.

.

May 13, 2017

මෝදිගේ ලංකාගමනය හා ලංකාවේ ආර්ථිකය - Modhi's Visit to Lanka & ETCA






බුදු හාන්දුරුවෝ ලංකාවට කිසි කළෙක වැඩම කර නැතත්, වැඩම කළා යැයි සඳහන් සුරඟන කතා තුල පවා ඇත්තේ, මේ රට කොතරම් ගෝත්‍රික රාජ්‍යයක්ද කියනා කාරනයයි. සුරඟන කතාවල කියනාකාරයට වැඩම කළ අවස්ථා තුනේදීම වැඩම කොට ඇත්තේ, පාලකයන්ගේ කචල් සෙටල් කිරීම සඳහායි. මහියංගනයට වැඩි අවස්ථාවේ, අද යක්කු මෙන්ම එදා යක්කුත් පුළුවන්නම් වැඩම කරපන් ඩෝ කීවාට, වැඩම කලායින් පස්සේ නැට්ට පුකේ ගසාගෙන දිව යන ආකාරය දැක්වෙන බිදු සිතුවමක් කැළණිය විහාරයේ සෝලියස් මැන්දිස් ලොක්කා විසින් අපූරුවට සිත්තම් කොට ඇත්තේය.

කට වචාල කමට ඔහේ කටට එන එකක් ඇදලා අරින විමල් වීරවංශයා මෝදිගේ ගමනට විරෝධය දැක්වීම සඳහා මුළු රට පුර කළු කොඩි දාන්නෙයි කියද්දි එම වේදිකාවේ සිට ඒවාට ඔල්වරසන් දුන් මහින්ද රාජපක්ෂ මෝදි වැඩියායින් පසු බල්ලා මෙන් මෙල්ල වී මෝදිගෙන් පුක නැති වෙන්න අසා ගන්නේත්, කළු කොඩි දාන්නෙයි කියු එකෙක්වත් හොයා ගන්නට හෝ බැරි වන්නේත්, අතීතයේ සුරඟන කතාවේ සිඳු වූවා වාගේමය.

මාතලන් සිතනාකාරයට මෝදිගේ ගමනින් සිඳු වන්නේ සතුරු බලවේග දෙකක්ම මෙල්ල කිරීමයි. ඉන්දියාව හා සිඳු කිරීමට නියමිත ආර්ථික සහයෝගීතා ගිවිසුමක් ගැන කතා මතු වන්නේ අද ඊයේ සිට නොවේ. මෙය මහින්දගේ කාළයේ සිටම පවතිනා කතාවක්ම වන්නේය. මහින්දගේ කාළයේ එවන් ගිවිසුමක් ඉන්දියාව අවශ්‍ය නොවන්නේ, මහින්දගේ වචනයට එහා යාමට කිසිවකු නොමැති වීමත්, ගිවිසුමකින් තොරව කොමිස් මඟින් මහින්ද නම්මවා ගැනීමට හැකි වීමත් නිසාමය. කුප්‍රකට ක්‍රිෂ් ගණුදෙනුව තුල මතුවන කරුණු මේවාට හොඳ නිදසුන්ම වේ. ක්‍රිෂ් සමාගම ලංකාවෙන බැහැරව යන්නේ කොමිස් දීමේ කෙළවරක් නොමැති වීම නිසා මිස අයෝජනයට ඇති වෙනත් බාධාවන් නිසා නොවේ.

ක්‍රිස් සමාගම එසේ පසු පදයේ ක්‍රීඩා කළද මහින්දගේ පාලනය තුල සිඳු වූ ඉන්දියානු ආයෝජන ගැන අපූරු හෙළිදරව්වක් කලේ අනුර කුමාර දිසානායකය. ඒවා කාටවත් රහසක් නොවේ. ඒ අතරේ මෝදිට කළු කොඩි දමන්නැයි කිව් එකාගේ අමාත්‍යංශය යටතේත් ඉන්දියානු ආයෝජන අනන්තවත් තිබී ඇත. කොහොමත් මහින්දගේ දැක්ම අනුව රට කනවා නම් හෝ විකුණනවානම් ඒවාත් සිඳුවිය යුත්තේ තමන් යටතේ මිස එක එකා යටතේ නම් නොවේ.

එහෙත් එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති වලට මුළුමනින්ම පටහැනි මතයක ඉන්නා සාම්ප්‍රදායික සිරි ලංකා කාරයකු මෙන්ම බලවත් නායකයකු නොවන සිරිසේන මේ සඳහා එකතු කර ගැනීම ගැටළුවක් වන නිසාම ආර්ථ්ක අවබෝධතා ගිවිසුමක අවශ්‍යතාවය වඩාත්ම වැදගත් වන්නේ ඉන්දියාවටයි. මන්ද ස්ථිර ප්‍රතිපත්තියක් නැති නායකයකු හා ගණුදෙණු කිරීම භයානක වන නිසාමැයි.

