.

.

Jun 10, 2017

අනුන්ගේ පුක් සේදීමට පෙර, තමන්ගේ පුක සෝදාගෙන සිටින්න - Wash your back before touching mine




මළ මඟුලක් නිසා අනුර කුමාරයා ආගිය අතක් පේන්න නැති අතර, වෙනදා හැම මළදානෙටම ප්‍රෙස් කොන්පරන්ස් තියනා මහ උන් නැතිව, මේ වර එවලා තියෙන්නේ ජේවීපී වහළුන්ට අමුඩ ගස්සවා නාස් ලනු දමා හෙළුවෙන් මහ පාරේ යැව්වද කිසි දිනක නියරකවත් ගමන් කොට නැති, නාමල් කරුණාරත්නම් මහා ගොයියාය. එයා ඇවිත් ජෝන්ගේ මාජ්ජා කෙරුවාව ප්‍රශ්ණ කරනා කොට කනත්තේ ඉන්නා සාගරිකා ගෝමස්, තේවිස් ගුරුගේ හා ප්‍රේමකීර්තිලාගේ ඇට කටු විමුක්ති ගී වල තාලයට, වල උඩ ඩාන්ස් දානවාය.

අප එදා පටන් කියන්නේ, මේ රටේ ජනතාව වැඩියෙන්ම ගොනාට අන්දන්නේ වමේ පක්ෂ වල උන් කියලාය. එදා උන්, ඇන් ඇම් කොල්වින්ලාගේ පටන්, ඩීව්, භාහූ, වාසූ, තිස්සගේ සිට, අද ඉන්නා විමල්, කුමාර්ලා පමණක් නොව, අනුරලා, බිමල්ලා කරන්නේද එයමය. ඒ බව අද සක්සුදක්සේ ඔප්පු වී හමාර අතර, අද ජෙප්පෝ ඉන්නේ රෙදි නැතිවය.

සිරසේ මාජ්ජවේදියා (නමට) හා සිරස මාජ්ජ ජාලය ගං වතුරේ සංදර්ශණ පෙන්වීම ගැන මල පනිනා බිමල් රත්නායකලා, බොනිකර තරු ලෝගුවක් දමාගෙන, සංදර්ශණ පෙන්වීම කිසි අවුලක් ඇත්තේ නැත. කේස් එක ඇත්තේ වෙන එකෙක් ඒවා කිරීමය. බොනිකර තරු, පිටේ, පපුවේ, පුකේ ගසාගෙන දර්ශණ දමනා උන්, බනානා චැම්පියන්ලා ප්‍රශ්ණ කිරීම මාර විහිළු සහගතය. බනානා චැම්පියන්ලා මෙන්ම බොනිකර තරු කාරයෝ කරන්නේද එකම දෙයය.

සයිටම් එකට විරුද්ධ පාරලිමේන්තුවේ මර හඬ දෙන උන්ගේ දරුවෝ, ඉඟෙනුම ලබා ඇත්තේ, ස්ලිට් බ්ලිට් කොලේජ් වලය. මිහින් එයාර් එක හොර ගුහාවක් කියනා අතරේ තමන්ගේ දරුවන් ජීවත් වන්නේ ඒ හොර ගුහාවේ සල්ලි වලින්ය. අද ඉන්නේ තනිකර සුදු අලියෙක් යැයි කියනා එයාර් ලංකා එකේය. විප්ලව කාරයකුගේ පුතෙක් එකාධිපති රෙජිමයක මහින්දගේ මිහින් එයාර් එකේ වැඩට ගියේ කොහොමද කියනා එක අපට නම් විශාල ප්‍රශ්ණයක්ය. සමහර විට මේව ඉස්පයි හූ ලව්ඩ් මී ගනයේ රහස් පරීක්ෂක ගේම් වෙන්නත් පුළුවන්ය. ඒ කියන්නේ මිහින් එකේ ඇතුලේ ගේම් එලියට ගන්න දැමු මර උගුල් වෙන්නත් පුළුවන්ය. අනුර කුමාරයා ගිරාඳුරු කොට්ටේ කළු පාට නිර්ධන පන්තියේ ජනතාවට එහෙම කතාවක් කීවොත් වැඩියේ කළබළ වෙන්න ඕනාත් නැතිය.

මේවා සාධාරනීකරනය කරන්න මහ උන් එන්නේ නැති අතර, කඩේ යන හරක් පිරිස නම්, සමාජවාදි බයිලා ගැසීම නවතා, පුද්ගලවාදී ඔපෙරා ගායනා කරනවා සෑම තැනම දැකිය හැකිය.

ඒ අතරේ චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ගුණතිලකද, තමන්ගේ අලි පුක පසෙක තිබියදි, ජෝන්ගේ පුක සේදීමට ඉදිරිපත්ව ඇත. ජෝන් කළ දේ හරිද වැරදිද යන්න අනාගතය විසින් තීරණය කරණු ඇත. එහෙත් අපට ජෝන්ට කීමට ඇත්තේ. ඔහේ කුණුහබ්බ කියන්නේ නැතිව, ප්‍රශ්ණ කරපු එකාට, චන්ද්‍රිකා විහාර මහා දේවියට අන්දා මහා සටනක් කළ රෝහන කුමාරට කළ දේ කළා නම් හෝ රූකාන්ත හා චන්ද්‍රලේඛාට කළ දේ කළා නම්, සමහර විට අත්තනගල්ල හොරගොල්ල වලව්වේ ඒ නෝනාත් එක්ක විස්කි ෂොට් එකක් ගහන්නට අවස්ථාවක් තිබුනා කියලාය.

දැන් අපි වගේ උන්ට වෙලා තියෙන්නේ බඩු ගන්න එකම කඩයක්වත් නැති වෙලා තියෙන එකය. මොකෝ ටිල් වින් උන්නැහේ කියාපු හන්දා, ළොකු කඩ දෙකේ බඩු ගන්නේ නැතිව, අළුත් කඩෙන් බඩු ගන්න බලාගෙන උන්නද, ඒ කඩේ බඩු අර දෙකේ ඒවාටත් වඩා කක්කා බඩු බව කඩේ කස්ටියම ඔප්පු කරලා හමාර හින්දාය.

කඩේ බඩු කුණු වෙලා ගන්දස්සාරෙ උහුලන්න බැරිය.. බොනිකර තරු සෙට් එක දමා හෝ කඩේ සුද්ද කරන්නේ නම් 2020 දී වත් බුලත් විඩ කඩයක්වත් ඕපන් කර ගන්නට සියළු ශක්තිය ධෛර්යය ලැබෙවා කියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.. 

110 comments:

  1. ලංකාවේ වැඩි හරියක් ඉන්නෙ දඩයමේ යන ගමන් බණ කියන එවුන්...

    ReplyDelete
    Replies
    1. ඕව මොනවද සියල්ල දත් මාතලං මහදැන මුත්ත එයා ජවිපෙට චන්දෙ දාන්නෙ මොකද කියල චන්දෙ කාලේ පෝස්ට් දැම්මෙ... ඒව යටත් පොඩි පොඩි ගනුදෙනු නොතියෙන්න බෑ

      Delete
    2. එක එකාට කඩේ යන උන් සිතන්නේ අනෙක් අයද එසේමැයි කියාය

      Delete
    3. මෝඩතලන්, කණ්නාඩියක් ඉස්සරහා ඉදන්ද කමෙන්ට් එක දැම්මේ ?

      http://maathalan.blogspot.jp/2015/08/why-i-choose-jvp-for-this-election.html

      Delete
    4. නෑ ගොන්පීටරයක් ඉස්සරහා ඉඳන්... අපේ කන්නාඩියේ මොනිටරයක් නෑ

      Delete
    5. ඇයි බන් ඔච්චර රැවටෙන්නෙ....?

      Delete
  2. අනුන්ගේ දරුවන් දැන් ගෙඩියට දක්කන කුහක සෙට් එකේ ලැයිස්තුව ගොඩක් දිගයි.
    රෝහණ විජේවීර
    වේලුපිල්ලේ ප්‍රභාකරන්
    සෝමවංශ අමරසිංහ
    ගුණදාස අමරසේකර
    නලින් ද සිල්වා
    නනදා මාලනී
    සුනිල් ආරියරතන
    සුනිල් එදිරිසිංහ
    දිනේෂ් ගුණවර්ධන
    කාලෝ ෆොන්සේකා
    .
    . .
    .
    .
    .
    අලුත්ම එකා අනුර කුමාර

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙ ලමයින්ට වද විදල මැරෙන්න කියපු නන්දල සුනිල් ල පැන්න ඉන්දියාවට. ගනදුරු මැදියම *** දැක්ක අමරසේකරගෙ ලමයව ඇයි දන්නෙ නෑ ඉස්සරහට යැව්වෙ නැත්තෙ.

