.

.

Aug 16, 2017

ඇ(හැ)ට දෙක හිරිවැටීම - Balls of Fury


Cartoon by Awantha Artigala

සාමාන්නියෙන් ඕනම දේක ග්‍රේස් පීරියඩ් එකක් කියා දෙයක් ඇත. අවුරුදු පහක් වැනි කාළයකට බලය ඉල්ලනා උන්, බලයට පැමිණිය පසු කරන්නේ මක්කාද යන්න කල් තියා ප්ලෑන් කොරගෙන ඉන්න ඕනාය. කරුමය කියන්නේ ලංකාවෙ රජකමට පත් වූයේ රජකම ලෑබේ යැයි කියා හීනයකින්වත් නොසිතු උන්නැහේ කෙනෙකුටය. එහෙම කෙනෙකුට විෂන් මිෂන් තියා, මොන මළදානයක්කත් තියෙන්නට බැරිය. පන පිටින් දිවිය ලෝකයේ යන එකාටද, පන පිටින් අපායෙ යන එකාටද සිද්ද වෙන්නේ එකම් සැන්තෑසියක්ය. කරකවලා අත ඇරීමක්ය. නන්න පෝල් වීමක්ය. හරියට සුනාමිය ආවා වගේය. ආවේ සුනාමියක් කියා දැන ගත්තේද, වෙන රටවල උන් කියනා විටය.

ඒ වගේම රටේ නායකායද තාම ඉන්නේ නන්න පෝල් වෙලා, හොල්මන් වෙලා, පිස්සු පීකුදු වෙලාය. ඒ නිසා උන්නැහේ කියන්නේ මොනවාද, කරන්නේ මාක්කද කියා නොදන්නේය. ඒ නිසා රට කරවන්න උපදෙස් ගන්නේ අනුරාජපුරේ මෑණියන්ගෙන්ය. ඉතින් රට පාලනය වෙන්නේ අනුරාජපුරේ මෑනියන්ට ඕනා විදියටය. කරුමය කියන්නේ අනුරාජපුරේ මැණීයන්ගේ බිස්නස් පාටනර් කෙනෙක් වන ඩීල්දාස උන්නැහේ, මෑනියන්ට බිසිනොස් වලට උපදෙස් දෙනවා වාගෙම, රට කරවන්නත් මෑණියෝ හරයා අවවාද අනුසාසනා දෙනවාද යන්නය. ඊටත් වඩා පට්ට ජෝක් එක වෙන්නේ, මෑණියන්ගේ කස්ටමර්ස්ලා අතරේ. රාජපක්ෂලාද ඩේලි කස්ටමස්ලා වෙලා තියෙනා එකය.

මාතලන්ලා මේ ආන්ඩුව පිස්සු පීකුදු ආන්ඩුවක් කියා කියන්න ගත්තේ පළමු පත්වීම දුන්න දවසේ පටන්මය. ඒ රූපවාහිනිය, සෝමරත්න දිසානායකයාට දුන් දිනයේ පටන්මය. මාතලන් එදා ලිව්වේ අයියෝ සිරිසේන කියලාය. දැන් නම් අපට කියන්න සිඳුවෙලා තියෙන්නේ, අයියෝ වැරි වැරි සොරිසේන කියලාය.

මහින්දත් ගේම පටන් ගත්තේ සැකන්ඩ් ඉනිඟ්ස් එකේ නිසා, මුන්නැහෙත් බැලුවේ ෆර්ස්ට් ඉනින්ග්ස් එක ඩෙෆෙන්සිව් මූඩ් එකේ ඉඳන්, සෙකන්ඩ් ඉනින්ග්ස් එකේ ඇග්‍රෙසිව් මූඩ් එකට යන්නය. ඒත් සීන් එක වෙලා තියෙන්නේ සෙකන්ඩ් ඉනින්ග්ස් ගැහිල්ල කෙසේ වෙතත්, ෆර්ස්ට් ඉනින්ග්ස් වත් ඉවර කොර ගන්න බැරි සයිස් එකක් ඇවිල්ලා තියෙන එකය. හරියට දින පහේ ටෙස්ට් මැච් දින තුනෙන් අහවර වෙනවා වාගේම කේස් එකක්ය. තර්ඩ් ඉනින්ග්ස් ගහන්න ඉන්නා උන් ජනෙල් පොලුවල එල්ලිලා රඹ ටෝක් දෙනවා වාගේය. 