මෙහිදි විහිළු සහගත හෙවත් ලොල් සහගත කරුණ වන්නේ ඉන්දියාවට විරුද්ධව මේ අවස්ථාවේදි මහින්ද පාර්ෂවයද එක්වීමයි. ඒ මාතලන් අර කලින් සඳහන් කළ හේතුව නිසාcඑන් මිස අන් හේතුවක් නිසාවෙන් නොවන්නේමය. තිරිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ගණුදෙණුවේදි සුසිල් ප්‍රේමජයන්ත හරහා එන්නේ මෛත්‍රී පාර්ෂවයේ මෙන්ම මහින්දගේද හඬයි. ඒ අනුව මේ පාර්ෂවයන් දෙකම තමන් කෙරේ නම්මවා ගැනීම ඉන්දියාවට අහිශයින්ම වැදගත් වන්නේමය.

මෝදි ලංකාවට පැමිණීමට පෙර රනිල් ඉන්දියා යන්නේ මේ හේතුවෙන්මය. ඇත්ත වශයෙන්ම රනිල් ඉන්නේ මෝදිගේ පැත්තේය. කොටින්ම සිරිසේනගේ රාත්‍රී භෝජන සංග්‍රහයේදීද රනිල් ඉන්නේ මෝදිගේ පැත්තේ මිස සිරිසේනගේ පැත්තේ නොවේ. එය ලංකාවට වාසි සහගතය. ලෝක බලවතෙක් මෙන්ම ලෝක ආර්ථික බලවතෙක් වන ඉන්දියාව ලංකාවේ සිටීම චීන ආයෝජකයන්ගේ එකාධිකාරිය නැති ක්‍රීමට මනා පිටුවහලක්ම වන්නේය.

කෙසේ වෙතත් අද වන තෙක් කිසිඳු ආයෝජකයකු ලංකාවේ ආයෝජන සඳහා පැමිනෙන්නේ නැත්තේ මන්දැයි යන කාරනාව මෙහිදි අතිශයින්ම වැදගත් වන්නේය. රට ඉදිරියට ගෙන යාමට නම් අනිවාර්යයෙන් විදෙස් ආයෝජකයින්ගේ පැමිණීම අත්‍යාවශ්‍යම කාරනයක්මය. ජේ ආර් ගේ කාළයේ රටේ සීඝ්‍ර ආර්ථික වර්ධණයක් ඇති වන්නේ, සෘජූ විදෙස් ආයෝජන හේතුවෙන් මිස, අපේ ඇති ලබ්බකින් නොවේමය. ජේ ආර්ගේ දැක්ම සහිත අගමැතිවරයකු උන්නා කියා, ආයෝජකයින්ට ඵලක් ඇත්තේ නැතිය. මන්ද ඔහු රටේ නායකයා නොවනා නිසාය.

අයෝජකයින් කැමති වන්නේත්, ආයෝජනය සඳහා ඉදිරිපත්වන රාජ්‍යන් කැමති වන්නේත්, ස්ථිර බලයක් හා පිරිසක් නොමැති මඩේ හිටවූ ඉන්න මෙන් එහාට මෙහාට වැනෙනා නායකයකු යටතේ ඇති රාජ්‍යක ආයෝජනය කිරීමට නොව, ස්ථිර ප්‍රතිපත්තියක් ඇති බලවත් නායකයින් ඉන්නා රාජ්‍යයන් තුල තම ආයෝජනයන් සිඳු කිරීමටය. පාලකයා දරුණු ඒකාධිපතියකු වුවද ඔවුන්ට අවුලක් නොවන්නේය. විශේෂයෙන් යුරෝපය හා ඇමරිකාව මොන බයිලා ගැසුවද, ඔවුන්ගේ ආයෝජනද ඔවුන් සිඳු කරන්නේ මෙවන් රාජ්‍යයන් තුලම පමණි.

මෝදි ගියායින් පස්සේ මේ කුමන පාර්ශවයක් කුමන බයිලාවන් ගැයූවත්, ඉන්දියාවට මෙන්ම ලංකාවට වාසි සහගත දෙයක් සිඳු වන්නේ නම් එහි වැඩි වාසිය ඇත්තේ අම්මට සිරි ලංකාවටමය. මන්ද ලංකව නැත්ත ඉන්දියාවේ සීඝ්‍ර ආර්ථික වර්ධනය සිඳු වන නිසාමය. කඳුකරයේදි මෝදී සිරිසේනගේ හා රනිල්ගේ අත් අල්ලා කරන්නට උත්සාහ කරන්නේ මේ සමඟි කිරීමයි. එමෙන්ම මහින්ද පාර්ෂවයට හා සාකඡ්චාවක් ලබා දීමෙන්ද සිඳු කරන්නේ එයයි.

මෙහිදි සිරිසේන සිහි තබා ගත යුතු වඩා වැදගත්ම කරුණ වන්නේ ඉන්දියාව මෙන්ම චීනය මහින්ද සාධකය මෙතරම් වැදගත් කොට සලකන්නේ මන්ද යන්නයි. ආන්ඩුව ජනතාව තුල අප්‍රසාදයට පත්ව ඇති බවත්, මහින්ද පාර්ෂවයට රටේ බලය ලැබීමේ ඉඩ කඩක් පවතිනා බවත්, සිරිසේනට නොතේරුනාට, රනිල්ට මෙන්ම ලොව අනෙක් නායකයන්ටත් පෙනෙනා බවයි. ඉඳින් සිරිසේන සිඳු කළ යුත්තේ මහින්ද රහසින් කළ දේවල් ප්‍රසිද්ධියේ කොට, විදෙස් ආයෝජන රටට ගෙනවුත්, තමන් බලවත් නායකයකු බව ලොවට පෙන්වනවාද, එසේ නොමැති නම් ආන්ඩුව තුල සිටිනා මහින්දගේ උන්ගේ ලණු කා සරත් ෆොන්සේකා මෙන් මහින්දගේ සිරිකරුවකු වනවාද යන කරුණම පමණි. 