      Delete
    2. මේ ලැයිස්තුවට
      නලින් ද සිල්වා මහතාගේ නම එක්කගේ මොන පදනමක ඉඳගෙනද?

      Delete
    3. @ jagath pathirana ජාතික චින්තනයෙන් පරම්පරාවක මොළ හෝදපු නලින් ද සිල්වාගේ දරුවෝ ඉන්නේ කොහෙද?

      Delete
    4. නලීන් ද සිල්වගෙන් ඉගෙනගත් අයනම් කියන්නේ ඔහු ගුරුවරයෙක් හැටියට විශිෂ්ඨයි කියලා.

      Delete
    5. අපෝ එයාගේ ඇති විශිෂ්ට කමක් නෑ. නිකම් පල්හෑලි කියවනවා එයා.
      ච්න්තන පර්ෂදය කියල එකක් හදල කොල්ලෝ මරාගත්ත අවුරුදු ගානක් යනකම්.

      එයාගේ තරම දැනගන්න මේ ටිකම ඇති. ඔය මනුස්සය ලෙක්චර් එකේ 25% විෂය උගන්වන්නේ නැතුව පල්හෑලි කියවල වැඩ තහනම් වෙලා මොකද කලේ ? අප්‍රිකාවේ හිගන රටක තැනක මාස 6ක් විතර ඉදල එතනිනුත් එලෙව්වා. ලෝකේ වෙන එක යුනිවර්සිටි එකක්වත් නලින් අතුගාන්නවත් ගත්තේ නෑ. අවුරුදු දොළහක් නිකම් ගෙදර හිටිය ඔය විකාර මනුස්සය වෙන එක ජොබ් එකක්වත් සොයාගන්න බැරුව.

      Delete
    6. මු කැම්පස් එක ලග පාරෙ ගිහිල්ල දෙන ටෝක්...දවසකටත් කැම්පස් එකඇතුලට ගියානං මු මොනව කියයිද

      Delete
    7. 2003 පේපර් එක හදන්න අරගෙන අනාගත්තා නලින්. දැන් ඔය බුරන බුජ්ජිමත්ත් උගත්තු එකෙකුටවත් ඒ ගණන් ටික හදාගන්න බැරුව ප්‍රශ්න 6 ට ලකුණු 600 ක් දීල ඒක 5න් බෙදල තමයි සාමාන්‍ය අගය ගණනය කලේ. ගුරට ගැලපෙන ගෝලයෝ. ගොලයෝන්ට ගැලපෙන ගුරා.

      කැලණියේ සෛද්ධාන්තික භෞතික විද්‍යාව කියල උපාදියක් පටන් ගත්ත ඔය නලින්. ඉංජිනේරු ළමයින්ටත් එකට එන්න කියල පුරාජේරු කියා කියා ගිය ඔය පිස්සු මනුස්සය. සෛද්ධාන්තික භෞතික විද්‍යාව උපාධි පාඨමාලාවට ආපු ළමයින්ගෙන් බහුතරයක් අතරමං.නලින් කියන්නේ නුහත් බුද්ධිමතෙක්. බුද්ධිය තිබුනට දෙයක් ලෝකෙට ප්‍රයෝජනවත් වෙන විදියට කරන්න දන්නේ නැති හින්ද තමයි අවුරුදු 12ක් රස්සාව නැතුව හාමිනේගෙන් පිං බත් කන්න උනේ නලින්ට.

      නලින් කියන්නේ නිකමෙක්.

      හැබැයි නලින්ගේ පුද්ගලික විශ්විද්‍යාල ගැන දිවයින පත්තරේට ලියපු වර්තමාන ස්ථාවරය එක්ක මම එකඟයි. පුද්ගලික විශ්විද්‍යාල හදන්න ඕනේ. ඇති තරම් ලුල්ලු ඉන්නකොට පණ්ඩිත කණයනට තැනක් නැති වේවි කියලනේ ඔය ගොඩක් කට්ටිය බය වෙලා ඉන්නේ.

      Delete
    8. නලීන්ද සිල්වා දැන් වමෙන් කරන්නේ පුක හෝදන එක පමණය

      Delete
    9. නලින්ද සිල්වා යනු නවීන විද්‍යාව පට්ටපල් බොරු කියමින් ජනතාවගේ මිථ්‍යා දෘෂ්ඨික දේව ඇදහීම් ප්‍රවර්ධනය කරන මිථ්‍යා දෘෂ්ඨිකයෙකි. වෙනත් රටක ප්‍රොෆෙසරයකුවීමට රිසර්ච්කර ඒවා පිලිගත් ජර්නල් මගින් ප්‍රසිද්ධ කර, සුදුසුකම් ඔප්පු කළ යුතුය. නලින්ද සිල්වා වැනි නවීන විද්‍යාවට ගරහමින් දේව ඇදහැලි ප්‍රර්ධනය කරමින් ළමයිට පල්හෑලි කියවන්නෙකු කෙසේනම් සුදුසුකම් සම්පූර්ණ කරන්නද ? අනෙක සිංහල බෞද්ධකම ගැන කථාකරන ඔහු, තමාගේ ළමයි කුඩාකල සිට (හෝඩියේ සිට ) කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් කළ අයෙකි. ඔහු අධිරාජ්‍ය විරෝධී කථා කිව්වත් ළමයි උසස් අධ්‍යාපනයට යන්නේ අධිරාජ්‍යවාදී රටවලටය. ඔවැනි කතා ඇත්තටම කියන්නේ තමන්ගේ වාසියට මිස වෙන කිසිවකට නොවේ.
      සුජීව කොකාවෙල

      Delete
    10. කොළඹ රෝයල් එකෙත්,පොලොන්නරුවේ රෝයල් එකෙත්, ආනන්දෙත් ලබාදෙන්නේ එකම බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය නම් එයින් හොඳම එක තෝරා ගැනීමේ වරද කුමක්ද?

      Delete
    11. ඉතින් නලින්ද සිල්වාට පුළුවන්නෙ තමන්ගෙ ළමයිව පිරිවෙනකට දාල පාලි, සංස්කෘත, දෙශීය වෙදකම උගන්නන ගමන් සිංහල බෞද්ධ සංස්කෘතියට ඒ ළමයිව හැඩ ගස්සන්න. අනාගමික චීනෙ ගියත්, බෞද්ධ ජපානෙ, තායිලන්තෙ ගියත්, දියුණුයි කියන මොන රටට ගියත් තියෙන්නෙ ඔය කියන බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය තමයි. එහෙම නැත්නම් ඒ රටවල්වල ඉන්නෙ ගෝත්‍රිකයො. ඔය නලින්ද සිල්වගෙ වයර් මාරු වෙලා. උන්දා තාම ඉන්නෙ බෞද්ධ චින්තනය තිබිච්ච අශෝක අධිරාජයගෙ කාලෙ. නූතන ක්‍රමට වෙනස් වෙන්න බැරිනම්, උන් වඳ වෙලා යනවා. කැම්පස් එකේ උන්දා ගණිතය ඉගැන්නුවට ස්වභාවික වරණය දන්නෙ නෑ.

