.

.

Apr 28, 2017

සුභ ගමන් විචා....!!! - Good bye Vicha...!!!




ලාග්ගත් ගහගෙන
ඔළුව උඩ කප් බැලන්ස්
ඩාන්ස් එකකුත් එක්ක
ආයෙත් දවසක 
හමු වෙමු විචා

උඹට 
සුබ ගමන්...!!!

72 comments:

  1. සුබ ගමන් විචාරකතුමනි.. කියන්න තේරෙන්නේ නැති මොකක්දෝ ලොකු හිස්කමක් දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. විචාගේ හාමිනා කිව්වේ විචාගේ ජීවිතේ ඇවිල්ලා බ්ලොග් කියලා...

      Delete
    2. බ්ලොග් අවකාශයේ දැවැන්තයෙක් වූ විචාරක (මේජර් WMJ ගුණරත්න මහතා) මහතා අභාවප්‍රාප්ත වී ඇත. එතුමාගේ දේහය පිලිබදව අවසන් කටයුතු ලබන සදුදා (මැයි 1 දින) කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මේ වනවිට එතුමාගේ දේහය තැන්පත් කර ඇත්තේ නොම්බර 100, දිද්දෙණිය වත්ත,පළමු පියවර, බෝයගනේ,පොතුහැර(කුරුණෑගල) යන ලිපිනයේ ඇති එතුමාගේ නිවසේයි.

      කොළඹ සිට ගමන් මාර්ගය- කොළඹ නුවර පාරේ අඹේපුස්ස හරහා කුරුණෑගල දෙසට පැමිණෙන්න. අඹේපුස්ස සිට කුරුණෑගල මාර්ගයේ කිලෝමීටර් 25 ක් පමණ පැමිණෙන විට පොතුහැර රේල්වේ ක්‍රොසිං එක හමුවේ. එය පසු කොට මීටර් 500 ක් පමණ ඉදිරියට යන විට වම් ඇත්ත පැත්තේ ලියනගේ එන්ටප්‍රයිස් නමැති බැකෝ, ඩෝසර් ආදිය විකුණන සේල් එකක් ඇත. එය පසු කොට මීටර් කිහිපයක් යන විට වම් අත පැත්තේ දිද්දෙණියවත්ත,පළමු පියවර මාර්ගය ඇත. එම මාර්ගයේ මීටර් කිහිපයක් යන විට විචාරක මහතාගේ නිවස (මේජර් ගුණරත්න) සුදුකොඩි දමා ඇති නිසා සොයාගත හැක.

      Delete
  2. මාම කියන්ඩද
    මචං කියන්ඩද
    අයියා කියන්ඩද
    සර් කියන්ඩද
    අක්කට ඉගැන්නුවට
    මට ඉගැන්නුවයැ
    අනික ඒකිත් නැති කොට
    සීයා කියලවත් කියන්ඩද

    එහෙම නමක් අපේ
    යාළුකමට තිබුනෙම නැනේ

    නාකියෝ ස්තුතියි උඹට

    වෙන මොකටවත් නෙමෙයි
    පැන්සොන් ජීවිතේ
    පන්සලටයි මරණාදාර සමිතියට
    අනුන්ගේ රෙද්ද අහක්වෙච්චා
    හොයන්ඩයි වැය නොකර
    හවසට මං ගෙදර ආවහම
    කියවන්ඩ දෙයක්
    ලියලා තිබ්බට

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මචෝ

      Delete
    2. තරහත් යනවා ඇති බං ...පැය 18ක් බ්ලොග් වල කියුවනේ

      Delete
    3. ලොකු අඩුවක් ...............................

      Delete
    4. උඹේ තමා හොඳම කොමෙන්ට් එක අටම

      Delete
  3. Though I'm not a blogger, as a reader I learn a lot from his blog. Enjoyed much from his writings ! A true human being has departed. Good buy dear Mr. Wicharaka. ������

    Any he attain Supream bliss of Nibbana !