මහින්දගේ ඉන්දියානු විරෝධයේ රඟ දැන ගන්න 16:00 සිට නරඹන්න



මන්ද මහින්ද පාර්ෂවය නැවත බලයට පැමිනියහොත් කලින් සිඳු වූ ආකාරයටම ගිවුසුම් නැතත්, මේ සියළු ආයෝජනයන් කිසි අවුලක් හෝ ගිවිසුමක් නොමැතිව එසේම සිඳු වෙන්නේය.  ප්‍රශ්ණයක් ආවෝත් එන්නේ කොමිස් මුදල් පිළිබඳවම පමණය. ඒ සඳහා ඝෝඨා හා එක පෙලට සිටගැනීමට බැසිල් රාජපක්ෂලා, නාමල් රාජපක්ෂලා, අජිත් නෙවාඩ් කබ්‍රාල්ලා, නාලක ගොඩහේවලා, දිල්ත් ජයවීරලා, චරිත හේරත්ලා, නිස්සංක සේනාධිපතිලා කෙල හල හලා බලා සිටිනා බවත් මතක් කොරමින් මේ පල්හෑල්ල මෙතනින් නවතා දමනවාය,.

මාතලන් දන්නා පරිදි ඉන්දියාවෙන් පැමිණි කිසිඳි දෙයකින් ලංකාවට සිඳු වූ අගතියක් නම් නැත්තේය. විජේගෙන් ලොව උතුම්ම ජාතිය පැමිණ ඇත්තේය. ම්හිඳුගෙන් ලොව උතුම්ම ආගම පැමිණ ඇත්තේය. සඝමිත්ගෙන් ලොව උතුම්ම ගහ පැමිණ ඇත්තේය, හේමමාලා ගෙන් ලොව උතුම්ම දත පැමිණ ඇත්තේය. රජීව්ගෙන් ලොව උතුම්ම පලාත් සභා පැමිණ ඇත්තේය. ඉදින් මෝදිගෙන් ලැබීමට යන ලොව උතුම්ම ආර්ථිකයට කොක්ක දැමීම පලාත් සභාවලට කොක්ක ඇද්දා වාගෙම එකක් වනවා නොඅනුමානය. 


71 comments:

  1. මාතා,

    //රජීව්ගෙන් ලොව උතුම්ම පලාත් සභා පැමිණ ඇත්තේය.//

    කවුද බන් එහෙම කියන්නේ, පළාත් සබා කියන්නේ සුදු අලිනේ
    ඇයි උබට මතක නැද්ද 1987 දී ඉවර කරන්න තිබුන යුද්දේ 2009 දක්වා දීර්ග කිරීමටත් උපකාර උනේ ඉන්දියාව තමයි ලොක්ක.
    1983 ඉන්දිරා LTTE යට පුහුණුව දීල අපට හරි ලොකු දේවල් ඉන්දියාව දීල තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ඒ ඇමරිකාව එක්ක එකතු වෙලා ඉන්දියාවට දන්නන්න ගිහිල්ලා නේ... අපි මොක්කුද බං ඉන්දියාව ළඟ... චා ගුන්ඩි...

      Delete
    2. ඉදිරියේ චිනේ ශ්‍රී ලංකාවට එන්නේ මේ ගොඩක් උන් කියනවා වගේ ඉන්දියාවට විරුද්දව යුද්ද කිරීමට නෙමෙයි චිනට ඕනෙත් තමන්ගේ බඩු ලංකාව හරහා ඉන්දියාවට විකුනන්නයි.

      Delete
    3. අපේ ගොන්නු හිතාගෙන ඉන්නේ තාමත් චීනෙයි ඉන්දියාවයි තරහයි කියලා

      චීනේ ඉන්දියාව නෙමෙයි මුළු ලෝකෙම අල්ලලා තියෙන්නේ දැන්

      ට්‍රම්පට් ලොක්කත් නැට්ට පුකේ ගහ ගත්තේ...

      Delete
    4. Etakota cheenage seda mawate samuluwata indiyawa giye natte moko bam

      Delete
    5. ඉන්දියාව කියන්නේ බලවත් රාජ්‍යයක්... ඒ නොගියා කියලා උන්ගේ ගණුදෙණු වල අවුලක් වෙන්නේ නෑ...

      ලංකාව කියන්නේ හිඟන රටක්...