      Delete
    12. නලින්ද සිල්වා කැම්පස් එකේ උගන්වලා තියෙන්නෙ මෙහෙමයි.
      ළමයි, අයින්ස්ටයින් කියන්න බොරු කාරයෙක්. මිනිහා කියන්නෙ පට්ටපල් බොරු. මිනිහගෙ සාපේක්ෂතාවාදයට අනුව ගුරුත්වාකර්ශනය කියන්නෙ අවකාශ කාලයේ වක්‍රවීම. ඕක මිනිහා ගොතපු කථන්දරයක්. දැන් පොල් පොළොවට වැටෙන්නෙ ඇයි ? ඔය ළමයිට තේරෙන්නෙ නෑනෙ. හැබැයි ඒකට නිව්ටන් කතන්දරයක් හැදුවා ගුරුත්වාකර්ශණය කියලා. මේක කාලයක් යද්දි ග්‍රහලෝක චලිතය පැහැදිලි කරන්න බැරි නිසා, අයින්ස්ටයින් තව බොරුවක් ගෙතුවා. දැන් කවුද ඕක ප්‍රත්‍යක්ෂෙන් අවබෝධ කලේ ? ඒ බුදුන් වහන්සෙ. දැන් ඔය ළමයිටත් එහෙම ප්‍රත්‍යක්ෂෙන් අවබෝධ කරන්න ඕනෙ නම් භාවනා කරල හිත දියුණු කරන්න. අපරාධෙ ඔය ළමයි කැළණි කැම්පස් ආවෙ, මෙව්වයෙ උගන්වන්නෙ පටපල් බොරුනෙ. හෙට ඉඳන් භාවනා පන්ති යන්න ගමේ පන්සලට.
      පසුව කවුද කඩප්පුලියෙක් පෙත්සමක් ගසා නලින්ද සිල්වාට අවුරුදු 12ක් වැඩ තහනම්වී, ගෑණිගෙන් පිනට කකා ගෙදර ඉන්න සිදු විය. හැබැයි මිනිහානම් සිත දියුණු කරන්නට උත්සාහ නොකළ අතර, තරුණ පරපුරේ සිත දූෂණය කරමින් තවමත් බොරු පතුරයි.

      Delete
    13. නලීන ද සිල්වා යනුද මෙවැනිම බොරුකාරයෙකි. නූතන විද්‍යාව බොරුවක් කියන ඔහු සිය උපාදිය සහ පශ්චාත් උපාදිය නූතන විද්‍යාවෙන් කරයි. නූතන විද්‍යාව නිසා ලැබුනු මහාචාර්‍ය නාමය තවම භාවිතා කරයි. ඔහුගේ දරුවන්ද විද්‍යා විෂයන් හැදෑරු අය වේ.

      Delete
  3. සයිටම් එකට විරුද්ධ පාරලිමේන්තුවේ මර හඬ දෙන උන්ගේ දරුවෝ, ඉඟෙනුම ලබා ඇත්තේ, ස්ලිට් බ්ලිට් කොලේජ් වලය. මිහින් එයාර් එක හොර ගුහාවක් කියනා අතරේ තමන්ගේ දරුවන් ජීවත් වන්නේ ඒ හොර ගුහාවේ සල්ලි වලින්ය. අද ඉන්නේ තනිකර සුදු අලියෙක් යැයි කියනා එයාර් ලංකා එකේය. විප්ලව කාරයකුගේ පුතෙක් එකාධිපති රෙජිමයක මහින්දගේ මිහින් එයාර් එකේ වැඩට ගියේ කොහොමද කියනා එක අපට නම් විශාල ප්‍රශ්ණයක්ය. සමහර විට මේව ඉස්පයි හූ ලව්ඩ් මී ගනයේ රහස් පරීක්ෂක ගේම් වෙන්නත් පුළුවන්ය. ඒ කියන්නේ මිහින් එකේ ඇතුලේ ගේම් එලියට ගන්න දැමු මර උගුල් වෙන්නත් පුළුවන්ය. අනුර කුමාරයා ගිරාඳුරු කොට්ටේ කළු පාට නිර්ධන පන්තියේ ජනතාවට එහෙම කතාවක් කීවොත් වැඩියේ කළබළ වෙන්න ඕනාත් නැතිය//
    මට මතකයි මූ වොයිස් කට් එකක් දෙනව මිහින් ලංකා කියන්නෙ සුදු අලියෙක් හොර ගුහාවක්. මිහින් ලංකා එකේ රස්සාවට ගියා කියන්නෙම මුන්ගෙ ඩීල් පේනව. බිම් මට්ටමේ කලුපාට මීහරක් වහල්ලු අන්දගෙන සැප විදිනව.

    මීට ඉස්සර ශ්‍රී ලංකා එකයි මුනුයි ගිවිසුම් ගහන කාලෙ රවී ඇහුව මුගෙන් බිස්නස් පන්තියෙදි හම්බවුනා කියල . එතකොට කිව්ව අපි බිස්නස් පන්තියෙ යන්නෙ අපේ සල්ලි වලින් කියල. අපේ සල්ලි කියන්නෙ කැට හොලෝල හොයන ඒවයි විදේශීය රටවල සාමාජිකයො එවන ඒවයිනෙ. මුන්ගෙ දෙබිඩි ජීවිත තුහ් විතරක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රභාකරන්ගෙ ලමයි රට ඉගෙනගන්න එකට හොද උත්තරයක් දීල තිබුන.ඒ අය ඉගෙන ගන්නෙ යුධ ශිල්පයලු.උන් ඉගෙනගත්ත යුධ ශිල්පයක් නෑ.ඒ වගෙ ගිරාදුරුකෝට්ටෙ කලුපාට නිර්ධන පන්තිකයන්ට කියනවද දන්නෙ නෑ පුතාව යවල තියෙන්නෙ මිහින් ලංකා එකේ හොර අල්ලන්න කියල. පුත්තු හොරගුහාවල සුදුපාට ධනපතියො එක්ක සාජ්ජ දානව. නායකයො කලුපාට නිර්ධනයන් දිගේලි කරන්න ලනු අබරනව. නායකයො කියන්නෙ කම්බ හොරු ටිකක් බව බිම් මට්ටමේ කලුපාට නිර්ධනයො කවද තේරුම් ගනියිද

      Delete
    2. බොක්කේ බුදු රැස්
      හක්කේ දඩ මස්

      Delete
  4. මොනව වුනත් කතාව නම් මසුරන් වටිනවා. එවන්නද මසුරන් ටිකක්?

    ReplyDelete
    Replies
    1. ඒකත් අනුරලාටම යැව්වා නම් හරි මචෝ

      Delete
  5. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..බුදු හාන්දුරුවනේ...
    -කියලා දැන් ජෙප්පෝ බෙරිහන් දෙනවලු...

    ReplyDelete
    Replies
    1. ඒකත් සාධරණීකරණය කරයි මක්කා හරි පචයක් අද බාලා

      හරක් ටික ෂේප් කර ගන්නත් එපාය...

      Delete
  6. සැටලයිට්ගෙ කාලෙ ජෙප්පො ඇමතිකම් අරගෙන අනාගත්තම කියන්න බෑ. අනික් එවුන්ට වඩා දෙයක් උන් කලා. 2020 ජෙප්පන්ට තමයි මගෙත් මනාපෙ.

    ReplyDelete
    Replies
    1. මාත් ඉතින් උන්ටම දෙනවා... දැන් බැලුවාම උනුත් මාර ලිබරල් නේ අප්පා

      Delete
  7. කෘෂිකර්ම ඇමති අනුර කුමාරගෙ වැඩ විතරක් බලපන්;

    https://www.facebook.com/video.php?v=1614951378773792&set=vb.100007768363906&type=2&theater

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/video.php?v=1614951378773792&set=vb.100007768363906&type=2&theater

      Delete
  8. කවදාවත් ජේවීපී එක දිහා නොබලපු සෑහෙන පිරිසක් 2020 ජේවීපියට ඡන්දේ දෙන්න හිතාගෙන ඉන්නවා. මා හිතනවා සෑහෙන ආසන ගණනක් ගනියි ඔවුන්. ඇත්තෙන්ම ඔවුන් පාර්ලිමේන්තුවේ ප්‍රබල තත්වයකට පැමිණිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. දවල් ද ?

      Delete
    2. හය කෙසේ වෙතත් තුන බේරගත්තොත් ළොකු දෙයක්

      Delete
  9. ලංකාවේ නිදහස් උසස් අධ්‍යාපන පහසුකම් ප්‍රමාණවත් නැති නිසා තමයි ඔහුට තම දරුවාට මුදල්ගෙවා උගන්වන්න සිදුවුනේ.
    හැමෝටම ඔහු කලදේ කිරීමට බැරිනිසා තමයි ඔහු නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන්නේ.;
    රජයේ විශ්ව විද්‍යාලවල පහසුකම් තිබුනා නම් ඔහු වුනත් පුතා ස්ලිට් යවන්නේ නෑ.
    දැන් මොකක්ද මෙතන ගැටළුව.

