.

.

Sep 15, 2017

ජනාධිපති තාත්තා - My President Father



බෝලයක් බස්සා වාහනෙට දාගත්තු අරුන්දිකයාට මඩු වල්ගෙන් නෙලන්න පටන් ගත්ත ගමන්, අරුන්දිකයා ඇහුවේ, මේකද ඔබ තුමාගේ ප්‍රජාත්තන්තරවාදේ කියලාය. මේ යකෝ මගේ ප්‍රජාතන්තර වාදයක් නෙමෙයි මේ තමයි චන්ද්‍රිකා මැඩම්ගේ ප්‍රජාතන්තරවාදේ කියා කියපු ජනාධිපති තුමා කිව්වේ, කෝටී 25 ක්ම නැතිව ගාන ගැන කතා කරගන්න තිබ්බ වෙලාවේ, තමුසේ මැඩම් එක්ක හැප්පෙන්න ගියානේ දැන් ඉතින් මගේ ප්‍රජාතන්තරවාදෙන වැඩක් නෑ, තමුසේ වෙන මොකක් හෝ කර ගන්නවා හිටන් කියාය. කෝටි 25 ක් දුන්නා නම් මේ කිසි අවුලක් වෙන්නේ නෑ නේ සෑර් කියාපු අරුන්දිකයාට ජනාධිපති තුමා කිව්වේ, තමුසෙ මේ මඟුලක් කතා කරනවා, පේනවනේ ගණු දෙණු කරන්න ගිහිල්ලා රනිල්ලා නාන නෑම, ඕවා කරන්න ගිහින් අන්තීමට, අගමැති කොමිසමක් දාලා තමයි වැඩේ නවතින්නේ කියලාය.


ගෙදර ඇවිත්, ඉතාම සරළ විදියට ජොකත් ගලවලා දාපු ජනාධිපති තුමා, හාන්සි පුටුවේ දිග ඇදුනේ, දවසේ පත්තර ටික බලන්න ඕනෑ නිසාය. පත්තරේ බැලුවේ නැත්නම් රට රන් වෙන්නේ නැති නිසා, මේ වැඩේ නොවරදාවම කරන ජනාධිපති තුමා, පුටුවෙන් උඩ ගිහින් බිම ඇද වැටුනේ පත්තරේ තිබ්බ නිව්ස් එකක් දැකලාය. ඒකේ තිබුනේ චතුරිකා දුව ලියාපූ "ජනාධිපති තාත්තා" කියලා ලියාපු පොතක් 15 වෙනිද පොත් ප්‍රදර්ශණේදි එලි දක්වනවා කියලාය.


සද්දේ නිසා එතනට දුව ආපු ජයන්ති නෝනා දැක්කේ නන්න පෝල් වෙලා පුක බිම ඇනගෙන පත්තරයක් දිහා බලාගෙන ඉන්නා ජනාධිපති තුමාය. සරළ වෙනවා කියා ඔහොම්මම සරළ වෙන්න ඕන නෑ අපේ මහත්තයා, හදිස්සියේ අර ඇමරිකන් ඇම්බැසිඩොර් අතුල් කේසාප් මහත්තයා හරි, රනිල් වික්‍රමසිංහ මහත්තයා හරි ආව නම් වස ලැජ්ජාව නේ මහත්තයෝ..., පුටුවට වෙලා පත්තරේ කියවන්න පුළුවන්නේ හිටන් කියා කිව්වාම, ජනාධිපති තුමා කිව්වේ, ඔහේ මේ මඟුලක් කතා කරනවා, ඊට වඩා ලැජ්ජා වෙන වැඩක් නේ දෝනියැන්දා කරලා තියෙන්නේ කියලාය.


අනේ යන්න මහත්තයා යන්න, ලැජ්ජා වෙන වැඩ කරන්නේ ඔහේගේ මල්ලිලා නේ, මම මේ දරුවෝ හදලා තියෙන්නේ රට්ටුන්ගෙන් කතන්දර අහන්න නෙමෙයි කියා ජයන්ති නෝනා මල පැනලා කිව්වාම, කොයි වෙලාවෙත් ඩිෆෙන්සිව් මූඩ් එකේ ඉන්න ජනාධිපති තුමා කිව්වේ, ඒක නෙමෙයි නෝනේ මේ බලන්නකෝ දෝනී කොරලා තියෙන වැඩේ කියලාය. පත්තරේට එබිලා නිව්ස් එක දැක්ක ජයන්ති නෝනා කිව්වේ. අපෝ ඕක ලැජ්ජා වෙන්න ඕන දෙයක්ය. ඕක අපේ පවුලටම ආඩම්බරයක් නේ කියාය. පොතක් ලියන එක කරන්න ඕන හරි නම් පුතෙක්. ඒත් ඉතින් එහෙම එකක් දුවෙක් කලාම තාත්තා කෙනෙක් ආඩම්බර වෙනවා මිසක් ලැජ්ජා වෙන්නේ හවල් එකටය හිටන් කියලාය.