      Delete
  2. මාතෙ තව කාරණාවක්. ජේ ආර් නිදහස් වෙලඳ කලාපෙ දැම්මම ලංකාවේ තියෙන පරණ කම්කරු නීති ඒකට අදාල නොවෙන විදිහට නීති සකස් කලා. ඊට පස්සේ 1994 දි ඡන්ද ගන්න නිදහස් වෙලඳ කලාප වලට කම්කරු නීති අදාල කරන්න පොරොන්දු වුණා. ඒ දේ වුණා. අවදානමක් අරගෙන ආයෝජනය කරන්න එන අය සහ දේශීය අයෝජකයො කෙනෙක්ව අස් කරන්න බැරි කම්කරු නීති නිසා අයොජනය කරන්න බයයි. අයෝජනයක් කරල ඒක පාඩු වෙනවනම් යන්ත්‍ර සූත්‍ර ආදිය විකුණල සේවකයො අයින් කරල ඉවත් වෙන්න හැකියාව තියෙන්න ඕන. කිසිම අයෝජකයෙක් හොඳ සේවකයෙක්ව අස් කරන්නෙ නැහැ. සමාජවාදයෙ එන කම්කරුවන්ව 'සූරාකන' ධනපතීන් ලෙස අයෝජකයො දිහා බලල ඒගොල්ලන්ව නොව සේවකයන්ව ආරක්ෂා කරන නීති තියෙන රටකට විදේශ අයෝජකයො ගෙන්න ගන්න ලේසි නැහැ. 1977 කාලෙ විදේශ අයෝජන ඉඩදෙන රටවල් ආසියාවේ තිබ්බේ පොඩ්ඩයි. දැන් ලෝකේ රටවල් සියගණනක් අයෝජකයො බලාපොරොත්තු වෙනවා. අපේ රටේ කම්කරු නීතිත් එක්ක මෙහාට අයෝජකයො ගෙන්නන්න තරඟ කරන්න බහැ. ඒක නිසා විශාල් ලෙස දියුණු වෙන ඉන්දියාව සමඟ වෙලඳ සහයෝගීතා ගිවිසුම් වැදගත් වෙන්නේ ඒකයි. ලන්කාවේ කම්කරු නීති ගැන ටික කලෙකට පෙර පුවත් පත්වලට මම ලිවූ ලිපියක් මෙතන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ඉයන්... අද කම්කරුකවන් ලංකාවෙන් සොයා ගැන්ම. ලාංකීය ආයෝජකයන්ටත් විශාල ගැටළුවක් වෙලා තියෙනවා. ජපානය චීනය කොරියාවා සිංගප්පූරුව වගේ රටවල් වල මිනිස්සු ඒ රටවල් ගොඩ ගන්න පුදුම කැපවීමකින් වැඩ කළේ. මෙහේ ඉන්න කාළකන්නි වම්මු එක්ක කිසි දෙයක් කරන්න බෑ. රට කිසිඳු අංශයකින් දියුණු නෑ.. ඒත් දියුණු රටවල තියෙන නීතී රීතී ඔක්කෝම මෙහේ.

      ඒකයි මම කියන්නේ සුන්දර එකාධිපතියෙක් මේ රටට අවශ්‍යමයි කියලා...

      Delete
    2. ඉයන් චීනයේ ඔය තත්වය කොහොමද හිතන්නේ? ලාභ බදු හදන්නේ?

      Delete
    3. //අද කම්කරුකවන් ලංකාවෙන් සොයා ගැන්ම. ලාංකීය ආයෝජකයන්ටත් විශාල ගැටළුවක් වෙලා තියෙනවා.//

      ලාංකීය ආයෝජකයන් මාතලං සෑර්ට බොරුනේ කියල තියෙන්නේ. අර මිනිස්සු කට්ට අව්වේ, පිස්සෝ වගේ, පිස්සෝ වගේ, පෝලිමේ ආවේ කන්කරු රස්සාවල් ගන්ඩ.
      බොරු නං සජිත් සෑර් ඇමති තුමාගෙන් අහන්ඩකෝ.
      ඇත්තම කතාව කියනවනං ලංකාවේ මිනිස්සු පුවක් ගස් වගේ උස වැඩියි සෑර්. ඉතින් හැමෝම සිකුරිටි.

      Delete
    4. ආ‍යෝජකයන් එන්නෙ නැත්තෙ කම්කරැ නීති හොදින් තියෙන නිසා කියන එකනන් ගොන් කතාවක්. අපිට ආයෝජකයන් ආකර්ශනය කරගන්න බැරි අපේ කම්මකරැ වැටුප් ආසි‍යා‍වේ අනිත් රටවලට සාපේක්ශව වැඩි නිසා. අපිට බංගලාදේශය එකක්වත් තරගයක් දෙන්න බැරි ඒකයි..

      අනිත් කාරණාව තමයි අපේ පුහුණු ශ්රමික හිගය. අපේ රටේ මිනිස්සු හොදට ප්රාතමීක, ද්වීතීක අදයාපනය ලැබුවත් හරිහමන් ත්රැතීක අධයාපනයක් ලබන්න බැරි කම නිසා ඉහල වැටුපක් ගෙනව රස්සාවක් කරන්න බැහැ... හැබැයි ඉහලට ඉගෙන ගෙන තියෙන නිසා පහල වැ‍ටුපකට කම්කරැ රස්සාවක් කරන්නත් බැහැ.

      ඇත්ත කතාව ඔන්න ඕකයි....