උන්නැහේ සෙකන්ඩ් ඉනින්ග්ස් ගහන්න ට්‍රයි කරන්නේ, ෆර්ස්ට් ඉනින්ග්ස් ගහපු ටීම් එකත් එක්ක නෙමේය. ෆර්ස්ට් ඉනින්ග්ස් ටීම් එකේ උන්න උන් ඔක්කෝම කපා දමා. සෙකන්ඩ් ඉනින්ග්ස් ගහන්න යන්නේ ප්‍රතිවාදී පිලේ උන් එක්කය. මොකක් හෝ වාසනාවකට ඒක හරියන ගේමක් නෙමේ කියා උන්නැහේට දැන් වැටහිලා තියෙනවාය. ඒත් එයා පොලිටික්කෙක් නිසා, මහින්දලා අද ආතල් එකේ ඉන්නවා වාගේ, මහින්දලා ආයෙත් පාලනය කොරනා කාළෙක, එයාට හා පවුලට ආතල් එකේ ඉන්න ලැබෙනවා ඇතෙයි කියා එයා හිතාගෙන ඉන්නවා ඇතිය. ඒ සඳහා ඩීල් කාරයෝ කීප දෙනෙක්ම උන්නැහේ ළඟ ඉන්නවාය. ඩීල්දාසට අමතරව, සුසිල්, ජෝන් සෙනෙවිරත්නලා, ඩිලාන් පෙරේරලා කරන්නේත් ඒ පාට් එකය.

එයාගේ ඇට දෙක මොන ජාතියකින් හෝ බේරා ගත්තද, මහින්ද ගෙදර යවන්න බර කරට ගෙන ගේම ගිය උන්ගේ ඉහ මොළ ඉතරක් නොව, ඇට දෙකද රත් වෙලා තියෙන්නේ රවීට කෙල උනායින් පස්සේය. ඔය දේ වෙනවා කියා මාතලන්ලා නම් කීවේ, බොහෝ කාළයකට කලින්ය. හොරු ඇල්ලිල්ල කෙසේ වෙතත්, හොරු ටික සෙට්වෙලා මුන්ට ගේම දෙන බව අප කිව්වේ, බැසිල්ලා ඇම්බියුලන්ස් වලින් එන කාළයේය. ඝෝඨලා උසාවී ගෙනා දවසේ මෛත්‍රිපාල පුක රත් වී පම්පෝරි ගසනා වෙලාවේය. හමුදාවේ මිනීමරුවන් අත් අඩංගුවට ගන්නා වෙලාවේ, එසේ ගත්ත උන්ට පස් පඩංගුවේ ලොරි ටෝක් දෙන දවසේය. අස්ගිරි කහකඩයෝ ගෙම්බර් දානා වේලාවේ උන්ගේ පා මුල වැඳ වැටෙනා වේලාවේය. මේ සියල්ල කරනුයේ සීල්දාසයාගේ ගුලි කෑමෙන් මිස වෙන සෙප්පඩවිජ්ජාවක් හන්දා නෙමේය. 

අප මේ ආන්ඩුවට අභියෝග කරන්නේ පුළුවන්නම් මහින්දලාගේ එක හොරෙක් අල්ලලා පෙන්නපන් කියලාය. මුළු නීතිපති දෙපාර්තමේන්තුවම පමණක් නොව සමස්ථ අධිකරණ පද්දතියම තියෙන්නේ මහින්ද රාජපක්ෂ අතය. අද හොරු අල්ලන්න ආපු උන් කිච් වෙලා ගෙදර යද්දි, කම්බා හොරුන් යැයි කියනා උන් සී අයි ඩීය ඉස්සරහා සෙනඟ රොක්කරන්නේ පුළුවන්නම් කරලා පෙන්නපන් යකෝ කියලාය. 

ඒ නිසා නිර්මාල් දේවසිරිලාටත් කලින් මාතලන් නම් කීවේ, මුන්ට දෙයියන්ගේ හාල් කැවිලා කියලාය. එජාපයේ උන් ගැන යම් බලාපොරොත්තුවක් ඇතත්, කිං කැකිල්ලේ ගැන නම් කිසිඳු බලාපොරොත්තුවක් ඇත්තේ නැතිය. බලය වෙනුවෙන් මහින්දලා හා එක්ව දඹර අමිල, සරත් විජේසූරිය, ගාමිනි වියන්ගොඩ, සමන් රත්නප්‍රිය පමණක් නොව, රාජිත සේනාරත්න වුවද ඇට දෙකෙන් එල්ලා දමනා එක, ඩීල්දාසයෙක් රෙද්ද අස්සේ දාගෙන ඉන්නා එකෙක්ට ඉතා සුළු දෙයක්ය.

මේවා තේරුම් ගත් නිර්මාල්ලා යහපාලන බඩකඩුත්තුවෙන් එලියට බැස්සේ එන පොට හොඳ නැති බව කලින්ම තෙරුන නිසාය. ඒ වාගෙම ඇට දෙකෙන් එල්ලනවාට බයේ වික්ටෝරියා පාක් එකේ බියෙන් වියරුව මර හඬ තලන උන් අතරේ, සරත් විජේසූරියලා, ජනරංජනලා පෙනෙන්නට නොසිටියේ, කිං කැකිල්ලේ නාඩගමේ චරිත වනවාට වඩා, ගෙදරට වෙලා සංසර්ගයේ යෙදෙනා එක ඊට වඩා ත්‍රිල් එකක් බව වැටහෙන නිසා වෙන්නටත් පුළුවන්ය.