ඔහේට තේරෙන්නේ නෑ නෝනේ මේවයේ තියෙන බැරෑරුන්කන් කිවාම, තවත් මල පැන්න ජයන්ති නෝනා ඇහුවේ, මොකක්ද මහත්තයෝ බැරෑරුම් කම කියාය. මේක මේ "ජනාධිපති තාත්තා" කියලම දාන්න ඕනය කියා ජනාධිපති තුමා කට ගන්නටත් කලින් මල පැනලා උන්න ජයන්ති නෝනා කිව්වේ, එහෙම නම් "ග්‍රාමසේවක තාත්තා" හරි "සමූපේ තාත්තා" කියලා දාන්නද කියන්නේ කියලාය. ඔය කතන්දරේ සද්ද නැතුව අහගෙන ඉඳලා එතනට කඩා පාත් උන චතුරිකාත් ඇහුවේ, නැන්තනම් ඉතින් "ලේඛම් තාත්තා", "ඇමති තාත්තා" හරි "ආප්ප කාපූ තාත්තා" කියලා දානද කියලාය.


මට පේන්නේ අම්මලා දූලා සෙට් වෙලා දීපු ගේමක්ද කොහෙදෝ කියා තමාටම කියා ගත් ජනාධිපති තුමා ඇහුවේ, දැන් ඉතින් ඕකේ මොනවය තියෙන්නේ හිටන් කියලාය. මොනවද ඉතින් මේකේ තියෙනවා, තාත්තා බෙලෙක් පිඟානේ කාපු හැටි. බෙලෙක් කෝප්පෙ වතුර බිව්ව හැටි. ජංගි නැතුව ජුන්ඩා එලියේ දාගෙන ඇලේ පැන්න හැටි, ඒවට නම් පොඩ්ඩක් ලැජ්ජා වෙන්න වෙයි කියා චතුරිකා කිව්වාම, මං පොඩි කාලේ කොහෙද පුතේ ඔහේ උන්නේ, ඔහේ තියා ඔහේගේ අම්මවත් මාව ඒ කාලේ දන්නේ නෑ..., කියා ජනාධිපති තුමා කිව්වාම, ජනාධිපති තාත්තාගේ දුව කිව්වේ, එහෙනම් තාත්තා අර "සන්නා" එක්ක ", "නයි ටී එන්" එකේ කිව්වේ බොරුද කියලාය. ආ.... මේ... අපේ සන්නා.... ඒ කිව්වේ, ඒ යකා අර වස්සාන සිහිණේ වගේ, ඒ යාකම ලියලා දීපු, ඒ යකාගේ පොඩි කාළේ කේස් ටිකක් නේ, ඒක නම් නැගලම ගියා නේද පුතේ, එහෙනම් ඒවා ඔහේ තිබෙද්දෙන් කියලාය.


තා ඉතින් මොනවද ඕකේ තියෙන්නේ හිටන් කියා ජනාධිපතු තුමා ඇහුවාම, ජනාධිපති තාත්තාගේ දුව කිව්වේ, අපි පොඩි කාළේ කිරි කොස් කාපු හැටි, දෙල් මැල්ලුම් කාපු හැටි, බට්ටා පැනපු හැටිත් ලිව්වා කියලයා. එව්වා නම් ලිව්වට අවුලක් නෑ, ඒත් අර බාප්පලා කොටු පනින්න ගිහින් පොරෝ පාරවල් කාපු ඒවා එහෙම ලිව්වේ නෑ නේද මයෙ පුතේ කියා ඇහුවාම, ජනාධිපති තාත්තාගේ දුව කිව්වේ අපෝ නෑ තාත්තා..., උන් ගැන ලිව්වොත් හෙම තාත්තගෙ සායම නෙමේ, අපේ මේකප් එකත් යනවා කියලාය.