      Delete
  3. Replies
    1. මේවා විග්ගරහ නොව මහ පොලොව මත සිඳුවනා අමූලික සත්‍යයයන්මය

      Delete
  4. //කොහොමත් මහින්දගේ දැක්ම අනුව රට කනවා නම් හෝ විකුණනවානම් ඒවාත් සිඳුවිය යුත්තේ තමන් යටතේ මිස එක එකා යටතේ නම් නොවේ.//

    කටේ මසුරං දාන්න වටින කියමන.

    ReplyDelete
  5. බ්ලොග් ලෝකෙට අළුතෙන් හඳක් පායලා. සඳවතියගෙ බ්ලොග් එකට මෙතනින් ගිහින් එකතුවෙන්න.

    ReplyDelete
    Replies
    1. https://sandawathiya.blogspot.com/2017/05/blog-post_13.html

      Delete
  6. රාවණ රජතුමාගේ කාලයේ සිට සිංහලයා ඉතාම ශ්‍රේෂ්ට ජාතියකි. විජය කියන පාපතරයාගෙන් සිංහලය පැවත එන්නේ නැත. සිංහලය පැවත එන්නේ රාවණ රජතුමාටත් කලින් ඉදන්. ඉන්දියාවෙන් ලංකාවට ලැබූ එකම හොද දෙය බුදු දහම පමණි. එයද එදා ඉන්දියාව නොවූ අතර එය ජම්බුද්වීපය වේ. අද තත්වය බැලුවොත් ඒ ගෞරවය ලැබිය යුත්තේ ඉන්දියාවට නොව නේපාලයටය. සුද්දාගෙන් ජනිත වූ මාතලන්ලාට හෙළයාගේ වටිනාකමක් නොතේරේ.

    ReplyDelete
    Replies
    1. රාවණා ඉන්නේද ලංකාවේ නොව ඉන්දියාවේ වාල්මිකි ලියු රාමායනය නම් සුරඟන කතාවේය..

      Delete
    2. ජම්බුද්වීපයෙන් දෙන්නංජම්බුද්වීපයට

      Delete
  7. බුදුන් උපන්නෙ ඉන්දියාවෙ නොවේ නේපාලයේය. බෞද්දයින් විදිහට අපට වැදගත් විය යුත්තේ මිනිස්සු පාරෙ ජරා කරන රටේ අගමැති මෝදිගේ පමිණීම නොව පාරිෂුද්ධ රටක් වන නේපාලයේ ජනාධිපතිනියගේ පැමිනීමය.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ උන්ටනම් රෙන්න පුකක්වත් තියෙනවා
      නෙපලේ හිඟන්නන්ට පුකත් නෑ

      Delete
  8. නෙළුම් යාය නිසා බ්ලොග් නැතිවෙනවා, ඉන්දියාව නිස ලංකාව නැතිවෙනවා

    ReplyDelete
    Replies
    1. නෙළුම් යාය නිසා බ්ලොග් බැබලෙනවා
      ඉන්දියාව නිසා ලංකාව බැබලෙනවා
      චීනය නිසා වෙසක් එක දවසේ රෑ බැබලෙනවා

      Delete
  9. මෝදි ඇවිත් යනකොටම අපේ අගමැති චීනයට. ඉන්දියාව චීනය තමා අද අපිව මෙහෙයවන්නේ අනියමින්. ස්ටේප්ලර් කටුවේ ඉඳන් සුඛෝපභෝගී බස් රථ දුම්රිය දක්වාම චීනුන්ගේ හා ඉන්දියාවේ.
    පාලකයා මහින්ද වුවත් මෛත්‍රී වුවත් රනිල් වුවත් අනුර කුමාර වුවත් මේ දෙරටින් අපට ගැලවීමක් නෑ. ඒ රටවල්වලට අවැසි විදියට තමා ඉදිරිය ගෙවන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ දෙරටින් අපට ගැලවිමක් නෑ නෙමෙයි බං

      අපේ රටෙන් ඒ රටවල් දෙකට ගැලවීමක් නෑ

      Delete
  10. //කෙසේ වෙතත් අද වන තෙක් කිසිඳු ආයෝජකයකු ලංකාවේ ආයෝජන සඳහා පැමිනෙන්නේ නැත්තේ මන්දැයි යන කාරනාව මෙහිදි අතිශයින්ම වැදගත් වන්නේය. //


    // මෙහිදි සිරිසේන සිහි තබා ගත යුතු වඩා වැදගත්ම කරුණ වන්නේ ඉන්දියාව මෙන්ම චීනය මහින්ද සාධකය මෙතරම් වැදගත් කොට සලකන්නේ මන්ද යන්නයි. ආන්ඩුව ජනතාව තුල අප්‍රසාදයට පත්ව ඇති බවත්, මහින්ද පාර්ෂවයට රටේ බලය ලැබීමේ ඉඩ කඩක් පවතිනා බවත්, සිරිසේනට නොතේරුනාට, රනිල්ට මෙන්ම ලොව අනෙක් නායකයන්ටත් පෙනෙනා බවයි //


    ඊලඟට තියනා පලමු චන්දෙදී කාට කාටත් පෙනෙයි හිටන්!