    ReplyDelete
    Replies
    1. ///////ඔහු කලදේ කිරීමට බැරිනිසා තමයි ඔහු නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන්නේ./////// (LOL)

      ලංකාවේ, Open University කියා රජයේ විශ්වවිද්‍යාලයක්ද, UNIVOTEC, KDU වැනි රජයේ අමාත්‍යාංශවලින් පාලනය වන, විශ්වවිද්‍යාල ලෙස UGC පිලිගැනීම ඇති ආයතනද ඇත. අනුර කුමාරට එවැන්නකට පුතන්ඩියාව ඇතුලු කරන්නට බැරිවුනේ එයාට S3ක් වත් නැති නිසාද? නැතිනම් ඒවාට එන දුප්පත් කහඩි කොල්ලෝ කෙල්ලෝ එක්ක එකට ඉගෙන ගෙන ඌ නරක් වෙයි කියලා වත්ද?

      Delete
    2. ඔය කතාවම් තමයි සයිටම් එකට ළමයි යවන දෙමාපියන්ටත් කියන්න තියෙන්නේ

      Delete
  10. පුද්ගලික විශ්වවිද්‍යාල සංකල්පය සයිටම් එකට ඌණනය කරන එකම තනිකර තක්කඩි වැඩක්.සයිටම් වංචාවක්.පැහැදිලිවම.නමුත් පුද්ගලික විශ්වවිද්‍යාල කියන්නෙ අවශ්‍යතාවක්.ඔය දෙක පටලවන ඕන කෙනෙක් ඒ දේ කරන්නෙ වෙනත් අරමුණක් වෙනුවෙන්.
    මොනව උනත් මේ දවස් වල බුකියෙ වෝල් එක බලන්න ආසයි අප්පා... හිත නිවන කතා වලින් පිරිලා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බෝ... ලබ්බ එලියේ... කලිසම අඳගනින් බං

      Delete
    2. // ගස් ලබ්බJune 11, 2017 at 2:51 AM

      පුද්ගලික විශ්වවිද්‍යාල සංකල්පය සයිටම් එකට ඌණනය කරන එකම තනිකර තක්කඩි වැඩක්.සයිටම් වංචාවක්.පැහැදිලිවම.නමුත් පුද්ගලික විශ්වවිද්‍යාල කියන්නෙ අවශ්‍යතාවක්.ඔය දෙක පටලවන ඕන කෙනෙක් ඒ දේ කරන්නෙ වෙනත් අරමුණක් වෙනුවෙන්. //

      Well said Gaz LabZ!

      මෙන්න මගෙන් ඔයාට උම්මා එකක්!
      :D

      Delete
  11. ඉතින් හරි සරලයිනෙ......... ඔය බුවාලා හැමදෑම ඔහොම තමයි. කතාව නිදහස් අද්දියාපනේ බේර ගන්න, පුතා ස්ලිට් එකේ. පුතා ස්ලිට් එකේ නිසා වෙන්න ඇති ගෝලයෝ SLIIT වහව් කියන්නේ නැතුව SAITM, NSBM වහව් කියන්නේ.

    කතාව පාඩු ලබන රජයේ ආයතන කාර්යක්ෂම කරන්න, පුතා ගෙ ජොබ් එක රටේ තිබුණ අන්තිම අකාර්යක්ෂම ආයතනය වන මිහින් එකේ. එකට පුතා දාගන්න මහින්දත් එක්ක හරි නාමලා එක්ක හරි පට්ට ඩීල් එකක් තිබ්බේ නෑ කියයි ඉතින්......

    ReplyDelete
    Replies
    1. සරලවම කියනවානම්...............
      අරුනුත් එකයි උනුත් එකයි මුනුත් එකයි !!

      නිලුත් එකයි කොලත් එකයි රතුත් එකයි.

      ජවිපෙ පෙරේට්ටෝ ඇතුළු සියලු පක්ෂවල දේශපාලකයෝ හොරු සහ බොරු කාරයෝ.

      Delete
    2. මදැයි ජෙප්පන්ගේ කඩෙන් බඩු ගන්න බලාගෙන උන්නා.. ඒකේ ඉන්නෙත් රසියන් බඩුද කොහෙද අන්තීමටම

      Delete
  12. කාලකන්නි ජේවීපී බල්ලෝ, රටේ ළමයි දහස් ගානකගේ ජිවිත විනාශ කරා. හැබැයි ජේවීපී නායකයන්ගේ ළමයි? අනුර කුමාර කියන පර බල්ලාට හෙන වදින්න ඕනි.

    ReplyDelete
    Replies
    1. පිස්සුද අනේ එයාලට වදින්නේ නෑ... උඹ ටිකක් පරෙස්සමෙන්

      Delete
  13. //රජයේ විශ්ව විද්‍යාලවල පහසුකම් තිබුනා නම් ඔහු වුනත් පුතා ස්ලිට් යවන්නේ නෑ.
    දැන් මොකක්ද මෙතන ගැටළුව.//ඒකනේ, රජයේ විශ්ව ව්ද්‍යාලවල පහසුකම් තියෙද්දීනේ මේ සයිතම් යන්නේ අනේ ද කියන්නේ !

    ReplyDelete
    Replies
    1. ස්ලිට් එකේ ප්‍රමිතිය ජවිපේ බලමන්ඩළය විසින් තහවුරු කර ඇත

      Delete
  14. වමේ පියාලා දුක් ගන්නේ පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා සහ ඒ කරන ගමන් අනෙක් එවුන් ගේ පුතුන් ගේ ජීවිත අල කරවන්නටාය

    ReplyDelete
    Replies
    1. අනෙක් උන් කැට හොල්ලලා ගන්න සල්ලි වලින් එයාලගේ දරුවන්ට උගන්වනවා

      Delete
  15. මාතා,

    පහත තියෙන්නේ මම පැරාගේ අඩවියේ තියපු සටහනක් ජවිපෙ ගැන

    {
    //ජවිපෙ මානසිකත්වය ඊයෙ වගේමය. ඉතා දරුණු පිරිසක් පෙරටුගාමී ලෙස වෙන් වී ගියත් ජවිපෙ ඉතිරි පිරිස්ද බිහිසුණු බවින් මිදී නැත. //

    මට අද වගේ මතකයි 1989 වයස 13ක ළමයෙක් ලෙස මම අහපු මගේ නැන්දනිය කියපු කතාව, එහිදී පළාත් සබාවේ වැඩකළ අහිංසක සේවකයකු මරාදමන ජනතා විමුක්ති පෙරමුණ අදාළ මිනිය පෙට්ටියක නොදා වලලන්නයි කියනවා, එහෙම නොකිරීම නිසා ඕජස් ගලන මළසිරුරේ කැබලි අදාළ පුද්ගලයාගේ මිදුලේ දමන්න තරම් ජනතා විමුක්ති පෙරමුණ අමන වෙනවා.

    ඉහත පැරාට සහ ඔහුගේ බිරිදටත් දරුවන්ටත් කරන ලද අපහාස වලින් පෙනෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ තවම පුනුර්ප්තාපනය වී නැති බවයි.
    මෙනිසා මෙය රටේ මහජනයා හොදින් දන්නවා ඔවුන් දන්නවා මොන වෙස්මුන දාගෙන අවත් එන්නේ යකෙක් කියල.
    }

    මේ වාමන්ශිකයන් තරම් අමු කුහක පාහර හැත්තක් නැතිතරම්, පැරණි වමේ සිටි මානසික ලෙඩ්ඩු තමයි එම පක්ෂ මෙහෙවයුවේ අලුත් වමේ ජවිපෙ කරන්නෙත් ඔය සෙල්ලම ම තමයි ඔවුන් කරන්නෙත් අනුගාමික වහලුන් සෙට් එකක් හදන එක. අද කාලේ ප්‍රශ්නයකට තියෙන්නේ සමාජ ජාලා නිසා මිනුස්සු මේවයේ හෙළුව පෙනව.

    මට මගේ පියා අපුරු පැරණි කතාවක් කිව්වා ආචර්ය කොල්වින් ආර් ද සිල්වා ලගට නඩුවක් අරගෙන යනවා සමසමාජ පක්ෂේ සාමාජිකයෙක්.එතැනදී අපුරු දෙබසක් ඇතිවෙනවා

    සේවාදායකය :- සර් මේ නඩුවට කොච්චර අයකරනවද ? (ආචර්ය කොල්වින් ආර් ද සිල්වා ඉතා ඉහල ගාස්තු අයකරන කෙනෙක් )

    ආචර්ය කොල්වින් ආර් ද සිල්වා:- සහෝදරයා කරුනාකර එක මගේ ක්ලාර්ක් මහත්තයගෙන් අහන්න

    සේවාදායකය :- ක්ලාර්ක් මහත්තය, මේ නඩුවට කොච්චර විතර යයිද ?

