.

.

Sep 10, 2017

සාහිත්ත මාසෙට පොත් - Book Fair 2017




මාතලන් වන මා විසින් ආරම්බ කරණ ළද "සාහිත්ත මාසෙට පොත්" දැන් නැගලා යන ටොපික් එකක්ය. සතුට නම්, බොහෝ නිර්මාණ, මාතල්න්ටත් වඩා ඉදිරියෙන් ඉන්නා එකය. සාහිත්ත මාසයටත් පෙර සමහරෙක් ඒවා ඉදිරිපත් කර තිබිනි. බන්ඩාරණායක සම්මන්ත්‍රණ සාලාවේ පැවැත්වෙන පුක් ප්‍රදර්ශණයේදී මේ පොත් මිළ දී ගැනීමට අමතක නොකරන්න..

බැඳුම්කරේ - කතෘ අග්නානයි - සිරිකොත ප්‍රකාසොනයකි

නො එනා ආයෝජකයෝ - රනිල් විකුම්සිහගේ නොම්මර එකේ පොතකි - ආර්ථික විජ්ජා පොතකි - සිරිකොත ප්‍රකාසොනයකි

අපේ කාළේ එහෙම උනේ නෑ හාන්දුරුවනේ - මිහිඳු රාජපක්ෂ - දහම් පාසල් පෙල පොතකි - මැදමුලන ප්‍රකාසොනයකි

බුදු දහමට අනුකූල අදින්නාදානය - බෞද්ධ දර්සොනය පිළිබඳ ලියැවුනු අගනා කෘත්තයකි - ජාතික සංඝ සභාවේ ප්‍රකාසොනයකි

මං යනවා - සුසිල් ප්‍රේමජයන්තගේ පොතකි - රසවත් කෙටි කතාවකි - මැදමුලන ප්‍රකාසොනයකි

ඕන් ගියා - ජෝන් සෙනෙවිරත්නගේ පොතකි - විකට නව කතාවකි - මැදමුලන ප්‍රකාසොනයකි

සිල් රෙදි දන් දීමේ ආනිසංස - සම කතෘ ලලිත් අනූෂ - පින් පොතකි - බැසිල් හා මිහින් ප්‍රකාසොනයකි 

ජාතිද්‍රෝහින් එල්ලා මරමු - මාරක කතාවකි - අලුගෝසු අද්මිරාල් හරක් වීරසෙකර - මළබද්ද ප්‍රකාසොනයකි

ව්‍යාඝ්‍රා - ප්‍රේම නව කතාවකි - ජෝන් හා විමල් සම ප්‍රකාසොනයකි

මයි මැන්ෂොන් ඉස් නොට් මයින් (My Mansion Is Not Mine)- රවී කරුණානයක - ඉන්ගිරිසි සුරංගනා කතාවකි - සිරිකොත ප්‍රකාසොනයකි

ක්‍රිකට් හා ලැස්ටර් පිගොට් - තිලංග සුමතිපාල - ක්‍රිකට් ක්‍රීඩාවේ රහස් පිළිබඳ ලියැවුනු අගනා කෘත්තයකි - බුකියේ ප්‍රකාසොනයකි

මීළඟ එකත් කමු - ක්‍රිකට් පාලක මන්ඩලේ පොතකි - තිලංග දයාසිරි සම පකාසොනයකි

අලි අල්ලමු රට පටවමු - කරුණාරත්න පරණවිතාන - අලි ගාල් පිළිබඳ ලියැවුනු පර්යේසනාත්මක කෘත්තයකි - සිහළ උරුමය සාඩම්බර ඉදිරිපත්කිරීමකි

නෑම හා ඉවසීම - මෙත්පල් සිරිසේන - බණ පොතකි - රජයේ ප්‍රකාසොනයකි

අපි ඇදගෙන නෑ හැටි - විජේදාස රාජපක්ෂ - නෑම පිලිබඳ  ළමා කතාවකි - මැදමුලන ප්‍රකාසොනයකි

විහාරමහා දේවිය හා දුටුගැමුණුගේ පෙම් කතාව - ජැක්සන් ඇන්තනීගේ පොතකි - FCID ප්‍රකාසොනයකි

20 20 - අනුර කුමාර දිසානායක - පරදින ක්‍රිකට් වාගේම බඩු ෂුවර් කෘත්තයකි - සමාජවාදි ප්‍රකාසොනයකි

