ්බොත් රනිල් මයිත්‍රී දෙන්නම බඩ පිරෙන්න කනනිසයි.

    ගොඩක් අය කියනවා බොන්න දීල තමයි මහින්දගේ රැලියට මිනිස්සු ගෙන්නගත්තේ කියල නමුත් ඇත්ත එකද ? සිරා එහෙම කලේ නැද්ද ටිකක් මේක බලන්න ලොක්ක https://1.bp.blogspot.com/-5D1bGrZRfE4/WQgc4WZ4xgI/AAAAAAAAAdQ/um02-6fmk6ACEKkzrg_SnCD4dKfnVGzHQCLcB/s1600/letter.jpg

    මේවගේ රජයේ සේවකයන් බයගන්වල තමයි රැලියට මිනිසුන් ගෙනල්ල තියෙන්නේ.

    මෙතන හෝදන්න දෙයක් නෑ මහින්ද ඉදිරියෙන්ම ඉන්නවා, අපි ඇත්ත කතාකලොත් සිදුවූ දෙගැන

    මහින්ද කලේ විශාල ඉදිකිරිම කරමින් විශාල කොමිස් ගසමින් කරපු වංචාවක්, හැබැයි මහින්දගේ කාලේ කල යමක් තිබුන නමුත් රනිල් මයිත්‍රී දෙපලගේ කාලෙත් මහබැංකු බදුම්කර වංචාවෙන් කෝටිගණන් වංචා කරපු රජයට ජනතාවට පෙන්වන්න දෙයක් නෑ, ඕකනේ ලොක්ක ඇත්ත කතාව, බලය අරගෙන අවුරුදු 3කට මාස කියද තියෙන්නේ තවම මහින්දට විරුද්දව හරි හමන් නඩුවක් පවරගන්න පුළුවන් උනාද ?

    විමල් ම්විරවංශට විරුදව තියෙන්නේ වාහන අබාවිතා කරපු චෝදනා, රටේ කෝටිගණන් හොරකම් කරපු මුන්ට විරුද්දව මොනාද මේ ගෙන සීනිබෝල චෝදනා?

    මැතිවරණයකට ගිහිල්ල සිරිසේන කියන්නේ මොකද්ද ? මහින්ද හොරකම් කරපු සල්ලි වලින් රට සංවර්දනය කරනවා කියලද
    මේ මාතා ජනතාව තමුන්ගේ බඩට කෙලවෙලා යනකම් ඉවසනවා ඉදිරියේ මේ විදියට කකුලෙන් ඇද ඇද ගියොත් මේ රට බංකොලොත් වෙනවා එතකොට උබ ඔය කියන මැතිවරණය තියන හැටි බලමු.

    ReplyDelete
    Replies
    1. මචං වකුගඩු බයින් ඇන්ඩ් සෙලින් කරන්න nephrologist කෙනෙක් වෙන්න ඕනම නෑ. වාහන සේල් දාගෙන ඉන්නේ automobile engineers ලා නෙමෙයිනේ

      Delete
    2. මචන්, ඉතින් කෝ සාක්කි කෝ චෝදනා, මේක තනිකරම ඉන්දියානු මාද්‍ය විසින ගෙනාපු කිසිම සාක්කියක් නැති චෝදනාවක් පමණයි, මේවට විරුද්දව රජය ක්‍රියාත්මක උනානම් දොස්තර පාදෙණිය එළියේ ඉන්නේ කොහොමද ?

      Delete
    3. වකුගඩු සීන් එකට පොර කෙලින්ම සම්බන්ධ නැතිව ඇති. ඒත් මහාලොකු ටෝක් දෙන සංගමයක් සභාපතියා මුළුලංකාවම දැන ගෙන උන්න පාදට දශකයේ ,අජ උන්ගේ ආශීර්වාදයෙන් පවත්වාගෙන ගිය මාෆියාවක් ගැන මොනවද කළේ. මේ ආන්ඩුවත් කේස් එක යට ගැහුවේ මේ ආන්ඩුවේ ඉන්න ,අහ උනුත් ඕකය මාට්ටු වෙන නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි.