    ක්ලාර්ක් මහත්තය :- රුපියල් .......යයි

    ආචර්ය කොල්වින් ආර් ද සිල්වා:- ටිකක් අඩුකරන්න බැරිද ක්ලාර්ක් මහත්තය?

    ක්ලාර්ක් මහත්තය :- මොනවද සර් මේ කියන්නේ අදකාලේ ඔයුට අඩුව ගනන් කියන්න පුලුවන්ද ?

    ආචර්ය කොල්වින් ආර් ද සිල්වා:- එහෙම තමයි ක්ලාර්ක් මහත්තය මේ ධනපති ආණ්ඩු තියනකම් ඕව ඔහොම තමයි අපි සාදාරන ගානක් මේ සහෝදරයට දෙමු.

    මේ දෙබසින් පසු මෝඩ සහෝදර තුමා හිතන්නේ තමන්ට අඩු මුදලට ආචර්ය කොල්වින් ආර් ද සිල්වා නීතිඥ තුමාගේ සේවය ලැබෙන බවයි නමුත් ආචර්ය කොල්වින් ආර් ද සිල්වා සහ ඔහුගේ ක්ලාර්ක් මහත්තය කරන ලද්දේ රගපෑමක් බව මේ මෝඩ සහෝදර රැල තේරුම් ගෙන නෑ

    මෙහෙම තමයි එදා වාමන්ශිකය්න් මිනිසුන් රවටුවේ, ගෙදරදී විස්කි බ්‍රැන්ඩි බොමින් ධනපතියන් නිර්දනයන් ගේ නායකයන් එකම තැන බාල් නටන කොට අබුඩ ගණන හරක් එදත් අදත් හිටිය සහ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔඋඅ හරකා තමයි බුද්ධාගම වියවස්ථාවෙන් ආරක්ෂා කොරන්න මුල පිරුවේ

      පකේ වම්මු

      Delete
    2. මචෝ උගේ ඇති හරක් කමක් නෑ උන්දගේ පසෙන් ගිය උන් තමයි හරක්.
      ඔහු තමයි ලංකාවේ රාජ්‍ය පරිපාලනයට දෙසපාලනන්යයන්ට ඇගිලි ගහන්න නීති සපයල ආසියාවේ බ්‍රිතානයන් හදපු හොදම පරිපාලන ක්‍රමය විනාශ කලේ

      Delete
    3. එක තමයි හරකා කිව්වේ... හරක් පිටිපස්සේ නේ හරක් ගාල යන්නේ

      Delete
    4. https://www.facebook.com/photo.php?fbid=10155023494239818&set=a.169724874817.122884.733184817&type=3&theater

      Delete
    5. I will add it to this post... wait

      Delete
  16. I have more things tell about this post. But I first tell I no agree all things this post. Anura kumaara is good socalism man. He is good becase he socalism. Chandrika also good woman. She no racism. If Anura kumara and Chandrika no support we can't drive Mahinda theef. That must remembar first all. If Anura Kumaras son work capitalism peoples company that wrong pssibal. If he go privat acadamy that opesite to socalism rules. But you remember I tell thing Anura Kumara have rigt to gie education to his chilran all possibal ways. If Anura Kumaras son want go to work any company aganst socalism he do that but we cant blam. Chandrika madam wisky drink no wrong I think. She have rigt to drink any things we can't blam.

    ReplyDelete
    Replies
    1. අපේ බාප්පා
      අපේ බාප්පා සමාජවාදියෙක්ය.
      එයාගේ සමාජවාදේ තියෙන්නේ ගෙදර නෙමේය.
      ගෙදර තියෙන්නේ ඒකාධිපතිවාදයය.
      අපේ අම්මා ඒකා අධිපතිනියක්ය..
      අම්මා සද්දයක් දාපු ගමන් බාප්පා මීක් කියන්නේ නැතිය.
      එයා පක්ෂයේ නායකයා උනාට
      ගෙදර ගෘහ මූලිකය අපේ අම්මාය.
      ඒ නිසා එයා බාප්පා ගනන් ගන්නේ නැතිය.
      බාප්පා කිව්වේ ආන්ඩුවේ කැමපස් එකට යන්න කියලාය.
      එතකොට අම්මා කිව්වේ ඇයි තොපේ ගොම්පස් කන හරක් ගාල වගේ මගේ කොලුවාත් මහා පාරේ අව්වේ පුච්චන්න යනවාද කියලාය.
      මේකට මල පැන්න් බාප්පා ගෙදරින් එලියට ගොස් කීවේ, සුදු උන් ධනපතියෝ කියලාය.
      මම ප්‍රයිවට් කැම්පස් යනවා කිව්වාම බාප්පාට මල පැන්නේය.
      ඒ නිසා එයා සහ එයාගේ යාළුවෝ ප්‍රයිවට් එඩියුකේසොන් වලට පුක නැතිවෙන්න හැහුවෝය.
      ඉන්ටර්වීව් පාස් වෙලා මම මිහින් එකට ගියාම.
      මිහින් එයාර් හොර ගුහාවක් කියා මුළු රටේම කීවේය.
      එයාර් ලංකා එකට එයා ගහන්නේත් මම දැන් ඒකේ ඉන්නා නිසාය.
      අපේ ගෙදර ප්‍රශ්ණ
      රටේ දැවෙන ප්‍රශ්ණ වන්නේ ඔයාකාරයටය.
      අම්මට බය නිසා ඕවා එයාට ගෙදර කියන්නට බැරිය.
      ඒ නිසා මාද්දියවේදියෝ ගෙනල්ලා ටී වී වෝයිස් කට් දෙනවාය.
      එහෙම දෙන්නේ රැස්සීමක් තිබ්බොත් පුටු දහයක් පුරවා ගන්න බැරි නිසාය.
      ඒ නිසා අම්මපා ගගා එයා කියනා කතා ඔයාලා ගනන් ගන්න ඕනා නැතිය.
      හා බොරුද මං කියන්නේ කියා අසන්නේ
      කෙලින තරමක් කෙලිනේ අම්බ පච නිසාය.
      ඒ අපේ ගෙදර යන කචල් වලට එයා උත්තර දෙන ආකාරයය.
      එයා හොඳ සමාජවාදියෙක්ය.
      ඒ නිසා 2020 දී බාප්පාට චන්දය දී අපිටත් මේ ආත්මේම නිවන් යන්න සැලැස්සීම ඔයාලාගේ යුතු කමය.
      අපිත් ලැම්බෝගින් වල යන්න ආසය..
      මීට පුතා

      Delete
    2. හම සුදු අය ධනපතියන් - කිව්වේ - කවුද අම්මපා ...
      මිහින්ලංකා පාඩුයි - කිව්වේ - කවුද අම්මපා...
      ස්ලිට් එක අප්සැට් - කිව්වේ - කවුද අම්මපා...
      කුඩම්ම නපුරුයි - කිව්වේ - කවුද අම්මපා..

      හොරු සමග ඩීල් වැජඹේවා !
      පීඩිත පංතිය දිනේවා !

      Delete
  17. හපෙ අප්පේ මාතෙ තුමෝ. උබේ ඕන පොස්ට් එකකට කමෙන්ට් කරන්නම් මෙව්ව වගේ වම, සමාජවාදය, වාමාංශික ව්‍යාපාර ගැන පොස්ට් වලට කමෙන්ට් කරල මෙතන ඉන්න බෞශ්‍රත පඬියෝ ටික කියාවි යවපන් මානසික රෝහලකට. අල්ලපන් ඔළුවට කරන්ට් එක කියල.

    මොන සමාජ ව්‍යාපාර කරත් බන් තමන් හැදෙන්න එපැයි.

    අර උබ කිව්ව වගේ මිහින් ලංකා එකේ දුෂණ හොයන්න පුතා එහේ වැඩ කරනව කිව්වත් ගණන් ගන්න එපා. මේක අම්මටහුඩු ලංකාව.

    😂😂😂😂

    ReplyDelete
    Replies
    1. අනිවාරයයෙන් ඔය කතාව හෝ ඊට සමාන කතාවක් කියනවා හරක් ගාල අන්දන්න...

      Delete
    2. //මිහින් ලංකා එකේ දුෂණ හොයන්න පුතා එහේ වැඩ කරනව කිව්වත් ගණන් ගන්න එපා.//

      කිතුලට නැගපු ජවිපෙ.