උමාගේ හිල වැහුවා - සමන්ත විජ්ජාරතන - ඡන්ද ගැරීම පිලිබඳ කෘත්තයකි - සමාජවාදි ප්‍රකාසොනයකි

සාක්කි දෙන හැටි - ෆොනීගේ වෙරි ෆනී කෘත්තයකි - නීතී අත් පොතකි - කළවැද්දා ප්‍රකාසොනයකි

උන් ඔක්කොම පිස්සෝ - ෆොන්සේකාගේ වෙරි ෆනී පොතකි - කළවැද්දා ප්‍රකාසොනයකි

කට උත්තරයක් දෙන්නේ කෙසේද - විහාර මහා දේවියගේ පොතකි - නීතී අත් පොතකි - මැදමුලන ප්‍රකාසොනයකි

ඕ ලෙවල් සමත් වන්නේ කෙසේද - චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරණතුංග ගුණතිලක - උසස් අජ්ජාපනය පිළිබඳ පර්යේසනාත්මක සාර සන්ග්‍රහයකි - සැටලයිට් ප්‍රකාසොනයකි

රොකට් යවන්නේ කෙසේද - තනමල්විල සෝමේ අයියාගේ කෘත්තයකි - රොකට් කක්ක ගත කිරීම පිලිබඳ ලියැවුනු අගනා කෘතියකි - මහීපාල ජෝන් ප්‍රකාසොනයකි


කර්ණ රසායන භාවනා - කර්තෘ පොලොස්පති - භාවනාවෙන් ලැබෙන අගනා ප්‍රතිඵල ගැන ලියැවුනු වටිනා කෘත්තයකි - පොලෝසියේ ප්‍රකාසොනයකි

තජුඩීන් ලසන්ත හා ප්‍රගීත් - කර්තෘ අග්නානයි - රාජ්ජ ආරක්ෂාව පිළිබඳ ලියැවුනු කෘත්තයකි - FCID ප්‍රකාසොනයකි

පාර වසා ඇත - දතේ පන්සලේ බණ පොතකි - රජයේ ප්‍රකාසොනයකි

ගබ්සා ජුගුප්සා - කාදිනල් මැල්කම් මාෂල් - දෙවියන්වහන්සේගේ පොතකි - මැදමුලන ප්‍රකාසොනයකි 

ප්ලාස්ටික් හා ඉලාස්ටික් - කොළඹ මහ නගර සභාවේ කුණු පොතකි

බත් කන හරක් - කර්තෘ අග්නානයි - පාර්ලිමේන්තුවේ ප්‍රකාසොනයකි

නව ආන්ඩුක්‍රම වියවස්ථාව - ජම්පති වික්‍රමරත්න - ලොවම අන්දන ලාංකීය පොතකි - ආන්ඩුවේ ප්‍රකාසොනයකි

V 2025 - මෙත්පල් විකුම්සිහ - නොම්මර එකේ පොතකි - සිරිකොත හා රජයේ සම ප්‍රකාසොනයකි


මාතලන්ට අමතක වූ පොතක් වේ නම් කොමෙන්ටුවල සඳහන් කරන්න 

ස්තූතියි


20 comments:

  1. මම ආයේමත් නොඑමි - කතෘ - මෙත්සිරි - ප්‍රකාශක - අනුරපුර ප්‍රකාශකයෝ.

    සැමදේ පත්තරෙන් - කතෘ - එම.

    උසස් අද්‍යාපන සහ මහා මාර්ග අතර විද්‍යාත්මක බැඳීම - කතෘ - අන්නොවුන් / සිරිකොත ප්‍රකාශකයෝ.

    🙈

    මාතෙ 👍🏽

    ReplyDelete
  2. ⁣මගෙ එක කියවන්න අමතක කරන්න එපා

    ReplyDelete
    Replies
    1. මම ඕක ආරංචි උන ගමන් මේන් මේ වගේ කොමෙන්ට් එකක් මූණූ පොතේ දැම්මා


      පරණෙ කියන්නෙ සහතික ඇත්ත
      ඒත් අමු බොරුවෙන් ජීවත් වෙන රටක ඇත්ත කියන්න නරකයි
      විශේෂයෙන් ප්‍රසිද්ධියේ.