    ReplyDelete
    Replies
    1. ඡන්දයක් තියයිද කියන එක තමා ප්‍රශ්ණේ

      Delete
  11. මේ රටේ තුන්සිය හැටපස් දොහෙම තියෙන කෙවරක් නැති වර්ජන හා උද්ගෝෂණ දකින, සිහි මොලේ තියෙන එකෙක් එයිද මෙහෙ ආයෝජනය කරන්න?

    මොන මල යකා වර්ජනය කලත්, මොන මල යකා පාරවල් වැහුවත් ඒවා නවත්වන්න පියවර ගන්න ඕන සිරිසේන ලොක්ක, අන්දොසන්සාරයක් නොදන්නා ගානට ආතක් පාතක් නැති බයිලා ගගහා ඇවිදින අතරේ රනිල් ලොක්කත් ඊට නොදෙවෙනි ගානට 'ෆැන්ටසි ටෝක්' දිදී ලෝකෙ වටේ යනවා.

    ඉන්දියාව එක්ක හරි මොන රටක් එක්ක හරි ආයෝජන ගිවිසුම් ගහන්න ඉස්සෙල්ල කරන්න ඕන ප්‍රධානම දේ නම්,

    ඔය ආයෝජන ගිවිසුම් වලට එරෙහිව විවිධාකාර ත්‍රස්තවාදී ව්‍යාපාර මෙහෙයවන මලබද්ධේ අපතයෝයි, ජෙප්පොයි, පෙරෙට්ටොයි, අන්තරේ එවුනුයි, GMOA ගෝත්‍රිකයෝ රැලයි මෙල්ල කර ගැනීමයි.

    ඒ සඳහා යොදා ගන්නෙ, J.R. ගේ ක්‍රමයද නැත්නම් මහින්දයගේ ක්‍රමයද යන්න වැදගත් වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අනිවා... අපි ඒ කාළේ ඉඳන්ම කියන්නේ ඕකම තමයි...

      මේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි... කොන්දක් නැති කම

      Delete
  12. මේවා බලලා පණ පලයන් ලබන පෙරේදා

    ReplyDelete
  13. අවස්ථා තුනේදීම වැඩම කොට ඇත්තේ, පාලකයන්ගේ කචල් සෙටල් කිරීම සඳහායි/////////////// ha ha ha

    ReplyDelete

  14. සිරිසේන ජනාධිපතුමාගේ විසඳුම් හා ප්‍රතිපත්ති හරියට ප්‍රේමදාස උන්නැහේ ලඟට ගිය විජේතුංග ලොක්කා දුන්න උත්තරේ වගේ තමයි. හැම ගෝත්‍රිකයාම සතුටු කරන්නටත් සමගි රජයේ අලින්ගේ කොටස බැඳ තබා ගැනීමටත් උන්නැහේ නටන මේ නැටිල්ල දැන් නම් රිලා නැටුමක් බවට පත්වී බොහෝ කල්ය. හතර අතට ඇඹරි ඇඹරී මඩේ සිටවූ ඉන්න මෙන් සිටිමින් රටක් පාලනය කරන්නට බැරිය. ජේ ආර් ලොක්කා හොඳ පදනමකින් වැඩ පටන් ගත්තාට ඉන්දියාවට කොකා පෙන්නන්නට ගොස් වැඩේ බකල් කර ගත්තේය. අන්තිමේදී නැවතුනේ යාපනේට පරිප්පුත් දම්මවාගෙනය. ඉන්දියාවත් චීනයත් එක්ක හැප්පෙන්නට අපිට හැකියාවක් නැති බවත්, කලයුත්තේ මේ සුපිරි බලයන් දෙක සමග සහජීවනයෙන් ජීවත් වෙමින් දෙපැත්තෙන්ම අපිට ප්‍රයෝජනවත් දේවල් ලබාගෙන දියුණු වෙන්නට උත්සාහ කිරීම බවත් අපේ රටේ වහලුන්ටත්, ගෝත්‍රිකයන්ටත් තේරෙන්නෙත් නැත, තේරුම් කරදෙන්නට සමත් නායකයෙකුත් නැත. ජෝර්ජියාවත්, යුක්රේනයත් පරිප්පු කෑවේ රුසියාවත් එක්ක හැප්පෙන්නට ගොසින්ය. අපේ රටේ ඉන්නා හරකුන්ට මේ දේවල් තේරෙන්නේ නැත. අපේ විනාශයට මුල හරි හමන් රජෙක් නැති කමය. කොන්ද පන තිබූ එවුන් රට හැදීම පසෙක තබා රට කන්නට පටන් ගෙන මකබෑවී ගියේය. රට නොකෑ එකම එකා ඉන්දියාවට අරින්නට ගොස් ඔටුන්න හිමි කුමාරවරුන් ලෙස සිටි මොළේ තිබූ තරුණ නායකයන් දෙදෙනෙකුට වල කපා කෙහෙල්වත්තේ ලොක්කාට රට භාරදී චුතවී ගියේය. ජෙප්පන් ළඟ ඇත්තේ කෙස් පැලෙන තර්ක පමණිය. බැරි වෙලාවත් උන් ආවොත් අපිට වෙන්නේ ආයෙමත් හාල් නැතිව බත් කන යුගයට යන්නටය. මාතලන් කියන්නාක් මෙන් දැන් අපිට අවශ්‍ය ජරාව නොකන කොන්ද පණ ඇති සැබෑ නායකයෙක්ය. සෞම්‍ය ඒකාධිපතියෙක්ය.