      Delete
  18. මට හොදටම විශ්වසයි ඔයා මෙක කියවල නෑ කියලා .... මෙක කියවන්න කියවල අයේ කොමෙන්ට් කරන්න

    http://www.jvpsrilanka.com/en/images/e_books/hardasaksiye_sammuthiya.pdf

    ReplyDelete
    Replies
    1. ජවිපෙ තියන පහර ගතිය මේ ලින්කුව ඉවත් කරලා හැබැයි පුතෝ හොයා ගන්න ඕන මිනිහට හොයාගන්න පුළුවන් https://www.scribd.com/document/339602690/Hardasaksiye-Sammuthiya-pdf

      මේකේ තියන අවංක කම අද එකේ ලොක්කගේ චරිතේ නැතිවුනාම ජවිපෙ කරන්නේ මේවගේ පහත් වැඩ තමයි

      Delete
    2. මෙතනිනුත් ගන්න පුළුවන්:
      https://web.archive.org/web/20150806191231/http://www.jvpsrilanka.com/en/images/e_books/hardasaksiye_sammuthiya.pdf

      Delete
    3. ඇමරිකන් බයිලා

      Delete
  19. මාතලන්

    //නීලකාස හොරුන් ගැන අනුර කුමාර දිසානායක කියනා මේ කතාව මාතලන්ට එව්වේ මාතලන්ගේ බොක්කක් විසිනි. මේ වීඩීයෝව සිරි ලංකික හැම එකාම බැලිය යුතුම වීඩියෝවකි. ජෙප්පෝත් නැත්නම් මේ රටට මොකාගේ සරණද කියා හිතා ගැනීමටත් බැරිය.

    https://www.facebook.com/anurakumara/videos/463190753835377/

    දින 100 දී තෝරු මෝරු අතහැරලා හාල් මැස්සෝ ඇල්ලුවේ ඇයි ?ජනතාව දැනගතයුතු දින 100 යේ රහස්...

    Posted by Anura Kumara Dissanayake on Friday, 29 May 2015//

    ReplyDelete
    Replies
    1. බුකිය කැළඹිලා කියලයි SL Vlog වල දර්ශන හඳුන්ගොඩ නම් කියන්නේ. ජවිපෙ මධ්‍යම කාරක සභාව හරි කැඳවලා හරි උත්තරයක් හොයාගන්න වේවිලූ.

      Delete
    2. ඒක වෙන කතාවක්.... මේක වෙන කතාවක්

      Delete
  20. විප්ලවීය අසූචීJune 11, 2017 at 7:01 PM

    වාමාංශික නායකයින් කියන්නේම තනිකර දිනක් ගත වු ගූ ගොඩවල්ය. විප්ලවීය වචන සෙට් මගින් උන් තම වහලුන්ට තම ගූ ගොඩ රත්තරන් බවට පත්කර දෙයි. වාමාංශික වහල්ලූ වාමාංශික නායකයින්ට වඩා ගස් කැරියෝය.

    ReplyDelete
    Replies
    1. වාමාංශික නායකයෝ හන්දිවල තෙල් බෙහෙත් කාරයෝ මෙන්

      උන්ට අහු වන්නේ නොම්මර එකේ හරකුන්ය

      Delete
  21. මන් කියන්නේ
    පුතාවත් කැට හොල්ලලා නැතිව රටෙහි ශ්‍රම බලකායට එකතු වෙන එක හොන්ද නැද්ද?.
    තමන් වෙහෙස වෙලා හම්බ කරන් පවුල රකින එක හොන්ද නැද්ද.
    මුන් වගේ නැතිව ඊලඟ පරම්පරාව වත් හැදෙයි නෙ.

    ReplyDelete
  22. රට පවතින ආතක් පාතක් නැති අංජබජල් තත්වෙට ගෙන ඒමේ සම්පුර්ණ වගකීම එදා මෙදාතුර හිටපු හා ඉන්න වමේ හැත්ත බාරගන්න ඕනෙ.

    උන් වැඩිපුරම හානිය කෙළේ හා කරන්නේ තරුණ පරපුරට හා අධ්‍යාපනයටයි. දැනුත් ඔය අනුර කුමාරලා, උන් වගේ කුහක, ගම්බද පීඩිත පවුල් වලින් ආ GMOA එවුනුත් අල්ලාගෙන කරන්නේ ඒකනෙ.

    උන්ගේ රැහේම අනිත් අසරණ දරුවන් පාරවල වලට දැක්කා පොලිසිය ලවා අම්බානකට කඳුළු ගෑස්, වතුර පාරවල් හා බැටන් පාර දෙවා උන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කර නන්නත්තාර කරන අතරෙ, උන්ගේ දරුවො පිටරටවලට හා මෙරට ස්ලිට්, බ්ලිට් වලට යවා උන්ව කූල් එකේ ඉහලම ස්තරවලට ලඟාකරවනවා.

    වැඩේ කියන්නේ, මුන්ගේ මේ දෙබිඩි කුහක පැවැත්ම මුන්ගෙ පස්සේ යන මීහරක් අමුඩ කාරයන්ට නොතේරෙන එකයි.

    ReplyDelete
    Replies
    1. අමුඩෙන් කොළඹ පාරවල් වල දක්කන්න පුළුවන් හරක් සෙට් එකක් හදනවා කියන්නේ ලේසී පාසු දෙයක් නෙමෙයි

      Delete
  23. කාගේ කාගේ කිල්ලෝටවලත් හුණු ටික ටික තියෙනවා මාතලං ගුරුතුමෝ. මොකද මෙයාලගේ ලණුකාපු එව්වො පාරේ වේලුනාට තමන්ගේ දරුවෝ එහෙම වෙනවට අනුරයත් කැමති වෙයිද.

    ReplyDelete
    Replies
    1. මුන්ට මිනිස්සු හෙන ඉල්ලන්නේ ඒ නිසා

      Delete
  24. මාතලන්, අනිකුත් බ්ලොග් කරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල උදවියට සහ දැඩිලෙස පහත් අන්දමින් මඩ ගසමින් පවත්වාගෙන යන සාරස නැමැත්තාගේ බ්ලොග් අඩවිය ඔබගේ සින්ඩියෙන් ඉවත් කිරීම සුදුසුයි නේද? ඔබ සිංහල බ්ලොග් වල ප්‍රමුඛතම ලේඛකයෙක් ලෙස මේ ගැන අවදානය යොමු කරතැයි කියා සිතමි.

    ReplyDelete
    Replies
    1. ස රස කරන්නේ මහතුන් ලෙස පෙනී සිටිනා තිරිසනුන්ගේ රෙදි ගැලවීමයි

      Delete
    2. මහතුන් ලෙස පෙනී සිටිනා තිරිසනුන් යනු නෙලුම් යාය සංසදයේ මෙහෙයවන අයද මාතලන් ?

      Delete
  25. Well said Mathe
    දැන් බලන්න ජවිපෙ හිටපු නායක සෝමවංශ, මිනිහා පැනලා ගියේ එන්ගලන්තෙට. සමාජවාදී කියුබාව, වියට්නාමෙ, එකල සමාජවාදී චීනෙ, රුසියාවට නෙවෙයි. මිනිහගෙ පුතා දැන් ඒ රටේ විශ්ව විද්‍යාලෙක ඉගෙනගෙන සැප පහසු දිවියක් ගෙවනවා. ඊට පස්සෙ පෙරටුගාමී ගුණරත්නම් මයිග්‍රේට් වුණේ ඔස්ට්‍රේලියාවට, දැන් ඇවිත් මේ රට ආපහු අවුලන්න. ඒත් ඌගෙ දරුවො එහෙ හොඳින් ඉගෙන ගන්නකොට මෙහෙ උන්ගෙ දරුවො පාරවල් ගානෙ පිකට්. අනුර කුමාරගෙ, නිහාල් ගලප්පත්තිගෙ තව මොකාගෙ ළමයි පුද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නවද දන්නෙ නෑ. ඔය සයිටම් දිගටම තිබුණොත් මුන්ගෙ ළමයි අනාගතේ ඒවටත් යයි. හැබැයි අපිට කියන්නෙ උන් කළු පාට වෙලා තියෙන්නෙ පීඩිත පන්තියෙ කියල. අම්මගෙ රෙද්දෙ පීඩිත පන්තිය, ඌ කලු ඌගෙ මව්පියන්ගෙ ජාන නිසා. ජෙප්පො ගැන මගේ හිතේ මෝරපු පැහැදීම නැත්තට නැති වෙලා ගියා මුන්ගෙ කෙරුවාවල්වලින්. ඕකුන් මහ අවස්ථාවදියො ටිකක්. කොච්චර බැන්නත් අර එස්. බී බය නැතුව පුද්ගලික විශ්ව විද්‍යාල දාපු නිසා, කී දෙනෙක්ගෙ ඇස් පෑදුනාද. කොටින්ම අපේ ක්‍රිකට් ටීම් එක බලන්න, කී දෙනෙක්ටද පුළුවන් ඉංග්‍රීසියෙන් උත්තර දෙන්න. අර කුසල් මින්ඩිස් කථා කරනකොට මට පව් කියලා හිතුණා. ඒකට අපි හිනාවෙන ඉන්දියාව, උන් හැම එකාලම පට පට ගාලනෙ ඉංග්‍රීසියෙන් නෙලනවනෙ, ඇක්සන්ට් ටිකක් චා වුණත්.
    සුජීව කොකාවෙල