හරි හරි දැන් ඔය පොත කාටද පිලිගන්නන්නේ හිටන් කියා අහපු ජනාධිපතිතුමාට, ජනාධිපති තාත්තාගේ දුව කිව්වේ, ජනාධිපති තාත්තට නැතිව මේක ඉතින් ජනාධිපති අප්පච්චිට දෙන්නත තාත්තා කියන්නේ කියා ඇස් දෙකේ කඳුළු පුරව ගත්ත චතුරිකා දැක්ක බටර් වගේ හදවතක් තියෙන ජනාධිපති තුමා, හරි හරි ඒකට මම එන්නම්කෝ කියා ගේ ඇතුලට ගියේ, මේ යෝදී කරන වැඩ නිසා සිද්ද වෙන්නේ, ජයන්ති නෝනටයි, අර අහිංසක අපේ අම්මටයි එක එකාගෙන් කතා අහන්න වෙන එක ඉතරයි කියාගෙනය. 

37 comments:

  1. තාත්තා දැන් මේකප් දානවාය...බොඩිබිල්ඩින් කොරනවාය...ළමයි වඩාගන්නවාය...ඉංගිරිස් කතාකොරනවාය නියම ජනාධිපති කෙනෙක් වගේය !

    ReplyDelete
  2. මාතලන් කුණුහබ්බ අඩුවෙන්ම ලියපු එකද කොහෙද? සරල ජනාධිපතිතුමත් මහරජ්ජුරුවො ගාන්ට එන්න රැස් වලල්ලෙං වලල්ල අමුණාගන්නව වගේ පේන්නෙ මට විතරද? එහෙමනං කියාපල්ලා මට කංආඩි කුට්ටමක්වත් ගන්ට.

    ReplyDelete
    Replies
    1. ලියලා තියෙන්නේ මහින්ද මහත්තයා ගැන නෙමෙයි නේ මලේ... සිරිසේන මහත්තයා ගැන..

      එක එකා එයැයිට කුණුහබ්බ කිව්වට, ඒ මනුස්සයා කාටවත් කුණුහබ්බ කියන්නේ නෑ..

      යහපාලනේ නේ බං

      Delete
  3. මහා ලොක්කාගේ ආණ්ඩුවේ ජල් බරි වැඩ හින්දා විස්සෝපයෙන් ඉන්නා අපගේ හර්දේ චුට්ටක් හරි පිනා යන්නට මෙහෙම එකක් වත් ලියා පලකොරනවාට කාව්‍ය ශිරෝමණී මාතලන් ලොක්කාට ප්‍රොතමයෙන්ම කෘතඥ වෙනවාය. ඊළඟ පොරස්නේ වෙන්නේ අර ජාතියේ අප්පොච්චගේ සින්දුද මොනවද ජාතියක් කියන පුත්තරයා චතු අක්කි අනුගමනේ කොරමින් උන්ගේ අප්පා ගැනත් පොත් පොජ්ජක් කාට හරි කියලා ලියවාගෙන නම දාගනීද කියලයි. ඉතින් අපිට කියන්ඩ තියෙන්නේ මේවා බලල පණ පලයන් පෙරේදා කියලා විතරක්ය. අර ලියාපු හෑල්ලේ පොඩි සංශෝධනයක් යෝජනා කොරන්ඩද? මහා ලොක්කා ජොකියෝ අඳින්නේ නෑ නොවැ , කුඹුරු කොටද්දී ඇඳපු අමුඩ කෙටියෙන්ම තමයි උන්නාන්සේ තවමත් ඉතා සරළ විදියට රට පාලනය කොරන්නේ.

    ReplyDelete
    Replies
    1. අමුඩේ ගැහුවේ ඉස්සර ලොක්කෝ

      දැ ගහන්නේ කැල්වින් කෙවින්

      Delete
  4. නාමල්ගේ අප්පච්චිට වැඩිය ජනාධිපති තාත්තා හොඳයයි විශ්වාස කරමි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න තියෙන පදනම මොකක්ද?

      Delete
  5. ජනාධිපති(කම අහෝසි කරන්න ආපු ) තාත්තා !!

    ReplyDelete
    Replies
    1. හිනා වෙලා බඩ රිදෙනවා ලොකු උන්නැහේ

      Delete
  6. චතුරිකා ලියන ඊලඟ පොතේ නම;
    "ජනාධිපති තාත්තා ද?"