මාතලන් කියන්නේ පුළුවන්නම් වත්මනෙයි ඡන්දයක් තබා, මහින්දගෙන් හා එජාපයෙන් තොරව සිරිසේන ප්‍රමුඛ 56 යේ සිරි ලංකා කාළකන්නින්ට තමන්ගේ තරම පෙන්වන්නෙයි කියලාය. තමන්ගේ චක්ගෝලයන් දමා රවීට දාපු පුස් පාට්, පුළුවන්නම් ඒ පාට් විජේදාසටත් දමා පෙන්වන්න කියලාය. පුස් පාට් දැමිල්ල කෙසේ වෙතත්, එජාපයෙන් එලෙව්වොත් විජේදාස සාදරයෙන් පිලිගන්න බව කියන්නේද උන්නැහේගේ චක්ගෝලයන්ය.

පොලිස්පතියා සුළු සේවකයෙක්ගේ බෙල්ලෙන් අල්ලන දර්ශන ලීක් වෙලා තියෙද්දිද් ඒ ගැන වච්නයක් කතා නොකරන්නේ මුන්ගේ රෙද්දේ යහපාලනය නිසාමය. ඉදින්, වියන්ගොඩලා, රත්නප්‍රියලා, දඹර අමිලලා, එයාලාගේ ඇර දෙක බේරා ගන්නට, යහපාලනේ බේරා ගන්න දැඟලුවාට, අපට නම් ඔය මළදානේ බේරාගැනීමේ කිසිඳු අවශ්‍යතාවයක් ඇත්තේ නැත.

අපි උඹලාට කියන්නේ, හැට දෙලක්ෂේ කෙසේ වෙතත් පුළුවන්නම් ඡන්දයක් තියාපිය කියලාය. 

ආන් එදාට හැට දෙලක්ෂේ කෙසේ වෙතත්,
ඇට දෙක ගලවා ආතල් ගන්නා උන් දෙස බලා..., 

අනේ හපොයි මුන්ගේ යහපාලනේ කියා පොඩි සිම්පතයිස් පාරක් දමා, ආයෙත් අලි බබා සහ හොරු හතලිහ සෝ එක බලන්න සෙට් වෙන බව කියා, මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.

44 comments:

  1. සිරිලිය මෙච්චර සිරිකිත වෙන්නේ බය කකුල් දෙක මැද්දෙන් බේරෙන හින්දා මාතා. ඒ නාඩගම දැක්කම හිතෙන්නේ මුන් නීතියට කොච්චර බයද කියන එක සහ නීතිය කොච්චර විහිලුවක්ද කියන එක. ෆුට් නෝට් පුක් නෝට් වුනාම ඇත්ත තේරෙයි. ඔහොම යං. මේවා නවත්තන තැන සහ මුන්ගේ වලත්ත දිව දෙක ගැන ලියපන්. ඇත්ත හරි තිත්තයි. මේ සියල්ල ගේම් බව මම පාර්ලිමේන්තු චන්දේ ඉවර වෙච්ච දවසේ ලිව්වා, මරා මේ ආන්ඩුව පවත්වාගෙන යන්න නොදෙන බවට.
    ඒකට හේතුව හොරුන් කවදත් නීතියට බය නිසා. අද චෞර සැනකෙලියක්. මුන් ඔක්කොම මෙඩිගොරවුන්ඩ් පදිනවා.

    ReplyDelete
    Replies
    1. මෙරි ගො රවුන්ඩ් පදිනවා ලෙස නිවැරදි කරමි.

      Delete
    2. මුන් ඔක්කෝම එකම සෙට් එකක් වෙලා උන් හොරා කකා ජනතාවට නාට්ටි පෙන්නනවා....

      Delete
  2. අනාථයි. ආධුනිකයි.