      Delete
  3. ඔබේ අයිඩෙන්ටිය ඔබේ නොවේ - සමාජසේවා ගේම් පිලිබඳ දැනුවත් කිරීම් කෘතියකි, ශිරෝන්ටී විකුම්සී - සිරිලිය ප්‍රකාශන

    පාස්පෝට් දෙක - නවකතාවකි - සමකතෲන් වී ගම්ලත් සහ සසී

    උනුත් එකයි මුනුත් එකයි - නවකතාවකි - දේශප්‍රේමී ජනතා වීරයෝ

    මෙවුන් ඔක්කෝටම හපන් - විරෝධාකල්ප කෘතියකි - කතෘ මහජනතා

    ReplyDelete
    Replies
    1. උනුත් එකයි
      මුනුත් එකයි
      අපිත් එකයි

      Delete
  4. ⁣මගෙ එක කියවන්න අමතක කරන්න එපා

    ReplyDelete
  5. මැණික් මල්ල - ඩී ෆොරස් ගේ ළමා කතාවක පරිවර්ථනයකි. කතෘ - අයියෝ සිට්හා - සිරිලිය ප්‍රකාශනයකි

    ReplyDelete
    Replies
    1. ගිය අවුරුද්දේ පොත් ගොඩේ තිබ්බා

      Delete
  6. සාහිත්‍ය මාසයට පොත්
    1) රොකට් තාක්‍ෂණය සරළව (ළමා පොතකි) - කතෘ රෝහිත රාජපක්‍ෂ
    2) මගේ සාක්කිය - කතෘ සරත් ෆොන්සේකා
    3) සිල් රෙදි බෙදීමේ ආනිසංස - සම කතෘවරු ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට
    4) බැඳුම්කර නාටකය - කතෘ අර්ජුන් ඇලෝෂියස්
    5) දියවැඩියාව පාළනය - කතෘ වෛද්‍ය නිර්මලී තේනුවර
    6) කප්පම් ගැනීමට උපදෙස් - කතෘ සරණ ගුනවර්ධන
    7) වන සරණ - කතෘ රිශඩ් බදුර්ඩීන්
    8) අබ සරණ (කාව්‍ය ) - කතෘ ගලගොඩඅත්තේ ඥානසාර හිමි
    9) පාස් පෝට් දෙක (නාට්‍ය) -කතෘ විමල් වීරවංස
    10) ඩබල් ගේම් (පරිවර්තන​) කතෘ-විජේදාස රාජපක්‍ෂ

    ReplyDelete
    Replies
    1. කැනඩාවේ පොත් කඩවල විකුණන්න තියෙන ඒවා

      Delete
  7. මාතලන් මහත්තයා එළ පහයි මල් හතයි පොත් ටික හොයාගන්න පුළුවන්නම්
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. පරණ සෙට් එකත් කියවන්න

      Book Festival කියන කැටගරි එක යටතේ ඇති

      Delete
  8. අපි ඔක්කොම හොරු - අනුන් හොරකම් කරනවට අකමැති නමුත් තමන් හොරකමට කැමති ජනතාවක් සිටින රටක ජනතා ප්‍රකාශනයක්

    ReplyDelete
    Replies
    1. සහතික කරන ලද අමු ඇත්ත

      Delete
  9. චන්ඩි රැජින.ඩිෆෙන්ඩර් සහ තවත් කතා - කර්තෘ ප්‍රකාශනයකි - හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

    ReplyDelete
  10. ඌරු දත සහ වන්දනාව - කතෘ සමන්තභද්‍ර

    ReplyDelete
  11. 1. ඩෙංගු බැක්ටීරියා අද නොවේ හෙටයි - කතෘ : පරාජිත, බයිලා ප්‍රකාශණයක් (කිසිදා උදා නොවන හෙටක් ගැන කියවෙන දීර්ඝ නවකතාවක්).
    2. සියල්ල අතැඹුලක් සේ දනිමි - කතෘ: දතා පුත්‍ර, බයිලා ප්‍රකාශණයක්
    3. මිස්ටර් ක්ලීන්(ද?) - කතෘ: නොදනී, ජනතා ප්‍රකාශණයක්

    ReplyDelete
  12. h
    http://www.patpat.ga/2017/09/mythical-kingdom-of-shambhala.html

    ReplyDelete
  13. රෙදි සේදීමේ කලාව -- මාතලන් - සිරිකොත ප්‍රකාශන

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න