    ReplyDelete
    Replies
    1. ගෝත්‍රිකත්වයෙන් ඉහලින්ම ඉන්නා රටක්

      Delete
  26. තමන්ගේ කිසිම වරදක් කවදාවත් පිලිනොගන්නා, වරදක් පෙන්නා දුන්විට වැඩියෙන්ම කේන්ති ගන්නා දේශපාලන පක්ෂය.

    ReplyDelete
    Replies
    1. කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති නොම්මර එකේ හිට්ලර්වාදී පක්ෂයක්.. කිසිවක් ප්‍රශ්ණ කළ නොහැක...

      Delete
  27. සියළු ඝන දේවල් අළුවේ (දිය වේ) සහ
    ශුද්ධ වස්තූන් කෙලෙසෙයි....මාක්ස් කියල තියෙන විදියටම....

    ජ.වි.පෙ. ශුද්ද වන්ත භාවයත් කෙලෙසි ඇතිබව, අමාරුවෙන් හරි පිලිගන්න වෙනවා, දේශපාලන සුජාත භාවයක් ගැන තිබුනු අවසාන බළාපොරොත්තුව!!!

    ReplyDelete
    Replies
    1. දැන් නම් හත් පොලේ ගා ගෙන අවසානයි... අද වෙනකන් උත්තර නෑ...

      Delete
  28. ලංකාවෙ මෙච්චර ප්‍රස්න තියෙද්දි,මේ මෝඩ හරක් වගේ වගක් නැතුව පිස්සු විකාර දොඩවනව.රුපියල තවත් බාල්දු වෙයි,යුරෝ එක තවත් ඉහලට යයි.තව ඉඩමකට ට්‍රයි කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මොකා ආවත් ඔච්චර තමයි

      Delete
  29. අනුර කුමාරලට කලින්, මස්තබාල්දු වමේ ව්‍යාපාරය මේ දුපතට ආනයනය කරපු කොල්වින්, පිලිප්, වික්‍රමසිංහ,ඩිව්, වාසු ඇතුළු සියලු වාම නායකයොයි උන්ගේ දරුවොයි ඉගෙනගත්තෙ පිටරටවල.

    පුද්ගලික අද්‍යාපනයට විරුද්ධව, මලකඩ කාපු කටහඬින් බෙරිහන් දෙන දිනේෂ් හිවලයි උගෙ පුතයි ඉගෙනගත්තෙත් පිටරටවල.

    මෙතන තියෙන්නෙ පැහැදිලි ඊර්ෂ්‍යාව හා කුහකකමයි.

    ආසනේ පැරදුනාට, අද්‍යාපානයේ නිදහස වෙනුවෙන් පෙනීසිටීම අතින් S.B. ඉන්නෙ මේ කුහකයන්ට වඩා හුඟක් ඉදිරියෙන්.

    ReplyDelete
  30. කොල්වින්,පිලිප්,වික්‍රමසිංහ,ඩිව්,වාසු සහ දිනේෂ් කරණ, කරපු දෙවල් නොකරන වමක් ගැන නේද, දේශනාවා?

    ඉතිං ඇයි හත්තිලව්වෙ උන් කරානම් අපිට (ජෙප්පන්ට) නරකද? කියලා අපෙන් අහන්නේ.

    ReplyDelete
    Replies
    1. කලාට අවුලක් නෑ... අනෙක් උන්ටත් කරන්න දීලා

      Delete
  31. මෙදා පාර ඇතැම් කොමෙන්ටු කාරයෝ වෙනදා මෙන් පිස්සු නටන්නේ නැතිව වැදගත් සංවාදයක් කරන්නට උත්සාහ කර තිබෙන බව දැක මගේ හිතට පොඩි සතුටක් දැනුනේය. කණගාටුවකට ඇත්තේ මාතලන් කියනේ කුමක්දැයි අවබෝධ කරගන්නට අසමත් වහලුන් ලියන ගෝරනාඩු ගැනය. නිල්පාට වුනත් රතු පාට වුණත් කොළ පාට වුනත් වහල්ලු වහල්ලුමය. වහලුන්ට හොඳ නරක තේරෙන්නේ නැත. වහ පෙව්වත් කට අරගෙන ගිලිනවාය. හිත හොඳින් කරන විවේචන දිරවන්නේම නැත. රතු තරු අදහන වහල්ලු අන්තිම මෝඩයෝය. බලය ලැබෙන්නේ තුවක්කු කඳ තුලින් යයි ගිරවුන් මෙන් කියාගෙන ගොස් හමුදාවෙන් ඉල්ලාගෙන කෑවේය. හිතට අමාරුවකට ඇත්තේ අපට නැතිවූ වැඩි දෙනෙක් ගමේ ගොඩේ කොල්ලෝ කෙල්ලෝ වීමය. හරි නම් එලොව යන්නට තිබුණේ දැන් මහා පුටුවල සිට තවමත් ලණු ගිල්ලවන නායකයන් යැයි කියා ගන්නා රතු ලොක්කන් රැළය . 2020 දී බලයට එන්නට හීන දකින විහිලු කාරයන් මහා බලගතු යැයි කියා ගත් සෝවියට් දේශයේත්, නැගෙණහිර යුරෝපයේ කොමියුනිස්ට් කඳවුරේ රටවලත් මිනිස්සු 1980 ගණන් වල ජීවත් වූ ආකාරය ඔවුන්ගේ වහලුන්ට කියන්නේ නැත. ඒ රටවල මිනිස්සුන්ට හරියකට කන්නට අඳින්නට නොතිබුන බව උන් කියන්නේ නැත. පගාව, දුෂණය පාලන තන්ත්‍රයේ මුල සිට අගට පැතිර ගොස් තිබුන බව උන් කියන්නේ නැත. වහලුන්ට උගන්වන්නෙත්, වහලුන් විශ්වාශ කරන්නෙත් රතු අලියන් බලයට ආදා කේතුමතී රාජධානිය එහෙමත් නැත්නම් ස්වර්ග රාජ්‍යය උදාවෙන බව පමණක්ය. උන් එන තුරු කට ඇරගෙන බලාගෙන ඉන්නා හැම එකාටම හොම්බෙන් යන්නට සිදු වන්නේ උන් ආවොත්ය කියා එකෙකුටවත් තේරෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. නියමෙටම තියෙයි.... බලය නැතුවත් මෙහෙම නම්... බලේට ආවොත් වෙන දේවල් හිතා ගන්න පුළුවන්නේ...

      Delete
  32. Jeppange heluw terenna anurayage putage magula enakamma hitiya ekenbma penawa matage mole tarama...

    ReplyDelete
    Replies
    1. ඔයා දනගත්තේ අද උනාට... අපි උන්ගේ රෙදි ගලවන්නේ බොහෝ කාලේකට කලින් පටන්... උන් ඉතරක් නෙමෙයි... පොදුවෙ වමේ ජඩයන්ගේ

      Delete
    2. අපිට තේරෙනවා සැරින් සැරේ එක එකාට කඩේ යන හැටියට උබ මාර පොරක් කියල. අපි උබට ගොඩක් ඉස්සර ජෙප්පෝ කව්ද කියල දන්නවා.

      Delete
    3. එක එකාට කඩේ යන ගොබ්බ වහළුන් සිතන්නේ අනෙක් අයද එසේමැයි කියලාය....