    ReplyDelete
  3. දැන් ලංකාවේ දේශපාලනේ තියෙන්නේ අමුතුම තැනක මාතලන්.. දැන් මේ තුන් හතරගොල්ලෝ එකිනෙකා හා යැපෙනවා කියලයි මට හිතෙන්නේ.. නිකමට බලහං.. සිරිසේන රාජපක්ෂලා පස්සේ එලවනවා ආයේ බලයට එන්නනම් ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.. ඊළඟට ජවිපේ යහපාලනය හම ගහනවා හොරු අල්ලපියෝ කියාගෙන.. මුන් හොරු ඇල්ලුවේ නැති උනොත් 2020 දී එයාලට යන එන මං නැති වෙනව..මහින්ද මෙන්න පලි ගන්නවෝ අපේ එවුන් හොරු නෙවෙයි කියාගෙන දගනලනවා ඒ තාරේ මහින්ද දන්නවා මහින්දට ආයේ ජනාධිපති වෙන්න බැහැ කියල.. ඒ හින්ද මහිදටත් අනාගත සැලසුමක් නැහැ.. රනිල් මහින්ද පාර්ශවයේ එවුන්ට යටින් සපෝර්ට් ඒක දෙනවා එකාබද්දෙයි සිරිසේන පක්ෂෙයි දෙකට කැඩිලා තියෙනකල් රනිල්ට සුළු ජාතීන්ගේ චන්ද ටික එකතු කරගෙන 2020 ජනාධිපති වෙන්න පුළුවන් කියන හීනය නිසා.. දැන් මේ හතර කට්ටුවට මේ හතරකොනේ එල්ලිලා විලි වසාගෙන ඉන්නවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. දැන් මේ නාට්ටිය කොයි විදිහට අවසන් වෙයිද කියල හිතන්න අමාරුයි.. හැබැයි දැන් මේක මෙගා නාටියක් හා සමානයි.. මාස හයක් නොබලා ඉඳල බැලුවත් නාට්ටිය එතනමයි..

    ReplyDelete
    Replies
    1. අවසන් වෙන්නේ පොදු සතුරා වන රනිල් ගෙදර යවලා....

      Delete
  4. Mr Maathalan, Do not call us 'Humudawe Meneemuruwo' so far no one in proven to be a contract killer in uniform. I join the Army during the war, and directly went to war with a gun in my hand. Yes, we killed, that is for all Srilankans not for any bloody politicians as you say. I am still waiting to see if anyone of us taken a contract from a politician and use the uniform to kill an innocent person. Remember we went to war for all Srilankns, you are accusing us for murders we did not do, how about talking about us getting killed and disabled is that also contract with politicians? Most of us had no politics,we just want to end the bloody war and go home. Some of us did not go home. You are insulting the dead.

    ReplyDelete
    Replies
    1. There are two types of soldiers in Ammata Siri Lanka Arm Forces
      1. Ranaviruwo
      2. Minimaruwo

      Delete
    2. Where are those Mimimaruwo? prove it, may be I am unaware of those.

      Delete
    3. Calm down Army Bro.
      "I am still waiting to see if anyone of us taken a contract from a politician and use the uniform to kill an innocent person"
      How about if you replace the word 'contract' of the above sentence with 'orders'. How about swapping the word 'politician' with 'some other person (may be your higher officer or someone else)'. Does it make any sense?. Ring any bell??
      One more thing Army Bro?
      Does anyone 'Forced' you to join the Army?

      And you should be an utter fool if you did not know soldiers get killed in the battle. Did you think that they just go and fly kites?, probably not. Right??. So please, please, I say again please do not write things like'how about talking about us getting killed and disable'.

      Delete
    4. Soldiers don't do a job. It's a service to their community. And don't forget those soldiers that got "killed" to protect you and your loved ones. At least be greatful for their sacrifice and respect what they have done.

      Delete
    5. Shenal Bro,

      Like soldiers, all others do a service to their communities - they all carry varying degrees of risks while rendering their services. If your reply was to my comment, Bro, please understand that I never belittle the work they did or wrote anything disrespectful to them.
      Bro, may be you don't know that those soldiers are given necessary training and equipment to do their job/ service with special perks like good schools for their kids etc. Costs to provide all those are coming from the general public and not from their pockets. With those best training they were not able to finish those buggers for 30 years!. Come on Bro, think a little bit out of the box.
      Think about a bus driver on those exact lines.

      Delete
  5. ජූඇම්පී, නිදහස් පක්‍ෂ කාගෙත් රෙදි ගැලවෙන හැටි බලන්න අපූරුයි. ජවිපෙත් ඉහළ එවුං කරන්නේ ඒ දෙගොල්ලංගෙ කොන්ත්‍රාත්ම තමයි. ජවිපෙ පහල මට්ටමේ එවුං ඒවයෙ බරත් අදිනවා. මේ වෙලාවෙ රටට ඕනෑ පඩියත් පිනට දෙන තරං සුද්දවන්තයොවත්, රටම සුද්ද කරන හොරුවත් නෙවෙයි. ලැබෙන පඩියයි දීමනා සේරමත් ගත්තට කමක් නෑ. හොරකං නොකර ඉන්නවනම් ඒ ඇති. මේ වෙලාවෙ එහෙම අලුතින්ම පක්‍ෂයක් හදල ගත්තොත් බුකිය හරහා ප්‍රොෙමා්ට් කරලා අරං රටේ බලය ගන්න එක ලේසියි. බොරුවට කෑගහන වහල්ලු කීපදෙනා ඇරුනම බහුතරයට මේ සේරම එපාවෙලා තියෙන්නෙ. වහල්ලුන්ටත් උංගෙ පිලිම ටික එපා වෙලා තියෙන්නෙ. ඒ වුනාට තාම බදාගෙන ඉඹිනවා. තූ: නොදකිං.