    ReplyDelete
    Replies
    1. විචා ප්‍රාර්ථනා කළේද එයයි... ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  4. අපේ ගෙවල් පැත්තේ..ආයෙත් දවසක හම්බෙමු සර්...

    ReplyDelete
  5. මිනිසකුද?
    බ්ලොග්කරුවකුද?
    මිනිසකු වන බ්ලොග්කරුවකුද?
    බ්ලොග්කරුවකු වන මිනිසකුද?

    ReplyDelete
  6. මට ඔහු blog අවකාශයේ සිටි හොද ගුරුවරයෙක්, එමෙන්ම කාරුණික මිතුරෙක්. සැබෑ මිනිසෙකු වන ඔහුගේ අකාල අභාවය මට මහත් කම්පනයක්, නිවන් සුව පතමි

    ReplyDelete
  7. අමතක නොවන සේවයක් කළ සුවිශේෂ මිනිසෙකුගේ අභාවය පිළිබඳ දුක් වෙමි .එතුමාට නිවන් සුව පතමි .

    ReplyDelete
  8. කිසිදින අප හමු නොවූන ද ඊමේල් වලින් , මුහුණු පොතෙන් අප මිතුරන් වූයෙමු. බ්ලොග් ලෝකයට ඒමට මට අත හිත දුන්නේය​. යහපත් මිනිසෙකු , හිත හොඳ මිතුරෙකු මෙන්ම හමුදා නිලධාරියෙකු වූ මේජර් ගුණරත්න හෙවත් විචා තුමාගෙන් සමු ගනිමි. ඔබට නිවන් සුව.

    ReplyDelete
  9. කවදාවත් හමුඋනේ නෑ...කව්ද කියා දන්නෙත් නෑ...එත් මගේ බ්ලොග්ස් ඔක්කොම කියවලා...පොසිටිව් කමෙන්ට් දැම්මා...Good Night විචා !!!

    ReplyDelete
  10. යුද්ධ ටැංකි, මොටාර්, කාලතුවක්කු, මල්ටි බැරල් රොකට් ලොන්චර්, ග්‍රෙනේඩ්, තුවක්කු, රයිෆල්, පිස්තෝල, ගල්කටස්,කඩු, කිරිංචි, මන්න, නකල්ඩස්ටර්, මඩුවලිග, ඩප්පි හා මාමයිට්කුප්පි වලින්ද දුන් දැනුමින් අපිව සන්නද්ධ කෙරු මේජර් ගුණරත්න හෙවත් විචරකතුමාට නිවන් සුව අත්වේවා.

    ReplyDelete
  11. ලොකු අඩුවක් දැනෙනවා සැබවින්ම..
    සුභ ගමන් විචාරක තුමා....

    ReplyDelete
  12. සුභ ගමන් විචාරක තුමණි

    ReplyDelete
  13. කවදාවත් දැකගන්නට බැරිවුණා. ඒත් බොහොම ළඟ මිතුරුකමක් හිතේ තිබුණා. අපේ ගෙදර ඒවි කියල හිතා හිටියට ඒ ආවෙත් නෑ. ඔබේ නික්ම යෑම හිතට හරිම හිස්බවක් එක්කරනවා.වෙන මොනා කියන්නද? සුබ ගමන් මා හිතවත් විචා!!

    ReplyDelete
  14. තමන්ගේ මතය වෙනුවෙන් සෘජුව පෙනි හිටපු මිනිසෙක්.
    සුබ ගමන් මහත්මයා...!

    ReplyDelete
  15. මිනිසුන්ගේ ආදරය දිනා ගනිමින් සමුගත් දුලබ මිනිසෙක්!
    මගේ පැතුම ඔහුට සුගති උපතක් !