      මේවා ඉන්ටර්නැෂනල් මාෆියා ගේම්

      Delete
    4. කොහොමත් 2020 වෙනකොට මහින්ද සාධකය දේශපලනයෙන් ඉවත් වෙලා තියේවී..

      අර සින්දුවකුත් තියෙන්නේ

      රුචිරානනේ අහන්න එක පාර මා මරන්න කියලා

      රාජපක්ෂලාට ගේම දෙන්නේ ටික ටික... ඒක එක පාර දෙනවට වඩා දරුණුයි.. එයත් ඉල්ලගෙනම කනවා..

      Delete
    5. //රාජපක්ෂලාට ගේම දෙන්නේ ටික ටික... ඒක එක පාර දෙනවට වඩා දරුණුයි.. එයත් ඉල්ලගෙනම කනවා..//
      මචෝ ජනතාව වන අපිටත් ආණ්ඩුව ටික ටික ගේම දෙන බව තමයි මට නම් තේරෙන්නේ.

      Delete
    6. Lankika Sithuwili

      Well said.

      +++++++++++++++++++++++

      Delete
    7. අපිට ගේම නොදීපූ ආන්ඩුවක් තිබුනද ලංකා මේ අම්මට සිරි ලංකාවේ

      Delete
  7. ජන්දයක් තියන්න ආයේ විවස්ථාව වෙනස් කරන්න වෙයි. සිරාට ඕනි විදියට ජන්ද තියන්න බැහැ දැන්. එක්කෝ ආණ්ඩුව එක්ක ඉන්න ශ්‍රීලනිප කොටස අයින් කරගන්න වෙයි. එහෙම උනත් ද්‍රවිඩ ජාතික සංධානය එජාපයට සහය දෙනවා කියලා තියෙන්නේ ආණ්ඩුව කරන්න. සෝ පස්වැනි අවුරුද්ද යනකොට පුළුවන් පාර්ලි‌‌මේන්තුව විසිරුවන්න.

    එතකං ඉතිං මරා සහ හොරු නඩය ඔහේ කෑ ගගහා ඉදියි. කොහොමත් මම නං හිතන්නේ නෑ මරා තව අවුරුදු දෙකක් වත් ඉදියි කියලා. ඒ යකාට තියෙන ලෙඩ, මානසික පීඩනය අනං මනං එකක් බලද්දී අනිවා ඌ සෙත්තා පෝච්චි නිදි ඇදෙම.

    ReplyDelete
    Replies
    1. උඹේ අනාවැකියේ සම්භාවීතවය ඉහළ අගයක පවති

      බෝතලයක් දවසකට ගහනවා කියන්නේ හොඳ දෙයක් නම් නෙමෙයි

      Delete
  8. මේ රට ගොඩගැනීමට නම් සිංහලයාට නායකයෙක් බිහිවිය යුතුයි. සිංහල කම හා සම්බුද්ධ ශාසනයට මුල් තැන දෙන නායකයෙක් බිහිවිය යුතුයි. මුස්ලිම් අන්තවාදය හොදින් හෝ නරකින් නවතා දැමිය හැකි නායකයෙක් බිහිවිය යුතුයි. සිංහලකම යනු කුමක්දැයි ලෝකයට පෙන්නන්න පුලුවන් නායකයෙක් බිහිවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඒ සිංහළයා

      සරම් අඳිනා පන්සල් ගානේ යන ගෝත්‍රිකයකු නොවිය යුතුය

      Delete
  9. මුන් හතර දෙනාව 'විදුලි පුටුවල' ද ඉන්දවල තියෙන්නේ?

    මුන්ගේ ඇඟ වටේ වයර් ඇදල තියෙන විදියයි, මළගෙවල් වගේ මුණුයි දැක්කම එහෙමයි හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හතර දෙනාම සූරයෝද අපතයෝද කියලා ඉතිහාසයේ ලියවෙයි

      Delete
    2. ඒ හතර දෙනා කෙසේ වෙතත් උඹනන් දැනටම අපතයානෙ..