    ReplyDelete
    Replies
    1. මක්කු අළුතෙන් ආවත් ගෝත්‍රික වහලුන් සිටින තාක් මේ පක්ෂ දෙක තා සෑහෙන කාළයක් රට පාලනය කරනු ඇත.

      Delete
  6. දේශපාලකයන් හා චන්දදායකයන් නොවෙනස්වන සිරි ලන්කාව

    ReplyDelete
    Replies
    1. චන්ද දායකයින් වෙනස් වේ. (උඹ අපි වගේ උන්)
      දේශපාලුවන් වෙනස් නොවේ..

      Delete
  7. ලුලා නැති වලේ කණයන් රඟදෙන්නා
    සාරස තුමන් නැති පාඩුව අද දැනෙනා

    ReplyDelete
  8. අයියෝ වැරි වැරි කියනඑක මට පේන්නෙම 'අයියෝ බැරි බැරි' වගේ.. ඕනෙනම් පද මාරු කරලා ගන්නත් පුළුවන් 'බයියෝ ඇරී ඇරී' කියල.. :)

    ReplyDelete
    Replies
    1. ඩේටා වලටත් පොඩි චෑන්ස් එකක් දුන්න එකේ... ගහලම හදා ගන්න ඕන

      Delete
  9. දුමින් මතින් තොර මාතලන්,

    වර්තමාන ජනතා හිතවාදී දූෂණ විරෝධී යහපාලන රජයට සෙත්පතා පැවැත්වෙන ආශීර්වාද පූජාවක් ලංඩන් බෞද්ධ විහාර මන්දිරයේදී ඉදිරි දිනෙක පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ. නව විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වීමට සූදානම් බව පැවසේ.

    සංවිධානය එක්සත් යොවුන් පෙරමුන, එක්සත් රාජධානිය.

    මෙම පූජාවට ඔබටත් ස්කයිප් ඔස්සේ සහභාගී වී එදා 2015 ජනවාරි 08 යහපාලන මල් වට්ටියට අත ගැසු සුපින්වත් උපාසක භවතෙකු ලෙස පින් අනුමෝදන් විය හැකියි.

    Contact - National Youth Front, UK (Thushan, Numal, Dasitha, Isuru, Madhawa)

    London Buddhist Vihara,
    Dharmapala Building, The Avenue, Chiswick, London W4 1UD, UK
    TP: +44 20 8995 9493

    ReplyDelete
  10. අනේ නිකන් පලයන් මාතලන් යන්න.හොරු හිටියේ මහින්දගේ කලේ විතරද?48 ඉදන්ම හිටියේ හොරු තමයි බන් .දැන් ඉන්නෙත් හොරුතමයි.උබල ට ඕක නොතේරුනාට අපිට කලින්ම තේරුණා.මහින්ද හොරා කාල හරි පාඩුවේ ඉන්න රටක් හැදුව.අනිත් හැම එකාම කලේ හොරා කන එකයි රට කන එකයි.
    උබල මේ හොරු ටික ගෙන්න කඩේ ගිහිල්ල දැන් මෙතන වැදී බන කියන්න එනවා අපිට.ගිහින් කියපන් කන්නාඩියක් ඉස්සරහට ගිහින්.

    ReplyDelete
  11. ජහපාලන කෙප්ප ලත් තැන ලොප් වන්නේ
    ජාතික වාදයෙන් රට උණුසුම් වන්නේ
    ගෝටාබය මැතිඳු නිසැකව රජ වන්නේ
    ජය මාවතට එදිනම රට පිවිසෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඝෝඨාභය ආවොත් නම් කෙලවෙන්නේ

      Delete
  12. දෙගොල්ල හොරු වන බැව් සත්‍යක් වන්නාසේම සිවල් සාමාජික ඇතමුන්ගෙන්ද වහල් ගදක් සහ ජරාවෙන් යැපෙන සෙයක් දිස්වන්නේමය..

    ReplyDelete
  13. සංවර්ධනේ කියන්නේ ආදායමක් නැති පාඩු ලබන වරායක්, එයා පෝට් එකක්, යලට මහට මැච් තියන්න පුළුවන් පැතිවල ක්‍රිකට් ක්‍රීඩාංගන, අවුරුද්දකට එකක් සම්මත්‍රණ තියන සම්මන්ත්‍රණ ශාලා, නෙළුම් කුළුනු, ප්‍රාදේශීය ගැත්තන්ට ගාණ හොයා ගන්න රුපියලෙ වැඩේ රුපියල් තුනට කරන පාරවල් හදන එක, කොමිසම් වලට කවදාවත් ගල් අඟුරු බලාගාර හදපු නැති එවුන්ට කියල බලාගාර හදන එක කලින් අය පටන් ගත්ත අධිවේගී මාර්ග හදල ඉවරකරාම විවෘත කරන එක, ඩොලර් මිලියන තුන්සීයේ කාටවත් පේන්නෙ නැති සුප්‍රීම් සැට් යවන එක කියල මේ යහපාළුවන්ට කිව්වට තේරුම් ගන්නෙම නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. මගේ කමෙන්ට් වල එල්ලෙන වලිග ඇනෝ කෝ අද?