      Delete
    4. Gobbaya kawda kiyala uba katussek wage aarin sare liyana gobba katawalinma penawa...heena manaykin pelena gobbayek kiyala

      Delete
  33. ඇන්දිල්ල සාර්ථක වෙන්නෙ පුලුවන් තරං අන්ඩර්කවර් ඉන්නකං.. ඒකත් හැමදාම හැකිය.. අනුර කුමාරගෙ වුණත් ඉන්නෙ මනුස්ස පුතෙක් නේ.. නැද්ද... හෙහ්
    පව් හැබැයි
    ඒත් රෙදි නැතිව හරි ඇවිත් හරි මොකක් හරි වහුකුණු කතාවක් කියල යයි ඒකෙ හෝදන්න දෙයක් නෑ

    ReplyDelete
  34. බලමු රතු අලි පැටියා ලප කුමාරගෙ මෑත ඉතිහාසෙන් බිඳක්....
    1) විජේදාස රාජපක්ෂ ලප කුමාරට 2010 ජනපතිවරණයේදී මුදල්දීම හෙලි කිරීම-විජේදාස ඩීල් කාරයා ජවිපෙට බොරු අවලාද නගයි
    2) දිවයින පත්‍රය විසින් ලප කුමාරගේ රතු අලි පැටි ඩීල් එක විස්තර සහිතව හෙලි කිරීම - දිවයින මඩ පත්‍රයකි, අපි නඩුදානවා
    3)ලප කුමාර විසින් හොර අඹුවට මිලට ගත් අයර්ලන්ත නිවස. එම නිවස අයිති වෙන්නෙ සුද්දෙක්ට, විජිත හේරත් අයර්ලන්තෙ යවල අපි ගෙනාව ඔප්පු පිටපතක්.
    3)ලප කුමාර පුංචි අම්මව උස්සගෙන යාම සහ දෑවද්දට ලැබුණු පුංචි අම්මගෙ පුතාට පියාවීම- මෙව්වා පුද්ගලික මඩ ප්‍රහාර, අපිට අදාල නෑ
    4)ලප කුමාරගේ පුතා සහ නිහාල් ගලප්පතිගේ පුතුන් පුද්ගලික විශ්ව විද්‍යලවලින් ඉගෙන ගැනීම සහ මිහින් එයාර්, ශ්‍රී ලන්කන් වල සේවය කිරීම -දැනට දේශපාලන මණ්ඩලය රැස්වී උත්තර සොයමින් සිටී.
    අනාගතයේ මෙහෙමද විය හැක:
    මාජ්ජවේදියා: ඔබගේ පුතා සහ නිහාල් ගලප්පත්තිගේ පුතුන් පුග්ගලික විස්ස විද්‍යලවල ඉගෙනුම ලබා තිබෙනවා.
    ලප කුමාර: ඔව්, මොකක්ද ඒකෙ වැරැද්ද ? එව්වා නීති විරෝධී නෑනෙ.
    මා: ඔබලාගේ ප්‍රතිපත්තිය පුද්ගලික විශ්ව විද්‍යාල වසා දැමීම. එතකොට ඇයි ඔබලගෙ දරුවො යවන්නෙ?
    ල.කු: දැන් බලන්න අපි පළාත් සභාවලට විරුද්ධයි, ඒත් අපි එව්වට ඡන්දෙ ඉල්ලනවනෙ. මේකත් ඒ වගේ.
    මා: හරි දැන් මේ පුග්ගලික විස්ස විද්‍යාල වැහුවොත්, අපේ මධ්‍යම පන්තියෙ දරුවො ඉගෙන ගන්නෙ කොහෙද ? සීමිත පිරිසක්නෙ රාජ්‍ය විස්ස විද්‍යාලවලට ගන්නෙ.
    ල.කු: අපි අරගල කරන්න ඕනෙ, සියලු දෙනා බඳවගන්න කියලා.
    මා: ඒක ප්‍රායෝගික නෑනෙ
    ල.කු: ප්‍රායෝගික වෙනකම් අපි අරගල කරනවා, පාරෙ උද්ඝෝෂණය කරනවා, කඳුලු ගෑස් කනවා, පොලිසියෙන් ගුටි කනවා
    මා: හරි මොනවා කළත් බැරිනම්
    ල.කු: දිනනකම් අරගලය ඉදිරියට
    මේ අතර මධ්‍යම කාරක සභාවේ සමජිකයෙක් රහසින් මෙසේ අසයි: නායක සහෝදරයා, මේ පුග්ගලික විස්ස විද්‍යාල වැහුවොත් අපි ළමයිට මොකෑ වෙන්නෙ.
    ල.කු: කෑ නොගහ හිටපන්, මම මේ ජනතාව දැනුවත් කරනවා. අපේ ළමයි ගැන පක්ෂෙ බලා ගනී. පිටරට විස්ස විද්‍යාල වහන්නෙ නෑනෙ.

    ReplyDelete
  35. මේක හරි බාල තර්කයක් නේද? චන්ද්‍රිකා එහෙම කරපු නිසා.. හෝ මහින්ද අහම කරපු නිසා ජෝන්ට මෙහෙම හැසිරෙන්න අමුතු පර්මිට් එකක් ලැබෙන්නෙ නෑනේ..
    මෙතනදි ජෝන් වැරදියි..එයාට දඩුවම් ලැබෙන්නට ඕනි..ඒක ආයේ ඉස්සරනම් මෙහෙමයි කියන්නේ අමු ගැලවිජ්ජාවට.. මිනිස්සු චන්ද්‍රිකා ල එලවලා රනිල්ලට බලේ දුන්නේ ඒ කෝලං ආයෙත් වෙන්න නෙමෙයි.. ජවිපෙට ගහන්න ඕනි නම් ඒකට ඕනි තරම් සාධක මේ දවස්වල පාවෙනවා..ඒත් ජවිපේ ජෝන් කේස් එක මතුකරන එක සාධාරනයි..මිනිහෙක් පස්නයක් ඇහුවම ඒකට හොද සිහියෙන් උත්තර දෙන්නවත් බැරි නාකි හම්පඩ නාකි හැතිකරයක් කැබිනට් එකට දාගෙන කරන්නේ පරණ දේවල්මයි..ලේබල් එක විතරක් යහපාලන..

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම එක වල්ලේ පොල්

      Delete
  36. කවදාවත් වෙන කෙනකුගේ මතයක් පිළිගන්නේ නැති උන් ඉන්න මේ පක්ෂය මටනම් අජූතයි ...මුල මතක නැති මෙයාලා ගැන උබගේ ලියවිල්ලට මම කවදත් කැමති

    ReplyDelete
  37. මාතලන්ගේ හොඳ ලියවිල්ලක්.
    මම කවදත් මාතලන්ගේ දේශපාලන විග්‍රහ වලට කැමතියි ඒ විවේචනයට පසුබට නොවෙන පෞරුශයට.

    ජෙප්පෝ දැන් අළුත් තර්කයක් ෆේස් බුක් දාලා තියෙනවා. අනුරගේ ළමයා ස්ලිට් ගියාට් මොකද, ඒකට වියදම් කලේ ආන්ඩුවේ බදු සල්ලි හොරකම් කරලා නෙවෙයිලු.

    ඒ කියන්නේ මුන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ මේ අපි වගේ දෙකයි පණහේ උන් රෑ නිදි නැතිව මැරීගෙන හම්බ කරලා ඒකෙන් බර ගානක් ආයේ ආණ්ඩුවටම බදු ගෙවලා ඉතිරි සොච්චමෙන් බඩට නොකා පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ළමයින්ට උගන්වන කොට
    අපි ආණ්ඩුවේ බදු සල්ලි වංචා කරන නිසා.

    අනේ අපිටත් ජවිපෙන් වැටුප් ගන්න පෲර්ණ කාලීන කාඩරයෙක් වෙන්න ලැබුනා නම්.
    කාගෙන්වත් කථා අහන්නේ නැතිව අපේ ළමයින්ටත් පුළුවන් වෙයි සයිටම් ගිහිල්ල දොස්තර කෙනෙක් වෙන්න.
    ජවිපේ පඩි ගන්න උන්ට ඔය 98 ලක්ෂේ මොකක්ද නේද?

    ReplyDelete
    Replies
    1. සයිටම් යන ඔක්කෝම හොරුන්ගේ දරුවෝ නෙමෙයි...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න