    ReplyDelete
    Replies
    1. ඊළඟ පොත රනිල් ගැන

      අගමැති බාප්පා

      Delete
  7. චතූගෙ පොත නිසා එලිදැක්වීමට ගියා මහන්සි බලන්නෙ නැතුව 💃

    ReplyDelete
    Replies
    1. චතුරිකා බලන්න නම් මාත් ආසයි... බොහෝම හැඩකාර කෑල්ල

      Delete
  8. sUNIL MADAWA LOKKATA SALLI DUNNA DA DANNE NA NEDA BANZ

    MATHO MAMA KALAPANA EE LANGATA

    bASIL NADAGAMA BALANAWADA
    bABY SOKARI BALANAWADA
    NAATHANAMA AYEETH ALI PUKE ELLILLA DIVIYA LOKE YANNA HADANWADA KIYALA

    ReplyDelete
    Replies
    1. ලියන හුත්තක් හින්ගලෙන් ලියහන් බං

      Delete
  9. සුවර්ද ඒ මුගෙම දුවෙක් කියල මටනම් සැකයි හිටං

    ReplyDelete
  10. මේ ළමයට පොතකට හරි හමං නමක් වත් දාගන්ඩ බැහැනේ.
    ටිකක් විතර මොඩ් කොරලා 'ජනාධිපති තාත්තී කියලනේ දාන්ඩ තිබ්බේ හිටං.

    ReplyDelete
    Replies
    1. තාත්තා කියලා දැම්මා නම් ඕක ජෝක් එකක් වෙන්නේ නෑ

      Delete
  11. අප්පා.., ඔහේට කියන්න මාතේ, මේ නන්දන වින්දන මහින්ද මාමි දකිනකොට එයාට මොනව හිතෙනව ඇතිද අප්පා...

    මේ හීට් එකේම සිරිසේන මහත්තය වෙනුවෙන් කවුරුහරි සිංදුවකුත් කිව්වනම් මරේ මරු ඈ..!!

    🙈

    ReplyDelete
    Replies
    1. ජැකා ළඟට ගත්තා නම් හරි

      බුදු හාන්දුරුවන්ගේ නෑ කෙනෙක් කියලා කියයි

      Delete
  12. මදෑ පත්තරෙන් හරි ඕකවත් දැක්කා

    ReplyDelete
    Replies
    1. එකෙක් දාලා තිබ්බා, පොත කොටස් වශයෙන් පත්තරේ දාන්න... නැත්නම් කීයටවත් ලොක්කා බලන්නේ නැත කිය්ලා හිටන්

      Delete
  13. මේක ලියලා තියෙන්නේ දුව නෙමෙයි, කුළියට වෙන කෙනෙක් කියලා තමයි අපිට නම් ආරංචි වුනේ.
    ඒ දවස්වල පෙම්දස් මැතිඳු සින්දු ලිව්වා වගේ වෙන්නැති.
    https://www.colombotelegraph.com/index.php/chathurika-hoodwinks-public-janadhipathy-thaththa-written-by-sachini-navarathne/

    ReplyDelete
    Replies
    1. යකෙක් ලිව්වය කියලා ඔය පඩත්තල වේසා කොල්ලෝ කියන්නේ ... (Ghostwriter)

      Delete
  14. අපේ රටේ මැති ඇමතිවරුන්ගේ නායකයින්ගේ එක දරුවෙකුටවත් උසස් පෙල පාස් වෙන්න බැරි උනාට උසස් පෙලින් පස්සේ තියෙන විභාග ඔක්කොම වැඩිම ලකුණු අරන් පාස් වෙන්න, පොත් ලියන්න පුලුවන් වගේ නේද මාතලන් ගුරුතුමා

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං... මාරම කේස් වෙන්නේ...

      Delete
  15. ලෝකේ සාමාන්‍යයෙන් චරිතාපදාන ලියන්නේ එක්කෝ මිය ගියාම නැත්නම් බලයෙන් අයින් උනාම.. මෙහෙම හැන්ද අතේ තියෙද්දී බෙදා ගන්න එක පිළිකුල් කියලා නොතේරෙන්නේම මේ මිනිස්සුන්ගේ නූගත් මෝඩ උද්දච්ච කම නිසා.. ඉතිං එහෙව් උන්ගේ පොත් කියෝලා අපි මොනව ආපිට ලබන්නද? අහෝ!

    ReplyDelete
    Replies
    1. එයාට නම් පොරින් ටුවර් එකක් ඇදුනා මචෝ

      Delete
  16. නාට්ටි බලලා ඇතිවෙලා තියෙන්නේ බං........

    ReplyDelete
    Replies
    1. මට නම් මේවා පට්ට ආතල්

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න