      Delete
    2. ඉයන්,

      හරි ඔය සේරෝම වැරදි වැඩ නේ බ්‍රෝ. අපි නැහැ කිව්වද? නෑනේ.
      ඉතින් ඒක දන දැනත් දැන් ඉන්න ආණ්ඩුව මක්කද කරන්න ඕනේ.
      අඩුම ගන්නේ ඕව නැවත නොකෙරෙන්න ඔය 'ලුප්හෝල්' කියන ඒවා වහන්න එපාය මුලින්ම. ඉතින් මෙච්චර කල් ගිහිල්ලත් ඕක ආණ්ඩුව කෙරුවද. නෑනේ.
      ඊළඟට පාඩුයි පාඩුයි කිය කියා ඉන්නේ නැතුව ඒවාට මක්කාවත් කොරන්න එපාය නැත්තං කඩා දාන්නවත් එපාය.
      නැතුව මහින්ද යවන්න විතරද 62 ලක්ෂයක් චන්දෙ දුන්නේ.

      Delete
    3. මහින්දට ආයේ එන්න දෙනවා නම්, මේ තරම් හරක් ටිකක් ලොවෙත් නෑ...

      මුන් ඒ තරම් හරක්

      Delete
    4. කැලුම්, මේවා වහල දැමීමෙන් ඒවාට ගත් ණය ගෙවෙන්නේ නැහැ නේද? හම්බන්තොට වරායට කලාක් මෙන් අඩුම වශයෙන් ගත් ණය හිලව් වීමට බදු දීමක් අවශ්‍යයි. මත්තල එයා පෝට් එක බදු දීමක් කරන්න යනවා කියලා පුවත් පතක කියෙව්වා. තුන්ගුණයක් වියදම් කරල හදපු ප්‍රාදේශීය පාරවල් බදු දෙන්න බැහැ. නෙළුම් කුළුන හැදුවායින් පසු බදු දීමක් හෝ එයට ඉල්ලුමක් තිබුණොත් කුලියට දීමක් කරන්න පුළුවන් වෙයි. හම්බන්තොට තිබෙන සම්මන්ත්‍රණ ශාලාවක් හෝ ක්‍රිකට් ක්‍රීඩා පිටියක් හදපු ගාණෙන් ඩහයෙන් එකකටවත් බදු දෙන්න බැරි වෙයි. ඒවට ඉල්ලුමක් නැති නිසා. ඩොලර් මිලයන් 300 ක් ද කොහෙද වියදම් කල සුප්‍රීම් සැට් එක තියෙන තැනක් කවුරුවත් දන්නෙ නැහැ. ගල් අඟුරු බලාගාරෙ විතරක් කැඩි කැඩී හරි විදුලිය නිපදවනවා.

      ඔබගේ ගෙදර වසරක ආදායම රුපියල් 100,000 ක් නම් සමහර විට ඔබට ලක්ෂ පණහක ණයක් ගෙවන්න පුළුවන් වෙයි. ලක්ෂ 200 ක් විතර ණය ගත්තොත් එය කවදාවත් ගොඩගන්න බැරි වෙනවා. ඒවගේම 3000 ක් සිටිය යුතු ශ්‍රී ලංකන් එකට 7000 එබුවම වැටුප් විතරක් වසරකට බිලියන 5 ක් විතර යනවා. එතකොට ඒවා ගොඩ ගැනීම ලේසි නැහැ. මිනිසුන් රැකියා වලින් එළියට ඇදල දාල නම් කරන්න පුළුවන් වෙයි. රජයේ සේවක සංඛ්‍යාව 2009 දී 750,000 යි 2014 දී මිලියන 1.5 යි. පරිඝනක ක්‍රම වල ඒ කාලයේ සිදුවූ දියුණුව එක්ක භාගයක් විය යුතු එක දෙගුණ වෙලා. ඒ මදිවට මෝඩ යහපාලන ආණ්ඩුව පඩිය 10,000 කින් වැඩි කලා. ඒකට පෙර පාලනය පලි නැහැ. 2001 ඍන ආර්ථිකය ගොඩ ගත්තට මේකෙන් ගොඩ ඒම පහසු නැහැ. ඒකට උත්තරේ හිටපු කට්ටිය ගේන එක නෙමෙයි. ඒවගේම මේ ආණ්ඩුවෙත් හොරකම් සහ නාස්ති සිදුවෙනවා. නමුත් පසුගිය ආණ්ඩුවේ තරමට නෙවෙයි. ඒ වුණාට ඒකත් පිළිගන්න බැහැ එකම හොඳේ පහුගිය කාලේ වගේ කවුරුවත් නීතියට උඩින් නැහැ කියන එක.