      Delete
  10. ඔච්චර බුද්ධිමත් මිනිස්සු ඉන්න ඇමරිකාව හිලරි වගේ ලිබරල් නායිකාවකට රට බාර දෙන්නෙ නැතුව ට්‍රම්ප් වගේ ඒකාධිපතියෙක්ව පත්කරානම් ලංකාව වගේ ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න වහල්ලු ආපහු පැරදුනු නායකයෙක් ඕන කියන එක පුදුමෙකුත් නෙමේ.

    ReplyDelete
    Replies
    1. කවදාවත් එහෙම දෙයක් වෙන්නේ නෑ...

      Delete
    2. බලාගෙන ගියාම ලංකාවෙ මිනිස්සු ඇමරිකන් කාරයින්ට වඩා බුද්ධුමත්නෙ. ලංකාවෙ උන් ඒකාධිපතියව ගෙදර යැව්ව. ඇමරිකාවි ඒකාධිපතියව පත් කරා.

      Delete
  11. අපේ අන්තරේ කොල්ලෙක් සයිටම් කෙල්ලෙක් එක්ක යාලු වෙලා මලා.

    ReplyDelete
    Replies
    1. වහ බීලා වෙන්න ඇති...

      Delete
    2. නෑ පුක දීල

      Delete
  12. මිදි තිත්තලූ
    නරියෙක් කිව්වලු

    ReplyDelete
    Replies
    1. තිත්ත මිදිත් තීයෙනා බව නොදන්නෙක්

      Delete
  13. //ඩොක්ටර් ඉස්ටිකර් ගලවා වාහානේ පාරට දමනා ලෙසය// +++

    ReplyDelete
  14. නවීන්ද සොයිසාගේ මූණ දැක්කම හොම්බට අනින්න හිතෙන්නෙ මට විතරද බං

    ReplyDelete
    Replies
    1. අම්මපා සහතික ඇත්ත බං

      Delete
    2. අම්මපා මටත් ඕකමනෙ හිතුනෙ

      Delete
  15. දොස්තරලාගේ රජයේ වැටුපට අමතරව උපයන මුදලින් ආදායම් බදු අයකරගන්න පුලුවං ආණ්ඩුවක් පත්කර ගමුකො

    ReplyDelete
    Replies
    1. දැනටත් බදු ගහනව .... නින්දෙන් ඇහැරුනෙ දැන්ද?

      Delete
    2. ඔව් දැං ඇහැරුනේ. ඒ වුනාට තාම නිදිමත.

      Delete
    3. ඔව් දැං ඇහැරුනේ. ඒ වුනාට තාම නිදිමත.

      Delete
    4. පාදෙනිය ඩොකාලට ඒ වැඩෙත් කරලා දීලා තමා නවත්තන්නේ

      Delete
  16. සංක්‍රාන්ති ලිංගිකයකු නො වුණත්, සුළු වශයෙන් ස්ත්‍රී ලක්ෂණ පිහිටා ඇති පිරිමික් කියන කථාවක්

    ReplyDelete
  17. පරාජිත හොර නායකයත් එක්ක එකතු වෙලා තමන්ගේම ආණ්ඩුව අඩපන කර පෙරලීමට නොයෙකුත් ජනපීඩක කඩාකප්පල්කාරී ත්‍රස්ත ක්‍රියාවන් මෙහෙයවන GMOA අපතයොත් එක්ක හරිහරියට වාඩිවෙලා ඉන්න මෛත්‍රී උන්නෙහෙ දැක්කම හිරිකිතක් දැනෙන්නේ.

    මේ මනුස්සයා තමන්ගේ කැමැත්තෙන් ඉන්නවාද, නැත්නම් මුන් සෙට් එක මිනිහව ලණුවලින් වටකරලා ප්‍රාණ ඇපයට තියාගෙන ඉන්නවත්ද කියලත් හිතෙනවා.

    දැන් මේ GMOA අපතයන්ගේ වර්ජන වලින් ආණ්ඩුවට හෙණයක් නැතිවුනාට, දුප්පත් අසරණ ලෙඩුන්ට කොයි තරම් පීඩාවක් වෙනවද?