    ReplyDelete
    Replies
    1. ජේ ආර් කළ මෝඩකම් නොකරන ජේ ආර් කෙනෙක් අවශ්‍යම යුගයයි මේ

      මේ අවස්ථාවත් මඟ හැරියහොත්

      අපට ඇත්තේ අබ සරණම පමණක්මය...

      Delete
  15. //කෙසේ වෙතත් අද වන තෙක් කිසිඳු ආයෝජකයකු ලංකාවේ ආයෝජන සඳහා පැමිනෙන්නේ නැත්තේ මන්දැයි යන කාරනාව මෙහිදි අතිශයින්ම වැදගත් වන්නේය.//
    දීල තියෙනෙන් නැතිවෙන්නම මාතලන් ඉස්ටැයිල් එකෙන්.

    ReplyDelete
  16. එකගයි ...අලුත් කරුණු ටිකක් දැනගත්තා

    ReplyDelete
  17. පුහුණු සේවකයින් නැතිකමින් බැට නොකන ව්‍යවසායකයින් අපේ රටේ නැති තරම්. අපේ උන්ගේ ඇඟවල් වල තියෙන්නෙ එක්කෝ කම්මැලිකම නැත්නං හොරකම. කාලේ මරල ගාණ කපන සූත්තරය තමයි මුල ඉඳලම ප්‍රගුණ කරන්නේ. ඒක නිසා ඉන්දියානු සේවකයින් ගේන එකට මම එක පයින්. අපේ උන් එක්ක වැවිලි කර්මාන්තෙ පටන් ගන්න හිටියානං සුද්දා තාම ඉඩම් මනිනවා.

    ReplyDelete
    Replies
    1. //අපේ උන් එක්ක වැවිලි කර්මාන්තෙ පටන් ගන්න හිටියානං සුද්දා තාම ඉඩම් මනිනවා.//

      අතිශයෝක්තියක් වුණත් මේකට නම් හිනා ගියා

      Delete
  18. //ආන්ඩුව ජනතාව තුල අප්‍රසාදයට පත්ව ඇති බවත්, මහින්ද පාර්ෂවයට රටේ බලය ලැබීමේ ඉඩ කඩක් පවතිනා බවත්// මේ ටික නම් හරි. ප්‍රශ්නේ බලය ගන්න ඡන්ද තියන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. විප්ලව වලින් පස්සේ ඡන්ද එන්නේ නෑ නේද...?

      Delete
  19. පුහුණු සේවකයින් නැතිකමින් බැට නොකන ව්‍යවසායකයින් අපේ රටේ නැති තරම්. අපේ උන්ගේ ඇඟවල් වල තියෙන්නෙ එක්කෝ කම්මැලිකම නැත්නං හොරකම. කාලේ මරල ගාණ කපන සූත්තරය තමයි මුල ඉඳලම ප්‍රගුණ කරන්නේ. ඒක නිසා ඉන්දියානු සේවකයින් ගේන එකට මම එක පයින්. අපේ උන් එක්ක වැවිලි කර්මාන්තෙ පටන් ගන්න හිටියානං සුද්දා තාම ඉඩම් මනිනවා.

    ReplyDelete
  20. ගාර්මන්ට් යන ගැනු ළමයෙකුට අවම 40000 ගන්න පුලුවන් ඒ උනාට ඒ ළමයි රෙදි කඩේක වැඩට යනවා 12000 පඩියට පැය 12ක් වැඩ කරනවා. සායම් උල්ලාලා හිරට ඩෙනිමක් ගහලා ඉන්න පුලුවන් නිසා...ගර්ම්න්ට් පැක්ටරි ගොඩක් ඉන්දියාවට බංගලාදේශය කෙන්යා ඉතියෝපිය වට යන්න හේතුව ශ්‍රමිකයින් නැතිකම

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ගෑනු අය හුගක් වෙලාවට අග මහන්සියෙන් වැඩ කරන්න කැමති නෑ. මොකක් හරි පොඩි වැඩක් කරල ෂේප් වෙන්න තමා බලන්නෙ. ඒ වෙනස මන් හොදට තේරුම් ගත්ත ජපානෙ ඉන්න කාලෙ. ජපානෙ ෆැක්ටරි වල වැඩි පුර වැඩ කරන්නෙ ගෑනු. මාර කාර්යක්ෂමයි ජපන් ගෑනු. ලංකාවෙ ගෑනු හත අටක් කරන වැඩේ එක ජපන් කෙල්ලෙක්ට කරන්න පුලුවන්.