      Delete
    5. ඉයන් බ්‍රෝ,
      දැන් බලාගෙන යනකොට ප්‍රාදේශීය පාරවල් , සම්මන්ත්‍රණ ශාලා, ක්‍රිකට් ක්‍රීඩා පිටි, සුප්‍රීම් සැට් ගැන විස්තර දන්නේ ආණ්ඩුව ගත්තට පස්සේ වෙන්න ඕනේ.
      ඒ කියන්නේ විපක්ෂේ ඉන්නකොට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳල චන්දෙ ලං වෙනකොට කොහෙවත් නැති බයිලයක් ගහල චන්දෙ දිනුව.
      දැන් කියනවා අතන අච්චර ණයයි මෙතන මෙච්චර පාඩුයි කියල.
      ඔව්ව අපිට කියල වැඩක් නෑ. අපිට ඕනේ ඔව්වට මොකක්ද කරන්නේ කියල - ඔය ණය ගෙවන්න පාඩු නැති කරන්න, අන්න එකටයි ආණ්ඩුවක් තියෙන්නේ ඕනේ. නැතුව අතන අච්චර ණයයි මෙතන මෙච්චර පාඩුයි කිය කියා ඉඳිල්ලෙන් අපිටවත් රටටවත් වැඩක් වෙන්නේ නැහැ.

      අනික මම කියන්නේ දැන් වත් ඔයවගේ රටට පාඩුවෙන දේවල් නැති කෙරිල්ල කොහොම වෙතත් අඩුම ගානේ අවම කරගන්නවත් ක්‍රමය වෙනස් කරන්නට ඕනේ. ඉතින් එක කරන්න මහින්ද අරක කළා මේක මෙචචර පාඩුයි කියල දන්නා නිසා දැන දැනත් ඇයි ඕක වෙනස් නොකරන්නේ. පාර්ලිමේන්තුවේ මැජෝරිටි එකත් තියෙනවනේ.

      අනික, පහුගිය කාලේ වගේ කවුරුවත් නීතියට උඩින් නැති උනාට ඔය යස අගේට නීතිය නවන්නේ. මතක නැහැ නැහැ වගේ නේද.

      Delete
    6. What happened to supreme sat and Vega Electric supper car?

      Delete
  14. අපි උඹලාට කියන්නේ, හැට දෙලක්ෂේ කෙසේ වෙතත් පුළුවන්නම් ඡන්දයක් තියාපිය කියලාය.
    අපි කාට ඡන්දෙ දෙන්න ද මන්දා

    ReplyDelete
    Replies
    1. වේලාව බලලා තීරණය කරමු...

      Delete
    2. චන්ද කල් දැමීමට හේතුව එජාප ප්‍රශ්ණයක් නෙවෙයි. එජාප චන්ද කවදාවත් ජවිපෙටවත් ශ්‍රිලනිපයවත් පොහොට්ටුවටවත් වැටෙන්නේ නැහැ. 2015 අගෝස්තු මහමැතිවරණ ප්‍රතිඵල බැළුවම එජාපෙ, ජවිපෙ, සහ දෙමල සංධානය චන්ද එකතු කලාම ලක්ෂ 62 තියෙනවා.

      මහින්දට ලැබුණු ලක්ශ 58 පමණක් 2015 අගෝස්තු ලක්ෂ 47 වෙලා. ඉතුරු ලක්ෂ 11 බොහෝ විට ජනපතිවරණ්යේ දැම්ම හොර ඡන්ද වෙන්න පුළුවන්. ඡන්ද කල් දාන්නේ මෛත්‍රී පාර්ශවය. ඒකට හේතුව ශ්‍රිලනිප චන්ද බෙදීයාම. අද පොහොට්ටුව , ශ්‍රිලනිප, ජඉපෙ, ශ්‍රිලනිප අතර චන්දයක් තිබ්බොත් ආසන මට්ටමෙන් නිසා එජාපය දිනන්න තියෙන ඉඩ වැඩියි. මනාප ක්‍රමයෙ චන්දයක් තිබ්බොත් සුළු වශයෙන් හෝ එජාප දිනනවා.

      එකම දේ මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රිලනිප තුන් වෙනි ස්ථානයට වැටෙනවා. ඒවුණාට චන්දයක් තිබ්බොත් මහින්ද ඇතුළ්U අය පොහොට්ටුවෙන් ඉල්ලුවොත් ඒ අය චන්ද ගත්තත් ශ්‍රිලනිපයෙන් නෙරපෙනවා. එතකොට නාමල්ට හෙටක් නැතිවෙනවා.