    ReplyDelete
  16. මම දන්නා විදියට පොස්ට් එකක් වෙනුවෙන් වැඩිපුරම මහන්සි වෙන බ්ලොගර්ස් ලා අතලොස්සෙන් ඉස්සරහින්ම ඉන්නේ විචා.
    අපි ඒ අතින් බොහොම ප්‍රාථමික යි.

    බ්ලොග් ලෝකේ හිටපු තරුණම බ්ලොග් කාරයාත් විචා මයි.
    අවුරුදු ගනම් වලින් කොච්චර වයස වුනත් ලාබාලම බ්ලොග් කාරයෝ කාරියෝ එක්කත් උන්ගේ වයස වල ඉඳගෙන බ්ලොග් කියවන, කමෙන්ට් කරන්න විචාට පුළුවන් වුනා...

    ----------

    අහපු දැකපු සොයපු සහ අපි වෙනුවෙන් ලියපු විචා දැන් ගොහින්.


    විචෝ, උඹට සුබ ගමන්.
    තව ටික කාලෙකින් අපිත් එන්නම්.
    ලියමු බ්ලොග් දිවිය ලෝකේ හිරි වැටෙන්න.
    අපාය පුපුරන්න.

    එතකන් පොඩ්ඩක් හිටපන්.

    ReplyDelete
  17. මාතේ. ඊයේ අටංගේ හෝඩුවාවට විචාරක බලන්න වාට්ටුවට ගියා. ඒ වෙනකොටත් ඔහුට ඔක්සිජන් දෙනවා. මීට කලින් නොදන්නා ඔහුව ඊයේ දුටුවේ ළෙඩ ඇඳේ. අද ඔහු යන්නම ගිහින්. මෙයයි ජීවිතේ...
    ඔහුට සුභ ගමන්..


    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. මේ ඡායා රූපය ඒ චරිතයේ ප්‍රභාව විහිදුවනවා. එය උපුටා ගැනීමට මටත් අවසර දෙන්න. වටිනා මනුස්සයෙක් බ්ලොග් ලොවටත් අහිමි වුනා.

    ReplyDelete
  20. විචා මාමේ, උඹට නිවන් සුව ලැබේවා...!

    එක දවසක් මුණ ගැසුණත් වැඩි වෙලාවක් කතාබහ කරන්න හරි සෙට් වෙන්න හරි වෙලාවක් තිබුනෙ නැහැ, ඔබට ගෙදර යන්න හදිස්සි වෙච්ච නිසා...
    අපිත් වෙලාව ආපු ගමන් හැකි ඉක්මණින් එන්නම් ඔබව මුණ ගැහෙන්න...

    ReplyDelete
  21. ගතින් වියපත් උනත් සිතින් තරුණ ඔහු මේ තරම් ඉක්මනින් අප හැරයායැයි නොසිතුවෙමි.
    සුබ ගමන් විචා.

    ReplyDelete
  22. සුභ ගමන් විචාරකතුමණි

    ReplyDelete
  23. විචාරකගේ ගෙදරට යන පාර , වරකපොලින් , අඹේපුස්සට ඇවිත් , කුරුනැගල පාරෙන් එන්න කියුවා , පොතුහැර පාස්කරලා රේල්වේ කෝසින් එක පහුකරගෙන කිලෝමීටර් එකක් ආපුවහම ලියනගේ කියල බැකෝ ජේ සි බි විකුනන කඩයක් තියනවා කියුවා , ඒක පාස් කරහම කන්දක් තියනවා කියුවා , කන්ද නැග්ග ගමං වමට තියන පාර , දිද්දෙනිය වත්ත , පලවෙනි පියවර , ඒ පාරේ මීටර් සීයක් විතර ඇවිත් මේජර් ගුනරත්නගේ ගෙදර අහන්න කියුවා කාගෙන් හරි

    ReplyDelete
  24. සැබැවින් නොදු‍ටුමුත්,
    ලොකු අයියෙකුම වුනු,
    නොකියාම වෙන්ව ගිය
    විචාරක සුභ ගමන්
    ස්තුතියි අන්තර්ජාලයට...