    ඒත් මෙතන තේරුම් ගන්න බැරි අවුලකට තියෙන්නේ, පීඩිත පන්තිය වෙනුවෙන් ජීවිතය පිදීමට කෑමොර දෙන අනුර කුමාර හා මෝල්කාන්ත ඇතුළු ජෙප්පොයි, ගුරු සංගමේ පඩංගු ස්ටාලින් නුත් GMOA ත්‍රස්‌තයොත් එක්ක එකතු වෙලා පීඩිත පන්තියටම ගේම දෙන එකයි.

    මේ GMOA ප්‍රශ්නයට එක විසඳුමක් තියෙනවා. එනම්,

    මේ නූල් වලින් අතපය ඔතාගෙන, වැඳගෙන උඩබලාගෙන ඉන්න ගෝත්‍රිකයෝ සෙට් එක අයින් කරලා, ඒ වෙනුවට නගරයේ ධනවත්, වැදගත් පවුල් පසුබිමක් ඇති දොස්තරවරු GMOA නිලධාරී මණ්ඩලයට පත් කිරීමට කටයුතු කිරීමයි.

    එතකොට පත්වෙන, මුදලට කෑදර නැති, හීනමානයෙන් තොර, වෘත්තීය ගරුත්වය රැකගෙන ක්‍රියා කරන ශීලාචාර මහත්වරුන්ගෙන් ජනතාවට මෙවැනි පීඩාවන් සිඳු නොවේවි.

    (උඹ ලියන ස්ටයිල් එකට මම හරිම කැමතියි, මාතේ.)

    ReplyDelete
    Replies
    1. උඩ කියනවා අසාර්ථකයිලු. මූ කියනවා ජනතාව පීඩාවට පත් වෙනවලු. බීලද

      Delete
    2. සුන්දර වර්න අමුවෙන්ම කිව්වා මාතලන් ඇතුලු පිරිසගෙ සැබෑ නියෝජනය. නගරයෙ ධනවත් වැදගත් පවුල් පසුබිම... පුහ්

      Delete
    3. //..මාතලන් ඇතුලු පිරිසගෙ සැබෑ නියෝජනය. නගරයෙ ධනවත් වැදගත් පවුල් පසුබිම... පුහ්//

      මචං අනෝ, මම එහෙම කීමට හේතුව ඊළඟට ලියල තිබුන. උඹ දැක්කේ නැද්ද?

      // ..එතකොට පත්වෙන, මුදලට කෑදර නැති, හීනමානයෙන් තොර, වෘත්තීය ගරුත්වය රැකගෙන ක්‍රියා කරන ශීලාචාර මහත්වරුන්ගෙන් ජනතාවට මෙවැනි පීඩාවන් සිඳු නොවේවි..//

      Delete
    4. උඹ කියන කතාව ඇත්ත... පහළ පන්තියේ උන් නොගැලපෙන් රැකියාවලට ආවම ඒවා උන්ට ඔරොත්තු දෙන්නේ නෑ.. උන් ඒවයේ වටිනාකම ගරුත්වය නැති කරලා දානවා... මුන් ඩොක්කු නෙමෙයි... පාතාල චන්ඩි වගේ ටෝක්ස් දෙන්නේ

      Delete
  18. ලංකාවට අනිත් හැම ජාතියෙම පුද්ගලික විශ්ව විද්‍යාල තියෙනවනම් මේක නරක නෑ. ඒත් ප්‍රමිතිය ගැණ ප්‍රශ්ණ තියෙනවා. අපිට ඒක නෑ කියන්න බෑ. විශ්ව විද්‍යාල කොමිෂන් සභාවෙන් දෙන යෙලෝ පේපර් එකට අනුව මේකටත් ළමයි ගන්නවනම් කිසිම ප්‍රශ්ණයක් නෑ. එතකොට කොතලාවල එකට වගේ ප්‍රමිතියක් ඇති වෙනවා. ඒත් මෙතන තියෙන ප්‍රශ්ණේ එහෙම නැතුව ඒ ලෙවල් වලට ආට්ස් කරපු අයත් ගන්න එක. ඇයි ආර්ට්ස් කරපු අය කැමතිනම් දොස්තර වෙන්න බැරිද කියන අය ගැනනම් දුකයි. මොකද ඒ ලෙවල් වල ඔය සිලබස් දෙකේ වෙනස අනිවාර්යයෙන් බලපානවා. අනිත් එක යෙලෝ පේපර් එක නැති උනාම එස් දෙකක් ගත්ත කෙනෙකුටත් ඕක කරන්න පුළුවන්.