      Delete
    3. 2015 ජනවාරි වල මහින්දට විරුද්ධව චන්දය දුන් කෙනෙක් මේපාර කලකිරීම නිසා චන්දය නොදී හිටියත්, ඔහු එජාප නොවන යහපාලන චන්දයක් නම් ජවිපෙට දුන්නත් එහෙම නැත්නම් චන්දය නොදී හිටියත් ආයිමත් මහින්ද ගේන්න ඒ චන්ද පාවිච්චි නොවන බව මම හිතනවා. ඒකට හේතුව මහිඳ එපාම වෙලා හිටපු අවස්ථාවක තමයි ඔහු චන්දයට ගියේ. ඒනිසා යහපාලන ආන්ඩුවේ අඩුපාඩු නිසා මහින්දට වැඩිපුර චන්ද වැටෙනවා කියන එක නම් විස්වාස කරන්න අමාරුයි. ඔය 'මම යහපාලනයට චන්දෙ දුන්නා මේපාර නම් මහින්දට' කියන කිසිම කෙනෙක් යහපාලනයට චන්දය දුන් අය නෙවේ. මිනිස්සුන්ට හිතේහැටියට ආණ්ඩුවට බනින්න, පාරට බහින්න, වර්ජනය කරන්න, විනිස්චයකාරයන්ට ඔවුන් සිතෙන හැටියට තීන්දු දෙන්න, ආදී යහපාලන කියන අර්ථකතනයට අදාල හැමදේම තියෙනවා. හොර කම් තමයි අඩු වශයෙන් හරි තියෙන්නෙ. එතකොට හොරකම් නවත්වන්න කියල මහින්දව ඉල්ලනවනම් ඒ පුද්ගලයා අංගොඩ ප්‍රතිකාර ගන්න කෙනෙක් වෙන්න ඕන.

      Delete
  15. හැමදාම ජනතාව පරාදයි දේශපාලකයෝ දිනුම්
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඒවට විරුද්ධව තමා මේ හඬ නගන්නේ

      Delete
  16. මාතලන් සීයා දැන් නං හොඳටම බය වෙලා තියෙනවාය. ගෝටා ආපු හැටියේ මාතලන් සීයාගේ ඇට දෙකෙන් බ්ලොග් අවකාසයේ එල්ලන බවට වගබලා ගන්නේ යැයි සරදියෙල් පොරොන්දු වෙනවාය. එතකොට මාතලන් සීයා කියන්නේ මොනවාදැයි අසා හූ කියන්නත් සරදියෙල් ඇතුළු බාලයෝ ටික බලා ඉන්නවාය.

    ReplyDelete
    Replies
    1. මේන් මේක කියවහන් සරදියෙල් මලේ

      http://maathalan.blogspot.com/2017/04/2020-gota-for-2020.html

      Delete
  17. මාතෙ! දේශපාලනය ගැන මගේ දැනීම බින්දුවටත් අඩු ප්‍රතිශතයක්. හැබැයි සරළවම ගත්තොත් රටේ ජනාදිපති හැසි(රෙන්නෙ) හරියට මොන්ටිසෝරියේ පොඩි එකෙක් වගේ. ඌ ඔක්කොම කරන්නෙ ටීචර් ගෙන් අහල.
    "මිස් මම චූ කරල එන්නද?"
    "දැන් කී පාරක් චූ කලාද? නෑ ඔහොම වාඩි වෙලා ඉන්නව."
    ඉතිං ඌ පුටුවෙම හුජ්ජ කරගෙන පංතියම ගඳ ගස්සනව.

    මට ආගම් හෝ ජාති වාදයක් නැති උනත් මේ ආණ්ඩුවට කිසිම තනි තීරණයක් ගන්න බැහැ. දෙමළ මනුස්සයට ඕනෑ විදිහට මුස්ලිම් මනුස්සයට ඕනෑ විදිහට අස්ගිරියේ කහ කුරුල්ලන්ට ඕනෑ විදිහට ලස්සනට දෙකට නැමෙන හැටි දැක්කහම හිනත් යනව.

    මේ රටවල ඇමෙරිකන් කාරයගෙ ඉඳල ඉතියෝපියන් කාරය දක්වා මිනිස්සු ඉන්නව. රටේ නීතිය උඩ එකා ගෙ ඉඳල පල්ලෙහාම එකා දක්වා සමානයි.

    අපේ මුසලයන්ට රට දියුණු කරන්න ඕන නැහැ බං. එහෙම හිතනවනම් ඒක ඊට එහා ගොන් කමක්.

    රනිල් කියන කපටි හිවල වෙනම තියරියකින් ගේම ගහනව.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පොලිටික්ස් කියලා දෙයක් නෑ..
      තියෙන්නේ පොලිට්‍රික්ස් මචෝ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න