    ReplyDelete
  25. සුභ ගමන් විචා මාමි 🙏

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. විචාරක මහතාණනි ඔබට සුබ ගමන්

    ReplyDelete
  28. බ්ලොග් තුල දුටු යහපත් මිනිසෙකුගේ නික්මයෑමක් ඇත්තටම දුකයි :(

    ReplyDelete
  29. ලෙඩ ඇඳේදිත් බ්ලොග් ගැන,බ්ලොගර්ස් ලා ගැන කිය කිය හිනාඋන එකයි කලේ.
    විචා බලන්න මාතා හමුදාරෝහලට යන්න හදපු කතන්දරේ හරි සතුටින් කිව්වෙ.
    නිවන් සුව ලැබේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. ආවොත් යායුතුය..හම්ම්

    ජීවිතේම ඔලුව උඩ ග්ලාස් බැලන්ස් ඩාන්ස් එකක්

    ReplyDelete
  32. සුභ ගමන් විචාරකතුමණි

    ReplyDelete
  33. ඔබව දෑසින් දකින්නට පින් කර නැතත්, ඔබේ දැනුමෙන් මනස පුරවා ගැනීමට වරම් ලද්දෙකු ලෙසින් පතන්නෙමි ඔබට සුභම සුභ ගමනක්, විචාරකතුමණි.

    ReplyDelete
  34. මම 'විචා' කිසිදාක හැබැහින් නොතිබුනත්, ඔහුගේ නික්මයාමේ පුවත සමග මොකක්දෝ පාලුවකුත් හිතට අතුලු වුනා.

    ඔබට සුභ ගමන්

    //..පැන්සොන් ජීවිතේ
    පන්සලටයි මරණාදාර සමිතියට
    අනුන්ගේ රෙද්ද අහක්වෙච්චා
    හොයන්ඩයි වැය නොකර
    හවසට මං ගෙදර ආවහම
    කියවන්ඩ දෙයක්
    ලියලා තිබ්බට//

    (ඔහුට සුභ ගමන් පැතීමට 'අටම්පහුර' කියූ හේතුවට වඩා හොඳ එකක් හිතාගන්න බැරි වුනා)

    ReplyDelete
  35. කාලයක් නවත්තලා තිබ්බ සිංහල බ්ලොග් කියවිල්ල මම ආපහු පටන්ගත්තේ විචාරකතුමා ගේ ලිපියක් අහම්බෙන් දැකලා.
    සුභ ගමන් විචාරකතුමනි!

    ReplyDelete
  36. ජීවීතය ගැන අපූරු පාඩමක් කියල දුන්
    නිහතමාණී සොඳුරු මිනිසා...
    ඔබට සුබ ගමන්...

    ReplyDelete
  37. කලක පටන් සුව දුක් ගැන ලියවෙනවා
    දිනක හැරදමා යන බව ඇඟවෙනවා
    මලක සුවඳ මෙන් ඔබ ගුණ පැතිරෙනවා
    මතක අවදි වී බ්ලොග් ලොව සරසනවා

    ReplyDelete
  38. විචාරක, ගිහිල්ල ඉක්මනට වරෙන්, පාලුයි!

    ReplyDelete
  39. මිතොට මුල්ලේ පන පිටින් කුණුවලින් වැළලුනු ජිවිත ගැන කඳුලුක් නැති එවුන් එක ස්වාභික මරණයක් ගැන කොමන්ට් වැහිවහලා

    ReplyDelete
    Replies
    1. THIS COMMENT SHOWS WHERE YOU ARE FROM! SHAME ON YOU BROTHER.

      Delete
  40. Vicha..
    Your thinking was extremely modern to your age. And some of young so-called modernists are far behind to you.

    Thank you for inspiring us.

    Happy journey ! Let's meet somewhere.