    පිටරට උපාධි අරන් එන එයට තියෙන විභාගේ කරන එක ප්‍රායෝගික නෑ මොකද ඒක පාඩම් කරලා කිසිම ප්‍රැක්ටිකල් එකක් නැති කෙනෙකුට උනත් පාස් වෙන්න පුළුවන් කියලා ඕන තරම් උදාහරණ තියෙනවා.

    ඒ නිසා මේ විශ්ව විද්‍යාලය අත්‍යවශයයි. ඒත් නියමිත ප්‍රමිතියත් එක්ක.

    ReplyDelete
  19. ගල් ගහන එක අපරාදේ...සුදුවා වලින් ගැහැව්වනම් හරි

    ReplyDelete
  20. මාතලන් කියල කවුරු හරි ආවොත් බෙහෙත් දෙන්න එපා කියල චිට් එකක් යනවලු දොස්තරලා අතින් අත ලංකාවේ ඉස්පිරිතාල වල ඕන්. පස්සේ කවුද කියල ඕක ඉන්දියන් නමක් ඇත්ත නම ප්‍රියන්ත හේවගේ කියල. අන්න ප්‍රියන්ත හේවගේ කියන නම තියන එකෙකුට වත් බෙහෙත් දෙන්නේ නැහැ ලු. සත්තයි.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචෝ... ආයුර්වේද ඩොකාලා ඉන්නවා නේ

      අපි පොඩි කාළේ බෙහෙත් ගත්තේ උන්දැලගෙන් නේ

      Delete
  21. දිගටම ශෙඩ් වලින් ඩොකාලට තෙල් නොගහා ඉන්නවනං, පාරට වාහන දැම්මම මිනිස්සු ගල් ගහන්න බලං ඉන්නවනං හොඳයි .. අඩු මිලට පර්මිට් වලට ගෙනාපු අලුත් වාහනයක් ගන්න පුලුවන් වෙයි.. හැක්

    ReplyDelete
    Replies
    1. ඕවා වැඩිය දුවන්නේ නෑ... ඉස්ටිකර් එක ගහන්න ගන්නේ... ඒකනේ ඩොකාලගෙ වාහන මාකට්

      Delete
  22. දිගටම ශෙඩ් වලින් ඩොකාලට තෙල් නොගහා ඉන්නවනං, පාරට වාහන දැම්මම මිනිස්සු ගල් ගහන්න බලං ඉන්නවනං හොඳයි .. අඩු මිලට පර්මිට් වලට ගෙනාපු අලුත් වාහනයක් ගන්න පුලුවන් වෙයි.. හැක්

    ReplyDelete
    Replies
    1. දෙපාරක් තෙල් නොගහ ඉඳලා දෙපාරක් ගල් ගහල දෙපාරක් අඩු මිලට වාහනයක් ගන්න හදන්නෙ මෙයා

      Delete
    2. දෙපාරක් තෙල් නොගහ ඉඳලා දෙපාරක් ගල් ගහල දෙපාරක් අඩු මිලට වාහනයක් ගන්න හදන්නෙ මෙයා

      Delete
  23. ගැටළුව තමාගේ නොවන තාක් එයට පිළිතුරු දාර්ශනික බවින් හා වීරත්වයෙන් පිරි ඒවා වේ.

    ReplyDelete
  24. මම වැඩිය පොලිටික්ස් වලට නැතත් ලියලා තියනදේ ඇත්තම ඇත්ත........ ඉවසීම සීමා සහිත බව ගොමා ගොබ්බයන් දැන්වත් තේරුම ගත යුතුයි.

    ReplyDelete
  25. මගේ යාලු ඩොකෙක් ඉන්නවා. මොනරාගල.ජවිපෙ හිතවතෙක් වගේම ඊටත් වඩා පෙසපෙ හිතවතෙක්.මහා සයිටම් විරෝදියෙක්.එයා යෝජනා කරලා තිබුණා රජයේ රෝහලේ වර්ජනය නොකර දින දෙකක් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් වර්ජනය කරන්න

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න