      Delete
    2. දැන් ජී ඇස් පී පස් ලැබුන නිසා ආයෙත් හොඳ කලක් යයි... හැබයි මෙහේ ඉන්න පින් පඩි කන කාළකන්නින්ට නම් නෙමෙයි... වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ට

      Delete
  21. නතර කරමු එක මොහොතක් පිම්මේ යන ගමන
    අවට බලමු මිත්‍යාවෙන් වැනසී ඇති පමන
    නොවැඩි බුදුන් වැඩි ලෙස සලකා පූජා කරන
    මෙහෙම රටක් ලොව කොතනද හැර සිරිලක් දෙරන

    ReplyDelete
  22. බුදු හාමුදුරුවො ලංකාවට වැඩිය කියන්න සාක්ෂි තියනව. ඒක පැත්තකට දාමු ටිකකට ඊට වඩා මෙතන මාතලන් කියන මනුස්සය ඒක උලුප්පල අරගෙන තියෙන්නෙ වෙන මොනාටවත් නෙමේ මුට ඕනෙ ලංකාවට අපහාස කරන්න. බුදු දහමට අපහාස කරන්න. නැත්තන් කවදාවත් බුදු හාමුදුරුවො කියල ටයිප් කරන්න පුලුවන් එකට බුදු හාන්දුරුවො කියල ටයිප් කරන්නෙ නෑ. මෙහෙම දේවල් කරන්නෙ තනිකර කොන්ද පණ නැති උන්. ඔය බ්ලොග් කාරයො කරන්නෙම ඉන්ටනෙට් වීරයො වෙන එක. මහලොකු වීරයො නම් ඉස්සරහට ඇවිත් කතාකරපන්කො ප්‍රසිද්ධියෙ. උඹල එකෙක්ටවත් කොන්දක් නෑ. ඇත්ත ජීවිතේ අනාථයො තමා ඔය වගේ ඉන්ටනෙට් වීරයො වෙන්න යන්නෙ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් සම්මාන දෙන වෙලාවට ගිහිල්ලා අල්ල ගනින්කෝ ඔච්චර ඔනෙමේනම්

      Delete
    2. හම්බ වෙන්න වරෙන්කෝ එන තැනකට

      මාර පොරක් නේ ඇනෝ ඇවිත් ගේම ඉල්ලන්නේ

      Delete
    3. කොන්දක් තියන එකා ඇනෝ ඇවිත්

      Delete
  23. අපූරු විග්‍රහයක් ! ඔය පුහුණු සේවක ප්‍රශ්නය දැන් හැම තැනම තියෙන විශාල ගැටළුවක්. මම ඉන්න ක්ෂේත්‍රයෙත් මේක දරුණු ප්‍රශ්නයක්. සින්ඩියට මොකෑ වෙලා තියෙන්නේ? රසිකොලොජිය, යාං හෑල්ල, ඉකොනොමැට්ටා, නිදහස් සිතුවිළි වගේ ගොඩක් ඒවා හැලිලද මන්දා. පොඩ්ඩක් මේ ගැන විපරම් කොරල බලන්න බොස් :)

    ReplyDelete
    Replies
    1. මගේ සින්ඩියේ තියෙන්නේ මනුස්සයන්ගේ බ්ලොග් විතරයි... තිරිසනුන්ගේ ඒවට ඒකේ ඉඩක් නෑ...

      Delete
  24. "මාතලන් දන්නා පරිදි" ඉන්දියාවෙන් පැමිණි කිසිඳි දෙයකින් ලංකාවට සිඳු වූ අගතියක් නම් නැත්තේය.

    ReplyDelete
  25. මාතලන්ට වැරදිලා.... බුදු හාමුදුරැ‍වො එනකොටවත්, මිහිදු හාමුදුරැවො එනකොටවත්, සිරිමාබෝධිය ගේන කොටවත් ඉන්දියාව කියල රටක් තිබුනේ නැහැ. බුදු හාමුදුරැවො ආවේ මගධයෙන්, මිහිදු හාමුදුරැවෝ මෞර්ය දේශයෙන්, දන්ත ධාතුව කාලිංග දේශයෙන්. ඉන්දියාව කියල රටක් හැදෙන්නෙ 1947 දී. ඉන්දියාව අපිට සතුරැ විදියට තමයි ගොඩ කාලෙක ඉදන් හැසිරෙන්නේ.... ඒ නිසා ඉන්දියාව කියන රට එකක් ගනුදෙනු අපිට ඕනි නැත.

    ReplyDelete
    Replies
    1. ඒ කාළේ අම්මට සිරි ලංකාව කියලා රටක් තිබ්බෙත් නෑ... එක එකා එක එක නම් වලින් සඳහන් කරාපු ගෝත්‍රිකයෝ පිරිසක් උන්න හිඟන දූපතක් ගැන නම් පොත් පත් වල සඳහන් වෙනවා

      Delete
    2. අපේ තාත්තලත් ඉගන ගතතා අපි අපේ ළමයි
      සිරි ලංකාව යනු 3 වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක්

      Delete
  26. මොනවද අනේ පටන් ගද්දිම කියලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ වැඩම කරලවත් නෑ කියලා.. බුදු හාමුදුරුවෝ ඉපදුනෙත් මෙහෙ කියන්නේ

    ReplyDelete
    Replies
    1. අප්පට බොල ඒක අමතක උනා නෙව

      Delete
  27. කව් රු කොහොම කිව්වත් තව අව් රුදු 20 අඇතුලත අල්ලා අල්ලනවමයි සිරිලන්කාවත් ඉන්දියවත්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න