    Ajit Alawatte

    ReplyDelete
  41. විචාරකතුමාගෙ අභාවය පිලිබද ම⁣ගෙ බලවත් කනගාටුව සිය පවුලට මෙන්ම බ්ලෙග්ෝකයෙ ඇත්තන්ටත් පලකරමි (රන්ජන්-අලුත්ගම)

    ReplyDelete
  42. ගොඩක් දුකයි, මොනවා කරන්නද හොද අය ඉක්මනින් අපිව දාලා යනවා.

    ReplyDelete
  43. ලොකු දුකක් එක්ක සතුටක් දැනෙනවා
    දුක හිත හොද මිනිසෙකුගේ නික්ම යාම
    සතුට පත්තරේක දැම්මත් මරණ දැන්වීමක කියවන්නේ නැති කාලේ බ්ලොග් නිසා තවමත් ඔහුට ලොකු වටිනාකමක් තියනවා ...
    සතුට කියපු ඒක වරදවා හිතන්න එපා

    ReplyDelete
  44. විචා ගියා ..... ඊළඟට ......

    ReplyDelete
  45. ගිය පාරට කලින් වතාවෙ බ්ලොග් සම්මාන උළෙලේදි ඔහුව මුණ ගැහුනා...ගුණසිංහ මහත්තයාගෙ පුතත් එක්ක මම ඔහු ළඟට ගියා...ඔහු හිටියේ පුටුවක ඉඳගෙන...අපිට ඉඳගන්න පුටුවක් ළඟ තිබුණෙ නැති හින්දා අපි බිම ඉඳගෙන කතාවට ලෑස්ති වුණා විතරයි මෙන්න විචා මාමා නැගිට්ටා...නැගිටලා කිව්වා අපෝ ඔහොමනම් වාඩි වෙන්න එපා කියලා...

    ගොඩක් දුකයි...ඒ අවසාන වතාව කියලා හිතුනෙ නෑ එදා...ඔබට යහපතක්ම වේවා...

    අසංක සමග කුරුටු ගෑ ගී පවුර පවුල

    ReplyDelete
  46. රොබට් කියන ෆේක් ප්‍රෝෆයිලය, විචාරක විසින් සෑදූවක් බව බ්ලොග් ලෝකයේ කතාවක් පැතිරේ. රොබට් මාතලන්ගෙ අඩවියට කවදාවත් කොමෙන්ට් දාන්නෙ නැත්තෙ, මාතලන්ගෙ ගජට්වලින්, විචාරක මාට්ටු වෙයි කියලා තිබ්බ බයටලු. විචාරකගෙ සමු ගැනීමත් සමග රොබට් අතුරුදහන්.

    ReplyDelete
  47. සිංහල බ්ලොග් කලාව එළිය කරපු විචා මාමට සුභ ගමන්!!!

    ReplyDelete
  48. සුභ ගමන් විචාරක තුමා

    ReplyDelete
  49. බොහෝ පාඨකයන් පිරිසක් බ්ලොග් කලාව වෙත ආකර්ෂණය කර ගැනීමට මෙතුමාගේ බ්ලොග් එක ඉවහල් උන, මම පවා මෙතුමා විසින් පලකරන ලද සෑම ලිපියක්ම කියවා තිබෙනවා. ඒ මාර්ගයෙන් තවත් බ්ලොග් දැන අඳුන ගත්ත. පෞද්ගලික මිත්‍රත්වයක් නොමැති උනත් මෙතුමාගේ අභාවය සැලවී මට මහත් කනගාටුවක් ඇති උනා.
    විචාරක තුමනි, ඔබට නිවන්සුව අත්වේවා..
    ලසන්ත

    ReplyDelete
  50. සොඳුරු නිහතමානී බ්ලොග්කරුවෙකුගේ නික්ම යෑම !

    ReplyDelete
  51. සුභ ගමන් විචා .......

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න